අකුසලාධිපති සම්පයුත්තකානං ඛන්ධානං අධිපති
පච්චයෙන පච්චයො.
(අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ අකුසල් සිත්හි යෙදෙන ඡන්ද, චිත්ත, විරිය යන අධිපති තුනෙන් එකක් එම චිත්තක්ෂණයෙහි වූ සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට සහජාතාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)
මෙහි ප්‍රත්‍යය ධර්ම වශයෙන් ගතයුත්තේ අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ලොභ මූල සිත් අටය, ද්වේෂ මූල සිත් දෙකය, විචිකිච්ඡාව හැර චෛතසික සවිස්සය යන මොවුන්ගේ එක් එක් චිත්තක්ෂණයක ලැබෙන අධිපති ධර්ම තුනෙන් එකෙකි. ප්රත්යොත්පන්න වශයෙන් අධිපති වන ධර්මයෙන් අන්‍ය වූ සම්ප්‍රයුක්ත ධර්මයෝ ලැබෙත්.
6. විපිය— අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අධිපති පච්චයෙන පච්චයො සහජාතාධිපති.
(අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට සහජාතාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
අව්‍යාකෘත ධර්මයන්ට සහජාතාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වන අකුසල ධර්මය නම්, පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභ මූල සිත් අටය, ද්වේෂ මූල සිත් දෙකය. විචිකිච්ඡාව හැර චෛතසික සවිස්සය (26) යන මොවුන්ගේ එක් එක් චිත්තක්ෂණයක ඇති ඡන්ද, චිත්ත, විරිය යන අධිපති ධර්ම තුනෙන් එක් ධර්මයෙකි.
ප්රත්යොත්පන්න වශයෙන් සාධිපති චිත්තජ රූපයෝ ලැබෙත්.
මෙහි අනුවාදය වශයෙන්-
අකුසලාධිපති චිත්තසමුට්ඨානානං රූපානං අධිපති පච්චයෙන පච්චයො.
(අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ අකුසල චිත්තයන්හි ඇති ඡන්ද, චිත්ත, විරිය යන මොවුන්ගේ අධිපතිවන එක් ධර්මයක් චිත්ත සමුට්ඨාන රූපයනට සහජාතාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)
මෙය ද “අකුසල ධර්මය චිත්තසමුට්ඨාන රූපය නම් වූ අව්‍යාකෘත ධර්මයට සහජාතාධිපති ප්‍රත්‍යයයෙන් උපකාර වීම” යයි කියනු ලැබේ.
7. වීථිය
අකුසලො ධම්මො අකුසලස්ස ච, අබ්‍යාකතස්ස ච ධම්මස්ස අධිපති පච්චයෙන පච්චයො සහජාතාධිපති.
(අකුසල ධර්මය අකුසල ධර්මයට හා අව්‍යාකෘත ධර්මයට ද සහජාතාධිපති ශක්තියෙන් ප්‍රත්‍යය වේ.)
මෙහි ප්‍රත්‍යය ධර්ම වශයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ ලෝභ මූල සිත් අටය, ද්වේෂ මූල සිත් දෙකය, චෛතසික සවිස්සය (26) යන මොවුන්ගේ එක් එක් චිත්තක්ෂණයක ඇති අධිපති ධර්ම තුනෙන් එක එකක් වූ ප්‍රත්‍යය ධර්මය ලැබේ.
ප්රත්යොත්පන්න ධර්ම වශයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා සාධිපති චිත්තජ රූපයෝ ලැබෙත්.
මෙහි අනුවාදය වශයෙන්—
අකුසලාධිපති සම්පයුත්තකානං ඛන්ධානං චිත්ත සමුට්ඨානානංව රූපානං අධිපති පච්චයෙන පච්චයො.
(අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ අකුසල චිත්තයන්හි ඇති ඡන්ද, චිත්ත, විරිය යන මොවුන්ගේ අධිපති වන එක් ධර්මයක් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තසමුට්ඨාන රූපයන්ට ද සහජාතාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
මේ අධිපති ධර්මය සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට ද ප්‍රත්‍යය වීම “අකුසල ධර්මය අකුසල ධර්මයට හා අව්‍යාකෘත ධර්මයට ද සහජාතාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
8. වීථිය
අබ්යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අධිපති පච්චයෙන පච්චයො ආරම්මණාධිපති, සහජාතාධිපති.
(අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට ආරම්මණාධිපති සහජාතාධිපති යන අධිපතිප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.)
මෙහි ප්‍රත්‍යය ධර්ම වශයෙන් - ආරම්මණාධිපතියෙහි
ගරුකොට අරමුණු කරන මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත චිත්තයන්ට ප්‍රත්‍යය වන ගරු කළයුතු අර්හත් ඵලය හා නිර්වාණය;
ගරුකොට අරමුණු කරන ඵල සිත් සතරට ප්‍රත්‍යය වන නිර්වාණය - යන ප්‍රත්‍යය ධර්මයෝ ලැබෙත්.
