| ඛුද්දකනිකායෙ | ඛුද්දක නිකාය |
| චූළනිද්දෙසපාළි | චූල නිද්දේසය |
| පාරායනවග්ගො | පාරායණ වර්ගය |
| වත්ථුගාථා | අජිත මාණවක පුච්ඡා සූත්‍රය |
|
1
කොසලානං
ආකිඤ්චඤ්ඤං පත්ථයානො, බ්රාහ්මණො මන්තපාරගූ.
|
1
“මන්ත්‍ර ශාස්ත්‍රයෙහි පරතෙරට පැමිණි බමුණුතෙම ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය බලාපොරොත්තු වෙමින් රම්‍යවූ කොසොල් නුවරින් දකුණු පැත්තට ගියේය.
|
|
2
සො අස්සකස්ස විසයෙ, මළකස්ස
(අළකස්ස (සු. නි. 983) මුළකස්ස (ස්‍යා.), මූළ්හකස්ස (ක.)) සමාසනෙ
(සමාසන්නෙ (ක.));
වසි ගොධාවරීකූලෙ, උඤ්ඡෙන ච ඵලෙන ච.
|
2
“හෙතෙම අස්සක, අලක, දෙරට මැද ගොධාවරී ගඟබඩ පිඬු සිඟා කෑමෙන්ද, පලවැල බුදිමින්ද, වාසය කළේය.
|
|
3
තස්සෙව
(තංයෙව (ක.) අට්ඨකථා ඔලොකෙතබ්බා) උපනිස්සාය, ගාමො ච විපුලො අහු;
තතො ජාතෙන ආයෙන, මහායඤ්ඤමකප්පයි.
|
3
“ඒ තැන්ම ඇසුරු කොට ගමද මහත් වූහ. ඉන් ලත් ආදායමින් මහා දානයක් දුන්නේය.
|
|
4
මහායඤ්ඤං යජිත්වාන, පුන පාවිසි අස්සමං;
තස්මිං පටිපවිට්ඨම්හි, අඤ්ඤො ආගඤ්ඡි බ්රාහ්මණො.
|
4
“මහා දානයක් දී නැවත ආශ්රමයට ආවේය. එහි පිවිසි කල්හි අනික් බ්‍රාහ්මණයෙක් ආවේය.
|
|
5
උග්ඝට්ටපාදො
සො
|
5
“පීඩාවූ පා ඇති බියපත්වූ කිලිටි දත් ඇති හිස කිලිටිවූ හෙතෙම ඔහු කරා පැමිණ පන්සීයක් ඉල්වයි.
|
|
6
තමෙනං බාවරී දිස්වා, ආසනෙන නිමන්තයි;
සුඛඤ්ච කුසලං පුච්ඡි, ඉදං වචනමබ්රවි
(වචනමබ්රුවි (සී.)).
|
6
“ඔහු බාවාරීතෙම දැක අස්න දුන්නේය. සැපසනීප විචාරා මෙසේ කීයේය.
|
|
7
‘‘යං ඛො මම දෙය්යධම්මං, සබ්බං විසජ්ජිතං මයා;
අනුජානාහි මෙ බ්රහ්මෙ, නත්ථි පඤ්චසතානි මෙ’’.
|
7
“බ්‍රාහ්මණය, මගේ යම් දියයුතු දෙයක් වේද, මා විසින් සියල්ල වියදම් කරණලදී. මා ලඟ පන්සියයක් නැති බව දැන ගන්න.
|
|
8
‘‘සචෙ
සත්තමෙ දිවසෙ තුය්හං, මුද්ධා ඵලතු සත්තධා’’.
|
8
“පින්වත්තෙමේ ඉදින් ඉල්වන්නාවූ මට නොදෙන්නේද, සත්වෙනි දවසෙහි ඔබගේ මුදුන සත්කඩකට පැලෙන්නේය.
|
|
9
අභිසඞ්ඛරිත්වා කුහකො, භෙරවං සො අකිත්තයි;
තස්ස තං වචනං සුත්වා, බාවරී දුක්ඛිතො අහු.
|
9
“හෙතෙම මල් කුසතණ ආදිය රැස්කොට ව්‍යාජ ගති අඟවා භයානක වචන කීයේය. ඔහුගේ ඒ වචනය අසා බාවාරීතෙමේ දුක් වූයේය.
|
|
10
උස්සුස්සති අනාහාරො, සොකසල්ලසමප්පිතො;
අථොපි එවං චිත්තස්ස, ඣානෙ න රමතී මනො.
|
10
“ශොක නැමැති හුලින් පීඩාවූයේ නිරාහාරව වියලෙයි. මෙබඳු සිතක් ඇත්තහුගේ සිත ධ්‍යානයෙන් ප්‍රීතිමත් කරගනියි.
|
|
11
උත්රස්තං දුක්ඛිතං දිස්වා, දෙවතා අත්ථකාමිනී;
බාවරිං උපසඞ්කම්ම, ඉදං වචනමබ්රවි.
|
11
“තැති ගත් දුකට පත් ඔහු දැක යහපත කැමති දෙවතාවෙක් බාවාරී වෙත පැමිණ මේ වචන කීයේය.
|
|
12
‘‘න සො මුද්ධං පජානාති, කුහකො සො ධනත්ථිකො;
මුද්ධනි මුද්ධපාතෙ
(මුද්ධනිම්මුද්ධපාතෙ (ක.)) වා, ඤාණං තස්ස න විජ්ජති’’.
|
12
“ව්‍යාජ ගති අඟවන ඒ වස්තු කැමැත්තා මුදුන නොදනී. මුදුනෙහි හෝ මුදුන හෙළීමෙහි හෝ නුවණක් ඔහුට නැත.
|
|
13
‘‘භොතී
(භොති (ක.)) චරහි ජානාති, තං මෙ අක්ඛාහි පුච්ඡිතා;
මුද්ධං මුද්ධාධිපාතඤ්ච
(මුද්ධාතිපාතඤ්ච (ක.)), තං සුණොම වචො තව’’.
|
13
“ඉදින් පින්වතා දන්නේද, විචාරණ ලද්දාවූ මට කියව, ඔබගේ මුදුනය මුදුනෙහි වැටීමය යන වචනය අසමු.
|
|
14
‘‘අහම්පෙතං න ජානාමි, ඤාණං මෙත්ථ න විජ්ජති;
මුද්ධනි මුද්ධාධිපාතෙ ච, ජිනානඤ්හෙත්ථ
(ජනානඤ්හෙත්ථ (ක.)) දස්සනං’’.
|
14
“මෙය මාද නොදනිමි. මෙහි මට නුවණක් නැත. මුදුනය, මුදුනෙහි වැටීමය යන දෙක දන්නේ බුදුවරුය.
|
|
15
‘‘අථ
මුද්ධං මුද්ධාධිපාතඤ්ච, තං මෙ අක්ඛාහි දෙවතෙ’’.
|
15
“මේ පොළොවෙහි දැන් කවරෙක් මුදුන මුදුනෙහි හෙළීම යන දෙක දන්නේද, විචාරණ ලද මට එය කියව”
|
|
16
‘‘පුරා කපිලවත්ථුම්හා, නික්ඛන්තො ලොකනායකො;
අපච්චො ඔක්කාකරාජස්ස, සක්යපුත්තො පභඞ්කරො.
|
16
“ඔක්කාක රාජ වංශයෙහිවූ ශාක්‍ය පුත්‍රවූ ආලෝකය දෙන්නාවූ ලෝකයට නායකතෙමේ කිඹුල්වත් නුවරින් නික්මුණේය.
|
|
17
‘‘සො හි බ්‍රාහ්මණ සම්බුද්ධො, සබ්බධම්මාන පාරගූ;
සබ්බාභිඤ්ඤාබලප්පත්තො
(ඵලප්පත්තො (ක.)), සබ්බධම්මෙසු චක්ඛුමා;
සබ්බකම්මක්ඛයං පත්තො, විමුත්තො උපධික්ඛයෙ.
|
17
“සියලු ධර්මයන්හි පරතෙරට ගිය බ්‍රාහ්මණ බුද්ධවූ හෙතෙම සියලු විශිෂ්ට ඥාන බලයෙන් යුක්තය. සියලු ධර්මයන්හි දැනීම ඇත්තේය. සියලු ධර්මයන් ක්ෂය කිරීමට ගියේ පව් ක්ෂය කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුනාවූ,
|
|
18
‘‘බුද්ධො සො භගවා ලොකෙ, ධම්මං දෙසෙති චක්ඛුමා;
තං ත්වං ගන්ත්වාන පුච්ඡස්සු, සො තෙ තං බ්යාකරිස්සති’’.
|
18
“ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නුවණැස් ඇත්තේ ලෝකයාට ධර්ම දේශනාකරයි. ඔබ උන්වහන්සේ වෙත පැමිණ විචාරව, හෙතෙම එය තොපට ප්‍රකාශ කරන්නේය.
|
|
19
සම්බුද්ධොති
සොකස්ස තනුකො ආසි, පීතිඤ්ච විපුලං ලභි.
|
19
“සම්බුද්ධ යන වචනය අසා බාවාරිතෙමේ සතුටුවූයේ. ශෝකය තුනී විය. මහත් ප්‍රීතියක්ද ලැබුනේය.
|
|
20
සො
‘‘කතමම්හි ගාමෙ නිගමම්හි වා පන, කතමම්හි වා ජනපදෙ ලොකනාථො;
යත්ථ ගන්ත්වාන පස්සෙමු, සම්බුද්ධං ද්විපදුත්තමං’’.
|
20
“සතුටුවූ ප්‍රීතිමත්වූ ඒ බාවාරිතෙමේ හටගත් ප්‍රීතිය ඇත්තේ ඒ දෙවතාවාගෙන් මෙසේ ඇසූයේය. “යම් තැනකට පැමිණ දෙපා ඇත්තවුන්ට අග්‍රවූ භාග්‍යවතුන් වහන්සේ නමස්කාර කරණ ලදී. ගමෙහි හෝ නියම්ගමෙහි එය කරණ ලදී. නැවත ජනපදයෙහිද එය කරණ ලදී.
|
|
21
‘‘සාවත්ථියං කොසලමන්දිරෙ ජිනො, පහූතපඤ්ඤො වරභූරිමෙධසො;
සො සක්යපුත්තො විධුරො අනාසවො, මුද්ධාධිපාතස්ස විදූ නරාසභො’’.
|
21
“මහත් ප්‍රඥා ඇති ශ්‍රේෂ්ඨ ප්‍රඥා ඇති පහවූ වැඩ ඇති මන්ත්‍ර දන්නා, ආශ්‍රව රහිත, මුදන සිඳීම දන්නා නර ශ්‍රේෂ්ඨවූ ඒ ශාක්‍ය පුත්‍ර ජිනතෙමේ සැවැත් නුවර කොසොල් රජුගේ මාලිගයෙහි වැඩ සිටී.”
|
|
22
තතො
‘‘එථ මාණවා අක්ඛිස්සං, සුණාථ වචනං මම.
|
22
ඉක්බිති මන්ත්‍ර ශාස්ත්‍ර දත් බමුණුතෙම “මාණවකයෙනි, කියන්නෙමි, මාගේ වචන කියව් යයි” මාණවකයන්ට ආමන්ත්‍රණය කළසේක.
|
|
23
‘‘යස්සෙසො දුල්ලභො ලොකෙ, පාතුභාවො අභිණ්හසො;
ස්වාජ්ජ ලොකම්හි උප්පන්නො, සම්බුද්ධො ඉති විස්සුතො;
ඛිප්පං ගන්ත්වාන සාවත්ථිං, පස්සව්හො ද්විපදුත්තමං’’.
|
23
“යමෙක් ලෝකයෙහි දුර්ලභද නිතර පහළවීම දුෂ්කරද හෙතෙම අද ලෝකයෙහි උපන්නේය. සම්බුද්ධ යයි ප්‍රසිද්ධ විය. සැවැත් නුවරට වහා ගොස් දෙපා ඇත්තන්ගෙන් උත්තමයා දකිව්.”
|
|
24
‘‘කථං චරහි ජානෙමු, දිස්වා බුද්ධොති බ්‍රාහ්මණ;
අජානතං නො පබ්රූහි, යථා ජානෙමු තං මයං’’.
|
24
“බමුණ, බුද්ධ, යනු කෙසේ දනිමුද දකිමුද උන්වහන්සේ ගැන නොදන්නාවූ අපට ප්‍රකාශ කරව.”
|
|
25
‘‘ආගතානි හි මන්තෙසු, මහාපුරිසලක්ඛණා;
ද්වත්තිංසානි ච බ්යාක්ඛාතා, සමත්තා අනුපුබ්බසො.
|
25
“වෙද මන්ත්රවල මහා පුරුෂ ලක්ෂණයෝ ආවාහුය. හාත්පසින් දෙතිසක්යයි පිළිවෙළින් ප්‍රකාශ කරණ ලද්දාහ.
|
|
26
‘‘යස්සෙතෙ හොන්ති ගත්තෙසු, මහාපුරිසලක්ඛණා;
ද්වෙයෙව තස්ස ගතියො, තතියා හි න විජ්ජති.
