ත්‍රිපිටකය
7. තිස්සමෙත්තෙය්‍යසුත්තනිද්දෙසො 7. මෙත්තෙය්‍ය සූත්‍ර නිර්දෙශය
49
මෙථුනමනුයුත්තස්ස , [ඉච්චායස්මා තිස්සො මෙත්තෙය්‍යො]
විඝාතං බ්‍රූහි මාරිස;
සුත්වාන තව සාසනං, විවෙකෙ සික්ඛිස්සාමසෙ.
මෙථුනමනුයුත්තස්සාති. මෙථුනධම්මො නාම යො සො අසද්ධම්මො ගාමධම්මො වසලධම්මො දුට්ඨුල්ලො ඔදකන්තිකො රහස්සො ද්වයංද්වයසමාපත්ති. කිංකාරණා වුච්චති මෙථුනධම්මො? උභින්නං රත්තානං සාරත්තානං අවස්සුතානං පරියුට්ඨිතානං පරියාදින්නචිත්තානං උභින්නං සදිසානං ධම්මොති - තංකාරණා වුච්චති මෙථුනධම්මො. යථා උභො කලහකාරකා මෙථුනකාති වුච්චන්ති, උභො භණ්ඩනකාරකා මෙථුනකාති වුච්චන්ති, උභො භස්සකාරකා මෙථුනකාති වුච්චන්ති, උභො විවාදකාරකා මෙථුනකාති වුච්චන්ති, උභො අධිකරණකාරකා මෙථුනකාති වුච්චන්ති, උභො වාදිනො මෙථුනකාති වුච්චන්ති, උභො සල්ලාපකා මෙථුනකාති වුච්චන්ති; එවමෙවං උභින්නං රත්තානං සාරත්තානං අවස්සුතානං පරියුට්ඨිතානං පරියාදින්නචිත්තානං උභින්නං සදිසානං ධම්මොති - තංකාරණා වුච්චති මෙථුනධම්මො.
මෙථුනමනුයුත්තස්සාති. මෙථුනධම්මෙ යුත්තස්ස පයුත්තස්ස ආයුත්තස්ස සමායුත්තස්ස තච්චරිතස්ස තබ්බහුලස්ස තග්ගරුකස්ස තන්නින්නස්ස තප්පොණස්ස තප්පබ්භාරස්ස තදධිමුත්තස්ස තදධිපතෙය්‍යස්සාති - මෙථුනමනුයුත්තස්ස.
ඉච්චායස්මා තිස්සො මෙත්තෙය්‍යොති. ඉච්චාති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරී අක්ඛරසමවායො බ්‍යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාපෙතං - ඉච්චාති. ආයස්මාති පියවචනං ගරුවචනං සගාරවවචනං සප්පතිස්සවචනමෙතං - ආයස්මාති. තිස්සොති තස්ස ථෙරස්ස නාමං සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්‍යං නිරුත්ති බ්‍යඤ්ජනං අභිලාපො. මෙත්තෙය්‍යොති තස්ස ථෙරස්ස ගොත්තං සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරොති - ඉච්චායස්මා තිස්සො මෙත්තෙය්‍යො.
විඝාතං බ්‍රූහි මාරිසාති. විඝාතන්ති විඝාතං උපඝාතං පීළනං ඝට්ටනං උපද්දවං උපසග්ගං බ්‍රූහි ආචික්ඛ දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවර විභජ උත්තානීකරොහි (උත්තානිං කරොහි (ක.)) පකාසෙහි. මාරිසාති පියවචනං ගරුවචනං සගාරවවචනං සප්පතිස්සවචනමෙතං මාරිසාති - විඝාතං බ්‍රූහි මාරිස.
සුත්වාන තව සාසනන්ති. තුය්හං වචනං බ්‍යප්පථං දෙසනං අනුසාසනං අනුසිට්ඨිං සුත්වා සුණිත්වා උග්ගහෙත්වා උපධාරයිත්වා උපලක්ඛයිත්වාති - සුත්වාන තව සාසනං.
විවෙකෙ සික්ඛිස්සාමසෙති. විවෙකොති තයො විවෙකා - කායවිවෙකො, චිත්තවිවෙකො, උපධිවිවෙකො. කතමො කායවිවෙකො? ඉධ භික්ඛු විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාසපුඤ්ජං , කායෙන විවිත්තො විහරති. සො එකො ගච්ඡති, එකො තිට්ඨති, එකො නිසීදති, එකො සෙය්‍යං කප්පෙති, එකො ගාමං පිණ්ඩාය පවිසති, එකො පටික්කමති, එකො රහො නිසීදති , එකො චඞ්කමං අධිට්ඨාති, එකො චරති, එකො විහරති ඉරියති වත්තති පාලෙති යපෙති යාපෙති - අයං කායවිවෙකො.
කතමො චිත්තවිවෙකො? පඨමං ඣානං සමාපන්නස්ස නීවරණෙහි චිත්තං විවිත්තං හොති, දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරෙහි චිත්තං විවිත්තං හොති, තතියං ඣානං සමාපන්නස්ස පීතියා චිත්තං විවිත්තං හොති, චතුත්ථං ඣානං සමාපන්නස්ස සුඛදුක්ඛෙහි චිත්තං විවිත්තං හොති, ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤාය පටිඝසඤ්ඤාය නානත්තසඤ්ඤාය චිත්තං විවිත්තං හොති, විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤාය චිත්තං විවිත්තං හොති, ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාය චිත්තං විවිත්තං හොති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාය චිත්තං විවිත්තං හොති, සොතාපන්නස්ස සක්කායදිට්ඨියා විචිකිච්ඡාය සීලබ්බතපරාමාසා දිට්ඨානුසයා විචිකිච්ඡානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි චිත්තං විවිත්තං හොති, සකදාගාමිස්ස ඔළාරිකා කාමරාගසඤ්ඤොජනා පටිඝසඤ්ඤොජනා ඔළාරිකා කාමරාගානුසයා පටිඝානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි චිත්තං විවිත්තං හොති, අනාගාමිස්ස අනුසහගතා කාමරාගසඤ්ඤොජනා පටිඝසඤ්ඤොජනා අනුසහගතා කාමරාගානුසයා පටිඝානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි චිත්තං විවිත්තං හොති, අරහතො රූපරාගා අරූපරාගා මානා උද්ධච්චා අවිජ්ජාය මානානුසයා භවරාගානුසයා අවිජ්ජානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි බහිද්ධා ච සබ්බනිමිත්තෙහි චිත්තං විවිත්තං හොති - අයං චිත්තවිවෙකො.
කතමො උපධිවිවෙකො? උපධි වුච්චන්ති කිලෙසා ච ඛන්ධා ච අභිසඞ්ඛාරා ච. උපධිවිවෙකො වුච්චති අමතං නිබ්බානං. යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං - අයං උපධිවිවෙකො. කායවිවෙකො ච විවෙකට්ඨකායානං නෙක්ඛම්මාභිරතානං; චිත්තවිවෙකො ච පරිසුද්ධචිත්තානං පරමවොදානපත්තානං; උපධිවිවෙකො ච නිරූපධීනං පුග්ගලානං විසඞ්ඛාරගතානං. විවෙකෙ සික්ඛිස්සාමසෙති. සො ථෙරො පකතියා සික්ඛිතසික්ඛො. අපි ච ධම්මදෙසනං උපාදාය ධම්මදෙසනං සාවෙන්තො (යාචන්තො (සී. ස්‍යා.)) එවමාහ - විවෙකෙ සික්ඛිස්සාමසෙති.
තෙනාහ ථෙරො තිස්සමෙත්තෙය්‍යො -
‘‘මෙථුනමනුයුත්තස්ස , [ඉච්චායස්මා තිස්සො මෙත්තෙය්‍යො]
විඝාතං බ්‍රූහි මාරිස;
සුත්වාන තව සාසනං, විවෙකෙ සික්ඛිස්සාමසෙ’’ති.
49
(7 - 1)
1 “මෛථුනයෙහි යෙදුනහුට යන්නෙහි මෛථුන ධර්මය නම් (i) යම් ඒ අසද්ධර්මයක් ග්‍රාමධර්මයක් වසල ධර්මයක් නරක ධර්මයක් රහස් දෙයක් දෙදෙනෙකුගේ එක්වීමක් ඇද්ද එයයි. කවර කරුණකින් මෛථුන ධර්මයයි කියද්ද (ii) යම්සේ කලහකාර දෙදෙනෙකුට ‘මෙථුනක’ යයි කියද්ද දබර කරගන්නා දෙදෙනෙකුට ‘මෙථුනක’ යයි කියද්ද බැණගන්නා දෙදෙනෙකුට ‘මෙථුනක’ යයි කියද්ද, විවාද කරගන්නා දෙදෙනෙකුට ‘මෙථුනක’ යයි කියද්ද නඩු කියා ගන්නා දෙදෙනෙකුට මෙථුනකයයි කියද්ද වාදයට බැසගන්නා දෙදෙනෙකුට ‘මෙථුනකයයි කියද්ද, සල්ලාපයට බැසගත් දෙදෙනකුට ‘මෙථුනක යයි කියද්ද එමෙන්ම රාගයෙන් රත්වූ එක්වූ වැළඳගත් දෙදෙනෙකුන්ගේ සමාන ධර්මයයි. ඒ කාරණයෙන් මෛථුන ධර්මයයි කියත්. (iii) “මෙථුන මනුයුත්තස්ස’ යන්නෙහි මෛථුන ධර්මයෙහි යුක්තවූ යෙදුනාවූ එය චරිතකොට ඇත්තාවූ එය බහුලකොට ඇත්තාවූ එයට නැමුනාවූ එයට බරවූ එහි ඇළුනාවූ එය අධිපතිකොට ඇත්තාවූ යනුයි.
2 මෙසේ ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍යතෙමේ” යන්නෙහි ඉති යනු පද සන්ධියයි. පදපූරණයයි. “ආයුෂ්මත්” යනු ප්‍රිය වචනයයි ගරු වචනයයි. ‘තිස්ස යනු ඒ තෙරුන්ගේ නාමයයි. පැනවීම්යි. ව්‍යවහාරයයි. නිරුක්ති වචනයයි. කථා ව්‍යවහාරයයි. “මෙත්තෙය්‍ය” යනු ඒ තෙරුන්ගේ ගෝත්‍රයයි. ප්‍රඥාප්තියයි ව්‍යවහාරයයි.
3 “නිදුකානන් වහන්ස, කරදරය කියනුමැනව” යන්නෙහි විඝාත නම් කරදරය, පීඩාව, ඝට්ටනය, උපද්‍රවය, යනුයි.
4 “ඔබගේ පනිවුඩය අසා” යනු ඔබගේ වචනය දෙශනය, අනුශාසනය අසා ඉගෙණ සලකා යනුයි.
5 “විවේකයෙහි හික්මෙන්නෙමු.” යන්නෙහි විවේක යනු විවේක තුනකි. කාය විවේකය, චිත්ත විවේකය, උපධි විවේකය යනුයි. කාය විවේකය කවරේද? (ii) මේ ශාසනයෙහි මහණ අරණ්‍යය රුක්මුල, පර්වතය, කඳුබෑවුම් පර්වත ගුහාව, ඈත වනයෙහි සයනය, ඉඩපහසු ඇති තැන, පිදුරුගොඩ, සොහොන යන විවේක සේනාසන භජනය කෙරේද, හෙතෙම කයින් විවේකව හැසිරෙයි. වචනයෙන් විවේකව හැසිරෙයි. හෙතෙම තනිව යයි. තනිව සිටියි. තනිව වාඩිවෙයි. තනිව නිදයි. තනිව ගමට පිඩු පිණිස හැසිරෙයී. තනිව ආපසු එයි. මේ කාය විවේකයයි (iii) චිත්තවිවේකය කවරේද? (iv) ප්‍රථමධ්‍යානයට සමවැදුනහුට නීවරණයන්ගෙන් සිත විවේක වෙයි. ද්විතීය ධ්‍යානයට සමවැදුනහුට විතර්ක විචාරයන්ගෙන් සිත විවේක වූයේ වෙයි. තෘතිය ධ්‍යානයට සමවැදුනහුට ප්‍රීතියෙන් සිත විවේකවූයේ වෙයි. චතුර්ථධ්‍යානයට සමවැදුනහුට සැප හා දුක්වලින් සිත විවේකවූයේ වෙයි. ආකාශානඤ්චායතනයට සමවැදුනහුට රූපසංඥාවෙන් පටිඝසංඥාවෙන් නානත්ත සංඥාවෙන් සිත විවේකවූයේ වෙයි විඤ්ඤානඤ්චායතනයට සමවැදුනහුට ආකාශානඤ්චායතනයෙන් සිත වෙන්වූයේ වෙයි. ආකිඤ්ඤායතනයට සමවැදුනහුට විඤ්ඤානඤ්චායතනයෙන් සිත වෙන්වූයේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුනහුට ආකිඤ්චඤ්ඤායතනයෙන් සිත මිදුනේ වෙයි. සෝවාන්වූවහුට සත්කායදෘෂ්ටියෙන් විචිකිච්ඡාවෙන් (සැකයෙන්) ‘සීලබ්බත පරාමාසයෙන් දෘෂ්ටානුසයෙන් විචිකිච්ඡානුසයෙන් තවත් එයට එකතුවූ ක්ලේශයන්ගෙන්ද සිත විවේකවූයේ වෙයි. රහතන් වහන්සේට රූප රාගයෙන්ද අරූප රාගයෙන්ද මානයෙන්ද, උද්ධච්චයෙන්ද අවිද්‍යාවෙන්ද මානානුශයෙන්ද, භවරාගානුශයෙන්ද අවිද්‍යානුශයෙන්ද එයට එකතුවූ තවත් කෙලෙස්වලින්ද පිටත සියලු නිමිතිවලින්ද සිත විවේකවූයේවෙයි. මේ චිත්ත විවේකයයි.
