2. ගුහට්ඨකසුත්තනිද්දෙසො | 2. ගුහට්ඨක සූත්‍ර නිර්දෙශය |
7
සත්තො
දූරෙ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.
සත්තො ගුහායං බහුනාභිඡන්නොති. සත්තොති හි ඛො වුත්තං, අපි ච ගුහා තාව වත්තබ්බා.
ගුහා වුච්චති කායො. කායොති වා ගුහාති වා දෙහොති
‘‘රූපෙ ඛො, රාධ, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා චෙතසො
තිට්ඨං
වුත්තඤ්හෙතං භගවතා - ‘‘සන්ති, භික්ඛවෙ, චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති
වුත්තඤ්හෙතං
වුත්තම්පි හෙතං භගවතා - ‘‘කබළීකාරෙ චෙ, භික්ඛවෙ, ආහාරෙ අත්ථි රාගො අත්ථි නන්දී අත්ථි තණ්හා, පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං විරූළ්හං. යත්ථ පතිට්ඨිතං විඤ්ඤාණං විරූළ්හං, අත්ථි තත්ථ නාමරූපස්සාවක්කන්ති. යත්ථ අත්ථි නාමරූපස්සාවක්කන්ති, අත්ථි තත්ථ සඞ්ඛාරානං වුද්ධි. යත්ථ අත්ථි සඞ්ඛාරානං වුද්ධි, අත්ථි තත්ථ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති. යත්ථ අත්ථි ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති, අත්ථි තත්ථ ආයතිං ජාතිජරාමරණං. යත්ථ අත්ථි ආයතිං ජාතිජරාමරණං, සසොකං තං, භික්ඛවෙ, සරජං සඋපායාසන්ති වදාමී’’ති. එවම්පි තිට්ඨං නරො.
‘‘ඵස්සෙ චෙ, භික්ඛවෙ, ආහාරෙ...පෙ.... මනොසඤ්චෙතනාය චෙ, භික්ඛවෙ, ආහාරෙ... විඤ්ඤාණෙ චෙ, භික්ඛවෙ, ආහාරෙ අත්ථි රාගො අත්ථි නන්දී අත්ථි තණ්හා
මොහනස්මිං පගාළ්හොති. මොහනා වුච්චන්ති පඤ්ච කාමගුණා. චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා; සොතවිඤ්ඤෙය්‍යා සද්දා... ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා... ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා... කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. කිං කාරණා මොහනා වුච්චන්ති පඤ්ච කාමගුණා? යෙභුය්‍යෙන දෙවමනුස්සා
දූරෙ විවෙකා හි තථාවිධො සොති.
විවෙකාති තයො විවෙකා - කායවිවෙකො, චිත්තවිවෙකො, උපධිවිවෙකො. කතමො කායවිවෙකො? ඉධ භික්ඛු විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. කායෙන විවිත්තො විහරති. සො එකො ගච්ඡති, එකො තිට්ඨති, එකො නිසීදති, එකො සෙය්‍යං කප්පෙති, එකො ගාමං පිණ්ඩාය
කතමො
කතමො උපධිවිවෙකො? උපධි වුච්චන්ති කිලෙසා ච ඛන්ධා ච අභිසඞ්ඛාරා ච. උපධිවිවෙකො වුච්චති අමතං නිබ්බානං. යො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අයං උපධිවිවෙකො. කායවිවෙකො ච විවෙකට්ඨකායානං
(වූපකට්ඨකායානං (ස්‍යා.)) නෙක්ඛම්මාභිරතානං, චිත්තවිවෙකො ච පරිසුද්ධචිත්තානං පරමවොදානප්පත්තානං, උපධිවිවෙකො ච නිරූපධීනං පුග්ගලානං විසඞ්ඛාරගතානං.
දූරෙ
කාමා හි ලොකෙ න හි සුප්පහායාති.
කාමාති උද්දානතො ද්වෙ කාමා - වත්ථුකාමා ච කිලෙසකාමා ච. කතමෙ වත්ථුකාමා? මනාපිකා රූපා මනාපිකා සද්දා මනාපිකා ගන්ධා මනාපිකා රසා මනාපිකා ඵොට්ඨබ්බා, අත්ථරණා පාවුරණා දාසිදාසා අජෙළකා කුක්කුටසූකරා හත්ථිගවාස්සවළවා, ඛෙත්තං වත්ථු හිරඤ්ඤං
කතමෙ
‘‘අද්දසං කාම තෙ මූලං, සඞ්කප්පා කාම ජායසි;
න තං සඞ්කප්පයිස්සාමි, එවං කාම න හොහිසී’’ති. -
ඉමෙ වුච්චන්ති කිලෙසකාමා.
ලොකෙති
තෙනාහ භගවා -
‘‘සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො;
දූරෙ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා’’ති.
|
7
(2 - 1)
21 “සත්වයා ගුහාවෙහි බොහෝ සෙයින් වැසී සිටියේය. යන්නෙහි “සත්ව යන්න කියන ලද්දේමය, යළිදු “ගුහා” පළමුකොට කියයුතුය ගුහායයි ශරීරයට කියනු ලැබේ. ගුහා යනු හෝ දෙහ යනු හෝ සන්දෙහ, නාව, රථ, ධජ, වම්මික (තුඹස) නගර, නීඩ, (කූඩුව) කුටී, ගණ්ඩ, කුම්ම, නාග යනු හෝ ශරීරයට මේ විශේෂ වචනයෝයි.” සත්වයා ගුහාවෙහි යනු ගුහාවෙහි ඇළුණේය විශේෂයෙන් ඇළුණේ ලග්නවූයේ යනුයි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලදී. “රාධය රූපයෙහි (ii) වනාහි යම් ආශාවක් යම් රාගයක් යම් බැඳීමක් යම් තෘෂ්ණාවක් සිතින් උපාදානවශයෙන් තදින් බැසගැන්මක් ඇද්ද, එහි ඇළුනේනුයි එහි විශේෂයෙන් ඇළුනේනුයි “සත්වයා’ යයි කියනු ලැබේ (iii) රාධය වේදනාවෙහි (21 (ii) යෙදිය යුතුයි) සංඥාවෙහි (21 (ii) යෙදිය යුතුයි) රාධය සංස්කාරයන්හි (21 (ii) යෙදිය යුතුයි) විඤ්ඤාණයෙහි (21 (ii) යෙදිය යුතුයි)
22 සත්ව යනු ඇලීමට විශේෂ වචනයකි. “සත්වයා ගුහාවෙහි බොහෝ සෙයින් වැසී සිටියේ” යනු බොහෝ ක්ලෙශයන්ගෙන් වැසුනු, රාගයෙන් වැසුන ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රෝධයෙන් බද්ධ වෛරයෙන් ගුණමකුකමින් එකට එක කිරීමෙන් ඊර්ෂ්‍යාවෙන් මසුරුකමින් රැවටිල්ලෙන් කෛරාටික කමින් තද කමින් එකට එක කිරීමෙන් මානයෙන් අතිමානයෙන් මදයෙන් ප්‍රමාදයෙන් සියලු ක්ලෙශයන්ගෙන් සියලු දුශ්චරිතයන්ගෙන් සියලු විඩාවන්ගෙන් සියලු පරිදාහයන්ගෙන් සියලු සන්තාපයන්ගෙන් සියලු අකුශල ක්‍රියාවන්ගෙන් වැසුනේ යටවූයේ ආවරණවූයේ යටි කුරුවූයේ යනුයි.
23 මොහනයෙහි දැඩිව සිටින්නාවූ සත්වයා” යන්නෙහි සිටින්නාවූ මිනිසා” යනු සිටින්නාවූ මිනිසා ඇළුනේ රාග වශයෙන් සිටියි. ද්වේෂයට පැමිණියේ ද්වේෂවශයෙන් සිටියි. මුළාවූයේ මෝහ වශයෙන් සිටියි. එකට බැඳුනේ මාන වශයෙන් සිටියි. පරාමර්ශනය කරණ ලද්දේ දෘෂ්ටි වශයෙන් සිටියි. සිත කැළඹීමට ගියේ උද්ධච්ච වශයෙන් සිටියි. නීවරණයකට නොපැමිණියේ සැක වශයෙන් සිටියි. උත්සාහවත්වූයේ අනුශය (සිතිවිලි) වශයෙන් සිටියි.
24 භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. මහණෙනි, ඇසින් (ii) හැඳිනගනු ලබන්නාවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය රූපවූ, කාමයෙන් යුක්තවූ, ඇලෙන්නාවූ (iii) රූපයෝ ඇත්තාහ. (iv) ඉදින් භික්ෂුව එහි සතුටුවෙයි. එය ප්‍රකාශ කරයි. බලවත් ඇල්මෙන් සිටියි.
25 මහණෙනි, කණින් (24 (ii) යෙදිය යුතුයි.) ශබ්දයෝ ඇත්තාහ. (24 (iv) යෙදිය යුතුයි)
26 නාසයෙන් (24 (ii) යෙදිය යුතුයි.) ගන්ධයෝ ඇත්තාහ. (24 (iv) යෙදිය යුතුයි.)
27 දිවින් (24 (ii) යෙදිය යුතුයි.) රසයෝ ඇත්තාහ. (24 (iv) යෙදිය යුතුයි.)
28 කයින් (24 (ii) යෙදිය යුතුයි.) ස්පර්ශයෝ ඇත්තාහ. (24 (iv) යෙදිය යුතුයි.)
29 සිතින් (24 (ii) යෙදිය යුතුයි.) ධර්මයෝ ඇත්තාහ. (24 (iv) යෙදිය යුතුයි.)
30 භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරණ ලදී “මහණෙනි, රූපයෙන් (ii) ඇතිවන විඤ්ඤාණය සිටිනු ලබන්නේ සිටියි. (iii) රූපාරම්මණය රූප ප්‍රතිෂ්ඨාව (iv) ප්‍රීතියෙන් සේවනය කිරීම අභිවෘද්ධියට වැඩීමට විශාලත්වයට පැමිණෙයි.
31 වේදනාවෙන් (30 (ii) යෙදිය යුතුයි.) වේදනාරම්මනය වේදනා ප්‍රතිෂ්ඨාව (30 (iv) යෙදිය යුතුයි)
32 සංඥාවෙන් (30 (ii) යෙදිය යුතුයි) සංඥාරම්මනය සංඥා ප්‍රතිෂ්ඨාව (30 (iv) යෙදිය යුතුයි)
32 සංස්කාරයෙන් (30 (ii) යෙදිය යුතුයි.) සංස්කාරම්මනය සංස්කාර ප්‍රතිෂ්ඨාව (30 (iv) යෙදිය යුතුයි.)
33 විඤ්ඤාණයෙන් (30 (ii) යෙදිය යුතුයි) විඤ්ඤාණාරම්මනය විඤ්ඤාණ ප්‍රතිෂ්ඨාව (30 (iv) යෙදිය යුතුයි)
34 භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. මහණෙනි, ඉදින් කබලීකාර (පිඩු වශයෙන් අනුභව කරණ) ආහාරයෙහි රාගයක් ඇද්ද, බැඳීමක් ඇද්ද, තෘෂ්ණාවක් ඇද්ද එහි පිහිටි විඤ්ඤාණය වැඩීමට ගියේවෙයි. යම්තැනෙක්හි පිහිටියාවූ විඤ්ඤාණය වැඩුනේද එහි නාම රූපයන්ගේ පැවැත්ම ඇතිවේ යම්තැනක නාම රූපයන්ගේ පැවැත්ම වේද එහි සංස්කාරයන්ගේ අභිවෘද්ධිය ඇතිවේ. යම්තැනෙක සංස්කාරයන්ගේ අභිවෘද්ධිය ඇතිවේද එහි මතු නැවත ඉපදීම ඇතිවේ. යම් තැනෙක ඉපදීම ඇතිවේද එහි මත්තෙහි ජාති, ජරා, මරණවේද යම්තැනෙක මත්තෙහි ජාති, ජරා, මරණ වේද, මහණෙනි, එය ශොක සහිත, කෙලෙස් සහිත, තැන්පත් ශොක (උපායාස) සහිත වේයයි කියමි. “මහණෙනි, ඉදින් ඵස්සාහාරයෙහිද මනො සඤ්චෙතනාහාරයෙහිද, විඤ්ඤාණාහාරයෙහිද ඇල්මක් ඇද්ද, බැඳීමක් ඇද්ද, තෘෂ්ණාවක් ඇද්ද, එහි විඤ්ඤාණය පිහිටියේය. අභිවෘද්ධියට ගියේය. යම්තැනෙක ඒ විඤ්ඤාණය පිහිටියේද වැඩීමට ගියේද එහි සිතේ කයේ බැසගැන්ම ඇතිවේ. යම්තැනක සිතේ කයේ බැසගැන්ම වේද එහි ක්‍රියාවන්ගේ වැඩීම සිදුවේ. යම්තැනෙක ක්‍රියාවන්ගේ අභිවෘද්ධිය වේද, එහි යලිදු පුනර්භවයෙහි ඉපදීම ඇතිවේ. යම්තැනක පුනර්භවයෙහි ඉපදීම ඇතිවේද, එහි යලිදු ජාති, ජරා, මරණ ඇතිවේ. යම්තැනක ජාති ජරා මරණ ඇතිවේද, මහණෙනි, එය ශොක සහිතවූ කෙලෙස් රජස් සහිතවූ උපායාස සහිතවූ තැනයයි කියමි.
35 “දැඩිව මොහනයෙහි” යන තන්හි “මොහනා” යයි පඤ්චකාම ගුණයන්ට කියයි. ඇසින් (24 (ii) යෙදිය යුතුයි) රූපයෝද ඇත්තාහ කණින් (24 (ii) යෙදිය යුතුයි.) ශබ්දයෝද ඇත්තාහ. නාසයෙන් (24 (ii) යෙදිය යුතුයි) ගන්ධයෝද ඇත්තාහ. දිවෙන් (24 (ii) යෙදිය යුතුයි) රසයෝද ඇත්තාහ කයින් (24 (ii) යෙදිය යුතුයි) ස්පර්ශයෝද ඇත්තාහ. පඤ්චකාම ගුණයෝ කවර කරුණකින් මොහනයයි කියද්ද, බොහෝසෙයින් දෙවියෝද මිනිස්සුද පඤ්චකාම ගුණයන්හි මුලාවෙන් විශේෂයෙන් මුලාවෙත්. මුලාවූවෝ අවිද්‍යාවෙන් අන්ධ කරණලද්දෝ ආවරණය කරණලද්දෝ වසන ලද්දෝ වෙති ඒ කාරණයෙන් මොහනා (මුළා කරන්නී) යයි පඤ්චකාම ගුණයන් කියති “මොහනයෙහි දැඩිව” යනු මුලාවීමෙහි ඈළුණු පැටලුණු බැසගත් ගිලුණාවූ යනුයි.
36 “විවේකයෙන් දුරුවූ එබඳුවූ හෙතෙම” යන්නෙහි “විවේක” යනු කාය විවේක චිත්ත විවේක උපධි විවේක යන තුනයි. කාය විවේකය කවරේද, මේ ශාසනයෙහි මහණතෙම අරණ්‍ය, වෘක්ෂමූල, පර්වත කඳු බෑවුම්, සොහොන්, කැලෑබද ස්ථාන, අභ්‍යවකාශ පිදුරු බිසි යන විවේක සෙනසුන් භජනය කරයි. කයින්ද විවේකව වසයි. හෙතෙම තනිව ගමන් කරයි. තනිව සිටියි. තනිව වැඩ හිඳියි. තනිව සයනය කරයි තනිව ගමට පිඩු පිණිස හැසිරෙයි. තනිව ආපසු එයි. තනිව රහසිගතව වැඩහිඳියි. තනිව සක්මනට බසියි. තනිව හැසිරෙයි. වාසය කරයි. ඉරියව් පවත්වයි පාලනය කරයි. යැපෙයි මේ කාය විවේකයයි.
37 චිත්ත විවේකය කවරේද? ප්‍රථම ධ්‍යානයට සමවැදුනහුට නීවරණයන්ගෙන් සිත මිදුනේවෙයි. ද්විතීය ධ්‍යානයට සමවැදුනහුට විතර්ක විචාරයන්ගෙන් සිත විවේක වෙයි. තෘතීය ධ්‍යානයට සමවැදුනහුට ප්‍රීතියෙන් සිත විවේක වෙයි. චතුර්ථධ්‍යානයට සමවැදුනහුට සුඛ දුක්ඛයන්ගෙන් විවේකවූයේ වෙයි.
ආකාසානඤ්චායතනට සමවැදුනහුට රූප සඤ්ඤාවෙන් පටිඝ (ක්‍රොධ) සඤ්ඤාවෙන් නානත්ත සඤ්ඤාවෙන් සිත විවේක වූයේ වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනහුට ආකාසානඤ්චායතනයෙන් සිත විවේක වූයේ වෙයි. ආකිඤ්චායතනයට සමවැදුනහුට විඤ්ඤාණඤ්චායතන සංඥාවෙන් සිත විවේකවූයේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුනහුට ආකිඤ්ඤායතන සංඤ්ඤා වෙන් සිත විවේකවූයේ වෙයි සෝවාන්වූවහුට සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස දිට්ඨානුසය විචිකිච්ඡානුසය හා එයට හේතුවූ ක්ලෙශයන්ගෙන් සිත විවේකවූයේ වෙයි සකෘදාගාමි වූවහුට ඕලාරිකවූ කාමරාග සඤ්ඤොජනයෝද පවිස සඤඤොජනයෝද ඕලාරික කාමරාගනුසයයෝද පටිඝානුසයයෝද එයට හේතුවූ කෙලෙස්වලින්ද සිත විවේකවෙයි. රහත්වූ ඔහුට රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා මානානුසය භවරාගානුසය අවිජ්ජානුසය යන මෙයින්ද එයට හේතුවූ කෙලෙස් වලින්ද පිටත සියලු නිමිතිවලින්ද සිත විවේක වූයේවෙයි. මේ චිත්ත විවේකයයි.
