අභිධර්මාර්ථ ප්‍රදීපිකා

නිශ්‍රය ප්‍රත්‍යය පිළිබඳ ත්‍රි රාශිය

  1. සහජාත නිශ්‍රය ප්‍රත්‍යය වන ධර්‍මයෝ නම්:

ඔවුනොවුන්ට හා චිත්තජ රූප, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ටද ප්‍රත්‍යය වන සියලු එකුන් අනූ චිත්තය, චෛතසික දෙපනසය (52) යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය.

ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ට ප්‍රත්‍යය වන චිත්තජ, ප්‍රතිසන්‍ධි කර්මජ, බාහිර, ආහාරජ, ඍතුජ, අසංඥසත්ත්‍ව කර්මජ රූපයන්ට අයත්වූ සියළු මහා භූතයෝ ය.

පඤ්චවොකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන හදයවස්තුවය.

හදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවොකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොව්හු ය.

සහජාත නිශ්‍රය ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයොත්පන්නයෝ නම්:-

ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන සියලු එකුන් අනූ චිත්තය චෛතසික දෙපනසය (52) යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝය.

නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ රූප හා ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය.

ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන සියලු මහා භූතයෝ ය, මහා භූතයන්ගෙන් ප්‍රත්‍යය ලබන උපාදාය රූපයෝ ය.

හදයවස්තුවෙන් ප්‍රත්‍යය ලබන පඤ්චවොකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය. පඤ්චවොකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන හදයවස්තුවය යන මොව්හු ය.

සහජාත නිශ්‍රය ප්‍රත්‍යයට ප්‍රත්‍යනික ධර්‍මයෝ නැත.

  1. වස්තු පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය වන ධර්‍මයෝ නම්: ප්‍රවෘත්ති කාලයෙහි ෂට්වස්තුහුය.

විස්තර වශයෙන් වනාහි -

ප්‍රවෘත්ති කාලයෙහි මධ්‍යමායුෂ්ක චක්‍ෂුර් වස්තුවය, ශ්‍රෝත වස්තුවය, ඝ්‍රාණ වස්තුවය, ජිව්හා වස්තුවය, කාය වස්තුවය.

ප්‍රතිසන්‍ධි ආදීවූ පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හදය වස්තුවය.

නිරෝධ සමාපත්තියෙන් නැගී සිටින අවස්ථාවෙහි පූර්‍වයෙහි එක් චිත්තක්‍ෂණයක කාලයේ උපදනා හදය වස්තුවය.

මරණාසන්න කාලයෙහි චුති චිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපදනා හදයවස්තුවය යන ධර්‍මයෝ ය.

වස්තු පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යෝත්- පන්නයෝ නම් -

ප්‍රවෘත්ති කාලයෙහි පඤ්චවොකාර භූමියෙහි උපදනාවූ සතර අරූප විපාක හැර සප්ත විඥාන ධාතූහුය, චෛතසික දෙපනසය (52) යන ධර්‍මයෝ ය.

වස්තුපුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යයයාගේ ප්‍රත්‍යනීක ධර්‍මයෝ නම් -

චතුවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ

ලෝභමූල සිත් අටය

මොහමූල සිත් දෙකය

මනොද්වාරාවජ්ජනය

මහා කුසල් සිත් අටය

මහා ක්‍රියා සිත් අටය

අරූපාවචර සිත් දොළොසය

සොවාන් මාර්ග චිත්තය හැර ලොකොත්තර සිත් සතය.

චෙෂ, ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච, අප්‍රමාණ්‍යයන් හැර චෛතසික සතළිස් සය (46) ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය.

පඤ්චවොකාර ප්‍රතිසන්‍ධි පසළොස හා චෛතසික පන්තිස (35) ය,

චිත්තජ රූපයෝය,

ප්‍රතිසන්‍ධි කර්මජ රූපයෝය,

බාහිර රූපයෝය,

ආහාරජ රූපයෝය,

සෘතුජ රූපයෝය,

අසංඥසත්ත්‍ව කර්මජ රූපයෝය,

ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මොව්හුය.

3. වස්ත්‍වාරම්මණ පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය වන ධර්මය නම්-

මරණාසන්න කාලයෙහි චුති චිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපදනා හදයවස්තු රූපය ය.

