ත්‍රිපිටකය
පාරායනවග්ගනිද්දෙසො පාරායනවග්ගනිද්දෙසො
1. අජිතමාණවපුච්ඡානිද්දෙසො 1. අජිත මානවක පුච්ඡා නිද්දේසය
2. තිස්සමෙත්තෙය්‍යමාණවපුච්ඡානිද්දෙසො 2. තිස්ස මෙත්තෙය්‍ය සූත්‍ර නිර්දෙශය
3. පුණ්ණකමාණවපුච්ඡානිද්දෙසො 3. පුණ්ණ මානවක සූත්‍ර නිර්දෙශය
4. මෙත්තගූමාණවපුච්ඡානිද්දෙසො 4. මෙත්තගු මානවක සූත්‍ර නිර්දෙශය
5. ධොතකමාණවපුච්ඡානිද්දෙසො 5. ධොතක මානවක සූත්‍ර නිර්දෙශය
6. උපසීවමාණවපුච්ඡානිද්දෙසො 6. උපසීව මානවක සූත්‍ර නිර්දෙශය
7. නන්දමාණවපුච්ඡානිද්දෙසො 7. නන්ද මානවක සූත්‍ර නිර්දෙශය
8. හෙමකමාණවපුච්ඡානිද්දෙසො 8. හෙමක මානවක නිර්දෙශය
9. තොදෙය්‍යමාණවපුච්ඡානිද්දෙසො 9. තොදෙය්‍යමානවක සූත්‍ර නිර්දේශය
10. කප්පමාණවපුච්ඡානිද්දෙසො 10. කප්පමානවක සූත්‍ර නිර්දෙශය
11. ජතුකණ්ණිමාණවපුච්ඡානිද්දෙසො 11. ජතුකණ්ණි මානවක සූත්‍ර නිර්දෙශය
12. භද්‍රාවුධමාණවපුච්ඡානිද්දෙසො 12. භද්‍රාවුධ මානවක සූත්‍ර නිද්දෙශය
13. උදයමාණවපුච්ඡානිද්දෙසො 13. උදය මානවක සූත්‍ර නිර්දේශය
14. පොසාලමාණවපුච්ඡානිද්දෙසො 14. පොසාල මානවක සූත්‍ර නිර්දේශය
15. මොඝරාජමාණවපුච්ඡානිද්දෙසො 15. මොඝරාජ මානවක නිර්දෙශය
16. පිඞ්ගියමාණවපුච්ඡානිද්දෙසො 16. පිංගිය මානවක සූත්‍ර නිර්දේශය
17. පාරායනත්ථුතිගාථානිද්දෙසො 17. පාරායන මානවක සූත්‍ර නිර්දේශය
93
ඉදමවොච භගවා මගධෙසු විහරන්තො පාසාණකෙ චෙතියෙ, පරිචාරකසොළසානං (පරිචාරිතසොළසන්නං (ස්‍යා. ක.)) බ්‍රාහ්මණානං අජ්ඣිට්ඨො පුට්ඨො පුට්ඨො පඤ්හං බ්‍යාකාසි.
ඉදමවොච භගවාති ඉදං පාරායනං අවොච. භගවාති ගාරවාධිවචනමෙතං...පෙ.... සච්ඡිකා පඤ්ඤත්ති, යදිදං භගවාති - ඉදමවොච භගවා. මගධෙසු විහරන්තොති මගධනාමකෙ ජනපදෙ විහරන්තො ඉරියන්තො වත්තෙන්තො පාලෙන්තො යපෙන්තො යාපෙන්තො. පාසාණකෙ චෙතියෙති පාසාණකචෙතියං වුච්චති බුද්ධාසනන්ති - මගධෙසු විහරන්තො පාසාණකෙ චෙතියෙ. පරිචාරකසොළසානං බ්‍රාහ්මණානන්ති පිඞ්ගියො (සිඞ්ගියො (ක.)) බ්‍රාහ්මණො බාවරිස්ස බ්‍රාහ්මණස්ස පද්ධො පද්ධචරො පරිචාරකො (පරිචාරිකො (ස්‍යා. ක.)) සිස්සො. පිඞ්ගියෙන (තෙන (ක.)) තෙ සොළසාති - එවම්පි පරිචාරකසොළසානං බ්‍රාහ්මණානං. අථ වා, තෙ සොළස බ්‍රාහ්මණා බුද්ධස්ස භගවතො පද්ධා පද්ධචරා පරිචාරකා සිස්සාති - එවම්පි පරිචාරකසොළසානං බ්‍රාහ්මණානං.
අජ්ඣිට්ඨො පුට්ඨො පුට්ඨො පඤ්හං බ්‍යාකාසීති. අජ්ඣිට්ඨොති අජ්ඣිට්ඨො අජ්ඣෙසිතො. පුට්ඨො පුට්ඨොති පුට්ඨො පුට්ඨො පුච්ඡිතො පුච්ඡිතො යාචිතො යාචිතො අජ්ඣෙසිතො අජ්ඣෙසිතො පසාදිතො පසාදිතො. පඤ්හං බ්‍යාකාසීති පඤ්හං බ්‍යාකාසි ආචික්ඛි දෙසෙසි පඤ්ඤපෙසි පට්ඨපෙසි විවරි විභජි උත්තානීආකාසි පකාසෙසීති - අජ්ඣිට්ඨො පුට්ඨො පුට්ඨො පඤ්හං බ්‍යාකාසි. තෙනෙතං වුච්චති -
‘‘ඉදමවොච භගවා මගධෙසු විහරන්තො පාසාණකෙ චෙතියෙ, පරිචාරකසොළසානං බ්‍රාහ්මණානං අජ්ඣිට්ඨො පුට්ඨො පුට්ඨො පඤ්හං බ්‍යාකාසී’’ති.
