කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස කම්ම පච්චයෙන
පච්චයො.
(කුසල ධර්‍මය කුසල ධර්‍මයට කර්ම ප්‍රත්‍යයෙන් උපකාර වේ.)
මෙහි කුසල ධර්‍මයට කර්ම ප්‍රත්‍යයෙන් උපකාර වන කුසල ධර්මයෝ නම්-
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන එක්විසි කුසල චිත්තයන්හි ඇති චේතනා එකුන් විස්සය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්මයෝ නම්-
කුසල් සිත් එක්විස්සය.
චේතනාව හැර චේතසික සත්තිසය යන ධර්‍මයෝයි.
මෙහිදී එක්වර සුදුසු පරිදී ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, කම්ම, ආහාර, සම්පයුත්ත, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් කර්‍ම ප්‍රත්‍ය ශක්තිය ලැබේ.
මෙහි අනුවාද වශයෙන්-
කුසලා චේතනා සම්පයුත්තකානං ඛන්ධානං කම්ම පච්චයෙන පච්චයො.
(එක්විසි කුසල චිත්තයන්හි ඇති චේතනා එකුන්විස්ස, කුසල් සිත් එක්විස්සට හා චේතනාව හැර සත්තිස් චේත සික ධර්‍ම නම් වූ සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට කර්‍ම ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙය සහජාත කර්ම ප්‍රත්‍යය වේ.
2. වීථිය
කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස කම්ම පච්චයෙන පච්චයො, සහජාතා නානාක්ඛණිකා.
(කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට සහජාත කර්ම ප්‍රත්‍යය නානාක්‍ෂණික කර්ම ප්‍රත්‍යය යන කර්ම ප්‍රත්‍යය ශක්ති දෙකෙන් උපකාර වේ.)
සහජාත කර්ම ප්‍රත්‍යය.
මෙහි අව්‍යාකෘත ධර්මයට සහජාත කර්ම ප්‍රත්‍යයෙන් උපකාර වන කුසල ධර්මයෝ නම්-
චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ එක්විසි කුසල චිත්තයෙහි චේතනා එක්විස්සය.
ප්‍රත්‍යුත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්-
කුසල චිත්තජ රූපයෝයි.
මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, නිස්සය, කම්ම, ආහාර, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් කර්ම ප්‍රත්‍යය ශක්තිය ලැබේ.
මෙහි අනුවාද වශයෙන්-
කුසලා චේතනා චිත්ත සමුට්ඨානානං රූපානං කම්ම පච්චයෙන පච්චයො.
එක්විසි කුසල චිත්තයන්හි ඇති එක්විසි චේතනාවෝ ඒ එක්විසි කුසල චිත්තයන් හා සහජාත වූ චිත්තජ රූපයන්ට සහජාත කර්ම ප්‍රත්‍යයෙන් උපකාර වේ.)
නානා ක්‍ෂණික කර්ම ප්‍රත්‍යය.
මෙහි අව්‍යාකෘත ධර්මයට නානා ක්‍ෂණික කර්ම ප්‍රත්‍යය යෙන් උපකාර වන කුසල ධර්මයෝ නම්-
එකුත් තිස් කුසල විපාකයන්ට හා කර්මජ රූපයන්ට ප්‍රත්‍යය වන අතීත වූ එක්විසි කුසල චේතනාවෝ යි.
එනම්:
අහේතුක කුසල විපාක, මහා විපාක නාමස්කන්‍ධයන්ට හා කර්මජ රූපයන්ට ප්‍රත්‍යය වන ත්‍රිහේතුක උත්කෘෂ්ට මහා කුසල චේතනාවෝය.
අහේතුක කුසල විපාක ඥාන විප්‍රයුක්ත මහා විපාක නාමස්කන්‍ධයන්ට හා කර්මජ රූපයන්ට ප්‍රත්‍යය වන ත්‍රිහේතුක ඔමක, ද්විහේතුක උත්කෘෂ්ට මහා කුසල චේතනාවෝය.
අහේතුක කුසල විපාක නාමස්කන්‍ධයන්ට හා කර්මජ රූපයන්ට ප්‍රත්‍යය වන ද්විහේතුක ඔමක මහා කුසල චෙතනාවෝය.