ප්රත්යොත්පන්න ධර්ම වශයෙන්
මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරය,
ඵල සිත් සතරය,
චෛතසික සතිසය (36)
යන ප්රත්යොත්පන්න ධර්මයෝ ලැබෙත්.
සහජාතාධිපතියෙහි ප්‍රත්‍යය ධර්ම වශයෙන්-
සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි
මහා ක්‍රියා අටය,
මහද්ගත ක්‍රියා නවය,
ඵල සිත් සතරය,
චෛතසික අටතිසය
යන මොවුන්ගේ එක් එක් චිත්තක්ෂණයක ඇති අධිපති ධර්ම තුන සතර අතුරෙන් එක එකක් වූ ප්‍රත්‍යය ධර්මය ලැබේ.
ප්රත්යාත්පන්න ධර්ම වශයෙන්
සම්ප්‍රයුක්තස්කන්‍ධයන් හා
සාධිපති චිත්තජ රූපයෝ ද ලැබෙත්.
මෙහි අනුවාද වශයෙන්-
ආරම්මණාධිපති-
1. අරහා ඵලං ගරුකත්වා පච්චවෙක්ඛති.
(රහතන් වහන්සේ අර්හත් ඵල සිත ගරුකොට ප්රත්යවෙක්ෂා කරන සේක.)
අර්හත් මාර්ග ඵලයන්ට පැමිණි රහතන් වහන්සේ අර්හත් ඵල සිත ගරුකොට ප්රත්යවෙක්ෂා කරන කල්හි භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරුව අර්හත් ඵල සිත ගරුකොට අරමුණු කරමින් මනොද්වාරාවජ්ජනයද, ඥානසම්ප්‍රයුක්ත මහා ක්‍රියා සිත් සතරෙන් එකක් ජවන කෘත්‍යයෙන් සත්වරක් ද ඉපිද නිරුද්ධ වූ පසු භවාඞ්ගය වේ. මෙහිදී ප්රත්යවෙක්ෂා කරන මහා ක්‍රියා ජවනයන්ට අර්හත් ඵල සිත අධිපති ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
2. අරහා නිබ්බානං ගරුං කත්වා පච්චවෙක්ඛති.
(රහතන් වහන්සේ නිර්වාණය ගරුකොට ප්රත්යවෙක්ෂා කරන සේක.
මෙහිදී රහතන් වහන්සේ නිර්වාණය ගරුකොට ප්රත්යවෙක්ෂා කරන කල්හි උපදනා මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත ජවනයන්ට නිර්වාණය අධිපති ශක්තියෙන් ප්රත්යවීම “අව්‍යාකෘත ධර්මයට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
3. නිබ්බානං ඵලස්ස අධිපති පච්චයෙන පච්චයො
(නිර්වාණය ඵල සිතට ආරම්මණාධිපති ශක්තියෙන් ප්‍රත්‍යවේ.)
සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන ඵලසිත් සතර අව්‍යාකෘත ධර්මයෝයි. ඒ ඵලසිත් විසින් අරමුණු කරනු ලබන්නේ නිර්වාණය යි. එහෙයින් නිර්වාණය ලොකොත්තරඵල සිතට ආරම්මණාධිපති ශක්තියෙන් ප්රත්යවීම “අව්‍යාකෘත ධර්මය, අව්‍යාකෘත ධර්මයට ආරම්මණාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.
සහජාතාධිපති,
4. විපාකාබ්‍යාකතා කිරියාබ්යාකතා අධිපති සම්පයුත්තකානං ඛන්ධානං චිත්ත සමුට්ඨානානංච රූපානං අධිපති පච්චයෙන පච්චයො.
(විපාකව්යාකෘත කිරියාව්යාකෘත ධර්මයන් අතුරෙන් අධිපති ප්‍රත්‍යය වන ධර්මය සම්ප්‍රයුක්ත සකන්ධයන්ට හා චිත්තජ රූපයන්ටද සහජාතාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහා ක්‍රියා සිත් අටය, නියමයෙන් අධිපති ලැබෙන මහද්ගත ක්‍රියා සිත් නවය, ඵලසිත් සතරය යන මොවුන්ගේ එක් එක් චිත්තක්ෂණයක ඇති අධිපතිධර්‍ම තුන හා හතර අතුරෙන් එක එකක් වූ අධිපති ධර්මය, අධිපති වන ධර්මයෙන් අන්‍ය වූ සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට ද සහජාතාධිපති ශක්තියෙන් ප්‍රත්‍යයවීම “අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයට සහජාතාධිපති ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවීම” යයි කියනු ලැබේ.