93
(17-1)
1. “භාග්‍යවතුන් වහන්සේ මගධ රට පාෂානක චෛත්‍යයෙහි වැඩවසන සේක් පරිචාරිකවූ බ්‍රාහ්මණයින් දහසය දෙනෙකු විසින් ආරාධනා කරණ ලද්දේ ඇසූ ඇසූ ප්‍රශ්නයන් විසඳා වදාළ සේක. මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මේ “පාරායන”යි වදාළසේක. ‘භගවත් යනු ගෞරව වචනයයි. (මහානිද්දෙසයේ (7-8) 1 යොදාගත යුතුයි.) ප්‍රත්‍යක්ෂ කළ පැනවීමයි.
2. “මෙය භාග්‍යවතුන් වහන්සේ මගධ රට වාසය කරණ සේක් පාෂානක චෛත්‍යයෙහිදී වදාළසේක.” යනු ‘මගධ’ නම් ජනපදයෙහි වාසය කරණ සේක් යනුයි. ‘වාසයකරන සේක්’ යනු හැසිරෙන්නේ ඉරියව් පවත්වන්නේ පවතින්නේ පාලනය කරන්නේ යනුයි. ‘පාෂානක චෙතිය’ යනු යම්කිසි බුද්ධාසනයකට කියයි. පිරිවරවූ බමුණන් දහසය දෙනා යනු පිංගිය බ්‍රාහ්මණයා බාවාරිය බ්‍රාහ්ණයාගේ ශිෂ්‍යයෙකි. ළඟ හැසිරෙන්නෙකි. පරිචාරිකයෙක් වූයේය.
2. “එබැවින් ඒ දහසය දෙනා යනු මෙසේද පිරිවරවූ බමුණන් දහසය දෙනාට යනුයි. නැවතද බමුණෝ දහසය දෙනා භාග්‍යවත් බුදුරදුන්ගේ ශිෂ්‍යයෝ වන්නාහ. පරිචාරිකයෝ වන්නාහ. මෙසේද පරිචාරිකා සොළොස් බමුණන් විසින් ආරාධනා කරණ ලද්දේ විචාරණ විචාරණ ලද ප්‍රශ්නයන් විසඳා වදාළ සේක. එහෙයින් මෙය කියයි. එනම්, භාග්‍යවතුන් වහන්සේ මගධ රට වාසය කරණ සේක් පාෂානක චෛත්‍යයෙහිදී පරිචාරික සොළොස් බමුණන් විසින් විචාරණ විචාරණ ලද ප්‍රශ්නයන් විසඳා වදාළ සේක යනුයි.
94
එකමෙකස්ස චෙපි පඤ්හස්ස අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජෙය්‍ය, ගච්ඡෙය්‍යෙව ජරාමරණස්ස පාරං. පාරඞ්ගමනීයා ඉමෙ ධම්මාති. තස්මා ඉමස්ස ධම්මපරියායස්ස ‘‘පාරායන’’න්තෙව අධිවචනං.
එකමෙකස්ස චෙපි පඤ්හස්සාති එකමෙකස්ස චෙපි අජිතපඤ්හස්ස, එකමෙකස්ස චෙපි තිස්සමෙත්තෙය්‍යපඤ්හස්ස, එකමෙකස්ස චෙපි පුණ්ණකපඤ්හස්ස, එකමෙකස්ස චෙපි මෙත්තගූපඤ්හස්ස, එකමෙකස්ස චෙපි ධොතකපඤ්හස්ස, එකමෙකස්ස චෙපි උපසීවපඤ්හස්ස, එකමෙකස්ස චෙපි නන්දකපඤ්හස්ස, එකමෙකස්ස චෙපි හෙමකපඤ්හස්ස, එකමෙකස්ස චෙපි තොදෙය්‍යපඤ්හස්ස, එකමෙකස්ස චෙපි කප්පපඤ්හස්ස, එකමෙකස්ස චෙපි ජතුකණ්ණිපඤ්හස්ස, එකමෙකස්ස චෙපි භද්‍රාවුධපඤ්හස්ස, එකමෙකස්ස චෙපි උදයපඤ්හස්ස, එකමෙකස්ස චෙපි පොසාලපඤ්හස්ස, එකමෙකස්ස චෙපි මොඝරාජපඤ්හස්ස, එකමෙකස්ස චෙපි පිඞ්ගියපඤ්හස්සාති - එකමෙකස්ස චෙපි පඤ්හස්ස.
අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤායාති ස්වෙව පඤ්හො ධම්මො, විසජ්ජනං (විස්සජ්ජනං (ක.)) අත්ථොති අත්ථං අඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති - අත්ථමඤ්ඤාය. ධම්මමඤ්ඤායාති ධම්මං අඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති - ධම්මමඤ්ඤායාති - අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය. ධම්මානුධම්මං පටිපජ්ජෙය්‍යාති සම්මාපටිපදං අනුලොමපටිපදං අපච්චනීකපටිපදං අන්වත්ථපටිපදං ධම්මානුධම්මපටිපදං පටිපජ්ජෙය්‍යාති - ධම්මානුධම්මං පටිපජ්ජෙය්‍ය. ගච්ඡෙය්‍යෙව ජරාමරණස්ස පාරන්ති ජරාමරණස්ස පාරං වුච්චති අමතං නිබ්බානං. යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිප්පටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. ගච්ඡෙය්‍යෙව ජරාමරණස්ස පාරන්ති ජරාමරණස්ස පාරං ගච්ඡෙය්‍ය, පාරං අධිගච්ඡෙය්‍ය, පාරං අධිඵස්සෙය්‍ය, පාරං සච්ඡිකරෙය්‍යාති - ගච්ඡෙය්‍යෙව ජරාමරණස්ස පාරං. පාරඞ්ගමනීයා ඉමෙ ධම්මාති ඉමෙ ධම්මා පාරඞ්ගමනීයා. පාරං පාපෙන්ති පාරං සම්පාපෙන්ති පාරං සමනුපාපෙන්ති, ජරාමණස්ස තරණාය (තාරණාය (ස්‍යා.)) සංවත්තන්තීති - පාරඞ්ගමනීයා ඉමෙ ධම්මාති.