වස්ත්‍වාරම්මණ පුරෙජාත ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යොත්පන්නයෝ නම්-

මරණාසන්න කාලයෙහි උපදනාවූ

මනොද්වාරාවජ්ජනය,

කාමජවන එකුන් තිසය (29),

තදාරම්මණ එකොළොසය,

අභිඥා දෙසිතය,

ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච, විරති, අප්‍රමාණ්‍යයන් හැර චෛතසික සතළිස් සතරය (44) යන ධර්මයෝ යි.

වස්ත්‍වාරම්මණ පුරෙජාත ප්‍රත්‍යයයාගේ ප්‍රත්‍යනීකයෝ නම්—

වස්ත්‍වාරම්මණ පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය නොලබන්නාවූ එකුන් අනූ (89) චිත්තය, දෙපනස් (52) චෛතසිකය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝය,

චිත්තජ රූපයෝය,

ප්‍රතිසන්‍ධි කර්මජ රූපයෝය,

බාහිර රූපයෝය,

ආහාරජ රූපයෝය,

සෘතූජ රූපයෝය,

අසඥසත්‍ව කර්මජ රූපයෝය,

ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන ධර්මයෝය.

නිශ්‍රය ප්‍රත්‍යය පිළිබඳ විසර්‍ජනාචාර හෙවත් වීථි තෙළෙසකි.

1. වීථිය

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස නිස්සය පච්චයෙන පච්චයො.

(කුසල ධර්මය කුසල ධර්මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහි කුසල ධර්මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්‍මයෝ නම්—

කුසල් සිත් එක්විස්සය (21), චෛතසික අටතිසය (38), යන අවයව නාමස්කන්‍ධයෝය.

ප්‍රත්‍යයොත්පන්න වශයෙන් ලැබෙන ධර්‍මයෝ නම්—

කුසල් සිත් එක්විස්සය (21), චෛතසික අටතිසය (38), යන අවයව නාමස්කන්‍ධයෝය.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, නිස්සය, අඤ්ඤමඤ්ඤ, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් නිශ්‍රය ශක්තිය ලැබේ.

මෙහි අනුවාද වශයෙන්—

1. කුසලො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං නිස්සය පච්චයෙන පච්චයො.

(කුසල් සිත් එක්විස්සය චෛතසික අටතිසය යන ධර්මයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි නාමස්කන්‍ධ තුනට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

2. තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස නිස්සය පච්චයෙන පච්චයො.

(කුසල නාමස්කන්‍ධ තුනක් ඉතිරි එක් නාමස්කන්‍ධයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

3. ද්වෙ ඛන්‍ධා ද්වින්නං ඛන්‍ධානං නිස්සය පච්චයෙන පච්චයො

(කුසල නාමස්කන්‍ධ දෙකක් ඉතිරි නාමස්කන්‍ධ දෙකට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙසේ කුසල නාමස්කන්‍ධයෝ ඔවුනොවුන්ට සහජාත නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.

2. වීථිය

කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස නිස්සය පච්චයෙන පච්චයො.

(කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහි අව්‍යාකෘත ධර්මයට සහජාත නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්‍මයෝ නම්—

චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන අවයව වූද, සමූහ වූද, නාමස්කන්‍ධයෝයි—

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම් චිත්තජ රූපයෝයි.

මෙහිදී එක්වර ලැබෙන සහජාත, නිස්සය, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස අතුරෙන් නිශ්‍රය ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

මෙහි අනුවාදය වශයෙන්

කුසලා ඛන්‍ධා චිත්තසමුට්ඨානානං රූපානං නිස්සය පච්චයෙන පච්චයො.

(කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන අවයව වූද, සමූහ වූද නාමස්කන්‍ධයෝ චිත්තජ රූපයන්ට සහජාත නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

කුසල් සිත් උපදනා කල්හි ඒ කුසල චිත්තයෝ සහජාත වූ චිත්තජ රූපයන්ට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන සැටි මෙයින් දැක්වේ.

3. වීථිය

කුසලො ධම්මො කුසලස්සව අබ්‍යාකතස්සව ධම්මස්ස නිස්සය පච්චයෙන පච්චයො.

(කුසල ධර්මය කුසලාව්‍යාකෘත ධර්මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.

