22. මහානිපාතො | 22. මහානිපාතය |
538. මූගපක්ඛජාතකං (1) | 538. මූගපක්ඛ ජාතකය |
1
‘‘මා
සබ්බො තං ජනො ඔචිනායතු, එවං තව අත්ථො භවිස්සති’’.
|
1
“පුත තේමිය කුමාරය, පණ්ඩිත බව ප්‍රකාශ නොකරව, සියලු සතුන්ට බාලයයි සම්මතවූවෙක් වෙව, සියලු ජනතෙමේ තා කාලකණ්ණියයි බැහැර කෙරේවා. මෙසේ ඇති කල්හි තොපට වැඩෙක්වන්නේ යයි” ඡත්‍රයෙහි අධිගෘහිත දෙවතාතොමෝ කීය.
|
2
‘‘කරොමි තෙ තං වචනං, යං මං භණසි දෙවතෙ;
අත්ථකාමාසි මෙ අම්ම, හිතකාමාසි දෙවතෙ’’.
|
2
“එම්බා දෙවතාවෙනි, මට යමක් කියන්නෙහිද, මම ඔබගේ ඒ වචනය කරමි. මෑණියෙනි, ඔබ මට වැඩ කැමැත්තෙහිය. දෙවතාවෙනි ඔබ මට හිත කැමති තැනැත්තියක් වෙහියයි” කුමාරතෙම කීයේය.
|
3
‘‘කිං නු සන්තරමානොව, කාසුං ඛණසි සාරථි;
පුට්ඨො මෙ සම්ම අක්ඛාහි, කිං කාසුයා කරිස්සසි’’.
|
3
“එම්බා සාරථිය, කුමක් සඳහා යුහුසුළුවම වළක් සාරන්නෙහිද, යහළුව, විචාරණලද්දේ මට කියව, මෙවලින් කුමක් කරන්නෙහිදැයි” තේමිය කුමරු ඇසීය.
|
4
‘‘රඤ්ඤො මූගො ච පක්ඛො ච, පුත්තො ජාතො අචෙතසො;
සොම්හි රඤ්ඤා සමජ්ඣිට්ඨො, පුත්තං මෙ නිඛණං වනෙ’’.
|
4
“අප රජහුගේ ගොළුවූද පිළුවූද සිතිවිලි නැත්තාවූ පුත්‍රයෙක් උපන්නේවේ. ඒ මම රජහු විසින් මාගේ පුත්‍රයා වනයෙහි වළලවයි අණලද්දේ වෙමියි” රියැදුරා කීයේය.
|
5
‘‘න බධිරො න මූගොස්මි, න පක්ඛො න ච වීකලො
(නපි පඞ්ගුලො (සී. පී.), න ච පිඞ්ගලො (ස්‍යා.));
අධම්මං සාරථි කයිරා, මං චෙ ත්වං නිඛණං වනෙ’’.
|
5
“එම්බා සාරථිය, මම බිහිරිනොවෙමි. ගොළුවෙක්ද නොවෙමි. කොරෙක්ද නොවෙමි. පිලෙක්ද නොවෙමි. ඉදින් තෝ මා වනයෙහි වළලන්නෙහි නම් අධර්මයක් කරන්නෙහිය.
|
6
‘‘ඌරූ බාහුං
(බාහූ (සී. ක.)) ච මෙ පස්ස, භාසිතඤ්ච සුණොහි මෙ;
අධම්මං සාරථි කයිරා, මං චෙ ත්වං නිඛණං වනෙ’’.
|
6
“මාගේ කලවාදෙකද අත්දෙකද බළව, මාගේ කථාවද අසව, එම්බා සාරථිය, ඉදින් තෝ මාවනයෙහි වළලන්නෙහිනම් අධර්මයක් කරන්නෙහියයි” තේමිය කුමරු කීයේය.
|
7
‘‘දෙවතා නුසි ගන්ධබ්බො, අදු
(ආදු (සී.), ආදූ (ස්‍යා.)) සක්කො පුරින්දදො;
කො වා ත්වං කස්ස වා පුත්තො, කථං ජානෙමු තං මයං’’.
|
7
“ඔබවහන්සේ දෙවතාවෙක්වෙහිද, ගන්ධර්වයෙක් වෙහිද, නොහොත් පුරින්දද නම් ශක්‍රයා වෙහිද, ඔබ කවරෙක් හෝ වෙහිද, කවරෙකුගේ පුත්‍රයෙක් හෝ වෙහිද, අපි ඔබ කෙසේ දනිමුදැයි” සාරථිතෙම ඇසීය.
|
8
‘‘නම්හි දෙවො න ගන්ධබ්බො, නාපි සක්කො පුරින්දදො;
කාසිරඤ්ඤො අහං පුත්තො, යං කාසුයා නිඛඤ්ඤසි
(නිඝඤ්ඤසි (සී. පී.), නිඛඤ්ඡසි (?)).
|
8
“මම දෙවියෙක් නොවෙමි. ගන්ධර්වයෙක්ද නොවෙමි. පුරින්දද නම් ශක්‍රයාද නොවෙමි. යමෙකු වලෙහි වළලන්නෙහි නම් කශීරජහුගේ පුත්‍රවූ ඒ මම වෙමි.
|
9
‘‘තස්ස
අධම්මං සාරථි කයිරා, මං චෙ ත්වං නිඛණං වනෙ.
|
9
“එම්බා සාරථිය, තෝ යමෙකු නිසා ජීවත් වෙහිද, මම ඒ රජහුගේ පුත්රවෙමි. ඉදින් තෝ මා වනයෙහි වළලන්නෙහි නම් අධර්මයක් කරන්නෙහිය.
|
10
‘‘යස්ස රුක්ඛස්ස ඡායාය, නිසීදෙය්ය සයෙය්ය වා;
න තස්ස සාඛං භඤ්ජෙය්ය, මිත්තදුබ්භො
(මිත්තදූභො (සී. පී.)) හි පාපකො.
|
10
“යම් වෘක්ෂයක්හුගේ සෙවෙනෙහි යමෙක් හිඳින්නේ හෝ වේද, සයනය කරන්නේ හෝ වේද, ඒ වෘක්ෂයෝ අත්ත නොබිඳිය යුත්තේය. කුමක් හෙයින්ද යත්, මිත්‍රද්‍රෝහිකම ලාමකවේ.
|
11
‘‘යථා
යථා ඡායූපගො පොසො, එවං ත්වමසි සාරථි;
අධම්මං සාරථි කයිරා, මං චෙ ත්වං නිඛණං වනෙ.
|
11
“සාරථිය, වෘක්ෂය, යම්සේද, රජතෙම එසේය, අත්ත යම්සේද මම එසේයි සෙවනට පැමිණි පුරුෂතෙම යම් සේද තෝ එසේ වෙහිය, එම්බා සාරථිය, ඉදින් තෝ මා වනයෙහි වළලන්නෙහි නම් අධර්මයක් කරන්නෙහියයි” තේමිය කුමරු කීයේය.
|
12
‘‘පහූතභක්ඛො
බහූ නං උපජීවන්ති, යො මිත්තානං න දුබ්භති.
|
12
“යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහ නොකෙරේද හෙතෙම සිය ගෙදරින් පිටත්ව ගියේ බොහෝ අනුභව කිරීම ඇත්තෙක්වේ. බොහෝදෙනා ඔහු අනුව ජීවත් වන්නාහුදවෙත්.
|
13
‘‘යං යං ජනපදං යාති, නිගමෙ රාජධානියො;
සබ්බත්ථ පූජිතො හොති, යො මිත්තානං න දුබ්භති.
|
13
“යමෙක් මිත්‍රයන්ට දූෂ්‍ය නොකෙරේද, හෙතෙම යම් යම් ජනපදයකටයේද, නියම්ගම්වලටයේද, රාජධානිවලටයේද, සියලු තන්හි පුදන ලද්දෙක්වේ.
|
14
‘‘නාස්ස චොරා පසාහන්ති
(පසහන්ති (සී. ස්‍යා. පී.)), නාතිමඤ්ඤන්ති ඛත්තියා
(නාතිමඤ්ඤෙති ඛත්තියො (සී. ස්‍යා. පී.));
සබ්බෙ අමිත්තෙ තරති, යො මිත්තානං න දුබ්භති.
|
14
“යමෙක් මිත්‍රයන්ට දූෂ්‍ය නොකෙරේද, මොහුට සොරු බලහාත්කාරකම් නොකෙරෙත්. ක්ෂත්රියතෙම ඔහු ඉක්මවා නොහඟියි. හෙතෙම සියලු සතුරන් ඉක්මවයි.
|
15
‘‘අක්කුද්ධො සඝරං එති, සභායං
(සභාය (සී. ස්‍යා. පී.)) පටිනන්දිතො;
ඤාතීනං උත්තමො හොති, යො මිත්තානං න දුබ්භති.
|
15
“යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහ නොකෙරේද, හෙතෙම නොකිපියේ ස්වකීය ගෙදරට පැමිණෙයි. සභාවෙහි සතුටු වූයේ වෙයි. නෑයන්ට උත්තමයෙක් වෙයි.
|
16
‘‘සක්කත්වා සක්කතො හොති, ගරු හොති සගාරවො
(ගරුකො හොති ගාරවො (ක.));
වණ්ණකිත්තිභතො හොති, යො මිත්තානං න දුබ්භති.
|
16
“යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහ නොකෙරේද, හෙතෙම අනුන්ට සත්කාරකොට තෙමේ සත්කාර ලද්දෙක්වේ. අනුන් කෙරෙහි ගෞරව සහිතවූයේ තෙමේද ගරු කටයුත්තෙක්වේ. ගුණ වර්ණනාවද කීර්තියද උසස් කොට හැසිරෙන්නෙක් වේ.
|
17
‘‘පූජකො ලභතෙ පූජං, වන්දකො පටිවන්දනං;
යසො කිත්තිඤ්ච පප්පොති, යො මිත්තානං න දුබ්භති.
|
17
“යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහ නොකෙරේද, හෙතෙම මිත්‍රයන්ට පුදන්නේ තෙමේද පූජා ලබයි. වැඳිය යුත්තන්ට වඳින්නේ තෙමේද නැවත වැඳුම් ලබයි. යශපරිවාර සම්පත්තියටද ගුණකීර්තියටද පැමිණේ.
|
18
‘‘අග්ගි යථා පජ්ජලති, දෙවතාව විරොචති;
සිරියා
|
18
“යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහ නොකෙරේද, හෙතෙම ගින්නක් මෙන් දිළිසෙයි. දේවතාවෙකු මෙන් බබළයි. ශ්‍රී දේවිය විසින් නොහරින ලද්දේ වෙයි.
|
19
‘‘ගාවො තස්ස පජායන්ති, ඛෙත්තෙ වුත්තං විරූහති;
වුත්තානං ඵලමස්නාති, යො මිත්තානං න දුබ්භති.
|
19
“යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහ නොකෙරේද, ඔහුට ගවයෝ හටගනිත්, කුඹුරෙහි වපුරණ ලද්ද මනාව වැඬේ. වපුරණ ලද්දවුන්ගේ ඵලය අනුභව කරයි.
|
20
‘‘දරිතො පබ්බතාතො වා, රුක්ඛතො පතිතො නරො;
චුතො පතිට්ඨං ලභති, යො මිත්තානං න දුබ්භති.
|
20
“යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහ නොකෙරේද, කඳු රැලියෙන් හෝ පර්වතයෙන් හෝ ගසකින් හෝ වැටුනාවූ ඒ මිනිස්තෙම මෙලොවින් චුතවූයේ පිහිට ලබයි
|
21
‘‘විරූළ්හමූලසන්තානං, නිග්රොධමිව මාලුතො;
අමිත්තා නප්පසාහන්ති, යො මිත්තානං න දුබ්භති’’.
|
21
“යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහ නොකෙරේද, හටගත් මුල් පරම්පරාව ඇති නුගගසකට මෙන් ඔහුට සතුරෝ බළාත්කාරකම් නොකරත්යයි” තේමිය කුමරු කීයේය
|
22
‘‘එහි තං පටිනෙස්සාමි, රාජපුත්ත සකං ඝරං;
රජ්ජං කාරෙහි භද්දන්තෙ, කිං අරඤ්ඤෙ කරිස්සසි’’.
|
22
“එම්බා රාජ පුත්‍රය, එනු මැනව, ස්වකීය ගෘහයට ඔබ නැවත ගෙණ යන්නෙමි ඔබට යහපතක් වේවා රාජ්‍යය කරණු මැනව, මේ වනයෙහි තනිව කුමක් කරන්නෙහිදැයි සුනන්ද නම් සාරථිතෙම කීයේය.
|
23
‘‘අලං
යං මෙ අධම්මචරියාය, රජ්ජං ලබ්භෙථ සාරථි’’.
|
23
“එම්බා සාරථිය, අධර්මචර්ය්යාවෙන් යම් රාජ්‍යයක් මට ලැබෙන්නේද, ඒ රාජ්‍යයෙන්ද, නෑයන්ගෙන්ද ධනයෙන්ද මට කම් නැතැයි” තේමිය කුමරු කීයේය
|
24
‘‘පුණ්ණපත්තං මං ලාභෙහි
(පලාභෙහි (සී. පී.)), රාජපුත්ත ඉතො ගතො;
පිතා මාතා ච මෙ දජ්ජුං, රාජපුත්ත තයී ගතෙ.
|
24
“එම්බා රාජ පුත්‍රය, මෙයින් ගියේ මට සතුටු පඬුරු ලබාදුන මැනව, රාජ පුත්‍රය, ඔබ ගිය කල්හි පියාද මව්ද යන දෙදෙනා මට බොහෝ තුටු පඬුරු දෙන්නාහුය.
|
25
‘‘ඔරොධා ච කුමාරා ච, වෙසියානා ච බ්රාහ්මණා;
තෙපි අත්තමනා දජ්ජුං, රාජපුත්ත තයී ගතෙ.
|
25
“අන්තඃපුර වාසීවූද කුමරුවෝද වෛෂ්යයෝද බ්‍රාහ්මණයෝද බොහෝ වෙත්. රාජ පුත්‍රය, ඔබ ගිය කල්හි සතුටු සිත් ඇති ඔව්හුද මට බොහෝ පඬුරු දෙන්නාහුය.
|
26
‘‘හත්ථාරොහා
(හත්ථාරූහා (සී. පී.) එවමුපරිපි) අනීකට්ඨා, රථිකා පත්තිකාරකා;
තෙපි අත්තමනා දජ්ජුං
(තෙපි දජ්ජුං පතීතාමෙ (සී. පී.)), රාජපුත්ත තයී ගතෙ.
|
26
“ඇතරුවෝද සේවාවන්හි වූවෝද රථිකයෝද පාබල සෙනගෙහිවූවෝද බොහෝවෙත්. රාජපුත්‍රය, ඔබ ගිය කල්හි සතුටුවූ ඔව්හුද මට බොහෝ පඬුරු දෙන්නාහුය.
|
27
‘‘බහුධඤ්ඤා
උපායනානි මෙ දජ්ජුං, රාජපුත්ත තයී ගතෙ’’.
|
27
“රාජපුත්‍රය, ඔබ ගිය කල්හි බොහෝවූ දනව් වැස්සෝද සෙසු නියම්ගම් වැස්සෝද රැස්වූවාහු මට සතුටු පඬුරුදෙන්නාහුයයි” සුනන්දතෙම කීයේය.
|
28
‘‘පිතු මාතු චහං චත්තො, රට්ඨස්ස නිගමස්ස ච;
අථො
|
28
“එම්බා සාරථිය, මම පියා විසින්ද මව විසින්ද රටවැසියා විසින්ද නියම් ගම් වැසියා විසින්ද හැර දමන ලද්දේ වෙමි. තවද සියලු කුමාරයන් විසින්ද හැරදමන ලද්දෙමි. එබැවින් මට ස්වකීය ගෘහයක් නැත්තේය.
|
29
‘‘අනුඤ්ඤාතො අහං මත්යා, සඤ්චත්තො පිතරා මහං;
එකොරඤ්ඤෙ පබ්බජිතො, න කාමෙ අභිපත්ථයෙ.
|
29
“මම මව විසින් අනුදන්නාලද්දෙමි. පියා විසින් හැරදමන ලද්දේවෙමි. හුදකලාව අරණ්‍යයෙහි පැවිදි වූයෙම් කාමසම්පත් නොපතන්නෙමියි” තේමිය කුමරු කීයේය.
|
30
‘‘අපි අතරමානානං, ඵලාසාව සමිජ්ඣති;
විපක්කබ්රහ්මචරියොස්මි, එවං ජානාහි සාරථි.
|
30
“එම්බා සාරථිය, යුහුසුළු නොවන්නවුන්ගේද ආසාවෙහි ඵලය හෙවත් අදහස් කරණ ලද අර්ථය සමෘද්ධ වේමැයි විශේෂයෙන්ම මුහුකුරාගිය බඹසර ඇත්තේ වෙමි. හෙවත් නිෂ්ඨාවට පැමිණි මනදොළ ඇති තේමිය මෙසේ දනුව.
|
31
‘‘අපි අතරමානානං, සම්මදත්ථො විපච්චති;
විපක්කබ්රහ්මචරියොස්මි, නික්ඛන්තො අකුතොභයො’’.
|
31
“යුහුසුළු නොවන්නවුන්ගේද යහපත් අර්ථයතෙම සම්පාදනයවේ. නිෂ්ටාවට පැමිණි මනදොල ඇත්තේ වෙමි. කාමයන්ගෙන් නික්මුනේ කොයිනුත් බියක් නැත්තේ වෙමියි” ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළේය.
|
32
‘‘එවං වග්ගුකථො සන්තො, විසට්ඨවචනො චසි
(ච සො (ස්‍යා. ක.));
කස්මා පිතු ච මාතුච්ච, සන්තිකෙ න භණී තදා’’.
|
32
“එම්බා රාජ පුත්‍රය, මෙබඳු මිහිරි කථා ඇත්තේ මනොඥ වචන ඇත්තේද වෙහිය. කුමක් හෙයින් එකල්හි මවගේද පියාගේද සමීපයෙහි කථා නොකෙළේදැයි” සුනන්ද තෙම ඇසීය.
|
33
‘‘නාහං අසන්ධිතා
(අසත්ථිතා (සී.)) පක්ඛො, න බධිරො අසොතතා;
නාහං අජිව්හතා මූගො, මා මං මූගමධාරයි
(මූගො අධාරයි (සී.)).
|
33
“එම්බා සාරථිය, මම කලවා නැති බැවින් කොර නොවෙමි. කන් නැති බැවින් බිහිරි නොවෙමි. මම දිව නැති බැවින් ගොළු නොවෙමි. මා ගොළුවෙකැයි නොසලකව.
|
34
‘‘පුරිමං සරාමහං ජාතිං, යත්ථ රජ්ජමකාරයිං;
කාරයිත්වා තහිං රජ්ජං, පාපත්ථං නිරයං භුසං.
|
34
“යම් ජාතියෙක්හි මම රාජ්‍ය කරවීම්ද, ඒ පළමු ජාතිය සිහි කරමි. එහි රාජ්‍ය කරවා දරුණුවූ නරකයට පැමිණියෙමි. එහි මම විසි අව්රුද්දක් රාජ්‍යය කරවීමි. ඉන්පසු අසූ දාහක් අවුරුදු නරකයෙහි පැසුනෙමි.
|
35
‘‘වීසතිඤ්චෙව
අසීතිවස්සසහස්සානි, නිරයම්හි අපච්චිසං
(අපච්චසිං (ස්‍යා.), අපච්චයිං (පී.)).
|
35 |
36
‘‘තස්ස රජ්ජස්සහං භීතො, මා මං රජ්ජාභිසෙචයුං
(රජ්ජෙභිසෙචයුං (ස්‍යා. ක.));
තස්මා පිතු ච මාතුච්ච, සන්තිකෙ න භණිං තදා.
|
36
“ඒ රාජ්‍යයට භයවූ මම මා රාජ්‍යයෙහි අභිෂෙක නොකෙරෙත්වායි, එහෙයින් පියාගේද මවගේද සමීපයෙහි එකල්හි කථා නොකෙළෙමි.
|
37
‘‘උච්ඡඞ්ගෙ මං නිසාදෙත්වා, පිතා අත්ථානුසාසති;
එකං හනථ බන්ධථ, එකං ඛාරාපතච්ඡිකං
(ඛරාපතිච්ඡකං (ස්‍යා.), ඛරාපටිච්ඡකං (ක.));
එකං සූලස්මිං උප්පෙථ
(අප්පෙථ (සී.), උබ්බෙථ (ස්‍යා.), අච්චෙථ (පී.)), ඉච්චස්ස මනුසාසති.
|
37
“මා ඔඩොක්කුවෙහි හිඳුවා පියරජතෙමේ අර්ථයෙන් අනුශාසනා කරයි. එකෙකු නසව්යයිද එකෙකු බඳිව්යයිද එකෙකුට ඛාරා පතච්ඡිකනම් (ශරීරය පලා කාරම් ගෑමේ) කම්කටුල්ල කරව්යයිද එකෙකු හුල හිඳුවව්යයිද මෙසේ ඔහුගේ අනුශාසනාවවේ.
|
38
‘‘තායාහං
අමූගො මූගවණ්ණෙන, අපක්ඛො පක්ඛසම්මතො;
සකෙ මුත්තකරීසස්මිං, අච්ඡාහං සම්පරිප්ලුතො.
|
38
“මෙසේ කියන ලද්දාවූ ඔහුගේ ඵරුෂවූ වචනයන් අසා මම ගොළුනුවූයේ ගොළුවෙකුගේ වෙසයෙන්ද කොර නොවුයේ කොරෙකැයි සම්මතවූයෙම්ද මම ස්වකීය මල මුත්‍රයෙහි ගැලී හුන්නෙමි.
|
39
‘‘කසිරඤ්ච පරිත්තඤ්ච, තඤ්ච දුක්ඛෙන සංයුතං;
කොමං
(කො තං (සී. පී.)) ජීවිතමාගම්ම, වෙරං කයිරාථ කෙනචි.
|
39
“යහළු සාරථිය, දුක්වූද ස්වල්පවූද ඒ මනුෂ්‍ය ජීවිතය දුකින් යුක්තවූයේ වෙයි. කවරෙක් නම් එබඳු ජීවිතයට පැමිණ කිසි කරුණකිනුත් ප්‍රාණඝාත ආදී වෛරය කරන්නේද,
|
40
‘‘පඤ්ඤාය ච අලාභෙන, ධම්මස්ස ච අදස්සනා;
කොමං
(කො තං (සී. පී.)) ජීවිතමාගම්ම, වෙරං කයිරාථ කෙනචි.
|
40
“විදර්ශනා ප්‍රඥාව නොලැබීමෙන්ද සෝවාන් මාර්ගය නොදැකීමෙන්ද කවරෙක් නම් ඒ ජීවිතයට පැමිණ කිසි කරුණකිනුත් ප්‍රාණඝාත ආදී වෛරය කරන්නේද,
|
41
‘‘අපි
විපක්කබ්රහ්මචරියොස්මි, එවං ජානාහි සාරථි.
|
41
“සාරථිය, යුහුසුළු නොවන්නවුන්ගේද අදහසෙහි ප්‍රතිඵලය සමෘද්ධ වේමැයි මම නිෂ්ටාවට පැමිණි මනදොල ඇත්තේ වෙමියි” මෙසේ දනුව.
|
42
‘‘අපි අතරමානානං, සම්මදත්ථො විපච්චති;
විපක්කබ්රහ්මචරියොස්මි, නික්ඛන්තො අකුතොභයො’’.
|
42
“යුහුසුළු නොවන්නවුන්ගේද යහපත් අදහස සම්පාදනයවේ. මම නිෂ්ටාවට පැමිණි මනදොල ඇත්තේ වෙමියි ගිහිගෙන් නික්මුනෙම්, කොයිනුත් බියක් නැත්තේ වෙමියි, තේමිය කුමරු කීයේය.
|
43
‘‘අහම්පි පබ්බජිස්සාමි, රාජපුත්ත තවන්තිකෙ;
අව්හායස්සු
(අව්හයස්සු (සී. පී.)) මං භද්දන්තෙ, පබ්බජ්ජා මම රුච්චති’’.
|
43
“එම්බා රාජ පුත්‍රය, මමද ඔබ සමීපයෙහි පැවිදි වන්නෙමි. ඔබට යහපතක් වේවා. මා කැඳවනු මැනව, ප්රව්රජ්යාතොමෝ මට රුචීවේයයි” සුනන්දතෙම කීයේය.
|
44
‘‘රථං නිය්යාදයිත්වාන, අනණො එහි සාරථි;
අනණස්ස හි පබ්බජ්ජා, එතං ඉසීහි වණ්ණිතං’’.
|
44
“එම්බා සාරථිය, රථය පාවාදී ණයෙන් නිදහස්ව එව, ප්‍රව්‍රජ්‍යාව වනාහි ණය නැත්තහුට වේ. මේ කාරණය බුද්ධාදී ඍෂීන් විසින් වර්ණනා කරණ ලදීයයි” තේමිය කුමරු කීයේය.
|
45
‘‘යදෙව ත්යාහං වචනං, අකරං භද්දමත්ථු තෙ;
තදෙව මෙ ත්වං වචනං, යාචිතො කත්තුමරහසි.
|
45
“එම්බා රාජ පුත්‍රය, ඔබට යහපතක් වේවා, මම ඔබගේ යම් වචනයක් කෙරෙම්ද, ඒ මා විසින් ඉල්වන ලද්දේ ඔබද මාගේ වචන කරන්ට සුදුස්සෙහිය.
|
46
‘‘ඉධෙව
අප්පෙව තෙ පිතා දිස්වා, පතීතො සුමනො සියා’’.
|
46
“යම්තාක් මම රජහු මෙහි ගෙණ එම්ද, ඒතාක් මෙහිම හිඳිනු මැනව, ඔබගේ පියතෙම දැක සතුටු සිත් ඇත්තෙක් වන්නේ නම් යෙහෙකැයි” සුනන්දතෙම කීයේය.
|
47
‘‘කරොමි තෙතං වචනං, යං මං භණසි සාරථි;
අහම්පි
|
47
“එම්බා සාරථිය, නුඹ මට යමක් කියන්නෙහි නම් නුඹගේ වචනය කරමි. මෙහි පැමිණියාවූ මාගේ පියරජුහු මමද දකින්ට කැමැත්තෙමි යහළුව, එහි ගොස් එව, ඉන්පසු මෙහි නවතුව. නිරෝගබැව් නෑයන්ට කියව, මාවිසින් කියන ලද්දේ මව්ටද පියාටද මාගේ වැඳීම කියවයි” තේමිය කුමරු කීයේය.
|
48
‘‘එහි සම්ම නිවත්තස්සු, කුසලං වජ්ජාසි ඤාතිනං;
මාතරං පිතරං මය්හං, වුත්තො වජ්ජාසි වන්දනං’’.
|
48 |
49
තස්ස පාදෙ ගහෙත්වාන, කත්වා ච නං පදක්ඛිණං;
සාරථි රථමාරුය්හ, රාජද්වාරං උපාගමි.
|
49
සුනන්ද නම් සාරථිතෙම ඒ කුමරුගේ පා අල්වා ගෙණ වැඳ ඔහු ප්රදක්ෂිණාද කොට රථයට නැගී රජ ගෙදරට ගියේය.
|
50
‘‘සුඤ්ඤං මාතා රථං දිස්වා, එකං සාරථිමාගතං;
අස්සුපුණ්ණෙහි නෙත්තෙහි, රොදන්තී නං උදික්ඛති.
|
50
තේමිය කුමරුගේ මව චන්ද්‍රා දේවී තොමෝ ආවාවූ හිස් රථය දැක කඳුළු පිරුණු ඇස්වලින් යුක්තව හඬමින් එකලාවූ ඒ රියැදුරු බලයි.
|
51
‘‘අයං සො සාරථි එති, නිහන්ත්වා මම අත්රජං;
නිහතො නූන මෙ පුත්තො, පථබ්‍යා භූමිවඩ්ඪනො.
|
51
“ඒ මේ රියැදුරුතෙම මාගේ පුත්‍රයා නසා එයි. පොළොවෙහි භූමි වර්ධනය කරන්නාවූ මාගේ පුත්‍රතෙම නසන ලද්දේයයි සිතමි.
|
52
‘‘අමිත්තා නූන නන්දන්ති, පතීතා නූන වෙරිනො;
ආගතං සාරථිං දිස්වා, නිහන්ත්වා මම අත්රජං.
|
52
“මාගේ පුත්‍රයා නසා ආවාවූ රියැදුරු දැක සතුරෝ ඒකාන්තයෙන් සතුටුවෙත්. වෛර ඇත්තෝ ඒකාන්තයෙන් ප්රීතිවෙත්.”
|
53
‘‘සුඤ්ඤං මාතා රථං දිස්වා, එකං සාරථිමාගතං;
අස්සුපුණ්ණෙහි නෙත්තෙහි, රොදන්තී පරිපුච්ඡි නං
(රොදන්තී පරිපුච්ඡති (සී. පී.), රොදන්තී නං පරිපුච්ඡති (ස්‍යා.)).
|
53
මව්දේවිතොමෝ හිස්වූ රථය දැක කඳුළු පිරුණු ඇස්වලින් යුක්තව හඬමින් තනිව ආවාවූ රියැදුරු විචාරයි.
|
54
‘‘කින්නු මූගො කිං නු පක්ඛො, කින්නු සො විලපී තදා;
නිහඤ්ඤමානො භූමියා, තං මෙ අක්ඛාහි සාරථි.
|
54
“කිමෙක්ද ඒ මාගේ පුත්‍රතෙම ගොළුවීද, කිම කොරවූයේද, කිම එකල්හි භූමියෙහි වළලනු ලබන්නේ වැළපුනේද එම්බා සාරථිය එය මට කියව.
|
55
‘‘කථං හත්ථෙහි පාදෙහි, මූගපක්ඛො විවජ්ජයි;
නිහඤ්ඤමානො භූමියා, තං මෙ අක්ඛාහි පුච්ඡිතො’’.
|
55
“ගොළුවූ කොරවූ හෙතෙම කෙසේනම් භූමියෙහි වළලනු ලබන්නේ අත්වලින් පාවලින් දුරු කෙළේද, විචාරණලද්දේ එය මට කියවයි” මව් බිසව කීයේය.
|
56
‘‘අක්ඛෙය්‍යං
යං මෙ සුතං වා දිට්ඨං වා, රාජපුත්තස්ස සන්තිකෙ’’.
|
56
“එම්බා ආර්‍ය්‍යාවෙනි, මට අභය දෙන්නෙහි නම් රාජ පුත්‍රයාගේ සමීපයෙහි මා විසින් යමක් අසන ලදද, දක්නා ලදද මම එය ඔබට කියන්නෙමියි” සාරථිතෙම කීයේය.
|
57
‘‘අභයං සම්ම තෙ දම්මි, අභීතො භණ සාරථි;
යං
|
57
“යහළු සාරථිය තට අභය දෙමි. රාජපුත්‍රයාගේ සමීපයෙහි තා විසින් යමක් අසන ලද්දේ හෝ දකින ලද්දේ නම් භය නැතිව එය කියවයි.” දේවිතොමෝ කීය.
|
58
‘‘න සො මූගො න සො පක්ඛො, විසට්ඨවචනො ච සො;
රජ්ජස්ස කිර සො භීතො, අකරා
(අකරී (සී. පී.)) ආලයෙ බහූ.
|
58
“එම්බා ආර්‍ය්‍යාවෙනි, හෙතෙම ගොළුවෙක් නොවේ. හෙතෙම කොරෙක් නොවේ. හෙතෙම මනොඥ වචන ඇත්තේ වේ. හෙතෙම වනාහි රාජ්‍යයට භයවූයේ ගෘහයෙහි බොහෝ දෑ කෙළේය.
|
59
‘‘පුරිමං
කාරයිත්වා තහිං රජ්ජං, පාපත්ථ නිරයං භුසං.
|
59
“හෙතෙම යම් නගරයෙක්හි රාජ්‍යය කරවීද, ඒ පළමු ජාතිය සිහි කරයි. එහි රාජ්‍යය කරවා දරුණුවූ නරකයට පැමිණියේය.
|
60
‘‘වීසතිඤ්චෙව වස්සානි, තහිං රජ්ජමකාරයි;
අසීතිවස්සසහස්සානි, නිරයම්හි අපච්චි සො.
|
60
“හෙතෙම එහි විසි අවුරුද්දක් පමණ කල් රාජ්‍යය කරවීය. ඉන්පසු අසූ දහසක් අවුරුදු නරකයෙහි පැසුනේය.
|
61
‘‘තස්ස රජ්ජස්ස සො භීතො, මා මං රජ්ජාභිසෙචයුං;
තස්මා පිතු ච මාතුච්ච, සන්තිකෙ න භණී තදා.
|
61
“ඒ රාජ්‍යයට භයවූ හෙතෙම මා රාජ්‍යයෙහි අභිෂේක නොකෙරෙත්වායි, එහෙයින් එකල්හි පියාගේද මවගේද සමීපයෙහි කථා නොකෙළේය.
|
62
‘‘අඞ්ගපච්චඞ්ගසම්පන්නො, ආරොහපරිණාහවා;
විසට්ඨවචනො පඤ්ඤො, මග්ගෙ සග්ගස්ස තිට්ඨති.
|
62
“සියලු ශරීරාවයන්ගෙන් යුක්තවූ උස මහත ඇත්තාවූ මනොඥ වචන ඇත්තාවූ ප්‍රඥාව ඇත්තාවූ හෙතෙම දෙව්ලොවට යන මාර්ගයෙහි සිටියි.
|
63
‘‘සචෙ ත්වං දට්ඨුකාමාසි, රාජපුත්තං
(රාජපුත්ති (සී.)) තවත්රජං;
එහි තං පාපයිස්සාමි, යත්ථ සම්මති තෙමියො’’.
|
63
“එම්බා රාජපුත්‍රිය, ඉදින් ඔබ ඔබගේ පුත්‍රයා දකින්ට කැමැත්තෙහි නම් එනු මැනව. යම් තැනෙක්හි ඒ තේමිය කුමාරතෙම මෙසේද, එතනට පමුණුවන්නෙමියි” සාරථිතෙම කීයේය.
|
64
‘‘යොජයන්තු රථෙ අස්සෙ, කච්ඡං නාගාන
(නාගානි (ස්‍යා. ක.)) බන්ධථ;
උදීරයන්තු සඞ්ඛපණවා, වාදන්තු
(වදන්තු (සී.), නදන්තු (ස්‍යා. ක.), වදතං (පී.)) එකපොක්ඛරා.
|
64
“රථවල අශ්වයන් යොදත්වා. ඇතුන්ට පොරොදු හෙවත් අබරණ පළඳවව්. සක් පනාබෙර නාද කෙරෙත්වා. එකැස් බෙර වාදනය කෙරෙත්වා.
|
65
‘‘වාදන්තු
(නදන්තු (සී. ස්‍යා. පී.)) භෙරී සන්නද්ධා, වග්ගූ වාදන්තු දුන්දුභී;
නෙගමා ච මං අන්වෙන්තු, ගච්ඡං පුත්තනිවෙදකො
(නිවාදකො (ස්‍යා. ක.)).
|
65
“මනාව සරහන ලද බෙර ගසත්වා. මිහිරි ස්වර ඇති බෙරය වාදනය කෙර්වා. පුත්‍රයාට දන්වා අභිෂේක කොට ගෙණ ඊමට මම යමි. නියම්ගම් වැස්සෝද මා අනුව එත්වා.
|
66
‘‘ඔරොධා ච කුමාරා ච, වෙසියානා ච බ්රාහ්මණා;
ඛිප්පං යානානි යොජෙන්තු, ගච්ඡං පුත්තනිවෙදකො
(නිවාදකො (ස්‍යා. ක.)).
|
66
“අන්තඃපුර වාසීහුද කුමාරයෝද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝද වහා යානාවන් යොදත්වා. මම පුතුට අවවාද කොට ආපසු ගෙණ එන්ට යමි.
|
67
‘‘හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා;
ඛිප්පං
|
67
“ඇතරුවෝද සේනාවන්හි වූවෝද රථ නැගෙන්නෝද පාබල සෙනඟෙහි වූවෝද වහා යානාවන් යොදත්වා. මම පුත්‍රයාට දන්වා අභිෂේකකොට ගෙණ එන්ට යමි.
|
68
‘‘සමාගතා ජානපදා, නෙගමා ච සමාගතා;
ඛිප්පං යානානි යොජෙන්තු, ගච්ඡං පුත්තනිවෙදකො’’
(නිවාදකො (ස්‍යා. ක.)).
|
68
“මෙහි රැස්වූ දනව් වැස්සෝද රැස්වූ නියම්ගම් වැස්සෝද වහා යානාවන් යොදත්වා. මම පුත්‍රයාට දන්වා ආපසු ගෙණ එන්ට යමියි” කශී රජතෙම කීයේය.
|
69
‘‘අස්සෙ ච සාරථී යුත්තෙ, සින්ධවෙ සීඝවාහනෙ;
රාජද්වාරං උපාගච්ඡුං, යුත්තා දෙව ඉමෙ හයා’’.
|
69
“රියැදුරෝද ශීඝ්‍ර ගමන් ඇත්තාවූ සෛන්ධව අශ්වයන් යොදනලද රථයන් ගෙණ රජ ගෙදරට පැමිණියාහුය. දේවයන් වහන්ස, මේ අශ්වයෝ රථවල යොදන ලද්දාහුයයි” රජහට දැන්වූහ.
|
70
‘‘ථූලා ජවෙන හායන්ති, කිසා හායන්ති ථාමුනා;
කිසෙ ථූලෙ විවජ්ජෙත්වා, සංසට්ඨා යොජිතා හයා’’.
|
70
“දේවයන් වහන්ස, තරවූ අශ්වයෝ වේගයෙන් පිරිහෙත්. කෙට්ටුවූ අශ්වයෝ ශක්තියෙන් අඩුවෙතියි කෙට්ටු වූවන්ද තර වූවන්ද හැර වේගයෙන්ද ශක්තියෙන්ද සමානවූම අශ්වයෝ යොදන ලද්දාහුයයි” දැන්වූහ.
|
71
‘‘තතො
ඉත්ථාගාරං අජ්ඣභාසි
(අභාසථ (ක.)), සබ්බාව අනුයාථ මං.
|
71
“ඉක්බිති රජතෙමේද යුහුසුළුව සුදුසු යානාවකට නැග සියල්ලෝම මා අනුව ගමන් කරවයයි අන්තඃපුරයට කීයේය.
|
72
‘‘වාලබීජනිමුණ්හීසං, ඛග්ගං ඡත්තඤ්ච පණ්ඩරං;
උපාධි රථමාරුය්හ
(උපාදිරථමාරුය්හ (සී.), උපාධී රථමාරුය්හ (ස්‍යා.)), සුවණ්ණෙහි අලඞ්කතා.
|
72
“වල් විදුනාවද නළල්පටද කඩුවද ශ්වෙතච්ඡත්රයද රන් මිරිවැඩි සඟලද ගෙණ ස්වර්ණයෙන් අලංකෘතවූයේ රථයට නැග,
|
73
‘‘තතො ස
(ච (සී. ස්‍යා. පී.)) රාජා පායාසි, පුරක්ඛත්වාන සාරථිං;
ඛිප්පමෙව උපාගච්ඡි, යත්ථ සම්මති තෙමියො.
|
73
“ඉක්බිති රජතෙමේද, රියැදුරා පෙරටුකොට පිටත් වූයේය. යම් තැනෙක්හි තේමිය කුමාරතෙම වාසය කෙරේද, වහාම එතන්හි පැමිණියේය.
|
74
‘‘තඤ්ච දිස්වාන ආයන්තං, ජලන්තමිව තෙජසා;
ඛත්තසඞ්ඝපරිබ්යූළ්හං
(පරිබ්බූළ්හං (සී.)), තෙමියො එතදබ්රවි’’.
|
74
“තෙජසින් දිලිසෙන්නාක් මෙන් එන්නාවූ ක්ෂත්රිය සමූහයා විසින් පිරිවැරුවාවූ ඒ රජහුද දැක තේමිය කුමාර තෙම මෙය කීයේය.
|
75
‘‘කච්චි නු තාත කුසලං, කච්චි තාත අනාමයං;
සබ්බා ච
(කච්චින්නු (සී. පී.)) රාජකඤ්ඤායො, අරොගා මය්හ මාතරො’’.
|
75
“කිමෙක්ද පියාණෙනි, නීරෝගද කිමෙක්ද පියාණෙනි, රෝග පීඩාවක් නැද්ද, කිමෙක්ද මාගේ මෑණිවරුවූ රාජ කන්‍යාවෝ නීරෝග වෙද්දැයි” ඇසීය.
|
76
‘‘කුසලඤ්චෙව මෙ පුත්ත, අථො පුත්ත අනාමයං;
සබ්බා ච රාජකඤ්ඤායො, අරොගා තුය්හ මාතරො’’.
|
76
“පුත්‍රය, මට නිරෝගද වේමය. තවද පුත්‍රය රෝග පීඩාවක් නැත්තේ ඔබගේ මෑනිවරුවූ සියලු රාජ කන්‍යාවෝද නීරෝග වෙත්යයි” පියරජ කීයේය.
|
77
‘‘කච්චි අමජ්ජපො
(කච්චිස්ස’මජ්ජපො (සී. පී.)) තාත, කච්චි තෙ සුරමප්පියං;
කච්චි
|
77
“පියාණෙනි කිම මද්‍යපානය නොකරන්නෙහිද, කිම ඔබට සුරාපානය ප්‍රිය නොවේද, කිම සත්‍ය වචනයෙහිද දශරාජ ධර්මයෙහි දන්දීමෙහිද ඔබගේ සිත ඇලේදැයි” ඇසීය
|
78
‘‘අමජ්ජපො අහං පුත්ත, අථො මෙ සුරමප්පියං;
අථො සච්චෙ ච ධම්මෙ ච, දානෙ මෙ රමතෙ මනො’’.
|
78
“පුත තේමිය කුමාරය, මම මද්‍යපානය කරන්නෙක් නොවෙමි. තවද මට සුරාපානය ප්‍රිය නොවේ. තවද සත්‍ය වචනයෙහිද දශරාජ ධර්මයෙහිද දීමෙහිද මාගේ සිත ඇලෙයි
|
79
‘‘කච්චි අරොගං යොග්ගං තෙ, කච්චි වහති වාහනං;
කච්චි තෙ බ්යාධයො නත්ථි, සරීරස්සුපතාපනා’’.
|
79
“ප්‍රිය රජතුමනි, කිම ඔබගේ අශ්වයන් ගොනුන් ආදී වාහන නිරෝගද කිම හස්ති ආදී සියලු වාහණ ඔබ උසුලයිද, කිම ඔබට ශරීරය තවන්නාවූ ව්‍යාධීහු නැද්ද?
|
80
‘‘අථො අරොගං යොග්ගං මෙ, අථො වහති වාහනං;
අථො මෙ බ්යාධයො නත්ථි, සරීරස්සුපතාපනා’’
(සරීරස්සුපතාපියා (ස්‍යා. ක.)).
|
80
“පුත්‍රය, තවද මාගේ වාහන සියල්ල නීරෝගය, තවද වාහනය මා උසුලයි. තවද සිරුරු තවන්නාවූ රෝග පීඩාවෝ මට නැත්තාහ.
|
81
‘‘කච්චි අන්තා ච තෙ ඵීතා, මජ්ඣෙ ච බහලා තව;
කොට්ඨාගාරඤ්ච කොසඤ්ච, කච්චි තෙ පටිසන්ථතං’’
(පටිසණ්ඨිතං (ස්‍යා. ක.)).
|
81
“පියාණෙනි, ඔබගේ පසල් දනව්වැස්සෝ සමෘද්ධ වූවාහුද, ඔබගේ රට මැද ඝනවූ වාස ඇත්තාහුද, කිම ඔබගේ කොටුගුළුද, භාණ්ඩාගාරයද පිරීතිබේද,
|
82
‘‘අථො අන්තා ච මෙ ඵීතා, මජ්ඣෙ ච බහලා මම;
කොට්ඨාගාරඤ්ච කොසඤ්ච, සබ්බං මෙ පටිසන්ථතං’’.
|
82
“පුත්‍රය, තවද මාගේ පසල් දනව් වැස්සෝද සමෘද්ධ වූහ. මාගේ රට මැදද ඝනවූ වාස ඇත්තාහ. මාගේ කොටුගුළුද භාණ්ඩාගාරයද සියල්ල සම්පූර්ණව සුරක්ෂිතව තිබේ.
|
83
‘‘ස්වාගතං
පතිට්ඨපෙන්තු
(පතිට්ඨාපෙන්තු (සී. ස්‍යා. පී.)) පල්ලඞ්කං, යත්ථ රාජා නිසක්කති’’.
|
83
“මහරජ, ඔබගේ යහපත් ඊමකි. තවද ඔබගේ අයහපත් ඊමක් නොවේ. යම් තැනෙක්හි රජෙක්තෙම හිඳීද එබඳු අස්නක් පනවත්වායි” තේමිය කුමාරතෙම කීයේය.
|
84
‘‘ඉධෙව තෙ නිසීදස්සු
(නිසින්නස්ස (සී. ස්‍යා. පී.), නිසින්නස්සු (ක.)), නියතෙ පණ්ණසන්ථරෙ;
එත්තො උදකමාදාය, පාදෙ පක්ඛාලයස්සු
(පක්ඛාලයන්තු (සී.), පක්ඛාලයන්ති (පී.)) තෙ’’.
|
84
“මනාව පනවනලද මේ කොළ ඇතිරියෙහි උන්නාවූ ඔබගේ පාදයන් මෙයින් දිය හැරගෙණ සෝදත්වායිද” කීයේය.
|
85
‘‘ඉදම්පි පණ්ණකං මය්හං, රන්ධං රාජ අලොණකං;
පරිභුඤ්ජ මහාරාජ, පාහුනො මෙසිධාගතො’’
(ආගතො (සී. ස්‍යා.)).
|
85
“පිය රජුනි, ලුනු නැත්තාවූ දූෂිතවූ මේ කොළද මාගේ ආහාරයවේ. මහරජ, මෙහි ආවාවූ ඔබ මාගේ සත්කාරයට සුදුස්සෙක් වෙහිය. එබැවින් මෙය අනුභව කරවයි” තේමිය කුමාරතෙම කීයේය.
|
86
‘‘න
සාලීනං ඔදනං භුඤ්ජෙ, සුචිං මංසූපසෙචනං’’.
|
86
“පුත්‍රය, මම කොළ අනුභව නොකරමි. මේ මාගේ භෝජනය නොවේමැයි. මම පවිත්‍රවූ රශමසවුලෙන් යුක්තවූ ඇල්සාලේ බත අනුභව කරන්නෙමියි” රජතෙම කීයේය.
|
87
‘‘අච්ඡෙරකං මං පටිභාති, එකකම්පි රහොගතං;
එදිසං
|
87
“පුත්‍රය, එකලාවූද, රහසිගතවූද මේ ආහාරයෙන් යැපෙන්නාවූ ඔබ දැක මට ආශ්චර්‍ය්‍යයක් වැටහේ. මෙබඳු ආහාරය වළඳන්නවුන්ගේ කවර කාරණයකින් ශරීරවර්ණය පහදීද කියායි.”
|
88
‘‘එකො රාජ නිපජ්ජාමි, නියතෙ පණ්ණසන්ථරෙ;
තාය මෙ එකසෙය්යාය, රාජ වණ්ණො පසීදති.
|
88
“මහරජ, මනාව අතුරණලද්දාවූ කොල ඇතිරියෙහි තනිව වැදහෙමි. මහරජ, ඒ මාගේ තනිව සයනය කිරීමෙන් ශරීරවර්ණය පහදියි.
|
89
‘‘න ච නෙත්තිංසබන්ධා
(නෙත්තිසබද්ධා (සී. පී.)) මෙ, රාජරක්ඛා උපට්ඨිතා;
තාය මෙ සුඛසෙය්යාය, රාජ වණ්ණො පසීදති.
|
89
“ඒකාන්තයෙන් කඩු බැඳගත්තාවූ රජුන් රකින්නෝ මට පැමිණ සිටියාහු නොවෙත්. මහරජ, ඒ මාගේ සැපවූ සයනයෙන් ශරීරවර්ණය පහදියි.
|
90
‘‘අතීතං නානුසොචාමි, නප්පජප්පාමිනාගතං
(නප්පජප්පාම’නාගතං (සී. ස්‍යා. පී.));
පච්චුප්පන්නෙන යාපෙමි, තෙන වණ්ණො පසීදති.
|
90
“මහරජ, ඉකුත්වූ දෙයට ශෝක නොකරමි. නො ලැබුනු දෙයක් නොපතමි. මේ කාලයෙහි ලැබුනු දෙයින් යැපෙමි, ඒ කාරණයෙන් මාගේ ශරීරවර්ණය පහදියි.
|
91
‘‘අනාගතප්පජප්පාය, අතීතස්සානුසොචනා;
එතෙන බාලා සුස්සන්ති, නළොව හරිතො ලුතො’’.
|
91
“නොපැමිණියාවූ දෙය පැතීමෙන්ද ඉකුත්වූ දෙයට ශොක කිරීමෙන්ද යන මේ කාරණයෙන් අඥාණයෝ වියලෙත්. කුමත් මෙන්දයත් කපා අව්වෙහි දමනලද නිල්වන්වූ බටගසක් මෙනැයි” කීයේය.
|
92
‘‘හත්ථානීකං රථානීකං, අස්සෙ පත්තී ච වම්මිනො;
නිවෙසනානි රම්මානි, අහං පුත්ත දදාමි තෙ.
|
92
“පුත්‍රය, හස්ති සේනාවද, රථසේනාවද සැරසුනාවූ අශ්ව සේනාවද, පාබලසේනාවද, සිත්කළුවූ ගෘහයන්ද යන සියල්ල මම ඔබට දෙමි.
|
93
‘‘ඉත්ථාගාරම්පි තෙ දම්මි, සබ්බාලඞ්කාරභූසිතං;
තා පුත්ත පටිපජ්ජස්සු
(තාසු පුත්තෙ පටිපජ්ජ (ක.)), ත්වං නො රාජා භවිස්සසි.
|
93
“සියලු අලංකාරයෙන් සැරසුනාවූ අන්තඃපුරයද ඔබට දෙමි. පුත්‍රය, ඔවුන් පිළිපදුව. ඔබ අපගේ රජවෙව.
|
94
‘‘කුසලා නච්චගීතස්ස, සික්ඛිතා චාතුරිත්ථියො
(චතුරිත්ථියො (සී. පී.));
කාමෙ තං රමයිස්සන්ති, කිං අරඤ්ඤෙ කරිස්සසි.
|
94
“පුත්‍රය, නෘත්‍ය ගීතයට දක්ෂවූ සෙසු කටයුතුවලද හික්මුනාවූ දක්ෂ ස්ත්‍රීහු කාමයෙහි ඔබ අලවන්නාහුය. මේ හිස් වනයෙහි කුමක් කරන්නෙහිද?
|
95
‘‘පටිරාජූහි
තාසු පුත්තෙ ජනෙත්වාන, අථ පච්ඡා පබ්බජිස්සසි.
|
95
“පුත්‍රය, අන් රජුන්ගෙන් ඔබට සරසනලද රාජ කන්‍යාවන් ගෙණ දෙන්නෙමි. ඔවුන් කෙරෙහි වැස පුත්‍රයන් උපදවා නැවත පසුව පැවිදිවන්නෙහිවා.
|
96
‘‘යුවා ච දහරො චාසි
(චාපි (ස්‍යා. ක.)), පඨමුප්පත්තිකො
(පඨමුප්පත්තිතො (සී. පී.)) සුසු;
රජ්ජං කාරෙහි භද්දන්තෙ, කිං අරඤ්ඤෙ කරිස්සසි’’.
|
96
“පුත්‍රය, ඔබ යෞවන වයසට පැමිණියේද, තරුණ වූයේද උත්පත්තියෙන් ප්‍රථම වයස් ඇත්තේද ඉතා තරුණදවෙහිය ඔබට යහපතක් වේවා. රාජ්‍යය කරව. මේ හිස් වනයෙහි කුමක් කරන්නෙහිදැයි” පියරජතෙම කීයේය.
|
97
‘‘යුවා චරෙ බ්රහ්මචරියං, බ්‍රහ්මචාරී යුවා සියා;
දහරස්ස
|
97
“තරුණවූයේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නේය. බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ තරුණයෙක් වන්නේය. තරුණ වූවහුටම ප්‍රව්‍රජ්‍යාව සුදුසුවේ. මේ කාරණය බුද්ධාදී ඍෂීන් විසින් වර්ණනා කරණලදී.
|
98
‘‘යුවා චරෙ බ්රහ්මචරියං, බ්‍රහ්මචාරී යුවා සියා;
බ්රහ්මචරියං චරිස්සාමි, නාහං රජ්ජෙන මත්ථිකො.
|
98
“තරුණවූයේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නේය. බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ තරුණයෙක් වන්නේය. එබැවින් මමද බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් හැසිරෙන්නෙමි. මට රාජ්‍යයෙත් ප්‍රයෝජන ඇත්තෙක් නොවෙමි.
|
99
‘‘පස්සාමි වොහං දහරං, අම්ම තාත වදන්තරං
(වදං නරං (සී.));
කිච්ඡාලද්ධං පියං පුත්තං, අප්පත්වාව ජරං මතං.
|
99
“තරුණවූ මෑනියෙනි, පියාණෙනි, කියන්නාවූ දුකසේ ලද්දාවූ ප්‍රිය පුත්‍රවූ ජරාවට නොපැමිණව මළාවූ මිනිසෙකු මම දකිම්මය.
|
100
‘‘පස්සාමි වොහං දහරිං, කුමාරිං චාරුදස්සනිං;
නවවංසකළීරංව, පලුග්ගං ජීවිතක්ඛයං
(ජීවිතක්ඛයෙ (සී. පී.)).
|
100
“තරුණවූ මනොඥ දර්ශන ඇත්තාවූ ජීවිත විනාශයෙහි බට, හුණ කිළිලක් මෙන් මරහු විසින් සිඳගන්නාලද කුමරියකු මම දකිම්මය.
|
101
‘‘දහරාපි
තත්ථ කො විස්සසෙ පොසො, දහරොම්හීති ජීවිතෙ.
|
101
“මිනිස්සුද තවද ස්ත්‍රීහුද තරුණවූවාහුද මියයනු ලබත් කවර නම් පුරුෂයෙක් එබඳු ජීවිතයෙහි තරුණ වෙමියි විශ්වාස කරන්නේද?
|
102
‘‘යස්ස රත්යා විවසානෙ, ආයු අප්පතරං සියා;
අප්පොදකෙව මච්ඡානං, කිං නු කොමාරකං
(කොමාරතං (ක.)) තහිං.
|
102
“මහරජ, යමෙක්හුගේ රාත්‍රි ඇවෑමෙහි ආයුශය ඉතා ස්වල්ප වන්නේද, මත්ස්‍යයන්ගේ මද දියෙහි මෙන් එහි කවර නම් කුමාර භාවයක් වේද?
|
103
‘‘නිච්චමබ්භාහතො ලොකො, නිච්චඤ්ච පරිවාරිතො;
අමොඝාසු වජන්තීසු, කිං මං රජ්ජෙභිසිඤ්චසි’’
(රජ්ජෙන සිඤ්චසි (සී. පී.)).
|
103
“ලෝවැසිතෙම නිරන්තරයෙන් පහරණ ලද්දේ වේ. නිරන්තරයෙන් පිරිවරණ ලද්දේද වේ. රෑ දාවල් නොසිස්ව ඉක්ම යනකල්හි කුමකට මා රාජ්‍යයෙන් අභිෂෙක කරන්නෙහිද?
|
104
‘‘කෙන මබ්භාහතො ලොකො, කෙන ච පරිවාරිතො;
කායො අමොඝා ගච්ඡන්ති, තං මෙ අක්ඛාහි පුච්ඡිතො’’.
|
104
“ලෝ වැසිතෙම කවරෙකු විසින් පහරණලද්දේ වේද, කවරෙකු විසින් පිරිවරණ ලද්දේවේද, කවරක්හු නොසිස්ව ඉක්ම යද්ද, පුත්‍රය, මා විසින් විචාරණලද්දේ එය මට කියව.
|
105
‘‘මච්චුනාබ්භාහතො ලොකො, ජරාය පරිවාරිතො;
රත්යො අමොඝා ගච්ඡන්ති, එවං ජානාහි ඛත්තිය.
|
105
“මේ ලෝවැසිතෙම මරුවා විසින් පහරණ ලද්දේ වෙයි. ජරාවෙන් පිරිවරණලද්දේ වෙයි. රාත්‍රීහු නොහිස්ව ඉක්මයත්. මහරජ මෙසේ දනුව
|
106
‘‘යථාපි තන්තෙ විතතෙ
(විතන්තෙ (ස්‍යා. ක.)), යං යදෙවූපවිය්යති
(යං යං දෙවූපවිය්යති (සී. පී.));
අප්පකං හොති වෙතබ්බං, එවං මච්චාන ජීවිතං.
|
106
“යම්සේ නූල් පැතිරවූ කල්හි යම් යම්ම කොටසක් වියනුලැබේද, වියයුතු කොටස ස්වල්පවේද, සත්වයන්ගේ ජීවිතයද මෙසේය.
|
107
‘‘යථා
එවමායු
|
107
“යම්සේ පිරුණාවූ දිය පහර බැසයන්නේ ආපසු නොනවතීද? මෙසේ මිනිසුන්ගේ ආයුෂය ගෙවීයන්නේ පෙරලා නොනවතියි.
|
108
‘‘යථා වාරිවහො පූරො, වහෙ රුක්ඛෙපකූලජෙ;
එවං ජරාමරණෙන, වුය්හන්තෙ සබ්බපාණිනො’’.
|
108
“යම්සේ පිරීයන්නාවූ සැඩපහරතෙම ඉව්ර සමීපයෙහි හටගත් ගස් උදුරාගෙණ යන්නේද? මෙසේම ජරාවෙන්ද, මරණයෙන්ද, සත්වයෝ ඒකාන්තයෙන් ගසා ගෙණයන්නේ යයි” තේමිය කුමාරතෙම ධර්මය දේශනා කෙළේය.
|
109
‘‘හත්ථානීකං රථානීකං, අස්සෙ පත්තී ච වම්මිනො;
නිවෙසනානි රම්මානි, අහං පුත්ත දදාමි තෙ.
|
109
“එම්බා පුත්‍රය, හස්තිසේනාවද, රථසේනාවද, සන්නාහසන්නද්ධවූ අශ්වයන්ද, පාබලසෙනගද, සිත්කළුවූ මාලිගාවල්ද මම ඔබට දෙමි.
|
110
‘‘ඉත්ථාගාරම්පි තෙ දම්මි, සබ්බාලඞ්කාරභූසිතං;
තා පුත්ත පටිපජ්ජස්සු, ත්වං නො රාජා භවිස්සසි.
|
110
“සියලු අලංකාරයෙන් සැරසුනාවූ අන්තඃපුරයද ඔබට දෙමි. පුත්‍රය, ඔවුන් පිළිබඳව ඔබ අපට රජවන්නෙහිවා.
|
111
‘‘කුසලා නච්චගීතස්ස, සික්ඛිතා චාතුරිත්ථියො;
කාමෙ තං රමයිස්සන්ති, කිං අරඤ්ඤෙ කරිස්සසි.
|
111
“නැටීමට හා ගී කීමට දක්ෂවූ සෙසු කටයුතුවලද හික්මුනාවූ ඒ දක්ෂ ස්ත්‍රීහු කාම සම්පත්හි ඔබ අලවන්නාහ. මේ හිස්වූ අරණ්‍යයෙහි කුමක් කරන්නෙහිද?
|
112
‘‘පටිරාජූහි තෙ කඤ්ඤා, ආනයිස්සං අලඞ්කතා;
තාසු පුත්තෙ ජනෙත්වාන, අථ පච්ඡා පබ්බජිස්සසි.
|
112
“අන්‍යවූ රජවරුන්ගෙන් අලංකාරයෙන් සැරසුනා වූ රාජ කන්‍යාවන් ඔබට ගෙණ දෙන්නෙමි. ඔවුන් කෙරෙහි වාසය කොට පුත්‍රයන් උපදවා ඉක්බිති පසුව පැවිදි වන්නෙහිවා.
|
113
‘‘යුවා ච දහරො චාසි, පඨමුප්පත්තිකො සුසු;
රජ්ජං කාරෙහි භද්දන්තෙ, කිං අරඤ්ඤෙ කරිස්සසි.
|
113
“පුත්‍රය, ඔබ යෞවනවූයේද, තරුණවූයේද, උත්පත්තියෙන් පළමු වයස් ඇත්තේද ඉතා බාලවූයේද වෙහිය. ඔබට යහපතක්වේවා. රාජ්‍යය කරව, මේ හිස්වූ අරණ්‍යයෙහි කුමක් කරන්නෙහිද?
|
114
‘‘කොට්ඨාගාරඤ්ච කොසඤ්ච, වාහනානි බලානි ච;
නිවෙසනානි රම්මානි, අහං පුත්ත දදාමි තෙ.
|
114
“කොටුගුල්ද, භාණ්ඩාගාරයද, වාහණයන්ද බල සෙනගද, සිත්කළුවූ වාසල්ද යන සියල්ල පුත්‍රය, මම ඔබට දෙමි
|
115
‘‘ගොමණ්ඩලපරිබ්යූළ්හො, දාසිසඞ්ඝපුරක්ඛතො;
රජ්ජං කාරෙහි භද්දන්තෙ, කිං අරඤ්ඤෙ කරිස්සසි’’.
|
115
“පුත්‍රය, ඔබට යහපතක් වේවා. මිහිරිකථා ඇති රාජකන්‍යා සමූහයා විසින් වටකරණලද්දේ දාසී සමූහයා විසින් පිරිවරණලද්දේ ඔබ රාජ්‍යය කරව. මේ හිස්වූ අරණ්‍යයෙහි කුමක් කරන්නෙහිදැයි” පියරජතෙම කීයේය.
|
116
‘‘කිං
කිං යොබ්බනෙන ජිණ්ණෙන
(චිණ්ණෙන (සී. පී.), වණ්ණෙන (ක.)), යං ජරායාභිභුය්යති
(යං ජරා අභිහෙස්සති (සී. පී.)).
|
116
“මහරජ, යම් ධනයක් විනාශයට යන්නේද, එබඳු ධනයෙන් මට කවරප්රයෝජනද යම් භාර්‍ය්‍යාවක් මැරෙන්නේද එබඳු භාර්‍ය්‍යාවගෙන් කවර ප්‍රයෝජනද යම් තරුණ බවකට ජරාව පහර දෙන්නේද, පුරුදුකළාවූ එබඳු යෞවනයෙන් කවර ප්‍රයෝජනද?
|
117
‘‘තත්ථ කා නන්දි කා ඛිඩ්ඩා, කා රති කා ධනෙසනා;
කිං
|
117
“එබඳු ලෝකයෙහි කවර නම් සතුටක්ද, කවරනම් ක්‍රීඩාවක්ද, කවරනම් ඇල්මක්ද, කවර නම් ධන සෙවීමක්ද, පුත්‍රයන්ගෙන් හා අඹුවන්ගෙන් මට කවර ප්‍රයෝජනයක්ද, මහරජ, මම තෘෂ්ණා බන්ධනයෙන් මිදුනේ වෙමි.
|
118
‘‘යොහං
(සොහං (සී. පී.)) එවං පජානාමි, මච්චු මෙ නප්පමජ්ජති;
අන්තකෙනාධිපන්නස්ස, කා රතී කා ධනෙසනා.
|
118
“මට මාරයා ප්‍රමාද නොවේ. ඒ මම මෙසේ දනිමි. මරුවා විසින් යටපත් කරණ ලද්දහුගේ කවර නම් පඤ්ච කාමයන්හි ඇල්මක්ද, කවරනම් වස්තු සෙවීමක්ද?
|
119
‘‘ඵලානමිව
එවං ජාතාන මච්චානං, නිච්චං මරණතො භයං.
|
119
“පැසුනාවූ ගෙඩිවල වැටීම හේතුකොටගෙණ නිතර භය යම්සේද මෙසේම උපන්නාවූ සත්වයන්ට මරණ හේතුවෙන් නිතර භය වේ.
|
120
‘‘සායමෙකෙ න දිස්සන්ති, පාතො දිට්ඨා බහූ ජනා;
පාතො එකෙ න දිස්සන්ති, සායං දිට්ඨා බහූ ජනා.
|
120
“උදය දක්නා ලද්දාවූ බොහෝ දෙනාගෙන් සමහරු සවස නොදක්නා ලැබෙත්. සවස දක්නා ලද බොහෝ දෙනාගෙන් සමහරු උදය නොදක්නා ලැබෙත්.
|
121
‘‘අජ්ජෙව කිච්චං ආතප්පං, කො ජඤ්ඤා මරණං සුවෙ;
න හි නො සඞ්කරං
(සඞ්ගරං (සී. පී.) ම. නි. 3.272) තෙන, මහාසෙනෙන මච්චුනා.
|
121
“අදම වීර්‍ය්‍යය කටයුතුයි. සෙට මරණය වේයයි කවරෙක් දන්නේද, පස්විසි භය ආදී මහත් සේනාවන් ඇති මරු සමග අපගේ විශ්වාසයක් නැත්තේ මැයි.
|
122
‘‘චොරා ධනස්ස පත්ථෙන්ති, රාජමුත්තොස්මි බන්ධනා;
එහි රාජ නිවත්තස්සු, නාහං රජ්ජෙන මත්ථිකො’’ති.
|
122
“සොරු වස්තුව ප්‍රාර්ථනා කරත්. මහරජ මම ඒ වස්තුව පැතීම නම්වූ තෘෂ්ණා බන්ධනයෙන් මිදුනේ වෙමි. මහරජ මෙහි එනු මැනව, මාගේ වචනයෙහි පවතිනු මැනව. මම වනාහි රාජ්‍යයෙන් ප්‍රයෝජන ඇත්තෙක් නොවෙමියි” බෝසත්තෙම දහම් දෙසීය.
|
539. මහාජනකජාතකං (2) | 539. මහාජනක ජාතකය |
123
‘‘කොයං මජ්ඣෙ සමුද්දස්මිං, අපස්සං තීරමායුහෙ;
කං
(කිං (ස්‍යා. ක.)) ත්වං අත්ථවසං ඤත්වා, එවං වායමසෙ භුසං’’.
|
123
“මේ මුහුද මැද ඉවුරක් නොදක්නේ කවරෙක් නම් පීනමින් උත්සාහ කරන්නේද, ඔබ කිනම් ප්‍රයෝජනයක් සලසා මෙසේ මහත් ලෙස ව්‍යායාම කරන්නෙහිදැයි” මණිමෙඛලා නම් දෙව්දුව ඇසීය.
|
124
‘‘නිසම්ම වත්තං ලොකස්ස, වායාමස්ස ච දෙවතෙ;
තස්මා මජ්ඣෙ සමුද්දස්මිං, අපස්සං තීරමායුහෙ’’.
|
124
“එම්බා දෙව්දුව, මම ලෝක චාරිත්‍රයද අසා ඇත්තෙමි. ව්‍යායාමයාගේ ආනිශංසයද දැන සිටිමි. එහෙයින් මේ මුහුද මැද ඉව්රක් නොදැක උත්සාහ කරන්නෙමියි” මහා ජනක කුමාරතෙම කීයේය.
|
125
‘‘ගම්භීරෙ අප්පමෙය්යස්මිං, තීරං යස්ස න දිස්සති;
මොඝො තෙ පුරිසවායාමො, අප්පත්වාව මරිස්සසි’’.
|
125
“අපමණ ගැඹුරුවූ මේ සාගරයෙහි ඉව්ර යමෙකුට නොපෙනේද ඉවුරට නොපැමිණම මරණයට පැමිණෙන්නෙහිද, එම්බා පුරුෂය, එබඳුවූ ඔබගේ ඒ ව්යායාමයතෙම හිස්වේයයි” දෙව්දුව කීය.
|
126
‘‘අනණො
කරං පුරිසකිච්චානි, න ච පච්ඡානුතප්පති’’.
|
126
“එම්බා දෙව්දුව යමෙක් පුරුෂ වීර්‍ය්‍ය කරන්නේ නම් හෙතෙම නෑයන්ටද දෙවියන්ටද බ්‍රහ්මයාටද ණය නැත්තෙක් හෙවත් නොගැරහිය යුත්තෙක් වේ. පසුතැවිලිද, නොවේයයි’ කුමාරතෙම කීයේය.
|
127
‘‘අපාරණෙය්යං යං කම්මං, අඵලං කිලමථුද්දයං;
තත්ථ කො වායමෙනත්ථො, මච්චු යස්සාභිනිප්පතං’’
(යස්සාභිනිප්ඵතං (ස්‍යා.)).
|
127
“එම්බා පුරුෂය, යම් කර්මයක් උත්සාහයෙන් නොලැබිය හැකිද, නිෂ්ඵලද වෙහෙස වඩන්නේද, යම් උත්සාහයක් කරන්නෙකුට මරණය පැමිණේද එබඳු කටයුත්තෙහි උත්සාහ කිරීමෙන් කවර ප්‍රයෝජනයෙක්දැයි” දෙව්දුව ඇසීය.
|
128
‘‘අපාරණෙය්යමච්චන්තං
න රක්ඛෙ අත්තනො පාණං, ජඤ්ඤා සො යදි හාපයෙ.
|
128
“එම්බා දෙව්දුව, යමෙක් ඒකාන්තයෙන් උත්සාහ කොටද නොලැබිය හැකියයි දැන ඉදින් එබඳු තැන්වල උත්සාහය අඩුකෙරේ නම් හෙතෙම තමන්ගේ ආත්මය නොරකීයයි දතයුතුයි.
|
129
‘‘අධිප්පායඵලං එකෙ, අස්මිං ලොකස්මි දෙවතෙ;
පයොජයන්ති කම්මානි, තානි ඉජ්ඣන්ති වා න වා.
|
129
“එම්බා දෙව්දුව මේ ලෝකයෙහි සමහරු ප්‍රයෝජනය සලකා කර්මාන්ත යොදවත්. ඒ කර්මාන්තයෝ සමෘද්ධවන්නාහුද වෙත්.
|
130
‘‘සන්දිට්ඨිකං
සන්නා අඤ්ඤෙ තරාමහං, තඤ්ච පස්සාමි සන්තිකෙ.
|
130
“එම්බා දෙව්දුව, සෙස්සෝ මුහුදෙහි ගිළුනාහ. මම වනාහි මේතාක් තරණය කරමි. සමීපයෙහි සිටි ඔබද දකිමි. මේ ආත්මයෙහිවූ කර්ම විපාකය නොවේදැයි බලව.
|
131
‘‘සො අහං වායමිස්සාමි, යථාසත්ති යථාබලං;
ගච්ඡං පාරං සමුද්දස්ස, කස්සං
(කාසං (සී. පී.)) පුරිසකාරියං’’.
|
131
“ඒ මම සත්‍යවූ පරිදි බලය ඇති පරිදි සමුද්‍රයාගේ පරතෙරට යමින් පුරුෂ වීර්‍ය්‍යය කරමින් උත්සාහ ගන්නෙමියි” කුමාරතෙම කීයේය.
|
132
‘‘යො ත්වං එවං ගතෙ ඔඝෙ, අප්පමෙය්යෙ මහණ්ණවෙ;
ධම්මවායාමසම්පන්නො, කම්මුනා නාවසීදසි;
සො ත්වං තත්ථෙව ගච්ඡාහි, යත්ථ තෙ නිරතො මනො’’.
|
132
“එම්බා පුරුෂය, මෙබඳු ගැඹුරු පුළුල්වූ සැඩපහර ඇත්තාවූ ප්‍රමාණයක් කළ නොහැකි මහා සාගරයෙහි දැහැමි උත්සාහයෙන් යුක්තවූ යම්බඳුවූ ඔබ ස්වකීය පුරුෂ වීර්‍ය්‍යයෙන් නොගිලෙන්නෙහිය. යම්තැනෙක්හි ඔබගේ සිත ඇළුනේද, එ ඔබ එතැන්හිම යවයි” දෙව්දුව කීය.
[“සූර්‍ය්‍යයා උදාවන තන්හි නිධානයෙක, බස්නා තන්හි නිධානයෙක, ඇතුළත නිධානයෙක, පිටත නිධානයෙක ඇතුළත්හි නොවූ පිටත්හි නොවූ තැන නිධානයෙක.
“නගින තැන මහත් නිධානයෙක, තවද බහින තැන නිධානයෙක, මහසල් ගස් සතර තිබෙන තැන්වලද නිධාන වෙත්. හාත්පස යොදුනක් තැනද නිධානයෙක.