තස්මා ඉමස්ස ධම්මපරියායස්සාති. තස්මාති තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තංනිදානාති - තස්මා. ඉමස්ස ධම්මපරියායස්සාති ඉමස්ස පාරායනස්සාති - තස්මා ඉමස්ස ධම්මපරියායස්ස. පාරායනන්තෙව අධිවචනන්ති පාරං වුච්චති අමතං නිබ්බානං...පෙ.... නිරොධො නිබ්බානං. අයනං වුච්චති මග්ගො, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි. අධිවචනන්ති සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්‍යං නිරුත්ති බ්‍යඤ්ජනං අභිලාපොති - පාරායනන්තෙව අධිවචනං. තෙනෙතං වුච්චති -
‘‘එකමෙකස්ස චෙපි පඤ්හස්ස අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජෙය්‍ය, ගච්ඡෙය්‍යෙව ජරාමරණස්ස පාරං. පාරඞ්ගමනීයා ඉමෙ ධම්මාති. තස්මා ඉමස්ස ධම්මපරියායස්ස ‘පාරායන’න්තෙව අධිවචන’’න්ති.
94
4. “එක එකම ප්‍රශ්නයාගේ අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්මය, පිළිපදනේය.” යන්නෙහි මේ ධර්මයෝ ජරා මරණයේ පරතෙරට යනු සුළුය. මේ ධර්ම ක්‍රමයට පාරායන යයි අනික් නමකි. “එක එක ප්‍රශ්නයකගේ” යනු එක එක අජිත ප්‍රශ්නයකගේ එක එක තිස්ස මෙත්තෙය්‍ය ප්‍රශ්නයකගේ එක එක පුණ්ණක ප්‍රශ්නයකගේ එක එක මෙත්තෙගු ප්‍රශ්නයකගේ එක එක ධොතක ප්‍රශ්නයකගේ එක එක උපසීව ප්‍රශ්නයකගේ එක එක නන්දක ප්‍රශ්නයකගේ එක එක හෙමක ප්‍රශ්නයකගේ එක එක තොදෙය්‍ය ප්‍රශ්නයකගේ එක එක කප්ප ප්‍රශ්නයකගේ එක එක ජතුකණ්ණ ප්‍රශ්නයකගේ එක එක භද්‍රාවුධ ප්‍රශ්නයකගේ එක එක උදය ප්‍රශ්නයකගේ එක එක පොසාල ප්‍රශ්නයකගේ එක එක මොඝ රාජ ප්‍රශ්නයකගේ එක එක පිංගිය ප්‍රශ්නයකගේ අර්ථය දැන ධර්මය දැන ඒ ප්‍රශ්නය ධර්මය විසඳීම යනුයි. ‘අර්ථය දැන’ යනු අර්ථය දැන සමකොට බලා තීරණයකොට ප්‍රකටකොට යනුයි. ‘ධර්මය දැන’ යනු දැන තීරණයකොට ප්‍රකටකොට යනුයි. ‘ධර්මානුධර්මයෙහි පිළිපදනේ’ යනු සම්‍යක් ප්‍රතිපදාව’ අනුලොම ප්‍රතිපදාව, යහපත් ප්‍රතිපදාව යනුයි. පිළිපදනේ යනු ධර්මානුධර්මයෙහි පිළිපදනේය යනුයි.
5. “ජරාමරණයාගේ පරතෙර” යනු අමෘතවූ නිර්වාණ යයි. යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්සිඳීමක් ඇද්ද, සියලු උපධීන්ගේ බහා තැබීමක් ඇද්ද, තෘෂ්ණාක්ෂය නම්වූ නිරෝධනම්වූ විරාගනම්වූ නිර්වාණයයි ජරාමරණයාගේ පරතෙරට යන්නේය” යනු ජරාමරණයාගේ පරතෙරට පැමිණෙන්නේය, පරතෙර දකින්නේය, පරතෙර ප්‍රත්‍යක්ෂ කරන්නේය, යනුයි.
6. “මේ ධර්මයෝ පරතෙර පමුණුවන ධර්මයෝ වෙත්” යනු මේ ධර්මයෝ පරතෙරට පමුණුවත් පරතෙරට විශේෂයෙන් පමුණුවත්, ජරාමරණයන් තරණය කිරීම පිණිස පමුණුවත්නුයි මේ ධර්මයෝ පරතෙරට පමුණුවත් යනුයි. එහෙයින් ධර්ම ක්‍රමයට යන්නෙහි එහෙයින් යනු එහෙයින් ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන්, ඒ නිදානයෙන්, මේ ධර්මක්‍රමයට යනු මේ පාරායනයට යනුයි ‘පාර’ යනු අමෘතවූ නිර්වාණයට කියයි. මේ මාර්ගයයයි කියයි. “නමකි” යනු ප්‍රඥප්තිය යනුයි, ව්‍යවහාරය යනුයි නාමයයි නිරුක්තියයි කථාව්‍යවහාරයයි මේ එක එක ප්‍රශ්නයකගේද අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්මයෙහි පිළිපදනේ නම් ජරාමරණයාගේ පරතෙරට පමුණුවත් එහෙයින් පාරායන යයි කියයි.
95
අජිතො තිස්සමෙත්තෙය්‍යො, පුණ්ණකො අථ මෙත්තගූ;
ධොතකො උපසීවො ච, නන්දො ච අථ හෙමකො.
95
96
තොදෙය්‍යකප්පා දුභයො, ජතුකණ්ණී ච පණ්ඩිතො;
භද්‍රාවුධො උදයො ච, පොසාලො චාපි බ්‍රාහ්මණො;
මොඝරාජා ච මෙධාවී, පිඞ්ගියො ච මහාඉසි.
96
97
එතෙ බුද්ධං උපාගච්ඡුං, සම්පන්නචරණං ඉසිං;
පුච්ඡන්තා නිපුණෙ පඤ්හෙ, බුද්ධසෙට්ඨං උපාගමුං.