කුසලාව්‍යාකෘත ධර්මයන්ට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්‍මයෝ නම්-

ඔවුනොවුන්ට හා චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයෝය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන කුසලාව්‍යාකෘත ධර්‍මයෝ නම්-

කුසල් සිත් එක්විස්සය,

චෛතසික අටතිසය,

චිත්තජ රූපයෝය.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, නිස්සය, අත්‍ථි. අවිගත යන ශක්ති සතරෙන් නිශ්‍රය ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

මෙහි අනුවාද වශයෙන්-

  1. කුසලො එකො ඛන්‍ධො තිණ්ණත්තං ඛන්‍ධානං චිත්ත සමුට්ඨානානංච රූපානං නිස්සය පච්චයෙන පච්චයො. (එක්විසි කුසල චිත්තයෝය, අටතිස් චෛතසිකයෝය යන නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි නාමස්කන්‍ධ තුනට හා චිත්තජ රූපයන්ට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  2. තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස, චිත්ත සමුට්ඨානානංච රූපානං නිස්සය පච්චයෙන පච්චයො. (කුසල නාමස්කන්‍ධ තුනක් ඉතිරි එක් නාමස්කන්‍ධයට සහ චිත්තජ රූපයන්ට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  3. ද්වෙ ඛන්‍ධා ද්වින්නං ඛන්‍ධානං චිත්ත සමුට්ඨා- නානංච රූපානං නිස්සය පච්චයෙන පච්චයො. (කුසල නාමස්කන්‍ධ දෙකක් ඉතිරි නාමස්කන්‍ධ දෙකට සහ චිත්තජ රූපයන්ට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
4. වීථිය

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස නිස්සය පච්චයෙන පච්චයො.

(අකුසල ධර්මය අකුසල ධර්මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

අකුසල ධර්මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසල ධර්මයෝ නම්-

අකුසල් සිත් දොළොසය,

චෛතසික සත් විස්සය,

යන අවයව නාමස්කන්‍ධයෝයි.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්‍මයෝ නම්-

අකුසල් සිත් දොළොසය,

චෛතසික සත් විස්සය,

යන අවයව නාමස්කන්‍ධයෝය.

මෙහි අනුවාද වශයෙන්-

  1. අකුසලො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං නිස්සය පච්චයෙන පච්චයො. (අකුසල් සිත් දොළොසය, චෛතසික සත් විස්සය යන අකුසල නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධධයක් ඉතිරි නාමස්කන්‍ධ තුනට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  2. තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස නිස්සය පච්චයෙන පච්චයො. (අකුසල ස්කන්‍ධ තුනක් ඉතිරි එක් ස්කන්‍ධයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

3. ද්වෙ ඛන්ධා චිත්තං ඛන්ධානං නිස්සය පච්චයෙන පච්චයො.

(අකුසලස්කන්ධ දෙකක් ඉතිරි ස්කන්ධ දෙකට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

5. වීථිය

අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස නිස්සය පච්චයෙන පච්චයො.

(අකුසල ධර්‍මය අව්‍යාකෘත ධර්‍මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

අව්‍යාකෘත ධර්‍මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසල ධර්‍මයෝ නම්-

අකුසල් සිත් දොළොසය

චෛතසික සත් විස්සය

යන සම්ප්‍රයුක්ත නාමස්කන්ධයෝ ය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්‍මයෝ නම් චිත්තජ රූපයෝයි.

මෙහි අනුවාදය වශයෙන්

අකුසලා ඛන්ධා චිත්ත සමුට්ඨානානං රූපානං නිස්සය පච්චයෙන පච්චයො.

(අකුසලස්කන්ධයෝ චිත්තජ රූපයන්ට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

6. වීථිය

අකුසලො ධම්මො අකුසලස්සච අබ්‍යාකතස්සච ධම්මස්ස නිස්සය පච්චයෙන පච්චයො.

(අකුසල ධර්‍මය අකුසලාව්‍යාකෘත ධර්‍මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

අකුසල අව්‍යාකෘත ධර්මයන්ට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසල ප්‍රත්‍යය ධර්මයෝ නම්-

ඔවුනොවුන්ට හා චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ

අකුසල් සිත් දොළොසය

චෛතසික සත් විස්සය

යන අවයව නාමස්කන්‍ධයෝය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසලාව්‍යාකෘත ධර්මයෝ නම්-

අකුසල් සිත් දොළොසය

චෛතසික සත් විස්සය

චිත්තජ රූපයෝය.

