අකුසලො ධම්මො අකුසලස්සව අබ්‍යාකතස්සව
ධම්මස්ස අත්‍ථි පච්චයෙන පච්චයො.
(අකුසල ධර්මය අකුසලාව්‍යාකෘත ධර්මයට අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අකුසලාව්‍යාකෘත ධර්මයට අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසල ධර්මයෝ නම්:
දොළොස් අකුසල චිත්තයෝ ය, සත්විසි චෛතසිකයෝ ය යන අකුසල නාමස්කන්‍ධයෝ ය.
ප්‍රත්‍යුත්පන්න වශයෙන් ලැබෙන අකුසලාව්‍යාකෘත ධර්මයෝ නම්:
අකුසල නාමස්කන්‍ධයන් හා අකුසල චිත්තජ රූපයෝයි.
මෙහි අනුවාද වශයෙන්:
1. අකුසලො එකො ඛන්‍ධො තිණ්ණත්තං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො.
(අකුසල නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි අකුසල නාමස්කන්‍ධ තුනට හා අකුසල චිත්තජ රූපයන්ටද අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
2. තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස චිත්ත සමුට්ඨානානඤ්ච රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො.
(අකුසල නාමස්කන්‍ධ තුනක් ඉතිරි එක් නාමස්කන්‍ධයට හා අකුසල චිත්තජ රූපයන්ටද අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
3. ද්වෙ ඛන්‍ධා ද්වින්නං ඛන්‍ධානං චිත්ත සමුට්ඨානානඤ්ච රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො.
(අකුසල නාමස්කන්‍ධ දෙකක් ඉතිරි අකුසල නාමස්කන්‍ධ දෙකට හා අකුසල චිත්තජ රූපයන්ටද අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
7. වීථිය
අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අත්‍ථි පච්චයෙන පච්චයො සහජාතං, පුරෙජාතං, පච්ඡාජාතං, ආහාරං, ඉන්‍ද්‍රියං.
(අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට සහජාතාස්ථි, පුරෙජාතාස්ථි, පච්ඡාජාතාස්ථි, ආහාරාස්ථි, ඉන්‍ද්‍රියාස්ථි යන අස්ථි ප්‍රත්‍යය ශක්ති පසෙන් උපකාර වේ.)
සහජාතාස්ථි ප්‍රත්‍යය
මෙහි සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් අව්‍යාකෘත ධර්මයට උපකාරවන අව්‍යාකෘත ධර්මයෝ නම්:
ප්‍රවෘත්ති කාලයෙහි
ඔවුනොවුන්ටද, ඔවුනොවුන්ට හා චිත්තජ රූපයන්ටද ප්‍රත්‍යය වන විපාක සිත් සතිසය (36), ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය (38) යන අවයව නාමස්කන්‍ධයෝ ය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:
විපාක සිත් සතිසය, ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයන් හා චිත්තජ රූපයෝ ය.
ප්‍රතිසන්‍ධි කාලයෙහි
ඔවුනොවුන්ටද ඔවුනොවුන්ට හා කර්මජ රූපයන්ටද ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි සිත් එකූන් විස්සය (19), චෛතසික පන්තිසය (35) යන අවයව වූද සමූහ වූද නාමස්කන්‍ධයන් හා හදයවස්තු රූපය ය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:
ප්‍රතිසන්‍ධි සිත් එකූන් විස්සය, චෛතසික පන්තිසය යන අවයව වූ ද, සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා කර්මජ රූපයෝ යි.
රූප ධර්මයන් අතුරෙන් සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් අව්‍යාකෘත ධර්මයට ප්‍රත්‍යය වන අව්‍යාකෘත ධර්මයෝ නම්:
ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ටද ප්‍රත්‍යය වන චිත්තජ, ප්‍රතිසන්‍ධි කර්මජ, බාහිර, ආහාරජ, සෘතුජ, අසඥසත්ව කර්මජ, ප්‍රවෘත්ති කර්මජ මහා භූත රූපයෝ යි. ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:
භූතරූප සහිත වූ උපාදාය රූපයෝ ය.