එතෙ බුද්ධං උපාගච්ඡුන්ති. එතෙති සොළස පාරායනියා බ්‍රාහ්මණා. බුද්ධොති යො සො භගවා සයම්භූ අනාචරියකො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣි, තත්ථ ච සබ්බඤ්ඤුතං පත්තො බලෙසු ච වසීභාවං. බුද්ධොති කෙනට්ඨෙන බුද්ධො? බුජ්ඣිතා සච්චානීති බුද්ධො, බොධෙතා පජායාති බුද්ධො, සබ්බඤ්ඤුතාය බුද්ධො, සබ්බදස්සාවිතාය බුද්ධො, අභිඤ්ඤෙය්‍යතාය බුද්ධො, විසවිතාය බුද්ධො, ඛීණාසවසඞ්ඛාතෙන බුද්ධො, නිරුපලෙපසඞ්ඛාතෙන බුද්ධො, එකන්තවීතරාගොති බුද්ධො, එකන්තවීතදොසොති බුද්ධො, එකන්තවීතමොහොති බුද්ධො, එකන්තනික්කිලෙසොති බුද්ධො, එකායනමග්ගං ගතොති බුද්ධො, එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති බුද්ධො, අබුද්ධිවිහතත්තා බුද්ධිපටිලාභාති බුද්ධො. බුද්ධොති නෙතං නාමං මාතරා කතං න පිතරා කතං න භාතරා කතං න භගිනියා කතං න මිත්තාමච්චෙහි කතං න ඤාතිසාලොහිතෙහි කතං න සමණබ්‍රාහ්මණෙහි කතං න දෙවතාහි කතං. විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති , යදිදං බුද්ධොති. එතෙ බුද්ධං උපාගච්ඡුන්ති එතෙ බුද්ධං උපාගමිංසු උපසඞ්කමිංසු පයිරුපාසිංසු පරිපුච්ඡිංසු පරිපඤ්හිංසූති - එතෙ බුද්ධං උපාගච්ඡුං.
සම්පන්නචරණං ඉසින්ති චරණං වුච්චති සීලාචාරනිබ්බත්ති. සීලසංවරොපි චරණං, ඉන්ද්‍රියසංවරොපි චරණං, භොජනෙ මත්තඤ්ඤුතාපි චරණං, ජාගරියානුයොගොපි චරණං, සත්තපි සද්ධම්මා චරණං, චත්තාරිපි ඣානානි චරණං. සම්පන්නචරණන්ති සම්පන්නචරණං සෙට්ඨචරණං විසෙට්ඨචරණං (විසිට්ඨචරණං (ක.)) පාමොක්ඛචරණං උත්තමචරණං පවරචරණං. ඉසීති ඉසි භගවා මහන්තං සීලක්ඛන්ධං එසී ගවෙසී පරියෙසීති ඉසි...පෙ.... මහෙසක්ඛෙහි වා සත්තෙහි එසිතො ගවෙසිතො පරියෙසිතො - ‘‘කහං බුද්ධො, කහං භගවා, කහං දෙවදෙවො කහං නරාසභො’’ති - ඉසීති - සම්පන්නචරණං ඉසිං.
පුච්ඡන්තා නිපුණෙ පඤ්හෙති. පුච්ඡන්තාති පුච්ඡන්තා යාචන්තා අජ්ඣෙසන්තා පසාදෙන්තා. නිපුණෙ පඤ්හෙති ගම්භීරෙ දුද්දසෙ දුරනුබොධෙ සන්තෙ පණීතෙ අතක්කාවචරෙ නිපුණෙ පණ්ඩිතවෙදනීයෙ පඤ්හෙති - පුච්ඡන්තා නිපුණෙ පඤ්හෙ.
බුද්ධසෙට්ඨං උපාගමුන්ති. බුද්ධොති යො සො භගවා...පෙ.... සච්ඡිකා පඤ්ඤත්ති, යදිදං බුද්ධොති. සෙට්ඨන්ති අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරං බුද්ධං උපාගමුං උපාගමිංසු උපසඞ්කමිංසු පයිරුපාසිංසු පරිපුච්ඡිංසු පරිපඤ්හිංසූති - බුද්ධසෙට්ඨං උපාගමුං. තෙනෙතං වුච්චති -
‘‘එතෙ බුද්ධං උපාගච්ඡුං, සම්පන්නචරණං ඉසිං;
පුච්ඡන්තා නිපුණෙ පඤ්හෙ, බුද්ධසෙට්ඨං උපාගමු’’න්ති.