මෙහි අනුවාද වශයෙන්

  1. අකුසලො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං නිස්සය පච්චයෙන පච්චයො.

(අකුසල් සිත් දොළොසය, චෛතසික සත් විස්සය යන අකුසල නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි අකුසල නාමස්කන්‍ධ තුනට හා චිත්තජ රූපයන්ට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

  1. තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස චිත්ත සමුට්ඨානානඤ්ච රූපානං නිස්සය පච්චයෙන පච්චයො.

(අකුසලස්කන්‍ධයෝ තිදෙනෙක් ඉතිරි එක අකුසල ස්කන්‍ධයට හා චිත්තජ රූපයන්ටද නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

  1. මෙ ඛන්‍ධා චිත්තං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානංච රූපානං නිස්සය පච්චයෙන පච්චයො.

(අකුසලස්කන්ධයෝ දෙදෙනෙක් ඉතිරි අකුසලස්කන්ධ දෙකට හා චිත්තජ රූපයන්ටද නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

මෙසේ අකුසලස්කන්ධයෝ අකුසලාව්‍යාකෘත ධර්මයන්ට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.

7. වීථිය

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස නිස්සය පච්චයෙන පච්චයො.

(අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහිදී අව්‍යාකෘත ධර්මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මයෝ නම්— ප්‍රවෘත්ති කාලයෙහි

ඔවුනොවුන්ටද, ඔවුනොවුන්ට හා චිත්තජ රූපයන්ටද ප්‍රත්‍යය වන

විපාක සිත් සතිසය (36)

ක්‍රියා සිත් විස්සය

චෛතසික අටතිසය (38)

යන අවයව නාමස්කන්ධයෝය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන ධර්මයෝ නම්—

විපාක සිත් සතිසය (36)

ක්‍රියා සිත් විස්සය

චෛතසික අටතිසය (38)

යන අවයව නාමස්කන්ධයන් හා

චිත්තජ රූපයෝය.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් නිශ්‍රය ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

ප්‍රතිසන්ධි කාලයෙහි

ඔවුනොවුන්ටද, ඔවුනොවුන්ට හා කටත්තා රූපයන්ටද ප්‍රත්‍යය වන

ප්‍රතිසන්ධි සිත් එකුන් විස්සය චෛතසික පන්තිසය (35)

යන අවයව වූද, අවයව හා සමූහවූද නාමස්කන්‍ධයන් හා හදය වස්තු රූපය යන ප්‍රත්‍යය ධර්‍මයෝ ලැබෙත්.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන ධර්‍මයෝ නම්

ප්‍රතිසන්ධි සිත් එකුන් විස්සය චෛතසික පන්තිසය (35)

යන අවයවවූද, සමූහවූද නාමස්කන්‍ධයන් හා කටත්තා රූපයෝයි.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් නිශ්‍රය ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

ශුද්ධ රූප ධර්‍මයන් අතුරෙන් නිශ්‍රය ශක්තියෙන් උපකාර වන ප්‍රත්‍යය ධර්‍මයෝ නම්—

ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ටද ප්‍රත්‍යය වන චිත්තජ රූප ප්‍රතිසන්ධි කර්‍මජ රූප බාහිර රූප ආහාරජ රූප සෘතුජ රූප අසංඥ සත්ව කර්‍මජ රූප ප්‍රවෘත්ති කර්‍මජ රූප

යන මොවුන්ගේ මහා භූත රූපයෝය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන රූප ධර්මයෝ නම්-

භූතරූප සහිත වූ උපාදාය රූපයෝයි.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස අතුරෙන් නිශ්‍රය ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

