3. දුට්ඨට්ඨකසුත්තනිද්දෙසො | 3. දුට්ඨට්ඨක සූත්‍ර නිර්දෙශය |
15
වදන්ති
වාදඤ්ච ජාතං මුනි නො උපෙති, තස්මා මුනී නත්ථි ඛිලො කුහිඤ්චි.
වදන්ති වෙ දුට්ඨමනාපි එකෙති තෙ තිත්ථියා දුට්ඨමනා විරුද්ධමනා පටිවිරුද්ධමනා ආහතමනා පච්චාහතමනා ආඝාතිතමනා පච්චාඝාතිතමනා වදන්ති උපවදන්ති භගවන්තඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච අභූතෙනාති - වදන්ති වෙ දුට්ඨමනාපි එකෙ.
අථොපි වෙ සච්චමනා වදන්තීති යෙ තෙසං තිත්ථියානං සද්දහන්තා ඔකප්පෙන්තා අධිමුච්චන්තා සච්චමනා සච්චසඤ්ඤිනො භූතමනා භූතසඤ්ඤිනො තථමනා තථසඤ්ඤිනො යාථාවමනා යාථාවසඤ්ඤිනො අවිපරීතමනා අවිපරීතසඤ්ඤිනො වදන්ති උපවදන්ති භගවන්තඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච අභූතෙනාති - අථොපි වෙ සච්චමනා වදන්ති.
වාදඤ්ච ජාතං මුනි නො උපෙතීති. සො වාදො ජාතො හොති සඤ්ජාතො නිබ්බත්තො අභිනිබ්බත්තො පාතුභූතො පරතොඝොසො අක්කොසො උපවාදො භගවතො ච භික්ඛුසඞ්ඝස්ස ච අභූතෙනාති - වාදඤ්ච ජාතං.
මුනි නො උපෙතීති.
මුනීති. මොනං වුච්චති ඤාණං. යා පඤ්ඤා පජානනා අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, තෙන
තස්මා මුනී නත්ථි ඛිලො කුහිඤ්චීති.
තස්මාති තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තංනිදානං මුනිනො ආහතචිත්තතා ඛිලජාතතාපි නත්ථි. පඤ්චපි චෙතොඛිලා නත්ථි, තයොපි ඛිලා නත්ථි. රාගඛිලො දොසඛිලො මොහඛිලො නත්ථි න සන්ති න සංවිජ්ජති නුපලබ්භති, පහීනො සමුච්ඡින්නො වූපසන්තො පටිපස්සද්ධො අභබ්බුප්පත්තිකො ඤාණග්ගිනා දඩ්ඪො.
කුහිඤ්චීති කුහිඤ්චි කිම්හිචි කත්ථචි අජ්ඣත්තං වා බහිද්ධා වා අජ්ඣත්තබහිද්ධා වාති - තස්මා මුනී නත්ථි ඛිලො කුහිඤ්චීති.
තෙනාහ භගවා -
‘‘වදන්ති
වාදඤ්ච ජාතං මුනි නො උපෙති, තස්මා මුනී නත්ථි ඛිලො කුහිඤ්චී’’ති.
|
15
(3 - 1)
1 “එකාන්තයෙන් දුෂ්ට සිත් ඇති ඇතෙමෙක් කියත්” යන්නෙහි ඇතැම් දුෂ්ටවූ සිත් ඇති ප්‍රදූෂ්‍යවූ සිත් ඇති ප්‍රති විරුද්ධවූ සිත් ඇති ඛෙදයටපත් සිත් ඇති බොහෝ ඛෙදයට පත් සිත් ඇති වෛරවූ සිත් ඇති බොහෝ වෛරවූ සිත් ඇති තීර්ථකයෝ භාග්‍යවතුන් වහන්සේටද භික්ෂු සංඝයාටද බොරුවෙන් යම් යම් දේ කියත්. උපවාද කරත්.
2 “යළිත් සැබෑ සිත් ඇති ඔවුහු කියත්” යන්නෙහි ඒ තීර්ථකයන් අදහන්නාවූ විශ්වාස කරන්නාවූ ඒ වචනය ස්ථිරලෙස සිතා ගන්නාවූ ඒ වචනය සත්‍යයයයි සිතන්නාවූ සත්‍යය යන සංඥා ඇත්තාවූ වූ දෙයක්යයි සිතන්නාවූ එබඳු සංඥා ඇත්තාවූ මෙහි වෙනසක් නැතැයි සිතන්නාවූ එබඳු සංඥා ඇත්තාවූ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේටද සංඝයාටද බොරුවෙන් යම් යම් දේ කියත් උපවාද කරත්.
3 “මුනි තෙමේ උපන් චොදනාවට පත් නොවේ” යන්නෙහි ඒ වාදය ඇතිවූයේ වෙයි. පහළවූයේ භාග්‍යවතුන් වහන්සේටද භික්ෂු සංඝයාටද ආක්‍රොශය බොරුවෙන් උපවාදය ඇතිවූයේ වෙයි. මුනිතෙමේ නොපැමිණේ යන්නෙහි “මුනි” යන තන්හි “මොන” යයි ඥානයට කියනු ලැබේ. යම් ප්‍රඥාවක් මනා දැනීමක් ඇත්තේ අමෝහයයිද ධර්මවිචය යයිද සම්‍යක්දෘෂ්ටියයිද කියනු ලැබේද, ඒ ඥානයෙන් යුක්තවූ තැනැත්තේ මුනිනමි. යමෙක් වාදයට පැමිණියේද හෙතෙම කරුණු දෙකකින් වාදයට පැමිණෙයි. කාරකයා කාරක බැවින් වාදයට පැමිණෙයි. යලිදු හෝ කියනු ලබන්නේ දොස් පවරනු ලබන්නේ කිපෙයි. ක්‍රෝධයට පැමිණෙයි. නොකරන්නෙක් වෙමියි කෝපයද ද්වේෂයද නොසතුටු බවද අඟවයි. මුනිතෙමේ කරුණු දෙකින්ම වාදයට නොපැමිණෙයි. මුනිතෙමේ නොකරන්නෙකි. නොකරන්නකු බැවින් වාදයට නොපැමිණෙයි. යලිදු හෝ කියනු ලබන්නේ දොස් පවරනු ලබන්නේ නොකිපෙයි. ක්‍රෝධයට නොපැමිණෙයි. නොකරන්නෙක් වෙමි”යි කොපයද ද්වේෂයද නොසතුටු බවද නොඅඟවයි. මුනි තෙමේ මේ කරුණු දෙකින්ම වාදයට නොපැමිණෙයි. වාදය නොගනියි. වාදය පරාමර්ශය නොකරයි.
4 “එහෙයින් මුනිහට කොහි හෝ උලක් නැත.” යන්නෙහි “එහෙයින්” යනු ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් යනුයි. මුනිවරු වඩනලද සිත් ඇති බැවින් “ රාගාදී” හුල් නැත්තේ වෙයි. පඤ්චවිධ චෙතො ඛිලයන් නැත්තේය. රාග, දෝෂ, මොහ, යන තෙවැදෑරුම් හුල් නැත්තේය. නූපදියි. ප්‍රහීන වූයේය. මුලින් උදුරා දැමීය. සංසිඳුනේය. ඉපදීමට නුසුදුසු විය. ඥානය නමැති ගින්නෙන් දැවූයේවෙයි. “ කොහිවත්” යනු කොතැනක හෝ යනුයි. අධ්‍යාත්මයෙහි හෝ බාහිරව හෝ අධ්‍යාත්ම බාහිර දෙක්හි හෝ යනුයි.
|
16
සකඤ්හි දිට්ඨිං කථමච්චයෙය්‍ය, ඡන්දානුනීතො රුචියා නිවිට්ඨො;
සයං සමත්තානි පකුබ්බමානො, යථා හි ජානෙය්‍ය තථා වදෙය්‍ය.
සකඤ්හි
ඡන්දානුනීතො රුචියා නිවිට්ඨොති.
ඡන්දානුනීතොති සකාය දිට්ඨියා සකාය ඛන්තියා සකාය රුචියා සකාය ලද්ධියා යායති නිය්‍යති වුය්හති සංහරීයති. යථා හත්ථියානෙන වා අස්සයානෙන වා
සයං සමත්තානි පකුබ්බමානොති. සයං සමත්තං කරොති පරිපුණ්ණං කරොති අනොමං කරොති අග්ගං සෙට්ඨං විසිට්ඨං පාමොක්ඛං උත්තමං පවරං කරොති. ‘‘අයං සත්ථා සබ්බඤ්ඤූ’’ති සයං සමත්තං කරොති පරිපුණ්ණං කරොති අනොමං කරොති අග්ගං සෙට්ඨං විසිට්ඨං පාමොක්ඛං උත්තමං පවරං කරොති. ‘‘අයං ධම්මො ස්වාක්ඛාතො...පෙ.... අයං ගණො සුප්පටිපන්නො... අයං දිට්ඨි භද්දිකා... අයං පටිපදා සුපඤ්ඤත්තා... අයං මග්ගො නිය්‍යානිකො’’ති සයං සමත්තං කරොති පරිපුණ්ණං කරොති අනොමං කරොති අග්ගං සෙට්ඨං විසිට්ඨං පාමොක්ඛං උත්තමං පවරං කරොති ජනෙති සඤ්ජනෙති නිබ්බත්තෙති අභිනිබ්බත්තෙතීති - සයං සමත්තානි පකුබ්බමානො.
