ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දක නිකාය
පටිසම්භිදාමග්ගපාළි පටිසම්භිදා මග්ග පාළි
1. මහාවග්ගො 1. මහාවග්ගො
මාතිකා [1] ඤාණකථා (මාතෘකාව)
1. ඤාණකථා 1. ඤාණකථා
1. සුතමයඤාණනිද්දෙසො 1. සුතමයඤාණනිද්දෙසො
2. සීලමයඤාණනිද්දෙසො 2. සීලමයඤාණනිද්දෙසො
3. සමාධිභාවනාමයඤාණනිද්දෙසො 3. සමාධිභාවනාමයඤාණනිද්දෙසො
4. ධම්මට්ඨිතිඤාණනිද්දෙසො 4. ධම්මට්ඨිතිඤාණනිද්දෙසො
5. සම්මසනඤාණනිද්දෙසො 5. සම්මසනඤාණනිද්දෙසො
6. උදයබ්බයඤාණනිද්දෙසො 6. උදයබ්බයඤාණනිද්දෙසො
7. භඞ්ගානුපස්සනාඤාණනිද්දෙසො 7. භඞ්ගානුපස්සනාඤාණනිද්දෙසො
8. ආදීනවඤාණනිද්දෙසො 8. ආදීනවඤාණනිද්දෙසො
9. සඞ්ඛාරුපෙක්ඛාඤාණනිද්දෙසො 9. සඞ්ඛාරුපෙක්ඛාඤාණනිද්දෙසො
10. ගොත්‍රභුඤාණනිද්දෙසො 10. ගොත්‍රභුඤාණනිද්දෙසො
11. මග්ගඤාණනිද්දෙසො 11. මග්ගඤාණනිද්දෙසො
12. ඵලඤාණනිද්දෙසො 12. ඵලඤාණනිද්දෙසො
13. විමුත්තිඤාණනිද්දෙසො 13. විමුත්තිඤාණනිද්දෙසො
14. පච්චවෙක්ඛණඤාණනිද්දෙසො 14. පච්චවෙක්ඛණඤාණනිද්දෙසො
65
කථං තදා සමුදාගතෙ ධම්මෙ පස්සනෙ පඤ්ඤා පච්චවෙක්ඛණෙ ඤාණං? සොතාපත්තිමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි තදා සමුදාගතා. අභිනිරොපනට්ඨෙන සම්මාසඞ්කප්පො තදා සමුදාගතො. පරිග්ගහට්ඨෙන සම්මාවාචා තදා සමුදාගතා. සමුට්ඨානට්ඨෙන සම්මාකම්මන්තො තදා සමුදාගතො. වොදානට්ඨෙන සම්මාආජීවො තදා සමුදාගතො. පග්ගහට්ඨෙන සම්මාවායාමො තදා සමුදාගතො. උපට්ඨානට්ඨෙන සම්මාසති තදා සමුදාගතා. අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි තදා සමුදාගතො.
උපට්ඨානට්ඨෙන සතිසම්බොජ්ඣඞ්ගො තදා සමුදාගතො. පවිචයට්ඨෙන ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තදා සමුදාගතො. පග්ගහට්ඨෙන වීරියසම්බොජ්ඣඞ්ගො තදා සමුදාගතො. ඵරණට්ඨෙන පීතිසම්බොජ්ඣඞ්ගො තදා සමුදාගතො. උපසමට්ඨෙන පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තදා සමුදාගතො. අවික්ඛෙපට්ඨෙන සමාධිසම්බොජ්ඣඞ්ගො තදා සමුදාගතො. පටිසඞ්ඛානට්ඨෙන උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තදා සමුදාගතො.
අස්සද්ධියෙ අකම්පියට්ඨෙන සද්ධාබලං තදා සමුදාගතං. කොසජ්ජෙ අකම්පියට්ඨෙන වීරියබලං තදා සමුදාගතං. පමාදෙ අකම්පියට්ඨෙන සතිබලං තදා සමුදාගතං. උද්ධච්චෙ අකම්පියට්ඨෙන සමාධිබලං තදා සමුදාගතං. අවිජ්ජාය අකම්පියට්ඨෙන පඤ්ඤාබලං තදා සමුදාගතං.
අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්‍රියං තදා සමුදාගතං. පග්ගහට්ඨෙන වීරියින්ද්‍රියං තදා සමුදාගතං. උපට්ඨානට්ඨෙන සතින්ද්‍රියං තදා සමුදාගතං. අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්‍රියං තදා සමුදාගතං. දස්සනට්ඨෙන පඤ්ඤින්ද්‍රියං තදා සමුදාගතං.
