2. වර්තමාන ඵලපඤ්චකය
- විඤ්ඤාණ - මේ ප්රත්යුත්පන්න භවයෙහි ප්රතිසන්ධි තොමෝ හෙවත් අතීත වූ භව විශේෂය ප්රත්යුත්පන්න භවය හා එකට ගළපන ධර්මජාති තොමෝ විඥාන නමි.
- නාමරූප - මව් කුසට වදනාක් මෙන් රූපාරූප ධර්මයන්ගේ පහළවීම් ස්වභාවය නාමරූප නමි.
- සළායතන - චක්ෂුප්රසාදාදි ප්රසාදය තෙම ආයතන නමි.
- ඵස්ස - අරමුණු පහස්නා බව හෝ අරමුණෙහි හැපෙමින් උපදනා බව ස්පර්ශ නමි.
- වෙදනා - අරමුණු රස විඳින බව නොහොත් අරමුණු රස විඳීම් වශයෙන් පවත්නා ධර්මස්වභාවය තෙම වෙදනා නම්.
මේ ප්රත්යුත්පන්න වූ උපපත්ති භවයෙහි නොහොත් මේ අත්බැව්හි උපපත්ති භවය ඇති කල්හි පහළවූ මේ ධර්මයෝ පස්දෙන පූර්වභවයෙහි කරන ලද්දා වූ කර්මයට ප්රත්යය වූවාහු වෙත් නොහොත් කර්මයාගේ ප්රත්යයවීම් හේතුවෙන් වෙත්.