ප්‍රථම ධ්‍යාන විපාක නාමස්කන්‍ධයන්ට හා කර්මජ රූපයන්ට ප්‍රත්‍යය වන ප්‍රථමධ්‍යාන කුසල චෙතනාවය.
ද්විතීය ධ්‍යාන විපාක නාමස්කන්‍ධයන්ට හා කර්මජ රූපයන්ට ප්‍රත්‍යය වන ද්විතීය ධ්‍යාන කුසල චෙතනාවය.
තෘතීය ධ්‍යාන විපාක නාමස්කන්‍ධයන්ට හා කර්මජ රූපයන්ට ප්‍රත්‍යය වන තෘතීයධ්‍යාන කුසල චෙතනාවය.
චතුර්‍ථධ්‍යාන විපාක නාමස්කන්‍ධයන්ට හා කර්මජ රූපයන්ට ප්‍රත්‍යය වන චතුර්‍ථධ්‍යාන කුසල චෙතනාවය.
පඤ්චමධ්‍යාන විපාක නාමස්කන්‍ධයන්ට හා කර්මජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චමධ්‍යාන කුසල චෙතනාවය.
ආකාසානඤ්චායතන විපාක නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ආකාසානඤ්චායතන කුසල චෙතනාවය.
විඤ්ඤාණඤ්චායතන විපාක නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන විඤ්ඤාණඤ්චායතන කුසල චෙතනාවය.
ආකිඤ්චඤ්ඤායතන විපාක නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ආකිඤ්චඤ්ඤායතන කුසල චෙතනාවය.
නේවසඤ්ඤානාසඤ්ඤායතන විපාක නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසල චෙතනාවය.
සොතාපත්ති ඵල නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන සොතාපත්තිමග්ග චෙතනාවය.
සකෘදාගාමි ඵල නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන සකෘදාගාමි මග්ග චෙතනාවය.
අනාගාමි ඵල නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අනාගාමි මග්ග චෙතනාවය.
අර්හත් ඵල නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අර්හත් මග්ග චේතනාවය යන ප්‍රත්‍යය ධර්මයෝයි.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්-
එකුන්තිස් කුසල විපාක නාමස්කන්‍ධයන් හා කර්මජ රූපයෝය.
මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන කම්ම උපනිස්සය යන ප්‍රත්‍යය ශක්ති දෙකෙන් නානාක්‍ෂණික කර්ම ප්‍රත්‍යය ලැබේ.
මෙහි අනුවාදය වශයෙන්,
කුසලා චේතනා විපාකානං ඛන්‍ධානං කටත්තාව රූපානං කම්ම පච්චයෙන පච්චයො.
(අතීතවූ එක්විසි කුසල චේතනාවෝ එකුන්තිස් කුසල විපාක නාමස්කන්‍ධයන්ට හා කර්මජ රූපයන්ටද නානාක්‍ෂණික කර්ම ප්‍රත්‍යයයෙන් උපකාර වේ.)
3. වීථිය
කුසලො ධම්මො කුසලස්සව අබ්‍යාකතස්සව ධම්මස්ස කම්ම පච්චයෙන පච්චයො.
(කුසල ධර්මය කුසලාව්‍යාකෘත ධර්මයට කර්ම ප්‍රත්‍යයයෙන් උපකාර වේ.)
මෙහි කුසලාව්‍යාකෘත ධර්මයට කර්ම ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන කුසල ධර්මය නම්:
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ එක්විසි කුසල චිත්තයන්හි චේතනාවය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන ධර්මයෝ නම්:
සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා චිත්තජ රූපයෝ යි.
මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, නිස්සය, කම්ම, ආහාර, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් කර්ම ප්‍රත්‍යය ශක්තිය ලැබේ.
මෙහි අනුවාදය වශයෙන්,
කුසලා චෙතනා සම්පයුත්තකානං ඛන්ධානං චිත්ත සමුට්ඨානානඤ්ච රූපානං කම්ම පච්චයෙන පච්චයො.
(පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහිවූ එක්විසි කුසල චිත්තයන්හි ඇති චෙතනාවෝ සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ටද කම්ම ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
4. වීථිය
අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස කම්ම පච්චයෙන පච්චයො.
