අභිධර්මාර්ථ ප්‍රදීපිකා

කුසලොච අබ්‍යාකතොච ධම්මා අබ්‍යාකතස්ස

ධම්මස්ස නිස්සය පච්චයෙන පච්චයො. (කුසල නාමස්කන්ධයෝ හා අව්‍යාකෘත ධර්‍මයෝද, අව්‍යාකෘත ධර්‍මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

මෙහි අව්‍යාකෘත ධර්‍මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන කුසලාව්‍යාකෘත ප්‍රත්‍යය ධර්‍මයෝ නම්-

කුසල් සිත් එක්විස්සය,

චෛතසික අටතිසය,

යන අවයව නාමස්කන්ධයන් හා

සහජාත චිත්තජ මහාභූත රූපයෝ ය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්‍මයෝ නම්-

චිත්තජ රූපයෝ යි.

මෙහි අනුවාදය වශයෙන්-

කුසලා ඛන්‍ධා ච මහාභූතා ච චිත්ත සමුට්ඨානානං රූපානං නිස්සය පච්චයෙන පච්චයො.

(කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන අවයව නාමස්කන්ධයෝ හා චිත්තජ මහාභූත රූපයෝද, චිත්තජ රූපයන්ට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

12. වීථිය

අකුසලො ච අබ්‍යාකතො ච ධම්මා අකුසලස්ස ධම්මස්ස නිස්සය පච්චයෙන පච්චයො.

(අකුසලාව්‍යාකෘත ධර්‍මයෝ අකුසල ධර්‍මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්)

මෙහි අකුසල ධර්‍මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසලාව්‍යාකෘත ධර්‍මයෝ නම්-

ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන අවයව නාමස්කන්ධයෝ ය, ව්‍යවස්ථාපන, මනොද්වාරාවජ්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හදය වස්තු රූපය යන ධර්‍මයෝ ය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්‍මයෝ නම්-

අකුසල් සිත් දොළොසය.

චෛතසික සත් විස්සය.

යන අවයව නාමස්කන්‍ධයෝ ය.

මෙහි අනුවාද වශයෙන්-

  1. අකුසලො එකො ඛන්‍ධොව වත්‍ථුව තිණ්ණන්නං ඛන්‍ධානං නිස්සය පච්චයෙන පච්චයො. (අකුසල නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් හා ව්‍යවස්ථාපන මනොද්වාරාවජ්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හදය වස්තු රූපයද, ඉතිරි අකුසල නාමස්කන්‍ධ තුනට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  2. තයො ඛන්‍ධාව වත්‍ථුව එකස්ස ඛන්‍ධස්ස නිස්සය පච්චයෙන පච්චයො. (අකුසල නාමස්කන්‍ධ තුනක් හා ව්‍යවස්ථාපන මනොද්වාරාවජ්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හදය වස්තු රූපයද, ඉතිරි අකුසල නාමස්කන්‍ධයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  3. ද්වෙ ඛන්‍ධාව වත්‍ථුව ද්වින්නං ඛන්‍ධානං නිස්සය පච්චයෙන පච්චයො. (අකුසල නාමස්කන්‍ධ දෙකක් හා ව්‍යවස්ථාපන, මනොද්වාරාවජ්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හදය වස්තු රූපයද, ඉතිරි අකුසල නාමස්කන්‍ධ දෙකට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
13. වීථිය

අකුසලොව අබ්යාකතොව ධම්මා අබ්යාකතස්ස ධම්මස්ස නිස්සය පච්චයෙන පච්චයො.

(අකුසලාව්‍යාකෘත ධර්‍මයෝ අව්‍යාකෘත ධර්‍මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

මෙහි අව්‍යාකෘත ධර්‍මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසලාව්‍යාකෘත ධර්‍මයෝ නම්-

අකුසල් සිත් දොළොසය,

චෛතසික සත් විස්සය,

යන අවයව නාමස්කන්‍ධයන් හා

සහජාත චිත්තජ මහාභූත රූපයෝය

ප්‍රත්‍යොත්පත්ත වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්‍මයෝ නම්-

චිත්තජ රූපයෝයි.

මෙහි අනුවාදය වශයෙන්-

අකුසලා ඛන්‍ධාව මහා භූතාව චිත්ත සමුට්ඨානානං රූපානං නිස්සය පච්චයෙන පච්චයො.

(දොළොස් අකුසල් සිත් හා චෛතසික සත්විස්සය යන අවයව නාමස්කන්‍ධයන් හා චිත්තජ මහා භූත රූපයෝද, චිත්තජ රූපයන්ට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)