ත්‍රිපිටකය
පාරායනවග්ගනිද්දෙසො පාරායනවග්ගනිද්දෙසො
1. අජිතමාණවපුච්ඡානිද්දෙසො 1. අජිත මානවක පුච්ඡා නිද්දේසය
1
කෙනස්සු නිවුතො ලොකො, [ඉච්චායස්මා අජිතො]
කෙනස්සු නප්පකාසති;
කිස්සාභිලෙපනං බ්‍රූසි (බ්‍රූහි (ස්‍යා.)), කිංසු තස්ස මහබ්භයං.
කෙනස්සු නිවුතො ලොකොති. ලොකොති නිරයලොකො තිරච්ඡානලොකො පෙත්තිවිසයලොකො මනුස්සලොකො දෙවලොකො ඛන්ධලොකො ධාතුලොකො ආයතනලොකො අයං ලොකො පරො ලොකො බ්‍රහ්මලොකො දෙවලොකො - අයං වුච්චති ලොකො. අයං ලොකො කෙන ආවුතො නිවුතො ඔවුතො (ඔඵුතො (ස්‍යා.)) පිහිතො පටිච්ඡන්නො පටිකුජ්ජිතොති - කෙනස්සු නිවුතො ලොකො?
ඉච්චායස්මා අජිතොති. ඉච්චාති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරී අක්ඛරසමවායො බ්‍යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාපෙතං (පදානුපුබ්බතාමෙතං (බහූසු)) ඉච්චාති. ආයස්මාති පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සාධිවචනමෙතං ආයස්මාති. අජිතොති තස්ස බ්‍රාහ්මණස්ස නාමං සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්‍යං නිරුත්ති බ්‍යඤ්ජනං අභිලාපොති - ඉච්චායස්මා අජිතො.
කෙනස්සු නප්පකාසතීති කෙන ලොකො නප්පකාසති න භාසති න තපති න විරොචති න ඤායති න පඤ්ඤායතීති - කෙනස්සු නප්පකාසති .
කිස්සාභිලෙපනං බ්‍රූසීති කිං ලොකස්ස ලෙපනං ලග්ගනං බන්ධනං උපක්කිලෙසො. කෙන ලොකො ලිත්තො සංලිත්තො උපලිත්තො කිලිට්ඨො සංකිලිට්ඨො මක්ඛිතො සංසට්ඨො ලග්ගො ලග්ගිතො පලිබුද්ධො, බ්‍රූසි ආචික්ඛසි දෙසෙසි පඤ්ඤපෙසි (පඤ්ඤාපෙසි (ක.)) පට්ඨපෙසි විවරසි විභජසි උත්තානීකරොසි (උත්තානිං කරොසි (ක.)) පකාසෙසීති - කිස්සාභිලෙපනං බ්‍රූසි.
කිංසු තස්ස මහබ්භයන්ති කිං ලොකස්ස භයං මහබ්භයං පීළනං ඝට්ටනං උපද්දවො උපසග්ගොති - කිංසු තස්ස මහබ්භයං. තෙනාහ සො බ්‍රාහ්මණො -
‘‘කෙනස්සු නිවුතො ලොකො, [ඉච්චායස්මා අජිතො]
කෙනස්සු නප්පකාසති;
කිස්සාභිලෙපනං බ්‍රූසි, කිංසු තස්ස මහබ්භය’’න්ති.
1
(1-1)
1. “ලෝකය කුමකින් වසන ලද්දේද” යන්නෙහි (ii) ලෝකය නම් නිරය ලෝකය, තිරිසන් ලෝකය, ප්‍රෙත ලෝකය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, ස්කන්ධ ලෝකය, ධාතු ලෝකය, ආයතන ලෝකය, මේ ලෝකය, පර ලෝකය, බ්‍රහ්ම ලෝකය, දිව්‍ය ලෝකය යන මේ ලෝකයයි කියයි. (iii) මේ ලෝකය කවරකින් ආවරණය කරණ ලද්දේද, වටකරණ ලද්දේද, වැසුනේද යනුයි. “ආයුෂ්මත් අජිතතෙම මෙසේ කීයේය” යන්නෙහි “මෙසේ” යනු පද සන්ධියයි. (iv) පද ගැලපීමයි. පද පිරවීමයි. අකුරු සමසේ යෙදීමයි. පද සිළුටු කිරීමයි. මෙය පද පිළිවෙලයි. “ආයුෂ්මත් අජිතතෙම” යනු ඔහුගේ වචනයයි. ගරු වචනයයි. ගෞරව සහිත උසස් නාමයයි. මේ ආයුෂ්මත් යනුයි. අජිත යනු ඒ බ්‍රාහ්මණයාගේ නාමයයි. සමානවූ පැනවීම් ව්‍යවහාර නාමයකි. නිරුක්ති පද සහිත කීමකි, යනුයි.
2. “කුමකින් ලෝකය ප්‍රකාශ නොවේද” යනු කුමකින් ලෝකය ප්‍රකාශ නොවේද, නොබබළාද, දීප්තිමත් නොවේද, විවේචනය නොකෙරේද, නොදැනේද, ප්‍රකට නොවේද යනුයි.
3. “කුමක තැවරීම කියන්නෙහිද, යනු ලෝකයාගේ තැවරීම ලැගීම කුමක්ද, බන්ධනය කිළුට කුමක්ද, කුමකින් ලෝකය තැවරුනේද, මනාකොට තැවරුනේද, විශේෂයෙන් තැවරුනේද, කිළුටු වූයේද, විශේෂයෙන් කිළුටු වූයේද, තැවරුනේද, මිශ්‍රවූයේද, එල්බුනේද පලිබොධවූයේදැයි කියනු මැනවි. ප්‍රකාශ කරණු මැනවි දේශනා කරණු මැනවි පණවනු මැනවි. තබනු මැනවි. විවෘත කරණු මැනවි. බෙදනු මැනවි, ප්‍රකට කරණු මැනවි. යනු කුමක තැවරීම කියන්නෙහිද, ඒ ලෝකයට මහත් භය කුමක්ද යනු ලෝකයට මහත් භය, පීඩාව ඝට්ටනය, උපද්‍රවය, උවදුර කුමක්ද යනුයි එහෙයින් ඒ බ්‍රාහ්මණතෙම මෙසේ කීවේය. (මෙහි මෙසේ කීවේය යනුවෙන් දැක්වෙන ගාථා අනුවාද සියල්ලම සූත්‍ර නිර්දෙශයේ පාරායන වර්ගයේ ඒ ඒ සූත්‍රවලින් දක්වා ඇත.)
2
අවිජ්ජාය නිවුතො ලොකො, [අජිතාති භගවා]
වෙවිච්ඡා පමාදා නප්පකාසති;
ජප්පාභිලෙපනං බ්‍රූමි, දුක්ඛමස්ස මහබ්භයං.
අවිජ්ජාය නිවුතො ලොකොති. අවිජ්ජාති දුක්ඛෙ අඤ්ඤාණං දුක්ඛසමුදයෙ අඤ්ඤාණං දුක්ඛනිරොධෙ අඤ්ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, පුබ්බන්තෙ අඤ්ඤාණං අපරන්තෙ අඤ්ඤාණං පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං, ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං, යං එවරූපං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසංගාහනා අපරියොගාහනා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛණා (අපච්චවෙක්ඛනා (ස්‍යා.)) අපච්චවෙක්ඛණකම්මං දුම්මෙජ්ඣං බාල්‍යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, අයං වුච්චති - අවිජ්ජා.
ලොකොති නිරයලොකො තිරච්ඡානලොකො පෙත්තිවිසයලොකො මනුස්සලොකො දෙවලොකො ඛන්ධලොකො ධාතුලොකො ආයතනලොකො අයං ලොකො පරො ලොකො බ්‍රහ්මලොකො දෙවලොකො - අයං වුච්චති ලොකො. අයං ලොකො ඉමාය අවිජ්ජාය ආවුතො නිවුතො ඔවුතො පිහිතො පටිච්ඡන්නො පටිකුජ්ජිතොති - අවිජ්ජාය නිවුතො ලොකො.
අජිතාති භගවා තං බ්‍රාහ්මණං නාමෙන ආලපති. භගවාති ගාරවාධිවචනං. අපි ච, භග්ගරාගොති භගවා; භග්ගදොසොති භගවා; භග්ගමොහොති භගවා; භග්ගමානොති භගවා; භග්ගදිට්ඨීති භගවා; භග්ගකණ්ටකොති භගවා; භග්ගකිලෙසොති භගවා; භජි විභජි පවිභජි ධම්මරතනන්ති භගවා; භවානං අන්තකරොති භගවා; භාවිතකායො භාවිතසීලො භාවිතචිත්තො (භාවිතකායොති භගවා, භාවිතසීලොති භාවිතචිත්තොති (ස්‍යා.)) භාවිතපඤ්ඤොති භගවා; භජි වා භගවා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහස්සෙය්‍යකානි (මනුස්සරාහසෙය්‍යකානි (ස්‍යා.)) පටිසල්ලානසාරුප්පානීති භගවා; භාගී වා භගවා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති භගවා; භාගී වා භගවා අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස අධිසීලස්ස අධිචිත්තස්ස අධිපඤ්ඤායාති භගවා; භාගී වා භගවා චතුන්නං ඣානානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං අරූපසමාපත්තීනන්ති භගවා; භාගී වා භගවා අට්ඨන්නං විමොක්ඛානං අට්ඨන්නං අභිභායතනානං නවන්නං අනුපුබ්බසමාපත්තීනන්ති භගවා; භාගී වා භගවා දසන්නං සඤ්ඤාභාවනානං කසිණසමාපත්තීනං ආනාපානස්සතිසමාධිස්ස අසුභසමාපත්තියාති භගවා; භාගී වා භගවා චතුන්නං සතිපට්ඨානානං චතුන්නං සම්මප්පධානානං චතුන්නං ඉද්ධිපාදානං පඤ්චන්නං ඉන්ද්‍රියානං පඤ්චන්නං බලානං සත්තන්නං බොජ්ඣඞ්ගානං අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්සාති භගවා; භාගී වා භගවා දසන්නං තථාගතබලානං චතුන්නං වෙසාරජ්ජානං චතුන්නං පටිසම්භිදානං ඡන්නං අභිඤ්ඤානං ඡන්නං බුද්ධධම්මානන්ති භගවා; භගවාති නෙතං නාමං මාතරා කතං න පිතරා කතං න භාතරා කතං න භගිනියා කතං න මිත්තාමච්චෙහි කතං න ඤාතිසාලොහිතෙහි කතං න සමණබ්‍රාහ්මණෙහි කතං න දෙවතාහි කතං. විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති, යදිදං භගවාති - අජිතාති භගවා.
වෙවිච්ඡා පමාදා නප්පකාසතීති. වෙවිච්ඡං වුච්චති පඤ්ච මච්ඡරියානි - ආවාසමච්ඡරියං, කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං , ධම්මමච්ඡරියං. යං එවරූපං මච්ඡෙරං මච්ඡරායනා මච්ඡරායිතත්තං වෙවිච්ඡං කදරියං කටුකඤ්චුකතා අග්ගහිතත්තං චිත්තස්ස - ඉදං වුච්චති මච්ඡරියං. අපි ච ඛන්ධමච්ඡරියම්පි මච්ඡරියං, ධාතුමච්ඡරියම්පි මච්ඡරියං, ආයතනමච්ඡරියම්පි මච්ඡරියං, ගාහො වුච්චති මච්ඡරියං. පමාදො වත්තබ්බො - කායදුච්චරිතෙ වා වචීදුච්චරිතෙ වා මනොදුච්චරිතෙ වා පඤ්චසු කාමගුණෙසු වා චිත්තස්ස වොසග්ගො (වොස්සග්ගො (බහූසු)) වොසග්ගානුප්පදානං කුසලානං ධම්මානං භාවනාය අසක්කච්චකිරියතා අසාතච්චකිරියතා අනට්ඨිතකිරියතා (අනිට්ඨිතකිරියතා (ක.) විභ. 846) ඔලීනවුත්තිතා නික්ඛිත්තච්ඡන්දතා නික්ඛිත්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම්මං අනධිට්ඨානං අනනුයොගො පමාදො. යො එවරූපො පමාදො පමජ්ජනා පමජ්ජිතත්තං - අයං වුච්චති පමාදො. වෙවිච්ඡා පමාදා නප්පකාසතීති ඉමිනා ච මච්ඡරියෙන ඉමිනා ච පමාදෙන ලොකො නප්පකාසති න භාසති න තපති න විරොචති න ඤායති න පඤ්ඤායතීති - වෙවිච්ඡා පමාදා නප්පකාසති.