“දළ කෙළවර තැන්හි මහා නිධානයෙක. මාලිගා කෙළවරවල්හිද නිධානවෙත්. දිය ඇති තන්හි නිධානයෙක. ගසමුදුන මහා නිධානයෙක මේ මහ නිධන් සොළොසට ලකුණුවෙත්. සහස්සත්ථාම දුන්න නැගීමද හතරැස් ආසනය හිස කෙළවර දැනීමද සීවලී කුමරිය සතුටු කිරීමද (හැකි කෙනෙකුට රාජ්‍යය දියයුතුයයි පෝලජනක රජ විසින් මරණ මඤ්චකයෙහිදී කියන ලදී.)”]
|
133
‘‘ආසීසෙථෙව
පස්සාමි වොහං අත්තානං, යථා ඉච්ඡිං තථා අහු.
|
133
“නුවණැති පුරුෂතෙම ප්‍රාර්ථනා කරන්නේමය. වීර්‍ය්‍යය කරමින් නොකලකිරෙන්නේය. ඒ මම තමන් දකිමි. මම යමක් කැමතිවීම්ද එය එසේවිය.
|
134
‘‘ආසීසෙථෙව පුරිසො, න නිබ්බින්දෙය්ය පණ්ඩිතො;
පස්සාමි වොහං අත්තානං, උදකා ථලමුබ්භතං.
|
134
“නුවණැති පුරුෂතෙම ප්‍රාර්ථනා කරන්නේමය. උත්සාහයෙහි නොකලකිරෙන්නේය. ඒ මම දියෙන් ගොඩ ආ තමා දකිමි.
|
135
‘‘වායමෙථෙව පුරිසො, න නිබ්බින්දෙය්ය පණ්ඩිතො;
පස්සාමි වොහං අත්තානං, යථා ඉච්ඡිං තථා අහු.
|
135
“නුවණැති පුරුෂතෙම උත්සාහකරන්නේමය අතර නොකලකිරෙන්නේය. ඒ මම තමන් දකිමි. මම යම්සේ කැමතිවීම්ද එසේ වූයේය.
|
136
‘‘වායමෙථෙව පුරිසො, න නිබ්බින්දෙය්ය පණ්ඩිතො;
පස්සාමි වොහං අත්තානං, උදකා ථලමුබ්භතං.
|
136
“නුවණැති පුරුෂතෙම උත්සාහ කරන්නේමය. උත්සාහ කරමින් නොකලකිරෙන්නේය. ඒ මම සාගරයෙන් ගොඩ ආවාවූ තමා දකිමි.
|
137
‘‘දුක්ඛූපනීතොපි නරො සපඤ්ඤො, ආසං න ඡින්දෙය්ය සුඛාගමාය;
බහූ හි ඵස්සා අහිතා හිතා ච, අවිතක්කිතා මච්චුමුපබ්බජන්ති
(මච්චුමුප්පජ්ජන්ති (ස්‍යා.)).
|
137
“දුකින් පෙළුනාවූද නුවණැති මනුෂ්‍යතෙම සැප ලැබීමෙහි ආසාව නොසිඳින්නේය. දුක්වූද සැපවූද ස්පර්ශයෝ බොහෝ වෙත්. ඒ නොසිතන්නාහු මරණයට පැමිණෙත්.
|
138
‘‘අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති;
න හි චින්තාමයා භොගා, ඉත්ථියා පුරිසස්ස වා’’.
|
138
“නොසිතන ලද්දේවේ. සිතනලද්දද වැනසේ. ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ සිතූ පරිදිම වන්නාවූ සම්පත්තීහු නොමවෙත්යයි” මහාජනක රජතෙම ප්‍රීතිය ප්‍රකාශ කෙළේය.
|
139
‘‘අපොරාණං
(අපුරාණං (සී. පී.)) වත භො රාජා, සබ්බභුම්මො දිසම්පති;
නාජ්ජ නච්චෙ
(න ච නච්චෙ (ක.)) නිසාමෙති, න ගීතෙ කුරුතෙ මනො.
|
139
“පින්වත්නි, සියලු පොළොව රක්නාවූ දිසාවන්ට අධිපතිවූ රජතෙම ඒකාන්තයෙන් පෙර මෙන් නොවේ. අද නැටුම් නොබලයි. ගී කීමෙහි සිත් නොකෙරෙයි.
|
140
‘‘න මිගෙ
(මගෙ (ක.)) නපි උය්යානෙ, නපි හංසෙ උදික්ඛති;
මූගොව තුණ්හිමාසීනො, න අත්ථමනුසාසති’’.
|
140
“මෘග යුද්ධද නොබලයි. උද්‍යාන ක්‍රීඩාද නොකරයි. හංසයන්ද නොබලයි. ගොළුවෙකු මෙන් නිශ්ශබ්දව හුන්නේ අර්ථයෙන් අනුශාසනා නොකෙරේයයි” මහජනතෙම කීයේය.
|
141
‘‘සුඛකාමා
කස්ස
(කෙසං (සී. පී.)) නු අජ්ජ ආරාමෙ, දහරා වුද්ධා ච අච්ඡරෙ.
|
141
“නිවන් සුව කැමැත්තාවූ වැසුන ශීලාදී ගුණ ඇත්තාවූ වධබන්ධනයෙන් වැළකුණාවූ තරුණවූද මහළුවූද පසේ බුදුවරයෝ කවරකෙනෙකුන්ගේ ආරාමයෙහි අද වාසය කෙරෙද්ද?
|
142
‘‘අතික්කන්තවනථා
යෙ උස්සුකම්හි ලොකම්හි, විහරන්ති මනුස්සුකා.
|
142
“පහවූ තෘෂ්ණා ඇති ප්‍රාඥවූ යම් කෙනෙක් රාගාදීන් උත්සන්න බවට පැමිණි ලෝකයෙහි උත්සාහවත් නොවූවාහු වාසය කෙරෙද්ද, මහර්ෂීවූ උන්වහන්සේලාට නමස්කාරවේවා.
|
143
‘‘තෙ ඡෙත්වා මච්චුනො ජාලං, තතං
(තන්තං (සී. ස්‍යා. පී.), තං තං (ක.)) මායාවිනො දළං;
ඡින්නාලයත්තා
(සන්තාලයන්තා (ස්‍යා. ක.)) ගච්ඡන්ති, කො තෙසං ගතිමාපයෙ’’
(නෙසං ගති පාපයෙ (ක.)).
|
143
“උන්වහන්සේලා අතිශයින් මායාකාරීවූ මරුවාගේ දෘඪවූ ඒ දැල සිඳගෙණ සුන්කරණ ලද ආලය ඇති බැවින් යත්, කවරෙක් මා උන්වහන්සේලාගේ නිවාසස්ථානයට පමුණුවන්නේදැයි” මහාජනක රජතෙම ප්‍රීතිය ප්‍රකාශකෙළේය.
|
144
‘‘කදාහං මිථිලං
(මිධිලං (ක.)) ඵීතං, විභත්තං භාගසො මිතං;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු
(කදාස්සු (සී. පී.), කදාසු (ස්‍යා.)) භවිස්සති.
|
144
“කවර කලෙක්හි මම සමෘද්ධවූ සියලු දෙසින් ප්‍රභා සම්පන්නවූ මියුලුනම් නුවර හැරදමා පැවිදිවන්නෙම්ද, ඒ සියල්ල හැරදමා පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,
|
145
‘‘කදාහං මිථිලං ඵීතං, විසාලං සබ්බතොපභං;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
145
“විභාග කරණ ලද කොටස් වශයෙන් ප්‍රමාණ කරණ ලද සමෘද්ධවූ මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,
|
146
‘‘කදාහං මිථිලං ඵීතං, බහුපාකාරතොරණං;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
146
“මහත්වූ ප්‍රකාරයෙන් හා දොරටු තොරන් වලින් යුක්තවූ මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,
|
147
‘‘කදාහං මිථිලං ඵීතං, දළ්හමට්ටාලකොට්ඨකං;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
147
“දෘඪවූ අටළු වලින් හා දොරකොටු වලින් යුක්තවූ මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,
|
148
‘‘කදාහං මිථිලං ඵීතං, සුවිභත්තං මහාපථං;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
148
මනාකොට කොටස් කරණ ලද මහත් වූ වීථි ඇති මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,
|
149
‘‘කදාහං මිථිලං ඵීතං, සුවිභත්තන්තරාපණං;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
149
“මනාකොට විභාග කරණ ලද සල්පිල් ඇති මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,
|
150
‘‘කදාහං මිථිලං ඵීතං, ගවස්සරථපීළිතං;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
150
“ගවයන් හා අශ්වයන් යෙදූ රථවලින් ගැවසී ගත්තාවූ මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,
|
151
‘‘කදාහං
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
151
පුෂ්පාරාම ඵලාරාම වන පංක්තීන් යුක්තවූ මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,
|
152
‘‘කදාහං මිථිලං ඵීතං, උය්යානවනමාලිනිං;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
152
“උද්‍යාන වන පංක්තීන් යුක්තවූ මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,
|
153
‘‘කදාහං මිථිලං ඵීතං, පාසාදවනමාලිනිං;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
153
“ප්‍රාසාද වන පංක්තීන් යුක්තවූ මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,
|
154
‘‘කදාහං
මාපිතං සොමනස්සෙන, වෙදෙහෙන යසස්සිනා;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
154
“රජහුගේ නෑයන්ගෙන්ම යුත් පුරත්රයකින් යුක්තවූ පිරිවර ඇත්තාවූ සොමනස්ස නම් වෙදෙහ රජු විසින් මවන ලද්දාවූ සමෘද්ධවූ මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,
|
155
‘‘කදාහං වෙදෙහෙ ඵීතෙ, නිචිතෙ ධම්මරක්ඛිතෙ;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
155
“දැහැමින් රක්නාලද රැස්කරණ ලද ධන ධාන්‍යයන් ඇති සමෘද්ධවූ විදෙහ වැසියන් හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
156
‘‘කදාහං
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
156
“දැහැමින් රක්නා ලද සතුරන් විසින් නොදිනිය හැක්කාවූ සමෘද්ධවූ විදේහ වැසියන් හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
157
‘‘කදාහං අන්තෙපුරං
(කදා අන්තෙපුරං (සී. පී.)) රම්මං, විභත්තං භාගසො මිතං;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
157
“විභාග කරණ ලද කොටස් වශයෙන් ප්‍රමාණ කරණ ලද සිත්කළුවූ අන්තඃපුරය හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
158
‘‘කදාහං අන්තෙපුරං රම්මං, සුධාමත්තිකලෙපනං;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
158
“සුනු පිරියමින් හා මැටි ගෑමෙන් යුක්තවූ සිත් කළුවූ අන්තඃපුරය හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
159
‘‘කදාහං අන්තෙපුරං රම්මං, සුචිගන්ධං මනොරමං;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
159
“පිවිතුරු ගඳින් යුක්තවූ සිත් අලවන්නාවූ රම්‍යවූ අන්තඃපුරය හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
160
‘‘කදාහං කූටාගාරෙ ච, විභත්තෙ භාගසො මිතෙ;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
160
“විභාග කරණ ලද කොටස් වශයෙන් ප්‍රමාණ කරණ ලද කූටාගාරයන් හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
161
‘‘කදාහං කූටාගාරෙ ච, සුධාමත්තිකලෙපනෙ;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
161
“සුනු පිරීයමින් හා මැටි ආලෙපයෙන් යුක්තවූ කූටාගාරයන් හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
162
‘‘කදාහං කූටාගාරෙ ච, සුචිගන්ධෙ මනොරමෙ;
පහාය
|
162
පිවිතුරු ගඳ ඇත්තාවූ සිත් අලවන්නාවූ කූටාගාරයන් හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
163
‘‘කදාහං කූටාගාරෙ ච, ලිත්තෙ චන්දනඵොසිතෙ;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
163
ආලෙප කරණ ලද රත් සඳුන් වලින් සුගන්ධවත්වූ කූටාගාරයන් හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
164
‘‘කදාහං සොණ්ණපල්ලඞ්කෙ
(සුවණ්ණපල්ලඞ්කෙ (සී. ස්‍යා. පී.)), ගොනකෙ චිත්තසන්ථතෙ;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
164
“සතරඟුල් පමණ එළු ලොමින් කළ විසිතුරු ඇතිරිලි අතුරණ ලද ස්වර්ණමය පර්ය්යංකයන් හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
165
(අයං ගාථා සී. පී. පොත්ථකෙසු න දිස්සති) ‘‘කදාහං මණිපල්ලඞ්කෙ, ගොනකෙ චිත්තසන්ථතෙ;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති
(අයං ගාථා සී. පී. පොත්ථකෙසු න දිස්සති).
|
165 |
166
‘‘කදාහං
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
166
“කපුපිළි හා කොශෙය්ය වස්ත්‍රද කොමුපිළි හා කොටුම්බර දෙශයෙහි උපන් වස්ත්‍රද හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
167
‘‘කදාහං පොක්ඛරණී රම්මා, චක්කවාකපකූජිතා
(චක්කවාකූපකූජිතා (සී. පී.));
මන්දාලකෙහි සඤ්ඡන්නා, පදුමුප්පලකෙහි ච;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
167
“සක්වාලිහිණින් විසින් පවත්වන ලද නාද ඇති මන්දාලකයන්ගෙන්ද පියුම් හා උපුල් වලින්ද ගැවසීගත්තාවූ පුෂ්කරණීන් හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
168
‘‘කදාහං හත්ථිගුම්බෙ ච, සබ්බාලඞ්කාරභූසිතෙ;
සුවණ්ණකච්ඡෙ මාතඞ්ගෙ, හෙමකප්පනවාසසෙ.
|
168
“සියලු හස්ත්යලංකාරයෙන් සරසන ලද්දාවූ හස්ති සමූහයන්ද රන් පොරොදු ඇත්තාවූ රණින් කළ ශීර්ෂාභරණයෙන් හා රන් දැලින්ද යුක්තවූ හස්තිරාජයන්ද හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
169
‘‘ආරූළ්හෙ ගාමණීයෙහි, තොමරඞ්කුසපාණිභි;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
169
තෝමර හා අකුසු ගත් අත් ඇති ඇතරුවන් විසින් නගින ලද (හස්තිරාජයන්) හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
170
‘‘කදාහං
ආජානීයෙව ජාතියා, සින්ධවෙ සීඝවාහනෙ.
|
170
“සර්වාලංකාරයෙන් සරසන ලද්දාවූ උත්පත්තියෙන්ම ආජානියවූ ශීඝ්රවාහණවූ සෛන්ධවනම් අශ්වසමූහයන්ද කරවාල දුනු දරන්නාවූ අශ්වාරොහකයන් විසින් නගින ලද අශ්වයන්ද හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
171
‘‘ආරූළ්හෙ ගාමණීයෙහි, ඉල්ලියාචාපධාරිභි;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
171 |
172
‘‘කදාහං රථසෙනියො, සන්නද්ධෙ උස්සිතද්ධජෙ;
දීපෙ අථොපි වෙය්යග්ඝෙ, සබ්බාලඞ්කාරභූසිතෙ.
|
172
“කවර කලෙක්හි මම මනාව සැරසූ ඔසවන ලද ධජ ඇති දිවිසම් ඇත්තාවූද තවද ව්යාඝ්ර සම් අතුරණ ලද්දාවූ සියලු අලංකාරයෙන් අලංකාරවූ දුනුගත් අත් ඇති සැට්ට ලනලද රියැදුරන් විසින් නගන ලද රථ පංක්තීන් හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
173
‘‘ආරූළ්හෙ ගාමණීයෙහි, චාපහත්ථෙහි වම්මිභි;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
173 |
174
‘‘කදාහං සොවණ්ණරථෙ, සන්නද්ධෙ උස්සිතද්ධජෙ;
දීපෙ අථොපි වෙය්යග්ඝෙ, සබ්බාලඞ්කාරභූසිතෙ.
|
174
“කවර කලෙක්හි මම සරසන ලද ඔසවන ලද ධ්වජ ඇති අතුරණ ලද දිවිසම් ඇති තවද ව්යාඝ්ර සම් ඇති සියලු අලංකාරයෙන් සැරසූ ස්වර්ණමය රථයන් සැට්ට ලන ලද දුණුගත් අත් ඇති රියැදුරන් විසින් නගින ලද රථයන් හැර පැවිදි වන්නෙම්ද ඒ මෙබඳු සම්පත් හැර පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?
|
175
‘‘ආරූළ්හෙ ගාමණීයෙහි, චාපහත්ථෙහි වම්මිභි;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
175 |
176
‘‘කදාහං සජ්ඣුරථෙ ච, සන්නද්ධෙ උස්සිතද්ධජෙ;
දීපෙ අථොපි වෙය්යග්ඝෙ, සබ්බාලඞ්කාරභූසිතෙ.
|
176
රිදියෙන් කළ රථයන් හැර පැවිදි වන්නෙම්ද ඒ මෙබඳු සම්පත් හැර පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?
|
177
‘‘ආරූළ්හෙ ගාමණීයෙහි, චාපහත්ථෙහි වම්මිභි;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
177 |
178
‘‘කදාහං
දීපෙ අථොපි වෙය්යග්ඝෙ, සබ්බාලඞ්කාරභූසිතෙ.
|
178
අශ්වයන් යොදන ලද රථයන් හැර පැවිදි වන්නෙම්ද ඒ මෙබඳු සම්පත් හැර පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?
|
179
‘‘ආරූළ්හෙ ගාමණීයෙහි, චාපහත්ථෙහි වම්මිභි;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
179 |
180
‘‘කදාහං
දීපෙ අථොපි වෙය්යග්ඝෙ, සබ්බාලඞ්කාරභූසිතෙ.
|
180
ඔටුවන් යොදනලද රථයන් හැර පැවිදි වන්නෙම්ද ඒ මෙබඳු සම්පත් හැර පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?
|
181
‘‘ආරූළ්හෙ ගාමණීයෙහි, චාපහත්ථෙහි වම්මිභි;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
181 |
182
‘‘කදාහං ගොණරථෙ ච, සන්නද්ධෙ උස්සිතද්ධජෙ;
දීපෙ අථොපි වෙය්යග්ඝෙ, සබ්බාලඞ්කාරභූසිතෙ.
|
182
ගවයන් යොදනලද රථයන් හැර පැවිදි වන්නෙම්ද ඒ මෙබඳු සම්පත් හැර පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?
|
183
‘‘ආරූළ්හෙ ගාමණීයෙහි, චාපහත්ථෙහි වම්මිභි;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
183 |
184
‘‘කදාහං අජරථෙ ච, සන්නද්ධෙ උස්සිතද්ධජෙ;
දීපෙ අථොපි වෙය්යග්ඝෙ, සබ්බාලඞ්කාරභූසිතෙ.
|
184
එළුවන් යොදනලද රථයන් හැර පැවිදි වන්නෙම්ද ඒ මෙබඳු සම්පත් හැර පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?
|
185
‘‘ආරූළ්හෙ
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
185 |
186
‘‘කදාහං මෙණ්ඩරථෙ ච, සන්නද්ධෙ උස්සිතද්ධජෙ;
දීපෙ අථොපි වෙය්යග්ඝෙ, සබ්බාලඞ්කාරභූසිතෙ.
|
186
තිරෙළුවන් යොදනලද රථයන් හැර පැවිදි වන්නෙම්ද ඒ මෙබඳු සම්පත් හැර පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?
|
187
‘‘ආරූළ්හෙ ගාමණීයෙහි, චාපහත්ථෙහි වම්මිභි;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
187 |
188
‘‘කදාහං මිගරථෙ ච, සන්නද්ධෙ උස්සිතද්ධජෙ;
දීපෙ අථොපි වෙය්යග්ඝෙ, සබ්බාලඞ්කාරභූසිතෙ.
|
188
මුවන් යොදනලද රථයන් හැර පැවිදි වන්නෙම්ද ඒ මෙබඳු සම්පත් හැර පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?
|
189
‘‘ආරූළ්හෙ ගාමණීයෙහි, චාපහත්ථෙහි වම්මිභි;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
189 |
190
‘‘කදාහං
නීලවම්මධරෙ සූරෙ, තොමරඞ්කුසපාණිනෙ
(පාණිනො (ස්‍යා. ක.));
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
190
“කවර කලෙකින් මම සියලු අලංකාරයෙන් සැරසුනාවූ නිල්වන් සැට්ට දරන්නාවූ ශූරවූ තෝමර හා අංකුශ ගත් අත් ඇති ඇතරුවන් හැර පැවිදි වන්නෙම්ද ඒ මාගේ පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
191
‘‘කදාහං
නීලවම්මධරෙ සූරෙ, ඉල්ලියාචාපධාරිනෙ
(ධාරිනො (ස්‍යා. ක.));
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
191
“කවර කලෙක්හි මම සියලු අලංකාරයෙන් සැරසුනාවූ නිල්වන් සැට්ට දරන්නාවූ කරවාලය හා දුන්න දරන්නාවූ ශූරවූ අශ්වාරෝහකයන් හැර පැවිදි වන්නෙම්ද, ඒ මෙබඳුවූ පැවිද්ද කවර කලෙක්හි වන්නේද?
|
192
‘‘කදාහං රථාරොහෙ ච, සබ්බාලඞ්කාරභූසිතෙ;
නීලවම්මධරෙ සූරෙ, චාපහත්ථෙ කලාපිනෙ
(කලාපිනො (ස්‍යා. ක.));
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
192 |
193
(අයං ගාථා සී. පී. පොත්ථකෙසු න දිස්සති) ‘‘කදාහං ධනුග්ගහෙ ච, සබ්බාලඞ්කාරභූසිතෙ;
නීලවම්මධරෙ සූරෙ, චාපහත්ථෙ කලාපිනෙ;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති
(අයං ගාථා සී. පී. පොත්ථකෙසු න දිස්සති).
|
193
“කවර කලෙක්හි මම සියලු අලංකාරයෙන් සැරසුනාවූ නිල්වන් සැට්ට දරන්නාවූ හියවුරු හා දුනුගත් අත් ඇති ශූරවූ ධනුර්ධරයන් හැර පැවිදි වන්නෙම්ද, ඒ මෙබඳුවූ පැවිද්ද කවර කලෙක්හි වන්නේද?
|
194
‘‘කදාහං රාජපුත්තෙ ච, සබ්බාලඞ්කාරභූසිතෙ;
චිත්රවම්මධරෙ සූරෙ, කඤ්චනාවෙළධාරිනෙ;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
194
“කවර කලෙක්හි මම සියලු අලංකාරයෙන් සැරසුනාවූ විසිතුරු සැට්ට දරන්නාවූ ස්වර්ණමය හිස් වෙළුම් දරන්නාවූ ශූරවූ රාජකුමාරයන් හැර පැවිදි වන්නෙම්ද, ඒ මෙබඳුවූ පැවිද්ද කවර කලෙක්හි වන්නේද?
|
195
‘‘කදාහං අරියගණෙ ච, වතවන්තෙ
(වත්ථවන්තෙ (සී. ස්‍යා. පී.)) අලඞ්කතෙ;
හරිචන්දනලිත්තඞ්ගෙ, කාසිකුත්තමධාරිනෙ;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
195
“කවර කලෙක්හි මම වස්ත්‍ර ඇති සැරසුනාවූ රන්වන් සඳුන් ගල්වන ලද ශරීරාවයව ඇති උතුම් කශී සළු දරන්නාවූ බ්‍රාහ්මණ සමූහයා හැර පැවිදි වන්නෙම්ද, ඒ මෙබඳුවූ පැවිදිවීම කවරකලෙක්හි වන්නේද?
|
196
(අයං ගාථා සී. පී. පොත්ථකෙසු න දිස්සති) ‘‘කදාහං
පීතවම්මධරෙ සූරෙ, පුරතො ගච්ඡමාලිනෙ
(ගච්ඡමාලිනො (ස්‍යා. ක.));
පහාය
|
196 |
197
‘‘කදාහං
(කදා (සී. පී.)) සත්තසතා භරියා, සබ්බාලඞ්කාරභූසිතා;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
197
“කවර කලෙක්හි මම සියලු අලංකාරයෙන් සැරසුනාවූ සත් සියයක් භාර්ය්යාවන් හැර පැවිදි වන්නෙම්ද, ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?
|
198
‘‘කදාහං
(කදා (සී. පී.)) සත්තසතා භරියා, සුසඤ්ඤා තනුමජ්ඣිමා;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
198
“කවර කලෙක්හි මම මනාව සංයම ඇත්තාවූ කෘශවූ මධ්‍ය ප්‍රදෙශ ඇත්තාවූ සත්සියයක් භාර්ය්යාවන් හැර පැවිදි වන්නෙම්ද?
|
199
‘‘කදාහං
(කදා (සී. පී.)) සත්තසතා භරියා, අස්සවා පියභාණිනී;
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
199
“කවර කලෙක්හි මම සුවචවූ ප්‍රියතෙපුල් ඇත්තාවූ සත්සියයක් භාර්ය්යාවන් හැර පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳුවූ පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?
|
200
‘‘කදාහං
පහාය පබ්බජිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
200
“කවර කලෙක්හි මම සියක් පලමකින් කරණලද සියගණන් රේඛා ඇති ස්වර්ණමය තලිය හැර පැවිදි වන්නෙම්ද, ඒ මෙබඳුවූ පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?
|
201
‘‘කදාස්සු මං හත්ථිගුම්බා, සබ්බාලඞ්කාරභූසිතා;
සුවණ්ණකච්ඡා මාතඞ්ගා, හෙමකප්පනවාසසා.
|
201
“කවර කලෙක්හි සියලු අලංකාරයෙන් සරසන ලද්දාවූ රන් පොරොදු ඇත්තාවූ ස්වර්ණමය ශීර්ෂාභරණ හා සරසනලද වස්ත්‍ර ඇත්තාවූ තෝමර හා අංකුශ ගත් අත් ඇති ඇතරුවන් නඟින ලද හස්තී රාජයන්ගෙන් යුක්තවූ හස්ති සමූහයෝ එකලාව වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද ඒ මෙබඳුවූ පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
202
‘‘ආරූළ්හා ගාමණීයෙහි, තොමරඞ්කුසපාණිභි;
යන්තං මං නානුයිස්සන්ති, තං කුදාස්සු භවිස්සති.
|
202 |
203
‘‘කදාස්සු මං අස්සගුම්බා, සබ්බාලඞ්කාරභූසිතා;
ආජානීයාව ජාතියා, සින්ධවා සීඝවාහනා.
|
203
“සර්වාලංකාරයෙන් සරසන ලද උත්පත්තියෙන්ම ආජානීයවූ ශීඝ්‍ර ගමන් ඇත්තාවූ සෛන්ධවයන්ගෙන් යුක්තවූ කරවාලායුධ හා දුනු දරන්නාවූ අශ්වාරෝහකයන් විසින් නගින ලද අශ්ව සමූහයෝ කවර කලෙක්හි වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද, කවර කලෙක්හි එහි මෙබඳුවූ පැවිදිවීම වන්නේද?
|
204
‘‘ආරූළ්හා ගාමණීයෙහි, ඉල්ලියාචාපධාරිභි;
යන්තං මං නානුයිස්සන්ති, තං කුදාස්සු භවිස්සති.
|
204 |
205
‘‘කදාස්සු මං රථසෙනී, සන්නද්ධා උස්සිතද්ධජා;
දීපා අථොපි වෙය්යග්ඝා, සබ්බාලඞ්කාරභූසිතා.
|
205
“කවර කලෙක්හි සරසනලද ඔසවනලද ධවජ ඇති අතුරණ ලද දිවිසම් ඇති තවද ව්යාඝ්ර සම් ඇති සර්වාලංකාරයෙන් සැරසු දුනු ගත් අත් ඇති සැට්ට ලනලද රියැදුරන් විසින් නගිනා ලද්දාවූ රථ පංක්තිහු වනයට යන්නාවූ අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද,
|
206
‘‘ආරූළ්හා ගාමණීයෙහි, චාපහත්ථෙහි වම්මිභි;
යන්තං මං නානුයිස්සන්ති, තං කුදාස්සු භවිස්සති.
|
206 |
207
‘‘කදාස්සු මං සොණ්ණරථා
(සොවණ්ණරථා (පී. ක.)), සන්නද්ධා උස්සිතද්ධජා;
දීපා අථොපි වෙය්යග්ඝා, සබ්බාලඞ්කාරභූසිතා.
|
207
“කවර කලෙක්හි ස්වර්ණමය රථයෝ වනයට යන්නාවූ අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද,
|
208
‘‘ආරූළ්හා ගාමණීයෙහි, චාපහත්ථෙහි වම්මිභි;
යන්තං
|
208 |
209
‘‘කදාස්සු මං සජ්ඣුරථා, සන්නද්ධා උස්සිතද්ධජා;
දීපා අථොපි වෙය්යග්ඝා, සබ්බාලඞ්කාරභූසිතා.
|
209
“කවර කලෙක්හි සරසනලද ඔසවනලද ධවජ ඇති අතුරණ ලද දිවිසම් ඇති තවද ව්යාඝ්ර සම් ඇති සර්වාලංකාරයෙන් සැරසු දුනු ගත් අත් ඇති සැට්ට ලනලද රියැදුරන් විසින් නගිනා ලද්දාවූ රිදීයෙන් කළ රථයෝ වනයට යන්නාවූ අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද,
|
210
‘‘ආරූළ්හා
යන්තං මං නානුයිස්සන්ති, තං කුදාස්සු භවිස්සති.
|
210 |
211
‘‘කදාස්සු මං අස්සරථා, සන්නද්ධා උස්සිතද්ධජා;
දීපා අථොපි වෙය්යග්ඝා, සබ්බාලඞ්කාරභූසිතා.
|
211
“කවර කලෙක්හි සරසනලද ඔසවනලද ධවජ ඇති අතුරණ ලද දිවිසම් ඇති තවද ව්යාඝ්ර සම් ඇති සර්වාලංකාරයෙන් සැරසු දුනු ගත් අත් ඇති සැට්ට ලනලද රියැදුරන් විසින් නගිනා ලද්දාවූ අසුන් යොදන ලද රථයෝ වනයට යන්නාවූ අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද,
|
212
‘‘ආරූළ්හා ගාමණීයෙහි, චාපහත්ථෙහි වම්මිභි;
යන්තං මං නානුයිස්සන්ති, තං කුදාස්සු භවිස්සති.
|
212 |
213
‘‘කදාස්සු
දීපා අථොපි වෙය්යග්ඝා, සබ්බාලඞ්කාරභූසිතා.
|
213
“කවර කලෙක්හි සරසනලද ඔසවනලද ධවජ ඇති අතුරණ ලද දිවිසම් ඇති තවද ව්යාඝ්ර සම් ඇති සර්වාලංකාරයෙන් සැරසු දුනු ගත් අත් ඇති සැට්ට ලනලද රියැදුරන් විසින් නගිනා ලද්දාවූ ඔටුවන් යොදන ලද රථයෝ වනයට යන්නාවූ අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද,
|
214
‘‘ආරූළ්හා ගාමණීයෙහි, චාපහත්ථෙහි වම්මිභි;
යන්තං මං නානුයිස්සන්ති, තං කුදාස්සු භවිස්සති.
|
214 |
215
‘‘කදාස්සු මං ගොණරථා, සන්නද්ධා උස්සිතද්ධජා;
දීපා අථොපි වෙය්යග්ඝා, සබ්බාලඞ්කාරභූසිතා.
|
215
“කවර කලෙක්හි සරසනලද ඔසවනලද ධවජ ඇති අතුරණ ලද දිවිසම් ඇති තවද ව්යාඝ්ර සම් ඇති සර්වාලංකාරයෙන් සැරසු දුනු ගත් අත් ඇති සැට්ට ලනලද රියැදුරන් විසින් නගිනා ලද්දාවූ ගවයන් යොදන ලද රථයෝ වනයට යන්නාවූ අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද,
|
216
‘‘ආරූළ්හා ගාමණීයෙහි, චාපහත්ථෙහි වම්මිභි;
යන්තං මං නානුයිස්සන්ති, තං කුදාස්සු භවිස්සති.
|
216 |
217
‘‘කදාස්සු මං අජරථා, සන්නද්ධා උස්සිතද්ධජා;
දීපා අථොපි වෙය්යග්ඝා, සබ්බාලඞ්කාරභූසිතා.
|
217
“කවර කලෙක්හි සරසනලද ඔසවනලද ධවජ ඇති අතුරණ ලද දිවිසම් ඇති තවද ව්යාඝ්ර සම් ඇති සර්වාලංකාරයෙන් සැරසු දුනු ගත් අත් ඇති සැට්ට ලනලද රියැදුරන් විසින් නගිනා ලද්දාවූ එළුවන් යොදන ලද රථයෝ වනයට යන්නාවූ අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද,
|
218
‘‘ආරූළ්හා ගාමණීයෙහි, චාපහත්ථෙහි වම්මිභි;
යන්තං
|
218 |
219
‘‘කදාස්සු මං මෙණ්ඩරථා, සන්නද්ධා උස්සිතද්ධජා;
දීපා අථොපි වෙය්යග්ඝා, සබ්බාලඞ්කාරභූසිතා.
|
219
“කවර කලෙක්හි සරසනලද ඔසවනලද ධවජ ඇති අතුරණ ලද දිවිසම් ඇති තවද ව්යාඝ්ර සම් ඇති සර්වාලංකාරයෙන් සැරසු දුනු ගත් අත් ඇති සැට්ට ලනලද රියැදුරන් විසින් නගිනා ලද්දාවූ තිරෙළුවන් යොදන ලද රථයෝ වනයට යන්නාවූ අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද,
|
220
‘‘ආරූළ්හා ගාමණීයෙහි, චාපහත්ථෙහි වම්මිභි;
යන්තං මං නානුයිස්සන්ති, තං කුදාස්සු භවිස්සති.
|
220 |
221
‘‘කදාස්සු මං මිගරථා, සන්නද්ධා උස්සිතද්ධජා;
දීපා අථොපි වෙය්යග්ඝා, සබ්බාලඞ්කාරභූසිතා.
|
221
“කවර කලෙක්හි සැරසූ නගන ලද ධජ ඇති අතුරණ ලද දිවිසම් ඇති තවද ව්යාඝ්ර සම් ඇති සියලු අලංකාරයෙන් හෙබියාවූ දුනුගත් අත්ඇති සැට්ට ලන ලද රියැදුරන් නැගුණු මුවන් යෙදූ රථයෝ වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?
|
222
‘‘ආරූළ්හා ගාමණීයෙහි, චාපහත්ථෙහි වම්මිභි;
යන්තං මං නානුයිස්සන්ති, තං කුදාස්සු භවිස්සති.
|
222 |
223
‘‘කදාස්සු මං හත්ථාරොහා, සබ්බාලඞ්කාරභූසිතා;
නීලවම්මධරා සූරා, තොමරඞ්කුසපාණිනො;
යන්තං මං නානුයිස්සන්ති, තං කුදාස්සු භවිස්සති.
|
223
“සර්වාලංකාරයෙන් සැරසුනාවූ නිල්වන් සැට්ට දරන්නාවූ තෝමරය හා අකුසු ගත් අත් ඇත්තාවූ ශූරවූ ඇතරුවෝ කවර කලෙක්හි වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද, ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
224
‘‘කදාස්සු
නීලවම්මධරා සූරා, ඉල්ලියාචාපධාරිනො;
යන්තං මං නානුයිස්සන්ති, තං කුදාස්සු භවිස්සති.
|
224
“කවර කලෙක්හි සියලු අලංකාරයෙන් සැරසුනාවූ නිල් සැට්ට දරන්නාවූ කරවාලායුධ දුනු දරන්නාවූ ශූරවූ අසරුවෝ වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද ඒ මෙබඳුවූ පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
225
‘‘කදාස්සු
නීලවම්මධරා සූරා, චාපහත්ථා කලාපිනො;
යන්තං මං නානුයිස්සන්ති, තං කුදාස්සු භවිස්සති.
|
225 |
226
‘‘කදාස්සු මං ධනුග්ගහා, සබ්බාලඞ්කාරභූසිතා;
නීලවම්මධරා සූරා, චාපහත්ථා කලාපිනො;
යන්තං
|
226
“දුනු හියවුරුගත් අත් ඇති ශූරවූ ධනුර්ධයෝ වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද ඒ මෙබඳුවූ පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
227
‘‘කදාස්සු මං රාජපුත්තා, සබ්බාලඞ්කාරභූසිතා;
චිත්රවම්මධරා සූරා, කඤ්චනාවෙළධාරිනො;
යන්තං මං නානුයිස්සන්ති, තං කුදාස්සු භවිස්සති.
|
227
“සර්වාලංකාරයෙන් සැරසුනාවූ විසිතුරු සැට්ට දරන්නාවූ සවර්ණමය හිස් වෙළුම් ඇත්තාවූ ශූරවූ රාජ පුත්‍රයෝ වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද ඒ මෙබඳුවූ පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
228
‘‘කදාස්සු මං අරියගණා, වතවන්තා අලඞ්කතා;
හරිචන්දනලිත්තඞ්ගා, කාසිකුත්තමධාරිනො;
යන්තං මං නානුයිස්සන්ති, තං කුදාස්සු භවිස්සති.
|
228 |
229
‘‘කදාස්සු මං අමච්චගණා, සබ්බාලඞ්කාරභූසිතා;
පීතවම්මධරා සූරා, පුරතො ගච්ඡමාලිනො
(ගච්ඡමාලිනී (ස්‍යා. ක.));
යන්තං මං නානුයිස්සන්ති, තං කුදාස්සු භවිස්සති.
|
229
“අලංකාරවූ වස්ත්‍රවලින් සැරසුනාවූ රත්සඳුන් ගල්වන ලද ශරීරාවයව ඇත්තාවූ උතුම් කශීසලු දරන්නාවූ බ්‍රාහ්මණ සමූහයෝ කවර කලෙක්හි වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,
|
230
‘‘කදාස්සු මං සත්තසතා භරියා, සබ්බාලඞ්කාරභූසිතා;
යන්තං මං නානුයිස්සන්ති, තං කුදාස්සු භවිස්සති.
|
230
“කවර කලෙක්හි සර්වාලංකාරයෙන් සැරසුනාවූ සත් සියයක් ස්ත්‍රීහු වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද, ඒ මෙබඳුවූ පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
231
‘‘කදාස්සු මං සත්තසතා භරියා, සුසඤ්ඤා තනුමජ්ඣිමා;
යන්තං මං නානුයිස්සන්ති, තං කුදාස්සු භවිස්සති.
|
231
“කවර කලෙක්හි මනා සංයම ඇත්තාවූ කාශවූ මධ්‍ය ප්‍රදෙශ ඇති සත් සියයක් භාර්‍ය්‍යාවෝ වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද, ඒ මෙබඳුවූ පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
232
‘‘කදාස්සු මං සත්තසතා භරියා, අස්සවා පියභාණිනී;
යන්තං මං නානුයිස්සන්ති, තං කුදාස්සු භවිස්සති.
|
232
“කවර කලෙක්හි සුවචවූ ප්‍රිය තෙපුල් ඇති සත් සියයක් භාර්‍ය්‍යාවෝ වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නෙද?
|
233
‘‘කදාහං
පිණ්ඩිකාය චරිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
233
“කවර කලෙක්හි හිස මුඩු කළාවූ සඟල සිව්රක් පොරවන ලද මම පාත්‍රයක් ගෙණ පිඬු පිණිස හැසිරෙන්නෙම්ද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි නම්වන්නේද?
|
234
‘‘කදාහං පංසුකූලානං, උජ්ඣිතානං
(උජ්ඣිට්ඨානං (ක.)) මහාපථෙ;
සඞ්ඝාටිං ධාරයිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
234
“කවර කලෙක්හි මම මහා මාර්ගයෙහි හැර දමන ලද පාංශුකූල වස්තු වලින් සඟල සිව්රක් දරන්නෙම්ද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
235
‘‘කදාහං සත්තාහසම්මෙඝෙ
(සත්තාහං මෙඝෙ (සී. ස්‍යා.)), ඔවට්ඨො අල්ලචීවරො;
පිණ්ඩිකාය චරිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
235
“කවර කලෙක්හි මම සත් දවසක් බැඳගෙණ වස්නා කල්හි වර්ෂා ජලයෙන් තෙමුනේ තෙත්වූ සිව්රු ඇත්තේ පිඩු පිණිස හැසිරෙම්ද, ඒ මෙබඳුවූ පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?
|
236
‘‘කදාහං
අනපෙක්ඛො ගමිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
236
“කවර කලෙක්හි මම සිටිමින් ගසක් හැර ගසක් වනයක් හැර වනයක් අපේක්ෂා නොකර වාසය කරන්නෙම්ද, ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි නම්වන්නේද?
|
237
‘‘කදාහං ගිරිදුග්ගෙසු, පහීනභයභෙරවො;
අදුතියො ගමිස්සාමි
(විහරිස්සාමි (සී. පී.)), තං කුදාස්සු භවිස්සති.
|
237
“කවර කලෙක්හි මම පර්වත දුර්ගම ස්ථානවල පහව ගියාවූ භය ඇත්තේ තනිව හැසිරෙන්නෙම්ද, ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?
|
238
‘‘කදාහං වීණං වරුජ්ජකො
(වීණරුජ්ජකො (ස්‍යා.), වීණං විරුජ්ජකො (ක.)), සත්තතන්තිං මනොරමං;
චිත්තං උජුං කරිස්සාමි, තං කුදාස්සු භවිස්සති.
|
238
“කවර කලෙක්හිම වීණා වාදකයෙක් සත් තැනක් ඇත්තාවූ සිත්කළුවූ වීණාව මෙන් සිත ඍජු කරන්නෙම්ද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද,
|
239
‘‘කදාහං රථකාරොව, පරිකන්තං උපාහනං;
කාමසඤ්ඤොජනෙ ඡෙච්ඡං
(ඡෙත්වා (ක.)), යෙ දිබ්බෙ යෙ ච මානුසෙ’’.
|
239
“කවර කලෙක්හි මම සමකරුවෙක් කපා හරිනලද සම් ඇති පාවහනක් මෙන් දිව්‍යවූද මානුසිකවූද කාමසඤ්ඤො ජනයන් සිඳින්නෙම්දැයි” මහාජනක රජතෙම කීයේය.
|
240
‘‘තා ච සත්තසතා භරියා, සබ්බාලඞ්කාරභූසිතා;
බාහා පග්ගය්හ පක්කන්දුං, කස්මා නො විජහිස්සසි.
|
240
“සියලු අලංකාරයෙන් සැරසුනාවූ ඒ සත් සියයක් ස්ත්‍රීහුද කුමක් හෙයින් අප හැර යන්නෙහි දැයි හිස අත් බැඳගෙණ හැඬුවාහුය.
|
241
‘‘තා ච සත්තසතා භරියා, සුසඤ්ඤා තනුමජ්ඣිමා;
බාහා පග්ගය්හ පක්කන්දුං, කස්මා නො විජහිස්සසි.
|
241
“මනා සංයම ඇත්තාවූ කෘශවූ මධ්‍ය ප්‍රදේශ ඇති ඒ
|
242
‘‘තා ච සත්තසතා භරියා, අස්සවා පියභාණිනී;
බාහා පග්ගය්හ පක්කන්දුං, කස්මා නො විජහිස්සසි.
|
242
“සුවචවූ ප්‍රිය තෙපුල් ඇති ඒ සත් සියයක් ස්ත්‍රීහු කුමක්හෙයින් අප හැර යන්නෙහිදැයි හිස අත් බැඳ ගෙණ හැඬූහ.
|
243
‘‘තා
හිත්වා සම්පද්දවී
(සම්පද්දයී (සී.)) රාජා, පබ්බජ්ජාය පුරක්ඛතො.
|
243
“සියලු අලංකාරයෙන් සැරසුනාවූ ඒ සත් සියයක් භාර්ය්යාවන්ද හැර ප්‍රව්‍රජ්‍යාව විසින් පෙරටු කරණලද රජතෙම පිටත්ව ගියේය.
|
244
‘‘තා ච සත්තසතා භරියා, සුසඤ්ඤා තනුමජ්ඣිමා;
හිත්වා සම්පද්දවී රාජා, පබ්බජ්ජාය පුරක්ඛතො.
|
244
“මනා සංයම ඇත්තාවූ ඒ සත් සියයක් ස්ත්‍රීන්ද හැර,
|
245
‘‘තා ච සත්තසතා භරියා, අස්සවා පියභාණිනී;
හිත්වා සම්පද්දවී රාජා, පබ්බජ්ජාය පුරක්ඛතො’’.
|
245
“සුවචවූ ප්‍රිය තෙපුල් ඇති ඒ සත් සියයක් ස්ත්‍රීන්ද හැර ප්‍රව්‍රජ්‍යාව විසින් පෙරටු කරණලද රජතෙම පිටත්ව ගියේයි.
|
246
‘‘හිත්වා සතපලං කංසං, සොවණ්ණං සතරාජිකං;
අග්ගහී මත්තිකං පත්තං, තං දුතියාභිසෙචනං’’.
|
246
“ඒ රජතෙම සියක් පලමකින් කළාවූ සියගණන් රේඛා ඇති රන් තලිය හැර දෙවෙනි අභිෂේකයක් මෙන් ඒ මැටි පාත්‍රය ගත්තේය.
|
247
‘‘භෙස්මා
(වෙස්මා (සී.), භිංසා (පී.), භීසා (ක.)) අග්ගිසමා ජාලා, කොසා ඩය්හන්ති භාගසො;
රජතං ජාතරූපඤ්ච, මුත්තා වෙළුරියා බහූ.
|
247
“මහරජ, ගෙවල් ගිනි ගොඩවල් මෙන් ඇවිල ගත්තාහ. කොටස් වශයෙන් බඩු ගබඩාවල් දැවෙත්. එහි රිදීද රත්රන්ද මුතු ද වෛදූර්‍ය්‍ය මැණික්ද බොහෝ වෙත්.
|
248
‘‘මණයො
අජිනං දණ්ඩභණ්ඩඤ්ච, ලොහං කාළායසං බහූ;
එහි රාජ නිවත්තස්සු, මා තෙතං විනසා ධනං’’
(විනස්සා ධනං (ස්‍යා. ක.)).
|
248
“මැණික්ද සක් මුතුද වස්ත්‍ර ජාතිද රන්වන් සඳුන්ද අඳුන් දිවිසම්ද දලකඩ බඩුද ලෝහ භාණ්ඩද කාල ලෝහයෙන් කළ බඩුද බොහෝ වෙත්. මහරජ, එනු මැනව. නවතිනු මැනව ඔබගේ ඒ ධනය විනාශනොකරණු මැනවැයි” සීවලී බිසව කීයේය.
|
249
‘‘සුසුඛං වත ජීවාම, යෙසං නො නත්ථි කිඤ්චනං;
මිථිලාය දය්හමානාය, න මෙ කිඤ්චි අදය්හථ’’.
|
249
“යම්බඳු අපට කිසිවකුත් නැත්තේද, ඒ අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත්වෙමු. මියුළු නුවර දනු ලබන කල්හි මාගේ කිසිවකුත් නොදැවෙන්නේයයි” රජතෙම කීයේය.
|
250
‘‘අටවියො
එහි රාජ නිවත්තස්සු, මා රට්ඨං විනසා ඉදං’’.
|
250
“මහරජ, වනගත සොරු පැමිණියාහු ඔබගේ ඒ රට වනසත්. මහරජ, එනු මැනව. නවතිනු මැනව. මේ රට විනාශ නොකරණු මැනවැයි සීවලි බිසව කීයේය.
|
251
‘‘සුසුඛං වත ජීවාම, යෙසං නො නත්ථි කිඤ්චනං;
රට්ඨෙ විලුම්පමානම්හි, න
(මා (ක.)) මෙ කිඤ්චි අහීරථ.
|
251
“යම්බඳුවූ අපට කිසිවක් නැත්තේද, ඒ අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වෙමු. රට පැහැර ගනු ලබන කල්හි මාගේ කිසිවකුත් නොනැසේ.
|
252
‘‘සුසුඛං
පීතිභක්ඛා භවිස්සාම, දෙවා ආභස්සරා යථා’’.
|
252
“යම්බඳුවූ අපට කිසිවක් නැත්තේද, ඒ අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත්වෙමු. ආභස්සර නම් බඹ ලොව වැසි දෙවියන් මෙන් ප්‍රීතිය ආහාර කොට ඇත්තෝ වන්නෙමුයි” රජතෙම කීයේය
|
253
‘‘කිම්හෙසො මහතො ඝොසො, කා නු ගාමෙව කීළියා
(ගාමෙ කිලීලියා (සී.));
සමණ තෙව
(සමණඤ්ඤෙව (සී. පී.), සමණත්වෙව (ස්‍යා.)) පුච්ඡාම, කත්ථෙසො අභිසටො ජනො’’.
|
253
“කවර කරුණක් නිසා මහජනයාගේ මේ ඝෝෂාව වේද, ගමෙහි මෙන් කවර නම් කිලිකිලි ශබ්දයක්ද ශ්‍රමණවූ ඔබම විචාරමු. කුමක් නිසා මේ මහජනතෙම රැස්වේදැයි” නාරද කාශ්‍යප නම් තාපසතෙම ඇසීය.
|
254
‘‘මමං ඔහාය ගච්ඡන්තං, එත්ථෙසො අභිසටො ජනො;
සීමාතික්කමනං යන්තං, මුනිමොනස්ස පත්තියා;
මිස්සං නන්දීහි ගච්ඡන්තං, කිං ජානමනුපුච්ඡසි’’.
|
254
“ඔවුන් හැර යන්නාවූ මා නිසා මෙහි මේ ජනයා රැස්වූයේය. සීමාව ඉක්මවා අනගාරිය මුනි සංඛ්‍යාත තපසට යන්නාවූ පැවිදිවීමියි සතුටින් යුක්තවූ මා දැනගෙණ කුමට විචාරන්නෙහිදැයි” රජතෙම ඇසීය.
|
255
‘‘මාස්සු තිණ්ණො අමඤ්ඤිත්ථ
(අමඤ්ඤිත්ථො (සී. ස්‍යා. පී.)), සරීරං ධාරයං ඉමං;
අතීරණෙය්ය යමිදං
(අතීරණෙය්යමිදං කම්මං (සී. ස්‍යා. පී.)), බහූ හි පරිපන්ථයො’’.
|
255
“මේ පැවිදිවීම කෙළෙසුන් තරණය කෙළේයයි නොසිතව, මෙයින් ක්ලේශයන් තරණය කළහැකි නොවේ. උපද්‍රවයෝ බොහෝ වෙත්යයි” තාපසතෙම කීයේය.
|
256
‘‘කො නු මෙ පරිපන්ථස්ස, මමං එවංවිහාරිනො;
යො නෙව දිට්ඨෙ නාදිට්ඨෙ, කාමානමභිපත්ථයෙ’’.
|
256
“යමෙක් මේ ආත්මයෙහිද පරලෙව්හිද කාම සම්පත් නොපතන්නේද, එසේ වාසය කරන්නාවූ මට කවර නම් උවදුරෙක් වන්නේදැයි මහසත්තෙම කීයේය.
|
257
‘‘නිද්දා තන්දී විජම්භිතා, අරතී භත්තසම්මදො;
ආවසන්ති සරීරට්ඨා, බහූ හි පරිපන්ථයො’’.
|
257
“නිදා ගැණීමය. අලස කමය ඈනුම් ඇරීමය නොඇල්මය. බත් මතය යන බොහෝවූ උපද්‍රවයෝ ඔබගේ සිරුරෙහි පිහිටියාහු වාසය කෙරෙත්යයි” නාරද තාපසතෙම කීයේය.
|
258
‘‘කල්‍යාණං වත මං භවං, බ්‍රාහ්මණ මනුසාසති
(මනුසාසසි (සී.));
බ්‍රාහ්මණ තෙව
(බ්රාහ්මණඤ්ඤෙව (සී.)) පුච්ඡාමි, කො නු ත්වමසි මාරිස’’.
|
258
“පින්වත් බ්‍රාහ්මණය, ඒකාන්තයෙන් නුඹ මට යහපත්කොට අනුශාසනා කෙරෙහිය. නිදුකාණෙනි, ඔබ කවරෙක් වෙහිදැයි බ්‍රාහ්මණවූ ඔබම විචාරමියි” මහසත්තෙම කීයේය.
|
259
‘‘නාරදො ඉති මෙ නාමං
(නාමෙන (ස්‍යා. ක.)), කස්සපො ඉති මං විදූ;
භොතො සකාසමාගච්ඡිං, සාධු සබ්භි සමාගමො.
|
259
“පින්වත, නාරදයයි මාගේ නාමය වේ. කාශ්‍යප යයි ගෝත්‍ර වශයෙන් මා දනිත්. සත්පුරුෂයන් හා සමාගමය යහපත් වේයයි. පින්වත්හුගේ සමීපයෙහි ආයෙමි.”
|
260
‘‘තස්ස
යං ඌනං
(යදූනං (සී. ස්‍යා. පී.)) තං පරිපූරෙහි, ඛන්තියා උපසමෙන ච.
|
260
“ඒ ඔබට ප්‍රව්‍රජ්‍යාව පිළිබඳ සියලු සතුට වේවා. සතර බ්‍රහ්ම විහරණයෙන් යුක්තව පවතීවා. යමක් අඩු නම් එය ඉවසීමෙන්ද සංසිඳීමෙන්ද සම්පූර්ණ කරව.
|
261
‘‘පසාරය සන්නතඤ්ච, උන්නතඤ්ච පසාරය
(පහාරය (ස්‍යා. පී. ක.));
කම්මං
|
261
“අවමානයද දුරු කරව, අතිමානයද දුරු කරව, දශ කුශල කර්මයද පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති ඥානයද මහණ දම්ද සකස්කොට පවතුවයි” (නාරද තාපසතෙම අවවාද කොට ගියේය)
|
262
‘‘බහූ හත්ථී ච අස්සෙ ච, නගරෙ ජනපදානි ච;
හිත්වා ජනක පබ්බජිතො, කපාලෙ
(කපල්ලෙ (සී. පී.)) රතිමජ්ඣගා.
|
262
“පින්වත් මහාජනක රජ, බොහෝවූ ඇත්තුද අශ්වයන්ද නගරයන්ද ජනපදයන්ද හැර පැවිදිවූ ඔබ කබලෙක්හි හෙවත් මැටි පාත්‍රයෙහි ඇලීමට පැමිණියෙහිය.
|
263
‘‘කච්චි නු තෙ ජානපදා, මිත්තාමච්චා ච ඤාතකා;
දුබ්භිමකංසු ජනක, කස්මා තෙ තං අරුච්චථ’’.
|
263
“එම්බා මහාජනක රජ, කිමෙක්ද ඒ දනව් වැස්සෝද මිත්‍රාමාත්‍යයෝද නෑයෝද ඔබට කිසි අපරාධයක් කළාහුද කුමක්හෙයින් මේ මැටි පාත්‍රය කැමතිවූයේදැයි” මිගාජින නම් තාපසතෙම ඇසීය.
|
264
‘‘න
අධම්මෙන ජිනෙ ඤාතිං, න චාපි ඤාතයො මමං.
|
264
“එම්බා මිගාජින නම් තාපසය, ඒකාන්තයෙන්ම මම කිසිකලෙකත් කිසි නෑයෙකු අධර්මයෙන් නොදිනු වෙමි. නෑයෝද මා නොදනූහයි” මහසත්තෙම කීයේය.
|
265
‘‘දිස්වාන ලොකවත්තන්තං, ඛජ්ජන්තං කද්දමීකතං;
හඤ්ඤරෙ බජ්ඣරෙ චෙත්ථ, යත්ථ සන්නො
(සත්තො (සී.)) පුථුජ්ජනො;
එතාහං උපමං කත්වා, භික්ඛකොස්මි මිගාජින’’.
|
265
“පින්වත් මිගාජින නම් තාපසය, යම් ක්ලෙශ වස්තුවෙක්හි ඇළුනාවූ පෘථග්ජනතෙම නසනු ලැබේද, බඳිනු ලැබේද මෙහි කෙලෙසුන් විසින් කනු ලබන්නාහු කෙලෙසුන් විසින්ම මඩ කරණ ලද්දාවූ, ලෝකයාගේ පැවැත්ම දැක මම මේ කාරණයම උපමාකොට පිඩු සිඟන්නෙක් වීමියි” මහසත් තෙම කීයේය.
|
266
‘‘කො නු තෙ භගවා සත්ථා, කස්සෙතං වචනං සුචි;
න හි කප්පං වා විජ්ජං වා, පච්චක්ඛාය රථෙසභ;
සමණං ආහු වත්තන්තං, යථා දුක්ඛස්සතික්කමො’’.
|
266
“එම්බා මහරජ, ඔබගේ පින්වත් අනුශාසක තෙම කවරේද” මේ ඔබ විසින් කියනලද පිරිසිදු වචනය කවරෙකුගේ වචනයක්ද? ශ්රමණයෙකුගේ ආකාරය හෝ ශ්රමණයෙකුගේ විද්‍යාව හෝ හැර යම්සේ දුක ඉක්මවාද, එසේ පවත්නාවූ ශ්‍රමණයෙකු නොම කියද්ද එහෙයිනියි” මිගාජිනතෙම ඇසීය.
|
267
‘‘න මිගාජින ජාතුච්ඡෙ, අහං කඤ්චි කුදාචනං;
සමණං බ්රාහ්මණං වාපි, සක්කත්වා අනුපාවිසිං’’.
|
267
“පින්වත් මිගාජින තාපසය, ඒකාන්තයෙන් මම කිසිකලෙකත් කිසියම් ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ සත්කාර කොට ඇසීමට නොපැමිණියෙමියි” මහසත් තෙම කීයේය.
|
268
‘‘මහතා චානුභාවෙන, ගච්ඡන්තො සිරියා ජලං;
ගීයමානෙසු ගීතෙසු, වජ්ජමානෙසු වග්ගුසු.
|
268
“පින්වත් මිගාජින තාපසය මනහර ගීතයන් ගායනා කරණුලබන කල්හි මිහිරි නාද ඇති වාද්‍යයන් වාදනය කරණුලබන කල්හි, තූර්ය්ය වාදනයෙන් කරණලද ඝෝෂා ඇති කුලු තාලම් වලින් යුක්ත ශබ්ද ඇති කල්හි මහත්වූ රාජානුභාවයෙන්ද ශෝභාවෙන්ද දිළිසෙමින් යන්නාවූ, “ඒ මම ඵල කැමැත්තාවූ මිනිසුන් විසින් විනාශ කරණු ලබන්නාවූ ප්‍රාකාරය ඇතුළත උයනෙහි පිහිටියාවූ ඵල දරණ අඹ රුකක් දුටුවෙමි.
|
269
‘‘තූරියතාළසඞ්ඝුට්ඨෙ
(තුරියතාළිතසඞ්ඝුට්ඨෙ (සී. පී.)), සම්මතාලසමාහිතෙ;
ස මිගාජින මද්දක්ඛිං, ඵලිං
(ඵලං (සී. පී. ක.)) අම්බං තිරොච්ඡදං;
හඤ්ඤමානං
(තුජ්ජමානං (සී.), තුදමානං (ස්‍යා.), තද්දමානං (පී.), හතමානං (ක.)) මනුස්සෙහි, ඵලකාමෙහි ජන්තුභි.
|
269 |
270
‘‘සො
මූලං අම්බස්සුපාගච්ඡිං, ඵලිනො නිප්ඵලස්ස ච.
|
270
“මිගාජින තාපසය, ඒ මම වනාහි උද්යානශ්රිය බලා ඇතු පිටින් බැස ඵල දැරුවාවූ ඵල නසනලද අඹගස මුලට පැමුණුනෙමි.
|
271
‘‘ඵලිං
අථෙකං
(අථෙතං (සී. පී.)) ඉතරං අම්බං, නීලොභාසං මනොරමං.
|
271
“විනාශ කරණලද කොළ අතු පවා සිඳිනලද නසනලද, ඵල ඇති අඹගස දැක ඉක්බිති සිත්කළුවූ නීලවර්ණයෙන් බබළන්නාවූ මේ අනික් ඵල නැති අඹරුක දුටුයෙමි.
|
272
‘‘එවමෙව නූනම්හෙපි
(නූන අම්හෙ (සී. පී.)), ඉස්සරෙ බහුකණ්ටකෙ;
අමිත්තා නො වධිස්සන්ති, යථා අම්බො ඵලී හතො.
|
272
“යම්සේ ඵල ඇත්තාවූ අඹරුක නසන ලද්දේද, මෙපරිද්දෙන්ම බොහෝ කරදර ඇත්තාවූ ඉසුරුමත්වූ අපටද පසමිතුරෝ හිංසා කරන්නාහු නොවෙද්ද?
|
273
‘‘අජිනම්හි හඤ්ඤතෙ දීපි, නාගො දන්තෙහි හඤ්ඤතෙ;
ධනම්හි ධනිනො හන්ති, අනිකෙතමසන්ථවං;
ඵලී අම්බො අඵලො ච, තෙ සත්ථාරො උභො මම’’.
|
273
“අඳුන් දිවිසම නිසා දිවියා නසනු ලැබේ. දළ නිසා හස්තිතෙම නසනු ලැබේ. ධනය හේතුකොට ගෙණ ධන ඇත්තවුන් නසයි. නිවාසස්ථානයක් නැත්තාවූ සන්ථවයක් නැත්තාවූ පැවිද්දහු කවරෙක් නසාද? ඵල ඇත්තාවූ අඹ ගසද ඵල නැත්තාවූ අඹ ගසද යන ඒ දෙදෙන මාගේ ශාස්තෘවරයෝවූහයි” මහසත්තෙම කීයේය.
|
274
‘‘සබ්බො ජනො පබ්යාධිතො, රාජා පබ්බජිතො ඉති;
හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා.
|
274
“මහරජ, රජතෙම පැවිදිවූයේයයි ඇතරුවෝද සේනාවන්හිවූවෝද රථ සේනාවෝද පාබල සේනාවෝද යන සියලු ජනතෙම අතිශයින් පෙළුනේය.
|
275
‘‘අස්සාසයිත්වා ජනතං, ඨපයිත්වා පටිච්ඡදං;
පුත්තං රජ්ජෙ ඨපෙත්වාන, අථ පච්ඡා පබ්බජිස්සසි’’.
|
275
“ජන සමූහයා අස්වසා නුවර ආරක්ෂා තබා පුත්‍රවූ දීඝාවූ කුමාරයා රාජ්‍යයෙහි පිහිටුවා ඉන්පසු පැවිදිවන්නෙහි වායී” සීවලී දේවිය කීයේය.
|
276
‘‘චත්තා
සන්ති පුත්තා විදෙහානං, දීඝාවු රට්ඨවඩ්ඪනො;
තෙ රජ්ජං කාරයිස්සන්ති, මිථිලායං පජාපති’’.
|
276
“එම්බා දේවිය, මා විසින් දනව් වැස්සෝ හරණා ලද්දාහ. මිත්‍රාමාත්‍යයෝද නෑයෝද හැර දමන ලදහ. විදේශ වාසීන්ගේ රට වර්ධනය කරන්නාවූ දීඝාවූ නම් පුත්‍රයෝ ඇත්තාහ. ඔව්හු මියුළු නුවර රාජ්‍යය කරවන්නාහු යයි” රජ තෙම කීයේය.
|
277
‘‘එහි තං අනුසික්ඛාමි, යං වාක්යං මම රුච්චති;
රජ්ජං තුවං කාරයසි
(කාරයන්තී (සී. ස්‍යා. පී.)), පාපං දුච්චරිතං බහුං;
කායෙන වාචා මනසා, යෙන ගච්ඡසි
(කඤ්ඡිසි (සී. පී.)) දුග්ගතිං.
|
277
“එම්බා දේවිය, මාගේ යම් වචනයකට කැමති වේද, එව. එයින් තිට අනුශාසනා කරමි. තී රාජ්‍යය කරවන්නී කය වචනය සිත යන යමකින් දුගතියට යන්නෙහිද, එබඳුවූ දුශ්චරිත පව් බොහෝ කරන්නෙහිය.
|
278
‘‘පරදින්නකෙන පරනිට්ඨිතෙන, පිණ්ඩෙන යාපෙහි ස ධීරධම්මො’’.
|
278
“අනුන් විසින් දෙනලද්දාවූ, අනුන් විසින් නිමවන ලද්දාවූ, ආහාරයකින් යැපෙව, මේ පිඩු සිඟා යැපීම නම් ප්‍රාඥයන්ගේ ස්වභාවයකැයි” බිසවට අවවාද කෙළේය.
|
279
‘‘යොපි
න ත්වෙව පිණ්ඩං ලුළිතං අනරියං, කුලපුත්තරූපො සප්පුරිසො න සෙවෙ;
තයිදං න සාධු තයිදං න සුට්ඨු, සුනඛුච්ඡිට්ඨකං ජනක භුඤ්ජසෙ තුවං’’.
|
279
“යමෙකුත් ඉදින් සතරවැනිවූ බත් අනුභව කරණ කාලයෙහි අනුභව නොකරන්නේද, නොනසාවූ මරණ ඇත්තේම ක්ෂුධාවෙන් මිය යන්නේද, නමුත් වැලි තැවරුණාවූ අයහපත්වූ ආහාරය වළඳන්නේද, කුලපුත්‍ර ස්වභාව ඇත්තාවූ සත්පුරුෂතෙම මෙබඳු ආහාරය නොවළඳන්නේය.
“මහරජ, ඔබ යම් බල්ලා විසින් ඉඳුල් කළ ආහාරයක් වළඳන්නෙහිද, ඒ මේ වැළඳීම යහපත් නොවේ. ඒ මේ වැළඳීම ශෝභන නොවේයයි” බිසව කීයේය.
|
280
‘‘න
යෙ කෙචි භොගා ඉධ ධම්මලද්ධා, සබ්බො සො භක්ඛො අනවයොති
(අනවජ්ජොති (සී. පී.)) වුත්තො’’.
|
280
“එම්බා සීවලී දේවිය, ගිහිවූවහු විසින්ද ශුනකයෙකු විසින්ද හැර දමනලද යමක් වේනම්, ඒ පිණ්ඩපාතය තෙම මා විසින් නොකෑයුතු නොවේ. මේ ලෝකයෙහි දැහැමින් ලද්දාවූ යම්කිසි භෝග කෙනෙක් වෙත්නම්, ඒ සියල්ල අනුභව කටයුතුය. නිරවද්‍යයයි කියන ලද්දේයයි” රජතෙම කීයේය.
|
281
‘‘කුමාරිකෙ උපසෙනියෙ, නිච්චං නිග්ගළමණ්ඩිතෙ;
කස්මා තෙ එකො භුජො ජනති, එකො තෙ න ජනතී භුජො’’.
|
281
“නිතර මම ලඟ සයනය කරන්නාවූ සැරසෙන ස්වභාව ඇත්තාවූ එම්බල දැරිය කුමක්හෙයින් තීගේ එක් අතක් ශබ්ද කෙරේද එක් අතක් ශබ්ද නොකෙරේදැයි රජතෙම ලදැරියකගෙන් ඇසීය.
|
282
‘‘ඉමස්මිං මෙ සමණ හත්ථෙ, පටිමුක්කා දුනීවරා
(දුනීධුරා (සී. පී.));
සඞ්ඝාතා
(සංඝට්ටා (ස්‍යා. ක.)) ජායතෙ සද්දො, දුතියස්සෙව සා ගති.
|
282
“ශ්රමණයන් වහන්ස, මාගේ මේ අතෙහි වළලු දෙකක් දමන ලද්දාහ. එකට හැපීමෙන් ශබ්දය හටගනියි. දෙවැන්නක් ඇත්තහුගේම මේ ස්වභා ගතිය වේ.
|
283
‘‘ඉමස්මිං මෙ සමණ හත්ථෙ, පටිමුක්කො එකනීවරො
(එකනීධුරො (සී. පී.));
සො අදුතියො න ජනති, මුනිභූතොව තිට්ඨති.
|
283
“ශ්රමණයන් වහන්ස, මාගේ මේ අතෙහි එක් වළල්ලක් දමනලදී. දෙවැන්නක් නැති හෙතෙම ශබ්ද නොකරයි. පහවූ කෙළෙස් ඇති මුනිවරයෙකු මෙන් සිටියි.
|
284
‘‘විවාදප්පත්තො
(විවාදමත්තො (පී.)) දුතියො, කෙනෙකො විවදිස්සති;
තස්ස තෙ සග්ගකාමස්ස, එකත්තමුපරොචතං’’.
|
284
“දෙවැන්නක් ඇත්තේ විරුද්ධවාදයට පැමිණියෙක්වේ. තනිවූයේ කවරෙකු හා විරුද්ධ වාද කරන්නේද? එහෙයින් ස්වර්ග සැපය කැමැත්තාවූ ඒ ඔබවහන්සේට එකලා බව කැමතිවේවැයි” ලදැරිය කීයේය.
|
285
‘‘සුණාසි සීවලි කථා
(ගාථා (සී. ස්‍යා. පී.)), කුමාරියා පවෙදිතා;
පෙසියා
(පෙස්සියා (සී. පී.)) මං ගරහිත්ථො, දුතියස්සෙව සා ගති.
|
285
“එම්බා සීවලී දේවිය, ලදැරිය විසින් කියනලද ගාථාවන් ඇසුවෙහිය. වැඩකාරියක්වූ ඕතොමෝ දෙවැන්නක් ඇත්තහුගේම මේ ස්වභාවය වේයයි මට නින්දා කෙළේය
|
286
‘‘අයං
තෙසං ත්වං එකං ගණ්හාහි, අහමෙකං පුනාපරං.
|
286
“සොඳුර, මගීන් විසින් ගමන් කළාවූ මේ දෙමං සන්ධියෙක් වේ. ඔවුන්ගෙන් තී එක් මාර්ගයක් ගනුව නැවත අනික් මාර්ගය මම ගනිමි”
|
287
‘‘මාවච
(නෙව (සී. පී.), මා ච (ස්‍යා. ක.)) මං ත්වං පති මෙති, නාහං
(මාහං (සී. පී.)) භරියාති වා පුන’’;
‘‘ඉමමෙව කථයන්තා, ථූණං නගරුපාගමුං.
|
287
“සීවලී දේවිය, තී මාගේ ස්වාමියායයි නොකියව. මමද නැවත මාගේ භාර්‍ය්‍යාවයයි නොකියමියි” රජතෙම කීයේය.
මේ කථාවම කියන්නාහු ථූන නම් නුවරට පැමුණුනාහුය.
|
288
‘‘කොට්ඨකෙ උසුකාරස්ස, භත්තකාලෙ උපට්ඨිතෙ;
තත්‍රා ච සො උසුකාරො, (එකං දණ්ඩං උජුං කතං;)
(( ) නත්ථි බහූසු)
එකඤ්ච චක්ඛුං නිග්ගය්හ, ජිම්හමෙකෙන පෙක්ඛති’’.
|
288
“එහි ඒ රජතෙම තමන්ගේ අනුභව කරණ වේලාව පැමිණි කල්හි හී වඩුවාගේ කොටුව වෙත පැමිණ සිටියේය. එහිද ඒ හී වඩුතෙම එක ඇසක් වසා එක ඇසකින් ඇදය බලන්නේය
|
289
‘‘එවං
යදෙකං චක්ඛුං නිග්ගය්හ, ජිම්හමෙකෙන පෙක්ඛසි’’.
|
289
“යහළු හී වඩුව, මෙසේ නුඹ හොඳට බලන්නෙහි දැයි, මාගේ වචනය අසව, එක ඇසක් පියා එක ඇසකින් ඇදය බළන්නෙහිය යන යමක් ඇද්ද එයයි.”
|
290
‘‘ද්වීහි
අසම්පත්වා පරමං
(පරං (සී. පී.)) ලිඞ්ගං, නුජුභාවාය කප්පති.
|
290
“පින්වත් ශ්රමණයන් වහන්ස, දෙ ඇසින් බලන කල්හි විශාලවූවක් මෙන් වැටහෙයි. අන්‍යවූ වක්වූ තැනට නොපැමිණ ඇද නැති බැව් කිරීමට සුදුසු නොවේ.
|
291
‘‘එකඤ්ච චක්ඛුං නිග්ගය්හ, ජිම්හමෙකෙන පෙක්ඛතො;
සම්පත්වා පරමං ලිඞ්ගං, උජුභාවාය කප්පති.
|
291
“එක ඇසක් පියාගෙණ එක ඇසකින් ඇදය බලන්නහුට අන්‍යවූ වංක ස්ථානය බලා ඇද නැති කිරීමට සුදුසුවේ.
|
292
‘‘විවාදප්පත්තො
(විවාදමත්තො (පී.)) දුතියො, කෙනෙකො විවදිස්සති;
තස්ස තෙ සග්ගකාමස්ස, එකත්තමුපරොචතං’’.
|
292
“දෙවැන්නෙක් ඇත්තේ විවාදයට පැමිණියෙක් වන්නේය. එකලාවූයේ කවරෙකු හා විවාද කරන්නේද, ස්වර්ගයට යනු කැමැත්තාවූ ඒ ඔබවහන්සේට හුදකලාවීම රුචි වේවායි” හී වඩුතෙම අවවාද කෙළේය.
|
293
‘‘සුණාසි සීවලි කථා
(ගාථා (සී. ස්‍යා. පී.)), උසුකාරෙන වෙදිතා;
පෙසියා මං ගරහිත්ථො, දුතියස්සෙව සා ගති.
|
293
“එම්බා සීවලී දේවිය, හී වඩුවා විසින් කියනලද ගාථාවන් ඇසූවෙහිද, දෙවැන්නක් ඇත්තහුගේ මේ ස්වභාව යයි හීවඩුවා මට නින්දා කෙළේය.
|
294
‘‘අයං ද්වෙධාපථො භද්දෙ, අනුචිණ්ණො පථාවිහි;
තෙසං ත්වං එකං ගණ්හාහි, අහමෙකං පුනාපරං.
|
294
“සොඳුර මගීන් විසින් ගමන්කළාවූ මේ දෙමන් සන්ධිය වේ. ඔවුන්ගෙන් තී එක් මාර්ගයක් ගණුව. නැවත මම මේ අනික් වග ගනිමි. තී මාගේ ස්වාමියා යයි මට නොකියව. මමද නැවත මාගේ භාර්‍ය්‍යාවයයි නොකියමියි” රජ තෙම කීයේය.
|
295
‘‘මාවච මං ත්වං පති මෙති, නාහං භරියාති වා පුන’’;
‘‘මුඤ්ජාවෙසිකා
|
295
“සීවලී දේවීනි, වෙන්කොට ගන්නාලද මේ මුදු තණ ගොබය මෙන් නැවත තී හා එක්නොව. මම තනිව වාසය කරන්නෙමි තීද තනිවම වාසය කරවයි සීවලී දේවියට අවවාද කෙළේයයි” වදාළේය.
|
540. සුවණ්ණසාමජාතකං (3) | 540. සාම ජාතකය |
296
‘‘කො නු මං උසුනා විජ්ඣි, පමත්තං උදහාරකං
(හාරිකං (ස්‍යා.), හාරියං (ක.));
ඛත්තියො බ්රාහ්මණො වෙස්සො, කො මං විද්ධා නිලීයසි.
|
296
“කවරෙක් නම් දිය ගෙණ යාමට ප්‍රමාදවූ මට ඊයකින් විද්දේද, ක්ෂත්රියවූ බ්‍රාහ්මණවූ වෛශ්යවූ කවරෙක් මට විද සැඟවීදැයි” සාම කුමාරතෙම ඇසුයේය.
|
297
‘‘න මෙ මංසානි ඛජ්ජානි, චම්මෙනත්ථො න විජ්ජති;
අථ කෙන නු වණ්ණෙන, විද්ධෙය්යං මං අමඤ්ඤථ.
|
297
“මාගේ මස් කෑයුතු නොවෙත්. සමින්ද ප්‍රයෝජනයක් නැත්තේය. එසේ ඇතිකල්හි කවර කාරණයකින් මට විදිය යුතුයයි හැඟීදැයි” කීයේය.
|
298
‘‘කො වා ත්වං කස්ස වා පුත්තො, කථං ජානෙමු තං මයං;
පුට්ඨො මෙ සම්ම අක්ඛාහි, කිං මං විද්ධා නිලීයසි’’.
|
298
“නුඹ කවරෙක් හෝ වෙහිද කවරෙකුගේ පුතෙක් හෝ වෙහිද අපි තා කෙසේ දනිමුද, යහළුව මා විසින් විචාරණ ලද්දේ කියව, කුමකට මා විද සැඟවූනෙහිදැයි” සාම කුමරු ඇසීය.
|
299
‘‘රාජාහමස්මි කාසීනං, පීළියක්ඛොති මං විදූ;
ලොභා රට්ඨං පහිත්වාන, මිගමෙසං චරාමහං.
|
299
“මම වනාහි කශී රට වැස්සන්ගේ රජවෙමි. පිළියක් නමැයි මා දනිත්. මාංශ ලෝභයෙන් රට හැර මම මුවන් සොයමින් හැසිරෙමි.
|
300
‘‘ඉස්සත්ථෙ චස්මි කුසලො, දළ්හධම්මොති විස්සුතො;
නාගොපි මෙ න මුච්චෙය්ය, ආගතො උසුපාතනං.
|
300
“මම දුනු ශිල්පයෙහිද දක්ෂවෙමි. සහස්සත්ථාම නම් දුන්න නගන්ට පුළුවන් බැවින් දළ්හධම්මයයි ප්රකටය. මාගේ හී පහරට පැමිණ හස්තිතෙමේද නොමිදෙන්නේයයි” පිළියක් රජතෙම කීයේය.
|
301
‘‘කො
පිතුනො අත්තනො චාපි, නාමගොත්තං පවෙදය’’.
|
301
“ඔබද කවරෙකුගේ පුත්‍රයෙක් හෝ වෙහිද, අපි තා කෙසේ දනිමුද, පියාගේ හෝ තමන්ගේ හෝ නාමයද ගොත්‍රයද කියවයි” රජතෙම කීයේය.
|
302
‘‘නෙසාදපුත්තො භද්දන්තෙ, සාමො ඉති මං ඤාතයො;
ආමන්තයිංසු ජීවන්තං, ස්වජ්ජෙවාහං ගතො
(ස්වාජ්ජෙවඞ්ගතො (ස්‍යා.), ස්වජ්ජෙවඞ්ගතෙ (ක.)) සයෙ.
|
302
“මහරජ, ඔබට යහපතක් වේවා. මම වැදි පුත්‍රයෙක්මි. සාමයයි ජීවත්වන්නාවූ මා නෑයෝ කැඳවූහ. ඒ මම අද මෙසේ මරුමුවට පැමිණියේ සයනය කරමි.
|
303
‘‘විද්ධොස්මි පුථුසල්ලෙන, සවිසෙන යථා මිගො;
සකම්හි ලොහිතෙ රාජ, පස්ස සෙමි පරිප්ලුතො.
|
303
“මහරජ, විෂ සහිතවූ මහත්වූ හීයකින් මුවෙකු මෙන් විදිනලද්දේ වෙමි. බලව ස්වකීය ලේවල ගැලුනේ සයනය කරමි.
|
304
‘‘පටිවාමගතං
ආතුරො ත්යානුපුච්ඡාමි, කිං මං විද්ධා නිලීයසි.
|
304
“හීතලය වම්පසින් ඇතුල්ව දකුනැලයෙන් නික්ම ගියේය. ලේ වමාරමි. ගිලන්වූයේ මම තා විචාරමියි කුමට මා විද සැඟවූයෙහිද?
|
305
‘‘අජිනම්හි හඤ්ඤතෙ දීපි, නාගො දන්තෙහි හඤ්ඤතෙ;
අථ කෙන නු වණ්ණෙන, විද්ධෙය්යං මං අමඤ්ඤථ’’.
|
305
“අඳුන් දිවිසම නිමිතිකොට දිවියා නසනු ලැබේ. දළ නිසා හස්තිතෙම නසනු ලැබේ. එකල්හි කවර කරුණකින් මා විදියයුතු කොට හැඟීදැයි” සාම කුමරු ඇසීය.
|
306
‘‘මිගො උපට්ඨිතො ආසි, ආගතො උසුපාතනං;
තං දිස්වා උබ්බිජී සාම, තෙන කොධො මමාවිසි’’.
|
306
“පින්වත් සාමය, හීපහරට පැමිණියාවූ මුවෙක් ඉදිරිපස සිටියේය. තා දැක මුවා භයවී ගියේය. එයින් ක්‍රෝධයතෙම මට උපන්නේයයි” පිළියක් රජ කීයේය.
|
307
‘‘යතො සරාමි අත්තානං, යතො පත්තොස්මි විඤ්ඤුතං;
න මං මිගා උත්තසන්ති, අරඤ්ඤෙ සාපදානිපි.
|
307
“යම් කලෙක පටන් තමා සිහි කෙරෙම්ද, යම්කලෙක පටන් නුවණැති බවට පැමිණියෙම්ද, මේතාක් වනයෙහි චණ්ඩ මෘගයන්වූ මුවෝද, මා දැක භය නොවෙත්.
|
308
‘‘යතො නිධිං පරිහරිං, යතො පත්තොස්මි යොබ්බනං;
න මං මිගා උත්තසන්ති, අරඤ්ඤෙ සාපදානිපි.
|
308
“යම්කලක පටන් වැහැරි සිවුර පරිහරණය කෙරෙම්ද, යම්කලෙක පටන් යෞවන බවට පැමිණියෙම්ද, මේතාක් වනයෙහි චණ්ඩ මෘගයෝද මා දැක භය නොවෙත්.
|
309
‘‘භීරූ කිම්පුරිසා රාජ, පබ්බතෙ ගන්ධමාදනෙ;
සම්මොදමානා ගච්ඡාම, පබ්බතානි වනානි ච.
|
309
“මහරජ, ගන්ධමාදන පර්වතයෙහි භයජනකවූ කිම් පුරිසයෝද වෙත්. පර්වතවලද වනාන්තර වලද ඔවුන් සමග සතුටු වෙමින් යමු. එසේ ඇතිකල්හි කවර කරුණකින් ඒ මුවා මට බියවන්නේදැයි” සාම කුමරු ඇසීය.
|
310
(‘‘න මං මිගා උත්තසන්ති, අරඤ්ඤෙ සාපදානිපි;)
(( ) නත්ථි සී. ස්‍යා. පී. පොත්ථකෙසු)
අථ කෙන නු වණ්ණෙන, උත්රාසන්ති මිගා මමං’’
(උත්රාසෙ සො මිගො මමං (සී. පී.)).
|
310
“එම්බා සාමයෙනි, මුවා ඔබ නොදැක්කේය. කුමට මම ඔබට බොරුකියම්ද, ක්‍රෝධයෙන් හා ලෝභයෙන් මඩනා ලද්දාවූ මම ඒ ඊය ඔබට විද්දෙමියි” පිළියක් රජ කීයේය.
|
311
‘‘න තං තස
(න තද්දසා (සී. පී.)) මිගො සාම, කිං තාහං අලිකං භණෙ;
කොධලොභාභිභූතාහං, උසුං තෙ තං අවස්සජිං
(අවිස්සජිං (ස්‍යා.)).
|
311
“යහළුව, කොතැනින් හෝ අවුත් දියගෙණ ඊමට ගඟට යවයි’ කවරෙකු විසින් හෝ එවනලද්දේ නුඹ මුවන්ගේ යයි සම්මතවූ මේ විලට ආයේදැයි” ඇසීය.
|
312
‘‘කුතො නු සාම ආගම්ම, කස්ස වා පහිතො තුවං;
උදහාරො නදිං ගච්ඡ, ආගතො මිගසම්මතං’’.
|
312
“මහරජ, මාගේ මව්පියෝ අන්ධවූහ. මේ මහත්වූ වනයෙහි මම ඔවුන් පෝෂණය කරමි. මම ඔවුන්ට දිය ගෙණ යන්නෙක්ව මෘග සම්මතවූ මේ විලට ආයෙමියි” සාම කුමරු කීයේය.
|
313
‘‘අන්ධා
තෙසාහං උදකාහාරො, ආගතො මිගසම්මතං.
|
313
“ඒ මාගේ මව් පියන්ට භෝජනය පමණක් ඇත්තේය. එකල්හි සදවසක් ජීවත්වීම වන්නේය. ඒ මාගේ අන්ධවූ මව්පියෝ දිය නොලැබීමෙන් මැරෙන්නාහුයයි හඟිමි.
|
314
‘‘අත්ථි නෙසං උසාමත්තං, අථ සාහස්ස ජීවිතං;
උදකස්ස අලාභෙන
|
314
“මට මෙය එබඳු දුකක් නොවේ. පුරුෂයෙකු විසින් මෙය ලැබිය යුත්තේමය. මව නොදකිමි යන යම් දුකක්වේද එය මට මීට වඩා ඉතා දුක්වේ.
|
315
‘‘න මෙ ඉදං තථා දුක්ඛං, ලබ්භා හි පුමුනා ඉදං;
යඤ්ච අම්මං න පස්සාමි, තං මෙ දුක්ඛතරං ඉතො.
|
315
“මෙය මට එබඳු දුකක් නොවේ. මෙය පුරුෂයෙකු විසින් ලැබිය යුත්තේමය. පියා නොදකිමි යන යම් දුක ඇද්ද එය මට මීට වඩා ඉතා දුක්වේ.
|
316
‘‘න
යඤ්ච තාතං න පස්සාමි, තං මෙ දුක්ඛතරං ඉතො.
|
316
“බැගෑපත්වූ මාගේ ඒ මව්තොමෝ ඒකාන්තයෙන් මධ්‍යම රාත්‍රියෙහිද පැසුළු රාත්‍රියෙහිද බොහෝ කලක් හඬන්නේය. කුඩා විලක් මෙන් වියලෙන්නේය.
|
317
‘‘සා නූන කපණා අම්මා, චිරරත්තාය රුච්ඡති
(රුච්චති (ක.));
අඩ්ඪරත්තෙව රත්තෙ වා, නදීව අවසුච්ඡති
(අවසුස්සති (ස්‍යා.)).
|
317
“ඒ මාගේ බැගෑපත්වූ පියතෙම මධ්‍යම රාත්‍රියෙහිද පැසුළු රාත්‍රියෙහිද බොහෝ කලක් හඬන්නේය. කුඩා විලක් මෙන් වියලෙන්නේය.
|
318
‘‘සො නූන කපණො තාතො, චිරරත්තාය රුච්ඡති
(රුච්චති (ක.));
අඩ්ඪරත්තෙව රත්තෙ වා, නදීව අවසුච්ඡති
(අවසුස්සති (ස්‍යා.)).
|
318
“මහරජ, රෑ දාවල් නැගී සිටි වීර්‍ය්‍යයෙන් ඔවුන්ට මෙහෙකිරීමෙන් අත්පා මිරිකීමෙන්ද උපස්ථාන කෙළෙමි. ඔව්හු ‘පුත සාමයයි’ වැළපෙන්නාහු මේ මහවනයෙහි ඇවිදින්නාහුය.
|
319
‘‘උට්ඨානපාදචරියාය
(පාරිචරියාය (සී. පී.)), පාදසම්බාහනස්ස ච;
සාම තාත විලපන්තා, හිණ්ඩිස්සන්ති බ්රහාවනෙ.
|
319
“ජීවිතය හැරදමන්නෙමිය යන යමකුත් වේද, අන්ධවූ මව්පියන් නොදකිමියි යන යමක් ඇද්ද, මේ දෙවැනි ශොකසල්ලය මාගේ හෘදය කම්පා කෙරේයයි” සාම කුමරු වැළපුණේය.
|
320
‘‘ඉදම්පි දුතියං සල්ලං, කම්පෙති හදයං මමං;
යඤ්ච අන්ධෙ න පස්සාමි, මඤ්ඤෙ හිස්සාමි
(යඤ්ච හෙස්සාමි (සී. පී.), තං මෙං හිස්සාමි (ක.)) ජීවිතං’’.
|
320
‘සාම නම්වූ කළ්‍යාණ දර්ශනය හෙවත් යහළුව, දැඩිකොට නොවැළපෙව. මම කම්කරුවෙක්ව මේ මහා වනයෙහි නුඹමෙන් නුඹගේ ඒ මව්පියන් පෝෂණය කරන්නෙමි
|
321
‘‘මා බාළ්හං පරිදෙවෙසි, සාම කල්යාණදස්සන;
අහං කම්මකරො හුත්වා, භරිස්සං තෙ බ්රහාවනෙ.
|
321
“මම දුනු ශිල්පයෙහිද දක්ෂවෙමි. දළ්හ ධර්මයයි ප්‍රකටවූ මම කම්කරුවෙක්ව මේ මහා වනයෙහි නුඹ මෙන් නුඹගේ ඒ මව් පියන් පෝෂණය කරන්නෙමි.
|
322
‘‘ඉස්සත්ථෙ චස්මි කුසලො, දළ්හධම්මොති විස්සුතො;
අහං කම්මකරො හුත්වා, භරිස්සං තෙ බ්රහාවනෙ.
|
322
“සිංහාදී මෘගයන් විසින් කා ඉතිරිකළ මස්ද වනයෙහි අල මුල් හා පලවැලද සොයමින් මම කම්කරුවෙක්ව මේ මහා වනයෙහි නුඹ මෙන් නුඹගේ ඒ මව් පියන් පෝෂණය කරන්නෙමි.
|
323
‘‘මිගානං
(මගානං (ක.)) විඝාසමන්වෙසං, වනමූලඵලානි ච;
අහං කම්මකරො හුත්වා, භරිස්සං තෙ බ්රහාවනෙ.
|
323
“පින්වත් සාමය, නුඹගේ මව්පිය දෙදෙනා යම් තැනෙක්හිද, ඒ වනය කවරේද, නුඹ යම්සේ ඔවුන් පෝෂණය කෙරේද, එසේම මමද ඔවුන් පෝෂණය කරන්නෙමියි” පිළියක් රජ කීයේය.
|
324
‘‘කතමං තං වනං සාම, යත්ථ මාතාපිතා තව;
අහං
|
324
“මහරජ, මාගේ හිස පාර්ශ්වයෙහි යම් මේ ඒක පදික මාර්ගයක් වේද, මේ මගින් ගොස් ශබ්දය ඇසෙන දුර ප්‍රමාණයෙන් බාගයක් අතර යම්තැනක් වේද, එහි ඔවුන්ගේ වාස ගෘහයවේ. එහි මාගේ මව්පියෝ වෙසෙත්. මේ මගින් ගොස් ඔවුන් පෝෂණයකරවයි” සාම කුමරු කීයේය.
|
325
‘‘අයං
ඉතො ගන්ත්වා අඩ්ඪකොසං, තත්ථ නෙසං අගාරකං;
යත්ථ මාතාපිතා මය්හං, තෙ භරස්සු ඉතො ගතො.
|
325
“පින්වත් කශීරජතුමනි, ඔබට නමස්කාරවේවා. කශීරට වර්ධනය කරණ තැනැත්තෙනි, ඔබට නමස්කාරවේවා මාගේ මව්පියෝ අන්ධවූහ. මේ මහ වනයෙහි ඔවුන් පෝෂණය කරව
|
326
‘‘නමො තෙ කාසිරාජත්ථු, නමො තෙ කාසිවඩ්ඪන;
අන්ධා මාතාපිතා මය්හං, තෙ භරස්සු බ්රහාවනෙ.
|
326
“එම්බා කශී රජතුමනි, ඔබට ඇඳිළිබැඳ ගනිමි. ඔබට නමස්කාරවේවා. මා විසින් කියන ලද්දේ මාගේ මව්පිය දෙදෙනාට මාගේ වැඳීම කියවයි” සාම කුමරු කීයේය.
|
327
‘‘අඤ්ජලිං තෙ පග්ගණ්හාමි, කාසිරාජ නමත්ථු තෙ;
මාතරං පිතරං මය්හං, වුත්තො වජ්ජාසි වන්දනං’’.
|
327
“තරුණවූ යහපත් දැකුම් ඇත්තාවූ ඒ සාම කුමර තෙම මේ වචන කියා විෂවේගයෙන් මුසපත්වූයේ විසඥ බවට පැමිණියේය.
|
328
‘‘ඉදං වත්වාන සො සාමො, යුවා කල්යාණදස්සනො;
මුච්ඡිතො විසවෙගෙන, විසඤ්ඤී සමපජ්ජථ.
|
328
“ඒ රජතෙම ‘මම මෙතෙක්කල් ජරා මරණ නැත්තෙක්යයි’ සිතුවෙමි. අද මේ කළුරිය කළාවූ සාම කුමරු දැක කිසිවෙකුටත් මරුවාගේ නොපැමිණීමක් නැතැයි දැන ගතිමි. මින්පෙර එසේ නොදැක්කෙමිය. කරුණා සහගතව බොහෝකොට වැළපුනේය.
|
329
‘‘ස රාජා පරිදෙවෙසි, බහුං කාරුඤ්ඤසඤ්හිතං;
අජරාමරොහං ආසිං, අජ්ජෙතං ඤාමි
(අජ්ජහඤ්ඤාමි (ක.)) නො පුරෙ;
සාමං කාලඞ්කතං දිස්වා, නත්ථි මච්චුස්ස නාගමො.
|
329
“විෂ සහිත හීයෙන් විදිනා ලද්දේ යමෙක් දැන් මා සමග කථාකෙළේද හෙතෙම මෙබඳු මරණයට පැමිණි කල්හි කිසිවකුත් කථා නොකරයි.
|
330
‘‘යස්සු
ස්වජ්ජෙවං ගතෙ කාලෙ, න කිඤ්චි මභිභාසති.
|
330
“එකල්හි මා විසින් කරණ ලද පාපය බොහෝ කලක් දුක් විඳීමට සමර්ථ වූ දරුණු කර්මයකි. ඒකාන්තයෙන් මම නරකයට යමි. මෙහි මට සැකයක් නැත්තේය.
|
331
‘‘නිරයං නූන ගච්ඡාමි, එත්ථ මෙ නත්ථි සංසයො;
තදා හි පකතං පාපං, චිරරත්තාය කිබ්බිසං.
|
331
“ඒ පව්කළ තැනැත්තාට අපරාධ කරන්නෙකැයි ගමෙහි නින්දා කරන්නාහු වෙත්. මිනිසුන් නැත්තාවූ මේ වනයෙහි කවරෙක් මට නින්දාකරන්ට සුදුසුවේද?
|
332
‘‘භවන්ති තස්ස වත්තාරො, ගාමෙ කිබ්බිසකාරකො;
අරඤ්ඤෙ නිම්මනුස්සම්හි, කො මං වත්තුමරහති.
|
332
“ගමෙහි මිනිස්සු එක්ව කර්මයන් සිහි කරවත්. හෙවත් චෝදනා කරත්. මිනිසුන් නැත්තාවූ වනයෙහි කවරෙක් මට චෝදනා කරන්නේදැයි පිළියක් රජ වැළපුනේය.
|
333
‘‘සාරයන්ති හි කම්මානි, ගාමෙ සංගච්ඡ මාණවා;
අරඤ්ඤෙ
|
333
“එකල්හි බහුසෝදරී නම් ඒ දෙවතාතොමෝ ගන්ධ මාදන පර්වතයෙහි අතුරුදහන්වූවා රජහුටම අනුකම්පාවෙන් මේ ගාථාවන් කීය.
|
334
‘‘සා දෙවතා අන්තරහිතා, පබ්බතෙ ගන්ධමාදනෙ;
රඤ්ඤොව අනුකම්පාය, ඉමා ගාථා අභාසථ.
|
334
“එම්බා මහරජ, නුඹ මහත් අපරාධයක් කෙළෙහිය. ලාමක කර්මයක් කෙළෙහිය. නිර්දෝෂවූ මව්පිය දෙදෙනාද පුත්‍රයාද යන මේ තුන්දෙනා එක ඊපහරින් නසන ලදහ.
|
335
‘‘ආගුං කිර මහාරාජ, අකරි
(අකරා (සී.)) කම්ම දුක්කටං;
අදූසකා පිතාපුත්තා, තයො එකූසුනා හතා.
|
335
“මහරජ මෙහි එව, යම්සේ තොපට සුගතියක් වන්නේද, එසේ තොපට අනුශාසනාකරමි. වනයෙහි අන්ධවූ ඒ මව්පිය දෙදෙනා සාමකුමරු මෙන් දැහැමින් පෝෂණය කරව. තා විසින් මෙසේ කළ කල්හි සුගතියට යන්නේයයි මම සිතමියි” දෙව්දුව කීවාය.
|
336
‘‘එහි තං අනුසික්ඛාමි, යථා තෙ සුගතී සියා;
ධම්මෙනන්ධෙ වනෙ පොස, මඤ්ඤෙහං සුගතී තයා.
|
336
“ඒ රජතෙම කරුණාසහගතව බොහෝසේ වැළපී දියකලය හැරගෙණ දකුණුදිග බලා ගියේය.
|
337
‘‘ස
උදකකුම්භමාදාය, පක්කාමි දක්ඛිණාමුඛො.
|
337
“මෙහි ආවාවූ මිනිසෙකුගේ මෙන් මේ පියවර ශබ්දය කවරෙකුගේද, මේ ශබ්දය සාමකුමරුගේද, පියවර ශබ්දය නොවේ. නිදුකාණෙනි, මෙහි ආ නුඹ කවරෙක්වෙහිද,
|
338
‘‘කස්ස නු එසො පදසද්දො, මනුස්සස්සෙව ආගතො;
නෙසො සාමස්ස නිග්ඝොසො, කො නු ත්වමසි මාරිස.
|
338
“සාමතෙමේ සන්සුන්වම එයි. සන්සුන්ව පියවර තබයි. මේ ශබ්දය සාමකුමරුගේ ශබ්දය නොවෙයි. නිදුකාණෙනි, මෙහි ආ නුඹ කවරෙක්වෙහිදැයි” සාමකුමරුගේ අන්ධ පියාවූ දුකූල පණ්ඩිතතෙම ඇසීය.
|
339
‘‘සන්තඤ්හි සාමො වජති, සන්තං පාදානි නෙයති
(උත්තහි (සී.));
නෙසො සාමස්ස නිග්ඝොසො, කො නු ත්වමසි මාරිස’’.
