විප්‍රයුක්ත ප්‍රත්‍යය පිළිබඳ ත්‍රි රාශිය
විප්‍රයුක්ත ප්‍රත්‍යය සිව්වැදෑරුම් වේ.
- සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය
- වස්තු පුරේජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය
- වස්තු ආරම්මණ පුරේජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය
- පච්ඡාජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය
- සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය වන ධර්‍මයෝ නම්-
පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ, අරූප විපාක සතරය, ද්විපඤ්ච විඤ්ඤාණයෝය, අර්හත් චුති චිත්තය යන චිත්තයන් හැර ඉතිරි පන්සැත්තෑ (75) චිත්තයෝය, චෛතසික දෙපනසය (52) යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝය, පඤ්චවොකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන හදය වස්තු රූපය සහ හදය වස්තු රූපයට ප්‍රත්‍යය වන පඤ්චවොකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන ධර්‍මයෝ නම්-
චිත්තජ රූපයෝය, ප්‍රතිසන්‍ධි කර්මජ රූපයෝය, හදය වස්තුවෙන් ප්‍රත්‍යය ලබන පඤ්චවොකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝය, පඤ්චවොකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන හදයවස්තු රූපය ය යන ධර්‍මයෝයි.
ප්‍රත්‍යනීක ධර්‍මයෝ නම්:
චතුවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභ මූල සිත් අටය, මෝහමූල දෙසිතය, මනොද්වාරාවජ්ජනය, මහා කුසල් සිත් අටය, මහා ක්‍රියා සිත් අටය, අරූපාවචර සිත් දොළොසය, සොතාපත්ති මග්ග චිත්තයෙන් අන්‍ය වූ ලෝකෝත්තර සිත් සතය, දෝෂ, ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච, අප්‍රමාණ්‍ය යන ධර්‍මයන් හැර චෛතසික සසාළිසය (46), බාහිර රූපයෝය, ආහාරජ රූපයෝය, සෘතුජ රූපයෝය, අසංඥසත්ත්‍ව කර්‍මජ රූපයෝය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝය යන ධර්මයෝ ය.
2. වස්තු පුරේජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය පිළිබඳ ප්‍රත්‍යය ධර්ම, ප්‍රත්‍යොත්පන්න ධර්ම, ප්‍රත්‍යනීක ධර්ම වස්තු පුරේජාත නිශ්‍රය ප්‍රත්‍යයෙහි ස්වරූපයන් මෙනි.
3. වස්තු ආරම්මණ පුරේජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයාගේ ස්වරූපයෝ වස්තු ආරම්මණ පුරේජාත නිශ්‍රය ප්‍රත්‍යයෙහි මෙන් දතයුතු.
4. පච්ඡාජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයේ ස්වරූපයෝ පච්ඡාජාත ප්‍රත්‍යයෙහි මෙන් දතයුතු.
විප්පයුත්ත ප්‍රත්‍යය පිළිබඳ විසර්‍ජනාචාර හෙවත් විථි පසෙකි.
1. වීථිය
කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස විප්පයුත්ත පච්චයෙන පච්චයො. සහජාතං, පච්ඡාජාතං.
(කුසල ධර්‍මය අව්‍යාකෘත ධර්මයට සහජාත විප්‍රයුක්ත, පච්ඡාජාත විප්‍රයුක්ත යන විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්ති දෙකින් උපකාර වේ.)
සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය
මෙහි අව්‍යාකෘත ධර්මයට සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්‍මයෝ නම් - පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක්විස්සය (21) චෛතසික අටතිසය (38) යන අවයව වූ ද, සමූහ වූ ද නාමස්කන්‍ධයෝ යි.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම් කුසල චිත්තජ රූපයෝ යි.
පච්ඡාජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය.
මෙහි අව්‍යාකෘත ධර්මයට පච්ඡාජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන කුසල ධර්‍මයෝ නම් - පඤ්චවොකාර භූමියෙහි උපදිනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක්විස්සය චෛතසික අටතිසය යන නාමස්කන්‍ධයෝ ය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම් ව්‍යවස්ථාපන මනොචාරාවජ්ජනාදී පූර්‍ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණෙන තිජ චතුජ කායයෝ ය.
