අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සහජාත ප්‍රත්‍යය පිළිබඳ ත්‍රිරාශිය

සහජාත ප්‍රත්‍යයවන ධර්මයෝ නම්:

ඔවුනොවුන්ට හා චිත්තජ රූප ප්‍රතිසන්‍ධි කර්මජ රූපයන්ටද ප්‍රත්‍යයවන සියලු එකුන් අනූ චිත්තය හා චෛතසික දෙපනසය (52) යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාම ස්කන්‍ධයෝය.

ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ටද ප්‍රත්‍යයවන චිත්තජ, ප්‍රතිසන්‍ධි කර්මජ, බාහිර, ආහාරජ, ඍතුජ, අසංඥ සත්ත්‍ව කර්මජ රූපයන්ට අයත් සියලු මහා භූතයෝය.

පඤ්චවොකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යයවන හෘදයවස්තු රූපය,

හෘදයවස්තු රූපයට ප්‍රත්‍යය වන පඤ්චවොකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝය යන ප්‍රත්‍යය ධර්මයෝයි.

ප්‍රත්‍යොත්පන්න වන ධර්මයෝ නම්:

ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන සියලු එකුන් අනූ චිත්තය හා චෛතසික දෙපනසය (52) යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝය.

නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ රූප හා ප්‍රතිසන්‍ධි කර්මජ රූපයෝ යි.

ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන සකල මහා භූතයෝය. මහාභූතයන්ගෙන් ප්‍රත්‍යය ලබන උපාදාය රූපයෝය.

හෘදයවස්තු රූපයෙන් ප්‍රත්‍යය ලබන පඤ්චවොකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය.

පඤ්චවොකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තු රූපය යන ප්‍රත්‍යොත්පන්න ධර්මයෝයි.

සියලුම චිත්ත චෛතසික රූපයෝම ප්‍රත්‍යොත්පන්නයන් වන බැවින් සහජාත ප්‍රත්‍යයට ප්‍රත්‍යනික ධර්ම නැත.

සහජාත ප්‍රත්‍යය පිළිබඳ විසර්‍ජනා වාර හෙවත් වීථි නවයකි.

1. වීථිය

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස සහජාත පච්චයෙන පච්චයො.

(කුසල ධර්මය කුසල ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

කුසල ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්‍මයෝ නම්:

කුසල් සිත් එක්විස්සය (21)

චෛතසික අටතිසය (38)

යන අවයව නාමස්කන්‍ධය ප්‍රත්‍යය ධර්මයෝ යි.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්මයෝ නම්:

කුසල් සිත් එක්විස්සය (21)

චෛතසික අටතිසය (38)

යන අවයව නාමස්කන්‍ධවූ ප්‍රත්‍යොත්පන්න ධර්මයෝ යි.

මෙහිදී සහජාත, නිස්සය, අඤ්ඤමඤ්ඤ, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් සහජාත ශක්තිය ලැබේ.

මෙහි අනුවාද වශයෙන්,

1. එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං සහජාත පච්චයෙන පච්චයො.

(එක්විසි කුසල චිත්තයන් පිළිබඳ වූ සතර නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි නාමස්කන්‍ධතුනට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන ධර්මයන්හි එක් චිත්තක්‍ෂණයක පහළවන්නාවූ වෙදනා, සංඥා, සඞ්ඛාර, විඤ්ඤාණ යන සතර නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි නාමස්කන්‍ධ තුන ඉපැද්මට සහජාත ශක්තියෙන් ප්‍රත්‍යයවීම” කුසල ධර්මය කුසල ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

2. තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස සහජාත පච්චයෙන පච්චයො.

එක්විසි කුසල් සිත් පිළිබඳ වූ සතර නාමස්කන්‍ධයන් අතුරෙන් නාමස්කන්‍ධ තුනක් ඉතිරි නාමස්කන්‍ධයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

3. ද්වෙ ඛන්‍ධා ද්වින්නං ඛන්‍ධානං සහජාත පච්චයෙන පච්චයො.

