අභිධර්මාර්ථ ප්‍රදීපිකා

නීල කසිණ භාවනාව

පෙර නීල කසිණය වඩා පුරුදු ඇති පුද්ගලයෙකුට වනාහි පිපුණු නිල් මලින් ගැවසී ගත් මල් ගසක් හෝ, මල් අස්නක නිල් මල් හෝ නිල් පිළි ආදී කිසිවක් හෝ දැකීමෙන් නිමිත්ත උපදී. එසේ නැති පුද්ගල තෙම නිල් මල් ගෙන රේණු හෝ නැටි හෝ නොපෙනන පරිද්දෙන් තැටියෙක අසුරා ගෙන, අවට වෙනත් වර්ණයෙකින් පරිච්ඡෙද කොට සුදුසු තැනෙක තබා නීලං - නීලං යයි මෙනෙහි කළ යුතු. මෙසේ භාවනා වඩත් ම උද්ග්‍රහ ආදී නිමිති වැටහීමෙන් ධ්‍යානාදිය යට කී පරිදි උපදවා ගත හැකි වේ.