අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ධම්මානුපස්සනා සතිපට්ඨානය

යට දක්වන ලද සතිපට්ඨාන ධර්මයන් අතුරෙන් කායානුපස්සනාව කරණකොටගෙන රූපස්කන්‍ධ සම්මර්ශනය ද, වේදනානුපස්සනාව කරණකොටගෙන වේදනාස්කන්‍ධ සම්මර්ශනයද, චිත්තානුපස්සනාව කරණකොට ගෙන විඥානස්කන්‍ධ සම්මර්ශනයද වදාරණ ලදී. මෙතැන් සිට දක්වනු ලබන ධම්මානුපස්සනාව කරණකොට ගෙන සංඥාස්කන්‍ධ, සංස්කාරස්කන්‍ධ සම්මර්ශනය විස්තර කරණු ලැබේ.

මහා සතිපට්ඨානාදි සූත්‍ර දේශනාවන්හි මේ ධම්මානුපස්සනාව පඤ්චප්‍රකාරවූ ධර්මයන්ගේ වශයෙන් සම්මර්ශනය කිරීම දක්වා ඇත. ඒ පඤ්චප්‍රකාර ධර්මයෝ නම්:

  1. පඤ්ච නීවරණ ධර්ම
  2. පඤ්චුපාදානස්කන්‍ධ ධර්ම
  3. ෂඩ්විධ අධ්‍යාත්ම බාහිර ආයතන ධර්ම
  4. සප්ත බොධ්‍යාඞ්ග ධර්ම
  5. චතුරාර්යසත්‍ය ධර්ම