පීත කසිණය
පීත කසිණ භාවනාව ද නීල කසිණය මෙනි. පෙර පුරුදු ඇති පුද්ගලයාහට කඟ මලින් ගැවසීගත් මල්ගසක් හෝ මල් ඇතිරියක් හෝ කඟ පිළියක් හෝ දැකීමෙන් නිමිත්ත උපදී. එසේ නැති කල්හි කිණිහිරි මල් ආදියෙන් හෝ කඟ පිළියෙන් හෝ මණ්ඩලය සාදාගෙන පීතකං - පීතකං යයි භාවනා කොට නිමිති උපදවා ගත යුතු.