අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය පිළිබඳ ත්‍රිරාශිය
අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන ප්‍රත්‍යය ධර්මයෝ නම්:
ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන
එකුන් අනූ (89) චිත්තයෝ ය
දෙපනස් (52) චෛතසිකයෝ ය,
යන සියලු ප්රවෘත්ති ප්රතිසන්ධි නාමස්කන්‍ධයෝ ය,
ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන
චිත්තජ
ප්රතිසන්ධි කර්මජ
බාහිර
ආහාරජ
සෘතුජ
අසංඥ සත්ව කර්මජ
යන රූපයන්ට අයත් සකල මහා භූතයෝ ය, පඤ්චවොකාර ප්රතිසන්ධි නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන හදය වස්තු රූපය
හදය වස්තු රූපයට ප්‍රත්‍යය වන පඤ්චවොකාර ප්රතිසන්ධි නාමස්කන්‍ධයෝ ය යන මොව්හුය.
අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයාගේ ප්රත්යොත්පන්න ධර්මයෝ නම්-
ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන එකුන් අනූ චිත්තය දෙපනස් (52) චෛතසිකයෝ ය.
යන ප්රවෘත්ති ප්රතිසන්ධි නාමයෝ ය,
ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ ප්රතිසන්ධි කර්මජ බාහිර ආහාරජ සෘතුජ අසංඥ සත්ව කර්මජ ප්රවෘත්ති කර්මජ
යන රූපයන්ට අයත්වූ සකල මහා භූතයෝයි.
හදය වස්තුවෙන් ප්‍රත්‍යය ලබන පඤ්චවොකාර ප්රතිසන්ධි නාමස්කන්ධයෝය.
පඤ්චවොකාර ප්රතිසන්ධි නාමස්කන්ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන හෘදය වස්තුවය
යන ප්රත්යොත්පන්න ධර්මයෝය.
අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයාගේ ප්රත්යොත්පන්න භාවයට නොපැමිණෙන ප්‍රත්‍යනීක ධර්මයෝ නම්:
නාමස්කන්ධ සතරෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ රූපයෝය,
හදය වස්තු රූපයෙන් අන්‍ය වූ ප්රතිසන්ධි කර්මජ රූපයෝය, මහා භූතයන්ගෙන් ප්‍රත්‍ය ලබන
චිත්තජ,
ප්රතිසන්ධි කර්මජ
බාහිර
ආහාරජ
සෘතුජ
අසංඥසත්ත්ව කර්මජ
ප්රවෘත්ති කර්මජ රූපයන්ට අයත් වූ සකල උපාදාය රූපයෝය යන මොවුහුය.
අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය පිළිබඳ විසර්ජනාචාර හෙවත් වීථි තුනෙකි.
1. වීථිය
කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො.
(කුසල ධර්මය කුසල ධර්මයට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි කුසල ධර්මයට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්මයෝ නම්;
ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන කුසල් සිත් එක් විස්සය චෛතසික අටතිසය
යන අවයව නාමස්කන්ධයෝය.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්මයෝ නම් කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිසය
යන අවයව නාමස්කන්ධයෝය.
මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, නිස්සය, අඤ්ඤමඤ්ඤ, සම්පයුත්ත, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් අඤ්ඤමඤ්ඤ ශක්තිය ලැබේ.
මෙහි අනුවාද වශයෙන්,
- කුසලො එකොබන්ධො තිණ්ණත්තං ඛන්ධානං අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො. (එක්විසි කුසල චිත්තයන් පිළිබඳවූ නාමස්කන්ධයන් අතුරෙන් එක් නාමස්කන්ධයක් ඉතිරි නාමස්කන්ධ තුනට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- තයො ඛන්ධා එකස්ස ඛන්‍ධස්ස අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො. (එක්විසි කුසල චිත්තයන් පිළිබඳවූ නාමස්කන්ධයන් අතුරෙන් නාමස්කන්ධ තුනක් ඉතිරි එක් නාමස්කන්ධයට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ද්වෙ ඛන්ධා ද්වින්නං ඛන්ධානං අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො. (එක්විසි කුසල චිත්තයන් පිළිබඳ වූ නාමස්කන්ධයන් අතුරෙන් නාමස්කන්ධ දෙකක් ඉතිරි නාමස්කන්ධ දෙකට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි විස්තර සහජාත ප්‍රත්‍යයෙහි මෙනි.
2. වීථිය— අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො.
(අකුසල ධර්මය අකුසල ධර්මයට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අකුසල ධර්මයට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසල ධර්මයෝ නම්:
අකුසල් සිත් දොළොසය
චෛතසික සත්විස්සය
යන අවයව නාමස්කන්‍ධයෝ ය.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්මයෝ නම්:
අකුසල් සිත් දොළොසය
චෛතසික සත්විස්සය
යන අවයව නාමස්කන්‍ධයෝ ය.