ආධිපතෙය්‍යට්ඨෙන ඉන්ද්‍රියා තදා සමුදාගතා. අකම්පියට්ඨෙන බලා තදා සමුදාගතා. නිය්‍යානට්ඨෙන සම්බොජ්ඣඞ්ගා තදා සමුදාගතා. හෙතුට්ඨෙන මග්ගො තදා සමුදාගතො. උපට්ඨානට්ඨෙන සතිපට්ඨානා තදා සමුදාගතා. පදහනට්ඨෙන සම්මප්පධානා තදා සමුදාගතා. ඉජ්ඣනට්ඨෙන ඉද්ධිපාදා තදා සමුදාගතා. තථට්ඨෙන සච්චා තදා සමුදාගතා. අවික්ඛෙපට්ඨෙන සමථො තදා සමුදාගතො. අනුපස්සනට්ඨෙන විපස්සනා තදා සමුදාගතා. එකරසට්ඨෙන සමථවිපස්සනා තදා සමුදාගතා. අනතිවත්තනට්ඨෙන යුගනද්ධං තදා සමුදාගතං. සංවරට්ඨෙන සීලවිසුද්ධි තදා සමුදාගතා. අවික්ඛෙපට්ඨෙන චිත්තවිසුද්ධි තදා සමුදාගතා. දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධි තදා සමුදාගතා. විමුත්තට්ඨෙන විමොක්ඛො තදා සමුදාගතො. පටිවෙධට්ඨෙන විජ්ජා තදා සමුදාගතා. පරිච්චාගට්ඨෙන විමුත්ති තදා සමුදාගතා. සමුච්ඡෙදට්ඨෙන ඛයෙ ඤාණං තදා සමුදාගතං.
ඡන්දො මූලට්ඨෙන තදා සමුදාගතො. මනසිකාරො සමුට්ඨානට්ඨෙන තදා සමුදාගතො. ඵස්සො සමොධානට්ඨෙන තදා සමුදාගතො. වෙදනා සමොසරණට්ඨෙන තදා සමුදාගතා. සමාධි පමුඛට්ඨෙන තදා සමුදාගතො. සති ආධිපතෙය්‍යට්ඨෙන තදා සමුදාගතා. පඤ්ඤා තදුත්තරට්ඨෙන තදා සමුදාගතා . විමුත්ති සාරට්ඨෙන තදා සමුදාගතා. අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන තදා සමුදාගතං. වුට්ඨහිත්වා පච්චවෙක්ඛති, ඉමෙ ධම්මා තදා සමුදාගතා.
සොතාපත්තිඵලක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි තදා සමුදාගතා. අභිනිරොපනට්ඨෙන සම්මාසඞ්කප්පො තදා සමුදාගතො...පෙ.... පටිප්පස්සද්ධට්ඨෙන අනුප්පාදෙ ඤාණං තදා සමුදාගතං. ඡන්දො මූලට්ඨෙන තදා සමුදාගතො. මනසිකාරො සමුට්ඨානට්ඨෙන තදා සමුදාගතො. ඵස්සො සමොධානට්ඨෙන තදා සමුදාගතො. වෙදනා සමොසරණට්ඨෙන තදා සමුදාගතා. සමාධි පමුඛට්ඨෙන තදා සමුදාගතො. සති ආධිපතෙය්‍යට්ඨෙන තදා සමුදාගතා. පඤ්ඤා තදුත්තරට්ඨෙන තදා සමුදාගතා. විමුත්ති සාරට්ඨෙන තදා සමුදාගතා. අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන තදා සමුදාගතං. වුට්ඨහිත්වා පච්චවෙක්ඛති, ඉමෙ ධම්මා තදා සමුදාගතා.
සකදාගාමිමග්ගක්ඛණෙ...පෙ.... සකදාගාමිඵලක්ඛණෙ...පෙ.... අනාගාමිමග්ගක්ඛණෙ...පෙ.... අනාගාමිඵලක්ඛණෙ...පෙ.... අරහත්තමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි තදා සමුදාගතා...පෙ.... සමුච්ඡෙදට්ඨෙන ඛයෙ ඤාණං තදා සමුදාගතං. ඡන්දො මූලට්ඨෙන තදා සමුදාගතො...පෙ.... අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන තදා සමුදාගතං. වුට්ඨහිත්වා පච්චවෙක්ඛති, ඉමෙ ධම්මා තදා සමුදාගතා.