මෙහි අනුවාද වශයෙන් ප්‍රවෘත්ති කාලයෙහි
- සහජාතො විපාකාබ්‍යාකතො කිරියාබ්‍යාකතො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං චිත්තසමුට්ඨානනානඤ්ච රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො. (විපාක සිත් සතිසය (36), ක්‍රියා සිත් විස්සය (20), චෛතසික අටතිසය (38) යන අව්‍යාකෘත නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි නාමස්කන්‍ධ තුනට හා චිත්තජ රූපයනටද සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස චිත්තසමුට්ඨානානඤ්ච රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො. (අව්‍යාකෘත නාමස්කන්‍ධ තුනක් ඉතිරි එක් නාමස්කන්‍ධයට හා චිත්තජ රූපයනටද සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- ද්වෙ ඛන්‍ධා ද්වින්නං ඛන්‍ධානං චිත්ත සමුට්ඨානානඤ්ච රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො. (අව්‍යාකෘත නාමස්කන්‍ධ දෙකක් ඉතිරි නාමස්කන්‍ධ දෙකට හා චිත්තජ රූපයන්ටද සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.) ප්‍රතිසන්‍ධි කාලයෙහි
- පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං කටත්තාච රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො. (ප්‍රතිසන්‍ධික්‍ෂණයේදී ප්‍රතිසන්‍ධි සිත් පසළොස (15) ය, චෛතසික පන්තිසය (35), යන අව්‍යාකෘත නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි නාමස්කන්‍ධ තුනට හා කර්මජ රූපයනටද සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස කටත්තාච රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො. (ප්‍රතිසන්ධි නාමස්කන්‍ධ තුනක් ඉතිරි එක් නාමස්කන්‍ධයට හා කර්මජ රූපයන්ටද සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- ද්වෙ ඛන්‍ධා ද්වින්නං ඛන්‍ධානං කටත්තාච රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො. (ප්‍රතිසන්ධි නාමස්කන්‍ධ දෙකක් ඉතිරි නාමස්කන්‍ධ දෙකට හා කර්මජ රූපයන්ටද සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- ඛන්‍ධාවත්‍ථුස්ස අත්‍ථි පච්චයෙන පච්චයො. (ප්‍රතිසන්ධි නාමස්කන්‍ධයෝ හදය වස්තු රූපයට සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- වත්‍ථු ඛන්‍ධානං අත්‍ථි පච්චයෙන පච්චයො. (ප්‍රතිසන්ධික්‍ෂණයේදී හදය වස්තු රූපය ප්‍රතිසන්ධි නාමස්කන්‍ධයන්ට සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
- එකං මහාභූතං තිණ්ණන්නං මහාභූතානං අත්‍ථි පච්චයෙන පච්චයො. (එක් මහා භූත රූපයක් ඉතිරි මහාභූත රූප තුනට සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- තයො මහාභූතා එකස්ස මහා භූතස්ස අත්‍ථි පච්චයෙන පච්චයො. (මහා භූතරූප තුනක් ඉතිරි මහා භූතරූපයට සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- ද්වෙ මහාභූතා ද්වින්නං මහා භූතානං අත්‍ථි පච්චයෙන පච්චයො. (මහා භූතරූප දෙකක් ඉතිරි මහා භූත රූප දෙකට සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- මහාභූතා චිත්ත සමුට්ඨානානං රූපානං කටත්තාව රූපානං උපාදාය රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො. (මහභූත රූපයෝ චිත්තජ රූපයන්ටද කර්මජ රූපයන්ටද උපාදාය රූපයන්ටද සහජාතස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- බාහිරං, ආහාර සමුට්ඨානං, උතු සමුට්ඨානං අසඤ්ඤ සත්තානං එකං මහා භූතං තිණ්ණන්නං මහා භූතානං අත්‍ථි පච්චයෙන පච්චයො. (බාහිර වූද, ආහාරජ වූද, ඍතුජ වූද, අසඤ්ඤ සත්ත වූද, මහා භූත රූපයන් අතුරෙන් එක් මහා භූත රූපයක් ඉතිරි මහා භූතරූප තුනට සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- තයො මහාභූතා එකස්ස මහා භූතස්ස අත්‍ථි පච්චයෙන පච්චයො. (බාහිරාදී වූ මහා භූතරූප තුනක් ඉතිරි මහා භූත රූපයට සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- ද්වෙ මහාභූතා ද්වින්නං මහා භූතානං අත්‍ථි පච්චයෙන පච්චයො. (බාහිරාදී වූ මහා භූත රූප දෙකක් ඉතිරි මහා භූත රූප දෙකට සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- මහාභූතා කටත්තාව රූපානං උපාදාය රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො. (මහා භූත රූපයෝ කර්මජ රූපයන්ටද, උපාදාය රූපයන්ටද සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
පුරෙජාතාස්ථි ප්‍රත්‍යය.
