කුසලො ච අබ්‍යාකතො ච ධම්මා අබ්‍යාකතස්ස
ධම්මස්ස අත්‍ථි පච්චයෙන පච්චයො සහජාතං පච්ඡාජාතං ආහාරං ඉන්‍ද්‍රියං.
(කුසලාව්‍යාකෘත ධර්මයෝ අව්‍යාකෘත ධර්මයට සහජාතාත්‍ථි පච්ඡාජාතාත්‍ථි, ආහාරාත්‍ථි, ඉන්‍ද්‍රියාත්‍ථි යන අත්‍ථි ප්‍රත්‍යය ශක්ති සතරෙන් උපකාර වෙත්.)
සහජාතාත්‍ථි ප්‍රත්‍යය-
මෙහි අව්‍යාකෘත ධර්මයට සහජාතාත්‍ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන කුසලාව්‍යාකෘත ධර්මයෝ නම්-
චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිසය යන කුසල නාමස්කන්‍ධයන් හා ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන මහාභූත රූපයෝ ය.
ප්‍රත්‍යයොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්-
කුසල චිත්තජ මහාභූත රූපයෝ යි.
මෙහි අනුවාදය වශයෙන්:
කුසලා ඛන්‍ධා ච මහාභූතා ච චිත්තසමුට්ඨානානං රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො.
(කුසල නාමස්කන්‍ධයන් හා මහාභූත රූපයෝද චිත්තජ රූපයන්ට සහජාතාත්‍ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
පච්ඡාජාතාස්ථි ආහාරාස්ථි මිශ්‍රක ප්‍රත්‍යය
අව්‍යාකෘත ධර්මයට පච්ඡාජාතාස්ථි ආහාරාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන කුසලාව්‍යාකෘත ධර්මයෝ නම්-
ව්‍යවස්ථාපන මනොද්වාරාවජ්ජනාදි පූර්ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිති ප්‍රාප්ත තීජ චතුජ කායයන්ට ප්‍රත්‍යය වන පශ්චිම පශ්චිම වූ කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිසය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝය, ව්‍යවස්ථාපන මනොද්වාරාවජ්ජනාදි පූර්ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණි ඕජාවය යන ධර්මයෝ ය.
ප්‍රත්‍යාත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:
ව්‍යවස්ථාපන මනොද්වාරාවජ්ජනාදි පූර්ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණි තීජ චතුජ කායයෝ යි.
මෙහි අනුවාදය වශයෙන්-
පච්ඡාජාතා කුසලා ඛන්‍ධාව කබලිකාරො ආහාරොව ඉමස්ස කායස්ස අත්ථි පච්චයෙන පච්චයො.
(පශ්චිම පශ්චිම වූ කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිසය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා පූර්ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිති ප්‍රාප්ත ඕජාවය යන කුසලාව්‍යාකෘත ධර්මයෝ, පූර්ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිති ප්‍රාප්ත තීජ චතුජ කායයන්ට පච්ඡාජාතාස්ථි ආහාරාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
පච්ඡාජාතාස්ථි ඉන්‍ද්‍රියාස්ථි මිශ්‍රක ප්‍රත්‍යය
අව්‍යාකෘත ධර්මයට පච්ඡාජාතාස්ථි ඉන්‍ද්‍රියාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසලාව්‍යාකෘත ධර්මයෝ නම්:
ව්‍යවස්ථාපන මනොද්වාරාවජ්ජනාදි පූර්ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණි කර්මජ කායයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ පශ්චිම පශ්චිම වූ කුසල් සිත් එක් විස්සය චෛතසික අටතිසය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝය, ව්‍යවස්ථාපන මනොද්වාරාවජ්ජනාදී පූර්‍ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණි රූප ජීවිතින්‍ද්‍රියය යන ධර්‍මයෝයි.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:
ව්‍යවස්ථාපන මනොද්වාරාවජ්ජනාදී පූර්‍ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණි ජීවිතෙන්ද්රිය රූපය හැර ඉතිරි කර්මජ රූපයෝයි.