අරහත්තඵලක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි තදා සමුදාගතා ...පෙ.... පටිප්පස්සද්ධට්ඨෙන අනුප්පාදෙ ඤාණං තදා සමුදාගතං. ඡන්දො මූලට්ඨෙන තදා සමුදාගතො ...පෙ.... අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන තදා සමුදාගතං. වුට්ඨහිත්වා පච්චවෙක්ඛති, ඉමෙ ධම්මා තදා සමුදාගතා. තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති - ‘‘තදා සමුදාගතෙ ධම්මෙ පස්සනෙ පඤ්ඤා පච්චවෙක්ඛණෙ ඤාණං’’.
65
[115] කෙසේනම් ඒ මාර්ග ඵල ක්ෂණයන්හි ලැබීම් වශයෙන්ද අවබෝධ කිරීම් වශයෙන්ද එක්ව පහළවූ ධර්මයන් දැක්මෙහි ප්‍රඥාව පච්චවෙක්ඛණ ඤාණ නම්වේද? සෝවාන් මාර්ගක්ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය (ii) ඒ මාර්ග ක්ෂණයෙහි එක්ව පහළවූයේ වෙයි. (iii) අරමුණට නැංවීම් අර්ථයෙන් සම්‍යක් සංකල්පය ((ii) යොදන්න.) වැළඳ ගැනීම් අර්ථයෙන් සම්‍යක් වචනය ((ii) යොදන්න.) මනාව පිහිටුවීම් අර්ථයෙන් සම්‍යක් කර්මාන්තය ((ii) යොදන්න) පිරිසිදුවීම් අර්ථයෙන් සම්‍යක් ආජීවය ((ii) යොදන්න.) එසවීම් ස්වභාවයෙන් සම්‍යක් ව්‍යායාමය ((ii) යොදන්න.) එළඹ සිටීම් අර්ථයෙන් සම්මා සතිය ((ii) යොදන්න.) නොවිසිර යාම් අර්ථයෙන් සම්‍යක් සමාධිය ((ii) යොදන්න.) එළඹ සිටීම් අර්ථයෙන් සතිසම්බොජ්ක්ධංගය එකල්හි පහළවූයේ වෙයි. විමසීම් අර්ථයෙන් ධම්මවිචය සම්බොජ්ක්ධංගය එකල්හි පහළ වූයේවෙයි. එසවීම් අර්ථයෙන් විරිය සම්බොජ්ක්ධංගය එකල්හි පහළවූයේ වෙයි. පැතිරීම් අර්ථයෙන් පීති සම්බොජ්ක්ධංගය එකල්හි එක්ව පහළවූයේ වෙයි. (iv) සංසිඳීම් අර්ථයෙන් පස්සද්ධි සම්බොජ්ක්ධංගය එකල්හි පහළවූයේ වෙයි. නොවිසිරීම් අර්ථයෙන් සමාධි සම්බොජ්ක්ධංගය එකල්හි එක්ව පහළවූයේ වෙයි. මැදහත්ව බැලීම් අර්ථයෙන් උපෙක්ඛා සම්බොජ්ක්ධංගය එකල්හි එක්ව පහළවූයේ වෙයි. අශ්‍රද්ධාවෙන් කම්පා නොවන ස්වභාවයෙන් ශ්‍රද්ධා බලය එකල්හි පහළවූයේ වෙයි. කුසීත භාවයෙන් කම්පා නොවන ස්වභාවයෙන් එකල්හි විරිය බලය එක්ව පහළවූයේ වෙයි. ප්‍රමාදයෙන් කම්පා නොවන ස්වභාවයෙන් එකල්හි සතිබලය එක්ව පහළවූයේ වෙයි. උද්ධච්චයෙන් කම්පා නොවන ස්වභාවයෙන් සමාධි බලය එකල්හි එක්ව පහළවූයේ වෙයි. අවිද්‍යාවෙන් කම්පා නොවන ස්වභාවයෙන් ප්‍රඥා බලය එකල්හි එක්ව පහළ වූයේ වෙයි. නොසෙල්වෙන ස්වභාවයෙන් සද්ධින්ද්‍රිය, එකල්හි එක්ව පහළවූයේ වෙයි. එසවීම් ස්වභාවයෙන් විරියින්ද්‍රිය එකල්හි එක්ව පහළවූයේ වෙයි. එළඹ සිටීම් ස්වභාවයෙන් සතින්ද්‍රිය එකල්හි එක්ව පහළවූයේ වෙයි. නොවිසිරයාම ස්වභාවයෙන් සමාධින්ද්‍රිය එකල්හි එක්ව පහළවූයේ වෙයි. දැකීම් ස්වභාවයෙන් පඤ්ඤින්ද්‍රිය එකල්හි එක්ව පහළවූයේ වෙයි. (iv)