97
(17-2)
1. “මොවුහු බුදුන් වෙත පැමිණියහ” යන්නෙහි ‘මොවුහු’ යනු මේ සොළොස් පාරායණික බ්‍රාහ්මණයෝ යනුයි. ‘බුදුන්’ යනු යම් ඒ භාග්‍යවතුන් වහන්සේයි. තමන්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කළ සේක’ ආචාර්යවරයෙක් නැත්තේය. පෙර අවබෝධ නොකළ ධර්මයන් තෙමේ සත්‍යය අවබෝධ කළ සේක. එහිද සර්වඥ බවට පැමිණිසේක, ඵලයන්හිද වසඟ බවට පැමිණි සේක, බුද්ධ යනු කවර අර්ථයකින් බුද්ධ නම් වේද? සත්‍යයන් අවබෝධ කෙළේනුයි. බුද්ධ නමි, ප්‍රජාව කෙරෙහි අවබෝධ කරවන ලද්දේනුයි බුද්ධ නමි. සියල්ල දත් බැවින් බුද්ධ නමි. සියල්ල දක්නා බැවින් බුද්ධ නමි කෙලෙස් නැති කළ බැවින් බුද්ධනමි. කිළුටු හෙවත් බාධා දුරුකළ බැවින් බුද්ධ නමි ඒකාන්ත වීතරාග බැවින් බුද්ධ නමි. ඒකාන්ත වීතදෝෂ බැවින් බුද්ධ නමි. ඒකාන්ත වීතමොහ බැවින් බුද්ධ නමි. ඒකාන්ත නික්කීලෙස (කෙලෙස් නැති බැවින්) බුද්ධ නමි. ඒකායන මාර්ගයට ගියේනුයි බුද්ධ නමි. තනිව නිරුත්තරවූ සම්‍යක් සම්බොධියට පැමිණියේනුයි බුද්ධ නමි. බුද්ධි ප්‍රතිලාභයෙන් අබුද්ධිය බෙදන ලදනුයි බුද්ධ නමි. බුද්ධ යන මේ නාමය මව විසින් නොකරණ ලදී. පියා විසින් නොකරණ ලදී. සහෝදරයා විසින් සහෝදරිය විසින්, මිත්‍රාමාත්‍යයන් විසින්, නෑ සහලේ නෑයන් විසින් ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නොකරණ ලදී. දෙවතාවන් විසින් නොකරණ ලදී. විමොක්ෂය කෙළවරකොට ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාට සර්වඥතා ඥානය ලැබීම සමගම ඇතිවන ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇති කළ පැනවීමකි. මේ බුද්ධ යනුයි. “මොව්හු බුදුන් වෙත පැමිණියහ, පයිරුපාසනය කළහ, පිරිවැරූහ, චරණ ධර්මයෙන් යුක්ත ඍෂීන්” යන්නෙහි චරණ නම් ශීලය හා ආචාරය ඇතිවීමයි ශීලසංවරයද චරණයයි, ඉන්ද්‍රිය සංවරයද චරණයයි, භොජනයෙහි පමණ දැනීමද චරණයයි. නිදි වර්ජිත කිරීමෙහි යෙදීමද චරණයයි. ධර්ම සතක් චරණයෝයයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනාකරණ ලදහ. චරණයෙන් යුක්ත යනු ශ්‍රේෂ්ඨ චරණයයි. ඉතා උතුම් චරණයයි ප්‍රමුඛ චරණයයි. ඉතා උතුම් චරණයයි යනුයි. ‘ඍෂි’ යනු භාග්‍යවතුන් වහන්සේ ඍෂි සේක. මහත්වූ ශීල සමූහයක් සෙවීනුයි ඍෂි සේක. (4-6) 1 යොදාගත යුතුයි.)
2. “විචාරන්නාහු” යනු ප්‍රශ්න කරන්නාහු ඉල්ලන්නාහු යනුයි. ‘නිපුනවූ ප්‍රශ්නයක්’ යනු ගැඹුරුවූ දැකීමට දුෂ්කරවූ, දුකසේ අවබෝධ කටයුතුවූ ශාන්තවූ, ප්‍රණීතවූ අතක්කාවචරවූ නිපුනවූ, පණ්ඩිත වෙදනීයවූ යනුයි. ‘බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතට’ යන්නෙහි ‘බුද්ධ’ නම් යම් ඒ භාග්‍යවතුන් වහන්සේයි. (17-3) 1 (i) බුදුන් යන තැන සිට යොදාගත යුතුයි.)
3. “ශ්‍රේෂ්ඨ’ යනු අග්‍ර, ශ්‍රේෂ්ඨ ප්‍රමුඛ උතුම්, ඉතා උතුම් බුදුරදුන් වෙත පැමිණියහ. පයිරුපාසනය කළහ. විචාළහ, ප්‍රගුන කළහ යනුයි.
98
තෙසං බුද්ධො පබ්‍යාකාසි, පඤ්හං පුට්ඨො යථාතථං;
පඤ්හානං වෙය්‍යාකරණෙන, තොසෙසි බ්‍රාහ්මණෙ මුනි.
තෙසං බුද්ධො පබ්‍යාකාසීති. තෙසන්ති සොළසානං පාරායනියානං බ්‍රාහ්මණානං. බුද්ධොති යො සො භගවා...පෙ.... සච්ඡිකා පඤ්ඤත්ති, යදිදං බුද්ධොති. පබ්‍යාකාසීති තෙසං බුද්ධො පබ්‍යාකාසි ආචික්ඛි දෙසෙසි පඤ්ඤපෙසි පට්ඨපෙසි විවරි විභජි උත්තානීඅකාසි පකාසෙසීති - තෙසං බුද්ධො පබ්‍යාකාසි.
පඤ්හං පුට්ඨො යථාතථන්ති. පඤ්හං පුට්ඨොති පඤ්හං පුට්ඨො පුච්ඡිතො යාචිතො අජ්ඣෙසිතො පසාදිතො. යථාතථන්ති යථා ආචික්ඛිතබ්බං තථා ආචික්ඛි , යථා දෙසිතබ්බං තථා දෙසෙසි, යථා පඤ්ඤපෙතබ්බං තථා පඤ්ඤපෙසි, යථා පට්ඨපෙතබ්බං තථා පට්ඨපෙසි, යථා විවරිතබ්බං තථා විවරි , යථා විභජිතබ්බං තථා විභජි, යථා උත්තානීකාතබ්බං තථා උත්තානීඅකාසි, යථා පකාසිතබ්බං තථා පකාසෙසීති - පඤ්හං පුට්ඨො යථාතථං.
පඤ්හානං වෙය්‍යාකරණෙනාති පඤ්හානං වෙය්‍යාකරණෙන ආචික්ඛනෙන දෙසනෙන පඤ්ඤපනෙන පට්ඨපනෙන විවරණෙන විභජනෙන උත්තානීකම්මෙන පකාසනෙනාති - පඤ්හානං වෙය්‍යාකරණෙන.