යථා හි ජානෙය්‍ය තථා වදෙය්‍යාති යථා ජානෙය්‍ය, තථා වදෙය්‍ය කථෙය්‍ය භණෙය්‍ය දීපයෙය්‍ය වොහරෙය්‍ය. ‘‘සස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’න්ති යථා ජානෙය්‍ය, තථා වදෙය්‍ය කථෙය්‍ය භණෙය්‍ය දීපයෙය්‍ය වොහරෙය්‍ය. ‘‘අසස්සතො ලොකො...පෙ.... නෙව හොති
තෙනාහ
‘‘සකඤ්හි
සයං
|
16
(3 - 2)
1 “ස්වකීය දෘෂ්ටිය කෙසේ නම් ඉක්ම වන්නේද” යන්නෙහි යම් ඒ තීර්ථකයෝ සුන්දරී පරිව්‍රාජිකාව මරා ශාක්‍යපුත්‍රවූ ශ්‍රමණයන් වහන්සේලාගේ දොස් ප්‍රකාශ කොට මෙසේ ලාභයක් කීර්තියක් සත්කාරයක් වැඳුම් පිදුම් ආදියක් පසුව ලබා ගන්නෙමුයි” මෙසේ දෘෂ්ටි ඇත්තාහු මෙසේ ආශා ඇත්තාහු මෙසේ ලබ්ධි ඇත්තාහු මෙසේ බලාපොරොත්තු ඇත්තාහු ඔවුහු ස්වකීය දෘෂ්ටිය, ස්වකීය රුචිය, ස්වකීය ලබ්ධිය, ස්වකීය අදහස, ස්වකීය අභිප්‍රාය, ඉක්ම වන්නට නොහැකි වූහ. එසේනමුදු ඒ අයසම ඔවුන්ට ආපසු පැමිණියේය. මෙසේද ස්වකීය දෘෂ්ටිය කෙසේ ඉක්මවන්නේද, (ii) යලිදු හෝ ලෝකය ශාස්වතය යන මෙයම සත්‍යය, අනික් දේ හිස්ය, යම් කෙනෙක් මෙසේ වාද ඇත්තේ ස්වකීය දෘෂ්ටිය, ස්වකීය රුචිය, ස්වකීය ලබ්ධිය, ස්වකීය අදහස ස්වකීය අධ්‍යාශය, ස්වකීය අභිප්‍රාය කෙසේ ඉක්මවන්නේද, එයට හේතු කවරේද, ඔහුගේ ඒ දෘෂ්ටිය එසේ සමාප්ත වූයේය. එසේ සමාදන් වූයේය. එසේ පරාමර්ශනය කළේය. එසේ බැස ගත්තේය. මෙසේද ස්වකීය දෘෂ්ටිය කෙසේ හරනේද, යලිදු හෝ (iii) ලෝකය අශාස්වතය, ලෝකය කෙළවරක් හෝ ඇත්තේය. කෙළවරක් හෝ නැත්තේය. එය ජීවය, එය ශරීරය අනිකක් ජීවය, අනිකක් ශරීරය සත්වතෙම මරණින් මතු ඇත්තේද වෙයි. සත්වතෙම මරණින් මතු නැත්තේද වෙයි. සත්වතෙම මරණින් මතු ඇත්තේද නැත්තේද වෙයි (iv) මරණින් මතු සත්වයා නැත්තේ වෙයි. නැත්තේ නොම වෙයි යන මෙයම සත්‍යය, අනික් දේ හිස්ය, යම් ඒ කෙනෙක් මෙසේ වාද ඇත්තේ හෙතෙම ස්වකීය දෘෂ්ටිය ස්වකීය රුචිය, ස්වකීය ලබ්ධිය, ස්වකීය අදහස, ස්වකීය අභිප්‍රාය කෙසේ ඉක්මවන්නේද, එයට හේතු කවරේද? ඔහුගේ ඒ දෘෂ්ටිය එසේ නිමවූයේය. එසේ සමාදන්වූයේය ගත්තේය. පරාමර්ශවූයේය. බැස ගත්තේය, යනුයි
2 “ඡන්දයෙන් යවන ලද්දේ රුචියෙහි ඇතුළුවූයේ” යනු ස්වකීය දෘෂ්ටියෙන් ස්වකීය රුචියෙන් ස්වකීය ලබ්ධියෙන් යේද, ගෙනයාද, පාවේද, එකතුවේද යම්සේ ඇත් යානයකින් හෝ අස් යානයකින් හෝ රිය යානයකින් හෝ එළු යානයකින් හෝ බැටළු යානයකින් හෝ ඔටු යානයකින් හෝ බැටළු යානයකින් හෝ යේද පැමිණේද, පාවේද, එක් තැන්වේද, මෙසේම ස්වකීය දෘෂ්ටියෙන් ස්වකීය රුචියෙන් ස්වකීය ලබ්ධියෙන් යේද, පැමිණේද, පාවේද, යනුයි.
3 “රුචියෙහි ඇතුළු වූයේ” යනු ස්වකීය දෘෂ්ටියෙන් ස්වකීය රුචියෙන් ස්වකීය ලබ්ධියෙන් ඇළුනේ, පිහිටියේ පැමිණියේ බැස ගන්නේ යනුයි.
4 “තෙමේ සම්පූර්ණ වූවන් කරන්නේ” යන්නෙහි කෙසේ අවසන් බව කෙරේද, පිරිපුන් බව කෙරේද උතුම් බව කෙරේද, අග්‍ර බව කෙරේද, ප්‍රමුඛ බව කෙරේද, මේ ධර්මය ස්වාක්ඛාතය, මේ ගණයා සුප්‍රතිපන්නය මේ දෘෂ්ටිය යහපත්ය, මේ ප්‍රතිපදාව නොකොට පැනවූයේ විය. මේ මාර්ගය නෛර්‍ය්‍යානිකයයි තෙමේ නිශ්චය බවට පැමිණේ අග්‍රයයි ශ්‍රේෂ්ඨයයි විශිෂ්ටයයි ප්‍රමුඛයයි උතුම්යයි ඉදිරිපත් කරයි. උපදවයි. යනුයි.
5 “යම්සේ දන්නේද එසේ කියන්නේයි.” යනු යම්සේ දන්නේ නම් එසේ කියන්නේය. ප්‍රකාශ කරන්නේය. ව්‍යවහාර කරන්නේය. ලෝකය ශාස්වතය මෙයම සත්‍යය, අනික් දේ හිස්යයි යම්සේ දන්නේ නම් එසේ කියන්නේය. ප්‍රකාශ කරන්නේය. ව්‍යවහාර කරන්නේය. ලෝකය අශාස්වතය (මෙහි 1 (iv) ඡේදය යෙදිය යුතුයි) සත්වයා මරණින් මතු නොම වෙයි. නොම නොවෙයි. යන මෙයම සත්‍යය අනික් දේ හිස්ය, යම්සේ දන්නේ නම් එසේ කියන්නේය.
|
17
යො අත්තනො සීලවතානි ජන්තු, අනානුපුට්ඨොව
(අනානුපුට්ඨො ච (ස්‍යා.))
පරෙස පාව පාවා (සී. ස්‍යා.)
;
අනරියධම්මං කුසලා තමාහු, යො ආතුමානං සයමෙව පාව
(පාවා (සී. ස්‍යා.))
.
යො අත්තනො සීලවතානි ජන්තූති.
යොති යො යාදිසො යථායුත්තො යථාවිහිතො යථාපකාරො යංඨානප්පත්තො යංධම්මසමන්නාගතො ඛත්තියො වා බ්‍රාහ්මණො වා වෙස්සො වා සුද්දො වා ගහට්ඨො වා පබ්බජිතො වා දෙවො වා මනුස්සො වා.
සීලවතානීති අත්ථි සීලඤ්චෙව වතඤ්ච
(වත්තඤ්ච (ස්‍යා.), එවමුපරිපි), අත්ථි වතං න සීලං. කතමං සීලඤ්චෙව වතඤ්ච? ඉධ භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. යො තත්ථ සංයමො සංවරො අවීතික්කමො, ඉදං සීලං. යං සමාදානං තං වතං. සංවරට්ඨෙන සීලං; සමාදානට්ඨෙන වතං - ඉදං වුච්චති සීලඤ්චෙව වතඤ්ච. කතමං වතං, න සීලං? අට්ඨ ධුතඞ්ගානි - ආරඤ්ඤිකඞ්ගං, පිණ්ඩපාතිකඞ්ගං, පංසුකූලිකඞ්ගං, තෙචීවරිකඞ්ගං, සපදානචාරිකඞ්ගං, ඛලුපච්ඡාභත්තිකඞ්ගං, නෙසජ්ජිකඞ්ගං, යථාසන්ථතිකඞ්ගං - ඉදං වුච්චති වතං, න සීලං
‘‘නාසිස්සං
නපි පස්සං නිපාතෙස්සං, තණ්හාසල්ලෙ අනූහතෙ’’ති.
චිත්තං පග්ගණ්හාති පදහති. එවරූපම්පි වීරියසමාදානං වුච්චති වතං, න සීලං. ‘‘න තාවාහං ඉමං පල්ලඞ්කං භින්දිස්සාමි යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චිස්සතී’’ති - චිත්තං පග්ගණ්හාති පදහති. එවරූපම්පි වීරියසමාදානං වුච්චති වතං, න සීලං. ‘‘න තාවාහං ඉමම්හා ආසනා වුට්ඨහිස්සාමි, චඞ්කමා ඔරොහිස්සාමි, විහාරා නික්ඛමිස්සාමි, අඩ්ඪයොගා නික්ඛමිස්සාමි, පාසාදා නික්ඛමිස්සාමි, හම්මියා නික්ඛමිස්සාමි, ගුහාය නික්ඛමිස්සාමි, ලෙණා නික්ඛමිස්සාමි, කුටියා නික්ඛමිස්සාමි, කූටාගාරා
අනානුපුට්ඨොව පරෙස පාවාති.
පරෙසන්ති පරෙසං ඛත්තියානං බ්‍රාහ්මණානං වෙස්සානං සුද්දානං ගහට්ඨානං පබ්බජිතානං දෙවානං මනුස්සානං.
අනානුපුට්ඨොති අපුට්ඨො අපුච්ඡිතො අයාචිතො අනජ්ඣෙසිතො අපසාදිතො.