ජප්පාභිලෙපනං බ්‍රූමීති ජප්පා වුච්චති තණ්හා. යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්දී (නන්දි (ස්‍යා.)) නන්දිරාගො චිත්තස්ස සාරාගො ඉච්ඡා මුච්ඡා අජ්ඣොසානං ගෙධො පලිගෙධො සඞ්ගො පඞ්කො එජා මායා ජනිකා සඤ්ජනනී සිබ්බිනී ජාලිනී සරිතා විසත්තිකා සුත්තං විසටා (සොත්තං විසතා (ස්‍යා.)) ආයූහනී දුතියා ද්පණිධි භවනෙත්ති වනං වනථො සන්ථවො (සන්ධවො (ක.) විභ. 909) සිනෙහො අපෙක්ඛා පටිබන්ධු ආසා ආසීසනා (ආසිංසනා (ස්‍යා.)) ආසීසිතත්තං රූපාසා සද්දාසා ගන්ධාසා රසාසා ඵොට්ඨබ්බාසා ලාභාසා ධනාසා පුත්තාසා ජීවිතාසා ජප්පා පජප්පා අභිජප්පා ජප්පනා ජප්පිතත්තං ලොලුප්පං ලොලුප්පායනා ලොලුප්පායිතත්තං පුච්ඡඤ්ජිකතා සාධුකම්‍යතා අධම්මරාගො විසමලොභො නිකන්ති නිකාමනා පත්ථනා පිහනා සම්පත්ථනා කාමතණ්හා භවතණ්හා විභවතණ්හා රූපතණ්හා අරූපතණ්හා නිරොධතණ්හා රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා ඔඝො යොගො ගන්ථො උපාදානං ආවරණං නීවරණං ඡදනං බන්ධනං උපක්කිලෙසො අනුසයො පරියුට්ඨානං ලතා වෙවිච්ඡං දුක්ඛමූලං දුක්ඛනිදානං දුක්ඛප්පභවො මාරපාසො මාරබළිසං මාරාමිසං මාරවිසයො මාරනිවාසො මාරගොචරො මාරබන්ධනං තණ්හානදී තණ්හාජාලං තණ්හාගද්දුලං තණ්හාසමුද්දො අභිජ්ඣා ලොභො අකුසලමූලං - අයං වුච්චති ජප්පා. ලොකස්ස ලෙපනං ලග්ගනං බන්ධනං උපක්කිලෙසො ඉමාය ජප්පාය ලොකො ලිත්තො සංලිත්තො උපලිත්තො කිලිට්ඨො සංකිලිට්ඨො මක්ඛිතො සංසට්ඨො ලග්ගො ලග්ගිතො පලිබුද්ධොති බ්‍රූමි ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති - ජප්පාභිලෙපනං බ්‍රූමි.
දුක්ඛමස්ස මහබ්භයන්ති. දුක්ඛන්ති ජාතිදුක්ඛං ජරාදුක්ඛං බ්‍යාධිදුක්ඛං මරණදුක්ඛං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසදුක්ඛං නෙරයිකං දුක්ඛං තිරච්ඡානයොනිකං දුක්ඛං පෙත්තිවිසයිකං දුක්ඛං මානුසිකං දුක්ඛං ගබ්භොක්කන්තිමූලකං දුක්ඛං ගබ්භට්ඨිතිමූලකං (ගබ්භෙඨිතිමූලකං (ස්‍යා. ක.)) දුක්ඛං ගබ්භවුට්ඨානමූලකං දුක්ඛං ජාතස්සූපනිබන්ධකං දුක්ඛං ජාතස්ස පරාධෙය්‍යකං දුක්ඛං අත්තූපක්කමදුක්ඛං පරූපක්කමදුක්ඛං සඞ්ඛාරදුක්ඛං විපරිණාමදුක්ඛං චක්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව්හාරොගො කායරොගො සීසරොගො කණ්ණරොගො මුඛරොගො දන්තරොගො කාසො සාසො පිනාසො ඩාහො (ඩහො (ස්‍යා.)) ජරො කුච්ඡිරොගො මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා කුට්ඨං ගණ්ඩො කිලාසො සොසො අපමාරො දද්දු කණ්ඩු කච්ඡු රඛසා (රක්ඛසා (ක.)) විතච්ඡිකා ලොහිතපිත්තං (ලොහිතං පිත්තං (බහූසු)) මධුමෙහො අංසා පිළකා භගන්දලා පිත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා වාතසමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිණාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඔපක්කමිකා ආබාධා කම්මවිපාකජා ආබාධා සීතං උණ්හං ජිඝච්ඡා පිපාසා උච්චාරො පස්සාවො ඩංසමකසවාතාතපසරීසපසම්ඵස්සං දුක්ඛං මාතුමරණං දුක්ඛං පිතුමරණං දුක්ඛං භාතුමරණං දුක්ඛං භගිනිමරණං දුක්ඛං පුත්තමරණං දුක්ඛං ධීතුමරණං දුක්ඛං ඤාතිබ්‍යසනං දුක්ඛං රොගබ්‍යසනං දුක්ඛං භොගබ්‍යසනං දුක්ඛං සීලබ්‍යසනං දුක්ඛං දිට්ඨිබ්‍යසනං දුක්ඛං යෙසං ධම්මානං ආදිතො සමුදාගමනං පඤ්ඤායති. අත්ථඞ්ගමතො නිරොධො පඤ්ඤායති. කම්මසන්නිස්සිතො විපාකො. විපාකසන්නිස්සිතං කම්මං, නාමසන්නිස්සිතං රූපං රූපසන්නිස්සිතං නාමං, ජාතියා අනුගතං ජරාය අනුසටං බ්‍යාධිනා අභිභූතං මරණෙන අබ්භාහතං දුක්ඛෙ පතිට්ඨිතං අතාණං අලෙණං අසරණං අසරණීභූතං - ඉදං වුච්චති දුක්ඛං. ඉදං දුක්ඛං ලොකස්ස භයං මහාභයං පීළනං ඝට්ටනං උපද්දවො උපසග්ගොති - දුක්ඛමස්ස මහබ්භයං. තෙනාහ භගවා -
‘‘අවිජ්ජාය නිවුතො ලොකො, [අජිතාති භගවා]
වෙවිච්ඡා පමාදා නප්පකාසති;
ජප්පාභිලෙපනං බ්‍රූමි, දුක්ඛමස්ස මහබ්භය’’න්ති.
2
(1-2)
1. “ලෝකය අවිද්‍යාවෙන් වැසුනේය” යන්නෙහි අවිද්‍යා නම් දුකෙහි නොදැනීම, දුක ඇතිවීම නොදැනීම, දුක නැති තැන (දුක්ඛ නිරෝධය) නොදැනීම, දුක් නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව නොදැනීම, අතීතය ගැන නොදැනීම, අනාගතය ගැන නොදැනීම, අතීතය හා අනාගතය නොදැනීම, ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයන්හි නොදැනීම යන මෙබඳුවූ යමකින් නොදැනීමක්, නොදැක්ම නොවැටහීම, අවබෝධයක් නැතිකම ප්‍රබෝධයක් නැති බව නුවණින් කල්පනා නොකිරීම, අඥාන බව, බාල බව, නුවණ නැතිබව, මෝහය, මුලාව, අවිද්‍යාව, අවිද්‍යා සැඩවතුර, අවිද්‍යාවේ යෙදීම, අවිද්‍යානුසය, අවිද්‍යාවෙන් මැඩීම, අවිද්‍යාරම්භය, මෝහය, අකුශලමූලය යන මේ අවිද්‍යාව යයි කියයි. “ලොක” යනු 1-1 1. (ii) යෙදිය යුතුයි. මේ ලෝකය මේ අවිද්‍යාවෙන් ආවරණය කරණලදී. වටකරණලදී. වසනලදී යනුයි. “අජිත’ යනු භාග්‍යවතුන් වහන්සේ ඒ බ්‍රාහ්මණයාට නාමයෙන් ආමන්ත්‍රණය කරණසේක. ‘භාග්‍යවත්’ යනු (මෙහි මහා නිර්දෙශයේ 7-2 1. භාග්‍යවතුන් වහන්සේ යන තැන සිට ‘පැනවීමකි’ යන තැනට යොදාගත යුතුයි.)
2. “මසුරුකම කරණකොටගෙනද ප්‍රමාදය කරණකොට ගෙනද නොපෙණේ. යන්නෙහි මසුරුකම නම් ආවාස මච්ඡරිය, කුලමච්ඡරිය, ලාභ මච්ඡරිය, වණ්ණ මච්ඡරිය, ධම්ම මච්ඡරිය හා මෙසේවූ යම්බඳු මසුරුකමක් මසුරුවීම් බවක්, තද මසුරු බවක් බලවත් බැඳීමක් සිතේ ගැනීමක් ඇද්ද, මෙය මසුරුකමයයි කියයි. තවද ස්කන්ධයන් පිළිබඳ මසුරුකම මසුරුකමකි ධාතූන් පිළිබඳ මසුරුකමද මසුරුකමකි ආයතනයන් පිළිබඳ මසුරුකමද මසුරුකමෙකී දැඩිව අල්ලාගැනීම යයි මසුරුකමට කියයි ප්‍රමාදය කියයුතුය කාය දුශ්චරිතයෙහි හෝ වාග් දුශ්චරිතයෙහි හෝ මනස් දුශ්චරිතයෙන් හෝ පඤ්චකාම ගුණයන්හි හෝ යෙදී කුශල ධර්මයන්ගේ හෝ වැඩීමට සිත නොයෙදීම සකස් නොකොට වැඩකිරීම, නිතර ක්‍රියා නොකිරීම, අනුත්සාහවත්ව වැඩකිරීම, පසුබටව වැඩකිරීම, බහාතැබූ කැමැත්ත ඇතිබව බහාතැබූ ධෛර්‍ය්‍ය ඇති බව, සේවනය නොකිරීම, බහුල වහයෙන් නොයෙදීම, අනුත්සාහවත්බව, ප්‍රමාදයෙහි යෙදීමද යම් එබඳුවූ ප්‍රමාදයක් ප්‍රමාදයේ යෙදීමක් ප්‍රමාදවන බවක් ඇද්ද, මේ ප්‍රමාදයයයි කියයි.
3. “මසුරුකම කරණකොට ගෙනද ප්‍රමාදය කරණකොට ගෙනද නොපෙණේ.” යනු මේ මසුරුකමින්ද මේ ප්‍රමාදයෙන්ද ලෝකයතෙම නොපෙණේ. නොබබළයි නොදැනෙයි නොපෙණෙයි යනුයි.
4. “ආශාව ආලේපයයි කියමි.” යන්නෙහි ආශාව නම් තෘෂ්ණාවයි. (ii) යම් රාගයක් ඇද්ද, ඇල්මක් ඇද්ද, අනුව යෙදීමක් ඇද්ද, රැහැනක් වැනි රාගයක් ඇද්ද සිතේ බලවත් ආශාවක් ඇද්ද, ඉච්ඡාව, මුච්ඡාව, අජේක්ධාහනනය, ගෙධය, පටිසංඛය, ඵජාව, මායාව, ජනිකාව, සංජනනිය, සිබ්බනිය, ජාලිනීය, පත්තිකාව, සූත්‍රය, විසටාව, ආයුහනිය, දුතියා පණිධිය, භවනෙත්තිය, වනය, වනථය, පණ්ඩවය, සිනෙහය, බැඳුන ආශාව, බලාපොරොත්තුව බලාපොරොත්තු බව, රූපාශාව ශබ්දාශාව, ගන්ධාශාව, රසාශාව ස්පර්ශාශාව, ලාභාශාව, ධනාශාව, ආත්මාශාව, ජීවිතාශාව, ජප්පය, පජප්පය, අභිජප්පය, ජප්නාව, ජප්පිතබව, ලොලුප්පය ලොලුප්පාහිතය, ලොලුප්පායී බව, සුවඤ්චිතතාව, සාදුකම්‍යතාව, අධර්ම රාගය, විෂම ලෝභය, පත්ථනාව, පිහිනාව සම්පත්ථනාව, කාම තෘෂ්ණාව, භවතෘෂ්නාව, විභව තෘෂ්ණාව, රූපතෘෂ්ණාව, ශබ්දතෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව ස්පර්ශ තෘෂ්ණාව, ධර්ම තෘෂ්ණාව, ඕඝය, යොගය ගන්ථය, උපාදානය ආවරණය, නීවරණය, ඡදනය, බන්ධනය, උපක්ලේශය, අනුසයය, පරියුට්ඨානය, ලතාව, වෙවිච්ඡය, දුක්ඛමූලය, දුක්ඛ නිදානය, දුක්ඛප්පසාවය, මාරපාශය, මාරබලිසය, මාරාමිෂය, මාරනිවාපය, මාරගොචරය, මාරබන්ධනය, තෘෂ්ණා නදිය, තෘෂ්ණා ජලය, තෘෂ්ණා ගරුලය, තෘෂ්ණා සමුදය, අභි ලෝභය, අකුසලමූලය, මේ ජප්පයිය කියයි. ලෝකයාගේ තැවරීම එල්බීම, බැඳීම, කිලුට මෙහි වෙයි. මේ ජප්පය නමැති තෘෂ්ණාවෙන් ලෝකය තැවරුණේය. විශේෂයෙන් තැවරුණේය. කිළිටිවූයේය, විශේෂයෙන් කිළිටිවූයේය. තැවරුණේය, මිශ්‍රවූයේය. එල්බුණේය. පලිබොධ වූයේයයිද කියමි. ප්‍රකාශ කරමි. දේශනා කරමි, පනවමි, තබමි, විවෘත කරමි, බෙදමි, ප්‍රකට කරමි, ප්‍රකාශකරමි යනුයි “ඔහුගේ දුක මහත් භය වන්නේය” යන්නෙහි දුක්ඛ යනු (මහානිර්දේශයේ (15-2) ‘ඉපදීමෙන් කම්පාවන’ යනු ‘ඉපදීමේ දුකයයි’ වෙනස් කොට දෘෂ්ටි විපත් දුක යන තැනට යොදාගත යුතුයි. (1889 පිට))
5. යම් ධර්මයන්ගේ ප්‍රකට වශයෙන් හට ගැන්ම පෙනේද, අස්තයට යාමෙන් නිරුද්ධිය පෙනේද, කර්මය හා විපාකය මිශ්‍රද විපාකය හා කර්මය මිශ්‍රද නාමය රූපය හා මිශ්‍රද රූපය නාමය හා මිශ්‍රද ජාතිය අනුව ගියේද ජරාවෙන් පෙළුනේද ව්‍යාධියෙන් මඩනා ලද්දේද, මරණයෙන් පහර ලැබුයේද, දුකෙහි පිහිටියේද ආරක්ෂා ස්ථානයක් නොවේද, පිහිට ඇති තැනක් නොවේද, පිහිට නොවන්නකි. පිහිට නොවූයේය, මේ දුකයයි කියයි. මේ දුක ලෝකයාට බියකි, මහා භයකි, තීරණයකි. උපද්‍රවයකි උවදුරකි යනුයි.