|
26
යම්කිසි කෙනෙකුගේ අවයවයන්හි මේ මහා පුරුෂ ලක්ෂණ ඇත්තාහුද, ඔහුට ගති දෙකක් තුනක් නැත.
|
|
27
‘‘සචෙ අගාරං ආවසති, විජෙය්ය පථවිං ඉමං;
අදණ්ඩෙන අසත්ථෙන, ධම්මෙන අනුසාසති.
|
27
“ඉදින් මේ පොළොව දිනා ගිහිගෙයි වසයි නම් දඬුවම් නොකිරීමෙන් ආයුධ පාවිච්චි නොකිරීමෙන් සක්විති රජව ධර්මයෙන් අනුශාසනා කරයි.
|
|
28
‘‘සචෙ ච සො පබ්බජති, අගාරා අනගාරියං;
විවට්ටච්ඡදො
(විවත්තච්ඡද්දො (සී.)) සම්බුද්ධො, අරහා භවති අනුත්තරො.
|
28
ඉදින් හෙතෙම ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදි වේද කෙලෙස් සෙවෙනි නැති නිරුත්තර අර්හත් සම්බුද්ධ වන්නේය.
|
|
29
‘‘ජාතිං ගොත්තඤ්ච ලක්ඛණං, මන්තෙ සිස්සෙ පුනාපරෙ;
මුද්ධං මුද්ධාධිපාතඤ්ච, මනසායෙව පුච්ඡථ.
|
29
“ජාතියද ගොත්‍රයද ලකුණුද මන්ත්‍රද ශිෂ්‍යයන්ද නැවත මුදුනද මුදුනෙහි හෙළීමද සිතින්ම විචාරව.
|
|
30
‘‘අනාවරණදස්සාවී, යදි බුද්ධො භවිස්සති;
මනසා පුච්ඡිතෙ පඤ්හෙ, වාචාය විසජ්ජිස්සති’’
(විස්සජිස්සති (ක.)).
|
30
“ඉදින් අනාවරණ ඥානයෙන් යුත් බුදු කෙනෙක් වේනම් සිතින් විචාළ පැන වචනයෙන් විසඳන්නේය.”
|
|
31
බාවරිස්ස
අජිතො තිස්සමෙත්තෙය්යො, පුණ්ණකො අථ මෙත්තගූ.
|
31
බාවාරිගේ වචන අසා ගෝලවූ බ්‍රාහ්මණයෝ සොළොස් දෙනෙක් එනම් අජිතය, තිස්ස, මෙත්තෙය්‍යය, පුණ්ණකය, මෙත්තගුය.
|
|
32
ධොතකො උපසීවො ච, නන්දො ච අථ හෙමකො;
තොදෙය්‍ය-කප්පා දුභයො, ජතුකණ්ණී ච පණ්ඩිතො.
|
32
ධොතකය, උපසීවය, නන්දය, හෙමකය යන මොවුහුද තොදෙය්‍යය, කප්පය යන දෙදෙනය නුවණැති ජතුකණ්ණය.
|
|
33
භද්රාවුධො
මොඝරාජා ච මෙධාවී, පිඞ්ගියො ච මහාඉසි.
|
33
භද්‍රාවුධය උදයය, පොසාල බ්‍රාහ්මණය ප්‍රඥාවත් මොඝරාජය, පිංගිය, මහා ඍෂීය යන මොවුහුය.
|
|
34
පච්චෙකගණිනො සබ්බෙ, සබ්බලොකස්ස විස්සුතා;
ඣායී ඣානරතා ධීරා, පුබ්බවාසනවාසිතා.
|
34
වෙන වෙන පිරිස් ඇති සියලු ලෝකයෙහි ප්රසිද්ධවූ පූර්ව වාසනා ඇති ධ්‍යාන ඇති, ධ්‍යානයෙහි ඇලුනු පණ්ඩිතයෝ,
|
|
35
බාවරිං අභිවාදෙත්වා, කත්වා ච නං පදක්ඛිණං;
ජටාජිනධරා සබ්බෙ, පක්කාමුං උත්තරාමුඛා.
|
35
බාවාරි වැඳ ඔහු පැදකුණු කොට සියල්ලෝ ජටා දිවිසම් දරාගෙන උතුරු දෙස බලා ගියෝය.
|
|
36
මළකස්ස පතිට්ඨානං, පුරමාහිස්සතිං
(පුරමාහියති (ක.)) තදා
(සදා (ක.));
උජ්ජෙනිඤ්චාපි ගොනද්ධං, වෙදිසං වනසව්හයං.
|
36
පෙර බාහිස්සති නම්වූ එකල්හි අලක නම් නුවර පිහිටි තැන, උදෙනි නුවරද ගොධ නුවරද වෙදිස වනයද,
|
|
37
කොසම්බිඤ්චාපි සාකෙතං, සාවත්ථිඤ්ච පුරුත්තමං;
සෙතබ්‍යං කපිලවත්ථුං, කුසිනාරඤ්ච මන්දිරං.
|
37
කොසඹෑ නුවරද උතුම් සැවැත් නුවරද සෙතව්‍ය නුවරද කිඹුල්වත් පුරයද, කුසිනාරා මන්දිරයද,
|
|
38
පාවඤ්ච භොගනගරං, වෙසාලිං මාගධං පුරං;
පාසාණකං චෙතියඤ්ච, රමණීයං මනොරමං.
|
38
පාවා නුවරද, භොග නුවරද, වෙසාලී නුවරද, මගධ පුරයද සිත්කළු යහපත් පාසානක චෛත්‍යයද (ගෙවා)
|
|
39
තසිතොවුදකං සීතං, මහාලාභංව වාණිජො;
ඡායං ඝම්මාභිතත්තොව තුරිතා පබ්බතමාරුහුං.
|
39
වෙළඳතෙම තැවුනේ සිහිල් ජලයක් මහත් ලාභයක් කොට සිතන්නා සේද ග්‍රීෂ්මයෙන් පීඩිතවූයේ සෙවනකට මෙන්ද, වහා පර්වතයට නැංගේය.
|
|
40
භගවා තම්හි සමයෙ, භික්ඛුසඞ්ඝපුරක්ඛතො;
භික්ඛූනං ධම්මං දෙසෙති, සීහොව නදතී වනෙ.
|
40
ඒ අවස්ථාවෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පෙරටු කළසේක් වනයෙහි නාද කරණ සිංහයෙකු මෙන් භික්ෂූන්ට දහම් දෙසයි.
|
|
41
අජිතො
චන්දං යථා පන්නරසෙ, පරිපූරං
(පාරිපූරිං (සී. ස්‍යා.)) උපාගතං.
|
41
“අජිතතෙමේ සීයක් රැස් ඇති සූර්යයා මෙන් පසළොස්වක දවසෙහි චන්ද්‍රයා මෙන් සම්පූර්ණ බවට පත්වූ බුදුරජාණන් වහන්සේ දැක්කේය.
|
|
42
අථස්ස ගත්තෙ දිස්වාන, පරිපූරඤ්ච බ්යඤ්ජනං;
එකමන්තං ඨිතො හට්ඨො, මනොපඤ්හෙ අපුච්ඡථ.
|
42
ඉක්බිති උන්වහන්සේගේ ශරීරයෙහි සම්පූර්ණ වූ ලක්ෂණ දැක එකත්පසෙක සිටියේ හිතින් ප්‍රශ්න විචාළේය.
|
|
43
‘‘ආදිස්ස ජම්මනං බ්රූහි, ගොත්තං බ්රූහි සලක්ඛණං;
මන්තෙසු පාරමිං බ්රූහි, කති වාචෙති බ්රාහ්මණො’’.
|
43
“මුලින්ම උත්පත්තිය කියන්න උදාහරණ සහිත ගොත්‍රය කියන්න. මන්ත්‍රයන්හි කෙළවර කියන්න. කී දෙනෙකුට බමුණුතෙමේ උගන්වයිද?
|
|
44
‘‘වීසං
තීණිස්ස ලක්ඛණා ගත්තෙ, තිණ්ණං වෙදාන පාරගූ.
|
44
“ආයුෂ එක්සිය විසි වර්ෂයකි. හෙතෙමේ ගොත්‍රයෙන් බාවාරීය. ඔහුගේ ශරීරයෙහි ලක්ෂණ තුනක් ඇති ත්රිවෙදයන්ගේ පරතෙරට ගියේය.
|
|
45
‘‘ලක්ඛණෙ ඉතිහාසෙ ච, සනිඝණ්ඩුසකෙටුභෙ;
පඤ්චසතානි වාචෙති, සධම්මෙ පාරමිං ගතො’’.
|
45
“ලක්ෂණ ශාස්ත්‍රයෙහිද ඉතිහාසයෙහිද නිඝණ්ඩු ශාස්ත්‍රයෙහිද, විතණ්ඩ ශාස්ත්‍රයෙහිද, පන් සියයක් හික්මවයි. සද්ධර්මයෙහි පරතෙරට ගියේය.
|
|
46
‘‘ලක්ඛණානං පවිචයං, බාවරිස්ස නරුත්තම;
තණ්හච්ඡිද
(කඞ්ඛච්ඡිද (ක.)) පකාසෙහි, මා නො කඞ්ඛායිතං අහු’’.
|
46
“නරොත්තමයන් වහන්ස, තෘෂ්ණා සිඳී බුදුරජාණන් වහන්ස, බාවාරිගේ ලක්ෂණ විස්තරය ප්‍රකාශ කරණු මැනව, එවිට අපට සැකයන් නොවන්නාහ.”
|
|
47
‘‘මුඛං ජිව්හාය ඡාදෙති, උණ්ණස්ස භමුකන්තරෙ;
කොසොහිතං වත්ථගුය්හං, එවං ජානාහි මාණව’’.
|
47
“මුහුණ දිවෙන් වසන ලක්ෂණයද බැම අතරෙහි ඌර්ණරෝම ධාතුවද කොෂය ඇතුළෙහිවූ රහස් අවයවයද බමුණ, දනුව,
|
|
48
පුච්ඡඤ්හි
විචින්තෙති ජනො සබ්බො, වෙදජාතො කතඤ්ජලී.
|
48
“ප්‍රකාශ කළ ප්‍රශ්න කිසිවක් විචාරණු නොඇසුනු සියලු ජනතෙම ප්‍රීති ඇතිව ඇඳිලි බැඳ සිතයි.
|
|
49
‘‘කො නු දෙවො වා බ්රහ්මා වා, ඉන්දො වාපි සුජම්පති;
මනසා පුච්ඡිතෙ පඤ්හෙ, කමෙතං පටිභාසති.
|
49
“කවරෙක්ද දෙවියෙක්ද බ්‍රහ්මයෙක්ද ඉන්ද්රයාද සුජම්පතීද සිතින් සිතූ පැනයන් මේ කවරෙක් ප්‍රකාශ කරයිද.
|
|
50
‘‘මුද්ධං මුද්ධාධිපාතඤ්ච, බාවරී පරිපුච්ඡති;
තං බ්යාකරොහි භගවා, කඞ්ඛං විනය නො ඉසෙ’’.
|
50
“මුදුනද මුදුනෙහි වැටීමද බාවාරිතෙමේ විචාරයි. භාග්‍යවතුන් වහන්සේ එය ප්‍රකාශ කළ මැනව. ඍෂීන් වහන්ස අපගේ සැක දුරු කරව්.”
|
|
51
‘‘අවිජ්ජා
සද්ධාසතිසමාධීහි, ඡන්දවීරියෙන සංයුතා’’.
|
51
“අවිද්‍යාව මුදුන යයි අනුව, ශ්‍රද්ධා, සති, සමාධි, ඡන්ද විරිය යන මොවුන්ගෙන් යුත් විද්‍යාව මුදුනෙහි වැටීම යයි කියනු ලැබේ.”
|
|
52
තතො වෙදෙන මහතා, සන්ථම්භෙත්වාන මාණවො;
එකංසං අජිනං කත්වා, පාදෙසු සිරසා පති.
|
52
මාණවකතෙමේ ඉක්බිති මහත් සතුටින් ප්‍රීතිමත්ව අඳුන් දිවිසම එකාංශ කොට පා මුල්හි හිසින් වැටුණේය.
|
|
53
‘‘බාවරී බ්රාහ්මණො භොතො, සහ සිස්සෙහි මාරිස;
උදග්ගචිත්තො සුමනො, පාදෙ වන්දති චක්ඛුම’’.
|
53
“නිදුකාණෙනි, බාවාරි බ්‍රාහ්මණතෙම ශිෂ්‍යයන් සමග ඔදවැඩි සිත් ඇත්තේ සතුටු සිත් ඇත්තේ පසැස් ඇති නුඹවහන්සේගේ පා වඳියි.”
|
|
54
‘‘සුඛිතො බාවරී හොතු, සහ සිස්සෙහි බ්රාහ්මණො;
ත්වඤ්චාපි සුඛිතො හොහි, චිරං ජීවාහි මාණව.
|
54
“ශිෂ්‍යයන් සමග බාවාරි බ්‍රාහ්මණතෙම සුවපත් වේවා. මාණවකය ඔබද සුවපත් වෙව, බොහෝ කල් ජීවත් වෙව,
|
|
55
‘‘බාවරිස්ස ච තුය්හං වා, සබ්බෙසං සබ්බසංසයං;
කතාවකාසා පුච්ඡව්හො, යං කිඤ්චි මනසිච්ඡථ’’.