(එක්විසි කුසල් සිත් පිළිබඳ වූ සතර නාමස්කන්‍ධයන් අතුරෙන් නාමස්කන්‍ධ දෙකක් ඉතිරි නාමස්කන්‍ධ දෙකට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙසේ කුසල චිත්තයන් පිළිබඳ වූ සතර නාමස්කන්‍ධ වෙන් වෙන් වශයෙන් එක් එක් නාමස්කන්‍ධයක් ඉතිරි නාමස්කන්‍ධ තුනටද, සමූහ වශයෙන් ස්කන්‍ධ තුනක් ඉතිරි එක් නාමස්කන්‍ධයටද, ස්කන්‍ධ දෙකක් ඉතිරි ස්කන්‍ධ දෙකට ද ඔවුනොවුන් ගේ ඉපදීමට සහජාත ශක්තියෙන් ප්‍රත්‍යයවීම “කුසල ධර්මය කුසල ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

2. වීථිය

කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස සහජාත පච්චයෙන පච්චයො.

(කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහි අව්‍යාකෘත ධර්මයන්ට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්‍මයෝ නම්:

පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක් විස්ස ය,

චෛතසික අටතිස ය,

යන අවයව වූද, සමූහ වූද, නාමස්කන්‍ධයෝ යි.

ප්‍රත්‍යයොත්පන්න ධර්‍ම වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:

කුසල චිත්ත සමුට්ඨාන වූ චිත්තජ රූපයෝ යි

මෙහිදී එක්වර ලැබෙන සහජාත, නිස්සය, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස අතුරෙන් සහජාත ශක්තියම ලැබේ.

මෙහි අනුවාදය වශයෙන්,

කුසලා ඛන්‍ධා චිත්ත සමුට්ඨානානං රූපානං සහජාත පච්චයෙන පච්චයො.

(කුසල් වූ, අවයව වූද, සමූහවූද නාමස්කන්‍ධයෝ සිතින් උපදවන්නා වූ රූපයන්ට හෙවත් චිත්තජ රූපයන්ට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)

කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිසය, යන නාමස්කන්‍ධයන් අතුරෙන් එක එකක් වූද, දෙක බැගින් වූද, තුන බැගින් වූද, සතරදෙනම වූ ද, නාමස්කන්‍ධයෝ චිත්තජ රූපයන්ට සහජාත ශක්තියෙන් ප්‍රත්‍යය වීම “කුසල ධර්‍මය අව්‍යාකෘත ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

  1. විධිය-

කුසලො ධම්මො කුසලස්සච අබ්‍යාකතස්සච ධම්මස්ස සහජාත පච්චයෙන පච්චයො.

(කුසල ධර්මය කුසලාව්‍යාකෘත ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහි කුසලාව්‍යාකෘත ධර්මයන්ට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්‍මයෝ නම්:

පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ

කුසල් සිත් එක් විස්ස ය,

චෛතසික අටතිසය,

යන අවයව නාමස්කන්‍ධයෝ ය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන කුසලාව්‍යාකෘත ධර්මයෝ නම්:

කුසල් සිත් එක්විස්සය

චෛතසික අටතිසය

චිත්තජ රූපයෝය

යන ප්‍රත්‍යොත්පන්න ධර්මයෝ යි.

මෙහිදී එක්වර ලැබෙන සහජාත, නිස්සය, අත්‍ථි, අවිගත යන ශක්ති සතරෙන් සහජාත ශක්තියම ලැබේ.

මෙහි අනුවාද වශයෙන්,

  1. කුසලො එකො ඛන්‍ධො තිණ්ණන්තං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං සහජාත පච්චයෙන පච්චයො. (කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිසය යන ධර්ම සමූහය අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි නාම ස්කන්‍ධ තුනට හා චිත්තජ රූපයන්ට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  2. තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස චිත්තසමුට්ඨානානඤ්ච රූපානං සහජාත පච්චයෙන පච්චයො. (කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිසය යන ධර්ම සමූහය අතුරෙන් නාමස්කන්‍ධ තුනක් ඉතිරි නාමස්කන්‍ධයට හා චිත්තජ රූපයන්ට ද සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

3. චෙ ඛන්‍ධා චිත්තං ඛන්‍ධානං චිත්ත සමුට්ඨානානඤ්ච රූපානං සහජාත පච්චයෙන පච්චයො.

(කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන ධර්ම අතුරෙන් නාමස්කන්‍ධ දෙකක් ඉතිරි නාමස්කන්‍ධ දෙකට හා චිත්තජ රූපයන්ට ද සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙසේ කුසල් සිත් එක් විස්සය, චෛතසික අටතිසය යන නාමස්කන්‍ධයන් අතුරෙන් එක එකක් වූද, දෙක බැගින් වූද, තුන බැගින් වූද සතර දෙනම වූද නාමස්කන්‍ධයෝ ඔවුනොවුන්ට හා චිත්තජ රූපයන්ට ද සහජාත ශක්තියෙන් ප්‍රත්‍යවීම “කුසල ධර්මය කුසලාව්‍යාකෘත ධර්මයන්ට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

4. විථියඅකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස සහජාත පච්චයෙන පච්චයො.

(අකුසල ධර්මය අකුසල ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)

මෙහි අකුසල ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසල ධර්‍මයෝ නම්:

අකුසල් සිත් දොළොසය

චෛතසික සත් විස්සය

යන අවයව නාමස්කන්‍ධ වූ ප්‍රත්‍යය ධර්මයෝ යි

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්මයෝ නම්:

අකුසල් සිත් දොළොසය,

චෛතසික සත් විස්සය,

යන අවයව නාමස්කන්‍ධ වූ ප්‍රත්‍යොත්පන්න ධර්‍මයෝ යි.

මෙහි අනුවාද වශයෙන්:

  1. අකුසලො එකො ඛන්‍ධො තිණ්ණත්තං ඛන්‍ධානං සහජාත පච්චයෙන පච්චයො. (දොළොස් අකුසල චිත්තයන් පිළිබඳ වූ සතර නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි නාමස්කන්‍ධ තුනට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  2. තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස සහජාත පච්චයෙන පච්චයො. (දොළොස් අකුසල චිත්තයන් පිළිබඳ වූ නාමස්කන්‍ධ තුනක් ඉතිරි එක් නාමස්කන්‍ධයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  3. ද්වෙ ඛන්‍ධා ද්වින්නං ඛන්‍ධානං සහජාත පච්චයෙන පච්චයො. (දොළොස් අකුසල චිත්තයන් පිළිබඳ වූ නාමස්කන්‍ධ දෙකක් ඉතිරි නාමස්කන්‍ධ දෙකට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.

මෙසේ දොළොස් අකුසල චිත්තයන් පිළිබඳ වූ නාමස්කන්‍ධයන් අතුරෙන් එක එකක් වූද, දෙක බැගින් වූද, තුන බැගින් වූද, නාමස්කන්‍ධයෝ ඔවුනොවුන්ට සහජාත ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අකුසල ධර්මය අකුසල ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.

5. විථිය— අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස සහජාත

පච්චයෙන පච්චයො.

(අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

අව්‍යාකෘත ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසල ධර්‍මයෝ නම් - පඤ්චවොකාර භූමියෙහි උපදින අවස්ථාවෙහි වූ

අකුසල් සිත් දොළොසය (12)

චෛතසික සත්විස්සය (27)

යන අවයව වූ ද, සමූහ වූ ද නාමස්කන්‍ධයෝයි.

ප්‍රත්‍යොත්පත්ත වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්‍මයෝ නම්-

අකුසල චිත්ත - සමුට්ඨාන (චිත්තජ) රූපයෝයි.

මෙහි අනුවාදය වශයෙන්,

අකුසලාඛන්‍ධා චිත්ත සමුට්ඨානානඤ්ච රූපානං සහජාත පච්චයෙන පච්චයො.