මෙහි අනුවාද වශයෙන්

  1. විපාකාබ්‍යාකතො කිරියාබ්‍යාකතො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං චිත්ත සමුට්ඨානානංච රූපානං නිස්සය පච්චයෙන පච්චයො. (විපාක සිත් සතිසය (36), ක්‍රියා සිත් විස්සය (20), චෛතසික අටතිසය (38) යන අවයව නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි නාමස්කන්‍ධ තුනට හා චිත්තජ රූපයන්ටද නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  2. තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස චිත්තසමුට්ඨානානංච රූපානං නිස්සය පච්චයෙන පච්චයො. (විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් අතුරෙන් නාමස්කන්‍ධ තුනක් ඉතිරි එක් නාමස්කන්‍ධයට හා චිත්තජ රූපයන්ට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  3. ද්වෙ ඛන්‍ධා ද්වින්නං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානංච රූපානං නිස්සය පච්චයෙන පච්චයො. (විපාක ක්‍රියා නාමස්කන්‍ධ දෙකක් ඉතිරි නාමස්කන්‍ධ දෙකට හා චිත්තජ රූපයන්ටද නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  4. පටිසන්‍දික්ඛණෙ විපාකාබ්‍යාකතො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං කටත්තාච රූපානං නිස්සය පච්චයෙන පච්චයො.

(ප්‍රතිසන්ධික්‍ෂණයෙහි ප්‍රතිසන්ධි සිත් එකුන් විස්සය චෛතසික පන්තිසය යන නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි නාමස්කන්‍ධ තුනට හා සහජාත කර්මජ රූපයන්ටද නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

  1. තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස කටත්තා ච රූපානං නිස්සය පච්චයෙන පච්චයො.

(ප්‍රතිසන්ධික්‍ෂණයෙහි ප්‍රතිසන්ධි නාමස්කන්‍ධයන් අතුරෙන් නාමස්කන්‍ධ තුනක් ඉතිරි එක් නාමස්කන්‍ධයට සහ සහජාත කර්මජ රූපයන්ටද නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

  1. වෙ ඛන්‍ධා චින්නං ඛන්‍ධානං කටත්තාව රූපානං නිස්සය පච්චයෙන පච්චයො.

(ප්‍රතිසන්ධික්‍ෂණයෙහි ප්‍රතිසන්ධිනාමස්කන්‍ධයන් අතුරෙන් නාමස්කන්‍ධ දෙකක් ඉතිරි නාමස්කන්‍ධ දෙකට හා සහජාත කර්මජ රූපයන්ටද නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

  1. ඛන්‍ධා වත්‍ථුස්ස නිස්සය පච්චයෙන පච්චයො.

(ප්‍රතිසන්ධික්‍ෂණයේදී හදය වස්තු රූපය ප්‍රතිසන්ධි නාමස්කන්‍ධයන්ට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)

කර්මජ රූපයන්ට සහජාත නිශ්‍රය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වන්නේ ප්‍රතිසන්ධි නාමස්කන්‍ධයෝ පමණය. ප්‍රවෘත්ති නාමස්කන්‍ධයන්ගේ එසේ කර්මජ රූපයන්ට ප්‍රත්‍යය වීමට ශක්තියක් නැත. නිරෝධසමාපත්තියට සමවැද සිටිනා කාලයේදී සහ අසංඥසත්ත්‍ව භූමියෙහි ඉපිද එහි සිටිනාතාක් කල් නාමස්කන්‍ධයෝ නැතත් කර්මජ රූපයෝ සන්තති වශයෙන් නොබිඳී පවතී.

  1. එකං මහාභූතං තිණ්ණන්නං මහා භූතානං නිස්සය පච්චයෙන පච්චයො.

(එක් මහාභූත රූපයක් සහජාතව උපදනා ඉතිරි මහා භූත තුනට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.

  1. තයො මහාභූතා එකස්ස මහාභූතස්ස නිස්සය පච්චයෙන පච්චයො. (මහා භූත රූප තුනක් ඉතිරි එක් මහා භූත රූපයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  2. චෙ මහා භූතා චිත්තං මහාභූතානං නිස්සය පච්චයෙන පච්චයො. (මහාභූත රූපයන් දෙදෙනෙක් ඉතිරි මහා භූතරූප දෙදෙනාට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්)
  3. මහාභූතා චිත්ත සමුට්ඨානානංච රූපානං කටත්තාච රූපානං උපාදාය රූපානං නිස්සය පච්චයෙන පච්චයො. (චිත්තජ මහා භූත රූපයෝ එම මහා භූත රූපයන්ට හා උපාදාය රූපයන්ටද, ප්‍රතිසන්‍ධි කර්‍මජ මහා භූත රූපයෝ එම මහා භූත රූපයන්ට හා උපාදාය රූපයන්ටද නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  4. බාහිරං එකං මහාභූතං තිණ්ණන්නං මහා භූතානං නිස්සය පච්චයෙන පච්චයො. (බාහිර රූපයන් අතුරෙන් එක් මහා භූත රූපයක් ඉතිරි මහා භූත රූප තුනට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  5. තයො මහා භූතා එකස්ස මහා භූතස්ස නිස්සය පච්චයෙන පච්චයො. (බාහිරවූ මහා භූතරූප තුනක් ඉතිරි එක් මහා භූත රූපයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  6. චෙ මහා භූතා චිත්තං මහාභූතානං නිස්සය පච්චයෙන පච්චයො.