|
55
“බාවාරිගේ හෝ ඔබගේ හෝ සියල්ලන්ගේ සියලු සැකය. අවකාශවූ පරිද්දෙන් විචාරව. යමක් සිත කැමැත්තේද එයද අසව.”
|
|
56
සම්බුද්ධෙන කතොකාසො, නිසීදිත්වාන පඤ්ජලී;
අජිතො පඨමං පඤ්හං, තත්ථ පුච්ඡි තථාගතං.
|
56
බුදුන් විසින් කරණ ලද අවකාශ ඇති අජිත තෙමේ ඇඳිලි බැන්දේ එහිදී තථාගතයන් වහන්සේගෙන් පළමුවෙනි ප්රශ්නය විචාළේය.
|
| 1. අජිතමාණවපුච්ඡා | 1. අජිත තරුණයාගේ ප්‍රශ්න |
|
57
‘‘කෙනස්සු
කෙනස්සු නප්පකාසති;
කිස්සාභිලෙපනං බ්රූසි, කිංසු තස්ස මහබ්භයං’’.
|
57
“කවරකු විසින් ලෝකය වසන ලද්දේද, කවරකු නිසා නොපෙනේද, කවරකින් තැවරුනේ යයි කීයෙහිද, කුමක් ඇසූ කල්හි බිය ගෙන දේදැයි” ආයුෂ්මත් අජිතතෙමේ ඇසීය.
|
|
58
‘‘අවිජ්ජාය
වෙවිච්ඡා පමාදා නප්පකාසති;
ජප්පාභිලෙපනං බ්රූමි, දුක්ඛමස්ස මහබ්භයං’’.
|
58
“අජිතයෙනි, ලෝකය අවිද්‍යාවෙන් වැසෙන ලදී. මසුරුකම කරණකොට ගෙනද ප්‍රමාදය කරණකොට ගෙනද නොපෙනේ. තණ්හාව ආලෙප යයි කියමි. දුක මහත් භය වන්නේයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
|
|
59
‘‘සවන්ති සබ්බධි සොතා, [ඉච්චායස්මා අජිතො]
සොතානං කිං නිවාරණං;
සොතානං සංවරං බ්රූහි, කෙන සොතා පිධිය්‍යරෙ’’.
|
59
“හැමතන්හි තණ්හා වතුර ගලා බසිත්. තද ජල පහර වැළැක්වීම කුමක්ද? සැඩ පහරවල නැවතීම කියව. කවරකින් මහ වතුර වසනු ලැබේදැයි” අජිත විචාළේය.
|
|
60
‘‘යානි සොතානි ලොකස්මිං, [අජිතාති භගවා]
සති තෙසං නිවාරණං;
සොතානං සංවරං බ්රූමි, පඤ්ඤායෙතෙ පිධිය්‍යරෙ’’.
|
60
“අජිතය, ලෝකයෙහි කාමාදී යම් ජලපහරක් ඇද්ද සිහිය ඔවුන් වලක්වන බැම්මය. ඒ සිහියම කාමාදී ජල පහරවල වැළැක්මයයි කියමි. මොව්හු නුවණින් සම්පූර්ණයෙන් වසනු ලැබේයයි” බුදුහු වදාළසේක.
|
|
61
‘‘පඤ්ඤා චෙව සති චාපි
(සතී චෙව (සී.)), [ඉච්චායස්මා අජිතො]
නාමරූපඤ්ච මාරිස;
එතං මෙ පුට්ඨො පබ්රූහි, කත්ථෙතං උපරුජ්ඣති’’.
|
61
“නිදුකානෙනි, ප්‍රඥාවද, සිහියද, නාමරූප දෙකද කවරතැනෙක්හි නැතිවේද විචාරණ ලද මට මෙය කියනු මැනවයි” අජිත තෙමේ විචාලේය.
|
|
62
‘‘යමෙතං පඤ්හං අපුච්ඡි, අජිත තං වදාමි තෙ;
යත්ථ නාමඤ්ච රූපඤ්ච, අසෙසං උපරුජ්ඣති;
විඤ්ඤාණස්ස නිරොධෙන, එත්ථෙතං උපරුජ්ඣති’’.
|
62
“අජිතය, යම් මේ ප්‍රශ්නයක් විචාළේද එය තොපට කියමි. යම් තැනෙක්හි නාමයද, රූපයද, ඉතිරි නොකොට නිරුද්ධවේද සිතේ නිරුද්ධයෙන් නාමරූප දෙක නිරුද්ධ වේ.
|
|
63
‘‘යෙ ච සඞ්ඛාතධම්මාසෙ, යෙ ච සෙඛා
(සෙක්ඛා (ක.)) පුථූ ඉධ;
තෙසං මෙ නිපකො ඉරියං, පුට්ඨො පබ්රූහි මාරිස’’.
|
63
“යම් අනිත්‍යාදී වශයෙන් කල්පනා කරණ ලද ධර්ම කෙනෙක් ඇද්ද මේ ලෝකයෙහි යම් ශෛක්ෂකෙනෙක් වෙද්ද, පණ්ඩිතවූ නුඹ වහන්සේ ඔවුන්ගේ ඉරියව් මට ප්‍රකාශ කළ මැනව.”
|
|
64
‘‘කාමෙසු නාභිගිජ්ඣෙය්ය, මනසානාවිලො සියා;
කුසලො සබ්බධම්මානං, සතො භික්ඛු පරිබ්බජෙ’’ති.
|
64
“කාමයන්හි ගිජුනොවන්නේය. සිතින් අවුල් නොවන්නේය. සියලු ධර්මයන්හි දක්ෂවූ සිහි ඇති මහණතෙම පිරිනිවෙන්නේය.”
|
| 2. තිස්සමෙත්තෙය්යමාණවපුච්ඡා | 2. තිස්ස මෙත්තෙය්‍ය මාණවකයාගේ ප්‍රශ්න |
|
65
‘‘කොධ
කස්ස නො සන්ති ඉඤ්ජිතා;
කො උභන්තමභිඤ්ඤාය, මජ්ඣෙ මන්තා න ලිප්පති
(න පිම්පති (බහූසු));
කං බ්රූසි මහාපුරිසොති, කො ඉධ සිබ්බිනිමච්චගා’’ති
(සිබ්බනිමච්චගා (සී. ස්‍යා.)).
|
65
“මේ ලෝකයෙහි කවරෙක් සතුටුවූයේද, කවරෙකුට තෘෂ්ණා දෘෂ්ටි ආදී කම්පාවීම් නොවෙද්ද අන්ත දෙක දැන මද නුවණින් නොගෑවේද, මහා පුරුෂයායයි කවරෙකුට කියයිද මේ ලෝකයෙහි කවරෙක් වැසීම ඉක්ම වූයේදැයි” ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්යතෙම ඇසීය.
|
|
66
‘‘කාමෙසු
වීතතණ්හො සදා සතො;
සඞ්ඛාය නිබ්බුතො භික්ඛු, තස්ස නො සන්ති ඉඤ්ජිතා.
|
66
භාග්‍යවතුන් වහන්සේ, “මෙත්තෙය්‍යය, කාමයන්හි දොස් දැක මාර්ග බ්රහ්මචර්යයන් යුක්තවූ පහවූ තෘෂ්ණා ඇති හැම කල්හි සිහියෙන් යුත් අනිත්‍යාදී වශයෙන් සිත නිවුනාවූ මහණෙක් වේද” ඔහුට කම්පාවීම් නැත්තාහ.
|
|
67
‘‘සො උභන්තමභිඤ්ඤාය, මජ්ඣෙ මන්තා න ලිප්පති;
තං බ්රූමි මහාපුරිසොති, සො ඉධ සිබ්බිනිමච්චගා’’ති.
|
67
“හෙතෙම අන්ත දෙක දැන මැද ප්‍රඥාවෙන් නොගෑවෙයි ඒ මහා පුරුෂයා යයි කියනු ලැබේ. හෙතෙම මේ ලෝකයෙහි වැසීම ඉක්ම වූයේයයි” වදාළසේක.
|
| 3. පුණ්ණකමාණවපුච්ඡා | 3. පුණ්ණක මාණවකයාගේ ප්‍රශ්න |
|
68
‘‘අනෙජං මූලදස්සාවිං, [ඉච්චායස්මා පුණ්ණකො]
අත්ථි පඤ්හෙන ආගමං;
කිං නිස්සිතා ඉසයො මනුජා, ඛත්තියා බ්රාහ්මණා දෙවතානං;
යඤ්ඤමකප්පයිංසු පුථූධ ලොකෙ, පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං’’.
|
68
“තෘෂ්ණාව නැතිකිරීමේ මුල දැනගන්නා ප්‍රශ්නයක් අසනු කැමැත්තෙන් පැමිණියේ වෙමි. මේ ලෝකයේ බොහෝ ජටිලයෝද, මනුෂ්‍යයෝද ක්ෂත්රියයෝද බ්‍රාහ්මණයෝද, දෙවියන්ට යාග කළාහුද, එය විචාරමි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ මැනවයි” ආයුෂ්මත් පුණ්ණතෙමේ විචාළේය.
|
|
69
‘‘යෙ කෙචිමෙ ඉසයො මනුජා, [පුණ්ණකාති භගවා]
ඛත්තියා බ්රාහ්මණා දෙවතානං;
යඤ්ඤමකප්පයිංසු පුථූධ ලොකෙ, ආසීසමානා පුණ්ණක ඉත්ථත්තං;
ජරං සිතා යඤ්ඤමකප්පයිංසු’’.
|
69
“පුණ්ණකය, මේ ලෝකයෙහි යම්කිසි බොහෝ මනුෂ්‍ය වූද ක්ෂත්රීයවූද බ්‍රාහ්මණවූ ඍෂිකෙනෙක් දෙවියන්ට යාග කළාහුද, පුණ්ණකය, රූපාදිය පතමින් මනුෂ්‍ය භාවය බලාපොරොත්තුවෙන් ජරාව ඇසුරුකළාහුම යාග කළාහුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
|
|
70
‘‘යෙ
ඛත්තියා බ්රාහ්මණා දෙවතානං;
යඤ්ඤමකප්පයිංසු පුථූධ ලොකෙ, කච්චිසු තෙ භගවා යඤ්ඤපථෙ අප්පමත්තා;
අතාරුං ජාතිඤ්ච ජරඤ්ච මාරිස, පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං’’.
|
70
“මේ ලෝකයෙහි යම්කිසි බොහෝ ඍෂි කෙනෙක් ඇද්ද මනුෂ්‍ය කෙනෙක් ඇද්ද, ක්ෂත්රියයෙක් බ්‍රාහ්මණයෙක් දෙවියන්ට යාග කළාහුද කිමෙක්ද ඔව්හු යාගයෙහි අප්‍රමාදව යාග කරමින් ජාති ජරා මරණ නැතිකළාහුද, විචාළ මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ මැනවයි” ආයුෂ්මත් පුණ්ණක තෙමේ කීයේය.
|
|
71
‘‘ආසීසන්ති ථොමයන්ති, අභිජප්පන්ති ජුහන්ති; [පුණ්ණකාති භගවා]
කාමාභිජප්පන්ති පටිච්ච ලාභං, තෙ යාජයොගා භවරාගරත්තා;
නාතරිංසු ජාතිජරන්ති බ්රූමි’’.
|
71
“පුණ්ණකය, ඔව්හු යාගයන්හි යෙදුනාහු භවාශාවෙන් යුක්තවූවාහු රූපාදිය පතත්, දන් දුන් අයට ප්‍රශංසා කරත්, වචන කියත්, ලාභ නිසා කාමයන්ම පතත්, එහෙයින් ජාතිය ජරාව එතර නොකළාහුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
|
|
72
‘‘තෙ චෙ නාතරිංසු යාජයොගා, [ඉච්චායස්මා පුණ්ණකො]
යඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිස;
අථ කො චරහි දෙවමනුස්සලොකෙ, අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස;
පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං’’.
|
72
“දන්දෙන ඔව්හු ඉදින් නිදුකානන් වහන්ස, ජාති ජරා දෙක නොඉක්මෙව්වාහුද නැවත කවරෙක් දෙව් මිනිස් ලෙව්හි ඉපදීමද ජරාවද මරණයද එතර කෙළේදැයි අසමි. එය භාග්‍යවතුන් වහන්සේ මට වදාළ මැනවයි” ආයුෂ්මත් පුණ්ණකතෙමේ කීයේය.
|
|
73
‘‘සඞ්ඛාය
යස්සිඤ්ජිතං නත්ථි කුහිඤ්චි ලොකෙ;
සන්තො විධූමො අනීඝො නිරාසො, අතාරි සො ජාතිජරන්ති බ්රූමී’’ති.
|
73
“පුණ්ණකය, ලෝකයෙහි තමාට අයත්වූද අනුන්ට අයත්වූද ආත්මභාවයන් දැන ලෝකයෙහි කිසි තැනක කම්පාවක් නැද්ද, ශාන්තවූ දුශ්චරිතාදී දුම් නැති, රාගාදී දුක් නැති ඉපදීම ජරාව තරණය කළේයයි” වදාළ සේක.”