6 උපධි විවේකය කවරේද? ක්ලේශයෝද ස්කන්ධයෝද අභිසංස්කාරයෝද උපධියයි කියත්. අමෘතවූ නිර්වාණයට උපධි විවේකයයි කියත්. යම් ඒ කෙනෙක් සියලු සංස්කාරයන් සංසිඳවූයේ සියලු කෙලෙස් බැහැරකළේ තෘෂ්ණාව ක්ෂය කළේ නොඇළුනේ බැඳුම් සින්දේ යම් අවස්ථාවකද ඒ නිර්වාණයයි මේ උපධි විවේකයයි.
7 නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුනවුන්ට විවේකය ඇත්තන්ට කාය විවේකයද, පිරිසිදු සිත් ඇත්තන්ට ඉතා පිරිසිදුබව ඇත්තන්ට චිත්ත විවේකයද සිත අරමුණු කිරීම් වශයෙන් නිවනට පැමිණියන්ට කෙලෙස් නැත්තන්ට උපධි විවේකයද වෙයි.
8 “විවේකයෙහි හික්මෙන්නමු.” යනු ඒ තෙරුන් වහන්සේ ප්‍රකෘතියෙන් හික්මුනාවූ ශික්ෂා ඇත්තෙකි. ධර්ම දේශනාව දැඩි සේ ගෙන ධර්මදේශනාවට ආරාධනා කරන්නේ මෙසේ කීයේය. විවේකයෙහි හික්මෙන්නෙමුයි තිස්ස මෙත්තෙය්‍ය තෙරුන් වහන්සේ එහෙයින් කීහ.
50
මෙථුනමනුයුත්තස්ස , [මෙත්තෙය්‍යාති භගවා]
මුස්සතෙ වාපි සාසනං;
මිච්ඡා ච පටිපජ්ජති, එතං තස්මිං අනාරියං.
මෙථුනමනුයුත්තස්සාති. මෙථුනධම්මො නාම යො සො අසද්ධම්මො ගාමධම්මො වසලධම්මො දුට්ඨුල්ලො ඔදකන්තිකො රහස්සො ද්වයංද්වයසමාපත්ති. කිංකාරණා වුච්චති මෙථුනධම්මො? උභින්නං රත්තානං සාරත්තානං අවස්සුතානං පරියුට්ඨිතානං පරියාදින්නචිත්තානං උභින්නං සදිසානං ධම්මොති - තංකාරණා වුච්චති මෙථුනධම්මො. යථා උභො කලහකාරකා මෙථුනකාති වුච්චන්ති, උභො භණ්ඩනකාරකා මෙථුනකාති වුච්චන්ති, උභො භස්සකාරකා මෙථුනකාති වුච්චන්ති, උභො විවාදකාරකා මෙථුනකාති වුච්චන්ති, උභො අධිකරණකාරකා මෙථුනකාති වුච්චන්ති, උභො වාදිනො මෙථුනකාති වුච්චන්ති, උභො සල්ලාපකා මෙථුනකාති වුච්චන්ති; එවමෙවං උභින්නං රත්තානං සාරත්තානං අවස්සුතානං පරියුට්ඨිතානං පරියාදින්නචිත්තානං උභින්නං සදිසානං ධම්මොති - තංකාරණා වුච්චති මෙථුනධම්මො.
මෙථුනමනුයුත්තස්සාති. මෙථුනධම්මෙ යුත්තස්ස පයුත්තස්ස ආයුත්තස්ස සමායුත්තස්ස තච්චරිතස්ස තබ්බහුලස්ස තග්ගරුකස්ස තන්නින්නස්ස තප්පොණස්ස තප්පබ්භාරස්ස තදධිමුත්තස්ස තදධිපතෙය්‍යස්සාති - මෙථුනමනුයුත්තස්ස.
මෙත්තෙය්‍යාති භගවා තං ථෙරං ගොත්තෙන ආලපති. භගවාති ගාරවාධිවචනං. අපි ච භග්ගරාගොති භගවා, භග්ගදොසොති භගවා, භග්ගමොහොති භගවා, භග්ගමානොති භගවා, භග්ගදිට්ඨීති භගවා, භග්ගකණ්ඩකොති (භග්ගකණ්ඩකොති (සී. ස්‍යා.)) භගවා, භග්ගකිලෙසොති භගවා, භජි විභජි පවිභජි ධම්මරතනන්ති භගවා, භවානං අන්තකරොති භගවා, භාවිතකායො භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤොති භගවා, භජි වා භගවා අරඤ්ඤවනපත්ථානි (අරඤ්ඤෙ වනපත්ථානි (සී.)) පන්තානි සෙනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහස්සෙය්‍යකානි (මනුස්සරාහසෙය්‍යකානි (සී. ස්‍යා.)) පටිසල්ලානසාරුප්පානීති භගවා, භාගී වා භගවා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති භගවා, භාගී වා භගවා අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස අධිසීලස්ස අධිචිත්තස්ස අධිපඤ්ඤායාති භගවා, භාගී වා භගවා චතුන්නං ඣානානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං අරූපසමාපත්තීනන්ති භගවා, භාගී වා භගවා අට්ඨන්නං විමොක්ඛානං අට්ඨන්නං අභිභායතනානං නවන්නං අනුපුබ්බවිහාරසමාපත්තීනන්ති භගවා, භාගී වා භගවා දසන්නං සඤ්ඤාභාවනානං දසන්නං කසිණසමාපත්තීනං ආනාපානස්සතිසමාධිස්ස අසුභසමාපත්තියාති භගවා, භාගී වා භගවා චතුන්නං සතිපට්ඨානානං චතුන්නං සම්මප්පධානානං චතුන්නං ඉද්ධිපාදානං පඤ්චන්නං ඉන්ද්‍රියානං පඤ්චන්නං බලානං සත්තන්නං බොජ්ඣඞ්ගානං අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්සාති භගවා, භාගී වා භගවා දසන්නං තථාගතබලානං චතුන්නං වෙසාරජ්ජානං චතුන්නං පටිසම්භිදානං ඡන්නං අභිඤ්ඤානං (අභිඤ්ඤාණානං (සී.)) ඡන්නං බුද්ධධම්මානන්ති භගවා. භගවාති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං න සමණබ්‍රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං. විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති යදිදං භගවාති - මෙත්තෙය්‍යාති භගවා.
මුස්සතෙ වාපි සාසනන්ති. ද්වීහි කාරණෙහි සාසනං මුස්සති - පරියත්තිසාසනම්පි මුස්සති, පටිපත්තිසාසනම්පි මුස්සති. කතමං පරියත්තිසාසනං? යං තස්ස පරියාපුටං - සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං - ඉදං පරියත්තිසාසනං. තම්පි මුස්සති සම්මුස්සති පමුස්සති සම්පමුස්සති පරිබාහිරො හොතීති - එවම්පි මුස්සතෙ වාපි සාසනං.
කතමං පටිපත්තිසාසනං? සම්මාපටිපදා අනුලොමපටිපදා අපච්චනීකපටිපදා අන්වත්ථපටිපදා ධම්මානුධම්මපටිපදා සීලෙසු පරිපූරකාරිතා ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරතා භොජනෙ මත්තඤ්ඤුතා ජාගරියානුයොගො සතිසම්පජඤ්ඤං චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්‍රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො - ඉදං පටිපත්තිසාසනං. තම්පි මුස්සති සම්මුස්සති පමුස්සති සම්පමුස්සති පරිබාහිරො හොතීති. එවම්පි මුස්සතෙ වාපි සාසනං.
මිච්ඡා ච පටිපජ්ජතීති. පාණම්පි හනති, අදින්නම්පි ආදියති , සන්ධිම්පි ඡින්දති, නිල්ලොපම්පි හරති, එකාගාරිකම්පි කරොති, පරිපන්ථෙපි තිට්ඨති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණතීති - මිච්ඡා ච පටිපජ්ජති.
එතං තස්මිං අනාරියන්ති. එතං තස්මිං පුග්ගලෙ අනරියධම්මො බාලධම්මො මූළ්හධම්මො අඤ්ඤාණධම්මො අමරාවික්ඛෙපධම්මො, යදිදං මිච්ඡාපටිපදාති - එතං තස්මිං අනාරියං.
තෙනාහ භගවා -
‘‘මෙථුනමනුයුත්තස්ස, [මෙත්තෙය්‍යාති භගවා]
මුස්සතෙ වාපි සාසනං;
මිච්ඡා ච පටිපජ්ජති, එතං තස්මිං අනාරිය’’න්ති.
50
(7 - 2)
1 මෛථුනයෙහි යෙදුනහුට යනු (7-1) 1 (iii) ඡේද යෙදිය යුතුයි. මෙත්තෙය්‍ය යනු භාග්‍යවතුන් වහන්සේ ඒ තෙරුන්ට ගොත්‍රයෙන් කථාකරයි. භාග්‍යවතුන් වහන්සේ යනු ගෞරව වචනයයි. නැවතද රාගය බිඳදැමූ බැවින්, “භාග්‍යවතුන් වහන්සේ නමි. ද්වේෂය බිඳදැමූ බැවින්, මෝහය බිඳ දැමූ බැවින්, මානය බිඳදැමූ බැවින් දෘෂ්ටිය බිඳ දැමූ බැවින් කෙලෙස් කටු බිඳදැමූ බැවින් සියලු කෙලෙස් බිඳ දැමූ බැවින් දහම් රුවන බෙදූ බැවින් භවයන්ගේ කෙළවරට ගිය බැවින් වඩනලද කය ඇති බැවින් වඩනලද ශීලය ඇති බැවින් වඩනලද සිත ඇතිබැවින් වඩනලද ප්‍රඥාව ඇතිබැවින් බෙදනලද බැවින් ‘භාග්‍යවතුන් වහන්සේ’ නමි. අල්පශබ්ද ඇති, අල්පඝොෂාව ඇති මිනිසුන්ගේ ශබ්දනැති මිනිසුන්ගේ රහස් කටයුතුවලට යොග්‍ය විවේකයට සුදුසු වනයෙහිවූ ඈත සෙනසුන් භජනය කරණබැවින් භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවත් නමි. සිවුරු පිණ්ඩාහාර සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන බැවින් භාග්‍යවත් නමි. අර්ථ රශය විමුක්ති රසය, අධිශීලය අධිචිත්තය අධිප්‍රඥාව යන මෙයින් යුක්ත බැවින් ‘භාග්‍යවත්’ නමි. ධ්‍යාන සතර අප්‍රමාණය ධර්මසතර අරූප සමාපත්ති සතර බෙදූ බැවින් භගවා නමි. අෂ්ටවිමොක්ෂ අෂ්ට අභිභායතන අනුපුබ්බ විහාර සමාපත්ති නවය බෙදූ බැවින් භගවා නමි. සංඥා භාවනා දශය. කසින සමාපත්ති දශය, අනාපානසතිය අශුභ සමාපත්තිය යන මොවුන්ගෙන් යුක්තබැවින් භගවා නමි. සතර සතිපට්ඨාන සතර සම්‍යක්ප්‍රධාන සතර ඍද්ධිපාද පඤ්චෙන්ද්‍රිය, පඤ්චබලය, සප්තබොධ්‍යංග, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යන මේ ධර්මයන් කොටස් කළ බැවින් භාග්‍යවත් නමි. දශ තථාගත බල සතර වෛශාරද්‍ය, ප්‍රති සම්භිදා සතර අභිඥාසය, බුද්ධ ධර්මසය, කොටස් කළ බැවින් භාග්‍යවත්’ නමි. ‘භාග්‍යවත්’ යන මේ වචනය මව විසින් නොතබන ලදී. පියා විසින් නොතබනලදී. සහෝදරයා විසින් නොතබන ලදී. මිත්‍රයන් විසින් නොතබන ලදී. යහළුවන් විසින් නොතබනලදී. නෑ සහලේ නෑයන් විසින් නොතබනලදී. ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නොතබනලදී. දෙවතාවන් විසින් නොතබනලදී. යම් ඒ භගවා යන වචනය විමොක්ෂය කෙළවර කොට ඇත්තකි. භාග්‍යවත්වූ බුදුවරයන් වහන්සේලාට බොධිමූලයෙහි සර්වඥතාඥානය ලැබීම සමගම පැනවීමකි.
2 “ධර්ම පණිවුඩය අමතක කරයි.” යනු කරුණු දෙකකින් ශාසනය අමතක වෙයි. පර්‍ය්‍යාප්ති ශාසනයද අමතක වෙයි. ප්‍රතිපත්ති ශාසනයද අමතක වෙයි. පර්‍ය්‍යාප්ති ශාසනය කවරේද? (ii) සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අබ්භූත ධර්මය, වෙදල්ලය යන ප්‍රගුණ කළයුතු ධර්මය පර්‍ය්‍යාප්ති ශාසනය නමි. එයද අමතක වෙයි. වෙන්වූයේ වෙයි. මෙසේද ශාසනය අමතක වූයේ වෙයි. ප්‍රතිපත්ති ශාසනය කවරේද, සම්‍යක් ප්‍රතිපදාව, අනුලොම ප්‍රතිපදාව, උසස් ප්‍රතිපදාව, අන්වර්ථ ප්‍රතිපදාව, ධර්මානු ධර්ම ප්‍රතිපදාව සිල් පිරීම, ඉන්ද්‍රියයන්හි වැසුන දොර ඇති බවත භොජනයෙහි පමණ දැනීම, නිදි දුරුකිරීම, සිහි නුවණ ඇතිබව, සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර ඍද්ධිපාද, පඤ්චෙන්ද්‍රිය, පඤ්ච බල, සප්ත බොධ්‍යංග, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යන මේ ධර්මයෝ ප්‍රතිපත්ති ශාසනයයි. එය ද අමතක වෙයි. බැහැරවූයේ වෙයි. “මිච්ඡාව පටිපජ්ජති” යනු සතුන්ද මරයි. හොරකම් කරයි. ගෘහයන්ද බිඳියි. කොල්ලකෑමද කරයි. එක් ගෙයක් බිඳීමද කරයි. අනුන්ට උවදුරු කරමින් සිටියි පරදාර කර්මයද කරයි. බොරුද කියයි. වැරදි මගට බසියි.