මෙහි අනුවාද වශයෙන්:
සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය
කුසලාඛන්‍ධා චිත්තසමුට්ඨානානං රූපානං විප්පයුත්ත පච්චයෙන පච්චයො.
(එක් විසි කුසල චිත්තයෝ ය, චෛතසික අටතිසය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ කුසල චිත්තජ රූපයනට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
පච්ඡාජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයෝ
කුසලඛන්‍ධා පුරේජාතස්ස ඉමස්ස කායස්ස විප්පයුත්ත පච්චයෙන පච්චයො.
(එක්විසි කුසල චිත්තයෝය, අටතිස් චෛතසිකයෝය යන පච්ඡාජාත කුසල නාමස්කන්‍ධයෝ පුරේජාත වූ හෙවත් පූර්‍වයෙහි ඉපිද ස්ථිතිප්‍රාප්ත වූ තිජ චතුජ කාය යන්ට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
2. වීථිය
අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස විප්පයුත්ත පච්චයෙන පච්චයො - සහජාතං පච්ඡාජාතං.
(අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය, පච්ඡාජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය යන ප්‍රත්‍යය ශක්ති දෙකින් උපකාර වේ.)
සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය
මෙහි අව්‍යාකෘත ධර්මයට සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසල ධර්මයෝ නම්:
දොළොස් අකුසල චිත්තයෝ ය සත්විසි චෛතසිකයෝ ය යන අවයව වූ ද සමූහ වූ නාමස්කන්‍ධයෝ ය.
ප්‍රත්‍යයොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම් අකුසල චිත්තජ රූපයෝ ය.
පච්ඡාජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය
මෙහි අව්‍යාකෘත ධර්මයට පච්ඡාජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසල ධර්මයෝ නම්-
අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන පච්ඡාජාත අකුසල නාමස්කන්‍ධයෝ ය.
ප්‍රත්‍යයොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්-
ව්‍යවස්ථාපන, මනොද්වාරාවජ්ජනාදී පූර්‍ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණෙන තිජ චතුජ කායයෝ ය.
මෙහි අනුවාද වශයෙන්-
සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය
අකුසලාඛන්‍ධා චිත්ත සමුට්ඨානානං රූපානං විප්පයුත්ත පච්චයෙන පච්චයො.
(අකුසල් සිත් දොළොසය චෛතසික සත්විස්සය යන අවයව වූ ද සමූහ වූ ද අකුසල නාමස්කන්‍ධයෝ සහජාත අකුසල චිත්තජ රූපයන්ට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
පච්ඡාජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය
අකුසලාඛන්‍ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස විප්පයුත්ත පච්චයෙන පච්චයො. දොළොස් අකුසල චිත්තයෝය සත්විසි චෛතසිකයෝය යන පච්ඡාජාත අකුසල නාමස්කන්‍ධයෝ පූර්‍වයෙහි ඉපිද ස්ථිති ප්‍රාප්ත නිජ චතුජ කායයන්ට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
3. තීථිය.
අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස විප්පයුත්ත පච්චයෙන පච්චයො, සහජාතං, පුරෙජාතං පච්ඡාජාතං.
(අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට සහජාත විප්‍රයුක්ත පුරෙජාත විප්‍රයුක්ත පච්ඡාජාත විප්‍රයුක්ත යන විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්ති තුනෙන් උපකාර වේ.)
සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය
ප්‍රවෘත්ති කාලයෙහි - අව්‍යාකෘත ධර්මයට සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මයෝ නම්:
චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදින අවස්ථාවෙහි වූ අරූප විපාක සතරය, ද්විපඤ්ච විඥානයෝ ය අර්හත් චුති චිත්තය යන සිත් හැර ඉතිරි විපාක සිත් දෙවිස්සය, ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය (38) යන අවයව වූ ද, සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය:
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්-
විපාක ක්‍රියා චිත්තජ රූපයෝ ය.
ප්‍රතිසන්‍ධි කාලයෙහි - අව්‍යාකෘත ධර්මයට සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මයෝ නම්-
කර්මජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර ප්රතිසන්ධි පසළොසය චෛතසික පන්තිසය (35) යන අවයව වූ ද, සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා හෘදය වස්තු රූපය ය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්-
පඤ්චවොකාර ප්රතිසන්ධි පසළොසය (15), චෛතසික පන්ති සය යන අවයව වූ ද, සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා උපදින කර්මජ රූපයෝ ය.
පුරෙජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය
මෙහි අව්‍යාකෘත ධර්මයට පුරෙජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මයෝ නම්-
චක්‍ෂුරේ විඥානාදී පඤ්ච විඥානයන්ට ප්‍රත්‍යය වන මධ්‍යමායුෂ්ක චක්‍ෂුරාදි වස්තුහුය, පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූප විපාක හා විපඤ්චවිඥානයන් හැර ප්‍රථම භවාඞ්ගාදී පශ්චිම පශ්චිම වූ විපාක සිත් දෙවිස්සය (32) ක්‍රියා සිත් විස්සය යන මොවුන්ට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධ්‍යාදි පූර්ව පූර්ව චිත්තයන් හා උපදනා හෘදය වස්තුවය මරණාසන්න කාලයෙහි, පඤ්චවොකාර භවාඞ්ග පසළොසය (15), ආවර්ජනාචය ය, සම්පටිච්ඡනචය ය, සන්තීරණත්‍රය ය, ව්‍යවස්ථාපනය, මරණාසන්න ජවන් පසය, තදාරම්මණය, චුතිය යන මොවුන්ට ප්‍රත්‍යය වන චුති චිත්තයෙන් සතළොස් (17) වන චිත්තය හා උපන් හෘදය වස්තු රූපය යන ධර්මයෝ යි.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්-
පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූප විපාක හැර ප්‍රථම භවාඞ්ගාදී පශ්චිම පශ්චිම විපාක සිත් දෙතිසය (32), ක්‍රියා සිත් විස්සය යන ධර්මයෝ යි.
පච්ඡාජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය
මෙහි අව්‍යාකෘත ධර්මයට පච්ඡාජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මයෝ නම්-
ප්රතිසන්ධි ආදී පූර්ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණෙන එකජ, විජ, තිජ, චතුජ, කායයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූප විපාක හැර ප්‍රථම භවඞ්ගාදී පශ්චිම පශ්චිම විපාක සිත් දෙතිසය, ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය යන ධර්මයෝ යි.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම් ප්රතිසන්ධි ආදී පූර්ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණි එකජ, චිජ, තිජ, චතුජ, කායයෝ ය.
මෙහි අනුවාද වශයෙන්-
සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය.
- විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා බන්‍ධා චිත්ත සමුට්ඨානානං රූපානං විප්පයුත්ත පච්චයෙන පච්චයො. (පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ, අරූප විපාක සතරය, ද්විපඤ්ච විඥානයෝ ය, අර්හත් චුති චිත්තය යන සිත් හැර ඉතිරි විපාකසිත් දෙවිස්සය, ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය යන අවයව වූද, සමූහ වූද, නාමස්කන්ධයෝ සහජාත වූ විපාක ක්‍රියා චිත්තජ රූපයන්ට සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතා බන්‍ධා කටත්තා රූපානං විප්පයුත්ත පච්චයෙන පච්චයො. (ප්‍රතිසන්ධික්‍ෂණයෙහි දී පඤ්චවොකාර ප්රතිසන්ධි පසළොසය චෛතසික පන්තිසය (35) යන අවයව වූද, සමූහ වූද, නාමස්කන්ධයෝ කර්මජ රූපයන්ට විප්‍රයුක්ත ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)
- බන්‍ධා වත්‍ථුස්ස විප්පයුත්ත පච්චයෙන පච්චයො. (ප්‍රතිසන්ධි විපාක සිත් පසළොසය චෛතසික පන් තිසය (35) යන නාමස්කන්ධයෝ හදය වස්තු රූපයට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- වත්ථු ඛන්ධානං විප්පයුත්ත පච්චයෙන පච්චයො. (හදය වස්තු රූපය ප්‍රතිසන්ධි නාමස්කන්ධයන්ට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
පුරේජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය.