|
| 4. මෙත්තගූමාණවපුච්ඡා | 4. මෙත්තගු මාණවක ප්රශ්නය |
|
74
‘‘පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං, [ඉච්චායස්මා මෙත්තගූ]
මඤ්ඤාමි තං වෙදගුං භාවිතත්තං;
කුතො නු දුක්ඛා සමුදාගතා ඉමෙ, යෙ කෙචි ලොකස්මිමනෙකරූපා’’.
|
74
වෙද දත් පුරුදුකළ ගුණධර්ම ඇති ඔහු දනිමි. ලෝකයෙහි යම් කෙනෙක් නානා, ප්රකාරද මොව්හු දුකට කුමක් හෙයින් ගියාහු දැයි” ආයුෂ්මත් මෙත්තගු තෙමේ විචාළේය.
|
|
75
‘‘දුක්ඛස්ස
තං තෙ පවක්ඛාමි යථා පජානං;
උපධිනිදානා පභවන්ති දුක්ඛා, යෙ කෙචි ලොකස්මිමනෙකරූපා.
|
75
“මෙත්තගු මාණවකයෙනි, මගෙන් ඒකාන්තයෙන් දුකට හේතුව අසන්නෙහිය. දැනීම පරිදි එය තොපට ප්‍රකාශ කරමි. ලෝකයෙහි නානාප්‍රකාරවූ යම් දුකක් වේද, තෘෂ්ණාදී උපධීන් ඊට මුලය.
|
|
76
‘‘යො වෙ අවිද්වා උපධිං කරොති, පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො;
තස්මා පජානං උපධිං න කයිරා, දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී’’.
|
76
“යම්කිසි කෙනෙක් ඒකාන්තයෙන් තෘෂ්ණාදිය කෙරේද ඒ බාලතෙමේ නැවත නැවත දුකට පැමිණේ. එහෙයින් දන්නාවූ සංසාර දුක ඉපදීමට හේතුව කෙලෙස් දන්නේ පව් නොකරන්නේයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
|
|
77
‘‘යං තං අපුච්ඡිම්හ අකිත්තයී නො, අඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ඝ බ්රූහි;
‘කථං නු ධීරා විතරන්ති ඔඝං, ජාතිං ජරං සොකපරිද්දවඤ්ච’;
තං මෙ මුනි සාධු වියාකරොහි, තථා හි තෙ විදිතො එස ධම්මො’’.
|
77
“යමක් විචාළේ නම් අපට ප්‍රකාශ කෙළේය. අනිකක් විචාරමි. එය වදාරණු මැනවි. පණ්ඩිතයෝ ජාති ජරාශොක පරිදෙවයන්ද මහජල පහරද කෙසේ එගොඩ කරත්ද, මුනි තෙමේ එය මට ප්‍රකාශද කරණු මැනව. එසේමැයි මේ ධර්මය ඔබ වහන්සේ දන්නාසේක.”
|
|
78
‘‘කිත්තයිස්සාමි තෙ ධම්මං, [මෙත්තගූති භගවා]
දිට්ඨෙ ධම්මෙ අනීතිහං;
යං විදිත්වා සතො චරං, තරෙ ලොකෙ විසත්තිකං’’.
|
78
“මෙත්තගුවෙනි, මේ ආත්මයෙහි මට ප්රත්යක්ෂ ඒ ධර්මය තොපට ප්‍රකාශ කරන්නෙමි. යමක් දැන සිහි ඇතිව හැසිරෙන්නේ ලෝකයෙහි තෘෂ්ණාව දුරුකරන්නේ යයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
|
|
79
‘‘තඤ්චාහං අභිනන්දාමි, මහෙසි ධම්මමුත්තමං;
යං විදිත්වා සතො චරං, තරෙ ලොකෙ විසත්තිකං’’.
|
79
“මහා ඍෂීන් වහන්ස, ඒ උත්තම ධර්මයට මම සතුටු වෙමි. යමක් දැන සිහි ඇතිව හැසිරෙන්නේ ලෝකයෙහි තෘෂ්ණාව දුරුකරන්නේය.
|
|
80
‘‘යං කිඤ්චි සම්පජානාසි, [මෙත්තගූති භගවා]
උද්ධං අධො තිරියඤ්චාපි මජ්ඣෙ;
එතෙසු නන්දිඤ්ච නිවෙසනඤ්ච, පනුජ්ජ විඤ්ඤාණං භවෙ න තිට්ඨෙ.
|
80
“මෙත්තගු මාණවකයෙනි, උඩ යට සරස මැද යමක් මනාකොට දන්නෙහිද මොවුන් කෙරෙහි ආශාවද දෘෂ්ටියෙන් ගැනීමද විඤ්ඤාණයද අත්හැර සසර නොසිටින්නේ යයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
|
|
81
‘‘එවංවිහාරී
ජාතිං ජරං සොකපරිද්දවඤ්ච, ඉධෙව විද්වා පජහෙය්ය දුක්ඛං’’.
|
81
“මෙබඳු විහරණ ඇති සිහි ඇති අප්‍රමාදවූ මහණතෙම මමත්වය වශයෙන් ගන්නා වස්තු අත්හැර හැසිරෙන්නේ ඒ ඤාණවන්ත තෙමේ මෙලොවම ජාති ජරා ව්‍යාධි පරිදෙව දුක අත්හරින්නේය.
|
|
82
‘‘එතාභිනන්දාමි
අද්ධා හි භගවා පහාසි දුක්ඛං, තථා හි තෙ විදිතො එස ධම්මො.
|
82
“මහර්ෂීන් වහන්සේගේ මේ වචනයට සතුටු වෙමි. භවත් ගෞතමයන් වහන්ස, අපට නිර්වාණය මනාකොට වදාරණ ලදී. ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දුක් දුරු කළසේක. එසේම මේ ධර්මය ඔබවහන්සේ විසින් දන්නා ලදී.
|
|
83
‘‘තෙ චාපි නූනප්පජහෙය්යු දුක්ඛං, යෙ ත්වං මුනි අට්ඨිතං ඔවදෙය්ය;
තං තං නමස්සාමි සමෙච්ච නාග, අප්පෙව මං භගවා අට්ඨිතං ඔවදෙය්ය’’.
|
83
“යම් බඳුවූ මුනිතෙමේ මනාකොට අවවාද කරන්නේද ඒකාන්තයෙන් ඔව්හුද දුක දුරුකරන්නේය. නාගයන් වහන්ස පැමිණ ඔබ වහන්සේ වඳිමි. භාග්‍යවතුන් වහන්සේ මට මනාකොට අවවාද කරන්නේනම් යෙහෙක.
|
|
84
‘‘යං බ්රාහ්මණං වෙදගුමාභිජඤ්ඤා, අකිඤ්චනං කාමභවෙ අසත්තං;
අද්ධා හි සො ඔඝමිමං අතාරි, තිණ්ණො ච පාරං අඛිලො අකඞ්ඛො.
|
84
“අත්හරින ලද පව් ඇති නුවණින් පරතෙරට ගිය. රාගාදී කිසිවක් නැති කාමභාවයෙහි නොඇලුණු යම් බ්‍රාහ්මණයෙක් වේද, හෙතෙම ඒකාන්තයෙන් මේ ඕඝය තරණය කෙළේය. එතෙරවූයේද වෙයි. සැක නැත්තේ හුල් නැත්තේ පරතෙරට ගියේය.
|
|
85
‘‘විද්වා ච යො වෙදගූ නරො ඉධ, භවාභවෙ සඞ්ගමිමං විසජ්ජ;
සො වීතතණ්හො අනීඝො නිරාසො, අතාරි සො ජාතිජරන්ති බ්රූමී’’ති.
|
85
“මේ ලෝකයෙහි වෙද දත් නුවණැති යම් මනුෂ්‍යයෙක් ලොකු කුඩා භවයන්හි මේ ඇල්ම අත්හැර පහවූ තණ්හා ඇත්තේ දුක් නැත්තේ ආශා නැත්තේ ජාති ජරා තරණය කෙළේ යයි කියමි.”
|
| 5. ධොතකමාණවපුච්ඡා | 5. ධොතක මාණවක ප්‍රශ්න |
|
86
‘‘පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං, [ඉච්චායස්මා ධොතකො]
වාචාභිකඞ්ඛාමි මහෙසි තුය්හං;
තව සුත්වාන නිග්ඝොසං, සික්ඛෙ නිබ්බානමත්තනො’’.
|
86
“මහර්ෂීන් වහන්ස, ඔබ වහන්සේගෙන් විචාරමි. භාග්‍යවතුන් වහන්සේ මට ප්‍රකාශකරණු මැනව, ඔබවහන්සේගේ වචනයට කැමතිවෙමි. ඔබ වහන්සේගේ වචන අසා නිශ්ශබ්දව තමාගේ නිවණෙහි හික්මෙන්නෙමියි” ආයුෂ්මත් ධොතක තෙමේ විචාළේය.
|
|
87
‘‘තෙනහාතප්පං කරොහි, [ධොතකාති භගවා]
ඉධෙව නිපකො සතො;
ඉතො සුත්වාන නිග්ඝොසං, සික්ඛෙ නිබ්බානමත්තනො’’.
|
87
“ධොතකය, මේ ශාසනයෙහිම එසේ නම් කෙලෙස් තවන වීර්ය ඇතිව සිහි ඇතිව කෙලෙස් තවව. මෙයින් අසා තමා නිශ්ශබ්ද නිවනෙහි හික්මෙවයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
|
|
88
‘‘පස්සාමහං දෙවමනුස්සලොකෙ, අකිඤ්චනං බ්රාහ්මණමිරියමානං;
තං තං නමස්සාමි සමන්තචක්ඛු, පමුඤ්ච මං සක්ක කථංකථාහි’’.
|
88
“මම දිව්‍ය මනුෂ්‍ය ලෝකයෙහි රාගාදිය නැති ඉරියව් පවත්වන බමුණෙකු දකිමි. සම්පූර්ණ ඇස් ඇති ඔබ වඳිමි ශ්‍රේෂ්ඨයාණෙනි, මාගේ සැකය දුරුකරණු මැනවි.”
|
|
89
‘‘නාහං
ධම්මඤ්ච සෙට්ඨං අභිජානමානො
(ආජානමානො (සී. ස්‍යා. පී.)), එවං තුවං ඔඝමිමං තරෙසි’’.
|
89
“ධොතකය මම ලෝකයෙහි සැක ඇති කිසිවෙකු මිදවීමට නොයන්නෙමි. ශ්‍රේෂ්ඨ ධර්මය දැන මෙසේ ඔබ මේ සැඩපහර තරණය කරව.”
|
|
90
‘‘අනුසාස බ්රහ්මෙ කරුණායමානො, විවෙකධම්මං යමහං විජඤ්ඤං;
යථාහං ආකාසොව අබ්යාපජ්ජමානො, ඉධෙව සන්තො අසිතො චරෙය්යං’’.
|
90
“ශ්‍රේෂ්ඨයාණෙනි, කරුණා කරමින් අනුශාසනා කළ මැනව. මම යම් විවේක ධර්මයක් දැනගන්නෙම් අහස මෙන් වෙනසකට නොපැමිනෙන්නෙම්. මෙහිම සිටියේ තෘෂ්ණා දෘෂ්ටීන් ආශ්රිත නොවූයේ හැසිරෙන්නෙමි.”
|
|
91
‘‘කිත්තයිස්සාමි
දිට්ඨෙ ධම්මෙ අනීතිහං;
යං විදිත්වා සතො චරං, තරෙ ලොකෙ විසත්තිකං’’.
|
91
භාග්‍යවතුන් වහන්සේ “ධොතකය තොපට ශාන්තිය කියමි. මෙලොවම රාගාදී උපද්‍රව රහිතව යමක් දැන සිහි ඇතිව හැසිරෙන්නේ ලෝකයෙහි තෘෂ්ණාව දුරුකරව්.”
|
|
92
‘‘තඤ්චාහං අභිනන්දාමි, මහෙසි සන්තිමුත්තමං;
යං විදිත්වා සතො චරං, තරෙ ලොකෙ විසත්තිකං’’.
|
92
“යමක් දැන සිහි ඇතිව හැසිරෙන මම බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් උතුම් ශාන්තිය කෙරෙහිත් සතුටුවෙමි. ලෝකයෙහි තෘෂ්ණාව දුරුකරමි.”
|
|
93
‘‘යං කිඤ්චි සම්පජානාසි, [ධොතකාති භගවා]
උද්ධං අධො තිරියඤ්චාපි මජ්ඣෙ;
එතං විදිත්වා සඞ්ගොති ලොකෙ, භවාභවාය මාකාසි තණ්හ’’න්ති.
|
93
භාග්‍යවතුන් වහන්සේ “ධොතකය, උඩද යටද සරසද මැදද යමක් මනාකොට දන්නෙහිද, ලෝකයෙහි මෙය සංඝ යයි දැන භවයෙන් භවයෙහි තෘෂ්ණාව නොකරව.”
