ආසේවන ප්‍රත්‍යය පිළිබඳ ත්‍රිරාශිය.
ආසේවන ප්‍රත්‍යය වන ධර්මයෝ නම්-
මාර්ග ජවන, ඵල ජවන හැර පූර්ව පූර්ව වූ ලෞකික ජවනයෝ සත්සාළිස් (47) දෙන සහ චෛතසික දෙපනසය (52).
ප්‍රත්‍යයොත්පන්න වශයෙන් ලැබෙන ධර්මයෝ නම්:
ප්‍රථම ජවන, ඵල ජවන හැර පශ්චිම පශ්චිම වූ ජවනයෝ එක්පනස් දෙන සහ චෛතසික දෙපනසය. ප්‍රත්‍යනීක ධර්මයෝ නම්-
ප්‍රථම ජවන වශයෙන් උපදනා එකුන් තිස් (29) කාම ජවනයෝ ය,
ආවර්ජනා චිත්තද්වය ය.
විපාක සිත් සතිසය.
චෛතසික දෙපනසය.
චිත්තජ රූපයෝය.
ප්රතිසන්ධි කර්මජ රූපයෝය.
බාහිර රූපයෝය.
ආභාරජ රූපයෝය.
සෘතුජ රූපයෝය.
අසංඥසත්ත්ව කර්මජ රූපයෝ ය.
යන ධර්මයෝ යි.
ආසේවන ප්‍රත්‍යය පිළිබඳ විසර්ජනා වාර හෙවත් වීථි තුනෙකි.
1. වීථිය
කුසලා ධම්මා කුසලස්ස ධම්මස්ස ආසෙවන පච්චයෙන පච්චයො.
(කුසල ධර්මය කුසල ධර්මයට ආසේවන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
මෙහි කුසල ධර්මයට ආසේවන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්මයෝ නම්:
මහා කුසල ද්විතීය ජවනයට ප්‍රත්‍යය වන ප්‍රථම ජවනය ය.
මහා කුසල තෘතීය ජවනයට ප්‍රත්‍යය වන ද්විතීය ජවනය ය.
මහා කුසල චතුර්ථ ජවනයට ප්‍රත්‍යය වන තෘතීය ජවනය ය.
මහා කුසල පස්වන ජවනයට ප්‍රත්‍යය වන සතරවන ජවනය ය.
මහා කුසල සවන ජවනයට ප්‍රත්‍යය වන පස්වන ජවනය ය.
මහා කුසල සත්වන ජවනයට ප්‍රත්‍යය වන සවන ජවනය ය.
මහද්ගත සොමනස්ස සහගත සිත් සතරට හා මාර්ග සොමනස්ස සිත් සොළොසට ප්‍රත්‍යය වන ගොත්රභූ, වොදාන කෘත්යයවත් මහා කුසල ප්රථමචය ය.
මහද්ගත කුසල උපෙක්ෂා සහගත සිත් පසට හා මාර්ග උපෙක්ෂා සහගත සිත් සතරට ප්‍රත්‍යය වන ගොත්රභූ වොදාන කෘත්යයවත් මහා කුසල තෘතීයවය ය.
සමාපත්ති චිත්ත වීථින්හි පශ්චිම පශ්චිම මහද්ගත කුසලයන්ට ප්‍රත්‍යයවන පූර්ව පූර්ව සමාන වූ මහද්ගත කුසලයෝය යන ප්‍රත්‍යය ධර්මයෝ යි.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්මයෝ නම් -
ප්‍රථම ජවනය හැර පශ්චිම පශ්චිම වූ මහා කුසල් අටය, මහග්ගත කුසල් නවය ය, මාර්ග කුසල් සතරය යන එක්විසි කුසලයෝ ය.
මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන අනන්තර, සමනන්තර, උපනිස්සය, ආසේවන, නත්ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙත් ආසේවන ශක්තිය ලැබේ.
මෙහි අනුවාද වශයෙන්,
- පුරිමා පුරිමා කුසලාඛන්ධා, පච්ඡිමානං, පච්ඡිමානං කුසලානං ඛන්ධානං ආසේවන පච්චයෙන පච්චයො.
(පූර්ව පූර්ව වූ අන්තිම ජවනය හැර සතළොස් (17) ලෞකික කුසල නාමස්කන්‍ධයෝ පශ්චිම පශ්චිම වූ ප්‍රථම ජවනය හැර එක්විසි (21) කුසල ජවන නාමස්කන්‍ධයන්ට ආසේවන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- අනුලොමං ගොත්‍රභූස්ස ආසෙවන පච්චයෙන පච්චයො. (සංස්කාරාරම්මණික අනුලොම කෘත්‍යවත් ඥානසම්ප්‍රයුක්ත මහා කුසල චිත්තය, නිර්වාණාරම්මණික ගොත්රභූ කෘත්‍යවත් මහා කුසල ඥානසම්ප්‍රයුක්ත සිත් සතරට ආසෙවන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- අනුලොමං වොදානස්ස ආසෙවන පච්චයෙන පච්චයො. (සංස්කාරාරම්මණික අනුලොම කෘත්‍යවත් ඥානසම්ප්‍රයුක්ත මහා කුසල චිත්තය නිර්වාණාරම්මණික වොදාන කෘත්‍යවත් මහා කුසල ඥානසම්ප්‍රයුක්ත සිත් සතරට ආසෙවන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ගොත්රභූ මග්ගස්ස ආසෙවන පච්චයෙන පච්චයො. (නිර්වාණාරම්මණික ගොත්රභූ කෘත්‍යවත් මහා කුසල ඥානසම්ප්‍රයුක්ත සිත් සතර සෝවාත් මාර්ග චිත්තයට ආසේවන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- වොදානං මග්ගස්ස ආසෙවන පච්චයෙන පච්චයො. (නිර්වාණාරම්මණික වොදාන කෘත්‍යවත් මහා කුසල ඥානසම්ප්‍රයුක්ත සිත් සතර උපරිම මාර්ගත්රයට ආසෙවන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්)
මෙසේ කුසල ධර්මය කුසල ධර්මයට ආසෙවන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
2. වීථිය
අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස ආසෙවන පච්චයෙන පච්චයො.