38 උපධි විවේකය කවරේද? ක්ලෙශයෝද ස්කන්ධයෝද, අභිසංස්කාරයෝද උපධියයි කියත්. අමෘතවූ නිර්වාණයට උපධි විවේකයයි කියයි. යමෙක් සියලු සංස්කාරයන් සංසිඳවූයේ සියලු කෙළෙස් නැතිකළේද තෘෂ්ණා ක්ෂයවූයේද නොඇලීම් ඇතිවූයේද බැඳුම් නැතිවූයේද එය නිවණයි. මේ උපධි විවේකයයි නෛෂ්කාම්‍යයෙහි ඇළුනාවුන්ට ශරීරාශා ඈත්කළවුන්ට කාය විවේකයද පිරිසිදු සිත් ඇත්තන්ට අතිශය පීරිසිදු බවට පැමිණියවුන්ට චිත්ත විවේකයද සංස්කාරයන්ගෙන් මිදුන පුද්ගලයින්ට කෙලෙස් නැතියවුන්ට උපධි විවේකයදවේ.
39 “විවේකයෙන් දුරෙහිමය, යන්නෙහි මෙසේ ගුහාවෙහි ඇළුන මෙසේ බොහෝ කෙලෙස්වලින් වැසුන මෙසේ මුළාව දැඩිවගත් යම් ඒ කෙනෙක් වේද, හෙතෙම කාය විවේකයෙන්ද දුරය. උපධි විවේකයෙන්ද දුරය. ඈතය, ලඟනොවේ. සමීපයෙහි නොවේ. අසල නොවේ. අනාසන්නයෙහිය.
40 “එබඳුවූ” යනු එබඳුවූ එසේ සිටියාවූ එබඳු ප්‍රකාරවූ යම් ඒ කෙනෙක් කෙළෙස් දැඩිව ගත්තේද, හෙතෙම විවේකයෙන් දුරවේ.
41 “කාමයෝ ලෝකයෙහි පහසුවෙන් දුරලිය නොහැකිමය, යන්නෙහි කාමයෝ නම් ප්‍රකට වශයෙන් කාමයෝ දෙකොටසකි. (මෙහි (1) 1 (ii) සහ 2 (i) ඡේදය යෙදිය යුතුයි) “ලෝකයෙහි යනු අපාය ලෝකයෙහි මනුෂ්‍යලෝකයෙහි දිව්‍ය ලෝකයෙහි ස්කන්ධලෝකයෙහි ධාතුලෝකයෙහි ආයත ලෝකයෙහි යනුයි
42 “කාමයෝ” නම් ලොව පහසුවෙන් හැරිය හැක්කෝ නොවෙත්මය. යනු ලෝකයෙහි කාමයෝ දුකසේ දුරු කටයුතුය. දුකසේ අත්හැරිය යුතුය දුකසේ පරිත්‍යාග කටයුතුය. දුකසේ සංසිඳ විය යුතුය.
|
8
ඉච්ඡානිදානා භවසාතබද්ධා, තෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛා;
පච්ඡා පුරෙ වාපි අපෙක්ඛමානා, ඉමෙ ව කාමෙ පුරිමෙ ව ජප්පං.
ඉච්ඡානිදානා භවසාතබද්ධාති. ඉච්ඡා වුච්චති තණ්හා. යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්දී නන්දිරාගො, චිත්තස්ස සාරාගො ඉච්ඡා මුච්ඡා අජ්ඣොසානං ගෙධො පලිගෙධො සඞ්ගො පඞ්කො, එජා මායා ජනිකා සඤ්ජනනී සිබ්බිනී ජාලිනී සරිතා විසත්තිකා, සුත්තං විසටා ආයූහිනී දුතියා පණිධි භවනෙත්ති, වනං වනථො සන්ධවො ස්නෙහො අපෙක්ඛා පටිබන්ධු, ආසා ආසීසනා ආසීසිතත්තං, රූපාසා සද්දාසා ගන්ධාසා රසාසා ඵොට්ඨබ්බාසා, ලාභාසා ධනාසා පුත්තාසා ජීවිතාසා
භවසාතබද්ධාති. එකං භවසාතං - සුඛා වෙදනා. ද්වෙ භවසාතානි - සුඛා ච වෙදනා ඉට්ඨඤ්ච වත්ථු. තීණි භවසාතානි - යොබ්බඤ්ඤං, ආරොග්‍යං, ජීවිතං. චත්තාරි භවසාතානි - ලාභො, යසො, පසංසා, සුඛං. පඤ්ච භවසාතානි - මනාපිකා රූපා, මනාපිකා සද්දා, මනාපිකා ගන්ධා, මනාපිකා රසා, මනාපිකා ඵොට්ඨබ්බා. ඡ භවසාතානි - චක්ඛුසම්පදා, සොතසම්පදා, ඝානසම්පදා, ජිව්හාසම්පදා, කායසම්පදා, මනොසම්පදා. භවසාතබද්ධා, සුඛාය වෙදනාය සාතබද්ධා, ඉට්ඨස්මිං වත්ථුස්මිං බද්ධා, යොබ්බඤ්ඤෙ බද්ධා, ආරොග්‍යෙ බද්ධා, ජීවිතෙ බද්ධා, ලාභෙ බද්ධා, යසෙ බද්ධා, පසංසායං බද්ධා, සුඛෙ බද්ධා
තෙ
කථං සත්තා එත්තො දුම්මොචයා? සුඛාය වෙදනාය සත්තා දුම්මොචයා, ඉට්ඨස්මා වත්ථුස්මා දුම්මොචයා, යොබ්බඤ්ඤා දුම්මොචයා, ආරොග්‍යා දුම්මොචයා, ජීවිතා දුම්මොචයා, ලාභා දුම්මොචයා, යසා දුම්මොචයා, පසංසාය දුම්මොචයා, සුඛා දුම්මොචයා
න
අථ වා නත්ථඤ්ඤො කොචි මොචෙතා. තෙ යදි මුඤ්චෙය්‍යුං, සකෙන ථාමෙන සකෙන බලෙන සකෙන වීරියෙන සකෙන පරක්කමෙන සකෙන පුරිසථාමෙන සකෙන පුරිසබලෙන සකෙන පුරිසවීරියෙන සකෙන පුරිසපරක්කමෙන අත්තනා සම්මාපටිපදං අනුලොමපටිපදං අපච්චනීකපටිපදං අන්වත්ථපටිපදං ධම්මානුධම්මපටිපදං පටිපජ්ජමානා මුඤ්චෙය්‍යුන්ති. එවම්පි න හි අඤ්ඤමොක්ඛා.
වුත්තම්පි හෙතං භගවතා -
‘‘නාහං සහිස්සාමි පමොචනාය, කථංකථිං ධොතක කිඤ්චි ලොකෙ;
ධම්මඤ්ච
එවම්පි න හි අඤ්ඤමොක්ඛා.
වුත්තම්පි හෙතං භගවතා -
‘‘අත්තනාව
අත්තනා අකතං පාපං, අත්තනාව විසුජ්ඣති;
සුද්ධී අසුද්ධි පච්චත්තං, නාඤ්ඤො අඤ්ඤං විසොධයෙ’’ති.
එවම්පි න හි අඤ්ඤමොක්ඛා.
වුත්තම්පි
පච්ඡා පුරෙ වාපි අපෙක්ඛමානාති. පච්ඡා වුච්චති අනාගතං, පුරෙ වුච්චති අතීතං. අපි ච අතීතං උපාදාය අනාගතඤ්ච පච්චුප්පන්නඤ්ච පච්ඡා, අනාගතං උපාදාය අතීතඤ්ච පච්චුප්පන්නඤ්ච පුරෙ. කථං පුරෙ අපෙක්ඛං කරොති? ‘‘එවංරූපො අහොසිං අතීතමද්ධාන’’න්ති තත්ථ නන්දිං සමන්නානෙති. ‘‘එවංවෙදනො අහොසිං... එවංසඤ්ඤො අහොසිං... එවංසඞ්ඛාරො
අථ වා ‘‘ඉති මෙ චක්ඛු අහොසි අතීතමද්ධානං, ඉති රූපා’’ති - තත්ථ ඡන්දරාගපටිබද්ධං හොති විඤ්ඤාණං. ඡන්දරාගපටිබද්ධත්තා විඤ්ඤාණස්ස තදභිනන්දති. තදභිනන්දන්තො එවම්පි පුරෙ අපෙක්ඛං කරොති. ‘‘ඉති මෙ සොතං අහොසි අතීතමද්ධානං, ඉති සද්දා’’ති...පෙ.... ‘‘ඉති මෙ ඝානං අහොසි අතීතමද්ධානං, ඉති ගන්ධා’’ති... ‘‘ඉති මෙ ජිව්හා අහොසි අතීතමද්ධානං, ඉති රසා’’ති... ‘‘ඉති මෙ කායො අහොසි අතීතමද්ධානං, ඉති ඵොට්ඨබ්බා’’ති... ‘‘ඉති මෙ මනො අහොසි අතීතමද්ධානං, ඉති ධම්මා’’ති - තත්ථ ඡන්දරාගපටිබද්ධං හොති විඤ්ඤාණං. ඡන්දරාගපටිබද්ධත්තා විඤ්ඤාණස්ස තදභිනන්දති. තදභිනන්දන්තො එවම්පි පුරෙ අපෙක්ඛං කරොති.
අථ
කථං පච්ඡා අපෙක්ඛං කරොති? ‘‘එවංරූපො සියං අනාගතමද්ධාන’’න්ති තත්ථ නන්දිං සමන්නානෙති. ‘‘එවංවෙදනො සියං... එවංසඤ්ඤො සියං... එවංසඞ්ඛාරො සියං... එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධාන’’න්ති තත්ථ නන්දිං සමන්නානෙති. එවම්පි පච්ඡා අපෙක්ඛං කරොති.
අථ වා ‘‘ඉති මෙ චක්ඛු සියා අනාගතමද්ධානං, ඉති රූපා’’ති - අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං පණිදහති. චෙතසො පණිධානපච්චයා තදභිනන්දති. තදභිනන්දන්තො එවම්පි පච්ඡා අපෙක්ඛං කරොති. ‘‘ඉති
අථ වා ‘‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා’’ති - අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං පණිදහති. චෙතසො පණිධානපච්චයා තදභිනන්දති. තදභිනන්දන්තො එවම්පි පච්ඡා අපෙක්ඛං කරොතීති - පච්ඡා පුරෙ වාපි අපෙක්ඛමානා.
ඉමෙ ව කාමෙ පුරිමෙ ව ජප්පන්ති.
ඉමෙ ව කාමෙති පච්චුප්පන්නෙ
තෙනාහ භගවා -
‘‘ඉච්ඡානිදානා භවසාතබද්ධා, තෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛා;
පච්ඡා පුරෙ වාපි අපෙක්ඛමානා, ඉමෙ ව කාමෙ පුරිමෙ ව ජප්ප’’න්ති.
|
8
(2 - 2)
1 “ආශාව නිදානකොට භව සැපයෙහි ඇළුනේ” යන්නෙහි ‘ආශාව’, යනු තෘෂ්ණාවයි. යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද යම් ලංවීමක් ඇද්ද යම් රැහැනක් ඇද්ද යම් නන්දිරාගයක් ඇද්ද යම් බලවත් රාගයක් ඇද්ද යම් ආශාවක් ඇද්ද බැසගැන්මක් ගිජුවීමක් මඩක් ඇද්ද එජා මායා ජනිකා සංජනිකා සංජනනී සිබ්බනි ජාලිනී සරිතා විසත්තිකා යන නම්වලින් හඳුන්වන තෘෂ්ණාවක් ඇද්ද මෙහි (1-3) 3 (ii) ඡේදය යෙදිය යුතුයි)
2 “ආශාව නිදානකොට” යනු ආශාව මුල හේතුවෙන් ආශා හේතුවෙන් ආශාප්‍රත්‍යයෙන් ආශාකාරණයෙන් ආශාප්‍රභවයෙන්
3 “භවසැපයෙහි බැඳුනේ” යනු සුඛවේදනාව එක් භව සැපයකි සුඛවේදනාවද ඉෂ්ට වස්තුවද භවසැප දෙකකි. තරුණභාවය, ආරොග්‍යය ජීවිතයද භවසැප තුනකි. ලාභය, කීර්තිය, ප්‍රශංසාව, සැපය භවසැප සතරකි මනවඩන රූපයෝ මනවඩන ශබ්දයෝ මනවඩන ගන්ධයෝ මනවඩන රසයෝ මනවඩන ස්පර්ශයෝ භවසැප පසකි චක්ෂු සම්පත්තිය (ii) ශ්‍රොත සම්පත්තිය ඝ්‍රාණ සම්පත්තිය ජිහ්වා සම්පත්තිය කාමසම්පත්තිය මනොසම්පත්තිය (iii) යන භවසැප සයකි.
4 “භවසැපයෙහි බැඳුනේ” යනු ඉෂ්ට වස්තුවෙහි සැප වේදනාවෙන් ඇළුනේ බැඳුනේ යනුයි. තරුණකමෙහි බැඳුනේ නිරෝගිකමෙහි බැඳුනේ ජීවිතයෙහි බැඳුනේ ලාභයෙහි බැඳුනේ කීර්තියෙහි බැඳුනේ ප්‍රශංසාවෙහි බැඳුනේ සැපයෙහි බැඳුනේ මනවඩන රූපයන්හි බැඳුනේ ශබ්දයෙහි ගන්ධයෙහි, රසයෙහි මනවඩන්නාවූ ස්පර්ශයෙහි (ii) චක්ෂු සම්පත්තියෙහි (යෙහි යන්න එකතුකර 3 (ii) ඡේදය යෙදිය යුතුයි.) ලැගුනේ, බැඳුනේ, ගැටුනේ’ වෙළුනේ යනුයි ඔව්හු අමාරුවෙන් මිදිය යුතුය. අනික් මිදීමක් නැත යනු ඒ භවසාත වස්තු හෝ (iii) දුකසේ මිදිය යුතුය. මෙයින් සත්වයෝ හෝ (iii) දුකසේ මිදිය යුතුය. කෙසේ ඒ භවසාත වස්තු දුකසේ මිදිය යුතුද? සැප වේදනාවෝ දුකසේ මිදිය යුතුද (iv) ඉෂ්ට වස්තු, තරුණ භාවය, ආරොග්‍යය, ජීවිතය ලාභය, කීර්තිය, ප්‍රශංසාව, සැපත, මනවඩන රූපයෝ, ශබ්දයෝ, ගන්ධයෝ, රසයෝ, ස්පර්ශයෝ (v) (මෙහි 4 (ii) ඡේදය යෙදිය යුතුයි) දුකසේ මිදිය යුතුය. දුකසේ හැරදැමිය යුතුය. දුකසේ තරණය කටයුතුය. දුකසේ ඉක්මවිය යුතුය දුකසේ නැවැත්විය යුතුය. මෙසේ ඒ භවසාත වස්තූහු දුකසේ මිදිය යුතුය. කෙසේ සත්වයෝ මෙයින් මිදිය යුතුද? සැප වේදනාවෙන් (මෙහි 4 (iv) ඡේදය යෙදිය යුතුයි) දුකසේ මිදිය යුතුය. දුකසේ උදුරා දැමිය යුතුය. දුකසේ උපුටා දැමිය යුතුය දුකසේ හැරදැමිය යුතුය. දුකසේ තරණය කටයුතුය. දුකසේ සංසිඳවිය යුතුය. දුකසේ නැවැත්විය යුතුය. මෙසේ සත්වයෝ මෙයින් දුකසේ මිදිය යුතු බැවින් “දුකසේ මිදිය යුත්තෝ” නම්වේ.
5 “අනිකෙකු මිදීමක් නැත්තේමය.” යනු ඔවුහු තුමූම මඩෙහි එරුණාහු අන්‍යයා ගොඩගන්නට නොහැකිවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේමය. “චුන්දය ඒකාන්තයෙන් හෙතෙම මඩෙහි එරුනේ මඩෙහි එරුන අන්‍යයා ගොඩගනියි, යන මේ කාරණය නොසිදුවෙයි. චුන්දය ඒකාන්තයෙන් හෙතෙම තමා නොදැමුනේ විනීත නොවූයේ නොනිවුනේ අන්‍යයා දමනය කරයිද හික්මවයිද නිවීමට පත්කරයිද යන මේ කාරණය නොසිදුවේ. මෙසේද අන්‍යයන් මිදීමට නොහැකිය.