|
| 6. උපසීවමාණවපුච්ඡා | 6. උපසීම මාණවක සූත්‍රය |
|
94
‘‘එකො අහං සක්ක මහන්තමොඝං, [ඉච්චායස්මා උපසීවො]
අනිස්සිතො නො විසහාමි තාරිතුං;
ආරම්මණං බ්රූහි සමන්තචක්ඛු, යං නිස්සිතො ඔඝමිමං තරෙය්යං’’.
|
94
“ශ්රේෂ්ඨයානෙනි. මම පුද්ගලයෙකු හෝ ධර්මයක් හෝ ආශ්‍රය නොකොට මහත් කෙලෙස් සැඩපහර තරණය කරන්ට නොහැක්කෙමි. යමක් ආශ්‍රය කොට සැඩපහර තරණය කරම්ද නුවණැස් ඇත්ත ඊට අරමුණු වදාරන්නැයි” ආයුෂ්මත් උපසීවතෙමේ විචාළේය.
|
|
95
‘‘ආකිඤ්චඤ්ඤං
නත්ථීති නිස්සාය තරස්සු ඔඝං;
කාමෙ පහාය විරතො කථාහි, තණ්හක්ඛයං නත්තමහාභිපස්ස’’.
|
95
භාග්‍යවතුන් වහන්සේ “උපසීවයෙනි, සිහි ඇතිව ආකිඤ්චඤ්ඤායතනය බලමින් නැත යන්න ඇසුරු කොට සැඩපහර තරණය කරව. කාමයන් අත්හැර සැකය පහ කෙළේ රෑ දාවල් දෙක්හි නිවන ප්රකටව බලව.”
|
|
96
‘‘සබ්බෙසු කාමෙසු යො වීතරාගො, [ඉච්චායස්මා උපසීවො]
ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්වා මඤ්ඤං;
සඤ්ඤාවිමොක්ඛෙ පරමෙ විමුත්තො
(ධිමුත්තො (ක.)), තිට්ඨෙ නු සො තත්ථ අනානුයායී’’
(අනානුවායී (ස්‍යා. ක.)).
|
96
“යමෙක් සියලු කාමයන්හි වීතරාගීවූයේද ආකිඤ්චඤායතනය ආශ්‍රය කොට ඊට පහළ සමාපත්ති භය හැර ඒ පුද්ගලතෙම ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි චුත නොවමින් සිටීදැයි” ආයුෂ්මත් උපසීවතෙමේ ප්‍රශ්න කරයි.
|
|
97
‘‘සබ්බෙසු කාමෙසු යො වීතරාගො, [උපසීවාති භගවා]
ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්වා මඤ්ඤං;
සඤ්ඤාවිමොක්ඛෙ පරමෙ විමුත්තො, තිට්ඨෙය්ය සො තත්ථ අනානුයායී’’.
|
97
“යමෙක් සියලු කාමයන්හි පහවූ ආශා ඇත්තේද, සෙස්ස අත්හැර ආකිඤ්චඤ්ඤායතනය අත්හළේද, හෙතෙම ශ්‍රේෂ්ඨ ආකිඤ්චඤ්ඤායතනයෙහි සිටින්නේයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
|
|
98
‘‘තිට්ඨෙ චෙ සො තත්ථ අනානුයායී, පූගම්පි වස්සානං සමන්තචක්ඛු;
තත්ථෙව සො සීතිසියා විමුත්තො, චවෙථ විඤ්ඤාණං තථාවිධස්ස’’.
|
98
“සර්වඥයන් වහන්ස හෙතෙම එහි පහනොවෙමින් ඉදින් සිටීනම් මහත් වර්ෂ රාශියක් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහිම සිටියේ දුකින් මිදුනේ වන්නේය. ඒ සිටි පරිදිම විඤ්ඤාණය චුතවේද (නැතිවේද)”
|
|
99
‘‘අච්චි
අත්ථං පලෙති න උපෙති සඞ්ඛං;
එවං මුනී නාමකායා විමුත්තො, අත්ථං පලෙති න උපෙති සඞ්ඛං’’.
|
99
භාග්‍යවතුන් වහන්සේ “උපසීව වාතවේගයෙන් දමන ලද ගින්න යම්සේ එහිම අස්තයට යාද අසවල් දිගට ගියේයයි නොකිව හැකිය. එසේම ඒ මුනිතෙම නාමකයින් මිදුනේ අස්තයට යේ. අසවල් තැනට ගියේයයි නොවේ.”
|
|
100
‘‘අත්ථඞ්ගතො සො උද වා සො නත්ථි, උදාහු වෙ සස්සතියා අරොගො;
තං මෙ මුනී සාධු වියාකරොහි, තථා හි තෙ විදිතො එස ධම්මො’’.
|
100
“හෙතෙම අස්තයට ගියේ කිසි තැනක වාසයක් නැද්ද නොහොත් යම් බඳු හෙතෙම ශාස්වතද නොපෙරලෙන ස්වභාවද මට මුනිතෙමේ මනාකොට ප්‍රකාශ කරන්න. මේ කාරණය එසේ දැනගන්නෙම්ද?”
|
|
101
‘‘අත්ථඞ්ගතස්ස න පමාණමත්ථි, [උපසීවාති භගවා]
යෙන නං වජ්ජුං තං තස්ස නත්ථි;
සබ්බෙසු ධම්මෙසු සමූහතෙසු, සමූහතා වාදපථාපි සබ්බෙ’’ති.
|
101
“උපසීවයෙනි, අස්තයට යන ඔහුට රූපාදියක් නැත. යමෙකු විසින් ඔහු මෙසේ මෙසේයයි කියන්නේ නම් නසනලද සියලු ස්කන්ධාදී ධර්මයන්හි සියලු වාද හේතුද නසනලද්දාහයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
|
| 7. නන්දමාණවපුච්ඡා | 7. නන්ද මානව ප්‍රශ්න |
|
102
‘‘සන්ති
ජනා වදන්ති තයිදං කථංසු;
ඤාණූපපන්නං මුනි නො වදන්ති, උදාහු වෙ ජීවිතෙනූපපන්නං’’.
|
102
“ලෝකයෙහි ක්ෂත්රියාදීහු මුනීහු ඇත්තාහයි කියත්. කිමෙක්ද සමාපත්තිඤාණාදියෙන් උපන් නිසා අපගේ මුනිහු යයි කියත්ද, රූක්ෂ ජීවිකායෙන් යුක්ත නිසා කියත්දැයි” ආයුෂ්මත් නන්දතෙමේ ඇසීය.
|
|
103
‘‘න දිට්ඨියා න සුතියා න ඤාණෙන, මුනීධ නන්ද කුසලා වදන්ති;
විසෙනිකත්වා අනීඝා නිරාසා, චරන්ති යෙ තෙ මුනයොති බ්රූමි’’.
|
103
“නන්දය, දෘෂ්ටියෙනුත් ඇසීමෙනුත් දැනීමෙනුත් මේ ලෝකයෙහි දක්ෂයෝ මුනියයි නොකියති. යම්කෙනෙක් කෙළෙස් සේනා නැතිකොට රාගාදී කෙළෙස් නැතිව, ආශා නැතිව හැසිරෙත්ද ඔව්හු මුනීහු යයි කියමි.”
|
|
104
‘‘යෙ කෙචිමෙ සමණබ්රාහ්මණාසෙ, [ඉච්චායස්මා නන්දො]
දිට්ඨස්සුතෙනාපි වදන්ති සුද්ධිං;
සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං,
අනෙකරූපෙන වදන්ති සුද්ධිං;
කච්චිස්සු තෙ භගවා තත්ථ යතා චරන්තා,
අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස;
පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං’’.
|
104
“යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙණෙක් ඇද්ද, ඔව්හු දුටු දෙයින්ද, ඇසූ දෙයින්ද, ශුද්ධිය කියත්. සීලයෙන්ද, ව්‍රතයෙන්ද, ශුද්ධිය කියත්. නොයෙක් කරුණින් ශුද්ධිය කියත්. භාග්‍යවතුන් වහන්ස, කිමෙක්ද, එසේ හැසිරෙන්නාවූ ඔව්හු නිදුකාණන් වහන්ස, උත්පත්තියද, ජරාවද, තරණකළාහුද එය විචාරමි. භාග්‍යවතුන් වහන්සේ එමි වදාළ මැනවයි” ආයුෂ්මත් නන්ද තෙමේ ඇසීය.
|
|
105
‘‘යෙ කෙචිමෙ සමණබ්රාහ්මණාසෙ, [නන්දාති භගවා]
දිට්ඨස්සුතෙනාපි වදන්ති සුද්ධිං;
සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං, අනෙකරූපෙන වදන්ති සුද්ධිං;
කිඤ්චාපි තෙ තත්ථ යතා චරන්ති, නාතරිංසු ජාතිජරන්ති බ්රූමි’’.
|
105
“යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඔවුහු දුටු දෙයින්ද, ඇසූදෙයින්ද, ශුද්ධිය කියත්. ශීලයෙන්ද, ව්‍රතයෙන්ද, ශුද්ධිය කියත්. (ii) නොයෙක් කරුණින් ශුද්ධියයි කියත්. එහි ඔවුහු යම්සේ හැසිරෙද්ද, එසේ නමුත් නන්දය, උත්පත්තියද, ජරාවද, තරණය නොකළාහුයයි කියමියි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
|
|
106
‘‘යෙ
දිට්ඨස්සුතෙනාපි වදන්ති සුද්ධිං;
සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං, අනෙකරූපෙන වදන්ති සුද්ධිං;
තෙ චෙ මුනි බ්රූසි අනොඝතිණ්ණෙ, අථ කො චරහි දෙවමනුස්සලොකෙ;
අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස, පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං’’.
|
106
(මෙහි 4 (ii) ඡේදය යෙදිය යුතුයි.)
“ඉදින් මුනිතෙමේ සතර ඕඝ තරණය නොකළවුන් කීයෙහිය. එසේනම් නිදුකාණන් වහන්ස, කවරෙක් මේ මනුෂ්‍ය ලෝකයෙහි ජාතියද, ජරාවද තරණය කෙළේය. භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේගෙන් විචාරමි. මෙය වදාළ මැනවයි” ආයුෂ්මත් නන්දතෙමේ විචාළේය.
|
|
107
‘‘නාහං
ජාතිජරාය නිවුතාති බ්රූමි;
යෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා, සීලබ්බතං වාපි පහාය සබ්බං;
අනෙකරූපම්පි පහාය සබ්බං, තණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ;
තෙ වෙ නරා ඔඝතිණ්ණාති බ්රූමි’’.
|
107
භාග්‍යවතුන් වහන්සේ “නන්දයෙනි, මම සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ජාති ජරාවලින් වැළඳගත්තාහුයයි නොකියමි. මේ ලෝකයෙහි යම්කෙනෙකුන් අතරෙහි සියලු දුටුදෙය, ඇසූදෙය, ගන්ධ, රස ස්පර්ශ හෝ සීල ව්‍රත හෝ සියල්ල අත්හැර තෘෂ්ණාව දැන ආශ්‍රව නැත්තේද ඒකාන්තයෙන් ඒ මනුෂ්‍යයෝ කාමාදී සතර දියපහර එතරවූයේයයි” කියනු ලැබේ.
|
|
108
‘‘එතාභිනන්දාමි වචො මහෙසිනො, සුකිත්තිතං ගොතමනූපධීකං;
යෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා, සීලබ්බතං වාපි පහාය සබ්බං;
අනෙකරූපම්පි පහාය සබ්බං, තණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ;
අහම්පි තෙ ඔඝතිණ්ණාති බ්රූමී’’ති.
|
108
“ගෞතමයන් වහන්සේ උපධි රහිත වූවක් වදාරණලදී. මහර්ෂීන් වහන්සේගේ මේ දේශනාවට සතුටුවෙමි. මේ ලෝකයෙහි යම් කෙනෙකුන් කෙරෙහි දක්නාලද්දද, අසන ලද්දද, ගන්ධ රස ස්පර්ශ හෝ සීලව්රත යන සියල්ල අත්හැර නානාප්‍රකාර රූපද හැර තෘෂ්ණාව දැන ආශ්රවයන්ගෙන් මිදුනාහුද මම ඒ ඕඝය එතර කෙළෙමියි කියමි.”
|
| 8. හෙමකමාණවපුච්ඡා | 8. හෙමක මානවක ප්‍රශ්න |
|
109
‘‘යෙ මෙ පුබ්බෙ වියාකංසු, [ඉච්චායස්මා හෙමකො]
හුරං ගොතමසාසනා;
ඉච්චාසි ඉති භවිස්සති, සබ්බං තං ඉතිහීතිහං;
සබ්බං තං තක්කවඩ්ඪනං, නාහං තත්ථ අභිරමිං.
|
109
“බාවාරි ආදීහු මෙසේ වූයේය. මෙසේ වන්නේයයි ගෞතම ශාසනයට පෙර යම් පූර්ව වාක්‍යයක් කීවාහුද මෙහි මෙසේය මෙහි මෙසේය, යන ඒ සියල්ල තර්කයෙන් පොෂ්යවූවකි.
|
|
110
‘‘ත්වඤ්ච මෙ ධම්මමක්ඛාහි, තණ්හානිග්ඝාතනං මුනි;
යං විදිත්වා සතො චරං, තරෙ ලොකෙ විසත්තිකං’’.