(අකුසල් වූ, අවයව වූ ද, සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ඒ අකුසල් සිත්වලින් උපදවනු ලබන්නා වූ චිත්තජ රූපයන්ට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

අකුසල් සිත් දොළොසය (12) චෛතසික සත්විස්සය (27) යන නාමස්කන්‍ධයන් අතුරෙන් එක එකක් වූ ද, දෙක බැගින් වූ ද, තුන බැගින් වූ ද, සතරදෙනම වූ ද නාමස්කන්‍ධයෝ චිත්තජ රූපයන්ට සහජාත ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

  1. වීථිය-

අකුසලො ධම්මො අකුසලස්සච, අබ්‍යාකතස්සච ධම්මස්ස සහජාත පච්චයෙන පච්චයො

(අකුසල ධර්මය අකුසලාව්‍යාකෘත ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහි අකුසලාව්‍යාකෘත ධර්මයන්ට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසල ධර්‍මයෝ නම්-

පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ

අකුසල් සිත් දොළොසය

චෛතසික සත්විස්සය

යන අවයව නාමස්කන්‍ධයෝය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසලාව්‍යාකෘත ධර්මයෝ නම්-

අකුසල් සිත් දොළොසය

චෛතසික සත්විස්සය

චිත්තජ රූපයෝය

යන ප්‍රත්‍යොත්පන්න ධර්මයෝයි.

මෙහි අනුවාද වශයෙන්,

  1. අකුසලො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං සහජාත පච්චයෙන පච්චයො. (අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන ධර්ම සමූහය අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි නාමස්කන්‍ධ තුනට හා චිත්තජ රූපයන්ට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  2. තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස චිත්තසමුට්ඨානානඤ්ච රූපානං සහජාත පච්චයෙන පච්චයො. (අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන ධර්ම සමූහය අතුරෙන් නාමස්කන්‍ධ තුනක් ඉතිරි එක් නාමස්කන්‍ධයට හා චිත්තජ රූපයන්ට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  3. ද්වෙ ඛන්‍ධා ද්වින්නං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං සහජාත පච්චයෙන පච්චයො.

(අකුසල් සිත් දොළොසය චෛතසික සත්විස්සය (27) යන ධර්ම සමූහය අතුරෙන් නාමස්කන්‍ධ දෙකක් ඉතිරි නාමස්කන්‍ධ දෙකට හා චිත්තජ රූපයන්ට ද සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙසේ අකුසල් සිත් දොළොසය, චෛතසික සත් විස්සය (27) යන නාමස්කන්‍ධයන් අතුරෙන් එක එකක් වූ ද, දෙක බැගින් වූ ද, තුන බැගින් වූ ද, සතර දෙනම වූ ද, නාමස්කන්‍ධයෝ ඔවුනොවුන්ට හා චිත්තජ රූපයන්ට ද සහජාත ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අකුසල ධර්මය අකුසලාව්‍යාකෘත ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.

7. වීථිය

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස සහජාත පච්චයෙන පච්චයො.

(අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

ප්‍රවෘත්ති කාලයෙහි අව්‍යාකෘත ධර්මයන්ට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අව්‍යාකෘත ධර්‍මයෝ නම්—

ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජ රූපයන්ට ද ප්‍රත්‍යය වන විපාක සිත් සතිසය (36), ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය (38) යන අවයව නාමස්කන්‍ධයෝ යි.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්‍මයෝ නම්— විපාක සිත් සතිසය (36) ක්‍රියා සිත් විස්සය චෛතසික අටතිසය (38) යන අවයව නාමස්කන්‍ධයන් හා චිත්තජ රූපයෝ ය.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, සම්පයුත්ත, විප්පයුත්ත, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට අතුරෙන් සහජාත ශක්තිය ලැබේ.

ප්‍රතිසන්‍ධි කාලයෙහි අව්‍යාකෘත ධර්මයන්ට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අව්‍යාකෘත ධර්මයෝ නම්-

ඔවුනොවුන්ට ද, ඔවුනොවුන්ට හා කටත්තා රූපයන්ට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි පසළොසය (15), චෛතසික පන්තිසය (35) යන අවයව වූ ද, අවයව හා සමූහ වූ ද, නාමස්කන්‍ධයන් හා හදයවස්තු රූපය යන ප්‍රත්‍යය ධර්මයෝ යි.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්ප්‍රතිසන්‍ධි සිත් පසළොසය (15) චෛතසික පන්තිසය (35) යන අවයව වූ ද, සමූහ වූ ද, නාමස්කන්‍ධයන් හා කටත්තා රූපයෝ ය.