(බාහිරවූ මහා භූත රූප දෙකක් ඉතිරි මහා භූත රූප දෙකට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

  1. ආහාර සමුට්ඨානං එකං මහා භූතං තිණ්ණන්නං මහා භූතානං නිස්සය පච්චයෙන පච්චයො. (ආහාර සමුට්ඨාන එක් මහා භූත රූපයක් ඉතිරි මහා භූත රූප තුනට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  2. තයො මහා භූතා එකස්ස මහා භූතස්ස නිස්සය පච්චයෙන පච්චයො. (ආහාර සමුට්ඨාන මහා භූත රූප තුනක් ඉතිරි එක් මහා භූත රූපයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)
  3. ද්වෙ මහාභූතා ද්වින්නං මහාභූතානං නිස්සය පච්චයෙන පච්චයො. (ආහාර සමුට්ඨාන මහා භූත රූප දෙකක් ඉතිරි මහා භූත රූප දෙකට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  4. උතුසමුට්ඨානං එකං මහාභූතං තිණ්ණන්නං මහාභූත රූපානං නිස්සය පච්චයෙන පච්චයො. (සෘතු සමුට්ඨාන එක් මහා භූත රූපයක් ඉතිරි මහා භූත රූප තුනට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)
  5. තයො මහාභූතා එකස්ස මහාභූතස්ස නිස්සය පච්චයෙන පච්චයො. (සෘතු සමුට්ඨාන මහා භූත රූප තුනක් ඉතිරි එක් මහා භූත රූපයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  6. ද්වෙ මහාභූතා ද්වින්නං මහාභූතානං නිස්සය පච්චයෙන පච්චයො. (සෘතුසමුට්ඨාන මහාභූත රූපයෝ දෙදෙනෙක් ඉතිරි මහාභූත රූප දෙකට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  7. අසඤ්ඤසත්තානං එකං මහාභූතං තිණ්ණන්නං මහාභූතානං නිස්සය පච්චයෙන පච්චයො. (අසංඥසත්ත්ව එක් මහා භූත රූපයක් ඉතිරි මහා භූත රූප තුනට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  8. තයො මහාභූතා එකස්ස මහාභූතස්ස නිස්සය පච්චයෙන පච්චයො. (අසංඥසත්ත්ව මහාභූත රූප තුනක් ඉතිරි එක් මහා භූත රූපයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  9. ද්වෙ මහාභූතා ද්වින්නං මහාභූතානං නිස්සය පච්චයෙන පච්චයො. (අසංඥසත්ත්ව මහාභූත රූප දෙකක් ඉතිරි මහාභූත රූප දෙකට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  10. මහාභූතා කටත්තාව රූපානං උපාදාය රූපානං නිස්සය පච්චයෙන පච්චයො. (ප්‍රවෘත්ති කර්‍මජ අසඥසත්ත්ව මහා භූත රූපයෝ කර්‍මජ රූපවලටද උපාදාය රූපවලටද නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  11. චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණස්ස නිස්සය පච්චයෙන පච්චයො. (මධ්‍යමායුෂ්ක චක්‍ෂුර් වස්තුව චක්ඛුවිඥාන සිත් දෙකට වත්‍ථු පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  12. සොතායතනං සොත විඤ්ඤාණස්ස නිස්සය පච්චයෙන පච්චයො. (මධ්‍යමායුෂ්ක ශ්‍රොත වස්තුව ශ්‍රොත විඥාන සිත් දෙකට වත්‍ථු පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  13. ඝාණායතනං ඝාණවිඤ්ඤාණස්ස නිස්සය පච්චයෙන පච්චයො.