|
110
“මම එහි සතුටු නොවීමි. යමක් දැන සිහි ඇතිව හැසිර ලෝකයෙහි තෘෂ්ණාව දුරුකළ යුතුද, ඒ තෘෂ්ණාව නසන ධර්මය මුනිතෙමේ වදාරණු මැනවියි” ආයුෂ්මත් හෙමක කීයේය.
|
|
111
‘‘ඉධ දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු, පියරූපෙසු හෙමක;
ඡන්දරාගවිනොදනං, නිබ්බානපදමච්චුතං.
|
111
“හෙමකය, මේ ලෝකයෙහි රූපාදී අරමුණු කෙරෙහි ආශා දුරුකිරීම නම් චුත නොවන්නාවූ නිර්වාණ පදවියට යාම වන්නේය.
|
|
112
‘‘එතදඤ්ඤාය
උපසන්තා ච තෙ සදා, තිණ්ණා ලොකෙ විසත්තික’’න්ති.
|
112
“සිහි ඇති යම්කෙනෙක් මෙය දැන මෙලොවම පිරිනිවියේ ශාන්තවූවාහු වෙත්ද, ඒ දක්නාසුළුවූවෝ ලෝකයෙහි තෘෂ්ණාව දුරුකළාහුය.”
|
| 9. තොදෙය්යමාණවපුච්ඡා | 9. තොදෙය්‍ය මානවක ප්‍රශ්න |
|
113
‘‘යස්මිං
තණ්හා යස්ස න විජ්ජති;
කථංකථා ච යො තිණ්ණො, විමොක්ඛො තස්ස කීදිසො’’.
|
113
“යම් කෙනෙකු කෙරෙහි කාමයෝ නොවෙසෙත්ද, යමෙකුට තෘෂ්ණාව නැද්ද යමෙක් සැකය දුරුකළේද, (ii) ඔහුට කෙබඳු මිදීමක් වේදැයි” ආයුෂ්මත් තොදෙය්‍ය තෙමේ ඇසීය.
|
|
114
‘‘යස්මිං කාමා න වසන්ති, [තොදෙය්යාති භගවා]
තණ්හා යස්ස න විජ්ජති;
කථංකථා ච යො තිණ්ණො, විමොක්ඛො තස්ස නාපරො’’.
|
114
භාග්‍යවතුන් වහන්සේ “තොදෙය්‍යය, (මෙහි 1 (i) යොදාගත යුතුයි.) ඔහුට අනෙක් මිදීමක් නැත.”
|
|
115
‘‘නිරාසසො සො උද ආසසානො
(ආසයානො (ක.)), පඤ්ඤාණවා සො උද පඤ්ඤකප්පී;
මුනිං අහං සක්ක යථා විජඤ්ඤං, තං මෙ වියාචික්ඛ සමන්තචක්ඛු’’.
|
115
“පහකළ ආශා ඇති හෙතෙම ආශා ඇති කරගනීද නුවණැති හෙතෙම ඤාණයෙන් සිතයිද, ශ්‍රේෂ්ඨයන් වහන්ස ඒ මුනිවරයා මම යම්සේ දන්නේද, සර්වඥයන් වහන්ස, ඔහු මට ප්‍රකාශ කළ මැනව.”
|
|
116
‘‘නිරාසසො සො න ච ආසසානො, පඤ්ඤාණවා සො න ච පඤ්ඤකප්පී;
එවම්පි තොදෙය්‍ය මුනිං විජාන, අකිඤ්චනං කාමභවෙ අසත්ත’’න්ති.
|
116
“ආශා නැත්තාවූ හෙතෙම බලාපොරොත්තු නොවෙයි. නුවණැති හෙතෙම ඤාණයෙන් සිතයි. තොදෙය්‍යය, මුනිවරයා මෙසේ දැනගනුව රාගාදී කිඤ්චන නැති කාමභවයෙහි නොඇලුන ඒ මුනීහු මෙසේ දනුව.”
|
| 10. කප්පමාණවපුච්ඡා | 10. කප්ප මාණවක ප්‍රශ්න |
|
117
‘‘මජ්ඣෙ සරස්මිං තිට්ඨතං, [ඉච්චායස්මා කප්පො]
ඔඝෙ ජාතෙ මහබ්භයෙ;
ජරාමච්චුපරෙතානං, දීපං පබ්රූහි මාරිස;
ත්වඤ්ච මෙ දීපමක්ඛාහි, යථායිදං නාපරං සියා’’.
|
117
“සසරෙහි වැද සිටින්නා හට භයානක වර්ෂාවක්වූ කල්හි ජරාවෙන්, මරණයෙන් පීඩිත වූවහුට පිහිටක් වදාරන්න නුඹවහන්සේ මට යම් පිහිටක් වදාළසේක්ද ඒ එසේමය. අනෙක් පරිද්දකින් නොවේයයි” ආයුෂ්මත් කප්පතෙමේ කීයේය.
|
|
118
‘‘මජ්ඣෙ සරස්මිං තිට්ඨතං, [කප්පාති භගවා]
ඔඝෙ ජාතෙ මහබ්භයෙ;
ජරාමච්චුපරෙතානං, දීපං පබ්රූමි කප්ප තෙ.
|
118
“කප්පය, සසර නමැති විල මැද සිටින්නාහට මහත් බිය උපදවන ජලගැල්මක් ඇති කල්හි ජරාවෙන් හා මරණයෙන් යුක්තවූ තොපට කප්පය පිහිටක් කියමියි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
|
|
119
‘‘අකිඤ්චනං
නිබ්බානං ඉති නං බ්රූමි, ජරාමච්චුපරික්ඛයං.
|
119
“රාගාදී කිසිවක් නැති, ගැනීම් නැති ශ්‍රේෂ්ඨවූ මේ පිහිට ජරාව හා මරණය ක්ෂය කරණ නිර්වාණයයි කියමි.
|
|
120
‘‘එතදඤ්ඤාය යෙ සතා, දිට්ඨධම්මාභිනිබ්බුතා;
න තෙ මාරවසානුගා, න තෙ මාරස්ස පට්ඨගූ’’ති
(පද්ධගූ (සී.)).
|
120
“සිහි ඇති යම් සත්වකෙනෙක් මෙය දැන මේ ආත්මයෙහිම නිවුනාහු මාරයාගේ වසඟයට නොගියාහුය. ඔව්හු මාරයාගේ ශිෂ්‍යයෝ නොවෙති.”
|
| 11. ජතුකණ්ණිමාණවපුච්ඡා | 11. ජතුකණ්ණමානවක ප්‍රශ්න |
|
121
‘‘සුත්වානහං වීරමකාමකාමිං, [ඉච්චායස්මා ජතුකණ්ණි]
ඔඝාතිගං පුට්ඨුමකාමමාගමං;
සන්තිපදං බ්රූහි සහජනෙත්ත, යථාතච්ඡං භගවා බ්රූහි මෙතං.
|
121
මම බුදුරජාණන් වහන්සේ කාමයන්ට නොකැමැත්තේයයි දැන නොකැමැත්තෙන් භාග්‍යවතුන් වහන්සේ විචාරන්ට ආවෙමි. සියල්ල දක්නා ඇස් ඇත්තානෙනි, ශාන්ති පදය වදාරණු මැනව. ඇත්තාවූ පරිදි මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ මැනවයි ආයුෂ්මත් ජතුකණ්ණතෙමේ විචාළේය.
|
|
122
‘‘භගවා හි කාමෙ අභිභුය්ය ඉරියති, ආදිච්චොව පථවිං තෙජී තෙජසා;
පරිත්තපඤ්ඤස්ස මෙ භූරිපඤ්ඤ, ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං;
ජාතිජරාය ඉධ විප්පහානං’’.
|
122
“භාග්‍යවතුන් වහන්සේ වනාහි තේජස් ඇති සූර්යයා තේජසින් පෘථිවිය මෙන් යටකොට සිටී. මහත් ප්‍රඥා ඇත්ත ස්වල්ප නුවණ ඇති මට යම්බඳුවූ මම ඉපදීම හා ජරාව නැති කරණ ධර්මය මෙහිම දැනගන්නෙම්ද, එසේ වදාළමැනව.”
|
|
123
‘‘කාමෙසු විනය ගෙධං, [ජතුකණ්ණීති භගවා]
නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො;
උග්ගහිතං නිරත්තං වා, මා තෙ විජ්ජිත්ථ කිඤ්චනං.
|
123
ජතුකණ්ණය නිවන් නිවන් යන ප්‍රතිපදාවත් නිර්භයයයි දැන තණ්හා වශයෙන් ගත් දෙයද, නොගත යුතු දේද, තොපට නොවේවා. රාගාදී කිසිවක් ද නො වේවා. කාමයන්හි ආශාව දුරුකරව.
|
|
124
‘‘යං පුබ්බෙ තං විසොසෙහි, පච්ඡා තෙ මාහු කිඤ්චනං;
මජ්ඣෙ චෙ නො ගහෙස්සසි, උපසන්තො චරිස්සසි.
|
124
පෙර අතීත සංස්කාර කෙරෙහිවූ කෙලෙස් වලින් පිරිසිදුවෙව. තොපට ඉදිරිකාලයෙහි රාගාදී කිසිවක් නොවේවා. වර්තමානයෙහිද නොගන්නෙහිය ශාන්තව හැසිරේවා.”
|
|
125
‘‘සබ්බසො නාමරූපස්මිං, වීතගෙධස්ස බ්‍රාහ්මණ;
ආසවාස්ස න විජ්ජන්ති, යෙහි මච්චුවසං වජෙ’’ති.
|
125
“බමුණ, යමකින් මාරයාගේ වසඟයට යත්ද, සර්වප්රකාරයෙන් නාමරූප දෙක්හි පහවූ ආශා ඇති ඔහුට ආශ්‍රවයෝ නොවෙත් යයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
|
| 12. භද්රාවුධමාණවපුච්ඡා | 12. භද්‍රාවුධ මාණවකයාගේ ප්‍රශ්න |
|
126
‘‘ඔකඤ්ජහං
නන්දිඤ්ජහං ඔඝතිණ්ණං විමුත්තං;
කප්පඤ්ජහං අභියාචෙ සුමෙධං, සුත්වාන නාගස්ස අපනමිස්සන්ති ඉතො.
|
126
“තෘෂ්ණා ආලය අත්හරින තෘෂ්ණාව අත්හරින, කම්පා නොවන, ඕඝ තරණය කළ, කෙළෙසුන්ගෙන් මිදුන තෘෂ්ණාදෘෂ්ටි සිතිවිලි අත්හරින ඤාණවන්තයා කවරෙක්දැයි විචාරමි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා බොහෝ දෙනා මෙයින් යත්.
|
|
127
‘‘නානාජනා ජනපදෙහි සඞ්ගතා,
තව වීර වාක්යං අභිකඞ්ඛමානා;
තෙසං තුවං සාධු වියාකරොහි, තථා හි තෙ විදිතො එස ධම්මො’’.
|
127
“වීරයන් වහන්ස, ඔබවහන්සේගේ වචන කැමැත්තෙන් මනුෂ්‍යයෝ නොයෙක් ජනපදයන්ගෙන් රැස්වූවාහුය. නුඹවහන්සේ ඔවුන්ට මනාකොට ප්‍රකාශ කරනු මැනව, මේ ධර්මය ඔව්හු එසේ අවබෝධ කරණලදී” යනුවෙන් භද්‍රාවුධ තෙමේ ප්‍රශ්න කෙළේය.
|
|
128
‘‘ආදානතණ්හං විනයෙථ සබ්බං, [භද්රාවුධාති භගවා]
උද්ධං අධො තිරියඤ්චාපි මජ්ඣෙ;
යං යඤ්හි ලොකස්මිමුපාදියන්ති, තෙනෙව මාරො අන්වෙති ජන්තුං.
|
128
භාග්‍යවතුන් වහන්සේ “භද්‍රාවුධය තදින් අල්වා ගන්නාවූ සියලු තණ්හාව හික්මවව්. සත්වතෙම උඩද, යටද, සරසද, මැදද, ලෝකයෙහි යමක් යමක් ගනීද ඔහු සමග මාරයා ලුහුබඳී.
|
|
129
‘‘තස්මා පජානං න උපාදියෙථ, භික්ඛු සතො කිඤ්චනං සබ්බලොකෙ;
ආදානසත්තෙ ඉති පෙක්ඛමානො, පජං ඉමං මච්චුධෙය්යෙ විසත්ත’’න්ති.
|
129
“එහෙයින් දන්නාවූ මහණතෙම සිහි ඇත්තේ සියලු ලෝකයෙහි කිසිවක් නොගන්නේය. මේ ප්‍රජාව ගනු ලබන සත්වයෝයයි දක්නේ මාරයා පාසයෙහි බැඳගන්නේය.”
|
| 13. උදයමාණවපුච්ඡා | 13. උදයමාණවකයාගේ ප්‍රශ්න |
|
130
‘‘ඣායිං විරජමාසීනං, [ඉච්චායස්මා උදයො]
කතකිච්චං අනාසවං;
පාරගුං සබ්බධම්මානං, අත්ථි පඤ්හෙන ආගමං;
අඤ්ඤාවිමොක්ඛං පබ්රූහි, අවිජ්ජාය පභෙදනං’’.