|
339
“පින්වත මම කශීරට වැස්සන්ගේ රජවෙමි. පිළියක් රජයයි මා දනිත්. මාංශලෝභයෙන් රටහැර අවුත් මම මුවන් සොයමින් හැසිරෙමි.
|
340
‘‘රාජාහමස්මි කාසීනං, පීළියක්ඛොති මං විදූ;
ලොභා රට්ඨං පහිත්වාන, මිගමෙසං චරාමහං.
|
340
“දුනුශිල්පයෙහිද මම දක්ෂවෙමි. දළ්හ ධර්මයයිද ප්රකටය. මාගේ ඊපහරට පැමිණියාවූ හස්තියෙක්ද නොමිදෙන්නේයයි” රජතෙම කීයේය.
|
341
‘‘ඉස්සත්ථෙ චස්මි කුසලො, දළ්හධම්මොති විස්සුතො;
නාගොපි මෙ න මුච්චෙය්ය, ආගතො උසුපාතනං’’.
|
341
“මහරජ, ඔබට යහපත් ඊමක්වේවා. තවද ඔබට අයහපත් ඊමක් නොවේ. මෙහි පැමිණියේ අධිපතිවෙහිය. මෙහි යමක් ඇත්නම් එය පිළිගනුව
|
342
‘‘ස්වාගතං තෙ මහාරාජ, අථො තෙ අදුරාගතං;
ඉස්සරොසි අනුප්පත්තො, යං ඉධත්ථි පවෙදය.
|
342
“විලිකුන් තිඹිරිපලද මොරද මිහිරිවූ එරමිණියද යන කුඩාපලවර්ග මෙහි බොහෝවෙත්. මහරජ, හොඳ හොඳ ඵල අනුභව කරව.
|
343
‘‘තින්දුකානි පියාලානි, මධුකෙ කාසුමාරියො;
ඵලානි
|
343
“පර්වත කඳුරැලියෙන් ගෙණාවාවූ මේ සිහිල් පියයුතු පැන්දවේ. මහරජ, ඉදින් ඔබ කැමැත්තෙහි නම් එයින් පැන්පානය කරවයි” පණ්ඩිතතෙම පිළිසඳර වශයෙන් කීයේය.
|
344
‘‘ඉදම්පි පානීයං සීතං, ආභතං ගිරිගබ්භරා;
තතො පිව මහාරාජ, සචෙ ත්වං අභිකඞ්ඛසි’’.
|
344
“අන්ධවූවාහු වනයෙහි මේ පල වර්ග දකින්ට නොහැකි වෙත්. කවරෙක් නම් මේ පලවැල ගෙණායේද, මේ මනාවූ පලවැල රැස්කිරීම අන්ධනුවූවෙකුගේ මෙන් මට වැටහේයයි” රජතෙම කීයේය.
|
345
‘‘නාලං
අනන්ධස්සෙවයං සම්මා, නිවාපො මය්හ ඛායති’’.
|
345
“තරුණවූ යෞවනවූ ඉතා මහත් නොවූ සාමකුමාර තෙමේ යහපත් දැකුම් ඇත්තේවෙයි. ඔහුගේ දික්වූ කාල වර්ණවූ කෙශයෝ වෙත්. තවද ඒ කෙශයෝ ශූන නම් මස් කොටන පෙතලි අග මෙන් නැමුනාහුය.
|
346
‘‘දහරො යුවා නාතිබ්රහා, සාමො කල්යාණදස්සනො;
දීඝස්ස කෙසා අසිතා, අථො සූනග්ග
(සොනග්ග (ක.)) වෙල්ලිතා.
|
346
“හෙතෙම ඒකාන්තයෙන් පලවැල ගෙණ හැර තබා මෙයින් කමඩලාව ඇරගෙණ දියගෙණ ඊමට ගඟට ගියේ ලඟ එන්නේයයි හඟිමියි” පණ්ඩිතතෙම කීයේය.
|
347
‘‘සො හවෙ ඵලමාහරිත්වා, ඉතො ආදාය
(ආදා (සී. පී.)) කමණ්ඩලුං;
නදිං ගතො උදහාරො, මඤ්ඤෙ න දූරමාගතො’’.
|
347
“නුඹට මෙහෙවර කරන්නාවූ යමෙක්වේද, යහපත් දැකුම් ඇත්තාවූ සාමයයි යම් කුමාරයෙකුට කියන්නහුද, මම ඒ සාමකුමරු මුවෙකුයයි සිතා විද මැරීමි.
|
348
‘‘අහං තං අවධිං සාමං, යො තුය්හං පරිචාරකො;
යං කුමාරං පවෙදෙථ, සාමං කල්යාණදස්සනං.
|
348
“ඔහුගේ කාලවර්ණවූ කෙශයෝ දික්වූහ. ශූන නම් මස් කොටන පෙතැලි දඟ මෙන් වක්වූ අත් ඇත්තාහ. ලේ තැවරුණාවූ ඒ කෙශයන්හි මා විසින් නසන ලද සාමතෙමේ සයනය කෙරේයයි” රජතෙම කීයේය.
|
349
‘‘දීඝස්ස කෙසා අසිතා, අථො සූනග්ගවෙල්ලිතා;
තෙසු ලොහිතලිත්තෙසු, සෙති සාමො මයා හතො’’.
|
349
“එම්බා දුකූල පණ්ඩිතය, සාමතෙම නැසුයේයයි කියන්නාවූ කවරෙකු හා කථාකරන්නෙහිද? සාමතෙමේ නැසූයේයයි අසා මාගේ හෘදය වෙව්ලයි.”
|
350
‘‘කෙන
හතො සාමොති සුත්වාන, හදයං මෙ පවෙධති.
|
350
“ඇසටු ගසක්හුගේ සුලඟින් කම්පාකරණලද බාල පල්ලවයක් මෙන් සාමතෙමේ නසනලදැයි අසා මාගේ හෘදය වෙව්ලායයි” පාරිකා නම්වූ අන්ධ මව කීවාය.
|
351
‘‘අස්සත්ථස්සෙව තරුණං, පවාළං මාලුතෙරිතං;
හතො සාමොති සුත්වාන, හදයං මෙ පවෙධති’’.
|
351
“එම්බා පාරිකාවෙනි, ඒ මේ කශීරජතෙම මිග සම්මත ගං ඉවුරෙහි මුවා මරමි යන ක්රොධසිතින් සාමකුමරුට හීයකින් විද්දේය. ඔහුට අපි පාපයක් නොකැමැතිවෙමුයි” පණ්ඩිතතෙම කීයේය.
|
352
‘‘පාරිකෙ කාසිරාජායං, සො සාමං මිගසම්මතෙ;
කොධසා උසුනා විජ්ඣි, තස්ස මා පාපමිච්ඡිම්හා’’.
|
352
“දුකසේ ලැබුවාවූ යම් ප්‍රිය පුත්‍රයෙක් වනයෙහි අන්ධවූ අප පෝෂණය කෙළේද, ඒ එකම පුතු නසන ලද්දහු කෙරෙහි කෙසේ සිත කෝප නොකෙරෙම්දැයි” මම ඇසීය.
|
353
‘‘කිච්ඡා ලද්ධො පියො පුත්තො, යො අන්ධෙ අභරී වනෙ;
තං
|
353
“දුකසේ ලද්දාවූ ප්‍රිය පුත්‍රවූ යම් සාමකුමාරයෙක් වනයෙහි අන්ධවූ මව්පියන් පොෂණය කෙළේද, ඒ එකම පුත්‍රයා නැසූ කල්හිද ක්‍රොධ නොකිරීම මැනවැයි” පණ්ඩිතයෝ කියත්යයි දුකූල පණ්ඩිතතෙම කීයේය.
|
354
‘‘කිච්ඡා ලද්ධො පියො පුත්තො, යො අන්ධෙ අභරී වනෙ;
තං එකපුත්තං ඝාතිම්හි, අක්කොධං ආහු පණ්ඩිතා’’.
|
354
“පින්වතුනි, සාමකුමාරතෙම නසන ලද්දේයයි කීමෙන් දැඩිකොට නොවැළපෙව්. මම කම්කරුවෙක්ව මේ මහවනයෙහි තොප දෙදෙනා පෝෂණය කරන්නෙමි.
|
355
‘‘මා බාළ්හං පරිදෙවෙථ, හතො සාමොති වාදිනා;
අහං කම්මකරො හුත්වා, භරිස්සාමි බ්රහාවනෙ.
|
355
“මම දුනු ශිල්පයෙහිද දක්ෂවෙමි. දළ්හ ධර්මයයි ප්රසිද්ධවූ මම කම්කරුවෙක්ව මේ මහවනයෙහි තොප දෙදෙනා පෝෂණය කරන්නෙමි.
|
356
‘‘ඉස්සත්ථෙ චස්මි කුසලො, දළ්හධම්මොති විස්සුතො;
අහං කම්මකරො හුත්වා, භරිස්සාමි බ්රහාවනෙ.
|
356
“සිංහාදීන් විසින් කා දමන ලද මසද වනයෙහි අල මුල් පලවැලද සොයමින් මම කම්කරුවෙක්ව මහවනයෙහි තොප දෙදෙනා පොෂ්යකරන්නෙමියි” රජතෙම කීයේය.
|
357
‘‘මිගානං විඝාසමන්වෙසං, වනමූලඵලානි ච;
අහං කම්මකරො හුත්වා, භරිස්සාමි බ්රහාවනෙ’’.
|
357
“මහරජ, මෙතෙම ස්වභාව ධර්මයෙක් නොවේ. මෙය අපට නොහොබියි ඔබතුමා අපගේ රජවෙහිය. අපි ඔබගේ පා වඳිමුයි” ඒ දෙදෙනා කීහ.
|
358
‘‘නෙස ධම්මො මහාරාජ, නෙතං අම්හෙසු කප්පති;
රාජා ත්වමසි අම්හාකං, පාදෙ වන්දාම තෙ මයං’’.
|
358
“පින්වත් වැදි පුත්‍රයෙනි, තෙපි ධර්මය කියව්. තොප විසින් සත්කාරද කරණලද්දී, දුකූල පණ්ඩිතයෙනි. අද පටන් ඔබ මාගේ පියා වෙහිය. එම්බා පාරිකාවෙනි, ඔබද මාගේ මව් වෙහියයි,” රජතෙම කීයේය.
|
359
‘‘ධම්මං නෙසාද භණථ, කතා අපචිතී තයා;
පිතා ත්වමසි
(ත්වමහි (?)) අම්හාකං, මාතා ත්වමසි පාරිකෙ’’.
|
359
“කශී රජතුමනි, ඔබට නමස්කාරවේවා. කශීරට වර්ධනය කරණ තැනැත්ත ඔබට නමස්කාර වේවා. ඔබට ඇඳිළි බඳිමි. සාමකුමරු යම්තැනෙක්හිද එතනට අප පමුණුවව.
|
360
‘‘නමො
අඤ්ජලිං තෙ පග්ගණ්හාම, යාව සාමානුපාපය.
|
360
“ඔහුගේ පාදයන් පිරිමදිමින් යහපත් දර්ශනීයවූ මුහුනද අතගා බලමින් තමන් ඔහු හා වැළඳගනිමින් කාලක්‍රියාවට පැමිණෙන්නෙමුයි” අන්ධවූ ඒ මව්පිය දෙදෙනා කීය.
|
361
‘‘තස්ස පාදෙ සමජ්ජන්තා
(පවට්ටන්තා (පී.)), මුඛඤ්ච භුජදස්සනං;
සංසුම්භමානා අත්තානං, කාලමාගමයාමසෙ’’.
|
361
“යම්තැනෙක්හි නසනලද සාමකුමරතෙම භූමියෙහි පතිතවූ චන්ද්‍රයා මෙන් ශයනය කෙරේද, ඒ පෙදෙස ඉතා උස්වූ චණ්ඩ මෘගයන්ගෙන් ගැවැසී ගත්තේවේ. අහස් කෙළවර මෙන් දක්නා ලැබේ.
|
362
‘‘බ්රහා වාළමිගාකිණ්ණං, ආකාසන්තංව දිස්සති;
යත්ථ සාමො හතො සෙති, චන්දොව පතිතො ඡමා.
|
362
“යම් පෙදෙසෙක්හි නසනලද සාමකුමාරතෙම පොළොවෙහි වැටුනාවූ හිරු දෙව්පුත් මෙන් ශයනය කෙරේද, මහත්වූ චණ්ඩ මෘගයන්ගෙන් ගැවැසීගත්තාවූ ඒ ප්‍රදෙශය අහස් කෙළවර මෙන් දක්නා ලැබේ.
|
363
‘‘බ්රහා
යත්ථ සාමො හතො සෙති, සූරියොව පතිතො ඡමා.
|
363
“යම් ගංඉවුරෙක්හි නසනලද සාමකුමාරතෙම පස්වලින් ගැවසීගත්තේ ශයනය කෙරේද, ඒ පෙදෙස ඉතා උස්වූ වල්මෘගයන්ගෙන් ගැවැසී ගත්තාවූ අහස් කෙළවර මෙන් දක්නා ලැබේ.
|
364
‘‘බ්රහා වාළමිගාකිණ්ණං, ආකාසන්තංව දිස්සති;
යත්ථ සාමො හතො සෙති, පංසුනා පතිකුන්තිතො
(කුණ්ඨිතො (සී. ස්‍යා. පී.) එවමුපරිපි).
|
364
“යම් ගංඉවුරෙක්හි සාමකුමාරතෙම නසන ලද්දේද ඒ ප්‍රදෙශය ඉතා උස්වූ වල්මෘගයන්ගෙන් ගැවසීගත්තාවූ අහස් කෙළවර මෙන් දක්නා ලැබේ. එබැවින් මේ ආශ්රමයෙහිම වාසය කරව්යයි” රජතෙම කීයේය.
|
365
‘‘බ්රහා වාළමිගාකිණ්ණං, ආකාසන්තංව දිස්සති;
යත්ථ සාමො හතො සෙති, ඉධෙව වසථස්සමෙ’’.
|
365
“මහරජ, එහි සියයක්ද දහසක්ද දශදහසක්ද වල්මෘගයෝ වන්නාහු නමුත් මේ වනයෙහි වල්මෘගයන් කෙරෙහි අපට කිසි භයක් නැත්තේයයි” ඒ දෙදෙනා කීහ.
|
366
‘‘යදි තත්ථ සහස්සානි, සතානි නියුතානි
(නහුතානි (සී. ස්‍යා. පී.)) ච;
නෙවම්හාකං භයං කොචි, වනෙ වාළෙසු විජ්ජති’’.
|
366
“එකල්හි කශීරජතෙම මහවනයෙහි අන්ධවූ ඔවුන්ගේ අත් අල්වාගෙණ යම් තැනෙක්හි නසනලද සාම කුමරු වූයේද එතනට ගියේය.
|
367
‘‘තතො අන්ධානමාදාය, කාසිරාජා බ්රහාවනෙ;
හත්ථෙ ගහෙත්වා පක්කාමි, යත්ථ සාමො හතො අහු.
|
367
“මහවනයෙහි හැරදමන ලද පොළොවෙහි වැටුනාවූ චන්ද්‍රයා මෙන් වැටුනාවූ පස් තැවරුනාවූ සාම නම් පුත්‍රයා මේයයි දැන.
|
368
‘‘දිස්වාන පතිතං සාමං, පුත්තකං පංසුකුන්ථිතං;
අපවිද්ධං බ්රහාරඤ්ඤෙ, චන්දංව පතිතං ඡමා.
|
368
“මහවනයෙහි හැරදමනලද බිම වැටුනු හිරු දෙව් පුත් මෙන් ගංඉවුරෙහි වැටී උන් පසින් ගැවසී ගත්තාවූ සාම නම් පුත්‍රයා මේයයි දැන.
|
369
‘‘දිස්වාන පතිතං සාමං, පුත්තකං පංසුකුන්ථිතං;
අපවිද්ධං බ්රහාරඤ්ඤෙ, සූරියංව පතිතං ඡමා.
|
369
“මහවනයෙහි හැරදමනලද, ගංඉවුරෙහි වැටුනාවූ පස්වලින් ගැවැසී ගත්තාවූ සාමනම් පුත්‍රයා මේයයි දැන බැගෑපත්ව හැඬුවාහුය.
|
370
‘‘දිස්වාන පතිතං සාමං, පුත්තකං පංසුකුන්ථිතං;
අපවිද්ධං බ්රහාරඤ්ඤෙ, කලූනං
(කරුණං (සී. පී.)) පරිදෙවයුං.
|
370
“ගංඉවුරෙහි වැටුනාවූ පස්වලින් ගැවසීගත්තාවූ සාමනම් පුත්‍රයා මේයයි දැන පින්වත අධර්මය වනාහි ලෝකයෙහි පවතීයයි හිස අත් බැඳගෙණ මව්පිය දෙදෙනා ඇඬූහ.
|
371
‘‘දිස්වාන පතිතං සාමං, පුත්තකං පංසුකුන්ථිතං;
බාහා පග්ගය්හ පක්කන්දුං, අධම්මො කිර භො ඉති.
|
371
“යහපත් දැකුම් ඇති සාමනම් පුත්‍රය, නුඹ බොහෝකොට නිදනලද්දෙහිය අද මෙබඳු කාල ක්‍රියාවට පැමිණි කල්හි යම් සාම කුමාරයෙක් කිසිවක් කථා නොකරන්නෙහිද එහෙයිනි.
|
372
‘‘බාළ්හං ඛො ත්වං පමත්තොසි, සාම කල්යාණදස්සන;
යො අජ්ජෙවං
(ස්වජ්ජෙවං (ක.) එවමුපරිපි) ගතෙ කාලෙ, න කිඤ්චි මභිභාසසි.
|
372
“යහපත් දැකුම් ඇති සාමනම් පුත්‍රය, නුඹ බොහෝකොට මත්වූයෙහිය අද මෙබඳු කාල ක්‍රියාවට පැමිණි කල්හි යම් සාම කුමාරයෙක් කිසිවක් කථා නොකරන්නෙහිද එහෙයිනි.
|
373
‘‘බාළ්හං
යො අජ්ජෙවං ගතෙ කාලෙ, න කිඤ්චි මභිභාසසි.
|
373
“යහපත් දැකුම් ඇති සාමනම් පුත්‍රය, නුඹ බොහෝකොට ප්රමාදවූයෙහිය අද මෙබඳු කාල ක්‍රියාවට පැමිණි කල්හි යම් සාම කුමාරයෙක් කිසිවක් කථා නොකරන්නෙහිද එහෙයිනි.
|
374
‘‘බාළ්හං ඛො ත්වං පකුද්ධොසි, සාම කල්යාණදස්සන;
යො අජ්ජෙවං ගතෙ කාලෙ, න කිඤ්චි මභිභාසසි.
|
374
“යහපත් දැකුම් ඇති සාමනම් පුත්‍රය, නුඹ බොහෝකොට කිපියේ වෙහිය. අද මෙබඳු කාල ක්‍රියාවට පැමිණි කල්හි යම් සාම කුමාරයෙක් කිසිවක් කථා නොකරන්නෙහිද එහෙයිනි.
|
375
‘‘බාළ්හං
යො අජ්ජෙවං ගතෙ කාලෙ, න කිඤ්චි මභිභාසසි.
|
375
“යහපත් දැකුම් ඇති සාමනම් පුත්‍රය, නුඹ බොහෝකොට දපිතවූයේ වෙහිය. අද මෙබඳු කාල ක්‍රියාවට පැමිණි කල්හි යම් සාම කුමාරයෙක් කිසිවක් කථා නොකරන්නෙහිද එහෙයිනි.
|
376
‘‘බාළ්හං
යො අජ්ජෙවං ගතෙ කාලෙ, න කිඤ්චි මභිභාසසි.
|
376
“යහපත් දැකුම් ඇති සාමනම් පුත්‍රය, නුඹ බොහෝ සෙයින් පහවගියාවූ සිත් ඇත්තේවෙහිය. අද මෙසේ කළුරිය කිරීමට පැමිණිකල්හි යමෙක් කිසිවක් කථා නොකරන්නෙහිද, එහෙයිනි.
|
377
‘‘ජටං වලිනං පංසුගතං
(පඞ්කහතං (සී. පී.)), කො දානි සණ්ඨපෙස්සති
(සණ්ඨපෙස්සති (සී. ස්‍යා. පී.));
සාමො අයං කාලඞ්කතො, අන්ධානං පරිචාරකො.
|
377
“අන්ධවූ මව්පියන්ට අත්පාමෙහෙවර කරන්නාවූ මේ සාමකුමාරතෙම කළුරිය කෙළේවේ. දැන් කවරෙක් අවුල්වූ මඩතැවරුණාවූ දල මඩුල්ල සෝධා පිළියෙල කරන්නේද,
|
378
‘‘කො මෙ සම්මජ්ජමාදාය
(චෙ සම්මජ්ජනාදාය (සී.), නො සම්මජ්ජනාදාය (ස්‍යා.), මෙ සම්මජ්ජනාදාය (පී.)), සම්මජ්ජිස්සති අස්සමං;
සාමො අයං කාලඞ්කතො, අන්ධානං පරිචාරකො.
|
378
“අන්ධවූ මව්පියන්ට අත්පාමෙහෙවර කරන්නාවූ මේ සාමකුමාරතෙම කළුරිය කෙළේවේ. කවරෙක් නම් අද හමඳනා මුස්න හැරගෙණ ආශ්‍රමය හමදින්නේද,
|
379
‘‘කො දානි න්හාපයිස්සති, සීතෙනුණ්හොදකෙන ච;
සාමො අයං කාලඞ්කතො, අන්ධානං පරිචාරකො.
|
379
“අන්ධවූ මව්පියන්ට අත්පාමෙහෙවර කරන්නාවූ මේ සාමකුමාරතෙම කළුරිය කෙළේවේ. දැන් කවරෙක් සිහිල්වූද උණුවූද ජලයෙන් නහවන්නේද,
|
380
‘‘කො දානි භොජයිස්සති, වනමූලඵලානි ච;
සාමො අයං කාලඞ්කතො, අන්ධානං පරිචාරකො’’.
|
380
“අන්ධවූ මව්පියන්ට අත්පාමෙහෙවර කරන්නාවූ මේ සාමකුමාරතෙම කළුරිය කෙළේවේ. කවරෙක් නම් දැන් වනයෙහි අල මුල් හා පලවැල අනුභව කරවන්නේදැයි” මව්පිය දෙදෙනා වැළපුනාහුය.
|
381
‘‘දිස්වාන පතිතං සාමං, පුත්තකං පංසුකුන්ථිතං;
අට්ටිතා පුත්තසොකෙන, මාතා සච්චං අභාසථ.
|
381
“මිගසම්මත නම් ගංඉවුරෙහි වැටුනාවූ පස් තැවරුනාවූ සාම නම් පුත්‍රයා දැක පුත්‍ර ශෝකයෙන් පෙළුනාවූ මව්තොමෝ මෙසේ සත්‍ය ක්‍රියාකළහ.
|
382
‘‘යෙන සච්චෙනයං සාමො, ධම්මචාරී පුරෙ අහු;
එතෙන සච්චවජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු.
|
382
“යම් සත්‍යයකින් මේ සාම කුමාරතෙම පෙර ධර්මයෙහි හැසිරෙන්නෙක්වූයේද මේ සත්‍ය වචනය කරණකොටගෙණ සාමකුමරුගේ විෂ නැසේවා.
|
383
‘‘යෙන
එතෙන සච්චවජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු.
|
383
“යම් සත්‍යයකින් මේ සාමකුමාරතෙම පෙර බ්රහ්මචාරීවූයේද මේ සත්‍ය වචනය කරණකොටගෙණ සාමකුමරුගේ විෂ නැසේවා.
|
384
‘‘යෙන සච්චෙනයං සාමො, සච්චවාදී පුරෙ අහු;
එතෙන සච්චවජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු.
|
384
“යම් සත්‍යයකින් මේ සාමකුමාරතෙම පෙර සත්‍ය වචන ඇත්තේවේද මේ සත්‍ය වචනය කරණකොටගෙණ සාමකුමරුගේ විෂ නැසේවා.
|
385
‘‘යෙන සච්චෙනයං සාමො, මාතාපෙත්තිභරො
(මාතාපෙතිභරො (ස්‍යා.), මාතාපිත්තිභරො (ක.)) අහු;
එතෙන සච්චවජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු.
|
385
“යම් සත්‍යයකින් මේ සාමකුමාරතෙම පෙර මව් පියන් පෝෂණය කරන්නෙක්වීද මේ සත්‍ය වචනය කරණකොටගෙණ සාමකුමරුගේ විෂ නැසේවා.
|
386
‘‘යෙන සච්චෙනයං සාමො, කුලෙ ජෙට්ඨාපචායිකො;
එතෙන සච්චවජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු.
|
386
“යම් සත්‍යයකින් මේ සාමකුමාරතෙම කුලදෙටුවන් පුදන්නෙක්වීද මේ සත්‍ය වචනය කරණකොටගෙණ සාමකුමරුගේ විෂ නැසේවා.
|
387
‘‘යෙන සච්චෙනයං සාමො, පාණා පියතරො මම;
එතෙන සච්චවජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු.
|
387
“යම් සත්‍යයකින් මේ සාමකුමාරතෙම මාගේ ප්‍රාණයටත් වඩා ඉතා ප්රියවීද මේ සත්‍ය වචනය කරණකොටගෙණ සාමකුමරුගේ විෂ නැසේවා.
|
388
‘‘යං
සබ්බෙන තෙන කුසලෙන, විසං සාමස්ස හඤ්ඤතු’’.
|
388
“ඔබගේ පියා විසින්ද මා විසින්ද කරණලද්දාවූ යම්කිසි පිනක් ඇද්ද ඒ කුශලවූ සත්‍යය කරණකොටගෙණ සාමකුමරුගේ විෂ නැසේවායි” මව සත්‍යක්‍රියා කළාය.
|
389
‘‘දිස්වාන පතිතං සාමං, පුත්තකං පංසුකුන්ථිතං;
අට්ටිතො පුත්තසොකෙන, පිතා සච්චං අභාසථ.
|
389
“මිගසම්මත ගංඉවුරෙහි වැටුනාවූ පස් තැවරුණාවූ සාම නම් පුත්‍රයා මේයයි දැන පුත්‍ර ශෝකයෙන් පෙළුනාවූ පිය තෙමේද මෙසේ සත්‍ය ක්‍රියා කෙළේය.
|
390
‘‘යෙන
එතෙන සච්චවජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු.
|
390
“යම් සත්‍යයකින් මේ සාම කුමාරතෙම පෙර ධර්මයෙහි හැසිරෙන්නෙක්වූයේද මේ සත්‍ය වචනය කරණකොටගෙණ සාමකුමරුගේ විෂ නැසේවා.
|
391
‘‘යෙන සච්චෙනයං සාමො, බ්‍රහ්මචාරී පුරෙ අහු;
එතෙන සච්චවජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු.
|
391
“යම් සත්‍යයකින් මේ සාමකුමාරතෙම පෙර බ්රහ්මචාරීවූයේද මේ සත්‍ය වචනය කරණකොටගෙණ සාමකුමරුගේ විෂ නැසේවා.
|
392
‘‘යෙන සච්චෙනයං සාමො, සච්චවාදී පුරෙ අහු;
එතෙන සච්චවජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු.
|
392
“යම් සත්‍යයකින් මේ සාමකුමාරතෙම පෙර සත්‍ය වචන ඇත්තේවේද මේ සත්‍ය වචනය කරණකොටගෙණ සාමකුමරුගේ විෂ නැසේවා.
|
393
‘‘යෙන
එතෙන සච්චවජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු.
|
393
“යම් සත්‍යයකින් මේ සාමකුමාරතෙම පෙර මව් පියන් පෝෂණය කරන්නෙක්වීද මේ සත්‍ය වචනය කරණකොටගෙණ සාමකුමරුගේ විෂ නැසේවා.
|
394
‘‘යෙන සච්චෙනයං සාමො, කුලෙ ජෙට්ඨාපචායිකො;
එතෙන සච්චවජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු.
|
394
“යම් සත්‍යයකින් මේ සාමකුමාරතෙම කුලදෙටුවන් පුදන්නෙක්වීද මේ සත්‍ය වචනය කරණකොටගෙණ සාමකුමරුගේ විෂ නැසේවා.
|
395
‘‘යෙන සච්චෙනයං සාමො, පාණා පියතරො මම;
එතෙන සච්චවජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු.
|
395
“යම් සත්‍යයකින් මේ සාමකුමාරතෙම මාගේ ප්‍රාණයටත් වඩා ඉතා ප්රියවීද මේ සත්‍ය වචනය කරණකොටගෙණ සාමකුමරුගේ විෂ නැසේවා.
|
396
‘‘යං කිඤ්චිත්ථි
(කිඤ්චත්ථි (සී. පී.)) කතං පුඤ්ඤං, මය්හඤ්චෙව මාතුච්ච තෙ;
සබ්බෙන තෙන කුසලෙන, විසං සාමස්ස හඤ්ඤතු.
|
396
“ඔබගේ මව විසින්ද මා විසින්ද කරණ ලද යම් පිනක් ඇද්ද, ඒ කුශලවූ සත්‍යය කරණකොට ගෙණ සාම කුමරුගේ විෂ නැසේවායි” යි පියා සත්‍ය ක්‍රියා කෙළේය.
|
397
‘‘සා දෙවතා අන්තරහිතා, පබ්බතෙ ගන්ධමාදනෙ;
සාමස්ස අනුකම්පාය, ඉමං සච්චං අභාසථ.
|
397
“ඒ දෙවතා තොමෝ ගන්ධමාදන නම් පර්වතයෙහි අතුරුදහන්වූවා සාම කුමරුට අනුකම්පාවෙන් මේ සත්‍ය ක්‍රියාව කළාය.
|
398
‘‘පබ්බත්යාහං ගන්ධමාදනෙ, චිරරත්තනිවාසිනී
(චිරං රත්තං නිවාසිනී (ස්‍යා.));
න මෙ පියතරො කොචි, අඤ්ඤො සාමෙන
(සාමා න (සී. පී.)) විජ්ජති;
එතෙන සච්චවජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු.
|
398
“ගන්ධ මාදන නම් පර්වතයෙහි මම බොහෝ කල් වාසය කරන්නියක් වෙමි. සාම කුමරුට වඩා මට ඉතා ප්‍රියවූ අන්කිසිවෙක් විද්‍යමාන නොවේ. මේ සත්‍ය වචනය කරණකොටගෙණ සාම කුමරුගේ විෂ නැසේවා.
|
399
‘‘සබ්බෙ වනා ගන්ධමයා, පබ්බතෙ ගන්ධමාදනෙ;
එතෙන සච්චවජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු’’.
|
399
“ගන්ධ මාදන නම් පර්වතයෙහි සියලු වනවෘක්ෂයෝ ගන්ධයෙන් යුක්තවූවාහුවෙත්. මේ සත්‍ය වචනය කරණකොටගෙණ සාම කුමරුගේ විෂ නැසේවා.
|
400
තෙසං
ඛිප්පං සාමො සමුට්ඨාසි, යුවා කල්යාණදස්සනො.
|
400
ඔවුන් කරුණා සහගතව බොහෝකොට කථා කරමින් සිටියදීම යහපත් දැකුම් ඇති තරුණවූ සාම කුමාරතෙම වහානැගී සිටියේය.
|
401
‘‘සාමොහමස්මි භද්දං වො
(භද්දන්තෙ (ක.)), සොත්ථිනාම්හි සමුට්ඨිතො;
මා බාළ්හං පරිදෙවෙථ, මඤ්ජුනාභිවදෙථ මං’’.
|
401
“මම සාම නම් වෙමි. නුඹලාට යහපතක් වේවා. මම සුවසේ නැගී සිටියේ වෙමි. දැඩිකොට නොවැළපෙව්. මිහිරි කොට මට කථාකරව්යයි” සාමකුමරු කීයේය.
|
402
‘‘ස්වාගතං තෙ මහාරාජ, අථො තෙ අදුරාගතං;
ඉස්සරොසි
|
402
“මහරජ, ඔබට යහපත් ඊමක් වේවා. තවද ඔබට අයහපත් ඊමක් නොවේවා. මෙහි පැමිණි ඔබ අධිපතිවෙහිය. මෙහි යමක් ඇත්නම් අනුභව කරව.
|
403
‘‘තින්දුකානි පියාලානි, මධුකෙ කාසුමාරියො;
ඵලානි ඛුද්දකප්පානි, භුඤ්ජ රාජ වරං වරං.
|
403
“විලිකුන් මිහිරි තිඹිරි ඵලද මොරද කටුඑරමිණියද යන කුඩා පල වර්ග බොහෝ වෙත්. මහරජ, හොඳ හොඳ පල අනුභව කරව.
|
404
‘‘අත්ථි
තතො පිව මහාරාජ, සචෙ ත්වං අභිකඞ්ඛසි’’.
|
404
“මා විසින් කඳු රැළියෙන් ගෙණන ලද සිහිල්වූ පියයුතු පැන් ඇත. මහරජ ඉදින් ඔබ කැමැත්තෙහි නම් එයින් පාණය කරවයි” මහසත්තෙම රජුට පිළිසඳර වශයෙන් කීයේය.
|
405
‘‘සම්මුය්හාමි පමුය්හාමි, සබ්බා මුය්හන්ති මෙ දිසා;
පෙතං තං සාමමද්දක්ඛිං, කො නු ත්වං සාම ජීවසි’’.
|
405
“එම්බා සාම කුමරුනි, මම මුළාවට පැමිණියෙමි. අතිශයින් මුළාවෙමි. මට සියලු දිසාවෝ මුළාවෙත්. පරලොව ගියාවූ ඔබ දිටිමි. සාමය, ඔබ කෙසේ නම් ජීවිතය ලැබුයෙහි දැයි” රජතෙම ඇසීය.
|
406
‘‘අපි ජීවං මහාරාජ, පුරිසං ගාළ්හවෙදනං;
උපනීතමනසඞ්කප්පං, ජීවන්තං මඤ්ඤතෙ මතං.
|
406
“මහරජ, ජීවත්වන්නාවූද දැඩිවේදනා ඇත්තාවූ භවාංගයට බැසගත් චිත්ත සංකල්පනා ඇති පුරුෂයා ජීවත්වන්නාහුම මළාහුයයි හඟියි.
|
407
‘‘අපි ජීවං මහාරාජ, පුරිසං ගාළ්හවෙදනං;
තං නිරොධගතං සන්තං, ජීවන්තං මඤ්ඤතෙ මතං.
|
407
“මහරජ, දැඩි වේදනා ඇත්තාවූ ආශ්වාස ප්රශ්වසයන්ගේ වැළැක්මට පැමිණියාවූ ජීවත්වන්නාවූ ඒ පුරුෂයා ජීවත්වන්නහු මළාහුයයි හඟීයයි” සාම කුමරු කීයේය.
|
408
‘‘යො මාතරං පිතරං වා, මච්චො ධම්මෙන පොසති;
දෙවාපි නං තිකිච්ඡන්ති, මාතාපෙත්තිභරං නරං.
|
408
“යම් මිනිසෙක් මව හෝ පියා හෝ දැහැමින් පෝෂණය කෙරේද, මව්පියන් පෝෂණය කරන්නාවූ ඒ ජනයාට දෙවියෝද පිළියම් කරත්.
|
409
‘‘යො මාතරං පිතරං වා, මච්චො ධම්මෙන පොසති;
ඉධෙව නං පසංසන්ති, පෙච්ච සග්ගෙ පමොදති’’.
|
409
“යම් මිනිසෙක් මව හෝ පියා හෝ දැහැමින් පෝෂණය කෙරේද මෙලොවද, ඔහුට ප්‍රශංසා කෙරෙත්, පරලොවද හෙතෙම ස්වර්ගයෙහි සතුටුවේයයි” සාම කුමරු කීයේය.
|
410
‘‘එස භිය්යො පමුය්හාමි, සබ්බා මුය්හන්ති මෙ දිසා;
සරණං තං සාම ගච්ඡාමි
(සරණං සාම ගච්ඡාමි (ස්‍යා. ක.)), ත්වඤ්ච මෙ සරණං භව’’.
|
410
“එම්බා සාම කුමාරය, මේ මම වැඩියක් මුළාවෙමි. මට සියලු දිශාවෝ මුළාවෙත්. මම ඔබ සරණකොට යෙමි. ඔබද මට පිහිට වෙවයි” රජතෙම කීයේය.
|
411
‘‘ධම්මං චර මහාරාජ, මාතාපිතූසු ඛත්තිය;
ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
|
411
“ක්ෂත්රියවූ මහරජ, මව්පියන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව ධර්මයෙන් හැසිර පරලොව ස්වර්ගයට යන්නෙහිය.
|
412
‘‘ධම්මං චර මහාරාජ, පුත්තදාරෙසු ඛත්තිය;
ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
|
412
“ක්ෂත්රියවූ මහරජ, අඹුදරුවන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව ධර්මයෙන් හැසිර පරලොව ස්වර්ගයට යන්නෙහිය.
|
413
‘‘ධම්මං
ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
|
413
“ක්ෂත්රියවූ මහරජ, මිත්‍රා මාත්‍යයන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව ධර්මයෙන් හැසිර පරලොව ස්වර්ගයට යන්නෙහිය.
|
414
‘‘ධම්මං චර මහාරාජ, වාහනෙසු බලෙසු ච;
ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
|
414
“මහරජ, වාහණයන්හිද, බලයන්හිද දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව ධර්මයෙන් හැසිර පරලොව ස්වර්ගයට යන්නෙහිය.
|
415
‘‘ධම්මං චර මහාරාජ, ගාමෙසු නිගමෙසු ච;
ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
|
415
“මහරජ, ගම් වැස්සන් කෙරෙහිද නියම්ගම් වැස්සන් කෙරෙහිද දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව ධර්මයෙන් හැසිර පරලොව ස්වර්ගයට යන්නෙහිය.
|
416
‘‘ධම්මං චර මහාරාජ, රට්ඨෙසු ජනපදෙසු ච;
ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
|
416
“මහරජ, රටවැස්සන් කෙරෙහිද දනව් වැස්සන් කෙරෙහිද දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව ධර්මයෙන් හැසිර පරලොව ස්වර්ගයට යන්නෙහිය.
|
417
‘‘ධම්මං චර මහාරාජ, සමණබ්රාහ්මණෙසු ච;
ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
|
417
“මහරජ මහණ බමුණන් කෙරෙහිද දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව ධර්මයෙන් හැසිර පරලොව ස්වර්ගයට යන්නෙහිය.
|
418
‘‘ධම්මං චර මහාරාජ, මිගපක්ඛීසු ඛත්තිය;
ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
|
418
“ක්ෂත්රියවූ මහරජ මෘගපක්ෂීන් කෙරෙහි දැහැමින් හැසිරෙව, මහරජ, මෙලොව ධර්මයෙන් හැසිර පරලොව ස්වර්ගයට යන්නෙහිය.
|
419
‘‘ධම්මං
ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
|
419
“මහරජ, ධර්මයෙහි හැසිරෙව, හැසිරෙන ලද ධර්මයතෙම සැප ගෙණ දෙන්නේවේ. මහරජ, මෙලොව ධර්මයෙන් හැසිර පරලොව ස්වර්ගයට යන්නෙහිය.
|
420
‘‘ධම්මං චර මහාරාජ, සඉන්දා දෙවා සබ්රහ්මකා;
සුචිණ්ණෙන දිවං පත්තා, මා ධම්මං රාජ පාමදො’’ති.
|
420
“මහරජ, ධර්මයෙහි හැසිරෙව, හැසිරෙන ලද ධර්මය තෙම සැප ගෙණදෙන්නේවේ. මෙලොව ධර්මයෙහි හැසිර ශක්‍රයා සහිතවූ බ්‍රහ්මයා සහිතවූ දෙවියෝ මනාව හැසිරෙන ලද ධර්මයෙන් දෙව්ලොවට පැමිණියාහුය. එබැවින් මහරජ කුශල ධර්මයෙහි ප්‍රමාද නොවෙවයි” (මහසත් තෙම පිළියක් රජුට දශරාජ ධර්මයන් දේශනා කෙළේය”
|
541. නිමිජාතකං (4) | 541. නිමි ජාතකය |
421
‘‘අච්ඡෙරං
යදා අහු නිමිරාජා, පණ්ඩිතො කුසලත්ථිකො.
|
421
“මාගේ මේ කෙශයෝ වයස් පැහැරගන්නෝ වූහ. දෙවදූතයෝ පහළවූහ. එබැවින් දැන් මට පැවිදිවීමට සුදුසු කාලය වේයයි” නිමි රජතෙම කීයේය.
|
422
‘‘රාජා සබ්බවිදෙහානං, අදා දානං අරින්දමො;
තස්ස තං දදතො දානං, සඞ්කප්පො උදපජ්ජථ;
දානං වා බ්රහ්මචරියං වා, කතමං සු මහප්ඵලං.
|
422
යම් කලෙක්හි පණ්ඩිතවූ කුසල් කැමතිවූ නිමි රජ තෙම වීද, එකල්හි මෙබඳු දක්ෂවූ පණ්ඩිතයෝ ලොව පහළ වෙත්යයි දෙවි මිනිසුන්ට ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයක් විය.
|
423
තස්ස සඞ්කප්පමඤ්ඤාය, මඝවා දෙවකුඤ්ජරො;
සහස්සනෙත්තො පාතුරහු, වණ්ණෙන විහනං
(නිහනං (සී. පී.), විහතං (ස්‍යා. ක.)) තමං.
|
423
සතුරන් දමනය කරන්නාවූ සියලු විදෙශවාසීන්ගේ රජවූ හෙතෙම දානය දුන්නේය. ඒ දානය දෙන්නාවූ ඒ රජහට මෙබඳු කල්පනාවක් පහළවිය. ‘දන්දීම හෝ සිල් රැකීම හෝ යන මොවුන්ගෙන් කවරක් නම් මහත්ඵල වේද?’ කියායි.
|
424
සලොමහට්ඨො
‘‘දෙවතා නුසි ගන්ධබ්බො, අදු සක්කො පුරින්දදො.
|
424
දෙවියන්ට නායකවූ දහසක් නුවණැස් ඇත්තාවූ ශක්‍රතෙම ඒ රජුගේ කල්පනාව දැන ශරීරාලෝකයෙන් අඳුරු දුරුකෙරෙමින් පහළවිය.
|
425
‘‘න ච මෙ තාදිසො වණ්ණො, දිට්ඨො වා යදි වා සුතො;
(නත්ථි සී. පී. පොත්ථකෙසු) ආචික්ඛ මෙ ත්වං භද්දන්තෙ, කථං ජානෙමු තං මයං’’
(නත්ථි සී. පී. පොත්ථකෙසු).
|
425
ලොමු ඩැහැගත්තාවූ ඒ නිමි රජතෙම ශක්‍රයාට මෙසේ කීයේය. “ඔබ දෙවතාවෙක් වෙහිද, ගන්ධර්වයෙක් වෙහිද, නොහොත් පූරින්දද නම් ශක්‍රයා වෙහිද, ඔබඳුවූ වර්ණයක් මා විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ නොමවේයයි” කීයේය.
|
426
සලොමහට්ඨං ඤත්වාන, වාසවො අවචා නිමිං;
‘‘සක්කොහමස්මි දෙවින්දො, ආගතොස්මි තවන්තිකෙ;
අලොමහට්ඨො මනුජින්ද, පුච්ඡ පඤ්හං යමිච්ඡසි’’.
|
426
ඒ සක්දෙව් රජතෙම ආලෝකය දැක භයින් ලොමු ඩැහැගත්තාවූ නිමි රජහු දැන මෙසේ කීයේය. “මම ශක්‍ර දෙවෙන්ද්‍ර වෙමි. ඔබගේ සමීපයට ආයෙමි. මහරජ, යම් ප්‍රශ්නයක් අසනු කැමැත්තෙහි නම් නිර්භයව අසව.”
|
427
සො ච තෙන කතොකාසො, වාසවං අවචා නිමි;
‘‘පුච්ඡාමි තං මහාරාජ
(මහාබාහු (සී. පී.), දෙවරාජ (ක.)), සබ්බභූතානමිස්සර;
දානං වා බ්රහ්මචරියං වා, කතමං සු මහප්ඵලං’’.
|
427
ඒ නිමි රජතෙමේද ඒ සක්දෙව් රජු විසින් කරණලද අවකාශ ඇත්තේ සක්දෙව් රජුට මෙසේ කීය. “මහත් බාහු ඇත්තාවූ සියලු භූතයන්ට අධිපතිවූ ශක්රදෙවේන්ද්රය, ඔබ විචාරමි. දන්දීම හෝ සිල් රැකීම හෝ යන මෙයින් කවරක් නම් මහත්ඵල වේද?”
|
428
සො පුට්ඨො නරදෙවෙන, වාසවො අවචා නිමිං;
‘‘විපාකං බ්රහ්මචරියස්ස, ජානං අක්ඛාසිජානතො.
|
428
නර ශ්‍රේෂ්ඨයා විසින් අසන ලද ඒ සක්දෙව් රජ තෙම නිමිරජුට මෙසේ කීය. බ්‍රහ්මචර්‍ය්‍යාවගේ හෙවත් ශීලයාගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට කීයේය.
|
429
‘‘හීනෙන
මජ්ඣිමෙන ච දෙවත්තං, උත්තමෙන විසුජ්ඣති.
|
429
ලාමකවූ බ්‍රහ්මචරිය ශීලයෙන් රජ කුලයෙහි උපදී. මධ්‍යමවූ බ්‍රහ්මචරිය ශීලයෙන්ද දෙව් බවට පැමිණේ. උතුම්වූ බ්‍රහ්මචරිය ශීලයෙන් පිරිසිදුවේ.
|
430
‘‘න
යෙ කායෙ උපපජ්ජන්ති, අනාගාරා තපස්සිනො.
|
430
“ගිහිගෙයින් නික්මුනාවූ තපස් රකින්නාවූ යම් කෙනෙක් බ්‍රහ්ම කයෙහි උපදිද්ද, යාචකයන්ට සුදුසුවූ හෙවත් දන් දෙන්නාවූ කිසිවෙකු විසිනුත් මේ බ්‍රහ්ම කායයෝ නොලැබ හැක්කාහු වෙත්යයි” කීයේය.
|
431
‘‘දුදීපො
(දුතිපො (ක.)) සාගරො සෙලො, මුජකින්දො
(මුචලින්දො (සී. ස්‍යා. පී.), මුජකින්තො (ක.)) භගීරසො;
උසින්දරො
(උසීනරො (සී. පී.)) කස්සපො ච
(අට්ඨකො ච (සී. පී.), අත්ථකො ච (ස්‍යා.)), අසකො ච පුථුජ්ජනො.
|
431
“මහරජ, පෙර බරණැස් නුවර දුදීප නම් රජය. සාගර නම් රජය, සේලය මුචලින්දය, භගීරශය, උසීනරය, අට්ඨකය, අස්සකය, පෘථජ්ජනය, යන,
|
432
‘‘එතෙ චඤ්ඤෙ ච රාජානො, ඛත්තියා බ්රාහ්මණා බහූ;
පුථුයඤ්ඤං යජිත්වාන, පෙතත්තං
(පෙතං තෙ (සී. පී.)) නාතිවත්තිසුං.
|
432
මේ රජවරුද අන්‍යවූ ක්ෂත්රිය රජවරුද බොහෝවූ බ්‍රාහ්මණයෝද නොයෙක් ආකාරයෙන් දන්දීම කොට ඔව්හු කාමාවචර භූමියයි කියන ලද මේ ප්‍රේත ලෝකය නොයික්මවූවාහුයයි” කීයේය.
|
433
‘‘අථ යීමෙ
(අද්ධා ඉමෙ (සී. පී.), අද්ධායිමෙ (ස්‍යා.)) අවත්තිංසු, අනාගාරා තපස්සිනො;
සත්තිසයො යාමහනු, සොමයාමො
(සොමයාගො (සී. ස්‍යා. පී.)) මනොජවො.
|
433
“යම් කෙනෙක් ඒකාන්තයෙන් දෙවැන්නක් නැත්තාහු එකලාවූවාහු සිත් නොඅලවත්ද, යම්කෙනෙක් විවේකයෙන් හටගත්තාවූ ප්‍රීතිය නොලබද්ද, කිසිසේත් ඔව්හු ඉන්ද්රයාට හා සමාන සම්පත් ඇත්තාහු වෙද්ද, අනුන් අයත් සැප ඇත්තාවූ ඔව්හු ඒකාන්තයෙන් බැගෑපත්වූවාහු යයි” කියනු ලැබෙත්.
|
434
‘‘සමුද්දො මාඝො භරතො ච, ඉසි කාලපුරක්ඛතො
(කාලිකරික්ඛියො (සී. පී.));
අඞ්ගීරසො කස්සපො ච, කිසවච්ඡො අකත්ති
(අකිත්ති (සී. පී.), අකන්ති (ස්‍යා.)) ච.
|
434
“යාමහනුය, සෝම යාගය, මනොජවය, සමුද්දය මාඝය, භරතය, ඉසිකාලිකරක්ඛිය යන මේ ඍෂීහු සත්දෙනද අංගීරශය, කාශ්‍යපය කිසවච්ඡය අකිත්තිය යන ගිහිගෙන් නික්මුනාවූ තපස් ඇත්තාවූ මේ ඍෂීහු ඒකාන්තයෙන් කාම ලෝකය ඉක්මවූවායයි” කීයේය.
|
435
‘‘උත්තරෙන
නළග්ගිවණ්ණා ජොතන්ති, සදා කඤ්චනපබ්බතා.
|
435
“හිමවත් උතුරු දිශාවෙහි ගැඹුරුවූ ඉක්මවිය නොහැක්කාවූ සීදා නම් ගංගාවක් විය. එහි උභය පාර්ශවයෙහි රුවන් පර්වතයෝ හැමකල්හි ඇවිලෙන ගිනිමෙන් බබළත්
|
436
‘‘පරූළ්හකච්ඡා තගරා, රූළ්හකච්ඡා වනා නගා;
තත්රාසුං දසසහස්සා, පොරාණා ඉසයො පුරෙ.
|
436
“ඒ ගංගාකච්ඡයෝ අතිශයින් වැඩුනාවූ තුවරලාවලින් යුක්තවූහ. පර්වතයෝ වැඩුනාවූ මල් පල දරන්නාවූ ගස් වලින් යුක්තවූහ. ඒ සිත්කළු ප්‍රදෙශයෙහි පෙර එක් කලෙක දශ දහසක් පමණ පුරාණ ඍෂීහු වාසය කළහ.
|
437
‘‘අහං
අනුත්තරං වතං කත්වා, පකිරචාරී සමාහිතෙ.
|
437
“එකල්හි මම දානයෙන් ශ්රේෂ්ඨවූයෙමි. ශීලයෙන්ද ඉන්ද්රිය දමනයෙන්ද නිරුත්තරවූ ව්‍රත සමාදානයෙහි හැසිර එකීභාවයට ගියාවූ එකඟවූ සිත් ඇති ඍෂීන්ට උපස්ථාන කෙළෙමි.
|
438
‘‘ජාතිමන්තං අජච්චඤ්ච, අහං උජුගතං නරං;
අතිවෙලං නමස්සිස්සං, කම්මබන්ධූ හි මාණවා
(මාතියා (සී. පී.)).
|
438
“ජාති සම්පන්නවූද ජාතිසම්පන්න නොවූද එක මිනිසෙකුදු නොසලකා මම ඍජුභාවයට ගියාවූ ඒ තපස්වී සමූහයා නිරන්තරයෙන්ම නමස්කාර කරන්නෙමි. කුමක් හෙයින්ද? මනුෂ්‍යයෝ වනාහි කර්මය නෑයන්කොට ඇත්තාහ.
|
439
‘‘සබ්බෙ වණ්ණා අධම්මට්ඨා, පතන්ති නිරයං අධො;
සබ්බෙ වණ්ණා විසුජ්ඣන්ති, චරිත්වා ධම්මමුත්තමං’’.
|
439
“සියලු වර්ණයෝ අධර්මයෙහි සිටියාහු යටදිසාවෙහිවූ නරකයෙහි වැටෙත්. සියලු වර්ණයෝ උතුම්වූ ධර්මයෙහි හැසිර නිරුද්ධ වෙත්යයි” කීයේය.
|
440
ඉදං වත්වාන මඝවා, දෙවරාජා සුජම්පති;
වෙදෙහමනුසාසිත්වා, සග්ගකායං අපක්කමි.
|
440
සුජම්පති නම් ශක්‍රදෙවෙන්ද්‍රතෙම මෙය කියා වෙදෙහ රජුට අනුශාසනා කොට දෙව්ලොවට ගියේය.
|
441
‘‘ඉමං භොන්තො නිසාමෙථ, යාවන්තෙත්ථ සමාගතා;
ධම්මිකානං මනුස්සානං, වණ්ණං උච්චාවචං බහුං.
|
441
“පින්වත්නි, මෙහි රැස්වූ සියල්ලෝම මේ මා කියන්නාවූ යහපත් ස්වභාව ඇති මිනිසුන්ගේ උස්පහත්වූ බොහෝවූ ගුණ වර්ණනාව අසව්.
|
442
‘‘යථා අයං නිමිරාජා, පණ්ඩිතො කුසලත්ථිකො;
රාජා සබ්බවිදෙහානං, අදා දානං අරින්දමො.
|
442
“කුසල් කැමැත්තාවූ මේ නිමි රජතෙම ඉතාම පණ්ඩිතවේ. සතුරන් දමනය කරන්නාවූ සියලු විදෙහ වාසීන්ගේ රජවූ හෙතෙම දානය දුන්නේය.
|
443
‘‘තස්ස තං දදතො දානං, සඞ්කප්පො උදපජ්ජථ;
දානං වා බ්රහ්මචරියං වා, කතමං සු මහප්ඵලං’’.
|
443
“ඒ දානය දෙන්නාවූ ඒ නිමි රජහට මෙබඳු කල්පනාවක් පහළවිය. දන්දීමද බ්‍රහ්මචර්‍ය්‍යාව හෙවත් සිල් රැකීමද යන මෙයින් කවරක් නම් මහත්ඵල වේද යනුයි ශක්‍රතෙම කීයේය.”
|
444
අබ්භුතො වත ලොකස්මිං, උප්පජ්ජි ලොමහංසනො;
දිබ්බො රථො පාතුරහු, වෙදෙහස්ස යසස්සිනො.
|
444
“ලෝකයෙහි ඒකාන්තයෙන් ලොමුඩැහැගන්නාවූ පෙරනුවූවක් පහළවිය. එනම් යශපරිවාර ඇත්තාවූ අපගේ වේදේහ රජහට දිව්‍යරථයක් පහළවූයේයයි” මහජන තෙමේ කීයේය.
|
445
දෙවපුත්තො
නිමන්තයිත්ථ රාජානං, වෙදෙහං මිථිලග්ගහං.
|
445
“දිව්‍ය රථාචාර්ය්යවූ මහත් ඍද්ධි ඇත්තාවූ මාතලී නම් දිව්‍යපුත්‍රතෙම මියුළු නුවර වාස භවන කොට ඇති වෙදෙහ රජුට මෙසේ පැවරීය.
|
446
‘‘එහිමං රථමාරුය්හ, රාජසෙට්ඨ දිසම්පති;
දෙවා දස්සනකාමා තෙ, තාවතිංසා සඉන්දකා;
සරමානා
|
446
“දිශාවන්ට අධිපතිවූ රාජොත්තමය, මේ රථයට නැග එනු මැනව. ශක්‍රයා සහිතවූ ඒ තව්තිසා වැසි දෙවියෝ ඔබ දකිනු කැමැත්තාහු වෙත්. ඔබ සිහිකරන්නාහුම ඒ දෙවියෝ සුධර්මා නම් සභාවෙහි රැස්ව හිඳිත්යයි” මාතලී දිව්‍යපුත්‍ර තෙම කීයේය.
|
447
තතො
ආසනා වුට්ඨහිත්වාන, පමුඛො රථමාරුහි.
|
447
ඉක්බිති මියුළු නුවර වාසභවනකොට ඇති වේදේහ රජ තෙමේද ඉක්මන්ව හුනස්නෙන් නැගිට අභිමුඛව දිව්‍ය රථයට නැංගේය.
|
448
අභිරූළ්හං රථං දිබ්බං, මාතලි එතදබ්රවි;
‘‘කෙන තං නෙමි මග්ගෙන, රාජසෙට්ඨ දිසම්පති;
යෙන වා පාපකම්මන්තා, පුඤ්ඤකම්මා ච යෙ නරා’’.
|
448
දිව්යරථයට නැංගාවූ නිමි රජුට මාතලී දිව්‍යපුත්‍ර තෙම මේ කීයේය ‘දිශාවන්ට අධිපතිවූ මහරජ යම් මගකින් හෝ ගොස් පාපකර්ම කළවුන් දැක්කහැකිවෙද්ද, යම් මගකින් හෝ පිංකම් කළාවූ යම් මනුෂ්‍ය කෙනෙක් වෙත්නම් ඔවුන් දැක්කහැකිවෙද්ද, මෙයින් කවර මගකින් ඔබ ගෙණයම්දැයි” මාතලී දිව්‍යපුත්‍ර තෙම ඇසීය.
|
449
‘‘උභයෙනෙව මං නෙහි, මාතලි දෙවසාරථි;
යෙන වා පාපකම්මන්තා, පුඤ්ඤකම්මා ච යෙ නරා’’.
|
449
“එම්බා මාතලී නම් දිව්‍ය රථාචාර්‍ය්‍යය, යම් මගකින් හෝ ගොස් පාපකර්ම කළවුන් දැක්කහැකිවෙද්ද, යම් මගකින් හෝ ගොස් පිංකම් කළාවූ යම් මනුෂ්‍ය කෙනෙක් වෙත් නම් ඔවුන් දැක්කහැකිවෙද්ද, ඒ මාර්ග දෙකින්ම මා ගෙණයවයි” නිමි රජතෙම කීයේය.
|
450
‘‘කෙන තං පඨමං නෙමි, රාජසෙට්ඨ දිසම්පති;
යෙන වා පාපකම්මන්තා, පුඤ්ඤකම්මා ච යෙ නරා’’.
|
450
“දිශාවන්ට අධිපතිවූ මහරජ, යම් මගකින් හෝ ගොස් පාපකර්ම කළවුන් දැක්කහැකිවෙද්ද, යම් මගකින් හෝ පිංකම් කළාවූ යම් මනුෂ්‍ය කෙනෙක් වෙත්නම් ඔවුන් දැක්ක හැකිවෙද්ද, මෙයින් කවර මගකින් ඔබ පළමුකොට ගෙණ යම්දැයි” මාතලීතෙම ඇසීය.
|
451
‘‘නිරයෙ
(නිරියං (ස්‍යා. ක.)) තාව පස්සාමි, ආවාසෙ
(ආවාසං (ස්‍යා. ක.)) පාපකම්මිනං;
ඨානානි ලුද්දකම්මානං, දුස්සීලානඤ්ච යා ගති’’.
|
451
“රෞද්‍ර කර්ම ඇත්තවුන්ගේ යම් ස්ථාන වෙද්ද, දුශ්ශීල වූවන්ගේද යම් නිෂ්පත්තියක් වේද, පාපකර්ම ඇත්තවුන්ට වාසස්ථානවූ එබඳු නරකයන් පළමු කොට දකිමියි” නිමි රජතෙම කීයේය.
|
452
දස්සෙසි මාතලි රඤ්ඤො, දුග්ගං වෙතරණිං නදිං;
කුථිතං ඛාරසංයුත්තං, තත්තං අග්ගිසිඛූපමං
(අග්ගිසමොදකං (ක.)).
|
452
“මාතලී දිව්‍යපුත්‍රතෙම නිමිරජහට කැකෑරෙන්නාවූ ලෝදිය ඇත්තාවූ, රත්වූ ගිනිසිළු බඳු යානොහැකි වේතරණි නම් නදිය දැක්වූයේය.
|
453
නිමී හවෙ මාතලිමජ්ඣභාසථ
(මාතලිමජ්ඣභාසි (ස්‍යා.)), දිස්වා ජනං පතමානං විදුග්ගෙ;
‘‘භයඤ්හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි;
ඉමෙ නු මච්චා කිමකංසු පාපං, යෙමෙ ජනා වෙතරණිං පතන්ති’’.
|
453
නිමි රජතෙම ඒකාන්තයෙන් ඉතා දුර්ගමවූ නරකයෙහි වැටෙන්නාවූ ජනයා දැක මාතලී දිව්‍යපුත්‍රයාට මෙසේ කීයේය. “රථාචාර්‍ය්‍යය මෙය දැක මට වනාහි භය උපදී. මාතලී නම් දිව්යරථාචාර්ය්යය, ඔබ විචාරමි යම් මේ ජනයෝ වේතරණියට වැටෙද්ද, මේ සත්වයෝ කිනම් පාපයක් කළාහු දැයි” ඇසීය.
|
454
තස්ස
විපාකං පාපකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
454
මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
455
‘‘යෙ දුබ්බලෙ බලවන්තා ජීවලොකෙ, හිංසන්ති රොසන්ති සුපාපධම්මා;
තෙ ලුද්දකම්මා පසවෙත්ව පාපං, තෙමෙ ජනා වෙතරණිං පතන්ති’’.
|
455
“මනුෂ්‍යලෝකයෙහි ඉතා ලාමක ස්වභාව ඇත්තාවූ බලවත්වූ යම් කෙනෙක් දුර්වලවූවන්ට පීඩා කෙරෙද්ද, නොයෙක් ආකාරයෙන් ආක්‍රොෂ කෙරෙද්ද, රෞද්‍රවූ කර්ම ඇති ඔව්හු පව් රැස්කොට නිරන්තරයෙන් ඒකාන්තයෙන් ඒ ජනයෝ වේතරණීනම් නරකයෙහි වැටෙන්නේයයි” මාතලී තෙම කීයේය.
|
456
‘‘සාමා
භයඤ්හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි;
ඉමෙ නු මච්චා කිමකංසු පාපං, යෙමෙ ජනෙ කාකොලසඞ්ඝා අදන්ති’’.
|
456
රක්තවර්ණවූ ශුනකයෝද, කබරවර්ණවූ ශුනකයෝද, ගිජුලිහිණියෝද, බිහිසුනුවූ වනකව්ඩෝද දුටුදුටුවන් කත්. “රථාචාර්‍ය්‍යය, මේ දැක මට වනාහි භය උපදියි. එම්බා මාතලී දේව සාරථිය, ඔබ විචාරමියි යම් මේ ජනයා වනකව්ඩෝ කද්ද, මේ සත්වයෝ කුමන පාපයක් කළාහුදැයි” ඈසීය.
|
457
තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං පාපකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
457
මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
458
‘‘යෙ
හිංසන්ති රොසන්ති සුපාපධම්මා, තෙ ලුද්දකම්මා පසවෙත්ව පාපං;
තෙමෙ ජනෙ කාකොලසඞ්ඝා අදන්ති’’.
|
458
“මසුරු බැවින් අනුන්ට නොදෙන්නාවූ අනුන්ට දෙනලද්ද වළක්වන හෙයින් තද මසුරුවූ ඉතා ලාමක ස්වභා ඇත්තාවූ මේ යම්කිසි කෙනෙක් මහණ බමුණන්ට නින්දා කරන්නාහු හිංසා කෙරෙද්ද, ආක්‍රොෂ කෙරෙද්ද, රෞද්‍ර කර්මාන්ත ඇත්තාවූ ඔව්හු පව් රැස්කොට නිරයට යෙත්. වන කව්ඩෝ ඒ මේ ජනයා අනුභව කරත්යයි” මාතලීතෙම කීයේය.
|
459
‘‘සජොතිභූතා පථවිං කමන්ති, තත්තෙහි
භයඤ්හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි;
ඉමෙ නු මච්චා කිමකංසු පාපං, යෙමෙ ජනා ඛන්ධහතා සයන්ති’’.
|
459
ගිනිදැල් සහිතවූවාහු පෘථිවිය ආක්‍රමණය කරත්. රත්වූ යමුගුරුවලින්ද තලනුලබත් “සාරථිය මට වනාහි මෙය දැක භය උපදියි. එම්බා මාතලී නම් දේවසාරථිය ඔබ විචාරමි. යම් මේ ජනයෝ යමුගුරුවලින් පෙළන ලද්දාහු සයනය කෙරෙද්ද, මේ සත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි” ඇසීය.
|
460
තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං පාපකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
460
මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
461
‘‘යෙ ජීවලොකස්මි සුපාපධම්මිනො, නරඤ්ච නාරිඤ්ච අපාපධම්මං;
හිංසන්ති රොසන්ති සුපාපධම්මා
(සුපාපධම්මිනො (ක.)), තෙ ලුද්දකම්මා පසවෙත්ව පාපං;
තෙමෙ ජනා ඛන්ධහතා සයන්ති’’.
|
461
“මනුෂ්‍ය ලෝකයෙහි ඉතා ලාමක ස්වභාව ඇත්තාවූ යමක්හු නිරපරාධවූ පුරුෂයෙකුටද ස්ත්‍රියකටද තුමූ ලාමක ස්වභාවයෙන් යුක්තව හිංසා කෙරෙද්ද, ආක්‍රෝෂ කෙරෙද්ද, රෞද්‍ර කර්ම ඇත්තාවූ ඔව්හු පව් රැස්කොට නිරයට යෙත්. ඒ මේ ජනයෝය. මුගුරුවලින් පෙළන ලද්දාහු සයනය කෙරෙත්යයි” කීයේය.
|
462
‘‘අඞ්ගාරකාසුං
භයඤ්හි මං විදන්ති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි;
ඉමෙ නු මච්චා කිමකංසු පාපං, යෙමෙ ජනා අඞ්ගාරකාසුං ඵුණන්ති’’.
|
462
“සමහරු ගිනි අඟුරුවලට වැටෙත්. ඔවුන්ගේ ඇඟෙහි ගිනි අඟුරු දමත්. හාත්පසින් දැව්නාවූ ශරීර ඇති හඬන්නාවූ සත්වයෝ සැලෙත්. “සාරථිය, මේ දැක මට වනාහි භය උපදියි. එම්බා මාතලී දේවසාරථිය, ඔබ විචාරමි. යම් මේ ජනයෝ අඟුරුවලින් ශරීරයෙහි විසුරුවද්ද, මේ සත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි” ඇසුයේය.
|
463
තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං පාපකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
463
මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
464
‘‘යෙ
තෙ ජාපයිත්වා ජනතං ජනින්ද, තෙ ලුද්දකම්මා පසවෙත්ව පාපං;
තෙමෙ ජනා අඞ්ගාරකාසුං ඵුණන්ති’’.
|
464
“යම්කිසි කෙනෙක් සමූහයා සතු ධනය හේතුකොට ගෙණ බොරු සාක්ෂි ඉදිරිපත් කොට භය නැති කෙරෙද්ද, මහරජ, ඔව්හු ජනසමූහයාට මෙසේ ණය නැතිකොට රෞද්‍ර කර්ම ඇත්තාහු පව් රැස්කොට නිරයට යෙත්. ඒ මේ ජනයෝ අඟුරුවලට වැටී කම්පාවෙත්යයි” කීයේය.
|
465
‘‘සජොතිභූතා ජලිතා පදිත්තා, පදිස්සති මහතී ලොහකුම්භී;
භයඤ්හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි;
ඉමෙ නු මච්චා කිමකංසු පාපං, යෙමෙ ජනා අවංසිරා ලොහකුම්භිං පතන්ති’’.
|
465
ගිනිදැල් සහිතවූ දිලියෙන්නාවූ ඇවිලගත්තාවූ මහත්වූ ලෝසැල දක්නාලැබේ. සාරථීය මෙය දැකුමට වනාහි භය උපදියි. එම්බා මාතලී නම් දේවසාරථිය, ඔබ විචාරමි යම් මේ ජනයෝ යටිකුරුවූ හිස් ඇත්තාහු ලෝ සැලට වැටෙද්ද, මේ සත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි” නිමිරජ තෙම ඇසීය.
|
466
තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං පාපකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
466
මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
467
‘‘යෙ සීලවන්තං
(සීලවං (පී.)) සමණං බ්රාහ්මණං වා, හිංසන්ති රොසන්ති සුපාපධම්මා;
තෙ ලුද්දකම්මා පසවෙත්ව පාපං, තෙමෙ ජනා අවංසිරා ලොහකුම්භිං පතන්ති’’.
|
467
“මේ ලෝකයෙහි ඉතා ලාමක ස්වභාව ඇත්තාවූ යම් කෙනෙක් සිල්වත්වූ ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ හිංසා කරද්ද, ආක්‍රෝශ කරත්ද, රෞද්‍ර කර්ම ඇත්තාවූ ඔව්හු පව් රැස්කොට නරකයට යෙත්. ඒ මේ ජනයෝ යටිකුරු හිස් ඇත්තාහු ලෝකුඹු නිරයට වැටෙත්යයි” කීයේය.
|
468
‘‘ලුඤ්චන්ති
භයඤ්හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි
ඉමෙ නු මච්චා කිමකංසු පාපං, යෙමෙ ජනා ලුත්තසිරා සයන්ති’’.
|
468
තවද දිලියෙන යොත්වලින් ග්රීවය වෙලා උණු ලෝදියෙහි බහා ග්රීවය සිඳිත් “සාරථිය, මේ දැක මට වනාහි භය උපදියි. එම්බා මාතලි නම් දේව සාරථිය, ඔබ විචාරමි. යම් මේ ජනයෝ සිඳිනලද හිස් ඇත්තාහු සයනය කෙරෙද්ද, මේ සත්වයෝ කිනම් පාපයක් කාළහුදැයි” ඇසීය.
|
469
තස්ස
විපාකං පාපකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
469
මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
470
‘‘යෙ ජීවලොකස්මි සුපාපධම්මිනො, පක්ඛී ගහෙත්වාන විහෙඨයන්ති තෙ;
විහෙඨයිත්වා සකුණං ජනින්ද, තෙ ලුද්දකාමා පසවෙත්ව පාපං;
තෙමෙ ජනා ලුත්තසිරා සයන්ති.
|
470
“මේ සත්ව ලෝකයෙහි ඉතා ලාමක ස්වභාව ඇත්තාවූ යම් කෙනෙක් පක්ෂීන් අල්වාගෙණ වෙහෙසට පමුණුවද්ද, මහරජ, ඔව්හු පක්ෂි සමූහයාට හිංසාකොට පව් රැස් කෙරෙත්. රෞද්‍ර කර්ම ඇත්තාවූ ඔව්හු පව් රැස්කොට නරකයට යෙත්. ඒ මේ ජනයෝ සිඳින ලද හිස් ඇත්තාහු සයනය කෙරෙත් යයි” කීයේය.
|
471
‘‘පහූතතොයා අනිගාධකූලා
(අනිඛාතකූලා (සී. ස්‍යා. පී.)), නදී අයං සන්දති සුප්පතිත්ථා;
ඝම්මාභිතත්තා මනුජා පිවන්ති, පීතඤ්ච
(පිවතං ච (සී. ස්‍යා. පී. ක.)) තෙසං භුස හොති පානි.
|
471
බොහෝ දිය ඇත්තාවූ නොගැඹුරු ඉවුරු ඇත්තාවූ මනා තොටුපලවල් ඇත්තාවූ මේ ගඟ ගලා බසියි. ග්‍රීෂ්මයෙන් තැවුනාවූ සත්වයෝ පැන් පානය කෙරෙත්. පානය කරන්නාවූද ඔවුන්ට පානය කරණ ජලය වී බොල් බවට පැමිණේ.
|
472
‘‘භයඤ්හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි;
ඉමෙ නු මච්චා කිමකංසු පාපං, පීතඤ්ච තෙසං භුස හොති පානි’’.
|
472
“සාරථිය, මට වනාහි මේ දැක භය උපදියි. එම්බා මාතලී නම් දේව සාරථිය, ඔබ විචාරමි. පානය කරන්නාවූද ඔවුන්ට ඒ බොන දිය වී බොල් බවට පැමිණේ. මේ සත්වයෝ කවර නම් පාපයක් කළාහුදැයි” ඇසීය.
|
473
තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං
|
473
මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
474
‘‘යෙ සුද්ධධඤ්ඤං පලාසෙන මිස්සං, අසුද්ධකම්මා කයිනො දදන්ති;
ඝම්මාභිතත්තාන පිපාසිතානං, පීතඤ්ච තෙසං භුස හොති පානි’’.
|
474
“මේ ලෝකයෙහි අපිරිසිදු කර්මාන්ත ඇත්තාවූ යම් කෙනෙක් පිරිසිදුවූ ධාන්‍යය බොල් හා මිශ්‍රකොට මිලදී ගන්නහුට දෙද්ද, ග්‍රීෂ්මයෙන් තැවුනාවූ පැන් බොනු කැමැත්තාවූ පානය කරන්නාවූද ඔවුන්ගේ බොන දිය බොල් බවට පැමිණේයයි” කීයේය.
|
475
‘‘උසූහි
භයඤ්හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි;
ඉමෙ නු මච්චා කිමකංසු පාපං, යෙමෙ ජනා සත්තිහතා සයන්ති’’.
|
475
ඊවලින්ද අඩයටිවලින්ද තෝමරවලින්ද හඬන්නවුන්ගේ උභය පාර්ශවයන් විදිත්. “සාරථිය, මට වනාහි මේ දැක භය උපදියි. එම්බා මාතලී නම් දේව සාරථිය ඔබ, විචාරමියි යම් මේ ජනයෝ අඩයටිවලින් නසන ලද්දාහු සයනය කෙරෙද්ද, මේ සත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි” ඇසීය.
|
476
තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං පාපකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
476
මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
477
‘‘යෙ ජීවලොකස්මි අසාධුකම්මිනො, අදින්නමාදාය කරොන්ති ජීවිකං;
ධඤ්ඤං ධනං රජතං ජාතරූපං, අජෙළකඤ්චාපි පසුං මහිංසං
(මහීසං (සී. පී.));
තෙ ලුද්දකම්මා පසවෙත්ව පාපං, තෙමෙ ජනා සත්තිහතා සයන්ති’’.
|
477
“මේ සත්ව ලෝකයෙහි අයහපත් කර්ම ඇත්තාවූ යම් කෙනෙක් ධාන්‍යයද ධනයද රිදීද රත්රන්ද එළු තිරෙළුවන්ද, ගවයන්ද මීවුන්ද යන නුදුන් දෙය සොරාගෙණ ජීවිකාව කෙරෙද්ද, රෞද්‍ර කර්ම ඇත්තාවූ ඔව්හු පව් රැස්කොට නරකයට යෙත්. ඒ මේ ජනයෝ අඩයටිවලින් ගසන ලද්දාහු සයනය කෙරෙත්යයි” කීයේය.
|
478
‘‘ගීවාය බද්ධා කිස්ස ඉමෙ පුනෙකෙ, අඤ්ඤෙ
භයඤ්හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි;
ඉමෙ නු මච්චා කිමකංසු පාපං, යෙමෙ ජනා බිලකතා සයන්ති’’.
|
478
“මේ සත්වයෝ කුමකට ග්‍රීවයෙන් බඳනා ලද්දාහුද, නැවත අන් සමහරු කඩ කඩකොට කපන ලද්දාහුද, තවද සමහරු මස් ගොඩවල් කරණ ලද්දාහුද, සාරථිය, මේ දැක මට වනාහි භය උපදියි. එම්බා මාතලී නම් දේවසාරථිය, ඔබ විචාරමි. යම් මේ ජනයෝ මස් ගොඩවල් කරණ ලද්දාහු සයනය කෙරෙද්ද, මේ සත්වයෝ කිනම් පාපකර්මයක් කළාහු දැයි” ඇසීය.
|
479
තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං පාපකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
479
මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
480
‘‘ඔරබ්භිකා සූකරිකා ච මච්ඡිකා, පසුං මහිංසඤ්ච අජෙළකඤ්ච;
හන්ත්වාන සූනෙසු පසාරයිංසු, තෙ ලුද්දකම්මා පසවෙත්ව පාපං;
තෙමෙ ජනා බිලකතා සයන්ති.
|
480
“මේ ලෝකයෙහි එළුවන් මරා ජීවත්වන්නාහුද, ඌරන් මරා ජීවත්වන්නාහුද, මසුන් මරා ජීවත්වන්නාහුද, ගවයන්ද මීවුන්ද එළු තිරෙළුවන්ද මරා මස් ලොඹුවල විකිණීමට දිගහැරතැබුවාහුද, රෞද්‍ර කර්ම ඇත්තාවු ඔව්හු පව් රැස්කොට නිරයට යෙත්. ඒ මේ ජනයෝ මස් ගොඩවල් කරණ ලද්දාහු සයනය කෙරෙත්යයි” කීයේය.
|
481
‘‘රහදො
ඛුදාපරෙතා මනුජා අදන්ති, භයඤ්හි මං වින්දති සූත දිස්වා;
පුච්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමෙ නු මච්චා කිමකංසු පාපං;
යෙමෙ ජනා මුත්තකරීසභක්ඛා’’.
|
481
“මල මූත්රවලින් පිරුණාවූ දුර්ගන්ධ ස්වභාව ඇත්තාවූ මේ විල අපවිත්‍රවූ කුණුගඳ හමයි. බඩ සයින් පෙළුනාවූ සත්වයෝ එය අනුභව කරත්. සාරථීය, මේ දැක මට වනාහි භය උපදියි. එම්බා මාතලී දේව සාරථිය, ඔබ විචාරමි. යම් මේ ජනයෝ මලමූත්‍ර අනුභව කරන්නාහුද, මේ සත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි” ඇසීය.
|
482
තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං
|
482
මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
483
‘‘යෙ කෙචිමෙ කාරණිකා විරොසකා, පරෙසං හිංසාය සදා නිවිට්ඨා;
තෙ ලුද්දකම්මා පසවෙත්ව පාපං, මිත්තද්දුනො මීළ්හමදන්ති බාලා.
|
483
“කටයුතු කරවන්නාවූ මේ ලෝකයෙහි යම්කිසි කෙනෙක් යහළු මිත්‍රයන්ට පවා වෙහෙසන්නාහු අනුන්ට හිංසා පිණිස හැමකල්හී යුක්තවූවාහුද, රෞද්‍ර කර්ම ඇත්තාවූ අඥානවූ මිත්‍ර ද්‍රෝහිවූ ඔවුහු පව් රැස්කොට නිරයට පැමිණ අශූචි අනුභව කෙරෙත්යයි” කීයේය.
|
484
‘‘රහදො අයං ලොහිතපුබ්බපූරො, දුග්ගන්ධරූපො අසුචි පූති වාති;
ඝම්මාභිතත්තා මනුජා පිවන්ති, භයඤ්හි මං වින්දති සූත දිස්වා;
පුච්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමෙ නු මච්චා කිමකංසු පාපං;
යෙමෙ ජනා ලොහිතපුබ්බභක්ඛා’’.
|
484
ලේ සැරව වලින් පිරුණාවූ දුර්ගන්ධ ස්වභාව ඇත්තාවූ මේ විල අපවිත්‍රවූ කුණුගඳ හමයි. ග්‍රීෂ්මයෙන් තැවුනාවූ සත්වයෝ එය පානය කෙරෙත්. සාරථිය, මෙය දැක මට වනාහි භය උපදියි. එම්බා මාතලී නම් දෙවසාරථිය, ඔබ විචාරමි. යම් මේ ජනයෝ ලේ සැරව ආහාරකොට ඇත්තාහුද, මේ සත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි” ඇසීය.
|
485
තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං පාපකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
485
මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
486
‘‘යෙ මාතරං වා පිතරං වා ජීවලොකෙ
(පිතරං ව ජීවලොකෙ (සී.), පිතරං ව ලොකෙ (පී.)), පාරාජිකා අරහන්තෙ හනන්ති;
තෙ ලුද්දකම්මා පසවෙත්ව පාපං, තෙමෙ ජනා ලොහිතපුබ්බභක්ඛා’’.
|
486
“මේ සත්ව ලෝකයෙහි ගිහි බැව්හිම පාරාජිකාවට පැමිණියාවූ යම්කෙනෙක් මව හෝ පියා හෝ රහතන් හෝ නසද්ද, රෞද්‍ර කර්මය ඇත්තාවූ ඔව්හු පව්රැස්කොට නිරයට යෙත්. ඒ මේ ජනයෝ ලේ සැරව අනුභව කරන්නාහු වෙත්යයි” කීයේය.
|
487
‘‘ජිව්හඤ්ච
ඵන්දන්ති
|
487
“හුල් සියයකින් ගසනලද සමක් මෙන් බිලියෙන් විදිනලද දිවද බළව, කුමක් හෙයින් මේ සත්වයෝ ගොඩ දමනලද මසුන් මෙන් සැලෙත්ද හඬමින් කෙළ මුදද්ද?”
|
488
‘‘භයඤ්හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි;
ඉමෙ නු මච්චා කිමකංසු පාපං, යෙමෙ ජනා වඞ්කඝස්තා සයන්ති’’.
|
488
“සාරථිය, මෙය දැක මට වනාහි භය උපදියි. එම්බා මාතලී නම් දෙවසාරථිය, ඔබ විචාරමි යම් මේ ජනයෝ ගිලිනලද බිලිය ඇත්තාහු සයනය කෙරෙද්ද මේ සත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි” ඇසීය.
|
489
තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං පාපකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
489
මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
490
‘‘යෙ කෙචි සන්ධානගතා
(සන්ථානගතා (සී. පී.), සණ්ඨානගතා (ස්‍යා.)) මනුස්සා, අග්ඝෙන අග්ඝං කයං හාපයන්ති;
කුටෙන කුටං ධනලොභහෙතු, ඡන්නං යථා වාරිචරං වධාය.
|
490
“බඩුමිල නියම කරණ තන්හි සිටියාවූ යම්කිසි මනුෂ්‍ය කෙනෙක් අගය කිරීමෙන් ඒ ඒ දෙය අගයකොට වෙළඳුන්ගේ ලාභය පිරිහෙළද්ද, වස්තු ආශාව හේතුකොට ගෙණ හොරකිරීම් ආදී කූටකර්මයෙන් ඇමකින් සැඟවූ බිලිය ගෙණ මත්ස්‍යයෙකු මැරීමට ලංවෙන්නාක් මෙන් කූට ප්‍රයෝග කෙරෙද්ද,
|
491
‘‘න හි කූටකාරිස්ස භවන්ති තාණා, සකෙහි කම්මෙහි පුරක්ඛතස්ස;
තෙ ලුද්දකම්මා පසවෙත්ව පාපං, තෙමෙ ජනා වඞ්කඝස්තා සයන්ති’’.
|
491
“ස්වකීය කර්මවලින් පෙරටුකරණලද එබඳු කූට ප්‍රයෝග කරන්නාහට ආරක්ෂාස්ථාන නම් නොවෙත්. ඒ රෞද්‍ර කර්ම ඇත්තාහු පව්රැස්කොට නිරයට යෙත්. ඒ මේ ජනයෝ ගිලිනලද බිලි ඇත්තාහු සයනය කෙරෙත්යයි” කීයේය.
|
492
‘‘නාරී ඉමා සම්පරිභින්නගත්තා, පග්ගය්හ කන්දන්ති භුජෙ දුජච්චා;
සම්මක්ඛිතා
(සමක්ඛිතා (ස්‍යා.), සමක්ඛිකා (ක.)) ලොහිතපුබ්බලිත්තා, ගාවො යථා ආඝාතනෙ විකන්තා;
තා
|
492
“අතිශයින් හාත්පස බිඳුනු ශරීර ඇත්තාවූ පිළිකුල්වූ මේ ස්ත්‍රීහු හිස අත් බැඳගෙණ හඬත්. ලේ සැරව වලින් ගැවැසීගත්තාවූ වදභූමියෙහි ගෙරින් මෙන් කපන ලද්දාහුවෙත්. ඔව්හු යකඩ පොළොවෙහි හැමකල්හි ගැළුනාහු ගිනිදැල් සහිතවූවාහු කඳන් ඉක්මවා පවතිත්.
|
493
‘‘භයඤ්හි
ඉමා නු නාරියො කිමකංසු පාපං, යා භූමිභාගස්මිං සදා නිඛාතා;
ඛන්ධාතිවත්තන්ති සජොතිභූතා’’.
|
493
“සාරථිය, මේ දැක මට භය උපදියි. එම්බා මාතලි නම් දෙවසාරථිය, ඔබ විචාරමි. යකඩ පොළොවෙහි හැම කල්හි ඉඟ දක්වා ගැළුනාවූ ගිනිදැල් සහිතවූ යම් ස්ත්‍රීහු කඳන් ඉක්ම පවතිද්ද, මේ ස්ත්‍රීහු කිනම් පාපයක් කළාහුදැයි” ඇසීය.
|
494
තස්ස
විපාකං පාපකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
494
මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
495
‘‘කොලිත්ථියායො
(කොලිනියායො (සී. පී.)) ඉධ ජීවලොකෙ, අසුද්ධකම්මා අසතං අචාරුං;
තා දිත්තරූපා
(ධුත්තරූපා (ක.)) පති විප්පහාය, අඤ්ඤං අචාරුං රතිඛිඩ්ඩහෙතු;
තා ජීවලොකස්මිං රමාපයිත්වා, ඛන්ධාතිවත්තන්ති සජොතිභූතා.
|
495
“මේ මනුෂ්‍ය ලෝකයෙහි අපිරිසිදු කර්ම ඇත්තාවූ යම් කුලධීතෘහු අයහපත්ව හැසුරුනාහුද, උඩඟු ස්වභාව ඇත්තාවූ, ඒ ස්ත්‍රීහු කාමරතියද ක්‍රීඩාවද හේතුකොටගෙණ ස්වකීය ස්වාමියා හැර අන්පුරුෂයෙකු වෙත ගියාහුද, ඒ ස්ත්‍රීහු මේ මනුෂ්‍ය ලෝකයෙහි පරපුරුෂයන් සමග සිත් අලවා වාසයකොට නිරයට පැමිණ ගිනිදැල් සහිතවූවාහු කඳන් ඉක්ම පවතිත්යයි” කීයේය.
|
496
‘‘පාදෙ ගහෙත්වා කිස්ස ඉමෙ පුනෙකෙ, අවංසිරා නරකෙ පාතයන්ති;
භයඤ්හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි;
ඉමෙ
|
496
“මේ සත්වයෝ කුමකට පා අල්වාගෙණ නැවත සමහරු යටිකුරු හිස් ඇත්තාහු නරකයෙහි හෙලනු ලබද්ද සාරථිය මෙය දැක මට භය උපදියි. එම්බා මාතලීනම් දෙව සාරථීය, ඔබ විචාරමි. යම් මේ ජනයෝ යටිකුරුවූ හිස් ඇත්තාහු නරකයෙහි හෙලනුලබද්ද, මේ සත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි” ඇසීය.
|
497
තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං පාපකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
497
මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
498
‘‘යෙ ජීවලොකස්මි අසාධුකම්මිනො, පරස්ස දාරානි අතික්කමන්ති;
තෙ තාදිසා උත්තමභණ්ඩථෙනා, තෙමෙ ජනා අවංසිරා නරකෙ පාතයන්ති.
|
498
“මේ මනුෂ්‍ය ලෝකයෙහි අයහපත් කර්ම ඇත්තාවූ යම් කෙනෙක් පරදාරාවන් ඉක්මවද්ද, එබඳු උතුම් බඩු සොරකම් කළාවූ ඔව්හු නිරයට ගොස් ඒ මේ ජනයෝ යටිකුරු හිස් ඇත්තාහු නරකයෙහි හෙළනු ලබත්.
|
499
‘‘තෙ වස්සපූගානි බහූනි තත්ථ, නිරයෙසු දුක්ඛං වෙදනං වෙදයන්ති;
න හි පාපකාරිස්ස
(කූටකාරිස්ස (ක.)) භවන්ති තාණා, සකෙහි කම්මෙහි පුරක්ඛතස්ස;
තෙ ලුද්දකම්මා පසවෙත්ව පාපං, තෙමෙ ජනා අවංසිරා නරකෙ පාතයන්ති’’.
|
499
“ඔව්හු බොහෝ වර්ෂ සමූහයන් ඒ නරකයෙහි දුක් වේදනාව විඳිත්. ස්වකීය කර්මයන්ගෙන් ඉදිරිපත් කරණ ලද්දාවූ පව්කරණ ස්වභාව ඇත්තහුට, ආරක්ෂස්ථාන නම් නොවෙත්. රෞද්‍ර කර්ම ඇත්තාවූ ඔව්හු පව්රැස්කොට නිරයට යෙත්. ඒ මේ ජනයෝ යටිකුරුහිස් ඇත්තාහු නරකයෙහි හෙලනු ලබත්යයි” කීයේය.
|
500
‘‘උච්චාවචාමෙ
භයඤ්හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි;
ඉමෙ නු මච්චා කිමකංසු පාපං, යෙමෙ ජනා අධිමත්තා දුක්ඛා තිබ්බා;
ඛරා
|
500
“ඉතා දරුණු ස්වභාව ඇත්තාවූ අනෙකප්‍රකාරවූ මේ කුඩා මහත් කම්කටුළු නිරයන්හි දක්නා ලැබෙත්. සාරථිය මෙය දැක මට භය උපදියි එම්බා මාතලීනම් දෙවසාරථිය, ඔබ විචාරමි. යම් මේ ජනයෝ තියුණුවූ කර්කශවූ කටුකවූ ඉතාමහත් දුක්වේදනාවෝ විඳිනුලබද්ද, මේ සත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි” ඇසීය.
|
501
තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං පාපකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
501
මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
502
‘‘යෙ ජීවලොකස්මි සුපාපදිට්ඨිනො, විස්සාසකම්මානි කරොන්ති මොහා;
පරඤ්ච දිට්ඨීසු සමාදපෙන්ති, තෙ පාපදිට්ඨිං
(පාපදිට්ඨී (සී. ස්‍යා.), පාපදිට්ඨීසු (පී.)) පසවෙත්ව පාපං;
තෙමෙ ජනා අධිමත්තා දුක්ඛා තිබ්බා, ඛරා කටුකා වෙදනා වෙදයන්ති.
|
502
“මේ මනුෂ්‍ය ලෝකයෙහි ඉතාලාමක දෘෂ්ටි ඇත්තාවූ යම් කෙනෙක් මුළාවෙන් විශ්වාසය පරිදි පාප කර්මයන් කෙරෙද්ද, අන්‍යයාද මිථ්යාදෘෂ්ටිකර්මවල සමාදන් කරවද්ද, ලාමක දෘෂ්ටි ඇත්තාවූ ඔව්හු පව්රැස්කොට නිරයට යෙත්. ඒ මේ ජනයෝ තියුණුවූ කර්කශවූ කටුකවූ ඉතා මහත්වූ දුක්වේදනා විඳිනු ලබත්යයි” මාතලී දෙව්පුත් තෙම කීයේය.
|
503
‘‘විදිතා තෙ මහාරාජ, ආවාසා පාපකම්මිනං;
ඨානානි ලුද්දකම්මානං, දුස්සීලානඤ්ච යා ගති;
උය්යාහි දානි රාජීසි, දෙවරාජස්ස සන්තිකෙ’’.
|
503
“මහරජ, පාපකර්ම කළාවූ සත්වයන්ගේ වාසස්ථාන දැක රෞද්‍ර කර්ම ඇත්තවුන්ගේ ස්ථානයන් ඔබ විසින් දැන ගන්නාලදහ. දුශ්ශීලවූවන්ගේද යම් නිෂ්පත්තියක්වේ නම් ඕතොමෝද, ඔබ විසින් දන්නාලදී. මහරජ, දැන් දෙව්රජහුගේ සමීපයෙහි දිව්‍ය සම්පත් දැකීමට යනු මැනවැයි” මාතලී දිව්‍ය පුත්‍රතෙම කීයේය.
|
504
‘‘පඤ්චථූපං
තත්ථච්ඡති නාරී මහානුභාවා, උච්චාවචං ඉද්ධි විකුබ්බමානා.
|
504
“එම්බා මාතලී දිව්යපුත්රය මුදුන් පහක් ඇත්තාවූ මේ විමානයක් දක්නා ලැබේ. එහි යහන්මැද මාලාදීන් පලඳනාලද්දාවූ මහත් ආනුභාව ඇති ස්ත්‍රියක් තොමෝ නොයෙක් ආකාර දිව්‍ය ඍද්ධීන් දක්වමින් හිඳියි.
|
505
‘‘විත්තී හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි;
අයං නු නාරී කිමකාසි සාධුං, යා මොදති සග්ගපත්තා විමානෙ’’.
|
505
“සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලීනම් දෙවසාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණියාවූ යම් ස්ත්‍රියක් තොමෝ මේ විමානයෙහි සතුටු වේද, මේ ස්ත්‍රී තොමෝ කවර යහපතක් කළාදැයි” ඇසීය.
|
506
තස්ස
විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
506
අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
507
‘‘යදි
සා පත්තකාලෙ
(පත්තකාලං (සී. ස්‍යා. පී.)) අතිථිං විදිත්වා, මාතාව පුත්තං සකිමාභිනන්දී;
සංයමා සංවිභාගා ච, සා විමානස්මි මොදති.
|
507
“ඉදින් මනුෂ්‍ය ලෝකයෙහි බ්‍රාහ්මණයෙකුගේ ගෘහ දාසියගේ කුසෙහි උපන් බීරණී නම් දාසියක් වීයයි. ඔබ විසින් අසනලද්දීද, ඕතොමෝ සුදුසු කාලයෙහි ආගන්තුග සත්කාරය දැන දුරසිට ආ පුත්‍රයා දැක වරක් සතුටු වන්නාවූ මව් මෙන් නිරන්තරයෙන් සතුටින් උපස්ථාන කෙළේද, සිල් රැක්කාවූද ත්‍යාග ඇත්තීදවූ ඕතොමෝ මේ විමානයෙහි සතුටුවේයයි” කීයේය.
|
508
‘‘දද්දල්ලමානා ආභෙන්ති
(ආභන්ති (ස්‍යා. ක.)), විමානා සත්ත නිම්මිතා;
තත්ථ යක්ඛො මහිද්ධිකො, සබ්බාභරණභූසිතො;
සමන්තා අනුපරියාති, නාරීගණපුරක්ඛතො.
|
508
“මැව්නාවූ දිළිසෙන්නාවූ විමාන සතක් බැබළෙත්. එහි මහත් ඍද්ධි ඇත්තාවූ සියලු දිව්‍යාභරණයෙන් සැරසුනාවූ දිව්‍ය පුත්‍රයෙක් ස්ත්‍රී සමූහයා විසින් පෙරටු කරණ ලද්දේ හාත්පස අනුගමනය කරයි
|
509
‘‘විත්තී හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි;
අයං නු මච්චො කිමකාසි සාධුං, යො මොදති සග්ගපත්තො විමානෙ’’.
|
509
“සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලී නම් දෙවසාරථිය, ඔබ විචාරමි. දෙව් ලොවට පැමිණියාවූ යමෙක් මේ විමානයෙහි සතුටුවේද, මෙ සත්ව තෙමේ කිනම් යහපතක් කෙළේ දැයි” ඇසීය.
|
510
තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
510
අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
511
‘‘සොණදින්නො ගහපති, එස දානපතී අහු;
එස පබ්බජිතුද්දිස්ස, විහාරෙ සත්ත කාරයි.
|
511
“මෙතෙම පෙර ස්වාමිභාවයෙහි සිට දන් දෙන්නාවූ සෝන දින්න නම් ගෘහපති වූයේය. මෙතෙම භික්ෂූන් උදෙසා විහාර සතක් කරවූයේය.
|
512
‘‘සක්කච්චං තෙ උපට්ඨාසි, භික්ඛවො තත්ථ වාසිකෙ;
අච්ඡාදනඤ්ච භත්තඤ්ච, සෙනාසනං පදීපියං.
