අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ලෝහිත කසිණය

ලෝහිත කසිණය වඩා පුරුදු ඇති කෙනෙකුට රත් මලින් ගැවසීගත් මල් ගසක් හෝ මල් ඇතිරියක් හෝ රතු පිළි ආදී කිසිවක් හෝ දැකීමෙන් නිමිත්ත උපදී. එසේ නැති කල්හි රතු මලින් හෝ රතු පිළියෙන් හෝ මණ්ඩලය පිළියෙල කොට ගෙන ලොහිතකං - ලොහිතකං යයි මෙනෙහි කොට නිමිත්ත උපදවා ගත යුතු වේ.