|
130
“ධ්‍යාන කරණ කෙලෙස් රජස් දුරුකරහුන්, කරණලද කටයුතු ඇති, ආශ්‍රව රහිත, සියලු ධර්මයන්හි පරතෙරට ගිය, බුදුන්ගෙන් ප්‍රශ්න කිරීමේ අදහසින් පැමිණියෙමු. අවිද්‍යා දුරුකරණ රහත්ව කෙළෙසුන්ගෙන් මිදීම කියනුමැනවියි” ආයුෂ්මත් උදය මානවකතෙමේ ප්‍රශ්න කළේය.
|
|
131
‘‘පහානං කාමච්ඡන්දානං, [උදයාති භගවා]
දොමනස්සාන චූභයං;
ථිනස්ස ච පනූදනං, කුක්කුච්චානං නිවාරණං.
|
131
“උදයය, කාමසංඥාවන්ද, දොම්නසද යන දෙක දුරු කරණ, කයේ මැළිකම දුරු කරණ, පසුතැවීම දුරුකරණ
|
|
132
‘‘උපෙක්ඛාසතිසංසුද්ධං
අඤ්ඤාවිමොක්ඛං පබ්රූමි, අවිජ්ජාය පභෙදනං’’.
|
132
උපෙක්ෂා, ස්මෘති, දෙකින් පිරිසිදුවූ, අර්හත් විමොක්ෂය පෙරටුව යන අවිද්‍යාව නසන ධර්මය අඤ්ඤාවිමොක්ෂය (රහත්වීම) යයි කියනු ලැබේ.”
|
|
133
‘‘කිංසු සංයොජනො ලොකො, කිංසු තස්ස විචාරණං;
කිස්සස්ස විප්පහානෙන, නිබ්බානං ඉති වුච්චති’’.
|
133
“ලෝකයෙහි බැඳීම කවරේද, හැසිරීම කවරේද, කුමක් ප්‍රහීන කිරීමෙන් නිර්වාණයයි කියනු ලැබේද?”
|
|
134
‘‘නන්දිසංයොජනො ලොකො, විතක්කස්ස විචාරණං;
තණ්හාය විප්පහානෙන, නිබ්බානං ඉති වුච්චති’’.
|
134
“නන්දි නම් තෘෂ්ණාව ලෝකයෙහි බැඳීමය. විතර්කය පරීක්ෂාවයි තෘෂ්ණාව දුරු කිරීමෙන් නිර්වාණයයි කියනු ලැබේ.”
|
|
135
‘‘කථං සතස්ස චරතො, විඤ්ඤාණං උපරුජ්ඣති;
භගවන්තං පුට්ඨුමාගම්ම, තං සුණොම වචො තව’’.
|
135
කෙසේ සිහි ඇතිව හැසිරෙන්නාහට විඤ්ඤාණය නැතිවේද, භාග්‍යවතුන් වහන්සේ විචාරන්ට පැමිණියෙමු ඔබවහන්සේගේ කියමන අසමු.
|
|
136
‘‘අජ්ඣත්තඤ්ච බහිද්ධා ච, වෙදනං නාභිනන්දතො;
එවං සතස්ස චරතො, විඤ්ඤාණං උපරුජ්ඣතී’’ති.
|
136
“ඇතුළත පිටත වේදනාව නොඉවසන්නාවූ සිහි ඇත්තාහට විඤ්ඤාණය නැතිවේ” යනු බුදුරජාණන් වහන්සේ වදාළසේක.
|
| 14. පොසාලමාණවපුච්ඡා | 14. පොසාල මාණවක ප්‍රශ්න |
|
137
‘‘යො අතීතං ආදිසති, [ඉච්චායස්මා පොසාලො]
අනෙජො ඡින්නසංසයො;
පාරගුං සබ්බධම්මානං, අත්ථි පඤ්හෙන ආගමං.
|
137
“යමෙක් තෙමේ තෘෂ්ණා නැත්තේ සිඳින ලද සැක ඇත්තේ යමෙකුගේ අතීතය කියයිද? සියලු ධර්මයන්ගේ පරතෙරට ගියේය. නුඹවහන්සේ ගෙන් ප්‍රශ්න කිරීමට පැමිණියෙමි.
|
|
138
‘‘විභූතරූපසඤ්ඤිස්ස, සබ්බකායප්පහායිනො;
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච, නත්ථි කිඤ්චීති පස්සතො;
ඤාණං සක්කානුපුච්ඡාමි, කථං නෙය්යො තථාවිධො’’.
|
138
“ඉක්මවූ රූප සංඥා ඇත්තාවූ සියළු රූප කාය ප්රහාණය කළ හට ඇතුළතද, පිටතද, කිසිවක් නැතැයි දක්නාහට ශ්‍රේෂ්ඨයන් වහන්ස එබඳු ඤාණය විචාරමි. මත්තෙහි නුවණ වෙසේද, කෙබඳුදැයි” ආයුෂ්මත් පොසාල තෙමේ විචාළේය.
|
|
139
‘‘විඤ්ඤාණට්ඨිතියො සබ්බා, [පොසාලාති භගවා]
අභිජානං තථාගතො;
තිට්ඨන්තමෙනං ජානාති, විමුත්තං තප්පරායණං.
|
139
භාග්‍යවතුන් වහන්සේ “පොසාලය, සියලු විඤ්ඤාණයන් පිහිටන තැන් තථාගතතෙමේ දන්නේ ආකිඤ්චඤ්ඤායතනයයෙහිවූ මේ පුද්ගලයා දනියි.
|
|
140
‘‘ආකිඤ්චඤ්ඤසම්භවං ඤත්වා, නන්දී සංයොජනං ඉති;
එවමෙතං අභිඤ්ඤාය, තතො තත්ථ විපස්සති;
එතං
(එවං (ස්‍යා. ක.)) ඤාණං තථං තස්ස, බ්රාහ්මණස්ස වුසීමතො’’ති.
|
140
“ආකිඤ්චඤ්ඤායතනය උපදවන කර්මයද, අරූපභව ආශාව, සංයෝජනයයි මෙසේ මෙසේ දැන එහි විදර්ශනා කරයි. වැඩ නිමවන ලද්දාවූ ඒ බ්‍රාහ්මණයාට මේ ඤාණය වේ.”
|
| 15. මොඝරාජමාණවපුච්ඡා | 15. මොඝරාජ සූත්‍රය |
|
141
‘‘ද්වාහං
න මෙ බ්යාකාසි චක්ඛුමා;
යාවතතියඤ්ච දෙවීසි, බ්යාකරොතීති මෙ සුතං.
|
141
“මම දෙවාරයක් විචාළෙමි. තුන්වෙනි වාරයෙහි විශුද්ධිදෙවිවූ ඍෂිතෙමේ මාගේ ඇසීම ප්‍රකාශ කරන්නෙහියයි” ආයුෂ්මත් මොඝරාජතෙමේ කීයේය.
|
|
142
‘‘අයං ලොකො පරො ලොකො, බ්රහ්මලොකො සදෙවකො;
දිට්ඨිං තෙ නාභිජානාති, ගොතමස්ස යසස්සිනො.
|
142
“මෙලොවද, පරලොවද, දෙවියන් සහිත බ්‍රහ්මලෝකයද යන මේ තැන්හි කීර්ති ඇති ගෞතමයන් වහන්සේගේ දෘෂ්ටි නොදනිමි.
|
|
143
‘‘එවං අභික්කන්තදස්සාවිං, අත්ථි පඤ්හෙන ආගමං;
කථං ලොකං අවෙක්ඛන්තං, මච්චුරාජා න පස්සති’’.
|
143
“මෙසේ උතුම් දේ දක්නාවූ බුදුරජාණන් වෙත ප්‍රශ්න ඇසීම ප්‍රයෝජන කොට පැමිණියේවෙමි. කෙසේ නොම බලන්නාහු මාරතෙම නොදකීදැයි” (මොඝරාජ තෙම ප්‍රශ්න කළේය.)
|
|
144
‘‘සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු, මොඝරාජ සදා සතො;
අත්තානුදිට්ඨිං ඌහච්ච, එවං මච්චුතරො සියා;
එවං ලොකං අවෙක්ඛන්තං, මච්චුරාජා න පස්සතී’’ති.
|
144
“මොඝරාජය, හැම කල්හි සිහි ඇත්තේ ලෝකය ශුන්‍ය වශයෙන් බලව ආත්ම දෘෂ්ටිය තරණය කොට සිටියේ මාරයා ඈත්කළේ වන්නේය. මෙසේ ලොව බලන්නහු මාරතෙම නොදක්නේය.”
|
| 16. පිඞ්ගියමාණවපුච්ඡා | 16. පිංගිය සූත්‍රය |
|
145
‘‘ජිණ්ණොහමස්මි අබලො වීතවණ්ණො, [ඉච්චායස්මා පිඞ්ගියො]
නෙත්තා න සුද්ධා සවනං න ඵාසු;
මාහං නස්සං මොමුහො අන්තරාව, ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං;
ජාතිජරාය ඉධ විප්පහානං’’.
|
145
“දුර්වලවූ, දුර්වර්ණවූ වයස්ගත කෙනෙක්වීමි. ඇස පෙණීම අඩුය, ඇහීම අපහසුය. අතර සිහිමුලාව මම නොනසිම්වා, ඉපදීම හා ජරාවගේ දුරුකිරීම මෙහිදීම මම දැනගනිම්ද? එබඳු ධර්මයක් දේශනා කරණු මැනවයි’ පිංගියතෙම කීයේය.
|
|
146
‘‘දිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ, [පිඞ්ගියාති භගවා]
රුප්පන්ති රූපෙසු ජනා පමත්තා;
තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො, ජහස්සු රූපං අපුනබ්භවාය’’.
|
146
“පිංගිය, රූප හේතුවෙන් වෙහෙසෙනු ලබන්නවුන් දැක රූප හේතුවෙන්ම ජනයෝ පෙළෙත්. පිංගිය, එහෙයින් තෝ ප්රමාදනුවූයේ නැවත නොලැබීම පිණිස, රූපය දුරු කරවයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
|
|
147
‘‘දිසා
න තුය්හං අදිට්ඨං අසුතං අමුතං
(අසුතං අමුතං වා (සී.), අසුතාමුතං වා (ස්‍යා.), අසුතං’මුතං වා (පී.)), අථො අවිඤ්ඤාතං කිඤ්චනමත්ථි
(කඤ්චි මත්ථි (ස්‍යා.), කිඤ්චි නත්ථි (පී.), කිඤ්චිනමත්ථි (ක.)) ලොකෙ;
ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං, ජාතිජරාය ඉධ විප්පහානං’’.
|
147
“සතර දිශාවෙහිද සතර අනුදිශාවෙහිද, උඩ, යට යන මේ දශ දිශාවෙහිම ඔබවහන්සේ නොදැකී. නොඇසූ, ස්පර්ශ නොකළ දෙයක් නැත. එසේම, ලෝකයෙහි නොදන්නා කිසිවක් නැත. මෙහි ජාති, ජරාවගේ දුරුකිරීමට යම් ධර්මයක් මම දැනගනිම්ද, ඒ ධර්මය දේශනාකරණු මැනවයි. පිංගියතෙම කීයේය.
|
|
148
‘‘තණ්හාධිපන්නෙ
සන්තාපජාතෙ ජරසා පරෙතෙ;
තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො, ජහස්සු තණ්හං අපුනබ්භවායා’’ති.
|
148
“පිංගිය, තෘෂ්ණාවේ ගැලුනාවූ මිනිසුන් බලන්නේ ශාන්තවූ ප්‍රජාව ජරාවෙන් දුරුයයි දැන, එහෙයින් පිංගිය තෝ ප්රමාදනුවූයේ නැවත නූපදීම පිණිස තෘෂ්ණාව දුරුකරව්.”
|
| 17. පාරායනත්ථුතිගාථා | 17. පාරායනත්ථුතිගාථා |
|
149
අජිතො තිස්සමෙත්තෙය්යො, පුණ්ණකො අථ මෙත්තගූ;
ධොතකො උපසීවො ච, නන්දො ච අථ හෙමකො.
|
149
අජිතය, තිස්ස මෙත්තෙය්‍යය, පුණ්ණකය එසේම මෙත්තගුය, ධොතකය, උපසීවය, නන්දය, එසේම හේමකය,
|
|
150
තොදෙය්යකප්පා දුභයො, ජතුකණ්ණී ච පණ්ඩිතො;
භද්රාවුධො උදයො ච, පොසාලො චාපි බ්රාහ්මණො;
මොඝරාජා ච මෙධාවී, පිඞ්ගියො ච මහාඉසි.
|
150
තොදය්යය කප්ප යන දෙදෙනාය නුවණැති ජතුකණ්ණිය, භද්‍රාවුධය, උදයය, පොසාල බ්‍රාහ්මණය, ප්‍රඥාවත් මොඝරාජය, පිංගිය මහාඍෂිවරයාය
|
|
151
එතෙ බුද්ධං උපාගච්ඡුං, සම්පන්නචරණං ඉසිං;
පුච්ඡන්තා නිපුණෙ පඤ්හෙ, බුද්ධසෙට්ඨං උපාගමුං.
