අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ඔදාත කසිණය

පෙර ඔදාත කසිණය වඩා පුරුදු ඇති තැනැත්තාට වනාහි සුදු මලින් ගැවසීගත් මල් ගසක් හෝ සුදු මල් ඇතිරියක් හෝ සුදු පිළි ආදියක් හෝ දැකීමෙන් නිමිත්ත උපදී. එසේ නැති තැනැත්තා විසින් සුදු මලින් හෝ සුදු පිළියෙන් හෝ කසිණ මණ්ඩලය පිළියෙල කොට හෝ ඔදාත - ඔදාත යයි මෙනෙහි කොට නිමිත්ත උපදවා ගත යුතු.