3
සවන්ති සබ්බධි සොතා, [ඉච්චායස්මා අජිතො]
සොතානං කිං නිවාරණං;
සොතානං සංවරං බ්‍රූහි, කෙන සොතා පිධිය්‍යරෙ (පිථිය්‍යරෙ (ස්‍යා.), පිථීයරෙ (සී. අට්ඨ.)) .
සවන්ති සබ්බධි සොතාති. සොතාති තණ්හාසොතො දිට්ඨිසොතො කිලෙසසොතො දුච්චරිතසොතො අවිජ්ජාසොතො. සබ්බධීති සබ්බෙසු ආයතනෙසු. සවන්තීති සවන්ති ආසවන්ති සන්දන්ති පවත්තන්ති. චක්ඛුතො රූපෙ සවන්ති ආසවන්ති සන්දන්ති පවත්තන්ති. සොතතො සද්දෙ සවන්ති...පෙ.... ඝානතො ගන්ධෙ සවන්ති... ජිව්හාතො රසෙ සවන්ති... කායතො ඵොට්ඨබ්බෙ සවන්ති... මනතො ධම්මෙ සවන්ති ආසවන්ති සන්දන්ති පවත්තන්ති. චක්ඛුතො රූපතණ්හා සවන්ති ආසවන්ති සන්දන්ති පවත්තන්ති. සොතතො සද්දතණ්හා සවන්ති ආසවන්ති සන්දන්ති පවත්තන්ති. ඝානතො ගන්ධතණ්හා සවන්ති... ජිව්හාතො රසතණ්හා සවන්ති... කායතො ඵොට්ඨබ්බතණ්හා සවන්ති... මනතො ධම්මතණ්හා සවන්ති ආසවන්ති සන්දන්ති පවත්තන්තීති - සවන්ති සබ්බධි සොතා.
ඉච්චායස්මා අජිතොති. ඉච්චාති පදසන්ධි...පෙ.... පදානුපුබ්බතාපෙතං ඉච්චාති...පෙ.... ඉච්චායස්මා අජිතො.
සොතානං කිං නිවාරණන්ති සොතානං කිං ආවරණං නීවරණං සංවරණං රක්ඛනං ගොපනන්ති - සොතානං කිං නිවාරණං.
සොතානං සංවරං බ්‍රූහීති සොතානං ආවරණං නීවරණං සංවරණං රක්ඛනං ගොපනං බ්‍රූහි ආචික්ඛ දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහීති - සොතානං සංවරං බ්‍රූහි.
කෙන සොතා පිධිය්‍යරෙති කෙන සොතා පිධීයන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්තීති - කෙන සොතා පිධිය්‍යරෙ. තෙනාහ සො බ්‍රාහ්මණො -
‘‘සවන්ති සබ්බධි සොතා, [ඉච්චායස්මා අජිතො]
සොතානං කිං නිවාරණං;
සොතානං සංවරං බ්‍රූහි, කෙන සොතා පිධිය්‍යරෙ’’.
3
(1-3)
1. “හැම තැන්හි තන්හා සැඩ වතුරු ශ්‍රොතයෝ ගලාබසිත්” යන්නෙහි “ශ්‍රොතය” නම් තෘෂ්ණා ශ්‍රොතය, දෘෂ්ටි ශ්‍රොතය, ක්ලේශ ශ්‍රොතය, දුශ්චරිත ශ්‍රොතය අවිද්‍යා ශ්‍රොතය යනුයි. “සෑම තැන්හි” යනු සියලු ආයතනයන්හි යනුයි. “ගලාබසිත්” යනු ගලාබසිත්, වැගිරෙත්, පවතිත් ඇසින් රූපයෝ ගලා බසිත්, වැගිරෙත්, පවතිත් කණින් ශබ්දයෝ ගලාබසිත්, නාසයෙන් ගන්ධයෝ ගලාබසිත්, දිවෙන් රසයෝ ගලාබසිත්, ශරීරයෙන් ස්පර්ශයෝ ගලාබසිත්, සිතින් ධර්මය ගලාබසියි වැගිරෙයි, පවතියි. ඇසින් රූපතෘෂ්ණාවෝ ගලාබසිත්, වැගිරෙත්, පවතිත්, කණින් ශබ්ද තෘෂ්ණාවෝ ගලාබසිත්, වැගිරෙත්, පවතිත්, නාසයෙන් ගන්ධ තෘෂ්ණාවෝ ගලාබසිත්, වැගිරෙත් පවතිත් දිවෙන් රස තෘෂ්ණාවෝ ගලාබසිත්, වැගිරෙත්, පවතිත්, කයින් ස්පර්ශ තෘෂ්ණාවෝ ගලාබසිත්, වැගිරෙත් පවතිත් මනසින් ධර්ම තෘෂ්ණාවෝ ගලා බසිත්, වැගිරෙත්, පවතිත්, යනුයි.
2. “මෙසේ ආයුෂ්මත් අජිතතෙම කීයේය” යන්නෙහි මෙසේ යනු ස්වර සන්ධියයි. පද පිළිවෙල යෙදීමයි මේ මෙසේ යනුයි.
3. “ශ්‍රොතය (ජලපහර) වැලැක්වීම කෙසේද? යනු ශ්‍රොතයන්ගේ වැලැක්වීම කෙසේද? නිවාරණය කෙසේද? සංචරණය කෙසේද? රැකීම කෙසේද? ගොපනය කෙසේද? යනුයි. ශ්‍රොතයන්ගේ සංවරය කියනු මැනවි. යනු ශ්‍රොතයන්ගේ ආවරණය නිවාරණය සංචරණය රැකීම ගොපනය කියනු මැනවි. ප්‍රකාශ කරණු මැනවි. දේශනා කරණු මැනවි. විවෘත කරණු මැනවි. බෙදනු මැනවි. ප්‍රකට කරණු මැනවි. යනුයි. “කවරකින් ශ්‍රොතයෝ වසනු ලැබේද” යනු කවරකින් ඒ ශ්‍රොතයෝ වසනු ලැබෙද්ද ගලා නොබසිද්ද, නොවැගිරෙද්ද නොපවතිත්ද යනුයි.
4
යානි සොතානි ලොකස්මිං, [අජිතාති භගවා]
සති තෙසං නිවාරණං;
සොතානං සංවරං බ්‍රූමි, පඤ්ඤායෙතෙ පිධිය්‍යරෙ.
යානි සොතානි ලොකස්මින්ති යානි එතානි සොතානි මයා කිත්තිතානි පකිත්තිතානි ආචික්ඛිතානි දෙසිතානි පඤ්ඤපිතානි පට්ඨපිතානි විවරිතානි විභජිතානි (විභත්තානි (ක.)) උත්තානීකතානි පකාසිතානි, සෙය්‍යථිදං (සෙය්‍යථීදං (ස්‍යා.)) - තණ්හාසොතො දිට්ඨිසොතො කිලෙසසොතො දුච්චරිතසොතො අවිජ්ජාසොතො. ලොකස්මින්ති අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකෙ ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙති - යානි සොතානි ලොකස්මිං. අජිතාති භගවා තං බ්‍රාහ්මණං නාමෙන ආලපති.
සති තෙසං නිවාරණන්ති. සතීති යා සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අසම්මුස්සනතා සති සතින්ද්‍රියං සතිබලං සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො එකායනමග්ගො - අයං වුච්චති සති. නිවාරණන්ති ආවරණං නීවරණං සංවරණං රක්ඛනං ගොපනන්ති - සති තෙසං නිවාරණං.
සොතානං සංවරං බ්‍රූමීති සොතානං ආවරණං නීවරණං සංවරණං රක්ඛනං ගොපනං බ්‍රූමි ආචික්ඛාමි...පෙ.... උත්තානීකරොමි පකාසෙමීති - සොතානං සංවරං බ්‍රූමි.
පඤ්ඤායෙතෙ පිධිය්‍යරෙති. පඤ්ඤාති යා පඤ්ඤා පජානනා...පෙ.... අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි. පඤ්ඤායෙතෙ පිධිය්‍යරෙති - පඤ්ඤායෙතෙ සොතා පිධීයන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති. ‘‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’’ති ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිධීයන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති. ‘‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’’ති ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිධීයන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති. ‘‘සබ්බෙ සඞ්ඛාරා අනත්තා’’ති ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිධීයන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති. ‘‘අවිජ්ජාපච්චයා සඞ්ඛාරා’’ති ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිධීයන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති. ‘‘සඞ්ඛාරපච්චයා විඤ්ඤාණ’’න්ති...පෙ.... ‘‘විඤ්ඤාණපච්චයා නාමරූප’’න්ති... ‘‘නාමරූපපච්චයා සළායතන’’න්ති... ‘‘සළායතනපච්චයා ඵස්සො’’ති... ‘‘ඵස්සපච්චයා වෙදනා’’ති... ‘‘වෙදනාපච්චයා තණ්හා’’ති... ‘‘තණ්හාපච්චයා උපාදාන’’න්ති... ‘‘උපාදානපච්චයා භවො’’ති... ‘‘භවපච්චයා ජාතී’’ති... ‘‘ජාතිපච්චයා ජරාමරණ’’න්ති ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිධීයන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති. ‘‘අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො’’ති... ‘‘සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො’’ති... ‘‘විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො’’ති... ‘‘නාමරූපනිරොධා සළායතනනිරොධො’’ති... ‘‘සළායතනනිරොධා ඵස්සනිරොධො’’ති... ‘‘ඵස්සනිරොධා වෙදනානිරොධො’’ති... ‘‘වෙදනානිරොධා තණ්හානිරොධො’’ති... ‘‘තණ්හානිරොධා උපාදානනිරොධො’’ති... ‘‘උපාදානනිරොධා භවනිරොධො’’ති... ‘‘භවනිරොධා ජාතිනිරොධො’’ති... ‘‘ජාතිනිරොධා ජරාමරණනිරොධො’’ති ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිධීයන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති. ‘‘ඉදං දුක්ඛ’’න්ති...පෙ.... ‘‘අයං දුක්ඛසමුදයො’’ති... ‘‘අයං දුක්ඛනිරොධො’’ති... ‘‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’’ති ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිධීයන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති. ‘‘ඉමෙ ධම්මා ආසවා’’ති...පෙ.... ‘‘අයං ආසවසමුදයො’’ති... ‘‘අයං ආසවනිරොධො’’ති... ‘‘අයං ආසවනිරොධගාමිනී පටිපදා’’ති ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිධීයන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති. ‘‘ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්‍යා’’ති...පෙ.... ‘‘ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්‍යා’’ති... ‘‘ඉමෙ ධම්මා පහාතබ්බා’’ති... ‘‘ඉමෙ ධම්මා භාවෙතබ්බා’’ති... ‘‘ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බා’’ති ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිධීයන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති. ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිධීයන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති. පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච ජානතො පස්සතො... චතුන්නං මහාභූතානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච ජානතො පස්සතො... යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිධීයන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්තීති - පඤ්ඤායෙතෙ පිධිය්‍යරෙ. තෙනාහ භගවා -
‘‘යානි සොතානි ලොකස්මිං, [අජිතාති භගවා]
සති තෙසං නිවාරණං;
සොතානං සංවරං බ්‍රූමි, පඤ්ඤායෙතෙ පිධිය්‍යරෙ’’ති.