අදාසි
|
512
“එහි වසන්නාවූ ඒ භික්ෂූන්ට සකස්කොට උපස්ථාන කෙළේය. වස්ත්‍රද ආහාරද ශයනාසනද පහන් උපකරණද ඍජුවූ ගුණ ඇති භික්ෂූන් කෙරෙහි විශේෂයෙන් ප්‍රසන්නවූ සිතින් දුන්නේය.
|
513
‘‘චාතුද්දසිං පඤ්චදසිං, යා ච
(යා ව (සී. පී.)) පක්ඛස්ස අට්ඨමී
(අට්ඨමිං (සී. පී.));
පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාහිතං.
|
513
“තුදුස්වක් දිනෙහිද පසළොස්වක් දිනයෙහිද පක්ෂය සම්බන්ධ අටවක් දිනයෙහිද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂයෙහිද අංග අටකින් යුත් සීලය සමාදන්ව,
|
514
‘‘උපොසථං උපවසී, සදා සීලෙසු සංවුතො;
සංයමා සංවිභාගා ච, සො විමානස්මි මොදති.
|
514
“සියලු කල්හි ශීලයන්හි සංවරවූයේ පෙහෙවස්ද විසීය. සිල් රැක්කාවූද දන් දුන්නාවූද හෙතෙම මේ විමානයෙහි සතුටුවේයයි” කීයේය.
|
515
‘‘පභාසති මිදං බ්යම්හං, ඵලිකාසු සුනිම්මිතං;
නාරීවරගණාකිණ්ණං, කූටාගාරවරොචිතං;
උපෙතං අන්නපානෙහි, නච්චගීතෙහි චූභයං.
|
515
“පළිඟුවලින් මනාව නිමවන ලද්දාවූ උතුම් ස්ත්‍රී සමූහයාගෙන් ගැවසී ගත්තාවූ උත්තම කූටාගාර වලින් හෙබියාවූ ආහාරපාන වලින්ද නෘත්‍ය ගීතවලින්ද යන දෙකින් යුක්තව මේ විමානය බබළයි.
|
516
‘‘විත්තී
ඉමෙ නු මච්චා කිමකංසු සාධුං, යෙ මොදරෙ සග්ගපත්තා විමානෙ’’.
|
516
“සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලි නම් දෙව සාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණියාවූ යම් කෙනෙක් මේ විමානයෙහි සතුටු වෙද්ද, මේ ස්ත්‍රීහු කිනම් යහපතක් කළාහුදැයි” ඇසීය.
|
517
තස්ස
විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
517
අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
518
‘‘යා කාචි නාරියො ඉධ ජීවලොකෙ, සීලවන්තියො උපාසිකා;
දානෙ රතා නිච්චං පසන්නචිත්තා, සච්චෙ ඨිතා උපොසථෙ අප්පමත්තා;
සංයමා සංවිභාගා ච, තා විමානස්මි මොදරෙ.
|
518
මේ මනුෂ්‍ය ලෝකයෙහි යම්කිසි ස්ත්‍රී කෙනෙක් සිල්වත් උපාසිකාවූවාහුද, දීමෙහි ඇළුනාහුද නිතර පහන් සිත් ඇතිවූවාහුද, සත්‍යයෙහි පිහිටියාවූ පෙහෙවස් රැකීමෙහි අප්රමාදවූවාහුද සිල් රැක්කාහුද දාන සංවිභාග ඇතිවූවාහුද ඒ ස්ත්‍රීහු මේ විමානයෙහි සතුටුවෙත්යයි” කීයේය.
|
519
‘‘පභාසති මිදං බ්යම්හං, වෙළුරියාසු නිම්මිතං;
උපෙතං
|
519
වෛඩූර්‍ය්‍ය බිත්තිවලින් මනාව නිමවන ලද්දාවූ සිත්කළු භූමි ප්‍රදෙශයන්ගෙන් යුක්තවූ කොටස් වශයෙන් ප්‍රමාණකොට බෙදන ලද්දාවූ මේ විමානය බබළයි.
|
520
‘‘ආළම්බරා මුදිඞ්ගා ච, නච්චගීතා සුවාදිතා;
දිබ්බා සද්දා නිච්ඡරන්ති, සවනීයා මනොරමා.
|
520
“පණාබෙරද මිහිඟු බෙරද නෘත්‍ය ගීතයෝද මනා කොට වාදනය කරණ ලද්දාහු ඇසීමට යෝග්‍යවූ සිත්කළුවූ දිව්‍යමය ශබ්ද නිකුත් කරත්.
|
521
‘‘නාහං එවංගතං ජාතු
(ජාතං (ක.)), එවංසුරුචිරං පුරෙ;
සද්දං සමභිජානාමි, දිට්ඨං වා යදි වා සුතං.
|
521
“මෙසේ සිත්කළු බවට පැමිණියාවූ මෙසේ ඉතා මනොඥවූ දක්නා ලද හෝ අසනලද හෝ ශබ්දයක් පෙර කිසිකලෙකත් මම නොදකිමි.
|
522
‘‘විත්තී හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි;
ඉමෙ නු මච්චා කිමකංසු සාධුං, යෙ මොදරෙ සග්ගපත්තා විමානෙ’’.
|
522
“සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලී නම් දෙවසාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණියාවූ යම් කෙනෙක් මේ විමානයෙහි සතුටු වෙද්ද, මේ සත්වයෝ කිනම් යහපතක් කළාහු දැයි” ඇසීය.
|
523
තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
523
අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
524
‘‘යෙ කෙචි මච්චා ඉධ ජීවලොකෙ, සීලවන්තා
(සීලවන්තො (සී. පී.)) උපාසකා;
ආරාමෙ උදපානෙ ච, පපා සඞ්කමනානි ච;
අරහන්තෙ සීතිභූතෙ
(අරහන්තෙසු සීතිභූතෙසු (ක.)), සක්කච්චං පටිපාදයුං.
|
524
“මේ මනුෂ්‍ය ලෝකයෙහි යම්කිසි මනුෂ්‍යකෙනෙක් සිල්වත් උපාසකවූවාහු ආරාමයන්ද පැන් පොකුණුද පැන් ශාලාවන්ද සක්මන් මලුද, සිහිල් ගුණයෙන් යුක්තවූ රහතුන්ට සකස්කොට සම්පාදනය කළාහුද
|
525
‘‘චීවරං
අදංසු උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා.
|
525
“චීවරද පිණ්ඩපාතයද ගිලන්පසද ශයනාසනද ඍජු ගුණ ඇත්තවුන් විෂයෙහි විශේෂයෙන් ප්‍රසන්නවූ සිතින් දුන්නාහුද,
|
526
‘‘චාතුද්දසිං පඤ්චදසිං, යා ච පක්ඛස්ස අට්ඨමී;
පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාහිතං.
|
526
“තුදුස්වක් දිනය පසළොස්වක් දිනය පක්ෂය සම්බන්ධ අටවක් දිනය ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂය යන මේ දිනයන්හි අංග අටකින් යුක්තවූ ශීලය සමාදන් වූවාහුද
|
527
‘‘උපොසථං උපවසුං, සදා සීලෙසු සංවුතා;
සංයමා සංවිභාගා ච, තෙ විමානස්මි මොදරෙ.
|
527
හැමකල්හි ශීලයන්හි යුක්තවූවාහු පෙහෙවස් විසුවාහුද, ශීල සංයම ඇත්තාවූද දාන සංවිභාග ඇත්තාවූද ඔව්හු මේ විමානයෙහි සතුටු වෙත්යයි” කීයේය.
|
528
‘‘පභාසති
නාරීවරගණාකිණ්ණං, කූටාගාරවරොචිතං.
|
528
“පළිඟු බිත්තිවලින් මනාව නිමවන ලද්දාවූ උත්තම ස්ත්‍රී සමූහයාගෙන් ගැවසී ගත්තාවූ උතුම් කුළු ගෙවලින් හෙබියාවූ මේ විමානය බබළයි.
|
529
‘‘උපෙතං අන්නපානෙහි, නච්චගීතෙහි චූභයං;
නජ්ජො චානුපරියාති, නානාපුප්ඵදුමායුතා.
|
529
“ආහාර පානවලින්ද නෘත්‍ය ගීතවලින්ද යන දෙකින් යුක්තවූ මේ විමානය වටා නොයෙක් මල්ගසින් යුක්තවූ ගංගාවක්ද ගලාබසියි.
|
530
‘‘විත්තී හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි;
අයං නු මච්චො කිමකාසි සාධුං, යො මොදතී සග්ගපත්තො විමානෙ’’.
|
530
සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලීනම් දෙවසාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණියාවූ යමෙක් මේ විමානයෙහි සතුටුවේද, මේ සත්ව තෙම කිනම් යහපතක් කෙළේදැයි” ඇසීය.
|
531
තස්ස
විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
531
අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
532
‘‘මිථිලායං ගහපති, එස දානපතී අහු;
ආරාමෙ උදපානෙ ච, පපා සඞ්කමනානි ච;
අරහන්තෙ සීතිභූතෙ, සක්කච්චං පටිපාදයි.
|
532
“මහරජ මෙතෙම පෙර කිම්බිලා නම් නුවර සාමි භාවයෙහි සිට දන්දෙන්නාවූ ගෘහපතියෙක් විය. හෙතෙම ආරාමයන්ද පැන් පොකුණුද පැන්හල්ද සක්මන් මළුද, සිහිල් ගුණයෙන් යුක්තවූ රහතුන්ට සකස්කොට සම්පාදනය කළාහුද
|
533
‘‘චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං;
අදාසි උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා.
|
533
“චීවරද පිණ්ඩපාතයද ගිලන්පසද ශයනාසනද ඍජු ගුණ ඇත්තවුන් විෂයෙහි විශේෂයෙන් ප්‍රසන්නවූ සිතින් දුන්නාහුද,
|
534
‘‘චාතුද්දසිං පඤ්චදසිං, යා ච පක්ඛස්ස අට්ඨමී;
පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාහිතං.
|
534
“තුදුස්වක් දිනය පසළොස්වක් දිනය පක්ෂය සම්බන්ධ අටවක් දිනය ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂය යන මේ දිනයන්හි අංග අටකින් යුක්තවූ ශීලය සමාදන් වූවාහුද
|
535
‘‘උපොසථං උපවසී, සදා සීලෙසු සංවුතො;
සංයමා සංවිභාගා ච, සො විමානස්මි මොදති’’.
|
535
හැමකල්හි ශීලයන්හි යුක්තවූවාහු පෙහෙවස් විසුවාහුද, ශීල සංයම ඇත්තාවූද දාන සංවිභාග ඇත්තාවූද ඔව්හු මේ විමානයෙහි සතුටු වෙත්යයි” කීයේය.
|
536
‘‘පභාසති මිදං බ්යම්හං, ඵලිකාසු සුනිම්මිතං
(වෙළුරියාසු නිම්මිතං (පී.));
නාරීවරගණාකිණ්ණං
|
536
“පළිඟු බිත්තිවලින් මනාව නිමවනලද උතුම් ස්ත්‍රී සමූහයාගෙන් ගැවසීගත් උතුම් කුළුගෙවලින් හෙබියාවූ මේ විමානය බබළයි.
|
537
‘‘උපෙතං
නජ්ජො චානුපරියාති, නානාපුප්ඵදුමායුතා.
|
537
“ආහාරපානවලින්ද, නෘත්යගීතවලින්ද යන දෙකින් යුක්තවේ. නොයෙක් මල් ගස්වලින් යුක්තවූ ගඟක්ද හාත්පස ගළාබසියි.
|
538
‘‘රාජායතනා කපිත්ථා ච, අම්බා සාලා ච ජම්බුයො;
තින්දුකා ච පියාලා ච, දුමා නිච්චඵලා බහූ.
|
538
“කිරිපළු නුගද, ගිවුළුද, අඹද, සල්ද, දඹද තිඹිරිද, මොරද යන නිතර පලදරන්නාවූ බොහෝ ගස් වෙත්.
|
539
‘‘විත්තී හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි;
අයං නු මච්චො කිමකාසි සාධුං, යො මොදතී සග්ගපත්තො විමානෙ’’.
|
539
“සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලී නම් දෙවසාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණියාවූ යමෙක් මේ විමානයෙහි සතුටුවේද, මේ සත්ව තෙම කිනම් යහපතක් කෙළේදැයි” ඇසීය.
|
540
‘‘තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
540
අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
541
‘‘මිථිලායං ගහපති, එස දානපතී අහු;
ආරාමෙ උදපානෙ ච, පපා සඞ්කමනානි ච;
අරහන්තෙ සීතිභූතෙ, සක්කච්චං පටිපාදයි.
|
541
“මහරජ, මෙතෙම පෙර මිථීලා නම් නුවර ස්වාමි භාවයෙහි සිට දන්දෙන්නාවූ ගෘහපතියෙක් විය. හෙතෙම ආරාමයන්ද, පැන්, පොකුණුද, පැන්හල්ද, සක්මන්මළුද සිහිල් ගුණයෙන් යුක්තවූ රහතුන්ට සකස්කොට සම්පාදනය කළාහුද
|
542
‘‘චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං;
අදාසි උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා.
|
542
“චීවරද පිණ්ඩපාතයද ගිලන්පසද ශයනාසනද ඍජු ගුණ ඇත්තවුන් විෂයෙහි විශේෂයෙන් ප්‍රසන්නවූ සිතින් දුන්නාහුද,
|
543
‘‘චාතුද්දසිං පඤ්චදසිං, යා ච පක්ඛස්ස අට්ඨමී;
පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාහිතං.
|
543
“තුදුස්වක් දිනය පසළොස්වක් දිනය පක්ෂය සම්බන්ධ අටවක් දිනය ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂය යන මේ දිනයන්හි අංග අටකින් යුක්තවූ ශීලය සමාදන් වූවාහුද
|
544
‘‘උපොසථං උපවසී, සදා සීලෙසු සංවුතො;
සංයමා සංවිභාගා ච, සො විමානස්මි මොදති’’.
|
544
හැමකල්හි ශීලයන්හි යුක්තවූවාහු පෙහෙවස් විසුවාහුද, ශීල සංයම ඇත්තාවූද දාන සංවිභාග ඇත්තාවූද ඔව්හු මේ විමානයෙහි සතුටු වෙත්යයි” කීයේය.
|
545
‘‘පභාසති
උපෙතං භූමිභාගෙහි, විභත්තං භාගසො මිතං.
|
545
“වෛඩූර්‍ය්‍ය බිත්තිවලින් නිමවනලද කොටස් වශයෙන් ප්‍රමාණකොට බෙදනලද්දාවූ සිත්කළු බිම්කොටස් වලින් යුක්තවූ මේ විමානය බබළයි.
|
546
‘‘ආළම්බරා මුදිඞ්ගා ච, නච්චගීතා සුවාදිතා;
දිබ්යා සද්දා නිච්ඡරන්ති, සවනීයා මනොරමා.
|
546
“මනාකොට වාදනය කරණලද්දාවූ පණාබෙරද, මිහිඟු බෙරද, නෘත්‍ය ගීතයෝද, කණට මිහිරිවූ සිත්කළුවූ දිව්‍යශබ්ද නිකුත්කෙරෙත්.
|
547
‘‘නාහං එවංගතං ජාතු
(ජාතං (ක.)), එවංසුරුචියං පුරෙ;
සද්දං සමභිජානාමි, දිට්ඨං වා යදි වා සුතං.
|
547
“මෙසේ සිත්කළුබවට පැමිණියාවූ මෙසේ මනොඥ වූ පෙර දක්නාලද හෝ අසනලද හෝ ශබ්දයක් කිසි කලෙකත් මම නොදනිමි.
|
548
‘‘විත්තී
අයං නු මච්චො කිමකාසි සාධුං, යො මොදති සග්ගපත්තො විමානෙ’’.
|
548
“සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලී නම් දේවසාරථිය, ඔබ විචාරමි. ස්වර්ගයට පැමිණියාවූ යමෙක් මේ විමානයෙහි සතුටුවේද, මේ සත්වතෙම කිනම් යහපතක් කෙළේදැයි” ඇසීය.
|
549
තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
549
අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
550
‘‘බාරාණසියං ගහපති, එස දානපතී අහු;
ආරාමෙ උදපානෙ ච, පපා සඞ්කමනානි ච;
අරහන්තෙ සීතිභූතෙ, සක්කච්චං පටිපාදයි.
|
550
“මහරජ, මෙතෙම පෙර බරණැස දානපතිවූ ගෘහපතියෙක් විය. හෙතෙම ආරාමයන්ද, පැන් පොකුණුද පැන්හල්ද, සක්මන් මළුද, සිහිල් ගුණයෙන් යුක්තවූ රහතුන්ට සකස්කොට සම්පාදනය කළාහුද
|
551
‘‘චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං;
අදාසි උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා.
|
551
“චීවරද පිණ්ඩපාතයද ගිලන්පසද ශයනාසනද ඍජු ගුණ ඇත්තවුන් විෂයෙහි විශේෂයෙන් ප්‍රසන්නවූ සිතින් දුන්නාහුද,
|
552
‘‘චාතුද්දසිං පඤ්චදසිං, යා ච පක්ඛස්ස අට්ඨමී;
පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාහිතං.
|
552
“තුදුස්වක් දිනය පසළොස්වක් දිනය පක්ෂය සම්බන්ධ අටවක් දිනය ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂය යන මේ දිනයන්හි අංග අටකින් යුක්තවූ ශීලය සමාදන් වූවාහුද
|
553
‘‘උපොසථං උපවසී, සදාසීලෙසු සංවුතො;
සංයමා
|
553
හැමකල්හි ශීලයන්හි යුක්තවූවාහු පෙහෙවස් විසුවාහුද, ශීල සංයම ඇත්තාවූද දාන සංවිභාග ඇත්තාවූද ඔව්හු මේ විමානයෙහි සතුටු වෙත්යයි” කීයේය.
|
554
‘‘යථා උදයමාදිච්චො, හොති ලොහිතකො මහා;
තථූපමං ඉදං බ්යම්හං, ජාතරූපස්ස නිම්මිතං.
|
554
“ලේවන්වූ මහත්වූ උදාවන්නාවූ සූර්‍ය්‍යයා යම්සේ වේද, ස්වර්ණයෙන් නිමවනලද මේ විමානය එබඳුවේ.
|
555
‘‘විත්තී හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි;
අයං නු මච්චො කිමකාසි සාධුං, යො මොදතී සග්ගපත්තො විමානෙ’’.
|
555
“සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලී නම් දේවසාරථිය, ඔබ විචාරමි. ස්වර්ගයට පැමිණියාවූ යමෙක් මේ විමානයෙහි සතුටු වේද මේ සත්වතෙම කිනම් යහපතක් කෙළේදැයි” ඇසීය.
|
556
තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
556
අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
557
‘‘සාවත්ථියං ගහපති, එස දානපතී අහු;
ආරාමෙ උදපානෙ ච, පපා සඞ්කමනානි ච;
අරහන්තෙ සීතිභූතෙ, සක්කච්චං පටිපාදයි.
|
557
මහරජ, මෙතෙම පෙර සැවැත්නුවර දානපතිවූ ගෘහපතියෙක් විය. හෙතෙම ආරාමයන්ද, පැන් පොකුණුද, පැන්හල්ද, සක්මන් මළුද, සිහිල් ගුණයෙන් යුක්තවූ රහතුන්ට සකස්කොට සම්පාදනය කළාහුද
|
558
‘‘චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං;
අදාසි උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා.
|
558
“චීවරද පිණ්ඩපාතයද ගිලන්පසද ශයනාසනද ඍජු ගුණ ඇත්තවුන් විෂයෙහි විශේෂයෙන් ප්‍රසන්නවූ සිතින් දුන්නාහුද,
|
559
‘‘චාතුද්දසිං
පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාහිතං.
|
559
“තුදුස්වක් දිනය පසළොස්වක් දිනය පක්ෂය සම්බන්ධ අටවක් දිනය ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂය යන මේ දිනයන්හි අංග අටකින් යුක්තවූ ශීලය සමාදන් වූවාහුද
[හැමකල්හි ශීලයන්හි යුක්තවූවාහු පෙහෙවස් විසුවාහුද, ශීල සංයම ඇත්තාවූද දාන සංවිභාග ඇත්තාවූද ඔව්හු මේ විමානයෙහි සතුටු වෙත්යයි” කීයේය. ]
|
560
‘‘උපොසථං උපවසී, සදා සීලෙසු සංවුතො;
සංයමා සංවිභාගා ච, සො විමානස්මි මොදති.
|
560
“හැමකල්හි සීලයන්හි පිහිටියාවූ හෙතෙම පෙහෙවස් විසීය. සිල්රැක්කාවූද, දන් දුන්නාවූද හෙතෙම මේ විමානයෙහි සතුටුවේයයි” කීයේය.
|
561
‘‘වෙහායසා මෙ බහුකා, ජාතරූපස්ස නිම්මිතා;
දද්දල්ලමානා ආභෙන්ති, විජ්ජුවබ්භඝනන්තරෙ.
|
561
“ස්වර්ණයෙන් නිමවනලද්දාවූ ආකාශස්ථවූ මේ බොහෝ විමානයෝ ඝණ වළාකුල් අතර විදුළිය මෙන් දිළිසෙමින් බබළත්.
|
562
‘‘විත්තී
ඉමෙ නු මච්චා කිමකංසු සාධුං, යෙ මොදරෙ සග්ගපත්තා විමානෙ’’.
|
562
“සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලී නම් දේව සාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණියාවූ යම් කෙනෙක් මේ විමන්වල සතුටු වෙද්ද, මේ සත්වයෝ කිනම් යහපතක් කළාහුදැයි” ඇසීය.
|
563
තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
563
අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
564
‘‘සද්ධාය සුනිවිට්ඨාය, සද්ධම්මෙ සුප්පවෙදිතෙ;
අකංසු සත්ථු වචනං, සම්මාසම්බුද්ධසාසනෙ
(සම්මාසම්බුද්ධසාවකා (ස්‍යා.), සම්මාසම්බුද්ධසාසනං (පී.));
තෙසං එතානි ඨානානි, යානි ත්වං රාජ පස්සසි.
|
564
“මහරජ, පෙර මනාකොට ප්‍රකාශ කළාවූ කාශ්‍යප බුද්ධශාසනයෙහි යම්කෙනෙක් මනාව පිහිටියාවූ ශ්‍රද්ධාවෙන් සර්වඥ ශාසනයවූ ශාස්තෲන් වහන්සේගේ වචනය කළාහුද, මහරජ, යම් විමානයක් ඔබ දක්නෙහි නම් මේ විමාන ඒ ආර්‍ය්‍යයන්ගේ විමාන වෙත්යයි” කීයේය.
|
565
‘‘විදිතා තෙ මහාරාජ, ආවාසා පාපකම්මිනං;
අථො කල්යාණකම්මානං, ඨානානි විදිතානි තෙ;
උය්යාහි දානි රාජීසි, දෙවරාජස්ස සන්තිකෙ’’.
|
565
“මහරජ, ඔබවිසින් පළමුකොටම පාපකර්ම කළවුන්ගේ වාසස්ථානවූ තැන් දැනගන්නා ලදී ඉන්පසු කුශලකර්ම කළවුන්ගේ ස්ථාන ඔබවිසින් දක්නා ලදහ මහරජ, දැන් සක්දෙව් රජහුගේ සමීපයෙහි සම්පත් දැකීමට යවයි” මාතලීතෙම කීයේය.
|
566
‘‘සහස්සයුත්තං හයවාහිං, දිබ්බයානමධිට්ඨිතො;
යායමානො මහාරාජා, අද්දා සීදන්තරෙ නගෙ;
දිස්වානාමන්තයී සූතං, ‘‘ඉමෙ කෙ නාම පබ්බතා’’.
|
566
“දහසක් අසුන් යොදනලද අසුන් විසින් උසුලනු ලබන්නාවූ දිව්‍ය යානාවට නැඟී ගමන් කරන්නාවූ නිමි මහරජතෙම සිදන්ත සාගරයෙහිවූ පර්වතයන් දුටුවේය. දැක මේ කිනම් පර්වතදැයි” සාරථිහු ආමන්ත්‍රණයකොට විචාළේය.
|
567
(අයං ගාථා සී. ස්‍යා. පී. පොත්ථකෙසු අට්ඨකථායඤ්ච න දිස්සති) තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො
(අයං ගාථා සී. ස්‍යා. පී. පොත්ථකෙසු අට්ඨකථායඤ්ච න දිස්සති).
|
567
සුදස්සනය, කරවීකය ඊසධරය, යුගන්ධරය නෙමින්ධරය, විනතකය, අස්සකණ්ණා යන මහත් පර්වත සතක් වෙත්.
|
568
‘‘සුදස්සනො කරවීකො, ඊසධරො
(ඉසින්ධරො (ස්‍යා.), ඊසන්ධරො (ක.)) යුගන්ධරො;
නෙමින්ධරො විනතකො, අස්සකණ්ණො ගිරී බ්රහා.
|
568
මහරජ, ඔබ යම් පර්වතයක් දක්නෙහිද, පිළිවෙළින් උස්ව නැංගාවූ සතරවරම් මහරජ දරුවන්ට වාසස්ථානවූ මේ පර්වතයෝ සීදන්ත සමුද්රයෙහිවූ පර්වත වෙත් යයි” කීයේය.
|
569
‘‘එතෙ
මහාරාජානමාවාසා
|
569
“නොයෙක් රූප ඇත්තාවූ මනොඥවූ නොයෙක් රුවණින් විසිතුරුවූ ව්‍යාඝ්‍රයන් විසින් මනාව රක්නා ලද්දක් මෙන් ඉන්ද්රයා හා සමානවුවන්ගෙන් ගැවසීගන්නා ලද්දක් පෙනේ
|
570
‘‘අනෙකරූපං රුචිරං, නානාචිත්රං පකාසති;
ආකිණ්ණං ඉන්දසදිසෙහි, බ්යග්ඝෙහෙව සුරක්ඛිතං
(පුරක්ඛිතං (ස්‍යා. ක.)).
|
570
“සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලීනම් දෙවසාරථිය, ඔබ විචාරමි. මේ දොරටුව කිනම් ඇත්තක්ය කියද්දැයි” ඇසීය.
|
571
‘‘විත්තී හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි;
ඉමං නු ද්වාරං කිමභඤ්ඤමාහු
(කිමභිඤ්ඤමාහු (සී. පී.)), (මනොරම දිස්සති දූරතොව.)
(( ) අයං පාඨො ස්යාමපොත්ථකෙයෙව දිස්සති)
|
571
අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
572
තස්ස
විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
572
දෙව්රජුන්ගේ ඇතුල්වීම ඇත්තාවූ යමක් චිත්‍ර කූටයයි කියද්ද, සුදස්සන නම් පර්වතයාගේ මේ දොරටුව පෙනේ.
|
573
‘‘චිත්රකූටොති යං ආහු, දෙවරාජපවෙසනං;
සුදස්සනස්ස ගිරිනො, ද්වාරඤ්හෙතං පකාසති.
|
573
නොයෙක් රූපඇති මනොඥවූ නොයෙක් රුවණින්, විසිතුරුවූ ව්‍යාඝ්‍රයන් විසින් මනාව රක්නාලද වනයක් මෙන් ඉන්ද්රයා හා සමානවූ ප්‍රතිමාවලින් ගැවසී ගත්තාවූ මේ දෙව්නුවර දොරටුව වේ. මහරජ, මේ දොරටුවෙන් ඇතුල්වුව මැනව. රජස් රහිතවූ භූමිය අනුක්‍රමන කළ මැනවැයි” මාතලී දෙව්පුත්තෙම කීයේය.
|
574
‘‘අනෙකරූපං රුචිරං, නානාචිත්රං පකාසති;
ආකිණ්ණං ඉන්දසදිසෙහි, බ්යග්ඝෙහෙව සුරක්ඛිතං;
පවිසෙතෙන රාජීසි, අරජං භූමිමක්කම’’.
|
574
දහසක් අසුන් යොදන ලද්දාවූ අසුන් විසින් උසුලනු ලබන්නාවූ දිව්‍යයානයට නැග ගමන් කරන්නාවූ නිමි මහරජතෙම සුධර්මා නම් දිව්‍ය සභාව දුටුවේය.
|
575
‘‘සහස්සයුත්තං හයවාහිං, දිබ්බයානමධිට්ඨිතො;
යායමානො මහාරාජා, අද්දා දෙවසභං ඉදං.
|
575 |
576
‘‘යථා සරදෙ ආකාසෙ
(ආකාසො (සී. ස්‍යා. පී.)), නීලොභාසො පදිස්සති;
තථූපමං ඉදං බ්යම්හං, වෙළුරියාසු නිම්මිතං.
|
576
යම්සේ සරත් කාලයෙහි අහස නීලවර්ණවූයේම දක්නා ලැබේද. එබඳුවූ වෛඩූර්‍ය්‍ය බිත්තිවලින් නිමවනලද මේ විමානය දක්නා ලැබේ.
|
577
‘‘විත්තී හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි;
ඉමං
|
577
සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි, එම්බා මාතලීනම් දෙවසාරථිය, ඔබ විචාරමි. මේ විමානය වනාහි කවර නමක් කියත්දැ”යි ඇසීය.
|
578
තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි;
විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
|
578
අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.
|
579
‘‘සුධම්මා
වෙළුරියාරුචිරා චිත්‍රා, ධාරයන්ති සුනිම්මිතා.
|
579
සුධර්මා නම් දිව්‍ය සභාවයයි යමක් කියද්ද, මෙය බැලුව මැනව, මනහර වෛඩූර්ය්යයෙන් කරණ ලද විසිතුරුවූ මනාව නිමවනලද මේ සභා තොමෝ දක්නා ලැබේ
|
580
‘‘අට්ඨංසා සුකතා ථම්භා, සබ්බෙ වෙළුරියාමයා;
යත්ථ දෙවා තාවතිංසා, සබ්බෙ ඉන්දපුරොහිතා.
|
580
අටැස් ඇත්තාවූ මනාව කරණ ලද්දාවූ සියල්ල වෛඩූර්‍ය්‍යමය ස්තම්භයෝ මෙය දරණු ලබත්. යම් සභාවෙක්හි ශක්‍රයා ප්‍රධාන කොට ඇති සියලු තව්තිසා වැසි දෙවියෝ
|
581
‘‘අත්ථං දෙවමනුස්සානං, චින්තයන්තා සමච්ඡරෙ;
පවිසෙතෙන රාජීසි, දෙවානං අනුමොදනං’’.
|
581
දෙවිමිනිසුන්ගේ අභිවෘද්ධිය සිතමින් එක්ව හිඳිද්ද මහරජ, මේ මාර්ගයෙන් දෙවියන්ගේ සතුට ඇත්තාවූ එතනට ඇතුල්වුව මැනවයි” මාතලීතෙම කීයේය.
|
582
‘‘තං දෙවා පටිනන්දිංසු, දිස්වා රාජානමාගතං;
‘‘ස්වාගතං තෙ මහාරාජ, අථො තෙ අදුරාගතං;
නිසීද දානි රාජීසි, දෙවරාජස්ස සන්තිකෙ’’.
|
582
එහි පැමිණියාවූ ඒ රජහු දැක දෙවියෝ පිළිගෙණ සතුටුවූහ. “මහරජ ඔබගේ, යහපත් පැමිණීමකි. තවද ඔබගේ අයහපත් පැමිණීමක් නොවේ.
“මහරජ, දැන් සක්දෙව් රජහුගේ සමීපයෙහි අස්නෙක හිඳගණු මැනව”
|
583
‘‘සක්කොපි පටිනන්දිත්ථ
(පටිනන්දිත්වා (ක.)), වෙදෙහං මිථිලග්ගහං;
නිමන්තයිත්ථ
(නිමන්තයී ච (සී. පී.)) කාමෙහි, ආසනෙන ච වාසවො.
|
583
සක්දෙව්රජතෙමේද, මියුළු නුවර රාජධානිකොට ඇති වේදේහ රජු පිළිගනිමින් සතුටු වීය. සක්දෙව් රජතෙම කම්සැපවලින්ද සුදුසු අස්නකින්ද රජුට පැවරීය.
|
584
‘‘සාධු ඛොසි අනුප්පත්තො, ආවාසං වසවත්තිනං;
වස දෙවෙසු රාජීසි, සබ්බකාමසමිද්ධිසු;
තාවතිංසෙසු දෙවෙසු, භුඤ්ජ කාමෙ අමානුසෙ’’.
|
584
“මහරජ, දෙවියන්ගේ වාසස්ථානයට ඔබගේ පැමිණීම යහපත්වේ. සියළු කාමසම්පත්තියෙන් සමෘද්ධව වාසය කරව. තව්තිසා වැසි දෙවියන් අතර දිව්‍යමයවූ කම්සැප අනුභව කරවයි” ශක්‍රතෙම කීයේය.
|
585
‘‘යථා
එවංසම්පදමෙවෙතං, යං පරතො දානපච්චයා.
|
585
“අනුන් වෙතින් දීම හේතුකොටගෙණ යම් සම්පත්තියක් ලබාද, මේ සම්පත්තියද අනුන්ගෙන් ඉල්වා ගන්නාලද යානාවක් යම්සේද අනුන්ගෙන් ඉල්වා ගන්නාලද ධනයක් යම්සේද මෙසේ දතයුතුයි.
|
586
‘‘න චාහමෙතමිච්ඡාමි, යං පරතො දානපච්චයා;
සයංකතානි
|
586
“යම් සම්පත්තියක් අනුන් වෙතින් දීම හේතුකොට ගෙණ ලැබේද මෙය මම නොකැමැත්තෙමි. තෙමේ කරණ ලද්දාවූ යම් පිංකම් වෙද්ද, එය මාගේ අනුන් හා අසාධාරණවූ ධනයවේ.
|
587
‘‘සොහං ගන්ත්වා මනුස්සෙසු, කාහාමි කුසලං බහුං;
දානෙන සමචරියාය, සංයමෙන දමෙන ච;
යං කත්වා සුඛිතො හොති, න ච පච්ඡානුතප්පති’’.
|
587
“ඒ මම ගොස් මිනිසුන් අතර යම් පින්කම් කොට සුවපත්වේද පසුතැවිලි නොවේද, දානයෙන්ද තුන් දොරින් සමව හැසිරීමෙන්ද සිල්රැකීමෙන්ද, ඉන්ද්රිය දමනයෙන්ද එබඳුවූ බොහෝ කුසල් කරන්නෙමියි’ නිමි රජතෙම මෙසේ ධර්මදේශනා කෙළේය.
|
588
‘‘බහූපකාරො නො භවං, මාතලි දෙවසාරථි;
යො මෙ කල්යාණකම්මානං, පාපානං පටිදස්සයි’’
(පටිදංසයි (පී.)).
|
588
“යමෙක් මට කුශල කර්මයන් කළවුන් වසන තැන් හා පාපකර්මය කළවුන් වසන තැන් දැක්වූයේද, ඒ මේ පින්වත් මාතලීනම් දෙව්රියැදුරු තෙමේ අපට බොහෝ උපකාර ඇත්තේවීයයි” මාතලීදෙව්පුත්හට ප්‍රශංසා කෙළේය.
|
589
‘‘ඉදං වත්වා නිමිරාජා, වෙදෙහො මිථිලග්ගහො;
පුථුයඤ්ඤං යජිත්වාන, සංයමං අජ්ඣුපාගමී’’ති.
|
589
මියුළු නුවර රාජධානිකොට ඇත්තාවූ විදෙශාධිපතිවූ නිමි රජතෙම මේ (මාගේ හිසෙහි යනාදි) ගාථාව කියා මහත්වූ දානයදී සීලසංයමයට හෙවත් තපසට ගියේයයි” වදාළේය.
|
542. උමඞ්ගජාතකං (5) | 542. උම්මග්ග ජාතකය |
590
‘‘පඤ්චාලො
සායං පඤ්චාලියා සෙනා, අප්පමෙය්යා මහොසධ.
|
590
[1 මාංශ ප්රශ්නය, ගොන් ප්රශ්නය, ගණ්ඨි ප්රශ්නය, සූත්‍ර ප්රශ්නය, පුත්‍ර ප්රශ්නය, කාලගෝල ප්රශ්නය, රථ ප්රශ්නය යන සතද දණ්ඬ ප්රශ්නය, ශීර්ෂ ප්රශ්නය, අහි ප්රශ්නය, කුක්කුට ප්රශ්නය, මණි ප්රශ්නය, විජායන ප්රශ්නය, ඕදන ප්රශ්නය, වාළුක ප්රශ්නය, තඩාක ප්රශ්නය, උද්‍යාන ප්රශ්නය, ගද්‍රභ ප්රශ්නය, මණි ප්රශ්නය යන මේ දොළොසදැයි මෙහි එකුන් විස්සක් (19) ප්‍රශ්නයෝ වෙත්.
සූත්‍ර ප්රශ්නය
මෙහි සර්වසංහාරක නම් ගන්‍ධයෙක් නැත්තේය. පිරිසිදුවූ පුවඟු මල් සුවඳ හමයි මේ ධූර්ති ස්ත්‍රීතොමෝ බොරු කියන්නීය. මහළු ස්ත්‍රී ඇත්ත කියයි” කීයේය.
ගද්‍රභ ප්රශ්නය
“රාජොත්තමය, ඉදින් ඔබ සියලු තන්හි පුත්‍රයාට වඩා පියා උතුම්යයි මෙසේ හඟින්නෙහි නම්, ඔබගේ අශ්වතරයාට වඩා මේ කොටළුතෙම උතුම් වන්නේය. කුමක් හෙයින්දයත්. ගද්රභතෙම අශ්වතරයාගේ පියා වේද, එහෙයිනැයි” කීයේය
කකණ්ටක ප්රශ්නය
1 “පෙර මේ කටුසුතෙම තොරණ අග සිට හිස උස් නොකෙරෙයි. එම්බා මහෞෂධය, මේ කටුසුතෙම කවර කාරණයකින් මෙසේ තදබවට පැමිණියේද කියා දෙනුවයි” වේදේහ රජතෙම කීයේය.
2 “මේ කටුසුතෙම නොලදවිරූ අඩමස්සක් වටිනා රත්රන් ලද බැවින් මියුළුනුවරට අධිපතිවූ වේදේහ නම් රජහු ඉක්මවා හඟීයයි” පණ්ඩිතතෙම කීයේය
සිරි කාලකන්නි ප්රශ්නය
1 “එම්බා මහෞෂධය, ස්ත්‍රි තොමෝ රූ ඇත්තියක් වන්නීය. ඕතොමෝ ආචාරයෙන් යුක්තද වන්නීය. යම් පුරුෂයෙක් එබඳු ස්ත්‍රිය නොකැමැති වන්නේයයි අදහන්නෙහිදැයි” රජතෙම ඇසීය.
2 “මහරජ, පුරුෂතෙම පිංමද එකෙක් වන්නේ නම් ශ්‍රී තොමෝද කාලකණ්ණිවූවාද, කිසිකලෙකත් සමාන නොවෙත්. එබැවින් අදහමියි” පණ්ඩිතතෙම කීයේය.
මෙණ්ඩක ප්රශ්නය
1 “මේ ලෝකයෙහි යම් කෙනෙකුන්ගේ කිසිකලෙකත් සත් පියවරක් පමණවත් ගියාවූ මිත්‍රකමක් නුවූවිරූද සතුරුවූ දෙදෙනෙක් යහළු වූවාහු මිත්රකමින් එකකුව හැසිරෙත්. ඊට හේතු කවරේදැයි” රජ තෙම පඬිවරුන්ගෙන් ඇසීය.
2 “ඉදින් අද පෙරබත් කාලයෙහි තෙපි මට මේ ප්රශ්නය විසඳාකියන්ට නොහැකිවන්නාහු නම්, තෙපි සියල්ල රටින් පිටුවහල් කරන්නෙමි. දුෂ්ප්‍රාඥ ස්වභාව ඇත්තවුන්ගෙන් මට වැඩෙක් නැත්තේමයයිද” රජතෙම කීයේය.
3 “මහරජ, මහජන රැස්වීම් ඇති තන්හි දැඩිවූ ජනයා ගේ කෝලාහල ඇතිවූ කල්හි විසිර ගියාවූ සිත් ඇති නොයෙක් දේ ගැන සිතන්නාවූ අපි මේ ප්රශ්නය විසඳා කියන්ට නොහැකිවෙමු.
4 “මහරජ, මේ පණ්ඩිතයෝ තනි තනිව රහසිගතව එකඟ සිත් ඇත්තෝ කාරණය නිරවශෙෂ වශයෙන් සිතා ඉතා විවේක තැනක හිඳ කල්පනාකොට ඉක්බිති මේ කාරණය කියත්යයි” සේනක පණ්ඩිත තෙම කීයේය.
5 “උසස් ඇමති පුත්‍රයන්ටද, රාජ පුත්‍රයන්ටද එළුමස ප්‍රිය මනාප වේ. ඔව්හු ශුනකයාගේ මස අනුභව නොකරත්. එසේ ඇතිකල්හි එළුවාගේ බල්ලා හා යහළුකම වන්නේයයි” සේනකතෙම කීයේය.
6 “මහරජ, අසුපිට ඇතිරීම් සුවය හේතුකොට ගෙණ එළුවාගේ සම ගසාගනිත්. ඔව්හු ශුනඛයාගේ හම නො අතුරත්. එසේ ඇතිකල්හි එළුවාගේ ශුනකයා හා යහළුකම වන්නේයයි” පුක්කුසතෙම කීයේය.
7 “එළුවා වනාහි ඇඹරීගිය අං ඇත්තෙක් වේ. ශුනකයාගේ අං නැත. එළුවා තණ කන්නේද බල්ලා මස් බුදින්නෙක්දවේ. එසේ ඇතිකල්හි එළුවාගේ බල්ලා හා මිත්‍රකම වන්නේයි” කාවින්දතෙම කීයේය.
8 “එළුවා තණ කන්නෙක්ද කොළ කන්නෙක්දවේ. බල්ලා තණ කන්නෙක් නොවේ. කොළ ද නොකයි. බල්ලා සාවාද බළලාද කෑමට අල්ලාගන්නේය. එසේ ඇතිකල්හි එළුවාගේ බල්ලා හා මිත්‍රකම් වන්නේයයි” දේවින්දතෙම කීයේය.
9 “අර්ධවූ අෂ්ටපාදයක් හෙවත් සතර පයක් ඇති නිය අටක් හෙවත් කුර අටක් ඇති මේ එළුවා නොපෙනී සතර පාදයක් ඇති මේ ශුනකයාට මස් ගෙණඑයි. මේ ශුනක තෙම එකී එළුවාට තණකොළ ගෙණ එයි.
10 “ප්‍රාසාද මතුමහලට ගියාවූ විදෙශාධිපතිවූ රජතෙම වනාහි බළලාගේද, එළුවාගේද ඔවුනොවුන්ගේ ආහාරය පිළිබඳවූ ඒ මේ ගණුදෙනුව ප්රත්යක්ෂකොට දැක්කේයයි” මහෞෂධ පණ්ඩිතතෙම කීයේය.
11 “ප්‍රාඥවූ යම්කෙනෙක් ගැඹුරුබවට ගියාවූ සියුම්වූ අර්ථය සුභාෂිතයෙන් දැන කියද්ද, යම්බඳුවූ මාගේ රාජ කුලයෙහි මෙබඳු පණ්ඩිතයෝ වෙද්ද, ඒකාන්තයෙන් මෙය මට මහත් ලාභයකියි” රජතෙම කීයේය.
12 “එක එක අස් වෙළඹුන් යෙදූ රථයක්ද එක එක පිරීගියාවූ ගම්වරයක්ද යන සියල්ල ශුභාෂිතයෙන් ඉතා සතුටු සිත් ඇති මට පණ්ඩිතවූ තොපට දෙමියි” කියා රජතෙම සියල්ල දෙවුයේය.
සිරිමන්ද ප්රශ්නය
1 එම්බා සේනකය, ප්‍රඥාවෙන් යුක්තවූ සම්පත්තියෙන් තොරවූවහුද, යශස් ඇත්තාවූ ප්‍රඥාව නැත්තහුද, මොවුන් දෙදෙනාගෙන් කවරෙකු උතුම්යයි පණ්ඩිතයෝ කියද්ද, මේ කාරණය ඔබ විචාරමියි” රජතෙම කීයේය.
2 “මහරජ, ඒකාන්තයෙන් ප්‍රාඥයෝද, අඥානයෝද, ශිල්ප දන්නාහුද, ශිල්ප නොදන්නාහුද මනා ජාති ඇත්තාහුද යන සියල්ලෝ මනා ජාති නැත්තාවූ සම්පත් ඇත්තහුගේ මෙහෙකරුවෝ වෙත්. මේ කරුණද දැක ප්‍රඥා ඇත්තේ නිහීනය සම්පත් ඇත්තේම උතුම්යයි මම කියමියි” සේනක තෙම කීයේය.
3 “අලාමක ප්‍රඥා ඇති සියලු ධර්මයන් දක්නාසුළු මහෞෂධය ඔබද විචාරමි. අඥානවූ සම්පත් ඇත්තහුද, පණ්ඩිතවූ සම්පත් නැත්තහුද යන මේ දෙදෙනා අතුරෙන් කවරෙක් උතුම්යයි පණ්ඩිතයෝ කියද්දැයි” රජතෙම ඇසීය.
4 “මහරජ, මේ ලෝකයෙහි මේ එෛශ්චර්ය්යම ශ්‍රේෂ්ඨ යයි හඟිමින් අඥානතෙම පව්කම් කරයි. මෙලොව දක්නාසුළු පරලොව නොදක්නාවූ අඥානතෙම දෙලොවෙහිම පරාජය ගණියි. මේ කාරණයද දැක ප්‍රඥාව ඇත්තාම උතුම් වේ. යශස් ඇත්තාවූ අඥානයා උතුම් නොවේයයි මම කියමියි” මහෞෂධ තෙම කීයේය.
5 “මහරජ, මේ ශිල්පය සම්පත් නොදරයි. නෑයන් ඇත්තෙක්ද, නොකරයි. ශරීරාවකාශයක්ද නොවේ. කෙළ වැගිරෙන්නාවූ මුඛ ඇති සැප විඳින්නාවූ මේ ගෝරිමන්ද සිටුහු බැළුව මැනව. ශ්‍රී තොමෝ වනාහි ඔහු භජනය කෙරේ. මේ කරුණද දැක ප්‍රඥා ඇත්තේ නිහීනය. සම්පත් ඇත්තේම උතුම්යයි මම කියමි.” සේනකතෙම කීයේය.
6 “මහරජ, මද ප්‍රඥා ඇත්තේ සැපය ලැබ මත්වේ. දුකින් ස්පර්ශ කරණලද්දේද මුළාවීමට පැමිණේ. ආගන්තුගවූ සුවදුක් දෙකින් ස්පර්ශ කරණලද්දේ අව්වෙහි තබනලද මත්ස්‍යයෙකු මෙන් සැලෙයි. මේ කරුණද දැක ප්‍රඥාව ඇත්තේම උතුම්වේ. සම්පත් ඇති අඥානය උතුම් නොවේ යයි මම කියමියි” මහෞෂධතෙම කීයේය.
7 “මහරජ, යම්සේ වනයෙහි මිරිරි පල ඇති රුක පක්ෂීහු හාත්පසින් හැසිරෙද්ද, මෙසේම ආඪ්‍යවූ ධන සහිතවූ සම්පත් ඇත්තාවූ පුද්ගලයා බොහෝදෙනා සම්පත් හේතුවෙන් භජනය කෙරෙයි. මේ කාරණය දැක ප්‍රඥා ඇත්තා උතුම් නොවේ සම්පත් ඇත්තේම උතුම්වේ යයි මම කියමියි” සේනකතෙම කීයේය.
8 “මහරජ, බලවත්වූ අඥානතෙම යහපත් නොවේ. හෙතෙම සාහසික වශයෙන් ධනය ලබයි. පසුව නිරය පාලයෝ අඥානවූ ඔහු අඬද්දීම දරුණු දුක් ඇති නිරයට ඇද ගනිත්. මේ කාරණයද දැක ප්‍රඥා ඇත්තාම උතුම්ය. යශස් ඇති බාලතෙමේ උතුම් නොවේයයි මම කියමියි” මහෞෂධ තෙම කීයේය.
9 “යම්කිසි ඇල දොලවල් ගඟ කරා ගලා බසිද්දී ඒ සියල්ලෝම තමතමන්ගේ නාමගොත්‍ර හැර දමත්. මුහුදට ගලාබසින්නාවූ ගංගාවද නමින් ප්‍රකට නොවේද, එපරිද්දෙන්ම ලෝවැසිතෙම ඉසුරුමත් තැනැත්තා ප්‍රධානකොට ඇත්තේය. මේ කරුණද දැක මම ප්‍රඥාවන්තයා නිහීනය සම්පත් ඇත්තේම උතුම්යයි කියමියි” සේනකතෙම කීයේය.
10 “යම් මේ මහා සාගරයක් ඔබ කීයෙහිද, අපමණවූ බොහෝ කලක් එයට ඇල-දොලවල් ගලා බසිත්. ඒ සාගරය තෙම නිතර මහත්වූ රලවේග ඇත්තේය. එසේ නමුත් මහා සමුද්‍රයතෙම වෙරල නොයික්මවාද,
11 “මෙපරිද්දෙන්ම අඥානයාගේ කථාවෝ නුවණ ඇත්තහු නොඉක්මවත්. ශ්‍රී තොමෝද කිසිකලෙකත් ප්‍රඥාවන්තයා නොඉක්මවයි. මේ කාරණයද දැක ප්රඥාවන්තයාම උතුම්වේ. යශස් ඇති අඥානතෙම උතුම් නොවේය කියමියි” මහෞෂධතෙම කීයේය.
12 “කායාදී සංයම නැත්තාවූද, යශපිරිවර ඇත්තේ ඉදින් විනිශ්චය ස්ථානයෙහි සිට අනුන්ට කරුණක් කියාද, ඔහුගේම ඒ කීම නෑ සමූහයා මැද නගියි. ශ්‍රී තොමෝ වනාහි එය කරවයි ප්‍රඥාව එසේ නොකරයි. මේ කරුණ දැක මම ප්‍රඥා ඇත්තේ හීනවේ. සම්පත් ඇත්තේම උසස්වේය කියමියි” සේනකතෙම කීයේය.
13 “මද ප්‍රඥා ඇත්තාවූ යම් බාලයෙක් අනුන්ගේ හෝ තමන්ගේ හේතුවෙන් බොරු කියාද, හෙතෙම සභා මධ්‍යයෙහි නින්දා ලද්දෙක්වේ. පරලොවටද යන්නාවූ හෙතෙම දුර්ගතියට යන්නෙක්වේ. මේ කාරණයද දැක මම ප්‍රඥා ඇත්තාම උතුම්වේ යශස් ඇත්තාවූ බාලයා උතුම් නොවේයයි කියමියි’ මහෞෂධතෙම කීයේය.
14 “සහල් නැලියක්වත් නැති ස්වල්ප ධන නැත්තාවූ දිළිඳුවූ බොහෝ ප්‍රඥා ඇත්තා ඉදින් කාරණයක් නමුත් කියයි නම්, ඔහුගේ ඒ කීම නෑයන් මැද නොනගියි. ශ්‍රී තොමෝද ප්‍රඥා ඇත්තහුට නොවේ. මේ කාරණයද දැක ප්‍රඥා ඇත්තා හීනය සම්පත් ඇත්තාම උසස්යයි කියමියි” සේනක තෙම කීයේය.
15 “මහත් ප්‍රඥා ඇති යමෙක් අනුන් හෝ තමන් හේතු කොට ගෙණද බොරුවක් නොකියාද. හෙතෙම සභා මධ්‍යයෙහි පුදනලද්දෙක් වේ. පරලොවටද පැමිණියාවූ හෙතෙම සුගතියට යන්නෙක්වේ. මේ කාරණයද දැක මම ප්රඥාවන්තයාම උතුම්වේ. යශස් ඇති බාලයා උතුම් නොවේය කියමියි” මහෞෂධතෙම කීයේය.
16 “ඇත්තුද ගවයෝද අශ්වයෝද මාණික්‍ය කුණ්ඩලාභරණයෝද සමෘද්ධ කුලවල උපන් ස්ත්‍රීහුද යන ඒ සියල්ලෝම වස්තු නැත්තාහු වස්තු ඇති පුරුෂයාගේ උපභොග වස්තූහුද වෙත්. මේ කාරණයද දැක මම ප්‍රඥා ඇත්තේ පහත්ය. සම්පත් ඇත්තේම උසස්ය කියමියි” සේනකතෙම කීයේය.
17 “නොමනාව විධාන කරණලද කර්මාන්ත ඇති නපුරු මන්ත්‍රණ ඇති මන්ත්‍රීන්ගෙන් යුක්තවූ දුෂ්ප්‍රාඥවූ බාලයා සර්පතෙම දිරාගියාවූ සැවයක් මෙන් ශ්‍රී තොමෝ හැර දමයි. මේ කාරණයද දැක මම ප්‍රඥා ඇත්තේම උතුම්ය යශස් ඇත්තාවූ බාලතෙමේ උතුම් නොවේය කියමියි” මහෞෂධ තෙම කීයේය.
18 “ස්වාමීනි, අපි පණ්ඩිතයෝ පස්දෙන සියල්ලෝ ඇදිළි බැඳගත්තාහු පැමිණ සිටියාහුය. නුඹවහන්සේ භූතයන්ට අධිපතිවූ සක්දෙව් රජහු මෙන් අප සියල්ලන් මැඩගෙණ සිටි අධිපතියා වෙහිය. මේ කරුණද දැක මම ප්‍රඥාවන්තයා පහත්ය සම්පත් ඇත්තේම උතුම්ය කියමියි” සේනකතෙම කීයේය.
19 “එබඳුවූ කටයුතු ඇතිවූ කල්හි යශස් ඇත්තාවූ බාල තෙමේ ප්‍රඥාවන්තයාට දාසයෙකු මෙන්වේ. පණ්ඩිතතෙම දක්ෂවූ යම් කරුණක් සංවිධාන කෙරේද, එහි බාලතෙම ඉතා මුළාවට පැමිණේ. මේ කාරණයද දැක මම ප්‍රඥා ඇත්තේම උතුම්වේ. යශස් ඇත්තාවූ බාලයා උතුම් නොවේය කියමියි” මහෞෂධතෙම කීයේය.
20 “මහරජ, ඒකාන්තයෙන් ප්රඥාතොමෝම සත්පුරුෂයන් විසින් පසස්නා ලද්දීය. මිනිස්සු සම්පත්හි ඇළුනාහුම වෙත්. එහෙයින් ශ්‍රී තොමෝ ඔවුන් කැමැත්තිය. ඥාන වෘද්ධයන්ගේ ඥානයද, අසමාන ස්වභාව ඇත්තේය. ශ්රීතොමෝ කිසිකලෙකත් ප්‍රඥාවන්තයා නොඉක්මවායයි” මහෞෂධතෙම කීයේය.
21 “සියලු ධර්මයන් දක්නාසුළු මහෞෂධ පණ්ඩිතය, අපි යමක් විචාළෙමුනම් එය අපට කීයේය. ප්‍රශ්න විසඳීමෙන් සතුටුවූ මම් ගවයන් දහසක්ද, ශ්‍රේෂ්ඨවූ හස්තියෙකුද, ආජානීය අසුන් යොදනලද මේ රථ දශයක්ද, ගම්වර සොළසක්ද ඔබට දෙමියි” කියා රජතෙම සියල්ල දෙවූයේය.
ඡන්නපථ ප්රශ්නය
“ස්වාමීනි, ඇතුල් ගමෙහි යම් තැනෙක අත්සුනුකඩයක්ද, කැඳ සල්පිලක්ද ඇත්තේද, යම් තැනෙක්හි මල් පිපුනාවූ කොබෝලීල ගසකුත් වේද, එහි සිට ගම් අතකින් අනුභව කෙරෙම්ද, ඒ අනිත්මග කියමි. යම් අතකින් අනුභව නොකෙරෙම්ද, ඒ අතින් නොයායුතුයයි කියමි. යවමැදුම්ගම අපගේ ගෙදරට මේ මගවේ. මේ සැඟවුනු මාර්ගය දැනගණුමැනවැයි” අමරාදේවි කීවාය.
ඛජ්ජොපනක ප්රශ්නය
1 “මහරජ, යමෙක් අත්වලින් පා වලින් ගසයිද, මුහුණට අනියිද මෙසේ කරන්නාවූ හෙතෙම ඒකාන්තයෙන් ප්‍රියයෙක් වේද, එයින් කවරෙකු දක්නෙහිදැයි” රජතෙම ඇසීය.
2 “කවරෙක් නම් ඇවිලගත් ගිනි ඇති කල්හි ගිනි සෙවීමෙහි ඇවිදිමින් රාත්‍රි කාලයෙහි කණමැදිරියෙකු දැක ගිනියයි හඟීද,
3 “හෙතෙම මේ කණමැදිරියා මත්තෙහි ගොම වැරටීද තණ පර්ණලාද එක්කොට විපරීත සංඥාවෙන් ගිනි පිඹින්නේ ගිනි දල්වන්ට නොහැකිවීද,
4 “එපරිද්දෙන්ම අනුපාය වශයෙන් සොයන්නාවූ අඥනතෙම අර්ථය නොලබයි. යම් ගව අඟකින් කිරි නො ලබාද, ගවයන්ගේ ඒ අඟින් දොවන්නාවූ පුරුෂයා මෙනි.
5 “නානාප්‍රකාරවූ උපායවලින් මිනිස්සු අර්ථයට පැමිණෙත්. අමිත්රයන්ට නිග්‍රහ කිරීමෙන්ද, මිත්‍රයන් සංග්‍රහ කිරීමෙන්ද,
6 “සේනාවන්හි ප්‍රධානවූ ඇමැතියන් ලැබීමෙන්ද, විශ්වාස ඇමැතියන්ගේ උපක්‍රමයෙන්ද, යන උපායවලින් රජවරු ලෝකයෙහි පෘථිවිය හිමකොටගෙණ වාසය කරත්”
භූරි ප්රශ්නය
1 “සේනක පණ්ඩිතතෙම කියනලද්දේ සැබෑවක්මය. මහත් ප්‍රඥා ඇත්තාවූ යම්බඳුවූ ඔබද මද ව්‍යඤ්ජන ඇති බත අනුභව කරන්නෙහිද, ශ්‍රී තොමෝ යම්බඳුයයි කීද ඕතොමෝ එබඳුමය. ඔබගේ ධෛර්‍ය්‍යයද, ප්‍රඥාවද අභාවයාගේ වසඟයට ගියාවූ ඔබ නොරකීයයි” ඇමතිතෙම කීයේය.
2 “සැපය දුකින් මුහුකුරුවන්නාවූ කල් නොකල් සොයමින් කැමැත්ත සැඟවූ පුරුෂතෙම අභිවෘද්ධිහුගේ දොරටු අරින්නේ වෙයි. එහෙයින් මම යවසාලේ බතින් සතුටුවන්නෙමි.
3 “වීර්ය්යකිරීමට සුදුසු කාලයද දැන නුවණින් මාගේ අර්ථය මුහුකුරුවා සිංහවිජෘම්භනයෙන් විජෘම්භනය කරන්නෙමි. ඒ සමෘද්ධියෙන් යුක්තවූ මා නැවතද දක්නෙහි යයි” මහෞෂධතෙම කීයේය.
4 “පණ්ඩිතය, ඇතැම්හු වනාහි සැප ඇත්තාවූ පව් නොකරත්. නැවත සමහරු අපකීර්තිය ලැබීමට භයින් පව් නොකරත්. නුඹ වනාහි සමර්ථවූයේම මහත් අර්ථ සිතන්නේද කවර කාරණයකින් මට දුකක් නොකෙරෙහිදැයි” රජතෙම ඇසීය.
5 “පණ්ඩිතයෝ තමන්ගේ සැපය හේතුකොටගෙණ පාපකර්ම නොකරත්. දුකින් ස්පර්ශ කරණ ලද්දාහු සම්පත්තියෙන් ගිලිහුනාහුද සත්පුරුෂයෝ ඡන්දයෙන්ද ද්වේෂයෙන්ද සුචරිත ධර්මය අත්නොහරිත්යයි” මහෞෂධතෙම කීයේය.
6 “ක්ෂත්රියතෙම මෘදුවූ හෝ දරුණුවූ හෝ යම්කිසි ආකාරයකින් බැගෑපත්වූ තමන් සම්පත්තියෙහි නගාසිටුවන්නේය පසුව සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේයයි” රජ තෙම කීයේය.
7 “යමෙක් යම් ගසක්හුගේ සෙවෙනෙහි හිඳින්නේද, ශයනය හෝ කරන්නේද, හෙතෙම ඒ ගසේ අත්ත නො බිඳින්නේය. කුමක් හෙයින්දයත්, මිත්රද්රෝහිතෙම ලාමකවේ යයි” පණ්ඩිතතෙම කීයේය.
8 “මහරජ, යමෙකුගේ සමීපයෙන් පුරුෂතෙම ස්වල්පවූද, ධර්මයක් දැනගන්නේද, යම් සත්පුරුෂ කෙනෙකුත් ඔහුගේ සැකය දුරුකරද්ද, ඔහු වනාහි ඒ පුද්ගලයාට පිහිටා සිටින හෙයින් දීපයද පරම ප්රතිෂ්ඨාවදවේ. ඔහු හා ප්‍රඥා ඇත්තේ මිත්රභාවය නම් නොනසන්නේයයි” පණ්ඩිතතෙම කීයේය.
9 “කම්සැප අනුභව කරන්නාවූ අලසවූ ගෘහස්ථයා යහපත් නොවේ. සංයම නැත්තාවූ ප්රව්රජිතතෙම යහපත් නොවේ. නොවිමසා කටයුතු කරන්නාවූ රජතෙමේ යහපත් නොවේ. යම් පණ්ඩිතයෙක් කිපෙන සුළුද ඒ යහපත් නොවේ.
10 “ක්ෂත්රියතෙම විමසා බලා කටයුතු කරන්නේය, මහරජ නොවිමසා කටයුතු කිරීම සුදුසු නොවේ. මහරජ, විමසා කටයුතු කරන්නහුගේ යශසද කීර්තියද වැඬේයයි” පණ්ඩිතතෙම කීයේය.
දෙවතා ප්‍රශ්න
1 “යමෙක් අත්වලින් පාවලින් ගසාද මුහුණටත් අනීද, මහරජ, හෙතෙම ඒකාන්තයෙන් ප්‍රියයෙක් වේද, ඒකාරණයෙන් ඔබ කවරෙකු දක්නෙහිදැයි” දේවතා දූ ඇසීය.
2 “යමෙකුට කැමති පරිද්දෙන් බනීද, මොහුගේ ඊමත් නොකැමැති වේද, මහරජ, ඒකාන්තයෙන් හෙතෙම ප්‍රිය වූයෙක්වේ. ඒ කාරණයෙන් ඔබ කවරෙකු දක්නෙහි දැයී” දෙවෙනි ප්රශ්නය ඇසීය.
3 “යමෙක් අභූතයෙන් ගටා බෙනේද, බොරුවකින් චොදනා කෙරේද, මහරජ එකල්හි හෙතෙම ප්‍රියයෙක්වේ. ඒ කාරණයෙක් කවරෙකු ඔබ දක්නෙහිදැයි” තුන්වෙනි ප්රශ්නය ඇසීය.
4 “යමෙක් ආහාරද පාන වර්ගද වස්ත්‍ර ශයනාශනයන්ද හැරගෙණ යන්නේවේද, මහරජ, ඒකාන්තයෙන් හැරගෙණ යන්නාවූම ඔව්හු ප්‍රිය වෙත්. ඒ කාරණයෙන් ඔබ කවරෙකු දක්නෙහි දැයි” සතරවෙනි ප්රශ්නය ඇසීය.
පඤ්චපණ්ඩිත ප්රශ්නය
1 “මෙහි රැස්වූ පස් පඬිවරුනි, මට ප්‍රශ්නයක් වැටහේ. එය අසව්, නින්දා කටයුතු කරුණක් හෝ පැසසියයුතු කරුණක් හෝ රහස් කරුණ කවරෙකුට කියයුතු වන්නේදැයි” රජතෙම ඇසීය.
2 “මහරජ, නුඹ වහන්සේ අපට ප්‍රකාශ කරව, නුඹ වහන්සේ අපගේ ස්වාමියාද බර උසුලන්නාද වේ. එබැවින් පළමුකොට නුඹ වහන්සේම මෙය කියනු මැනව, මහරජ, නුඹ වහන්සේගේ කැමත්තද රුචිවන කරුණුද කල්පනා කොට පණ්ඩිතයෝ පස්දෙන පසුව කියත්යයි” සේනකතෙම කීයේය.
3 “යම් භාර්‍ය්‍යාවක් ආචාර සම්පන්නද අනුන් වසඟයෙහි නොපවත්නීද ස්වාමිහුගේ සිතේ කැමැත්ත පරිදි වසන්නීද, මනවඩන්නීද, එබඳු භාර්‍ය්‍යාවට නින්දා කටයුතු කරුණ හෝ පැසසිය යුත්ත හෝ රහස් කරුණ කියයුතු වන්නේයයි” රජතෙම කීයේය.
4 “යමෙක් දුකට පැමිණියාවූ ආතුරයාට උතුම් ප්‍රතිෂ්ඨාධාර වේද, එබඳු උපකාර ඇති යහළුවාටම නින්දා කටයුතු කරුණක් හෝ පැසසිය යුතු කරුණ හෝ රහස් කරුණ ප්‍රකට කරන්නේයයි” සේනකතෙම කීයේය.
5 “වැඩිමහළුවූද තවද මධ්‍යමවූද බාලවූද යම් සහෝදරයෙක්වේද, ඉදින් හෙතෙම ආචාර සීලයෙන් යුක්තවූ පිහිටීම ස්වභාව කොට ඇත්තෙක් වන්නේ නම් එබඳු සහෝදරයාටම නින්දා කටයුතුවූ හෝ පැසසිය යුතුවූ හෝ රහස් කරුණ කියයුතු වන්නේයයි” පුක්කුසතෙම කීයේය.
6 “යමෙක් ඒකාන්තයෙන් පියාගේ සිතට වසඟව පවතීද, පියාට අනුජාතක පුත්රවේද, ලාමක නොවූ ප්‍රඥා ඇත්තේද එබඳු පුත්‍රයාට නින්දා කටයුතුවූ හෝ ප්‍රශංසා කටයුතුවූ හෝ රහස් කරුණ කියයුතු වන්නේයයි” කාවින්ද තෙම කීයේය.
7 “දෙපා ඇත්තවුන්ට උතුම්වූ මහරජ්ජුරුවෙනි, යම් මවක් කැමැත්තෙන්ද ප්‍රේමයෙන්ද ඒ පුත්‍රයෙකු පොෂණය කෙරේද, එබඳු මවට නින්දා කටයුතුවූ හෝ ප්‍රශංසා කටයුතුවූහෝ රහස් කරුණ කියයුතු වන්නේයයි” දෙවින්දතෙම කීයේය.
8 “මහරජ, සැඟවියයුතු කරුණ වනාහි සැඟවීමට යහපත් වේ. සැඟවිය යුතු කරුණ වනාහි ප්‍රකාශ කිරීම නොපසස්නා ලදී. ප්‍රාඥතෙම අදහස මුදුන් පැමිණෙනතාක් ඉවසන්නේය. මුදුන් පැමිණි අර්ථ ඇත්තේ සුවසේ කියන්නේයයි” මහෞෂධ පණ්ඩිතතෙම කීයේය.
9 “රාජොත්තමය, නුඹවහන්සේ කුමට වෙනස්වූ සිත් ඇත්තෙහිද, දෙපා ඇත්තවුන්ට උත්තමය ඔබගේ යම් වචනයක් නොඅසමි. කුමක් සිතමින් නොසතුටු සිත් ඇත්තේ වෙහිද, දෙවයන් වහන්ස මාගේ කිසියම් වරදක් ඇත්තේදැයි” උදුම්බරා දේවි ඇසුවාය.
10 “මහත් ප්‍රඥා ඇත්තාවූ මහෞෂධපණ්ඩිතතෙම මැරිය යුතුයයි. ඔහු මැරීමට මා විසින් අණ කරණ ලදී. එය සිතන්නාවූ මම නොමනා සිත් ඇත්තේ වෙමි. දේවිය තොපගේ කිසි වරදක් නොමැත්තේයයි” රජතෙම කීයේය.
11 “මහත් ප්‍රඥා ඇති මහෞෂධය ඊයේ සවස ගියාවූ ඔබ දැන් එන්නෙහිය, කුමක් අසා තොපගේ සිත කුමකට සැක කෙරේද කවරෙක් තොපට කිම, රජ සමීපයට නොයවයි කීයේද, එබැවින් ඒ වචනය අසමි. මෙය මට කියවයි” රජතෙම කීයේය.
12 “මහරජ, මහෞෂධපණ්ඩිතතෙම මැරිය යුතුයයි ඉදින් ඔබ විසින් පඬිවරුන්ට කියන ලද්ද, රාත්‍රියෙහි කවරෙකුට කියන ලදද, ඔබවහන්සේ වනාහි රහසිගතව භාර්‍ය්‍යාවට කීයේය. ඒ ප්‍රකාශ කරණ ලද රහස මා විසින් අසන ලදැයි” මහෞෂධතෙම කීයේය.
13 “සේනකතෙම සල් උයනෙහි නොසරුප් ස්වභාව ඇති යම් පවිටු කර්මයක් කෙළේද, මහරජ, රහසිගතව යහළුවෙකුටම එය කීයේය. ප්‍රකට කළාවූ මේ රහස මා විසින් අසන ලදැයි” කීයේය.
14 “මහරජ, ඔබගේ පුක්කුස නම් රාජපුරුෂයාගේ රජුන් විසින් ලංවීමට නුසුදුසු උපන් රෝගයෙක් වේ. හෙතෙම එය රහසිගතව සහෝදරයාටම කීයේය. පහළ කරණ ලද මේ රහසද මා විසින් අසන ලදැයි” කීයේය.
15 “මහරජ, කාවින්දතෙම නරදේව නම් යකෙකු විසින් ස්පර්ශ කරණ ලද්දේ වේ. මේ ආබාධය තෙම රජ කුලයට නොඑළඹිය යුතුවූ නොසරුප් ස්වභාව ඇත්තකි. හෙතෙම රහසිගතව එය තම පුත්‍රයාට කීයේය. පහළ කරණ ලද මේ රහසද මා විසින් අසන ලදැයි” කීයේය
16 “මහරජ, සක්දෙව් රජතෙම මහත් අෂ්ටවංක නම්වූ මාණික්‍ය රත්නයක් ඔබගේ මුත්තණියන්වූ කුශ රජ තුමාට දුන්නේය. අද ඒ මැණික දේවින්දයා අතට පත්විය. රහසිගතව හෙතෙම මවට ප්‍රකට කළාවූ මේ රහසද මා විසින් අසන ලදැයි” මහෞෂධ තෙම කීයේය.
17 “මහරජ, රහස් කරුණ වනාහි සැඟවීමම මැනව. රහස එළිදරව්කිරීම නම් නොම පසස්නා ලදී. ප්‍රාඥතෙම තම අදහස මුදුන් පැමිණෙනතාක් ඉවසන්නේය. නිපන් කරුණු ඇත්තේ සුවසේ කියන්නේය.
18 “සැඟවියයුතු කරුණ ප්‍රකාශ කටයුතු නොවන්නේය. නිධානයක් මෙන් එය රැකිය යුතු වන්නේය. නුවණැත්තහු විසින් රහස ප්‍රකාශ කරණ ලද්දේ සුදුසු නොවේමය. රහස් කරුණ සැඟවිය යුත්තේමය.
19 “පණ්ඩිතතෙම ස්ත්රියටද සතුරාටද රහස නොකියන්නේය. යමෙකුත් යම්කිසි ආමිෂ ලාභයකින් එකතු වන්නේද, යම් මිනිසෙකුත් මිත්‍ර ප්‍රතිරූපකවූ සතුරෙක් වේද, මොවුන් දෙදෙනාටද රහස නොකියයුතු වන්නේය.
20 “යම් මිනිසෙක් අනුන්ට නොදැන්විය යුතුවූ රහස් කරුණ දන්වාද, මන්ත්‍රණය බිඳෙන භයින් ඔහුගේ ආක්රොෂාදිය දාසයෙකු මෙන්වී ඉවසයි. මන්ත්‍රණය කළවුන් අතුරෙන් යම්තාක් දෙනා ඒ පුරුෂයාගේ රහස් කරුණ දනිද්ද, ඔහුට එපමණම තැතිගැනුම් හටගණිත්. එහෙයින් රහස නොහරණේය.
21 “දාවල් කාලයෙහි රහස විවේකව කියන්නේය. රාත්‍රි කාලයෙහි රහස කියන්නේ සීමාව ඉක්මවා ශබ්ද කරමින් නොකියන්නේය. ලංව අසා සිටියාහු වනාහි රහස් මන්ත්‍රණය අසත්. එහෙයින් ඒ රහස් මන්ත්‍රණය වහා බිඳීමට පැමිණේයයි” මහෞෂධ පණ්ඩිතතෙම කියේය.