පාවාති අත්තනො සීලං වා වතං වා සීලබ්බතං වා පාවදති. අහමස්මි සීලසම්පන්නොති වා, වතසම්පන්නොති වා, සීලබ්බතසම්පන්නොති වා ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන
අනරියධම්මං
යො
විභවඤ්ච භවඤ්ච විප්පහාය, වුසිතවා ඛීණපුනබ්භවො ස භික්ඛූ’’ති.
ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා
තෙනාහ භගවා -
‘‘යො
අනරියධම්මං කුසලා තමාහු, යො ආතුමානං සයමෙව පාවා’’ති.
|
17
(3 - 3)
1 “යම් පුද්ගලයෙක්තෙම තමාගේ ශීල ව්‍රතයන්” යන්නෙහි යමෙක් යනු යම්බඳුවූ එබඳුවූ යම් ප්‍රකාරවූ යම් ස්ථානයකට පත්වූ යම් ධර්මයකින් යුක්තවූ ක්ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ගෘහපතියෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගෘහස්ථයෙක් හෝ ප්‍රව්‍රජිතයෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ යනුයි.
2 “සිල් හා වත්” යන්නෙහි ශීලයද ව්‍රතයද ඇත්තේය. ව්‍රතය ඇත්තේය. ශීලය නොවේ. සීලයද ව්‍රතයද කවරේද? මේ ශාසනයෙහි මහණතෙම සිල් ඇත්තේ වෙයි. ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවරවූයේ වාසය කරයි. ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ ස්වල්ප වරදෙහි භය දක්නාසුළු වූයේ ශික්ෂා පදයන් සමාදන්ව හික්මෙයි. යමෙක් එහි හික්මුණේ සංවරවූයේ නොඉක්මුණේ මේ ශීලය වෙයි, මේ සමාදානය වෙයි, සංවරාර්ථයෙන් ශීලය නමි. සමාදානාර්ථයෙන් ව්‍රතය නමි. මෙය ශීලයයිද ව්‍රතයයිද කියනු ලැබේ. ව්‍රතය කවරේද? ශීලය නොවේද, අෂ්ටධුතංගයෝ වෙති. “ආරඤ්ඤිකංග” “පිණ්ඩපාතිකංග” “පංසුකූලිකංග” “තෙචීවරිකංග” “සපදාන චාරිකංග” “ඛලු පච්ජාභත්තිකංග” “නෙසජ්ජිකංග” “යථාසන්ථතිකංග” යන අංගයෝ ව්‍රතයයි, කියනු ලැබේ. ශීලය නොවේ. වීර්‍ය්‍ය සමාදානයද ව්‍රතයයි කියයි. ශීලය නොවේ. “ඒකාන්තයෙන් ශරීරයෙහි සමද නහරද ඇටද ඉතිරිවේවා මස්ලේ වියලේවා යම් ඒ පුරුෂ ශක්තියෙන් පුරුෂ බලයෙන් පුරුෂ වීර්‍ය්‍යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුත්තක් ඇද්ද, එයට නොපැමිණ වීර්‍ය්‍යයාගේ වැළැක්වීම නොවන්නේයයි සිත දැඩිව ගනීද, මෙබඳුවූ වීර්‍ය්‍ය සමාදානය ව්‍රතයයි කියනුලැබේ. ශීලය නොවේ.
3 “තෘෂ්ණා නමැති හුල නො ඉදුරුනකල්හි විහාරයෙන් නොනික්මෙමි. බලාපොරොත්තු නොවන්නෙමි. පානය නොකරන්නෙමි. නොලබන්නෙමි. වැටෙන්නෙමි.” යනුවෙන් සිත දැඩිව ගනියි. මෙබඳුවූද විරිය සමාදාන ව්‍රතයයි කියනු ලැබේ. ශීලය නොවේ. යම්තාක් මාගේ සිත ආශ්‍රවයන්ගෙන් දැඩිව නොගෙන මිදෙන්නේද ඒතාක් මේ ආසනයෙන් නොනැගිටින්නෙමි. සක්මනෙන් නොබසින්නෙමි. ගුරුළු පියාපත් වැනි සෙවෙනි ඇති ගෘහයෙන් නොනික්මෙන්නෙමි. ප්‍රාසාදයෙන් නොනික්මෙන්නෙමි. ප්‍රාසාද විශේෂයක්වූ හම්මියෙන් නොනික්මෙන්නෙමි. ගුහාවෙන් නොනික්මෙන්නෙමි. ලෙණෙන් නොනික්මෙන්නෙමි. කුටියෙන් නොනික්මෙන්නෙමි. කුළුගෙයින් නොනික්මෙන්නෙමි. මැස්සෙන් නොනික්මෙන්නෙමි. මළුවෙන් නොනික්මෙන්නෙමි. උපස්ථාන ශාලාවෙන් නොනික්මෙන්නෙමි. මණ්ඩපයෙන් නොනික්මෙන්නෙමි. රුක් මුලින් නොනික්මෙන්නෙමි යන මෙබඳුවූ වීර්‍ය්‍ය සමාදානය ව්‍රතයයි කියනු ලැබේ. ශීලයනොවේ. මේ මධ්‍යාහ්න සමයෙහි සායාන්හ සමයෙහි පෙරවරුයෙහි පස්වරුවෙහි පෙරයමෙහි, මැදුම්යමෙහි පැසුළුයමෙහි, ආලෝක කාලයෙහි, වර්ෂා කාලයෙහි, හිම කාලයෙහි, ග්‍රීෂ්මකාලයෙහි, පළමු වයස් කාලයෙහි මධ්‍යම වයස් කාලයෙහි පශ්චිම වයස්කාලයෙහි ආර්‍ය්‍යධර්මය පිළිගන්නෙමි. ස්පර්ශ කරන්නෙම්. ප්‍රත්‍යක්ෂ කරන්නෙමියි දැඩිව සිත ගනි පිහිටුවයි. මෙබඳු වීර්‍ය්‍ය සමාදානය ව්‍රතයයි කියනුලැබේ. ශීලය නොවේ. පුද්ගලයා යනු සත්වයා මිනිසා, මානවයා, පුරුෂයා, පුද්ගලයා, ජීවයා යන යම් තමා සිල්වත්වූ සත්වයා යනුයි.
4 “නොවිචාරනලද්දේ අනුන්ට ප්‍රකාශකරයි” යන්නෙහි අනුන්ට යනු අන්‍යවූ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර යන මොවුන්ගෙන් හෝ ගෘහස්ථයන්ගෙන් ප්‍රව්‍රජිතයන්ගෙන් දෙවියන්ගෙන් මිනිසුන්ගෙන් යම්කෙනෙකු යනුයි. නොවිචාරණලද්දේ, නොඉල්වනලද්දේ, ආරාධනා නොකරණ ලද්දේ යනුයි.
5 (i) “ප්‍රකාශ කරන්නේ” යනු තමන්ගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රත දෙකම හෝ කියාද, මම ශීල සම්පන්නයෙක් වෙමි. ව්‍රත සම්පන්නයෙක් වෙමි. ශීලව්‍රත දෙකින්ම හෝ යුක්තවෙමියි ජාතියෙන් හෝ ගොත්‍රයෙන් හෝ කුලයෙන් හෝ ශරීර පැහැයෙන් හෝ ධනයෙන් හෝ (ii) ඉගෙණීමෙන් හෝ කර්මායතනයෙන් හෝ ශීල්පායතනයෙන් හෝ විද්‍යායතනයෙන් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අනෙක් අනෙක් වස්තූන්ගෙන් හෝ උසස් කුලයකින් පැවිදි වූයේ යයි හෝ මහා කුලයකින් පැවිදිවූයේ යයි හෝ මහා භොග කුලයකින් පැවිදිවූයේයයි හෝ ඉතා උසස් භොග කුලයකින් පැවිදිවූයේයයි හෝ ප්‍රකටවූ කීර්ති ඇති දන්නා ගිහි පැවිද්දන් ඇත කියා හෝ සිවුරු පිණ්ඩාහාර සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ඇත්තේය කියා හෝ සූත්‍රාන්තිකයයි කියා හෝ විනයධරයයි කියා හෝ ධර්මධරය කියා හෝ ආරඤ්ඤිකයයි කියා හෝ රුක්ඛමූලිකයයි කියා හෝ පිණ්ඩපාතිකයයි කියා හෝ සපදානචාරිකයයි කියා හෝ ඛලුපච්ඡාභත්තිකයයි කියා හෝ නෙසජ්ජිකයයි කියා හෝ යථාසන්තතිකයයි හෝ ප්‍රථමධ්‍යානය ලැබුයේයයි කියා හෝ ද්විතීයධ්‍යානය ලැබුයේ යයි කියා හෝ තෘතීයධානය ලැබුයේයයි කියා හෝ චතුර්ථධ්‍යානය ලැබුයේයයි කියා හෝ ආකාශානඤ්චායතන සමාපත්තිය ලැබුයේ යයි කියා හෝ විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ලැබුයේ යයි කියා හෝ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ලැබුයේ යයි කියා හෝ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ලැබුයේයයි කියා හෝ කියයි. ප්‍රකාශ කරයි. (iii) අනරිය ධම්මං කුසලා තමාහු යන්නෙහි කුසලා යනු ස්කන්ධයන් නිපුණවූ ධාතූන් නිපුණවූ ආයතනයන් නිපුණවූ ප්‍රතීත්‍ය සමුත්පාදය නිපුණවූ සතිපට්ඨානයන් නිපුණවූ සම්‍යක්ප්‍රධාන නිපුණවූ ඍද්ධිපාද නිපුණවූ ඉන්ද්‍රිය නිපුණවූ බල නිපුණවූ බොධ්‍යංග නිපුණවූ මාර්ග නිපුණවූ ඵල නිපුණවූ නිර්වාණය නිපුණවූ යන මේ නිපුණයෝ මෙසේ කීහ. මේ ධර්මය අනාර්‍ය්‍යයන්ගේය. මේ ධර්මය ආර්‍ය්‍යයන්ගේ නොවේ. මේ ධර්මය බාලයන්ගේය. මේ ධර්මය පණ්ඩිතයන්ගේ නොවේ. මේ ධර්මය අසත්පුරුෂයන්ගේය. මේ ධර්මයසත් පුරුෂයන්ගේ නොවේයයි මෙසේ කීහ. මෙසේ කියත්. මෙසේ ප්‍රකාශ කරත්. මෙසේ ව්‍යවහාර කරත්.
