අභිධර්මාර්ථ ප්‍රදීපිකා

24. අවිගත ප්‍රත්‍යය

විනාශයට නොගිය හෙවත් උත්පාදාදි ක්‍ෂණත්‍රය ඉක්ම නොගිය බව අවිගත භාවයයි. එසේ අවිගත භාව යෙන් අන්‍ය ධර්‍මයන්ට උපකාර වන ධර්‍මය අවිගත ප්‍රත්‍යය ධර්‍මය නමි. මේ අවිගත ප්‍රත්‍යය, අස්ති ප්‍රත්‍යයට සමානය. මේ දෙකෙහි ප්‍රත්‍යය ප්‍රත්‍යොත්පන්න ධර්‍මයෝ සමානය. අස්ති ප්‍රත්‍යයෙහිදී ධර්‍මයාගේ ඇති බවම ප්‍රකට කොට වදාරා තිබේ. අවිගත ප්‍රත්‍යයෙහිදී ඒ ධර්‍මය නැති නොවූ බව හෙවත් නිරොධයට නොගිය බව දක්වයි. එබැවින් අස්ති ප්‍රත්‍යයෙහි ඇති බව මුල්කොට ගෙන ප්‍රත්‍යය ශක්තිය දැක්වීමද අවිගත ප්‍රත්‍යයෙහිදී නැති නොවූ බව මුල් කොට ප්‍රත්‍යය ශක්තිය දක්වා තිබෙන බවද පෙනේ.

අවිගත ප්‍රත්‍යය පිළිබඳ වීථි තෙළෙසත් එහි අනුවාදත් අස්ති ප්‍රත්‍යයෙහි දක්වන ලද පරිදි අත්‍ථි වෙනුවට අවිගත යයි යොදා ගතයුතු.

සූවිසි ප්‍රත්‍යය පිළිබඳ වූ ඥානය පිරිසිදු කරගැනීම පිණිස ඒ ධර්‍මයෝ නාම රූප ධර්‍ම වශයෙන්ද, කාල වශයෙන්ද ජනකාජනක වශයෙන්ද භවභෙදයාගේ වශයෙන්ද දැන ගැනීම ප්‍රයෝජනවත් වේ. එය සංක්‍ෂෙපයෙන් මෙහි දක්වනු ලැබේ.

ප්‍රත්‍යය නාමනාම-රූප වශයෙන්කාල වශයෙන්ජනකාජනක වශයෙන්භව භේදය වශයෙන්
නාමරූපඅතීතවර්‍තමානඅනාගතකාලවිමුක්තජනකඋපස්ථම්භකපඤ්චවොකාරචතුවොකාරඑකවොකාරබාහිර අසඤ්ඤ
1. හෙතු ප්‍රත්‍යය+——+——++++——
2. ආරම්මණ ,,++++++++++——
3. අධිපති ,,++++++++++——
4. අනන්තර ,,+—+———+—++——
5. සමනන්තර ,,+—+———+—++——
6. සහජාත ,,++—+——++++++
7. අඤ්ඤමඤ්ඤ ,,++—+——++++++
8. නිස්සය ,,++—+——++++++
9. උපනිස්සය ,,++++++++++——
10. පුරෙජාත ,,—+—+——+++———
11. පච්ඡාජාත ,,+——+———++———
12. ආසේවන ,,+—+———+—++——
13. කර්‍ම ,,+—++——+++++—
14. විපාක ,,+——+——++++——
15. ආහාර ,,++—+——++++——
16. ඉන්‍ද්‍රිය ,,++—+——+++++—
17. ඣාන ,,+——+——++++——
18. මග්ග ,,+——+——++++——
19. සම්ප්‍රයුක්ත ,,+——+——++++——
20. විප්පයුත්ත ,,++—+——+++———
21. අත්‍ථි ,,++—+——++++++
22. නත්‍ථි ,,+—+———+—++——
23. විගත ,,+—+———+—++——
24. අවිගත ,,++—+——++++++