ආලෝක කසිණය
ආලෝක කසිණය වඩා පුරුදු ඇති පුද්ගලයනට බිත්ති සිදුරු, කවුළු ආදී කිසිවකින් හිරු එළිය හෝ සඳ එළිය වැදී බිත්තියෙහි හෝ භූමියෙහි හෝ නැගෙන මණ්ඩලය දැකීමෙන් ම නිමිත්ත උපදී. එසේ නැති අය විසින් එවැනි වූ ම මණ්ඩලයක් බලා ගෙන ඔභාසො - ඔභාසො යි හෝ ආලොකො - ආලොකො යි හෝ භාවනා කළ යුතු. එවැනි මණ්ඩලයක් නැති කල්හි බඳුනක පහනක් දල්වා එහි පසෙක සිදුරක් කොට බිත්තියකට අභිමුඛ කොට තබා සිදුරෙන් බිත්තියෙහි වැදි ආලෝකය බලා භාවනා කොට නිමිත්ත වඩා ධ්‍යාන උපදවා ගත යුතු.