6 “හෙතෙමේ තෙමේ තමා ගැනම කියයි.” යන්නෙහි “තමාගැන” යනු තමාට කියනු ලැබේ යනු තෙමේම තමාට කියයි. මම ශීලසම්පන්න වෙමියි හෝ ව්‍රත සම්පන්න වෙමියි හෝ ශීල ව්‍රත සම්පන්න වෙමියි හෝ ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලයෙන් හෝ රූපසම්පත්තියෙන් හෝ ධනයෙන් හෝ (මෙහි 5 (ii) යෙදිය යුතුයි කියයි.) ප්‍රකාශ කරයි.
|
18
සන්තො ච භික්ඛු අභිනිබ්බුතත්තො,
ඉතිහන්ති සීලෙසු අකත්ථමානො;
තමරියධම්මං කුසලා වදන්ති, යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙ.
සන්තො
‘‘පජ්ජෙන
පරිනිබ්බානගතො විතිණ්ණකඞ්ඛො;
විභවඤ්ච
(විභවං (සී. ක.) සු. නි. 519) භවඤ්ච විප්පහාය,
වුසිතවා ඛීණපුනබ්භවො ස භික්ඛූ’’ති.
සන්තො ච භික්ඛු අභිනිබ්බුතත්තොති රාගස්ස නිබ්බාපිතත්තා අභිනිබ්බුතත්තො, දොසස්ස නිබ්බාපිතත්තා අභිනිබ්බුතත්තො, මොහස්ස නිබ්බාපිතත්තා අභිනිබ්බුතත්තො, කොධස්ස...පෙ.... උපනාහස්ස... මක්ඛස්ස... පළාසස්ස... ඉස්සාය... මච්ඡරියස්ස... මායාය... සාඨෙය්‍යස්ස... ථම්භස්ස... සාරම්භස්ස... මානස්ස... අතිමානස්ස... මදස්ස... පමාදස්ස... සබ්බකිලෙසානං... සබ්බදුච්චරිතානං... සබ්බදරථානං... සබ්බපරිළාහානං... සබ්බසන්තාපානං... සබ්බාකුසලාභිසඞ්ඛාරානං නිබ්බාපිතත්තා අභිනිබ්බුතත්තොති - සන්තො ච භික්ඛු අභිනිබ්බුතත්තො.
ඉතිහන්ති සීලෙසු අකත්ථමානොති.
ඉතිහන්ති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරී අක්ඛරසමවායො බ්‍යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාපෙතං
(පදානුපුබ්බතා මෙතං (ස්‍යා. ක.)) - ඉතිහන්ති.
සීලෙසු අකත්ථමානොති. ඉධෙකච්චො කත්ථී හොති විකත්ථී. සො කත්ථති විකත්ථති. අහමස්මි සීලසම්පන්නොති වා, වතසම්පන්නොති වා, සීලබ්බතසම්පන්නොති වා, ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා...පෙ.... නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභීති වා කත්ථති විකත්ථති. එවං
තමරියධම්මං
යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙති.
යස්සාති අරහතො ඛීණාසවස්ස.
උස්සදාති සත්තුස්සදා - රාගුස්සදො, දොසුස්සදො, මොහුස්සදො, මානුස්සදො, දිට්ඨුස්සදො, කිලෙසුස්සදො, කම්මුස්සදො. යස්සිමෙ
(තස්සිමෙ (සී. ස්‍යා.)) උස්සදා නත්ථි න සන්ති න විජ්ජන්ති නුපලබ්භන්ති, පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිපස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා.
කුහිඤ්චීති කුහිඤ්චි කිම්හිචි කත්ථචි අජ්ඣත්තං වා බහිද්ධා වා අජ්ඣත්තබහිද්ධා වා.
ලොකෙති අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකෙ ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙති - යස්සුස්සදා නත්ථි කුහිඤ්චි
තෙනාහ භගවා -
‘‘සන්තො ච භික්ඛු අභිනිබ්බුතත්තො, ඉතිහන්ති සීලෙසු අකත්ථමානො;
තමරියධම්මං කුසලා වදන්ති, යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙ’’ති.
|
18
(3 - 4)
1 “මනාව නිවන ලද සිත ඇති සන්සුන් භික්ෂුතෙම” යනු රාගය සංසිඳුන බැවින් ශාන්තය, ද්වේෂය සංසිඳුන බැවින් ශාන්තය, මෝහය සංසිඳුන බැවින් ශාන්තය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකු කම, අනුන්ගේ දොස් කීම, ඊෂ්‍යයාව, මසුරු කම, රැවටිල්ල, කෛරාටික කම, තද ගතිය එකට එක කිරීම, මානය අභිමානය, මදය, ප්‍රමාදය යන මොවුන්ගේ සියලු ක්ලෙශයන්ගේ සියලු දුශ්චරිතයන්ගේ සියලු දාහයන්ගේ සියලු පරිදාහයන්ගේ සියලු සන්තාපයන්ගේ සියලු කුසලාභි සංස්කාරයන්ගේ ශාන්තත්වය ඇති බැවින් සංසිඳුන බැවින් නිවුන බැවින් පහවූ බැවින් ශාන්ත වූයේවේ. භික්ෂු යනු සප්ත ධර්මයකගේ බිඳීම ඇති බැවින් “භික්ෂු” නමි. සක්කාය දෘෂ්ටිය බිඳුනේ වෙයි. විචිකිච්ඡාව බිඳුනේ වෙයි. සීලබ්බතපරාමාස බිඳුනේ වෙයි. රාගය බිඳුනේ වෙයි. ද්වේෂය බිඳුනේ වෙයි, මෝහය බිඳුනේ වෙයි. මානය බිඳුනේ වෙයි. ඔහුගේ ලාමකවූ ක්ලෙශයන් ඇති කරන්නාවූ නැවත භවයක් ඇති කරන්නාවූ දාහ සහිතවූ දුඃක්ඛ විපාකවූ නැවත ජරා මරණයක් දෙන්නාවූ ලාමක අකුශල ධර්මයෝ බිඳුනාහු වෙති. දුරු කරණලද සැක ඇත්තේ සම්පූර්ණ කරණලද කටයුතු ඇත්තේ ක්ෂය කරණලද පුනර්භවය ඇත්තේ විභවයද භවයද දුරුකොට පිරිනිවණට ගියේ වෙයි.”
2. “මනාව නිවන ලද සිත් ඇත්තේ” යනු රාගය නිවූ බැවින් නිවුනේ, ද්වේෂය නිවුන බැවින් නිවුනේ, මෝහය නිවුන බැවින් නිවුනේ, ක්‍රෝධය, උපනාහය, මක්ඛය, පලාසය, ඉස්සා, මච්ඡරීය, මායා, සාඨෙය්‍ය, ථම්භ, සාරම්භ, මද, පමාද යන ක්ලෙශයන් නිවූ බැවින් සියලු කෙලෙස් සියලු දුශ්චරිත සියලු දානයන් සියලු පරිදාහයන් සියලු තැවීම් සියලු අකුශලාභි සංස්කාරයන් නිවූ බැවින් යනුයි. “ඉතිහන්ති සීලෙසු අකත්ථමානො” යන්නෙහි ඉතිහ-න්ති යනු පදයන් එකතු කළ සන්ධියකි අකුරු සම කිරීම පිණිස කියවීමේ පහසුව පිණිස කළ පද පූරණයකි මේ ශාසනයෙහි ඇතැමෙක් පුරසාරම් දොඩයි. හෙතෙම ‘මම ශීල සම්පන්නවූයේ වෙමි. ව්‍රත සම්පන්න වූයේ වෙමි’යි පුරසාරම් දොඩයි. ශීල ව්‍රත දෙකින් යුක්තයයි කියා හෝ පුරසාරම් දොඩයි. ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලයෙන් හෝ රූ සපුවෙන් හෝ යුක්තයයි පුරසාරම් දොඩයි. (මෙහි (3-5) 5 (ii) ඡේදය යෙදිය යුතුයි.) නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියෙන් යුක්තයයි පුරසාරම් දොඩයි. (ශාන්ත භික්ෂුතෙම) මෙසේ පුරසාරම් නොදොඩයි. පුරසාරම් දෙඩීමෙන් වෙන්වූයේ සීමා නොකළ සිතින් වාසය කරයි.
3 “දක්ෂයෝ එය ආර්ය ධර්මයයි කියත්” කුශලා යනු දක්ෂවූ හෝ නිපුණවූ යම් ඒ ස්කන්ධයන්හි (මෙහි (3-3) 5 (vi) ඡේද යෙදිය යුතුයි)
4 “ලොව කොහි හෝ ක්ලෙශයක් යමකුට නැද්ද” යන්නෙහි “යමකුට” යනු අර්හත්වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි “ ක්ලෙශ” යනු ක්ලෙශයෝයි. ඒ ක්ලෙශයෝ සතකි. (ii) රාග ක්ලෙශය, ද්වේෂ, මොහ, මාන, දිට්ඨි කිලෙස කම්ම, යන මේ සතයි. රහතන් වහන්සේට මේ ක්ලෙශයෝ නැත. විද්‍යමාන නොවෙත්. නොලැබෙත් ප්‍රහීණ කළේය. මුලිනුපුටා දැමීය, සංසිඳවූයේය. ඉපදීමට අයොග්‍ය කළේය. ඥානය නමැති ගින්නෙන් දැවීය.