තොසෙසි බ්‍රාහ්මණෙ මුනීති. තොසෙසීති තොසෙසි විතොසෙසි පසාදෙසි ආරාධෙසි අත්තමනෙ අකාසි. බ්‍රාහ්මණෙති සොළස පාරායනියෙ බ්‍රාහ්මණෙ. මුනීති මොනං වුච්චති ඤාණං...පෙ.... සඞ්ගජාලමතිච්ච සො මුනීති - තොසෙසි බ්‍රාහ්මණෙ මුනි. තෙනෙතං වුච්චති -
‘‘තෙසං බුද්ධො පබ්‍යාකාසි, පඤ්හං පුට්ඨො යථාතථං;
පඤ්හානං වෙය්‍යාකරණෙන, තොසෙසි බ්‍රාහ්මණෙ මුනී’’ති.
98
(17-3)
1. “ඔවුන්ට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළසේක’ යන්නෙහි “ඔවුන්ට” යනු සොළොස් පාරායනීය බ්‍රාහ්මණයන්ට යනුයි. ‘බුද්ධ’ යනු යම් ඒ භාග්‍යවතුන් වහන්සේයි. (17-2) 1 බුදුන් යන තැන සිට යෙදිය යුතුයි.) ඔවුන්ට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළසේක. කීසේක, දේශනා කළසේක, පැනවූසේක, තැබූසේක, විවෘත කළසේක, බෙදූසේක, යනුයි. ප්‍රශ්න විචාරණ ලද්දේ යනු ඉල්ලන ලද්දේ ආරාධනා කරණ ලද්දේ යනුයි.
2. “කීම පරිදි” යනු යම්සේ කිය යුතුද, එසේ කීසේක. යම්සේ දෙසිය යුතුද එසේ දෙසූ සේක, යම්සේ පැනවිය යුතු නම් එසේ පැනවූසේක, යම්සේ තැබිය යුතු නම් එසේ තැබූ සේක, යම්සේ බෙදිය යුතු නම් එසේ බෙදූසේක. යම්සේ ප්‍රකට කළ යුතු නම් එසේ ප්‍රකට කළ සේක. යම්සේ ප්‍රකාශ කළ යුතු නම් එසේ ප්‍රකාශ කළ සේක. ‘ප්‍රශ්නයන්ගේ විස්තර ප්‍රකාශ කිරීමෙන්’ යනු ප්‍රශ්නයන්ගේ ව්‍යාකරණයෙන් යනු කීමෙන්, දේශනා කිරීමෙන්, දැක්වීමෙන්, විවෘත කිරීමෙන්, බෙදීමෙන් ප්‍රකාශනයෙන් යනුයි.
3. “සතුටු කළසේක” යනු පැහැදවූසේක යනුයි. ‘බ්‍රාහ්මණයින්’ යනු සොළොස් පාරායනීය බ්‍රාහ්මණයින් යනුයි.
4. “මොන” යයි ඥානයට කියයි. (මහා නිද්දේසයේ (3-1) 3 යෙදිය යුතුයි. 1572 පිට)
5. “පංච චක්ෂූන් වහන්සේ විසින් ඔවුහු සතුටු කරවන ලදහ” යන්නෙහි ඔවුහු යනු සොළොස් පාරායන බ්‍රාහ්මණයෝ සතුටු කරවන ලදහ, ප්‍රශංසා කරවන ලදහ, ආරාධනය කරවන ලදහ. සතුටු කරවන ලදහ, යනුයි.
99
තෙ තොසිතා චක්ඛුමතා, බුද්ධෙනාදිච්චබන්ධුනා;
බ්‍රහ්මචරියමචරිංසු, වරපඤ්ඤස්ස සන්තිකෙ.
තෙ තොසිතා චක්ඛුමතාති. තෙති සොළස පාරායනියා බ්‍රාහ්මණා. තොසිතාති තොසිතා විතොසිතා පසාදිතා ආරාධිතා අත්තමනා කතාති - තෙ තොසිතා. චක්ඛුමතාති භගවා පඤ්චහි චක්ඛූහි චක්ඛුමා - මංසචක්ඛුනාපි චක්ඛුමා, දිබ්බචක්ඛුනාපි චක්ඛුමා, පඤ්ඤාචක්ඛුනාපි චක්ඛුමා, බුද්ධචක්ඛුනාපි චක්ඛුමා, සමන්තචක්ඛුනාපි චක්ඛුමා. කථං භගවා මංසචක්ඛුනාපි චක්ඛුමා...පෙ.... එවං භගවා සමන්තචක්ඛුනාපි චක්ඛුමාති - තෙ තොසිතා චක්ඛුමතා.
බුද්ධෙනාදිච්චබන්ධුනාති. බුද්ධොති යො සො භගවා...පෙ.... සච්ඡිකා පඤ්ඤත්ති, යදිදං බුද්ධොති. ආදිච්චබන්ධුනාති ආදිච්චො වුච්චති සූරියො. සො ගොතමො ගොත්තෙන, භගවාපි ගොතමො ගොත්තෙන, භගවා සූරියස්ස ගොත්තඤාතකො ගොත්තබන්ධු. තස්මා බුද්ධො ආදිච්චබන්ධූති - බුද්ධෙනාදිච්චබන්ධුනා.
බ්‍රහ්මචරියමචරිංසූති බ්‍රහ්මචරියං වුච්චති අසද්ධම්මසමාපත්තියා ආරති විරති පටිවිරති වෙරමණී විරමණං අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො. අපි ච, නිප්පරියායවසෙන බ්‍රහ්මචරියං වුච්චති අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි. බ්‍රහ්මචරියමචරිංසූති බ්‍රහ්මචරියං චරිංසු අචරිංසු සමාදාය වත්තිංසූති - බ්‍රහ්මචරියමචරිංසු.
වරපඤ්ඤස්ස සන්තිකෙති වරපඤ්ඤස්ස අග්ගපඤ්ඤස්ස සෙට්ඨපඤ්ඤස්ස විසෙට්ඨපඤ්ඤස්ස පාමොක්ඛපඤ්ඤස්ස උත්තමපඤ්ඤස්ස පවරපඤ්ඤස්ස. සන්තිකෙති සන්තිකෙ සාමන්තා ආසන්නෙ අවිදූරෙ උපකට්ඨෙති - වරපඤ්ඤස්ස සන්තිකෙ. තෙනෙතං වුච්චති -
‘‘තෙ තොසිතා චක්ඛුමතා, බුද්ධෙනාදිච්චබන්ධුනා;
බ්‍රහ්මචරියමචරිංසු, වරපඤ්ඤස්ස සන්තිකෙ’’ති.