3 “ඔහු කෙරෙහිවූ මෙය අනාර්යයයි.” යනු පුද්ගලයා කෙරෙහි මෙය අනාර්‍ය්‍ය ධර්මයකි. බාල ධර්මයකි. මුලා ධර්මයකි. අඥාන ධර්මයකි. අමරාවික්ඛෙප නම් මිථ්‍යා ධර්මයයි. යම් ඒ මිථ්‍යා ධර්මයක් ඇද්ද එයයි. එය ඔහු කෙරෙහි අනාර්‍ය්‍ය ධර්මයයි.
51
එකො පුබ්බෙ චරිත්වාන, මෙථුනං යො නිසෙවති;
යානං භන්තංව තං ලොකෙ, හීනමාහු පුථුජ්ජනං.
එකො පුබ්බෙ චරිත්වානාති. ද්වීහි කාරණෙහි එකො පුබ්බෙ චරිත්වාන - පබ්බජ්ජාසඞ්ඛාතෙන වා ගණාවවස්සග්ගට්ඨෙන වා. කථං පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො පුබ්බෙ චරිත්වාන? සබ්බං ඝරාවාසපලිබොධං ඡින්දිත්වා පුත්තදාරපලිබොධං ඡින්දිත්වා ඤාතිපලිබොධං ඡින්දිත්වා මිත්තාමච්චපලිබොධං ඡින්දිත්වා සන්නිධිපලිබොධං ඡින්දිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අකිඤ්චනභාවං උපගන්ත්වා එකො චරති විහරති ඉරියති වත්තති පාලෙති යපෙති යාපෙති. එවං පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො පුබ්බෙ චරිත්වාන.
කථං ගණාවවස්සග්ගට්ඨෙන එකො පුබ්බෙ චරිත්වාන? සො එවං පබ්බජිතො සමානො එකො අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවති අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහස්සෙය්‍යකානි පටිසල්ලානසාරුප්පානි. සො එකො ගච්ඡති, එකො තිට්ඨති, එකො නිසීදති, එකො සෙය්‍යං කප්පෙති, එකො ගාමං පිණ්ඩාය පවිසති, එකො පටික්කමති, එකො රහො නිසීදති, එකො චඞ්කමං අධිට්ඨාති, එකො චරති විහරති ඉරියති වත්තති පාලෙති යපෙති යාපෙති. එවං ගණාවවස්සග්ගට්ඨෙන එකො පුබ්බෙ චරිත්වාන.
මෙථුනං යො නිසෙවතීති. මෙථුනධම්මො නාම යො සො අසද්ධම්මො...පෙ.... තංකාරණා වුච්චති මෙථුනධම්මො. මෙථුනං යො නිසෙවතීති . යො අපරෙන සමයෙන බුද්ධං ධම්මං සඞ්ඝං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිත්වා මෙථුනං ධම්මං සෙවති නිසෙවති සංසෙවති පටිසෙවතීති - මෙථුනං යො නිසෙවති.
යානං භන්තංව තං ලොකෙති. යානන්ති හත්ථියානං අස්සයානං ගොයානං අජයානං මෙණ්ඩයානං ඔට්ඨයානං ඛරයානං භන්තං අදන්තං අකාරිතං අවිනීතං උප්පථං ගණ්හාති, විසමං ඛාණුම්පි පාසාණම්පි අභිරුහති, යානම්පි ආරොහනකම්පි භඤ්ජති, පපාතෙපි පපතති. යථා තං භන්තං යානං අදන්තං අකාරිතං අවිනීතං උප්පථං ගණ්හාති; එවමෙවං සො විබ්භන්තකො භන්තයානපටිභාගො උප්පථං ගණ්හාති, මිච්ඡාදිට්ඨිං ගණ්හාති...පෙ.... මිච්ඡාසමාධිං ගණ්හාති. යථා තං භන්තං යානං අදන්තං අකාරිතං අවිනීතං විසමං ඛාණුම්පි පාසාණම්පි අභිරුහති; එවමෙවං සො විබ්භන්තකො භන්තයානපටිභාගො විසමං කායකම්මං අභිරුහති, විසමං වචීකම්මං අභිරුහති, විසමං මනොකම්මං අභිරුහති, විසමං පාණාතිපාතං අභිරුහති, විසමං අදින්නාදානං අභිරුහති, විසමං කාමෙසුමිච්ඡාචාරං අභිරුහති, විසමං මුසාවාදං අභිරුහති, විසමං පිසුණවාචං අභිරුහති, විසමං ඵරුසවාචං අභිරුහති, විසමං සම්ඵප්පලාපං අභිරුහති , විසමං අභිජ්ඣං අභිරුහති, විසමං බ්‍යාපාදං අභිරුහති, විසමං මිච්ඡාදිට්ඨිං අභිරුහති, විසමෙ සඞ්ඛාරෙ අභිරුහති, විසමෙ පඤ්ච කාමගුණෙ අභිරුහති, විසමෙ නීවරණෙ අභිරුහති. යථා තං භන්තං යානං අදන්තං අකාරිතං අවිනීතං යානම්පි ආරොහනකම්පි භඤ්ජති; එවමෙවං සො විබ්භන්තකො භන්තයානපටිභාගො නිරයෙ අත්තානං භඤ්ජති , තිරච්ඡානයොනියං අත්තානං භඤ්ජති, පෙත්තිවිසයෙ අත්තානං භඤ්ජති, මනුස්සලොකෙ අත්තානං භඤ්ජති, දෙවලොකෙ අත්තානං භඤ්ජති. යථා තං භන්තං යානං අදන්තං අකාරිතං අවිනීතං පපාතෙ පපතති; එවමෙවං සො විබ්භන්තකො භන්තයානපටිභාගො ජාතිපපාතම්පි පපතති, ජරාපපාතම්පි පපතති, බ්‍යාධිපපාතම්පි පපතති, මරණපපාතම්පි පපතති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසපපාතම්පි පපතති. ලොකෙති අපායලොකෙ මනුස්සලොකෙති - යානං භන්තංව තං ලොකෙ.
හීනමාහු පුථුජ්ජනන්ති. පුථුජ්ජනාති කෙනට්ඨෙන පුථුජ්ජනා? පුථු කිලෙසෙ ජනෙන්තීති පුථුජ්ජනා, පුථු අවිහතසක්කායදිට්ඨිකාති පුථුජ්ජනා, පුථු සත්ථාරානං මුඛුල්ලොකිකාති පුථුජ්ජනා, පුථු සබ්බගතීහි අවුට්ඨිතාති පුථුජ්ජනා , පුථු නානාභිසඞ්ඛාරෙ (නානාභිසඞ්ඛාරෙහි (ස්‍යා.)) අභිසඞ්ඛරොන්තීති පුථුජ්ජනා, පුථු නානාඔඝෙහි වුය්හන්තීති පුථුජ්ජනා, පුථු නානාසන්තාපෙහි සන්තපන්තීති පුථුජ්ජනා, පුථු නානාපරිළාහෙහි පරිදය්හන්තීති පුථුජ්ජනා, පුථු පඤ්චසු කාමගුණෙසු රත්තා ගිද්ධා ගධිතා මුච්ඡිතා අජ්ඣොසන්නා (අජ්ඣොපන්නා (සී. ස්‍යා.)) ලග්ගා ලග්ගිතා පලිබුද්ධාති පුථුජ්ජනා, පුථු පඤ්චහි නීවරණෙහි ආවුතා නිවුතා ඔවුතා පිහිතා පටිච්ඡන්නා පටිකුජ්ජිතාති පුථුජ්ජනා. හීනමාහු පුථුජ්ජනන්ති. පුථුජ්ජනං හීනං නිහීනං ඔමකං ලාමකං ඡතුක්කං පරිත්තන්ති එවමාහංසු එවං කථෙන්ති එවං භණන්ති එවං දීපයන්ති එවං වොහරන්තීති - හීනමාහු පුථුජ්ජනං.
තෙනාහ භගවා -
‘‘එකො පුබ්බෙ චරිත්වාන, මෙථුනං යො නිසෙවති;
යානං භන්තංව තං ලොකෙ, හීනමාහු පුථුජ්ජන’’න්ති.
51
(7 - 3)
1 “එකෙක් පෙර හැසිර” යනු කරුණු දෙකකින් පෙර තනිව හැසිර පැවිදි වශයෙන් හෝ ගණයාගෙන් වෙන්වීම් වශයෙන් හෝ යනුයි පැවිදි වශයෙන් පෙර කෙසේ තනිව හැසිරද සියලු ගෘහවාස (ii) පළිබොධය සිඳ අඹුදරු පළිබොධය සිඳ ඥාති පළිබොධය සිඳ මිත්‍ර යහලු පළිබොධයන් සිඳ රැස් කිරීමේ පළිබොධයන් සිඳ දැලි රැවුල් කපා කසට වත් හැඳ ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි මහණව පළිබොධ රහිත බවට පැමිණ තනිව හැසිරෙයි. ඉරියව් පවත්වයි. යැපෙයි. මෙසේ පැවිදි වශයෙන් තනිව පෙර හැසිර යනුයි. කෙසේ ගණයාගෙන් වෙන්වීම් වශයෙන් තනිව හැසිරේද? හෙතෙම මෙසේ පැවිදිවූයේ (iii) තනිවූයේ වනයෙහි ඈත අල්ප ශබ්ද ඇති අල්ප ඝොෂාව ඇති මිනිසුන්ගෙන් වෙන්වූ මිනිසුන්ගේ රහස් කටයුතුවලට යොග්‍ය විවේකයට සුදුසුවූ සේනාසනයන් සේවනය කෙරේද, හෙතෙම තනිව යයි. තනිව සිටියි. තනිව නිදයි. තනිව ගමට පිඬු පිණිස හැසිරෙයි. තනිව ආපසු එයි. තනිව රහසිගතව හිඳගනියි. තනිව සක්මනට බැස ගනියි. තනිව හැසිරෙයි. ඉරියව් පවත්වයි. මෙසේ ගණයාගෙන් වෙන්ව හැසිරෙයි.
2 “යමෙක් මෛථුනය ඇසුරු කරයිද” මෛථුන ධර්මය නම් යම් ඒ අයහපත් ධර්මය (7-1) 1 (i) (ii) ඡේද යෙදිය යුතුයි) දෙදෙනෙකුගේ එක්වීම ඒ කාරණයෙන් මෛථුන ධර්මයයි කියත්. “යමෙක් මෛථුනය ඇසුරු කරයිද” යනු මෑත කාලයක බුදුන්, දහම්, සඟුන්, ශික්ෂාව අත්හැර පහත්බවට පැමිණ. මෛථූන ධර්මය සේවනය කෙරේද, යනුයි.
3 “ලෝකයෙහි ඔහු කැරකෙන යානයක් මෙන්” යන්නෙහි “යාන යනු හස්තියානය, අශ්වයානය, ගොයානය, එළුයානය, බැටලුයානය, ඔටුයානය, කොටලුයානය යනුයි “කැරකෙන” යනු නොදැමුන අකාරිතවූ අවිනීතවූ බිඳුන ඒ යානය වැරදි මාර්ගයක් ගනියි. විෂමවූ කනුවකට හෝ ගසකට හෝ නැග ගනියි. වාහයනද කඩයි. නැගෙන්නාටද තුවාල කරයි. ප්‍රපාතයෙහි හෝ වැටෙයි යම්සේ ඒ කැඩුන යානය නොදැමුන අකාරිතවූ අවිනීතවූ නපුරු මාර්ගයක් හෝ ගනීද එපරීද්දෙන්ම ඒ සිවුරුහළ පුද්ගලයා බිඳෙන යානයකට නැගුනාක් වැනි වැරදි මාර්ගයක් ගනියි. මිථ්‍යාදෘෂ්ටියක් ගනියි. මිථ්‍යාකල්පනාවක්, වචනයක් කර්මාන්තයක් දිවිපැවැත්මක් වෑයමක් සිහියත් මිථ්‍යා සමාධියක් ගනියි. ගම්සේ අදාන්තවූ අකාරිතවූ කැඩුන ඒ යානය විෂමවූ කනුවක හෝ ගලක හෝ නැග ගනීද එපරිද්දෙන්ම සිවුරුහළ පුද්ගලයා කැඩුන කැරකෙන යානයක් සමානව විෂමවූ කාය කර්මයට නැග ගනියි. විෂමවූ මනස්කර්මයට නැගගනියි. විෂමවූ ප්‍රාණ ඝාතයට නැග ගනියි. විෂමවූ අදින්නාදානයට නැග ගනියි. විෂමවූ කාම මිථ්‍යාචාරයට නැග ගනියි. විෂමවූ මුසාවාදයට නැග ගනියි. විෂමවූ පිසුණවාචාවට (කේලාම්කීමට) නැග ගනියි. විෂමවූ පරුෂ වචනයට නැග ගනියි. විෂමවූ සම්ඵප්‍රලාපයට නැග ගනියි. විෂමවූ දැඩිලෝභයට නැග ගනියි. විෂමවූ ව්‍යාපාදයට නැග ගනියි. විෂමවූ මිථ්‍යා දෘෂ්ටියට නැග ගනියි. විෂමවූ සංස්කාරයන්ට නැග ගනියි. විෂමවූ පඤ්චකාම ගුණයන්ට නැග ගනියි. විෂමවූ පඤ්චනීවරණයට නැග ගනියි. මෙසේ නොදැමුන හොඳට වැඩ නොකරණ නොහික්මුන කැඩුන ඒ යානය යානයද බිඳියි. නැගෙන්නාටද තුවාල කරයි. එපරිද්දෙන්ම කැඩුන යානයක් බඳු සිවුරු හළ පුද්ගලයා නිරයෙහි තෙමේ බිඳෙයි. තිරිසන් යෝනියෙහි තෙමේ බිඳෙයි. ප්‍රෙත විෂයෙහි තෙමේ බිඳෙයි. මිනිස්ලොව තෙමේ බිඳෙයි. දෙව්ලොව තෙමේ බිඳෙයි. යම්සේ නොදැමුන හොඳට වැඩ නොකරණ කැඩුන ඒ යානය ප්‍රපාතයහි හෝ වැටෙයි. එපරිද්දෙන්ම ඒ කැඩුන යානයක් බඳු සිවුරුහළ පුද්ගලයා ජාති ප්‍රපාතයටද වැටෙයි. ව්‍යාධි ප්‍රපාතයටද වැටෙයි. මරණ ප්‍රපාතයටද වැටෙයි, ශොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, උපායාස ප්‍රපාතයටද වැටෙයි, “ලොවෙහි” යනු අපාය ලෝකයෙහි, මනුෂ්‍ය ලෝකයෙහි යනුයි.