(අකුසල ධර්මය අකුසල ධර්මයට ආසේවන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අකුසල ධර්මයට ආසේවන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසල ධර්මයෝ නම්:
අන්තිම ජවනය හැර පූර්ව පූර්ව වූ දොළොස් අකුසල ජවනයෝ යි.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්මයෝ නම්:
ප්‍රථම ජවනය හැර පශ්චිම පශ්චිම වූ දොළොස් අකුසල ජවනයෝ යි.
මෙහි අනුවාද වශයෙන්-
පුරිමා පුරිමා අකුසලා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං ඛන්ධානං ආසෙවන පච්චයෙන පච්චයො.
(පූර්ව පූර්ව වූ අන්තිම ජවනය හැර දොළොස් අකුසල ජවන නාමස්කන්‍ධයෝ පශ්චිම පශ්චිම වූ ප්‍රථම ජවනය හැර දොළොස් අකුසල ජවන නාමස්කන්‍ධයන්ට ආසේවන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
3. වීථිය
අබ්යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස ආසෙවන පච්චයෙන පච්චයො.
(අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට ආසේවන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අව්‍යාකෘත ධර්මයට ආසේවන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අව්‍යාකෘත ධර්මයෝ නම්:
පශ්චිම පශ්චිම වූ අටළොස් ක්‍රියා ජවනයන්ට ප්‍රත්‍යය වන අන්තිම ජවනය හැර පූර්ව පූර්ව වූ අටළොස් ක්‍රියා ජවනයෝය. නොහොත්—
හසිතොත්පාද මහා ක්‍රියා ද්විතීය ජවනයට ප්‍රත්‍යය වන ප්‍රථම ජවනය.
එම තුන්වන ජවනයට ප්‍රත්‍යය වන ද්විතීය ජවනය.
එම සතරවන ජවනයට ප්‍රත්‍යය වන තුන්වන ජවනය.
එම පස්වන ජවනයට ප්‍රත්‍යය වන සතරවන ජවනය.
එම සවන ජවනයට ප්‍රත්‍යය වන පස්වන ජවනය.
එම සත්වන ජවනයට ප්‍රත්‍යය වන සවන ජවනය.
මහග්ගත ක්‍රියා සොමනස්ස සහගත සිත් සතරට ප්‍රත්‍යය වන ගොත්රභූ කෘත්‍යවත් මහා ක්‍රියා ප්රථමචය ය.
මහග්ගත ක්‍රියා උපෙක්ඛා සහගත සිත් පසට ප්‍රත්‍යය වන ගොත්රභූ කෘත්යයවත් මහා ක්‍රියා තෘතීයචය ය.
සමාපජ්ජන වීථීන්හි පශ්චිම පශ්චිම මහග්ගත ක්‍රියා ජවනයන්ට ප්‍රත්‍යය වන පූර්ව පූර්ව වූ මහග්ගත ක්‍රියා ජවනයෝ ය.
ප්‍රත්‍යයොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:
ප්‍රථම ජවනය හැර පශ්චිම පශ්චිම ක්‍රියා ජවන අටළොසය, නොහොත්-
හසිතොත්පාද මහා ක්‍රියා ද්විතීයාදී ජවනයෝ ය.
මහද්ගත ක්‍රියා නවය යන අව්‍යාකෘත ධර්මයෝ යි.
මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන අනන්තර, සමනන්තර, උපනිස්සය, ආසේවන, නත්ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් ආසේවන ප්‍රත්‍යය ශක්තිය ලැබේ.
මෙහි අනුවාදය වශයෙන්,
පුරිමා පුරිමා කිරියාබ්යාකතා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං කිරියාබ්යාකතානං ඛන්ධානං ආසේවන පච්චයෙන පච්චයො. (පූර්ව පූර්ව වූ අටළොස් ක්‍රියා ජවන නාමස්කන්‍ධයෝ පශ්චිම පශ්චිම වූ අටළොස් ක්‍රියා ජවන නාමස්කන්‍ධයන්ට ආසෙවන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
කුසලාකුසල ක්‍රියා ජවනයන් උපදනා චිත්ත වීථින් බැලීමෙන් මෙය පහසුවෙන් තේරුම් ගත හැකි වේ.