99
6. “භාග්‍යවතුන් වහන්සේ ඇස් පසක් ඇති බැවින් ඇස් ඇත්තේනමි (මහානිද්දෙසයේ (14-7) 1 ‘පසැස්වලින්’ යන තැන සිට යෙදිය යුතුයි.) මෙසේ භාග්‍යවතුන් වහන්සේ සර්වඥතාඥානය ඇති බැවින්ද ඇස් ඇත්තේ නම් ‘බුද්ධ’ යනු යම් ඒ භාග්‍යවතුන් වහන්සේයි. (17-2) 1 ‘බුදුන්’ යන තැන සිට යෙදිය යුතුයි.) ආදිච්ච බන්ධු යන්නෙහි ආදිච්ච යනු සූර්යයාට කියයි. සූර්යයාද ගෝත්‍රයෙන් ගෞතමය, භාග්‍යවතුන් වහන්සේද ගොත්‍රයෙන් ගෞතමය, භාග්‍යවතුන් වහන්සේ සූර්යයාගේ ගොත්‍ර බන්ධුවරයෙකි. ගොත්‍ර ඥාතිවරයෙකි. එහෙයින් බුදුරජතෙම ආදිච්ච බන්ධු නම් වේ. ‘බ්‍රහ්මචරියාවෙහි හැසුරුනහ’ යන්නෙහි බ්‍රහ්මචරියාව නම් අසද්ධර්මචරියාවෙන් හෝ වෙන්වීමයි එය නොකිරීමයි යනුයි. නැවතද සමානාර්ථයෙන් බ්‍රහ්මචරියාව යයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියයි.
7. ඒ කෙසේද සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යනුයි. ‘බ්‍රහ්මචරියාවෙහි හැසුරුණහ’ යනු බ්‍රහ්මචරියාවෙහි හැසුරුනහ, සමාදන්ව සිටියහ යනුයි.
8. “උතුම් ප්‍රඥා ඇත්තවුන් වහන්සේ සමීපයෙහි” යනු අග්‍ර ප්‍රඥා ඇති ශ්‍රේෂ්ඨප්‍රඥා ඇති, ප්‍රමුඛ ප්‍රඥා ඇත්තවුන් සමීපයෙහි යනුයි. “සමීපයෙහි” යනු ආසන්නයෙහි, නුදුරෙහි, යනුයි. මෙය ඒ සඳහා කියන ලදී.
100
එකමෙකස්ස පඤ්හස්ස, යථා බුද්ධෙන දෙසිතං;
තථා යො පටිපජ්ජෙය්‍ය, ගච්ඡෙ පාරං අපාරතො.
එකමෙකස්ස පඤ්හස්සාති එකමෙකස්ස අජිතපඤ්හස්ස, එකමෙකස්ස තිස්සමෙත්තෙය්‍යපඤ්හස්ස...පෙ.... එකමෙකස්ස පිඞ්ගියපඤ්හස්සාති - එකමෙකස්ස පඤ්හස්ස.
යථා බුද්ධෙන දෙසිතන්ති. බුද්ධොති යො සො භගවා සයම්භූ...පෙ.... සච්ඡිකා පඤ්ඤත්ති, යදිදං බුද්ධොති. යථා බුද්ධෙන දෙසිතන්ති යථා බුද්ධෙන ආචික්ඛිතං දෙසිතං පඤ්ඤපිතං පට්ඨපිතං විවරිතං විභජිතං (විභත්තං (ස්‍යා.)) උත්තානීකතං පකාසිතන්ති - යථා බුද්ධෙන දෙසිතං.
තථා යො පටිපජ්ජෙය්‍යාති සම්මාපටිපදං අනුලොමපටිපදං අපච්චනීකපටිපදං අන්වත්ථපටිපදං ධම්මානුධම්මපටිපදං පටිපජ්ජෙය්‍යාති - තථා යො පටිපජ්ජෙය්‍ය.
ගච්ඡෙ පාරං අපාරතොති පාරං වුච්චති අමතං නිබ්බානං...පෙ.... නිරොධො නිබ්බානං; අපාරං වුච්චන්ති කිලෙසා ච ඛන්ධා ච අභිසඞ්ඛාරා ච. ගච්ඡෙ පාරං අපාරතොති අපාරතො පාරං ගච්ඡෙය්‍ය, පාරං අධිගච්ඡෙය්‍ය, පාරං ඵස්සෙය්‍ය, පාරං සච්ඡිකරෙය්‍යාති - ගච්ඡෙ පාරං අපාරතො. තෙනෙතං වුච්චති -
‘‘එකමෙකස්ස පඤ්හස්ස, යථා බුද්ධෙන දෙසිතං;
තථා යො පටිපජ්ජෙය්‍ය, ගච්ඡෙ පාරං අපාරතො’’ති.
100
(17-4)
1. “එක එකම ප්‍රශ්නයකගේද” යනු එක එකද අජිත ප්‍රශ්නයකගේ තිස්ස මෙත්තෙය්‍ය, පුණ්ණ මානවක, මෙත්තගු ධොතක, උපසීව, නන්ද, හෙමක, තොදෙය්‍ය, කප්ප මානවක, ජතුකණ්ණි, භද්‍රාවුධ, උදය, පොසාල, මොඝරාජ යන මොවුන්ගේ එක එක ද ප්‍රශ්නයකගේ යම්සේ බුදුන් විසින් දේශනා කරණලද’ යන්නෙහි,
2. “බුද්ධ” යනු යම් ඒ භාග්‍යවතුන් වහන්සේයි. “යම්සේ බුදුන් විසින් දේශනා කරණ ලද,” යනු යම්සේ බුදුන් විසින් දේශනා කරණලද පනවන ලද තබන ලද, විවෘත කරණ ලද, බෙදන ලද ප්‍රකට කරණ ලද, ප්‍රකාශ කරණ ලද යනුයි.