4 “පෘථග්ජනයා හීනයකැයි කියත්” යනු කවර අර්ථයකින් පෘථග්ජන නම් වේද, බොහෝ කෙලෙස් උපදවානුයි පෘථග්ජන නම් බොහෝ දුරු නොකළ ආත්ම දෘෂ්ටිය ඇති බැවින් පෘථග්ජන නමි. බොහෝ ශාස්තෘවරයන්ගේ මුහුණ බලන බැවින් පෘථග්ජන නමි. බොහෝ සියලු ගතිවලින් නොනැගිටි බැවින් පෘථග්ජනනමි. බොහෝ නානාභි සංස්කාරයන් රැස් කෙරේනුයි පෘථග්ජන නමි. බොහෝ නොයෙක් ඔඝයන්ගෙන් පාවේනුයි පෘථග්ජන නමි. බොහෝ නොයෙක් තැවීම් වලින් තැවේනුයි පෘථග්ජන නමි. බොහෝ නොයෙක් දැවිලි වලින් දැවේනුයි පෘථග්ජන නමි. බොහෝ නොයෙක් පඤ්චකාම ගුණයන් ගෙන් ඇලුනු ගිජුවූ එරීම ඇතිබැවින් පෘථග්ජන නමි. බොහෝ පඤ්චනීවරණයන්ගෙන් ඇවුරුන වැසුන බැවින් පෘථග්ජන නමි. හීනමාහු පුථුජ්ජනං යනු පෘථග්ජනයා හීනය නිහීනය ලාමකයයි මෙසේ කීහ. මෙසේ කියත්. ප්‍රකාශ කරත්.
52
යසො කිත්ති ච යා පුබ්බෙ, හායතෙ වාපි තස්ස සා;
එතම්පි දිස්වා සික්ඛෙථ, මෙථුනං විප්පහාතවෙ.
යසො කිත්ති ච යා පුබ්බෙ, හායතෙ වාපි තස්ස සාති. කතමො යසො? ඉධෙකච්චො පුබ්බෙ සමණභාවෙ සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං - අයං යසො. කතමා කිත්ති? ඉධෙකච්චො පුබ්බෙ සමණභාවෙ කිත්තිවණ්ණගතො හොති පණ්ඩිතො වියත්තො මෙධාවී බහුස්සුතො චිත්තකථී කල්‍යාණපටිභානො - සුත්තන්තිකොති වා විනයධරොති වා ධම්මකථිකොති වා ආරඤ්ඤිකොති වා පිණ්ඩපාතිකොති වා පංසුකූලිකොති වා තෙචීවරිකොති වා සපදානචාරිකොති වා ඛලුපච්ඡාභත්තිකොති වා නෙසජ්ජිකොති වා යථාසන්ථතිකොති වා පඨමස්ස ඣානස්ස ලාභීති වා දුතියස්ස ඣානස්ස ලාභීති වා තතියස්ස ඣානස්ස ලාභීති වා චතුත්ථස්ස ඣානස්ස ලාභීති වා ආකාසානඤ්චායතනසමාපත්තියා ලාභීති වා විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා ලාභීති වා ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා ලාභීති වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභීති වා, අයං කිත්තීති - යසො කිත්ති ච යා පුබ්බෙ.
හායතෙ වාපි තස්ස සාති. තස්ස අපරෙන සමයෙන බුද්ධං ධම්මං සඞ්ඝං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තස්ස සො ච යසො සා ච කිත්ති හායති පරිහායති පරිධංසති පරිපතති අන්තරධායති විප්පලුජ්ජතීති - යසො කිත්ති ච යා පුබ්බෙ හායතෙ වාපි තස්ස සා.
එතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙති. එතන්ති පුබ්බෙ සමණභාවෙ යසො කිත්ති ච, අපරභාගෙ බුද්ධං ධම්මං සඞ්ඝං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තස්ස අයසො ච අකිත්ති ච; එතං සම්පත්තිං විපත්තිං. දිස්වාති පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති - එතම්පි දිස්වා. සික්ඛෙථාති තිස්සො සික්ඛා - අධිසීලසික්ඛා, අධිචිත්තසික්ඛා, අධිපඤ්ඤාසික්ඛා. කතමා අධිසීලසික්ඛා? ඉධ භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. ඛුද්දකො සීලක්ඛන්ධො, මහන්තො සීලක්ඛන්ධො. සීලං පතිට්ඨා ආදි චරණං සංයමො සංවරො මුඛං පමුඛං කුසලානං ධම්මානං සමාපත්තියා - අයං අධිසීලසික්ඛා.
කතමා අධිචිත්තසික්ඛා? ඉධ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති...පෙ.... දුතියං ඣානං... තතියං ඣානං... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති - අයං අධිචිත්තසික්ඛා.
කතමා අධිපඤ්ඤාසික්ඛා? ඉධ භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති, ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධොති යථාභූතං පජානාති , අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති - අයං අධිපඤ්ඤාසික්ඛා. මෙථුනධම්මො නාම යො සො අසද්ධම්මො...පෙ.... තංකාරණා වුච්චති මෙථුනධම්මො.
එතම්පි දිස්වා සික්ඛෙථ, මෙථුනං විප්පහාතවෙති. මෙථුනධම්මස්ස පහානාය වූපසමාය පටිනිස්සග්ගාය පටිපස්සද්ධියා අධිසීලම්පි සික්ඛෙය්‍ය, අධිචිත්තම්පි සික්ඛෙය්‍ය, අධිපඤ්ඤම්පි සික්ඛෙය්‍ය. ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛෙය්‍ය, ජානන්තො සික්ඛෙය්‍ය, පස්සන්තො සික්ඛෙය්‍ය, පච්චවෙක්ඛන්තො සික්ඛෙය්‍ය, චිත්තං අධිට්ඨහන්තො සික්ඛෙය්‍ය, සද්ධාය අධිමුච්චන්තො සික්ඛෙය්‍ය, වීරියං පග්ගණ්හන්තො සික්ඛෙය්‍ය, සතිං උපට්ඨපෙන්තො සික්ඛෙය්‍ය, චිත්තං සමාදහන්තො සික්ඛෙය්‍ය, පඤ්ඤාය පජානන්තො සික්ඛෙය්‍ය, අභිඤ්ඤෙය්‍යං අභිජානන්තො සික්ඛෙය්‍ය, පරිඤ්ඤෙය්‍යං පරිජානන්තො සික්ඛෙය්‍ය, පහාතබ්බං පජහන්තො සික්ඛෙය්‍ය, භාවෙතබ්බං භාවෙන්තො සික්ඛෙය්‍ය, සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛෙය්‍ය ආචරෙය්‍ය සමාචරෙය්‍ය සමාදාය වත්තෙය්‍යාති - එතම්පි දිස්වා සික්ඛෙථ, මෙථුනං විප්පහාතවෙ.
තෙනාහ භගවා -
‘‘යසො කිත්ති ච යා පුබ්බෙ, හායතෙ වාපි තස්ස සා;
එතම්පි දිස්වා සික්ඛෙථ, මෙථුනං විප්පහාතවෙ’’ති.
52
(7 - 4)
1 “ඔහුට ඒ පෙරවූ යශස් කීර්තිද ගෙවීයයි” යන්නෙහි සම්පත කවරේද? මේ ලොව ඇතමෙක් පෙර ශ්‍රමණ භාවයෙහි (ii) සත්කාර කරණ ලද්දේවේද ගරුකාර කරණ ලද්දේවේද බහුමාන කරණ ලද්දේවේද සලකන ලද්දේවේද සිවුරු පිණ්ඩාහාර ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේවේද මේ සම්පතයි. (iii) කීර්තිය කවරේද? (iv) මේ ලොව ඇතමෙක් පණ්ඩිතද, ව්‍යක්තද නුවණැත්තේද බහුශ්‍රැතද විචිත්‍රකථිකද යහපත් වැටහීමක් තිබුනේද සූත්‍රාන්තිකයයි කියා හෝ විනය ධරයයි කියා හෝ ධර්ම කථිකයයි කියා හෝ “ආරඤ්ඤික” යයි කියා හෝ “පිණ්ඩපාතිකයයි” කියා හෝ “පංශුකූලික” යයි කියා හෝ “තෙචීවරික” යයි කියා හෝ “සපදාන චාරික” යයි කියා හෝ “ඛලුපච්ඡාභත්තික” යයි කියා හෝ “නෙසජ්ජිකයයි” කියා හෝ “යථාසන්තතිකයයි” ප්‍රථමධ්‍යානය ලැබුයේයයි කියා හෝ ද්විතීයධ්‍යානය ලැබුයේ යයි කියා හෝ ආකාසානඤ්චායතන සමාපත්තිය ලැබුයේය කියා හෝ විඤ්ඤානඤ්චායතන සමාපත්තිය ලැබුයේය කියා හෝ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ලැබුයේය කියා හෝ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ලැබුයේය කියා හෝ යනුයි. මේ කීර්තියයි. “ඔහුට එය ගෙවීයයි.” යනු බුදුන්, දහම්, සඟුන්, ශික්ෂාව අත්හැර ගිහිවූ ඔහුගේ ඒ සම්පතද ඒ කීර්තියද පිරිහෙයි දුරුවෙයි. ඇදවැටෙයි අතුරුදහන් වෙයි. බිඳීයයි.
2 “මෙයද දැක මෛථුනය නැතිකිරීමට හික්මෙන්නේය” යන්නෙහි, මෙයද යනු පෙර (ii) ශ්‍රමණ භාවයෙහි සම්පතද කීර්තියද මෑත භාගයෙහි බුදුන්, දහම්, සඟුන්, ශික්ෂාව දුරුකොට ගිහිවූවහුගේ අයසද අපකීර්තියද යන මේ සම්පතද විපතද “දැක යනු දැක සමකොට තීරණයකොට, ප්‍රකාශ කොට ප්‍රකටකොට බලා, හික්මෙන්නේයයි” යනු ශික්ෂා තුනකි. (iii) අධිශීල, අධිචිත්ත, අධිපඤ්ඤායනුයි.” අධිශීල ශික්ෂාව කවරේද? මේ ශාසනයෙහි මහණ තෙම සිල් ඇත්තේ වේද, ප්‍රාතිමොක්ෂ සංවරයෙන් හික්මුනේ වේද, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ ස්වල්පවූ වරදෙහි පවා භය දකිමින් වාසය කරන්නේ ශික්ෂාපදයන් සමාදන්ව හික්මේද, කුඩා ශීලස්කන්ධය, මහත් ශීලස්කන්ධය සිල් පිහිටීම මුල් හැසිරීම, සංයමය කුශල ධර්මයන්ගේ ඇතිවීමෙන් ඇතිවන සංවරය යනුයි. මේ අධිශීල ශික්ෂාවයි (iv) අධිචිත්ත ශික්ෂාව කවරේද? (v) මේ ශාසනයෙහි මහණතෙම ((2-4) 1 (iii) සිට ඡේදය යොදාගත යුතුයි) අධිපඤ්ඤා ශික්ෂාව කවරේද? (v) මේ ශාසනයෙහි මහණ වැඩීම් ඇතිකරවන ප්‍රඥාවෙන් යුක්ත වේද මනාකොට දුක් කෙළවර කරන්නාවූ උතුම් ප්‍රඥාවෙන් යුක්ත වේද, හෙතෙම මේ දුකයයි මනාසේ දනීද, මේ දුක් ඇති වීමේ හේතුවයයි මනාසේ දනීද, මේ දුක්ඛ නිරෝධයයි මනාසේ දනීද, මේ දුක් නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවයයි මනාසේ දනීද මේ ආශ්‍රවයෝයයි මනාසේ දනීද, මේ ආශ්‍රව ඇතිවීමේ හේතුවයයි මනාසේ දනීද, මේ ආශ්‍රවනිරෝධයයි මනාසේ දනීද මේ ආශ්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාවයයි මනාසේ දනීද, මේ අධිප්‍රඥා ශික්ෂාවයි. මෛථුන ධර්මය නම් යම් ඒ අයහපත් ධර්මයක් ග්‍රාම ධර්මයක් වසල ධර්මයක් නරක ධර්මයක් රහස් දෙයක් දෙදෙනෙකුගේ එකතුවීමක් ඇද්ද. ඒ කාරණයෙන් මෙථූන ධර්මයයි කියයි. මෙයද දැක මෛථුනය දුරුකිරීමෙහි යෙදෙව්. මෛථුන ධර්මය දුරුකිරීම පිණිස සංසිඳවීම පිණිස බැහැර කිරීම පිණිස අධිශීලයෙහිද හික්මෙන්නේය. අධි චිත්තයෙහිද හික්මෙන්නේය. අධිප්‍රඥාවෙහිද හික්මෙන්නේය. යම් හික්මීම් තුන ආවර්ජනා කරන්නේ හික්මෙන්නේය. සිත පිහිටුවන්නේ හික්මෙන්නේය. දැන ගන්නේ හික්මෙන්නේය බලන්නේ හික්මෙන්නේය. ප්‍රත්‍යවෙක්ෂා කරන්නේ හික්මෙන්නේය. ස්ථිරසේ පිහිටුවමින් හික්මෙන්නේය. වීර්‍ය්‍යය දැඩිසේ ගන්නේ හික්මෙන්නේය. සිහිය යොදන්නේ හික්මෙන්නේය. සිත එකඟ කරන්නේ හික්මෙන්නේය ශ්‍රද්ධාව යොදන්නේ හික්මෙන්නේය. වීර්‍ය්‍යය දැඩිකොට ගන්නේ හික්මෙන්නේය. නුවණින් දැන ගන්නේ හික්මෙන්නේය. දැනගත යුත්ත දැනගන්නේ හික්මෙන්නේය. විශේෂයෙන් දැනගත යුත්ත දැන ගන්නේ හික්මෙන්නේය. බැහැර කටයුත්ත බැහැර කරන්නේ හික්මෙන්නේය. වැඩිය යුත්ත වඩන්නේ හික්මෙන්නේය. ප්‍රත්‍යක්ෂ කළ යුත්ත ප්‍රත්‍යක්ෂ කරන්නේ හික්මෙන්නේය. හැසිරෙන්නේය. මනාකොට හැසිරෙන්නේය. සමාදන්ව සිටින්නේය, යනුයි.
