අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ත්‍රිසන්‍ධිය

භව චක්‍රයාගේ සන්‍ධි තුනෙක් වේ.

එනම්:

  1. පළමුවන හේතුඵල සන්‍ධිය
  2. දෙවන ඵලහේතු සන්‍ධිය
  3. තුන්වන හේතුඵල සන්‍ධිය යනුයි.

ඒ ත්‍රිසන්ධින් අතුරෙන්, සංස්කාරයන්ගේද, ප්‍රතිසන්‍ධිවිඥානයාගේද අතර හේතුව හා ඵලය ගැළපීම නම්වූ පළමුවන හේතුඵල සන්‍ධිය වේ. වේදනාවගේද, තෘෂ්ණාවගේද අතර ඵලය හා හේතුව ගැළපීම නම්වූ දෙවන ඵලහේතු සන්‍ධිය වේ. භවයාගේද, ජාතියගේද අතර හේතුව හා ඵලය ගැළපීම නම්වූ තුන්වන හේතුඵල සන්‍ධිය වේ.