5 “කොහි හෝ යනු කොහිවත් අධ්‍යාත්මික හෝ බාහිර හෝ අධ්‍යාත්මික බාහිරව හෝ යනුයි.
6 “ලොව” යනු අපාය ලෝකයෙහි මනුෂ්‍ය ලෝකයෙහි දිව්‍යලෝකයෙහි ස්කන්ධලෝකයෙහි ධාතු ලෝකයෙහි ආයතන ලෝකයෙහි යනුයි.
|
19
පකප්පිතා සඞ්ඛතා යස්ස ධම්මා,
පුරක්ඛතා
(පුරෙක්ඛතා (සී. ක.))
සන්ති අවීවදාතා;
යදත්තනි පස්සති ආනිසංසං, තං නිස්සිතො කුප්පපටිච්චසන්තිං.
පකප්පිතා සඞ්ඛතා යස්ස ධම්මාති.
පකප්පනාති ද්වෙ පකප්පනා - තණ්හාපකප්පනා ච දිට්ඨිපකප්පනා ච...පෙ.... අයං තණ්හාපකප්පනා...පෙ.... අයං දිට්ඨිපකප්පනා.
සඞ්ඛතාති සඞ්ඛතා අභිසඞ්ඛතා
පුරක්ඛතා සන්ති අවීවදාතාති.
පුරක්ඛතාති ද්වෙ පුරෙක්ඛාරා - තණ්හාපුරෙක්ඛාරො ච දිට්ඨිපුරෙක්ඛාරො ච...පෙ.... අයං තණ්හාපුරෙක්ඛාරො...පෙ.... අයං දිට්ඨිපුරෙක්ඛාරො. තස්ස තණ්හාපුරෙක්ඛාරො
යදත්තනි පස්සති ආනිසංසන්ති.
යදත්තනීති යං අත්තනි.
අත්තා වුච්චති දිට්ඨිගතං. අත්තනො දිට්ඨියා ද්වෙ ආනිසංසෙ පස්සති - දිට්ඨධම්මිකඤ්ච ආනිසංසං, සම්පරායිකඤ්ච ආනිසංසං. කතමො දිට්ඨියා දිට්ඨධම්මිකො ආනිසංසො? යංදිට්ඨිකො සත්ථා හොති, තංදිට්ඨිකා සාවකා හොන්ති. තංදිට්ඨිකං සත්ථාරං සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති
(ගරුකරොන්ති (සී. ස්‍යා.)) මානෙන්ති පූජෙන්ති අපචිතිං කරොන්ති. ලභති ච තතොනිදානං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං - අයං දිට්ඨියා දිට්ඨධම්මිකො ආනිසංසො. කතමො දිට්ඨියා සම්පරායිකො ආනිසංසො? අයං දිට්ඨි අලං නාගත්තාය වා සුපණ්ණත්තාය වා යක්ඛත්තාය වා අසුරත්තාය වා ගන්ධබ්බත්තාය වා මහාරාජත්තාය වා ඉන්දත්තාය වා බ්‍රහ්මත්තාය වා දෙවත්තාය වා. අයං දිට්ඨි
තං
තෙනාහ භගවා -
‘‘පකප්පිතා සඞ්ඛතා යස්ස ධම්මා, පුරක්ඛතා සන්ති අවීවදාතා;
යදත්තනි පස්සති ආනිසංසං, තං නිස්සිතො කුප්පපටිච්චසන්ති’’න්ති.
|
19
(3 - 5)
1 “යමකුගේ කල්පනා කළ, සකස්වූ ධර්මයෝ” යන්නෙහි කල්පනා කළ යනු කල්පනා දෙකකි. තෘෂ්ණා කල්පනාවද දෘෂ්ටි කල්පනාවද යනුයි. (මෙහි (2-6) 1 (ii) (iii) ඡේද යෙදිය යුතුයි. එහි මමත්වය වෙනුවට කල්පනා කියා වෙනස්කර ගන්න) මේ කල්පනාවෝ දෙක වෙති
2 “සකස්වූ” යනු හේතුවෙන් හටගන්නා ලද රැස් කරණ ලද පිහිටුවන ලද්දේනුයි හෝ සංඛත නමි. යලිදු හෝ සකස්වූ ධර්මයෝ අනිත්‍යයහ. හේතුවකින් උපන්නෝය. සකස්වූවෝ ක්ෂය ධර්මයෝය. ව්‍යය ධර්මයෝය, විරාග ධර්මයෝය, නිරෝධ ධර්මයෝය. “යමකුගේ” යනු දෘෂ්ටිගතිකයාට යනුයි. ධර්මයයි දෙසැට දෘෂ්ටිගත කල්පනාවෝ සංඛතයෝ යනුයි.
3 “ප්‍රමුඛ කළ අපිරිසුදු දේ වෙත්” යන්නෙහි පෙරටු කිරීම් දෙකකි. තෘෂ්ණාව පෙරටු කිරීම දෘෂ්ටිය පෙරටුකිරීම (මමත්වය වෙනුවට පෙරටුකිරීම කියා වෙනස්කර (2-6) 1 (ii) (iii) ඡේද යෙදිය යුතුයි) ඔහුට තෘෂ්ණාව පෙරටුකිරීම ප්‍රහීණ නොවූයේද දෘෂ්ටිය පෙරටු කිරීම නොසංසිඳුනේද ඔහුගේ තෘෂ්ණාව පෙරටු කිරීම ප්‍රහීණ නොවූ බැවින් දෘෂ්ටිය පෙරටු කිරීම නොසංසිඳුන බැවින් හෙතෙම තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටුකොට හැසිරෙයි. හෙතෙම තෘෂ්ණාව ධ්වජ කොට ඇත්තේ තෘෂ්ණාව කොඩියකොට ඇත්තේ තෘෂ්ණාව අධිපති කොට ඇත්තේ දෘෂ්ටිය ධ්වජ කොට ඇත්තේ තෘෂ්ණාව කොඩිය කොට ඇත්තේ දෘෂ්ටිය අධිපතිකොට ඇත්තේ තෘෂ්ණාවෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පිරිවරණ ලද්දේ හැසිරෙයි. පෙරටු කරණ ලදී “වෙත්” යනු විද්‍යමානවෙත්, ඇත්තේය, ලබත් යනුයි.
4 “අපිරිසිදු දේ” යනු අපිරිසිදුවූයේ කිළුටුවූයේ යනුයි.
5 “යම් ආනිශංසයක් තමාතුළ දකීද” යන්නෙහි “යම්” යනු තමා කෙරෙහි යමක් යනුයි. “තමා තුළ” යනු තෙමේයයි දෘෂ්ටි ගතයාට කියනු ලැබේ. තමන්ගේ දෘෂ්ටියෙන් ආනිශංස දෙකක් බලයි. මෙලොව ආනිශංසයද පරලොව ආනිශංසයද යනුයි. (ii) මෙලොව ආනිශංසය කවරේද? (iii) ශාස්තෘතෙම යම් දෘෂ්ටියක් ඇත්තේ වෙයිද ශ්‍රාවකයෝද ඒ දෘෂ්ටි ගතුවෝ වෙති. ඒ දෘෂ්ටිය ඇති ශාස්තෘවරයාට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙති. ගරුකාර කෙරෙති. වඳිති පුදති. සැළකිළි කරති ඒ හේතුකොට ගෙන සිවුරු පිණ්ඩාහාර සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබයි මේ දෘෂ්ටියෙන් මෙලොව ආනිශංසයයි (iv) දෘෂ්ටියෙන් පරලොව ආනිශංස කවරේද? (v) මේ දෘෂ්ටිය නාගත්වය පිණිස සුදුසුය. සුපර්ණත්වය පිණිස සුදුසුය ගන්ධර්වත්වය පිණිස සුදුසුය. මහාරාජත්වය පිණිස හෝ ශක්‍රත්වය පිණිස හෝ බ්‍රහ්මත්වය පිණිස හෝ දෙවත්වය පිණිස හෝ සුදුසුය. මේ දෘෂ්ටිය ශුද්ධිය පිණිස විශුද්ධිය පිණිස පාරිශුද්ධිය පිණිස විමුක්තිය පිණිස සුදුසුය. මේ දෘෂ්ටියෙන් මිදෙත් පිරිසිදුවෙත්, මේ දෘෂ්ටියෙන් පිරිසිදු වන්නෙමි. මිදෙන්නෙමියි මතුඵලය බලාපොරොත්තුවූයේ වෙයි. මේ දෘෂ්ටියෙන් පරලොව ආනිශංසයයි, (vi) තමන්ගේ දෘෂ්ටියෙන් මේ ආනිශංස දෙක බලාපොරොත්තු වෙයි.
6 “ඒ අස්ථිරවූ සන්සිඳීම ඇසුරු කෙළේය” යන්නෙහි සංසිඳීම් තුනක් වෙති. අත්‍යන්ත (ඒකාන්ත) සංසිඳීම, තදංග සන්සිඳීම, සම්මුති සන්සිඳීම, යනුයි. අත්‍යන්ත ශාන්තිය කවරේද? (ii) අමෘතවූ නිර්වාණයට ඒකාන්තශාන්ති යයි කියනු ලැබේ. යමක් සියලු සංස්කාරයන් සමථයට පත් කළ සියලු කෙළෙස් සංසිඳවූ තෘෂ්ණා ක්ෂය කළ විරාග නම්වූ නිරෝධ නම්වූ නිර්වාණයයි. මේ ඒකාන්ත ශාන්තියයි. (iii) තදංග ශාන්තිය කවරේද? (iv) ප්‍රථමධ්‍යානයට සමවැදුනහුට නීවරණයෝ සංසිඳුනාහු වෙති. ද්විතීයධ්‍යානයට සම වැදුනහුට විතර්ක විචාරයෝ සංසිදුනාහු වෙති. තෘතීයධ්‍යානයට සමවැදුනහුට ප්‍රිතිය සන්සිදුනේ වෙයි. චතුර්ථධ්‍යානයට සමවැදුනහුට සුවදුක් සංසිදුනාහූ වෙති. ආකාශානඤ්චායතනයට සමවැදුනහුට රූප සංඥාව, පටිඝ සංඥාව නානත්ත සංඥාව සංසිඳුනාහු වෙති. විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනහුට ආකාසාඤ්චායතන සංඥාව සංසිඳුනේ වෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුනහුට විඤ්ඤාණඤ්ඤායතන සංඥාව සංසිදුනේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සම වැදුනහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව සංසිඳුනේ වෙයි. මේ තදංග සංසිඳීමයි. සම්මුති සංසිඳීම කවරේද? දෙසැට මිථ්‍යාදෘෂ්ටීන් සංසිඳීම සම්මුති සංසිඳීමයයි කියනු ලැබේ. මේ දෘෂ්ටි සංසිඳීමයි. නැවතද සම්මුති ශාන්තිය මේ අර්ථයෙහි අඩංගුවූ ශාන්තියයි.