4
(1-4)
1. “ලෝකයේ යම් ශ්‍රොතයෝ ප්‍රකාශ කරණ ලද්දාහුද යනු යම් මේ ශ්‍රොතයෝ මා විසින් කියන ලද්දාහුද ප්‍රකාශ කරණ ලද්දාහුද දේශනා කරණ ලද්දාහුද පනවන ලද්දාහුද තබන ලද්දාහුද විවෘත කරණ ලද්දාහුද බෙදන ලද්දාහුද ප්‍රකට කරණ ලද්දාහුද ඒ කෙසේද තෘෂ්ණා ශ්‍රොතය; දෘෂ්ටි ශ්‍රොතය, ක්ලේශ ශ්‍රොතය, දුශ්චරිත ශ්‍රොතය, අවිද්‍යා ශ්‍රොතය යනුයි. “ලෝකයෙහි
(ii) යනු අපාය ලෝකයෙහි මනුෂ්‍ය ලෝකයෙහි දිව්‍ය ලෝකයෙහි ස්කන්ධ ලෝකයෙහි ධාතු ලෝකයෙහි ආයතන ලෝකයෙහි යනුයි.
2. “සිහිය ඔවුන්ගේ නිවාරණයයි” යන්නෙහි සිහිය නම් යම් සිහියක් ඇද්ද, අනුස්මෘතියක් ඇද්ද, සිහි කිරීම් බවක් ඇද්ද, දැරීම් බවක් ඇද්ද, අමතක නොකිරීම් බවක් ඇද්ද සතින්ද්‍රියක් සතිබලයක් සතිසම්බොධ්‍යංගයක් ඒකායන මාර්ගයක් ඇද්ද, මේ සිහිය යයි කියයි. “නිවාරණය” යනු ආවරණයයි සංවරණයයි ගොතනයයි යනුයි. සිහිය ඔවුන්ගේ නිවාරණයයි. ඒ ශ්‍රොතයන්ගේ සංවරය කියමි යනු ශ්‍රොතයන්ගේ ආවරණය නිවාරණය” සංවරණය, රැකීම, ගොපනය කියමි ප්‍රකාශ කරමි ප්‍රකට කරමි පනවමි, යනුයි. “ප්‍රඥාවෙන් එය වසනු ලැබේ.” යන්නෙහි ප්‍රඥානම් යම් ප්‍රඥාවක් පජානන නම් වේද, අමෝහය, ධම්මවිචය සම්‍යක් දෘෂ්ටිය නම් වේද ඒ ප්‍රඥාවෙන් මේ ශ්‍රොතයෝ වසනු ලැබේ, යනු ප්‍රඥාවෙන් මේ ශ්‍රොතයෝ වසනු ලැබෙත්, නොගලත් නොවැගිරෙත් නොපවතිත්, සියලු සංස්කාරයෝ අනිත්‍යයයි (ii) දන්නාට බලන්නාහුට ප්‍රඥාවෙන් මේ ශ්‍රොතයෝ වැසෙත් නොගලත් නොවැගිරෙත්, නොපවතිත්,
(iii) සියලු සංස්කාරයෝ දුක්යයි දන්නාහට බලන්නාහට ප්‍රඥාවෙන් මේ ශ්‍රොතයෝ වැසෙත් නොගලත්, නොවැගිරෙත්, සියලු සංස්කාරයෝ අනාත්ම යයි (මෙහි (ii) යොදාගත යුතුයි.) අවිද්‍යා හේතුවෙන් සංස්කාරයෝ වෙත්යයි සංස්කාර හේතුවෙන් විඤ්ඤාණයෝ වෙත්යයි (මෙහි (ii) යොදාගත යුතුයි.) විඤ්ඤාණ හේතුවෙන් නාමරූපයෝ වෙත්යයි (මෙහි (ii) යොදාගත යුතුයි) නාමරූප හේතුවෙන් ආයතන සය වෙත්යයි (මෙහි (ii) යොදාගත යුතුයි.) ආයතන සයේ හේතුවෙන් ස්පර්ශය වේයයි (මෙහි (ii) යොදාගත යුතුයි) ස්පර්ශහේතුවෙන් වේදනාව වේයයි (මෙහි (ii) යොදාගත යුතුයි) වේදනා හේතුවෙන් තෘෂ්ණාව වේයයි (මෙහි (ii) යොදාගත යුතුයි) තෘෂ්ණා හේතුවෙන් දැඩිව අල්ලා ගැනීම වේයයි (මෙහි (ii) යොදාගත යුතුයි) දැඩිව අල්ලා ගැනීම හේතුවෙන් භවය වේයයි (මෙහි (ii) යොදාගත යුතුයි.) භව හේතුවෙන් ජාතිය වේයයි (මෙහි (ii) යොදාගත යුතුයි) ජාති හේතුවෙන් ජරාමරණ වෙත්යයි නුවණින් දන්නාහට දක්නාහට මේ ශ්‍රොතයෝ වසනු ලැබෙත් නොගලත් නොවැගිරෙත් නොපවතිත් අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේයයි සංස්කාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේයයි විඤ්ඤාණ නිරෝධයෙන් නාම රූප නිරෝධය වේයයි නාම රූප නිරෝධයෙන් ආයතනසයේ නිරෝධය වේයයි ආයතන සයේ නිරෝධයෙන් ස්පර්ශ නිරෝධය වේයයි ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වේයයි වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේයයි තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේයයි උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේයයි භව නිරෝධයෙන් ජාති නිරෝධය වේයයි ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේයයි, නුවණින් දන්නා හට මේ දක්නා හට ශ්‍රොතයෝ වැසෙත් ආවරණය වෙත්, නොගලත්, නොපවතිත්, මේ දුකයයිද මේ දුක් ඇතිවීමේ හේතුවයයිද මේ දුක්ඛ නිරෝධ නම් නිවනයයිද, මේ දුක් නිරුද්ධ කිරීමට ගමන් කරණ ප්‍රතිපදාවයයිද (iv) නුවණින් දන්නා හට දක්නාහට මේ ශ්‍රොතයෝ වැසෙත්, ආවරණය වෙත්, නොගලත් නොපවතිත්, (v) මේ ආශ්‍රව නම්වූ කල්ගත කෙලෙස්යයිද, මේ ආශ්‍රව නම්වූ කල්ගත කෙලෙස් ඇතිවීම් හේතුව යයිද මේ ආශ්‍රව නිරෝධයයිද (මෙහි (iv) යොදාගත යුතුයි.)
5
පඤ්ඤා චෙව සති චාපි, [ඉච්චායස්මා අජිතො]
නාමරූපඤ්ච මාරිස;
එතං මෙ පුට්ඨො පබ්‍රූහි, කත්ථෙතං උපරුජ්ඣති.
පඤ්ඤා චෙව සති චාපීති. පඤ්ඤාති යා පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභබ්‍යා චින්තා උපපරික්ඛා භූරී (භූරි (ක.)) මෙධා පරිණායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්‍රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි. සතීති යා සති අනුස්සති...පෙ.... සම්මාසතීති - පඤ්ඤා චෙව සතිචාපි, ඉච්චායස්මා අජිතො.
නාමරූපඤ්ච මාරිසාති. නාමන්ති චත්තාරො අරූපිනො ඛන්ධා. රූපන්ති චත්තාරො ච මහාභූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදායරූපං . මාරිසාති පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සාධිවචනමෙතං මාරිසාති - නාමරූපඤ්ච මාරිස.
එතං මෙ පුට්ඨො පබ්‍රූහීති. එතං මෙති යං පුච්ඡාමි යං යාචාමි යං අජ්ඣෙසාමි යං පසාදෙමි. පුට්ඨොති පුච්ඡිතො යාචිතො අජ්ඣෙසිතො පසාදිතො. පබ්‍රූහීති බ්‍රූහි ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි (විවරෙහි විභජෙහි (ක.)) උත්තානීකරොහි පකාසෙහීති - එතං මෙ පුට්ඨො පබ්‍රූහි.
කත්ථෙතං උපරුජ්ඣතීති කත්ථෙතං නිරුජ්ඣති වූපසම්මති අත්ථං ගච්ඡති පටිප්පස්සම්භතීති. කත්ථෙතං උපරුජ්ඣති. තෙනාහ සො බ්‍රාහ්මණො -
‘‘පඤ්ඤා චෙව සති චාපි, [ඉච්චායස්මා අජිතො]
නාමරූපඤ්ච මාරිස;
එවං මෙ පුට්ඨො පබ්‍රූහි, කත්ථෙතං උපරුජ්ඣතී’’ති.
5
(1-5)
1. “නුවණද සිහියද යන්නෙහි “ප්‍රඥා” නම් යම් ප්‍රඥාවක් පජානන නම්වේද, විචයනම්වේද, පවිචයනම්වේද, ධර්මවිචය නම්වේද, සල්ලක්ඛණනම්වේද, උපලක්ඛණනම්වේද, පච්චුස ලක්ඛණනම්වේද, පණ්ඩිතබව, දක්ෂබව නිපුණබවවේද, වෙභව්‍ය චින්තානම්වේද, භුරි මෙධා, පරිණඨිකා විපස්සනා, පතොදො, පඤ්ඤා, පඤ්ඤින්ද්‍රිය, පඤ්ඤාබල, පඤ්ඤාසත්ථ, පඤ්ඤාපාසාද පඤ්ඤාආලෝක පඤ්ඤා ඕභාස පඤ්ඤා පජ්ජොත, පඤ්ඤාරතන, අමෝහය, සම්මාදිට්ඨි යනුයි සිහිය නම් යම් සිහියක් සති. අනුස්සතිනම්වේද සම්මාසතිනම්වේද, ප්‍රඥාවද, සිහියද නම්වූයේද එයයි. ආයුෂ්මත් අජිතතෙම මෙසේකීය. නිදුකානෙනි. නාමරූපයද යනු නාම නම් සතර අරූපස්කන්ධයෝයි. රූපයනම් සතර මහාභූතයෝද, සතර මහා භූතයන්ගේ උපාදාය රූපයෝද යනුයි. නිදුකානෙනි,’ යනු ප්‍රිය වචනයයි. ගරුවචනයයි ගෞරව සහිත සැළකියයුතු වචනයයි මේ නිදුකානෙනි, යනුයි, ‘නිදුකානෙනි, නාමරූපයද යන මවිසින් මෙය විචාරණ ලද්දේ කියනු මැනවි” යනුයි. “මවිසින් මෙය” යනු යමක් විචාරම්ද, යමක් ඉල්ලම්ද, යමක් ආරාධනා කෙරෙම්ද, යනුයි. ‘විචාරණ ලද්දේ’ යනු යමක් ප්‍රශ්න කරණ ලද්දේ, ඉල්ලන ලද්දේ, ආරාධනා කරණ ලද්දේ යනුයි ‘කියනු මැනවි’ යනු කියනු මැනවි, දේශනා කරණු මැනවි, පනවණු මැනවි, තබනු මැනවි, විවරණය කරණු මැනවි, බෙදනු මැනවි, ප්‍රකට කරණු මැනවි, ප්‍රකාශ කරණු මැනවි.
2. “මෙය කොතැන්හි නිරුද්ධවේදැයි මා විසින් විචාරණ ලද්දේ කියනු මැනවි.” යනු කොතැන්හි මෙය නිරුද්ධවේද සංසිඳේද, අස්තයට යේද, යටපත්වේද යනුයි.
6
යමෙතං පඤ්හං අපුච්ඡි, අජිත තං වදාමි තෙ;
යත්ථ නාමඤ්ච රූපඤ්ච, අසෙසං උපරුජ්ඣති;
විඤ්ඤාණස්ස නිරොධෙන, එත්ථෙතං උපරුජ්ඣති.
යමෙතං පඤ්හං අපුච්ඡීති. යමෙතන්ති පඤ්ඤඤ්ච සතිඤ්ච නාමරූපඤ්ච. අපුච්ඡීති අපුච්ඡසි යාචසි අජ්ඣෙසති (අජ්ඣෙසි (ක.)) පසාදෙසීති - යමෙතං පඤ්හං අපුච්ඡි.
අජිත තං වදාමි තෙති. අජිතාති භගවා තං බ්‍රාහ්මණං නාමෙන ආලපති. න්ති පඤ්ඤඤ්ච සතිඤ්ච නාමරූපඤ්ච. වදාමීති වදාමි ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති. අජිත තං වදාමි තෙ.
යත්ථ නාමඤ්ච රූපඤ්ච, අසෙසං උපරුජ්ඣතීති නාමන්ති චත්තාරො අරූපිනො ඛන්ධා. රූපන්ති චත්තාරො ච මහාභූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදායරූපං. අසෙසන්ති සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං (පරියාදායවචනමෙතං (ස්‍යා. ක.)) අසෙසන්ති. උපරුජ්ඣතීති නිරුජ්ඣති වූපසම්මති අත්ථං ගච්ඡති පටිප්පස්සම්භතීති. යත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති.