මෙහිදී යටදක්වන ලද ප්‍රත්‍යය ශක්ති අටෙන් සහජාත ශක්තියම ලැබේ.

ශුද්ධ රූපයන්ගේ වශයෙන් අව්‍යාකෘත ධර්මයන්ට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මයෝ නම්ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ට ද ප්‍රත්‍යය වන චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥසත්ත්ව කර්මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්මජ රූපයෝ ය, යන මොවුන්ගේ මහා භූත රූපයෝ යි

ප්‍රත්‍යයෝත්පන්න ධර්ම වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්-

භූත රූප සහිත වූ උපාදාය රූපයෝ ය.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස අතුරෙන් සහජාත ශක්තිය ලැබේ.

මෙහි අනුවාද වශයෙන්, ප්‍රවෘත්ති කාලයෙහි

  1. විපාකාබ්‍යාකතො කිරියාබ්‍යාකතො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානංච රූපානං සහජාත පච්චයෙන පච්චයො. (විපාක සිත් සතිසය, ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්‍ධයක් ඉතිරි නාමස්කන්‍ධ තුනට හා චිත්තජ රූපයන්ට ද සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  2. තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස චිත්තසමුට්ඨානානංච රූපානං සහජාත පච්චයෙන පච්චයො. (නාමස්කන්‍ධ තුනක් ඉතිරි එක් නාමස්කන්‍ධයට හා චිත්තජ රූපයන්ට ද සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  3. ද්වෙ ඛන්‍ධා ද්වින්නං ඛන්‍ධානං චිත්ත සමුට්ඨානානංච රූපානං සහජාත පච්චයෙන පච්චයො. (නාමස්කන්‍ධ දෙකක් ඉතිරි නාමස්කන්‍ධ දෙකට හා චිත්තජ රූපයන්ට ද සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි

  1. පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං කටත්තාව රූපානං සහජාත පච්චයෙන පච්චයො.

(පඤ්චවොකාර භූමියෙහි උපදනා කල්හි හෙවත් ප්‍රතිසන්ධික්‍ෂණයෙහි ප්‍රතිසන්ධි පසළොසය, චෛතසික පත්තිසය යන නාමස්කන්ධයන් අතුරෙන් එක් නාම ස්කන්ධයක් ඉතිරි නාමස්කන්ධ තුනට හා කටත්තා රූපයන්ට ද සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

  1. තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස කටත්තාව රූපානං සහජාත පච්චයෙන පච්චයො. (නාමස්කන්ධ තුනක් ඉතිරි එක් නාමස්කන්ධයට හා කටත්තා රූපයන්ට ද සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  2. ද්වෙ ඛන්‍ධා ද්වින්නං ඛන්‍ධානං කටත්තාව රූපානං සහජාත පච්චයෙන පච්චයො. (නාමස්කන්ධ දෙකක් ඉතිරි නාමස්කන්ධ දෙකට හා කටත්තා රූපයන්ට ද සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  3. ඛන්‍ධා වත්‍ථුස්ස සහජාත පච්චයෙන පච්චයො. (නාමස්කන්ධයෝ හදය වස්තු රූපයට සහජාත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ.)
  4. වත්‍ථු ඛන්‍ධානං සහජාත පච්චයෙන පච්චයො. (හදය වස්තු රූපය පටිසන්ධික්‍ෂණයෙහි වූ නාමස්කන්ධ යන්ට සහජාත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ.)

පඤ්චවොකාර භූමියෙහි උපදනා කල්හි එකක්‍ෂණිකව උපදනා පටිසන්ධි විපාක නාමස්කන්ධයෝ හා හදය වස්තු රූපයද ඔවුනොවුන්ට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.

ශුද්ධ රූප වාරයෙහි,

  1. එකං මහාභූතං තිණ්ණන්නං මහාභූතානං සහජාත පච්චයෙන පච්චයො.

