අභිධර්මාර්ථ ප්‍රදීපිකා

විපාක ප්‍රත්‍යය පිළිබඳ ත්‍රිරාශිය

විපාක ප්‍රත්‍යය වන ධර්මයෝ නම්-

ඔවුනොවුන්ටද, ඔවුනොවුන්ට හා චිත්තජරූප, ප්‍රතිසන්‍ධි කර්මජ රූපයන්ටද ප්‍රත්‍යය වන විපාක සිත් සතිසය (36) චෛතසික අටතිසය (38) යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝයි.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන ධර්මයෝ නම්-

ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන විපාක සිත් සතිසය (36),

චෛතසික අටතිසය (38) යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝය

ඒ නාමස්කන්‍ධයන් නිසා උපදනාවූ විඥප්ති රූප හැර චිත්තජ රූපයෝය.

ප්‍රතිසන්‍ධි කර්මජ රූපයෝය

යන ධර්මයෝය.

ප්‍රත්‍යනික ධර්‍මයෝ නම්

කුසල්සිත් එක් විස්සය

අකුසල් සිත් දොළොසය, ක්‍රියා සිත් විස්සය,

චෛතසික දෙපනසය (52), යන නාමස්කන්‍ධයෝය.

ඒ නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජ රූපයෝය.

බාහිර රූපයෝය.

ආහාරජ රූපයෝය.

ඍතුජ රූපයෝය.

අසංඥසත්ත්ව කර්මජ රූපයෝය.

ප්‍රවෘත්ති කර්මජ රූපයෝය. යන ධර්මයෝය.

විපාක ප්‍රත්‍යය පිළිබඳ විසර්‍ජනාවාර හෙවත් වීථි එකෙකි.

එනම්:

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස විපාක පච්චයෙන පච්චයො

(අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට විපාක ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහි අව්‍යාකෘත ධර්‍මයට විපාක ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්‍මයෝ නම්-

ඔවුනොවුන්ටද, ඔවුනොවුන්ට හා චිත්තජ රූපයන්ටද ප්‍රත්‍යවන විපාක සිත් සතිසය (36), චෛතසික අටතිසය (38) යන අවයව නාමස්කන්‍ධයෝයි.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්‍මයෝ නම්-

විපාක සිත් සතිසය (36) චෛතසික අටතිසය (38) යන අවයව නාමස්කන්‍ධයන් හා චිත්තජ රූපයෝයි.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, සම්පයුක්ත, විප්පයුක්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් විපාක ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

මෙහි අනුවාද වශයෙන්-

1. විපාකාබ්‍යාකතො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං චිත්ත සමුට්ඨානානඤ්ච රූපානං විපාක පච්චයෙන පච්චයො.

(විපාක සිත් සතිසය (36) චෛතසික අටතිසය (38) යන අව්‍යාකෘත ධර්මයන්හි ඇති සතර නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි නාමස්කන්‍ධ තුනට හා චිත්තජ රූපයන්ටද විපාක ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

2. තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස චිත්ත සමුට්ඨානානඤ්ච රූපානං විපාක පච්චයෙන පච්චයො.

(විපාක සිත් සතිසය (36), චෛතසික අටතිසය (38) යන අව්‍යාකෘත ධර්මයන්හි ඇති සතර නාමස්කන්‍ධයන් අතුරෙන් නාමස්කන්‍ධ තුනක් ඉතිරි එක් නාමස්කන්‍ධයට හා චිත්තජ රූපයන්ටද විපාක ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

3. ද්වෙ ඛන්‍ධා ද්වින්නං ඛන්‍ධානං චිත්ත සමුට්ඨානානඤ්ච රූපානං විපාක පච්චයෙන පච්චයො.

(විපාක සිත් සතිසය (36), චෛතසික අටතිසය (38) යන අව්‍යාකෘත ධර්මයන්හි ඇති සතර නාමස්කන්‍ධයන් අතුරෙන් නාමස්කන්‍ධ දෙකක් ඉතිරි නාමස්කන්‍ධ දෙකට හා චිත්තජ රූපයන්ටද විපාක ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

ප්‍රතිසන්‍ධි කාලයෙහි වනාහි අව්‍යාකෘත ධර්මයට විපාක ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මයෝ නම්-

ඔවුනොවුන්ටද, ඔවුනොවුන්ට හා කර්මජ රූපයන්ටද ප්‍රත්‍යයවන ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්සය (19).

චෛතසික පන්තිසය (35) යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝයි.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්-

ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්සය (19)

චෛතසික පන්තිසය (35) යන අවයව නාමස්කන්‍ධයන් හා කර්මජ රූපයෝද වෙත්.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤ මඤ්ඤ, නිස්සය, විපාක, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් විපාක ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

  1. පටිසන්‍ධික්ඛණෙ විපාකබ්‍යාකතො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං කටත්තා ච රූපානං විපාක පච්චයෙන පච්චයො

(ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි ප්‍රතිසන්‍ධි විපාක සිත් එකුන් විස්සය, චෛතසික පන්තිසය යන අව්‍යාකෘත ධර්මයන්හි ඇති සතර නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි නාමස්කන්‍ධ තුනටද ප්‍රතිසන්‍ධි කර්මජ රූපයන්ටද විපාක ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

  1. තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස කටත්තා ච රූපානං විපාක පච්චයෙන පච්චයො

(ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි ප්‍රතිසන්‍ධි විපාක සිත් එකුන් විස්සය, චෛතසික පන්තිසය යන අව්‍යාකෘත ධර්මයන්හි ඇති සතර නාමස්කන්‍ධයන් අතුරෙන් නාමස්කන්‍ධ දෙකක් ඉතිරි නාමස්කන්‍ධ දෙකටද, ප්‍රතිසන්‍ධි කර්මජ රූපයන්ටද විපාක ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

  1. චෙ ඛන්‍ධා විත්තං ඛන්‍ධානං කටත්තාච රූපානං විපාක පච්චයෙන පච්චයො.

(ප්‍රතිසන්‍ධි කාලයෙහි ප්‍රතිසන්‍ධි විපාක සිත් එකුන් විස්සය, චෛතසික පන්තිසය යන අව්‍යාකෘත ධර්මයන්හි ඇති සතර නාමස්කන්‍ධයන් අතුරෙන් නාමස්කන්‍ධ දෙකක් ඉතිරි නාමස්කන්‍ධ දෙකටද, ප්‍රතිසන්‍ධි කර්මජ රූපයන්ටද විපාක ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්)

  1. ඛන්‍ධා වත්‍ථුස්ස විපාක පච්චයෙන පච්චයො

(ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහිදී ප්‍රතිසන්‍ධි විපාක චිත්තයන් පිළිබඳ වූ සතර නාමස්කන්‍ධයෝ හෘදය වත්‍ථු රූපයට විපාක ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

ද්විපඤ්ච විඤ්ඤාණයෝය, ප්‍රතිසන්‍ධි විපාක චිත්තයෝය, අර්හත් චුති චිත්තය, සතර අරූපාවචර චිත්තයෝය යන විපාක චිත්තයෝ චිත්තජ රූප නූපදවත්.

අරූප විපාක චිත්තයෝ පහළවන අරූප භූමියෙහි කිසිදු රූපයක් නැත.