මිදිය හැකි අන් කිසිවෙක් නැද්ද, ඔවුහු ඉදින් මුදවන්නාහුය. (ඒ කවරහුද) ස්වකීය උත්සාහයෙන් ස්වකීය බලයෙන් ස්වකීය වීර්‍ය්‍යයෙන් ස්වකීය පරාක්‍රමයෙන් ස්වකීය පුරුෂධෛර්‍ය්‍යයෙන් ස්වකීය පුරුෂ බලයෙන් තමා සම්‍යක් ප්‍රතිපදාවට අනුලෝම ප්‍රතිපදාවට, ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන්නාහු මුදන්නාහුය යනුයි” මෙසේද අනෙක් මුදන්නෝ නොවෙත්මය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණලදී
“ධොතකය මම ලෝකයෙහි කිසිම සැකකරන්නකු මිදීම පිණිස තැත්නොකරමි. ශ්‍රේෂ්ඨවූ ධර්මය මනාකොට දැනගනු ලබන්නාවූ තෝ මේ ඕඝය මෙසේ තරණය කෙළෙහිය. මෙසේද අන්‍යයා මිදවීමට නොහැකියයි” භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
6 “තමා කළ පාපය තමා කිලුටු කරයි. තමා නොකළ පාපය තමාම පිරිසිදු කරයි. ශුද්ධිය හා අශුද්ධිය වෙන වෙනම ඔවුනොවුන් පිරිසිදු කරන්නේය. අනිකෙක් අනිකකු පිරිසිදු කරන්නේ නොවේ. මෙසේද අන්‍යයා මිදවියහැකි නොවේ.” භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේමය. “බ්‍රාහ්මණය, මෙපරිදිම වනාහි නිර්වාණය පවතීමය. නිර්වාණගාමී මාර්ගය පවතියි. සමාදන් කරවන්නාවූ මම සිටිමි. එසේ නමුදු මා විසින් මෙසේ අවවාද කරණු ලබන, අනුශාසනා කරණු ලබන, මාගේ ඇතැම් ශ්‍රාවකයෝ ඒකාන්ත කෙළවරවූ නිර්වාණය බලාපොරොත්තු වෙත්. ඇතැම් කෙනෙක් බලාපොරොත්තු නොවෙත්. බ්‍රාහ්මණය, මෙහිලා මම කුමක් කෙරෙම්ද, බ්‍රාහ්මණය තථාගතතෙම මාර්ගය ප්‍රකාශ කරන්නායි. බුදුරජතෙම මාර්ගය කියයි. තමා පිළිපදින්නාහු මිදෙත්. මෙසේද අන්‍යයා මිදවීමට නොහැකිය.
“පෙර හෝ පසුව හෝ පතන්නේ” යන මෙහි පසුව යනු අනාගතයට කියයි. පෙර යයි අතීතයට කියයි. නැවතද අතීතය අනුව අනාගතයද වර්තමානයද “පසු” නම් අනාගතය අනුව අතීතයද වර්තමානයද “පෙර” නම් වේ. කෙසේ අනාගතය අපෙක්ෂා කෙරේද, අතීතයෙහි මෙබඳු රූපයක් වීමියි එහි (නන්දිය) ආශාව ඇති වෙයි. මෙබඳු වේදනාව වීමි. මෙබඳු සංඥාව වීමි. මෙබඳු සංඛාරය වීමි. මෙබඳු විඤ්ඤාණය වීමි’යි එහි ආශාව ඇතිවෙයි. මෙසේද අතීතය අපෙක්ෂා කරයි. යලිදු හෝ මෙසේ අතීතයෙහි මාගේ චක්ෂුස විය. මෙසේ රූපයයි එහි විඤ්ඤාණය ඡන්දරාග ප්‍රතිබද්ධවූයේ වෙයි. විඤ්ඤාණයාගේ ඡන්දරාගයෙන් බැඳුන බැවින් එය බලාපොරොත්තු වෙයි. එය බලාපොරොත්තු වන්නේ මෙසේද අතීතය අපෙක්ෂා කරයි. යලිදු හෝ මෙසේ මාගේ ශ්‍රොතය (කණ) අතීතයෙහි විය මෙසේ ඝ්‍රාණය (නාසය) මෙසේ ජිව්හාව අතීතයෙහි විය මෙසේ රසය මෙසේ ස්පර්ශය අතීතයෙහි විය. මෙසේ මනස විය මෙසේ ධර්මයෝ අතීත කාලයෙහි විය. එහි විඤ්ඤාණය ඡන්දරාග ප්‍රතිබද්ධවූයේ වෙයි. එය බලාපොරොත්තුවෙයි. මෙසේද බලාපොරොත්තු වන්නේ අතීතය අපෙක්ෂා කරයි. යලිදු පෙර ස්ත්‍රියක් සමග සිනහවූ කථාකළ ක්‍රීඩාකළ යම් දෙයක් ඇත්ද ඒවා ආශ්වාදය කරයි. එය බලාපොරොත්තු වෙයි. එයින්ද ප්‍රීතියට පැමිණෙයි. මෙසේද අතීතය බලාපොරොත්තු වෙයි. කෙසේ අනාගතය බලාපොරොත්තු වේද? අනාගත කාලයෙහි මෙබඳු රූපයක් වන්නේයයි එහි ආශාව ඇතිවෙයි. මෙසේ වේදනාවක් මෙසේ සංඥාවක් මෙසේ සංස්කාරයන් මෙසේ විඤ්ඤාණයන් අනාගතයෙහි වන්නේයයි එහි ආශාව ඇතිකරයි. මෙසේද අනාගතය බලාපොරොත්තු වෙයි. යලිදු හෝ මෙසේ මාගේ චක්ෂුස අනාගතයෙහි වන්නේය. මෙසේ රූපයෝයයි නොලැබූදේ ලැබීම පිණිස සිත පිහිටුවයි. සිත පිහිටවූ බැවින් එය සතුටු වෙයි. මෙසේද අනාගතය බලාපොරොත්තුවෙයි. යලිදු මාගේ ශ්‍රොතය අනාගතයෙහි වන්නේය. මෙසේ ශබ්දයෝ, මෙසේ ගන්ධයෝ, මෙසේ දිව, මෙසේ රසය, මෙසේ කය, මෙසේ ස්පර්ශය, මෙසේ සිත මෙසේ ධර්මයෝ අනාගතයෙහි වන්නේයයි නොලැබූ දෙය ලැබීම පිණිස සිත පිහිටුවයි. සිතින් ප්‍රාර්ථනා කළ බැවින් ඒ ගැන සතුටු වෙයි. එසේ සතුටු වන්නේ මෙසේද අනාගතය බලාපොරොත්තු වෙයි. යලිදු හෝ මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් අන්කෙනෙකු හෝයි නොලැබූ දේ ලැබීම පිණිස සිත පිහිටුවයි. සිතින් බලාපොරොත්තුවූ බැවින් ඒ ගැන සතුටු වෙයි. ඒ ගැන සතුටුවන්නේ මෙසේද අනාගතය අපෙක්ෂා කෙරෙයි.
7 “මේ කාමයන් ගැන පෙරටුව කථාකරන්නාවූ” යනු මේ කාමයන් යනු පවත්නා කාලයෙහි පඤ්චකාම ගුණයන් කැමතිවන්නාවූ පිළිගන්නාවූ පවත්නාවූ ආශා කරන්නාවූ ඒ ගැන කථාකරන්නාවූ ඉල්වන්නාවූ යනුයි.
|
9
කාමෙසු
දුක්ඛූපනීතා පරිදෙවයන්ති, කිංසූ භවිස්සාම ඉතො චුතාසෙ.
කාමෙසු ගිද්ධා පසුතා පමූළ්හාති.
කාමාති උද්දානතො ද්වෙ කාමා - වත්ථුකාමා ච කිලෙසකාමා ච...පෙ.... ඉමෙ වුච්චන්ති වත්ථුකාමා...පෙ.... ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. ගෙධො වුච්චති තණ්හා. යො රාගො සාරාගො...පෙ.... අභිජ්ඣා ලොභො අකුසලමූලං. කිලෙසකාමෙන වත්ථුකාමෙසු රත්තා ගිද්ධා ගධිතා මුච්ඡිතා අජ්ඣොසන්නා
(අජ්ඣොපන්නා (සී. ස්‍යා.)) ලග්ගා ලග්ගිතා පලිබුද්ධාති - කාමෙසු ගිද්ධා.
පසුතාති යෙපි කාමෙ එසන්ති ගවෙසන්ති පරියෙසන්ති, තච්චරිතා තබ්බහුලා තග්ගරුකා, තන්නින්නා තප්පොණා තප්පබ්භාරා තදධිමුත්තා තදධිපතෙය්‍යා, තෙපි කාමපසුතා. යෙපි තණ්හාවසෙන රූපෙ එසන්ති ගවෙසන්ති පරියෙසන්ති... සද්දෙ... ගන්ධෙ... රසෙ... ඵොට්ඨබ්බෙ...පෙ.... පරියෙසන්ති තච්චරිතා තබ්බහුලා තග්ගරුකා, තන්නින්නා තප්පොණා තප්පබ්භාරා තදධිමුත්තා තදධිපතෙය්‍යා, තෙපි කාමපසුතා
පමූළ්හාති යෙභුය්‍යෙන දෙවමනුස්සා පඤ්චසු කාමගුණෙසු මුය්හන්ති සම්මුය්හන්ති සම්පමුය්හන්ති මූළ්හා සම්මූළ්හා සම්පමූළ්හා අවිජ්ජාය අන්ධීකතා ආවුතා
අවදානියා තෙ විසමෙ නිවිට්ඨාති.
අවදානියාති අවගච්ඡන්තීතිපි අවදානියා, මච්ඡරිනොපි වුච්චන්ති අවදානියා, බුද්ධානං සාවකානං වචනං බ්‍යප්පථං
තෙ විසමෙ නිවිට්ඨාති විසමෙ කායකම්මෙ නිවිට්ඨා, විසමෙ වචීකම්මෙ නිවිට්ඨා, විසමෙ මනොකම්මෙ නිවිට්ඨා, විසමෙ පාණාතිපාතෙ නිවිට්ඨා, විසමෙ අදින්නාදානෙ නිවිට්ඨා, විසමෙ කාමෙසුමිච්ඡාචාරෙ නිවිට්ඨා, විසමෙ මුසාවාදෙ නිවිට්ඨා, විසමාය පිසුණාය වාචාය නිවිට්ඨා
දුක්ඛූපනීතා පරිදෙවයන්තීති.
දුක්ඛූපනීතාති දුක්ඛප්පත්තා දුක්ඛසම්පත්තා දුක්ඛූපගතා, මාරප්පත්තා මාරසම්පත්තා මාරූපගතා, මරණප්පත්තා මරණසම්පත්තා මරණූපගතා.
පරිදෙවයන්තීති ලපන්ති ලාලපන්ති
(සල්ලපන්ති (සී.)), සොචන්ති කිලමන්ති පරිදෙවන්ති උරත්තාළිං කන්දන්ති සම්මොහං ආපජ්ජන්තීති - දුක්ඛූපනීතා පරිදෙවයන්ති.
කිංසූ
තෙනාහ භගවා -
‘‘කාමෙසු
දුක්ඛූපනීතා පරිදෙවයන්ති, කිංසූ භවිස්සාම ඉතො චුතාසෙ’’ති.
|
9
(2 - 3)
1 (i) “කාමයෙහි ගිජුවූ යෙදුනාවූ මුළාවූ” යනු ප්‍රකට වශයෙන් කාමයෝ දෙකොටසක් වෙති. වස්තු කාමයෝද ක්ලේශ කාමයෝද යනුයි. (මෙහි (1) 2 (ii) සහ 3 (i) ඡේද යෙදිය යුතුයි) මොවුහු වස්තුකාම යයි කියත්. මොවුහු ක්ලේශ කාම යයි කියත්.
(ii) “ගිජුය” යනු තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇල්මක් (මෙහි (3) 3 ඡේදයේ යම් ළංවීමක් යන තැන සිට අගට යෙදිය යුතුයි) අභිධ්‍යාවක් ලෝභයක් අකුශල මූලයක් වේද, (එයයි) ක්ලේශ කාමයෙන් වස්තුකාමයන්හි ඇළුනාවූ ගිජුවූ වෙළුනාවූ මුසපත්වූ බැසගත්තාවූ එල්බුනාවූ යනුයි.
“යෙදුනේ” යනු යමෙක් තුමූ කාමයන් සොයත්ද, උත්සාහයෙන් සොයත්ද විමසා සොයත්ද, (ii) එය චරිත කොට ඇති එය බහුලකොට ඇති එය ගරුකොට ඇති එයට නැඹුරු වූ එයට බරවූ මහත්සේ බරවූ එහි ඇළුනාවූ එය අධිපතිකොට ඇත්තාවූ (යනුයි) ඔවුහුද කාමයෙහි ඇළුනෝවෙත්. (iv) යමෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් සොයද්ද, උත්සාහයෙන් සොයද්ද, විමසා සොයද්ද, ශබ්දයන් ගන්ධයන් රසයන් ස්පර්ශයන් සොයත්ද, එය චරිතකොට ඇත්තාවූ (මෙහි මේ ඡේදයේ (iii) යෙදියයුතුයි.) ඔවුහුද කාමයෙහි ඇළුනෝ වෙත්. යමෙක් තුමූ තෘෂ්ණා වශයෙන් රූපයන් ලබත්ද (මෙහි මේ ඡේදයේ (iv) “සොයද්ද” වෙනුවට “ලබද්ද” කියාද “ඇළුනේ” වෙනුවට ‘යෙදුනාහුද’ කියා වෙනස්කර යෙදිය යුතුයි.) ස්පර්ශයන් ලබද්ද එය චරිතකොට ඇති එය අධිපතිකොට, ඇත්තාවූ ඔවුහුද කාමයෙහි යෙදුනාහු වෙත්. යම්සේ කෝලාහල කරන්නා කෝලාහලයෙහි යෙදුනේ වෙයි. වැඩ කරන්නා වැඩෙහි යෙදුනේ වෙයි ගොදුරු සොයන්නා ගොදුරු සෙවීමෙහි යෙදුනේ වෙයි. ධ්‍යානයට සමවැදෙන්නා ධ්‍යානයෙහි යෙදුනේ වෙයි. මෙසේම යමෙක් කාමයන් සොයද්ද, උත්සාහයෙන් සොයද්ද, විමසීම් වශයෙන් සොයද්ද එය චරිතකොට ඇත්තාවූ එය බහුලකොට ඇත්තාවූ එය ගරුකොට ඇත්තාවූ එයට නැඹුරුවූ එයට බරවූ එයට විශේෂයෙන් බරවූ එහි ඇළුනාවූ එය අධිපති කොට ඇති (කෙනෙක් වෙද්ද) ඔවුහුද කාමයෙහි යෙදුනෝ වෙති. යමෙක් තෘෂ්ණා වශයෙන් රූපයන් ලබද්ද (මෙහි මේ ඡේදයෙහි “සොයද්ද” වෙනුවට “පරිභොග කරද්ද” කියා වෙනස්කර (iv) යෙදිය යුතුයි.) යමෙක් තෘෂ්ණා වශයෙන් රූපයන් පරිභොග කරද්ද ශබ්දයන්, ගන්ධයන්, රසයන්, ස්පර්ශයන් පරිභොග කරද්ද එය චරිතකොට ඇත්තාවූ එය බහුලකොට ඇත්තාවූ එය ගරුකොට ඇත්තාවූ එයට නැඹුරුවූ එයට බරවූ එයට විශේෂයෙන් බරවූ එහි ඇළුනාවූ එය අධිපතිකොට ඇති ඔවුහුද කාමයෙහි යෙදුනාහුවෙති.
2 “ඉතා මුළාවූවෝ” යනු බොහෝ සෙයින් දිව්‍ය මනුෂ්‍යයෝ පඤ්චකාම ගුණයන්හි මුලාවෙත්. ප්‍රකර්ෂයෙන් මුලාවෙත්. බොහෝ සෙයින් මුලාවෙත්. අවිද්‍යාවෙන් අන්ධ කරණ ලද්දාහු ආවරණය කරණ ලද්දාහු වසනලද්දාහු ප්‍රතිච්ඡන්න කරණලද්දාහු වෙත්.
3 ‘විෂමාචාරයේ පිවිසි ඒ මසුරෝ (අවදානියයෝ) යන්නෙහි “මසුරෝ” (අවදානිය) යනු අපායට යේනුයි. අවදානිය නම්වේ. බුදුවරයන්ගේ බුද්ධ ශ්‍රාවකයන්ගේ වචනය මාර්ගය දෙශනය අනුශාසනය නොගනිත් නුයි “අවදානිය” නමි. එසේ අවදානිය වූවෝ අපායට කෙසේ යෙද්ද, නරකයට යති. තිරිසන් යොනියට යති. ප්‍රෙතවිෂයට යති. මෙසේ අපායට යේනුයි අවදානිය නම්වේ. කෙසේ මසුරාට අවදානිය යයි කියද්ද, මසුරුකම් පසක් වෙති ආවාස මච්ඡරිය, කුලමච්ඡරිය ලාභ මච්ඡරිය, වණ්ණ මච්ඡරිය, ධම්මමච්ඡරිය යනුයි යමෙකු මෙබඳු මසුරුකමක් මසුරුවීමක් මසුරුබවක් තද ලෝභයක්, තදබන්ධනයක් සිතින් ගන්නාලද්දේ, මෙය මසුරුකමයයි කියනුලැබේ. නැවතද ස්කන්ධ මාත්සර්‍ය්‍යයද ධාතු මාත්සර්‍ය්‍යයද ආයතන මාත්සර්‍ය්‍යයද, ගනීද මෙයද මසුරුකම යයි කියනු ලැබේ. මේ මසුරුකමින් අපාය මාර්ගය ප්‍රකාශ කරවමින් යෙදුන ජනයෝ ප්‍රමාදවූවෝ වෙති. මෙසේ මසුරාට අවදානියයි කියනු ලැබේ. කෙසේ බුදුවරුන්ගේ බුද්ධශ්‍රාවකයන්ගේ වචන යහපත් මාර්ග දේශනාව අනුශාසනය නොඅදහද්ද නොඅසද්ද කණ නොනමද්ද, ඒ පිළිබඳ සිත නොයොදද්ද වැරදි හැඟීමෙන් මුහුණ අන්මගක යොදවද්ද මෙසේ බුදුවරුන්ගේ බුද්ධශ්‍රාවකයන්ගේ යහපත් මාර්ගය දෙශනය අනුශාසනය නොගනිත් නුයි අවදානිය නම්වේ.