7 “ඒ අස්ථිරවූ සන්සිඳීම ඇසුරු කෙළේ” යනු කලබලවූ ශාන්තිය සෙලවුනාවූ ශාන්තිය ගැටුන ශාන්තිය අනිත්‍යය සංඛතය හේතුවෙන් උපන්නේය. ක්ෂය ධර්මය ව්‍යය ධර්මය විරාග ධර්මය නිරෝධ ධර්මය ශාන්තිය ආශ්‍රයකොට ඇත්තේ ඇලීගත්තේ පැමිණියේ බැසගත්තේ පැමිණියේ යනුයි.
|
20
දිට්ඨීනිවෙසා න හි ස්වාතිවත්තා, ධම්මෙසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං;
තස්මා නරො තෙසු නිවෙසනෙසු, නිරස්සතී ආදියතී ච ධම්මං.
දිට්ඨීනිවෙසා න හි ස්වාතිවත්තාති.
දිට්ඨීනිවෙසාති ‘‘සස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’න්ති අභිනිවෙසපරාමාසො දිට්ඨිනිවෙසනං. ‘‘අසස්සතො ලොකො...පෙ.... අන්තවා ලොකො... අනන්තවා ලොකො
ධම්මෙසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතන්ති.
ධම්මෙසූති ද්වාසට්ඨි දිට්ඨිගතෙසු.
නිච්ඡෙය්‍යාති නිච්ඡිනිත්වා විනිච්ඡිනිත්වා විචිනිත්වා පවිචිනිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා.
සමුග්ගහීතන්ති නිවෙසනෙසු ඔධිග්ගාහො බිලග්ගාහො වරග්ගාහො කොට්ඨාසග්ගාහො උච්චයග්ගාහො සමුච්චයග්ගාහො. ඉදං සච්චං තච්ඡං තථං භූතං යාථාවං අවිපරීතං ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අජ්ඣොසිතං අධිමුත්තන්ති - ධම්මෙසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං.
තස්මා
නිරස්සතී ආදියතී ච ධම්මන්ති.
නිරස්සතීති ද්වීහි කාරණෙහි නිරස්සති - පරවිච්ඡින්දනාය වා නිරස්සති, අනභිසම්භුණන්තො වා නිරස්සති. කථං පරවිච්ඡින්දනාය නිරස්සති? පරො විච්ඡින්දෙති - සො සත්ථා න සබ්බඤ්ඤූ, ධම්මො න ස්වාක්ඛාතො, ගණො න සුප්පටිපන්නො, දිට්ඨි
තෙනාහ භගවා -
‘‘දිට්ඨීනිවෙසා න හි ස්වාතිවත්තා, ධම්මෙසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං;
තස්මා නරො තෙසු නිවෙසනෙසු, නිරස්සතී ආදියතී ච ධම්ම’’න්ති.
|
20
(3 - 6)
1 “දෘෂ්ටි වැළඳ සිටීම පහසුවෙන් ඉක්මවනු නොහැක” යන්නෙහි “දෘෂ්ටි වැළඳ සිටීම්” යනු (ii) ලෝකය ශාස්වතය මෙයම සත්‍යය අනික් දේ හිස්යයි දෘෂ්ටියට බැසගැන්ම ඇලීම පරාමර්ශය කොට ඇත්තේය. ලෝකය අශාස්වතය ලෝකය කෙළවරක් ඇත්තේය, ලෝකය කෙළවරක් නැත්තේය, ඒ ජීවයයි ඒ ශරීරයයි, අනිකක් ජීවයයි අනිකක් ශරීරයයි සත්වයා මරණින් මතු වෙයි, සත්වයා මරණින් මතු නොවෙයි, සත්වයා මරණින් මතු ඇත්තේද වෙයි නැත්තේද වෙයි, සත්වයා මරණින් මතු නොම වෙයි නොම නොවෙයි යන මෙයම සත්‍යයයි අනික් දේ හිස්යයි දෘෂ්ටි වැළඳ සිටීම ඇලීම පරාමර්ශය කොට ඇත්තේවේ. දෘෂ්ටියෙන් ඇතුළු වූවෝ පහසුවෙන් ඉක්ම විය. නොහැක. දුකසේ තරණය කටයුතුය.
2 “ධර්මයන්හි පිළිගන්නා ලද්ද නිශ්චය කරන්නේය” යන්නෙහි ධර්මයන්හි යනු දෙසැට දෘෂ්ටි ගතුවන් කෙරෙහි නිශ්චයකොට කල්පනාකොට සමකොට බලා තීරණය කොට ප්‍රකටකොට යනුයි. බැස ගැනීම්වල සීමාකොට ගත්තේ ගුහාව කොට ගත්තේ උතුම් කොට ගත්තේ කොටස් කොට ගත්තේ කැටිකොට ගත්තේ මෙය සත්‍යය යථාස්වභාවයයි අවිපරීත ස්වභාවයයි ගත්තේ පරාමර්ශ කරණ ලද්දේ බැසගන්නා ලද්දේ යනුයි.
3 “එහෙයින් මනුෂ්‍යතෙම ඒ වැළඳ ගැනීම්වල” යන්නෙහි තස්මා යනු ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් මනුෂ්‍යතෙම යනු සත්වයා (මෙහි 7 (ii) ඡේද යෙදිය යුතුයි.)
4 “ඒ වැළඳ ගැනීම්වල” යන්නෙහි ඒ දෘෂ්ටියට බැස ගැනීම්වල යනුයි. “ධර්මය දුරු කෙරේද, පිළිගනීද” යන්නෙහි කරුණු දෙකකින් ආලය රහිත වෙයි අන්‍යයන්ගේ අදහස් බිඳීම් වශයෙන් හෝ ආලය රහිත වෙයි. නුසුදුසු බැවින් හෝ ආලය නොවෙයි. කෙසේ අනුන්ගේ අදහස් බිඳීම් වශයෙන් ආලය නොවේද, ඒ ශාස්තෘවරයා සර්වඥ නොවේ. ධර්මය ස්වාක්ඛාත නොවේ. සංඝයා සුප්‍රතිපන්න නොවේ. දෘෂ්ටිය යහපත් නොවේ ප්‍රතිපදාව මනාව පනවන ලද එකක් නොවේ මාර්ගය නෛර්‍ය්‍යානික නොවේ මෙහි ශුද්ධියක් හෝ විශුද්ධියක් හෝ පාරිශුද්ධියක් හෝ මිදීමක් හෝ නැත. හීනය, නිහීනය ලාමකය. මෙසේ අන්‍ය අදහස් බිඳ දමයි. මෙසේ සිඳ දමනු ලබන්නේ ශාස්තෘවරයා කෙරෙහි නොඇලෙයි. ධර්මය කෙරෙහි නොඇලෙයි. සංඝයා කෙරෙහි නොඇලෙයි. ශීලය නුසුදුසු බැවින් ආලය නොවෙයි ව්‍රතය නුසුදුසු බැවින් ආලය නොවෙයි.
5 “ධර්මය පිළිගනී” යනු ශාස්තෘවරයා පිළිගනියි. ධර්ම දෙශනය පිළිගනියි. සංඝයා පිළිගනියි. දෘෂ්ටිය පිළිගනියි. ප්‍රතිපදාව පිළිගනියි. මාර්ගය පිළිගනියි. පරාමර්ශය කරයි. ඇතුළු වෙයි.
|
21
ධොනස්ස හි නත්ථි කුහිඤ්චි ලොකෙ,
පකප්පිතා දිට්ඨි භවාභවෙසු;
මායඤ්ච
ධොනස්ස හි නත්ථි කුහිඤ්චි ලොකෙ පකප්පිතා දිට්ඨි භවාභවෙසූති.
ධොනොති. ධොනා වුච්චති පඤ්ඤා - යා පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභබ්‍යා චින්තා උපපරික්ඛා භූරි මෙධා පරිණායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්‍රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො
අථ වා සම්මාදිට්ඨියා මිච්ඡාදිට්ඨි ධුතා ච ධොතා
අථ වා අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සබ්බෙ කිලෙසා, සබ්බෙ දුච්චරිතා, සබ්බෙ දරථා, සබ්බෙ පරිළාහා, සබ්බෙ සන්තාපා, සබ්බාකුසලාභිසඞ්ඛාරා ධුතා ච ධොතා ච සන්ධොතා ච නිද්ධොතා ච. අරහා ඉමෙහි ධොනෙය්‍යෙහි ධම්මෙහි උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උපපන්නො සමුපපන්නො සමන්නාගතො; තස්මා අරහා ධොනො. සො ධුතරාගො ධුතපාපො ධුතකිලෙසො ධුතපරිළාහොති - ධොනො.
කුහිඤ්චීති කුහිඤ්චි කිම්හිචි කත්ථචි අජ්ඣත්තං වා බහිද්ධා වා අජ්ඣත්තබහිද්ධා වා.