53
සඞ්කප්පෙහි පරෙතො සො, කපණො විය ඣායති;
සුත්වා පරෙසං නිග්ඝොසං, මඞ්කු හොති තථාවිධො.
සඞ්කප්පෙහි පරෙතො සො, කපණො විය ඣායතීති. කාමසඞ්කප්පෙන බ්‍යාපාදසඞ්කප්පෙන විහිංසාසඞ්කප්පෙන දිට්ඨිසඞ්කප්පෙන ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො පිහිතො කපණො විය මන්දො විය මොමූහො විය ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති (අවජ්ඣායති (ස්‍යා.)). යථා උලූකො රුක්ඛසාඛායං මූසිකං මගයමානො ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති, යථා කොත්ථු නදීතීරෙ මච්ඡෙ මගයමානො ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති, යථා බිළාරො සන්ධිසමලසඞ්කටිරෙ මූසිකං මගයමානො ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති, යථා ගද්‍රභො වහච්ඡින්නො සන්ධිසමලසඞ්කටිරෙ ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති; එවමෙවං සො විබ්භන්තකො කාමසඞ්කප්පෙන බ්‍යාපාදසඞ්කප්පෙන විහිංසාසඞ්කප්පෙන දිට්ඨිසඞ්කප්පෙන ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො පිහිතො කපණො විය මන්දො විය මොමූහො විය ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායතීති - සඞ්කප්පෙහි පරෙතො සො කපණො විය ඣායති.
සුත්වා පරෙසං නිග්ඝොසං, මඞ්කු හොති තථාවිධොති. පරෙසන්ති උපජ්ඣායා වා ආචරියා වා සමානුපජ්ඣායකා වා සමානාචරියකා වා මිත්තා වා සන්දිට්ඨා වා සම්භත්තා වා සහායා වා චොදෙන්ති - ‘‘තස්ස තෙ, ආවුසො, අලාභා, තස්ස තෙ දුල්ලද්ධං, යං ත්වං එවරූපං උළාරං සත්ථාරං ලභිත්වා එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිත්වා එවරූපං අරියගණං ලභිත්වා හීනස්ස මෙථුනධම්මස්ස කාරණා බුද්ධං ධම්මං සඞ්ඝං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තොසි. සද්ධාපි නාම තෙ නාහොසි කුසලෙසු ධම්මෙසු, හිරීපි නාම තෙ නාහොසි කුසලෙසු ධම්මෙසු, ඔත්තප්පම්පි නාම තෙ නාහොසි කුසලෙසු ධම්මෙසු, වීරියම්පි නාම තෙ නාහොසි කුසලෙසු ධම්මෙසු, සතිපි නාම තෙ නාහොසි කුසලෙසු ධම්මෙසු, පඤ්ඤාපි නාම තෙ නාහොසි කුසලෙසු ධම්මෙසූ’’ති. තෙසං වචනං බ්‍යප්පථං දෙසනං අනුසාසනං අනුසිට්ඨිං සුත්වා සුණිත්වා උග්ගහෙත්වා උපධාරයිත්වා උපලක්ඛයිත්වා මඞ්කු හොති, පීළිතො ඝට්ටිතො බ්‍යාධිතො දොමනස්සිතො හොති. තථාවිධොති තථාවිධො තාදිසො තස්සණ්ඨිතො තප්පකාරො තප්පටිභාගො. යො සො විබ්භන්තකොති - සුත්වා පරෙසං නිග්ඝොසං මඞ්කු හොති තථාවිධො.
තෙනාහ භගවා -
‘‘සඞ්කප්පෙහි පරෙතො සො, කපණො විය ඣායති;
සුත්වා පරෙසං නිග්ඝොසං, මඞ්කු හොති තථාවිධො’’ති.
53
(7 - 5)
1 “සංකල්පනාවලින් යුක්තවූ හෙතෙම මුළාවූවකුමෙන් සිත සිතා සිටියි.” යන්නෙහි (ii) කාම සංකල්පනාවෙන්, ව්‍යාපාද සංකල්පනාවෙන්, විහිංසා සංකල්පනාවෙන්, දෘෂ්ටි සංකල්පනාවෙන් ස්පර්ශ කරණලද්දේ යුක්තවූයේ වැසුයේ යනුයි. මෝඩයකු මෙන් මුලාවූවකු මෙන් දැවෙයි. කල්පනාකරයි. යම්සේ බකමුහුණා ගසේ අත්තක මීයකු සොයමින් කල්පනා කරයිද දැවේද යම්සේ කොකා ගංතෙර මසෙකු සොයමින් කල්පනා කරයිද දැවේද යම්සේ බළලා මංසන්ධියක කුණු ගොඩක මීයකු සොයමින් කල්පනා කරයිද, දැවේද, යම්සේ කොටලුවා බර මුදා හැරියේ මංසන්ධියක කුණු ගොඩක ලැග කල්පනා කෙරේද දැවේද එපරිද්දෙන්ම ඒ සිවුරු හළ තැනැත්තේ කාම සංකල්පනාවෙන් ව්‍යාපාද සංකල්පනාවෙන් විහිංසා සංකල්පනාවෙන් දෘෂ්ටි සංකල්පනාවෙන් ස්පර්ශ කරණලද්දේ මෝඩයකු මෙන් මුලාවූවකු මෙන් කල්පනා කරයි. දැවෙයි.
2 “එබන්දා අනුන්ගේ චොදනා අසා දොම්නස් වූයේවේ. උපාධ්‍යායවරු හෝ ගුරුවරු හෝ සමාන උපාධ්‍යායවරු හෝ සමාන ආචාර්‍ය්‍යවරු හෝ මිත්‍රයෝ හෝ ආශ්‍රය කළ අය හෝ යහලුවෝ හෝ චෝදනා කරත්. ඇවැත්නි ඔබට අලාභයකි ඔබට නපුරු ලැබීමකි. යම් ඒ මෙබඳුවූ මහත්වූ ශාස්තෘවරයකු ලැබ මෙසේ මනාකොට ප්‍රකාශ කළ ශාසනයෙහි පැවිදිව මෙබඳු ආර්‍ය්‍ය ධනයක් ලැබ ඒ මෛථුන ධර්මය නිසා බුදුන් දහම් සඟුන් ශික්ෂාව අත්හැර සිවුරු හළෙහිද, කුශල ධර්මයන්හි ශ්‍රද්ධාවක් ඔබට නැතිවීද, ඔබට සිහිය නැති වීද, කුශල ධර්මයන්හි ලජ්ජාවක් ඔබට නැතිවීද කුශල ධර්මයන්හි භයක් ඔබට නැතිවීද, කුශල ධර්මයන්හි වීර්‍ය්‍යයක් ඔබට නැතිවීද කුශල ධර්මයන්හි සිහියක් ඔබට නැතිවීද කුශල ධර්මයන්හි ප්‍රඥාවක් ඔබට නැතිවීද යනුවෙනි. ඔවුන්ගේ වචනය දෙශනය අනුශාසනය අසා උගෙණ සිහි කොට සලකා බලා “දොම්නස් වේ” යනු පීඩාවට පැමිණියේ ගැටුනේ රෝග ඇත්තෙක්වූයේ දොම්නස්වූයේ නැසුනේ වෙයි. තථා විධො යනු එබඳුවූ එසේ සිටියාවූ එවැනි ප්‍රකාර ඇති යම් ඒ සිවුරු හළ කෙනෙක් යනුයි.
54
අථ සත්ථානි කුරුතෙ, පරවාදෙහි චොදිතො;
එස ඛ්වස්ස මහාගෙධො, මොසවජ්ජං පගාහති (සංගාහති (ක.)) .
අථ සත්ථානි කුරුතෙ, පරවාදෙහි චොදිතොති. අථාති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරී අක්ඛරසමවායො බ්‍යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාපෙතං - අථාති. සත්ථානීති තීණි සත්ථානි - කායසත්ථං, වචීසත්ථං, මනොසත්ථං. තිවිධං කායදුච්චරිතං කායසත්ථං, චතුබ්බිධං වචීදුච්චරිතං වචීසත්ථං, තිවිධං මනොදුච්චරිතං මනොසත්ථං. පරවාදෙහි චොදිතොති. උපජ්ඣායෙහි වා ආචරියෙහි වා සමානුපජ්ඣායකෙහි වා සමානාචරියකෙහි වා මිත්තෙහි වා සන්දිට්ඨෙහි වා සම්භත්තෙහි වා සහායෙහි වා චොදිතො සම්පජානමුසා භාසති. ‘‘අභිරතො අහං, භන්තෙ, අහොසිං පබ්බජ්ජාය. මාතා මෙ පොසෙතබ්බා, තෙනම්හි විබ්භන්තො’’ති භණති . ‘‘පිතා මෙ පොසෙතබ්බො , තෙනම්හි විබ්භන්තො’’ති භණති. ‘‘භාතා මෙ පොසෙතබ්බො... භගිනී මෙ පොසෙතබ්බා... පුත්තො මෙ පොසෙතබ්බො... ධීතා මෙ පොසෙතබ්බා... මිත්තා මෙ පොසෙතබ්බා... අමච්චා මෙ පොසෙතබ්බා... ඤාතකා මෙ පොසෙතබ්බා... සාලොහිතා මෙ පොසෙතබ්බා, තෙනම්හි විබ්භන්තො’’ති භණති. වචීසත්ථං කරොති සඞ්කරොති ජනෙති සඤ්ජනෙති නිබ්බත්තෙති අභිනිබ්බත්තෙතීති - අථ සත්ථානි කුරුතෙ, පරවාදෙහි චොදිතො.
එස ඛ්වස්ස මහාගෙධොති. එසො තස්ස මහාගෙධො මහාවනං මහාගහනං මහාකන්තාරො මහාවිසමො මහාකුටිලො මහාපඞ්කො මහාපලිපො මහාපලිබොධො මහාබන්ධනං, යදිදං සම්පජානමුසාවාදොති - එස ඛ්වස්ස මහාගෙධො.
මොසවජ්ජං පගාහතීති. මොසවජ්ජං වුච්චති මුසාවාදො. ඉධෙකච්චො සභග්ගතො වා පරිසග්ගතො වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො - ‘‘එහම්භො පුරිස, යං ජානාසි තං වදෙහී’’ති, සො අජානං වා ආහ - ‘‘ජානාමී’’ති, ‘‘ජානං’’ වා ආහ - ‘‘න ජානාමී’’ති, අපස්සං වා ආහ - ‘‘පස්සාමී’’ති, පස්සං වා ආහ - ‘‘න පස්සාමී’’ති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා සම්පජානමුසා භාසති - ඉදං වුච්චති මොසවජ්ජං.
අපි ච තීහාකාරෙහි මුසාවාදො හොති. පුබ්බෙවස්ස හොති - ‘‘මුසා භණිස්ස’’න්ති, භණන්තස්ස හොති - ‘‘මුසා භණාමී’’ති, භණිතස්ස හොති - ‘‘මුසා මයා භණිත’’න්ති. ඉමෙහි තීහාකාරෙහි මුසාවාදො හොති. අපි ච චතූහාකාරෙහි මුසාවාදො හොති. පුබ්බෙවස්ස හොති - ‘‘මුසා භණිස්ස’’න්ති, භණන්තස්ස හොති - ‘‘මුසා භණාමී’’ති, භණිතස්ස හොති - ‘‘මුසා මයා භණිත’’න්ති, විනිධාය දිට්ඨිං. ඉමෙහි චතූහාකාරෙහි මුසාවාදො හොති. අපි ච පඤ්චහාකාරෙහි... ඡහාකාරෙහි... සත්තහාකාරෙහි... අට්ඨහාකාරෙහි මුසාවාදො හොති. පුබ්බෙවස්ස හොති - ‘‘මුසා භණිස්ස’’න්ති, භණන්තස්ස හොති - ‘‘මුසා භණාමී’’ති, භණිතස්ස හොති - ‘‘මුසා මයා භණිත’’න්ති, විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය සඤ්ඤං, විනිධාය භාවං. ඉමෙහි අට්ඨහාකාරෙහි මුසාවාදො හොති. මොසවජ්ජං පගාහතීති. මොසවජ්ජං පගාහති ඔගාහති අජ්ඣොගාහති පවිසතීති - මොසවජ්ජං පගාහති.
තෙනාහ භගවා -
‘‘අථ සත්ථානි කුරුතෙ, පරවාදෙහි චොදිතො;
එස ඛ්වස්ස මහාගෙධො, මොසවජ්ජං පගාහතී’’ති.