4 “විෂමාචාරයේ පිවිසි ඔවුහු” යන මෙහි විෂම යනු විෂමවූ කාය කර්මයෙහි ඇළුණු විෂමවූ වචී කර්මයෙහි ඇළුණු විෂමවූ මනඃකර්මයෙහි ඇළුණු විෂමවූ ප්‍රාණඝාතයෙහි විෂමවූ අදත්තාදානයෙහි විෂමවූ කාමමිත්ථ්‍යාචාරයෙහි විෂමවූ මුසාවාදයෙහි විෂමවූ පිසුණාවාචයෙහි ඇළුනු විෂමවූ ඵරුෂ වචනයෙහි විෂමවූ සම්ඵප්‍රලාපයෙහි ඇළුනු විෂමවූ අභිධ්‍යාවෙහි ඇළුනු විෂමවූ ව්‍යාපාදයෙහි විෂමවූ මිථ්‍යාදෘෂ්ටියෙහි විෂමවූ සංස්කාරයන්හි විෂමවූ පංචකාම ගුණයන්හි විෂමවූ පංච නීවරණයන්හි ඇළුනු බැඳුනු පිහිටි එල්බගත් පැමිණි බැසගත්තේනුයි විෂම දෙයෙහි ඇළුනානම් වේ.
5 “දුකට පත්වූවාහු වැලපෙත්” යන්නෙහි “දුකට පත් වූවාහු” යනු දුකට පැමිණි දුකට සම්ප්‍රාප්තවූ මාර වසඟයට පැමිණි, මරණප්‍රාප්ත, මරණයට උපගතවූ (සත්වයෝ) යනුයි” “ පරිදෙවයන්ති” යනු හඬ දෙත්. එක්ව හඬ දෙත්. ශොක වෙත් ක්ලාන්ත වෙත්. වැළපෙත්. පපුවට අත ගසා හඬත් මුලා බවට පැමිණෙත්. “මින් මළාහු කුමක් වන්නමෝද” යනු මෙයින් චුතව කවරකු වන්නෙමුද, නිරිසත්තු වන්නෙමුද, තිරිසන්නු වන්නෙමුද, ප්‍රෙතයෝ වන්නෙමුද මනුෂ්‍යයෝ වන්නෙමුද දෙවියෝ වන්නමුද රූපී (බ්‍රහ්මයෝ) වන්නෙමුද අරූපී (බ්‍රහ්මයෝ) වන්නෙමුද සඤ්ඤී (අරූපීහු) වන්නෙමුද අසඤ්ඤිහු (සිත නැති) වන්නෙමුද නෙවසඤ්ඤි නාසඤ්ඤි වන්නෙමුද, අපි අනාගත කාලයෙහි වන්නෙමුද අනාගත කාලයෙහි කවරකු හෝ වන්නෙමුද, අනාගත කාලයෙහි කෙසේ හෝ වන්නෙමුද අපි අනාගත කාලයෙහි කවරෙකුවී කෙසේ වන්නෙමුද සැකයට පැමිණියාහු විමතියට පැමිණියාහු විනිශ්චයට නොබැස කථා කරත්. සාකච්ඡා කරත්. ශොක කරත්. ක්ලාන්ත වෙත්. වැළපෙත් පපුවට දෙඅත් ගසා හඬත්. මුලා බවට පැමිණෙත්.
|
10
තස්මා
න තස්ස හෙතූ විසමං චරෙය්‍ය, අප්පඤ්හිදං ජීවිතමාහු ධීරා.
තස්මා හි සික්ඛෙථ ඉධෙව ජන්තූති.
තස්මාති තංකාරණා
කතමා අධිසීලසික්ඛා? ඉධ භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො
කතමා අධිචිත්තසික්ඛා? ඉධ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති - ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති - අයං අධිචිත්තසික්ඛා.
කතමා
ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛෙය්‍ය, ජානන්තො සික්ඛෙය්‍ය, පස්සන්තො සික්ඛෙය්‍ය
ඉධාති ඉමිස්සා දිට්ඨියා ඉමිස්සා ඛන්තියා ඉමිස්සා රුචියා ඉමස්මිං ආදායෙ ඉමස්මිං ධම්මෙ ඉමස්මිං විනයෙ ඉමස්මිං ධම්මවිනයෙ ඉමස්මිං පාවචනෙ ඉමස්මිං බ්‍රහ්මචරියෙ ඉමස්මිං සත්ථුසාසනෙ ඉමස්මිං අත්තභාවෙ ඉමස්මිං මනුස්සලොකෙ - තෙන වුච්චති ඉධාති.
ජන්තූති සත්තො නරො...පෙ.... මනුජොති - තස්මා හි සික්ඛෙථ ඉධෙව ජන්තු.
යං කිඤ්චි ජඤ්ඤා විසමන්ති ලොකෙති.
යං කිඤ්චීති සබ්බෙන සබ්බං
න තස්ස හෙතූ විසමං චරෙය්‍යාති. විසමස්ස කායකම්මස්ස හෙතු විසමං න චරෙය්‍ය, විසමස්ස වචීකම්මස්ස හෙතු විසමං න චරෙය්‍ය, විසමස්ස මනොකම්මස්ස හෙතු විසමං න චරෙය්‍ය, විසමස්ස පාණාතිපාතස්ස හෙතු විසමං න චරෙය්‍ය, විසමස්ස අදින්නාදානස්ස හෙතු විසමං න චරෙය්‍ය, විසමස්ස කාමෙසුමිච්ඡාචාරස්ස හෙතු විසමං
අප්පඤ්හිදං ජීවිතමාහු ධීරාති.
ජීවිතන්ති ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්‍රියං. අපි ච, ද්වීහි කාරණෙහි අප්පකං ජීවිතං - ඨිතිපරිත්තතාය වා අප්පකං ජීවිතං, සරසපරිත්තතාය වා අප්පකං ජීවිතං. කථං ඨිතිපරිත්තතාය අප්පකං ජීවිතං? අතීතෙ චිත්තක්ඛණෙ ජීවිත්ථ, න ජීවති න ජීවිස්සති; අනාගතෙ චිත්තක්ඛණෙ ජීවිස්සති, න ජීවති න ජීවිත්ථ; පච්චුප්පන්නෙ චිත්තක්ඛණෙ ජීවති, න ජීවිත්ථ න ජීවිස්සති.
‘‘ජීවිතං අත්තභාවො ච, සුඛදුක්ඛා ච කෙවලා;
එකචිත්තසමායුත්තා, ලහුසො වත්තතෙ ඛණො.
‘‘චුල්ලාසීතිසහස්සානි
නත්වෙව තෙපි ජීවන්ති, ද්වීහි චිත්තෙහි සංයුතා.
‘‘යෙ නිරුද්ධා මරන්තස්ස, තිට්ඨමානස්ස වා ඉධ;
සබ්බෙපි සදිසා ඛන්ධා, ගතා අප්පටිසන්ධිකා.
‘‘අනන්තරා ච යෙ භග්ගා
(භඞ්ගා (සී. ස්‍යා.)), යෙ ච භග්ගා අනාගතා;
තදන්තරෙ නිරුද්ධානං, වෙසමං නත්ථි ලක්ඛණෙ.
‘‘අනිබ්බත්තෙන න ජාතො, පච්චුප්පන්නෙන ජීවති;
චිත්තභග්ගා මතො ලොකො, පඤ්ඤත්ති පරමත්ථියා.
‘‘යථා නින්නා පවත්තන්ති, ඡන්දෙන පරිණාමිතා;
අච්ඡින්නධාරා වත්තන්ති, සළායතනපච්චයා.
‘‘අනිධානගතා
නිබ්බත්තා යෙ ච
(නිබ්බත්තායෙව (සබ්බත්ථ)) තිට්ඨන්ති, ආරග්ගෙ සාසපූපමා.
‘‘නිබ්බත්තානඤ්ච
පලොකධම්මා තිට්ඨන්ති, පුරාණෙහි අමිස්සිතා.
‘‘අදස්සනතො ආයන්ති, භඞ්ගා ගච්ඡන්ති දස්සනං;
විජ්ජුප්පාදොව ආකාසෙ, උප්පජ්ජන්ති වයන්ති චා’’ති.
එවං ඨිතිපරිත්තතාය අප්පකං ජීවිතං.
කථං සරසපරිත්තතාය අප්පකං ජීවිතං? අස්සාසූපනිබන්ධං ජීවිතං, පස්සාසූපනිබන්ධං ජීවිතං, අස්සාසපස්සාසූපනිබන්ධං ජීවිතං, මහාභූතූපනිබන්ධං
‘‘න ච කෙනචි කොචි හායති, ගන්ධබ්බා ච ඉමෙ හි සබ්බසො;
පුරිමෙහි පභාවිකා ඉමෙ, යෙපි පභාවිකා තෙ පුරෙ මතා;
පුරිමාපි ච පච්ඡිමාපි
එවං සරසපරිත්තතාය අප්පකං ජීවිතං.
අපි ච චාතුමහාරාජිකානං දෙවානං ජීවිතං උපාදාය මනුස්සානං අප්පකං ජීවිතං පරිත්තකං ජීවිතං ථොකං
(ථොකකං (ක.)) ජීවිතං ඛණිකං ජීවිතං ලහුකං ජීවිතං ඉත්තරං ජීවිතං අනද්ධනීයං ජීවිතං නචිරට්ඨිතිකං
වුත්තඤ්හෙතං භගවතා -
‘‘අප්පමිදං
‘‘අප්පමායු මනුස්සානං, හීළෙය්‍ය නං සුපොරිසො;
චරෙය්‍යාදිත්තසීසොව නත්ථි මච්චුස්සනාගමො.
‘‘අච්චයන්ති අහොරත්තා, ජීවිතං උපරුජ්ඣති;
ආයු ඛිය්‍යති මච්චානං, කුන්නදීනංව ඔදක’’න්ති.
අප්පඤ්හිදං ජීවිතමාහු ධීරාති. ධීරාති ධීරා, ධිතිමාති ධීරා, ධිතිසම්පන්නාති ධීරා, ධීකතපාපාති ධීරා. ධී වුච්චති පඤ්ඤා. යා පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො
තෙනාහ භගවා -
‘‘තස්මා හි සික්ඛෙථ ඉධෙව ජන්තු, යං කිඤ්චි ජඤ්ඤා විසමන්ති ලොකෙ;
න තස්ස හෙතූ විසමං චරෙය්‍ය, අප්පඤ්හිදං ජීවිතමාහු ධීරා’’ති.
|
10
(2 - 4)
1 (i) “එහෙයින් සත්වතෙම මෙහිම හික්මෙන්නේ” යන්නෙහි “එහෙයින්” යනු එහෙයින් ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් එය නිදාන කොට කාමයන්හි මේ ආදීනව දකිනු ලබන්නේ එහෙයින් හික්මෙව් යනුහි හික්මීම් තුනකි. අධිශීල ශික්ෂා අධිචිත්ත ශික්ෂා අධිපඤ්ඤා ශික්ෂා යනුයි. (ii) අධිශීල ශික්ෂාව කවරීද? මේ ශාසනයෙහි භික්ෂුව සිල් ඇත්තේ වේද ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවෘතවූයේ වෙසේද ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ ස්වල්ප වරදෙහි භය දක්නා සුළුව ශික්ෂාපදයන් සමාදන්ව හික්මේද, කුඩා ශීලස්කන්ධය මහත්වූ ශීලස්කන්ධය ශීල ප්‍රතිෂ්ඨාව ප්‍රථම හික්මීම සංයමය, සංවරය, කුශල ධර්මයන්ගේ පැමිණීමෙන් මිදීම යනුයි. මේ අධිශීල ශික්ෂාවයි. අධිචිත්තශික්ෂාව කවරීද, මේ ශාසනයෙහි මහණතෙම (iii) කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් උපන් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. (iv) විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟත්වයෙන් හටගත් විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීති සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. (v) ප්‍රීතියගේ වෙන්වීමෙන් උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරයි. සිහි ඇත්තේ මනා දැනීම් ඇත්තේ සැපයද කයින් විඳියි. ආර්‍ය්‍යයෝ යම් ඒ ධ්‍යානයකට උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණයෙන් යුක්තවූයේ යයි කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. (vi) සුඛයාගේ ප්‍රහානයෙන්ද දුක්ඛයාගේ ප්‍රහාණයෙන්ද සොම්නස් දොම්නස් නැති කිරීමට පෙර දුක නොවූ සැප නොවූ, මැදහත්කම හා සිහියේ පිරිසිදුකමින් යුත් චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයි. මේ අධි චිත්ත ශික්ෂා නමි.
2 අධිප්‍රඥා ශික්ෂාව කවරීද? මේ ශාසනයෙහි මහණතෙම උදයත්ථ ගාමීනී (ඇතිව නැතිවීම තේරුම් ගන්නා) ප්‍රඥාවෙන් යුක්තවූයේ දුක් කෙළවර කරන්නාවූ ආර්‍ය්‍යවූ ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥාවත් වේද හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනියි. මේ දුකට හේතුව යයි තත්වූ පරිද්දෙන් දනියි. මේ දුක්ඛ නිරෝධයයි තත්වූ පරිද්දෙන් දනියි. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දනියි. මේ අධිපඤ්ඤා ශික්ෂාවයි, මේ තුන් ශික්ෂාවන් ආවර්ජනා කරන්නේ හික්මෙන්නේය. දැනගන්නේ හික්මෙන්නේය. දකින්නේ හික්මෙන්නේය. සිහි කරන්නේ හික්මෙන්නේය. සිත පිහිටු වන්නේ හික්මෙන්නේය. ශ්‍රද්ධාවෙන් ස්ථිර ලෙස ඇලෙන්නේ හික්මෙන්නේය. වීර්‍ය්‍යය දැඩිව ගන්නේ හික්මෙන්නේය. සිහිය පිහිටුවන්නේ හික්මෙන්නේය. සිත තැන්පත් කරන්නේ හික්මෙන්නේය. ප්‍රඥාවෙන් දැනගන්නේ හික්මෙන්නේය. විශිෂ්ට ඥානයෙන් දැනගතයුත්ත දැනගන්නේ හික්මෙන්නේය. සම්පූර්ණයෙන් දැනගතයුත්ත දැනගන්නේ හික්මෙන්නේය දුරුකට යුත්ත දුරු කරන්නේ හික්මෙන්නේය. වැඩිය යුත්ත වඩන්නේ හික්මෙන්නේය. ප්‍රත්‍යක්ෂ කළයුත්ත ප්‍රත්‍යක්ෂ කරන්නේ හික්මෙන්නේය. හැසිරෙන්නේය. මනාකොට හැසිරෙන්නේය. සමාදන්ව වසන්නේය. “මෙහි” යනු මේ දෘෂ්ටියෙන් මේ ක්ෂාන්තියෙන් මේ රුචියෙන් මේ ග්‍රහණයෙන් මේ ධර්මයෙහි මේ විනයෙහි මේ ධර්ම විනයෙහි මේ උතුම් වචනයෙහි මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි මේ ශාස්තෘ ශාසනයෙහි මේ ආත්ම භාවයෙහි මේ මනුෂ්‍ය ලෝකයෙහි එහෙයින් මෙහි යයි කියයි. ජන්තු යනු සත්වයා මනුෂ්‍යයා (මෙහි (1) 7 (ii) ඡේදය යෙදිය යුතුයි) එහෙයින් සත්වතෙමේ මෙහිම හික්මෙන්නේය.
3 “ලොව යම්කිසිවක් විෂමය කියා දන්නේ” යන්නෙහි සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සියල්ල ශෙෂ නොකොට අවශෙෂ නොකොට වටකොට ගත් යන මේ වචනයයි.
4 “විෂමය කියා දන්නේ” යන්නෙහි, විෂමවූ කාය කර්මය විෂමයයි දන්නේය. විෂමවූ වචී කර්මය විෂමයයි දන්නේය වෂමවූ මනඃ කර්මය විෂමයයි දන්නේය. විෂමවූ ප්‍රාණඝාතය විෂමයයි දන්නේය. විෂමවූ අදින්නාදානය විෂම යයි දන්නේය විෂමවූ කාම මිථ්‍යාචාරය විෂමයයි දන්නේය. විෂමවූ මුසාවාදය විෂමයයි දන්නේය විෂමවූ කේලම විෂම යයි දන්නේය. විෂමවූ ඵරුෂ වචනය විෂමයයි දන්නේය. විෂමවූ හිස් වචන කීම විෂමයයි දන්නේය. විෂමවූ අභිධ්‍යාව විෂමයයි දන්නේය. විෂමවූ ව්‍යාපාදය විෂමයයි දන්නේය. විෂමවූ මිථ්‍යාදෘෂ්ටිය විෂමයයි දන්නේය විෂමවූ සංස්කාරය විෂමයයි දන්නේය විෂමවූ පංච කාම ගුණයෝ විෂමයයි දන්නේය. විශේෂයෙන් දන්නේය. උසස් ලෙස දන්නේය. අවබෝධ කරන්නේය. ‘ලොවේ’ යනු අපාය ලෝකයෙහි මනුෂ්‍ය ලෝකයෙහි, දිව්‍ය ලෝකයෙහි, ස්කන්ධ ලෝකයෙහි, ධාතු ලෝකයෙහි ආයතන ලෝකයෙහි යනුයි ලොව යම් කිසිවක් විෂමය කියා දන්නේ” යන්නට විස්තරය නිමියේය.