මෙහි අනුවාද වශයෙන්,
- අකුසලො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො. (දොළොස් අකුසල චිත්තයන් පිළිබඳ වූ සතර නාමස්කන්ධයන් අතුරෙන් එක් නාමස්කන්ධයක් ඉතිරි නාමස්කන්ධ තුනට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- තයො ඛන්ධා එකස්ස ඛන්‍ධස්ස අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො. (දොළොස් අකුසල චිත්තයන් පිළිබඳ වූ සතර නාමස්කන්ධයන් අතුරෙන් නාමස්කන්ධ තුනක් ඉතිරි එක් නාමස්කන්ධයට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ද්වෙ ඛන්ධා ද්වින්නං ඛන්ධානං අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො. (දොළොස් අකුසල චිත්තයන් පිළිබඳ වූ සතර නාමස්කන්ධයන් අතුරෙන් නාමස්කන්ධ දෙකක් ඉතිරි නාමස්කන්ධ දෙකට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
මෙහි විස්තරය ද සහජාත ප්‍රත්‍යයෙහි මෙනි.
2. දුතිය— අබ්යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො.
(අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
අව්‍යාකෘත ධර්මයට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මයෝ නම්:
ප්රවෘත්ති කාලයෙහි,
ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන විපාක සිත් සතිසය
ක්‍රියා සිත් විස්සය
චෛතසික අටතිසය
යන අවයව නාමස්කන්‍ධයෝ ය.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:
විපාක සිත් සතිසය
ක්‍රියා සිත් විස්සය
චෛතසික අටතිසය
යන අවයව නාමස්කන්‍ධයෝ ය.
මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤ- මඤ්ඤ, නිස්සය, විපාක, සම්පයුත්ත, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත අතුරෙන් අඤ්ඤමඤ්ඤ ශක්තිය ලැබේ.
ප්රතිසන්ධි කාලයෙහි ලැබෙන ප්‍රත්‍යය ධර්මයෝ නම්:
අන්‍යොන්‍ය වශයෙන් නාමස්කන්‍ධයන්ට හා හෘදයවස්තු රූපයට ප්‍රත්‍යය වන ප්රතිසන්ධි සිත් පසළොස ය.
චෛතසික පන්තිසය
යන අවයව වූ ද, අවයව හා සමූහ වූ ද නාමස්කන්ධයන් හා හෘදයවස්තු රූපය
යන ප්‍රත්‍යය ධර්මයෝ යි.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන ධර්මයෝ නම්:
ප්රතිසන්ධි සිත් පසළොස ය
චෛතසික පන්තිසය
යන අවයව වූ ද, අවයව හා සමූහ වූ ද, නාමස්කන්ධයන් හා හෘදයවස්තු රූපය.
යන ප්රත්යොත්පන්න ධර්මයෝ ලැබෙත්.
මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, සම්පයුත්ත, විප්පයුත්ත, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් අඤ්ඤමඤ්ඤ ශක්තිය ලැබේ.
ශුද්ධ රූප වාරයෙහි ප්‍රත්‍යය ධර්ම වශයෙන් ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන
චිත්තජ
ප්රතිසන්ධි කර්මජ
බාහිර
ආහාරජ
සෘතුජ
අසංඥසත්ත්ව කර්මජ
ප්රවෘත්ති කර්මජ මහා භූතයෝ ලැබෙත්.
ප්රත්යොත්පන්න ධර්ම වශයෙන්—
මහා භූත වූ ප්රත්යොත්පන්නයෝ ලැබෙත්.
මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස අතුරෙන් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය ශක්තිය ලැබේ.