54
(7 - 6)
1 “අනුන් කතාවලින් මෙහෙයවන ලද්දේ වනාහි ආයුධ යොදයි.” යන තැන්හි “වනාහි” යනු පද පූරණය පිණිස සුඛොච්චාරණය පිණිස යෙදූවකි. “ආයුධ” යනු ආයුධ තුනක් වෙති. කාය ශස්ත්‍රය, වාග් ශස්ත්‍රය, මනස් ශස්ත්‍රය යනුයි. ත්‍රිවිධවූ කාය දුශ්චරිතය කාය ශස්ත්‍රය නමි. ත්‍රිවිධවූ වාග් දුශ්චරිතය වාග් ශස්ත්‍රය නමි. ත්‍රිවිධවූ මනස් දුශ්චරිතය මනස් ශස්ත්‍රය නමි. “අනුන්ගේ කතාවලින් මෙහෙයවන ලද්දේ” යනු උපාධ්‍යායන් විසින් හෝ ආචාර්‍ය්‍යවරයන් විසින් හෝ සමාන උපාධ්‍යායන් විසින් හෝ ආශ්‍රය කළ අය විසින් හෝ යහලුවන් විසින් හෝ චෝදනා කරණලද්දේ දැන දැන බොරු කියයි. ස්වාමීනි, මම පැවිද්දට ඇළුනෙ වෙමි. මවිසින් මව පොෂණය කටයුතුය. එහෙයින් සිවුරු හළෙමියි කියයි. මවිසින් පියා පොෂණය කටයුතුය. එහෙයින් සිවුරු හළෙමි. මවිසින් සහෝදරයා පොෂණය කටයුතුය යයි කියයි. මවිසින් සහෝදරිය පොෂණය කටයුතු යයි කියයි. මවිසින් පුතා පොෂණය කටයුතුය. මවිසින් දුව පොෂණය කටයුතුය. මවිසින් මිත්‍රයෝ පොෂණය කටයුතුය. මවිසින් යහලුවෝ පොෂණය කටයුතුය. මවිසින් නෑයෝ පොෂණය කටයුතුය. මවිසින් සහලේ නෑයෝ පොෂණය කටයුතුය. එහෙයින් සිවුරු හළේවීමියි කියයි. වචන නමැති ආයුධය ඉදිරිපත් කරයි.
2 “ඔහුගේ මේ මහා ගිජුකම වනාහි” යනු ඔහුගේ මේ මහා ගිජුකම මහා වනය මහා ගැන්ම, මහා කාන්තාරය මහා විෂමය මහා ඇකිලීම, මහා මඩ, මහා එරීම, මහා පළිබොධය යම් ඒ දැන දැන බොරු කීම යනුයි.
3 “බොරු කීම දුරු කරයි.” යන්නෙහි “බොරු කීම” යයි මුසාවාදයට කියයි. මේ ලොව ඇතැමෙක් (ii) සභාවක ගියේ හෝ පිරිසකට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ ගම් මැදට ගියේ හෝ රාජ කුලය මැදට ගියේ හෝ ඉදිරියට පැමිණ එම්බා පුරුෂය ‘මෙහි එව’ යමක් දන්නේ නම් එය කියවයි ශාක්ෂි අසනලද්දේ හෙතෙම නොදන්නා දෙය දනිමියි කියයි. නොදැකි දෙය දැකීමියි කියයි. දැකි දෙය නොදැකීමියි කියයි. මෙසේ තමා හේතුවෙන් හෝ අනුන් හේතුවෙන් හෝ ධන හේතුවෙන් හෝ ආමිෂ කිසිවක් නිසා හෝ දැන දැන බොරු කියයි. මෙය මුසාවාදයයි කියයි. නැවතද කරුණු තුනකින් මුසාවාදය වෙයි. පෙරම ඔහුට බොරු කියන්නෙමියි. අදහසක් වෙයි. කියන්නාවූ ඔහුට බොරු කියන්නෙමියි අදහස් වෙයි. කීකල්හි ඔහුට මවිසින් බොරු කියන ලද්දේයයි සිතෙයි. මේ තුන් ආකාරයෙන් මුසාවාදය වෙයි. නැවතද සතරාකාරයකින් මුසාවාදය වෙයි. (ii) පෙරම ඔහුට බොරු කියන්නෙමියි අදහස් වෙයි. කියද්දී ඔහුට බොරු කියන්නෙමියි අදහස් වෙයි. කීකල්හි ඔහුට මවිසින් බොරු කියනලද්දේ යයි සිතෙයි. දෘෂ්ටිය වැරදිසේ ගෙන යනුයි. මේ සතරාකාරයෙන් මුසාවාදය වෙයි. නැවතද පස් ආකාරයකින් මුසාවාදය වෙයි සයාකාරයකින් සත් ආකාරයකින් අටාකාරයකින් මුසාවාදය වෙයි. (මෙහි (ii) යෙදිය යුතුයි) (iii) දෘෂ්ටිය වැරදිසේ ගෙන කැමැත්ත වැරදිසේ ගෙන රුචිය වැරදිසේ ගෙන සංඥාව වැරදිසේ ගෙන ස්වභාවය වැරදිසේ ගෙන, මේ අටාකාරයෙන් මුසාවාදය වෙයි මුසාවාදය ගනියි, මුසාවාදය දැඩිසේ ගනියි. මුසාවාදයට බැස ගනියි. ප්‍රවිෂ්ට වෙයි.
55
පණ්ඩිතොති සමඤ්ඤාතො, එකච්චරියං (එකචරියං (සී. ස්‍යා.)) අධිට්ඨිතො;
ස චාපි මෙථුනෙ යුත්තො, මන්දොව පරිකිස්සති.
පණ්ඩිතොති සමඤ්ඤාතොති. ඉධෙකච්චො පුබ්බෙ සමණභාවෙ කිත්ති වණ්ණගතො හොති - ‘‘පණ්ඩිතො වියත්තො මෙධාවී බහුස්සුතො චිත්තකථී කල්‍යාණපටිභානො සුත්තන්තිකොති වා විනයධරොති වා ධම්මකථිකොති වා...පෙ.... නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභී’’ති වා . එවං ඤාතො හොති පඤ්ඤාතො සමඤ්ඤාතො හොතීති - පණ්ඩිතොති සමඤ්ඤාතො.
එකච්චරියං අධිට්ඨිතොති. ද්වීහි කාරණෙහි එකච්චරියං අධිට්ඨිතො - පබ්බජ්ජාසඞ්ඛාතෙන වා ගණාවවස්සග්ගට්ඨෙන වා. කථං පබ්බජ්ජාසඞ්ඛාතෙන එකච්චරියං අධිට්ඨිතො? සබ්බං ඝරාවාසපලිබොධං ඡින්දිත්වා...පෙ.... එවං පබ්බජ්ජාසඞ්ඛාතෙන එකච්චරියං අධිට්ඨිතො. කථං ගණාවවස්සග්ගට්ඨෙන එකච්චරියං අධිට්ඨිතො? සො එවං පබ්බජිතො සමානො එකො අරඤ්ඤවනපත්ථානි පන්තානි...පෙ.... එවං ගණාවවස්සග්ගට්ඨෙන එකච්චරියං අධිට්ඨිතොති - එකච්චරියං අධිට්ඨිතො.
ස චාපි මෙථුනෙ යුත්තොති. මෙථුනධම්මො නාම යො සො අසද්ධම්මො ගාමධම්මො...පෙ.... තංකාරණා වුච්චති මෙථුනධම්මො. ස චාපි මෙථුනෙ යුත්තොති. සො අපරෙන සමයෙන බුද්ධං ධම්මං සඞ්ඝං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිත්වා මෙථුනධම්මෙ යුත්තො (යුත්තො සංයුත්තො (සී.)) පයුත්තො ආයුත්තො සමායුත්තොති - ස චාපි මෙථුනෙ යුත්තො.
මන්දොව පරිකිස්සතීති. කපණො විය මන්දො විය මොමූහො විය කිස්සති පරිකිස්සති පරිකිලිස්සති. පාණම්පි හනති, අදින්නම්පි ආදියති, සන්ධිම්පි ඡින්දති, නිල්ලොපම්පි හරති, එකාගාරිකම්පි කරොති, පරිපන්ථෙපි තිට්ඨති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති. එවම්පි කිස්සති පරිකිස්සති පරිකිලිස්සති. තමෙනං රාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්ති - කසාහිපි තාළෙන්ති, වෙත්තෙහිපි තාළෙන්ති, අද්ධදණ්ඩකෙහිපි තාළෙන්ති, හත්ථම්පි ඡින්දන්ති, පාදම්පි ඡින්දන්ති, හත්ථපාදම්පි ඡින්දන්ති, කණ්ණම්පි ඡින්දන්ති, නාසම්පි ඡින්දන්ති , කණ්ණනාසම්පි ඡින්දන්ති, බිලඞ්ගථාලිකම්පි කරොන්ති, සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්ති, රාහුමුඛම්පි කරොන්ති, ජොතිමාලිකම්පි කරොන්ති, හත්ථපජ්ජොතිකම්පි කරොන්ති, එරකවත්තිකම්පි කරොන්ති, චිරකවාසිකම්පි කරොන්ති, එණෙය්‍යකම්පි කරොන්ති, බළිසමංසිකම්පි කරොන්ති, කහාපණිකම්පි කරොන්ති, ඛාරාපතච්ඡිකම්පි (ඛාරාපටිච්ඡකම්පි (ක.)) කරොන්ති, පලිඝපරිවත්තිකම්පි කරොන්ති, පලාලපීඨකම්පි කරොන්ති, තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්ති, සුනඛෙහිපි ඛාදාපෙන්ති, ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්ති, අසිනාපි සීසං ඡින්දන්ති. එවම්පි කිස්සති පරිකිස්සති පරිකිලිස්සති.
අථ වා කාමතණ්හාය අභිභූතො පරියාදින්නචිත්තො භොගෙ පරියෙසන්තො නාවාය මහාසමුද්දං පක්ඛන්දති, සීතස්ස පුරක්ඛතො උණ්හස්ස පුරක්ඛතො ඩංසමකසවාතාතපසරීසපසම්ඵස්සෙහි පීළියමානො ඛුප්පිපාසාය මිය්‍යමානො තිගුම්බං ගච්ඡති, තක්කොලං ගච්ඡති, තක්කසීලං ගච්ඡති, කාලමුඛං ගච්ඡති, පුරපූරං ගච්ඡති, වෙසුඞ්ගං ගච්ඡති, වෙරාපථං ගච්ඡති, ජවං ගච්ඡති, තාමලිං (කමලිං (ස්‍යා.), තංමලිං (ක.)) ගච්ඡති, වඞ්ගං ගච්ඡති, එළබන්ධනං ගච්ඡති, සුවණ්ණකූටං ගච්ඡති, සුවණ්ණභූමිං ගච්ඡති, තම්බපාණිං ගච්ඡති, සුප්පාදකං ගච්ඡති, භාරුකච්ඡං ගච්ඡති, සුරට්ඨං ගච්ඡති, භඞ්ගලොකං ගච්ඡති, භඞ්ගණං ගච්ඡති, සරමතං ගණං ගච්ඡති, යොනං ගච්ඡති , පරමයොනං (පීනං (ස්‍යා.)) ගච්ඡති, විනකං (නවකං (සී.)) ගච්ඡති, මූලපදං ගච්ඡති, මරුකන්තාරං ගච්ඡති, ජණ්ණුපථං ගච්ඡති, අජපථං ගච්ඡති, මෙණ්ඩපථං ගච්ඡති, සඞ්කුපථං ගච්ඡති, ඡත්තපථං ගච්ඡති, වංසපථං ගච්ඡති, සකුණපථං ගච්ඡති, මූසිකපථං ගච්ඡති, දරිපථං ගච්ඡති, වෙත්තාචාරං ගච්ඡති. එවම්පි කිස්සති පරිකිස්සති පරිකිලිස්සති.
ගවෙසන්තො න වින්දති, අලාභමූලකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එවම්පි කිස්සති පරිකිස්සති පරිකිලිස්සති.
ගවෙසන්තො වින්දති, ලද්ධාපි ආරක්ඛමූලකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති - ‘‘කින්ති මෙ භොගෙ නෙව රාජානො හරෙය්‍යුං, න චොරා හරෙය්‍යුං, න අග්ගී දහෙය්‍යුං, න උදකං වහෙය්‍ය, න අපියා දායාදා හරෙය්‍යු’’න්ති. තස්ස එවං ආරක්ඛතො ගොපයතො තෙ භොගා විප්පලුජ්ජන්ති. සො විප්පයොගමූලකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එවම්පි කිස්සති පරිකිස්සති පරිකිලිස්සතීති - ස චාපි මෙථුනෙ යුත්තො, මන්දොව පරිකිස්සති.
තෙනාහ භගවා -
‘‘පණ්ඩිතොති සමඤ්ඤාතො, එකච්චරියං අධිට්ඨිතො;
ස චාපි මෙථුනෙ යුත්තො, මන්දොව පරිකිස්සතී’’ති.
55
(7 - 7)
1 “පණ්ඩිතය කියා දන්නා ලද්දේ” යන්නෙහි මේ ලොව ඇතැම් කෙනෙක් පෙර ශ්‍රමණ භාවයෙහිදී (මෙහි (7-4) (ii) ඡේදය යෙදිය යුතුයි) එක හැසිරීමෙහි යෙදුණේ’ යනු කරුණු දෙකකින් තනිව හැසිරීම අධිෂ්ඨාන කොට ඇත්තේ එනම් පැවිද්ද වශයෙන් හෝ ගණයාගෙන් වෙන්වීම් වශයෙන් හෝ යනුයි. කෙසේ පැවිද්ද වශයෙන් තනිව හැසිරීම ඉටාගත්තේද කළේද? සියලු ගෘහවාස පලිබොධය සිඳ (7-3) 1 (ii) ඡේදය යෙදිය යුතුයි) මෙසේ පැවිද්ද වශයෙන් තනිව හැසිරීම ඉටාගත්තේය. කෙසේ ගණයාගෙන් වෙන්වීම් වශයෙන් තනිව හැසිරීම ඉටාගත්තේද, මෙසේ හෙතෙම (iii) පැවිදිවූයේ තනිව ආරණ්‍යයෙහි මහාවනයෙහි (7-3) 1 (iii) ඡේදය යෙදිය යුතුය) මෙසේ’ ගණයාගෙන් වෙන්ව තනිව හැසිරීම ඉටාගත්තේය.