ලොකෙති අපායලොකෙ...පෙ.... ආයතනලොකෙ.
පකප්පිතාති
මායඤ්ච මානඤ්ච පහාය ධොනොති.
මායා වුච්චති වඤ්චනිකා චරියා. ඉධෙකච්චො කායෙන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං
මානොති එකවිධෙන මානො - යා චිත්තස්ස උන්නති
(උණ්ණති (ස්‍යා. ක.)). දුවිධෙන මානො - අත්තුක්කංසනමානො, පරවම්භනමානො. තිවිධෙන මානො - ‘‘සෙය්‍යොහමස්මී’’ති මානො, ‘‘සදිසොහමස්මී’’ති
ස කෙන ගච්ඡෙය්‍ය අනූපයො සොති.
උපයාති ද්වෙ උපයා - තණ්හූපයො ච දිට්ඨූපයො ච...පෙ.... අයං තණ්හූපයො...පෙ.... අයං දිට්ඨූපයො. තස්ස තණ්හූපයො පහීනො
තෙනාහ භගවා -
‘‘ධොනස්ස
මායඤ්ච මානඤ්ච පහාය ධොනො, ස කෙන ගච්ඡෙය්‍ය අනූපයො සො’’ති.
|
21
(3 - 7)
1 “ශුද්ධ පුරුෂයාට වනාහි භවාභවයන්හි කල්පනා කළ දෘෂ්ටියක් ලොව කොහි හෝ නැත” යන්නෙහි “ශුද්ධ පුරුෂ” යන මෙහි ශුද්ධ යනු ප්‍රඥාවට කියනු ලැබේ යම් ප්‍රඥාවක් මනාදැනීමක් ඇත්තේ අමොහ යයිද, ධර්ම විචයයයිද, දෘෂ්ටියයිද කියනුලැබේ. කවර කරුණකින් ප්‍රඥාවට ධොතයයි කියනු ලැබේද, (ii) ඒ ප්‍රඥාවෙන් කාය දුශ්චරිතය ඉවත්කරණ ලද්දේද, සෝදා හරින ලද්දේද, වාග් දුශ්චරිතය ඉවත් කරණ ලද්දේද සෝදා හරින ලද්දේද මනස් දුශ්චරිතය ඉවත් කරණ ලද්දේද සෝදා හරින ලද්දේද, රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධවෛරය, ගුණමකුකම, අනුන්ට දොස්කීම ඉවත් කරණ ලද්දේද සෝදා හරින ලද්දේද, එකට එක කිරීම, මානය අතිමානය, මදය, ප්‍රමාදය ඉවත් කරණ ලද්දේද සෝදා හරින ලද්දේද, සියලු කෙලෙස්, සියලු දුසිරිත්, සියලු දානයෝ සියලු පරිදාහයෝ සියලු තැවිලි සියලු අකුසලාභි සංස්කාරයෝ ඉවත් කරණ ලද්දේද, සෝදා හරින ලද්දේද, ඒ කාරණයෙන් (iii) “ශුද්ධ” යයි ප්‍රඥාවට කියනුලැබේ. (iv) යලිදු හෝ සම්‍යක් දෘෂ්ටියෙන් මිථ්‍යාදෘෂ්ටිය, ඉවත් කරණ ලද්දේද සෝදා හරින ලද්දේද, සම්‍යක් සංකල්පයෙන් මිථ්‍යා සංකල්පය ඉවත් කරණ ලද්දේද සෝදා හරින ලද්දේද, සම්‍යක් වචනයෙන් මිථ්‍යා වචනය ඉවත් කරණ ලද්දේද, සෝදා හරින ලද්දේද, සම්‍යක් කර්මාන්තයෙන් මිථ්‍යා කර්මාන්තය ඉවත් කරණ ලද්දේද සෝදා හරින ලද්දේද සම්‍යක් ආජීවයෙන් මිථ්‍යා ආජීවය, සම්‍යක් ව්‍යායාමයෙන් මිථ්‍යා ව්‍යායාමය, සම්‍යක් සති (සිහි) යෙන් මිථ්‍යා (වැරදි) සතිය, සම්‍යක් සමාධියෙන් මිථ්‍යා සමාධිය, සම්‍යක් ඥානයෙන් මිථ්‍යා ඥානය ඉවත් කරණ ලද්දේද සෝදා හරින ලද්දේද, සම්‍යක් විමුක්තියෙන් මිථ්‍යා විමුක්තිය ඉවත් කරණ ලද්දේද, සෝදා හරින ලද්දේද, යලිදු හෝ ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගයෙන් සියලු කෙළෙස් සියලු දාහයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ සියලු කුශලභි සංස්කාරයෝ ඉවත් කරණ ලද්දේද සෝදා හරින ලද්දේද රහතන් වහන්සේ මේ “ශුද්ධ” ධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි. විශේෂයෙන් යුක්තවූයේ වෙයි. (v) එබැවින් උන්වහන්සේට “ශුද්ධ” යයි කියනු ලැබේ. එබැවින් ඒ රහතන් වහන්සේ විසින් රාගය සෝදා හරින ලද්දේය පාපය සෝදා හරින ලද්දේය. ක්ලෙශයන් සෝදා හරින ලද්දේය සියලු පරිදාහයන් ඉවත්කරණ ලද්දේය. සෝදා හරිනලද්දේය එබැවින් “ශුද්ධ” නමි.
2 “ශුද්ධ පුරුෂතෙමේ මායාද මානයද හැර” යන්නෙහි රැවටිලි හැසිරීම මායාවයයි කියනු ලැබේ. (ii) මේ ලෝකයෙහි ඇතමෙක් කයින් දුසිරිතෙහි හැසිර වචනයෙන් දුසිරිතෙහි හැසිර එය වැසීමේ හේතුවෙන් ලාමක කල්පනාවට බැස ගනියි. මා අන්‍යයෝ නොදනිත්වා නොපෙණෙත්වායි බලාපොරොත්තු වෙයි. මා අන්‍යයෝ නොදනිත්වා නොපෙණෙත්වායි කල්පනා කරයි. මා අන්‍යයෝ නොදනිත්වා නොපෙණෙත්වායි කයින් ඉක්මවයි. මෙබඳුවූ යම් රැවටිල්ලක් රැවටිලි බවක් වරදක් කෛරාටික කමක් සැඟවීමක් වැසීමක් අප්‍රකට කිරීමක් පාප ක්‍රියාවක් ඇද්ද මෙය රැවටිල්ලයයි කියනු ලැබේ. “මාන” යනු (iii) යම් චිත්තයාගේ උන්නති භාවයක් ඇද්ද එක් ආකාරයකින් මාන්නයයි. තමා උසස් කොට සැලකීම අනුන්ට නින්දා කිරීම යනු දෙආකාරයකින් මාන්නයයි ශ්‍රේෂ්ඨ වෙමියි සිතන මානය, සමාන වෙමියි සිතන මානය පහත් වෙමියි සිතන මානය යනු තුන් ආකාරයකින් මානයයි. (iv) ලාභයෙන් මානය උපදවයි. කීර්තියෙන් මානය උපදවයි. ප්‍රශංසාවෙන් මානය උපදවයි. සැපයෙන් මානය උපදවයි. යනු කරුණු සතරකින් මානය උපදවීමයි. මනවඩන්නාවූ රූපයන් ලැබුවේ වෙමියි මාන්නය උපදවයි මනවඩන්නාවූ ශබ්දයන් ලැබුවේ වෙමියි මාන්නය උපදවයි. මනවඩන්නාවූ ගන්ධයන් රශයෙන් ස්පර්ශයන් ලැබුවේ වෙමියි මානය උපදවයි යනු පස් ආකාරයකින් මාන්නය උපදවයි (v) ඇස් ලැබීම නිසා මානය උපදවයි. කන් ලැබීම නිසා මානය උපදවයි. නාසය ලැබීම නිසා මානය උපදවයි. දිව ලැබීම නිසා කායයන් ලැබීම නිසා මානය උපදවයි යනු සය ආකාරයකින් මාන්නය උපදවීමයි. මානය අතිමානය මානාතිමානය අවමානය අධිමානය අස්මි මානය මිථ්‍යා මානය යනු සත් ආකාරයකින් මාන්නය ඉපදවීමයි (vi) ලාභයෙන් මාන්නය උපදවයි. අලාභයෙන් අවමානය උපදවයි. කීර්තියෙන් මානය උපදවයි අපකීර්තියෙන් අවමානය උපදවයි. ප්‍රශංසාවෙන් මානය උපදවයි. නින්දාවෙන් අවමානය උපදවයි. සැපයෙන් මානය උපදවයි. දුකෙන් අවමානය උපදවයි නවවැදෑරුම් මානයෙන් එනම් ශ්‍රේෂ්ඨයාට ශ්‍රේෂ්ඨවෙමියි ඇතිවන මානය, ශ්‍රේෂ්ඨයාට සමානවෙමියි ශ්‍රේෂ්ඨයාට හීනවෙමියි. සමානයාට ශ්‍රේෂ්ඨවෙමි. සමානයාට සමාන වෙමි. සමානයාට හින වෙමියි ඇතිවන මානය යනු නවවැදෑරුම් මානයයි, දශවැදෑරුම් මානය නම්, (vii) මේ ලෝකයෙහි ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලයෙන් හෝ පැහැසපුවෙන් හෝ ධනයෙන් හෝ ඉගෙණීමෙන් හෝ කර්මාන්තයෙන් හෝ ශිල්පායතනයෙන් හෝ විද්‍යායතනයෙන් හෝ බොහෝ දේ දැනීමෙන් හෝ වැටහීමෙන් හෝ වෙන යම් කරුණකින් හෝ යමෙක් මෙබඳු මානයක් සිතේ උසස් බවක් උසස්යයි හැඟීමක් කොඩියක්සේ ඉදිරිපත් කරගත් මානයක් වේනම් එයයි. මෙය මානයයි කියනු ලැබේ “ශුද්ධ පුරුෂයා මායාවද මානයද හැරදමා’ යනු නුවණැත්තා රැවටිල්ලද මානයද හැර දුරුකොට පහකොට නූපදනා බවට පමුණුවා වාසය කරයි.