මහා උම්මග්ග කාණ්ඩය]
“එම්බා මහෞෂධය, පඤ්චාල රට බ්‍රහ්මදත්ත නම් රජතෙම සියලු සේනාව සමග මෙහි ආයේය. පඤ්චාල රජ සන්තකවූ ඒ මේ සේනා තොමෝ අපමණ වන්නීය.
|
591
‘‘වීථිමතී
(පිට්ඨිමතී (සී. පී.), විද්ධිමතී (ස්‍යා.)) පත්තිමතී, සබ්බසඞ්ගාමකොවිදා;
ඔහාරිනී සද්දවතී, භෙරිසඞ්ඛප්පබොධනා.
|
591
“පිටින් ගෙනෙන ලද උපකරණ ඇත්තීද, පාබල හමුදා ඇත්තීද, සියලු යුද්ධයෙහි දක්ෂයන්ගෙන් යුක්තද වන්නීය. හිස සිඳ හැරගන්නවුන්ගෙන් යුක්තවූ දශවිධ ශබ්දයන්ගෙන් යුක්තවූ ඒ සේනා තොමෝ බෙර සක් හඬින් ප්‍රබොධ කරන්නීවේ.
|
592
‘‘ලොහවිජ්ජා අලඞ්කාරා, ධජිනී වාමරොහිනී;
සිප්පියෙහි සුසම්පන්නා, සූරෙහි සුප්පතිට්ඨිතා.
|
592
“ලෝහ ශිල්පීන් විසින් කරණ ලද සත් රුවන්මය ආභරණයන්ගේ ශෝභා ඇති ධජ වලින් යුක්තවූ වම්පසින් නැගිය යුතු ඇතුන් අසුන්ගෙන් යුක්තවූ හස්ති ශිල්පාදිය දන්නවුන්ගෙන් සමන්නාගතවූ ශූරවූ යෝධයන් විසින් මනාව පිහිටියාවූ සේනාවවේ.
|
593
‘‘දසෙත්ථ පණ්ඩිතා ආහු, භූරිපඤ්ඤා රහොගමා
(රහොගතා (ස්‍යා. ක.));
මාතා එකාදසී රඤ්ඤො, පඤ්චාලියං පසාසති.
|
593
“තවද මේ සේනාවෙහි මහත් ප්‍රඥා ඇති පණ්ඩිතයෝ දශදෙනෙක්යයි කියත්. රහස්ව ගමන් කරණ ස්වභාව ඇති රජුගේ මව් තොමෝ එකොළොස්වැනි වූවා පඤ්චාල රට සෙනගට අනුශාසනා කරයි.
|
594
‘‘අථෙත්ථෙකසතං
අච්ඡින්නරට්ඨා බ්යථිතා, පඤ්චාලියං
(පඤ්චාලීනං (බහූසු)) වසං ගතා.
|
594
“තවද මෙහි යශ පිරිවර ඇත්තාවූ පඤ්චාල රජු විසින් පැහැර ගන්නා ලද රටවල් ඇති භයින් පෙළුනාවූ පඤ්චාල රජුගේ වසඟයට ගියාවූ ඒ සීයක් රජ දරුවෝ අනුව යෙදුනාහු වෙත්.
|
595
‘‘යංවදා-තක්කරා රඤ්ඤො, අකාමා පියභාණිනො;
පඤ්චාලමනුයායන්ති, අකාමා වසිනො ගතා.
|
595
“යමක් කියන්නාහු නම් එය කරන්නාහු, රජහුට නොකැමතිවත් ප්‍රිය තෙපුල් කියන්නාහු, නොකැමතිව වසඟයට ගියාහු පඤ්චාල රජු අනුව ගමන් කෙරෙත්.
|
596
‘‘තාය සෙනාය මිථිලා, තිසන්ධිපරිවාරිතා;
රාජධානී විදෙහානං, සමන්තා පරිඛඤ්ඤති.
|
596
“ඒ සේනාව විසින් මියුළු නුවර ත්රිසන්ධියකින් වට කරණ ලදී. විදේහ වැස්සන්ගේ රාජධානිතොමෝ හාත්පසින් සාරා දමනු ලැබේ.
|
597
‘‘උද්ධං
මහොසධ විජානාහි, කථං මොක්ඛො භවිස්සති’’.
|
597
“මහෞෂධය, හාත්පස පිරිවරණ ලද සේනාවෝ ගන්නා ලද දඬුවැට පහණින් යුක්තවූවාහු උඩ හටගත් තාරකා මෙන් පැණෙත්. කෙසේ නම් මිදීම වන්නේදැයි දනුවයි” රජතෙම කීයේය
|
598
‘‘පාදෙ දෙව පසාරෙහි, භුඤ්ජ කාමෙ රමස්සු ච;
හිත්වා පඤ්චාලියං සෙනං, බ්රහ්මදත්තො පලායිති’’
(පලායති (සී. ස්‍යා.)).
|
598
“දේවයන් වහන්ස, නුඹවහන්සේ සුවසේ රජසුව නමැති පාදයන් දිගහැරිය මැනව. කාම සම්පත්ද අනුභව කරණු මැනව. සිත් අලවා වාසය කරණු මැනව. පඤ්චාල රටට අයත් සෙනග හැරදමා මේ බ්‍රහ්මදත්ත රජතෙම පැනයන්නේයයි” මහෞෂධතෙම කීයේය.
|
599
‘‘රාජා සන්ථවකාමො තෙ, රතනානි පවෙච්ඡති;
ආගච්ඡන්තු ඉතො
(තතො (සී. ස්‍යා.)) දූතා, මඤ්ජුකා පියභාණිනො.
|
599
“මහරජ, අපගේ රජතෙම ඔබ හා මිත්රසන්ථවය කැමතිව ඔබට රත්නයන් පඬුරුකොට දෙයි. ඒ පඤ්චාල නුවරින් මිහිරිවූ ප්‍රිය තෙපුල් කියන්නාවූ දූතයෝ පඬුරු ගෙණ මෙහි එත්වා. මෙනුවරින්ද එහි යත්වා.
|
600
‘‘භාසන්තු මුදුකා වාචා, යා වාචා පටිනන්දිතා;
පඤ්චාලො ච විදෙහො ච
(පඤ්චාලා ච විදෙහා ච (සී. පී.)), උභො එකා භවන්තු තෙ’’.
|
600
“යම් වචනයෝ සතුටුවීමෙන් යුක්තවෙද්ද, එබඳු මෘදු වචන කියත්වා. පඤ්චාල වැස්සෝද විදේහ වැස්සෝද, යන ඒ දෙරට වැස්සෝ එකහා සමාන වෙත්වායි” කේවට්ට තෙම කීයේය.
|
601
‘‘කථං නු කෙවට්ට මහොසධෙන, සමාගමො ආසි තදිඞ්ඝ බ්රූහි;
කච්චි තෙ පටිනිජ්ඣත්තො, කච්චි තුට්ඨො මහොසධො’’.
|
601
“එම්බා කේවට්ටය, කෙසේද, මහෞෂධ පඬිහු හා එක්වූයේ වෙහිද එසේ නම් එය කියව. කිමෙක්ද, හෙතෙම ඔබ විසින් ක්ෂමා කරවන ලද්දේද, කිම මහෞෂධතෙමේ සතුටුවූයේදැයි” රජතෙම ඇසීය.
|
602
‘‘අනරියරූපො
යථා මූගො ච බධිරො ච, න කිඤ්චිත්ථං අභාසථ’’
(අභාසිත්ථ (ක.)).
|
602
“මහරජ, අනාර්‍ය්‍ය ස්වභාව ඇති ඒ පුරුෂතෙම කිසිසතුටක් නැත්තාවූ තදවූ අපණ්ඩිත ස්වභාව ඇත්තෙකැයි සිතමි. ගොළුවෙක්ද බිහිරෙක්ද මෙන් හෙතෙම කිසි කරුණක් නොකීයේයයි” කේවට්ටතෙම කීයේය.
|
603
‘‘අද්ධා
තථා හි කායො මම සම්පවෙධති, හිත්වා සයං කො පරහත්ථමෙස්සති’’.
|
603
“ඒකාන්තයෙන් මේ රහස් මන්ත්‍රණය කිසිවෙකු විසිනුත් නොදැකිය හැකිවේ. වීර්ය්යවන්ත මනුෂ්‍යයා විසින් පිරිසිදුවූ කාරණය දක්නාලද්දේවේ. එසේ හෙයින් මාගේ ශරීරය වෙව්ලයි ස්වකීය රටහැර කවරෙක් නම් අනුන් අතට පැමිණෙන්නේදැයි” රජතෙම සිතූයේය.
|
604
‘‘ඡන්නඤ්හි එකාව මතී සමෙති, යෙ පණ්ඩිතා උත්තමභූරිපත්තා;
යානං අයානං අථ වාපි ඨානං, මහොසධ ත්වම්පි මතිං කරොහි’’.
|
604
“උතුම් බවට පැමිණියාවූ යම් පණ්ඩිත කෙනෙක් වෙද්ද, ඒ අප සදෙනාගේ වනාහි එකම අදහස සමානවේ. මහෞෂධය, එහි අපගේ යාම හෝ නොහොත් නොයාම නැතහොත් මෙහි සිටීම රුචිවේද, ඔබත් කල්පනා කරවයි” රජතෙම කීයේය.
|
605
‘‘ජානාසි ඛො රාජ මහානුභාවො, මහබ්බලො චූළනිබ්රහ්මදත්තො;
රාජා ච තං ඉච්ඡති මාරණත්ථං
(කාරණත්ථං (සී. පී.)), මිගං යථා ඔකචරෙන ලුද්දො.
|
605
‘මහරජ, චුලනී බ්‍රහ්මදත්ත නම් රජතෙම මහත් ආනුභාව ඇත්තෙක. මහත් බලයෙන් යුක්තයයි ඔබ දන්නෙහිද? ඒ රජතෙමේද වැද්දෙක් දඩමුවදෙනක නිසා මුවෙකු අල්ලා ගන්නාක් මෙන් ඔබ අල්ලාගනු කැමතිවේ.
|
606
‘‘යථාපි මච්ඡො බළිසං, වඞ්කං මංසෙන ඡාදිතං;
ආමගිද්ධො න ජානාති, මච්ඡො මරණමත්තනො.
|
606
“යම්සේ මත්ස්‍යයෙක් මාංශයෙන් වසන ලද වක්වූ බිලිය නොදකීද, ඇමයෙහි ගිජුවූ මත්ස්යතෙම තමහට වන්නාවූ මරණය නොදකීද,
|
607
‘‘එවමෙව තුවං රාජ, චූළනෙය්යස්ස ධීතරං;
කාමගිද්ධො න ජානාසි, මච්ඡොව මරණමත්තනො.
|
607
“මහරජ, මෙපරිද්දෙන්ම ඔබ චූලනී බ්‍රහ්මදත්ත රජහුගේ දුව කැමතිවෙහි. කාමයෙහි ගිජුවූ ඔබ ඇමෙහි ගිජුවූ මත්ස්‍යයා මෙන් තමහට වන්නාවූ මරණය නොදන්නෙහිය.
|
608
‘‘සචෙ ගච්ඡසි පඤ්චාලං, ඛිප්පමත්තං ජහිස්සති;
මිගං පන්ථානුබන්ධංව
(පථානුපන්නංව (සී. ස්‍යා. පී.)), මහන්තං භයමෙස්සති’’.
|
608
“මහරජ, ඉදින් ඔබ උත්තර පඤ්චාල නුවරට යන්නෙහි නම් වහා ආත්මය හරින්නෙහිය. ගම් දොර මගට පැමිණියාවූ මුවෙකුට මෙන් ඔබටද මහත්වූ භයක් පැමිණෙන්නේයයි” මහෞෂධතෙම කීයේය.
|
609
‘‘මයමෙව බාලම්හසෙ එළමූගා, යෙ උත්තමත්ථානි තයී ලපිම්හා;
කිමෙව
|
609
“යම්බඳුවූ අපි උතුම් රත්න ලැබීම පිළිබඳ කරුණු තා සමීපයෙහි කීමුද එබඳුවූ අපිම කෙළතොලුවූ අඥානයෝ වෙමු. සෙසු පණ්ඩිතවරුන් මෙන් නගුල් කෙළවර අල්වා ගෙණ වැඩුනාවූ නුඹ කිම මංගල කාරණයන් දන්නෙහිදැයි” රජතෙම ඇසීය.
|
610
‘‘ඉමං ගලෙ ගහෙත්වාන, නාසෙථ විජිතා මම;
යො මෙ රතනලාභස්ස, අන්තරායාය භාසති’’.
|
610
“යමෙක් මාගේ මේ රත්න ලාභය නැතිකිරීමට කථා කෙරේද ඒ මොහු බෙල්ලෙන් අල්ලාගෙණ මාගේ රටින් නෙරපව්යයි” රජතෙම කීයේය.
|
611
‘‘තතො
අථ ආමන්තයී දූතං, මාධරං
(මඪරං (සී.), මාධුරං (ස්‍යා.), මාඨරං (පී.)) සුවපණ්ඩිතං.
|
611
ඉක්බිති ඒ මහෞෂධ තෙමේද වේදෙහ රජු සමීපයෙන් ඉවත්ව ගොස් නැවත දූතවූ මාඪර ගොත්‍රයෙහිවූ සුච පණ්ඩිතයන් කැඳවීය.
|
612
‘‘එහි
අත්ථි පඤ්චාලරාජස්ස, සාළිකා සයනපාලිකා.
|
612
“රන්වන් පියාපත් ඇති යහළු ගිරාපොතකය, මෙහි එව. මාගේ එක් වතාවතක් කරව. පඤ්චාල රජහුගේ යහන පාලනය කරන්නාවූ එක් සැළලිහිණි ධෙනුවක් ඇත.
|
613
‘තං බන්ධනෙන
(තං පත්ථරෙන (සී. පී.), තං සන්ථවෙන (ස්‍යා.)) පුච්ඡස්සු, සා හි සබ්බස්ස කොවිදා;
සා තෙසං සබ්බං ජානාති, රඤ්ඤො ච කොසියස්ස ච.
|
613
“ඇය සමග විශ්වාසවීමෙන් රහසිගතව ඇයගෙන් අසව ඕතොමෝ වනාහි සියල්ලට දක්ෂය. ඒ සැළලිහිණි තෙමෝ රජහුගේද කේවට්ටයාගේද යන ඔවුන්ගේ සියලු රහස් දනී.
|
614
‘‘‘ආමො’ති සො පටිස්සුත්වා, මාධරො සුවපණ්ඩිතො;
අගමාසි හරිතපක්ඛො
(හරීපක්ඛො (සී. පී.)), සාළිකාය උපන්තිකං.
|
614
ඒ මාඪර නම් සුච පණ්ඩිතතෙම ‘එසේයයි’ ඔහුට පිළිවදන්දී රන්වන් පියාපත් ඇති ගිරාතෙම සැළලිහිණි ධෙනුව සමීපයට ගියේය.
|
615
‘‘තතො ච ඛො සො ගන්ත්වාන, මාධරො සුවපණ්ඩිතො;
අථාමන්තයි සුඝරං, සාළිකං මඤ්ජුභාණිකං.
|
615
ඉක්බිති ඒ මාඪර නම් සුච පණ්ඩිත තෙමේද එහි ගොස් එකල්හි රන්කූඩුවෙහි වසන්නාවූ මිහිරි කථා ඇත්තාවූ සැළලිහිණි ධෙනුව කැඳවීය.
|
616
‘කච්චි තෙ සුඝරෙ ඛමනීයං, කච්චි වෙස්සෙ අනාමයං;
කච්චි තෙ මධුනා ලාජා, ලබ්භතෙ සුඝරෙ තුවං’
(තව (සී. පී.)).
|
616
“රන්කූඩුවක වාසය කරණ තැනැත්තිය, කිම ඔබට සැපද, වෛශ්‍ය වංශ ඇත්තිය කිම ඔබ නිරෝගද? කිමෙක්ද, රන් කූඩුවෙහි වසන්නාවූ තිට මීයෙන් හැනූ ඒ විළඳ ලැබේද?”
|
617
‘කුසලඤ්චෙව මෙ සම්ම, අථො සම්ම අනාමයං;
අථො මෙ මධුනා ලාජා, ලබ්භතෙ සුවපණ්ඩිත.
|
617
“යහළු ගිරා පණ්ඩිතය, මට මෙහි සැපදවේ. තවද යහළුව, මට නිරෝගද වේ. තවද මට මීයෙන් හැනු විළඳද ලැබේ.
|
618
‘කුතො නු සම්ම ආගම්ම, කස්ස වා පහිතො තුවං;
න
|
618
“යහළුව, නුඹ කොයිසිට අවුත් මෙහි පැමිණියෙහිද, නුඹ කවරෙකු විසින් හෝ එවන ලද්දේද, මින් පෙර මා විසින් දක්නාලද්දෙක් හෝ අසන ලද්දෙක්ද, නොවෙහියයි” සැළලිහිණියා කීය.
|
619
‘‘අහොසිං සිවිරාජස්ස, පාසාදෙ සයනපාලකො;
තතො සො ධම්මිකො රාජා, බද්ධෙ මොචෙසි බන්ධනා’’.
|
619
“මම සිවිරට රජහුගේ ප්‍රාසාදයෙහි යහන රක්නාවෙමි. ඉක්බිති ඒ දැහැමිවූ රජතෙම බැඳ සිරකොට තබන ලද සතුන් බැමිවලින් මුදවා හැරියේයයි” කීයේය.
|
620
‘‘තස්ස මෙකා දුතියාසි, සාළිකා මඤ්ජුභාණිකා;
තං තත්ථ අවධී සෙනො, පෙක්ඛතො සුඝරෙ මම’’.
|
620
“ඒ මාගේ මිහිරි කථා ඇත්තාවූ එක් සැළලිහිණි ධෙනුවක් පළමු භාර්ය්යාවූවාය. එහි උකුස්සෙක් රන් කූඩුවෙහි මා බලා සිටිද්දීම ඇමැරූයේයයි” ගිරවා කීයේය.
|
621
‘‘තස්සා කාමා හි සම්මත්තො, ආගතොස්මි තවන්තිකෙ;
සචෙ කරෙය්ය
(කරෙය්යාසි (සී.), කරෙයු (ස්‍යා.), කරෙය්යාසි මෙ (පී.)) ඔකාසං, උභයොව වසාමසෙ’’.
|
621
“එබැවින් මම ඔබට කැමැත්තෙන්ම කාමයෙන් මත්වූයේ තී සමීපයට ආයෙමි. ඉදින් අවකාශයක් ලැබෙන්නෙහි නම් අප දෙදෙනාම එක්ව වාසය කරමුයි” ගිරා තෙම කීය.
|
622
‘‘සුවොව සුවිං කාමෙය්ය, සාළිකො පන සාළිකං;
සුවස්ස සාළිකායෙව
(සාළිකාය ච (සී. පී.)), සංවාසො හොති කීදිසො’’.
|
622
“ගිරාතෙමේ ගිරවියක්ම කැමැතිවන්නේය. සැළලිහිණි තෙමේ වනාහි සැළලිහිණියම කැමැති වන්නේය. ගිරවා ද සැළලිහිණියගේද කෙබඳුවූ එක්ව වාසය කිරීමෙන් වේදැයි” සැළලිහිණි තොමෝ ඇසීය.
|
623
‘‘යොයං
සබ්බො හි සදිසො හොති, නත්ථි කාමෙ අසාදිසො’’.
|
623
“කාමයෙන් යුත් තැනැත්තේ යම් යම් තැනැත්තියෙකු සැඩොලියක නමුදු කැමතිවේ. ඒ සියල්ලන් හා එක්ව වාසය කිරීම එක සමානවේ. කාමසේවනයෙහි අසමාන කමක් නැත්තේ යයි” සුචපණ්ඩිතතෙම කීයේය.
|
624
‘‘අත්ථි ජම්පාවතී
(ජම්බාවතී (සී. ස්‍යා.), චම්පාවතී (ක.)) නාම, මාතා සිවිස්ස
(සිබ්බිස්ස (සී. පී.)) රාජිනො;
සා භරියා වාසුදෙවස්ස, කණ්හස්ස මහෙසී පියා.
|
624
“සිවි රජහුගේ මව ජම්බාවතී නම් සැඩොලියක් වූවාය. ඕතොමෝ කණ්හා යන ගොත්‍රයෙහිවූ වාසුදේව නම් රජුගේ මෙහෙසිවූ ප්‍රිය භාර්‍ය්‍යාව වීයයි” කීයේය.
|
625
‘‘රට්ඨවතී
(රථවතී (සී. පී.), රතනවතී (ස්‍යා.)) කිම්පුරිසී, සාපි වච්ඡං අකාමයි;
මනුස්සො මිගියා සද්ධිං, නත්ථි කාමෙ අසාදිසො’’.
|
625
“රථවතී නම් කිඳුරු ධෙනුවක් වූවාය. ඕතොමෝද වච්ඡනම් තාපසයෙකු කැමති කරවා ගත්තේය. මෙසේ මනුෂ්‍යයෙක් තිරිසන් ගිය මාගම සමග එක්ව වාසය කෙළේය. එබැවින් කාමසේවනයෙහි අසමානයෙක් නැතැයි” සුච පණ්ඩිතතෙම කීයේය.
|
626
‘‘හන්ද ඛ්වාහං ගමිස්සාමි, සාළිකෙ මඤ්ජුභාණිකෙ;
පච්චක්ඛානුපදඤ්හෙතං, අතිමඤ්ඤසි නූන මං’’.
|
626
“මිහිරි වචන ඇති එම්බා ශාරිකාවෙනි, එහෙනම් මම යන්නෙමි. මේ ඔබ කී සියල්ල හැරදැමීමට කරුණුය. ඒකාන්තයෙන් ඔබ මා ඉක්මවා සිතන්නෙහියයි” ගිරා පණ්ඩිතතෙම කීයේය.
|
627
‘‘න
ඉධෙව තාව අච්ඡස්සු, යාව රාජාන දක්ඛසි
(දක්ඛිසි (පී.));
සොස්සි
(සොස්සසි (සී.)) සද්දං මුදිඞ්ගානං, ආනුභාවඤ්ච රාජිනො’’.
|
627
“යහළුවූ මාඪර නම් සුචපණ්ඩිතය, ඉක්මන් වන්නහුට ශ්‍රී තොමෝ නොපැමිණේ. යම්තාක් ඔබ රජු දක්නෙහිද, ඒතාක් මෙහිම හිඳුව, මිහිඟු බෙරහඬ අසව, රජහුගේ ආනුභාවයද බලවයි” සැළලිහිණි කීවාය.
|
628
‘‘යො
ධීතා පඤ්චාලරාජස්ස, ඔසධී විය වණ්ණිනී;
තං දස්සති විදෙහානං, සො විවාහො භවිස්සති’’.
|
628
“දවහත් තරුව මෙන් බබළන රූප සෝභා ඇති පඤ්චාල රජුහුගේ දූ කුමරියක්වේ. ඒ කුමරිය වෙදේහ රජුට දෙන්නේය, යන යම් මේ මහත්වූ ඝෝෂාවෙක් පිටත ගම්වල ප්රකටවූයේද, කිම, ඒ විවාහය වන්නේදැයි” ගිරා පණ්ඩිතතෙම ඇසීය.
|
629
‘‘එදිසො මා
(නෙදිසො තෙ (සී.)) අමිත්තානං, විවාහො හොතු මාධර;
යථා පඤ්චාලරාජස්ස, වෙදෙහෙන භවිස්සති’’.
|
629
“එම්බා මාඪර නම් ගිරවාණෙනි, යම්සේ පඤ්චාල රජහුගේ වේදේහ රජු හා අමිත්‍ර බවක් වන්නේද, පසමිතුරුවූ ඔවුන් අතර මෙබඳු විවාහයෙක් නොවේවායි’ කීය.
|
630
‘‘ආනයිත්වාන වෙදෙහං, පඤ්චාලානං රථෙසභො;
තතො නං ඝාතයිස්සති, නස්ස සඛී භවිස්සති’’.
|
630
“පඤ්චාල නම් රජතෙම මෙසේ වේදේහ රජු මෙහි පමුණුවාගෙණ ඉන්පසු ඔහු නසන්නේය. ඔහු හා කිසි මිත්‍ර භාවයක් නොවන්නේයයි” කීයේය.
|
631
‘‘හන්ද ඛො මං අනුජානාහි, රත්තියො සත්තමත්තියො;
යාවාහං සිවිරාජස්ස, ආරොචෙමි මහෙසිනො;
ලද්ධො ච මෙ ආවසථො, සාළිකාය උපන්තිකං’’
(උපන්තිකා (සී. ක.)).
|
631
“එබැවින් මම යම්තාක් සිවිරජහුටද මෙහෙසියටද මා විසින් ශාරිකා ධෙනුවක සමීපයෙහි වාසය කිරීම ලබන ලදැයි දන්වම්ද. ඒතාක් මට රාත්‍රි සතක් පමණ කල් අවසර දෙවයි” ගිරා පණ්ඩිතතෙම කීයේය.
|
632
‘‘හන්ද ඛො තං අනුජානාමි, රත්තියො සත්තමත්තියො;
සචෙ ත්වං සත්තරත්තෙන, නාගච්ඡසි මමන්තිකෙ;
මඤ්ඤෙ ඔක්කන්තසත්තං
(ඔක්කන්තසන්තං (ස්‍යා. පී. ක.)) මං, මතාය ආගමිස්සසි’’.
|
632
“එහෙනම් මම ඔබට රාත්‍රි සතක් පමණ කල් අවසර දෙමි. ඉදින් නුඹ සත් රැයකින් මා වෙත නායෙහි නම් ඉක්මවූ දිවි ඇති සතෙක්යයි මා හඟින්නෙමි. මා මල කල්හි ඔබ එන්නෙහියයි” සැළලිහිණි ධෙනුව කීවාය.
|
633
‘‘තතො
මහොසධස්ස අක්ඛාසි, සාළිකාවචනං ඉදං’’.
|
633
“ඉන්පසු ඒ මාඪරනම් සුචපණ්ඩිතතෙමේද ගොස් සැළලිහිණියාගේ මේ වචනය මහෞෂධ පඬිහට කීයේය.
|
634
‘‘යස්සෙව ඝරෙ භුඤ්ජෙය්ය භොගං, තස්සෙව අත්ථං පුරිසො චරෙය්ය’’;
‘‘හන්දාහං ගච්ඡාමි පුරෙ ජනින්ද, පඤ්චාලරාජස්ස පුරං සුරම්මං;
නිවෙසනානි මාපෙතුං, වෙදෙහස්ස යසස්සිනො.
|
634
“පුරුෂතෙම යමෙකුගේම ගෘහයෙහි සම්පත් අනුභව කරන්නේද, ඔහුගේම වැඩ කළයුතු වන්නේ යයි” පණ්ඩිතතෙම ප්‍රීතිය ප්‍රකාශ කෙළේය.
“මහරජ, එහෙනම් මම පළමුකොට යශ පිරිවර ඇත්තාවූ වේදෙහ රජුට නිවාසස්ථානයන් සාදවන්ට පඤ්චාල රජුහුගේ ඉතා සිත් කළුවූ නුවරට යමි.
|
635
‘‘නිවෙසනානි
යදා තෙ පහිණෙය්යාමි, තදා එය්යාසි ඛත්තිය’’.
|
635
“යශ පිරිවර ඇත්තාවූ වේදෙහ රජුට නිවාසස්ථාන සාදවා යම් කලෙක ඔබට පනිවිඩ එවන්නෙම්ද, මහරජ, එකල්හි ඔබ එනු මැනවැයි” මහෞෂධතෙම කීයේය.
|
636
‘‘තතො ච පායාසි පුරෙ මහොසධො, පඤ්චාලරාජස්ස පුරං සුරම්මං;
නිවෙසනානි මාපෙතුං, වෙදෙහස්ස යසස්සිනො’’.
|
636
ඉක්බිති මහෞෂධතෙමේද යසපිරිවර ඇත්තාවූ වේදේහ රජුට නිවාසස්ථාන සාදවන්ට පඤ්චාල රජහුගේ ඉතා සිත් කළුවූ නුවරට පළමුකොට ගියේය.
|
637
‘‘නිවෙසනානි මාපෙත්වා, වෙදෙහස්ස යසස්සිනො;
අථස්ස පාහිණී දූතං,
(නත්ථි සී. පී. පොත්ථකෙසු) වෙදෙහං මිථිලග්ගහං
(නත්ථි සී. පී. පොත්ථකෙසු);
එහි දානි මහාරාජ, මාපිතං තෙ නිවෙසනං’’.
|
637
යශ පිරිවර ඇත්තාවූ වේදේහ රජුට නිවාසස්ථාන සාදවා “ඉක්බිති මහරජ, ඔබගේ නිවාසස්ථානය නිමවන ලදී. දැන් එවයි” ඔහුට දූතයෙකු යැවූයේය.
|
638
‘‘තතො ච රාජා පායාසි, සෙනාය චතුරඞ්ගියා
(චතුරඞ්ගිනියා (ක.));
අනන්තවාහනං දට්ඨුං, ඵීතං කපිලියං
(කම්පිල්ලියං (සී. පී.)) පුරං’’.
|
638
ඉක්බිති රජතෙමේද සිව්රඟ සෙනඟින් යුක්තව අපමණ අශ්වාදි වාහන ඇති කම්පිල්ල දෙශයෙහි ගොඩනගන ලද සමෘද්ධවූ නගරය දක්නට ගියේය.
|
639
‘‘තතො
‘ආගතො’ස්මි මහාරාජ, තව පාදානි වන්දිතුං.
|
639
ඉක්බිති ඒ රජතෙමේද එහි ගොස් “මහරජ, ඔබගේ පා වඳින්ට ආයෙමියි” බ්‍රහ්මදත්ත රජුට පනිවිඩ යැවීය.
|
640
‘දදාහි දානි මෙ භරියං, නාරිං සබ්බඞ්ගසොභිනිං;
සුවණ්ණෙන පටිච්ඡන්නං, දාසීගණපුරක්ඛතං’’’.
|
640
ස්වර්ණාභරණයෙන් සරසන ලද දාසී සමූහයා විසින් පිරිවරණ ලද සියලු ශරීරාවයව වලින් සෝභමාන ස්ත්රියක්වූ ඔබගේ දූ කුමරිය දැන් මට භාර්ය්යාකොට දෙවයි කියා කීයේය.
|
641
‘‘ස්වාගතං තෙව
(තෙ (සී.), තෙපි (ස්‍යා.), තෙන (පී.)) වෙදෙහ, අථො තෙ අදුරාගතං;
නක්ඛත්තංයෙව පරිපුච්ඡ, අහං කඤ්ඤං දදාමි තෙ;
සුවණ්ණෙන පටිච්ඡන්නං, දාසීගණපුරක්ඛතං’’.
|
641
“එම්බා වේදේහ රජ, ඔබගේ මේ යහපත් ඊමකි. තවද ඔබට අයහපත් ඊමක් නොවේ. ශුභ මුහුර්තියක්ම අසා ගණුව. ස්වර්ණාභරණයෙන් සැරසූ දාසී සමූහයා විසින් පිරිවරණලද මේ රාජකන්‍යාව මම ඔබට දෙමියි” බ්‍රහ්මදත්ත රජතෙම දූතයෙකු අත කීයා යැවීය.
|
642
‘‘තතො ච රාජා වෙදෙහො, නක්ඛත්තං පරිපුච්ඡථ
(පරිපුච්ඡති (ස්‍යා. ක.));
නක්ඛත්තං පරිපුච්ඡිත්වා, බ්රහ්මදත්තස්ස පාහිණි.
|
642
ඉක්බිති වේදේහ රජද නැකතක් විචාළේය. නැකත විචාරා බඹදත් රජුට පණිවිඩ යැවීය
|
643
‘‘දදාහි
සුවණ්ණෙන පටිච්ඡන්නං, දාසීගණපුරක්ඛතං’’.
|
643
ස්වර්ණාභරණයෙන් සරසන ලද දාසී සමූහයා විසින් පිරිවරණ ලද සියලු ශරීරාවයව වලින් සෝභමාන ස්ත්රියක්වූ ඔබගේ දූ කුමරිය දැන් මට භාර්ය්යාකොට දෙවයි කියා කීයේය.
|
644
‘‘දදාමි දානි තෙ භරියං, නාරිං සබ්බඞ්ගසොභිනිං;
සුවණ්ණෙන
|
644
“ස්වර්ණාභරණයෙන් සරසන ලද දාසී සමූහයා විසින් පිරිවරණ ලද සියලු ශරීරාවයව වලින් සෝභමාන ස්ත්රියක්වූ මේ රාජකන්‍යාව දැන් ඔබට භාර්ය්යාකොට දෙමියි” චුලනී රජතෙමේද කියා යැවීය.
|
645
‘‘හත්ථී අස්සා රථා පත්තී, සෙනා තිට්ඨන්ති වම්මිතා
(වම්මිකා (ස්‍යා. ක.));
උක්කා පදිත්තා ඣායන්ති, කින්නු මඤ්ඤන්ති පණ්ඩිතා.
|
645
“ඇත්තුය, අශ්වයෝය, රථය, පාබල සෙනඟය යන සැරසුනාවූ මේ සේනාවෝ සිටිත්. දල්වනලද පන්දම්ද ඇවිලෙත්. පණ්ඩිතවරු කුමක් සිතද්දැයි” රජතෙම ඇසීය.
|
646
‘‘හත්ථී අස්සා රථා පත්තී, සෙනා තිට්ඨන්ති වම්මිතා
(වම්මිකා (ස්‍යා. ක.));
උක්කා පදිත්තා ඣායන්ති, කිං නු කාහන්ති
(කාහති (ක.)) පණ්ඩිත’’.
|
646
“එම්බා මහෞෂධ පණ්ඩිතය, ඇත්තුය, අශ්වයෝය, රථය පාබල සෙනඟය යන සැරසුනාවූ මේ සේනාවෝ සිටිත්. දල්වනලද පන්දම්ද ඇවිලෙත්. මේ සේනාවෝ අපට කුමක් කරන්නාහුදැයි” වේදේහ රජතෙම ඇසීය.
|
647
‘‘රක්ඛති තං මහාරාජ, චූළනෙය්යො මහබ්බලො;
පදුට්ඨො බ්රහ්මදත්තෙන
(පදුට්ඨො තෙ බ්රහ්මදත්තො (සී. ස්‍යා. පී.)), පාතො තං ඝාතයිස්සති’’.
|
647
“මහරජ, මහත් බල ඇත්තාවූ මේ චුලනී රජතෙම ඔබ රකියි. ඔබට ප්‍රදූෂ්‍යවූ බ්‍රහ්මදත්ත රජතෙම උදෑසන ඔබ නසන්නේයයි” මහෞෂධතෙම කීයේය.
|
648
‘‘උබ්බෙධති මෙ හදයං, මුඛඤ්ච පරිසුස්සති;
නිබ්බුතිං නාධිගච්ඡාමි, අග්ගිදඩ්ඪොව ආතපෙ.
|
648
“පුත මහෞෂධය, මාගේ හෘදය උසස්ව වෙව්ලයි. මුඛයද වියලෙන්නේය. ගින්නෙහි දන ලද්දෙක් අව්වෙහි සිටි කලක් මෙන් නිවීමට නොපැමිණෙමි.
|
649
‘‘කම්මාරානං යථා උක්කා, අන්තො ඣායති නො බහි;
එවම්පි හදයං මය්හං, අන්තො ඣායති නො බහි’’.
|
649
“කඹුරු උදුන යම්සේ ඇතුළත දවයිද, පිටත නොදවාද මෙසේම මාගේ හෘදය ඇතුළත දවයි. පිටතට නොපෙනේයයි” රජතෙම හැඬුයේය.
|
650
‘‘පමත්තො මන්තනාතීතො, භින්නමන්තොසි ඛත්තිය;
ඉදානි ඛො තං තායන්තු, පණ්ඩිතා මන්තිනො ජනා.
|
650
“මහරජ, කාමයෙන් ප්‍රමාදයට පැමිණි ඔබ මාගේ කීම ඉක්මවන ලද්දේ භින්නවූ මන්ත්‍රණ ඇත්තෙහිය. දැන් වනාහි මන්ත්‍රණ කළාවූ ඔබගේ ඒ පණ්ඩිතයෝ ඔබ ආරක්ෂා කෙරෙත්වා.
|
651
‘‘අකත්වාමච්චස්ස වචනං, අත්ථකාමහිතෙසිනො;
අත්තපීතිරතො රාජා, මිගො කූටෙව ඔහිතො.
|
651
“මහරජ, තමහට වැඩ කැමැති හිතවත්වූ ඇමතිහුගේ ඒ වචනය නොකොට තමා පිනවීමෙහි ඇළුනාවූ ඔබ මල පුඩුවෙක්හි බැඳුනාවූ මුවෙකු මෙන් වෙහිය.
|
652
‘‘යථාපි මච්ඡො බළිසං, වඞ්කං මංසෙන ඡාදිතං;
ආමගිද්ධො න ජානාති, මච්ඡො මරණමත්තනො.
|
652
“යම්සේ මත්ස්‍යයා මසින් වැසූ වක්වූ බිලිය නොදකින්නේද, ඇමයෙහි ගිජුවූ මත්ස්‍යයා තමහට වන්නාවූ මරණය නොදනීද,
|
653
‘‘එවමෙව
කාමගිද්ධො
|
653
“මහරජ, මෙපරිද්දෙන්ම නුඹවහන්සේ චූලනී රජුගේ දූ කුමරිය නොදකියි. කාමයෙහි ගිජුව තමහට වන්නාවූ මරණය ඇමයෙහි ගිජුවූ මත්ස්යයාමෙන් නොදන්නෙහිය.
|
654
‘‘සචෙ ගච්ඡසි පඤ්චාලං, ඛිප්පමත්තං ජහිස්සසි;
මිගං පන්ථානුබන්ධංව, මහන්තං භයමෙස්සති.
|
654
“මහරජ, ඉදින් ඔබ පඤ්චාල දෙශයට යන්නෙහි නම් වහා ජීවිතය හැරදමන්නේය. වැද්දාගේ මාර්ගයට පැමිණියාවූ මුවෙකුට මෙන් මහත් භය පැමිණෙන්නේයයි එකල්හි මම කිවෙමි.
|
655
‘‘අනරියරූපො
න තෙන මිත්තිං කයිරාථ ධීරො
(පඤ්ඤො (පී.)), දුක්ඛො හවෙ කාපුරිසෙන
(කාපුරිසෙහි (ක.)) සඞ්ගමො.
|
655
“මහරජ, අසත්පුරුෂ ස්වභාව ඇති පුරුෂතෙම ඔඩොක්කුවෙහිවූ සර්පයෙකු මෙන් දෂ්ටකරන්නේය. ප්‍රාඥ තෙම ඔහු සමග මිත්‍රකමක් නොකරන්නේය. ඒකාන්තයෙන්ම අසත්පුරුෂයා හා එක්වීම දුක්වන්නේය.
|
656
‘‘යදෙව
(යං ත්වෙව (සී. ස්‍යා. පී.)) ජඤ්ඤා පුරිසං
(පුරිසො (ස්‍යා. ක.)) ජනින්ද, සීලවායං බහුස්සුතො;
තෙනෙව මිත්තිං කයිරාථ ධීරො, සුඛො හවෙ සප්පුරිසෙන සඞ්ගමො’’.
|
656
“යම් පුරුෂයෙකුම මෙතෙම සිල්වත්ය බහුශ්රැතයයි දන්නේද, ප්‍රාඥතෙම ඔහු සමගම මිත්‍රකම කරන්නේය ඒකාන්තයෙන් සත්පුරුෂයා හා එක්වීම සැප වන්නේයයි’ පණ්ඩිතතෙම කීයේය.
|
657
‘‘බාලො තුවං එළමූගොසි රාජ, යො උත්තමත්ථානි මයී ලපිත්ථො;
කිමෙවහං නඞ්ගලකොටිවඩ්ඪො, අත්ථානි ජානාමි
(ජානිස්සං (සී. ස්‍යා. පී.)) යථාපි අඤ්ඤෙ.
|
657
“මහරජ, යමෙක් උතුම් මංගල කරුණු මා සමීපයෙහි කීවෙහිද, ඒ නුඹවහන්සේ කෙළතොලු මෝඩයා වූයෙහිය. මේ අන්‍යවූ කේවට්ටාදීන් මෙන් නගුල් කොන ගෙණ වැඩුනාවූ මම කිනම් මංගල කාරණයක් දන්නෙම්ද?
|
658
‘‘ඉමං ගලෙ ගහෙත්වාන, නාසෙථ විජිතා මම;
යො මෙ රතනලාභස්ස, අන්තරායාය භාසති’’.
|
658
“යමෙක් මගේ රත්න ලාභයට අනතුරු පිණිස කථාකෙරේ නම්, ඒ මොහු බෙල්ලෙන් අල්වාගෙණ රටින් නෙරපව් යයි” කීවෙහිය.
|
659
‘‘මහොසධ අතීතෙන, නානුවිජ්ඣන්ති පණ්ඩිතා;
කිං මං අස්සංව සම්බන්ධං, පතොදෙනෙව විජ්ඣසි.
|
659
“එම්බා මහෞෂධය, පණ්ඩිතයෝ පසුගිය දොස් කීම නමැති හුලින් නොවිදිත්. මනාව බැඳ තබනලද අසෙකුට කෙවිටකින් විදින්නාක් මෙන් පසුගිය දොස් කීම් නමැති හුලෙන් කුමට මට විදින්නෙහිද?
|
660
‘‘සචෙ පස්සසි මොක්ඛං වා, ඛෙමං වා පන පස්සසි;
තෙනෙව
|
660
“ඉදින් මේ දුකින් මිදීමක් දක්නෙහි නම් භයට ආරක්ෂාවක් හෝ දක්නෙහි නම්, එයින්ම මට අනුශාසනා කරව. ඉකුත්වූ දොස්කීම නමැති හුලින් කුමටවිදින්නෙහිදැයි” රජතෙම ඇසීය.
|
661
‘‘අතීතං මානුසං කම්මං, දුක්කරං දුරභිසම්භවං;
න තං සක්කොමි මොචෙතුං, ත්වං පජානස්සු
(ත්වම්පි ජානස්සු (සී. පී.)) ඛත්තිය.
|
661
“මහරජ, මෙයින් මිදීම සඳහා මිනිසුන් විසින් කළ යුතු දෙය ඉක්ම ගියේය. දැන් කළහැකිදෙයක් ලැබියයුත්තක් නැත්තේය. ඔබ මුදාගන්ට නොහැක්කෙමි. මහරජ, ඔබවහන්සේද මිදෙන උපාය දැනගනු මැනව.
|
662
‘‘සන්ති වෙහායසා
(වෙහාසයා (සී. පී.)) නාගා, ඉද්ධිමන්තො යසස්සිනො;
තෙපි ආදාය ගච්ඡෙය්යුං, යස්ස හොන්ති තථාවිධා.
|
662
“සමහර රජෙකුට අහසින් ගමන් කරන්නාවූ ඍද්ධි ඇත්තාවූ යශස් ඇත්තාවූ උපොසථාදීවූ හස්තීහු වෙත්. යමෙකුට එබඳු හස්තීහු වෙද්ද, මෙබඳු අවස්ථාවන්හි ඒ හස්තීහුද ඔවුන් හැරගෙණ අහසින් යන්නාහුය.
|
663
‘‘සන්ති වෙහායසා අස්සා, ඉද්ධිමන්තො යසස්සිනො;
තෙපි ආදාය ගච්ඡෙය්යුං, යස්ස හොන්ති තථාවිධා.
|
663
“සමහරෙකුට අහසින් යන්නාවූ ඍද්ධිමත්වූ යශස් ඇත්තාවූ වළාහකාදී අශ්වයෝ ඇත්තාහ. යමෙකුට එබඳු අශ්වයෝ වෙද්ද, මෙබඳු තන්හි ඔව්හුද අහසින් ගෙණ යන්නාහුය.
|
664
‘‘සන්ති වෙහායසා පක්ඛී, ඉද්ධිමන්තො යසස්සිනො;
තෙපි ආදාය ගච්ඡෙය්යුං, යස්ස හොන්ති තථාවිධා.
|
664
“සමහරෙකුට අහසින් යන්නාවූ ඍද්ධි ඇත්තාවූ යශස් ඇත්තාවූ ගරුඬාදී පක්ෂීහු වෙත්. යමෙකුට එබඳුවූවාහු වෙද්ද ඔව්හුද අහසින් හැරගෙණ යන්නාහුය.
|
665
‘‘සන්ති
තෙපි ආදාය ගච්ඡෙය්යුං, යස්ස හොන්ති තථාවිධා.
|
665
“සමහරෙකු අහසින් ගමන්කරන්නාවූ ඍද්ධිමත් වූ යශස් ඇත්තාවූ යක්ෂයෝ ඇත්තාහ. යමෙකුට එබඳුවූවාහු ඇද්ද, ඔව්හුද අහසින් හැරගෙණ යන්නාහුය. ඔබවහන්සේට එබඳු වූවෙකුත් නැත.
|
666
‘‘අතීතං මානුසං කම්මං, දුක්කරං දුරභිසම්භවං;
න තං සක්කොමි මොචෙතුං, අන්තලික්ඛෙන ඛත්තිය’’.
|
666
“මේ සඳහා මිනිසුන් විසින් කළයුතු දෙය ඉක්ම ගියේය. දැන් කිසිවක් කළ නොහැක. කිසි උපායක් ලැබිය නොහැක. මහරජ, අහසින් ගෙණ ගොස් ඔබ මුදාගන්ට මම නොහැක්කෙමි”යි මහෞෂධතෙම කීයේය.
|
667
‘‘අතීරදස්සී පුරිසො, මහන්තෙ උදකණ්ණවෙ;
යත්ථ සො ලභතෙ ගාධං
(නාවං (ක.)), තත්ථ සො වින්දතෙ සුඛං.
|
667
“මහත්වූ ජල සාගරයෙහි වැටී ඉව්රු නොදක්නාවූ යම් පුරුෂයෙක්වේද, හෙතෙම යම් තැනෙක්හි ගොඩබිමක් ලබාද, එහිදී හෙතෙම සැපය ලබාද,
|
668
‘‘එවං
ත්වං නොසි මන්තිනං සෙට්ඨො, අම්හෙ දුක්ඛා පමොචය’’.
|
668
“මහෞෂධය, මෙපෙරිද්දෙන්ම ඔබ අපටද රජුටද පිහිට වෙහිය. ඔබ මන්ත්‍රීවූ අප අතරෙන් ශ්‍රේෂ්ඨ වෙහිය. එබැවින් අප මේ දුකින් මුදවයි” සේනකතෙම කීයේය.
|
669
‘‘අතීතං මානුසං කම්මං, දුක්කරං දුරභිසම්භවං;
න තං සක්කොමි මොචෙතුං, ත්වං පජානස්සු සෙනක’’.
|
669
“මිදීම සඳහා මිනිසුන් විසින් කළයුත්ත ඉක්ම ගියේය. දැන් කිසිවක් කළනොහැක. කිසි උපායක් නොලැබිය හැක. ඔබ මුදාගන්ට නොහැකිවෙමි. එම්බා සේනකය, ඔබද මෙයින් මිදෙන උපාය දැනගණුවයි” මහෞෂධතෙම කීයේය.
|
670
‘‘සුණොහි
සෙනකං දානි පුච්ඡාමි, කිං කිච්චං ඉධ මඤ්ඤසි’’.
|
670
“මාගේ මේ වචනය අසව, මේ මහත්වූ භය දක්නෙහිය. දැන් සේනක පඬිහු විචාරමියි මෙහි කුමක් කටයුතු යයි හඟින්නෙහිදැයි” රජතෙම ඇසීය.
|
671
‘‘අග්ගිං වා ද්වාරතො දෙම, ගණ්හාමසෙ විකන්තනං
(විකත්තනං (සී. පී.));
අඤ්ඤමඤ්ඤං වධිත්වාන, ඛිප්පං හිස්සාම ජීවිතං;
මා නො රාජා බ්රහ්මදත්තො, චිරං දුක්ඛෙන මාරයි’’.
|
671
“මහරජ, අපි දොර පැත්තෙන් ගෙට ගිනිදල්වමු. ඔවුනොවුන් කපා කොටා ගන්නා ආයුධ ගනිමු. ඔවුනොවුන් හිංසාකොට වහා දිවි හරින්නෙමුයි, බ්‍රහ්මදත්ත රජතෙමේ අප බොහෝ කලක් දුකසේ නොමරාවායි” සේනක තෙම කීයේය.
|
672
‘‘සුණොහි මෙතං වචනං, පස්ස සෙනං මහබ්භයං;
පුක්කුසං දානි පුච්ඡාමි, කිං කිච්චං ඉධ මඤ්ඤසි’’.
|
672
“මාගේ මේ වචනය අසව, මේ මහත්වූ භය දක්නෙහිය. දැන් පුක්කුස පඬිහු විචාරමියි මෙහි කුමක් කටයුතුයයි හඟින්නෙහිද?”
|
673
‘‘විසං ඛාදිත්වා මිය්යාම, ඛිප්පං හිස්සාම ජීවිතං;
මා නො රාජා බ්රහ්මදත්තො, චිරං දුක්ඛෙන මාරයි’’.
|
673
“මහරජ, අපි විෂ අනුභවකොට මියයමු. වහා දිවිහරින්නෙමු. බ්‍රහ්මදත්ත රජතෙමේ අප බොහෝ කලක් දුක් දීමෙන් නොමරාවා.”
|
674
‘‘සුණොහි මෙතං වචනං, පස්ස සෙනං මහබ්භයං;
කාමින්දං
(කාවින්දං (සී. පී.)) දානි පුච්ඡාමි, කිං කිච්චං ඉධ මඤ්ඤසි’’.
|
674
“මාගේ මේ වචනය අසව, මේ මහත්වූ භය දක්නෙහිය. දැන් කාවින්ද පඬිහු විචාරමි. මෙහි කුමක් කටයුතුයයි හඟින්නෙහිද?”
|
675
‘‘රජ්ජුයා බජ්ඣ මිය්යාම, පපාතා පපතාමසෙ
(පපතෙමසෙ (සී. පී.));
මා නො රාජා බ්රහ්මදත්තො, චිරං දුක්ඛෙන මාරයි’’.
|
675
“මහරජ, අපි රැහැනින් බැඳ එල්ලී මියයමු. ප්‍රපාතයකින් පැන යමුයි. බ්‍රහ්මදත්ත රජතෙමේ අප බොහෝ කලක් දුක් දීමෙන් නොමරාවා.”
|
676
‘‘සුණොහි මෙතං වචනං, පස්ස සෙනං මහබ්භයං;
දෙවින්දං දානි පුච්ඡාමි, කිං කිච්චං ඉධ මඤ්ඤසි’’.
|
676
“මාගේ මේ වචනය අසව, මේ මහත්වූ භය දක්නෙහිය. දැන් දේවින්ද නම් පඬිහු විචාරමි. මෙහි කුමක් කටයුතුයයි හඟින්නෙහිද?”
|
677
‘‘අග්ගිං
අඤ්ඤමඤ්ඤං වධිත්වාන, ඛිප්පං හිස්සාම ජීවිතං;
න නො සක්කොති මොචෙතුං, සුඛෙනෙව මහොසධො’’.
|
677
“මහරජ, මහෞෂධ පණ්ඩිතතෙම අපි සුවසේම නිදන්ට නොහැකිවේ නම් දොර පැත්තෙන් ගෙට ගිනිදල්වමු ඔවුනොවුන් කපාගන්නා ආයුධ ගතිමු. එකිනෙකාට වධකොට වහා දිවිහැරගන්නෙමුයි” දෙවින්දතෙම කීයේය.
|
678
‘‘යථා කදලිනො සාරං, අන්වෙසං නාධිගච්ඡති;
එවං අන්වෙසමානා නං, පඤ්හං නජ්ඣගමාමසෙ.
|
678
“යම්සේ කෙසෙල්ගසක හරය සොයමින් එය නොලබාද මෙසේම මිදීමට උපාය සොයන්නවුන්ගෙන් ප්රශ්නය විසඳීම නොලැබීමු.
|
679
‘‘යථා සිම්බලිනො
එවං අන්වෙසමානා නං, පඤ්හං නජ්ඣගමාමසෙ.
|
679
“යම්සේ ඉඹුල්ගසක හරය සොයමින් එය නොලබාද, මෙසේම මිදීමෙහි උපාය සොයන්නවුන්ගෙන් ප්‍රශ්න විසඳීම නොලැබීමු
|
680
‘‘අදෙසෙ වත නො වුට්ඨං, කුඤ්ජරානංවනොදකෙ;
සකාසෙ දුම්මනුස්සානං, බාලානං අවිජානතං.
|
680
“කිසිවක් නොදන්නාවූ අඥානවූ අයහපත් මිනිසුන් සමීපයෙහි අපගේ විසීම දිය නැති ප්‍රදෙශයෙහි ඇතුන්ගේ විසීම මෙන් ඒකාන්තයෙන් නුසුදුසු ප්‍රදෙශයෙහි විසීමක් විය.
|
681
‘‘උබ්බෙධති මෙ හදයං, මුඛඤ්ච පරිසුස්සති;
නිබ්බුතිං නාධිගච්ඡාමි, අග්ගිදඩ්ඪොව ආතපෙ.
|
681
“මාගේ හෘදය මහත් සේ වෙව්ලයි, මුඛයද වියලේ. ගින්නෙන් දනලද පුරුෂයෙක් අව්වෙහි සිටියාක් මෙන් නිවීමකට නොපැමිණෙමි.
|
682
‘‘කම්මාරානං
එවම්පි හදයං මය්හං, අන්තො ඣායති නො බහි’’.
|
682
“යම්සේ කඹුරන්ගේ උදුන ඇතුළත ඇවිලේද එය පිටතට නොපෙණ්ද, මෙසේම මාගේ හෘදය ඇතුළත ඇවිලෙයි. එය පිටතට නොපෙණේයයි” රජතෙම වැළපුනේය.
|
683
‘‘තතො සො පණ්ඩිතො ධීරො, අත්ථදස්සී මහොසධො;
වෙදෙහං දුක්ඛිතං දිස්වා, ඉදං වචනමබ්රවි.
|
683
ඉක්බිති ප්‍රාඥවූ අර්ථ දක්නා සුළුවූ ඒ මහෞෂධ පණ්ඩිතතෙම දුකට පැමිණියාවූ වේදේහ නම් රජු දැක මේ වචනය කීයේය.
|
684
‘මා ත්වං භායි මහාරාජ, මා ත්වං භායි රථෙසභ;
අහං තං මොචයිස්සාමි, රාහුග්ගහංව
(රාහුගහිතංව (සී. ස්‍යා. පී.)) චන්දිමං.
|
684
“මහරජ, ඔබවහන්සේ බිය නොවෙනු මැනව. රථ ශ්‍රේෂ්ඨය, ඔබවහන්සේ බිය නොවෙනු මැනව. රාහු විසින් ගන්නාලද චන්ද්‍රයා මෙන් මම ඔබවහන්සේ මුදාගන්නෙමි.
|
685
‘මා ත්වං භායි මහාරාජ, මා ත්වං භායි රථෙසභ;
අහං තං මොචයිස්සාමි, රාහුග්ගහංව සූරියං.
|
685
“මහරජ, ඔබවහන්සේ බිය නොවෙනු මැනව. රථ ශ්‍රේෂ්ඨය, ඔබවහන්සේ බිය නොවෙනු මැනව. රාහු විසින් ගන්නාලද සූර්‍ය්‍යයා මෙන් මම ඔබවහන්සේ මුදාගන්නෙමි.
|
686
‘‘මා ත්වං භායි මහාරාජ, මා ත්වං භායි රථෙසභ;
අහං තං මොචයිස්සාමි, පඞ්කෙ සන්නංව කුඤ්ජරං.
|
686
“මහරජ, ඔබවහන්සේ බිය නොවෙනු මැනව. රථ ශ්‍රේෂ්ඨය, ඔබවහන්සේ බිය නොවෙනු මැනව. මඩෙහි ගැලුනාවූ ඇතෙකු මෙන් මම ඔබවහන්සේ මුදාගන්නෙමි.
|
687
‘මා ත්වං භායි මහාරාජ, මා ත්වං භායි රථෙසභ;
අහං තං මොචයිස්සාමි, පෙළාබද්ධංව පන්නගං.
|
687
“මහරජ, ඔබවහන්සේ බිය නොවෙනු මැනව. රථ ශ්‍රේෂ්ඨය, ඔබවහන්සේ බිය නොවෙනු මැනව. පැසෙක බැඳ සිරකරණ ලද්දාවූ සර්පයෙකුමෙන් මම ඔබවහන්සේ මුදාගන්නෙමි.
|
688
(අයං ගාථා සී. පී. පොත්ථකෙසු න දිස්සති) ‘මා ත්වං භායි මහාරාජ, මා ත්වං භායි රථෙසභ;
අහං තං මොචයිස්සාමි, පක්ඛිං බද්ධංව පඤ්ජරෙ
(අයං ගාථා සී. පී. පොත්ථකෙසු න දිස්සති).
|
688 |
689
‘මා
අහං තං මොචයිස්සාමි, මච්ඡෙ ජාලගතෙරිව.
|
689
“මහරජ, ඔබවහන්සේ බිය නොවෙනු මැනව. රථ ශ්‍රේෂ්ඨය, ඔබවහන්සේ බිය නොවෙනු මැනව. දැලට අසුවූ මත්ස්‍යයන් මෙන් මම ඔබවහන්සේ මුදාගන්නෙමි.
|
690
‘මා ත්වං භායි මහාරාජ, මා ත්වං භායි රථෙසභ;
අහං තං මොචයිස්සාමි, සයොග්ගබලවාහනං.
|
690
“මහරජ, ඔබවහන්සේ බිය නොවෙනු මැනව. රථ ශ්‍රේෂ්ඨය, ඔබවහන්සේ බිය නොවෙනු මැනව. රථසේනා බලවාහන සහිතවූ ඔබ මුදා ගන්නෙමි.
|
691
‘මා ත්වං භායි මහාරාජ, මා ත්වං භායි රථෙසභ;
පඤ්චාලං වාහයිස්සාමි
(බාහයිස්සාමි (ස්‍යා.), වාරයිස්සාමි (ක.)), කාකසෙනංව ලෙඩ්ඩුනා.
|
691
“මහරජ, ඔබවහන්සේ බිය නොවෙනු මැනව. රථ ශ්‍රේෂ්ඨය, ඔබවහන්සේ බිය නොවෙනු මැනව. පඤ්චාල රජහුගේ සෙනඟ කැටකින් ගැසූ කව්ඩු රැළක් මෙන් මම පලවා හරින්නෙමි.
|
692
‘අදු පඤ්ඤා කිමත්ථියා, අමච්චො වාපි තාදිසො;
යො තං සම්බාධපක්ඛන්දං
(සම්බාධපක්ඛන්තං (සී. පී.)), දුක්ඛා න පරිමොචයෙ’’’.
|
692
“යම් ඇමතියෙක් කරදරයට පැමිණියාවූ ඒ රජක්හු දුකින් නුමුදන්නේද, එබඳු ඇමතිතෙමේ කවර ප්‍රයෝජන ඇත්තේද, ඔහුගේ ප්‍රඥාව නම් කුමක් ප්‍රයෝජන කොට ඇත්තීදැයි” මහෞෂධතෙම රජු සැනසීය.
|
693
‘‘එථ මාණවා උට්ඨෙථ, මුඛං සොධෙථ සන්ධිනො;
වෙදෙහො සහමච්චෙහි, උමඞ්ගෙන
(උම්මග්ගෙන (සී. පී.), උම්මඞ්ගෙ (ස්‍යා.) එවමුපරිපි) ගමිස්සති’’.
|
693
“එම්බා තරුණයිනි, මෙහි එව්, උමංදොර හරිව්. ගෙවල්වල දොරවල්ද හරිව්. වේදේහ නම් රජතෙම ඇමතියන් සමග උමගින් ගමන් කරන්නේයයි” මහෞෂධතෙම කීයේය.
|
694
‘‘තස්ස තං වචනං සුත්වා, පණ්ඩිතස්සානුචාරිනො
(පණ්ඩිතස්සානුසාරිනො (සී. ස්‍යා. පී.));
උමඞ්ගද්වාරං විවරිංසු, යන්තයුත්තෙ ච අග්ගළෙ’’.
|
694
ඔහුගේ ඒ වචනය අසා පණ්ඩිතයාගේ අනුචරයෝ උමංදොර හැරියාහු යතුරු දමන ලද අගුළු ඇති දොරකව්ලුද හැරියාහුය.
|
695
‘‘පුරතො සෙනකො යාති, පච්ඡතො ච මහොසධො;
මජ්ඣෙ ච රාජා වෙදෙහො, අමච්චපරිවාරිතො’’.
|
695
සේනකතෙම ඉදිරියෙන්ද මහෞෂධතෙම පස්සෙන්ද ඇමැතියන් විසින් පිරිවරණ ලද වෙදෙහ රජතෙම මධ්‍යයෙහිද ගමන් කරයි.
|
696
‘‘උමඞ්ගා නික්ඛමිත්වාන, වෙදෙහො නාවමාරුහි;
අභිරූළ්හඤ්ච තං ඤත්වා
(අභිරුය්හඤ්ච ඤත්වාන (ස්‍යා. ක.)), අනුසාසි මහොසධො.
|
696
උමගින් නික්ම වෙදෙහ රජතෙම නැවට නැගුනේය. නැවට නැංගාවූද ඔහු දැන මහෞෂධතෙම අනුශාසනා කෙළේය.
|
697
‘අයං
යථා මාතු පටිපත්ති, එවං තෙ හොතු සස්සුයා.
|
697
“දේවයන්වහන්ස, මේ පඤ්චාල චණ්ඩකුමාරතෙම ඔබගේ මයිලනුවන් පුත්රවේ. ජනාධිපතිය, මේ නන්දා දේවිතොමෝ නැන්දාවේ. මවට පිළිපැදීම යම්සේද ඔබගේ නැන්දනියටද මෙසේම පිළිපදීවා
|
698
‘යථාපි නියකො භාතා, සඋදරියො එකමාතුකො;
එවං පඤ්චාලචන්දො තෙ, දයිතබ්බො රථෙසභ.
|
698
“මහරජ, සමාන උදර ඇත්තාවූ එක මවගෙන් උපන්නාවූ ස්වකීය සහෝදරතෙම යම්සේද මෙසේම පඤ්චාල චණ්ඩ කුමාරතෙම ඔබ විසින් ආදර කටයුත්තේය.
|
699
‘අයං
කාමං කරොහි තෙ තාය, භරියා තෙ රථෙසභ’’’.
|
699
“මේ පඤ්චාලචණ්ඩී තොමෝ ඔබ විසින් කැමති වන ලද රාජ කුමාරිකාවයි. ඈ සමග ඔබට කැමැත්තක් කරව, මහරජ, මෝතොමෝ ඔබගේ භාර්‍ය්‍යාවයයි” මහෞෂධ තෙම අනුශාසනා කෙළේය.
|
700
‘‘ආරුය්හ නාවං තරමානො, කින්නු තීරම්හි තිට්ඨසි;
කිච්ඡා මුත්තාම්හ දුක්ඛතො, යාම දානි මහොසධ’’.
|
700
“එම්බා මහෞෂධය, ඉක්මන්කොට නැවට නැගෙව, කුමකට ඉව්රෙහි සිටින්නෙහිද? ඉතා අමාරුවෙන් දුකින් මිදුනෙමු දැන් අපි යමුයි” රජතෙම කීයේය.
|
701
‘‘නෙස
සෙනඞ්ගං පරිහාපෙත්වා, අත්තානං පරිමොචයෙ.
|
701
“මහරජ, යමෙක් සෙනඟට නායකවේද, ඒ මම සේනා කොටස් හැරදමා තමන් මිදෙන්නෙම් නම් මෙතෙම ස්වභාව ධර්මයෙක් නොවේ.
|
702
‘‘නිවෙසනම්හි තෙ දෙව, සෙනඞ්ගං පරිහාපිතං;
තං දින්නං බ්රහ්මදත්තෙන, ආනයිස්සං රථෙසභ’’.
|
702
“දෙවයන් වහන්ස, ඔබගේ ඒ නගරයෙහි සේනා කොටස් හැරදමන ලදී. මහරජ, බඹදත් රජහු විසින් දෙන ලද ඒ සෙනඟ හැරගෙණ එන්නෙමි” මහෞෂධතෙම කීයේය.
|
703
‘‘අප්පසෙනො මහාසෙනං, කථං විග්ගය්හ
(නිග්ගය්හ (ස්‍යා. ක.)) ඨස්සසි;
දුබ්බලො බලවන්තෙන, විහඤ්ඤිස්සසි පණ්ඩිත’’.
|
703
“මද සේනා ඇත්තෙක් මහත්වූ සේනා ඇත්තෙකුට කෙසේ නම් පහරගසා සිටින්නෙහිද? පණ්ඩිතය, දුර්වල තෙමේ බලවතා විසින් නසනු ලබන්නේයයි” රජතෙම කීයේය.
|
704
‘‘අප්පසෙනොපි චෙ මන්තී, මහාසෙනං අමන්තිනං;
ජිනාති රාජා රාජානො, ආදිච්චොවුදයං තමං’’.
|
704
“ඉදින් මදසේනා ඇත්තේද ප්‍රඥා ඇත්තේ නම් ප්‍රඥා ඇත්තාවූ මහත් සෙනඟ ඇත්තහු දිනයි කුමක් මෙන්ද යත්, උදාවන්නාවූ හිරු අඳුරු දුරු කරන්නාක්මෙන් ප්‍රඥා ඇති රජතෙම ප්‍රඥා නැති රජුන් ජයගනීයයි” මහෞෂධ තෙම කීයේය.
|
705
‘‘සුසුඛං වත සංවාසො, පණ්ඩිතෙහීති සෙනක;
පක්ඛීව පඤ්ජරෙ බද්ධෙ, මච්ඡෙ ජාලගතෙරිව;
අමිත්තහත්ථත්තගතෙ
(අමිත්තස්ස හත්ථගතෙ (ක.)), මොචයී නො මහොසධො’’.
|
705
“එම්බා සේනකය, මහෞෂධතෙම මැදිරියක බැඳුනු පක්ෂින් මෙන්ද, දැලට අසුවූ මසුන් මෙන්ද, සතුරන් අතට අසුවූ අප මුදාගත්තේය. එබැවින් පණ්ඩිතයන් සමග එක්ව විසීම ඒකාන්තයෙන් යහපත් සැපයකැයි” රජතෙම කීයේය.
|
706
‘‘එවමෙතං
(එවමෙව (ස්‍යා.)) මහාරාජ, පණ්ඩිතා හි සුඛාවහා;
පක්ඛීව පඤ්ජරෙ බද්ධෙ, මච්ඡෙ ජාලගතෙරිව;
අමිත්තහත්ථත්තගතෙ, මොචයී නො මහොසධො’’.
|
706
“මහරජ, මේ කාරණය මෙසේමැයි පණ්ඩිතයෝ වනාහි සුව එළවන්නාහුම වෙත්. මහෞෂධතෙම මැදිරියෙහි බැඳුනාවූ පක්ෂීන් මෙන්ද දැළකට අසුවූ මසුන් මෙන්ද සතුරන් අතට අසුවූ අප මුදාගත්තේයයි” සේනකතෙම කීයේය.
|
707
‘‘රක්ඛිත්වා කසිණං රත්තිං, චූළනෙය්යො මහබ්බලො;
උදෙන්තං අරුණුග්ගස්මිං, උපකාරිං උපාගමි.
|
707
මහත් බල ඇත්තාවූ චූළනී බ්‍රහ්මදත්ත රජතෙම සියලු රාත්‍රියෙහි රැකසිට අරුණු නැගෙණ කල්හි උපනාරී නගරය වෙතට පැමිණියේය.
|
708
‘‘ආරුය්හ
රාජා අවොච පඤ්චාලො, චූළනෙය්යො මහබ්බලො.
|
708
මහත් බල අත්තාවූ චූළනී බ්‍රහ්මදත්ත නම් පඤ්චාල රජතෙම බල ඇත්තාවූ සැට අව්රුද්දෙන් මද වෑහෙන්නාවූ උතුම් ඇතෙකුට නැග තමන්ගේ සෙනඟට මෙසේ කීයේය.
|
709
‘‘සන්නද්ධො මණිවම්මෙන
(මණිචම්මෙන (ස්‍යා.)), සරමාදාය පාණිනා;
පෙසියෙ අජ්ඣභාසිත්ථ, පුථුගුම්බෙ සමාගතෙ.
|
709
මාණික්‍ය සන්නාහයෙන් සැරසුනාවූ රජතෙම අතින් හියක්ගෙණ රැස්වූ බොහෝ ශිල්ප දන්නා පනිවිඩ කාර ඇමතියන්ට පළමුකොටම කීයේය.
|
710
‘‘හත්ථාරොහෙ අනීකට්ඨෙ, රථිකෙ පත්තිකාරකෙ;
උපාසනම්හි කතහත්ථෙ, වාලවෙධෙ සමාගතෙ’’.
|
710
ඇතරුවන්ටද අසරුවන්ටද රථිකයන්ටද පාබල හමුදාවන්ටද දුනු ශිල්පයෙහි දක්ෂවූ රැස්වූ වාලවේදී ධනුර් ධරයන්ටද මෙසේ කීයේය.
|
711
‘‘පෙසෙථ
මද්දන්තු කුඤ්ජරා නගරං, වෙදෙහෙන සුමාපිතං.
|
711
“සැට අව්රුද්දෙන් මද වැහෙන්නාවූ ශක්ති සම්පන්නවූ දළ ඇත්තාවූ ඇතුන් මෙහෙයවව්, ඒ ඇත්තු වේදේහ රජු නිසා ගොඩනගන ලද නුවර මඩිත්වා.
|
712
‘‘වච්ඡදන්තමුඛා සෙතා, තික්ඛග්ගා අට්ඨිවෙධිනො;
පණුන්නා ධනුවෙගෙන, සම්පතන්තුතරීතරා.
|
712
“වස්සන්ගේ දත් මෙන් මුහුණත ඇති සියුම්වූ තුඩු ඇති ඇට පලා විදින්නාවූ දුන්නෙහි වේගයෙන් හරින ලද ඊතල වර්ෂාව මෙන් මතුමත්තෙහි පතිත කෙරෙත්වා.
|
713
‘‘මාණවා
පක්ඛන්දිනො මහානාගා, හත්ථීනං හොන්තු සම්මුඛා.
|
713
“තරුණවූ යුද්ධ සැට්ට ලන ලද්දාවූ ශුරවූ විසිතුරු දඬුවලින් යුත් ආයුධ ගත්තාවූ යුද්ධයෙහි ඉදිරියට පැන යන්නාවූ මහත්වූ ඇතුන් පවා සිඳීමට සමර්ථවූ යෝධයෝ ඇතුන් හමුවෙහි සිටිත්වා.
|
714
‘‘සත්තියො තෙලධොතායො, අච්චිමන්තා
(අච්චිමන්තී (සී.)) පභස්සරා;
විජ්ජොතමානා තිට්ඨන්තු, සතරංසීව
(සතරංසා විය (සී.)) තාරකා.
|
714
“තෙලින් දෝනාලද ගිනිසිළු වැනි සෝභා ඇති පැහැ විහිදෙන්නාවූ සිරිය නම් ආයුධ ගත්තාහු සිය ගණන් රශ්මි ඇති තාරකා මෙන් බබළමින් සිටිත්වා.
|
715
‘‘ආවුධබලවන්තානං, ගුණිකායූරධාරිනං;
එතාදිසානං යොධානං, සඞ්ගාමෙ අපලායිනං;
වෙදෙහො කුතො මුච්චිස්සති, සචෙ පක්ඛීව කාහිති.
|
715
“ආයුධ බලයෙන් යුක්තවූ යුද්ධසැට්ට හා අඟු පළඳනා (බාහු වළලු) දරන්නාවූ යුද්ධ භූමියෙහි පැන නොයන්නාවූ මෙබඳුවූ යෝධයන්ගෙන් වෙදෙහතෙම කොයින් මිදෙන්නේද, ඉදින් පක්ෂියෙකු මෙන් අහසින් ගමන් කරන්නේද, නොමිදෙන්නේය.
|
716
‘‘තිංස මෙ පුරිසනාවුත්යො, සබ්බෙවෙකෙකනිච්චිතා;
යෙසං සමං න පස්සාමි, කෙවලං මහිමං චරං.
|
716
“මුළු පොළොවෙහි හැසිර සොයන්නේ යම් කෙනෙකුන්ට සමානයෙකු නොදක්නෙම්ද එබඳුවූ එක එක තෝරා ගන්නාලද මාගේ සියලුම යෝධයෝ තිස් දහසක් පමණ වෙත්.
|
717
‘‘නාගා ච කප්පිතා දන්තී, බලවන්තො සට්ඨිහායනා;
යෙසං
|
717
“යම් ඇතුන්ගේ පිට උඩ මනොඥ දර්ශන ඇති කුමාරයෝ බබළත්ද, එබඳුවූ සරසනලද දළ ඇත්තාවූ බළයෙන් යුක්තවූ සැට හව්රුද්දෙන් මඳ වැහෙන්නාවූ මහත් හස්තීහුද ඇත්තාහ.
|
718
‘‘පීතාලඞ්කාරා පීතවසනා, පීතුත්තරනිවාසනා;
නාගඛන්ධෙසු සොභන්ති, දෙවපුත්තාව නන්දනෙ.
|
718
“රන්වන් අලංකාරයෙන් සැරසුනාවූ රන්වන් වස්ත්‍ර ඇත්තාවූ රන්වන් උතුරුසළු ඇත්තාවූ කුමාරයෝ නන්දන වනයෙහි දිව්‍ය පුත්‍රයන් මෙන් ඇතුන් පිට බබළත්.
|
719
‘‘පාඨීනවණ්ණා නෙත්තිංසා, තෙලධොතා පභස්සරා;
නිට්ඨිතා නරධීරෙහි
(නරවීරෙහි (සී. ස්‍යා. පී.)), සමධාරා සුනිස්සිතා.
|
719
“පෙටියන්ට බඳු පැහැ ඇති තෙලින් දෝනාලද පැහැ විහිදෙන්නාවූ දක්ෂ ශිල්පීන් විසින් නිමවන ලද සියුම් මුවහත් ඇති මනාව මුවහත් කරණලද කඩුද වෙත්.
|
720
‘‘වෙල්ලාලිනො වීතමලා, සික්කායසමයා දළ්හා;
ගහිතා බලවන්තෙහි, සුප්පහාරප්පහාරිභි.
|
720
“හිරුරැස් මෙන් බබළන්නාවූ පහවූ මළ ඇති සික්කා නම් යඩකින් කරණලද්දාවූ දෘඪවූ ඒ කඩු, තදින් පහර දීමෙහි දක්ෂවූ ශක්තිමත්වූ යෝධයන් විසින් ගන්නා ලද්දාහ.
|
721
‘‘සුවණ්ණථරුසම්පන්නා, ලොහිතකච්ඡුපධාරිතා;
විවත්තමානා සොභන්ති, විජ්ජුවබ්භඝනන්තරෙ.
|
721
“ස්වර්ණමය කඩුමිටින් යුක්තවූ ලේවන් කොපුවලින් දරන්නාවූ ඒ කඩු එහා මෙහි පෙරලෙන්නාහු ඝන වළාකුලෙක්හි විදුලිය මෙන් බබළත්.
|
722
‘‘පටාකා
(පතාකා (සී. පී.), පථකා (ස්‍යා.)) වම්මිනො සූරා, අසිචම්මස්ස කොවිදා;
ධනුග්ගහා සික්ඛිතරා
(ථරුග්ගහා සික්ඛිතාරො (සී. පී.)), නාගඛන්ධෙ නිපාතිනො
(නාගඛන්ධාතිපාතිනො (සී. පී.)).
|
722
“යුද්ධ සැට්ට දරන්නාවූ ශූරවූ කඩු පළඟ දැරීමෙහි දක්ෂවූ කඩු ශිල්පයෙහි මනාව හික්මුනාවූ ඇතුන්ගේ කඳ පවා කපා හෙළන්නාවූ පතාක නම් යෝධයෝ ඇත්තාහ.
|
723
‘‘එතාදිසෙහි පරික්ඛිත්තො, නත්ථි මොක්ඛො ඉතො තව;
පභාවං තෙ න පස්සාමි, යෙන ත්වං මිථිලං වජෙ’’.
|
723
“වෙදේහය, මෙබඳු යෝධයන් විසින් වට කරණ ලද නුඹට මෙයින් මිඳීමක් නැත. යමකින් නුඹ මියුළු නුවරට යන්නේද, ඔබගේ එබඳු ශක්තියක් නොදකිමියි” බ්‍රහ්මදත්ත රජතෙම කීයේය.
|
724
‘‘කිං නු සන්තරමානොව, නාගං පෙසෙසි කුඤ්ජරං;
පහට්ඨරූපො ආපතසි
(ආගමසි (ස්‍යා.), ආතපසි (ක.)), සිද්ධත්ථොස්මීති
(ලද්ධත්ථොස්මීති (සී. ස්‍යා. පී.)) මඤ්ඤසි.
|
724
“මහරජ, කුමකට ඉතා ඉක්මනට මේ හස්ති රාජයා මෙහෙයවන්නෙහිද, ඉතා සතුටු ස්වභාව ඇතිව ඉදිරියට එන්නෙහිය. කිම සමෘද්ධවූ කටයුතු ඇත්තෙමියි සිතන්නෙහිද?
|
725
‘‘ඔහරෙතං
ඔහරෙතං සුභං වම්මං, වෙළුරියමණිසන්ථතං’’
(වෙළුරියමණිසන්නිභං (ස්‍යා.)).
|
725
“මහරජ, මේ වෘෂ නම් දුන්න බහා තබව, ඊතලය අකුලාගණුව යහපත්වූ වෛඩූර්‍ය්‍ය මාණික්‍යයෙන් අතුරණ ලද මේ පලිහ බහා තබවයි” මහෞෂධතෙම කීයේය.
|
726
‘‘පසන්නමුඛවණ්ණොසි, මිතපුබ්බඤ්ච භාසසි;
හොති ඛො මරණකාලෙ, එදිසී
(තාදිසී (සී. පී.)) වණ්ණසම්පදා’’.
|
726
“ප්‍රසන්නවූ මුහුණෙහි පැහැ ඇත්තෙහිය. සිනහ පෙරදැරි කොටද කථා කරන්නේය. මරණය ලංවූ කල්හි එබඳුවූ වර්ණ සම්පත්තියක් ඇතිවේමයයි” චූළණී රජතෙම කීයේය
|
727
‘‘මොඝං තෙ ගජ්ජිතං රාජ, භින්නමන්තොසි ඛත්තිය;
දුග්ගණ්හොසි
|
727
“මහරජ, ඔබගේ ගර්ජනාව හිස්වේ. මහරජ, ඔබ බිඳුනු මන්ත්‍රණ ඇත්තේ වෙහිය. කොටළුවෙකු විසින් ලුහුබඳවා අශ්වයෙක් අල්වාගන්ට බැරුවාක් මෙන් වේදේහ රජතෙම ඔබ විසින් අල්වාගත නොහැක්කේ මැයි.
|
728
‘‘තිණ්ණො හිය්යො රාජා ගඞ්ගං, සාමච්චො සපරිජ්ජනො;
හංසරාජං යථා ධඞ්කො, අනුජ්ජවං පතිස්සසි’’.
|
728
“මහරජ, අපගේ රජතෙම ඇමතියන් සහිතව පිරිවර ජනයාද සමග ඊයේම ගඟින් එතරව ගියේය. ඔහු ලුහුබඳින්නේ හංස රාජයෙකු ලුහුබැඳ දුවන්නාවූ කව්ඩෙකු මෙන් අතරමගම වැටෙන්නේයයි” පණ්ඩිතතෙම කීයේය.
|
729
‘‘සිඞ්ගාලා රත්තිභාගෙන, ඵුල්ලං දිස්වාන කිංසුකං;
මංසපෙසීති මඤ්ඤන්තා, පරිබ්යූළ්හා මිගාධමා.
|
729
“සිවල්ලු රාත්‍රි කාලයෙහි පිපියාවූ කෑල ගසක් හඳ එළියෙන් දැක මස්පිඩු යයි සිතමින් පිරිවරණ ලද්දාහු මෘගයන්ගෙන් අධමවූ ඔව්හු බලා සිටිත්.
|
730
‘‘වීතිවත්තාසු රත්තීසු, උග්ගතස්මිං දිවාකරෙ
(දිවාකරෙ (සී. ස්‍යා. පී.));
කිංසුකං ඵුල්ලිතං දිස්වා, ආසච්ඡින්නා මිගාධමා.
|
730
“රාත්‍රිය ඉක්ම ගියකල්හි හිරු උදාවූ කල්හි පිපුනු කෑල ගස දැක, යම්සේ ඒ නීචවූ සිව්පාවෝ ආශාව සිඳුනාහු වෙද්ද?
|
731
‘‘එවමෙව තුවං රාජ, වෙදෙහං පරිවාරිය
(පරිවාරය (ස්‍යා. පී.), පරිවාරිතං (ක.));
ආසච්ඡින්නො ගමිස්සසි, සිඞ්ගාලා කිංසුකං යථා’’.
|
731
“මහරජ, මෙපරිද්දෙන්ම ඔබ වේදෙහ රජු පිරිවරා සිට සිවල්ලු කෑල ගස හැර යන්නාක් මෙන් ආශාව සිඳ යන්නෙහියයි” මහෞෂධතෙම කීයේය.
|
732
‘‘ඉමස්ස හත්ථෙ පාදෙ ච, කණ්ණනාසඤ්ච ඡින්දථ;
යො මෙ අමිත්තං හත්ථගතං, වෙදෙහං පරිමොචයි.
|
732
“යමක් මාගේ අතට අසුවූ වේදේහ නම් සතුරා මුදා හැරියේද, ඒ මොහුගේ අත් පාද කන් නාස්ද කපව්.
|
733
‘‘ඉමං මංසංව පාතබ්යං
(මංසංව පාතබ්බං (සී. පී.), මංසඤ්ච පාතබ්යං (ක.)), සූලෙ කත්වා පචන්තු නං;
යො මෙ අමිත්තං හත්ථගතං, වෙදෙහං පරිමොචයි.
|
733
“යමෙක් මාගේ අතට අසුවූ වේදේහ නම් සතුරා මුදා හැරියේද, ඒ මේ ගොවියා පුතු පිසිය යුතු මසක් මෙන් හුලෙහි ඇන පිසත්වා.
|
734
‘‘යථාපි ආසභං චම්මං, පථබ්‍යා විතනිය්යති;
සීහස්ස අථො බ්යග්ඝස්ස, හොති සඞ්කුසමාහතං.
|
734
“යම්සේ වෘෂභයෙකුගේ සමක් හෝ සිංහයෙකුගේ සමක් හෝ තවද ව්යාඝ්රයෙකුගේ සම හෝ හුල් අනින ලදුව පොළොවෙහි පතුරවනු ලැබේද,
|
735
‘‘එවං තං විතනිත්වාන, වෙධයිස්සාමි සත්තියා;
යො මෙ අමිත්තං හත්ථගතං, වෙදෙහං පරිමොචයි’’.
|
735
“මෙසේම මාගේ අතට අසුවූ වේදේහ නම් සතුරා යමෙක් මුදා හැරියේද ඔහු පොළොවෙහි වතුරුවා හුලෙන් අනින්නෙමියි” චූලනී රජතෙම කීයේය.
|
736
‘‘සචෙ මෙ හත්ථෙ පාදෙ ච, කණ්ණනාසඤ්ච ඡෙච්ඡසි;
එවං පඤ්චාලචන්දස්ස, වෙදෙහො ඡෙදයිස්සති.
|
736
“මහරජ, ඉදින් මාගේ අත් දෙකද පා දෙකද කන් හා නාසයද සිඳින්නෙහි නම්, අපගේ වේදේහ රජතෙම පඤ්චාල චණ්ඩ කුමරුගේද මෙසේ සිඳවන්නේය.
|
737
‘‘සචෙ
එවං
|
737
“මහරජ, ඉදින් මාගේ අත් දෙකද පා දෙකද කන් හා නාසයද සිඳින්නෙහි නම්, අපගේ වේදේහ රජතෙම පඤ්චාල චණ්ඩි කුමරියගේද මෙසේම සිඳවන්නේය.
|
738
‘‘සචෙ මෙ හත්ථෙ පාදෙ ච, කණ්ණනාසඤ්ච ඡෙච්ඡසි;
එවං නන්දාය දෙවියා, වෙදෙහො ඡෙදයිස්සති.
|
738
“මහරජ, ඉදින් මාගේ අත් දෙකද පා දෙකද කන් හා නාසයද සිඳින්නෙහි නම්, අපගේ වේදේහ රජතෙම නන්දා දේවියගේද මෙසේම සිඳවන්නේය.
|
739
‘‘සචෙ මෙ හත්ථෙ පාදෙ ච, කණ්ණනාසඤ්ච ඡෙච්ඡසි;
එවං තෙ පුත්තදාරස්ස, වෙදෙහො ඡෙදයිස්සති.
|
739
“මහරජ, ඉදින් මාගේ අත් දෙකද පා දෙකද කන් හා නාසයද සිඳින්නෙහි නම්, අපගේ වේදේහ රජතෙම ඔබගේ අඹුදරුවන් ගේද මෙසේම සිඳවන්නේය.
|
740
‘‘සචෙ
එවං පඤ්චාලචන්දස්ස, වෙදෙහො පාචයිස්සති.
|
740
“මහරජ, ඉදින් පිසිය යුතු මසක් මෙන් මා හුලෙහි ඇන පිසන්නෙහි නම් අපගේ වේදේහ රජතෙම පඤ්චාල චණ්ඩ කුමරුගේ මස්ද මෙසේ පිසවන්නේය.
|
741
‘‘සචෙ මංසංව පාතබ්යං, සූලෙ කත්වා පචිස්සසි;
එවං පඤ්චාලචන්දියා, වෙදෙහො පාචයිස්සති.
|
741
“මහරජ, ඉදින් පිසිය යුතු මසක් මෙන් මා හුලෙහි ඇන පිසන්නෙහි නම්, අපගේ වේදේහ රජතෙම පඤ්චාල චණ්ඩි කුමරියගේ මස්ද මෙසේ පිසවන්නේය.
|
742
‘‘සචෙ මංසංව පාතබ්යං, සූලෙ කත්වා පචිස්සසි;
එවං නන්දාය දෙවියා, වෙදෙහො පාචයිස්සති.
|
742
“මහරජ, ඉදින් පිසිය යුතු මසක් මෙන් මා හුලෙහි ඇන පිසන්නෙහි නම්, අපගේ වේදේහ රජතෙම නන්දා දේවියගේ මසද මෙසේ පිසවන්නේය.
|
743
‘‘සචෙ මංසංව පාතබ්යං, සූලෙ කත්වා පචිස්සසි;
එවං තෙ පුත්තදාරස්ස, වෙදෙහො පාචයිස්සති.
|
743
“මහරජ, ඉදින් පිසිය යුතු මසක් මෙන් මා හුලෙහි ඇන පිසන්නෙහි නම්, අපගේ වේදේහ රජතෙම ඔබගේ අඹුදරුවන්ගේ මසද මෙසේ පිසවන්නේය.
|
744
‘‘සචෙ මං විතනිත්වාන, වෙධයිස්සසි සත්තියා;
එවං පඤ්චාලචන්දස්ස, වෙදෙහො වෙධයිස්සති.
