අබ්යාකතො ධම්මො කුසලස්ස ධම්මස්ස අධිපති
පච්චයෙන පච්චයො ආරම්මණාධිපති.
(අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට ආරම්මණාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)
මෙහි ආරම්මණාධිපති ප්‍රත්‍යය වන අව්‍යාකෘත ධර්මයෝ නම්:
ගරුකොට අරමුණු කරන මහ කුසල ඥාන සම්ප්‍රයුක්ත චිත්තයන්ට ප්‍රත්‍යය වන,
- සොවාන් ඵලසිත සකෘදාගාමි ඵලසිත අනාගාමි ඵලසිත සහ නිර්වාණය,
මාර්ග සිත් සතරට ප්‍රත්‍යය වන නිර්වාණය යන ධර්මයෝයි
ප්රත්යොත්පන්න ධර්ම වශයෙන් ලැබෙන කුසල ධර්මයෝ නම් මහා කුසල ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරය, මාර්ග සිත් සතරය යන ධර්මයෝයි.
මෙහිදී එක්වර ලැබෙන ආරම්මණ, ආරම්මණාධිපති, ප්‍රත්‍යය ශක්තියම ලැබේ.
මෙහි අනුවාද වශයෙන්—
- සෙක්ඛා ඵලං ගරුං කත්වා පච්චවෙක්ඛන්ති.
(සොවාන්, සකෘදාගාමි, අනාගාමි යන ආර්‍ය්‍ය පුද්ගලයෝ තම තමන්ගේ ඵලසිත ගරුකොට ප්රත්යවෙක්ෂා කරත්.)
සොවාන් ආර්‍ය්‍ය පුද්ගලතෙම සොවාන් ඵලසිත ගරු කොට ප්රත්යවේක්ෂා කරන කල්හි භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව සොවාන් ඵලසිත ගරුකොට අරමුණු කරමින් මනෝචාරාවජ්ජනයද, මහා කුසල ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරෙන් එකක් ජවනකෘත්‍යයෙන් සත්වරක්ද ඉපිද නිරුද්ධ වූ පසු භවාඞ්ගය වේ. මෙහිදී සෝවාන් ඵලය ගරුකොට අරමුණු කරන ඥාන සම්ප්‍රයුක්ත කුසල ජවනයන්ට සොවාන් ඵලසිත ආරම්මණාධිපති ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි ලැබේ.
මෙපරිද්දෙන්ම සකෘදාගාමි පුද්ගලතෙමේද, අනාගාමි පුද්ගලතෙමේද තම තමන්ගේ ඵලසිත ප්රත්යවේක්ෂා කරන කල්හි උපදනා ඥානසම්ප්‍රයුක්ත මහා කුසල ජවනයන්ට තම තමන්ගේ ඵලසිත අධිපති ශක්තියෙන් ප්රත්යවීම අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
- සෙක්ඛා නිබ්බානං ගරුං කත්වා පච්චවෙක්ඛන්ති. (සොවාන්, සකෘදාගාමි, අනාගාමි යන ශෛක්ෂයන් වහන්සේලා නිර්වාණය ගරුකොට ප්රත්යවේක්ෂා කරත්.) ශෛක්ෂයන් වහන්සේලා නිර්වාණය ගරුකොට ප්‍රත්‍යය වේක්ෂා කරන කල්හි එම චිත්ත විථියෙහි උපදනා ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල ජවනයන්ට නිර්වාණය අධිපති ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
- නිබ්බානං ගොත්රභුස්ස අධිපති පච්චයෙන පච්චයො. (නිර්වාණය ගොත්රභූ සිතට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)
4. නිබ්බානං මග්ගස්ස අධිපති පච්චයෙන පච්චයො.