(මධ්‍යමායුෂ්ක ඝ්‍රාණ වස්තුව ඝ්‍රාණවිඥාන සිත් දෙකට වත්‍ථු පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)

29. ඡිව්හායතනං ඡිව්හා විඤ්ඤාණස්ස නිස්සය පච්ච යෙන පච්චයෙ.

(මධ්‍යමායුෂ්ක ඡිව්හා වස්තුව ඡිව්හා විඥාන සිත් දෙකට වත්‍ථු පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)

30. කායායතනං කාය විඤ්ඤාණස්ස නිස්සය පච්ච යෙන පච්චයො.

(මධ්‍යමායුෂ්ක කාය වස්තු කාය විඥාන සිත් දෙකට වත්‍ථු පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)

31. වත්‍ථු විපාකබ්‍යාකතානං කිරියාබ්‍යාකතානං ඛන්‍ධානං නිස්සය පච්චයෙන පච්චයො.

(පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ප්‍රතිසන්‍ධි ආදී පූර්ව පූර්ව චිත්තයන් හා උපදනා හදය වස්තු රූපය, අරූප විපාක, විපඤ්චවිඥාන යන තුදුස් විපාක චිත්තයන් හැර ඉතිරි වූ ප්‍රථම භවඞ්ගාදී පශ්චිම වූ විපාක සිත් දෙවිස්සය, ක්‍රියා සිත් විස්සය යන මේ විපාක ක්‍රියා නාමස්කන්‍ධයන්ට වත්‍ථු පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මරණාසන්න කාලයේදී වනාහි චුති චිත්තයෙන් සතළොස්වන චිත්තය හා උපදනා හදය වස්තුරූපය, එයට අනතුරුව උපදනා භවාඞ්ග සිත් පසළොසය, ආවර්‍ජනාද්වයය සම්පටිච්ඡනද්වයය, සන්තීරණත්‍රයය, ව්‍යවස්ථාපනය, රහතන් වහන්සේගේ කාම ක්‍රියා ජවන් පසය, තදාරම්මණය චුතිය යන මේ විපාක ක්‍රියා නාමස්කන්‍ධයන්ට වත්‍ථු පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.

මරණාසන්න කාලයේදී චුති චිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපදනා හදය වස්තු රූපය අරමුණු කරන කලෙක් වේ නම්, එයට අනතුරුව උපදනා නාමස්කන්‍ධයන්ට එම හදය වස්තු රූපය වත්‍ථු ආරම්මණ පුරෙජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.

මෙසේ අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට සහජාත නිශ්‍රය වත්‍ථු පුරේජාත නිශ්‍රය වස්තුආරම්මණ පුරේජාත නිශ්‍රය යන නිශ්‍රය ප්‍රත්‍යය ශක්ති තුනෙන් උපකාර වන බව දතයුතු.

8. වීථිය

අබ්‍යාකතො ධම්මො කුසලස්ස ධම්මස්ස නිස්සය පච්චයෙන පච්චයො.

(අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහි කුසල ධර්මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මයෝ නම් -

පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ පශ්චිම පශ්චිම කුසල් සිත් එක් විස්සට ප්‍රත්‍යය වන ව්‍යවස්ථාපන මනොද්වාරාවජ්ජනාදී පූර්වපූර්ව චිත්තයන් හා උපදනා හදය වස්තු රූපය.

මරණාසන්න කුසල් ජවන පසට ප්‍රත්‍යය වන චුති චිත්තයෙන් සතළොස්වන චිත්තය හා උපදනා හදය වස්තුරූපය යන අව්‍යාකෘත ධර්මයෝයි.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්මයෝ නම් පශ්චිම පශ්චිම කුසල් සිත් එක් විස්සය.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන නිස්සය, ආරම්මණ, පුරෙජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් නිශ්‍රය ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

මෙහි අනුවාද වශයෙන් -

වත්‍ථු කුසලානං ඛන්‍ධානං නිස්සය පච්චයෙන පච්චයො.

(ව්‍යවස්ථාපන, මනොද්වාරාවජ්ජනාදී පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හදය වස්තු රූපය, පශ්චිම පශ්චිම කුසල් සිත් එක් විස්සට වත්‍ථු. පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මරණාසන්න කාලයේදී චුති චිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපදනා හදය වස්තු රූපය මරණාසන්න කුසල් ජවන් පසටද වත්‍ථු පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.