මෙහි අනුවාද වශයෙන්,
- විපාකාබ්‍යාකතා කිරියාබ්යාකතා එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො. (විපාක සිත් සතිසය (36), ක්‍රියා සිත් විස්සය (20), චෛතසික අටතිසය (38) යන අව්‍යාකෘත නාමස්කන්ධයන් අතුරෙන් එක් නාමස්කන්ධයක් ඉතිරි නාමස්කන්ධ තුනට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- තයො ඛන්ධා එකස්ස ඛන්‍ධස්ස අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො. (විපාක ක්‍රියා නාමස්කන්ධයන් අතුරෙන් නාමස්කන්ධ තුනක් ඉතිරි එක් නාමස්කන්ධයට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ද්වෙ ඛන්ධා ද්වින්නං ඛන්ධානං අඤ්ඤමඤ්ඤ පච්ච- යෙන පච්චයො. (විපාක ක්‍රියා නාමස්කන්ධයන් අතුරෙන් නාමස්කන්ධ දෙකක් ඉතිරි නාමස්කන්ධ දෙකට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- පටිසන්ධික්ඛණෙ විපාකාබ්‍යාකතො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං වත්ථුස්සච අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො. (ප්රතිසන්ධික්ෂණයේදී ප්රතිසන්ධි සිත් පසළොසය (15), චෛතසික පන්තිසය (35) යන අව්‍යාකෘත නාමස්කන්ධයන් අතුරෙන් එක් නාමස්කන්ධයක් ඉතිරි නාමස්කන්ධ තුනට සහ හදයවස්තු රූපයටද අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- තයො ඛන්ධා එකස්ස ඛන්‍ධස්ස වත්ථුස්සච අඤ්ඤ- මඤ්ඤ පච්චයෙන පච්චයො. (ප්රතිසන්ධි චිත්තයන් පිළිබඳ වූ නාමස්කන්ධයන් අතුරෙන් නාමස්කන්ධ තුනක් ඉතිරි එක් නාමස්කන්ධයට හා හදයවස්තු රූපයටද අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ද්වෙ ඛන්ධා ද්වින්නං ඛන්ධානං වත්ථුස්සච අඤ්ඤ- මඤ්ඤ පච්චයෙන පච්චයො. (ප්රතිසන්ධි චිත්තයන් පිළිබඳ වූ නාමස්කන්ධයන් අතුරෙන් නාමස්කන්ධ දෙකක් ඉතිරි නාමස්කන්ධ දෙකට හා හදයවස්තු රූපයටද අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ඛන්ධා වත්ථුස්ස අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො. (ප්රතිසන්ධි නාමස්කන්‍ධයෝ හදයවස්තු රූපයට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- වත්ථු ඛන්ධානං අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො. (ප්රතිසන්ධික්ෂණයේදී හදයවස්තු රූපය නාමස්කන්‍ධයන්ට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- එකං මහාභූතං තිණ්ණන්නං මහාභූතානං අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො. (චිත්තජ, ප්රතිසන්ධි කර්මජ, බාහිර, ආහාරජ, ඍතුජ, අසංඥසත්ත්ව කර්මජ, ප්රවෘත්ති කර්මජ මහා භූතයන් අතුරෙන් එක් මහා භූතයෙක් ඉතිරි මහා භූත තුනට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- තයො මහාභූතා එකස්ස මහාභූතස්ස අඤ්ඤ- මඤ්ඤ පච්චයෙන පච්චයො. (චිත්තජාදී මහා භූතයන් අතුරෙන් මහා භූතයෝ තිදෙනෙක් ඉතිරි එක් මහා භූතයට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ද්වෙ මහාභූතා ද්වින්නං මහාභූතානං අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො. (චිත්තජාදි මහා භූතයන් අතුරෙන් මහා භූතයෝ දෙදෙනෙක් ඉතිරි මහා භූත දෙකට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- බාහිරං, ආහාර සමුට්ඨානං, උතුසමුට්ඨානං, අසඤ්ඤසත්තානං එකං මහාභූතං තිණ්ණන්නං මහා භූතානං අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො. (බාහිර වූද, ආහාර සමුට්ඨාන වූද, ඍතු සමුට්ඨාන වූද, අසඤ්ඤසත්ත්ව වූද මහා භූතයන් අතුරෙන් එක් මහා භූතයක් ඉතිරි මහා භූත තුනට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- බාහිරං, ආහාර සමුට්ඨානං, උතුසමුට්ඨානං, අසඤ්ඤසත්තානං තයො මහාභූතා එකස්ස මහාභූතස්ස අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො.
(බාහිර වූද, ආහාර සමුට්ඨාන වූද, ඍතු සමුට්ඨාන වූද, අසඤ්ඤසත්ත්ව වූද මහා භූතයත් අතුරෙන් මහා භූතයෝ තිදෙනෙක් ඉතිරි එක් මහා භූතයට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
14. බාහිරං, ආහාර සමුට්ඨානං, උතුසමුට්ඨානං, අසඤ්ඤසත්තානං එකෙ මහාභූතා ද්වින්නං මහා භූතානං අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො.
(බාහිර වූද, ආහාර සමුට්ඨාන වූද, ඍතු සමුට්ඨාන වූද, අසඤ්ඤසත්ත්ව වූද මහා භූතයෝ දෙදෙනෙක් ඉතිරි මහා භූත දෙදෙනාට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙසේ අව්‍යාකෘත ධර්මයෝ අව්‍යාකෘත ධර්මයට අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.