8. නිස්සය ප්‍රත්‍යය
සෑම ධර්මයක්ම උපදනා කල්හි අන්‍ය ධර්මයක් නිශ්‍රය කොට ගෙනම උපදියි. එසේ යම් ධර්මයක් පිහිටීමට ස්ථාන වශයෙන් උපකාර වන ධර්මයට නිශ්‍රය ප්‍රත්‍යය යයි කියනු ලැබේ. සහජාතව හෙවත් තමා හා එක්ව උපදනා ධර්මයකට පිහිටීමට උපකාර වන ධර්මයට සහජාත නිශ්‍රය ප්‍රත්‍යය යයි ද, පූර්වයෙහි ඉපිද තමාට පසුව හටගන්නා ධර්මයට පිහිටීමට ස්ථාන වශයෙන් උපකාර වන ධර්මයට පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය යයි ද කියති. එබැවින් නිශ්‍රය ප්‍රත්‍යය, සහජාත නිශ්‍රය ප්‍රත්‍යය, පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය යයි දෙවැදෑරුම් වේ. එක්ව උපදනා චිත්ත චෛතසික ධර්මයෝ ඔවුනොවුන්ට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙති. එසේම එක්ව උපදනා මහාභූතයෝද ඔවුනොවුන්ට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙති. මහාභූතයෝ උපාදාය රූපයන්ටද නිශ්‍රය ප්‍රත්‍යය වෙති. නමුත් උපාදාය රූපයෝ ඔවුනොවුන්ට නිශ්‍රය ප්‍රත්‍යය නොවෙති. සිත චිත්තජ රූපයන්ට නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන නමුත් චිත්තජ රූපයෝ චිත්තයට නිශ්‍රය ප්‍රත්‍යය නොවෙති. ප්රතිසන්ධි නාමස්කන්ධයෝද ප්රතිසන්ධි කර්මජ රූපයන්ට නිශ්‍රය ප්‍රත්‍යය වෙති. ප්රතිසන්ධික්ෂණයේදී කර්මජ රූපයක් වූ හදය වස්තු රූපය නාමස්කන්‍ධයන්ට ද; නාමස්කන්‍ධයෝ හදය වස්තු රූපයට ද නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙති. හදය වස්තුවෙන් අන්‍ය වූ ප්රතිසන්ධි කර්මජ රූපයෝ ප්රතිසන්ධි නාමස්කන්‍ධයන්ට නිශ්‍රය නොවෙති. මෙය සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන ආකාරයයි.
පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය, වස්තුපුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය, වස්ත්වාරම්මණ පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය යයි දෙවැදෑරුම් වේ. පූර්වයෙහි ඉපිද පසුව උපදනා නාමස්කන්‍ධයන්ට නිශ්‍රය වන චක්ඛු වස්තුවය, ශ්රෝතවස්තුවය, ඝාණ වස්තුවය, ජිව්හා වස්තුවය, කාය වස්තුවය, හදය වස්තුවය යන වස්තු සය වස්තු පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය වන ධර්මයෝය. පූර්වයෙහි ම උපන්නා වූ මේ ෂඩ්වස්තූන් නිශ්‍රය කොට ගෙන චක්ඛුවිඤ්ඤාණාදී වූ නාමස්කන්‍ධයෝ ඇතිවෙත්. වස්ත්වාරම්මණ පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය වන ධර්මය නම්, මරණාසන්න කාලයෙහි චුති චිත්තයෙන් සතළොස්වන චිත්තය හා උපදනා හදය වස්තු රූපය ය. මරණාසන්න චිත්ත වීථියෙහි උපදනා වූ මනොද්වාරාවජ්ජනය කාම ජවන යෝය, තදාරම්මණයෝය යනාදී වූ නාමස්කන්‍ධයෝ කිසි විටෙක චුති චිත්තයෙන් සතළොස්වන චිත්තය හා උපදනා හදය වස්තු රූපය අරමුණු කොටද, නිශ්‍රය කොට ගෙනද උපදිති. එසේ උපදනා කල්හි එම හදය වස්තු රූපය, අරමුණු කොටද, නිශ්‍රය කොට ගෙනද උපදිති. එසේ උපදනා කල්හි එම හදය වස්තු රූපය එකී නාමස්කන්‍ධයන්ට වස්ත්වාරම්මණ පුරෙජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන්නේ යයි කියතු ලැබේ.