5 “එහි හේතුවෙන් විෂමව නොහැසිරෙන්නේය.” යනු විෂමවූ කාය කර්ම හේතුවෙන් විෂමව නොහැසිරෙන්නේය. විෂමවූ වචී කර්ම හේතුවෙන් විෂමව නොහැසිරෙන්නේය. විෂමවූ චෙතනා හේතුවෙන් විෂමව නොහැසිරෙන්නේය. විෂමවූ ප්‍රාර්ථනා හේතුවෙන් විෂමව නොහැසිරෙන්නේය. සමාදන්ව නොසිටින්නේය “නුවණැත්තෝ වනාහි ජීවිතය අල්පයයි කීහු” යන්නෙහි ජීවිතය යනු ආයු පැවැත්මයි යැපීම, පැවතීම, ජීවිතය ජිවිතින්ද්‍රිය පාලනයයි, නැවතද කරුණු දෙකකින් ජීවිතය අල්පය ස්වල්ප කාලයක් පවත්නා බැවින් ජීවිතය ස්වල්පයි ස්වභාවයෙන් ටික කලක් පවත්නා බැවින් ජීවිතය ස්වල්පයි. ස්වල්ප කලක් පවත්නා බැවින් ජීවිතය ස්වල්පවූයේ කෙසේද, අතීත චිත්ත ක්ෂණයෙහි ජීවත්විය. ජීවත් නොවෙයි ජීවත් නොවන්නේය. අනාගත චිත්තක්ෂණයෙහි ජීවත් වන්නේය. ජීවත් නොවෙයි ජීවත් නොවූයේය පවත්නා කල චිත්තක්ෂණයෙහි ජීවත් වෙයි ජීවත් නොවූයේය ජීවත් නොවන්නේය.
6 “ජීවිතයද ආත්මභාවයද හුදෙක් සැප දුක්ද එක චිත්තක්ෂණයකින් පමණක් යුක්තය කෙටි වශයෙන් කාලය පවත්නේය.”
7 “යම් දෙවි කෙනෙක් සුළු කල්ප අසූදහසක් සිටිත්. ඔවුහුද චිත්තක්ෂණ දෙකකින් යුතුව ජීවත් නොවෙත්.”
“මේ ලෝකයෙහි මරණයට පත්වන්නහුගේ යම් නිරුද්ධවූ පංචස්කන්ධයක් ඇද්ද, සිටින්නහුගේ හෝ පංචස්කන්ධයක් ඇද්ද, නූපන්නහුගේ ස්කන්ධයක් ඇද්ද, සියල්ලම සමාන බවට පැමිණියේය.”
8 “නූපන්නහු විසින් නූපදිනා ලද්දේවේ. පවත්නා කාලයෙහි ජීවත් නොවේ. ලෝකයෙහි චිත්තභංගයෙන් මැරුණේවේ. පරමාර්ථ වශයෙන් මේ පැනවීමයි.
“යම්සේ ආශාවෙන් නැමුනාහු භවයට බරවූවෝ වෙති. සළායතන ප්‍රත්‍යයෙන් නොසිදුණ චිත්ත ධාරාවෝ පවතිත්. භවයෙහි සිත තැත්පන් නොකළෝ චිත්තභංගත්වය ඇත්තෝ වෙති. (ඔවුන්ට ශරීර පුඤ්ජයක් (ගොඩක්) අනාගතයෙහි නැත. ඉදිකටු අග අබ ඇටය මෙන් උපන්නෝම සිටිත්.
“හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් උපනුන්ගේද භංගත්වය ඔවුන්ගේ ඉදිරියෙහිමවේ. අතීතය හා මිශ්‍ර නොවූ විනාශවන සුළු ධර්මයෝ පවතිත්.
9 (“ඒ චිත්ත පරම්පරාව) නොපෙණී මෙන්ම එත් භංගවූවෝ නොපෙණීමට යෙති. අහසෙහි විදුලියමෙන් උපදිත් විනාශවෙත්.”
මෙසේ ස්වල්ප කාලයක් පවත්නා බැවින් ජීවිතය අල්පය, කෙසේ ස්වභාවයෙන් අල්ප බැවින් ජීවිතය ස්වල්පද ජීවිතය ආශ්වාසය හා සම්බන්ධයෙන් යුක්තවූයේය. ප්‍රශ්වාසය හා සම්බන්ධයෙන් යුක්තවූයේය. ආශ්වාස ප්‍රශ්වාස දෙක හා සම්බන්ධයෙන් යුක්තවූයේය. මහාභූතයන් හා සම්බන්ධයෙන් යුක්තවූයේය. කැබලිකොට කඩා කන ආහාරය හා සම්බන්ධයෙන් යුක්තවූයේය. උෂ්ණය හා සම්බන්ධයෙන් යුක්තවූයේය. විඤ්ඤාණය හා සම්බන්ධයෙන් යුක්තවූයේය. මොවුන්ගේ මුලද දුර්වලය මොවුන්ගේ පූර්ව හේතුවද දුර්වලය. මොවුනට ඇතිවන භූමියද දුර්වලය. මොවුන්ගේ සම්ප්‍රයෝගයෝද දුර්වලය. මොවුන් හා එකට උපන්නෝද දුර්වලයෝය. යම් යොදවන්නියක් වේද එයද දුර්වලය. මොවුහු නිත්‍යයෙන් ඔවුනොවුන් දුර්වලය මොවුහු ඔවුනොවුන් අස්ථිරත්වයෙන් යුක්තවූවෝය. මොවුහු ඔවුනොවුන් හෙලත්, ඔවුනොවුන්ගේ වනාහි ආරක්ෂාවක් නැත. මොවුහු ඔවුනොවුන් නොතබත්. යමෙක් උපදවන්නේද හෙතෙම විද්‍යාමාන නොවේ.
10 “කවරකු විසින් හෝ කිසිවෙක් හෝ නොපිරිහෙයි. මේ සියල්ලෝම අන්තැනක උපදින්නේය. යම් කෙනෙක් මුලින් උපන්නෝද ඔවුහු උත්පත්තිය පිහිටකොට ඇත්තාහු මුලින්ම මළෝය පෙරවූවෝද පසුවූවෝද කිසිකලකත් ඔවුනොවුන් නොමැඩූහ.”
මෙසේ ස්වභාවයෙන් ස්වල්ප බැවින් ජීවිතය ස්වල්පය නැවතද චාතුර්මහාරාජික දෙවියන්ගේ ජීවිතය සමාන කළ කල්හි මිනිසුන්ගේ ජීවිතය අල්පය, කුඩාය ටිකය, ස්වල්පය මදය කලක් නොපවත්නේය, චිරස්ථායී නොවේ. තවුතිසා දෙවියන්ගේ යාම දෙවියන්ගේ තුසිත දෙවියන්ගේ නිර්මාණ රතී දෙවියන්ගේ පරනිර්මිත වසවර්තී දෙවියන්ගේ බ්‍රහ්ම කායික දෙවියන්ගේ ජීවිතය සමාන කළ කල්හි මිනිසුන්ගේ ජීවිතය අල්පය, කුඩාය, ටිකය, ස්වල්පය, මදය, කලක් නොපවත්නේය. චිරස්ථායී නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින්ද දේශනා කරණ ලදදේය.
11 “මහණෙනි, මිනිසුන්ගේ මේ ජීවිතය ස්වල්පය. පරලොවට යන සුලුය මෙය දැන අවබෝධ කට යුතුය. කුසල් කටයුතුය බඹසරහැසිරිය යුතුය. උපන්නහුට නො මැරීමක් නැත. මහණෙනි, යමෙක් බොහෝකල් ජීවත් වේද, අවුරුදු සියයකට අඩුය, ස්වල්පයක් වැඩිය හෝ වෙයි.”
“මිනිසුන්ගේ ආයුෂ ස්වල්පය. යහපත් පුරුෂතෙම එය පිළිකුල් කරන්නේය. හිස ගිනිගත්තහු මෙන් හැසිරෙන්නේය. මරුවාගේ (මරණයේ) නොඊමක් නැත.
“රෑ දාවල් ඉක්මෙත්, ජීවිතය විනාශ කරණු ලැබේ. ගංගාවන්ගේ ජලය යටි ගඟට යන්නාක්මෙන් මිනිසුන්ගේ ආයුෂය ගෙවේ”
12 “නුවණැත්තේ මේ ජීවිතය අල්පයයි” කීහු යන්නෙහි ධෛර්‍ය්‍ය ඇත්තේනුයි ධීර නමි. උත්සාහ ඇත්තේනුයි ධීර නම් ප්‍රඥා ඇත්තේහුයි ධීර නමි. ප්‍රඥාවට ධීර යයි කියනු ලැබේ. යම් ප්‍රඥාවක් දැනීම පරීක්ෂණය (ii) විශේෂ දැනීම ධර්මය පරීක්ෂාවෙන් දැනීම සලකා බැලීම වෙනස දැනීම වැටහීමෙන් දැනීම පාණ්ඩිත්‍යය දක්ෂකම නිපුණත්වය විභවත්වය චින්තාව මන්තාව සොයාබැලීම ප්‍රඥාව ඥානය මගපෙන්වීම විදර්ශනාව මනා දැනීම සිහි කරවීමේ ප්‍රඥාව ප්‍රඥෙන්ද්‍රිය ප්‍රඥාබලය ප්‍රඥා ආයුධය ප්‍රඥා ප්‍රාසාදය ප්‍රඥා ආලෝකය ප්‍රඥා අවභාසය ප්‍රඥා පහන ප්‍රඥා රතනය (iii) නුමුළාව ධම්ම වීචය නම් සම්‍යග්දෘෂ්ටිය යන ඒ ප්‍රඥාවෙන් යුක්ත බැවින් ධිර යයි කියයි. නැවතද ස්කන්ධයෙහි නුවණැති, ධාතූන්හි නුවණැති, ආයතනයන්හි නුවණැති, ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි නුවණැති, සති පට්ඨානයෙහි නුවණැති, සම්‍යක් ප්‍රධානයෙහි නුවණැති, ඍද්ධි පාදයෙහි නුවණැති ඉන්ද්‍රියයන්හි නුවණැති, බොධ්‍යංගයන්හි නුවණැති, මාර්ගයන්හි නුවණැති, ඵලයන්හි නුවණැති, නිර්වාණයෙහි නුවණැති ඒ නුවණැත්තෝ මෙසේ කීහ. මිනිසුන්ගේ ජීවිතය ස්වල්පය. ජීවිතය මදය. ටිකය. ටික කාලයෙකි. ඈත නොයන සුළුය. ජීවිතය චිරස්ථායි නොවේ. මෙසේ කීහ. මෙසේ කියත්. මෙසේ කථා කරත්. මෙසේ ප්‍රකාශ කරත් මෙසේ ව්‍යවහාර කරත්.
|
11
පස්සාමි
හීනා නරා මච්චුමුඛෙ ලපන්ති, අවීතතණ්හාසෙ භවාභවෙසු.
පස්සාමි
පරිඵන්දමානන්ති තණ්හාඵන්දනාය ඵන්දමානං, දිට්ඨිඵන්දනාය ඵන්දමානං, කිලෙසඵන්දනාය ඵන්දමානං, පයොගඵන්දනාය ඵන්දමානං, විපාකඵන්දනාය ඵන්දමානං, දුච්චරිතඵන්දනාය ඵන්දමානං, රත්තං රාගෙන ඵන්දමානං, දුට්ඨං
පජං ඉමං තණ්හගතං භවෙසූති.
පජාති සත්තාධිවචනං.
තණ්හාති රූපතණ්හා, සද්දතණ්හා, ගන්ධතණ්හා, රසතණ්හා, ඵොට්ඨබ්බතණ්හා, ධම්මතණ්හා.
තණ්හගතන්ති තණ්හාගතං තණ්හානුගතං තණ්හායානුසටං තණ්හායාසන්නං තණ්හාය පාතිතං අභිභූතං පරියාදින්නචිත්තං
හීනා නරා මච්චුමුඛෙ ලපන්තීති.
හීනා නරාති හීනා නරා හීනෙන කායකම්මෙන සමන්නාගතාති හීනා නරා, හීනෙන වචීකම්මෙන සමන්නාගතාති හීනා නරා, හීනෙන මනොකම්මෙන සමන්නාගතාති හීනා නරා, හීනෙන පාණාතිපාතෙන සමන්නාගතාති හීනා නරා, හීනෙන අදින්නාදානෙන...පෙ.... හීනෙන කාමෙසුමිච්ඡාචාරෙන... හීනෙන මුසාවාදෙන... හීනාය පිසුණාය වාචාය... හීනාය ඵරුසාය වාචාය... හීනෙන සම්ඵප්පලාපෙන... හීනාය අභිජ්ඣාය... හීනෙන බ්‍යාපාදෙන... හීනාය මිච්ඡාදිට්ඨියා... හීනෙහි සඞ්ඛාරෙහි... හීනෙහි පඤ්චහි කාමගුණෙහි නීවරණෙහි... හීනාය චෙතනාය... හීනාය පත්ථනාය... හීනාය පණිධියා සමන්නාගතාති හීනා නරා හීනා නිහීනා ඔහීනා ඔමකා ලාමකා ඡතුක්කා පරිත්තාති - හීනා නරා.
මච්චුමුඛෙ ලපන්තීති.
මච්චුමුඛෙති මාරමුඛෙ මරණමුඛෙ, මච්චුප්පත්තා මච්චුසම්පත්තා මච්චූපාගතා, මාරප්පත්තා මාරසම්පත්තා මාරූපාගතා, මරණප්පත්තා මරණසම්පත්තා මරණූපාගතා ලපන්ති ලාලපන්ති සොචන්ති කිලමන්ති පරිදෙවන්ති උරත්තාළිං කන්දන්ති සම්මොහං ආපජ්ජන්තීති - හීනා නරා මච්චුමුඛෙ ලපන්ති.
අවීතතණ්හාසෙ භවාභවෙසූති.
තණ්හාති රූපතණ්හා...පෙ.... ධම්මතණ්හා.
භවාභවෙසූති භවාභවෙ කම්මභවෙ පුනබ්භවෙ කාමභවෙ
තෙනාහ භගවා -
‘‘පස්සාමි ලොකෙ පරිඵන්දමානං, පජං ඉමං තණ්හගතං භවෙසු;
හීනා නරා මච්චුමුඛෙ ලපන්ති, අවීතතණ්හාසෙ භවාභවෙසූ’’ති.
|
11
(2 - 5)
“ලෝකයෙහි සැලෙනවුන් දකින්නෙමි.” යන්නෙහි “දකින්නෙමි.” යනු මසැසින්ද බලන්නෙමි දිවැසින්ද බලන්නෙමි. පැණැසින්ද බලන්නෙමි. බුදු ඇසින්ද බලන්නෙමි. සියල්ල දක්නා ඇසින්ද බලන්නෙමි. දකිමි බලමි මනාකොට පරීක්ෂා කරමි. ‘ලොවේ’ යනු අපාය ලෝකයෙහි මනුෂ්‍ය ලෝකයෙහි දිව්‍ය ලෝකයෙහි ස්කන්ධ ලෝකයෙහි ධාතුලෝකයෙහි ආයතනලෝකයෙහි යනුයි ‘සැලෙන’ යනු තෘෂ්ණා කම්පනයෙන් කම්පනය වන්නාවූ දෘෂ්ටි කම්පනයෙන් ක්ලෙශ කම්පනයෙන් ප්‍රයොග කම්පනයෙන් විපාක කම්පනයෙන් දුශ්චරිත කම්පනයෙන් රත්වූ රාගයෙන් දූෂ්‍යවූ ද්වේෂයෙන් එකට බැඳුනාවූ මානයෙන් දෘෂ්ටි පරාමර්ශයෙන් උද්ධච්චයෙන් වික්ෂොපගතව කම්පනය වන්නාවූ ක්ලෙශයන්ගෙන් උත්සාහවත්ව කම්පනය වන්නාවූ විචිකිච්ඡාවෙන් අවිනිශ්චිතව කම්පනය වන්නාවූ අනුසයන්ගෙන් උත්සාහවත්ව කම්පනය වන්නාවූ ලාභයෙන් කම්පනය වන්නාවූ අලාභයෙන් කීර්තියෙන් අපකීර්තියෙන් ප්‍රශංසාවෙන් කම්පනය වන්නාවූ නින්දාවෙන් සැපතින් ඉපදීමෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් ශොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාසයන්ගෙන් නිරය දුකින් කම්පනය වන්නාවූ තිරිසන් යොනික දුකින් ප්‍රෙත විෂයික දුකින් මානුෂික දුකින් ගර්භයට ඇතුළුවීමේ දුකින් ගර්භයෙහි සිටීමේ දුකින් ගර්භයෙන් නැගිටීමේ දුකින් උපන්නහුට බැඳීම් ආදියෙන් ඇතිවන උපන්නහුට අනුන් ගෙන් සිදුවන දුකින් ආත්මොපක්‍රම දුක්ඛයෙන් පරොපක්‍රම දුක්ඛයෙන් දුක්ඛ දුක්ඛයෙන් සංස්කාර දුකින් විපරිණාම දුකින් ඇස්රොගයෙන් මෙහි (4) 4 (iii) ඡේදය යෙදිය යුතුයි) මවුගේ මරණයෙන් ඇතිවන දුකින් පියාගේ මරණයෙන් සහෝදරයාගේ මරණයෙන් සහෝදරියගේ මරණයෙන් පුත්‍රයාගේ මරණයෙන් දුවගේ මරණයෙන් ඥාති ව්‍යසන දුකින් භොගව්‍යසන දුකින් රොග ව්‍යසන දුකින් ශීල ව්‍යසන දුකින් දෘෂ්ටි ව්‍යසන දුකින් කම්පනය වන්නාවූ චලනය වන්නාවූ විශේෂයෙන් කම්පනය වන්නාවූ වෙවුලන්නාවූ (සත්වයන්) දකිමි. බලමි පරීක්ෂාකොට නිරීක්ෂණය කරමි යනුයි. භවයන්හි තෘෂ්ණාවෙන් මැඩෙන මේ ප්‍රජාව යන්නෙහි පජායනු සත්වයන්ට නමෙකි. තෘෂ්ණා යනු රූප තෘෂ්ණා ශබ්ද තෘෂ්ණා ගන්ධ තෘෂ්ණා රස තෘෂ්ණා ස්පර්ශ තෘෂ්ණා ධර්ම තෘෂ්ණා භව තෘෂ්ණා විභව තෘෂ්ණා තෘෂ්ණාව අනුව ගියාවූ තාෂ්ණාවට බැසගත්තාවූ තෘෂ්ණාවට පැමිණියාවූ තෘෂ්ණාව මතුවෙහි වැටුනාවූ මැඩුනාවූ වටකොට ගත්තාවූ අල්පවූ ස්වල්පවූ (මනුෂ්‍යයෝ) යනුයි.