|
744
“මහරජ ඉදින් මා බිම වතුරුවා හුල් ගසන්නෙහි නම් අපගේ වෙදෙහ රජතෙම පඤ්චාල චණ්ඩ කුමරුගේද මෙසේ හුල් ගසන්නේය.
|
745
‘‘සචෙ මං විතනිත්වාන, වෙධයිස්සසි සත්තියා;
එවං පඤ්චාලචන්දියා, වෙදෙහො වෙධයිස්සති.
|
745
“මහරජ ඉදින් මා බිම වතුරුවා හුල් ගසන්නෙහි නම් අපගේ වේදෙහ රජතෙම පඤ්චාල චණ්ඩි කුමරියගේද මෙසේ හුල් ගසන්නේය.
|
746
‘‘සචෙ මං විතනිත්වාන, වෙධයිස්සසි සත්තියා;
එවං නන්දාය දෙවියා, වෙදෙහො වෙධයිස්සති.
|
746
“මහරජ ඉදින් මා බිම වතුරුවා හුල් ගසන්නෙහි නම් අපගේ වේදෙහ රජතෙම නන්දා දේවියගේද මෙසේ හුල් ගසන්නේය
|
747
‘‘සචෙ මං විතනිත්වාන, වෙධයිස්සසි සත්තියා;
එවං
එවං නො මන්තිතං රහො, වෙදෙහෙන මයා සහ.
|
747
“මහරජ ඉදින් මා බිම වතුරුවා හුල් ගසන්නෙහි නම් අපගේ වේදෙහ රජතෙම ඔබගේ අඹුදරුවන්ගේදෙ මෙසේ හුල් ගසන්නේය. මෙසේ අපගේ වේදෙහ රජ විසින් මා සමග රහසිගතව මන්ත්‍රණය කරණ ලදී.
|
748
‘‘යථාපි පලසතං චම්මං, කොන්තිමන්තාසුනිට්ඨිතං
(කොන්තීමන්තීසුනිට්ඨිතං (සී. පී.));
උපෙති තනුතාණාය, සරානං පටිහන්තවෙ.
|
748
“යම්සේ කොන්තිමන්තී නම් සම් කරුවන්ගේ ශස්ත්‍රයෙන් මනාව නිමවන ලද පලසත නම්වූ සම ඊතල වැලැක්වීමට සිරුර ආරක්ෂා කිරීමට සුදුසුවේද,
|
749
‘‘සුඛාවහො
මතිං තෙ පටිහඤ්ඤාමි, උසුං පලසතෙන වා’’.
|
749
“එමෙන් මම යශපිරිවර ඇත්තාවූ වේදෙහ නම් රජුට සුවඑළවන්නෙක් වෙමි. දුක දුරුකරන්නෙක් වෙමි. පලසත නම් චර්මයෙන් ඊතල මෙන් ඔබගේ ප්‍රඥාව නසන්නෙමියි” පණ්ඩිත තෙම කීයේය.
|
750
‘‘ඉඞ්ඝ පස්ස මහාරාජ, සුඤ්ඤං අන්තෙපුරං තව;
ඔරොධා ච කුමාරා ච, තව මාතා ච ඛත්තිය;
උමඞ්ගා නීහරිත්වාන, වෙදෙහස්සුපනාමිතා’’.
|
750
“මහරජ, එබැවින් ඔබගේ සිස්වූ අන්තඃපුරය බලව. මහරජ, ඔබගේ දේවියද කුමාරයෝද මවද යන මොහු උමගින් හැරගෙණ විත් වේදෙහ රජුට බාරදෙන ලද්දාහුයයි” පණ්ඩිතතෙම කීයේය.
|
751
‘‘ඉඞ්ඝ අන්තෙපුරං මය්හං, ගන්ත්වාන විචිනාථ නං;
යථා ඉමස්ස වචනං, සච්චං වා යදි වා මුසා’’.
|
751
“එසේ නම් මාගේ අන්තඃපුරයට ගොස් මොහුගේ වචනය ඇත්තක් හෝ බොරුවක්දැයි එය සොයා බලව්යයි” රජතෙම ඇමතියෙකු යැවීය.
|
752
‘‘එවමෙතං මහාරාජ, යථා ආහ මහොසධො;
සුඤ්ඤං අන්තෙපුරං සබ්බං, කාකපට්ටනකං යථා’’.
|
752
“මහරජ, මහෞෂධතෙම යම්සේ කීයේද, මෙය මෙසේමය. සියලු සිස්වූ අන්තඃපුරය කව්ඩන් රැස්වූ පටුනක් මෙන් වීයයි” ඇමතිතෙම කීයේය.
|
753
‘‘ඉතො ගතා මහාරාජ, නාරී සබ්බඞ්ගසොභනා;
කොසම්බඵලකසුස්සොණී
(කොසුම්භඵලකසුස්සොණී (සී. ස්‍යා. පී.)), හංසගග්ගරභාණිනී.
|
753
“මහරජ, රන්පෝරුවක් වැනි මනා කටිප්රදෙශ ඇති හංසධෙනුවකගේ මෙන් මිහිරි කථා ඇති සියලු ශරීරාවයවන්ගෙන් ශෝභමානවූ ස්ත්‍රියක් නන්දා දේවිතොමෝ මේ උමගින් ගියාය.
|
754
‘‘ඉතො
කොසෙය්යවසනා සාමා, ජාතරූපසුමෙඛලා.
|
754
“මහරජ, හඳිනා ලද කොශෙය්ය වස්ත්‍ර ඇති ස්‍යාම වර්ණවූ පැළැඳි ස්වර්ණමය මනා මෙවුල්දම් ඇති සියලු ශරීරාවයවයන්ගෙන් හොබනා ස්ත්රියක්වූ නන්දා දේවීතොමෝ මේ උමගින් ගෙණයන ලද්දීය.
|
755
‘‘සුරත්තපාදා කල්‍යාණී, සුවණ්ණමණිමෙඛලා;
පාරෙවතක්ඛී සුතනූ, බිම්බොට්ඨා තනුමජ්ඣිමා.
|
755
“ඒ නන්දා දේවිතොමෝ ඉතා රත් පා ඇත්තීය. පඤ්චකල්‍යාණයෙන් යුක්තය. රන්මිණි මෙවුල් ඇත්තීය. පරෙවියන්ට බඳු ඇස් ඇත්තීය. ශොභන ශරීර ඇත්තීය. බිඹුපලවන් තොල් ඇත්තීය. කෘශවූ මධ්යප්රදෙශ ඇත්තිය.
|
756
‘‘සුජාතා භුජලට්ඨීව, වෙදීව
(වෙල්ලීව (සී. පී.)) තනුමජ්ඣිමා;
දීඝස්සා
|
756
“තවද ඕතොමෝ මනාව හටගත් කළුවැල් ගොබයක් මෙන් බබළන්නීය රන් වේදිකාවක් මෙන් සිහින් මධ්‍ය ප්‍රදෙශ ඇත්තීය. ඇගේ කාළවර්ණවූ දික්වූ කේශයෝ මදක් අගින් නැමුනාහුය.
|
757
‘‘සුජාතා මිගඡාපාව, හෙමන්තග්ගිසිඛාරිව;
නදීව ගිරිදුග්ගෙසු, සඤ්ඡන්නා ඛුද්දවෙළුභි.
|
757
“තවද ඕතොමෝ මනාව උපන්නාවූ මෘගපෝතිකාවක් වැනිය. හේමන්ත ඍතුවෙහි ගිනිසිලක් මෙන් බබලන්නීය. පර්වත දුර්ගයන්හි දියහුණ වලින් ගැවසීගත් ගංගාවක් වැනි රෝමරාජියෙන් බබලන්නීය.
|
758
‘‘නාගනාසූරු කල්‍යාණී, පරමා
(පඨමා (සී. පී.)) තිම්බරුත්ථනී;
නාතිදීඝා නාතිරස්සා, නාලොමා නාතිලොමසා’’.
|
758
“තවද ඕතොමෝ ඇත්සොඬට බඳු ඌරුයුග්ම ඇත්තීය, සුන්දරවූ ප්‍රථම වයස් ඇත්තීය, තිඹිරි පලවන් පියවුරු ඇත්තීය, ඉතා දික්නුවූවා ඉතා කොට නොවූවා ලොම් රහිත නොවූවා අධික ලොම් වලින් ගැවසීගත්තීද නුවූවායයි” පණ්ඩිත තෙම කීයේය.
|
759
‘‘නන්දාය නූන මරණෙන, නන්දසි සිරිවාහන;
අහඤ්ච නූන නන්දා ච, ගච්ඡාම යමසාධනං’’.
|
759
“ශ්‍රීමත් වාහණ ඇති මහරජ ඒකාන්තයෙන් ඔබ මෙබඳුවූ නන්දා දේවියගේ මරණයෙන් සතුටුවෙහි නම් මමද නන්දා දේවියද ඒකාන්තයෙන් යමරජු සමීපයට යම්හයි” පණ්ඩිත තෙම කීයේය.
|
760
‘‘දිබ්බං අධීයසෙ මායං, අකාසි චක්ඛුමොහනං;
යො මෙ අමිත්තං හත්ථගතං, වෙදෙහං පරිමොචයි’’.
|
760
“එම්බා මහෞෂධය, යමෙක් මා අතට අසුවූ වේදෙහ නම් සතුරා මුදාහැරියේද, ඒ නුඹ දිව්‍යවූ මායාවක් දන්නෙහිද, නොහොත් ඉන්ද්රජාලයක් කෙළේදැයි” රජතෙම ඇසීය.
|
761
‘‘අධීයන්ති
තෙ මොචයන්ති අත්තානං, පණ්ඩිතා මන්තිනො ජනා.
|
761
“මහරජ මේ ලෝකයෙහි පණ්ඩිතයෝ දිව්‍යවූ මායාව ඉගෙණගනිත්. ඒ ප්‍රඥා ඇත්තාවූ පණ්ඩිත ජනයෝ තමන් මුදා ගණිත්.
|
762
‘‘සන්ති මාණවපුත්තා මෙ, කුසලා සන්ධිඡෙදකා;
යෙසං කතෙන මග්ගෙන, වෙදෙහො මිථිලං ගතො’’.
|
762
“යම් කෙනෙකුන් කරණ ලද උමං මගකින් වේදෙහ රජතෙම මියුළු නුවරට ගියේද, එබඳු උමං කැපීමෙහි දක්ෂවූ මාගේ තරුණ යෝධයෝ ඇත්තාහුයයි” පණ්ඩිතතෙම කීයේය.
|
763
‘‘ඉඞ්ඝ පස්ස මහාරාජ, උමඞ්ගං සාධු මාපිතං;
හත්ථීනං අථ අස්සානං, රථානං අථ පත්තිනං;
ආලොකභූතං තිට්ඨන්තං, උමඞ්ගං සාධු මාපිතං’’
(නිට්ඨිතං (සී. ස්‍යා. පී.)).
|
763
“මහරජ, එසේවීනම් ඇතුන්ගේද අසුන්ගේද රථයන්ගේද පාබල හමුදාවන්ගේද සිතුවම්වලින් යුක්තවූ මනාකොට නිමවන ලද මේ උමග බලනු මැනව. ඒකාලෝකව තිබෙන්නාවූ මේ උමග මනාකොට නිමවනලදැයි” පණ්ඩිතතෙම කීයේය.
|
764
‘‘ලාභා වත විදෙහානං, යස්සිමෙදිසා පණ්ඩිතා;
ඝරෙ වසන්ති විජිතෙ, යථා ත්වංසි මහොසධ’’.
|
764
“එම්බා මහෞෂධය, ඔබ යම්සේ වෙහිද, මේ එබඳු පණ්ඩිතයෝ යමෙකුගේ රටෙහිද ගෘහයෙහිද වෙසෙත් නම් ඒ විදෙහ රට වැස්සන්ට ඒකාන්තයෙන් ලාභයකැයි,” චූලනී රජ කීයේය.
|
765
‘‘වුත්තිඤ්ච පරිහාරඤ්ච, දිගුණං භත්තවෙතනං;
දදාමි විපුලෙ භොගෙ, භුඤ්ජ කාමෙ රමස්සු ච;
මා
|
765
“එම්බා මහෞෂධ පණ්ඩිතය, ජීවන වෘත්තියද ගම් නියම් ගම් දීමද බත් වැටුප් දීමද ඔබට මම දෙගුණ කොටදෙමි. මහත්වූ සම්පත්තිය අනුභව කරව, කාමසම්පත්තියෙහිද, සිත් අලවා වාසය කරව. විදෙහරටට පෙරලා නොයව, වේදේහ රජතෙම කුමක් කරන්නේදැයි” බඹදත් රජතෙම කීයේය.
|
766
‘‘යො චජෙථ මහාරාජ, භත්තාරං ධනකාරණා;
උභින්නං හොති ගාරය්හො, අත්තනො ච පරස්ස ච;
යාව ජීවෙය්ය වෙදෙහො, නාඤ්ඤස්ස පුරිසො සියා.
|
766
“මහරජ, යමෙක් ධනහේතුවෙන් ස්වාමියා හැර දමන්නේද, හෙතෙම තමන්ද අනුන්ද යන දෙදෙනා විසින්ම ගැරහිය යුත්තෙක්වේ. එබැවින් වෙදෙහ රජතෙම යම්තාක් ජීවත්වන්නේ නම් ඒතාක් අන් රජෙකුගේ පුරුෂයෙක් නොවන්නෙමි.
|
767
‘‘යො
උභින්නං හොති ගාරය්හො, අත්තනො ච පරස්ස ච;
යාව තිට්ඨෙය්ය වෙදෙහො, නාඤ්ඤස්ස විජිතෙ වසෙ’’.
|
767
“මහරජ, යමෙක් වස්තුව හේතුකොටගෙණ ස්වාමියා හැරදමන්නේද, හෙතෙම තමන්ද අනුන්ද යන දෙදෙනා විසින්ම ගැරහිය යුත්තෙක්වේ. එහෙයින් මම වේදේහ රජතෙම යම්තාක් ජීවත්ව සිටින්නේද, ඒතාක් අන් රජෙකුගේ විජිතයෙහි නොවසන්නෙමියි” පණ්ඩිත තෙම කීයේය.
|
768
‘‘දම්මි නික්ඛසහස්සං තෙ, ගාමාසීතිඤ්ච කාසිසු;
දාසිසතානි චත්තාරි, දම්මි භරියාසතඤ්ච තෙ;
සබ්බං සෙනඞ්ගමාදාය, සොත්ථිං ගච්ඡ මහොසධ.
|
768
“මහෞෂධ පණ්ඩිතය, මම ඔබට රන් නිෂ්ක දහසක් දෙමි. කසී ජනපදයෙහිවූ ගම්වර අසූවක්ද දෙමි. දාසීන් සාරසියයක්ද දෙමි. ස්ත්‍රීන් සියයක්ද ඔබට දෙමි. සියලු සේනා කොටස් හැරගෙණ සුවසේ මියුළු නුවරට යවයි” රජතෙම අවසර දුන්නේය.
|
769
‘‘යාව දදන්තු හත්ථීනං, අස්සානං දිගුණං විධං;
තප්පෙන්තු අන්නපානෙන, රථිකෙ පත්තිකාරකෙ’’.
|
769
“ඇතුන්ටද අසුන්ටද යම්තාක් සෑහේද, එය දෙගුණකොට වියදම දෙත්වා රථ සේනාවන්ද පාබල සේනාවන්ද ආහාරපානයෙන් සතුටු කෙරෙත්වායි” රජ තෙම නියම කෙළේය.
|
770
‘‘හත්ථී අස්සෙ රථෙ පත්තී, ගච්ඡෙවාදාය පණ්ඩිත;
පස්සතු තං මහාරාජා, වෙදෙහො මිථිලං ගතං
(මිථිලග්ගහං (ක.)).
|
770
“එම්බා පණ්ඩිතය, ඇතුන්ද අසුන්ද රථයන්ද පාබල සෙනගද හැරගෙණම යව. වෙදෙහ නම් මහරජතෙමේ සුවසේ මියුළු නුවරට ගියාවූ ඔබ දකීවායි” චූළනී රජතෙම මහෞෂධ පණ්ඩිතයන් පිටත් කෙළේය.
|
771
‘‘හත්ථී අස්සා රථා පත්තී, සෙනා පදිස්සතෙ මහා;
චතුරඞ්ගිනී භීසරූපා, කිං නු මඤ්ඤසි පණ්ඩිත’’
(මඤ්ඤන්ති පණ්ඩිතා (සී. ස්‍යා. පී.)).
|
771
“හස්තිය අශ්වය රථය පාබල සෙනගය යන මහත්වූ භය ජනක ස්වභාව ඇති චතුරංගිනී සේනාව දක්නා ලැබේ. පණ්ඩිතයෝ මෙහි කුමක් හඟිත් දැයි” වේදේහ රජතෙම ඇසීය.
|
772
‘‘ආනන්දො
සබ්බං සෙනඞ්ගමාදාය, සොත්ථිං පත්තො මහොසධො’’.
|
772
“මහරජ, ඔබගේ සතුටුවූ උතුම් පණ්ඩිතතෙම දක්නා ලැබේ. මහෞෂධතෙමේ සියලු සේනාංග හැරගෙණ සුවසේ මෙහි පැමිණියේයයි” සේනකතෙම කීයේය.
|
773
‘‘යථා පෙතං සුසානස්මිං, ඡඩ්ඩෙත්වා චතුරො ජනා;
එවං කපිලයෙ ත්යම්හ
(කප්පිලියෙ ත්යම්හා (ස්‍යා.), කම්පිල්ලියෙ ත්යම්හා (සී.), කම්පිල්ලියරට්ඨෙ (පී.)), ඡඩ්ඩයිත්වා ඉධාගතා.
|
773
“එම්බා මහෞෂධ පණ්ඩිතය, යම්සේ සතර දෙනෙක් පරලොව ගියහු සොහොනෙහි හැරදමා එද්ද, මෙපරිද්දෙන් ඒ අපි කම්පිල්ල නරගයෙහි ඔබ හැරදමා මෙහි ආයෙමු
|
774
‘‘අථ
කෙන වා අත්ථජාතෙන, අත්තානං පරිමොචයි’’.
|
774
“එසේ ඇතිකල්හි ඔබ කෙබඳු ආකාරයකින් හෝ කවර හේතුවකින් කිනම් අර්ථ ජාතයකින් හෝ සතුරාගෙන් තමා මිදී ආයේදැයි” රජතෙම ඇසීය.
|
775
‘‘අත්ථං අත්ථෙන වෙදෙහ, මන්තං මන්තෙන ඛත්තිය;
පරිවාරයිං
(පරිවාරයිස්සං (සී. ස්‍යා.)) රාජානං, ජම්බුදීපංව සාගරො’’.
|
775
“එම්බා වෙදෙහරජ, තමා සිතනලද අර්ථයෙන් ඔවුන් සිතූ අර්ථයද, තමාගේ මන්ත්‍රණයෙන් ඔවුන් මන්ත්‍රණයද, පිරිවැරූයෙමි. එපමණක් නොව ජම්බුද්වීපය පිරිවැරූ සාගරය මෙන් රජහුද පිරිවරා ගත්තෙමියි” මහෞෂධ තෙම සියලු ප්‍රවෘත්තිය කීයේය.
|
776
‘‘දින්නං නික්ඛසහස්සං මෙ, ගාමාසීති ච කාසිසු;
දාසීසතානි චත්තාරි, දින්නං භරියාසතඤ්ච මෙ;
සබ්බං සෙනඞ්ගමාදාය, සොත්ථිනාම්හි ඉධාගතො’’.
|
776
“තවද මහරජ, චූලනී රජු විසින් මට රන්නිෂ්ක දහසක්දෙන ලදී. කශීදනව්වෙහිවූ ගම්වර අසූවක්ද දෙන ලදී. දාසීන් සාර සියයක්ද ස්ත්‍රීන් සියයක්ද මට දෙන ලදී. මම සියලු සේනා කොටස් හැරගෙණ මෙහි සුවසේ පැමිණියෙමියි” පණ්ඩිතතෙම කීයේය.
|
777
‘‘සුසුඛං වත සංවාසො, පණ්ඩිතෙහීති සෙනක;
පක්ඛීව පඤ්ජරෙ බද්ධෙ, මච්ඡෙ ජාලගතෙරිව;
අමිත්තහත්ථත්තගතෙ
(අමිත්තස්ස හත්ථගතෙ (ක.)), මොචයී නො මහොසධො’’.
|
777
“එම්බා සෙනකය මැදිරියෙක්හි බැඳුනු පක්ෂින් මෙන්ද දැලකට අසුවූ මසුන් මෙන්ද, සතුරන් අතට අසුවූ අප මහෞෂධතෙම මිදුනේය. එහෙයින් පණ්ඩිතයන් සමග වාසය කිරීම ඉතා සැපයකැයි” රජතෙම ප්‍රීතිය ප්‍රකාශ කෙළේය.
|
778
‘‘එවමෙතං මහාරාජ, පණ්ඩිතා හි සුඛාවහා;
පක්ඛීව පඤ්ජරෙ බද්ධෙ, මච්ඡෙ ජාලගතෙරිව;
අමිත්තහත්ථත්තගතෙ, මොචයී නො මහොසධො’’.
|
778
“මහරජ මේ කාරණය මෙසේමය, පණ්ඩිතයෝ වනාහි සුව එළවන්නාහුවෙත්. මැදිරියෙක්හි බැඳුනු පක්ෂීන් මෙන්ද දැලකට අසුවුනු මත්ස්‍යයන් මෙන්ද සතුරන් අතට අසුවූ අප මහෞෂධතෙම යම්හෙයකින් මිදුයේද, එහෙයිනැයි” සේනකතෙම කීයේය.
|
779
‘‘ආහඤ්ඤන්තු
ධමෙන්තු මාගධා සඞ්ඛා, වග්ගූ නදන්තු දුන්දුභී’’.
|
779
“සියලු වීණාද මහබෙරද පණාබෙරද වාදනය කෙරෙත්වා, මගධ දෙශයෙහිවූ සක්පිඹිත්වා. මහබෙරය මිහිරිකොට වාදනය කෙරේවායි” රජතෙම සැණකෙළි නියම කෙළේය.
|
780
‘‘ඔරොධා ච කුමාරා ච, වෙසියානා ච බ්රාහ්මණා;
බහුං අන්නඤ්ච පානඤ්ච, පණ්ඩිතස්සාභිහාරයුං.
|
780
අන්තඃපුරවැසි ස්ත්‍රීහුද කුමාරයෝද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝද බොහෝවූ ආහාරද පානවර්ගද පණ්ඩිතයන්ට පැමිණවූහ.
|
781
‘‘හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා;
බහුං අන්නඤ්ච පානඤ්ච, පණ්ඩිතස්සාභිහාරයුං.
|
781
හස්තාරෝහකයෝද අශ්වාරෝහකයෝද රථ නගින්නාහුද පාබල සේනාවෝද බොහෝවූ ආහාරද පාන වර්ගද පණ්ඩිතයන් වෙතට පැමිණවූහ.
|
782
‘‘සමාගතා ජානපදා, නෙගමා ච සමාගතා;
බහුං
|
782
රැස්වූ දනව් වැස්සෝද එහි පැමිණියාවූ නියම් ගම් වැස්සෝද බොහෝවූ ආහාරද පානවර්ගද පණ්ඩිතයන් වෙතට පැමිණවූහ.
|
783
‘‘බහුජනො
පණ්ඩිතම්හි අනුප්පත්තෙ, චෙලුක්ඛෙපො අවත්තථා’’ති.
|
783
ආකල්හි පණ්ඩිතයන් දැක බොහෝදෙනා ප්‍රසන්න විය. පණ්ඩිතයා මියුළු නුවරට පැමිණි කල්හි සතුටුවූ මහ ජනතෙම පිළිහිස සිසෑරීම පැවැත්වීයයි වදාළේය
[193 “මහරජ, ගැඹුරුවූ දිය සයුරෙක්හි නැවකින් ගමන් කරන්නාවූ ඔබගේ මව ආදී සත්දෙනා අතුරෙන් මිනිස් බිලියක් සොයන්නාවූ දියරකුසෙක් නැව අල්වා ගන්නේ නම් පිළිවෙළින් ඔහුට කවරෙකු කෙසේ දී දියරකුසා අතින් මිදෙන්නෙහිදැයි” භේරී නම් පරිව්‍රාජිකාව ඇසීය.
194 “ස්වාමීනි, පළමුකොට මව දෙන්නෙමි. දෙවනුව භාර්‍ය්‍යාව දී තුන්වෙනුව සහෝදරයා දෙන්නෙමි. ඉන්පසු සතරවෙනුව යහළුවා දී පස්වෙනුව බ්‍රාහ්මණයා දෙන්නෙමි. සවෙනුව මම තමන් දෙන්නෙමි. මහෞෂධ පඬිහු නොම දෙන්නෙමියි” රජතෙම කීයේය
195 “මහරජ, ඔබගේ මව ඔබ පොෂණය කළ තැනැත්තීවේ. ඔබගේ වැදූ මවදවේ. බොහෝ කලක් අනුකම්පා ඇත්තීදවේ. ඡම්හි නම් බ්‍රාහ්මණයා ඔබ කෙරෙහි ප්‍රදූෂ්‍යවූ කල්හි පණ්ඩිතවූ අර්ථ දක්නා සුළුවූ ඕතොමෝ අනිකෙකු ආශ්‍රයකොට ඔබ වධයෙන් මිදවීය.
196 “ඒ එබඳුවූ ප්‍රාණය දුන්නාවූ ලෙහිකොට වැඩූ ගර්භයෙන් දැරූ මව කවර දෝෂයකින් දියරකුසාට දෙන්නෙහි දැයි” පරිව්‍රාජිකාව ඇසීය.
197 “මහළුවූවත් තරුණියක මෙන් නොපැළඳිය යුතුවූ ආභරණ පළඳියි. දොරටුපාලයන්ද, සේනාවල සිටියවුන්ද සමග සීමාව ඉක්මවා මහත්කොට සිනාසෙයි.
198 තවද සමීප රජුන්ට තොමෝ දූතයන් අත මා කී ලෙස හඟවා ලියා යවයි. ඒ දෝෂයන් නිසා මම මව දියරකුසාට දෙන්නෙමියි” රජතෙම කීයේය.
199 “මේ නන්දා දේවීතොමෝ ස්ත්‍රී සමූහයාට උතුම්වූ ඉතාමත් ප්‍රිය තෙපුල් ඇති තරුණකල්හි පටන් අනුව ගියාවූ ආචාර ගුණයෙන් යුක්තවූ සෙවනැල්ල මෙන් නොහැර පවත්නාවූ
200 “නොකිපෙන සුළුවූ ප්‍රඥා ඇත්තාවූ පණ්ඩිතවූ අර්ථ දක්නාසුළු තැනැත්තියක්වේ. එබඳු අගමෙහෙසිය කවර දෝසයකින් දියරකුසාට දෙන්නෙහිදැයි” පරිව්‍රාජිකාව ඇසීය.
201 “කාම ක්රීඩාරතියෙන් යුක්තවූ අනර්ථකර කෙලෙසුන්ගේ වසඟයට ගියාවූ මාගෙන් ඒ නන්දා දේවි තොමෝ ස්වකීය දරුවන්ගේ නොඉල්වියයුතු වස්තුව ඉල්වයි.
202 “කෙළෙස් වශයෙන් ඇළුනාවූ ඒ මම ඒ කුදු මහත් ධනය වහාදෙමි. නොදියයුත්ත දී පසුව මම නොසතුටුව ශෝක කරමි. ඒ දෝෂයෙන් මම අගබිසව දියරකුසාට දෙන්නෙමියි” රජතෙම කීයේය.
203 “මහරජ, යමෙකු විසින් ජනපද වඩනා ලද්දාහුද පිටරට සිටි ඔබ නැවත ගෙදරට පමුණුවන ලද්දාහුද පිටරට වලින් ඔවුන් අභිභවනයකොට බොහෝ වූ ධනය ගෙණෙන ලද්දේද,
204 “ධනුර්ධරයන්ගෙන් උතුම්වූ ශුරවූ සියුම් ප්‍රඥා ඇති ඒ සහෝදරයා කවර දෝෂයකින් දිය රකුසාට දෙන්නෙහිදැයි” පරිව්‍රාජිකාව ඇසීය.
205 “මා විසින් ජනපදයෝ වර්ධනය කරණ ලද්දාහ. පිටරට සිටි රජුද සිය ගෙදරට පමුණුවන ලද්දාහ. අන් රට වලින් ඔවුන් මැඩපවත්වා බොහෝවූ ධනය ගෙණෙනලදී.
206 “මම ධනුර්ධරයන් ගෙන් උතුම්ද වෙමි. ශුරයෙක්ද සියුම්වූ පිණ ඇත්තෙක්ද වෙමි. මා විසින් මේ රජතෙම සුවපත් කරණ ලද්දේයයි තරුණවූ මෙතෙම මා ඉක්මවා හඟියි.
207 “ආර්‍ය්‍යාවෙනි, හෙතෙම පෙර පරිද්දෙන් මාගේ උපස්ථානයටද නොපැමිණෙයි ඒ දෝෂයෙන් සහෝදරයා මම දියරකුසාට දෙන්නෙමියි” රජතෙම කීයේය.
208 “ඔබද ධනශෙඛර කුමාරයාද යන දෙදෙනම එක රැයෙක්හි උපන්නාහුය. මෙහි සමාන වයස් ඇත්තාවූ පඤ්චාල වැසි යහළුවෝ දෙදෙනවූහ.
209 “හැසිරීමෙන්ද ඔබ අනුව ගියේය. ඔබගේ සමාන දුක් සැප ඇත්තෙක්දවේ. රෑ දාවල් දෙක්හි උත්සාහවත්ව ඔබගේ සියලු කටයුතුවල ව්යවෘත්තවූවෙකි. එබඳු යහළුවා කවර දෝෂයකින් දියරකුසාට දෙන්නෙහිදැයි” පරිව්‍රාජිකාව ඇසීය.
210 “ආර්‍ය්‍යාවෙනි, පෙර මා සමග හැසිරීමෙන් මෙතෙම මා සමග මහත් කොට සිනාසුනේය. අදත් ඒ ආකාරයෙන් සීමාව ඉක්මවා මහත් කොට සිනාසෙයි.
211 “ස්වාමීනි, මා අගබිසව සමග රහසිගතවද කථා කරමි. එකල්හි මෙතෙම කලින් නොදන්වන ලද්දේ කථා නොකොට ඇතුල්වෙයි.
212 “වළක්වන ලද්දේද, අවකාශ කරගෙණ ලජ්ජා නැතිව අනාදරව හැසිරෙයි. ඒ දෝෂයෙන් යහළුවා මම දිය රකුසාට දෙන්නෙමියි” රජතෙම කීයේය.
213 “මහරජ, මේ කේවට්ට නම් බමුණුතෙම සියලු නිමිති කීමෙහි දක්ෂයෙක. සතුන්ගේ හඬ දන්නෙක. උගත් ශාස්ත්‍ර ඇත්තෙක. චන්ද්රග්රහණාදිය ඇතිවීමෙහි ස්වප්න දැකීමෙහි ගුණාගුණ දන්නෙක. ගමන් යාමෙහිද ගෘහාදියට ඇතුල්වීමෙහිද හොඳ නරක කියන්නෙක.
214 “භූමියෙහිද, අහසෙහිද ගුණදොස් දැනීමෙහි සමර්ථයෙක නක්ෂත්ර කොටස් දැනීමෙහි දක්ෂයෙක. එබඳු බ්‍රාහ්මණයා කවර දෝෂයකින් දියරකුසාට දෙන්නෙහිදැයි” ඇසීය.
215 “ස්වාමීනි, මේ බ්‍රාහ්මණයා පිරිස් මැදද, මා දෙස ඇස දල්වා බළයි. එහෙයින් මම අද භයානකවූ බැම ඇති බමුණා දියරකුසාට දෙන්නෙමි.” රජතෙම කීයේය.
216 “මුහුදින් වටකිරීම ඇත්තාවූ සාගරයට කුණ්ඩලාභරණයක් බඳුවූ සියල්ල දරන්නාවූ මේ පෘථිවිය ඇමතියන් විසින් පිරිවරණ ලද්දාවූ ඔබ අයිතිකොටගෙණ වාසය කෙරෙහිය.
217 “සිව්දිගට පතළාවූ මහත් රට ඇති ගන්නාලද විජය ඇති මහත් බල ඇති ඔබ පෘථිවියෙහි අසහාය රජ වෙහිය. ඔබගේ යශස මහත්බවට පැමිණියේය.
218 “අමුණනලද මිණි කොඬොල් ඇති දිව්‍යකන්‍යාවන් බඳු යහපත්වූ නොයෙක් ජනපදවල ස්ත්‍රින්ගෙන් යුක්තවූ සොළොස් දහසක් ස්ත්‍රීහුද වෙත්.
219 “මහරජ, මෙසේ සියලු අංගයන්ගෙන් යුක්තවූ සියලු කැමති සම්පත්තීන් සමෘද්ධවූ සුවපත්වූවන්ට බොහෝ කලක් ජීවත්වීම ප්රියවේයයි” පණ්ඩිතයෝ කියත්.
220 “එසේ ඇතිකල්හි ඔබ කෙබඳු ආකාරයකින් හෝ කවර හේතුවකින් නම් මහෞෂධ පණ්ඩිතයන් ආරක්ෂා කෙරෙමින් හැර නොදැමියහැකි ස්වකීය ප්‍රාණය හැරදමන්නෙහිදැයි” පරිබ්‍රාජිකාව ඇසීය.
221 “ස්වාමීනි, මේ මහෞෂධතෙම යම් කලෙක පටන් මා අතට පැමිණියේද, මේතාක් පණ්ඩිතයාගේ ස්වල්ප තරම් වූද නොකටයුත්තක් නොම දනිමි.
222 ඉදින් කිසියම් කලෙක පළමුකොට මාගේ මරණය වන්නේනම්, මහෞෂධතෙමේ මාගේ දූ පුතුන්ද, මුණුබුරන්ද සුවපත් කරන්නේය.
223 “මෙතෙම මතු එන්නාවූද, දැන් පවත්නාවූද, සියලු අර්ථය මනාකොට දකියි. අපරාධ කිරීමක් නැත්තාවූ ඔහු දිය රකුසාට නොදෙන්නෙමියි” රජතෙම කීයේය.
224 “එම්බා පඤ්චාල රටවැසියෙනි, චූලනී බ්‍රහ්මදත්ත රජුගේ මේ කීම අසව්. රජතෙම මහෞෂධ පණ්ඩිතයන් රකිමින් හැරදැමිය නොහැකිවූ සියපන හැරදමයි.
225 “පඤ්චාල රජතෙම මවගේද, භාර්ය්යාවගේද, සහෝදරයාගේද, යහළුවාගේද, බ්රාහ්මණයාගේද, තමන්ගේද යන සදෙනාගේ ජීවිතය හැරදමයි.
226 “මෙසේ ප්‍රඥාතොමෝ මහත් ප්‍රයෝජන ඇත්තීය. නිපුණය. යහපත් සිතිවිලි ඇත්තීය. මේ ආත්මයෙහි වැඩ පිණිසද පරලෙව්හි සැප පිණිසද වන්නීයයි” භෙරී නම් පරිබ්රාජිකාතොමෝ කීවායයි දේශනා කෙළේය.
227 එකල්හි භෙරී නම් පරිබ්රාජිකාතොමෝ දැන් උත්පලවර්ණා ස්ථවිරාවිය. පියතෙම සුද්ධොදන නම් රජවූයේය. මව මහමායා වූවාය. අමරාදේවි බිම්බාදේවී විය.
228 සුචපොතකතෙම ආනන්ද ස්ථවිර වූයේය. චූළනී බ්‍රහ්මදත්ත රජතෙම ශාරීපුත්‍ර ස්ථවිර වූයේය මහෞෂධ පණ්ඩිතතෙම දැන් ලෝකස්වාමීවූ මම වෙමියි” මෙසේ මේ ජාතකය දරාගණිව්යයි වදාළේය. ]
|
543. භූරිදත්තජාතකං (6) | 543. භූරිදත්ත ජාතකය |
784
‘‘යං කිඤ්චි රතනං අත්ථි, ධතරට්ඨනිවෙසනෙ;
සබ්බානි තෙ උපයන්තු, ධීතරං දෙහි රාජිනො’’.
|
784
“මහරජ, ධ්‍රතරාෂ්ට නම් නාරජුගේ ගෘහයෙහි යම්කිසි රත්නයක් ඇද්ද, ඒ සියල්ල ඔබගේ ගෘහයට පැමිණෙත්වා, අපගේ රජුට සමුද්දජා නම් ඔබගේ දූ කුමරිය දෙනු මැනවයි” නාගයෝ කීහ.
|
785
‘‘න නො විවාහො නාගෙහි, කතපුබ්බො කුදාචනං;
තං විවාහං අසංයුත්තං, කථං අම්හෙ කරොමසෙ’’.
|
785
“එම්බා නාගයෙනි, කිසිකලෙකත් නාගයන් හා අපගේ විවාහයෙක් නොකළවිරූය. තිරිසනුන් හා එක්වීම ඇත්තාවූ ඒ විවාහය සුදුසු නොවේ. මනුෂ්‍යවූ අපි එය කෙසේ කරමුදැයි” බරණැස් රජ කීයේය.
|
786
‘‘ජීවිතං නූන තෙ චත්තං, රට්ඨං වා මනුජාධිප;
න හි නාගෙ කුපිතම්හි, චිරං ජීවන්ති තාදිසා.
|
786
“මහරජ, ඔබගේ ජීවිතයද, රටද හැරදමනලදැයි, සිතමි. නාගයන් කිපුනු කල්හි ඔබවැන්නෝ බොහෝ කලක් නොම ජීවත්වෙත්.
|
787
‘‘යො ත්වං දෙව මනුස්සොසි, ඉද්ධිමන්තං අනිද්ධිමා;
වරුණස්ස නියං පුත්තං, යාමුනං අතිමඤ්ඤසි’’.
|
787
“දේවයන් වහන්ස මිනිසුන් අතර ඍර්ධි නැති යම්බඳුවූ ඔබ ඍර්ධි ඇත්තාවූ යමුනා නම් ගංගා යටභාගයෙහි උපන්නාවූ වරුණ නම් නාරජුගේ ස්වකීය පුත්‍රවූ නා රජහු ඉක්මවා හඟින්නෙහිද, එහෙයිනැයි” කීයේය
|
788
‘‘නාතිමඤ්ඤාමි රාජානං, ධතරට්ඨං යසස්සිනං;
ධතරට්ඨො හි නාගානං, බහූනමපි ඉස්සරො.
|
788
“යස පිරිවර ඇත්තාවූ ධ්‍රතරාෂ්ටනම් නාරජු ඉක්මවා නොහඟිමි. ධ්‍රතරාෂ්ට නම් නාරජ වනාහි බොහෝවූ නාගයන්ටද අධිපති වේ.
|
789
‘‘අහි මහානුභාවොපි, න මෙ ධීතරමාරහො;
ඛත්තියො ච විදෙහානං, අභිජාතා සමුද්දජා’’.
|
789
“මහත් ආනුභාව ඇත්තේද, නාරජතෙමේ මාගේ දුවට සුදුසු නොවේ. විදෙහවාසීන්ගේ ක්ෂත්රීයවූද සමුද්දජා නම් මාගේ දුව විශිෂ්ට ජාති ඇත්තීවේයයි” රජතෙම කීයේය.
|
790
‘‘කම්බලස්සතරා උට්ඨෙන්තු, සබ්බෙ නාගෙ නිවෙදය;
බාරාණසිං පවජ්ජන්තු, මා ච කඤ්චි
(කිඤ්චි (සී. පී. ක.)) විහෙඨයුං’’.
|
790
“කම්බලස්සතර නම් නාගයෝ නැගීසිටිත්වා. සියලු නාගයන්ට වහා රැස්වව්යයි දන්වව, සියල්ලෝ බරණැස් නුවරට පැමිණෙත්වා. තොප කිසිකෙනෙක් කිසිවෙකුටත් හිංසා නොකෙරෙත්වායි” නාරජ අණකෙළේය.
|
791
‘‘නිවෙසනෙසු
රුක්ඛග්ගෙසු ච ලම්බන්තු, විතතා තොරණෙසු ච.
|
791
“ගෘහවලද, පොකුණුවලද, වීථියෙහි සන්ධිවලද, ගස් මුදුන්වලද, දොරටු තොරන්වලද, පැතුරුනාහු එල්බෙත්වා.
|
792
‘‘අහම්පි සබ්බසෙතෙන, මහතා සුමහං පුරං;
පරික්ඛිපිස්සං භොගෙහි, කාසීනං ජනයං භයං’’.
|
792
“මමද සියල්ල සුදුවූ මහත්වූ ශරීරයකින් යුක්තව ගොස් ඉතා මහත්වූ නගරය කසී රටවැස්සන්ට භය උපදවමින් දරණ වැලින් වටකරන්නෙමියි” නාරජ කීයේය.
|
793
තස්ස තං වචනං සුත්වා, උරගානෙකවණ්ණිනො;
බාරාණසිං පවජ්ජිංසු, න ච කඤ්චි විහෙඨයුං.
|
793
ඔහුගේ ඒ කීම අසා නොයෙක් වර්ණ ඇත්තාවූ නාගයෝ බරණැස් නුවරට රෑ වැදුනාහ. කිසිවෙකුත් හිංසා නොකළහ.
|
794
නිවෙසනෙසු සොබ්භෙසු, රථියා චච්චරෙසු ච;
රුක්ඛග්ගෙසු ච ලම්බිංසු, විතතා තොරණෙසු ච.
|
794
ගෙවල්වලද, පොකුණුවලද, මංසන්ධිවලද ගස් මුදුන්වලද, දොරටු තොරන්වලද, පැතිරී එල්බුනාහුය.
|
795
තෙසු
නාගෙ සොණ්ඩිකතෙ දිස්වා, පස්සසන්තෙ මුහුං මුහුං.
|
795
පෙණය කරණලද වරින්වර ප්‍රශ්වාස කරන්නාවූ එල්බෙන්නාවූ ඒ නාගයන් දැක බොහෝ ස්ත්‍රීහු හැඬුහ.
|
796
බාරාණසී පබ්යධිතා, ආතුරා සමපජ්ජථ;
බාහා පග්ගය්හ පක්කන්දුං, ‘‘ධීතරං දෙහි රාජිනො’’.
|
796
බරණැස අතිශයින් පෙළන ලදී. පීඩාවට පැමිණියාහු රජුවෙත එළඹියාහුය. ‘රජුගේ දුව නාරජුට දෙවයි’ හිස අත්බැඳගෙණ ඇඬූහ.
|
797
‘‘පුප්ඵාභිහාරස්ස වනස්ස මජ්ඣෙ, කො ලොහිතක්ඛො විතතන්තරංසො;
කා කම්බුකායූරධරා සුවත්ථා, තිට්ඨන්ති නාරියො දස වන්දමානා.
|
797
“පූජා පිණිස ගෙණඑනලද මල් ඇති මේ වනය මැද රක්තවර්ණ ඇස් ඇත්තාවූ පුළුල් උරහිස් අතර ඇති ඔබ කවරෙක්ද? ස්වර්ණමය ග්‍රීවාභරණ, හස්තාභරණ දරන්නාවූ මනා හැඳිවස්ත්ර ඇති කවරනම් ස්ත්‍රීහු දශදෙනෙක් වඳිමින් සිටිද්ද,
|
798
‘‘කො ත්වං බ්රහාබාහු වනස්ස මජ්ඣෙ, විරොචසි ඝතසිත්තොව අග්ගි;
මහෙසක්ඛො අඤ්ඤතරොසි යක්ඛො, උදාහු නාගොසි මහානුභාවො’’.
|
798
“මහත්වූ බාහු ඇති කවරෙක්වූ ඔබ වනමැද ගිතෙල් ඉසිනලද ගින්නක් මෙන් බබළන්නෙහිද? මහේශාක්‍යවූ එක්තරා යක්ෂයෙක්වෙහිද නොහොත් මහත් ආනුභාව ඇති නාගයෙක් වෙහිදැයි” බමුණා ඇසීය.
|
799
‘‘නාගොහමස්මි
ඩංසෙය්යං තෙජසා කුද්ධො, ඵීතං ජනපදං අපි.
|
799
“මම මෙහි ඍර්ධි ඇත්තාවූ විෂ තේජස් ඇති අනිකෙකු විසින් ඉක්මවිය නොහැකිවූ නාගයෙක් වෙමි. ඒ මම කිපියේ විෂ තේජසින් සියලු ජනපදයද දෂ්ටකරන්නෙමි.
|
800
‘‘සමුද්දජා හි මෙ මාතා, ධතරට්ඨො ච මෙ පිතා;
සුදස්සනකනිට්ඨොස්මි, භූරිදත්තොති මං විදූ’’.
|
800
“සමුද්දජා නම් දේවි වනාහි මාගේ මවය. ධ්‍රතරාෂ්ට නම් නාරජතෙමේද, මාගේ පියාවේ. මම සුදස්සන නම් නා රජුගේ මළනුවෙමි භූරිදත්තයයි නාගභවනයෙහි මා දනිත්යී” නාරජ කීයේය.
|
801
‘‘යං ගම්භීරං සදාවට්ටං, රහදං භිස්මං පෙක්ඛසි;
එස දිබ්යො මමාවාසො, අනෙකසතපොරිසො.
|
801
“ගැඹුරුවූ හැමකල්හි පැවති දියසුළි ඇත්තාවූ බිහිසුනුවූ යම් ඒ විලක් දක්නෙහිද, නොයෙක් සියගණන් පුරුෂ ප්‍රමාණ ඇත්තාවූ මෙතෙම මාගේ දිව්‍යවූ වාසස්ථානයවේ.
|
802
‘‘මයූරකොඤ්චාභිරුදං, නීලොදං වනමජ්ඣතො;
යමුනං පවිස මා භීතො, ඛෙමං වත්තවතං
(වත්තවතිං (ස්‍යා. ක.)) සිවං’’.
|
802
“ඉව්රුදෙක්හි වාසය කරන්නාවූ මොනරුන් විසින්ද, කොස්වාලිහිණියන් විසින්ද, පවත්වනලද නාද ඇත්තාවූ නීලවර්ණ ජලය ඇත්තාවූ ආචාරසම්පන්න වූවන්ගේ වාසස්ථානවූ, ක්ෂෙමභූමියවූ මේ යමුනා නම් ගඟට භය නැතිව ඇතුල්වෙයි” නාරජ කීයේය.
|
803
‘‘තත්ථ පත්තො සානුචරො, සහ පුත්තෙන බ්‍රාහ්මණ;
පූජිතො මය්හං කාමෙහි, සුඛං බ්‍රාහ්මණ වච්ඡසි’’.
|
803
අනුචරයන් සමග එහි පැමිණියේ පුත්‍රයා සහිත බ්‍රාහ්මණයාට පුදනලද්දේ “බ්‍රාහ්මණය, මාසතු කම්සැපවලින් සුවසේ වාසය කරවයි” නාරජ කීයේය.
|
804
‘‘සමා සමන්තපරිතො, පහූතතගරා
(බහුකා තග්ගරා (සී. ස්‍යා. පී.)) මහී;
ඉන්දගොපකසඤ්ඡන්නා, සොභති හරිතුත්තමා.
|
804
“පින්වත් නාගරාජය, ඔබගේ භවනයෙහි මේ භූමි තොමෝ හාත්පස සියලු දිශාවන්හි සමතලාවූවා බොහෝ තුවරලා ඇත්තී රන්වන් ඉඳුගොව්වන්ගෙන් ගැවසීගත්ති නිල්වන් කුශතණවලින් යුක්තවූවා බබළයි.
|
805
‘‘රම්මානි වනචෙත්යානි, රම්මා හංසූපකූජිතා;
ඔපුප්ඵාපද්මා තිට්ඨන්ති, පොක්ඛරඤ්ඤො
(පොක්ඛරඤ්ඤා (ස්‍යා. පී.)) සුනිම්මිතා.
|
805
“වනපංතීහු සිත්කළුවෙත්. මනාව නිමවනලද සිත්කළුවූ හංසයන් විසින් පවත්වනලද නාද ඇත්තී පිපී වැටුනාවූ පියුම් පෙතිවලින් ගැවසීගත් පොකුණුද තිබෙත්
|
806
‘‘අට්ඨංසා
සහස්සථම්භා පාසාදා, පූරා කඤ්ඤාහි ජොතරෙ.
|
806
“අටැස් ඇතිකොට මනාව කරණලද ටැම් ඇති සියල්ල වෛඩූර්ය්යමයවූ නාග කන්‍යාවන්ගෙන් පිරුණාවූ දහසක් ටැම් ඇති ප්‍රාසාදයෝ බබළත්.
|
807
‘‘විමානං උපපන්නොසි, දිබ්යං පුඤ්ඤෙහි අත්තනො;
අසම්බාධං සිවං රම්මං, අච්චන්තසුඛසංහිතං.
|
807
“තමන්ගේ පිනෙන් පහළවූ සම්බාධ නැත්තාවූ ක්ෂෙමවූ රම්‍යවූ අත්‍යන්ත සැප ඇත්තාවූ මේ දිව්‍යවූ විමානයෙහි උපන්නෙහිය.
|
808
‘‘මඤ්ඤෙ සහස්සනෙත්තස්ස, විමානං නාභිකඞ්ඛසි;
ඉද්ධී හි ත්යායං විපුලා, සක්කස්සෙව ජුතීමතො’’.
|
808
“යම්හෙයකින් ඔබගේ මේ සම්පත්තිය ප්‍රභාවත්වූ ශක්‍රයාගේ මෙන් මහත්වේද, එහෙයින් සක්දෙව් රජුගේ වෛජයන්ත ප්‍රාසාදය නොකැමැතිවෙහියයි සිතමි.
|
809
‘‘මනසාපි
පරිචාරයමානානං, සඉන්දානං
(ඉන්දානං (ස්‍යා. ක.)) වසවත්තිනං’’.
|
809
“සම්පත්තියෙන් සමෘද්ධවූ සක්දෙව් රජුගේ ආනුභාවයතෙම ශක්‍රයා සහ දෙවියන්ට මෙහෙවර කරන්නාවූ අපගේ සිතිනුදු නොපැමිණියයුතු වේයයි” නාරජ කීයේය.
|
810
‘‘තං විමානං අභිජ්ඣාය, අමරානං සුඛෙසිනං;
උපොසථං උපවසන්තො, සෙමි වම්මිකමුද්ධනි’’.
|
810
“සොයනලද සුව ඇත්තාවූ දෙවියන්ගේ ඒ විමානය ප්රාර්ථනාකොට පෙහෙවස් වසමින් මම තුඹස මත්තෙහි සයනය කරමියිද” කීයේය.
|
811
‘‘අහඤ්ච මිගමෙසානො, සපුත්තො පාවිසිං වනං;
තං මං මතං වා ජීවං වා, නාභිවෙදෙන්ති ඤාතකා.
|
811
“පින්වත් නාරජ, මමද මුවන් සොයමින් පුත්‍රයා සමග වනයට පිවිසුනෙමි. ඒ මා මළහු හෝ ජීවත්වන්නහු හෝ අපගේ නෑයෝ නොදනිත්.
|
812
‘‘ආමන්තයෙ භූරිදත්තං, කාසිපුත්තං යසස්සිනං;
තයා නො සමනුඤ්ඤාතා, අපි පස්සෙමු ඤාතකෙ’’.
|
812
“කාශිරාජගේ දුව මගේ පුත්‍රවූ යශ පිරිවර ඇත්තාවූ භූරිදත්ත නම් ඔබට කියා අවසර ගනිමි. ඒ ඔබ විසින් අනුදන්නා ලද්දාවූ අපි ගොස් නෑයන් දකිම්හයි” බමුණා කීයේය.
|
813
‘‘එසො හි වත මෙ ඡන්දො, යං වසෙසි මමන්තිකෙ;
න හි එතාදිසා කාමා, සුලභා හොන්ති මානුසෙ.
|
813
“මා සමීපයෙහි වසන්නෙහිය යන යමක්වේද, මෙය වනාහි ඒකාන්තයෙන් මාගේ කැමැත්ත වේ. මිනිස්ලොව මෙබඳුවූ කාම සම්පත් නොම සුලභවෙත්.
|
814
‘‘සචෙ ත්වං නිච්ඡසෙ වත්ථුං, මම කාමෙහි පූජිතො;
මයා ත්වං සමනුඤ්ඤාතො, සොත්ථිං පස්සාහි ඤාතකෙ’’.
|
814
“ඉදින් මාසතු කම්සැපවලින් පුදනලද්දාවූ ඔබ මෙහි වාසයකරන්ට නොකැමැත්තෙහි නම් මා විසින් අවසර දෙනලද්දාවූ නුඹ සුවසේ ගොස් නෑයන් දකුවයි” නාරජ කීයේය.
|
815
‘‘ධාරයිමං මණිං දිබ්යං, පසුං පුත්තෙ ච වින්දති;
අරොගො සුඛිතො හොති
(හොහි (ස්‍යා.)), ගච්ඡෙවාදාය බ්‍රාහ්මණ’’.
|
815
“මේ දිව්‍යවූ මැණික දරන්නේ මෙහි ආනුභාවයෙන් ගව සම්පත්ද, දූ දරුවන්ද ලබයි. නිරෝගවූයේ සුව ඇත්තේ වෙයි. බ්‍රාහ්මණය, එබැවින් මේ මැණික භාරගෙණම යවයි” සියලු කැමැති සම්පත් දෙන්නාවූ මැණිකක් දුන්නේය.
|
816
‘‘කුසලං පටිනන්දාමි, භූරිදත්ත වචො තව;
පබ්බජිස්සාමි ජිණ්ණොස්මි, න කාමෙ අභිපත්ථයෙ’’.
|
816
“පින්වත් භූරිදත්ත නම් නාගරාජය, ඔබගේ නිර්දෝෂවූ වචනය අසා සතුටුවෙමි. මම වනාහි ජරාවට ගියෙමි. එහෙයින් පැවිදිවන්නෙමි. කම්සැප ප්‍රාර්ථනා නොකරන්නෙමි. මට මැණිකෙන් ප්‍රයෝජන නැතැයි” බමුණා කීයේය.
|
817
‘‘බ්රහ්මචරියස්ස චෙ භඞ්ගො, හොති භොගෙහි කාරියං;
අවිකම්පමානො එය්යාසි, බහුං දස්සාමි තෙ ධනං’’.
|
817
“බ්‍රාහ්මණය, ඉදින් බ්‍රහ්මචර්‍ය්‍යාවගේ බිඳීමෙක් වේනම් සම්පත්වලින් කටයුත්තක් ඇතිවීනම් එකල්හි සැක නැතිව මා ලඟට එව. තොපට බොහෝ ධනය දෙන්නෙමියි” නාරජ කීයේය.
|
818
‘‘කුසලං පටිනන්දාමි, භූරිදත්ත වචො තව;
පුනපි ආගමිස්සාමි, සචෙ අත්ථො භවිස්සති’’.
|
818
“පින්වත් භූරිදත්ත නම් නාරජ, ඔබගේ නිර්දෝෂවූ වචනයට කැමතිවෙමි. ඉදින් මට ප්‍රයෝජනයෙක් වන්නේ නම් නැවතද ඔබ වෙතට එන්නෙමියි” බමුණා කීයේය.
|
819
‘‘ඉදං
එථ ගච්ඡථ උට්ඨෙථ, ඛිප්පං පාපෙථ බ්රාහ්මණං.
|
819
භූරිදත්ත නාරජතෙම මෙය කියා නාගයන් සතර දෙනෙකු යැවූයේය. “එව්, තොපි යව්. මොවුන් නගාසිටුවව්.” බ්‍රාහ්මණයා වහා බරණැස්නුවරට යන මගට පමුණුවව්.”
|
820
තස්ස තං වචනං සුත්වා, උට්ඨාය චතුරො ජනා;
පෙසිතා භූරිදත්තෙන, ඛිප්පං පාපෙසු බ්රාහ්මණං.
|
820
ඔහුගේ ඒ වචනය අසා භූරිදත්ත නාරජහු විසින් මෙහෙයන ලද්දාවූ නාගයෝ සතරදෙනා නැගිට වහා බ්‍රාහ්මණයා බරණැස මගට පැමිණවූවාහුය.
|
821
‘‘මණිං
සෙලං බ්යඤ්ජනසම්පන්නං, කො ඉමං මණිමජ්ඣගා’’.
|
821
“අභිවෘද්ධිදායකවූ යහපත් වස්තුවක්වූ සිත්කළුවූ ලක්ෂණ ඇති මැණික්ගලක් හැරගෙණ එන්නාවූ නුඹ කොහිදී මේ මැණික්ගල ලැබුවෙහිදැයි” බමුණා ඇසීය.
|
822
‘‘ලොහිතක්ඛසහස්සාහි, සමන්තා පරිවාරිතං;
අජ්ජ කාලං පථං
(පදං (සී. පී.)) ගච්ඡං, අජ්ඣගාහං මණිං ඉමං’’.
|
822
“අද මම උදෑසනම මහමග යමින් හාත්පස රතුඇස් ඇති නාගකන්‍යාවන් දහසක් විසින් පිරිවරණ ලද මේ මැණික ලැබුවෙමියි” ආලම්බනතෙම කීයේය.
|
823
‘‘සුපචිණ්ණො අයං සෙලො, අච්චිතො මහිතො
(මානිතො (ක.)) සදා;
සුධාරිතො සුනික්ඛිත්තො, සබ්බත්ථමභිසාධයෙ.
|
823
“මනාව බුහුමන් කරණලද, පුදනලද හැමකල්හි ආදරකරණලද මේ මැණික මනාව දරණලද්දේ මනාව බහා තබනලද්දේ සියලු සම්පත් සිද්ධකර දෙන්නේය.
|
824
‘‘උපචාරවිපන්නස්ස, නික්ඛෙපෙ ධාරණාය වා;
අයං සෙලො විනාසාය, පරිචිණ්ණො අයොනිසො.
|
824
“බහා තැබීමෙහිද, දැරීමෙහිද බුහුමන් ඇත්තහුගේ විනාශයට නුනුවණින් පුරුදුකළ මේ මැණිකම සෑහේ
|
825
‘‘න ඉමං අකුසලො
(කුසලං (ක.)) දිබ්යං, මණිං ධාරෙතුමාරහො;
පටිපජ්ජ සතං නික්ඛං, දෙහිමං රතනං මම’’.
|
825
“උපචාර කිරීමෙහි අදක්ෂයෙක් මේ දිව්‍ය මැණික දරන්ට සුදුසු නොවේ. එබැවින් ස්වර්ණනිෂ්ක සියයක් ගණුව, මේ මාණික්‍යරත්නය මට දෙවයි” බ්‍රාහ්මණයා කීයේය.
|
826
‘‘න ච ම්යායං මණී කෙය්යො, ගොහි
(කෙහි (ක.)) වා රතනෙහි වා;
සෙලො බ්යඤ්ජනසම්පන්නො, නෙව කෙය්යො මණී මම’’.
|
826
“මාගේ මේ මැණික ගවයන්ගෙන් හෝ රත්නයකින් හෝ විකිණිය යුතු නොවේ. සියලු ලක්ෂණයෙන් යුක්තවූ මාගේ මේ මැණික්ගල නොම විකිණිය යුතුයයි” ආලම්බන තෙම කීයේය.
|
827
‘‘නො චෙ තයා මණී කෙය්යො, ගොහි
(කෙහි (ක.)) වා රතනෙහි වා;
අථ කෙන මණී කෙය්යො, තං මෙ අක්ඛාහි පුච්ඡිතො’’.
|
827
“ඉදින් නුඹ විසින් ගවයන්ගෙන් හෝ කරත්තයකින් හෝ මේ මැණික විකිණියයුතු නොවේ නම්, එසේ ඇතිකල්හි කුමකින් මැණික විකිණිය යුතුදැයි අසන ලද්දේ නුඹ එය මට කියවයි” බමුණා කීයේය.
|
828
‘‘යො මෙ සංසෙ මහානාගං, තෙජස්සිං දුරතික්කමං;
තස්ස
|
828
“යමෙක් තේජස් ඇත්තාවූ කිසිවෙකු විසින් ඉක්මවිය නොහැකි මහත් නාගයෙකු මට කියන්නේ නම් ඔහුට ප්‍රභාවෙන් දිළිසෙන්නාක් බඳුවූ මේ මැණික දෙන්නෙමියි” ආලම්බන කීයේය.
|
829
‘‘කො නු බ්රාහ්මණවණ්ණෙන, සුපණ්ණො පතතං වරො;
නාගං ජිගීසමන්වෙසි, අන්වෙසං භක්ඛමත්තනො.
|
829
“කිමෙක්ද, නුඹ බ්‍රාහ්මණ වෙශයෙන් ආ පක්ෂීන් ගෙන් උතුම්වූ සුපර්ණයෙක්ද, තමන්ගේ ගොදුරවූ නාගයෙකු අල්වා ගණු කැමැත්තෙන් සොයමින් ඇවිදීයයි සිතමියි” බ්‍රාහ්මණයා කීයේය.
|
830
‘‘නාහං දිජාධිපො හොමි, න දිට්ඨො ගරුළො මයා;
ආසීවිසෙන විත්තොති
(විත්තොස්මි (ස්‍යා. ක.)), වජ්ජො බ්‍රාහ්මණ මං විදූ’’.
|
830
“මම ගුරුලෙක් නොවෙමි. මා විසින් ගුරුලෙක් නොදක්නාලදී. නයි විෂ බස්වන්නාවූ ආලම්බන නම් වෛද්යවූ බ්රාහ්මණයෙකුයයි, මා දනිත්”යී ආලම්බන කීයේය.
|
831
‘‘කිං නු තුය්හං බලං අත්ථි, කිං සිප්පං විජ්ජතෙ තව;
කිස්මිං වා ත්වං පරත්ථද්ධො, උරගං නාපචායසි’’.
|
831
“නුඹගේ කවර නම් බලයක් ඇද්ද, නුඹගේ කිනම් ශිල්පයක් තිබේද, කවර කරුණෙක්හි හෝ තදින් පිහිටියාවූ නුඹ නාගයාට අවමන් කරන්නෙහිදැයි” බ්‍රාහ්මණයා ඇසීය.
|
832
‘‘ආරඤ්ඤිකස්ස
සුපණ්ණො කොසියස්සක්ඛා, විසවිජ්ජං අනුත්තරං.
|
832
වනයෙහි වාසය කරන්නාවූ බොහෝ කල් කරණලද තපස් ඇත්තාවූ කොශිය ගොත්‍ර ඇති ඍෂිහට ගුරුලෙක් උතුම්වූ විෂ බස්වන මන්ත්‍රයක් කීයේය.
|
833
‘‘තං භාවිතත්තඤ්ඤතරං, සම්මන්තං පබ්බතන්තරෙ;
සක්කච්චං තං උපට්ඨාසිං, රත්තින්දිවමතන්දිතො.
|
833
“පර්වත අතරෙහි වාසයකරන්නාවූ උන්වහන්සේ වඩනලද සිත්ඇත්තාවූ තාපසයන්ගෙන් එක්තරා කෙනෙකි. රෑ දාවල් අනලස්වූ මම උන්වහන්සේට සකස්කොට උපස්ථාන කෙළෙමි.
|
834
‘‘සො තදා පරිචිණ්ණො මෙ, වත්තවා බ්රහ්මචරියවා;
දිබ්බං පාතුකරී මන්තං, කාමසා භගවා මම.
|
834
“එකල්හි සිල්වත්වූ රකිණලද බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තාවූ මා විසින් බුහුමන් කරණලද්දාවූ ඒ පින්වත් තාපසතෙම සියකැමැත්තෙන්ම මට මේ දිව්‍යවූ මන්ත්‍රය ප්‍රකාශ කෙළේය.
|
835
‘‘ත්යාහං මන්තෙ පරත්ථද්ධො, නාහං භායාමි භොගිනං;
ආචරියො විසඝාතානං, අලම්පානොති
(ආලම්බානොති (සී. පී.), ආලම්බායනොති (ස්‍යා.)) මං විදූ’’.
|
835
“මම ඒ මන්ත්‍ර ඇසුරුකෙළේ වෙම්. එහෙයින් මම සර්පයන්ට බිය නොවෙමි. විෂබස්වන්නාවූ වෙදුන්ට ආචාර්‍ය්‍යවූ ආලම්බන යයි මා දනිත්යයි” කීයේය.
|
836
‘‘ගණ්හාමසෙ
මා දණ්ඩෙන සිරිං පත්තං, කාමසා පජහිම්හසෙ’’.
|
836
“පුත සෝමදත්තය, මේ මැණික ගනිමු. නුඹද එය දනුව, කැමැත්තෙන් ලඟට පැමිණියාවූ ශ්‍රී කාන්තාව දණ්ඩකින් ගසා දුරු නොකරමුයි” බ්‍රාහ්මණයා සෝමදත්තට කීයේය.
|
837
‘‘සකං නිවෙසනං පත්තං, යො තං බ්‍රාහ්මණ පූජයි;
එවං කල්යාණකාරිස්ස, කිං මොහා දුබ්භිමිච්ඡසි’’.
|
837
“එම්බා බ්‍රාහ්මණය, ස්වකීය ගෙදරට පැමිණියාවූ ඔබට ඒ නාරජතෙම පූජා සත්කාර කෙළේය. මෙසේ යහපත කරන්නහුට කුමක්හෙයින් මුළාවෙන් ද්‍රෝහ කිරීමට කැමැත්තෙහිද?”
|
838
‘‘සචෙ
තමෙව ගන්ත්වා යාචස්සු, බහුං දස්සති තෙ ධනං’’.
|
838
“ඉදින් වනාහි නුඹ වස්තුව කැමැත්තෙහි නම් භූරිදත්ත නාරජතෙම දෙන්නේය. ඒ නාරජ වෙතටම ගොස් ඉල්වව, ඔබට බොහෝ ධනය දෙන්නේයයි” පුත්‍රවූ සෝමදත්ත කීයේය.
|
839
‘‘හත්ථගතං පත්තගතං, නිකිණ්ණං ඛාදිතුං වරං;
මා නො සන්දිට්ඨිකො අත්ථො, සොමදත්ත උපච්චගා’’.
|
839
“පුත සෝමදත්තය, අතට පැමිණියාවූද, භාජනයට පැමිණියාවූද, ඉදිරියෙහි තබනලද්දාවූද, යමක් වේනම් එය කෑමට උතුම් වන්නේය.
“තමන් විසින් දැක්ක හැකිවූ අපගේ ලාභය ඉක්ම නොයේවායි” බ්‍රාහ්මණයා කීයේය.
|
840
‘‘පච්චති නිරයෙ ඝොරෙ, මහිස්සමපි විවරති
(මහිස්සමව දීයති (සී. පී.), මහිමස්ස වින්ද්රීයති (ස්‍යා.));
මිත්තදුබ්භී හිතච්චාගී, ජීවරෙවාපි සුස්සති
(ජීවරෙ චාපි සුස්සරෙ (සී. පී.)).
|
840
“පියාණෙනි, යමෙක් තමහට වැඩ කැමැත්තවුන් හැර දවන්නාවූ මිත්රද්රෝහිවේද, හෙතෙම මරණින් මතු දරුණු වූ නිරයෙහි පැසේ. ජීවත්වන්නාවූද මොහුට පෘථිවිය විවෘත වේ. හෙතෙම ජීවත්වන්නේ නමුත් වියලෙන්නේය.
|
841
‘‘සචෙ ත්වං
(සචෙ හි (සී. පී. ක.)) ධනකාමොසි, භූරිදත්තො පදස්සති;
මඤ්ඤෙ අත්තකතං වෙරං, නචිරං වෙදයිස්සසි’’.
|
841
“ඉදින් වනාහි ඔබ ධනය කැමැත්තෙහි නම් භූරිදත්තතෙම දෙන්නේය. තමන් විසින් කරණ ලද්දාවූ පාපය නොබෝ කලකින් විපාක විඳින්නෙහියයි සිතමියි” සෝමදත්තතෙම කීයේය
|
842
‘‘මහායඤ්ඤං යජිත්වාන, එවං සුජ්ඣන්ති බ්රාහ්මණා;
මහායඤ්ඤං යජිස්සාම, එවං මොක්ඛාම පාපකා’’.
|
842
“පුත සොමදත්තය, බ්‍රාහ්මණයෝ මහත්වූ යාගකොට මෙසේ කළාවූ පාපයෙන් පිරිසිදුවෙත්. අපි මහා යාගයක් කරන්නෙමුයි මෙසේ ඒ පාපයෙන් මිදෙන්නෙමුයි” බ්‍රාහ්මණයා කීයේය.
|
843
‘‘හන්ද දානි අපායාමි, නාහං අජ්ජ තයා සහ;
පදම්පෙකං
(පදමෙකං (ස්‍යා. ක.)) න ගච්ඡෙය්යං, එවං කිබ්බිසකාරිනා’’.
|
843
“එහෙනම් දැන් මම ඉවත්වයෙමි. මෙසේ පව් කරන්නාවූ ඔබ සමග අද මම එක පියවරක්වත් නොයන්නෙමියි” සෝමදත්තතෙම කීයේය.
|
844
‘‘ඉදං
උජ්ඣාපෙත්වාන භූතානි, තම්හා ඨානා අපක්කමි.
|
844
පණ්ඩිතවූ සෝමදත්තතෙම පියාට මෙය කියා දේවතාවන්ට උස්හඬින් දන්වා ඒ ස්ථානයෙන් බැහැරව ගියේයි.
|
845
‘‘ගණ්හාහෙතං මහානාගං, ආහරෙතං මණිං මම;
ඉන්දගොපකවණ්ණාභො, යස්ස ලොහිතකො සිරො.
|
845
“යම් නාගයෙකුගේ රක්තවර්ණවූ හිස රතිඳු ගොව්වන්ගේ පැහැයට බඳු ප්‍රභා ඇත්තේද, ඒ මේ මහානාගයා අල්වාගණුව. මේ මැණික මට දෙවත
|
846
‘‘කප්පාසපිචුරාසීව, එසො කායො පදිස්සති
(කාය’ස්ස දිස්සති (සී. පී.));
වම්මිකග්ගගතො සෙති, තං ත්වං ගණ්හාහි බ්‍රාහ්මණ’’.
|
846
“මොහුගේ මේ කපුපුළුන් ගොඩක් බඳු සිරුර දක්නා ලැබේ. හෙතෙම තුඹස මතුයෙහි වූයේ සයනය කරයි. බ්‍රාහ්මණය, නුඹ ඒ නාගයා අල්වාගනුවයි” බ්‍රාහ්මණතෙම කීයේය,
|
847
‘‘අථොසධෙහි දිබ්බෙහි, ජප්පං මන්තපදානි ච;
එවං තං අසක්ඛි සත්ථුං
(සට්ඨුං (සී. පී.), යුට්ඨුං (ස්‍යා.), සුත්තුං (ක.)), කත්වා පරිත්තමත්තනො’’.
|
847
ඉක්බිති දිව්‍ය ඖෂධවලින්ද මන්ත්‍ර පදයන් ජප කරමින් තමහට ආරක්ෂාකොට ඒ ආලම්බනතෙමේ මෙසේ ඒ භූරිදත්ත නාගරාජයා අල්වාගන්ට හැකිවූයේය.
|
848
‘‘මමං
ඉන්ද්රියානි අහට්ඨානි, සාවං
(සාමං (සී. පී.)) ජාතං මුඛං තව.
|
848
“මෑණියෙනි, සියලු කාමසම්පත්තියෙන් සමෘද්ධ වන්නාවූ මා දැක ඔබගේ ඉන්ද්රියයෝ විප්‍රසන්න නොවූහ. රන් කැඩපතක්බඳු මුහුණද කාලවර්ණ විය.
|
849
‘‘පද්මං යථා හත්ථගතං, පාණිනා පරිමද්දිතං;
සාවං ජාතං
(යන්තං (ක.)) මුඛං තුය්හං, මමං දිස්වාන එදිසං.
|
849
“අතින් කඩාගන්නාලද, අත්ලෙන් පිරිමදිනාලද, පියුමක් මෙන් මෙබඳුවූ මා දැක ඔබගේ මුහුණ කළුවූයේ මක්නිසාදැයි” සුදස්සන නම් නාරජ ඇසීය.
|
850
‘‘කච්චි නු තෙ නාභිසසි
(තෙ නාභිසයි (සී.), තෙ නාභිස්සසි (ස්‍යා.)), කච්චි තෙ අත්ථි වෙදනා;
යෙන සාවං මුඛං තුය්හං, මමං දිස්වාන ආගතං’’.
|
850
“කිමෙක්ද ඔබට කිසිවෙක් හිංසාවක් නොකෙළේද, කිම ඔබට කිසියම් වේදනාවක් ඇද්ද, යම් කාරණයකින් ආවාවූ මා දැක ඔබගේ මුහුණ කළුවීද, ඒකාරණය මට කියවයි” කීයේය.
|
851
‘‘සුපිනං
දක්ඛිණං විය මෙ බාහුං, ඡෙත්වා රුහිරමක්ඛිතං;
පුරිසො ආදාය පක්කාමි, මම රොදන්තියා සති.
|
851
“පුත්‍රය, මම සිහිනය දුටුවෙමි. මෙයින් සිව්මසක් ඉක්ම ගියේය. මාගේ දකුණු අත කපා ලේ වැගිරෙන්නාක් මෙන් මා හඬමින් සිටි කල්හි පුරුෂයෙක් හැරගෙණ ගියේය.
|
852
‘‘යතොහං
(යතො තං (සී.)) සුපිනමද්දක්ඛිං, සුදස්සන විජානහි;
තතො දිවා වා රත්තිං වා, සුඛං මෙ නොපලබ්භති’’.
|
852
“එම්බා සුදස්සන නම් පුත්‍රය, යම් කලෙක මම ඒ ස්වප්නය දුටුයෙම්ද, එතැන් සිට දාවල් හෝ රාත්‍රියෙහි හෝ මට සුවයෙක් නම් නොලැබේ යයි දැනගණුවයි” කීය.
|
853
‘‘යං පුබ්බෙ පරිවාරිංසු
(පරිචාරිංසු (සී. පී.)), කඤ්ඤා රුචිරවිග්ගහා;
හෙමජාලපටිච්ඡන්නා, භූරිදත්තො න දිස්සති.
|
853
“පෙර රන්දැලින් වසනලද මනොඥ ශරීර ඇත්තාවූ නාග කන්‍යාවෝ යමෙකු පිරිවැරුවාහුද ඒ භූරිදත්ත නම් නාරජ දැන් දක්නා නොලැබේ.
|
854
‘‘යං පුබ්බෙ පරිවාරිංසු
(පරිචාරිංසු (සී. පී.)), නෙත්තිංසවරධාරිනො;
කණිකාරාව සම්ඵුල්ලා, භූරිදත්තො න දිස්සති.
|
854
“මනාව පිපුනාවූ කිනිහිරි ගස් මෙන් උතුම් කඩු දරන්නාවූ නාග මානවකයෝ පෙර යමෙකු පිරිවැරුවාහුද, ඒ භූරිදත්ත තෙම දැන් දක්නා නොලැබේ.
|
855
‘‘හන්ද
ධම්මට්ඨං සීලසම්පන්නං, පස්සාම තව භාතරං’’.
|
855
“එබැවින් දැන් අපි භූරිදත්තගේ ගෙදරට යන්නෙමු. ධර්මයෙහි පිහිටියාවූ සිල්වත්වූ ඔබගේ සහෝදරයා දකිමුයි” මව කීවාය.
|
856
‘‘තඤ්ච දිස්වාන ආයන්තිං, භූරිදත්තස්ස මාතරං;
බාහා පග්ගය්හ පක්කන්දුං, භූරිදත්තස්ස නාරියො.
|
856
එන්නාවූ භූරිදත්ත නාරජුගේ ඒ මවද දැක භූරිදත්ත නාරජුගේ ස්ත්‍රීහු හිස අත්බැඳගෙණ හැඬුවාහුය.
|
857
‘‘පුත්තං තෙය්යෙ න ජානාම, ඉතො මාසං අධොගතං;
මතං
|
857
“එම්බා ආර්‍ය්‍යාවෙනි, යශස් ඇත්තාවූ භූරිදත්ත නම් ඔබගේ පුත්‍රයා මළාහුද, නොහොත් ජීවත්වන්නාහුදැයි මෙයින් යට මාසයක් පමණ කල් නොදනිමුයි” කීවාහුය.
|
858
‘‘සකුණී හතපුත්තාව, සුඤ්ඤං දිස්වා කුලාවකං;
චිරං දුක්ඛෙන ඣායිස්සං, භූරිදත්තං අපස්සතී
(ඉමිස්සා ගාථායානන්තරෙ සී. පී. පොත්ථකෙසු - ‘‘සකුණී හතපුත්තාව, සුඤ්ඤං දිස්වා කුලාවකං; තෙන තෙන පධාවිස්ස, පියපුත්තං අපස්සතී’’ති ඉති අයම්පි ගාථා ආගතා).
|
858
“හිස්වූ කැදැල්ල දැක නැසුනාවූ පැටව් ඇති ලිහිණියක මෙන් භූරිදත්ත නොදක්නාවූ මම බොහෝ කලක් දුකින් තැවෙන්නෙමි.
