5. සමනන්තර ප්‍රත්‍යය
මනාකොට, අන්තරයක් ඇතිවීමට අවකාශ නොදී, ප්‍රත්‍යය නිරුද්ධවීමෙන් පසු ඵලය ඇතිවීමට උපකාර වන ප්‍රත්‍යය ධර්මය සමනන්තර ප්‍රත්‍යය නම්. චිත්ත පරම්පරාව නොසිඳෙන පරිදි ක්රමානුකූලවම මනාකොට පශ්චිම පශ්චිම චිත්තයන්ගේ උත්පත්තියට උපකාර වන පූර්ව පූර්ව චිත්තය සමනන්තර ප්‍රත්‍යයයි. අනන්තර සමනන්තර ප්‍රත්‍යය දෙදෙනාගේ ප්‍රත්‍යය ප්රත්යොත්පන්න ධර්මයන්ගේ කිසිදු වෙනසක් නැත. එහෙයින් සමනන්තර ප්‍රත්‍යය පිළිබඳ ත්‍රිරාශිය අනන්තර ප්‍රත්‍යයෙහි දක්වන ලද පරිද්දෙන් දත යුතු.
අනන්තර ප්‍රත්‍යය මෙන් සමනන්තර ප්‍රත්‍යයාගේ ද විසර්ජනාචාර හෙවත් වීථි සතකි.
1. වීථිය
කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස සමනන්තර පච්චයෙන පච්චයො.
(කුසල ධර්මය කුසල ධර්මයට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අනුවාද වශයෙන්,
- පුරිමා පුරිමා කුසලා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ඛන්ධානං සමනන්තර පච්චයෙන පච්චයො. (පූර්ව පූර්ව වූ කුසලස්කන්ධයෝ පශ්චිම පශ්චිම වූ කුසල ස්කන්ධයන්ට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- අනුලොමං ගොත්රභුස්ස සමනන්තර පච්චයෙන පච්චයො. (අනුලොම සිත ගොත්රභූ චිත්තයට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- අනුලොමං වොදානස්ස සමනන්තර පච්චයෙන පච්චයො. (අනුලොම සිත වොදාන චිත්තයට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ගොත්රභූ මග්ගස්ස සමනන්තර පච්චයෙන පච්චයො. (ගොත්රභූ චිත්තය සෝවාන් මාර්ග සිතට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
- වොදානං මග්ගස්ස සමනන්තර පච්චයෙන පච්චයො. (වොදාන සිත සකෘදාගාමි, අනාගාමි, අර්හත් මාර්ග චිත්තයන්ට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
2. වීථිය
කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස සමනන්තර පච්චයෙන පච්චයො.
(කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අනුවාද වශයෙන්
- කුසලං චුට්ඨානස්ස සමනන්තර පච්චයෙන පච්චයො. (අන්තිම කුසල ජවනය, එයට අනතුරුව උපදනා තදාරම්මණයට හෝ භවාඞ්ගයට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
- මග්ගො ඵලස්ස සමනන්තර පච්චයෙන පච්චයො. (මාර්ග සිත ඵල චිත්තයට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- අනුලොමං සෙක්ඛාය ඵල සමාපත්තියා සමනන්තර පච්චයෙන පච්චයො. (අනුලොම් සිත ශෛක්ෂයන් වහන්සේගේ ඵලචිත්තයට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- නිරොධා චුට්ඨානස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසලං ඵලසමාපත්තියා සමනන්තර පච්චයෙන පච්චයො. (අෂ්ට සමාපත්තිලාභී අනාගාමි පුද්ගලතෙමේ නිරොධ සමාපත්තියෙන් නැගීමේදී, නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසල් සිත අනාගාමි ඵලසිතට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
3. වීථිය
අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස සමනන්තර පච්චයෙන පච්චයො.
(අකුසල ධර්මය අකුසල ධර්මයට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අනුවාදය වශයෙන්,
පුරිමා පුරිමා අකුසලාඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං ඛන්ධානං සමනන්තර පච්චයෙන පච්චයො.
පූර්ව පූර්ව වූ අකුසලස්කන්ධයෝ පශ්චිම පශ්චිම වූ අකුසල ස්කන්ධයන්ට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
4. වීථිය
අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස සමනන්තර පච්චයෙන පච්චයො.
(අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
අකුසලං චුට්ඨානස්ස සමනන්තර පච්චයෙන පච්චයො.
(අන්තිම අකුසල ජවනය එයට අනතුරුව උපදනා තදාරම්මණයට හෝ භවාඞ්ගයට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
5. වීථිය
අබ්යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස සමනන්තර පච්චයෙන පච්චයො.
(අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අනුවාද වශයෙන්
- පුරිමා පුරිමා විපාකාබ්‍යාකතා කිරියාබ්යාකතා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං විපාකාබ්‍යාකතානං කිරියාබ්යාකතානං ඛන්ධානං සමනන්තර පච්චයෙන පච්චයො. (පූර්ව පූර්ව වූ විපාක ක්‍රියා චිත්තයෝ පශ්චිම පශ්චිම වූ අකුසල ස්කන්ධයන්ට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- භවඞ්ගං ආවජ්ජනාය සමනන්තර පච්චයෙන පච්චයො. (භවාඞ්ගුපච්ඡේද චිත්තය ආවර්ජනා චිත්තයට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- කිරියං වුට්ඨානස්ස සමනන්තර පච්චයෙන පච්චයො. (අන්තිම ක්‍රියා ජවනය හා වොට්ඨපනය තදාරම්මණ භවාඞ්ගයන්ට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- අරහතො අනුලොමං ඵලසමාපත්තියා සමනන්තර පච්චයෙන පච්චයො. (රහතන් වහන්සේගේ අනුලොම චිත්තය අර්හත් ඵල චිත්තයට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- නිරොධා වුට්ඨහන්තස්ස නෙවසඤ්ඤා- නාසඤ්ඤායතන කිරියං ඵලසමාපත්තියා සමනන්තර පච්චයෙන පච්චයො. (රහතන් වහන්සේ නිරොධ සමාපත්තියෙන් නැගීමේදී නෙවසඤ්ඤානාසඤ්ඤායතන අන්තිම ජවනය අර්හත් ඵල චිත්තයට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- විථිය— අබ්යාකතො ධම්මො කුසලස්ස ධම්මස්ස සමනන්තර පච්චයෙන පච්චයො.
(අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට සමනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අනුවාදය වශයෙන්;
ආවජ්ජනා කුසලානං බන්ධානං සමනන්තර පච්චයෙන පච්චයො.
(මනොචාරාවජ්ජනය, එයට අනතුරුව උපදනා ප්‍රථම කුසල ජවනයට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
7. වීථිය— අබ්යාකතො ධම්මො අකුසලස්ස ධම්මස්ස සමනන්තර පච්චයෙන පච්චයො.
(අව්‍යාකෘත ධර්මය අකුසල ධර්මයට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අනුවාදය වශයෙන්,
ආවජ්ජනා අකුසලානං බන්ධානං සමනන්තර පච්චයෙන පච්චයො.
(මනොචාරාවජ්ජනය, එයට අනතුරුව උපදනා ප්‍රථම අකුසල ජවනයට සමනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මේ වීථින්හි විස්තරය අනන්තර ප්‍රත්‍යය විස්තරයට සමාන බැවින් එය බලා දතයුතු.