අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මෙය මෙහි සප්පාය භේදයයි

19. භාවනාවන් අතුරෙන් සියළු කර්මස්ථානයන්හි පරිකර්ම භාවනාව ලැබේ.

20. බුද්ධානුස්සති ආදී අටෙහිද, එක සංඥා, එක ව්‍යවස්ථානයන්හිද යන දස කර්මස්ථානයන්හි උපචාර භාවනාම සිද්ධවන්නීය. අර්පණ භාවනාවක් නැත.

21. සෙසු සමතිස් කර්මස්ථානයෙහි අර්පණා භාවනාවද සිදුවන්නීය.

22. එහිද, දස කසිණයෝද, ආනාපානසතියද ධ්‍යාන පඤ්චකය උපදවත්.

23. දස අසුභයෝද කායගතාසතියද ප්‍රථම ධ්‍යානය උපදවත්.

24. මෛත්‍රි ආදී බ්‍රහ්මවිහාර තුන ධ්‍යාන චතුෂ්කය උපදවත්.

25. උපෙක්‍ෂා බ්‍රහ්මවිහරණය පඤ්චම ධ්‍යානය උපදවයි. මෙසේ රූපාවචර ධ්‍යාන උපදවන කර්මස්ථාන සවිස්සෙක් වෙත්.

26. සතර අරූප කමටහන් අරූපධ්‍යාන උපදවත්.