“හිස්වූ කැදැල්ල දැක එහා මෙහා දුවන්නාවූ නැසුනු පැටවුන් ඇත්තාවූ ලිහිණියකමෙන් ප්‍රිය පුත්‍රයා නොදක්නී මම ඒ ඒ තැන දුවන්නෙමි.
|
859
‘‘කුරරී හතඡාපාව, සුඤ්ඤං දිස්වා කුලාවකං;
චිරං දුක්ඛෙන ඣායිස්සං, භූරිදත්තං අපස්සතී.
|
859
“හිස්වූ කැදැල්ල දැක නැසුනු පැටවුන් ඇත්තාවූ කබරුසු දේනුවක මෙන් මම භූරිදත්ත නම් පුතු නොදක්නී බොහෝ කලක් දුකින් තැවෙන්නෙමි.
|
860
‘‘සා නූන චක්කවාකීව, පල්ලලස්මිං අනොදකෙ;
චිරං දුක්ඛෙන ඣායිස්සං, භූරිදත්තං අපස්සතී.
|
860
“භූරිදත්ත නම් පුත්‍රයා නොදක්නාවූ ඒ මම ඒකාන්තයෙන් දිය නැත්තාවූ කුඩා විලෙක්හි සක්වාලිහිණියක මෙන් බොහෝ කලක් දුකින් තැවෙන්නෙමි.
|
861
‘‘කම්මාරානං යථා උක්කා, අන්තො ඣායති නො බහි;
එවං ඣායාමි සොකෙන, භූරිදත්තං අපස්සතී’’.
|
861
“යම්සේ කඹුරන්ගේ උදුන ඇතුළත ගිනි ඇවිලේද, පිටත නොඇවිලේද, එමෙන් භූරිදත්ත නොදක්නාවූ මම ශෝකයෙන් ඇවිලෙමියි” මව වැළපුනාය.
|
862
‘‘සාලාව සම්පමථිතා
(සම්පමද්දිතා (ස්‍යා. ක.)), මාලුතෙන පමද්දිතා;
සෙන්ති පුත්තා ච දාරා ච, භූරිදත්තනිවෙසනෙ’’.
|
862
භූරිදත්ත නම් නාරජුගේ භවනයෙහි අඹුවෝද දරුවෝද යුගාන්ත වාතයෙන් මඬනා ලද්දාවූ සල්ගස් මෙන් අතිශයින් ඇලලී ගියාහු ශයනය කෙරෙත්යයි වදාළේය.
|
863
‘‘ඉදං සුත්වාන නිග්ඝොසං, භූරිදත්තනිවෙසනෙ;
අරිට්ඨො ච සුභොගො
(සුභගො (සී. පී.)) ච, පධාවිංසු අනන්තරා
(උපධාවිංසු අනන්තරා (සී. පී.)).
|
863
අරිට්ඨ නම් නා රජතෙමේද සුභග නම් නා රජ තෙමේද, යන දෙදෙනා අනතුරුව භූරිදත්ත නා රජුගේ භවනයෙහි මේ ශබ්දය අසා එහි දිව ගියාහුය.
|
864
‘‘අම්ම
චවන්ති උපපජ්ජන්ති, එසස්ස පරිණාමිතා’’.
|
864
“එම්බා මෑණියෙනි අස්වසව, ශොක නොකරව සත්වයෝ නම් මෙබඳු ස්වභාව ඇත්තාහුමය. චුතවෙත් උපදිත් යන මෝතොමෝ මේ ලෝකයාගේ පිරිනැමීම වේයයි” කීහ.
|
865
‘‘අහම්පි තාත ජානාමි, එවංධම්මා හි පාණිනො;
සොකෙන ච පරෙතස්මි, භූරිදත්තං අපස්සතී.
|
865
“පුත්‍රය, මමද දනිමි. ප්‍රාණීහු මෙබඳු ස්වභාව ඇත්තාහුමය. එසේද භූරිදත්ත නොදක්නී මම ශෝකයෙන් පෙළුනේවෙමි.
|
866
‘‘අජ්ජ චෙ මෙ ඉමං රත්තිං, සුදස්සන විජානහි;
භූරිදත්තං අපස්සන්තී, මඤ්ඤෙ හිස්සාමි ජීවිතං’’.
|
866
“පුත සුදස්සනය, ඉදින් මට මේ රාත්‍රියෙහි භූරිදත්ත නොදක්නී නම් ජීවිතය හරින්නෙමියි සිතමි. එය දනුවයි” මව කීවාය.
|
867
‘‘අම්ම
දිසොදිසං
|
867
“මෑණියෙනි, අස්වසනු මැනව. ශොක නොකරව සහෝදරයා සොයාගෙණ එන්නෙමු. සහෝදරයා සෙවීමෙහි හැසිරෙමින් දිශානු දිශාවන්ට යන්නෙමු.
|
868
‘‘පබ්බතෙ ගිරිදුග්ගෙසු, ගාමෙසු නිගමෙසු ච;
ඔරෙන සත්තරත්තස්ස
(ඔරෙන දසරත්තස්ස (සී. පී.)), භාතරං පස්ස ආගතං’’.
|
868
“පර්වතයෙහිද පර්වත දුර්ගයන්හිද ගම්වලද නියම් ගම්වලද ඇවීද සොයන්නෙමු. දශරැයකින් මොබ ආවාවූ සහෝදරයා බලවයි’ පුත්‍රයෝ කීහ.
|
869
‘‘හත්ථා පමුත්තො උරගො, පාදෙ තෙ නිපතී භුසං;
කච්චි නු තං ඩංසී තාත
(කච්චි තං නු ඩසී තාත (සී.), කච්චි නු ඩංසිතො තාත (ස්‍යා.), කච්චිතානුඩසී තාත (පී.)), මා භායි සුඛිතො භව’’.
|
869
“දරුව, තාපසය අතින් මුදන ලද සර්පතෙම ඔබගේ පාදයෙහි දැඩිලෙස පතිතවූයේය. කිමෙක්ද, ඔබට දෂ්ට කෙළේද, බිය නොවෙව, සුවපත් වෙවයි” ආලම්බනයා කීයේය
|
870
‘‘නෙව මය්හං අයං නාගො, අලං දුක්ඛාය කායචි;
යාවතත්ථි අහිග්ගාහො, මයා භිය්යො න විජ්ජති’’.
|
870
“මේ නාගතෙම මට ස්වල්ප තරම්වත් දුකක් ඉපදවීමට සමර්ථ නොවේ. යම්තාක් අහිගුණ්ඨිකයෝ ඇද්ද, මට වැඩියෙන් සමර්ථවූවෙක් නැත්තේයයි” තවුස් වෙසින් ආ සුදස්සන නම් නාරජ කීයේය.
|
871
‘‘කො නු බ්රාහ්මණවණ්ණෙන, දිත්තො
(දත්තො (සී. ස්‍යා. පී.)) පරිසමාගතො;
අව්හායන්තු සුයුද්ධෙන, සුණන්තු පරිසා මම’’.
|
871
“බමුණෙකුගේ ආකාරයෙන් කවර නම් ලාමකවූවෙක් මේ පිරිසට පැමිණියේද, මනා යුද්ධයකින් කැඳවත්වා පිරිස මාගේ වචනය අසාවායි” ආලම්බනයා කීයේය.
|
872
‘‘ත්වං මං නාගෙන ආලම්ප, අහං මණ්ඩූකඡාපියා;
හොතු නො අබ්භුතං තත්ථ, ආසහස්සෙහි පඤ්චහි’’.
|
872
“ආලම්බනය, තෝ නාගයාගෙන් මා හා යුද්ධ කරව. මම වැඩි පැටවියගෙන් තා හා යුද්ධ කරන්නෙමි. අපගේ යුද්ධයෙහි පන්දහසකින් පරදු තිබීම වේවායි” සුදස්සනතෙම කීයේය.
|
873
‘‘අහඤ්හි වසුමා අඩ්ඪො, ත්වං දලිද්දොසි මාණව;
කො නු තෙ පාටිභොගත්ථි, උපජූතඤ්ච කිං සියා.
|
873
“එම්බා මානවකය, මම වනාහි ධන ඇත්තාවූ වස්තුවෙන් ආඪ්යවූවෙක්මි. නුඹ දිළින්දෙක් වෙහිය. නුඹට කවර නම් ඇපකාරයෙක් ඇත්තේද? මේ දූ කෙළියෙහි තැබිය යුතු කිනම් ධනයක් වන්නේද?
|
874
‘‘උපජූතඤ්ච මෙ අස්ස, පාටිභොගො ච තාදිසො;
හොතු නො අබ්භුතං තත්ථ, ආසහස්සෙහි පඤ්චහි’’.
|
874
“මට වනාහි මේ දූ කෙළියෙහි දියයුතු ධනයද වන්නේය. තැබියයුතු එබඳු ඇප ඇත්තේය එහෙයින් එහි පන්දහස දක්වා අපගේ පරදු තිබීම වේවායි” ආලම්බන කීයේය.
|
875
‘‘සුණොහි මෙ මහාරාජ, වචනං භද්දමත්ථු තෙ;
පඤ්චන්නං මෙ සහස්සානං, පාටිභොගො හි කිත්තිම’’.
|
875
“මහරජ, ඔබට යහපතක් වේවා. මාගේ වචනය අසනු මැනව. කීර්තිමත්වූ රජතෙමේ මට පන්දහසකට ඇප වේවායි” සුදස්සනතෙම කීයේය.
|
876
‘‘පෙත්තිකං වා ඉණං හොති, යං වා හොති සයංකතං;
කිං ත්වං එවං බහුං මය්හං, ධනං යාචසි බ්‍රාහ්මණ’’.
|
876
“බ්‍රාහ්මණය, පියා විසින් ගන්නාලද ණයක් හෝ වේද, නොහොත් තෙමේ කරණලද යම් ණයක් හෝ වේද, කුමක් හෙයින් නුඹ මෙබඳු බොහෝ ධනයක් මාගෙන් ඉල්වන්නෙහි දැයි” රජතෙම ඇසීය.
|
877
‘‘අලම්පානො හි නාගෙන, මමං අභිජිගීසති
(අභිජිගිංසති (සී. ස්‍යා. පී.));
අහං
|
877
“මහරජ, ආලම්බනයා වනාහි නාගයා කරණකොට ගෙණ යුද්ධයෙහි මා දිනන්ට කැමතිවේ. මම මැඩි පැටව් ලවා ඒ බ්‍රාහ්මණයා දෂ්ට කරවන්නෙමි
|
878
‘‘තං ත්වං දට්ඨුං මහාරාජ, අජ්ජ රට්ඨාභිවඩ්ඪන;
ඛත්තසඞ්ඝපරිබ්යූළ්හො, නිය්යාහි අහිදස්සනං’’
(අභිදස්සනං (සී. පී.)).
|
878
“රට වර්ධනය කරවන්නාවූ මහරජ්ජුරුවෙනි, අද ඔබ ඒ නයි නැටීම දකින්ට ක්ෂත්රිය සමූහයා විසින් පිරිවරණ ලදුව වැඩිය මැනවයි” සුදස්සනතෙම කීයේය.
|
879
‘‘නෙව
අතිමත්තොසි සිප්පෙන, උරගං නාපචායසි’’.
|
879
“එම්බා මානවකය, මම ශිල්පවාදයෙන් ඔබ ඉක්මවා නොහඟිමි. ඔබ වනාහි ශිල්පයෙන් ඉතා මත්වූයෙහිය. එබැවින් මේ නාගයාට බුහුමන් නොකෙරෙහියයි” ආලම්බන කීයේය
|
880
‘‘අහම්පි නාතිමඤ්ඤාමි, සිප්පවාදෙන බ්‍රාහ්මණ;
අවිසෙන ච නාගෙන, භුසං වඤ්චයසෙ ජනං.
|
880
“අපිදු ශිල්පවාදයෙන් බ්‍රාහ්මණයා ඉක්මවා නොහඟිමි. නුඹ විෂ නැත්තාවූ මේ නාගයාගෙන්ද බොහෝ සෙයින් ජනයා රවටන්නෙහිය.
|
881
‘‘එවං චෙතං ජනො ජඤ්ඤා, යථා ජානාමි තං අහං;
න ත්වං ලභසි ආලම්ප, භුසමුට්ඨිං
(ථුසමුට්ඨිං (ස්‍යා.), සත්තුමුට්ඨිං (සී. පී.)) කුතො ධනං’’.
|
881
“යම්සේ එය මම දනිම්ද, මහජනතෙමේද මෙසේ දන්නේනම් ආලම්බනය තෝ අත්සුණු මිටකුත් නොලබන්නෙහිය. කොයින් නම් ධනයක් ලබන්නෙහි දැයි” සුදස්සනතෙම ඇසීය.
|
882
‘‘ඛරාජිනො ජටී දුම්මී
(රුම්මී (සී. ස්‍යා. පී.)), දිත්තො පරිසමාගතො;
යො ත්වං එවං ගතං නාගං, අවිසො අතිමඤ්ඤසි.
|
882
රළු අඳුන් දිවිසම් දරන්නාවූ ජටාධරවූ අඳුන් නොගෑ නොසැරසුනාවූ ජඩවූ මේ පිරිසට පැමිණියාවූ ඒ නුඹ මෙබඳු ආනුභාව ඇති ඒ නාගයා විෂ නැත්තෙකැයි අවමන් කරන්නෙහිය.
|
883
‘‘ආසජ්ජ ඛො නං ජඤ්ඤාසි, පුණ්ණං උග්ගස්ස තෙජසො;
මඤ්ඤෙ තං භස්මරාසිංව, ඛිප්පමෙසො කරිස්සති’’.
|
883
“උග්රවූ විෂ තේජසින් සම්පූර්ණවූ ඒ නාගරාජයාට ලංව නුඹ දැනගන්නෙහිය. මේ නාගරාජතෙම නුඹ වහා අළු රැසක් මෙන් කරන්නේයයි සිතමියි” ආලම්බනයා කීයේය.
|
884
‘‘සියා විසං සිලුත්තස්ස, දෙඩ්ඩුභස්ස සිලාභුනො;
නෙව ලොහිතසීසස්ස, විසං නාගස්ස විජ්ජති’’.
|
884
“ගැරඬියාගේද දියබරියාගේද පනවුල්ලාගේද විෂ ඇතිවන්නේය. තොපගේ මේ රතු හිස ඇත්තාවූ සර්පයාගේ විෂයක් නම් නැත්තේයයි” සුදස්සනතෙම කීයේය
|
885
‘‘සුතමෙතං අරහතං, සඤ්ඤතානං තපස්සිනං;
ඉධ දානානි දත්වාන, සග්ගං ගච්ඡන්ති දායකා;
ජීවන්තො දෙහි දානානි, යදි තෙ අත්ථි දාතවෙ.
|
885
“මේ ලෝකයෙහි දන්දී දායකයෝ දෙව්ලොවට යතියි සංයම ඇත්තාවූ තපශ්වීවූ රහතුන් වෙතින් මෙය මා විසින් අසන ලදී. ඉදින් තගේ දියයුතු දෙයක් ඇත්නම් ජීවත්වන්නේම දන්දෙව,
|
886
‘‘අයං නාගො මහිද්ධිකො, තෙජස්සී දුරතික්කමො;
තෙන තං ඩංසයිස්සාමි, සො තං භස්මං කරිස්සති’’.
|
886
“මේ නාගතෙම මහත් ඍද්ධි ඇත්තාවූ තේජස් ඇත්තාවූ කිසිවෙකුට ඉක්මවිය නොහැක්කෙක්වේ. ඔහු ලවා තා දෂ්ට කරවන්නෙමි. හෙතෙම තා හළුකරන්නේයයි” ආලම්බන තෙම කීයේය.
|
887
‘‘මයාපෙතං
ඉධ දානානි දත්වාන, සග්ගං ගච්ඡන්ති දායකා;
ත්වමෙව දෙහි ජීවන්තො, යදි තෙ අත්ථි දාතවෙ.
|
887
“යහළු ආලම්බනය, මේ ලෝකයෙහි දන්දී දායකයෝ දෙව්ලොවට යෙත්යයි සංයම ඇත්තාවූ තපස්වීන් අතින් මා විසිනුදු මෙය අසන ලදී. ඉදින් තාගේ දිය යුතු දෙයක් ඇත්නම් ජීවත් වන්නාවූ තෝම එය දෙව
|
888
‘‘අයං අජමුඛී
(අච්චිමුඛී (සී. ස්‍යා. පී.)) නාම, පුණ්ණා උග්ගස්ස තෙජසො;
තාය තං ඩංසයිස්සාමි, සා තං භස්මං කරිස්සති’’.
|
888
“මේ අච්චීමුඛී නම් මැඩී පැටව් උග්රවූ විෂතෙජසින් සම්පූර්ණවූවාය. ඈ ලවා තා දෂ්ට කරවන්නෙමි. ඕතොමෝ තා හළු කරන්නේය.
|
889
‘‘යා ධීතා ධතරට්ඨස්ස, වෙමාතා භගිනී මම;
සා තං ඩංසත්වජමුඛී
(සා දිස්සතු අච්චිමුඛී (සී. පී.)), පුණ්ණා උග්ගස්ස තෙජසො’’.
|
889
“යම් තැනැත්තියක් ධ්‍රතරාෂ්ට නම් නා රජුගේ දුවවීද, මාගේ වෙන මව් ඇති නැගනි වීද, උග්රවූ විෂ තේජසින් පිරුණාවූ ඒ මේ අච්චීමුඛීනම් මැඩි පැටව් දක්නා ලැබේවායි” සුදස්සනතෙම කීයේය.
|
890
‘‘ඡමායං චෙ නිසිඤ්චිස්සං, බ්‍රහ්මදත්ත විජානහි;
තිණලතානි ඔසධ්යො, උස්සුස්සෙය්යුං අසංසයං.
|
890
“බ්‍රහ්මදත්ත නම් මහරජ, ඉදින් මේ විෂ පොළොවෙහි ඉසින්නෙම් නම් තෘණද ලතාවෝද ඖෂධ ජාතීහුද සැක නැතිව වියලි යන්නාහුයයි දැන ගනු මැනවයි” කීයේය.
|
891
‘‘උද්ධං
සත්ත වස්සානියං දෙවො, න වස්සෙ න හිමං පතෙ.
|
891
“එම්බා බඹදත් රජ, ඉදින් මේ විෂ උඩට දමන්නෙම් නම් මේ වර්ෂාව හත් අව්රුද්දක් නොවස්නේය. පිනි බින්දුවකුත් නොවැටෙත්යයි දනුවයි” කීයේය.
|
892
‘‘උදකෙ චෙ නිසිඤ්චිස්සං, බ්‍රහ්මදත්ත විජානහි;
යාවන්තොදකජා
(යාවතා ඔදකා (සී.), යාවතා උදකජා (පී.)) පාණා, මරෙය්යුං මච්ඡකච්ඡපා’’.
|
892
බඹදත් රජ, ඉදින් මේ විෂ බින්දු දියට ඉසින්නේ නම් දියෙහි හටගත්තාවූ මස් කැසුප් ආදී යම් පමණ ප්‍රාණීහු වෙද්ද. ඒ සියල්ලෝ මැරෙන්නාහුයයි දැන ගණුවයි” සුදස්සනතෙම කීයේය.
|
893
‘‘ලොක්යං
කොමං අජ්ඣොහරී භූතො, ඔගාළ්හං යමුනං නදිං’’.
|
893
“පව් සෝදා හැරීමට සුදුසුයයි ලෝකයා විසින් සම්මත කරණ ලද්දාවූ ප්රයාග නම් තීර්ථයෙහි පිහිටියාවූ මෙබඳු ජලය ස්නානය කරන්නාවූ මා කවර නම් භූතයෙක් යමුනා නම් ගඟෙහි ගිල්වමින් ඇද ගත්තේදැයි” වැදි බමුණා ඇසීය.
|
894
‘‘යදෙස ලොකාධිපතී යසස්සී, බාරාණසිං පක්රිය
(පකිරපරී (සී. පී.), පකිරහරී (ස්‍යා.)) සමන්තතො;
තස්සාහ පුත්තො උරගූසභස්ස, සුභොගොති මං බ්‍රාහ්මණ වෙදයන්ති’’.
|
894
“ලොවට අධිපතිවූ යශ පිරිවර ඇත්තාවූ යම් මේ ධ්‍රතරාෂ්ට නම් නාරජෙක් හාත්පසින් බරණැස් නුවර වටකොට මත්තෙහි පෙණයෙන් වසාගත්තේද, මම ඒ නාග රාජයාගේ පුත්‍ර වෙමි. බමුණ මා සුභගයයි දනිත්යයි” කීයේය.
|
895
‘‘සචෙ හි පුත්තො උරගූසභස්ස, කාසිස්ස
මහෙසක්ඛො අඤ්ඤතරො පිතා තෙ, මච්චෙසු මාතා පන තෙ අතුල්යා;
න තාදිසො අරහති බ්රාහ්මණස්ස, දාසම්පි ඔහාරිතුං
(ඔහාතුං (සී. පී.)) මහානුභාවො’’.
|
895
“ඉදින් වනාහි ඔබ දීර්ඝායුෂ ඇතිබැවින් අමර නම් නාගයින්ට අධිපතීවු කංශනම් ධ්‍රතරාෂ්ට නාගරජහුගේ පුත්‍ර වෙහි නම් ඔබගේ පියතෙම එක්තරා මහේශාක්‍ය වූ නාරජෙක. ඔබගේ මව වනාහි මිනිසුන් අතර අසමාන තැනැත්තියක. එබඳු මහත් ආනුභාව ඇත්තේ බ්‍රාහ්මණයෙකුගේ දාසයෙකු වත් දියෙහි ගිල්වන්ට නුසුදුසුයයි” වැදි බමුණා කීයේය.
|
896
‘‘රුක්ඛං නිස්සාය විජ්ඣිත්ථො, එණෙය්යං පාතුමාගතං;
සො විද්ධො දූරමචරි
(දූර’මසරා (සී. පී.)), සරවෙගෙන සීඝවා
(සෙඛවා (සී. පී.), පෙක්ඛවා (ස්‍යා. ක.)).
|
896
“එම්බල බමුණ, තෝ ගසක් ඇසුරුකොට සිට ගෙණ දියබොන්ට ආවාවූ මුවෙකු විද්දෙහිය. විදින ලද ඒ මුවා ඊතල වේගයෙන් තැති ගැනුම් ඇත්නේ දුරට ගියේය.
|
897
‘‘තං ත්වං පතිතමද්දක්ඛි, අරඤ්ඤස්මිං බ්රහාවනෙ;
සමං සකාජමාදාය, සායං නිග්රොධුපාගමි.
|
897
“නුඹ මහ වනයෙහි දුවගොස් වැටුනාවූ ඒ මුවා දුටුවෙහිය. ඒ නුඹ මුවමස් කද අරගෙණ සවස නුග ගසක් ලඟට පැමිණියේය.
|
898
‘‘සුකසාළිකසඞ්ඝුට්ඨං, පිඞ්ගලං
(පිඞ්ගියං (සී. ස්‍යා. පී.)) සන්ථතායුතං;
කොකිලාභිරුදං රම්මං, ධුවං හරිතසද්දලං.
|
898
“ගිරා සැළලිහිණියන් විසින් පවත්වන ලද නාද ඇති පැසුනු ගෙඩිවලින් පිඟුවන්වූ ඇටුවන් වලින් ගැවසී ගත්තාවූ නුගගස ඇති ඒ භූමිය කොවුලන් විසින් පවත්වන ලද නාද ඇති සිත්කළුවූ නිතර නිල්වන් තෘණයෙන් ගැවසී ගත්තෙක් විය.
|
899
‘‘තත්ථ තෙ සො පාතුරහු, ඉද්ධියා යසසා ජලං;
මහානුභාවො භාතා මෙ, කඤ්ඤාහි පරිවාරිතො.
|
899
“ඒ නුග ගසෙහි සිටියාවූ තට ඍද්ධියෙන් හා යශසින් දිළිසෙන්නාවූ මහත් ආනුභාව ඇත්තාවූ නාග කන්‍යාවන් විසින් පිරිවරණ ලද්දාවූ ඒ මාගේ සහෝදරතෙම පෙනුනේය.
|
900
‘‘සො තෙන පරිචිණ්ණො ත්වං, සබ්බකාමෙහි තප්පිතො;
අදුට්ඨස්ස තුවං දුබ්භි, තං තෙ වෙරං ඉධාගතං.
|
900
“ඒ නුඹ මාගේ සහෝදරවූ භූරිදත්ත නම් ඒ නා රජ විසින් සියලු කැමති සම්පත් වලින් සතුටු කරණ ලද්දේ බුහුමන් කරණ ලද්දේ වෙහිය. නුඹ ද්‍රෝහ නොකටයුතුවූ ඔහුට ද්‍රෝහ කෙළෙහිය. තාගේ ඒ පාප කර්මය දැන් මෙහි පැමිණියේය.
|
901
‘‘ඛිප්පං
භාතු පරිසරං වෙරං, ඡෙදයිස්සාමි තෙ සිරං’’.
|
901
“වහා බෙල්ල දිගහරුව. තාගේ ජීවිතය නොදෙන්නෙමි. සහෝදරයාට කළාවූ අපරාධය සිහිකරන්නාවූ මම තාගේ හිස සිඳින්නෙමියි” සුභගතෙම කීයේය.
|
902
‘‘අජ්ඣායකො යාචයොගී, ආහුතග්ගි ච බ්රාහ්මණො;
එතෙහි තීහි ඨානෙහි, අවජ්ඣො හොති
(භවති (සී. ස්‍යා. පී.)) බ්රාහ්මණො’’.
|
902
“බ්‍රාහ්මණතෙම මන්ත්‍ර හදාරන්නේය. ඉල්ලීමට සුදුසුය. පුදනලද ගිනි ඇත්තේද වේ. යන මේ කරුණු තුනින් බ්‍රාහ්මණතෙම වධ නොකටයුතු වේයයි” වැදි බමුණා කීයේය
|
903
‘‘යං පූරං ධතරට්ඨස්ස, ඔගාළ්හං යමුනං නදිං;
ජොතතෙ
|
903
ධ්‍රතරාෂ්ට නම් නාරජහුගේ යමුනා නම් ගඟ යට භාගයෙහි සියල්ල ස්වර්ණමයවූ යම් නගරයක් යමුනා ගඟ සමීපයෙහි හිමවත් පර්වතය දක්වා බබළාද,
|
904
‘‘තත්ථ තෙ පුරිසබ්යග්ඝා, සොදරියා මම භාතරො;
යථා තෙ තත්ථ වක්ඛන්ති, තථා හෙස්සසි බ්‍රාහ්මණ’’.
|
904
“ඒ නගරයෙහි පුරුෂ ශ්‍රේෂ්ඨවූ සමාන උදාර ඇත්තාවූ ඒ මාගේ සහෝදරයෝ වෙසෙත්. ඔව්හු එහිදී යම්සේ කියද්ද, බ්‍රාහ්මණය, තට එසේ වන්නේයයි” සුභගතෙම කීයේය.
|
905
‘‘අනිත්තරා ඉත්තරසම්පයුත්තා, යඤ්ඤා ච වෙදා ච සුභොගලොකෙ;
තදග්ගරය්හඤ්හි විනින්දමානො, ජහාති විත්තඤ්ච සතඤ්ච ධම්මං.
|
905
“සුභගය, ලෝකයෙහි යාගයෝද වේදයෝද ලාමක නොවෙත්. ලාමකවූ බ්‍රාහ්මණයන් විසින් යොදන ලද්දාහු වෙත්. එබැවින් ඒ නොගැරහිය යුතු බමුණාට නින්දා කරණ තැනැත්තේ වස්තුවද සත්පුරුෂ ධර්මයද දුරු කෙරේයයි” දොරටුව සමීපයෙහි සිටි කානාරිෂ්ටතෙම කීයේය.
|
906
‘‘අජ්ඣෙනමරියා
උපාගු පච්චෙකං යථාපදෙසං, කතාහු එතෙ වසිනාති ආහු’’.
|
906
“ආර්‍ය්‍යවූ බ්රාහ්මණයෝවේද හැදෑරීමටද ක්ෂත්රීයයෝ පෘථිවි පාලනයටද වෛශ්‍යයෝ සී සෑමටද ශුද්‍රයෝ මෙහෙවර කිරීමටද පැමිණෙත් වායි මහා බ්‍රහ්මයා කීයේය. එසේ පැමිණෙන්නාවූ වෙන වෙනම තමන්ගේ කුල ප්‍රදේශයට සුදුසු පරිද්දෙන් පැමිණියාහුය. මෙසේ වනාහි ඒ මහා බ්‍රහ්මයා විසින් මවන ලද්දාහුයයි කියත්යයිද” කීයේය.
|
907
‘‘ධාතා විධාතා වරුණො කුවෙරො, සොමො යමො චන්දිමා වායු සූරියො;
එතෙපි යඤ්ඤං පුථුසො යජිත්වා, අජ්ඣායකානං අථො සබ්බකාමෙ.
|
907
“ධාතෘය විධාතෘය වරුණය කුවේරය සෝමය යම්ය චන්දිමාය වායුය සූරියය යන මේ දෙව් රජවරු වනාහි අනේකප්‍රකාරයෙන් යාග කොට තවද බමුණන්ට සියලු කැමති සම්පත් දී මෙකී තනතුරුවලට පැමිණියාහුය.
|
908
‘‘විකාසිතා චාපසතානි පඤ්ච, යො අජ්ජුනො බලවා භීමසෙනො;
සහස්සබාහු අසමො පථබ්‍යා, සොපි තදා මාදහි ජාතවෙදං’’.
|
908
“අදනාලද දුනු පන්සියයක් පමණවූ මහ දුන්න ඇති බලවත්වූ බිහිසුනු සේනා ඇති දහසක් අත්වලින් ඇද ලිය හැකි දුනුදිය අදනා හෙයින් සහස්සබාහු නම්වූ පෘථිවියෙහි අසමාන යම් අර්ජුන නම්වූ රජෙක්වීද, ඒ රජතෙමේද එකල්හි ගිනිදෙවියා පිදීයයි” කීයේය.
|
909
‘‘යො බ්රාහ්මණෙ භොජයි දීඝරත්තං, අන්නෙන
පසන්නචිත්තො අනුමොදමානො, සුභොග දෙවඤ්ඤතරො අහොසි’’.
|
909
“යම් බරණැස් රජෙක් ආහාරයෙන්ද පානයෙන්ද ශක්ති පරිද්දෙන් බොහෝ කලක් මුළුල්ලෙහි පහන් සිත් ඇත්තේ සතුටුවෙමින් බමුණන් වැළඳවීද සුභගය හෙතෙම එක්තරා මහේශාක්‍ය දිව්‍ය රාජයෙක් වූයේයයි” අරිෂ්ටතෙම කීයේය.
|
910
‘‘මහාසනං
ස යඤ්ඤතන්තං වරතො යජිත්වා, දිබ්බං ගතිං මුචලින්දජ්ඣගච්ඡි’’.
|
910
“යම් රජෙක් මහත්වූ ආහාර ඇති අලාමකවූ ප්‍රභා ඇති ගිනිදෙවියා ගිතෙලින් සතුටු කරන්ට හැකිවීද, ඒ මුචලින්ද නම් රජතෙම උතුම්වූ ගිනිදෙවියාට යාග විධි පවත්වා දිව්‍ය ගතියට පැමිණියේයයි” ද කීයේය.
|
911
‘‘මහානුභාවො වස්සසහස්සජීවී, යො පබ්බජී දස්සනෙය්යො උළාරො;
හිත්වා අපරියන්තරට්ඨං
(රථං (සී. පී.)) සසෙනං, රාජා දුදීපොපි ජගාම
(දුදීපොපජ්ඣගාමි (ස්‍යා.)) සග්ගං’’.
|
911
“මහත් ආනුභාව ඇත්තාවූ අවුරුදු දහසක් ජීවත් වූ දැකුම් කටයුතුවූ උදාරවූ යම් රජෙක් අප්‍රමානවූ රථ සේනාව හැරදමා පැවිදිවූයේ ද දුදීප නම් ඒ රජතෙමේද දෙව් ලොවට ගියේයයි” කීයේය.
|
912
‘‘යො සාගරන්තං සාගරො විජිත්වා, යූපං සුභං සොණ්ණමයං
(සොවණ්ණමයං (ස්‍යා. ක.)) උළාරං;
උස්සෙසි වෙස්සානරමාදහානො, සුභොග දෙවඤ්ඤතරො අහොසි.
|
912
“යම් සාගර නම් රජෙක් සයුර හිම්කොට ඇති පෘථිවිය ජයගෙණ යහපත්වූ ස්වර්ණමයවූ මහත්වූ යාගස්ථම්භයක් එසවීද, සුභගය, ගිනිදෙවියා පුදමින් ඒ රජතෙමේද එක්තරා මහේශාක්‍ය දෙවියෙක් වූයේය.
|
913
‘‘යස්සානුභාවෙන සුභොග ගඞ්ගා, පවත්තථ
(පවත්තති (ස්‍යා. ක.)) දධිසන්නිසින්නං
(දධිසන්න (සී. පී.)) සමුද්දං;
සලොමපාදො පරිචරියමග්ගිං, අඞ්ගො සහස්සක්ඛපුරජ්ඣගච්ඡි’’.
|
913
“එම්බා සුභගය, යම් රජෙකුගේ ආනුභාවයෙන් ගංගාවෝ පැවැත්තාහුද, දීමක්වූ තැන සමුද්‍රය හටගත්තේද, පාදයෙහි ලොම් ඇත්තාවූ ඒ අඟු රජතෙම ගිනිදෙවියා පුදා ශක්‍ර පුරයට පැමිණියේයයි” කීයේය.
|
914
‘‘මහිද්ධිකො දෙවවරො යසස්සී, සෙනාපති
සො සොමයාගෙන මලං විහන්ත්වා, සුභොග දෙවඤ්ඤතරො අහොසි’’.
|
914
“එම්බා සුභගය, යමෙක් දැන් දෙව්ලොව සක්දෙව් රජහුගේ සේනාපතිවූ මහත් ඍද්ධි ඇත්තාවූ යශ පිරිවර ඇත්තාවූ උතුම් දෙවියෙක්වීද, හෙතෙමේද පෙර සෝම යාගයෙන් පව් සෝදා හැර එක්තරා මහේශාක්‍ය දෙවියෙක් වූයේ යයි” කීයේය.
|
915
‘‘අකාරයි ලොකමිමං පරඤ්ච, භාගීරථිං හිමවන්තඤ්ච ගිජ්ඣං
(ගිජ්ඣං (ස්‍යා. ක.), විඤ්ඣං (?));
යො ඉද්ධිමා දෙවවරො යසස්සී, සොපි තදා ආදහි ජාතවෙදං.
|
915
“සහෝදර සුභගය, යම් ඍද්ධි ඇත්තාවූ යශස් ඇත්තාවූ මහා බ්රහ්මයෙක්තෙම මේ ලෝකයද පරලෝකයද භාගිරතී නම් ගංගාවද හිමවත් පර්වතයද ගිජ්ඣ පර්වතයද යන මේ සියල්ල කෙළේද, හෙතෙමේද එකල්හි ගිනිදෙවියා පිදූයේය.
|
916
‘‘මාලාගිරී
එතෙ ච අඤ්ඤෙ ච නගා මහන්තා, චිත්යා කතා යඤ්ඤකරෙහි මාහු’’.
|
916
“මාලාගිරි පර්වතයද, හිමවත් පර්වතයද ගිජ්ඣ නම් යම් පර්වතයක් වේද, සුදස්සන නම් පර්වතයද නිසභ නම් පර්වතයද කාකනේරු නම් පර්වතයද යන මොව්හුද සෙසු මහත් වූ පර්වතද යාග කරන්නාවූ බමුණන් විසින් ගඩොලින් බඳන ලද ආසන පිණිස කරණලද්දාහු වෙත්යයි” කීයේය.
|
917
‘‘අජ්ඣායකං මන්තගුණූපපන්නං, තපස්සිනං යාචයොගොතිධාහු
(තිචාහ (සී. පී.), ති චාහු (ක.));
තීරෙ සමුද්දස්සුදකං සජන්තං
(සිඤ්චන්තං (ක.)), සාගරොජ්ඣොහරි තෙනපෙය්යො.
|
917
“වේද හදාරන්නාවූ වේද මන්ත්‍ර කොටස්වලින් යුක්තවූ තපස් ඇත්තාවූ බ්‍රාහ්මණයා ඉල්වීමට සුදුස්සෙකැයිද කීයේය. මුහුදු ඉවුරෙහි දිය නාන්නාවූ එබඳු බ්‍රාහ්මණයෙකු සාගරයතෙම ඇදගත්තේය. එහෙයින් සමුද්‍රය පානය කළ නොහැකි ලුනුදිය ඇත්තෙක් කෙළේය.
|
918
‘‘ආයාගවත්ථූනි පුථූ පථබ්‍යා, සංවිජ්ජන්ති බ්රාහ්මණා වාසවස්ස;
පුරිමං දිසං පච්ඡිමං දක්ඛිණුත්තරං, සංවිජ්ජමානා ජනයන්ති වෙදං’’.
|
918
“ශක්‍රයාගේ යාගයන්ට සුදුසුවූ බොහෝවූ බ්‍රාහ්මණයෝ පෘථිවියෙහි ඇත්තාහ. පළමු දිශාවය පැසුළු දිශාවය දකුණු දිශාවය උතුරු දිශාවය යන මේ දිශාවන්හි ඇත්තාවූ ඒ බ්‍රාහ්මණයෝ දැනුදු ශක්‍රයාට සතුට උපදවත්යයි” කානාරිෂ්ටතෙම කීයේය.
|
919
‘‘කලී හි ධීරාන කටං මගානං, භවන්ති
මරීචිධම්මං අසමෙක්ඛිතත්තා, මායාගුණා නාතිවහන්ති පඤ්ඤං.
|
919
“එම්බා අරිෂ්ටය, වේද හැදෑරීම් නම් නුවණ ඇත්තන්ට පරාජය නම් අකුශල ග්රහණයද නුවණ නැත්තන්ට ජය නම් කුශල ග්රහණයද වෙත්. වේදත්‍රය මිරිඟු ස්වභාව ඇත්තකැයි නොසළකන්නාහු එයට පැමිණෙත්. මායා කොටස් ඇති මේ වේදයෝ නුවණැත්තහු නොඉක්මවත්. හෙවත් නොරවටත්.
|
920
‘‘වෙදා න තාණාය භවන්ති දස්ස, මිත්තද්දුනො භූනහුනො නරස්ස;
න තායතෙ පරිචිණ්ණො ච අග්ගි, දොසන්තරං මච්චමනරියකම්මං.
|
920
“මේ අභිවෘද්ධි නසන්නාවූ මිත්‍රද්‍රෝහි මනුෂ්‍යයාගේ ආරක්ෂාව පිණිස වේදයෝ නොපවතිත්. පුදනලද ගින්නද දෝෂ සහිත සිත් ඇති අකුශල කර්ම කරන්නාවූ මනුෂ්‍යයා ආරක්ෂා නොකෙරේ.
|
921
‘‘සබ්බඤ්ච
දහං න තප්පෙ
(න තප්පෙ අග්ගි (ක.)) අසමත්ථතෙජො, කො තං සුභික්ඛං ද්විරසඤ්ඤු කයිරා
(දිරසඤ්ඤ කුරියා (සී.), දිරසඤ්ඤු කුරියා (පී.)).
|
921
“ඉදින් ධන සහිතවූ සම්පත් සහිතවූ මනුෂ්‍යයෝ දර හා තාෂ්ණයෙන් මිශ්‍රකොට සියල්ල ගිනි දල්වන ලද්දේද, අසමාන තේජස් ඇත්තාවූ ඒ ගින්නතෙම සියල්ල දවමින් තෘප්තියකට නොපැමිණේ. දිව් දෙකකින් රශ දැනීමට සමර්ථවූ අරිෂ්ටය කවරෙක් ඒ ගින්න සුලභ භික්ෂා ඇත්තක් කරන්නේද,
|
922
‘‘යථාපි
එවම්පි අග්ගි විපරිණාමධම්මො, තෙජො සමොරොහතී යොගයුත්තො.
|
922
“යම්සේ පෙරලෙන ස්වභාව ඇති කිරි දී බවට පැමිණ නැවත වෙඬරු බවටත් පැමිණේද, මෙසේ ගින්නද පෙරලෙන ස්වභා ඇත්තේවේ. ගිනිගාන දඬු හා යෝගයෙන් යුක්තවූයේ ගින්න හටගණියි.
|
923
‘‘න දිස්සතී අග්ගිමනුප්පවිට්ඨො, සුක්ඛෙසු කට්ඨෙසු නවෙසු චාපි;
නාමත්ථමානො
(නාමන්ථමානො (සී. පී.)) අරණීනරෙන, නාකම්මුනා ජායති ජාතවෙදො.
|
923
“වියලි කාෂ්ටයන්හිද අළුත්වූ කාෂ්ටයන්හිද ඇතුලට වැදුනාවූ ගින්නක් දක්නා නොලැබේ. ගිනි ගාන දඬු ගත් මිනිසෙකු විසින් අළලනු නොලබන්නේ කටයුතු රහිතව ගින්න නොහටගණියි.
|
924
‘‘සචෙ හි අග්ගි අන්තරතො වසෙය්ය, සුක්ඛෙසු
සබ්බානි සුස්සෙය්යු වනානි ලොකෙ, සුක්ඛානි කට්ඨානි ච පජ්ජලෙය්යුං.
|
924
“ඉදින් වනාහි ගින්න වියලි කාෂ්ටවලද අළුත් කාෂ්ටවලද ඇතුළත වසන්නේ නම් ලෝකයෙහි සියලු වනයෝ වියලෙන්නාහුය. වියලි කාෂ්ටයෝද ගිනි ඇවිලෙන්නාහුය.
|
925
‘‘කරොති චෙ දාරුතිණෙන පුඤ්ඤං, භොජං නරො ධූමසිඛිං පතාපවං;
අඞ්ගාරිකා ලොණකරා ච සූදා, සරීරදාහාපි කරෙය්යු පුඤ්ඤං.
|
925
“ඉදින් යම් මිනිසෙක් දර හා තෘණයෙන් දුම්සිළු ඇත්තාවූ මහත් තේජස් ඇති ගින්නට අනුභව කරවමින් පින් කෙරේනම් අඟුරු දවන්නෝද ලුණු සාදන්නෝද අරක්කැමියෝද මල සිරුරු දවන්නෝද පින් කරන්නාහුය
|
926
‘‘අථ චෙ හි එතෙ න කරොන්ති පුඤ්ඤං, අජ්ඣෙනමග්ගිං ඉධ තප්පයිත්වා;
න කොචි ලොකස්මිං කරොති පුඤ්ඤං, භොජං නරො ධූමසිඛිං පතාපවං.
|
926
“ඉදින් මොව්හු වනාහි පින් නොකෙරෙත් නම්, මේ ලෝකයෙහි මන්ත්‍ර හදාරන්නාවූ බ්‍රහ්මණයෝ ගිනි තැප පින් කෙරෙද්ද, මේ ලෝකයෙහි කිසි මිනිසෙක් දුම්සිළු ඇත්තාවූ මහත් තේජස් ඇති ගින්නට අනුභව කරවමින් පිනක් නොකෙරෙයි.
|
927
‘‘කථඤ්හි ලොකාපචිතො සමානො, අමනුඤ්ඤගන්ධං බහූනං අකන්තං;
යදෙව මච්චා පරිවජ්ජයන්ති, තදප්පසත්ථං ද්විරසඤ්ඤු භුඤ්ජෙ.
|
927
“ලෝවැස්සන් විසින් පුදන ලද්දාවූම ගින්නතෙමේ නොමනා ගඳ ඇති බොහෝ දෙනාට අප්‍රියවූ යම් කුණපයක් මනුෂ්‍යයෝ දුරු කෙරෙද්ද, දිව් දෙකින් රස දැනගැනීමට සමර්ථවූ අරිෂ්ටය එබඳු නොපසස්නා ලද කුණපය කෙසේ නම් අනුභව කරන්නේද?
|
928
‘‘සිඛිම්පි දෙවෙසු වදන්ති හෙකෙ, ආපං මිලක්ඛූ
(මිලක්ඛා (සී. පී.)) පන දෙවමාහු;
සබ්බෙව එතෙ විතථං භණන්ති
(ගණ්හන්ති (ක.)), අග්ගී න දෙවඤ්ඤතරො න චාපො.
|
928
“ගින්න වනාහි සමහරු දෙවියන් අතුරෙන් කෙනෙකැයි කියත්. අඥානවූ ම්ලෙච්ඡයෝ වනාහී ජලය දෙවියෙකැයි කියත්. මේ සියල්ලෝම බොරු කියත්. ගින්න දෙවියන්ගෙන් කෙනෙක් නොවේ. ජලයද දෙවියෙක් නොවේ.
|
929
‘‘අනින්ද්රියබද්ධමසඤ්ඤකායං
පරිචරිය මග්ගිං සුගතිං කථං වජෙ, පාපානි කම්මානි පකුබ්බමානො
(පකූබ්බමානො (ස්‍යා. ක.)).
|
929
“ඉන්ද්රියයන් නැත්තාවූම සිත් පිත් නැත්තාවූ, සත්වයන්ගේ බත් පිසීම ආදී කටයුතු කරන්නාවූ වෙස්සානර නම්වූ ගින්න පුදා පාප කර්ම කරණු ලබන්නෙක් කෙසේ නම් සුගතියට යන්නේද?
|
930
‘‘සබ්බාභිභූ තාහුධ ජීවිකත්ථා, අග්ගිස්ස බ්රහ්මා පරිචාරකොති;
සබ්බානුභාවී ච වසී කිමත්ථං, අනිම්මිතො නිම්මිතං වන්දිතස්ස.
|
930
“මේ ලෝකයෙහි ජීවිකාව ප්‍රයෝජනකොට ඇත්තාහු සියල්ලන් මැඩ පවත්වන්නාවූ මහා බ්‍රහ්මයා ගිනි දෙවියාට පුදන්නෙකැයි කියත්. සියලු ආනුභාව ඇත්තාවූද බ්‍රහ්ම තෙමේ කුමක් නිසා තෙමේ නොමවන ලද්දේ මවනලද ගින්නට වඳින්නෙක් වන්නේද,
|
931
‘‘හස්සං අනිජ්ඣානඛමං අතච්ඡං, සක්කාරහෙතු පකිරිංසු පුබ්බෙ;
තෙ ලාභසක්කාරෙ අපාතුභොන්තෙ, සන්ධාපිතා
(සන්ථම්භිතා (සී. පී.), සන්ධාභිතා (ස්‍යා.), සන්තාපිතා (ක.)) ජන්තුභි සන්තිධම්මං.
|
931
“එම්බා අරිෂ්ටය, මේ බ්‍රාහ්මණයෝ සිනාසීමට සුදුසුවූ නුවණැත්තන්ගේ සිතීමට නුසුදුසුවූ අසත්යවූවක් ලාභසත්කාර හේතුවෙන් පෙර පැතිරවූහ. ඔව්හු ලාභ සත්කාර නොලැබෙන කල්හි සතුන් හා එක්කොට ශාන්ති ධර්ම නම් යාග පූජාවක් නිපදවූහ.
|
932
‘‘අජ්ඣෙනමරියා පථවිං ජනින්දා, වෙස්සා කසිං පාරිචරියඤ්ච සුද්දා;
උපාගු පච්චෙකං යථාපදෙසං, කතාහු එතෙ වසිනාති ආහු.
|
932
“ආර්‍ය්‍යවූ බ්‍රාහ්මණයෝ මන්ත්‍ර හැදෑරීමටද ක්ෂත්රියයෝ පෘථිවි පාලනයටද වෛශ්‍යයෝ සීසෑමටද ශුද්‍රයෝ ඔවුන්ගේ මෙහෙකිරීමටද වෙන් වෙන් වශයෙන් තමන්ගේ කුලප්රදෙශයට සුදුසු පරිද්දෙන් පැමිණියාහුය. මොව්හු මහා බ්‍රහ්මයා විසින් මෙසේ මවන ලද්දාහුයයි කියත්.
|
933
‘‘එතඤ්ච සච්චං වචනං භවෙය්ය, යථා ඉදං භාසිතං බ්රාහ්මණෙහි;
නාඛත්තියො ජාතු ලභෙථ රජ්ජං, නාබ්රාහ්මණො මන්තපදානි සික්ඛෙ;
නාඤ්ඤත්ර වෙස්සෙහි කසිං කරෙය්ය, සුද්දො
|
933
“යම්සේ බ්‍රාහ්මණයන් විසින් මේ කියන ලදද එසේ මෙයද සත්‍ය වචනයක් වන්නේ නම් ක්ෂත්රිය නුවූවෙක් කිසිකලෙකත් රාජ්‍යය නොලබන්නේය, බ්‍රාහ්මණ නොවූවෙක් මන්ත්‍රපද ඉගෙණ නොගන්නේය. වෛශ්‍යයන් හැර අනිකෙක් සීසෑම නොකරන්නේය. ශුද්රතෙම අනුන්ගේ මෙහෙකරු බැවින් නොමිදෙන්නේය
|
934
‘‘යස්මා ච එතං වචනං අභූතං, මුසාවිමෙ ඔදරියා භණන්ති;
තදප්පපඤ්ඤා අභිසද්දහන්ති, පස්සන්ති තං පණ්ඩිතා අත්තනාව.
|
934
“යම්හෙයකිනුත් මේ කීම අසත්යවේද, එහෙයින් උදර පූරණය හේතුකොට ඇත්තාවූ මේ බ්‍රාහ්මණයෝ බොරුද කියත්. ඒ බොරුව මද නුවණැත්තෝ අදහා ගණිත්. නුවණැත්තෝ තුමූම ඒ බොරුව සදොස්යයි දකිත්.
|
935
‘‘ඛත්යා
තං තාදිසං සඞ්ඛුභිතං පභින්නං, කස්මා බ්රහ්මා නුජ්ජු කරොති ලොකං.
|
935
“ක්ෂත්රියයෝ අයබදු නොගනිත්. වෛශ්‍යයෝ අයබදු නොදෙත්. බ්‍රාහ්මණයෝ ආයුධගෙණ හැසිරෙත්. එබඳු කැළඹුනාවූ විශේෂයෙන් බිඳීගියාවූ ඒ ලෝකය කුමක් හෙයින් බ්‍රහ්මතෙමේ ඍජු නොකෙරේද?
|
936
‘‘සචෙ හි සො ඉස්සරො සබ්බලොකෙ, බ්රහ්මා බහූභූතපතී
(බ්රහ්මපහූ භූතපතී (ස්‍යා.)) පජානං;
කිං සබ්බලොකං විදහී අලක්ඛිං, කිං සබ්බලොකං න සුඛිං අකාසි.
|
936
“ඉදින් වනාහි සියලු ලෝකයෙහි අධිපතිවූ බොහෝ සත්ව ප්‍රජාවන්ට ස්වාමිවූ ඒ බ්‍රහ්මතෙම ලෝකය මැවීනම් මායාවය මුසාවාදය මදය යන මේ අධර්මයෙන් යුක්තව කුමක් සඳහා මැවුයේද?
|
937
‘‘සචෙ හි සො ඉස්සරො සබ්බලොකෙ, බ්රහ්මා බහූභූතපතී පජානං;
මායා මුසාවජ්ජමදෙන
(මුසාවඤ්චනපදෙන (ක.)) චාපි, ලොකං අධම්මෙන කිමත්ථමකාරි
(කිමත්ථ’කාසි (සී. පී.), කිමත්ථකාරී (ස්‍යා.)).
|
937 |
938
‘‘සචෙ හි සො ඉස්සරො සබ්බලොකෙ, බ්රහ්මා බහූභූතපතී පජානං;
අධම්මිකො
|
938
“ඉදින් වනාහි සියලු ලෝකයෙහි අධිපතිවූ බොහෝ සත්ව ප්‍රජාවන්ට ස්වාමිවූ යම් මහා බ්රහ්මයෙක්වීද, අරිෂ්ටය කුශල ධර්මය ඇති කල්හි යම් බ්‍රහ්මයෙක් අධර්මය ඇති කෙළේද එහෙයින් හෙතෙම අධාර්මිකයෙක් වේ
|
939
‘‘කීටා පටඞ්ගා උරගා ච භෙකා
(භිඞ්ගා (ස්‍යා.)), හන්ත්වා කිමී සුජ්ඣති මක්ඛිකා ච;
එතෙපි ධම්මා අනරියරූපා, කම්බොජකානං විතථා බහූනං.
|
939
“පනුවන්ද පලඟැටියන්ද සර්පයන්ද මැඩියන්ද මැස්සන්ද යන කෘමිවර්ගයා නසා පිරිසිදු වේය යන මේ අනාර්‍ය්‍ය ස්වරූපවූ ධර්මයෝ වනාහි කාම්බෝජ රටවැසි බොහෝ දෙනාගේ අසත්‍ය ධර්මයෝ වෙත්යයි” බොධිසත්ව තෙම කීයේය.
|
940
‘‘සචෙ හි සො සුජ්ඣති යො හනාති, හතොපි සො සග්ගමුපෙති ඨානං;
භොවාදි භොවාදින මාරයෙය්යුං
(මාරභෙය්යුං (ක.)), යෙ චාපි තෙසං අභිසද්දහෙය්යුං.
|
940
“ඉදින් වනාහි යමෙක් යාගයෙහි නැසේද, හෙතෙම පිරිසිදු වේනම් නසනලද්දාවූද හෙතෙම දිව්‍යලෝකයට පැමිණේ නම් බ්‍රාහ්මණයෝ බ්රාහ්මණයෙකුම මරන්නාහුය. යම්කෙනෙකුත් ඔවුන්ගේ වචන අදහන්නාහු නම් ඔවුන්ද මරවන්නාහුය.
|
941
‘‘නෙව
විප්ඵන්දමානෙ ඉධ ජීවිකත්ථා, යඤ්ඤෙසු පාණෙ පසුමාරභන්ති
(මාහරන්ති (සී. ස්‍යා. පී.)).
|
941
“කිසියම් මෘග කෙනෙක් තමා නැසීමට යාඥා නොකරත්. සිව්පාවෝද යාඥා නොකරත්. ගවයෝද එසේ තමා නැසීමට යාඥා නොකරත්. මේ ලෝකයෙහි ජීවිකාව ප්‍රයෝජන කොට ඇත්තාහු යාගයන්හි පණ ඇති සිව්පා සතුන් සල්වමින් මරත්.
|
942
‘‘යූපුස්සනෙ
(යූපස්ස තෙ (සී.), යූපස්ස නෙ (පී.)) පසුබන්ධෙ ච බාලා, චිත්තෙහි වණ්ණෙහි මුඛං නයන්ති;
අයං තෙ යූපො කාමදුහො පරත්ථ, භවිස්සති සස්සතො සම්පරායෙ.
|
942
“ඒ අඥානයෝ යාගස්ථම්භයෙහි සිව්පාවුන් බඳනා ලද කල්හිද මේ යාගස්ථම්භයතෙම තොපට පරලෙව්හි කැමැති සම්පත් දෙන්නේය. පරලොව ශාස්වත වන්නේයයි විසිතුරු වර්ණනා වලින් මුහුණ සතුටු කරත්.
|
943
‘‘සචෙ ච යූපෙ මණිසඞ්ඛමුත්තං, ධඤ්ඤං
සුක්ඛෙසු කට්ඨෙසු නවෙසු චාපි, සචෙ දුහෙ තිදිවෙ සබ්බකාමෙ;
තෙවිජ්ජසඞ්ඝාව පුථූ යජෙය්යුං, අබ්රාහ්මණං
(න බ්රාහ්මණා (සී. ස්‍යා.)) කඤ්චි න යාජයෙය්යුං.
|
943
“ඉදින් යාගස්ථම්භයෙහි මැණික්ද සක්ද මුතුද ධාන්‍යයද ධනයද රිදීද රත්රන්ද වේනම් වියලි කාෂ්ටවලද අළුත් කාෂ්ටවලද වේනම්, ඉදින් දෙව්ලොව සියලු කැමති සම්පත් දෙන්නේ නම්, වෙදත්‍රය දන්නාවූ බ්‍රාහ්මණයෝම බොහෝකොට යාග කරන්නාහුය. බ්‍රාහ්මණයෝ අන්කිසිවෙකු ලවා යාග නොකරවන්නාහුය.
|
944
‘‘කුතො ච යූපෙ මණිසඞ්ඛමුත්තං, ධඤ්ඤං ධනං රජතං ජාතරූපං;
සුක්ඛෙසු කට්ඨෙසු නවෙසු චාපි, කුතො දුහෙ තිදිවෙ සබ්බකාමෙ.
|
944
“යාගස්ථම්භයෙහි මැණික්ය සක්ය මුතුය ධාන්‍යය ධනය රිදීය, රත්රන්ය යන මොව්හු කොයින්ද, වියලි කාෂ්ට වලද අළුත් කාෂ්ට වලත් කොයින්ද, දෙව්ලොව සියලු කැමැති සම්පත් කොයින් ලබන්නේද?
|
945
‘‘සඨා ච ලුද්දා ච පලුද්ධබාලා
(උපලද්ධබාලා (සී. පී.)), චිත්තෙහි වණ්ණෙහි මුඛං නයන්ති;
ආදාය අග්ගිං මම දෙහි විත්තං, තතො සුඛී හොහිසි සබ්බකාමෙ.
|
945
“කෛරාටිකවූද රෞද්රවූද පොළඹවාගන්නා ලද අඥාන ජනයන් ඇති බ්‍රාහ්මණයෝ ගිනිගෙණ පුදා මට වස්තුව දෙව, එහෙයින් නුඹ සියලු කැමැති සම්පත් ලබා සුවපත් වන්නෙහියයි විසිතුරු වර්ණනා වලින් ඔවුන්ගේ මුහුණු සතුටු කරත්.
|
946
‘‘තමග්ගිහුත්තං සරණං පවිස්ස, චිත්තෙහි වණ්ණෙහි මුඛං නයන්ති;
ඔරොපයිත්වා කෙසමස්සුං නඛඤ්ච, වෙදෙහි විත්තං අතිගාළ්හයන්ති
(අතිගාළයන්ති (සී. පී.)).
|
946
“ඒ ගිනි පුදන ශාලාවට ඇතුල්ව හිසකේ රැවුල් බාවා නියද කප්පවා විසිතුරු වර්ණනා වලින් මුහුණ ප්‍රසන්න කරත්. වේද කථා වලින් ඔහුගේ වස්තුව විනාශයට පමුණුවත්.
|
947
‘‘කාකා
අන්නානි භුත්වා කුහකා කුහිත්වා, මුණ්ඩං
|
947
“කව්ඩෝ තනි තැනෙක්හි බකමුහුණෙකු ලබා මෙන් එකලාවූම ඔහු බොහෝදෙනා එකතුව ඒ කුහක බ්‍රාහ්මණයෝ වංචාකොට රශ බොජුන් වලඳා හිස මුඩුකොට යාගස්ථානයෙහි පසෙකට දමත්.
|
948
‘‘එවඤ්හි සො වඤ්චිතො බ්රාහ්මණෙහි, එකො සමානො බහුකා
(බහුහී (සී.)) සමෙච්ච;
තෙ යොගයොගෙන විලුම්පමානා, දිට්ඨං අදිට්ඨෙන ධනං හරන්ති.
|
948
“මෙසේ වනාහි එකලාවූම හෙතෙම බොහෝවූ බ්‍රාහ්මණයන් විසින් එකතුව වංචාකරණ ලද්දේවේ. ඒ බ්‍රාහ්මණයෝ ඒ ඒ යෝගයෙන් පැහැරගන්නාවූ ප්රත්යක්ෂවූ ධනය අප්රත්යක්ෂවූ දිව්‍ය සම්පත්තිය නිසා හැරගෙණ යත්.
|
949
‘‘අකාසියා
තෙ තාදිසා චොරසමා අසන්තා, වජ්ඣා න හඤ්ඤන්ති අරිට්ඨ ලොකෙ.
|
949
“රජුන් විසින් අනුශාසනා කරණ ලද්දාවූ අයබදු අයකරණ රාජපුරුෂයන් මෙන් මොහුගේ ඒ ධනය හැර ගෙණ යත්. අරිෂ්ටය ලෝකයෙහි සොරුන් හා සමානවූ අසත්පුරුෂවූ වධ කිරීමට සුදුසුවූ එබඳුවූ ඒ බ්‍රාහ්මණයෝ නොනසනු ලබත්.
|
950
‘‘ඉන්දස්ස බාහාරසි දක්ඛිණාති, යඤ්ඤෙසු ඡින්දන්ති පලාසයට්ඨිං;
තං චෙපි සච්චං මඝවා ඡින්නබාහු, කෙනස්ස ඉන්දො අසුරෙ ජිනාති.
|
950
“ඔව්හු ශක්‍රයාගේ දකුණු අතයයි යාගස්ථානයන්හි කෑල ලීයක් සිඳිත්. ඉඳින් ඒ සත්‍යයක්නම් ශක්‍රතෙමේ සිඳිනාලද බාහු ඇත්තෙකි. මොහුගේ කවර බලයකින් ශක්‍රතෙම අසුරයන් ජයගණීද?
|
951
‘‘තඤ්චෙව තුච්ඡං මඝවා සමඞ්ගී, හන්තා අවජ්ඣො පරමො ස දෙවො
(සුදෙවො (ස්‍යා. ක.));
මන්තා ඉමෙ බ්රාහ්මණා තුච්ඡරූපා, සන්දිට්ඨිකා වඤ්චනා එස ලොකෙ.
|
951
“ඔවුන්ගේ ඒ බසද හිස්ය. ඒ සක්දෙව් රජතෙම බාහු වලින් යුක්තවේ. සතුරන් නසන්නෙකි. කිසිවෙකු විසින් වධ නොකොට හැකිවේ. උතුම් වූ පුණ්‍ය ඍද්ධීන් යුක්ත වූයේය. බ්‍රාහ්මණයන්ගේ හිස් ස්වභාවය ඇත්තාවූ යම් මේ මන්ත්‍ර කෙනෙක් වෙත්නම් මෝ තොමෝ ලෝකයෙහි තමන් විසින් දැක්කහැකි රැවටීමක් වේ.
|
952
‘‘මාලාගිරි හිමවා යො ච ගිජ්ඣො, සුදස්සනො නිසභො කුවෙරු;
එතෙ ච අඤ්ඤෙ ච නගා මහන්තා, චිත්යා
|
952
“මාලාගිරි පර්වතයද හිමවත් පර්වතයද යම් ගිජ්ඣ නම් පර්වතයක්ද සුදස්සන නම් පර්වතයද නිසභ නම් පර්වතයද කාකනේරු නම් පර්වතයද යන මේ පර්වතයෝද සෙසු මහත් පර්වතයෝද යාග කරන්නාවූ බ්‍රාහ්මණයන් විසින් ආසන පිණිස උළින් කරණ ලද්දාහුයයි කියත්.
|
953
‘‘යථාපකාරානි හි ඉට්ඨකානි, චිත්යා කතා යඤ්ඤකරෙහි මාහු;
න පබ්බතා හොන්ති තථාපකාරා, අඤ්ඤා දිසා අචලා තිට්ඨසෙලා.
|
953
“යම්බඳුවූ උළුගෙණ යාග කරන්නවුන් විසින් උළුවලින් ආසන කළාහුයයි කියද්ද, පර්වතයෝ එබඳු ආකාර ඇත්තෝ නොවෙත්. පර්වතයෝ නොසෙල් වෙන්නාවූ පිහිටිගල් ඇත්තාවූ අන් ආකාර ඇත්තෝ වෙත්.
|
954
‘‘න
යඤ්ඤඤ්ච එතං පරිවණ්ණයන්තා, චිත්යා කතා යඤ්ඤකරෙහි මාහු.
|
954
“උළු බොහෝ කලකිනුත් ගල් නොවෙත්. එහි යකඩ හට නොගණියි. ලෝහද නොවේ. යාගයෙහිද මෙය වර්ණනා කරන්නාහු යාග කරන්නවුන් විසින් උළින් කළ ආසන වෙත්යයි කියත්.
|
955
‘‘අජ්ඣායකං මන්තගුණූපපන්නං, තපස්සිනං යාචයොගොතිධාහු;
තීරෙ සමුද්දස්සුදකං සජන්තං, තං සාගරොජ්ඣොහරි තෙනපෙය්යො.
|
955
“වේදහදාරන්නාවූ මන්ත්‍ර කොටස්වලින් යුක්තවූ තපශ්වීවූ බ්‍රාහ්මණයා දක්ෂිණාර්භයයි කියත්. මුහුදු ඉව්රෙහි දිය නාන්නාවූ ඒ බ්‍රාහ්මණයා සාගරයතෙම ඇදගත්තේය. එහෙයින් සාගරයතෙම නොපියයුතු ලුනුරස ඇත්තක් කෙළේය.
|
956
‘‘පරොසහස්සම්පි සමන්තවෙදෙ, මන්තූපපන්නෙ නදියො වහන්ති;
න තෙන බ්යාපන්නරසූදකා න, කස්මා සමුද්දො අතුලො අපෙය්යො.
|
956
“සම්පූර්ණකළ වේද ඇති මන්ත්‍ර වලින් යුක්තවූ බමුණන් දහසකටත් වඩා ගංගාවෝ ගිල්වත්. ඒකාරණයෙන් ගංගාවෝ ලුනුරස ඇති කළාහු නොවෙද්ද, කවර කාරණයකින් අසමානවූ සමුද්‍රයතෙම නොපියයුතු අය ඇත්තක් කෙළේද?
|
957
‘‘යෙ කෙචි කූපා ඉධ ජීවලොකෙ, ලොණූදකා කූපඛණෙහි ඛාතා;
න බ්රාහ්මණජ්ඣොහරණෙන
(බ්රාහ්මණජ්ඣොහරි තෙන (ක.)) තෙසු, ආපො
|
957
“මේ මනුෂ්‍ය ලෝකයෙහි ලිං සාරන්නවුන් විසින් සාරණ ලද්දාවූ යම්කිසි ලිං පොකුණු කෙනෙක් වෙද්ද ඒ පොකුණුවල බ්‍රාහ්මණයන් වැටීමෙන් ලුනු දිය ඇතිවූවාහු නොවෙත්. ද්විරසඤ්ඤ නම් අරිෂ්ටය ඒ ලිංවල ජලය නොපියයුතු නොකෙළේයයි කියත්.
|
958
‘‘පුරෙ පුරත්ථා කා කස්ස භරියා, මනො මනුස්සං අජනෙසි පුබ්බෙ;
තෙනාපි ධම්මෙන න කොචි හීනො, එවම්පි වොස්සග්ගවිභඞ්ගමාහු
(වොස්සග්ගවිභාගමාහු (සී.)).
|
958
“පූර්වයෙහි පළමු කවර නම් තැනැත්තියක් කවරෙකුට භාර්ය්යාවීද, පූර්වයෙහි මානසතෙම මනුෂ්‍යයා ඉපදවීය. ඒ කාරණයෙනුත් කිසිවෙක් හීන නොවේ. මෙසේ ඇති කල්හිද තම තමන්ගේ කර්ම විශේෂයෙන් වෙනස කියත්.
|
959
‘‘චණ්ඩාලපුත්තොපි අධිච්ච වෙදෙ, භාසෙය්ය මන්තෙ කුසලො මතීමා
(මුතීමා (සී. පී.));
න තස්ස මුද්ධාපි ඵලෙය්ය සත්තධා, මන්තා ඉමෙ අත්තවධාය කතා
(කත්ත (සී. පී.)).
|
959
“ප්‍රඥා ඇත්තාවූ දක්ෂවූ චණ්ඩාල පුත්‍රයෙක් ද වේදයන් හදාරා මන්ත්‍ර කියන්නේ නම් ඔහුගේ මුදුන සත්කඩක්ව නොපැලෙන්නේය. එහෙයින් මේ මන්ත්‍ර තමහට වධ පිණිස කරණ ලද්දාහු වෙත්.
|
960
‘‘වාචාකතා ගිද්ධිකතා
(ගිද්ධිගතා (ක.)) ගහීතා, දුම්මොචයා කබ්යපථානුපන්නා;
බාලාන චිත්තං විසමෙ නිවිට්ඨං, තදප්පපඤ්ඤා අභිසද්දහන්ති.
|
960
“මිථ්‍යා වචනයෙන් කරණ ලද්දාවූ බමුණන් විසින් ලෝභයෙහි ගිජු බැවින් ගන්නා ලද්දාවූ කාව්‍යක්කාරයින්ගේ වචන පථයට අනුව ගියාවූ මේ වේද, මන්ත්‍රයෝ දුරලිය නොහැක්කාහුවෙත්. අඥානයන්ගේ සිත මේ විෂම වූ වේදයෙහි ඇතුළත් විය. මද නුවණැත්තෝ එය අදහත්.
|
961
‘‘සීහස්ස
මනුස්සභාවො ච ගවංව පෙක්ඛො, ජාතී හි තෙසං අසමා සමානා
(සමානං (ස්‍යා. ක.)).
|
961
“සිංහයෙකුගේද ව්යාඝ්රයෙකුගේද දිවියෙකුගේ ද බලය හා සමානවූ පුරුෂ වීර්‍ය්‍යයක් බ්‍රාහ්මණයින්ට නැත. මනුෂ්‍ය ස්වභාව ඇත්තේද ගවයන්ගේ ස්වභාව මෙන් සැළකියයුතුවේ. ඔවුන්ගේ ජාතිය වනාහි අසමානවේ. නුවණැති බැවින් ගතිය සමානයි
|
962
‘‘සචෙ ච රාජා පථවිං විජිත්වා, සජීවවා අස්සවපාරිසජ්ජො;
සයමෙව සො සත්තුසඞ්ඝං විජෙය්ය, තස්සප්පජා
|
962
“ඉදින් රජතෙමේද පෘථිවිය ජයගෙණ සුවචවූ පිරිස් වැස්සන් ඇත්තේ සමග ජීවත් වන්නවුන්ගෙන් යුක්ත වේද, ඒ රජතෙමේද සතුරු සමූහයා ජය ගන්නේ නම් ඔහුගේ ප්‍රජාව නිතර සුවපත් වන්නේය.
|
963
‘‘ඛත්තියමන්තා ච තයො ච වෙදා, අත්ථෙන එතෙ සමකා භවන්ති;
තෙසඤ්ච අත්ථං අවිනිච්ඡිනිත්වා, න බුජ්ඣතී ඔඝපථංව ඡන්නං.
|
963
ක්ෂත්රිය මන්ත්‍රද, ත්‍රිවේදයද යන මොහු අර්ථයෙන් සමාන බැව් ඇතිවෙත්. ඔවුන්ගේද අර්ථය විනිශ්චය නොකොට සැඩපහරකින් වැසුනු මාර්ගයක් මෙන් අවබෝධ නොකෙරේ.
|
964
‘‘ඛත්තියමන්තා
ලාභො අලාභො අයසො යසො ච, සබ්බෙව තෙසං චතුන්නඤ්ච
(සබ්බෙ තෙ සබ්බෙසං චතුන්න (සී. පී.)) ධම්මා.
|
964
“ක්ෂත්රිය මන්ත්රයෝද ත්රිවේදයෝද යන මොව්හු වචනාර්ථ වශයෙන් සම බැව් ඇත්තාහු වෙත්. ලාභයද අලාභයද අයශද යශසද යන මේ සියල්ලෝ සියලු චතුවර්ණයන්ගේ ස්වභාව ධර්ම වෙත්.
|
965
‘‘යථාපි ඉබ්භා ධනධඤ්ඤහෙතු, කම්මානි කරොන්ති
(කාරෙන්ති (සී. ස්‍යා. පී.)) පුථූ පථබ්‍යා;
තෙවිජ්ජසඞ්ඝා ච තථෙව අජ්ජ, කම්මානි කරොන්ති
(කාරෙන්ති (සී. ස්‍යා. පී.)) පුථූ පථබ්‍යා.
|
965
“යම්සේ ගෘහපතිහු ධන ධාන්‍ය හේතුකොටගෙණ පෘථිවියෙහි බොහෝ කර්මාන්ත කරවද්ද, බ්‍රාහ්මණයෝද එපරිද්දෙන්ම දැන් පෘථිවියෙහි බොහෝ කර්මාන්ත කරවත්.
|
966
‘‘ඉබ්භෙහි යෙ තෙ
(එතෙ (සී. ස්‍යා. පී.)) සමකා භවන්ති, නිච්චුස්සුකා කාමගුණෙසු යුත්තා;
කම්මානි කරොන්ති
(කාරෙන්ති (සී. ස්‍යා. පී.)) පුථූ පථබ්‍යා, තදප්පපඤ්ඤා ද්විරසඤ්ඤුරා තෙ’’.
|
966
“නිතර උත්සාහවත්වූ පස්කම් සැපවල යෙදුනාවූ පෘථිවියෙහි බොහෝ කර්මාන්ත කරවන්නාවූ මොව්හු ගෘහපතීන් හා සමාන බැව් ඇත්තෝ වෙත්. දිව් දෙකකින් රශ දැනීමෙහී සමර්ථවූ අරිෂ්ටය මද නුවණ ඇත්තාවූ ඒ බ්‍රාහ්මණයෝ ඒ බ්‍රාහ්මණ ධර්ම කෙරෙන් දුරුවුවාහුයයි” භූරිදත්ත නාරජතෙම කීයේය.
|
967
‘‘කස්ස භෙරී මුදිඞ්ගා ච, සඞ්ඛාපණවදින්දිමා;
පුරතො පටිපන්නානි, හාසයන්තා රථෙසභං.
|
967
“මහ බෙරද මිහිඟු බෙරද සක්ද පනාබෙර ගැටබෙරද වාදනය කිරීම ඇත්තාවූ රජහු සතුටු කරමින් කවරක්හුගේ ඉදිරියෙන් පිළිපන්නාහුද,
|
968
‘‘කස්ස කඤ්චනපට්ටෙන, පුථුනා විජ්ජුවණ්ණිනා;
යුවා
|
968
කවරෙකුගේ මහත්වූ විදුලියට බඳු පැහැ ඇති ස්වර්ණමය නළල් පටින් මුහුණ බබළාද, තරුණවූ දුනු හියවුරු වලින් සැරසුනාවූ කවරෙක් සොභාවෙන් දිළිසෙමින් එන්නේද,
|
969
‘‘උක්කාමුඛපහට්ඨංව
මුඛඤ්ච රුචිරා භාති, කො එති සිරියා ජලං.
|
969
“කඹුරු උදුනෙහි ඔපදමන ලද්දක් මෙන්ද දිලිසෙන කිහිරි අඟුරු මෙන් ප්රභාවත් මනොඥවූවක් මෙන් මුහුණ බබළයි. එබඳු කවරෙක් සොභාවෙන් දිළිසෙමින් එන්නේද?
|
970
‘‘කස්ස ජම්බොනදං ඡත්තං, සසලාකං මනොරමං;
ආදිච්චරංසාවරණං, කො එති සිරියා ජලං.
|
970
“සිත්කළුවූ සළාක සහිත හිරුරැස් වලක්වන්නාවූ රක්ත ස්වර්ණමයවූ ඡත්රය කවරෙකුට දරාද, සොභාවෙන් දිළිසෙමින් කවරෙක් එන්නේද?
|
971
‘‘කස්ස අඞ්ගං
(අඞ්කං (සී. පී.)) පරිග්ගය්හ, වාළබීජනිමුත්තමං;
උභතො වරපුඤ්ඤස්ස
(චරතෙ වරපඤ්ඤස්ස (සී. පී.)), මුද්ධනි උපරූපරි.
|
971
“ඇකයෙන් වැළඳ ගත්තාවූ උතුම් වල්විදුනාව උතුම් ප්‍රඥාව ඇත්තාවූ කවරෙකුගේ හිසමතුමත්තෙහි හසුරුවාද?
|
972
‘‘කස්ස පෙඛුණහත්ථානි, චිත්‍රානි ච මුදූනි ච;
කඤ්චනමණිදණ්ඩානි
(තපඤ්ඤමණිදණ්ඩානි (සී. පී.), සුවණ්ණමණිදණ්ඩානි (ස්‍යා. ක.)), චරන්ති දුභතො මුඛං.
|
972
“සත්රුවණින් විසිතුරුවූද මෘදුවූද රත්රනින් හා මිණියෙන් කරණලද දඬු ඇත්තාවූද මොණරපිල ගත් අත් ඇත්තාහු කවරෙකුගේ මුහුණ දෙපසින් හැසිරෙද්ද?
|
973
‘‘ඛදිරඞ්ගාරවණ්ණාභා, උක්කාමුඛපහංසිතා;
කස්සෙතෙ කුණ්ඩලා වග්ගූ, සොභන්ති දුභතො මුඛං.
|
973
“දිළිසෙන කිහිරි අඟුරු බඳු පැහැඇති කඹුරු උදුනෙහි ඔපදමන ලද්දාවූ මනහරවූ මේ කුණ්ඩලාභරණයෝ කවරෙකුගේ මුඛය දෙපසින් බබළත්ද?
|
974
‘‘කස්ස වාතෙන ඡුපිතා, නිද්ධන්තා මුදුකාළකා
(මුදුකාළකං (සී.), මුදු කාළිකා (ස්‍යා.));
සොභයන්ති නලාටන්තං, නභා විජ්ජුරිවුග්ගතා.
|
974
“සුළඟින් කම්පා කරණලද සිනිඳුවූ මෘදුවූ කියඹු වැළ අහස පැන නැංගාවූ විදුලියක් මෙන් කවරෙකුගේ නළල් කෙළවර හොබවද්ද?
|
975
‘‘කස්ස එතානි අක්ඛීනි, ආයතානි පුථූනි ච;
කො සොභති විසාලක්ඛො, කස්සෙතං උණ්ණජං මුඛං.
|
975
“දික්වූ පුළුල්වූ මේ ඇස් කවරෙකුගේ ද මහත් ඇස් ඇත්තාවූ මේ කවරෙක් බබළාද? රන් කැඩපතක් බඳු මේ කවරෙකුගේ මුහුණක්ද?
|
976
‘‘කස්සෙතෙ ලපනජාතා
(ලපනජා සුද්ධා (සී. පී.)), සුද්ධා සඞ්ඛවරූපමා;
භාසමානස්ස සොභන්ති, දන්තා කුප්පිලසාදිසා.
|
976
“පිරිසිදු උතුම් සක්පෙති බඳුවූ කථාකරන්නාවූ යමෙකුගේ කොඳ කැකුළු සමානවූ දත් බබළත්ද, එබඳුවූ මේ පිරිසුදුවූ දත් කවරෙකුගේද?
|
977
‘‘කස්ස ලාඛාරසසමා, හත්ථපාදා සුඛෙධිතා;
කො සො බිම්බොට්ඨසම්පන්නො, දිවා සූරියොව භාසති.
|
977
“ලාකඩ දියට බඳු පැහැ ඇති සුවසේ වැඩුනාවූ මේ හස්තපාදයෝ කවරෙකුගේද, බිඹුපල වැනි තොල් ඇත්තාවූ ඒ කවරෙක් නම් දහවල් සූර්‍ය්‍යයා මෙන් බබළාද?
|
978
‘‘හිමච්චයෙ හිමවති
(හෙමවතො (සී. ස්‍යා. පී.)), මහාසාලොව පුප්ඵිතො;
කො
|
978
“හිම ඍතුහුගේ අවසානයෙහි හිමාලයෙහි පිපියාවූ මහත් සල් ගසක්මෙන්, පෙරවි සුදු උතුරු සළු ඇති එන්නාවූ ඒ කවරෙක් අසුරයන් ජයගත්තාවූ සක්දෙව් රජහුමෙන් බබළාද?
|
979
‘‘සුවණ්ණපීළකාකිණ්ණං
කො සො පරිසමොගය්හ, ඊසං ඛග්ගං පමුඤ්චති
(ඊසො ඛග්ගංව මුඤ්චති (සී. පී.), භන්තෙ ඛග්ගං පමුඤ්චති (ස්‍යා.)).
|
979
“ස්වර්ණමය පීලක (බිබිලි) වලින් ගැවැසීගත් මාණික්‍ය කඩුමිටෙන් විසිතුරු කරණ ලද කඩුව පිරිස් මැදට බැස ඒ කවර නම් අධිපතියෙක් මුදාද?
|
980
‘‘සුවණ්ණවිකතා
කො සො ඔමුඤ්චතෙ පාදා, නමො කත්වා මහෙසිනො’’.
|
980
“රණින් කරණ ලද්දාවූ විසිතුරුවූ මනාව කරණ ලද්දාවූ විසිතුරු ගෙතුම් ඇති මිරිවැඩි (සෙරෙප්පු) ඒ කවරෙක් මහර්ෂිවූ ඔබවහන්සේට නමස්කාර කොට පාදයෙන් මුදාදැයි” සාගර බ්‍රහ්මදත්ත රජතෙම පිය රජවූ තාපසයන් ගෙන් ඇසීය.
|
981
‘‘ධතරට්ඨා හි තෙ නාගා, ඉද්ධිමන්තො යසස්සිනො;
සමුද්දජාය උප්පන්නා, නාගා එතෙ මහිද්ධිකා’’ති.
|
981
“ඍද්ධිමත්වූ යශපිරිවර ඇත්තාවූ ඔව්හු ධ්‍රතරාෂ්ට නම් නාරජහුගේ පුත්‍රවූ නාගයෝ වෙත්, මහත් ඍද්ධි ඇත්තාවූ මේ නාගයෝ සමුද්‍රජා නම් මාගේ දුවට උපන්නාවූ පුත්‍රයෝ වෙත්යයි” පියරජතෙම කීයේය.
|
544. චන්දකුමාරජාතකං (7) | 544. ඛණ්ඩහාල ජාතකය |
982
‘‘රාජාසි ලුද්දකම්මො, එකරාජා පුප්ඵවතීයා;
සො පුච්ඡි බ්රහ්මබන්ධුං, ඛණ්ඩහාලං පුරොහිතං මූළ්හං.
|
982
“පෙර පුෂ්පවතී නම් නුවර රෞද්‍රකම් ඇත්තාවූ ඒකරාජයයි ප්රසිද්ධවූ රජෙක්වූයේය. හෙතෙම ඛණ්ඩහාල නම්වූ මූඪවූ පුරෝහිත බ්‍රාහ්මණයා විචාළේය.
|
983
‘සග්ගාන මග්ගමාචික්ඛ
(සග්ගමග්ගමාචික්ඛ (සී. පී.)), ත්වංසි බ්‍රාහ්මණ ධම්මවිනයකුසලො;
යථා ඉතො වජන්ති සුගතිං, නරා පුඤ්ඤානි කත්වාන’.
|
983
“එම්බා බ්‍රාහ්මණය, නුඹ සුචරිත ධර්මයෙහිද ආචාර විනයෙහිද දක්ෂවෙහිය. යම්සේ මනුෂ්‍යයෝ පින්කම්කොට මෙලොවින් සුගතියට යෙද්ද, එසේ දෙව්ලොවට යන මට කියවයි” රජතෙම කීයේය.
|
984
‘අතිදානං දදිත්වාන, අවජ්ඣෙ
එවං වජන්ති සුගතිං, නරා පුඤ්ඤානි කත්වාන’.
|
984
“මහරජ, අතිදාන නම් දානයදී නොනැසිය යුත්තන් නසා මෙසේ මනුෂ්‍යයෝ පින්කොට සුගතියටයෙත්යයි” පුරෝහිත බමුණා කීයේය.
|
985
‘කිං පන තං අතිදානං, කෙ ච අවජ්ඣා ඉමස්මි ලොකස්මිං;
එතඤ්ච ඛො නො අක්ඛාහි, යජිස්සාමි දදාමි
(යජිස්සාම දදාම (සී. පී.)) දානානි’.
|
985
“ඒ අතිදානය නම් කුමක්ද? මේලෝකයෙහි නොනැසිය යුත්තෝ කවරහුද, මෙයද අපට කියව. යාගය කරන්නෙමු. දන්දෙමුයි” රජතෙම කීයේය.
|
986
‘පුත්තෙහි දෙව යජිතබ්බං, මහෙසීහි නෙගමෙහි ච;
උසභෙහි ආජානියෙහි චතූහි, සබ්බචතුක්කෙන දෙව යජිතබ්බං’’’.
|
986
“දෙවයන් වහන්ස, පුත්‍රයන්ගෙන්ද මෙහෙසින්ගෙන්ද සිටුවරුන්ගෙන්ද වෘෂභයන්ගෙන්ද ආජානීය අසුන්ගෙන්ද යන මොවුන් සතර දෙනෙක් බැගින්ගෙණ යාග කටයුතුයි. දෙවයන් වහන්ස, සබ්බ චතුක්ක නම් යාගයක් කටයුතුයයි” පුරෝහිතයා කීයේය.
|
987
‘‘තං සුත්වා අන්තෙපුරෙ, කුමාරා මහෙසියො ච හඤ්ඤන්තු;
එකො අහොසි නිග්ඝොසො, භිස්මා අච්චුග්ගතො සද්දො’’.
|
987
රජකුමරුවෝද මෙහෙසීහුද නසනු ලබත්වායි ‘එය අසා අන්තඃපුරයෙහි උස්ව නැංගාවූ බිහිසුනු ශබ්ද ඇති එකම ඝෝෂාවෙක් වූයේය
|
988
‘‘ගච්ඡථ වදෙථ කුමාරෙ, චන්දං සූරියඤ්ච භද්දසෙනඤ්ච;
සූරඤ්ච වාමගොත්තඤ්ච, පචුරා
(පසුරා (සී. පී. ක.)) කිර හොථ යඤ්ඤත්ථාය.
|
988
“යව්. චන්දකුමාරයාද සුරිය කුමාරයාද භද්දසේන කුමාරයාද වාමහොත්ත ශූරනම් කුමාරයාද යන රජ කුමරුවන්ට යාගය පිණිස එක්තැනකට රැස්වව්යයි කියව්යි” රජ නියම කෙළේය.
|
989
‘‘කුමාරියොපි වදෙථ, උපසෙනං
නන්දඤ්චාපි කුමාරිං, පචුරා
(පසුරා (සී. පී. ක.)) කිර හොථ යඤ්ඤත්ථාය.
|
989
“උපසේනීද කෝකිලාද මුදිතාද නන්දා කුමරියද යන රාජ කුමාරිකාවන්ටද යාගය සඳහා එක්තැනකට රැස්වව්ය කියව්යී” රජතෙම කීයේය.
|
990
‘‘විජයම්පි මය්හං මහෙසිං, එරාවතිං
(එකපතිං (පී.), එරාපතිං (ක.)) කෙසිනිං සුනන්දඤ්ච;
ලක්ඛණවරූපපන්නා, පචුරා කිර හොථ යඤ්ඤත්ථාය.
|
990
“විජයානම් මාගේ මෙහෙසියද ඒ රාවතීද කේශිනීද සුනන්දාද යන උතුම් ලක්ෂණවලින් යුක්තවූ මාගේ මේ මෙහෙසීහුද යාගය සඳහා එක්තැනකට රැස්වව්යයි කියව්යී” රජතෙම කීයේය.
|
991
‘‘ගහපතයො
වඩ්ඪඤ්චාපි ගහපතිං, පචුරා කිර හොථ යඤ්ඤත්ථාය’’.
|
991
පුණ්ණ මුඛය, භද්දියය, සිඟලාය, වද්ධ නම් ගෘහපතියාද යන සිටුවරුන්ටද යාගය සඳහා එක්තැනකට රැස්වව්යී කියව්යයි” රජතෙම කීයේය.
|
992
‘‘තෙ තත්ථ ගහපතයො, අවොචිසුං සමාගතා පුත්තදාරපරිකිණ්ණා;
සබ්බෙව සිඛිනො දෙව කරොහි, අථ වා නො දාසෙ සාවෙහි’’.
|
992
“එහි රැස්වූ අඹුදරුවන් විසින් පිරිවැරූ ඒ ගෘහපතීහු රජුට මෙසේ කීවාහුය. දෙවයන් වහන්ස, අප සියල්ල මුදුනෙහි සිළු තබා දාසයන් කරණු මැනව. තවද අප නොමරා පිරිස් මැද දාසයන්කොට අස්වනු මැනවැයි” කීවාහුය.
|
993
‘‘අභයංකරම්පි මෙ හත්ථිං, නාළාගිරිං අච්චුග්ගතං වරුණදන්තං
(නාළාගිරිං අච්චුතං වරුණදන්තං (සී.), රාජගිරිං අච්චුතවරුණදන්තං (පී.));
ආනෙථ ඛො නෙ ඛිප්පං, යඤ්ඤත්ථාය භවිස්සන්ති.
|
993
“අභයන්කර නම් ඇතුද නාලාගිරිනම් ඇතුද අච්චුත නම් ඇතුද වරුණදන්ත නම් ඇතුද යන ඔවුන් වහා ගෙනෙව්. ඒ ඇත්තු යාගය පිණිස” වන්නාහුය.
|
994
‘‘අස්සරතනම්පි
(අස්සතරම්පි (සී. පී.), අස්සරතනම්පි මෙ (ස්‍යා.)) කෙසිං, සුරාමුඛං පුණ්ණකං විනතකඤ්ච;
ආනෙථ ඛො නෙ ඛිප්පං, යඤ්ඤත්ථාය භවිස්සන්ති.
|
994
“කේශීනම් අශ්වරත්නයද, සුරාමුඛද, පුණ්ණකද, විනතකද යන ඒ අශ්වරත්නයන් වහා ගෙනෙව්” ඒ අශ්වයෝ යාගය පිණිස වන්නාහුය.
|
995
‘‘උසභම්පි
සමූහ
(සමුපා (සී. පී.), සම්මුඛා (ස්‍යා.)) කරොන්තු සබ්බං, යජිස්සාමි දදාමි දානානි.
|
995
“යුථපති නම් වෘෂභයාද, අනෝජ නම් වෘෂභයාද, තිසහ නම් වෘෂභයාද, ගවම්පතී නම් වෘෂභයාද, යන මාගේ ඒ වෘෂභයන්ද ගෙණෙව්. මා විසින් කියනලද මේ සියල්ල ලඟා කෙරෙත්වා. යාගය කරන්නෙමු, දන්දෙමු.
|
996
‘‘සබ්බං
(සබ්බම්පි (ස්‍යා.)) පටියාදෙථ, යඤ්ඤං පන උග්ගතම්හි සූරියම්හි;
ආණාපෙථ ච කුමාරෙ
(ආණාපෙථ චන්දකුමාරෙ (ස්‍යා. ක.)), අභිරමන්තු ඉමං රත්තිං.
|
996
“මේ සියල්ල පිළියෙල කරව්. සූර්‍ය්‍යයා උදාවූ කල්හි යාගය කරන්නෙමු. මේ රාත්‍රීය අභිරමණය කෙරෙත්වායි රජකුමරුවන්ටද අණකරව්.
|
997
‘‘සබ්බං
(සබ්බම්පි (ස්‍යා.)) උපට්ඨපෙථ, යඤ්ඤං පන උග්ගතම්හි සූරියම්හි;
වදෙථ දානි කුමාරෙ, අජ්ජ ඛො
(වො (පී.)) පච්ඡිමා රත්ති’’.
|
997
“සෙසු සියලු යාග උපකරණද ලන්කොට තබව්. යාගය වනාහි හිරුඋදාවූ කල්හි උදෑසනම කරන්නෙමි. අද නුඹලාගේ අන්තිම රාත්‍රීයයි දැන් රජකුමරුවන්ට කියව්යි” රජතෙම කීයේය.
|
998
‘‘තංතං මාතා අවච, රොදන්තී ආගන්ත්වා විමානතො;
යඤ්ඤො කිර තෙ පුත්ත, භවිස්සති චතූහි පුත්තෙහි’’.
|
998
තමා උන් විමානයෙන් ආවාවූ රජුගේ මව්තොමෝ හඬමින් ඒ මේ රජුට මෙසේ කීය. “එම්බා පුත්‍රය, ඔබගේ පුතුන් සතර දෙනාගෙන් යාග කිරීමක් නම් වන්නේ දැයි” ඇසීය.
|
999
‘‘සබ්බෙපි මය්හං පුත්තා චත්තා, චන්දස්මිං හඤ්ඤමානස්මිං;
පුත්තෙහි යඤ්ඤං යජිත්වාන, සුගතිං සග්ගං ගමිස්සාමි’’.
|
999
“චන්ද්රකුමරු නසනු ලබන කල්හි මාගේ සියලුම පුත්‍රයෝ යාගය පිණිස හරණලදහ. පුතුන් කරණකොට ගෙණ යාගය කොට සුගති නම් දෙව්ලොවට යන්නෙමියි” රජතෙම කීයේය.
|
1000
‘‘මා තං
(මා (සී. පී.)) පුත්ත සද්දහෙසි, සුගති කිර හොති පුත්තයඤ්ඤෙන;
නිරයානෙසො මග්ගො, නෙසො මග්ගො හි සග්ගානං.
|
1000
“එම්බා පුත්‍රය, දරුවන් මරා යාග කිරීමෙන් සුගතියක් නම් වේයයි නොඅදහව. සතර අපායට මේ මාර්ගයවේ. මෙතෙම ස්වර්ගයන්ට මාර්ගය නොවේ
|
1001
‘‘දානානි
එස මග්ගො සුගතියා, න ච මග්ගො පුත්තයඤ්ඤෙන’’.
|
1001
“කොණ්ඩඤ්ඤ ගොත්‍ර ඇති පුත්‍රය, දන්දෙව. ඇතිවූද ඇතිවිය යුතුවූද සියලු සත්වයන්ට අවිහිංසාකරව. මෙතෙම සුගතියට යන මාර්ගයවේ. දරුවන් මරා කරණ යාගයෙන් ස්වර්ගයට යන මාර්ගයක් නැත්තේයයි” මව කීය.
