12 විථිය.
කුසලො ච අබ්‍යාකතො ච ධම්මා කුසලස්ස ධම්මස්ස අත්ථි පච්චයෙන පච්චයො සහජාතං පුරෙජාතං.
(කුසල් වූ ද, අව්‍යාකෘත වූ ද ධර්මයෝ කුසල ධර්මයට සහජාතාස්ථි, පුරෙජාතාස්ථි යන ප්‍රත්‍යය ශක්ති දෙකෙන් උපකාර වෙත්.)
මෙහි කුසල ධර්මයට අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසලාව්‍යාකෘත ධර්මයෝ නම්:
(කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා පූර්ව පූර්ව චිත්තයන් හා උපදනා හදය වස්තු රූපය යන ධර්මයෝ ය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්මයෝ නම්:
කුසල්සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයෝ ය.
මෙහි අනුවාද වශයෙන්:
- සහජාතා කුසලො එකො ඛන්‍ධො ච වත්‍ථු ච තිණ්ණන්නං ඛන්‍ධානං අත්ථි පච්චයෙන පච්චයො.
(සහජාත කුසලනාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් හා පූර්ව චිත්තය හා උපදනා හදය වස්තු රූපයද ඉතිරි කුසල නාමස්කන්‍ධ තුනට අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- තයො ඛන්‍ධා ච වත්‍ථු ච එකස්ස ඛන්‍ධස්ස අත්ථි පච්චයෙන පච්චයො.
(එකී කුසල නාමස්කන්‍ධ තුනක් හා හදය වස්තු රූපය ඉතිරි කුසල නාමස්කන්‍ධයට අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
3. චෙ ඛන්‍ධා ච වත්‍ථු ච චිත්තං ඛන්‍ධානං අත්ථි පච්චයෙන පච්චයෙන.
(එකී කුසල් කඳු දෙකක් හා හදය වත්‍ථු රූපය ඉතිරි කුසල නාමස්කන්‍ධ දෙකට අත්‍ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)