මෙය අව්‍යාකෘත ධර්‍මය කුසල ධර්‍මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම යයි කියනු ලැබේ.

9. වීථිය

අබ්‍යාකතො ධම්මො අකුසලස්ස ධම්මස්ස නිස්සය පච්චයෙන පච්චයො.

(අව්‍යාකෘත ධර්‍මය අකුසල ධර්‍මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහි අකුසල ධර්‍මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අව්‍යාකෘත ධර්‍මයෝ නම්-

පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ පශ්චිම පශ්චිම දොළොස් අකුසල චිත්තයන්ට ප්‍රත්‍යය වන ව්‍යවස්ථාපන මනොද්වාරාවජ්ජනාදී වූ පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හදය වස්තුවය,

මරණාසන්න අකුසල ජවන් පසට ප්‍රත්‍යයවන චුති චිත්තයෙන් සතළොස්වන චිත්තය හා උපදනා හදය වස්තු රූපය යන ප්‍රත්‍යය ධර්‍මයෝ යි.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්‍මයෝ නම් පශ්චිම පශ්චිම අකුසල් ජවන් සිත් දොළොසය.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන නිස්සය, ආරම්මණ, ආරම්මණාධිපති, ආරම්මණූපනිස්සය, පුරෙ ජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් නිශ්‍රය ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

මෙහි අනුවාදය වශයෙන්-

වත්‍ථු අකුසලානං ඛන්‍ධානං නිස්සය පච්චයෙන පච්චයො.

(ව්‍යවස්ථාපන, මනොද්වාරාවජ්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හදය වස්තු රූපය පශ්චිම පශ්චිම අකුසල් සිත් දොළොසට වත්‍ථු පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මරණාසන්න කාලයේදී චුති චිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපදනා හදය වස්තු රූපය මරණාසන්න අකුසල ජවන් පසටද වත්‍ථු පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.

මෙය අව්‍යාකෘත ධර්‍මය අකුසල ධර්‍මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම යයි කියනු ලැබේ.

10. විථිය. කුසලොච අබ්‍යාකතොච ධම්මා කුසලස්ස ධම්මස්ස

නිස්සය පච්චයෙන පච්චයො.

(කුසලාව්‍යාකෘත ධර්‍මයෝ කුසල ධර්‍මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

මෙහි කුසල ධර්‍මයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසලාව්‍යාකෘත ධර්‍මයෝ නම්-

ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිසය, යන අවයව නාමස්කන්‍ධයෝ ය.

ව්‍යවස්ථාපන, මනොද්වාරාවජ්ජනාදී පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හදය වස්තුවය යන ධර්‍මයෝ යි.

ප්‍රත්‍යයොත්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්‍මයෝ නම්කුසල් සිත් එක්විස්සය,

චෛතසික අටතිසය,

යන අවයව නාමස්කන්‍ධයෝ ය.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුනෙන් නිශ්‍රය ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

මෙහි අනුවාද වශයෙන්-

  1. කුසලො එකො ඛන්‍ධොච වත්‍ථුච තිණ්ණන්නං ඛන්‍ධානං නිස්සය පච්චයෙන පච්චයො. (කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් හා ව්‍යවස්ථාපන, මනොද්වාරාවජ්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හදය වස්තු රූපයද, ඉතිරි කුසල නාමස්කන්‍ධ තුනට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  2. තයො ඛන්‍ධාච වත්‍ථුච එකස්ස ඛන්‍ධස්ස නිස්සය පච්චයෙන පච්චයො. (කුසලස්කන්‍ධයන් තුන්දෙනෙක් හා ව්‍යවස්ථාපන, මනොද්වාරාවජ්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හදය වස්තු රූපයද, ඉතිරි එක් කුසල නාමස්කන්‍ධයට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  3. ද්වෙ ඛන්‍ධාච වත්‍ථුච ද්වින්නං ඛන්‍ධානං නිස්සය පච්චයෙන පච්චයො. (කුසලස්කන්‍ධයන් දෙදෙනෙක් හා ව්‍යවස්ථාපන, මනොද්වාරාවජ්ජනාදි පූර්‍ව පූර්‍ව චිත්තයන් හා උපදනා හදය වස්තු රූපයද, ඉතිරි කුසල නාමස්කන්‍ධ දෙකට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
11. වීථිය