3. “එසේ යමෙක් පිළිපදනේ නම්,” යනු සම්‍යක් ප්‍රතිපදාව, අනුලොම ප්‍රතිපදාව, නොවෙනස් ප්‍රතිපදාව, අන්වර්ථ ප්‍රතිපදාව, ධර්මානුධර්ම ප්‍රතිපදාව, පිළිපදනේය, “යමෙක් එසේ පිළිපදනේ නම් මෙතෙරින් එතරට යන්නේය.” යන්නෙහි පාර (එතර) යයි අමෘතවූ නිර්වාණයට කියයි. මෙතර යයි ක්ලේශයෝද, ස්කන්ධයෝද, අභිසංස්කාරයෝද කියයි.
4. “පරතෙරට යන්නේය” යනු පරතෙරට පැමිණෙන්නේය, පරතෙර දක්නේය, පරතෙර ප්‍රත්‍යක්ෂ කරන්නේය, පරතෙරට පමුණු වන්නේය, පරතෙර ප්‍රත්‍යක්ෂ කරන්නේය මෙතරින් එතරට යන්නේය යනුයි. එහෙයින් මෙය කියයි.
101
අපාරා පාරං ගච්ඡෙය්‍ය, භාවෙන්තො මග්ගමුත්තමං;
මග්ගො සො පාරං ගමනාය, තස්මා පාරායනං ඉති.
අපාරා පාරං ගච්ඡෙය්‍යාති අපාරං වුච්චන්ති කිලෙසා ච ඛන්ධා ච අභිසඞ්ඛාරා ච; පාරං වුච්චති අමතං නිබ්බානං...පෙ.... තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අපාරා පාරං ගච්ඡෙය්‍යාති අපාරා පාරං ගච්ඡෙය්‍ය, පාරං අධිගච්ඡෙය්‍ය, පාරං ඵස්සෙය්‍ය, පාරං සච්ඡිකරෙය්‍යාති - අපාරා පාරං ගච්ඡෙය්‍ය.
භාවෙන්තො මග්ගමුත්තමන්ති මග්ගමුත්තමං වුච්චති අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි. මග්ගමුත්තමන්ති මග්ගං අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරං. භාවෙන්තොති භාවෙන්තො ආසෙවන්තො බහුලීකරොන්තොති - භාවෙන්තො මග්ගමුත්තමං.
මග්ගො සො පාරං ගමනායාති -
මග්ගො පන්ථො පථො පජ්ජො (අද්ධො (ක.)), අඤ්ජසං වටුමායනං;
නාවා උත්තරසෙතු ච, කුල්ලො ච භිසි සඞ්කමො (සඞ්ගමො (ස්‍යා. ක.) පස්ස-ධාතුමාලායං මග්ගධාතුවණ්ණනායං).
පාරං ගමනායාති පාරං ගමනාය පාරං සම්පාපනාය පාරං සමනුපාපනාය ජරාමරණස්ස තරණායාති - මග්ගො සො පාරං ගමනාය.
තස්මා පාරායනං ඉතීති. තස්මාති තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තංනිදානා. පාරං වුච්චති අමතං නිබ්බානං...පෙ.... නිරොධො නිබ්බානං. අයනං වුච්චති මග්ගො. ඉතීති පදසන්ධි...පෙ.... පදානුපුබ්බතාපෙතං ඉතීති - තස්මා පාරායනං ඉති. තෙනෙතං වුච්චති -
‘‘අපාරා පාරං ගච්ඡෙය්‍ය, භාවෙන්තො මග්ගමුත්තමං;
මග්ගො සො පාරං ගමනාය, තස්මා පාරායනං ඉතී’’ති.
101
(17-5)
1. “මෙතරින් එතරට යන්නේය” යනු ක්ලේශයෝද ස්කන්ධයෝද, අභිසංස්කාරයෝද මෙතර නමි. එතෙරයයි අමෘතවූ නිර්වාණයට කියයි. තෘෂ්ණා ක්ෂය නම්වූ විරාග නම්වූ නිරෝධ නම් වූ නිර්වාණයයි.
2. “උතුම් මාර්ගය” යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියයි. (මෙහි 17-3) 7 ඡේදය යෙදිය යුතුයි.) “උතුම්” යනු, අග්‍රවූ, ශ්‍රේෂ්ඨවූ ප්‍රමුඛවූ යනුයි. වඩන්නේ යනු වඩන්නේ ආසෙවනය කරන්නේ, යනුයි. ‘එය පරතෙරට යන මාර්ගය” යන්නෙහි ‘මාර්ගය’ යනු මාර්ගය, පන්ථය, පථය, අද්ධය අඤ්ජසය, වටුමය, අයනය, නැව, එතරවන ඒදණ්ඩ පසුර යනුයි පරතෙරට පැමිණීම පිණිස, පරතෙරට සම්ප්‍රාප්තය පිණිස, ජරා මරණයාගේ තරණය පිණිස, මාර්ගයයි යනුයි.
3. “එහෙයින් පාරායනයයි” යන්නෙහි ‘එහෙයින්’ යනු ඒ ප්‍රත්‍යයෙන් ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ නිදානයෙන් යනුයි. පරතෙර යනු අමෘතවූ නිර්වාණයට කියයි ‘අයන’ යනු මාර්ගයට කියයි. ‘ඉති’ (මෙය) යනු ස්වරයන්ගේ ගැලපීමයි. පදයන්ගේ පිළිවෙල දැක්වීමයි යනුයි.
18. පාරායනානුගීතිගාථානිද්දෙසො 18. පාරායනානුගීතිගාථානිද්දෙසො