විතක්කය - විචාරය - පීතිය - ඒකග්ගතාවය - සෝමනස්සය - දෝමනස්සය - උපෙක්ඛාවය කියා ධ්‍යානාඞ්ග සතෙකි.
සිත අරමුණට යොමු වන්නේ, අරමුණ කරා යන්නේ, අරමුණෙහි ගමන් කරන්නේ ධ්‍යානාඞ්ගයන්ගේ බලයෙනි. ධ්‍යානාඞ්ග වුවමනා නැත්තේ පඤ්චවිඤ්ඤාණයන්ට පමණෙකි. ඒ සිත්වලට ධ්‍යානාඞ්ග වුවමනා නැත්තේ ප්‍රසාදයෙහි ගැටී ඇති අරමුණ ගනිමින් එහි ම උපදින නිසා ය. ද්විපඤ්ච විඥානය හැර සියලු ම, සිත්වල ධ්‍යානාඞ්ග ලැබෙන්නේ ය. සෝමනස්ස - දෝමනස්ස - උපෙක්ඛා යන මේ තුනෙන් ම ගැනෙන්නේ එක ම වේදනා චෛතසිකය ය. එබැවින් චෛතසික ධර්ම වශයෙන් ඇත්තේ විතක්කය - විචාරය - පීතිය - ඒකග්ගතාවය - වේදනාවය කියා ධ්‍යානාඞ්ග පසෙකි. දෝමනස්සය අකුසල ධ්‍යානාඞ්ගයෙකි. අනික්වා කුශලාකුශල දෙපක්ෂයට ම සාධාරණ ය.