13 “මරුගේ කටෙහි හඬත්” යනු මාර මුඛයෙහි මරණ මුඛයෙහි මරණය පැමිණියේ මාරයා පැමිණියේ මරණ ප්‍රාපතවූයේ මරණය පැමිණියේ, කථාකරත්, එකතුව දොඩත්, ක්ලාන්තවෙත්, හඬා වැළපෙත්, පපුව මත අත තබා හඬත්, සිහිමුළා බවට පැමිණෙත්, (යනුයි)
14 “භවාභවයන්හි පහ නොකළ තෘෂ්ණා “ඇත්තෝ” යන්නෙහි “තෘෂ්ණා” යනු රූප තෘෂ්ණා ශබ්ද තෘෂ්ණා ගන්ධ තෘෂ්ණා රස තෘෂ්ණා ස්පර්ශ තෘෂ්ණා ධර්ම තෘෂ්ණා (යනුයි.) භවාභවයන්හි යනු කර්මභවයෙහි පුනර්භවයෙහි රූප භවයෙහි, කර්ම භවයෙහි රූපභවයෙහි පුනර්භවයෙහි අරූප භවයෙහි, කර්ම භවයෙහි අරූප භවයෙහි පුනර්භවයෙහි නැවත නැවත භවයෙහි නැවත, ගති නැවත නැවත උත්පත්තියෙහි නැවත නැවත ප්‍රතිසන්ධියෙහි නැවත නැවත ආත්මභවයෙහි යනුයි.
15 “භවා භවයන්හි” යනු කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි යනුයි. පහත් මනුෂ්‍යයෝ මරුගේ කටෙහි හඬත්” යනුවෙන්, හීනවූ මනුෂ්‍යයෝ නම් ලාමකවූ කාය කර්මයෙන් යුක්තවූ ලාමකවූ වාග් කර්මයෙන් ලාමකවූ මනො කර්මයෙන් ලාමකවූ ප්‍රාණඝාතයෙන් අදත්තා දානයෙන් කාමමිථ්‍යාචාරයෙන් මුසාවාදයෙන් කේලාම් බසින් ඵරුෂ බසින් සම්ඵප්‍රලාපයෙන් හීනවූ අභිධ්‍යාවෙන් ව්‍යාපාදයෙන් මිථ්‍යාදෘෂ්ටියෙන් සංස්කාරයන්ගෙන් හීනවූ පංචකාම ගුණයන්ගෙන් හීනවූ පංචනීවරණයන්ගෙන් හීනවූ චෙතනාවෙන් හීනවූ ප්‍රාර්ථනාවෙන් හීනවූ සිත පිහිටුවා ගැන්මෙන් යුක්තවූයේනුයි හීනවූ නිහීනවූ ලාමකවූ ඇති වීමෙහි නොහළ තෘෂ්ණාව ඇති පහව නොගිය තෘෂ්ණා ඇති වමාරා නොදැමූ තෘෂ්ණාව ඇති නොමිදුන තෘෂ්ණාව ඇති ප්‍රහීන නොවූ තෘෂ්ණාව ඇති නොසන් සිඳුනාවූ තෘෂ්ණාව ඇති (යනුයි)
|
12
මමායිතෙ පස්සථ ඵන්දමානෙ,
මච්ඡෙව
(මච්ඡොව (සී.))
අප්පොදකෙ ඛීණසොතෙ;
එතම්පි දිස්වා අමමො චරෙය්‍ය, භවෙසු ආසත්තිමකුබ්බමානො.
මමායිතෙ පස්සථ ඵන්දමානෙති.
මමත්තාති ද්වෙ මමත්තා - තණ්හාමමත්තඤ්ච දිට්ඨිමමත්තඤ්ච. කතමං තණ්හාමමත්තං? යාවතා තණ්හාසඞ්ඛාතෙන සීමකතං මරියාදිකතං ඔධිකතං පරියන්තකතං පරිග්ගහිතං මමායිතං. ඉදං මමං, එතං මමං, එත්තකං මමං, එත්තාවතා මමං, මම රූපා සද්දා ගන්ධා
කතමං දිට්ඨිමමත්තං? වීසතිවත්ථුකා සක්කායදිට්ඨි, දසවත්ථුකා මිච්ඡාදිට්ඨි, දසවත්ථුකා අන්තග්ගාහිකා දිට්ඨි; යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං
මච්ඡෙව
එතම්පි දිස්වා අමමො චරෙය්‍යාති. එතං ආදීනවං දිස්වා පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා
(තිරයිත්වා (ක.)) විභාවයිත්වා විභූතං කත්වා මමත්තෙසූති
භවෙසු ආසත්තිමකුබ්බමානොති.
භවෙසූති කාමභවෙ රූපභවෙ අරූපභවෙ.
ආසත්ති වුච්චති තණ්හා. යො රාගො සාරාගො...පෙ.... අභිජ්ඣා ලොභො අකුසලමූලං.
භවෙසු ආසත්තිමකුබ්බමානොති. භවෙසු ආසත්තිං අකුබ්බමානො, ඡන්දං පෙමං රාගං ඛන්තිං අකුබ්බමානො අජනයමානො අසඤ්ජනයමානො අනිබ්බත්තයමානො අනභිනිබ්බත්තයමානොති - භවෙසු ආසත්තිමකුබ්බමානො.
තෙනාහ භගවා -
‘‘මමායිතෙ
එතම්පි දිස්වා අමමො චරෙය්‍ය, භවෙසු ආසත්තිමකුබ්බමානො’’ති.
|
12
(2 - 6)
1 “බලව්, මමත්වය ඇති දෙයෙහි සැලෙනවුන්” යන්නෙහි මමත්ව දෙකකි. තෘෂ්ණා මමත්වයද, දෘෂ්ටි මමත්වයද යනුයි
(ii) තෘෂ්ණා මමත්වය කවරේද? යම්තාක් තෘෂ්ණාවෙන් සීමාකරණලද ඉලක්ක කරණලද වටකරණ ලද හාත්පසින් සීමාකරණලද මෙය මාගේය. මෙපමණ මාගේය. මෙපමණකින් මාගේය රූපයෝ, ශබ්දයෝ, ගන්ධයෝ, රසයෝ ස්පර්ශයෝ ඇතිරිලි පොරෝනය, දාසි දාසයෝ, එළු, බැටළුවෝ ඌරු කුකුල්ලු, ඇත්, ගව, අශ්ව, වෙළඹහු කෙත්වත් හිරණ්‍ය ස්වර්ණ ගම් නියම්ගම් රාජධානි රටවල් ජනපද කොටුගුල් ගබඩා මාගේය. හුදෙක් මහා පෘථිවියද, තෘෂ්ණා වශයෙන් මමායනය කරයි. යම්තාක් එක්සිය අටක් තෘෂ්ණාවට අයත්ද (ඒ සියල්ල) මේ තෘෂ්ණා මමත්වයයි (iii) දෘෂ්ටි මමත්වය කෙසේද? විංශති වස්තුකවූ සත්කාය දෘෂ්ටිය දශවස්තුක මිථ්‍යාදෘෂ්ටිය, දශ වස්තුක අන්තග්‍රාහික දෘෂ්ටිය යම් එබඳු දෘෂ්ටි ඇද්ද, දෘෂ්ටි වශයෙන් ගත් දෘෂ්ටි කාන්තාරය, දෘෂ්ටිකණ්ඨකය, දෘෂ්ටිකම්පනය දෘෂ්ටි සංයෝජනය, ග්‍රහණය, ප්‍රතිග්‍රහණය, ඇතුළුවීම පරාමර්ශය, වැරදි මාර්ගය, මිථ්‍යා මාර්ගය, බොරුබව නිර්වායතනය, වැරදිගැන්ම, විපර්‍ය්‍යාස ග්‍රහනය, මිථ්‍යා ග්‍රහනය, වැරදි දේ නිවැරදියයි ගැන්ම යම් පමණ දෙසැට දෘෂ්ටි ගත්තෝ වෙත්ද මේ දෘෂ්ටි මමත්වයයි.
2 “මගේයයි ගත්, කම්පාවන්නවුන් බලවු” යන්නෙහි මමය මාගේයයි ගන්නා ලද වස්තුවෙහි නොබිඳේය යන හැඟීමෙන් කම්පාවෙත් බිඳෙද්දීද කම්පා වෙත්. බිඳුනකල්හිද මමය මාගේ යයි ගන්නාලද වස්තුව වෙනස්වූ කල්හිද කම්පා වෙත්. විශේෂයෙන් කම්පාවෙත්. සැලෙත් වෙවුලත් මනා කොට වෙවුලත් මෙසේ කම්පාවන්නවුන් විශේෂයෙන් කම්පාවන්නවුන් සැලෙනවුන් වෙවුලන්නවුන් බලව් දකිව්. සිතව් පරීක්ෂාකරව්.
3 “දිය නැති ගලායාම් නැති තැන මසකු මෙන්” යනු අල්පවූ දිය ඇති මඳක් දිය ඇති දියකෙළවර සිටින මත්ස්‍යයා කවුඩන් විසින් හෝ ගිජුලිහිනියන් විසින් හෝ කොකුන් විසින් හෝ අන් කිසි සතුන් විසින් හෝ කනු ලබන්නාහු පෙරලනු ලබන්නාහු ඩැහැගනු ලබන්නාහු කම්පා වෙත්. විශේෂයෙන් කම්පා වෙත්. වෙවුලත්. සැලෙත්. එපරිද්දෙන්ම සත්වයෝ මමය මාගේයයි ගන්නාලද වස්තුව සිඳීයන කල්හි (බිඳී යන) කම්පාවෙත්. සිඳුනකල්හිද වෙවුලත්. මමය මාගේ යයි ගන්නාලද වස්තුව වෙනස්වේ යයි සැකයෙන්ද වෙනස්වන කල්හිද, වෙනස්වූ කල්හිද කම්පා වෙත. වෙවුලත්.
4 “මෙසේද දැක මගේ යැයි නොගෙන හැසිරෙන්නේ” යනු මේ ආදීනව දැක සමසේ සිතා තීරණයකොට පැහැදිලි කොට විස්තරකොට මමත්වය ඇති වස්තූන්හි, “මගේ යැයි නොගෙන හැසිරෙන්නේ” යන්නෙහි මගේ යැයි ගැනීමේ මමත්ව දෙකකි. තෘෂ්ණා මමත්වයද දෘෂ්ටිමමත්වයද යන දෙකයි. (මෙහි 1 (ii) යෙදිය යුතුයි.) මේ දෘෂ්ටි මමත්වයයි තෘෂ්ණා මමත්වය හැර දෘෂ්ටි මමත්වය බහා තබා ඇස් මමය මාගේයයි නොගන්නේ කණ මමය මාගේ යයි නොගන්නේ නාසය මමය මාගේයයි නොගන්නේ දිව මමය මාගේයයි නොගන්නේ ශරීරය මමය මාගේයයි නොගන්නේ මනස මමය මාගේයයි නොගන්නේ රූපයන් ශබ්දයන්, ගන්ධයන්, රසයන් ස්පර්ශයන් ධර්මයන් කුලය, ගණය, ආවාසය, ලාභය, කීර්තිය, ප්‍රශංසාව, සිවුරු, පිණ්ඩාහාර, සෙනසුන්, ගිලන්පස බෙහෙත් පිරිකර, කාම ධාතු, රූපධාතු අරූපධාතු, කාමභව, රූපභව, අරූපභව සංඥාභව, අසංඥාභව, නෙවසංඥානාසංඥාභව, එකවොකාරභව, චතුවොකාරභව පඤ්චවොකාරභව, අතීත අනාගත වර්තමානයන්හි ඇසූ දුටු (නාසය දිව සිරුර යන මෙකී දෙයින් දැනගත් දෙය) යන දතයුතු ධර්මයන්හි මමත්වය හරනේ නොගන්නේ පරාමර්ශය නොකරන්නේ සදොරින් ඇතුල් නොකරන්නේ හැසිරෙන්නේය. වසන්නේය. පවත්නේය. පාලනය කරන්නේය. යැපෙන්නේය.
5 “භවයන්හි ඇල්ම නොකරන්නේ” යන්නෙහි භවයන්හි යනු කාම භවයෙහි, රූපභවයෙහි, අරූප භවයෙහි “ඇල්ම” යනු තෘෂ්ණාවට කියනු ලැබේ. යම් රාගයක් ඇල්මක් බලවත් ඇල්ම දැඩි ලෝභය, ලෝභය අකුශල මූලය, භවයන්හි ඇල්ම නොකරන්නේ යනු ආශාව, ප්‍රේමය, රාගය, ඉවසීම, නොකරන්නේ නූපදවන්නේ යනුයි.
|
13
උභොසු
යදත්තගරහී තදකුබ්බමානො, න ලිම්පතී
(න ලිප්පති (සී.)) දිට්ඨසුතෙසු ධීරො.
උභොසු
ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධොති.
ඵස්සොති චක්ඛුසම්ඵස්සො සොතසම්ඵස්සො ඝානසම්ඵස්සො ජිව්හාසම්ඵස්සො කායසම්ඵස්සො මනොසම්ඵස්සො, අධිවචනසම්ඵස්සො, පටිඝසම්ඵස්සො, සුඛවෙදනීයො සම්ඵස්සො දුක්ඛවෙදනීයො සම්ඵස්සො අදුක්ඛමසුඛවෙදනීයො සම්ඵස්සො, කුසලො ඵස්සො අකුසලො ඵස්සො අබ්‍යාකතො ඵස්සො, කාමාවචරො ඵස්සො රූපාවචරො ඵස්සො අරූපාවචරො ඵස්සො, සුඤ්ඤතො ඵස්සො අනිමිත්තො ඵස්සො අප්පණිහිතො ඵස්සො, ලොකියො ඵස්සො ලොකුත්තරො ඵස්සො, අතීතො ඵස්සො අනාගතො ඵස්සො පච්චුප්පන්නො
ඵස්සං පරිඤ්ඤායාති ඵස්සං තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා - ඤාතපරිඤ්ඤාය, තීරණපරිඤ්ඤාය
(තිරණපරිඤ්ඤාය (ස්‍යා.)), පහානපරිඤ්ඤාය. කතමා
කතමා තීරණපරිඤ්ඤා? එවං ඤාතං කත්වා ඵස්සං තීරෙති. අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො ඊතිතො උපද්දවතො භයතො උපසග්ගතො චලතො පභඞ්ගුතො අධුවතො අතාණතො අලෙණතො අසරණතො රිත්තතො තුච්ඡතො සුඤ්ඤතො අනත්තතො ආදීනවතො විපරිණාමධම්මතො අසාරකතො අඝමූලතො වධකතො විභවතො සාසවතො සඞ්ඛතතො මාරාමිසතො ජාතිජරාබ්‍යාධිමරණධම්මතො සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මතො සංකිලෙසධම්මතො සමුදයතො අත්ථඞ්ගමතො අස්සාදතො ආදීනවතො නිස්සරණතො තීරෙති - අයං තීරණපරිඤ්ඤා.
කතමා
යදත්තගරහී තදකුබ්බමානොති.
යදන්ති යං.
අත්තගරහීති ද්වීහි කාරණෙහි අත්තානං ගරහති - කතත්තා ච අකතත්තා ච. කථං කතත්තා ච අකතත්තා ච අත්තානං ගරහති? කතං මෙ
තෙනාහ
‘‘උභොසු අන්තෙසු විනෙය්‍ය ඡන්දං, ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො;
යදත්තගරහී තදකුබ්බමානො, න ලිම්පතී දිට්ඨසුතෙසු ධීරො’’ති.
|
13
(2 - 7)
1 “දෙකොණෙහි ඇල්ම දුරලන්නේ” යන්නෙහි “කොණ” යනු කොන් දෙකකි ස්පර්ශය එක් කොනෙකි. ස්පර්ශය ඇතිවීමේ හේතුව දෙවෙනි කොනය (අන්තය) යි. අතීතය එක් අන්තයකි. අනාගතය දෙවන අන්තයයි. සුඛ වේදනාව එක් අන්තයකි. දුක්ඛ වේදනාව දෙවන අන්තයයි. නාමය එක් අන්තයකි රූපය දෙවන අන්තයයි. සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයෝ එක් අන්තයකි. සවැදෑරුම් බාහිර ආයතනයෝ දෙවන අන්තයයි. ආත්මදෘෂ්ටිය එක් අන්තයකි ආත්මදෘෂ්ටිය ඇතිවීමේ හේතුව දෙවන අන්තයයි. “ඡන්දය” යනු යමෙක් කාමයන්හි කාමාශාව (මෙහි 1, 3 ඡේදයේ “කාම රාගය ඇත්තේද” යන තැන් සිට යොදාගත යුතුයි.)