එක් භවයකට අයත් කර්මජරූප සන්තතිය චුති චිත්තයාගේ භඞ්ගක්ෂණයේදී අවසන් විය යුතු බැවින්, අවසාන කර්මජ රූපයෝ උපදින්නේ. චුති චිත්තයෙන් සතළොස් වන චිත්තක්ෂණයාගේ උත්පාදක්ෂණයේදී ය. එබැවින් මරණාසන්න චිත්ත වීථියෙහි උපදනා මනොද්වාරාවජ්ජනය, කාම ජවනාදී චිත්තයෝ උපදිනු ලබන්නේ අන්තිමට උපදනා හදය වස්තු රූපය නිශ්‍රය කොට ගෙනයි. යම්කිසි විටෙක මරණාසන්න කාලයේදී තමාගේ හදය වස්තු අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කරන කල්හි හෝ එයට ඇලුම් කරන කල්හි හෝ, එය ආත්ම වශයෙන් ගන්නා කල්හි හෝ මරණාසන්න චිත්ත වීථියෙහි උපදනා මනොද්වාරාවජ්ජනාදී වූ චිත්තයන්ට අරමුණු වන්නේ චුති චිත්තයෙන් සතොළොස්වන චිත්තය හා උපදනා හදය වස්තු රූපයයි. එසේ වූ කල්හි ඒ චිත්තයන්ට එකී හදය වස්තු රූපය වස්තුවද වෙයි, අරමුණද වෙයි. ඒ හෘදය වස්තු රූපය, එයට පසුව උපදනා මනොද්වාරාවජ්ජනාදි වූ වීථි චිත්තයන්ට වස්ත්වාරම්මණ පුරෙජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන බව දතයුතු.
චක්ඛුවිඥාන ධාතු, සොතවිඥාන ධාතු, ඝාණවිඥාන ධාතු, ජිව්හා විඥාන ධාතු, කායවිඥාන ධාතු යන පඤ්ච විඥාන ධාතුන්ට වස්තු පුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන්නේ මධ්‍යමායුෂ්ක වූ චක්ඛු වස්තු, සොත වස්තු, ඝාණ වස්තු, ජිව්හා වස්තු, කාය වස්තු යන පඤ්චවිධ වූ වස්තූහුය. මධ්‍යමායුෂ්ක වස්තු රූපයෝ නම් ප්‍රථම අතීත භවාඞ්ග චිත්තය හා උපදනා වස්තු රූපයෝය. ඒ රූපයන්ගේ නිරුද්ධවීම සතළොස් චිත්තක්ෂණයකට ආයු ඇති චිත්ත වීථියගේ අන්තිම චිත්තයාගේ නිරොධය හා සමඟය. මන්දායුෂ්ක රූපයෝ නම් ප්‍රථම අතීත භවාඞ්ගයට පූර්වයෙහි ඉපිද, චිත්ත වීථිය අවසන් වන්නට පෙර නිරුද්ධ වන රූපයෝයි. අමන්දායුෂ්ක රූපයෝ නම් ප්‍රථම අතීත භවාඞ්ග යට පසුව ඉපිද චිත්ත වීථිය අවසන් වූවායින් පසුත් පැවත නිරුද්ධවන රූපයෝයි. මනො ධාතු, මනොවිඥාන ධාතු යන ධාතූහු හදය වස්තු රූපයම නිශ්‍රය කොට ගෙන පවත්නා හෙයින් එයට ප්රතිසන්ධි චිත්තය ආදී වූ පූර්ව පූර්ව චිත්තයන් හා උපදනා හදය වස්තු රූපය වස්තු පුරෙජාත ප්‍රත්‍යය භාවයෙන් උපකාර වේ. නිරොධ සමාපත්තියෙන් නැගී සිටින අවස්ථාවෙහි ඵල චිත්තයට වස්තු පුරෙජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන්නේ එයට එක් චිත්තක්ෂ ණයකට පූර්වයෙහි උපදනා හදය වස්තු රූපයයි.