2 “හෙතෙමේද මෛථූනයෙහි යෙදුණේ” යන්නෙහි මෛථුන ධර්මය නම් යම් ඒ අයහපත් ධර්මය ග්‍රාම ධර්මය නීච ධර්මය රහස්දෙය දෙදෙනෙකුගේ එක්වීම යන ඒ කාරණයෙන් මෛථූන ධර්මය යයි කියත්. හෙතෙම මෑත කාලයක බුදුන් දහම් සඟුන් ශික්ෂාව අත්හැර පහත් බවට පැමිණ මෛථුන ධර්මයෙහි යෙදුනේ යනුයි. “මෝඩයෙකු මෙන් කෙලෙසෙයි.” යනු දිළින්දෙකුමෙන් මෝඩයෙකු මෙන් හීනබවට පැමිණේ. සතුන්ද මරයි, හොරකම්ද කරයි, ගෘහසන්ධිද බිඳියි, කොල්ලකෑමද කරයි. එක් ගෙයක් බිඳීමද කරයි, උවදුරෙහිද සිටියි. පරදාර කර්මයද කරයි, බොරුද කියයි, මෙසේ කිළිටි වෙයි. ඒ මොහු රජවරු අල්ලා නොයෙක් කම්කටුළු කරවත්. කසවලින් තලවත්. වේවැල් වලින් තලවත්. අඩක් පැලු දණ්ඩකින් තලවත්. අත කපයි පය කපයි අත්පා දෙකම කපයි. කණ නාසය හා කන්නාසා දෙකම කපයි. බිලංගථාලික නම් කර්මය කරත්. හිස සකක්සේ සුදුවනතුරු රළු දෙයකින් ඉලීමේ කර්මයවූ සංඛමුණ්ඩික කර්මය කරත්. කටෙහි උළක් ගසා තබන රාහු මුඛ නම් කර්මය කරත්. ජොතිමාලික නම් කර්මය කරත්. හත්ථපජ්ජෝතීක නම් කර්මය කරත්. එරකවත්තික නම් කර්මය කරත්. චීරකවාසික නම් කර්මය කරවත්. එණෙය්‍යකනම් කර්මය කරවත්. බලිසමංසික නම් කර්මය කරත්. කහාපණික නම් කර්මය කරත්. ඛාරාපතච්ඡික නම් කර්මය කරත්. පලිඝ පරිවත්තික නම් කර්මය කරත්. පිදුරුවලින් ඔතා පිලිස්සීම නමැති පලාලපිට්ඨික කර්මය කරත්. රත්වූ තෙල්වලින් ඉසිත්. බල්ලන් ලවා කවවත්. පණඇති කල්හිම උල හිඳුවත්. කඩුවෙන් හිස සිඳිත්. මෙසේද හීන බවට පැමිණේ. යලිදු කාම තෘෂ්ණාවෙන් මඩනාලද්දේ හාත්පසින් ගන්නාලද්දේ භොගයන් සොයන්නේ නැවෙන් මහසමුදුරට හෝ යයි. ශීතය හෝ පෙරටුකොට උෂ්ණය හෝ පෙරටුකොට ඩැහැලේ බොන මැස්සෝය, මදුරුවෝය. වා අව් හා සර්පාදීන්ගේ ස්පර්ශයෙන් පීඩිතවන්නේ බඩසයින් මැරෙනු ලබන්නේ තිගූම්බ නම් ප්‍රදෙශයට යයි, තක්කෝල නම් ප්‍රදෙශයට යයි, තක්සලා නම් ප්‍රදෙශයටයයි. කාලමුඛ නම් ප්‍රදෙශයටයයි, පරම්මුඛනම් ප්‍රදෙශයට යයි. වෙසුංග නම් ප්‍රදෙශයට යයි. වෙරාපථ, ජව, තාමලී, වංග, විලවන, සුවණ්ණකූට, සුවණ්ණභූමි, තම්බපණ්ණි, සුප්පාරක, භාරුකච්ඡ, සූරට්ඨ, සංගලොක, සකුණපථ, සංගන, පදපතංග, යොනපරම, යොන, නවක, මූලපද, මරුකන්තාර, ජණ්ණුපථ, අප්පථ, මෙණ්ඩපථ, සංකුපථ, ඡත්තපථ, වංශපථ, මූසිකපථ, දරීපථ, වෙත්තාචාර යන ප්‍රදෙශ වලටද යයි.
මෙසේද දුකට පැමිණේ. ධනය සොයන්නේ නොලැබෙයි, ලැබුනේද ආරක්ෂා කිරීම පිණිස දුකක් දොම්නසක් විඳියි. කෙසේද කෙසේනම් මාගේ භොගයෝ රජවරු නොගනිත්ද, සොරු නොගනිත්ද, ගින්නට හෝ අසු නොවෙත්ද, වතුරට ගසා නොයත්ද, ප්‍රිය නොවූ දූ දරු ආදිහු දායාද වශයෙන් ගනිත්ද මෙසේ ආරක්ෂා කරන්නාවූ රකින්නාවූ ඔහුගේ ඒ භොගයෝ විනාශ වෙත්ද. ඒ විනාශ හේතුවෙන් දුකක් දොම්නසක් විඳියි, මෙසේද දුකට පැමිණේ.
56
එතමාදීනවං ඤත්වා, මුනිං පුබ්බාපරෙ ඉධ;
එකච්චරියං දළ්හං කයිරා, න නිසෙවෙථ මෙථුනං.
එතමාදීනවං ඤත්වා, මුනි පුබ්බාපරෙ ඉධාති. එතන්ති පුබ්බෙ සමණභාවෙ යසො ච කිත්ති ච, අපරභාගෙ බුද්ධං ධම්මං සඞ්ඝං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තස්ස අයසො ච අකිත්ති ච; එතං සම්පත්තිං විපත්තිඤ්ච. ඤත්වාති ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා. මුනීති. මොනං වුච්චති ඤාණං. යා පඤ්ඤා පජානනා...පෙ.... සඞ්ගජාලමතිච්ච සො මුනි. ඉධාති ඉමිස්සා දිට්ඨියා ඉමිස්සා ඛන්තියා ඉමිස්සා රුචියා ඉමස්මිං ආදායෙ ඉමස්මිං ධම්මෙ ඉමස්මිං විනයෙ ඉමස්මිං ධම්මවිනයෙ ඉමස්මිං පාවචනෙ ඉමස්මිං බ්‍රහ්මචරියෙ ඉමස්මිං සත්ථුසාසනෙ ඉමස්මිං අත්තභාවෙ ඉමස්මිං මනුස්සලොකෙති - එතමාදීනවං ඤත්වා මුනි පුබ්බාපරෙ ඉධ.
එකච්චරියං දළ්හං කයිරාති. ද්වීහි කාරණෙහි එකච්චරියං දළහං කරෙය්‍ය - පබ්බජ්ජාසඞ්ඛාතෙන වා ගණාවවස්සග්ගට්ඨෙන වා. කථං පබ්බජ්ජාසඞ්ඛාතෙන එකච්චරියං දළ්හං කරෙය්‍ය? සබ්බං ඝරාවාසපලිබොධං ඡින්දිත්වා පුත්තදාරපලිබොධං ඡින්දිත්වා ඤාතිපලිබොධං ඡින්දිත්වා මිත්තාමච්චපලිබොධං ඡින්දිත්වා සන්නිධිපලිබොධං ඡින්දිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අකිඤ්චනභාවං උපගන්ත්වා එකො චරෙය්‍ය විහරෙය්‍ය ඉරියෙය්‍ය වත්තෙය්‍ය පාලෙය්‍ය යපෙය්‍ය යාපෙය්‍ය. එවං පබ්බජ්ජාසඞ්ඛාතෙන එකච්චරියං දළ්හං කරෙය්‍ය.
කථං ගණාවවස්සග්ගට්ඨෙන එකච්චරියං දළ්හං කරෙය්‍ය? සො එවං පබ්බජිතො සමානො එකො අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවෙය්‍ය අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහස්සෙය්‍යකානි පටිසල්ලානසාරුප්පානි. සො එකො ගච්ඡෙය්‍ය, එකො තිට්ඨෙය්‍ය, එකො නිසීදෙය්‍ය, එකො සෙය්‍යං කප්පෙය්‍ය, එකො ගාමං පිණ්ඩාය පවිසෙය්‍ය, එකො පටික්කමෙය්‍ය, එකො රහො නිසීදෙය්‍ය, එකො චඞ්කමං අධිට්ඨෙය්‍ය, එකො චරෙය්‍ය විහරෙය්‍ය ඉරියෙය්‍ය වත්තෙය්‍ය පාලෙය්‍ය යපෙය්‍ය යාපෙය්‍ය. එවං ගණාවවස්සග්ගට්ඨෙන එකච්චරියං දළ්හං කරෙය්‍යාති - එකච්චරියං දළ්හං කරෙය්‍ය, ථිරං කරෙය්‍ය, දළ්හං සමාදානො අස්ස, අවට්ඨිතසමාදානො අස්ස කුසලෙසු ධම්මෙසූති - එකච්චරියං දළ්හං කයිරා.
න නිසෙවෙථ මෙථුනන්ති. මෙථුනධම්මො නාම යො සො අසද්ධම්මො ගාමධම්මො...පෙ.... තංකාරණා වුච්චති මෙථුනධම්මො. මෙථුනධම්මං න සෙවෙය්‍ය න නිසෙවෙය්‍ය න සංසෙවෙය්‍ය න පටිසෙවෙය්‍ය න චරෙය්‍ය න සමාචරෙය්‍ය න සමාදාය වත්තෙය්‍යාති - න නිසෙවෙථ මෙථුනං.
තෙනාහ භගවා -
‘‘එතමාදීනවං ඤත්වා, මුනි පුබ්බාපරෙ ඉධ;
එකච්චරියං දළ්හං කයිරා, න නිසෙවෙථ මෙථුන’’න්ති.
56
3 “මුනිතෙමේ පෙරත් පසුත් මෙහි මේ ආදීනවය දැන” යනු පෙර ශ්‍රමණ භාවයෙහි යශසද කීර්තියද මෑතකාලයෙහි බුදුන්, දහම්, සඟුන් ගික්ෂාව අත්හැර සිවුරුහළහුගේ අයශද අපකීර්තියද මේ සම්පත්තියද විපත්තියද දැන සමකොට බලා තීරණය කොට ප්‍රකට කොට යනුයි. මුනි යන්නෙහි මොනයයි ඥානයට කියයි. යම් ප්‍රඥාවක් දැනීමෙන් යුක්තද (මෙහි (2-4) 12 (ii) සිට 14 ඡේදය දක්වා යෙදිය යුතුයි) මෙහි යනු මේ දෘෂ්ටියෙහි මේ කැමැත්තෙහි මේ රුචියෙහි මේ ගැන්මෙහි මේ ධර්මයෙහි මේ විනයෙහි මේ පාවචනය නම් ධර්මයෙහි මේ ශාස්තෘ ශාසනයෙහි මේ බ්‍රහ්මචරියාවෙහි මේ ආත්මභාවයෙහි මේ මනුෂ්‍ය ලෝකයෙහි යනුයි.
4 “තනිව හැසිරීම තදින් කරන්නේය” යනු කරුණු දෙකකින් තනිව හැසිරීම දැඩිකොට ගන්නේය. සියලු ගෘහවාස පලිබොධය සිඳ අඹුදරු පලිබොධය සිඳ ඥාති පලිබොධය සිඳ මිත්‍ර පලිබොධය සිඳ යහලු පලිබොධය සිඳ දැලි රැවුල් කපා හැර කසටවත් හැඳ ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදිව කිසිවක ආශාවක් නැති බවට පැමිණ තනිව හැසිරෙන්නේය. වසන්නේය. මෙසේ පැවිදි වශයෙන් තනිව හැසිරෙන්නේය. වසන්නේය, යැපෙන්නේය. කෙසේ ගණයාගෙන් වෙන්වීම දැඩිව ගෙන හැසිරෙන්නේද, හෙතෙම මෙසේ (මෙහි (7-1) 1 (iii) ඡේදය යෙදිය යුතුයි) “මෛථුනය සේවනය නොකරන්නේය” යන්නෙහි මෛථුන ධර්මය නම් යම් ඒ අයහපත් ධර්මය ග්‍රාම ධර්මය (මෙහි (7-1) 1 (ii) යෙදිය යුතුයි) ඒ කාරණයෙන් මෛථුන ධර්මයයි කියනු ලැබේ. මෛථූන ධර්මය සේවනය නොකරන්නේය. මෛථුන ධර්මයෙහි නොහැසිරෙන්නේය.
57
විවෙකඤ්ඤෙව සික්ඛෙථ, එතං අරියානමුත්තමං;
න තෙන සෙට්ඨො මඤ්ඤෙථ, ස වෙ නිබ්බානසන්තිකෙ.
විවෙකඤ්ඤෙව සික්ඛෙථාති. විවෙකොති තයො විවෙකා - කායවිවෙකො, චිත්තවිවෙකො, උපධිවිවෙකො. කතමො කායවිවෙකො...පෙ.... අයං උපධිවිවෙකො. කායවිවෙකො ච විවෙකට්ඨකායානං නෙක්ඛම්මාභිරතානං. චිත්තවිවෙකො ච පරිසුද්ධචිත්තානං පරමවොදානප්පත්තානං. උපධිවිවෙකො ච නිරූපධීනං පුග්ගලානං විසඞ්ඛාරගතානං. සික්ඛාති තිස්සො සික්ඛා - අධිසීලසික්ඛා, අධිචිත්තසික්ඛා, අධිපඤ්ඤාසික්ඛා...පෙ.... අයං අධිපඤ්ඤාසික්ඛා. විවෙකඤ්ඤෙව සික්ඛෙථාති විවෙකඤ්ඤෙව සික්ඛෙය්‍ය ආචරෙය්‍ය සමාචරෙය්‍ය සමාදාය වත්තෙය්‍යාති - විවෙකඤ්ඤෙව සික්ඛෙථ.