[116] අධිපති භාවයෙන් ඉන්ද්‍රියයෝ එකල්හි එක්ව පහළ වූවාහු වෙත්. කම්පා නොවීම් අර්ථයෙන් බලයෝ එකල්හි එක්ව පහළවූවාහු වෙත්. පැමිණවීම් අර්ථයෙන් සම්බොජ්ක්ධංගයෝ එකල්හි එක්ව පහළවූවාහු වෙත්. හේතු අර්ථයෙන් මාර්ගය එකල්හි එක්ව පහළවූයේ වෙයි. එළඹ සිටීම අර්ථයෙන් සතිපට්ඨානයෝ එකල්හි එක්ව පහළවූවාහු වෙත්. වීර්ය කිරීම් අර්ථයෙන් සම්‍යක් ප්‍රධානයෝ එකල්හි එක්ව පහළවූවාහු වෙත්. සමෘද්ධවීම් අර්ථයෙන් සෘද්ධිපාදයෝ එකල්හි එක්ව පහළවූවාහු වෙත්. වෙනස් නොවීම් අර්ථයෙන් සත්‍යයෝ එකල්හි එක්ව පහළවූවාහු වෙත්. නොවිසිරයාම් අර්ථයෙන් සමථය එකල්හි එක්ව පහළවූයේ වෙයි. නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාව එකල්හි එක්ව පහළවූයේ වෙයි. සමාන කෘත්‍යාර්ථයෙන් සමථ විපස්සනාවෝ එකල්හි එක්ව පහළවූවාහු වෙත්. ඔවුනොවුන් නොඉක්මවන අර්ථයෙන් යුගනන්ධ සමථ විපස්සනා දෙක එකල්හි එක්ව පහළවූවාහු වෙත්. දැකීම් අර්ථයෙන් දිට්ඨි විසුද්ධිය එකල්හි එක්ව පහළ වූවා වෙයි. විශේෂයෙන් විඳීම් අර්ථයෙන් විමොක්ෂය එකල්හි එක්ව පහළවූයේ වෙයි. ප්‍රතිවෙධ කිරීම් අර්ථයෙන් විද්‍යාව එකල්හි එක්ව පහළවූවා වෙයි. දුරුකිරීම් අර්ථයෙන් විමුක්තිය එකල්හි එක්ව පහළවූවා වෙයි. මනාව සිඳීම් අර්ථයෙන් ක්ලේශයන් ක්ෂය කිරීමෙහි ඤාණය එකල්හි එක්ව පහළවූයේ වෙයි. ඡන්දය මුල්වීම් අර්ථයෙන් එකල්හි එක්ව පහළවූයේ වෙයි. මනසිකාරය අරමුණට යොමුකිරීම් අර්ථයෙන් එකල්හි එක්ව පහළවූයේ වෙයි. ඵස්සය එක්කිරීම අර්ථයෙන් එකල්හි එක්ව පහළවූයේ වෙයි. වේදනාව රැස්වීම් අර්ථයෙන් එකල්හි එක්ව පහළවූයේ වෙයි. සමාධිය ප්‍රමුඛාර්ථයෙන් එකල්හි එක්ව පහළවූයේ වෙයි. සතිය අධිපති අර්ථයෙන් එකල්හි එක්ව පහළවූයේ වෙයි. ප්‍රඥාව ප්‍රධානාර්ථයෙන් එකල්හි එක්ව පහළවූයේ වෙයි. මාර්ග විමුක්තිය සාරාර්ථයෙන් එකල්හි එක්ව පහළවූයේ වෙයි. අමෘතයට අයත් නිර්වාණය අවසානාර්ථයෙන් එකල්හි ප්‍රතිවෙධ කිරීම් වශයෙන් පහළවූයේ වෙයි. මේ ධර්මයෝ මාර්ගක්ෂණයෙහි පහළවූහයි එයින් නැගිට ප්‍රත්‍යවෙක්ෂා කරයි.