විඤ්ඤාණස්ස නිරොධෙන, එත්ථෙතං උපරුජ්ඣතීති සොතාපත්තිමග්ගඤාණෙන අභිසඞ්ඛාරවිඤ්ඤාණස්ස නිරොධෙන සත්ත භවෙ ඨපෙත්වා අනමතග්ගෙ සංසාරෙ යෙ උප්පජ්ජෙය්‍යුං නාමඤ්ච රූපඤ්ච, එත්ථෙතෙ නිරුජ්ඣන්ති වූපසම්මන්ති අත්ථං ගච්ඡන්ති පටිප්පස්සම්භන්ති. සකදාගාමිමග්ගඤාණෙන අභිසඞ්ඛාරවිඤ්ඤාණස්ස නිරොධෙන ද්වෙ භවෙ ඨපෙත්වා පඤ්චසු භවෙසු යෙ උප්පජ්ජෙය්‍යුං නාමඤ්ච රූපඤ්ච, එත්ථෙතෙ නිරුජ්ඣන්ති වූපසම්මන්ති අත්ථං ගච්ඡන්ති පටිප්පස්සම්භන්ති. අනාගාමිමග්ගඤාණෙන අභිසඞ්ඛාරවිඤ්ඤාණස්ස නිරොධෙන එකං භවං ඨපෙත්වා රූපධාතුයා වා අරූපධාතුයා වා යෙ උප්පජ්ජෙය්‍යුං නාමඤ්ච රූපඤ්ච, එත්ථෙතෙ නිරුජ්ඣන්ති වූපසම්මන්ති අත්ථං ගච්ඡන්ති පටිප්පස්සම්භන්ති. අරහත්තමග්ගඤාණෙන අභිසඞ්ඛාරවිඤ්ඤාණස්ස නිරොධෙන යෙ උප්පජ්ජෙය්‍යුං නාමඤ්ච රූපඤ්ච, එත්ථෙතෙ නිරුජ්ඣන්ති වූපසම්මන්ති අත්ථං ගච්ඡන්ති පටිප්පස්සම්භන්ති . අරහතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායන්තස්ස චරිමවිඤ්ඤාණස්ස නිරොධෙන පඤ්ඤා ච සති ච නාමඤ්ච රූපඤ්ච, එත්ථෙතෙ නිරුජ්ඣන්ති වූපසම්මන්ති අත්ථං ගච්ඡන්ති පටිප්පස්සම්භන්තීති - විඤ්ඤාණස්ස නිරොධෙන එත්ථෙතං උපරුජ්ඣති. තෙනාහ භගවා -
‘‘යමෙතං පඤ්හං අපුච්ඡි, අජිත තං වදාමි තෙ;
යත්ථ නාමඤ්ච රූපඤ්ච, අසෙසං උපරුජ්ඣති;
විඤ්ඤාණස්ස නිරොධෙන, එත්ථෙතං උපරුජ්ඣතී’’ති.
6
(1-6)
1. “යම්බඳුවූ මේ ප්‍රශ්නයක් විචාළේද, “යන්නෙහි යම්බඳු මේ යනු ප්‍රඥාවද, සිහියද නාමරූපයද විචාළේද යනු විචාළේද ආරාධනා කළේද යනුයි. “අජිතය, එය තට කියමි” යන්නෙහි “ආජිත” යනු කථාගතයන් වහන්සේ ඒ බ්‍රාහ්මණයාට නාමයෙන් ආමන්ත්‍රණය කරති. “එය” යනු ප්‍රඥාවද, සිහියද, නාමරූපයද යනුයි. “කියමි” යනු කියමි. ප්‍රකාශකරමි දේශනාකරමි පනවමි තබමි. විවරණය කරමි බෙදමි, ප්‍රකට කරමි. යනුයි යම්තැනෙක්හි නාමයද රූපයද ඉතිරි නොකොට සංසිදේදයන්නෙහි, නාමය යනු සතර අරූපස්කන්ධයෝයි. “රූප” යනු සතර මහා භූතයෝද, සතර මහා භූතයන්ගේ උපාදාය රූපයෝද යනුයි. ඉතිරිනොකොට යනු සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සර්වප්‍රකාරය අඩු නොකොට වට කොට ගන්නා වචනයකි. මේ ඉතිරි නොකොට යනුයි.
2. “විනාශවෙයි” යනු නිරුද්ධවෙයි. අස්තයටයයි සංසිඳෙයි. යනුයි. “යම් තැනෙක්හි නාමයද රූපයද ඉතිරි නොකොට විනාශවෙයි” යනු විඤ්ඤාණයාගේ නිරෝධයෙන් මෙහි මෙය සංසිඳෙයි. යම් සෝවාන් මාර්ග ඥානයකින් අභිසංස්කාර විඤ්ඤාණයාගේ නිරෝධයෙන් භවසතක් හැර කෙළවර නොමැති සංසාරයෙහි උපදින්නේ නම් ඒ නාමයද රූපයද මෙහිම නිරුද්ධ වෙත්. සංසිඳෙත් අස්තයට යෙත්, විනාශවෙත්, සකෘදාගාමි මාර්ග ඥානයෙන් අභිසංස්කාර විඤ්ඤාණයාගේ නිරෝධයෙන් භව දෙකක් හැර භව පසෙක්හි උපදින්නාහු නම් ඒ නාමයද රූපයද මෙහිම නිරුද්ධවෙත්. සංසිඳෙත් අස්තයට යත්. විනාශවෙත්, අනාගාමී මාර්ගඥානයෙන් අභිසංස්කාර විඤ්ඤාණයාගේ නිරෝධයෙන් එක් භවයක් හැර රූප ධාතුවෙහි හෝ අරූප ධාතුවෙහි හෝ යම් කෙනෙක් උපදින්නාහු නම් ඒ නාමයද රූපයද මෙහිම නිරුද්ධවෙත්. සංසිඳෙත්. අස්තයට යත්, විනාශවෙත්, අර්හත් මාර්ග ඥානයෙන් අභිසංස්කාර විඤ්ඤාණයාගේ නිරෝධයෙන් යමෙක් තුමූ උපදින්නාහුනම් ඒ නාම රූපයෝ නිරුද්ධවෙත්, සංසිඳෙත්, ආයතනයටත්, විනාශ වෙත්, අනුපාදිෂෙශ නිර්වාණ ධාතුවෙන් පිරිනිවෙන්නාවූ රහතන් වහන්සේගේ අන්තිම විඤ්ඤාණයාගේ නිරෝධයෙන් ප්‍රඥාවද, සිහියද නාමරූපද මෙහිම නිරුද්ධවෙත්, සංසිඳෙත් අස්තයට යත්, යනුයි.
7
යෙ ච සඞ්ඛාතධම්මාසෙ, යෙ ච සෙඛා (සෙක්ඛා (ස්‍යා. ක.)) පුථූ ඉධ;
තෙසං මෙ නිපකො ඉරියං, පුට්ඨො පබ්‍රූහි මාරිස.
යෙ ච සඞ්ඛාතධම්මාසෙති සඞ්ඛාතධම්මා වුච්චන්ති අරහන්තො ඛීණාසවා. කිංකාරණා සඞ්ඛාතධම්මා වුච්චන්ති අරහන්තො ඛීණාසවා? තෙ සඞ්ඛාතධම්මා ඤාතධම්මා තුලිතධම්මා තීරිතධම්මා විභූතධම්මා විභාවිතධම්මා. ‘‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’’ති සඞ්ඛාතධම්මා ඤාතධම්මා තුලිතධම්මා තීරිතධම්මා විභූතධම්මා විභාවිතධම්මා. ‘‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’’ති සඞ්ඛාතධම්මා...පෙ.... ‘‘සබ්බෙ ධම්මා අනත්තා’’ති සඞ්ඛාතධම්මා... ‘‘අවිජ්ජාපච්චයා සඞ්ඛාරා’’ති සඞ්ඛාතධම්මා... ‘‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’’න්ති සඞ්ඛාතධම්මා ඤාතධම්මා තුලිතධම්මා තීරිතධම්මා විභූතධම්මා විභාවිතධම්මා. අථ වා තෙසං ඛන්ධා සඞ්ඛාතා ධාතුයො සඞ්ඛාතා ආයතනානි සඞ්ඛාතා ගතියො සඞ්ඛාතා උපපත්තියො සඞ්ඛාතා පටිසන්ධි සඞ්ඛාතා භවා සඞ්ඛාතා සංසාරා සඞ්ඛාතා වට්ටා සඞ්ඛාතා. අථ වා තෙ ඛන්ධපරියන්තෙ ඨිතා ධාතුපරියන්තෙ ඨිතා ආයතනපරියන්තෙ ඨිතා ගතිපරියන්තෙ ඨිතා උපපත්තිපරියන්තෙ ඨිතා පටිසන්ධිපරියන්තෙ ඨිතා භවපරියන්තෙ ඨිතා සංසාරපරියන්තෙ ඨිතා වට්ටපරියන්තෙ ඨිතා අන්තිමෙ භවෙ ඨිතා අන්තිමෙ සමුස්සයෙ ඨිතා අන්තිමදෙහධරා අරහන්තො.
තෙසං චායං (යායං (ක.)) පච්ඡිමකො, චරිමොයං සමුස්සයො;
ජාතිමරණසංසාරො, නත්ථි නෙසං පුනබ්භවොති.
තංකාරණා සඞ්ඛාතධම්මා වුච්චන්ති අරහන්තො ඛීණාසවාති. යෙ ච සඞ්ඛාතධම්මාසෙ, යෙ ච සෙඛා පුථූ ඉධාති. සෙඛාති කිංකාරණා වුච්චන්ති සෙඛා? සික්ඛන්තීති සෙඛා. කිඤ්ච සික්ඛන්ති? අධිසීලම්පි සික්ඛන්ති, අධිචිත්තම්පි සික්ඛන්ති, අධිපඤ්ඤම්පි සික්ඛන්ති. කතමා අධිසීලසික්ඛා? ඉධ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. ඛුද්දකො සීලක්ඛන්ධො මහන්තො සීලක්ඛන්ධො සීලං පතිට්ඨා ආදි චරණං සංයමො සංවරො මුඛං පමුඛං කුසලානං ධම්මානං සමාපත්තියා - අයං අධිසීලසික්ඛා.
කතමා අධිචිත්තසික්ඛා? ඉධ භික්ඛු විවිච්චෙව කාමෙහි...පෙ.... පඨමං ඣානං... දුතියං ඣානං... තතියං ඣානං... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති - අයං අධිචිත්තසික්ඛා.
කතමා අධිපඤ්ඤාසික්ඛා? ඉධ භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. සො ‘‘ඉදං දුක්ඛ’’න්ති යථාභූතං පජානාති, ‘‘අයං දුක්ඛසමුදයො’’ති...පෙ.... ‘‘අයං දුක්ඛනිරොධො’’ති... ‘‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’’ති යථාභූතං පජානාති. ‘‘ඉමෙ ආසවා’’ති...පෙ.... ‘‘අයං ආසවසමුදයො’’ති... ‘‘අයං ආසවනිරොධො’’ති... ‘‘අයං ආසවනිරොධගාමිනී පටිපදා’’ති යථාභූතං පජානාති. ‘‘අයං අධිපඤ්ඤාසික්ඛා’’... ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තා සික්ඛන්ති ජානන්තා සික්ඛන්ති පස්සන්තා සික්ඛන්ති චිත්තං අධිට්ඨහන්තා සික්ඛන්ති සද්ධාය අධිමුච්චන්තා සික්ඛන්ති වීරියං (විරියං (ස්‍යා.)) පග්ගණ්හන්තා සික්ඛන්ති සතිං උපට්ඨපෙන්තා සික්ඛන්ති චිත්තං සමාදහන්තා සික්ඛන්ති පඤ්ඤාය පජානන්තා සික්ඛන්ති අභිඤ්ඤෙය්‍යං අභිජානන්තා සික්ඛන්ති පරිඤ්ඤෙය්‍යං පරිජානන්තා සික්ඛන්ති පහාතබ්බං පජහන්තා සික්ඛන්ති භාවෙතබ්බං භාවෙන්තා සික්ඛන්ති සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තා සික්ඛන්ති ආචරන්ති සමාචරන්ති සමාදාය වත්තන්ති. තංකාරණා වුච්චන්ති - සෙඛා. පුථූති බහුකා. එතෙ සෙඛා සොතාපන්නා ච පටිපන්නා ච සකදාගාමිනො ච පටිපන්නා ච අනාගාමිනො ච පටිපන්නා ච අරහන්තො ච පටිපන්නා ච. ඉධාති ඉමිස්සා දිට්ඨියා ඉමිස්සා ඛන්තියා ඉමිස්සා රුචියා ඉමස්මිං ආදායෙ ඉමස්මිං ධම්මෙ ඉමස්මිං විනයෙ ඉමස්මිං ධම්මවිනයෙ ඉමස්මිං පාවචනෙ ඉමස්මිං බ්‍රහ්මචරියෙ ඉමස්මිං සත්ථුසාසනෙ ඉමස්මිං අත්තභාවෙ ඉමස්මිං මනුස්සලොකෙති - යෙ ච සෙඛා පුථූ ඉධ.
තෙසං මෙ නිපකො ඉරියං, පුට්ඨො පබ්‍රූහි මාරිසාති ත්වම්පි නිපකො පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී මෙධාවී. තෙසං සඞ්ඛාතධම්මානඤ්ච සෙක්ඛානඤ්ච ඉරියං චරියං වුත්ති පවත්ති ආචරං ගොචරං විහාරං පටිපදං. පුට්ඨොති පුච්ඡිතො යාචිතො අජ්ඣෙසිතො පසාදිතො. පබ්‍රූහීති බ්‍රූහි ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහි. මාරිසාති පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සාධිවචනමෙතං මාරිසාති - තෙසං මෙ නිපකො ඉරියං, පුට්ඨො පබ්‍රූහි මාරිස. තෙනාහ සො බ්‍රාහ්මණො -
‘‘යෙ ච සඞ්ඛාතධම්මාසෙ, යෙ ච සෙඛා පුථූ ඉධ;
තෙසං මෙ නිපකො ඉරියං, පුට්ඨො පබ්‍රූහි මාරිසා’’ති.