“දෙකොණෙහි ඇල්ම දුරලන්නේ” යනු අන්ත දෙකෙහි ආශාව දුරුකරන්නේය. අත්හරින්නේය නූපදනා බවට පමුණුවන්නේය.
2 “ස්පර්ශය පිරිසිඳ දැන ගිජුනොවූයේ” යන්නෙහි ස්පර්ශය යනු (ii) චක්ෂු ස්පර්ශය, ශ්‍රොත ස්පර්ශය, ඝ්‍රාණස්පර්ශය ජිව්හා ස්පර්ශය, කාය ස්පර්ශය, මනස්පර්ශය, අධිවචන ස්පර්ශය, පටිඝස්පර්ශය, සුඛවෙදනීය ස්පර්ශය, දුක්ඛ වෙදනීය ස්පර්ශය අදුඃඛමසුඛ වෙදනීය ස්පර්ශය, කුශලස්පර්ශය, අකුශල ස්පර්ශය අව්‍යාකෘත ස්පර්ශය, කාමාවචර ස්පර්ශය, රූපාවචර ස්පර්ශය, අරූපාවචර ස්පර්ශය, සූන්‍යතා ස්පර්ශය, අනිමිත්ත ස්පර්ශය, අප්පණිහිතස්පර්ශය, ලෞකික ස්පර්ශය ලොකොත්තර ස්පර්ශය, අතීතස්පර්ශය, අනාගත ස්පර්ශය, පවත්නා කාලයෙහි ස්පර්ශය, මෙබඳුවූ ස්පර්ශය ස්පර්ශකරණලද බැවින් මෙය ස්පර්ශයයි කියනුලැබේ.
3 “ස්පර්ශය පිරිසිඳ දැන” යනු දැනීම් තුනින් මනාකොට දැන ඥාත නම් දැනීමෙන් තීරණ නම් දැනීමෙන් පහාන නම් දැනීමෙන් දැන යනුයි. (iii) ඥාත නම් දැනීම කවරේද? මේ චක්ෂු ස්පර්ශය (මෙහි 2 (ii) ඡේදය යෙදිය යුතුයි.) මේ දැන් පවත්නා කාලයයි ස්පර්ශය දනීද, මේ ඥාත නම් දැනීමයි.
4 තීරණ පරිඥාව (දැනීම) කවරීද? මෙසේ දැනීමකොට දැනීම තීරණය කරයි. (ii) අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රොග වශයෙන් ගණ්ඩ වශයෙන් හුලක් වශයෙන් උවදුරු වශයෙන් උපද්‍රව වශයෙන් භය වශයෙන් හිරිහැර වශයෙන් කම්පනය වශයෙන් වහා නැසීම් වශයෙන්, අස්ථිර වශයෙන් ආරක්ෂා රහිත වශයෙන් හිස් වශයෙන් ශූන්‍යවශයෙන් අනාත්ම වශයෙන් ආදීනව වශයෙන් ආසාර වශයෙන් උවදුරුවලට මුල් වශයෙන් විභව වශයෙන් ආශ්‍රව වශයෙන් මාරාමිෂ (මරුට ගොදුරු) වශයෙන් ජාති ධර්ම වශයෙන් ජරා ධර්ම වශයෙන් ව්‍යාධි ධර්ම වශයෙන්, මරණ ධර්ම වශයෙන් සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාශ වශයෙන් කිළුටු කරණ ධර්ම වශයෙන්, ආදීනව වශයෙන්, නිශ්ශරණ වශයෙන්, තීරණ කරයි. (ii) මේ තීරණය ප්‍රඥාවයි.
5 ප්‍රහාණ පරිඥාව කවරීද? මෙසේ තීරණයකොට ස්පර්ශයෙහි ඡන්දරාගය දුරු කරයි. සංසිඳවයි. නොපැමිණෙනබවට පමුණුවයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණලදී. “මහණෙනි, ස්පර්ශයන්හි යම් ඡන්දරාගයක් ඇද්ද එය දුරු කරව්. මෙසේ ඒ ස්පර්ශය දුරුවූයේ වෙයි. මුල සිඳින ලද්දේ අග සිඳි තල්ගසක් මෙන් කරණලද්දේ නොඉපදීම බවට ගියේ නැවත නූපදින තත්වයට පමුණුවන ලද්දේ (යනුයි) මේ ප්‍රහාන පරිඥාවයි.
6 “ස්පර්ශය පිරිසිඳ දැන” යනු ස්පර්ශය මේ තුන් පරීඥාවෙන් දැනීමෙන් මනාකොට දැන “ගිජුකමක් නැත්තේ” යන්නෙහි ගිජු යයි තෘෂ්ණාවට කියනු ලැබේ යම් රාගයක් ඇද්ද, ඇලීමක් ඇද්ද, (මෙහි (1-3) 3 ඡේදයේ “යම් ලංවීමක් තැන් සිට ඡේදය අවසානය දක්වා යෙදිය යුතුයි.) තද ලෝභයක් ඇද්ද ලෝභයක්, අකුශල මූලයක් ඇද්ද යමෙකුට මේ ගිජුකම ප්‍රහීනවූයේ මුලිනුපුටාදැමූයේ සංසිඳුනේ ඉපදීමට සුදුසු නොවූයේ ඥාන ගින්නෙන් දැවූයේ හෙතෙම ගිජු නොවූයේයයි කියනු ලැබේ. (ii) හෙතෙම රූපයෙහි ගිජු නොවූයේ ශබ්දයෙහි ගිජු නොවූයේ ගන්ධයෙහි ගිජු නොවූයේ රසයෙහි ගිජුනොවූයේ ස්පර්ශයෙහි ගිජු නොවූයේ කුලයෙහි ගණයෙහි ආවාසයෙහි ලාභයෙහි කීර්තියෙහි ප්‍රශංසායෙහි සුඛයෙහි චීවරයෙහි පිණ්ඩපාතයෙහි සේනාසනයෙහි ගිලන්පස බෙහෙත් පිරිකරෙහි කාම ධාතුයෙහි රූප ධාතුයෙහි අරූප ධාතුයෙහි කාමභාවයෙහි, රූප භවයෙහි අරූප භවයෙහි සංඥා භවයෙහි අසංඥා භවයෙහි නෙවසඤ්ඤා නාසඤ්ඤා භවයෙහි එකවොකාර භවයෙහි චතුවොකාර භවයෙහි පංචවොකාර භවයෙහි, අතීතයෙහි, අනාගතයෙහි පවත්නා කාලයෙහි (ii) 2 ඇසූ දුටු දැනගත්, දැනගතයුතු ධර්මයන්හි ගිජු නොවූයේ නොගැටුනේ නොමුලාවූයේ නොබැස ගත්තේ හළ ගිජුකම ඇත්තේ පහව ගිය ගිජුකම ඇත්තේ වමාරා දැමූ ගිජුකම ඇත්තේ, මිදුන ගිජුකම ඇත්තේ පහව ගිය රාග ඇත්තේ අත්හළ රාග ඇත්තේ වමාළ රාග ඇත්තේ මිදුන රාග ඇත්තේ ප්‍රහීන රාග ඇත්තේ පහකළ රාග ඇත්තේ නිශ්චයට පැමිණියේ නිවුනේ සිහිල්වූයේ සැප විඳින්නේ බ්‍රහ්මවූ ආත්මභාවයෙන් වාසය කරයි.
7 “යමකින් තමා ගරහන්නේද, එය නොකරන්නේ” යන්නෙහි “යම්” යනු යම් යන අර්ථයයි. තමාට නින්දාකරන්නේ යනු කරුණු දෙකකින් තමාට නින්දාකරයි. කරණලද බැවින්ද නොකරණ ලද බැවින් ද යනුයි. කෙසේ කරණලද බැවින්ද නොකරණ ලද බැවින්ද තමාට නින්දා කෙරේද, මවිසින් කාය දුශ්චරිතය කරණලදී. මාවිසින් කාය සුචරිතය නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මාවිසින් වාග් දුශ්චරිතය කරණ ලදී. මවිසින් වාග් සුචරිතය නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් ප්‍රාණඝාතය කරණලදී. මවිසින් ප්‍රාණඝාතය අත් නොහරින ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් අදත්තාදානය කරණලදී මාවිසින් අදත්තාදානය අත් නොහරින ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් කාම මිථ්‍යාචාරය කරණලදී. මවිසින් කාම මිථ්‍යාචාරය අත් නොහරින ලදීයයි තමාට නින්දා කරයි මවිසින් මුසාවාදය කරණලදී. මවිසින් මුසාවාදය නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් පිසුණු බස් කීම කරණලදී. මවිසින් පිසුණු බස් කීමෙන් වැලැක්ම නොකරණලදීයයි තමාට නින්දා කරයි. මවිසින් නපුරු වචන කීම කරණලදී. මවිසින් නපුරු වචන කීමෙන් වැලැක්ම නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් හිස් වචන කීම කරණලදී. මවිසින් හිස් වචන කීමෙන් වැලැක්ම නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් දැඩි ලෝභය කරණලදී මවිසින් දැඩි ලෝභයෙන් වැලැක්ම නොකරණ ලදීයයි තමාට නින්දා කරයි මවිසින් ව්‍යාපාදය කරණලදී. මවිසින් අව්‍යාපාදය නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් වැරදි ඇදහීම කරණලදී. මවිසින් නිවැරදි ඇදහීම නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මෙසේ කරණලද බැවින්ද නොකරණලද බැවින්ද තමාට නින්දා කරයි. යලිදු හෝ ශීලයන් සම්පූර්ණ නොකෙළෙමියි, ඉන්ද්‍රියයන්හි නොවසන ලද දොරවල් ඇත්තේවීමියි, භොජනයෙහි ප්‍රමාණය නොදත්තේවීමියි. නිදි වර්ජිත කිරීමෙහි නොයෙදුනෙමියි. සිහි නුවණින් යුක්ත නොවීමියි මවිසින් සතර සතිපට්ඨාන භාවිතා නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් සතර සම්‍යක් ප්‍රධාන භාවිතා නොකරණ ලදීයයි තමාට නින්දා කරයි. මවිසින් සතර ඍද්ධි පාදයෝ නොවඩන ලදහයි තමාට නින්දා කරයි. මවිසින් පඤ්චෙන්ද්‍රියයෝ නොවඩනලදහයි තමාට නින්දා කරයි. මවිසින් පංච බලයෝ නොවඩන ලදහයි තමාට නින්දා කරයි. මවිසින් සප්තබොධ්‍යංගයෝ නොවඩන ලදහයි තමාට නින්දා කරයි. මවිසින් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය නොවඩන ලදහයි තමාට නින්දා කරයි. දුක මවිසින් නොදන්නා ලදැයි මාගේ දුක්ඛසමුදය ප්‍රහීන නොවූයේ යයි තමාට නින්දා කරයි. මාර්ගය මවිසින් නොවඩන ලදීයයි තමාට නින්දා කරයි. නිරෝධය මවිසින් ප්‍රත්‍යක්ෂ නොකරණ ලද්දේ යයි තමාට නින්දා කරයි. මෙසේ කරණ ලද බැවින්ද නොකරණ ලද බැවින්ද තමාට නින්දා කරයි. මෙසේ තමාට නින්දා කටයුතු වැඩ නොකරනු ලබන්නේ නූපදවනු ලබන්නේ යමක් තමාට නින්දා වේනම් එය නොකරණු ලබන්නේ (වෙසෙයි) නුවණැත්තේ ඇසූ දුටුවෙහි නොඇලේ යන්නෙහි ඇලීම යනු ඇලිම් දෙකකි. තෘෂ්ණාවෙහි ඇලීමද දෘෂ්ටියෙහි ඇලීමද යනුයි. (මෙහි (2-6) 1 (ii) (iii) ඡේදය යෙදිය යුතුයි.) නුවණැත්තේ යනු නුවණ ඇත්තේ පණ්ඩිතවූයේ ප්‍රඥා ඇත්තේ ඥාන ඇත්තේ ප්‍රඥා ඇත්තේ බුද්ධි ඇත්තේ යනුයි. නුවණැත්තේ තෘෂ්ණාවෙහි ඇලීම දුරුකොට දෘෂ්ටියෙහි ඇලීම සංසිඳුවා දුටු දෙයෙහි නොඇලෙයි. ඇසූ දෙයෙහි නොඇලෙයි. මුතයෙහි නොඇලෙයි. දතයුතු දෙයෙහි නොඇලෙයි. නොඇළුනේ විශේෂයෙන් නොඇළුනේ නික්මුනේ මිදුනේ මුලා නොවූයේ සීමා නොකරණ ලද සිතින් වාසය කෙරෙයි යනුයි.
|
14
සඤ්ඤං
අබ්බූළ්හසල්ලො චරමප්පමත්තො, නාසීසතී ලොකමිමං පරඤ්ච.
සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඔඝන්ති.
සඤ්ඤාති කාමසඤ්ඤා බ්‍යාපාදසඤ්ඤා විහිංසාසඤ්ඤා නෙක්ඛම්මසඤ්ඤා අබ්‍යාපාදසඤ්ඤා අවිහිංසාසඤ්ඤා රූපසඤ්ඤා සද්දසඤ්ඤා ගන්ධසඤ්ඤා රසසඤ්ඤා ඵොට්ඨබ්බසඤ්ඤා ධම්මසඤ්ඤා - යා එවරූපා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං - අයං වුච්චති සඤ්ඤා.
සඤ්ඤං පරිඤ්ඤාති සඤ්ඤං තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා - ඤාතපරිඤ්ඤාය, තීරණපරිඤ්ඤාය, පහානපරිඤ්ඤාය.
කතමා
කතමා තීරණපරිඤ්ඤා? එවං ඤාතං කත්වා සඤ්ඤං තීරෙති. අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො ඊතිතො උපද්දවතො භයතො උපසග්ගතො චලතො පභඞ්ගුතො...පෙ.... සමුදයතො අත්ථඞ්ගමතො අස්සාදතො ආදීනවතො නිස්සරණතො තීරෙති - අයං තීරණපරිඤ්ඤා.
කතමා පහානපරිඤ්ඤා? එවං තීරයිත්වා සඤ්ඤාය ඡන්දරාගං පජහති විනොදෙති අනභාවං ගමෙති. වුත්තම්පි හෙතං භගවතා - ‘‘යො, භික්ඛවෙ, සඤ්ඤාය ඡන්දරාගො, තං පජහථ. එවං සා සඤ්ඤා පහීනා භවිස්සති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවං කතා ආයතිං අනුප්පාදධම්මා’’ති - අයං පහානපරිඤ්ඤා.
සඤ්ඤං පරිඤ්ඤාති සඤ්ඤං ඉමාහි තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා.
විතරෙය්‍ය
පරිග්ගහෙසු
කතමං කායමොනෙය්‍යං? තිවිධකායදුච්චරිතානං පහානං කායමොනෙය්‍යං, තිවිධං කායසුචරිතං කායමොනෙය්‍යං, කායාරම්මණෙ ඤාණං කායමොනෙය්‍යං, කායපරිඤ්ඤා කායමොනෙය්‍යං, පරිඤ්ඤාසහගතො මග්ගො කායමොනෙය්‍යං, කායෙ ඡන්දරාගස්ස පහානං කායමොනෙය්‍යං, කායසඞ්ඛාරනිරොධො චතුත්ථජ්ඣානසමාපත්ති කායමොනෙය්‍යං - ඉදං කායමොනෙය්‍යං.
කතමං වචීමොනෙය්‍යං? චතුබ්බිධවචීදුච්චරිතානං පහානං වචීමොනෙය්‍යං, චතුබ්බිධං වචීසුචරිතං වචීමොනෙය්‍යං, වාචාරම්මණෙ ඤාණං වචීමොනෙය්‍යං, වාචාපරිඤ්ඤා වචීමොනෙය්‍යං, පරිඤ්ඤාසහගතො මග්ගො වචීමොනෙය්‍යං, වාචාය ඡන්දරාගස්ස පහානං වචීමොනෙය්‍යං, වචීසඞ්ඛාරනිරොධො දුතියජ්ඣානසමාපත්ති වචීමොනෙය්‍යං - ඉදං වචීමොනෙය්‍යං.
කතමං මනොමොනෙය්‍යං? තිවිධමනොදුච්චරිතානං පහානං මනොමොනෙය්‍යං, තිවිධං මනොසුචරිතං මනොමොනෙය්‍යං, චිත්තාරම්මණෙ ඤාණං මනොමොනෙය්‍යං, චිත්තපරිඤ්ඤා මනොමොනෙය්‍යං, පරිඤ්ඤාසහගතො
‘‘කායමුනිං වාචාමුනිං, මනොමුනිමනාසවං;
මුනිං මොනෙය්‍යසම්පන්නං, ආහු සබ්බප්පහායිනං.
‘‘කායමුනිං වාචාමුනිං, මනොමුනිමනාසවං;
මුනිං මොනෙය්‍යසම්පන්නං, ආහු නින්හාතපාපක’’න්ති
(නිංන්හාතපාපකන්ති (ස්‍යා.)).
ඉමෙහි තීහි මොනෙය්‍යෙහි ධම්මෙහි සමන්නාගතා ඡ මුනිනො
(ඡ මුනයො (ස්‍යා.)) - අගාරමුනිනො, අනගාරමුනිනො, සෙඛමුනිනො, අසෙඛමුනිනො, පච්චෙකමුනිනො, මුනිමුනිනොති. කතමෙ අගාරමුනිනො? යෙ තෙ අගාරිකා දිට්ඨපදා විඤ්ඤාතසාසනා - ඉමෙ අගාරමුනිනො. කතමෙ අනගාරමුනිනො
‘‘න
යො ච තුලංව පග්ගය්හ, වරමාදාය පණ්ඩිතො.
