23. විගත ප්‍රත්‍යය
වෙන්ව ගිය විනාශයට ගිය හෙවත් උත්පාද, ඨිති, භඞ්ග යන ක්ෂණත්රය ඉක්මවූ ධර්මය විගත ධර්මය යි. විගත භාවයෙන් අන්‍ය ධර්මයනට උපකාර වන ධර්මය විගත ප්‍රත්‍යය ධර්ම නමි. විගත ප්‍රත්‍යය නාස්ති ප්‍රත්‍යයට සමානය. මේ දෙකෙහි ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න ධර්මයන්ගේ වෙනසක් නැත. විගත ප්‍රත්‍යය ශක්ති යයි අමුතු ප්‍රත්‍යය ශක්තියක් දක්වන ලද්දේ චිත්ත පරම්පරාවෙන් ඒ සිත වෙන්ව යන බව දැක්වීමට යයි කියනු ලැබේ. මේ චිත්තය පහව යාම, අනතුරු චිත්තයාගේ පහළවීමට උපකාරයෙකි.
විගත ප්‍රත්‍යය පිළිබඳ වීථි සතත් එහි අනුවාදයනුත් නාස්ති ප්‍රත්‍යයෙහි දක්වන ලද පරිදි නත්ථි වෙනුවට විගත යයි යොදා ගතයුතු.