(නිර්වාණය මාර්ග චිත්තයට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
සොවාන් මාර්ග සිත උපදනා චිත්තවීථියෙහි මාර්ග සිතට පූර්වයෙහි උපදනා ගෝත්‍රභූ සිත විසින් අරමුණු කරනු ලබන්නේ නිර්වාණයයි. එසේම සකෘදාගාමි අනාගාමි අර්හත් යන මාර්ග චිත්තයන්ට පූර්වයෙහි උපදනා වොදාන සිතද නිවණ අරමුණු කරමින් උපදී. සෝවාන් සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන සතර මාර්ග චිත්තයන් විසින්ද අරමුණු කරනු ලබන්නේ නිර්වාණයයි. මෙසේ ගෝත්‍රභූ වොදාන, මාර්ග යන චිත්තයන් විසින් නිවණ ගරුකොට අරමුණු කරනු ලබන කල්හි ඒ කාමාවචර ලොකොත්තර චිත්තයන්ට නිර්වාණය ආරම්මණාධිපති ශක්තියෙන් ප්රත්යවීම “අව්‍යාකෘත ධර්මය කුසල ධර්මයට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
10. වීථිය
අබ්යාකතො ධම්මො අකුසලස්ස ධම්මස්ස අධිපති පච්චයෙන පච්චයො—ආරම්මණාධිපති.
(අව්‍යාකෘත ධර්මය අකුසල ධර්මයට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි අකුසල ධර්මයට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අව්‍යාකෘත ධර්මයෝ නම්:
ගරුකොට අරමුණු කරන ලොභ මූල සිත් අටට ප්‍රත්‍යය වන ඉෂ්ට නිෂ්ඵන්න රූප අටොළොසය (18),
දුක්ඛ සහගත කාය විඥානය හැර ලෞකික විපාක සිත් එක්තිසය (31),
ක්‍රියා සිත් විස්සය,
චෛතසික පන්තිසය (35).
යන ප්‍රත්‍යය ධර්මයෝයි.
ප්රත්යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්මයෝ නම්:
ලොභ මූල සිත් අටය,
චෛතසික දෙවිස්සය,
මෙහි අනුවාද වශයෙන්-
- චක්ඛුං ගරුංකත්වා අස්සාදෙති, අභිනන්දති, තං ගරුංකත්වා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති. (ගරු කළයුතු වූ ඉෂ්ට චක්ෂුප්රසාදය ගරුකොට අස්වාදනය කරන ලොභ මූල සොමනස්ස සහගත සිත් සතරටද, ගරු කොට අභිනන්දනය කරන හෙවත් සතුටුවීම් වශයෙන් අරමුණු කරන සප්‍රීතික තෘෂ්ණා ප්‍රධාන ලොභ මූල සොමනස්ස සහගත සිත් සතරටද, එය ගරුකොට අරමුණු කරමින් රාගය උපදනා කල්හි රාග ප්‍රධාන ලොභ මූල සිත් අටටද, එය වරදවා ගැනීමේදී දිට්ඨිය උපදනා කල්හි දිට්ඨිගත සම්ප්‍රයුක්ත ලොභ මූල සිත් සතරටද ආරම්මණාධිපති ශක්තියෙන් ප්‍රත්‍යයවීම, “අව්‍යාකෘත ධර්මය අකුසල ධර්මයට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.
- සොතං ගරුංකත්වා අස්සාදෙති, අභිනන්දති, තං ගරුංකත්වා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති. (ගරු කළයුතු වූ සොතප්රසාදය ගරුකොට අස්වාදනය අභිනන්දනය කරන කල්හිද, එය අරමුණුකොට රාගය හා දිට්ඨිය උපදනා කල්හිද, සොතප්රසාද නම් වූ අව්‍යාකෘත ධර්මය අකුසල ජවනයන් වූ ලොභ මූල සිත් අටට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
- ඝාණං, ජිව්හං, කායං, රූපෙ, සද්දෙ, ගන්ධෙ, රසෙ, පොට්ඨබ්බෙ, වත්ථුං, විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්ධෙ ගරුං කත්වා අස්සාදෙති, අභිනන්දති, තං ගරුං කත්වා රාගො උප්පජ්ජති, දිට්ඨි උප්පජ්ජති.
(ඝාණප්‍රසාදය, ජිව්හාප්‍රසාදය, කායප්‍රසාදය; රූප ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, හෘදයවස්තු රූපය, විපාකාව්යාකෘතස්කන්ධ, කිරියාව්යාකෘතස්කන්ධ යන මෙය ගරු කොට ආස්වාදනය අභිනන්දනය කරන කල්හිද, එය ගරුකොට අරමුණු කිරීමේදී රාගය, දිට්ඨිය උපදනා කල්හිද, ලෝභ මූල සිත් අටට ඒ ඝාණප්රසාදාදී වූ අව්‍යාකෘත ධර්මයන් ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් ප්‍රත්‍යය වීම “අව්‍යාකෘත ධර්මය අකුසල ධර්මයට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.