7. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය
එකාබද්ධව හෙවත් එකට බැඳී, එකක්ෂණිකව උපදනා නාමරූප ධර්මයන් ඔවුනොවුන්ගේ ඉපදීමට හා පැවැත්මට අන්‍යොන්‍ය භාවයෙන් උපකාරවීමේ ශක්තියට අඤ්ඤ මඤ්ඤ ප්‍රත්‍යය ශක්තිය යයි කියනු ලැබේ. දඬු කීපයක් නොපෙරළී නැඟී සිටුවන්නට ඔවුන්ගේ අගින් එකිනෙකට හේත්තු වී සිටීමෙන් ඔවුනොවුන්ට උපකාරවන්නාක් මෙන් නාමරූප ධර්මයෝ ද ඔවුනොවුන්ට මේ අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්. නමුත් සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන ධර්ම සියල්ල ඒ ඒ ධර්මයන්ට අන්‍යොන්‍ය වශයෙන්ද ප්‍රත්‍යය නොවෙති. නාම ධර්මයන් සමග එකක්ෂණිකව උපදනා චිත්තජ රූපයන්ට ඒ නාම ධර්මයෝ සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන්නේ වී නමුත් අන්‍යොන්‍ය ප්‍රත්‍යය ශක්තියෙන් ඔවුනොවුන්ට උපකාර නොවෙති.