- අරහා චක්ඛුං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති.
- (රහතන් වහන්සේ කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියා සිතින් චක්‍ෂු ප්‍රසාද රූපය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්‍ශනා කරයි.)
- සොතං ඝාණං, ජිව්හං, කායං, රූපෙ, සද්දෙ, ගන්ධෙ, රසෙ, පොට්ඨබ්බෙ, වත්‍ථුං අනිච්චතො දුක්ඛතො, අනත්තතො විපස්සති. (රහතන් වහන්සේ මහා ක්‍රියා සිතින් ශ්‍රොතප්‍රසාද රූපය, ඝානප්‍රසාද රූපය, ජිව්හාප්‍රසාද රූපය, කායප්‍රසාද රූපය, වර්‍ණ රූපය, ශබ්ද රූපය, ගන්‍ධ රූපය, රස රූපය, පොට්ඨබ්බය, හදය වත්‍ථු රූපය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්‍ශනා කරයි.)
- දිබ්බෙන චක්ඛුනා රූපං පස්සති (රහතන්වහන්සේ දිව්‍යචක්‍ෂුරභිඥා ක්‍රියා සිතින් රූපයන් දකියි.)
- දිබ්බාය සොත ධාතුයා සද්දං සුණාති (රහතන් වහන්සේ දිව්‍ය ශ්‍රොත ක්‍රියා අභිඥා සිතින් දුර ප්‍රතිච්ඡන්නාදී ශබ්ද ශ්‍රවණය කරයි.)
- රූපායතනං චක්ඛු විඤ්ඤාණස්ස අත්ථි පච්චයෙන පච්චයො. (පුරෙජාතවූ රූපායතනය චක්ඛු විඥානයට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- සද්දායතනං සොත විඤ්ඤාණස්ස අත්ථි පච්චයෙන පච්චයො. (පුරෙජාතවූ ශබ්දායතනය ශ්‍රොත විඥානයට පුරෙජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ගන්‍ධායතනං ඝාණ විඤ්ඤාණස්ස අත්ථි පච්චයෙන පච්චයො. (පුරෙජාතවූ ගන්‍ධායතනය, ඝාන විඥානයට පුරෙජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- රසායතනං ජිව්හා විඤ්ඤාණස්ස අත්ථි පච්චයෙන පච්චයො. (පුරේජාත වූ රසායතනය ජිව්හා විඥානයට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- පොට්ඨබ්බායතනං කාය විඤ්ඤාණස්ස අත්ථි පච්චයෙන පච්චයො. (පුරේජාත වූ පඨවි තෙජො වායො සංඛ්‍යාත පොට්ඨබ්බායතනය කාය විඥානයට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- චක්ඛායතනං චක්ඛූ විඤ්ඤාණස්ස අත්ථි පච්චයෙන පච්චයො. (පුරේජාත වූ චක්‍ෂුර් වස්තුව චක්‍ෂුර් විඥානයට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- සොතායතනං සොත විඤ්ඤාණස්ස අත්ථි පච්චයෙන පච්චයො. (පුරේජාත වූ ශ්‍රොත වස්තුව ශ්‍රොත විඥානයට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ඝාණායතනං ඝාණ විඤ්ඤාණස්ස අත්ථි පච්චයෙන පච්චයො. (පුරේජාත වූ ඝ්‍රාණ වස්තුව ඝ්‍රාණ විඥානයට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ජිව්හායතනං ජිව්හා විඤ්ඤාණස්ස අත්ථි පච්චයෙන පච්චයො. (පුරේජාත වූ ජිව්හායතනය ජිව්හා විඥානයට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- කායායතනං කායවිඤ්ඤාණස්ස අත්ථි පච්චයෙන පච්චයො. (පුරේජාත වූ කායායතනය කාය විඤ්ඤාණයට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
15. වත්‍ථු විපාකාබ්‍යාකතානං කිරියාබ්‍යාකතානං ඛන්‍ධානං අත්‍ථී පච්චයෙන පච්චයො.
(පුරේජාතවූ හදයවස්තු රූපය, විපාක ක්‍රියා සංඛ්‍යාත අව්‍යාකෘත නාමස්කන්‍ධයන්ට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
පච්ඡාජාතාස්ථි ප්‍රත්‍යය
පච්ඡාජාතා විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ඛන්‍ධා පුරේජාතස්ස ඉමස්ස කායස්ස අත්‍ථී පච්චයෙන පච්චයො.
