අබ්යාකතො ධම්මො අකුසලස්ස ධම්මස්ස අත්ථි
පච්චයෙන පච්චයො.
(අව්‍යාකෘත ධර්මය අකුසල ධර්මයට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අකුසල ධර්මයට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මයෝ නම්:
වර්තමාන නිෂ්ඵන්න රූප අටළොසය.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්මයෝ නම්:
අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන ධර්මයෝ යි.
මෙහි අනුවාද වශයෙන්-
- චක්ඛුං අස්සාදෙති, අභිනන්දති, තං ආරබ්භරාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති, විචිකිච්ඡා උප්පජ්ජති, උද්ධච්චං උප්පජ්ජති, දොමනස්සං, උප්පජ්ජති. (පුරේජාත වූ චක්ෂුප්රසාදය ලෝභ සිතින් ආස්වාදනය කරණ කල්හි ද, ප්‍රීතිසහගත ලෝභ සිතින් එයට සතුටුවන කල්හිද රාගය උපදියි. දෘෂ්ටිය උපදියි. විචිකිච්ඡාව උපදියි. උද්ධච්චය උපදියි. දොමනස්සය උපදියි.) (මෙහිදී අව්‍යාකෘත ධර්මයක් වූ චක්ෂුප්රසාදය ආස්වාදනාදිය කරණ කල්හි ඒ චක්ෂුප්රසාදය දොළොස් අකුසල චිත්තයන්ට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- සොතං, ඝාණං, ජිව්හං, කායං, රූපෙ, සද්දෙ, ගන්ධෙ, රසෙ, පොට්ඨබ්බෙ වත්ථුං අස්සාදෙති, අභිනන්දති, තං ආරබ්භ රාගො උප්පජ්ජති දිට්ඨි උප්පජ්ජති විචිකිච්ඡා උප්පජ්ජති, උද්ධච්චං උප්පජ්ජති, දොමනස්සං උප්පජ්ජති. (පුරෙජාත වූ ශ්‍රෝත, ඝ්‍රාණ, ජිව්හා, කාය ප්රසාදාදීන්ද, රූප ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, සහ හදය වස්තුවද ලෝභ මූල සිතින් ආස්වාදනය කරන කල්හිද, ප්‍රීති සහගත සිතින් එයට සතුටුවන කල්හිද, රාගය උපදියි දිට්ඨිය විචිකිච්ඡාව උපදියි, උද්ධච්චය උපදියි, දොම්නස උපදියි.) මෙහිදී ද ශ්රෝත්රාදී වූ අව්‍යාකෘත ධර්මයෝ දොළොස් අකුසල චිත්තයන්ට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන්, උපකාර වෙත්.
- වත්ථු අකුසලානං ඛන්ධානං අත්ථි පච්චයෙන පච්චයො. (පුරෙජාත වූ හදය වත්ථු රූපය අකුසලනාමස්කන්ධයන්ට පුරෙජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)