ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය පිළිබඳ ත්‍රිරාශිය:
- සහජාතින්‍ද්‍රිය ප්‍රත්‍යය වන ධර්‍මයෝ නම්: ජීවිතෙන්‍ද්‍රිය ය, චිත්තය ය, වේදනාවය, ශ්‍රද්ධාවය, වීර්‍ය්‍යය, ස්මෘතිය ය, එකාග්‍රතාවය, ප්‍රඥාවය යන නාමෙන්‍ද්‍රිය ධර්‍මයෝ අටදෙනය.
ප්‍රත්‍යාත්පන්න වශයෙන් ලැබෙන ධර්මයෝ නම්: එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනසය (52), චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්මජ රූපයෝ ය යන ධර්‍මයෝය.
ප්‍රත්‍යනීක ධර්‍මයෝ නම්: බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, ඍතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍ව කර්මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්මජ රූපයෝ ය යන ධර්මයෝ ය.
2. පුරෙජාතින්‍ද්‍රිය ප්‍රත්‍යය වන ධර්‍මයෝ නම්: මධ්‍යමා යුෂ්ක හෙවත් ප්‍රථම අතීත භවාඞ්ගය හා උපදිනා චක්‍ෂුර් වස්තුවය, ශ්‍රෝත වස්තුවය, ඝ්‍රාණ වස්තුවය, ජිව්හා වස්තුවය, කාය වස්තුවය යන ප්‍රසාද වස්තු පසය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන ධර්මයෝ නම්: ද්විපඤ්ච විඥානයෝ ය, සබ්බචිත්ත සාධාරණ චෛතසික සතය (7) යන ධර්මයෝ ය.
ප්‍රත්‍යනීක ධර්‍මයෝ නම්: ද්විපඤ්චවිඥානයන් හැර ඉතිරි එකුන් අසූ (79) චිත්තය ය, චෛතසික දෙපනසය (52), චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, ඍතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍ව කර්මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්මජ රූපයෝ ය යන ධර්මයෝ ය.
3. රූප ජීවිතින්‍ද්‍රිය ප්‍රත්‍යය වන ධර්‍මයෝ නම්: ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි වශයෙන් සියලු රූප ජීවිතෙන්‍ද්‍රිය ධර්මයෝ ය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන ධර්මයෝ නම්: රූප ජීවිතෙන්‍ද්‍රියයෙන් අන්‍යවූ කර්මජ කලාපගත රූපයෝ ය.
ප්‍රත්‍යනීක ධර්‍මයෝ නම්: එකුන් අනූ (89) චිත්තය ය, චෛත සික දෙපනසය (52), චිත්තජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, ඍතුජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්මජ රූප, අසංඥසත්ත්‍ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප යන රූපයන්ට අයත්වූ ජීවිතෙන්‍ද්‍රිය රූපයෝ ය යන මේ ධර්මයෝ ය.