[117] සොතාපත්ති ඵල ක්ෂණයෙහි (i) දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය (මෙහි 115 (ii) (iii) යොදන්න) සංසිඳීම් අර්ථයෙන් අනුත්පාදයෙහි ඤාණය එකල්හි පහළවූයේ වෙයි. ඡන්දය මුල්වීම් අර්ථයෙන් එකල්හි පහළවූයේ වෙයි. (ii) මනසිකාරය යොමුකිරීම් අර්ථයෙන් එකල්හි පහළ වූයේ වෙයි. ඵස්සය එක්කිරීම් අර්ථයෙන් එකල්හි පහළ වූයේ වෙයි. වේදනා රැස්කිරීම් අර්ථයෙන් එකල්හි පහළ වූයේ වෙයි. සමාධිය ප්‍රමුඛාර්ථයෙන් එකල්හි පහළවූයේ වෙයි. සතිය අධිපති අර්ථයෙන් එකල්හි පහළවූයේ වෙයි. ප්‍රඥාව ප්‍රධානාර්ථයෙන් එකල්හි පහළවූයේ වෙයි. ඵල විමුක්තිය සාරාර්ථයෙන් එකල්හි පහළවූයේ වෙයි. (iii) අමෘතයට අයත් නිර්වාණය අවසානාර්ථයෙන් එකල්හි පහළ වූයේ මේ ධර්මයෝ එකල්හි පහළ වූහයි එයින් නැගිට ප්‍රත්‍යවෙක්ෂා කරයි.
[118] සකෘදාගාමි මාර්ග ක්ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය (මෙහි 115 (ii) (iii) සහ 116 යොදන්න) සකෘදාගාමි ඵල ක්ෂණයෙහි (මෙහි 117 (i) සිට අගට යොදන්න) අනාගාමි මාර්ග ඤාණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය (මෙහි 115 (ii) (iii) සහ 116 යොදන්න) අනාගාමි ඵල ක්ෂණයෙහි (මෙහි 117 (i) සිට අගට යොදන්න) අර්හත් මාර්ග ක්ෂණයෙහි සම්‍යක් දෘෂ්ටිය (මෙහි 115 (ii) (iii) සහ 116 යොදන්න) මනාව සිඳීම් අර්ථයෙන් කෙලෙසුන් ක්ෂය කිරීමේ ඤාණය එකල්හි පහළ වූයේ වෙයි. ඡන්දය මුල්වීම් අර්ථයෙන් එකල්හි පහළ වූයේ වෙයි. (මෙහි 117 (ii) යොදන්න) අමෘතයට අයත් නිර්වාණය අවසානාර්ථයෙන් ප්‍රතිවෙධ කිරීම් වශයෙන් පහළවූයේ වෙයි. මේ ධර්මයෝ එකල්හි පහළවූහයි. එයින් නැගිට ප්‍රත්‍යවෙක්ෂා කරයි. අර්හත් ඵල ක්ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය (මෙහි 115 (ii) (iii) යොදන්න) සංසිඳීම අර්ථයෙන් අනුත්පාදයෙහි ඤාණය එකල්හි පහළවූයේ වෙයි. ඡන්දය මූලාර්ථයෙන් එකල්හි පහළවුයේ වෙයි. (මෙහි 117 යොදන්න) අමෘතයට අයත් නිර්වාණය අවසානාර්ථයෙන් එකල්හි ප්‍රතිවෙධ කිරීම වශයෙන් පහළවූයේ වෙයි. මේ ධර්මයෝ එකල්හි පහළවූහයි එයින් නැගිට ප්‍රත්‍යවෙක්ෂා කරයි.
එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් මාර්ග ඵල ක්ෂණයෙහි ලැබීම් වශයෙන් ප්‍රතිවෙධ කිරීම් වශයෙන්ද පහළවූ ධර්මයන් දැක්මෙහි ප්‍රඥාව ප්‍රත්‍යවෙක්ෂාඥානයයි කියනු ලැබේ.
15. වත්ථුනානත්තඤාණනිද්දෙසො 15. වත්ථුනානත්තඤාණනිද්දෙසො
16. ගොචරනානත්තඤාණනිද්දෙසො 16. ගොචරනානත්තඤාණනිද්දෙසො
17. චරියානානත්තඤාණනිද්දෙසො 17. චරියානානත්තඤාණනිද්දෙසො
18. භූමිනානත්තඤාණනිද්දෙසො 18. භූමිනානත්තඤාණනිද්දෙසො
19. ධම්මනානත්තඤාණනිද්දෙසො 19. ධම්මනානත්තඤාණනිද්දෙසො
20-24. ඤාණපඤ්චකනිද්දෙසො 20-24. ඤාණපඤ්චකනිද්දෙසො
25-28. පටිසම්භිදාඤාණනිද්දෙසො 25-28. පටිසම්භිදාඤාණනිද්දෙසො
29-31. ඤාණත්තයනිද්දෙසො 29-31. ඤාණත්තයනිද්දෙසො
32. ආනන්තරිකසමාධිඤාණනිද්දෙසො 32. ආනන්තරිකසමාධිඤාණනිද්දෙසො
33. අරණවිහාරඤාණනිද්දෙසො 33. අරණවිහාරඤාණනිද්දෙසො