(අකුසල ධර්මය අකුසල ධර්මයට කර්ම ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අකුසල ධර්මයට කර්ම ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසල ධර්මයෝ නම්-
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන දොළොස් අකුසල චෙතනාවෝය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්මයෝ නම්-
අකුසල් සිත් දොළොසය,
චෙතනාව හැර චෛතසික සවිස්සය (26),
මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, කම්ම, ආහාර, සම්පයුත්ත, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් කර්ම ප්‍රත්‍යය ශක්තිය ලැබේ.
මෙහි අනුවාදය වශයෙන්-
අකුසලා චෙතනා සම්පයුත්තකානං ඛන්ධානං කම්ම පච්චයෙන පච්චයො.
(දොළොස් අකුසල් සිත්හි චෙතනාවෝ දොළොස් අකුසල චිත්තයන්ට හා චෙතනාව හැර ඉතිරි චෛතසික සවිස්සට කර්ම ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
5. වීථිය
අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස කම්ම පච්චයෙන පච්චයො. සහජාතා නානාක්ඛණිකා.
(අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට සහජාත කර්ම ප්‍රත්‍යය නානාක්‍ෂණික කර්ම ප්‍රත්‍යය යන ප්‍රත්‍යය ශක්ති දෙකෙන් උපකාර වේ.)
අව්‍යාකෘත ධර්මයට සහජාත කම්ම ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසල ධර්මයෝ නම්:
චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ දොළොස් අකුසල චෙතනාවෝ යි.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම් අකුසල චිත්තජ රූපයෝ යි.
මෙහිදී එක්වර ලැබෙන සහජාත, නිස්සය, කම්ම, ආහාර, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් සහජාත කර්ම ශක්තිය ලැබේ.
මෙහි අනුවාදය වශයෙන්:
අකුසලා චෙතනා චිත්තසමුට්ඨානානං රූපානං කම්ම පච්චයෙන පච්චයො.
(දොළොස් අකුසල චිත්තයන්හි ඇති චෙතනාවෝ අකුසල චිත්තජ රූපයන්ට සහජාත කර්ම ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
අව්‍යාකෘත ධර්මයන්ට නානාක්‍ෂණික කර්ම ප්‍රත්‍යයයෙන් උපකාරවන අකුසල ධර්මයෝ නම්:
අකුසල විපාක නාමස්කන්‍ධයන්ට හා කර්මජ රූපයන්ට ප්‍රත්‍යය වන දොළොස් අකුසල චේතනාවෝය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:
අකුසල විපාක නාමස්කන්‍ධයන් හා කර්මජ රූපයෝයි.
මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන කර්ම, උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්ති දෙකින් නානාක්‍ෂණික කර්ම ප්‍රත්‍යය ශක්තිය ලැබේ.
මෙහි අනුවාදය වශයෙන්:
අකුසලා චේතනා විපාකානං ඛන්‍ධානං කටත්තාව රූපානං කම්ම පච්චයෙන පච්චයො.
(දොළොස් අකුසල චේතනාවෝ අකුසල විපාක නාමස්කන්‍ධයන්ට හා කර්මජ රූපයන්ට නානාක්‍ෂණික කර්ම ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.)
6. වීථිය
අකුසලො ධම්මො අකුසලස්සව අබ්‍යාකතස්සව ධම්මස්ස කම්ම පච්චයෙන පච්චයො.
(අකුසල ධර්මය අකුසලාව්‍යාකෘත ධර්මයට කර්ම ප්‍රත්‍යය ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)
මෙහිදී අකුසලාව්‍යාකෘත ධර්මයට කර්ම ප්‍රත්‍යයයෙන් උපකාර වන අකුසල ධර්මයෝ නම්:
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ දොළොස් අකුසල චේතනාවෝ ය.
ප්‍රත්‍යුත්පන්න වශයෙන් ලැබෙන අකුසලාව්‍යාකෘත ධර්මයෝ නම්:
අකුසල් සිත් දොළොසය,
චෙතනාව හැර චෛතසික සවිස්සය,
චිත්තජ රූපයෝය,
මෙහිදී එක්වර ලැබෙන සහජාත, නිස්සය, කම්ම, ආහාර, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සයෙන් කර්ම ප්‍රත්‍යය ශක්තිය ලැබේ.