මෙහි අනුවාදය වශයෙන්-
පච්ඡාජාතා කුසලා ඛන්‍ධාව රූපජීවිතින්‍ද්‍රියඤ්ච කටත්තාව රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො.
(පච්ඡාජාතවූ කුසල නාමස්කන්‍ධයන් හා ජීවිතෙන්‍ද්‍රිය රූපයද ස්ථිති ප්‍රාප්ත කර්මජ රූපයන්ට අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
12. වීථිය
අකුසලොව අබ්‍යාකතොව ධම්මා අකුසලස්ස ධම්මස්ස අත්‍ථි පච්චයෙන පච්චයො. සහජාතං පුරෙජාතං.
(අකුසල නාමස්කන්‍ධයන් හා අව්‍යාකෘත ධර්මයෝද අකුසල ධර්මයට සහජාතාස්ථි පුරෙජාතාස්ථි යන අත්‍ථි ප්‍රත්‍යය ශක්ති දෙකෙන් උපකාර වෙත්.)
මෙහි අකුසල ධර්මයට අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසලාව්‍යාකෘත ධර්මයෝ නම්:
අකුසල් සිත් දොළොසය, චෛතසික සත් විස්සය (27) යන අවයව වූ ද සමූහ වූ ද අකුසල නාමස්කන්‍ධයන් හා පූර්ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිති ප්‍රාප්ත හෘදය වස්තු රූපයද වෙති.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්‍මයෝ නම්:
අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය (27) යන අවයව නාමස්කන්‍ධයෝය. මෙහි අනුවාද වශයෙන්:
- සහජාතො අකුසලො එකො ඛන්‍ධොච වත්‍ථුච තිණ්ණන්තං ඛන්‍ධානං අත්‍ථි පච්චයෙන පච්චයො. (සහජාත අකුසල නාමස්කන්‍ධයන් අතුරෙන් එක් අකුසල නාමස්කන්‍ධයක් හා පූර්‍ව චිත්තය හා ඉපිද ස්ථිතියට පැමිණි හදය වස්තු රූපයද ඉතිරි සහජාත අකුසල නාමස්කන්‍ධ තුනට අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙති.)
- තයො ඛන්‍ධාච වත්‍ථුච එකස්ස ඛන්‍ධස්ස අත්‍ථි පච්චයෙන පච්චයො. (අකුසල නාමස්කන්‍ධ තුනක් හා පුරේජාත හදය වත්‍ථු රූපයද ඉතිරි සහජාත අකුසල නාමස්කන්‍ධයට අත්‍ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙති.)
- ද්වෙ ඛන්‍ධාච වත්‍ථුච ද්වින්නං ඛන්‍ධානං අත්‍ථි පච්චයෙන පච්චයො. අකුසල නාමස්කන්‍ධ දෙකක් හා පුරේජාත හදය වත්‍ථු රූපයද ඉතිරි අකුසල නාමස්කන්‍ධ දෙකට අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙති.
13. වීථිය
අකුසලොච අබ්‍යාකතොච ධම්මා අබ්‍යාකතස්ස ධම්මස්ස අත්‍ථි පච්චයෙන පච්චයො, සහජාතං, පච්ඡාජාතං, ආහාරං, ඉන්‍ද්‍රියං.
අකුසල්වූද අව්‍යාකෘතවූද ධර්‍මයෝ අව්‍යාකෘත ධර්‍මයට සහජාතාස්ථි, පච්ඡාජාතාස්ථි, ආහාරාස්ථි, ඉන්‍ද්‍රියාස්ථි යන අස්ථි ප්‍රත්‍යය සතරෙන් උපකාර වෙති)
සහජාතාස්ථි ප්‍රත්‍යය
මෙහි අව්‍යාකෘත ධර්‍මයට සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසලාව්‍යාකෘත ධර්මයෝ නම්:
චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන අකුසල් සිත් දොළොසය චෛතසික සත්විස්සය යන අකුසල නාමස්කන්‍ධයන් හා ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන මහාභූත රූපයෝය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:
අකුසල චිත්තජ මහාභූත රූපයෝයි.