(එකක්‍ෂණිකව, කලාපගතව උපදනා රූපයන්ගේ පඨවි, ආපො, තෙජො, වායො යන සතර මහා භූතයන් අතුරෙන් එක් මහාභූත රූපයෙක් ඉතිරි මහාභූත රූප තුනට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

10. තයො මහාභූතා එකස්ස මහා භූතස්ස සහජාත පච්චයෙන පච්චයො.

(මහාභූත රූප තුනක් ඉතිරි එක් මහාභූත රූපයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

11. ද්වෙ මහාභූතා ද්වින්නං මහාභූතානං සහජාත පච්චයෙන පච්චයො.

(මහා භූත රූප දෙකක් ඉතිරි මහා භූත රූප දෙකට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)

12. මහාභූතා චිත්ත සමුට්ඨානානං රූපානං උපාදාය රූපානං සහජාත පච්චයෙන පච්චයො.

(චිත්ත සමුට්ඨාන එක් මහා භූත රූපයක් ඉතිරි මහා භූත රූප තුනටද, තුනක් එකකටද, දෙකක් දෙකකටද, මහා භූතයෝ ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ටද, ප්‍රතිසන්‍ධි කර්මජ මහා භූතයෝ ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ටද සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

13. බාහිරං එකං මහාභූතං තිණ්ණන්නං මහා භූතානං සහජාත පච්චයෙන පච්චයො.

(බාහිර රූපයන් අතුරෙන් එක් මහා භූත රූපයක් ඉතිරි මහා භූතරූප තුනට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

14. තයො මහාභූතා එකස්ස මහා භූතස්ස සහජාත පච්චයෙන පච්චයො.

(බාහිර රූපයන් අතුරෙන් මහා භූත රූපයන් තිදෙනෙක් ඉතිරි එක් මහා භූත රූපයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

  1. ද්වෙ මහාභූතා ද්වින්නං මහාභූතානං සහජාත පච්චයෙන පච්චයො. බාහිර රූපයන් අතුරෙන් මහා භූත රූප දෙකක් ඉතිරි මහාභූත රූප දෙකට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  2. මහාභූතා උපාදාය රූපානං සහජාත පච්චයෙන පච්චයො. බාහිර රූපයන් අතුරෙන් මහා භූත රූපයෝ උපාදාය රූපයන්ට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
  3. ආහාර සමුට්ඨානං එකං මහාභූතං තිණ්ණන්නං මහාභූතානං සහජාත පච්චයෙන පච්චයො. ආහාර සමුට්ඨාන වූ රූපයන් අතුරෙන් එක් මහාභූත රූපයක් ඉතිරි මහාභූත රූප තුනට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  4. තයො මහාභූතා එකස්ස මහා භූතස්ස සහජාත පච්චයෙන පච්චයො. (ආහාර සමුට්ඨාන රූපයන් අතුරෙන් මහාභූත රූපයෝ තිදෙනෙක් ඉතිරි මහාභූත රූපයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  5. ද්වෙ මහාභූතා ද්වින්නං මහා භූතානං සහජාත පච්චයෙන පච්චයො. (ආහාර සමුට්ඨාන මහා භූත රූපයෝ දෙදෙනෙක් ඉතිරි මහා භූත රූප දෙකට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  6. මහාභූතා උපාදාය රූපානං සහජාත පච්චයෙන පච්චයො. (ආහාර සමුට්ඨාන මහා භූත රූපයෝ උපාදාය රූපයන්ට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  7. උතුසමුට්ඨානං එකං මහාභූතං තිණ්ණන්නං මහාභූතානං සහජාත පච්චයෙන පච්චයො. (සෘතු සමුට්ඨාන එක් මහාභූත රූපයක් ඉතිරි මහා භූත රූප තුනට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)
  8. තයො මහාභූතා එකස්ස මහාභූතස්ස සහජාත පච්චයෙන පච්චයො. (සෘතු සමුට්ඨාන මහාභූත රූප තුනක් ඉතිරි එක් මහා භූත රූපයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)
  9. ද්වෙ මහාභූතා ද්වින්නං මහාභූතානං සහජාත පච්චයෙන පච්චයො. (සෘතු සමුට්ඨාන මහාභූත රූපයෝ දෙදෙනෙක් ඉතිරි මහා භූත රූප දෙකට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  10. මහාභූතා උපාදාය රූපානං සහජාත පච්චයෙන පච්චයො. (සෘතු සමුට්ඨාන රූපයන් අතුරෙන් මහා භූත රූපයෝ උපාදාය රූපයන්ට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  11. අසඤ්ඤසත්තානං එකං මහාභූතං තිණ්ණන්නං මහාභූතානං සහජාත පච්චයෙන පච්චයො. (අසංඥසත්ත්ව පුද්ගලයන්ගේ රූපයන් අතුරෙන් එක් මහාභූත රූපයක් ඉතිරි මහාභූත රූප තුනට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  12. තයො මහාභූතා එකස්ස මහා භූතස්ස සහජාත පච්චයෙන පච්චයො. (අසංඥසත්ත්ව රූපයන් අතුරෙන් මහාභූත රූප තුනක් ඉතිරි එක් මහා භූත රූපයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