එතං අරියානමුත්තමන්ති. අරියා වුච්චන්ති බුද්ධා ච බුද්ධසාවකා ච පච්චෙකබුද්ධා ච. අරියානං එතං අග්ගං සෙට්ඨං විසිට්ඨං පාමොක්ඛං උත්තමං පවරං යදිදං විවෙකචරියාති - එතං අරියානමුත්තමං.
න තෙන සෙට්ඨො මඤ්ඤෙථාති. කායවිවෙකචරියාය උන්නතිං න කරෙය්‍ය, උන්නමං න කරෙය්‍ය, මානං න කරෙය්‍ය, ථාමං න කරෙය්‍ය, ථම්භං න කරෙය්‍ය, න තෙන මානං ජනෙය්‍ය, න තෙන ථද්ධො අස්ස පත්ථද්ධො පග්ගහිතසිරොති - තෙන සෙට්ඨො න මඤ්ඤෙථ.
වෙ නිබ්බානසන්තිකෙති. සො නිබ්බානස්ස සන්තිකෙ සාමන්තා ආසන්නෙ අවිදූරෙ උපකට්ඨෙති - ස වෙ නිබ්බානසන්තිකෙ.
තෙනාහ භගවා -
‘‘විවෙකඤ්ඤෙව සික්ඛෙථ, එතං අරියානමුත්තමං;
න තෙන සෙට්ඨො මඤ්ඤෙථ, ස වෙ නිබ්බානසන්තිකෙ’’ති.
57
(7 - 9)
1 “විවේකයෙහිම හික්මෙන්නේය” යනු විවේකය නම් තුන් විවේකයෝයි. කාය විවේකය, චිත්ත විවේකය, උපධි විවේකය යනුයි. කාය විවේකය කවරේද? (මෙහි (1-4) 36 ඡේද ‘මේ ශාසනයෙහි යන තැන් සිට 38 ඡේදය අවසානය දක්වා යෙදිය යුතුයි) “ශික්ෂා” යනු හික්මීම් තුනකි අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා, අධිපඤ්ඤා ශික්ෂා යනුයි. (මෙහි (2-4) 1 (ii) සිට 2 ඡේදය අවසානය දක්වා යෙදිය යුතුයි)
2 “මෙය ආර්යයන්ගේ උත්තම දෙයයි” යන්නෙහි බුදුවරයෝද බුද්ධ ශ්‍රාවකයෝද පසේ බුදුවරයෝද ආර්‍ය්‍යයෝයයි කියත්. යම් ඒ විවේකව හැසිරීමක් ඇද්ද, එය ආර්‍ය්‍යයන් වහන්සේලාට අග්‍රය, ශ්‍රේෂ්ඨය, විශේෂයෙන් ශ්‍රේෂ්ඨය, ප්‍රමුඛය, උත්තමය යනුයි. “ශ්‍රේෂ්ඨතෙමේ ඒ කරණකොට නොසිතන්නේය. යනු කාය විවේකයෙහි හැසිරීම ගැන උනන්දුවක් නොකරන්නේය. මානය නොකරන්නේය. උත්සාහ නොකරන්නේය, දැඩිබවක් නොකරන්නේය. එයින් මානයක් නූපදවන්නේය. එයින් තද බවක් නොගන්නේය, යනුයි. “හෙතෙම එකාන්තයෙන් නිවන් හමුවෙහි වේ” යනු හෙතෙම නිර්වාණයාගේ සමීපයෙහි ලඟ ආසන්නයෙහි නුදුරෙහිමවේ යනුයි.
58
රිත්තස්ස මුනිනො චරතො, කාමෙසු අනපෙක්ඛිනො;
ඔඝතිණ්ණස්ස පිහයන්ති, කාමෙසු ගධිතා පජා.
රිත්තස්ස මුනිනො චරතොති. රිත්තස්ස විවිත්තස්ස පවිවිත්තස්ස , කායදුච්චරිතෙන රිත්තස්ස විවිත්තස්ස පවිවිත්තස්ස. වචීදුච්චරිතෙන...පෙ.... මනොදුච්චරිතෙන... රාගෙන... දොසෙන... මොහෙන... කොධෙන... උපනාහෙන... මක්ඛෙන... පළාසෙන... ඉස්සාය... මච්ඡරියෙන... මායාය... සාඨෙය්‍යෙන... ථම්භෙන... සාරම්භෙන... මානෙන... අතිමානෙන... මදෙන... පමාදෙන... සබ්බකිලෙසෙහි... සබ්බදුච්චරිතෙහි... සබ්බදරථෙහි... සබ්බපරිළාහෙහි... සබ්බසන්තාපෙහි... සබ්බාකුසලාභිසඞ්ඛාරෙහි රිත්තස්ස විවිත්තස්ස පවිවිත්තස්ස. මුනිනොති. මොනං වුච්චති ඤාණං...පෙ.... සඞ්ගජාලමතිච්ච සො මුනි. චරතොති චරතො විහරතො ඉරියතො වත්තතො පාලයතො යපයතො යාපයතොති - රිත්තස්ස මුනිනො චරතො.
කාමෙසු අනපෙක්ඛිනොති. කාමාති උද්දානතො ද්වෙ කාමා - වත්ථුකාමා ච කිලෙසකාමා ච...පෙ.... ඉමෙ වුච්චන්ති වත්ථුකාමා...පෙ.... ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. වත්ථුකාමෙ පරිජානිත්වා කිලෙසකාමෙ පහාය පජහිත්වා විනොදෙත්වා බ්‍යන්තිං කරිත්වා අනභාවං ගමෙත්වා කාමෙසු අනපෙක්ඛමානො චත්තකාමො වන්තකාමො මුත්තකාමො පහීනකාමො පටිනිස්සට්ඨකාමො, වීතරාගො චත්තරාගො වන්තරාගො මුත්තරාගො පහීනරාගො පටිනිස්සට්ඨරාගො නිච්ඡාතො නිබ්බුතො සීතිභූතො (සීතීභූතො (සී.)) සුඛප්පටිසංවෙදී බ්‍රහ්මභූතෙන අත්තනා විහරතීති - කාමෙසු අනපෙක්ඛිනො.
ඔඝතිණ්ණස්ස පිහයන්ති, කාමෙසු ගධිතා පජාති. පජාති සත්තාධිවචනං පජා කාමෙසු රත්තා ගිද්ධා ගධිතා මුච්ඡිතා අජ්ඣොසන්නා ලග්ගා ලග්ගිතා පලිබුද්ධා. තෙ කාමොඝං තිණ්ණස්ස භවොඝං තිණ්ණස්ස දිට්ඨොඝං තිණ්ණස්ස අවිජ්ජොඝං තිණ්ණස්ස සබ්බසඞ්ඛාරපථං තිණ්ණස්ස උත්තිණ්ණස්ස නිත්තිණ්ණස්ස අතික්කන්තස්ස සමතික්කන්තස්ස වීතිවත්තස්ස පාරං ගතස්ස පාරං පත්තස්ස අන්තං ගතස්ස අන්තං පත්තස්ස කොටිං ගතස්ස කොටිං පත්තස්ස පරියන්තං ගතස්ස පරියන්තං පත්තස්ස වොසානං ගතස්ස වොසානං පත්තස්ස තාණං ගතස්ස තාණං පත්තස්ස ලෙණං ගතස්ස ලෙණං පත්තස්ස සරණං ගතස්ස සරණං පත්තස්ස අභයං ගතස්ස අභයං පත්තස්ස අච්චුතං ගතස්ස අච්චුතං පත්තස්ස අමතං ගතස්ස අමතං පත්තස්ස නිබ්බානං ගතස්ස නිබ්බානං පත්තස්ස ඉච්ඡන්ති සාදියන්ති පත්ථයන්ති පිහයන්ති අභිජප්පන්ති. යථා ඉණායිකා ආනණ්‍යං (ආණණ්‍යං (අට්ඨ.)) පත්ථෙන්ති පිහයන්ති, යථා ආබාධිකා ආරොග්‍යං පත්ථෙන්ති පිහයන්ති, යථා බන්ධනබද්ධා බන්ධනමොක්ඛං පත්ථෙන්ති පිහයන්ති, යථා දාසා භුජිස්සං පත්ථෙන්ති පිහයන්ති, යථා කන්තාරද්ධානපක්ඛන්දා (කන්තාරද්ධානපක්ඛන්තා (සී.), කන්තාරද්ධානපක්ඛන්නා (ස්‍යා.)) ඛෙමන්තභූමිං පත්ථෙන්ති පිහයන්ති; එවමෙවං පජා කාමෙසු රත්තා ගිද්ධා ගධිතා මුච්ඡිතා අජ්ඣොසන්නා ලග්ගා ලග්ගිතා පලිබුද්ධා තෙ කාමොඝං තිණ්ණස්ස භවොඝං තිණ්ණස්ස...පෙ.... නිබ්බානං ගතස්ස නිබ්බානං පත්තස්ස ඉච්ඡන්ති සාදියන්ති පත්ථයන්ති පිහයන්ති අභිජප්පන්තීති - ඔඝතිණ්ණස්ස පිහයන්ති, කාමෙසු ගධිතා පජා.
තෙනාහ භගවා -
‘‘රිත්තස්ස මුනිනො චරතො, කාමෙසු අනපෙක්ඛිනො;
ඔඝතිණ්ණස්ස පිහයන්ති, කාමෙසු ගධිතා පජා’’ති.
58
(7 - 10)
1 “කිසිත් නැති හැසිරෙන මුනිවරයාට” යන්නෙහි කිසිවක් නැති යනු විවේකයෙන් යුක්තවූවහුට කාය දුශ්චරිතයෙන් විවේකවූවහුට වචී දුශ්චරිතයෙන් විවේකවූවහුට මනොදුශ්චරිතයෙන් වෙන්වූවහුට රාගයෙන් ද්වේෂයෙන්, මෝහයෙන්, ක්‍රෝධයෙන්, උපනාහයෙන්, මකුකමින් පළාසයෙන් ඊර්‍ෂ්‍යාවෙන්, මසුරුකමින්, මායාවෙන්, කෛරාටිකකමින්, තදගතියෙන්, සාරම්භයෙන් මානයෙන් අතිමානයෙන් මදයෙන් ප්‍රමාදයෙන්, සියලු කෙලෙස් වලින් සියලු දුශ්චරිතවලින්, සියලු විඩාවලින් සියලු දාහවලින්, සියලු තැවිලිවලින් සියලු අකුසල් රැස්කිරීමෙන් විවේකවූවහුට, “මුනිහුට” යන්නෙහි මොනයයි ඥානයට කියයි (2-4) 12 (ii) සිට 14 දක්වා යෙදිය යුතුයි) “හැසිරෙන්නාට” යනු හැසිරෙන්නේ වාසය කරන්නේ ඉරියව් පවත්වන්නේ වෙයි, යනුයි.
2 “කාමයන්හි බලාපොරොත්තු රහිත වූයේ” යන්නෙහි කාමයෝ නම් ප්‍රධාන වශයෙන් කාම දෙකකි වස්තුකාමද ක්ලෙශකාමද යනුයි. (1, 1 (ii) සිට 3 (ii) දක්වා යෙදිය යුතුයි.) වස්තුකාමයන් දැන ක්ලෙශකාමයන් හැර දුරු කොට නූපදනා බවට පමුණුවා කාමයෙහි අපෙක්ෂා නැත්තේ කාමය හළේ දුරුකළේ කාමය මිදුයේ ප්‍රහීණ කළේ සංසිඳවූ කාමය ඇත්තේ නිවුනේ. සිහිල්වූයේ සැප විඳින්නේ බ්‍රහ්මයා බඳු කයින් වාසය කරයි.
3 “කාමයන්හි ගෙතුණු ප්‍රජාව ඔඝය එතරවූවහුට ප්‍රිය කරත්” යන්නෙහි ප්‍රජාව යනු සත්වයින්ට නමකි. කාමයන්හි, ඇලුන, ගිජුවූ, ගැටුන, මුර්ච්ඡාවූ, ගැළුන සත්වයෝ (ii) කාමොඝයෙන් එතරවූ භවොඝයෙන් එතරවූ දෘෂ්ටි ඔඝයෙන් එතරවූ අවිද්‍යා ඔඝයෙන් එතරවූ සියලු සංසාර මාර්ගයෙන් එතරවූ ඉක්මවූ වෙන්වූ, කෙළවරට ගියාවූ අවසානයට ගියාවූ පිහිටට ගියාවූ බියනැති බවට ගියාවූ චුත නොවන බවට පැමිණියාවූ අමෘත බවට ගියාවූ නිවණට පැමිණියහුට ඔවුහු කැමතිවෙති. (iii) යම්සේ ණයගත්තෝ ණය නැති බව කැමති වෙත්ද, බලාපොරොත්තු වෙත්ද, ලෙඩ ඇත්තෝ ලෙඩ නැති බව බලාපොරොත්තු වෙත්ද, බැම්මෙන් බැඳුනෝ බැම්මෙන් මිදීම බලාපොරොත්තු වෙත්ද, දාසයෝ දාසකමින් මිදීම බලාපොරොත්තු වෙත්ද, දුරු කතරකට පැමිණියහු යහපත් බිමක් බලාපොරොත්තු වේද, එපරිද්දෙන්ම කාමයෙහි ගිජුවූ කාමයෙහි ඇළුන ගැටුන මූර්ච්ඡාවූ ගැලුන සත්වයෝ කාමොඝයෙන් එතරවූ භවොඝයෙන් එතරවූ (මෙහි (ii) යෙදිය යුතුයි) නිර්වාණයට පැමිණියාහු ප්‍රාර්ථනා කරත්. බලාපොරොත්තු වෙත්.