(පසුව උපන් විපාක සිත් දෙතිසය, ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය යන අව්‍යාකෘත නාමස්කන්‍ධයෝ පූර්‍වයෙහි උපන් තිජ චතූජ කායයන්ට පච්ඡාජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
ආහාරාස්ථි ප්‍රත්‍යය
කබලිංකාරො ආහාරො ඉමස්ස කායස්ස අත්‍ථී පච්චයෙන පච්චයො.
(කබලීකාරාහාර නම්වූ ඕජාරූපය තිජ චතූජ කායයන්ට ආහාරාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
ඉන්‍ද්‍රියාස්ථි ප්‍රත්‍යය
රූප ජීවිතින්‍ද්‍රියං කටත්තා රූපානං අත්‍ථී පච්චයෙන පච්චයො.
(ජීවිතින්‍ද්‍රිය රූපය කර්‍මජ රූපයන්ට ඉන්‍ද්‍රියාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
8. වීථිය
අබ්‍යාකතො ධම්මො කුසලස්ස ධම්මස්ස අත්‍ථී පච්චයෙන පච්චයො.
(අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි කුසල ධර්මයට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මයෝ නම්.
මහා කුසල් අටට ප්‍රත්‍යය වන වර්‍තමාන නිෂ්ඵන්න රූප අටළොසය, දිබ්බචක්ඛු කුසලාභිඥාවට ප්‍රත්‍යය වන දූර ප්‍රතිච්ඡන්නාදී වර්‍තමාන රූපාරම්මණය, දිබ්බසොත කුසලාභිඥාවට ප්‍රත්‍යය වන දූර ප්‍රතිච්ඡන්නාදී වර්‍තමාන ශබ්දාරම්මණය යන ධර්මයෝ යි.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්මයෝ නම්:
මහා කුසල් සිත් අටය, දිබ්බචක්ඛු, දිබ්බසොත කුසලාභිඥාය, විරති අප්‍රමාණ්‍යයන් හැර චෛතසික තෙතිසය යන ධර්මයෝ ය.
මෙහි අනුවාද වශයෙන්-
- සෙක්ඛාවා පුථුජ්ජනාවා චක්ඛුං අනිච්චතො, දුක්ඛතො, අනත්තතො විපස්සන්ති. (ශෛක්‍ෂ පුද්ගලයෝ හෝ පෘථග්ජනයෝ හෝ පුරේජාත වූ චක්‍ෂුප්‍රසාදය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මහා කුසල් සිතින් විදර්‍ශනා කරන කල්හි ඒ පුරේජාත චක්‍ෂුප්‍රසාද රූපය, කාමාවචර කුසල් සිතට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- සොතං, ඝාණං, ජිව්හං, කායං, රූපෙ, සද්දෙ, ගන්ධෙ, රසෙ, පොට්ඨබ්බෙ වත්‍ථුං අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සන්ති. (ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ හෝ පුද්ගලයෝ පුරේජාත වූ ශ්‍රොතප්‍රසාදය, ඝානප්‍රසාදය, ජිව්හා ප්‍රසාදය, කායප්‍රසාදය, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්‍ශ, හෘදයවස්තු රූපය යන රූප ධර්‍මයන් කාමාවචර මහා කුසල් සිතින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්‍ශනා කරන කල්හි ඒ ශ්‍රොතප්‍රසාදාදී රූප ධර්‍මයෝ මහා කුසල චිත්තයන්ට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- දිබ්බෙන චක්ඛුනා රූපං පස්සන්ති. (ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ හෝ පුද්ගලයෝ පුරේජාත වූ දූර ප්‍රතිච්ඡන්නාදී වූ රූපය දිබ්බචක්ඛු කුසලාභිඥාවෙන් දකින කල්හි පුරේජාත වූ ඒ රූපය දිබ්බචක්ඛු කුසලාභිඥාවට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- දිබ්බාය සොත ධාතුයා සද්දං සුණන්ති. (ශෛක්‍ෂ වූ හෝ පෘථග්ජන වූ හෝ පුද්ගලයෝ පුරේජාත වූ දූර ප්‍රතිච්ඡන්නාදී වූ ශබ්දය දිබ්බසොත කුසලාභිඥාවෙන් අසන කල්හි පුරේජාත වූ ඒ ශබ්දය දිබ්බසොත කුසලාභිඥාවට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- වත්‍ථු කුසලානං ඛන්‍ධානං අත්‍ථි පච්චයෙන පච්චයො. පුරේජාත වූ හදයවස්තු රූපය කුසල නාමස්කන්‍ධයන්ට පුරේජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)