27. ද්වෙ මහා භූතා ද්වින්නං මහා භූතානං සහජාත පච්චයෙන පච්චයො.

(අසංඥසත්ත්ව රූපයන් අතුරෙන් මහා භූත රූප දෙකක් ඉතිරි මහා භූත රූප දෙකට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)

28. මහාභූතා කටත්තා රූපානං උපාදාය රූපානං සහජාත පච්චයෙන පච්චයො.

(අසංඥසත්ත්ව කර්මජ රූප ප්‍රවෘත්ති කර්මජ රූප අතුරෙන් මහාභූත රූපයෝ කර්මජ රූපයන්ටද උපාදාය රූපයන්ට ද සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙසේ අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.

8 වීථිය— කුසලොච අබ්‍යාකතොච ධම්මා අබ්‍යාකතස්ස ධම්මස්ස සහජාත පච්චයෙන පච්චයො.

(කුසලාව්‍යාකෘත ධර්මයෝ අව්‍යාකෘත ධර්මයන්ට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

අව්‍යාකෘත ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසලාව්‍යාකෘත ධර්මයෝ නම්—

චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ

කුසල් සිත් එක්විස්ස (21) ය, චෛතසික අටතිස (38) ය යන අවයව වූ ද, සමූහ වූ ද, නාමස්කන්‍ධයෝ ය. අවයව වූ ද, සමූහ වූ ද මහා භූතයෝ ය. යන මොව්හු ය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්—

චිත්තජ රූපයෝ ය.

මෙහිදී එක්වර ලැබෙන සහජාත, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතරෙන් සහජාත ශක්තිය ලැබේ.

මෙහි අනුවාදය වශයෙන්,

කුසලා ඛන්‍ධාව, මහාභූතාව චිත්ත සමුට්ඨානානං රූපානං සහජාත පච්චයෙන පච්චයො.

(කුසල් සිත් එක්විස්ස ය, චෛතසික අටතිස ය යන නාමස්කන්‍ධයෝ ද, මහා භූතයෝ ද, චිත්තජ රූපයන්ට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

  1. විථිය—

අකුසලොව අබ්‍යාකතොව ධම්මා අබ්‍යාකතස්ස ධම්මස්ස සහජාත පච්චයෙන පච්චයො.

(අකුසල් වූ ද අව්‍යාකෘත වූ ද ධර්මයෝ අව්‍යාකෘත ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

අව්‍යාකෘත ධර්මයට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසලාව්‍යාකෘත ධර්මයෝ නම්—

අකුසල් සිත් දොළොස ය,

චෛතසික සත්විස්ස ය

යන අවයව වූ ද, සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය

අවයව වූ ද, සමූහ වූ ද මහා භූතයෝ ය

යන මොව්හු ය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්—

චිත්තජ රූපයෝ ය.

මෙහි අනුවාදය වශයෙන්,

අකුසලා ඛන්‍ධාව, මහාභූතාව, චිත්තසමුට්ඨානානං රූපානං සහජාත පච්චයෙන පච්චයො—

(අකුසල් සිත් දොළොස ය, චෛතසික සත්විස්සය යන නාමස්කන්‍ධයෝ ද, මහා භූතයෝ ද; චිත්තජ රූපයන්ට සහජාත ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)