මෙහි අනුවාදය වශයෙන්:
අකුසලා චෙතනා සම්පයුත්තකානං ඛන්ධානං චිත්ත සමුට්ඨානානංච රූපානං කම්ම පච්චයෙන පච්චයො.
(පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ දොළොස් අකුසල චෙතනාවෝ අකුසල් සිත් දොළොසය, චෙතනාව හැර චෛතසික සවිස්සය යන සම්ප්‍රයුක්ත නාමස්කන්‍ධයන්ට හා අකුසල චිත්තජ රූපයන්ටද කර්ම ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
7. වීථිය
අබ්‍යාකතො ධම්මො, අබ්‍යාකතස්ස ධම්මස්ස කම්ම පච්චයෙන පච්චයො.
(අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට කර්ම ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
1. ප්‍රවෘත්ති කාලයෙහි
ප්‍රවෘත්ති කාලයෙහි අව්‍යාකෘත ධර්මයට කර්ම ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අව්‍යාකෘත ධර්මයෝ නම්—
සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ටද ප්‍රත්‍යය වන විපාක සිත් සතිසය (36), ක්‍රියාසිත් විස්සය, යන මේ ධර්මයන්ගේ චෙතනාවෝය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්-
විපාකසිත් සතිසය (36),
ක්‍රියාසිත් විස්සය,
චෙතනාව හැර චෛතසික සත්තිසය (37),
යන සම්ප්‍රයුක්ත නාමස්කන්‍ධයන් හා චිත්තජ රූපයෝයි.
මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, කම්ම, විපාක, ආහාර, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය නවය අතුරෙන් කර්ම ප්‍රත්‍යය ශක්තිය ලැබේ.
2. ප්‍රතිසන්‍ධි කාලයෙහි
ප්‍රතිසන්‍ධි කාලයෙහි අව්‍යාකෘත ධර්මයට කර්ම ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අව්‍යාකෘත ධර්මයෝ නම්:
සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ටද, සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා කර්මජ රූපයන්ටද ප්‍රත්‍යයවන ප්‍රතිසන්‍ධි චෙතනා එකුන් විස්සය (19)
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්ම යෝ නම්-
ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්සය.
චෙතනාව හැර චෛතසික සූතිසය (33) යන සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන් හා කර්මජ රූපයෝයි.
මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ නිස්සය, කම්ම, විපාක, ආහාර, සම්ප්‍රයුක්ත, විප්‍රයුක්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දසය අතුරෙන් කර්ම ප්‍රත්‍යය ශක්තිය ලැබේ.
මෙහි අනුවාද වශයෙන්-
- විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා චෙතනා- සම්පයුත්තකානං ඛන්ධානං චිත්ත සමුට්ඨානානංච රූපානං කම්ම පච්චයෙන පච්චයො. (විපාක සිත් සතිසය, ක්‍රියාසිත් විස්සය යන අව්‍යාකෘත ධර්මයන්ගේ චෙතනාවෝ, විපාක සිත් සතිසය, ක්‍රියාසිත් විස්සය චෙතනාව සහිතවූ චෛතසික සත්තිසය යන සම්ප්‍රයුක්ත නාමස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ටද කර්ම ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතා චෙතනා- සම්ප්‍රයුක්තකානං ඛන්‍ධානං කටත්තාච රූපානං කම්ම- පච්චයෙන පච්චයො. (ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහිදී ප්‍රතිසන්‍ධි චෙතනා එකුන් විස්ස, එම ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්සය, චෙතනාව හැර චෛතසික සූතිසය යන සම්ප්‍රයුක්ත නාමස්කන්‍ධයන්ට හා කර්මජ රූපයන්ටද, කර්ම ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ.)
- චෙතනා වත්ථුස්ස කම්ම පච්චයෙන පච්චයො. (ප්‍රතිසන්‍ධිචිත්තක්‍ෂණයේදී ප්‍රතිසන්‍ධි විපාක චිත්තයෙහි ඇති චෙතනාව හදය වත්ථු රූපයට කර්ම ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)