අභිධර්මාර්ථ ප්‍රදීපිකා

වායෝ කසිණ භාවනාව

වායෝ කසිණ භාවනාවෙහි දී වායුවෙහි නිමිත්ත ගත යුතු. සැලෙන උක්ගස් අගක් හෝ රුක් අගක් හෝ කෙස් අගක් හෝ බලා එය වාතය කරණ කොට ගෙන සැලෙන බව මෙනෙහි කොට නිමිති ගත යුතු. තවද කවුළු දොරින් හෝ බිත්ති සිදුරින් හෝ තම ඇඟ ස්පර්ශ කරණ වාතයෙක් වේ නම් එහි සිත පිහිටුවා ගත යුතු. මෙසේ වාතය මෙනෙහි කොට වායො - වායො යයි භාවනා කරණ කල්හි උද්ග්‍රහ නිමිත්ත හා ප්‍රතිභාග නිමිත්ත ද වැටහෙයි. එය වඩා ධ්‍යාන උපදවා ගත යුතු.