- චක්ඛායතනං චක්ඛු විඤ්ඤාණස්ස විප්පයුත්ත පච්චයෙන පච්චයො. (මධ්‍යමායුෂ්ක චක්‍ෂූර් වස්තුව චක්‍ෂූර් විඥානයට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- සෝතායතනං සෝත විඤ්ඤාණස්ස විප්පයුත්ත පච්චයෙන පච්චයො. (මධ්‍යමායුෂ්ක ශ්‍රෝත වස්තුව ශ්‍රෝත විඥානයට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ඝාණායතනං ඝාණ විඤ්ඤාණස්ස විප්පයුක්ත පච්චයෙන පච්චයො. (මධ්‍යමායුෂ්ක ඝාණ වස්තුව ඝ්‍රාණ විඥානයට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ජිව්හායතනං ජිව්හා විඤ්ඤාණස්ස විප්පයුත්ත පච්චයෙන පච්චයො. (මධ්‍යමායුෂ්ක ජිව්හා වස්තුව ජිව්හා විඥානයට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- කායායතනං කාය විඤ්ඤාණස්ස විප්පයුක්ත පච්චයෙන පච්චයො. (මධ්‍යමායුෂ්ක කාය වස්තුව කාය විඥානයට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- වත්ථු විපාකාබ්‍යාකතානං කිරියාබ්‍යාකතානං ඛන්ධානං විප්පයුත්ත පච්චයෙන පච්චයො.
(ප්‍රතිසන්ධි ආදී පූර්ව පූර්ව චිත්තයන් හා උපදනා හදය වස්තු රූපය, අරූප විපාක සතර සහ විපඤ්ච විඥානයන් හැර ප්‍රථම භවඞ්ගාදී පශ්චිම පශ්චිම වූ විපාක සිත් දෙවිස්සය යන විපාක ක්‍රියා නාමස්කන්‍ධයන්ට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
පච්ඡාජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය.
11. විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ඛන්‍ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස විප්පයුත්ත පච්චයෙන පච්චයො.
(පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූප විපාක හැර ප්‍රථම භවඞ්ගාදී පශ්චිම වූ විපාක සිත් දෙතිසය ක්‍රියා සිත් විස්සය චෛතසික අටතිසය යන අව්‍යාකෘත නාමස්කන්‍ධයෝ ප්‍රතිසන්ධි ආදී පූර්ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණි එකජ, ද්විජ, තිජ, චතුජ කායයන්ට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
4. වීථිය
ආබ්‍යාකතො ධම්මො කුසලස්ස ධම්මස්ස විප්පයුත්ත පච්චයෙන පච්චයො.
(අව්‍යාකෘත ධර්‍මය කුසල ධර්මයට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි කුසල ධර්මයට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මයෝ නම්:
කුසල ධර්මස්සකන්‍ධයන්ට ප්‍රත්‍යය වන පූර්‍ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණි හදය වස්තු රූපයයි.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්‍මයෝ නම්:-
කුසල් සිත් එක්විස්සය චෛතසික අටතිසය යන නාමස්කන්‍ධයෝ යි.
මෙහි අනුවාදය වශයෙන්-
පුරෙජාතං වත්ථු කුසලානං ඛන්‍ධානං විප්පයුත්ත පච්චයෙන පච්චයො.
(පූර්‍ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණි හදය වත්‍ථු රූපය, එක්වීසි කුසල චිත්තයෝ ය, අටතිස් චෛතසිකයෝ ය යන කුසල නාමස්කන්‍ධයන්ට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
6. වීථිය
අබ්‍යාකතො ධම්මො අකුසලස්ස ධම්මස්ස විප්පයුත්ත පච්චයෙන පච්චයො.
(අව්‍යාකෘත ධර්මය අකුසල ධර්මයට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහිදී අකුසල ධර්මයට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මයෝ නම්—
අකුසල නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන පූර්‍ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණි හදයවස්තු රූපයයි.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්මයෝ නම්—
අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන අකුසල නාමස්කන්‍ධයෝ යි.
මෙහි අනුවාදය වශයෙන්:
පුරේජාතං වත්‍ථු අකුසලානං ඛන්‍ධානං විප්පයුත්ත පච්චයෙන පච්චයො.
(පූර්‍ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණි හදය වත්‍ථු රූපය, දොළොස් අකුසල නාමස්කන්‍ධයන්ට විප්‍රයුක්ත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)