‘‘පාපානි පරිවජ්ජෙති, ස මුනි තෙන සො මුනි;
යො මුනාති උභො ලොකෙ, මුනි තෙන පවුච්චති.
‘‘අසතඤ්ච සතඤ්ච ඤත්වා ධම්මං, අජ්ඣත්තං බහිද්ධා ච සබ්බලොකෙ;
දෙවමනුස්සෙහි
ලෙපාති ද්වෙ ලෙපා - තණ්හාලෙපො ච දිට්ඨිලෙපො ච...පෙ.... අයං තණ්හාලෙපො...පෙ.... අයං දිට්ඨිලෙපො. මුනි තණ්හාලෙපං පහාය දිට්ඨිලෙපං පටිනිස්සජ්ජිත්වා පරිග්ගහෙසු
අබ්බූළ්හසල්ලො චරමප්පමත්තොති.
සල්ලන්ති සත්ත සල්ලානි - රාගසල්ලං, දොසසල්ලං, මොහසල්ලං, මානසල්ලං, දිට්ඨිසල්ලං, සොකසල්ලං, කථංකථාසල්ලං
(දුච්චරිතසල්ලං (සී.)). යස්සෙතෙ සල්ලා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිපස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චති අබ්බූළ්හසල්ලො අබ්බහිතසල්ලො උද්ධතසල්ලො සමුද්ධතසල්ලො උප්පාටිතසල්ලො සමුප්පාටිතසල්ලො චත්තසල්ලො වන්තසල්ලො මුත්තසල්ලො පහීනසල්ලො පටිනිස්සට්ඨසල්ලො නිච්ඡාතො නිබ්බුතො සීතිභූතො සුඛපටිසංවෙදී බ්‍රහ්මභූතෙන අත්තනා විහරතීති - අබ්බූළ්හසල්ලො.
චරන්ති චරන්තො විහරන්තො ඉරියන්තො වත්තන්තො පාලෙන්තො යපෙන්තො යාපෙන්තො.
අප්පමත්තොති සක්කච්චකාරී සාතච්චකාරී අට්ඨිතකාරී අනොලීනවුත්තිකො අනික්ඛිත්තච්ඡන්දො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. ‘‘කථාහං අපරිපූරං වා සීලක්ඛන්ධං පරිපූරෙය්‍යං, පරිපූරං වා සීලක්ඛන්ධං තත්ථ
නාසීසතී ලොකමිමං පරඤ්චාති ඉමං ලොකං නාසීසති සකත්තභාවං, පරලොකං නාසීසති පරත්තභාවං; ඉමං ලොකං නාසීසති සකරූපවෙදනාසඤ්ඤාසඞ්ඛාරවිඤ්ඤාණං, පරං ලොකං නාසීසති පරරූපවෙදනාසඤ්ඤාසඞ්ඛාරවිඤ්ඤාණං; ඉමං ලොකං නාසීසති ඡ අජ්ඣත්තිකානි ආයතනානි, පරං
තෙනාහ භගවා -
‘‘සඤ්ඤං
අබ්බූළ්හසල්ලො චරමප්පමත්තො, නාසීසතී ලොකමිමං පරඤ්චා’’ති.
|
14
(2 - 8)
8 “හැඟීම පිරිසිඳ දැන වතුරු එතර කරන්නේ” යන්නෙහි “හැඟීම” නම් කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා නෛෂ්ක්‍රම්‍ය සංඥා අව්‍යාපාද සංඥා, අවිහිංසා සංඥා, රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා, ධර්ම සංඥා, යම්බඳුවූ එවැනි සංඥාවලින් හැඳිනීම හඳුනන ලදබව, මේ සංඥායයි කියනු ලැබේ.
9 “හැඟීම පිරිසිඳ දැන” යනු සංඥාව දැනීම තුනින් දැන ඤාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, පහාන පරිඤ්ඤා, යන තුනෙනි, ඤාත පරිඤ්ඤාව කවරේද, මේ කාම සංඥාවය මේ ව්‍යාපාද සංඥාවය, මේ විහිංසා සංඥාවය, මේ නෛෂ්ක්‍රම්‍ය සංඥාවය, මේ අව්‍යාපාද සංඥාවය, මේ අවිහිංසා සංඥාවය. මේ රූප සංඥාවය, මේ ශබ්ද සංඥාවය, මේ ගන්ධ සංඥාවය, මේ රස සංඥාවය මේ ස්පර්ශ සංඥාවය මේ ධර්ම සංඥාවයයි. සංඥාව දනීද දකීද මේ ඤාත පරිඤ්ඤා නමි. තීරණ පරිඤ්ඤාව කවරීද, මෙසේ දැනීමකොට (මෙහි (2-7) 4 (ii) ඡේදය යෙදිය යුතුයි.) ඇතිවීම් වශයෙන් විනාශයට යාම් වශයෙන් ආශ්වාද වශයෙන් ආදීනව වශයෙන් නිශ්ශරණ වශයෙන් තීරණය කරයි. මේ තීරණ පරිඤ්ඤා නම්වේ. පහාන පරිඤ්ඤාව කවරීද, මෙසේ දැන මෙසේ තීරණයකොට දුරු කරයි. සංසිඳවයි. නූපදනා බවට පමුණුවයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරණලදී. “මහණෙනි, සංඥාවෙහි යම් ඡන්ද රාගයක් ඇද්ද, එය දුරු කරව්. මෙසේ ඒ සංඥාව ප්‍රහීණවූයේ වන්නේය. සිඳින ලද මුල් ඇත්තේ මුලින් උපුටන ලද තල් ගසක් මෙන් වූවා, යලි ඇති නොවන බවට ගියා නැවත නූපදින බවට පැමිණියේය.” (යනුයි.) මේ ප්‍රහාණ පරිඤ්ඤාවයි. “සංඥාව පිරිසිඳ දැන මේ පරිඤ්ඤා තුනීන් මනාකොට දැන “වතුරු එතර කරන්නේ” යනු කාමොඝය, භවොඝය, දිට්ඨොඝය, අවිජ්ජොඝය, තරණය කරන්නේය, පිහිනන්නේය ඉක්මවන්නේය. ඈත් කරන්නේය (යනුයි.)
10 “මුනි තෙමේ අයිතිකම්වලින් ඇලී ගියේ නොවේ.” යන්නෙහි පරිග්‍රහයෝ (අල්ලා ගන්නෝ) තෘෂ්ණා පරිග්‍රහයද දෘෂ්ටි පරිග්‍රහයද යන දෙකයි (2-6 1 (ii) (iii) ඡේද යෙදිය යුතුයි) “මුනි” යනු “මොන” යයි ඥානයට කියනු ලැබේ. යම් ප්‍රඥාවක් දැනීම පරීක්ෂණ (මෙහි (2-4) 12 (ii) ඡේද යෙදිය යුතුයි) නුමුලාවූයේ ධර්මය දැනීම් ඇත්තේ සම්‍යක්දෘෂ්ටි ඇත්තේද ඒ ඥානයෙන් යුක්තවූ “මුනි” හෙවත් ඥානයෙන් යුක්තයයි කියනු ලැබේ. මොනෙය්‍ය තුනකි. කාය මොනෙය්‍යය, වචී මොනෙය්‍යය මනො මොනෙය්‍යය යන තුනයි.
11 කාය මොනෙය්‍යය කවරේද? ත්‍රි විධවූ කාය දුශ්චරිතයන්ගේ ප්‍රහාණය කාය මොනෙය්‍ය නමි. ත්‍රිවිධවූ කාය සුචරිතය කාය මොනෙය්‍ය නමි. කායා රම්මණයෙහි ඥානය කාය මොනෙය්‍ය නමි. කය පිරිසිඳ දැනුම කාය මොනෙය්‍ය නමි. පරිඤ්ඤා සහගතවූ මාර්ගය කාය මොනෙය්‍ය නමි. කායයෙහි ඡන්දරාගයාගේ ප්‍රහානය කාය මොනෙය්‍ය නමි. මේ කාය මොනෙය්‍යයයි.
12 වචී මොනෙය්‍යය කවරේද? චතුර්විධවූ වාග් දුශ්චරිතයන්ගේ ප්‍රහාණය “වචී” මොනෙය්‍ය නමි. මනො මොනෙය්‍ය කවරේද? ත්‍රීවිධවූ මනො දුශ්චරිතයන්ගේ ප්‍රහාණය මනො මොනෙය්‍ය නම් වේ. ත්‍රිවිධවූ මනො සුචරිතය මනො මොනෙය්‍ය නමි. චිත්තාරම්මණයෙහි ඥානය මනො මොනෙය්‍ය නමි. චිත්තපරිඤ්ඤාව මනො මොනෙය්‍ය නමි. පරිඤ්ඤාසහගතවූ මාර්ගය මනො මොනෙය්‍ය නමි. සිතෙහි ඡන්ද රාගයාගේ ප්‍රහාණය මනො මොනෙය්‍ය නමි. චිත්තසංස්කාර නිරෝධය ඇති සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තිය මනො මොනෙය්‍ය නමි. මේ මනො මොනෙය්‍යයයි
13 “ආශ්‍රව රහිතවූ කාය මුනි නම්වූද වාචා මුනි නම් වූද මනොමුනි නම්වූද නුවණින් යුක්තවූ මුනිවරයා සියල්ල ප්‍රහාණය කරණ ලදයයි කීහ.”
“ආශ්‍රව රහිතවූ කායමුනි නම්වූද වාචාමුනි නම්වූද නුවණින් යුක්තවූ මුනිවරයා පාපයෝ ප්‍රහාණය කරණ ලද්දේයයි කීහ”
මේ තුන් මොනෙය්‍ය ධර්මයන්ගෙන් යුක්තවූ මුනිවරු සයදෙනෙක් වෙති. අගාර මුනිහුය අනගාර මුනිහුය සෙඛ මුනිහුය අසෙඛ මුනිහුය ප්‍රත්‍යෙක මුනිහුය මුනි මුනිහුය යන සය නමවෙති. අගාර මුනීහු කවරහුද? නිවන දැක්කාවූ ශාසනය හැඳිනගත්තාවූ යම් ඒ අගාරික කෙනෙක් (ගිහි ගෙයි වසන්නෝ) වෙද්ද, ඔවුහු අගාර මුනිහු වෙති. අනගාරික මුනිහු කවරහුද? දක්නා ලද නිවන ඇති දන්නා ලද ශාසනය ඇති යම් ඒ පැවිද්දෝ වෙද්ද ඔව්හු අනගාරික මුනීහු වෙති. සප්ත ශෛක්ෂයෝ සෙඛමුනීහු වෙති. රහතුන් වහන්සේලා අශෛක්ෂමුනිහු වෙති. පසේබුදුවරු ප්‍රත්‍යෙක මුනීහු වෙති. තථාගතවූ අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා මුනි මුනියයි කියනු ලැබෙත්.
14 “ඥානය රහිතවූයේ මුලාවන ස්වභාව ඇති තැනැත්තේ නිශ්ශබ්දවීමෙන් මුනි නම් නොවේ යම් නුවණැත්තෙක් උතුම් දෙය තරාදිය මෙන් දැඩිව ගෙන පාපයන් දුරුකෙරේද එහෙයින් ඒ නුවණැත්තේ “මුනි” නම්වේ. යමෙක් දෙලොවම නුවණින් දකීද එහෙයින් මුනියයි කියනු ලැබේ.
යමෙක් සියලු ලෝකයෙහි ආධ්‍යාත්මිකවූද බාහ්‍යවූද අයහපත්වූද යහපත්වූද ධර්මය දැන දෙවිමිනිසුන් විසින් පුදන ලද්දේ තෘෂ්ණා ජාලය ඉක්මවූයේ වේද, හෙතෙම “මුනි” නම් වේ.
15 “ඇලීම යන්නෙහි ඇලීම් දෙකකි. තෘෂ්ණාලෙපයද දෘෂ්ටිලෙපයද යන දෙකයි. මුනිතෙමේ තෘෂ්ණාලෙපය දුරුකොට දෘෂ්ටිලෙපය සංසිඳවා දැඩිව ගන්නා වස්තූන්හි නොඇලෙයි. නොඑරෙයි. තදින් නොඇලෙයි. නොඇළුනේ නොඑරුනේ තදින් නොඇළුනේ නික්මුනේ සීමානොකරණ ලද සිතින් වාසය කරයි.
16 “ඉදිරූ හුල් ඇත්තේ නොපමාව හැසිරෙන්නේ” යන්නෙහි “සල්ල” නම් සල්ලයෝ (හුල්) සතෙකි රාග සල්ලය, ද්වේෂසල්ලය, මොහසල්ලය, මාන සල්ලය, දෘෂ්ටිසල්ලය ශෝක සල්ලය, දුශ්චරිත සල්ලය යනුයි. යමෙකුට සල්ලයෝ (හුල්) ප්‍රහීණවූයේද විනාශ කළේද සංසිඳුනේද ඉපදීමට අයොග්‍ය කළේද ඥානය නමැති ගින්නෙන් දැවූයේද හෙතෙම (උදුරා දැමූ හුල් ඇත්තේ යයි) කියනු ලැබේ. හෙතෙම මනාකොට උපුටන ලද හුල් ඇත්තේ අත්හරින ලද හුල් ඇත්තේ වමාරණ ලද හුල් ඇත්තේ මුදන ලද හුල් ඇත්තේ ප්‍රහීණ කරණ ලද හුල් ඇත්තේ නිවුනේ සිහිල්වූයේ බ්‍රහ්මභූතවූ කයකින් තෙමේ සුවවිඳිමින් වාසය කරයි යනුයි. ‘හැසිරෙත්’ යනු හැසිරෙන්නේ වාසය කරන්නේ පාලනය කරන්නේ යනුයි.
17 “නොපමාවූයේ යනු (ii) කුශල ධර්මයන්හි සකස් කොට කරණ ලද නිරන්තරයෙන් කරණ ලද හීනනොවූ ධෛර්‍ය්‍යය ඇති පිහිටි උත්සාහ ඇති බහා නොතබන ලද කැමැත්ත ඇති බහා නොතබන ලද වීර්‍ය්‍යය ඇති කෙසේ මම නොපුරණ ලද ශීලස්කන්ධය පුරන්නෙම්ද, පුරණලද හෝ ශීලස්කන්ධය ඒ ඒ තන්හි නුවණින් අනුග්‍රහ කරන්නෙම් දැයි කුශල ධර්මයන්හි කැමැත්තද ව්‍යායාමද උත්සාහයද පසු නොබැසීමද සිහියද මනා ප්‍රඥාවද අධිෂ්ඨානයද අප්‍රමාදයෙහි යෙදීමද “නොපමා” නමි. (iii) කෙසේ මම නොපුරණ ලද සමාධිස්කන්ධය පුරන්නෙම්ද පුරණ ලද සමාධිස්කන්ධය ඒ ඒ තන්හි නුවණින් අනුග්‍රහ කරන්නෙම්ද (iv) කූශල ධර්මයන්හි (මෙහි (ii) යෙදිය යුතුයි) කෙසේ මම නොපුරණ ලද ප්‍රඥාස්කන්ධය නොපුරණ ලද විමුක්ති ස්කන්ධය නොපුරණ ලද විමුක්තිඥාන දර්ශනස්කන්ධය (මෙහි (iii) යෙදිය යුතුයි) ඒ ඒ තන්හිදී නුවණින් අනුග්‍රහ කරන්නෙම් දැයි යමෙක් එහි කැමැත්තද ව්‍යායාමයද උත්සාහයද පසු නොබැසීමද සිහියද මනා ප්‍රඥාවද අධිෂ්ඨානයද කුශලධර්මයන්හි අප්‍රමාදයෙහි යෙදීමද (යනුයි)
18 “මෙලොවක් පරලොවක් නොපතයි” යන්නෙහි ස්වකීය ආත්මභාවය මේ ලෝකයෙහි බලාපොරොත්තු නොවෙයි. අන්‍ය ආත්මභාවයක් පරලොව බලාපොරොත්තු නොවෙයි. ස්වකීය රූපවූ වේදනා සංඥා සංස්කාර විඥානයන් බලාපොරොත්තු නොවෙයි. අන්‍යරූපවූ වේදනා සඤ්ඤා සංස්කාරයන් පරලොව බලාපොරොත්තු නොවෙයි. ෂඞ්විධවූ ආධ්‍යාත්මික ආයතනයන් මෙලොව බලාපොරොත්තු නොවෙයි. ෂඞ්විධවූ බාහිර ආයතනයන් පරලොව බලාපොරොත්තු නොවෙයි. මෙලොව මනුෂ්‍යලෝකය බලාපොරොත්තු නොවෙයි. පරලොව දිව්‍යලෝකය බලාපොරොත්තු නොවෙයි. මෙලොව කාමධාතුවද බලාපොරොත්තු නොවෙයි. පරලොව රූප ධාතුවද අරූප ධාතුවද බලාපොරොත්තු නොවෙයි. මෙලොව කාම ධාතුවද රූප ධාතුවද බලාපොරොත්තු නොවෙයි පරලොව ද රූප ධාතුව බලාපොරොත්තු නොවෙයි. නැවත ගතිය හෝ උත්පත්තිය හෝ ප්‍රතිසන්ධිය හෝ භවය හෝ සංසාරය හෝ (වට්ටය) හෝ බලාපොරොත්තු නොවෙයි. කැමති නොවෙයි. නොඉවසයි ප්‍රාර්ථනා නොකරයි. බලාපොත්තු නොවෙයි.
|