මෙහි අනුවාදය වශයෙන්-
අකුසලා ඛන්‍ධාච මහාභූතාච චිත්තසමුට්ඨානානං රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො.
(අකුසල නාමස්කන්‍ධයන් හා මහාභූත රූපයෝද චිත්තජ රූපයනට සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
පච්ඡාජාතාස්ථි ආහාරාස්ථි මිශ්‍රක ප්‍රත්‍යය
අව්‍යාකෘත ධර්මයට පච්ඡාජාතාස්ථි ආහාරාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසලාව්‍යාකෘත ධර්මයෝ නම්:
ව්‍යවස්ථාපන මනොද්‍වාරාවජ්ජනාදී පූර්‍වපූර්‍ව චිත්තයන් හා ඉපිද ස්ථිතිප්‍රාප්ත තිජ චතුජ කායයන්ට ප්‍රත්‍යය වන පශ්චිම පශ්චිමවූ අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන අවයවවූද සමූහවූද නාමස්කන්‍ධයෝය, ව්‍යවස්ථාපන මනොද්‍වාරාවජ්ජනාදී පූර්‍වපූර්‍ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණි ඕජාවය යන ධර්‍මයෝයි.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:
ව්‍යවස්ථාපන මනොද්වාරාවජ්ජනාදී පූර්‍ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණි තිජ චතුජ කායයෝයි.
මෙහි අනුවාදය වශයෙන්-
පච්ඡාජාතා අකුසලා ඛන්ධා ච කබලිංකාරො ආහාරො ච ඉමස්ස කායස්ස අත්ථි පච්චයෙන පච්චයො. (පශ්චිම පශ්චිමවූ අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන අවයවවූද, සමූහවූද අකුසල නාමස්කන්‍ධයන් හා පූර්ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතිප්‍රාප්ත ඕජාවය යන අකුසලාව්‍යාකෘත ධර්‍මයෝ පූර්ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතිප්‍රාප්ත තිජ චතුජ කායයන්ට පච්ඡාජාතාස්ථි, ආහාරාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
පච්ඡාජාතාස්ථි ඉන්‍ද්‍රියාස්ථි මිශ්‍රක ප්‍රත්‍යය
අව්‍යාකෘත ධර්මයට පච්ඡාජාතාස්ථි ඉන්‍ද්‍රියාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසලාව්‍යාකෘත ධර්මයෝ නම්:
ව්‍යවස්ථාපන, මනොද්වාරාවජ්ජනාදී පූර්‍ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණි කර්මජ කායයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ පශ්චිම පශ්චිම වූ අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන අවයව වූද, සමූහ වූද නාමස්කන්‍ධයෝය, ව්‍යවස්ථාපන මනොද්වාරාවජ්ජනාදී පූර්‍ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණි ජීවිතෙන්ද්රිය රූපය යන ධර්මයෝ යි.
ප්‍රත්‍යයොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:
ව්‍යවස්ථාපන මනොද්වාරාවජ්ජනාදී පූර්‍ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණි ජීවිතින්ද්‍රිය රූපය හැර ඉතිරි කර්මජ රූපයෝය.
මෙහි අනුවාදය වශයෙන්:
පච්ඡාජාතා අකුසලා ඛන්ධා ච රූප ජීවිතින්ද්‍රියඤ්ච කටත්තා රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො.
(පච්ඡාජාත වූ අකුසල නාමස්කන්‍ධයන් හා ජීවිතින්ද්‍රිය රූපයද ස්ථිති ප්‍රාප්ත කර්මජ රූපයන්ට අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)