7
(1-7)
1. “යම් කෙනෙක් විශේෂයෙන් ක්ෂය කළ ධර්ම ඇත්තෝ වෙද්ද “යන්නෙහි” විශේෂයෙන් ක්ෂය කළ ධර්ම ඇත්තෝ යනු අර්හත්වූ ක්ෂීණා ශ්‍රවයන් වහන්සේලා වෙති. කුමන කරුණකින් ක්ෂය කළ ධර්ම ඇත්තෝ යනු රහතන් වහන්සේලාට කියත්ද? උන්වහන්සේලා ක්ෂය කළ ධර්ම ඇත්තෝ වෙති. දැනගත් ධර්ම ඇත්තෝවෙති. සමකොට බැලු ධර්ම ඇත්තෝ වෙත්, තීරණය කළ ධර්ම ඇත්තෝවෙත්. ප්‍රකට ධර්ම ඇත්තෝ වෙත්. වඩනලද ධර්ම ඇත්තෝ වෙත්. සියලු සංස්කාරයෝ අනිත්‍යයයි (ii) විශේෂයෙන් ක්ෂය කළ ධර්ම ඇත්තෝ වෙත්. දැනගත් ධර්ම ඇත්තෝ වෙත් සමකොට බැලු ධර්ම ඇත්තෝ වෙත් තීරණය කළ ධර්ම ඇත්තෝ වෙත්. ප්‍රකට කළ ධර්ම ඇත්තෝ වෙත්. වඩනලද ධර්ම ඇත්තෝ වෙත්. (iii) සියලු සංස්කාරයෝ දුක්යයි (මෙහි (ii) යෙදිය යුතුයි) සියලු ධර්මයෝ අනාත්මයයි (මෙහි (ii) යෙදිය යුතුයි.) අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්යයි (මෙහි (ii) යෙදිය යුතුයි) යම්කිසි හේතු ප්‍රත්‍යයකින් උපන් ධර්මයක් ඇද්ද ඒ සියල්ල නිරෝධය (විනාශය) පිණිස පවත්නේයයි (මෙහි (ii) යෙදිය යුතුයි.) නැවතද උන්වහන්සේලාගේ ස්කන්ධයෝ ක්ෂය කරණ ලදහ. ධාතූහු ක්ෂය කරණ ලදහ. ආයතනයෝ ක්ෂය කරණ ලදහ. ගතීහු ක්ෂය කරණ ලදහ. උත්පත්තීහු ක්ෂය කරණ ලදහ. භවයෝ ක්ෂය කරණ ලදහ. සංසාර නම් වට්ටයෝ ක්ෂය කරණ ලදහ. නැවතද උන්වහන්සේලා ස්කන්ධ කෙළවර සිටියාහුවෙති. ධාතු කෙළවර සිටියාහුවෙති. ආයතන කෙළවර සිටියාහු වෙති. ගතිකෙළවර සිටියාහු වෙති. උත්පත්ති කෙළවර සිටියාහු වෙති. ප්‍රතිසංධි කෙළවර සිටියාහු වෙති. භවකෙළවර සිටියාහුවෙති. සංසාර කෙළවර සිටියාහු වෙති. වට්ට කෙළවර සිටියාහුවෙති. අන්තිම භවයෙහි සිටියාහුවෙති. අන්තිම ශරීරයෙහි සිටියාහු වෙති. අන්තිම දෙහධරවූ අර්හත් සේක.
2. “උන්වහන්සේලාගේ සසර ගමන අවසානය. මේ අන්තිම ශරීරයයි. ජාතිමරණ සංසාරයක් නැත. උන්වහන්සේලාට නැවත ඉපදීමක් නැත.” යනුයි. ඒ කාරණයෙන් රහතන් වහන්සේලාට ක්ෂය කළ ධර්ම ඇත්තෝ යයි කියත්. යම්කෙනෙක් ක්ෂය කළ ධර්ම ඇත්තෝ මෙහි බොහෝ “හික්මෙන්නේ” යන්නෙහි කවර කරුණකින් ශෛක්ෂ නම් වේද, හික්මේහුයි කුමක හික්මේද, අධිශීලයද හික්මෙත්, අධිචිත්තයද හික්මෙත් අධිප්‍රඥාවද හික්මෙත්. මහණෙනි, අධිශීල ශික්ෂාව කවරීද? මෙහි මහණ සිල් ඇත්තේවේද ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවරවූයේ වාසය කරයි. ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ ස්වල්ප වරදෙහි භය දක්නා සුලු වූයේ හික්මේද? කුඩා ශීලස්කන්ධය, මහා ශීලස්කන්ධය, ප්‍රතිෂ්ඨාව, දුසිරිත්වලට ආවරණය, සංයමය, සංවරය කුසල දහම් සමාපත්තීන්ගේ උසස් බව, යන මෙය අධිශීල ශික්ෂා නමි. මහණෙනි, අධිචිත්ත ශික්ෂාව කවරීද? මෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්ව (මහා නිද්දේශයෙහි (2-4) (iii) සිට යෙදිය යුතුයි.)
3. “මහණෙනි, අධිප්‍රඥා ශික්ෂාව කවරීද? මෙහි මහණ තෙම ප්‍රඥාවෙන් යුක්තවේද ආර්යවූ උසස්වූ වැඩීම ඇති කරවන ප්‍රඥාවෙන් යුක්තවූයේ මනාකොට දුක් කෙළවර කිරීමට පැමිණියේවේද හෙතෙම මෙය දුකයයි තත්වූ පරිදි දනියි. මේ දුක් ඇතිවීමේ හේතුවයයි මේ දුක්ඛ නිරෝධයයි. මේ දුක්ඛ නිරෝධය පිණිස ගමන් කරණ ප්‍රතිපදාව යයි තත්වූ පරිදි දැනගනීද, මේ ආශ්‍රවයයි මේ ආශ්‍රව ඇතිවීමයයි මේ ආශ්‍රව නිරෝධයයි. මේ ආශ්‍රව නිරෝධ ගාමිණී ප්‍රතිපදාවයයි තත්වූ පරිදි දැනගනියි. මේ අධිප්‍රඥා ශික්ෂාවයි මේ ශික්ෂා තුන සිහිකරමින් හික්මෙත්. දැනගන්නාහු හික්මෙත්, බලන්නාහු හික්මෙත්, සිත පිහිටුවන්නාහු හික්මෙත්, ඒ නිසා මුදන්නාහු හික්මෙත්, වීර්යය දැඩිකොට ගන්නාහු හික්මෙත්, සිහිය යොදවන්නාහු හික්මෙත්, සිත තැන්පත් කරන්නාහු හික්මෙත්, නුවණින් දැනගන්නාහු හික්මෙත්, දැනගත යුත්ත දැනගන්නාහු හික්මෙත්, මනාකොට දැනගත යුත්ත මනාකොට දැනගන්නාහු හික්මෙත් දුරු කටයුතු දෙය දුරු කරන්නාහු හික්මෙත්, වැඩිය යුත්ත වඩන්නාහු හික්මෙත්, ප්‍රත්‍යක්ෂ කටයුත්ත ප්‍රත්‍යක්ෂ කරන්නාහු හික්මෙත්, සමාදන්ව සිටිත්, ඒ කාරණයෙන් සෙඛයෝ (හික්මෙන්නෝ) යයි කියති.
4. “බොහෝ” යනු “මහත්වූ” යනුයි. මේ ශෛක්ෂයෝ සෝවාන් මාර්ගස්ථයෝද ඵලස්ථයෝද සකෘදාගාමී මාර්ගස්ථයෝද ඵලස්ථයෝද අනාගාමී මාර්ගස්ථයෝද ඵලස්ථයෝද රහත් මාර්ගයට පැමිණියෝද යන මොවුහු වෙති.
5. “මෙහි” යනු මේ දෘෂ්ටියෙහි, මේ කැමැත්තෙහි මේ රුචියෙහි, මේ ගැන්මෙහි, මේ ධර්මයෙහි, මේ විනයෙහි, මේ ධර්ම විනයයෙහි මේ පාවචනයෙහි මේ බ්‍රහ්ම චරියාවෙහි, මේ ශාස්තෘ ශාසනයෙහි, මේ ආත්ම භාවයෙහි, මේ මනුෂ්‍ය ලෝකයෙහිම යනුයි.
6. “මවිසින් විචාරණ ලද්දේ, ප්‍රඥාවත් ඔබවහන්සේ” යනු මෙලෙස විචාරණ ලද්දේ නිදුකානෙනි, කියනු මැනව යනු ඔබ වහන්සේද ප්‍රඥා ඇත්තෙක, පණ්ඩිත කෙනෙක, නුවණැත්තෙක, ඔවුන්ගේ කියනලද ධර්මයන්ගේද, සෙඛයන්ගේද මෙබඳු පැවැත්මය මෙබඳු හැසිරීමය, මෙබඳු ගොචරය මෙබඳු විහරණයයි මෙබඳු ප්‍රතිපදාවයයි විචාරණ ලද්දේ ඉල්වනලද්දේ, ආරාධනා කරණ ලද්දේ පහදවන ලද්දේ යනුයි.
7. “කියනු මැනව” යනු කියනු මැනවි. දේශනා කරණු මැනවි, පනවනු මැනවි. තබනු මැනවි, විවෘත කරණු මැනවි. බෙදනු මැනවි, ප්‍රකට කරණු මැනවි, ප්‍රකාශ කරණු මැනවි යනුයි. “නිදුකානෙනි, යනු ප්‍රිය වචනයයි ගරු වචනයයි ගරු කටයුතු සැලකිය යුතු වචනයයි. මේ නිදුකානෙනි යනුයි. මා විසින් මෙබඳු ප්‍රඥාවන් ඔබවහන්සේගෙන් විචාරණලද්දේ ‘නිදුකානෙනි, කියනු මැනව, යනු ඒ බ්‍රාහ්මණතෙම කීයේය.
8
කාමෙසු නාභිගිජ්ඣෙය්‍ය, මනසානාවිලො සියා;
කුසලො සබ්බධම්මානං, සතො භික්ඛු පරිබ්බජෙ.
කාමෙසු නාභිගිජ්ඣෙය්‍යාති. කාමාති උද්දානතො ද්වෙ කාමා - වත්ථුකාමා ච කිලෙසකාමා ච. කතමෙ වත්ථුකාමා? මනාපිකා රූපා මනාපිකා සද්දා මනාපිකා ගන්ධා මනාපිකා රසා මනාපිකා ඵොට්ඨබ්බා, අත්ථරණා පාවුරණා (පාපුරණා (ස්‍යා.)) දාසිදාසා අජෙළකා කුක්කුටසූකරා හත්ථිගවාස්සවළවා ඛෙත්තං වත්ථු හිරඤ්ඤං සුවණ්ණං ගාමනිගමරාජධානියො (රාජඨානියො (ක.)) රට්ඨඤ්ච ජනපදො ච කොසො ච කොට්ඨාගාරඤ්ච - යං කිඤ්චි රජනීයවත්ථු වත්ථුකාමා.
අපි ච අතීතා කාමා අනාගතා කාමා පච්චුප්පන්නා කාමා අජ්ඣත්තා කාමා බහිද්ධා කාමා අජ්ඣත්තබහිද්ධා කාමා, හීනා කාමා මජ්ඣිමා කාමා පණීතා කාමා, ආපායිකා කාමා මානුසිකා කාමා දිබ්බා කාමා, පච්චුපට්ඨිතා කාමා, නිම්මිතා කාමා පරනිම්මිතා කාමා, පරිග්ගහිතා කාමා අපරිග්ගහිතා කාමා, මමායිතා කාමා අමමායිතා කාමා, සබ්බෙපි කාමාවචරා ධම්මා, සබ්බෙපි රූපාවචරා ධම්මා, සබ්බෙපි අරූපාවචරා ධම්මා, තණ්හාවත්ථුකා තණ්හාරම්මණා, කාමනීයට්ඨෙන රජනීයට්ඨෙන මදනීයට්ඨෙන රමණීයට්ඨෙන (නත්ථි ස්‍යා. පොත්ථකෙ මහානි. 1) කාමා. ඉමෙ වුච්චන්ති වත්ථුකාමා.
කතමෙ කිලෙසකාමා? ඡන්දො කාමො රාගො කාමො ඡන්දරාගො කාමො සඞ්කප්පො කාමො රාගො කාමො සඞ්කප්පරාගො කාමො, යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දී කාමතණ්හා කාමසිනෙහො කාමපිපාසා කාමපරිළාහො කාමගෙධො කාමමුච්ඡා කාමජ්ඣොසානං කාමොඝො කාමයොගො කාමුපාදානං කාමච්ඡන්දනීවරණං -
අද්දසං කාම තෙ මූලං, සඞ්කප්පා කාම ජායසි;
න තං සඞ්කප්පයිස්සාමි, එවං කාම න හෙහිසීති.
ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. ගෙධො වුච්චති තණ්හා, යො රාගො සාරාගො...පෙ.... අභිජ්ඣා ලොභො අකුසලමූලං. කාමෙසු නාභිගිජ්ඣෙය්‍යාති කිලෙසකාමෙන වත්ථුකාමෙසු නාභිගිජ්ඣෙය්‍ය න පලිබුන්ධෙය්‍ය (පලිබුජ්ඣෙය්‍ය (ස්‍යා.)) අගිද්ධො අස්ස අගධිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො (අනජ්ඣොපන්නො (ස්‍යා.)) වීතගෙධො විගතගෙධො චත්තගෙධො වන්තගෙධො මුත්තගෙධො පහීනගෙධො පටිනිස්සට්ඨගෙධො වීතරාගො විගතරාගො චත්තරාගො වන්තරාගො මුත්තරාගො පහීනරාගො පටිනිස්සට්ඨරාගො නිච්ඡාතො නිබ්බුතො සීතිභූතො සුඛප්පටිසංවෙදී බ්‍රහ්මභූතෙන අත්තනා විහරෙය්‍යාති - කාමෙසු නාභිගිජ්ඣෙය්‍ය.
මනසානාවිලො සියාති. මනොති යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්‍රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණධාතු. කායදුච්චරිතෙන චිත්තං ආවිලං හොති ලුළිතං එරිතං ඝට්ටිතං චලිතං භන්තං අවූපසන්තං. වචීදුච්චරිතෙන...පෙ.... මනොදුච්චරිතෙන... රාගෙන... දොසෙන... මොහෙන... කොධෙන... උපනාහෙන... මක්ඛෙන... පළාසෙන... ඉස්සාය... මච්ඡරියෙන... මායාය... සාඨෙය්‍යෙන... ථම්භෙන... සාරම්භෙන... මානෙන... අතිමානෙන... මදෙන... පමාදෙන... සබ්බකිලෙසෙහි... සබ්බදුච්චරිතෙහි... සබ්බඩාහෙහි... සබ්බපරිළාහෙහි... සබ්බසන්තාපෙහි... සබ්බාකුසලාභිසඞ්ඛාරෙහි චිත්තං ආවිලං හොති ලුළිතං එරිතං ඝට්ටිතං චලිතං භන්තං අවූපසන්තං. මනසානාවිලො සියාති චිත්තෙන අනාවිලො සියා - අලුළිතො අනෙරිතො අඝට්ටිතො අචලිතො අභන්තො වූපසන්තො ආවිලකරෙ කිලෙසෙ ජහෙය්‍ය පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන්තීකරෙය්‍ය (බ්‍යන්තිං කරෙය්‍ය (ක.)) අනභාවං ගමෙය්‍ය, ආවිලකරෙහි කිලෙසෙහි ච ආරතො (ආරතො අස්ස (ක.) මහානි. 18 පස්ස) විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදිකතෙන චෙතසා විහරෙය්‍යාති - මනසානාවිලො සියා.
කුසලො සබ්බධම්මානන්ති ‘‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’’ති කුසලො සබ්බධම්මානං, ‘‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’’ති කුසලො සබ්බධම්මානං, ‘‘සබ්බෙ ධම්මා අනත්තා’’ති කුසලො සබ්බධම්මානං, ‘‘අවිජ්ජාපච්චයා සඞ්ඛාරා’’ති කුසලො සබ්බධම්මානං...පෙ.... ‘‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’’න්ති කුසලො සබ්බධම්මානං. එවම්පි කුසලො සබ්බධම්මානං.
අථ වා, අනිච්චතො කුසලො සබ්බධම්මානං, දුක්ඛතො...පෙ.... රොගතො... ගණ්ඩතො... සල්ලතො... අඝතො... ආබාධතො... පරතො... පලොකතො... ඊතිතො... උපද්දවතො... භයතො... උපසග්ගතො... චලතො... පභඞ්ගුතො... අද්ධුවතො (අධුවතො (ක.) මහානි. 13) ... අතාණතො... අලෙණතො... අසරණතො... අසරණීභූතතො... රිත්තතො... තුච්ඡතො... සුඤ්ඤතො... අනත්තතො... ආදීනවතො... විපරිණාමධම්මතො... අසාරකතො... අඝමූලතො... වධකතො... විභවතො... සාසවතො... සඞ්ඛතතො... මාරාමිසතො... ජාතිධම්මතො... ජරාධම්මතො... බ්‍යාධිධම්මතො... මරණධම්මතො... සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මතො ... සංකිලෙසිකධම්මතො... සමුදයතො... අත්ථඞ්ගමතො... අස්සාදතො... ආදීනවතො... නිස්සරණතො කුසලො සබ්බධම්මානං. එවම්පි කුසලො සබ්බධම්මානං.
අථ වා, ඛන්ධකුසලො ධාතුකුසලො ආයතනකුසලො පටිච්චසමුප්පාදකුසලො සතිපට්ඨානකුසලො සම්මප්පධානකුසලො ඉද්ධිපාදකුසලො ඉන්ද්‍රියකුසලො බලකුසලො බොජ්ඣඞ්ගකුසලො මග්ගකුසලො ඵලකුසලො නිබ්බානකුසලො. එවම්පි කුසලො සබ්බධම්මානං.
අථ වා, සබ්බධම්මා වුච්චන්ති ද්වාදසායතනානි - චක්ඛු චෙව (චක්ඛුඤ්චෙව (ක.)) රූපා ච, සොතඤ්ච සද්දා ච, ඝානඤ්ච ගන්ධා ච, ජිව්හා ච රසා ච, කායො ච ඵොට්ඨබ්බා ච, මනො ච ධම්මා ච. යතො ච අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු ඡන්දරාගො පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො (අනභාවඞ්ගතො (ස්‍යා.)) ආයතිං අනුප්පාදධම්මො, එත්තාවතාපි කුසලො සබ්බධම්මානන්ති - කුසලො සබ්බධම්මානං.
සතො භික්ඛු පරිබ්බජෙති. සතොති චතූහි කාරණෙහි සතො - කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො, වෙදනාසු වෙදනානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො, චිත්තෙ චිත්තානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො, ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො.
අපරෙහිපි චතූහි කාරණෙහි සතො - අසතිපරිවජ්ජනාය සතො, සතිකරණීයානං ධම්මානං කතත්තා සතො, සතිපරිබන්ධානං (සතිපටිපක්ඛානං (ස්‍යා.) මහානි. 3) ධම්මානං හතත්තා සතො, සතිනිමිත්තානං ධම්මානං අසම්මුට්ඨත්තා (අප්පමුට්ඨත්තා (ස්‍යා.)) සතො.
අපරෙහිපි චතූහි කාරණෙහි සතො - සතියා සමන්නාගතත්තා සතො, සතියා වසිතත්තා සතො, සතියා පාගුඤ්ඤෙන සමන්නාගතත්තා සතො, සතියා අපච්චොරොහණතාය සතො.
අපරෙහිපි චතූහි කාරණෙහි සතො - සතියා සමන්නාගතත්තා සතො, සන්තත්තා සතො, සමිතත්තා සතො, සන්තධම්මසමන්නාගතත්තා සතො. බුද්ධානුස්සතියා සතො, ධම්මානුස්සතියා සතො, සඞ්ඝානුස්සතියා සතො, සීලානුස්සතියා සතො, චාගානුස්සතියා සතො, දෙවතානුස්සතියා සතො , ආනාපානස්සතියා සතො, මරණස්සතියා සතො, කායගතාසතියා සතො, උපසමානුස්සතියා සතො. යා සති අනුස්සති...පෙ.... සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො එකායනමග්ගො, අයං වුච්චති සති. ඉමාය සතියා උපෙතො හොති සමුපෙතො උපාගතො සමුපාගතො උපපන්නො සමුපපන්නො (සම්පන්නො (ක.)) සමන්නාගතො, සො වුච්චති සතො. භික්ඛූති සත්තන්නං ධම්මානං භින්නත්තා භික්ඛු - සක්කායදිට්ඨි භින්නා හොති, විචිකිච්ඡා භින්නා හොති, සීලබ්බතපරාමාසො භින්නො හොති, රාගො භින්නො හොති, දොසො භින්නො හොති, මොහො භින්නො හොති, මානො භින්නො හොති. භින්නා හොන්ති පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොභවිකා (පොනොබ්භවිකා (ස්‍යා. ක.)) සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා.
පජ්ජෙන කතෙන (පජ්ජොතකතෙන (ක.) සු. නි. 519) අත්තනා, [සභියාති භගවා]
පරිනිබ්බානගතො විතිණ්ණකඞ්ඛො;
විභවඤ්ච භවඤ්ච විප්පහාය, වුසිතවා ඛීණපුනබ්භවො ස භික්ඛූති.
සතො භික්ඛු පරිබ්බජෙති සතො භික්ඛු පරිබ්බජෙ, සතො ගච්ඡෙය්‍ය, සතො තිට්ඨෙය්‍ය, සතො නිසීදෙය්‍ය, සතො සෙය්‍යං කප්පෙය්‍ය, සතො අභික්කමෙය්‍ය, සතො පටික්කමෙය්‍ය, සතො ආලොකෙය්‍ය, සතො විලොකෙය්‍ය, සතො සමිඤ්ජෙය්‍ය, සතො පසාරෙය්‍ය, සතො සඞ්ඝාටිපත්තචීවරං ධාරෙය්‍ය, සතො චරෙය්‍ය විහරෙය්‍ය ඉරියෙය්‍ය වත්තෙය්‍ය පාලෙය්‍ය යපෙය්‍ය යාපෙය්‍යාති - සතො භික්ඛු පරිබ්බජෙ. තෙනාහ භගවා -
‘‘කාමෙසු නාභිගිජ්ඣෙය්‍ය, මනසානාවිලො සියා;
කුසලො සබ්බධම්මානං, සතො භික්ඛු පරිබ්බජෙ’’ති.
සහ ගාථාපරියොසානා යෙ තෙ බ්‍රාහ්මණෙන සද්ධිං එකච්ඡන්දා එකපයොගා එකාධිප්පායා එකවාසනවාසිතා, තෙසං අනෙකපාණසහස්සානං විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි - ‘‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’’න්ති. තස්ස බ්‍රාහ්මණස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි. සහ අරහත්තප්පත්තා අජිනජටාවාකචීරතිදණ්ඩකමණ්ඩලුකෙසා ච මස්සූ ච අන්තරහිතා, භණ්ඩුකාසායවත්ථවසනො සඞ්ඝාටිපත්තචීවරධරො අන්වත්ථපටිපත්තියා පඤ්ජලිකො භගවන්තං නමස්සමානො නිසින්නො හොති - ‘‘සත්ථා මෙ භන්තෙ භගවා, සාවකොහමස්මී’’ති.
8
(1-8)
1. “කාමයන්හි ගිජු නොවන්නේය” යන්නෙහි කාමයෝ නම් ප්‍රධාන වශයෙන් කාමයෝ දෙකොටසකි. වස්තු කාමයෝද ක්ලේශ කාමයෝද යනුයි (මහා නිර්දෙශයේ 1-1 (ii) සිට 3 ඡේදය අවසානයට යොදාගත යුතුයි.) මොවුහු ක්ලේශ කාමයෝයයි කියත්. ගිජුකමයයි තෘෂ්ණාවට කියයි යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද අභිධ්‍යාවක් ලෝභයක් අකුශල මූලයක් ඇද්ද එයයි.
2. “කාමයන්හි ගිජු නොවන්නේය” යනු ක්ලේශ කාමයෙන් වස්තු කාමයන්හි ගිජු නොවන්නේය. ගිජු නොවූවෙක් වන්නේය, ආරාධනය කරණ ලද්දෙක් මුදන ලද්දෙක් නොවලක්වන්නෙක්, මුදනලද වැළකීම් ඇත්තෙක් ප්‍රහීන කරණලද වැළකීම් ඇත්තෙක්, සංසිඳුන වැළකීම් ඇත්තෙක් වන්නේය. පහකළ රාග ඇත්තෙක් වන්නේය. වෙන්ව ගිය රාග ඇත්තෙක් වන්නේය. මුදනලද රාග ඇත්තෙක් වන්නේය. සංසිඳුන රාග ඇත්තෙක් වන්නේය. තෘෂ්ණාව දුරු කළේ, නිවුනේ සිහිල් වූයේ සැපත විඳින්නේ වෙයි. “බ්‍රහ්මයා බඳු කයින් වසන්නේය. සිතින්ද කැළඹීම් ඇති නොකරන්නේය” යනු සිතෙහි වන්නාවූ සිත, මන, මනස, හදය, පණ්ඩරය, මනායතනය, මනීන්ද්‍රිය, විඤ්ඤාණය විඤ්ඤාණස්කන්ධය යන මනො විඤ්ඤාණ ධාතුකවූ දුශ්චරිතයෙන් සිත කැළඹුනේවේ, ලෙල දෙන්නේවේ, ගැටුනේ වේ, නොසංසිඳුනේවේ. වාග් දුශ්චරිතයෙන් මනස් දුශ්චරිතයෙන් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්, ක්‍රෝධයෙන්, බද්ධ වෛරයෙන් ගුණමකු කමින් ගුණවතුන් හා සමසේ සිතීමෙන් ඊර්ෂ්‍යාවෙන් මසුරු කමින්, රැවටිල්ලෙන්, කෛරාටික කමින් තද ගතියෙන්, එකට එක කිරීමෙන්, මානයෙන් අතිමානයෙන්, මදයෙන් ප්‍රමාදයෙන් සියලු ක්ලේශයන්ගෙන්, සියලු දුශ්චරිතයන්ගෙන් සියලු දාහයන්ගෙන්, සියලු තැවිලිවලින්, සියලු අකුශල රැස්කිරීම්වලින් කැළඹුනේ වේද, ලෙලදෙන්නේවේ, ගැටුනේ වේ, නොසන්සිඳුනේ වේ, සිතින් නොකැළඹුනෙක් වන්නේය. නොසැලුනේ නොගැටුනේ භ්‍රාන්ත නොවූයේ කළඹන්නාවූ කෙලෙස් දුරු කරන්නේය. සංසිඳවන්නේය. සිත කළඹන්නාවූ කෙලෙස් වලින් ඈත්වූවෙක් වන්නේය. වෙන්වූයේ විශේෂයෙන් වෙන්වූයේ සීමා නොකළ සිතින් වසන්නේය, යනුයි.