|
151
යන මොවුහු මහර්ෂීවූ චරණ ධර්මයන්ගෙන් යුක්තවූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත නිපුණවූ ප්රශ්නයන් විචාරනු පිණිස පැමිණියාහ.
|
|
152
තෙසං බුද්ධො පබ්‍යාකාසි, පඤ්හෙ පුට්ඨො යථාතථං;
පඤ්හානං වෙය්යාකරණෙන, තොසෙසි බ්රාහ්මණෙ මුනි.
|
152
යම්බඳුවූ ඒ ප්රශ්නයන් විචාරණලද ඔවුන්ට බුදුරජ තෙම විසඳා වදාළසේක. මුනිතෙම ප්‍රශ්න විසඳීමේදී බ්‍රාහ්මණයන් සන්තොෂ කළසේක.
|
|
153
තෙ තොසිතා චක්ඛුමතා, බුද්ධෙනාදිච්චබන්ධුනා;
බ්රහ්මචරියමචරිංසු, වරපඤ්ඤස්ස සන්තිකෙ.
|
153
සතුටුවූ ඔවුහු පසැස් ඇති සූර්යබන්ධුවූ උතුම් නුවණැති බුදුරදුන් වෙත බඹසර හැසුරුණාහ.
|
|
154
එකමෙකස්ස පඤ්හස්ස, යථා බුද්ධෙන දෙසිතං;
තථා යො පටිපජ්ජෙය්ය, ගච්ඡෙ පාරං අපාරතො.
|
154
යම්සේ බුදුරදුන් විසින් දේශනාකරණලද එක එකම ප්‍රශ්නයක පවා යමෙක් පිළිපදනේද, ඔහු මෙතරින් එතරට යන්නේය.
|
|
155
අපාරා පාරං ගච්ඡෙය්ය, භාවෙන්තො මග්ගමුත්තමං;
මග්ගො සො පාරං ගමනාය, තස්මා පාරායනං ඉති.
|
155
“උතුම් මාර්ගය වඩන්නේ මෙතරින් එතරට යන්නේය ඒ මාර්ගය පරතෙර ගමනට ප්‍රයෝජන බැවින් පාරායනයයි කියයි.
|
| 18. පාරායනානුගීතිගාථා | 18. පාරායනානුගීතිගාථා |
|
156
‘‘පාරායනමනුගායිස්සං
යථාද්දක්ඛි තථාක්ඛාසි, විමලො භූරිමෙධසො;
නික්කාමො නිබ්බනො
(නිබ්බුතො (ස්‍යා.)) නාගො, කිස්ස හෙතු මුසා භණෙ.
|
156
“නිර්මලවූ උතුම් ප්‍රඥා ඇති ආශා රහිත කෙළෙස් වනයන් නැති ශ්‍රේෂ්ඨයන් වහන්සේ යම්සේ දැක්කේද, එසේ දේශනාකළසේක. පාරායන ධර්මය අනුව ගියෙමි. කවර කරුණක් නිසා බොරු කියම්දැයි පිංගියතෙම” කීයේය.
|
|
157
‘‘පහීනමලමොහස්ස, මානමක්ඛප්පහායිනො;
හන්දාහං කිත්තයිස්සාමි, ගිරං වණ්ණූපසඤ්හිතං.
|
157
“මානය හා ගුණමකුකම දුරුකළ ගෙවා දැමූ කෙලෙස් මල හා මෝහය ඇති බුදුරදුන්ගේ ගුණ වර්ණනාවෙන් යුක්ත වචනය” දැන් මම කියන්නෙමි.
|
|
158
‘‘තමොනුදො
අනාසවො සබ්බදුක්ඛප්පහීනො, සච්චව්හයො බ්රහ්මෙ උපාසිතො මෙ.
|
158
“පසැස් ඇති මෝහ අඳුර නසන චතුරාර්ය සත්‍යය අවබෝධකළ ලෝකයාගේ කෙළවරට ගිය, සියලු භවයන් ඉක්මවූ කෙළෙස් නැති සියලු දුක් දුරුකළ සත්‍යවූ ‘බුද්ධ’ යන නම් ඇති උන්වහන්සේ බ්‍රාහ්මණවූ මා විසින් ආශ්‍රය කරණ ලද්දේ වෙමි.
|
|
159
‘‘දිජො යථා කුබ්බනකං පහාය, බහුප්ඵලං කානනමාවසෙය්ය;
එවම්පහං අප්පදස්සෙ පහාය, මහොදධිං හංසොරිව අජ්ඣපත්තො.
|
159
“යම්සේ පක්ෂිතෙම කුඩා වනය හැර බොහෝ ගෙඩි වර්ග ඇති මහවනයට යේද මෙසේම මමද ස්වල්ප නුවණ ඇතියන් අත්හැර බොහෝ දිය ඇති විලට යන හංසයාමෙන් මෙහි පැමිණියෙමි.
|
|
160
‘‘යෙමෙ පුබ්බෙ වියාකංසු, හුරං ගොතමසාසනා;
ඉච්චාසි ඉති භවිස්සති;
සබ්බං තං ඉතිහීතිහං, සබ්බං තං තක්කවඩ්ඪනං.
|
160
“මත්තෙහි ගෞතම ශාසනය වන්නේයයි යමෙක් මට ප්‍රකාශ කළෝද සිතීම් ඇතිකරවමින් ඒ සියල්ල එසේම විය.
|
|
161
‘‘එකො තමනුදාසිනො, ජුතිමා සො පභඞ්කරො;
ගොතමො භූරිපඤ්ඤාණො, ගොතමො භූරිමෙධසො.
|
161
“අවිද්යාන්ධකාරය දුරුකරන්නාවූ අසහායවූ සූර්යයාවූ උන්වහන්සේ ශ්‍රේෂ්ඨ ඉපදීම ඇතිසේක. ඥාණධජවූ ගෞතම සේක. බොහෝ ප්‍රඥා ඇති ගෞතමසේක.
|
|
162
‘‘යො මෙ ධම්මමදෙසෙසි, සන්දිට්ඨිකමකාලිකං;
තණ්හක්ඛයමනීතිකං, යස්ස නත්ථි උපමා ක්වචි’’.
|
162
“යම් බුදුකෙනෙක් මෙලොව පලදෙන කල්නොයවා විපාක දෙන ධර්මය දේශනා කළසේක්ද කෙලෙස් උවදුරු නැති තෘෂ්ණාව දුරුකළ උන්වහන්සේට සමාන කළ යුත්තක් නැත.
|
|
163
‘‘කිං නු තම්හා විප්පවසසි, මුහුත්තමපි පිඞ්ගිය;
ගොතමා භූරිපඤ්ඤාණා, ගොතමා භූරිමෙධසා.
|
163
“පිංගිය, ඥානධජවූ මහා ප්‍රඥා ඇති ඒ බුදුරදුන් කෙරෙන් කිමෙක්ද මොහොතක්වත් වෙන්ව වසන්නෙහිද?
|
|
164
‘‘යො තෙ ධම්මමදෙසෙසි, සන්දිට්ඨිකමකාලිකං;
තණ්හක්ඛයමනීතිකං, යස්ස නත්ථි උපමා ක්වචි’’.
|
164
“(මෙහි 19 ඡේදය යොදා ගත යුතුයි.)
|
|
165
‘‘නාහං තම්හා විප්පවසාමි, මුහුත්තමපි බ්‍රාහ්මණ;
ගොතමා භූරිපඤ්ඤාණා, ගොතමා භූරිමෙධසා.
|
165
“බමුණ, ඥානද්වජවූ බොහෝ ප්රඥාඇති ඒ බුදුරදුන් කෙරෙන් මොහොතක්වත් වෙන්ව නොවසමි.
|
|
166
‘‘යො මෙ ධම්මමදෙසෙසි, සන්දිට්ඨිකමකාලිකං;
තණ්හක්ඛයමනීතිකං, යස්ස නත්ථි උපමා ක්වචි.
|
166
(මෙහි 19 ඡේදය යොදාගත යුතුයි.)
|
|
167
‘‘පස්සාමි නං මනසා චක්ඛුනාව, රත්තින්දිවං බ්‍රාහ්මණ අප්පමත්තො.
නමස්සමානො විවසෙමි රත්තිං, තෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං.
|
167
“රෑ දාවල් දෙක්හි අප්‍රමාද වූයේ ඒ බුදුන් වහන්සේ ඇසින් මෙන් සිතින්ද දකිමි. රාත්‍රියෙහි නමස්කාර කරමින් සිටිමි එයින්ම වෙන් නොවූ බව දනිමි.
|
|
168
‘‘සද්ධා
නාපෙන්තිමෙ ගොතමසාසනම්හා;
යං යං දිසං වජති භූරිපඤ්ඤො, ස තෙන තෙනෙව නතොහමස්මි.
|
168
“මාගේ ශ්රද්ධාවද ප්‍රීතියද යහපත් සිතද සිහි ඇති බවද ගෞතම ශාසනයෙන් ඉවත් නොවෙත් මහාප්‍රඥා ඇති බුදුරජ තෙම යම් යම් දිශාවක ගමන් කෙරේද, ඒ ඒ දිශාවට නැමුනේ වෙමි.
|
|
169
‘‘ජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස, තෙනෙව කායො න පලෙති තත්ථ;
සඞ්කප්පයන්තාය
(සංකප්පයත්තාය (සී.)) වජාමි නිච්චං, මනො හි මෙ බ්‍රාහ්මණ තෙන යුත්තො.
|
169
“දුර්වල ශරීර ඇති වයස්ගතවූ මාගේ ශරීරය ඒ නිසාම ඒ බුදුන් වෙත නොයයි, සිහි ඇති ස්වල්ප ගමනින් නිතර යමි. බ්‍රාහ්මණය, යම්තැනක බුදුරදුන්වේද මාගේ සිත එහිමය.
|
|
170
‘‘පඞ්කෙ සයානො පරිඵන්දමානො, දීපා දීපං උපල්ලවිං;
අථද්දසාසිං සම්බුද්ධං, ඔඝතිණ්ණමනාසවං.
|
170
“කාම මඩෙහි නිදන්නේ සැලෙන්නේ, ශාස්තෘවරයෙකුගෙන් ශාස්තෘවරයෙකු වෙත ගියෙමි. ඉක්බිති කාමාදී සැඩවතුරු තරණය කළ කෙලෙස් නැති බුදුන්වහන්සේ දිටිමි.
|
|
171
‘‘යථා අහූ වක්කලි මුත්තසද්ධො, භද්රාවුධො ආළවිගොතමො ච;
එවමෙව ත්වම්පි පමුඤ්චස්සු සද්ධං, ගමිස්සසි ත්වං පිඞ්ගිය මච්චුධෙය්යස්ස පාරං’’
(මච්චුධෙය්යපාරං (සී.)).
|
171
“යම්සේ වක්කලිතෙම ශ්‍රද්ධාව මුදා රහත්වූයේද භද්‍රාවුධ යම්සේද, ආලවී ගෞතමතෙම යම්සේද, එමෙන්ම ඔබද ශ්‍රද්ධාව මුදව, පිංගිය, ඔබ නිර්වාණයට යන්නෙහිය.
|
|
172
‘‘එස භිය්යො පසීදාමි, සුත්වාන මුනිනො වචො;
විවට්ටච්ඡදො සම්බුද්ධො, අඛිලො පටිභානවා.
|
172
“මුනීන්ද්රයන් වහන්සේගේ මේ වචනය අසා බොහෝ සෙයින් පැහැදුනෙමි. දුරුකළ මෝහාදිය ඇති සම්‍යක් සම්බුද්ධ තෙම කෙලෙස් හුල් නැති ඉක්මන් වැටහීමක් ඇති කෙනෙකි.
|
|
173
‘‘අධිදෙවෙ අභිඤ්ඤාය, සබ්බං වෙදි පරොපරං;
පඤ්හානන්තකරො සත්ථා, කඞ්ඛීනං පටිජානතං.
|
173
“ඉතා උසස් ධර්මය දැන හීන ප්‍රණීත සියල්ල දත්සේක ශාස්තෘතෙම ප්‍රශ්නයක් කෙළවර කළසේක. සැක නැතැයි දන්වනසේක.
|
|
174
‘‘අසංහීරං අසංකුප්පං, යස්ස නත්ථි උපමා ක්වචි;
අද්ධා ගමිස්සාමි න මෙත්ථ කඞ්ඛා, එවං මං ධාරෙහි අධිමුත්තචිත්ත’’න්ති
(අජිතමාණවපුච්ඡාය පට්ඨාය යාවපාරායනානුගීතිගාතාපරියොසානා ස්‍යා. ... පොත්ථකෙ නත්ථි).
|
174
“රාගාදියෙන් නොසෙලවෙන වෙනස් නොවෙන යම් ඒ බුදුන් වහන්සේට සමාන කළ යුත්තක් නැත, ඒකාන්තයෙන් නිර්වාණ ධාතුවට යන්නෙමි. මෙහි සැකයක් නැත. මිදුනු සිත් ඇත්තේයයි මෙසේ මා දරව.”
|