අභිධර්මාර්ථ ප්‍රදීපිකා

කර්ම ප්‍රත්‍යය පිළිබඳ ත්‍රිරාශිය.

සහජාත කර්ම ප්‍රත්‍යය වන ධර්මයෝ නම්-

එකුන් අනූ (89) චිත්තයෙහි ඇති චෙතනා එකුන් අනූවය.

සහජාත කර්ම ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යොත්පන්නයෝ නම්-

එකුන් අනූ (89) චිත්තය. චෙතනාව හැර චෛතසික එක්පනසය (51) චිත්තජ රූපයෝ ය ප්‍රතිසන්‍ධි කර්මජ රූපයෝ ය, යන ධර්මයෝ යි.

සහජාත කර්ම ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යනික ධර්මයෝ නම්-

එකුන් අනූ (89) චිත්තයෙහි ඇති චෙතනා එකුන් අනූවය. බාහිර රූපයෝය ආහාරජ රූපයෝය සෘතුජ රූපයෝය අසංඥසත්ත්ව කර්මජ රූපයෝය

ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මේ ධර්මයෝයි.

නානා ක්‍ෂණික කර්ම ප්‍රත්‍යය වන ධර්‍මයෝ නම්-

අතීතවූ කුසලාකුසල චෙතනාවෝ තෙතිස් (33) දෙනය

නානා ක්‍ෂණික කර්ම ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යොත්පන්නයෝ නම්-

විපාක සිත් සතිසය (36)

චෛතසික අටතිසය (38)

ප්‍රතිසන්‍ධි කර්මජ රූපයෝය

අසංඥසත්ත්ව කර්මජ රූපයෝය

ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මේ ධර්මයෝයි.

නානා ක්‍ෂණික කර්ම ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යනීක ධර්‍මයෝ නම්-

කුසල් සිත් එක්විස්සය (21)

අකුසල් සිත් දොළොසය

ක්‍රියා සිත් විස්සය

චෛතසික දෙපනසය (52)

චිත්තජ රූපයෝය

බාහිර රූපයෝය

ආහාරජ රූපයෝය

සෘතුජ රූපයෝය යන මේ ධර්‍මයෝයි.

කර්ම ප්‍රත්‍යය පිළිබඳ විසර්‍පනා වාර හෙවත් වීථි සතකි.

1. වීථිය