3. “සියලු ධර්මයන්හි දක්ෂවූයේ,” යනු සියලු සංස්කාරයෝ අනිත්‍යයයි සියලු ධර්මයන්හි දක්ෂවූයේ, සියලු සංස්කාරයෝ දුක්යයි සියලු ධර්මයන්හි දක්ෂවූයේ, සියලු ධර්මයෝ අනාත්මයයි සියලු ධර්මයන්හි දක්ෂවූයේ අවිද්‍යා හේතුවෙන් සංස්කාරයෝ වෙත්යයි සියලු ධර්මයන්හි දක්ෂවූයේ යම්කිසි හේතු ප්‍රත්‍ය ධර්මයක් ඇද්ද ඒ සියල්ල නැතිවීම පිණිස පවත්නේයයි සියලු ධර්මයන්හි දක්ෂවූයේ, මෙසේද සියලු ධර්මයන්හි දක්ෂවූයේ නැවතද අනිත්‍ය වශයෙන් සියලු ධර්මයන්හි දක්ෂවූයේ දුක් වශයෙන්, රොග වශයෙන්, ගඩ වශයෙන්, විනාශවීම් වශයෙන්, පීඩා වශයෙන්, උපද්‍රව වශයෙන්, භය වශයෙන්, කරදර වශයෙන්, සෙලවීම් වශයෙන්, අස්ථිර වශයෙන්, කලක් නොපැවතීම් වශයෙන්, ආරක්ෂා ස්ථානයක් නොවීම් වශයෙන් පිහිටක් නැති වශයෙන්, හිස් වශයෙන්, තුච්ඡ වශයෙන්, ශුන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, ආදීනව වශයෙන්, නික්මීම් වශයෙන්, විපරිනාම ධර්ම වශයෙන්, අසාර වශයෙන් දුක්ඛ මූල වශයෙන්, වධක වශයෙන්, විභව වශයෙන් ආශ්‍රව වශයෙන්, මාරාමිෂ වශයෙන්, ජාති ධර්ම වශයෙන් ජරා ධර්ම වශයෙන්, ව්‍යාධි ධර්ම වශයෙන්, මරණ ධර්ම වශයෙන් ශෝකය වැළපීම, දුක් දොම්නස්, උපායාස ධර්ම වශයෙන්, ඇතිවීම් වශයෙන්, අස්තයට යාම් වශයෙන්, රශ විඳීම් වශයෙන් ආදීනව වශයෙන් නික්මීම් වශයෙන් සියලු ධර්මයන්හි දක්ෂවූයේ, මෙසේද සියලු ධර්මයන්හි දක්ෂ වූයේ යනුයි. නැවතද සියලු ධර්මයෝයයි ආයතන දොළසට කියත්. ඇසද, රූපයෝද, කණද ශබ්දයෝද, නාසයද ගන්ධයෝද, දිවද රශයෝද, කයද ස්පර්ශයෝද, මනසද ධර්මයෝද, යන යම් හෙයකින් ආධ්‍යාත්මික බාහිර ආයතනයන්හි ඡන්ද රාගය ප්‍රහීණවූයේ වේද, මුලින් ඉදුරුවේ වේද, අග සිඳි තල් ගසක් මෙන් කරණලද්දේ වේද, සම්පූර්ණයෙන් අභාවයට පත් කරණලද්දේ වේද, නැවත නූපදනා බවට පමුණුවන ලද්දේ වේද, මෙපමණකින්ද කුශල ධර්මයන්හි දක්ෂවූයේ යනුයි.
4. “මහණතෙම සිහි ඇතිව ඇවිදින්නේය” යනු කරුණු සතරකින් සිහි ඇත්තේ යනුයි. (ii) කයෙහි කය අනුව බැලීමේ සිහිය පිහිටුවන්නේ සිහි ඇත්තේ නමි. වේදනාවන්හි වේදනාව අනුව බැලීමේ සිහිය පිහිටුවන්නේ සිහි ඇත්තේ නමි. සිතෙහි සිත අනුව බලන සිහිය පිහිටුවන්නේ සිහි ඇත්තේ නම් ධර්මයන්හි ධර්මය අනුව බලන සිහිය පිහිටුවන්නේ සිහි ඇත්තේ නමි. අනිකුදු සතර කාරණයකින් සිහි ඇත්තේ නමි. නොසිහිය දුරුකරණ බැවින් සිහි ඇත්තේ නමි. සිහිය ඇති කරණ ධර්ම කරණ ලද බැවින් සිහි ඇත්තේ නමි. සිහිය නැති කරණ ධර්ම දුරුකරණ බැවින් සිහි ඇත්තේ නමි. සිහියට නිමිතිවන ධර්මයන්හි මුලා නොවීමි අර්ථයෙන් සිහි ඇත්තේ නමි. අනිකුදු සතර කාරණයකින් සිහි ඇත්තේ නමි. සිහියෙන් යුක්තවූ බැවින් සිහි ඇත්තේ නමි. සිහියෙන් වසඟවූ බැවින් සිහි ඇත්තේ නමි. සිහියෙන් ප්‍රගුණ බැවින් සිහි ඇත්තේ නමි. සිහියෙන් නොබැසීම් වශයෙන් සිහි ඇත්තේ නමි. අනිකුදු කරුණු සතරකින් සිහි ඇත්තේ නමි. සිහියෙන් යුක්ත බැවින් සිහි ඇත්තේ නමි. ශාන්තවූ බැවින් සිහි ඇත්තේ නමි. හික්මුන බැවින් සිහි ඇත්තේ නමි. ශාන්ත ධර්මයෙන් යුක්ත බැවින් සිහි ඇත්තේ නමි. බුද්ධානුස්මෘතියෙන් සිහි ඇත්තේ නමි. ධර්මානුස්මෘතියෙන් සිහි ඇත්තේ නමි. සංඝානුස්මෘතියෙන් සිහි ඇත්තේ නමි. ශීලානුස්මෘතියෙන් සිහි ඇත්තේ නමි. ත්‍යාගානුස්මෘතියෙන් සිහි ඇත්තේ නමි. දෙවතානුස්මෘතියෙන් සිහි ඇත්තේ නමි. ආනාපාන ස්මෘතියෙන් සිහි ඇත්තේ නමි. මරණානුස්මෘතියෙන් සිහි ඇත්තේ නමි. කායගතාසතියෙන් සිහි ඇත්තේ නමි. සම්‍යක් ස්මෘතිය, ස්මෘති සම්බොධ්‍යංගය, ඒකායන මාර්ගය, යන මෙයින් යුක්තවූයේ සිහි ඇත්තේ නමි. මෙය සිහිය යයි කියනු ලැබේ. (iii) මේ සිහියෙන් යුක්තවූයේවේද පැමිණියේ විශේෂයෙන් පැමිණියේවේද, උප ශාන්ත බැවින් යුක්තවූයේවේද, එය සිහිය යයි කියනු ලැබේ. භික්ෂුව නම් ධර්ම සතක් මිදුන බැවින් භික්ෂු නම් (මහා නිද්දෙසයේ 3-4 (1) “භික්ෂු” යනු යන තැන සිට යොදාගත යුතුයි.)
5. “සිහි ඇතිව භික්ෂුව ඉරියව් පවත්වන්නේය” යනු (ii) සිහි ඇතිව යන්නේය. සිහි ඇතිව සිටින්නේය, සිහි ඇතිව හිඳින්නේය, සිහි ඇතිව නිදන්නේය. සිහි ඇතිව ඉදිරියට යන්නේය. සිහි ඇතිව ආපසු එන්නේය. සිහි ඇතිව බලන්නේය. සිහි ඇතිව වටපිට බලන්නේය. සිහි ඇතිව (අතපයාදිය) හකුලන්නේය. දිගු කරන්නේය. සිහි ඇතිව දෙපට සිවුරු පාත්‍ර සිවුරු දරන්නේය. සිහි ඇතිව හැසිරෙන්නේය. ඉරියව් පවත්වන්නේය. පවතින්නේය. පාලනය කරන්නේනුයි. (iii) සිහි ඇත්තේ නම් එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
6. ගාථා අවසානය සමගම ඔවුහු ඒ බ්‍රාහ්මණයා සමගම එකම කැමති ඇත්තෝ එක යෙදීම් ඇත්තෝ එක අදහස් ඇත්තෝ එක්බඳු ඇඳුම් ඇත්තෝ ඒ නොයෙක් දහස් ගණන් සත්වයින්ට කෙලෙස් ධූලි නැති කෙලෙස් කුණු නැති දහම් ඇස පහළවිය. යම්කිසි ඇතිවීම් ධර්මයක් ඇද්ද, ඒ සියල්ල නැතිවීම පිණිස පවත්නේය කියායි. ඒ බ්‍රාහ්මණයාට දැඩිව අල්ලා නොගෙන කෙලෙස් වලින් සිත මිදුනේය. අර්හත්වයා ලැබීම (ii) සමගම දළ මඬුලුද වැහැරි සිවුරුද ත්‍රිදණ්ඩාසනද කෙන්ඩිද කෙස් රැවුල්ද අතුරුදන් වූයේ මුඩු කළ හිස් ඇත්තේ කසාවත් දරා දෙපට සිවුරු පාත්‍ර සිවුරු දරා ඇඳිලි බැඳ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මම ශාස්තෲන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමියි කීය. (iii) භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමින් සිටියේ වෙයි.
2. තිස්සමෙත්තෙය්‍යමාණවපුච්ඡානිද්දෙසො 2. තිස්ස මෙත්තෙය්‍ය සූත්‍ර නිර්දෙශය
3. පුණ්ණකමාණවපුච්ඡානිද්දෙසො 3. පුණ්ණ මානවක සූත්‍ර නිර්දෙශය
4. මෙත්තගූමාණවපුච්ඡානිද්දෙසො 4. මෙත්තගු මානවක සූත්‍ර නිර්දෙශය
5. ධොතකමාණවපුච්ඡානිද්දෙසො 5. ධොතක මානවක සූත්‍ර නිර්දෙශය
6. උපසීවමාණවපුච්ඡානිද්දෙසො 6. උපසීව මානවක සූත්‍ර නිර්දෙශය
7. නන්දමාණවපුච්ඡානිද්දෙසො 7. නන්ද මානවක සූත්‍ර නිර්දෙශය
8. හෙමකමාණවපුච්ඡානිද්දෙසො 8. හෙමක මානවක නිර්දෙශය
9. තොදෙය්‍යමාණවපුච්ඡානිද්දෙසො 9. තොදෙය්‍යමානවක සූත්‍ර නිර්දේශය
10. කප්පමාණවපුච්ඡානිද්දෙසො 10. කප්පමානවක සූත්‍ර නිර්දෙශය
11. ජතුකණ්ණිමාණවපුච්ඡානිද්දෙසො 11. ජතුකණ්ණි මානවක සූත්‍ර නිර්දෙශය
12. භද්‍රාවුධමාණවපුච්ඡානිද්දෙසො 12. භද්‍රාවුධ මානවක සූත්‍ර නිද්දෙශය
13. උදයමාණවපුච්ඡානිද්දෙසො 13. උදය මානවක සූත්‍ර නිර්දේශය
14. පොසාලමාණවපුච්ඡානිද්දෙසො 14. පොසාල මානවක සූත්‍ර නිර්දේශය
15. මොඝරාජමාණවපුච්ඡානිද්දෙසො 15. මොඝරාජ මානවක නිර්දෙශය
16. පිඞ්ගියමාණවපුච්ඡානිද්දෙසො 16. පිංගිය මානවක සූත්‍ර නිර්දේශය
17. පාරායනත්ථුතිගාථානිද්දෙසො 17. පාරායන මානවක සූත්‍ර නිර්දේශය
18. පාරායනානුගීතිගාථානිද්දෙසො 18. පාරායනානුගීතිගාථානිද්දෙසො