3 “රැස්කිරීමක් නැති තැනැත්තේ කවර මඟකින් යන්නේද යනු පැමිණීම් දෙකක් වෙති. තෘෂ්ණාව රැස්කිරීම දෘෂ්ටිය රැස්කිරීම යන දෙකයි. (ii) මෙහි (2-6) 1 (ii) (iii) ඡේදවල “මමත්වය” වෙනුවට “රැස්කිරීමයි” වෙනස්කොට යොදාගත යුතුයි) (iii) ඔහුගෙ තෘෂ්ණාව රැස්කිරීම ප්‍රහීණවූයේ වෙයි. දෘෂ්ටිය රැස්කිරීම දුරු කරණ ලද්දේ වේ. තෘෂ්ණාව රැස්කිරීම ප්‍රහීණවූ බැවින් දෘෂ්ටිය රැස්කිරීම දුරු කළ බැවින් රැස්කිරීම් රහිතවූ පුද්ගලතෙම කවර කරුණකින් (iv) රාගයට පැමිණෙන්නේද කවර කරුණකින් ද්වේෂයට පැමිණෙන්නේද කවර කරුණකින් මෝහයට පැමිණෙන්නේද කවර දෘෂ්ටියකට පැමිණෙන්නේද කවර තැන්පත් ක්ලෙශයකින් (v) රාගය ඇත්තෙකැයි ද්වේෂය ඇත්තෙකැයි මුලාවට පැමිණියෙකැයි හෝ එකට බැඳුනේයයි කියා හෝ පරාමර්ශය කළේයයි කියා හෝ අවුලට පත්වූයේයයි කියා හෝ නිමාවට නොපැමිණියේයයි කියා හෝ උත්සාහයට පැමිණියේයයි කියා හෝ කියද්ද, ඔව්හු රැස්කිරීම් ප්‍රහීණ කළහ රැස්කිරීම් ප්‍රහීණ කළ බැවින් ගතියකට කවරකින් යන්නේද, නිරිසතෙක කියා හෝ තිරිසන් සතෙක කියා හෝ ප්‍රෙතාත්මයට පැමිණියෙකැයි කියා හෝ මිනිසෙකැයි කියා හෝ දෙවියෙකැයි කියා හෝ රූපී බ්‍රහ්මයෙකැයි කියා හෝ අරූපී බ්‍රහ්මයෙකැයි කියා හෝ සඤ්ඤීයයි කියා හෝ අසඤ්ඤීයයි කියා හෝ නෙවසඤ්ඤිනාසඤ්ඤියයි කියා හෝ කියන්නට හේතුවක් නැත. ප්‍රත්‍යයයක් නැත, කාරණයක් නැත.
|
22
උපයො හි ධම්මෙසු උපෙති වාදං,
අනූපයං කෙන කථං වදෙය්‍ය;
අත්තා නිරත්තා න හි තස්ස අත්ථි, අධොසි සො දිට්ඨිමිධෙව සබ්බං.
උපයො
අනූපයං
අත්තා නිරත්තා න හි තස්ස අත්ථීති.
අත්තාති අත්තානුදිට්ඨි නත්ථි.
නිරත්තාති උච්ඡෙදදිට්ඨි නත්ථි.
අත්තාති ගහිතං නත්ථි.
නිරත්තාති මුඤ්චිතබ්බං නත්ථි. යස්සත්ථි ගහිතං, තස්සත්ථි මුඤ්චිතබ්බං; යස්සත්ථි මුඤ්චිතබ්බං, තස්සත්ථි ගහිතං. ගහණං මුඤ්චනා සමතික්කන්තො අරහා බුද්ධිපරිහානිවීතිවත්තො. සො වුට්ඨවාසො චිණ්ණචරණො ගතද්ධො ගතදිසො ජාතිමරණසංසාරො, නත්ථි තස්ස පුනබ්භවොති - අත්තා නිරත්තා න හි තස්ස අත්ථි.
අධොසි
තෙනාහ භගවා -
‘‘උපයො හි ධම්මෙසු උපෙති වාදං, අනූපයං කෙන කථං වදෙය්‍ය;
අත්තා නිරත්තා න හි තස්ස අත්ථි, අධොසි සො දිට්ඨිමිධෙව සබ්බ’’න්ති.
|
22
4 “රැස්කිරීම් ඇත්තේම ධර්මයන්හි වාදයට එයි” යනු තෘෂ්ණාව රැස්කිරීමද දෘෂ්ටිය රැස්කිරීමද යන දෙකයි (මෙහි 3 (iii) ඡේදය යෙදිය යුතුයි) මේ තෘෂ්ණාව රැස්කිරීමයි මේ දෘෂ්ටිය රැස්කිරීමයි ඔහුගේ තෘෂ්ණාව රැස්කිරීම ප්‍රහීණ නොවූයේය. දෘෂ්ටිය රැස්කිරීම දුරුනොකරණ ලද්දේවේ. තෘෂ්ණාව රැස්කිරීම ප්‍රහීණ නොකළබැවින් දෘෂ්ටිය රැස්කිරීම දුරුනොකළ බැවින් රාගය ඇත්තේය කියා හෝ ද්වේෂය ඇත්තේය කියා හෝ මෝහය ඇත්තේය කියා හෝ බැඳුනේය කියා හෝ පරාමර්ශය කළේයයි කියා හෝ අවුලට පත්වූයේයයි කියා හෝ අනිටු දෙයට ගියේයයි හෝ උත්සාහවත්වූයේය කියා හෝ ධර්මයන්හි වාදයට පැමිණෙයි. ඔව්හු රැස්කිරීම් ප්‍රහීණ නොකළෝය. රැ ස්කිරීම් ප්‍රහීණ නොකළ බැවින් උත්පත්තිය පිළිබඳ වාදයට පැමිණෙත්. නිරිසතෙක කියා හෝ තිරිසන් සතෙක කියා හෝ ප්‍රෙතගති ඇත්තෙකැයි කියා හෝ මිනිසෙක කියා හෝ දෙවියෙක කියා හෝ රූපී බ්‍රහ්මයෙක කියා හෝ අරූපී බ්‍රහ්මයෙක කියා හෝ සඤ්ඤීයයි කියා හෝ අසඤ්ඤියයි කියා හෝ නෙවසඤ්ඤිනාසඤ්ඤියයි කියා හෝ වාදයට පැමිණෙයි, එළඹෙයි, ගනියි.
5 “රැස් නොකරන්නේ කුමකින් කෙසේ කියන්නේද” යන්නෙහි පැමිණීම් දෙකකි. තෘෂ්ණාවට පැමිණීම දෘෂ්ටියට පැමිණීම යන දෙකයි ‘තෘෂ්ණා මමත්වය” වෙනුවට “තෘෂ්ණාවට පැමිණීම” කියා වෙනස්කර (2-6) 1 (ii) (iii) ඡේද යෙදිය යුතුයි.) ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවූයේය. දෘෂ්ටිය දුරුවූයේය තෘෂ්ණාව ප්‍රහීණවූ බැවින් දෘෂ්ටිය දුරු කරණ ලද බැවින් රැස් නොකළ පුද්ගලයාට කවර රාගයෙන් කරුණු කියන්නේද, කවර ද්වේෂයෙන් කරුණු කියන්නේද, කවර මෝහයෙන් කරුණු කියන්නේද, කවර මානයෙන් කරුණු කියන්නේද, කවර දෘෂ්ටියෙන් කියන්නේද, කවර සිතේ නොසන්සුන්කමින් කරුණු කියන්නේද කවර විචිකිච්ඡාවෙන් කියන්නේද? කවර තැන්පත්වූ රාගයන්ගෙන් කියන්නේද රාගය ඇත්තෙකැයි කියා හෝ (මෙහි 3 (v) ඡේදය යෙදිය යුතුයි.) එබඳු හේතුවක් නැත. එබඳු ප්‍රත්‍යයක් නැත, කාරණයක් නැත. යමකින් කරුණු කියන්නේද ප්‍රකාශ කරන්නේද (එයට හේතුවක් නැත)
6 “ඔහුට ආත්මය නිරාත්මයයි යමක් නැත” යන්නෙහි ආත්ම යන්නෙන් දක්වන දෘෂ්ටිය නැත. “නිරත්ත” යන්නෙන් දක්වන උච්ඡෙද දෘෂ්ටිය නැත. ආත්මයයි ගන්නා ලද්දක් නැත. ආත්මය නොවේයයි මිදියයුත්තක් නැත. යමෙකුට ගැණීමක් ඇත්නම් මිදිය යුත්තකුත් ඇත. යමෙකුට මිදිය යුත්තක් ඇත්නම් ගැණීමකුත් ඇත ගැණීමද මිදීමද ඉක්මවූ රහතුන් වහන්සේ වැඩීමද පරිහානියද නැවැත්වූසේක. (ii) උන්වහන්සේ වැස නිමවනලද වාස ඇත්තේ පුරුදු කළ පැවැත්ම ඇත්තේ ඈත්කළ ජාති ජරා මරණ සංසාර ඇත්තේ උන්වහන්සේට නැවත උත්පත්තියක් නැත.
“හෙතෙම මෙහිම සියලු දෘෂ්ටිය නැසීය” යන්නෙහි ඔහුගේ දෙසැටක් වැරදි දෘෂ්ටීහු ප්‍රහීණවූහ. සිඳුනාහ. සංසිඳුනාහ. ඉපදීමට අයොග්‍යවූහ. ඥානය නමැති ගින්නෙන් දැවුනාහ. හෙතෙම ගන්නා ලද සියලු දෘෂ්ටීහු මෙහිදිම දුරු කළේය. නූපදින බවට පැමිණවිය
|