|
1002
‘‘ආචරියානං
පුත්තෙහි යඤ්ඤං
(පුත්තෙහි (සී. ස්‍යා. පී.)) යජිත්වාන දුච්චජෙහි, සුගතිං සග්ගං ගමිස්සාමි’’.
|
1002
“මෑනියෙනි, පුරෝහිතාචාරීන්ගේ කීමෙන් චන්ද කුමරුද සුරිය කුමරුද නසන්නෙමි. අත්නොහැරිය හැකිවූ පුතුන් කරණකොටගෙණ යාගකොට සුගති නම් දෙව්ලොවට යන්නෙමියි” රජතෙම කීයේය.
|
1003
‘‘තංතං පිතාපි අවච, වසවත්තී ඔරසං සකං පුත්තං;
යඤ්ඤො කිර තෙ පුත්ත, භවිස්සති චතූහි පුත්තෙහි’’.
|
1003
“ඉක්බිති වසවර්ති නම් පිය රජතෙමේද ස්වකීය ඖරශපුත්රවූ ඒ මේ රජුට එම්බා පුත්‍රය, දරුවන් සතරදෙනා මරා ඔබගේ යාග කිරීමක් වන්නේදැයි” කීයේය.
|
1004
‘‘සබ්බෙපි මය්හං පුත්තා චත්තා, චන්දස්මිං හඤ්ඤමානස්මිං;
පුත්තෙහි යඤ්ඤං යජිත්වාන, සුගතිං සග්ගං ගමිස්සාමි’’.
|
1004
“චන්ද්රකුමරු නසනු ලබන කල්හි මාගේ සියලුම පුත්‍රයෝ යාගය පිණිස හරණලදහ. පුතුන් කරණකොට ගෙණ යාගය කොට සුගති නම් දෙව්ලොවට යන්නෙමියි” රජතෙම කීයේය.
|
1005
‘‘මා තං පුත්ත සද්දහෙසි, සුගති කිර හොති පුත්තයඤ්ඤෙන;
නිරයානෙසො මග්ගො, නෙසො මග්ගො හි සග්ගානං.
|
1005
“එම්බා පුත්‍රය, දරුවන් මරා යාග කිරීමෙන් සුගතියක් නම් වේයයි නොඅදහව. සතර අපායට මේ මාර්ගයවේ. මෙතෙම ස්වර්ගයන්ට මාර්ගය නොවේ
|
1006
‘‘දානානි
එස මග්ගො සුගතියා, න ච මග්ගො පුත්තයඤ්ඤෙන’’.
|
1006
“කොණ්ඩඤ්ඤ ගොත්‍ර ඇති පුත්‍රය, දන්දෙව. ඇතිවූද ඇතිවිය යුතුවූද සියලු සත්වයන්ට අවිහිංසාකරව. මෙතෙම සුගතියට යන මාර්ගයවේ. දරුවන් මරා කරණ යාගයෙන් ස්වර්ගයට යන මාර්ගයක් නැත්තේයයි” මව කීය.
|
1007
‘‘ආචරියානං වචනා, ඝාතෙස්සං චන්දඤ්ච සූරියඤ්ච;
පුත්තෙහි යඤ්ඤං යජිත්වාන දුච්චජෙහි, සුගතිං සග්ගං ගමිස්සාමි’’.
|
1007
“පියාණෙනි පුරෝහිතාචාරීන්ගේ කීමෙන් චන්ද කුමරුද සුරිය කුමරුද නසන්නෙමි. අත්නොහැරිය හැකිවූ පුතුන් කරණකොටගෙණ යාගකොට සුගති නම් දෙව්ලොවට යන්නෙමියි” රජතෙම කීයේය.
|
1008
‘‘දානානි දෙහි කොණ්ඩඤ්ඤ, අහිංසා සබ්බභූතභබ්යානං;
පුත්තපරිවුතො තුවං, රට්ඨං ජනපදඤ්ච පාලෙහි’’.
|
1008
“කොණ්ඩඤ්ඤ ගොත්‍ර ඇත්තාවූ පුත්‍රය දන්දෙව්. සියලු සත්වයන්ට හිංසානොකරව. පුත්‍රයන් විසින් පිරිවරණ ලද්දාවූ නුඹ සියලු කශීරටද ජනපදද රක්‍ෂාකරවයි” පියරජ තෙම කීයේය.
|
1009
‘‘මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස;
අපි නිගළබන්ධකාපි, හත්ථී අස්සෙ ච පාලෙම.
|
1009
“දෙවයන් වහන්ස, අප නොනැසුව මැනව. ඛණ්ඩහාල නම් පුරෝහිතයාට අප දාසයන් කොට දුනමැනව. මහදම්වැලින් බැන්දාවූද අපි ඇතුන්ද අසුන්ද රක්ෂා කරමු.
|
1010
‘‘මා
අපි නිගළබන්ධකාපි, හත්ථිඡකණානි උජ්ඣෙම.
|
1010
මහදම්වැලින් බැන්දාවූද අපි ඇතුන්ද අසුන්ද රක්ෂා කරමු. දම්වැල්වලින් බැන්දාවූද අපි ඇත්වසුරු හැරදමන්නෙමු.
|
1011
‘‘මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස;
අපි නිගළබන්ධකාපි, අස්සඡකණානි උජ්ඣෙම.
|
1011
මහදම්වැලින් බැන්දාවූද අපි ඇතුන්ද අසුන්ද රක්ෂා කරමු. දම්වැලින් බැන්දාවූද, අපි අස්වසුරු එක්කොට හැරදමන්නෙමු.
|
1012
‘‘මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස
(ඉදං පදං සී. පී. පොත්ථකෙසු නත්ථි);
යස්ස හොන්ති තව කාමා, අපි රට්ඨා පබ්බාජිතා;
භික්ඛාචරියං චරිස්සාම’’.
|
1012
“දෙවයන් වහන්ස, අප නොමැරුව මැනව. යමෙකුට දෙන්ට ඔබගේ කැමැත්තවෙත් නම් ඔහුට අප දාසයන් කොට දෙනුමැනව. තවද රටින් පිටකරණ ලද්දාවූ අපි පිඩුසිඟමින් හැසිරෙන්නෙමුයි” චන්ද කුමරු කීයේය.
|
1013
‘‘දුක්ඛං
මුඤ්චෙථ
(මුඤ්චථ (සී. පී.)) දානි කුමාරෙ, අලම්පි මෙ හොතු පුත්තයඤ්ඤෙන’’.
|
1013
“ජීවිතයට කැමැත්තෙන් වැළපෙන්නාහු මට වනාහි දුක උපදවන්නහුය. දැන් ඒ කුමරුන් මුඳාහරිව්. දරුවන් මරා කරණ යාගයෙන් මට කම්නැත්තක්ද වේවායි” රජතෙම කීයේය
|
1014
‘‘පුබ්බෙව ඛොසි මෙ වුත්තො, දුක්කරං දුරභිසම්භවඤ්චෙතං;
අථ නො උපක්ඛටස්ස යඤ්ඤස්ස, කස්මා කරොසි වික්ඛෙපං.
|
1014
“මහරජ, මේ යාගය කළනොහැකිය. ලැබිය නොහැකියයි, පළමුකොට කියන ලද්දේවෙහිය. දැන් අප විසින් පිළියෙල කළාවූ යාගයාගේ වැළැක්ම කෙරෙහිය.
|
1015
‘‘සබ්බෙ වජන්ති සුගතිං, යෙ යජන්ති යෙපි යාජෙන්ති;
යෙ චාපි අනුමොදන්ති, යජන්තානං එදිසං මහායඤ්ඤං’’.
|
1015
“යම්කෙනෙක් යාගකෙරෙද්ද, යම්කෙනෙකුත් යාගය කරවද්ද, මෙබඳු මහත් යාගයක් කරන්නවුන්ගේ ඒ යාගය යම්කෙනෙකුත් අනුමෝදන්වෙද්ද, ඒ සියල්ලෝ සුගතියට පැමිණෙත්යයි” පුරෝහිත තෙම කීයේය.
|
1016
‘‘අථ කිස්ස ජනො
(ච නො (සී. ස්‍යා. පී.)) පුබ්බෙ, සොත්ථානං බ්රාහ්මණෙ අවාචෙසි;
අථ නො අකාරණස්මා, යඤ්ඤත්ථාය දෙව ඝාතෙසි.
|
1016
“පියාණෙනි, මෙසේ ඇතිකල්හි බමුණුතෙම පළමු කුමකට අපගේ සුවපත්බව කීයේද? එසේ ඇතිකල්හි කුමට අප නිකරුණේ යාගය පිණිස නසන්නෙහිද,
|
1017
‘‘පුබ්බෙව නො දහරකාලෙ
(දහරකෙ සමානෙ (සී. පී.)), න හනෙසි
(න මාරෙසි (සී. පී.)) න ඝාතෙසි;
දහරම්හා යොබ්බනං පත්තා, අදූසකා තාත හඤ්ඤාම.
|
1017
“මහරජ, ඉදින් අප මරණු කැමැත්තෙහි නම් පළමුකොටම ලදරුවුම අප නොනැසුයෙහිද, නොමැරවූයෙහිද, දැන් යෞවනයට පැමිණියාවූ තරුණයෝවෙමු. පියාණෙනි, ඔබට දොසක් නැත්තාවූ අප කුමට නසනු ලබම්ද,
|
1018
‘‘හත්ථිගතෙ අස්සගතෙ, සන්නද්ධෙ පස්ස නො මහාරාජ;
යුද්ධෙ වා යුජ්ඣමානෙ වා, න හි මාදිසා සූරා හොන්ති යඤ්ඤත්ථාය.
|
1018
“මහරජ, ඇතුන්පිට නැංගාවූද අසුන්පිට නැංගාවූද යුද්ධයට සැරසුනාවූ යුද්ධයක් පැමිණි කල්හි යුද්ධ කරන්නාවූ අප සතර දෙනා බලනු මැනව. අප වැනි ශූරයෝ යාග පිණිස සුදුසු නොවෙත්.
|
1019
‘‘පච්චන්තෙ වාපි කුපිතෙ, අටවීසු වා මාදිසෙ නියොජෙන්ති;
අථ නො අකාරණස්මා, අභූමියං තාත හඤ්ඤාම.
|
1019
“පියාණෙනි, පසල් දනව්ව කිපුන කල්හි හෝ වනචාරී සොරුන් ඇතිවූ කල්හි හෝ අප වැන්නවුන් යොදවත්. එසේ ඇතිකල්හි නිකරුනේ අප අනවකාශයෙහිම කුමක් හෙයින් නසනු ලබම්ද,
|
1020
‘‘යාපි
තාසම්පි පියා පුත්තා, අථ නො ත්වං දෙව ඝාතෙසි.
|
1020
“පියාණෙනි, යම් ඒ පක්ෂීහු තෘණමය කැදලිකොට වාසය කෙරෙද්ද, ඔවුන්ට පවා දරුවෝ ප්‍රියවෙත්. දේවයන් වහන්ස, එසේ ඇතිකල්හි නුඹ අප මරවන්නෙහිය.
|
1021
‘‘මා තස්ස සද්දහෙසි, න මං ඛණ්ඩහාලො ඝාතෙය්ය;
මමඤ්හි
|
1021
“ඛණ්ඩහාල බ්‍රාහ්මණතෙම මා නොමරන්නේය. යන ඔහුගේ කීම නොඅදහනු මැනවි. දේවයන් වහන්ස හෙතෙම වනාහි මා මරා අනතුරුව ඔබද මරන්නේය.
|
1022
‘‘ගාමවරං නිගමවරං දදන්ති, භොගම්පිස්ස මහාරාජ;
අථග්ගපිණ්ඩිකාපි, කුලෙ කුලෙ හෙතෙ භුඤ්ජන්ති.
|
1022
“මහරජ, ගම්වරද නියම්ගම්වරද සම්පත්ද මොහුට දෙත්. තවද අග්‍රපිණ්ඩය ලබන්නාහුද මොව්හු ගෙයක් පාසාම අනුභව කරත්.
|
1023
‘‘තෙසම්පි තාදිසානං, ඉච්ඡන්ති දුබ්භිතුං මහාරාජ;
යෙභුය්යෙන එතෙ, අකතඤ්ඤුනො බ්රාහ්මණා දෙව.
|
1023
“මහරජ, එබඳුවූ ඔවුන්ටද මොව්හු ද්‍රෝහ කරන්ට කැමති වෙත්. දෙවයන් වහන්ස, මේ බමුණෝ බොහෝ සෙයින් අකෘතඥ වෙත්.
|
1024
‘‘මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස;
අපි නිගළබන්ධකාපි, හත්ථී අස්සෙ ච පාලෙම.
|
1024
“දෙවයන් වහන්ස, අප නොනැසුව මැනව. ඛණ්ඩහාල නම් පුරෝහිතයාට අප දාසයන් කොට දුනමැනව. මහදම්වැලින් බැන්දාවූද අපි ඇතුන්ද අසුන්ද රක්ෂා කරමු.
|
1025
‘‘මා
අපි නිගළබන්ධකාපි, හත්ථිඡකණානි උජ්ඣෙම.
|
1025
මහදම්වැලින් බැන්දාවූද අපි ඇතුන්ද අසුන්ද රක්ෂා කරමු. දම්වැල්වලින් බැන්දාවූද අපි ඇත්වසුරු හැරදමන්නෙමු.
|
1026
‘‘මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස;
අපි නිගළබන්ධකාපි, අස්සඡකණානි උජ්ඣෙම.
|
1026
මහදම්වැලින් බැන්දාවූද අපි ඇතුන්ද අසුන්ද රක්ෂා කරමු. දම්වැලින් බැන්දාවූද, අපි අස්වසුරු එක්කොට හැරදමන්නෙමු.
|
1027
‘‘මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස;
යස්ස හොන්ති තව කාමා, අපි රට්ඨා පබ්බාජිතා;
භික්ඛාචරියං චරිස්සාම’’.
|
1027
“දෙවයන් වහන්ස, අප නොමැරුව මැනව. යමෙකුට දෙන්ට ඔබගේ කැමැත්තවෙත් නම් ඔහුට අප දාසයන් කොට දෙනුමැනව. තවද රටින් පිටකරණ ලද්දාවූ අපි පිඩුසිඟමින් හැසිරෙන්නෙමුයි” චන්ද කුමරු කීයේය.
|
1028
‘‘දුක්ඛං ඛො මෙ ජනයථ, විලපන්තා ජීවිතස්ස කාමා හි;
මුඤ්චෙථ දානි කුමාරෙ, අලම්පි මෙ හොතු පුත්තයඤ්ඤෙන’’.
|
1028
“ජීවිතයට කැමැත්තෙන් වැළපෙන්නාහු මට වනාහි දුක උපදවන්නහුය. දැන් ඒ කුමරුන් මුඳාහරිව්. දරුවන් මරා කරණ යාගයෙන් මට කම්නැත්තක්ද වේවායි” රජතෙම කීයේය
|
1029
‘‘පුබ්බෙව ඛොසි මෙ වුත්තො, දුක්කරං දුරභිසම්භවඤ්චෙතං;
අථ නො උපක්ඛටස්ස යඤ්ඤස්ස, කස්මා කරොසි වික්ඛෙපං.
|
1029
“මහරජ, මේ යාගය කළනොහැකිය. ලැබිය නොහැකියයි, පළමුකොට කියන ලද්දේවෙහිය. දැන් අප විසින් පිළියෙල කළාවූ යාගයාගේ වැළැක්ම කෙරෙහිය.
|
1030
‘‘සබ්බෙ වජන්ති සුගතිං, යෙ යජන්ති යෙපි යාජෙන්ති;
යෙ චාපි අනුමොදන්ති, යජන්තානං එදිසං මහායඤ්ඤං’’.
|
1030
“යම්කෙනෙක් යාගකෙරෙද්ද, යම්කෙනෙකුත් යාගය කරවද්ද, මෙබඳු මහත් යාගයක් කරන්නවුන්ගේ ඒ යාගය යම්කෙනෙකුත් අනුමෝදන්වෙද්ද, ඒ සියල්ලෝ සුගතියට පැමිණෙත්යයි” පුරෝහිත තෙම කීයේය.
|
1031
‘‘යදි
බ්රාහ්මණො තාව යජතු, පච්ඡාපි යජසි තුවං රාජා.
|
1031
“ඉදින් වනාහි දරුවන් කරණකොට ගෙණ යාගකොට මෙයින් චුතවූවාහු දෙව්ලොවට යෙත් නම් බ්‍රාහ්මණ තෙම පළමුකොට එසේ යාගය කෙරේවා. මහරජ, නුඹද පසුව යාගය කරණු මැනව.
|
1032
‘‘යදි කිර යජිත්වා පුත්තෙහි, දෙවලොකං ඉතො චුතා යන්ති;
එස්වෙව ඛණ්ඩහාලො, යජතං සකෙහි පුත්තෙහි.
|
1032
“ඉදින් වනාහි දරුවන් කරණ කොටගෙණ යාගකොට මෙයින් චුතවූවාහු දෙව්ලොවට යෙත් නම් මේ ඛණ්ඩහාලනම් පුරෝහිත තෙමේද ස්වකීය දරුවන් මරා යාග කෙරේවා.
|
1033
‘‘එවං ජානන්තො ඛණ්ඩහාලො, කිං පුත්තකෙ න ඝාතෙසි;
සබ්බඤ්ච ඤාතිජනං, අත්තානඤ්ච න ඝාතෙසි.
|
1033
“ඛණ්ඩහාලතෙමේ මෙසේ දන්නේ කුමක්හෙයින් දරුවන් නොනැසීද, සියලු ඤාති ජනයාත් තමනුත් නොනැසීද,
|
1034
‘‘සබ්බෙ
යෙ චාපි අනුමොදන්ති, යජන්තානං එදිසං මහායඤ්ඤං.
|
1034
“යම් කෙනෙක් යාග කෙරෙද්ද යම් කෙනෙකුත් යාගය කරවද්ද, යම් කෙනෙකුත් යාග කරන්නවුන්ගේ මෙබඳුවූ මහා යාගයක් අනුමෝදන් වෙද්ද, ඒ සියල්ලෝ නරකයට යෙත්යයි” චන්ද කුමාරතෙම කීයේය.
|
1035
(අයං ගාථා සී. ස්‍යා. පී. පොත්ථකෙසු න දිස්සති) ‘‘සචෙ හි සො සුජ්ඣති යො හනාති, හතොපි සො සග්ගමුපෙති ඨානං;
භොවාදි භොවාදින මාරයෙය්යුං, යෙ චාපි තෙසං අභිසද්දහෙය්යුං’’
(අයං ගාථා සී. ස්‍යා. පී. පොත්ථකෙසු න දිස්සති).
|
1035 |
1036
‘‘කථඤ්ච කිර පුත්තකාමායො, ගහපතයො ඝරණියො ච;
නගරම්හි න උපරවන්ති රාජානං, මා ඝාතයි ඔරසං පුත්තං.
|
1036
“නගරයෙහි දරුවන් කැමතිවූ ගෘහපතීහුද ඔවුන්ගේ භාර්‍ය්‍යාවෝද ඖරශ පුත්‍රයා නොමරවයි කෙසේනම් රජුට දොස් පැවරීම නොකෙරෙද්ද,
|
1037
‘‘කථඤ්ච
නගරම්හි න උපරවන්ති රාජානං, මා ඝාතයි අත්රජං පුත්තං.
|
1037
“නගරයෙහි දරුවන් කැමතිවූ ගෘහපතීහුද ඔවුන්ගේ භාර්‍ය්‍යාවෝද තමහට දාවූ පුත්‍රයා නොමරවයි කෙසේ නම් රජුට නොකියද්ද,
|
1038
‘‘රඤ්ඤො චම්හි අත්ථකාමො, හිතො ච සබ්බජනපදස්ස
(සබ්බදා ජනපදස්ස (සී. පී.));
න කොචි අස්ස පටිඝං, මයා ජානපදො න පවෙදෙති’’.
|
1038
“මම රජුට වැඩ කැමැත්තේවෙමි. සියලු කල්හි ජනපදයට හිත ඇත්තේද වෙමි. කිසිවෙක් මා හා ක්‍රෝධ නොකරන්නේය. එසේ ඇති කල්හි ජනපද වැසිතෙම මෙය රජුට නොකියා යයි” චන්ද කුමරු කීයේය.
|
1039
‘‘ගච්ඡථ
මා ඝාතෙථ කුමාරෙ, අදූසකෙ සීහසඞ්කාසෙ.
|
1039
“භාර්ය්යාවරුනි තෙපි යව්, පිය රජුටද ඛණ්ඩහාල නම් පුරෝහිතයාටද දෝෂයක් නැත්තාවූ සිංහයන් හා සමාන වූ රජ කුමරුවන් නොමරව්යයි කියව්.
|
1040
‘‘ගච්ඡථ වො ඝරණියො, තාතඤ්ච වදෙථ ඛණ්ඩහාලඤ්ච;
මා ඝාතෙථ කුමාරෙ, අපෙක්ඛිතෙ සබ්බලොකස්ස’’.
|
1040
“භාර්ය්යාවරුනි, තෙපි යව්. ඒකරාජ නම් පිය රජුටද ඛණ්ඩහාල නම් පුරෝහිතයාටද සියලු ලෝවැස්සාගේ බලාපොරොත්තු ඇත්තාවූ රජකුමරුවන් නොමරව්යයි කියව් යයි” කීයේය.
|
1041
‘‘යං නූනාහං ජායෙය්යං, රථකාරකුලෙසු වා;
පුක්කුසකුලෙසු වා වෙස්සෙසු වා ජායෙය්යං;
න හජ්ජ මං රාජ යඤ්ඤෙ
(යඤ්ඤත්ථාය (සී. පී.)) ඝාතෙය්ය’’.
|
1041
“මම සොම්මර කුලයෙහි හෝ පුප්සඬු කුලයෙහි හෝ උපන්නෙම් නම් යෙහෙකි. කුළුපොතු කුලයෙහි හෝ උපන්නෙම් රජතෙමේ අද මා යාගය පිණිස නොමරන්නේ යයි” කුමාරතෙම කීයේය.
|
1042
‘‘සබ්බා සීමන්තිනියො ගච්ඡථ, අය්යස්ස ඛණ්ඩහාලස්ස;
පාදෙසු නිපතථ, අපරාධාහං න පස්සාමි.
|
1042
“සියලු ස්ත්‍රීහු යව් ඛණ්ඩහාල නම් පුරෝහිත බ්‍රාහ්මණයාගේ පා ලඟ වැටී කියව්. අපගේ අපරාධයක් මම නොදකිමි.
|
1043
‘‘සබ්බා සීමන්තිනියො ගච්ඡථ, අය්යස්ස ඛණ්ඩහාලස්ස;
පාදෙසු නිපතථ, කින්තෙ භන්තෙ මයං අදූසෙම’’.
|
1043
“සියලු ස්ත්‍රීහු යව්. ඛණ්ඩහාල නම් පුරෝහිත බ්‍රාහ්මණයාගේ පා ලඟ පෙරලෙව් ‘ස්වාමීනි, ඔබට අපි කිනම් දෝෂයක් කෙළෙමුදැයි’ අසව්යී” කීයේය.
|
1044
‘‘කපණා
(කපණං (සී. පී.)) විලපති සෙලා, දිස්වාන භාතරෙ
(භාතරො (සී. ස්‍යා. පී. ක.)) උපනීතත්තෙ;
යඤ්ඤො කිර මෙ උක්ඛිපිතො, තාතෙන සග්ගකාමෙන’’.
|
1044
සේලානම් කුමරිය පැමිණියාවූ මෙබඳු ස්වභාව ඇති සහෝදරයන් දැක “දෙව්ලොව යනු කැමැත්තාවූම පියාණෙනි, ඔබ විසින් මේ යාගය නංවන ලද්දේදැයි” බැගෑපත්ව වැළපුණීය.
|
1045
‘‘ආවත්ති පරිවත්ති ච, වසුලො සම්මුඛා රඤ්ඤො;
මා නො පිතරං අවධි, දහරම්හා යොබ්බනං පත්තා’’.
|
1045
“වාසල නම් චන්ද කුමරුගේ පුත් කුමරුතෙම “අපි ලදරුවෝ වෙමු. යෞවන බවට නොපැමිණියෙමු. අපගේ පියා නොමරවයි” වැළපෙමින් රජුගේ ඉදිරියෙහි ඉදිරියටද පෙරළුනේය. ආපසුද පෙරළුනේය.
|
1046
‘‘එසො තෙ වසුල පිතා, සමෙහි පිතරා සහ;
දුක්ඛං ඛො මෙ ජනයසි, විලපන්තො අන්තෙපුරස්මිං;
මුඤ්චෙථ දානි කුමාරෙ, අලම්පි මෙ හොතු පුත්තයඤ්ඤෙන’’.
|
1046
“වාසුලය, ඔබගේ මේ පියාවේ. පියා සනසව අන්තඃපුරයෙහි වැළපෙමින් මට වනාහි දුක් උපදවන්නේය. දැන් රජකුමරුන් මුදා හරිව්. පුත්‍රයන් මරා කරණ යාගයෙන් මට කම් නැත්තක්ද වේවායි” රජතෙම කීයේය.
|
1047
‘‘පුබ්බෙව ඛොසි මෙ වුත්තො, දුක්කරං දුරභිසම්භවඤ්චෙතං;
අථ
|
1047
“මහරජ, මේ යාගය කළනොහැකිය. ලැබිය නොහැකියයි, පළමුකොට කියන ලද්දේවෙහිය. දැන් අප විසින් පිළියෙල කළාවූ යාගයාගේ වැළැක්ම කෙරෙහිය.
|
1048
‘‘සබ්බෙ
යෙ චාපි අනුමොදන්ති, යජන්තානං එදිසං මහායඤ්ඤං’’.
|
1048
“යම්කෙනෙක් යාගකෙරෙද්ද, යම්කෙනෙකුත් යාගය කරවද්ද, මෙබඳු මහත් යාගයක් කරන්නවුන්ගේ ඒ යාගය යම්කෙනෙකුත් අනුමෝදන්වෙද්ද, ඒ සියල්ලෝ සුගතියට පැමිණෙත්යයි” පුරෝහිත තෙම කීයේය.
|
1049
‘‘සබ්බරතනස්ස
අභිනික්ඛමස්සු දෙව, සග්ගං ගතො ත්වං පමොදිස්සසි’’.
|
1049
“ඒකරාජ නම් මහරජ. ඔබගේ මේ යාගයතෙම සියලු රත්නයන්ගෙන් සරසා පිළියෙළ කරණ ලද්දේය. දේවයන් වහන්ස, ඒ සඳහා දැන් නික්මෙනු මැනව. දෙව් ලොවට ගියාවූ ඔබ සතුටුවන්නෙහි යයි” පුරෝහිතතෙම කීයේය.
|
1050
‘‘දහරා සත්තසතා එතා, චන්දකුමාරස්ස භරියායො;
කෙසෙ පකිරිත්වාන
(පරිකිරිත්වාන (සී. පී.), විකිරිත්වාන (ස්‍යා. ක.)), රොදන්තියො මග්ගමනුයායිංසු
(මග්ගමනුයන්ති (සී. පී.), මග්ගමනුයායන්ති (ස්‍යා.)).
|
1050
තරුණවූ සත් සියයක් පමණ චන්ද කුමරුගේ මේ ස්ත්රිහු වනාහි හිසකේ මුදාගෙණ හඬමින් මාර්ගයෙහි ඔහු අනුව යත්.
|
1051
‘‘අපරා පන සොකෙන, නික්ඛන්තා නන්දනෙ විය දෙවා;
කෙසෙ පකිරිත්වාන
(පරිකිරිත්වාන (සී. පී.), විකිරිත්වාන (ස්‍යා. ක.)), රොදන්තියො මග්ගමනුයායිංසු’’
(මග්ගමනුයන්ති (සී. පී.), මග්ගමනුයායන්ති (ස්‍යා.)).
|
1051
ශෝකයෙන් නික්මුණාවූ අන්‍ය ස්ත්‍රීහු වනාහි නන්දන වනයෙහි චුතවන දිව්‍ය පුත්‍රයෙකු පිරිවැරූ දෙව්දූන් මෙන් හිසකේ මුදාගෙණ හඬමින් මාර්ගයෙහි ඔහු අනුව යෙත්.
|
1052
‘‘කාසිකසුචිවත්ථධරා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා;
නිය්යන්ති චන්දසූරියා, යඤ්ඤත්ථාය එකරාජස්ස.
|
1052
පවිත්‍රවූ කශී සළු දරන්නාවූ පැළඳි කුණ්ඩලාභරණ ඇත්තාවූ අගිල් සඳුන් ගල්වන ලද්දාවූ චන්ද්‍ර කුමාරයා හා සූර්ය්ය කුමාරයාද යන දෙදෙනා ඒකරාජ නම් රජුගේ යාගය සඳහා ගෙණයනු ලබත්.
|
1053
‘‘කාසිකසුචිවත්ථධරා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා;
නිය්යන්ති චන්දසූරියා, මාතු කත්වා හදයසොකං.
|
1053
පවිත්‍රවූ කශී සළු දරන්නාවූ පැළඳි කුණ්ඩලාභරණ ඇත්තාවූ අගිල් සඳුන් ගල්වන ලද්දාවූ චන්ද්‍ර කුමාරයා හා සූර්ය්ය කුමාරයාද යන දෙදෙනා මවගේ හෘදයෙහි ශෝකය ඇතිකොට ගෙනයනු ලබත්.
|
1054
‘‘කාසිකසුචිවත්ථධරා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා;
නිය්යන්ති චන්දසූරියා, ජනස්ස කත්වා හදයසොකං.
|
1054
පවිත්‍රවූ කශී සළු දරන්නාවූ පැළඳි කුණ්ඩලාභරණ ඇත්තාවූ අගිල් සඳුන් ගල්වන ලද්දාවූ චන්ද්‍ර කුමාරයා හා සූර්ය්ය කුමාරයාද යන දෙදෙනා මහජනයාගේ හෘදයෙහි ශෝකය ඇතිකොට ගෙණයනු ලබත්.
|
1055
‘‘මංසරසභොජනා න්හාපකසුන්හාපිතා
(නහාපකසුනහාතා (පී.)), කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා;
නිය්යන්ති චන්දසූරියා, යඤ්ඤත්ථාය එකරාජස්ස.
|
1055
මස් රශ බුදින්නාවූ කරනැවෑමියන් විසින් මනා කොට නහවන ලද්දාවූ පැළඳි කුණ්ඩලාභරණ ඇත්තාවූ අඟිල් සඳුන් සුවඳ ගල්වන ලද්දාවූ චන්දය සූරියය යන කුමරුවෝ ඒකරාජනම් රජුගේ යාගය පිණිස මවගේ හෘදයෙහි ශෝකය ඇතිකොට ගෙණයනු ලබත්.
|
1056
(ඉමා ද්වෙ ගාථා නත්ථි පී පොත්ථකෙ) ‘‘මංසරසභොජනා න්හාපකසුන්හාපිතා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා;
නිය්යන්ති චන්දසූරියා, මාතු කත්වා හදයසොකං.
|
1056 |
1057
‘‘මංසරසභොජනා න්හාපකසුන්හාපිතා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා;
නිය්යන්ති
|
1057
මස් රශ බුදින්නාවූ කරනැවෑමියන් විසින් මනා කොට නහවන ලද්දාවූ පැළඳි කුණ්ඩලාභරණ ඇත්තාවූ අඟිල් සඳුන් සුවඳ ගල්වන ලද්දාවූ චන්දය සූරියය යන කුමරුවෝ මහජනයාගේ හෘදයෙහි ශෝකය ඇතිකොට ගෙණයනු ලබත්.
|
1058
‘‘යස්සු පුබ්බෙ හත්ථිවරධුරගතෙ, හත්ථීහි
(හත්ථිකා (ස්‍යා.), පත්තිකා (පී.)) අනුවජන්ති;
ත්යජ්ජ චන්දසූරියා, උභොව පත්තිකා යන්ති.
|
1058
සැරසූ ඇතුන් පිට නැංගාවූ යම් කෙනෙක් පෙර ඇතුන් පිටින් අනුගමනය කෙරෙද්ද, අද ඒ චන්දය සූරියය යන කුමාරයෝ දෙදෙනම පයින් යන්නාහු ගමන් කෙරෙත්.
|
1059
‘‘යස්සු
ත්යජ්ජ චන්දසූරියා, උභොව පත්තිකා යන්ති.
|
1059
පෙර යම් කෙනෙක් උතුම් අසුන් පිට නැංගාහු අසුන් පිටින් අනුගමනය කෙරෙද්ද, අද ඒ චන්දය සූරියය යන කුමාරයෝ දෙදෙනම පයින් යන්නාහු ගමන් කෙරෙත්.
|
1060
‘‘යස්සු පුබ්බෙ රථවරධුරගතෙ, රථෙහි
(රථිකා (ස්‍යා.), පත්තිකා (පී.)) අනුවජන්ති;
ත්යජ්ජ චන්දසූරියා, උභොව පත්තිකා යන්ති.
|
1060
යම් කෙනෙක් පෙර උතුම් රථවලට නැංගාහු රථවලින් ගමන් කෙරෙද්ද, අද ඒ චන්දය සූරියය යන කුමාරයෝ දෙදෙනම පයින් යන්නාහු ගමන් කෙරෙත්.
|
1061
‘‘යෙහිස්සු පුබ්බෙ නීයිංසු
(නිය්යංසු (සී. පී.)), තපනීයකප්පනෙහි තුරඞ්ගෙහි;
ත්යජ්ජ චන්දසූරියා, උභොව පත්තිකා යන්ති’’.
|
1061
පෙර යම් කෙනෙක් රුවන් අබරණින් සැරසූ අසුන් විසින් ගෙණයනු ලැබුවාහුද, අද ඒ චන්දය සූරියය යන කුමාරයෝ දෙදෙනම පයින් යන්නාහු ගමන් කෙරෙත් යයි වැළපුනාහ
|
1062
‘‘යදි සකුණි මංසමිච්ඡසි, ඩයස්සු
(උය්යස්සු (ස්‍යා. ක.)) පුබ්බෙන පුප්ඵවතියා;
යජතෙත්ථ එකරාජා, සම්මූළ්හො චතූහි පුත්තෙහි.
|
1062
එම්බා ලිහිණිය, ඉදින් මස් කැමැත්තෙහි නම් පුෂ්පවතී නුවරට පූර්ව දිශාවෙහිවූ යාගාවාටයට යව. මෙහි ඛණ්ඩහාලගේ කීමෙන් මුළාවූ ඒකරාජනම් රජතෙම පුතුන් සතරදෙන මරා යාග කරයි.
|
1063
‘‘යදි
යජතෙත්ථ එකරාජා, සම්මූළ්හො චතූහි කඤ්ඤාහි.
|
1063
එම්බා ලිහිණිය, ඉදින් මස් කැමැත්තෙහි නම් පුෂ්පවතී නුවරට පූර්ව දිශාවෙහිවූ යාගාවාටයට යව. මෙහි ඛණ්ඩහාලගේ කීමෙන් මුළාවූ ඒකරාජනම් රජතෙම දූන් සතරදෙන මරා යාග කරයි.
|
1064
‘‘යදි සකුණි මංසමිච්ඡසි, ඩයස්සු පුබ්බෙන පුප්ඵවතියා;
යජතෙත්ථ එකරාජා, සම්මූළ්හො චතූහි මහෙසීහි.
|
1064
එම්බා ලිහිණිය, ඉදින් මස් කැමැත්තෙහි නම් පුෂ්පවතී නුවරට පූර්ව දිශාවෙහිවූ යාගාවාටයට යව. මෙහි ඛණ්ඩහාලගේ වචනයෙන් මුළාවූ ඒකරාජ නම් රජතෙම මෙහෙසියන් සතර දෙන මරා යාග කරයි
|
1065
‘‘යදි සකුණි මංසමිච්ඡසි, ඩයස්සු පුබ්බෙන පුප්ඵවතියා;
යජතෙත්ථ එකරාජා, සම්මූළ්හො චතූහි ගහපතීහි.
|
1065
එම්බා ලිහිණිය, ඉදින් මස් කැමැත්තෙහි නම් පුෂ්පවතී නුවරට පූර්ව දිශාවෙහිවූ යාගාවාටයට යව. මෙහි ඛණ්ඩහාලගේ වචනයෙන් මුළාවූ ඒකරාජ නම් රජතෙම සිටුවරුන් සතර දෙන මරා යාග කරයි.
|
1066
‘‘යදි සකුණි මංසමිච්ඡසි, ඩයස්සු පුබ්බෙ පුප්ඵවතියා;
යජතෙත්ථ එකරාජා, සම්මූළ්හො චතූහි හත්ථීහි.
|
1066
එම්බා ලිහිණිය, ඉදින් මස් කැමැත්තෙහි නම් පුෂ්පවතී නුවරට පූර්ව දිශාවෙහිවූ යාගාවාටයට යව. මෙහි ඛණ්ඩහාලගේ වචනයෙන් මුළාවූ ඒකරාජ නම් රජතෙම ඇතුන් සතර දෙනෙකු මරා යාග කරයි.
|
1067
‘‘යදි සකුණි මංසමිච්ඡසි, ඩයස්සු පුබ්බෙන පුප්ඵවතියා;
යජතෙත්ථ එකරාජා, සම්මූළ්හො චතූහි අස්සෙහි.
|
1067
එම්බා ලිහිණිය, ඉදින් මස් කැමැත්තෙහි නම් පුෂ්පවතී නුවරට පූර්ව දිශාවෙහිවූ යාගාවාටයට යව. මෙහි ඛණ්ඩහාලගේ වචනයෙන් මුළාවූ ඒකරාජ නම් රජතෙම අශ්වයන් සතර දෙනෙකු මරා යාග කරයි.
|
1068
‘‘යදි සකුණි මංසමිච්ඡසි, ඩයස්සු පුබ්බෙන පුප්ඵවතියා;
යජතෙත්ථ එකරාජා, සම්මූළ්හො චතූහි උසභෙහි.
|
1068
එම්බා ලිහිණිය, ඉදින් මස් කැමැත්තෙහි නම් පුෂ්පවතී නුවරට පූර්ව දිශාවෙහිවූ යාගාවාටයට යව. මෙහි ඛණ්ඩහාලගේ වචනයෙන් මුළාවූ ඒකරාජ නම් රජතෙම වෘෂභයන් සතර දෙනෙකු මරා යාග කරයි.
|
1069
‘‘යදි
යජතෙත්ථ එකරාජා, සම්මූළ්හො සබ්බචතුක්කෙන’’.
|
1069
එම්බා ලිහිණිය, ඉදින් මස් කැමැත්තෙහි නම් පුෂ්පවතී නුවරට පූර්ව දිශාවෙහිවූ යාගාවාටයට යව. මෙහි ඛණ්ඩහාලගේ වචනයෙන් මුළාවූ ඒකරාජ නම් රජතෙම සියල්ලන්ගෙන් සතරදෙනා බැගින් මරා යාග කෙරේයයි කියමින් මහජනයා වැළපුනේය.
|
1070
‘‘අයමස්ස පාසාදො, ඉදං අන්තෙපුරං සුරමණීයං
(සොවණ්ණො පුප්ඵමල්යවිකිණ්ණො (ක.));
තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
|
1070
මේ කුමරුගේ මේ ප්රාසාදයවේ. ඉතා සිත්කළුවූ මේ අන්තඃපුරයයි. දැන් ඒ අපගේ ආර්‍ය්‍ය පුත්‍රවූ කුමාරයෝ සතර දෙන වධයට ගෙණයන ලද්දාහ
|
1071
‘‘ඉදමස්ස කූටාගාරං, සොවණ්ණං පුප්ඵමල්යවිකිණ්ණං;
තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
|
1071
මේ කුමරුගේ රණින් කළාවූ මල්මාලාවන්ගෙන් ගැවසී ගත්තාවූ මේ කූටාගාරයවේ. දැන් ඒ අපගේ ආර්‍ය්‍ය පුත්‍රවූ කුමාරයෝ සතර දෙන වධයට ගෙණයන ලද්දාහ
|
1072
‘‘ඉදමස්ස
තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
|
1072
මේ කුමරුගේ මනාව පිපියාවූ සියලු කල්හි හටගත් මල් ඇත්තාවූ සිත්කළුවූ මේ උයනවේ. දැන් ඒ අපගේ ආර්‍ය්‍ය පුත්‍රවූ කුමාරයෝ සතර දෙන වධයට ගෙණයන ලද්දාහ
|
1073
‘‘ඉදමස්ස අසොකවනං, සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං;
තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
|
1073
“මේ කුමරුගේ මනාව පිපුනාවූ හැමකල්හි හටගත් මල් ඇති සිත්කළුවූ මේ හෝපළු වනයවේ. දැන් ඒ අපගේ ආර්‍ය්‍ය පුත්‍රවූ කුමාරයෝ සතර දෙන වධයට ගෙණයන ලද්දාහ
|
1074
‘‘ඉදමස්ස කණිකාරවනං, සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං;
තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
|
1074
“මේ කුමරුගේ මනාව පිපුනාවූ හැමකල්හි මල් ඇත්තාවූ සිත්කළුවූ මේ කිනිහිරි වනයවේ. දැන් ඒ අපගේ ආර්‍ය්‍ය පුත්‍රවූ කුමාරයෝ සතර දෙන වධයට ගෙණයන ලද්දාහ
|
1075
‘‘ඉදමස්ස පාටලිවනං, සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං;
තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
|
1075
“මේ කුමරුගේ මනාව පිපුනාවූ සියලු කල්හි මල් ඇත්තාවූ සිත්කළුවූ මේ පළොල් වනයවේ. දැන් ඒ අපගේ ආර්‍ය්‍ය පුත්‍රවූ කුමාරයෝ සතර දෙන වධයට ගෙණයන ලද්දාහ
|
1076
‘‘ඉදමස්ස අම්බවනං, සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං;
තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
|
1076
“මේ කුමරුගේ මනාව පිපුනාවූ හැමකල්හි ඵල ඇත්තාවූ සිත්කළුවූ මේ අඹ වනයවේ. දැන් ඒ අපගේ ආර්‍ය්‍ය පුත්‍රවූ කුමාරයෝ සතර දෙන වධයට ගෙණයන ලද්දාහ
|
1077
‘‘අයමස්ස
නාවා ච සොවණ්ණවිකතා, පුප්ඵවල්ලියා
(පුප්ඵාවලියා (සී. පී.)) චිත්තා සුරමණීයා;
තෙදානි
|
1077
“මේ කුමරුගේ පියුම් හෙළ පියුම්වලින් ගැවසී ගත්තාවූ මේ පොකුණද රණින් කරණලද්දාවූ මල් පංක්තියෙන් විසිතුරුවූ ඉතා සිත්කළුවූ නැවදවේ. දැන් ඒ අපගේ ආර්‍ය්‍ය පුත්‍රවූ කුමාරයෝ සතර දෙන වධයට ගෙණයන ලද්දාහ මහජනතෙමේ වැළපුනේය.
|
1078
‘‘ඉදමස්ස හත්ථිරතනං, එරාවණො ගජො බලී දන්තී;
තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
|
1078
“මේ කුමරුගේ ඒරාවන නම් හස්තියාද, වරුණදන්ති නම් හස්තියාදැයි, මේ හස්ති රත්නයවේ. දැන් ඒ අපගේ ආර්‍ය්‍ය පුත්‍රවූ කුමාරයෝ සතර දෙන වධයට ගෙණයන ලද්දාහ
|
1079
‘‘ඉදමස්ස අස්සරතනං, එකඛූරො
(එකඛූරො වෙගො (ස්‍යා.)) අස්සො;
තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
|
1079
“මේ කුමරුගේ ඒකඛුර නම් අශ්වයාදැයි මේ අශ්ව රත්නයවේ. දැන් ඒ අපගේ ආර්‍ය්‍ය පුත්‍රවූ කුමාරයෝ සතර දෙන වධයට ගෙණයන ලද්දාහ
|
1080
‘‘අයමස්ස අස්සරථො, සාළිය
(සාළිය විය (ස්‍යා.)) නිග්ඝොසො සුභො රතනවිචිත්තො;
යත්ථස්සු අය්යපුත්තා, සොභිංසු නන්දනෙ විය දෙවා;
තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
|
1080
“මේ කුමරුගේ යහපත්වූ රුවණින් විසිතුරු කරණ ලද ශාලිය නිග්ඝෝස නම් මේ අශ්ව රථයවේ. යම් රථයෙක්හි උන්නාවූ අපගේ ආර්‍ය්‍යපුත්‍රයෝ නන්දන වනයෙහි දෙවියන් මෙන් හෙබියාහුද දැන් ඒ අපගේ ආර්‍ය්‍ය පුත්‍රවූ කුමාරයෝ සතර දෙන වධයට ගෙණයන ලද්දාහ
|
1081
‘‘කථං නාම සාමසමසුන්දරෙහි, චන්දනමුදුකගත්තෙහි
(චන්දනමරකතගත්තෙහි (සී. පී.));
රාජා යජිස්සතෙ යඤ්ඤං, සම්මූළ්හො චතූහි පුත්තෙහි.
|
1081
“නිල් රන්වන් මෙන් සොඳුරු වූ රත්සඳුන් ගල් වූ ශරීර ඇති පුත්‍රයන් සතරදෙන මරා මුළාවූ රජතෙමේ කෙසේ නම් යාග කරන්නේද,
|
1082
‘‘කථං නාම සාමසමසුන්දරාහි, චන්දනමුදුකගත්තාහි;
රාජා යජිස්සතෙ යඤ්ඤං, සම්මූළ්හො චතූහි කඤ්ඤාහි.
|
1082
“නිල් රන්වන් මෙන් සොඳුරු වූ රත්සඳුන් ගල් වූ ශරීර ඇති රාජ කන්‍යාවන් සතර දෙන මරා මුළාවූ රජතෙම කෙසේනම් යාගය කරන්නේද,
|
1083
‘‘කථං
රාජා යජිස්සතෙ යඤ්ඤං, සම්මූළ්හො චතූහි මහෙසීහි.
|
1083
“නිල් රන්වන් මෙන් සොඳුරු වූ රත්සඳුන් ගල් වූ ශරීර ඇති මෙහෙසියන් සතර දෙනෙකු මරා මුළාවූ රජතෙමේ කෙසේනම් යාගය කරන්නේද,
|
1084
‘‘කථං නාම සාමසමසුන්දරෙහි, චන්දනමුදුකගත්තෙහි;
රාජා යජිස්සතෙ යඤ්ඤං, සම්මූළ්හො චතූහි ගහපතීහි.
|
1084
“ශ්යාමවර්ණ බඳු සුන්දරවූ ලෝහිත චන්දනයෙන් ගල්වන ලද ශරීර ඇති සිටුවරුන් සතර දෙනෙකු මරා මුළාවූ රජතෙමේ කෙසේනම් යාගය කරන්නේද,
|
1085
‘‘යථා හොන්ති ගාමනිගමා, සුඤ්ඤා අමනුස්සකා බ්රහාරඤ්ඤා;
තථා
|
1085
“යම්සේ ගම් නියම්ගම් හිස්වූ අමනුෂ්‍යයන් ඇත්තාවූ මහා වනයෝ වෙද්ද, චන්ද්‍ර කුමාරයා හා සූර්ය්ය කුමාරයන් මරා යාග කළ කල්හි පුෂ්පවතී රාජධානියද එසේ වන්නේයයි” වැළපුනාහුය.
|
1086
‘‘උම්මත්තිකා භවිස්සාමි, භූනහතා පංසුනා ච
(පංසුනාව (ස්‍යා. ක.)) පරිකිණ්ණා;
සචෙ චන්දවරං
(චන්දකුමාරං (ස්‍යා.)) හන්ති, පාණා මෙ දෙව රුජ්ඣන්ති
(නිරුජ්ඣන්ති (සී.), භිජ්ජන්ති (ස්‍යා.)).
|
1086
“දේවයන් වහන්ස, ඉදින් උතුම් චන්ද කුමරු නසන්නේ නම් මම නැසුනාවූ වැඩීම් ඇති පසින්ද ගැවසීගත් උමතු තැනැත්තියක් වන්නෙමි. මාගේ ප්රාණයෝද නිරුද්ධ වෙත්.
|
1087
‘‘උම්මත්තිකා භවිස්සාමි, භූනහතා පංසුනා ච පරිකිණ්ණා;
සචෙ සූරියවරං හන්ති, පාණා මෙ දෙව රුජ්ඣන්ති’’.
|
1087
“දේවයෙනි, ඉදින් උතුම් සූරිය කුමරු නසා නම් මම නැසුනු වැඩීම් ඇත්තී පසින්ද ගැවසුනි උමතු තැනැත්තියක් වන්නෙමි. මාගේ ප්රාණයෝද නිරුද්ධ වෙත්යයි” මව හැඬුවාය.
|
1088
‘‘කිං නු මා න රමාපෙය්යුං, අඤ්ඤමඤ්ඤං පියංවදා;
ඝට්ටිකා උපරික්ඛී ච, පොක්ඛරණී ච භාරිකා
(ඝට්ටියා ඔපරක්ඛී ච පොක්ඛරක්ඛී ච නායිකා (සී.) ඝට්ටියා ඔපරක්ඛී ච පොක්ඛරක්ඛී ච ගායිකා (පී.));
චන්දසූරියෙසු නච්චන්තියො, සමා තාසං න විජ්ජති’’.
|
1088
“කුමක්හෙයින් මේ ඝට්ටියා නම්වූද, ඕපරක්ඛි නම්වූද පොක්ඛරක්ඛි නම්වූද නායිකා නම්වූද ඔවුනොවුන්ට ප්‍රිය වචන කියන්නාවූ චන්ද්‍ර සූරිය කුමරුන් වෙත නටන්නාවූ යෙහෙලිණියෝ මාගේ පුතුන් නොසතුටු කෙරෙව්වාහුද නෘත්‍ය ගීතාදියෙහි ඔවුන්ට සමවූවෙක් නැත්තේයයි” මව වැළපුනාය.
|
1089
‘‘ඉමං මය්හං හදයසොකං, පටිමුඤ්චතු
(පටිමුච්චතු (ක.)) ඛණ්ඩහාල තව මාතා;
යො මය්හං හදයසොකො, චන්දම්හි වධාය නින්නීතෙ.
|
1089
“ඛණ්ඩහාලය, චන්ද කුමරු වධයට ගෙණගිය කල්හි මාගේ හෘදයෙහි යම් ශෝකයක් වේද, මාගේ හෘදයෙහිවූ මේ ශෝකය තාගේ මව ලබාවා.
|
1090
‘‘ඉමං
යො මය්හං හදයසොකො, සූරියම්හි වධාය නින්නීතෙ.
|
1090
“ඛණ්ඩහාලය, සූරිය කුමරු වධයට ගෙණගිය කල්හි මාගේ හෘදයෙහි යම් ශෝකයක් වේද, මාගේ හෘදයෙහිවූ මේ ශෝකය තාගේ මව ලබාවා.
|
1091
‘‘ඉමං මය්හං හදයසොකං, පටිමුඤ්චතු ඛණ්ඩහාල තව ජායා;
යො මය්හං හදයසොකො, චන්දම්හි වධාය නින්නීතෙ.
|
1091
“එම්බා ඛණ්ඩහාලය, චන්ද කුමරු වධයට ගෙණ ගිය කල්හි මාගේ හෘදයෙහි යම් ශෝකයක් වීද, මාගේ මේ හෘදයෙහිවූ ශෝකය තාගේ අඹුවලබාවා,
|
1092
‘‘ඉමං මය්හං හදයසොකං, පටිමුඤ්චතු ඛණ්ඩහාල තව ජායා;
යො මය්හං හදයසොකො, සූරියම්හි වධාය නින්නීතෙ.
|
1092
“ඛණ්ඩහාලය, සූරිය කුමරු වධයට ගෙණගිය කල්හි මාගේ හෘදයෙහි යම් ශෝකයක් වීද, මාගේ මේ හෘදයෙහිවූ ශෝකය තාගේ අඹුව ලබාවා,
|
1093
‘‘මා
යො ඝාතෙසි කුමාරෙ, අදූසකෙ සීහසඞ්කාසෙ.
|
1093
“එම්බා ඛණ්ඩහාලය, යම් තෝ දොසක් නැත්තාවූ සිංහයන්ට සමානවූ රජ කුමරුන් නැසුයෙහිද, ඒ තාගේ මව දරුවන්ද, ස්වාමියාද, නොදකීවා.
|
1094
‘‘මා ච පුත්තෙ මා ච පතිං, අද්දක්ඛි ඛණ්ඩහාල තව මාතා;
යො ඝාතෙසි කුමාරෙ, අපෙක්ඛිතෙ සබ්බලොකස්ස.
|
1094
“එම්බා ඛණ්ඩහාලය, යම්බඳුවූ තෝ සියලු ලෝක වාසීන්ගේ බලාපොරොත්තු ඇත්තාවූ රජ කුමරුන් නැසූයෙහිද, ඒ තාගේ මව දරුවන්ද, ස්වාමියාද නොදකීවා.
|
1095
‘‘මා
යො ඝාතෙසි කුමාරෙ, අදූසකෙ සීහසඞ්කාසෙ.
|
1095
“එම්බා ඛණ්ඩහාලය, යම්බඳුවූ තෝ දොසක් නැත්තාවූ සිංහයන් හා සමානවූ රජකුමරුන් නැසූයෙහිද, ඒ තාගේ අඹුව, දරුවන්ද, ස්වාමියාද නොදකීවා
|
1096
‘‘මා ච පුත්තෙ මා ච පතිං, අද්දක්ඛි ඛණ්ඩහාල තව ජායා;
යො ඝාතෙසි කුමාරෙ, අපෙක්ඛිතෙ සබ්බලොකස්ස’’.
|
1096
“එම්බා ඛණ්ඩහාලය, යම්බඳුවූ තෝ සියලු ලෝකයාගේ බලාපොරොත්තු ඇත්තාවූ රජකුමරුන් නැසුයෙහිද, ඒ තාගේ අඹුව, දරුවන්ද, ස්වාමියාද නොදකීවායි” මව ඛණ්ඩහාලයාට ආක්රොශකළාය.
|
1097
‘‘මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස;
අපි නිගළබන්ධකාපි, හත්ථී අස්සෙ ච පාලෙම.
|
1097
“දෙවයන් වහන්ස, අප නොනැසුව මැනව. ඛණ්ඩහාල නම් පුරෝහිතයාට අප දාසයන් කොට දුනමැනව. මහදම්වැලින් බැන්දාවූද අපි ඇතුන්ද අසුන්ද රක්ෂා කරමු.
|
1098
‘‘මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස;
අපි නිගළබන්ධකාපි, හත්ථිඡකණානි උජ්ඣෙම.
|
1098
මහදම්වැලින් බැන්දාවූද අපි ඇතුන්ද අසුන්ද රක්ෂා කරමු. දම්වැල්වලින් බැන්දාවූද අපි ඇත්වසුරු හැරදමන්නෙමු.
|
1099
‘‘මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස;
අපි නිගළබන්ධකාපි, අස්සඡකණානි උජ්ඣෙම.
|
1099
මහදම්වැලින් බැන්දාවූද අපි ඇතුන්ද අසුන්ද රක්ෂා කරමු. දම්වැලින් බැන්දාවූද, අපි අස්වසුරු එක්කොට හැරදමන්නෙමු.
|
1100
‘‘මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස;
යස්ස හොන්ති තව කාමා, අපි රට්ඨා පබ්බාජිතා;
භික්ඛාචරියං චරිස්සාම.
|
1100
“දෙවයන් වහන්ස, අප නොමැරුව මැනව. යමෙකුට දෙන්ට ඔබගේ කැමැත්තවෙත් නම් ඔහුට අප දාසයන් කොට දෙනුමැනව. තවද රටින් පිටකරණ ලද්දාවූ අපි පිඩුසිඟමින් හැසිරෙන්නෙමුයි” චන්ද කුමරු කීයේය.
|
1101
‘‘දිබ්බං දෙව උපයාචන්ති, පුත්තත්ථිකාපි දලිද්දා;
පටිභානානිපි හිත්වා, පුත්තෙ න ලභන්ති එකච්චා.
|
1101
“දරුවන් කැමැත්තාවූ දිළිඳුවූද ස්ත්රිහු දෙවියන්ට එළඹ යාඥාකරත්. ඒ ඇතැම් ස්ත්‍රීහු දොළද නොලැබ දරු ගර්භය වියලී දරුවන් නොමලබත්.
|
1102
‘‘ආසීසිකානි
(අස්සාසකානි (සී. පී.), ආසාසකානි (ස්‍යා.)) කරොන්ති, පුත්තා නො ජායන්තු තතො පපුත්තා
(පුත්තා (සී. පී.));
අථ නො අකාරණස්මා, යඤ්ඤත්ථාය දෙව ඝාතෙසි.
|
1102
“මහරජ, මේ සත්වයෝ අපට දරුවෝ උපදිත්වා. ඒ දරුවන්ගෙන්ද, දරුවෝ උපදිත්වායි ආසාකෙරෙත්. එසේ ඇතිකල්හි නිකරුනේ අප යාගය සඳහා මරවන්නෙහි.
|
1103
‘‘උපයාචිතකෙන පුත්තං ලභන්ති, මා තාත නො අඝාතෙසි;
මා කිච්ඡාලද්ධකෙහි පුත්තෙහි, යජිත්ථො ඉමං යඤ්ඤං.
|
1103
“පියාණෙනි, දෙවියන්වෙත එළඹ යාඥාකිරීමෙන් දරුවෙකු ලබත්. අප නොමැරුව මැනව. දුකසේ ලැබුවාවූ පුතුන්ගෙන් මේ යාගය නොකරණු මැනව.
|
1104
‘‘උපයාචිතකෙන
මා
|
1104
“පියාණෙනි, දෙවියන්ට යාඥා කිරීමෙන් පුතෙකු ලබත්. එහෙයින් අප නොනැසුව මැනව. මව විසින් බැගෑපත්ව ලබනලද්දාවූ දරුවන්ගෙන් අපගේ මව වෙන් නොකරණු මැනවැයි” චන්දකුමරු යාඥාකෙළේය.
|
1105
‘‘බහුදුක්ඛා
(බහුදුක්ඛං (ස්‍යා. ක.)) පොසිය චන්දං, අම්ම තුවං ජීයසෙ පුත්තං;
වන්දාමි ඛො තෙ පාදෙ, ලභතං තාතො පරලොකං.
|
1105
“මෑණියෙනි, නුඹ චන්දකුමාරයාවූ මා බොහෝ දුක්සේ පෝෂ්‍ය කරණලද්දී දැන් පුත්‍රයා නොලබන්නෙහිය. මම ඔබගේ පාදයන් වඳිමි. අපගේ පියතෙමේ සම්පත් සහිත පරලොව ලබාවා.
|
1106
‘‘හන්ද ච මං උපගුය්හ, පාදෙ තෙ අම්ම වන්දිතුං දෙහි;
ගච්ඡාමි දානි පවාසං
(විප්පවාසං (ක.)), යඤ්ඤත්ථාය එකරාජස්ස.
|
1106
“මෑණියෙනි, එබැවින් මා වැළඳගණුමැනව. මටද ඔබගේ පාදයන් වඳින්ට දුනමැනව. දැන් මම ඒකරාජ නම් රජුගේ යාගය සඳහා ඒකාන්තයෙන් වෙන්ව විසීමට යමි.
|
1107
‘‘හන්ද
ගච්ඡාමි දානි පවාසං, මාතු කත්වා හදයසොකං.
|
1107
“මෑණියෙනි, එබැවින් මා වැළඳගණුමැනව. මටද ඔබගේ පාදයන් වඳින්ට දුනමැනව. දැන් මම මවගේ හෘදයෙහි ශෝකය ඇතිකොට වෙන්ව වාසයට යමි.
|
1108
හන්ද ච මං උපගුය්හ
(උපගුය්හ (ස්‍යා. ක.)), පාදෙ තෙ අම්ම වන්දිතුං දෙහි;
ගච්ඡාමි දානි පවාසං, ජනස්ස කත්වා හදයසොකං’’.
|
1108
“මෑණියෙනි, එබැවින් මා වැළඳගණුමැනව. මටද ඔබගේ පාදයන් වඳින්ට දුනමැනව. මම දැන් මහජනයාගේ හෘදයෙහි ශෝකය ඇතිකොට නැවත නොඑන බැවින් ඒකාන්තයෙන් වෙන්ව වාසයකිරීමට යමියි” චන්දකුමරු වැළපුනේය.
|
1109
‘‘හන්ද ච පදුමපත්තානං, මොළිං බන්ධස්සු ගොතමිපුත්ත;
චම්පකදලමිස්සායො
(චම්පකදලිවීතිමිස්සායො (සී. පී.), චම්පකදලිමිස්සායො (ක.)), එසා තෙ පොරාණිකා පකති.
|
1109
“ගෝතමී පුත්‍රය, එසේ වීනම් කෙශකලාපය පියුම් පත් වෙළුමෙන් බැඳගණුව. ඇතුළත සපුමල්පතින් මිශ්‍රවූ මේ චෝලිබන්ධනය ඔබගේ පුරාණ සිට ආ සිරිතවේ.
|
1110
‘‘හන්ද ච විලෙපනං තෙ, පච්ඡිමකං චන්දනං විලිම්පස්සු;
යෙහි ච සුවිලිත්තො, සොභසි රාජපරිසායං.
|
1110
“යම් විලවුන් වලින් විලේපනය කරණලද්දේ රජ පිරිසට හොබීද, එබැවින් මේ අන්තිම සඳුන් සුවඳ ගැල්වීමෙන් ඔබගේ ශරීරය සුවඳගල්වනු.
|
1111
‘‘හන්ද ච මුදුකානි වත්ථානි, පච්ඡිමකං කාසිකං නිවාසෙහි;
යෙහි ච සුනිවත්ථො, සොභසි රාජපරිසායං.
|
1111
“පුත්‍රය, යම් වස්ත්‍රවලින් මනාව හඳනාලද්දේ රජ පිරිසට හොබීද, එබැවින් මෘදුවූ වස්ත්‍ර හැඳගණුව, ලක්ෂයක් වටනා අන්තිම කශීසළුව හැඳගණුව.
|
1112
‘‘මුත්තාමණිකනකවිභූසිතානි, ගණ්හස්සු හත්ථාභරණානි;
යෙහි ච හත්ථාභරණෙහි, සොභසි රාජපරිසායං’’.
|
1112
“පුත්‍රය, යම් අතෙහි පලඳිනලද ආභරණවලින් සැරසුනේ, රජපිරිසට හොබීද, එබඳුවූ මුතු, මැණික්, රත්රන් යන මෙයින් සරසනලද අත් අබරණ පැළඳගණුවයි” මට කීවාය.
|
1113
‘‘න හි නූනායං රට්ඨපාලො, භූමිපති ජනපදස්ස දායාදො;
ලොකිස්සරො මහන්තො, පුත්තෙ ස්නෙහං ජනයති’’.
|
1113
“රට රක්නාවූ ජනපද දායාදකොට ඇත්තාවූ ලොවට අධිපතිවූ මේ රජතෙමේ මහත්බැවින් දරුවන් කෙරෙහි ආදරය නූපදවායයි” සිතමියි චන්දා නම් අග මෙහෙසිය කීවාය.
|
1114
‘‘මය්හම්පි
සග්ගඤ්ච පත්ථයානො
(පත්ථයමානො (ස්‍යා. ක.)), තෙනාහං ඝාතයිස්සාමි’’.
|
1114
“මට දරුවෝ ප්‍රියවෙත්. ආත්මයද ප්‍රියවේ. යෙහෙළිනීවූ තෙපිද ප්‍රියවෙත්. ස්ත්‍රීහුද ප්‍රියවෙත්. එසේ වුවත් මම ස්වර්ග සම්පත්තියද ප්‍රාර්ථනා කරන්නේ වෙමි. ඒ කාරණයෙන් යාගය සඳහා මේ දරුවන් මරන්නෙමි” රජතෙම කීයේය.
|
1115
‘‘මං පඨමං ඝාතෙහි, මා මෙ හදයං දුක්ඛං ඵාලෙසි;
අලඞ්කතො
(අනලඞ්කතො (ක.)) සුන්දරකො, පුත්තො දෙව තව සුඛුමාලො.
|
1115
“දෙවයන් වහන්ස, පළමුකොට මා මරව. අලංකාර කරන ලද සුන්දරවූ සිව්මැලිවූ ඔබගේ පුත්‍රතෙමේ මරණයට නොපැමිණේවා. චන්දකුමරුගේ මරණ දුක මාගේ හෘදය නොපලාවා
|
1116
‘‘හන්දය්ය මං හනස්සු, පරලොකෙ
(සලොකා (සී. ස්‍යා. ක.)) චන්දකෙන
(චන්දියෙන (සී. පී. ක.)) හෙස්සාමි;
පුඤ්ඤං කරස්සු විපුලං, විචරාම උභොපි පරලොකෙ’’.
|
1116
“දෙවයන් වහන්ස, එබැවින් මා පළමුකොට නසව. චන්ද කුමරු හා සමාන දෙව්ලොව ඇත්තියක් වන්නෙමි ඔබද මහත්වූ පිං රැස්කරව, එකවර නසන ලද්දාවූ අප දෙදෙනාම පරලොව සුව විඳිමින් හැසිරෙමුයි” චන්ද්‍රා දේවී කීවාය.
|
1117
‘‘මා ත්වං චන්දෙ රුච්චි මරණං
(ඉදං පදං නත්ථි සී. පී. පොත්ථකෙසු), බහුකා තව දෙවරා විසාලක්ඛි;
තෙ තං රමයිස්සන්ති, යිට්ඨස්මිං ගොතමිපුත්තෙ’’.
|
1117
“එම්බා චන්ද්රාවෙනි, නුඹ මෙසේ මරණය කැමති නොවෙව. මහත්වූ ඇස් ඇත්තිය, නුඹගේ ස්වාමියාගේ සහෝදරයෝ බොහෝ වෙත්. ගෝතමී පුත්‍රවූ චන්දකුමරු මරා යාග කළ කල්හි ඔව්හු තී සමග හැසිරෙන්නාහුයයි” රජතෙම කීයේය.
|
1118
‘‘එවං වුත්තෙ චන්දා අත්තානං, හන්ති හත්ථතලකෙහි’’;
‘‘අලමෙත්ථ
(අලමත්ථු (සී. පී.)) ජීවිතෙන, පිස්සාමි
(පායාමි (සී. පී.)) විසං මරිස්සාමි.
|
1118
මෙසේ කී කල්හි චන්ද්‍රා දේවිතොමෝ තමන්ට අතුල් තලවලින් ගසාගත්තීය. මාගේ ජීවිතයෙන් ප්‍රයෝජනයක් නැත. විස පානය කරමි. මැරෙන්නෙමි.
|
1119
‘‘න
යෙ න වදන්ති රාජානං, මා ඝාතයි ඔරසෙ පුත්තෙ.
|
1119
“යම් කෙනෙක් ඖරශ පුත්‍රයන් නොමරවයි රජුට නොකියද්ද, එබඳු යහළු මිත්‍රාමාත්‍යයෝද නැත්තාහුයයි” සිතම්.
|
1120
‘‘න හි නූනිමස්ස රඤ්ඤො, ඤාතී මිත්තා ච විජ්ජරෙ සුහදා;
යෙ න වදන්ති රාජානං, මා ඝාතයි අත්රජෙ පුත්තෙ.
|
1120
“යම් කෙනෙක් තමහට ජාතකවූ පුත්‍රයන් නොමරවයි රජුට නොකියද්ද, එහෙයින් මේ රජුට යහළුවූ ඤාති මිත්‍රයෝද නැත්තාහුයයි සිතමි.
|
1121
‘‘ඉමෙ තෙපි මය්හං පුත්තා, ගුණිනො කායූරධාරිනො රාජ;
තෙහිපි යජස්සු යඤ්ඤං, අථ මුඤ්චතු
(මුච්චතු (පී. ක.)) ගොතමිපුත්තෙ.
|
1121
“මහරජ, මල්මාලා දරන්නාවූ අඟුපළඳනාවලින් සැරසුනාවූ මේ ඒ මාගේ පුත්‍රයෝද ඇත්තාහ. ඔවුන්ගෙන්ද යාගය කරණු මැනව, එකල්හි ගෝතමී පුත්‍රවූ චන්දකුමරුන් මුදාවා
|
1122
‘‘බිලසතං මං කත්වාන, යජස්සු සත්තධා මහාරාජ;
මා ජෙට්ඨපුත්තමවධි, අදූසකං සීහසඞ්කාසං.
|
1122
“මහරජ, මා මරා සත් කොටසක් කොට යාග කරණු මැනව. දොසක් නැත්තාවූ සිංහයෙකුට සමානවූ වැඩිමහළු පුත්‍රයා නොමරව.
|
1123
‘‘බිලසතං මං කත්වාන, යජස්සු සත්තධා මහාරාජ;
මා
|
1123
“මහරජ, මා මරා කොටස් වශයෙන් සතක්කොට යාගය කරණු මැනව. සියලු ලෝවැස්සාගේ බලාපොරොත්තු ඇත්තාවූ වැඩිමහළු පුත්‍රයා නොමරවයි” චන්ද්රාදේවි කීවාය.
|
1124
‘‘බහුකා තව දින්නාභරණා, උච්චාවචා සුභණිතම්හි;
මුත්තාමණිවෙළුරියා, එතං තෙ පච්ඡිමකං දානං’’.
|
1124
“එම්බා චන්ද්‍රාව, යහපත් වචන කී කල්හි මුතු මැණික් වෛඩූර්ය්යමයවූ බොහෝවූ කුඩා මහත් ආභරණයෝ මා විසින් තිට දෙන ලද්දාහ. මේ මා විසින් තිට දෙන්නාවූ අන්තිම දීමනාවයයි” චන්දකුමරු පැළඳි ආබරණ දුන්නේය.
|
1125
‘‘යෙසං පුබ්බෙ ඛන්ධෙසු, ඵුල්ලා මාලාගුණා විවත්තිංසු;
තෙසජ්ජපි සුනිසිතො
(පිතනිසිතො (සී. පී.)), නෙත්තිංසො විවත්තිස්සති ඛන්ධෙසු.
|
1125
“පෙර යම් කෙනෙකුගේ ස්කන්ධයන්හි පිපියාවූ මල්දම් පැවත්තාහුද, අද ඔවුන්ගේ ස්කන්ධයන්හි විෂ පෙවූ මුවහත්වූ කඩුව පවත්නේය.
|
1126
‘‘යෙසං පුබ්බෙ ඛන්ධෙසු, චිත්තා මාලාගුණා විවත්තිංසු;
තෙසජ්ජපි සුනිසිතො, නෙත්තිංසො විවත්තිස්සති ඛන්ධෙසු.
|
1126
“පෙර යම් කෙනෙකුගේ ශරීරයන්හි විසිතුරු මල් දම් වැටුනාහුද, අද ඔවුන්ගේ ශරීරයන්හි විෂ පෙවූ මුවහත් ඇති කඩුව වැටෙන්නේය.
|
1127
‘‘අචිරං
(අචිරා (සී. ස්‍යා. පී.)) වත නෙත්තිංසො, විවත්තිස්සති රාජපුත්තානං ඛන්ධෙසු;
අථ මම හදයං න ඵලති, තාව දළ්හබන්ධඤ්ච මෙ ආසි.
|
1127
“නොබෝ කලකින් ඒකාන්තයෙන් රජකුමරුවන්ගේ ශරීරයන්හි කඩුව වැටෙන්නේය. එසේ ඇතිකල්හි මාගේ හෘදය නොපැලෙයි මාගේ හෘදය ඉතාම දෘඪවූ බන්ධන ඇත්තක්ද විය.
|
1128
‘‘කාසිකසුචිවත්ථධරා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා;
නිය්යාථ චන්දසූරියා, යඤ්ඤත්ථාය එකරාජස්ස.
|
1128
“පිරිසිදු කශීසළු දරන්නාවූ පැළඳි කුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද්දාවූ චන්ද සුරිය කුමාරයෝ ඒකරාජනම් රජුගේ යාගය සඳහා බැහැර ගෙණ යන්නාහුය.
|
1129
‘‘කාසිකසුචිවත්ථධරා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා;
නිය්යාථ චන්දසූරියා, මාතු කත්වා හදයසොකං.
|
1129
“පිරිසිදු කශීසළු දරන්නාවූ පැළඳි කුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද්දාවූ චන්ද සුරිය කුමාරයෝ මවගේ හෘදයෙහි ශෝකය ඇතිකොට බැහැර ගෙණයන්නහුය.
|
1130
‘‘කාසිකසුචිවත්ථධරා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා;
නිය්යාථ චන්දසූරියා, ජනස්ස කත්වා හදයසොකං.
|
1130
“පිරිසිදු කශීසළු දරන්නාවූ පැළඳි කුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද්දාවූ චන්ද සුරිය කුමාරයෝ මහජනයාගේ හෘදයෙහි ශෝකය ඇති කොට බැහැර ගෙණ යන්නාහුය.
|
1131
‘‘මංසරසභොජනා න්හාපකසුන්හාපිතා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා;
නිය්යාථ චන්දසූරියා, යඤ්ඤත්ථාය එකරාජස්ස.
|
1131
“මස්රස අනුභව කරන්නාවූ කරනැවෑමියන් විසින් (කපුවන්) මනාකොට නහවන ලද්දාවූ පැළැඳිකුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද්දාවූ චන්දසුරිය කුමාරයෝ ඒකරාජනම් රජුගේ යාගය සඳහා බැහැර ගෙණයන්නාහ.
|
1132
‘‘මංසරසභොජනා
නිය්යාථ චන්දසූරියා, මාතු කත්වා හදයසොකං.
|
1132
“මස්රස අනුභව කරන්නාවූ කරනැවෑමියන් විසින් (කපුවන්) මනාකොට නහවන ලද්දාවූ පැළැඳිකුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද්දාවූ චන්දසුරිය කුමාරයෝ මවගේ සිතෙහි ශෝකය උපදවා බැහැර ගෙණයනු ලබන්නාහ.
|
1133
‘‘මංසරසභොජනා න්හාපකසුන්හාපිතා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා;
නිය්යාථ
|
1133
“මස්රස අනුභව කරන්නාවූ කරනැවෑමියන් විසින් (කපුවන්) මනාකොට නහවන ලද්දාවූ පැළැඳිකුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද්දාවූ චන්දසුරිය කුමාරයෝ බොහෝ දෙනාගේ හෘදයෙහි ශෝකය ඇතිකොට බැහැරයනු ලබන්නාහයි චන්ද්රාදේවී වැළපුනාය.
|
1134
‘‘සබ්බස්මිං
පඤ්චාලරාජධීතා පඤ්ජලිකා, සබ්බපරිසාය සමනුපරියායි
(සබ්බපරිසමනුපරියාසි (සී. පී.), සබ්බපරිසන්තරමනුපරියාසි (ස්‍යා.)).
|
1134
සියලු යාග ද්‍රව්‍ය පිළියෙල කර කල්හි චන්ද කුමරු යාගය සඳහා හිඳවූ කල්හි පඤ්චාල රාජධීතෘවූ චන්ද්රාතොමෝ ඇදිලි බැඳගෙණ සියලු පිරිස අනුව ගමන් කළාය.
|
1135
‘‘යෙන සච්චෙන ඛණ්ඩහාලො, පාපකම්මං කරොති දුම්මෙධො;
එතෙන සච්චවජ්ජෙන, සමඞ්ගිනී සාමිකෙන හොමි.
|
1135
“යම් සත්‍යයකින් මෝඩවූ ඛණ්ඩහාලතෙමේ පව්කම් කෙරේද, මේ සත්‍ය වචනය කරණකොටගෙණ ස්වාමියා සමග මම එක්වීම ඇත්තියක් වෙම්වා.
|
1136
‘‘යෙ ඉධත්ථි අමනුස්සා, යානි ච යක්ඛභූතභබ්යානි;
කරොන්තු මෙ වෙය්යාවටිකං, සමඞ්ගිනී සාමිකෙන හොමි.
|
1136
“මෙහි යම් අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද, යක්ෂයෝද වැඩිසිටි භූතයෝද වැඩෙන්නාවූ භූතයෝද යන යම් කෙනෙකුත් ඇද්ද, ඒ සියල්ලෝ මට වතාවත් කෙරෙත්වා. මම ස්වාමියා සමග එක්වන්නියක් වෙම්වා.
|
1137
‘‘යා දෙවතා ඉධාගතා, යානි ච යක්ඛභූතභබ්යානි;
සරණෙසිනිං අනාථං තායථ මං, යාචාමහං පතිමාහං අජෙයං’’
(අජිය්යං (සී.)).
|
1137
“යම් දෙවිකෙනෙක් මෙහි පැමිණියාහුද, යම් යක්ෂභූත කෙනෙකුත් මෙහි පැමිණියාහුද, ඒ සියල්ලෝ අස්වාමිකවූ පිහිට සොයන්නාවූ මා රක්ෂා කරව්. ස්වාමියාගෙන් මම නොපිරිහෙම්වායි මම තොපට යාඥා කරමියි” චන්ද්රාදේවි වැළපුනාය.
|
1138
‘‘තං සුත්වා අමනුස්සො, අයොකූටං පරිබ්භමෙත්වාන;
භයමස්ස ජනයන්තො, රාජානං ඉදමවොච.
|
1138
සක්දෙව් රජතෙම එය අසා යකුලක් කරකවා මොහුට භය උපදවමින් රජුට මෙය කීයේය.
|
1139
‘‘බුජ්ඣස්සු ඛො රාජකලි, මා තාහං
(මා තෙහං (ස්‍යා.)) මත්ථකං නිතාළෙසිං
(නිතාලෙමි (සී. පී.), නිප්ඵාලෙසිං (ක.));
මා ජෙට්ඨපුත්තමවධි, අදූසකං සීහසඞ්කාසං.
|
1139
“එම්බා මෝඩ රජ, මම තොපගේ හිස නොපලමියි දනුව, දොසක් නැත්තාවූ සිංහයෙකුට බඳුවූ වැඩිමහළු පුත්‍රයා නොමරව,
|
1140
‘‘කො තෙ දිට්ඨො රාජකලි, පුත්තභරියායො හඤ්ඤමානායො
(හඤ්ඤමානා (ක.));
සෙට්ඨි ච ගහපතයො, අදූසකා සග්ගකාමා හි.
|
1140
“එම්බා පවිටු රජ, දෙව්ලොව පතන්නාවූ දොසක් නැත්තාවූ අඹුදරුවන්ද සිටු ගෘහපතියන්ද නසනු ලබන්නවුන් තොප විසින් කොතැන්හි දක්නා ලද විරූද?
|
1141
‘‘තං සුත්වා ඛණ්ඩහාලො, රාජා ච අබ්භුතමිදං දිස්වාන;
සබ්බෙසං බන්ධනානි මොචෙසුං, යථා තං අනුපඝාතං
(අපාපානං (සී. පී.)).
|
1141
ඒ අසා ඛණ්ඩහාල තෙමේද රජතෙමේද මේ ආශ්චර්‍ය්‍යය දැක යම්සේ පවිටු නොවූවන්ගේ ඒ මිදීමක් වේද, එපරිද්දෙන් සියල්ලන්ගේ බන්ධනයන් මිදූහ.
|
1142
‘‘සබ්බෙසු
සබ්බෙ එකෙකලෙඩ්ඩුකමදංසු, එස වධො ඛණ්ඩහාලස්ස’’.
|
1142
සියල්ලන් බන්ධන වලින් මිදුනු කල්හි යම් කෙනෙක් එහි එදා රැස්වූවාහුද, ඒ සියල්ලෝ එක එක ගල්කැට පහර දුන්හ. මේ ඛණ්ඩහාලයාගේ නැසීම වූයේයයි කීයේය.
|
1143
‘‘සබ්බෙ
න හි පාපකම්මං කත්වා, ලබ්භා සුගතිං ඉතො ගන්තුං’’.
|
1143
යම්සේ ඒ ලාමකවූ යාගය කොට සියල්ලෝ නිරයෙහි වැටුනාහුද, එමෙන් පව්කම්කොට මෙලොවින් සුගතියට යන්ට නොලැබිය හැක්කේයයි වදාළේය
|
1144
‘‘සබ්බෙසු විප්පමුත්තෙසු, යෙ තත්ථ සමාගතා තදා ආසුං;
චන්දං අභිසිඤ්චිංසු, සමාගතා රාජපරිසා
(රාජපුරිසා (ස්‍යා.)) ච.
|
1144
සියල්ලන් බන්ධන වලින් මිදුනු කල්හි යම් කෙනෙක් එහි එදා රැස්වූවාහුද, ඔව්හුද රැස්වූ රජ පිරිස්ද චන්ද කුමරු අභිෂෙක කළාහුය.
|
1145
‘‘සබ්බෙසු විප්පමුත්තෙසු, යෙ
(යා (ස්‍යා.)) තත්ථ සමාගතා තදා ආසුං;
චන්දං අභිසිඤ්චිංසු, සමාගතා රාජකඤ්ඤායො ච.
|
1145
සියල්ලන් බන්ධන වලින් මිදුනු කල්හි යම් කෙනෙක් එහි එදා රැස්වූවාහුද, ඔව්හුද රැස්වූ රාජකන්යාවෝද චන්දකුමරු අභිෂෙක කළාහුය.
|
1146
‘‘සබ්බෙසු විප්පමුත්තෙසු, යෙ තත්ථ සමාගතා තදා ආසුං;
චන්දං අභිසිඤ්චිංසු, සමාගතා දෙවපරිසා
(දෙවපුරිසා (ස්‍යා.)) ච.
|
1146
සියල්ලන් බන්ධන වලින් මිදුනු කල්හි යම් කෙනෙක් එහි එදා රැස්වූවාහුද, ඔව්හුද රැස්වූ දෙව් පිරිස්ද චන්දකුමරු අභිෂෙක කළාහුය.
|
1147
‘‘සබ්බෙසු විප්පමුත්තෙසු, යෙ
(යා (ස්‍යා.)) තත්ථ සමාගතා තදා ආසුං;
චන්දං අභිසිඤ්චිංසු, සමාගතා දෙවකඤ්ඤායො ච.
|
1147
සියල්ලන් බන්ධන වලින් මිදුනු කල්හි යම් කෙනෙක් එහි එදා රැස්වූවාහුද, ඔව්හුද එහි රැස්වූ දිව්‍ය කන්‍යාවෝද චන්දකුමරු අභිෂෙක කළාහුය.
|
1148
‘‘සබ්බෙසු විප්පමුත්තෙසු, යෙ තත්ථ සමාගතා තදා ආසුං;
චෙලුක්ඛෙපමකරුං, සමාගතා රාජපරිසා
(රාජපුරිසා (ස්‍යා.)) ච.
|
1148
සියල්ලන් බන්ධන වලින් මිදුනු කල්හි යම් කෙනෙක් එහි එදා රැස්වූවාහුද, ඔව්හුද එහි රැස්වූ රජපිරිස්ද පිළිහිස සිසෑරිම කළාහුය.
|
1149
‘‘සබ්බෙසු
චෙලුක්ඛෙපමකරුං, සමාගතා රාජකඤ්ඤායො ච.
|
1149
සියල්ලන් බන්ධන වලින් මිදුනු කල්හි යම් කෙනෙක් එහි එදා රැස්වූවාහුද, ඔව්හුද එහි රැස්වූ රාජකන්යාවෝද පිළිහිස සිසෑරීම කළාහුය.
|
1150
‘‘සබ්බෙසු විප්පමුත්තෙසු, යෙ තත්ථ සමාගතා තදා ආසුං;
චෙලුක්ඛෙපමකරුං, සමාගතා දෙවපරිසා
(දෙවපුරිසා (ස්‍යා.)) ච.
|
1150
සියල්ලන් බන්ධන වලින් මිදුනු කල්හි යම් කෙනෙක් එහි එදා රැස්වූවාහුද, ඔව්හුද එහි රැස්වූ දෙව්පිරිස්ද පිළිහිස සිසෑරීම කළාහුය.
|
1151
‘‘සබ්බෙසු විප්පමුත්තෙසු, යෙ
(යා (ස්‍යා.)) තත්ථ සමාගතා තදා ආසුං;
චෙලුක්ඛෙපමකරුං, සමාගතා දෙවකඤ්ඤායො ච.
|
1151
සියල්ලන් බන්ධන වලින් මිදුනු කල්හි යම් කෙනෙක් එහි එදා රැස්වූවාහුද, ඔව්හුද එහි රැස්වූ දිව්යකන්යාවෝද පිළිහිස සිසෑරීම කළාහුය.
|
1152
‘‘සබ්බෙසු විප්පමුත්තෙසු, බහූ ආනන්දිතා අහුං
(බහු ආනන්දනො අහු වංසො (සී.), බහු ආනන්දිතො අහු වංසො (පී.));
නන්දිං
|
1152
“සියල්ලන් බන්ධනවලින් මිදුනු කල්හි බොහෝ දෙනා සතුටු සිත් ඇත්තෝවූහ. මහජනතෙමේ සතුටුසිත් ඇතිව නුවරට ඇතුල්විය. සියල්ලවුන් බන්ධනයෙන් මිදීම ප්රකාශකෙළේයයි” වදාළේය.
|
545. මහානාරදකස්සපජාතකං (8) | 545. මහානාරද කස්සප ජාතකය |
1153
‘‘අහු
පහූතයොග්ගො ධනිමා, අනන්තබලපොරිසො.
|
1153
බොහෝවූ හස්ති වාහණාදිය ඇති ධන ඇත්තාවූ අප්‍රමාණ භට සෙනග ඇති විදෙහ රටවැස්සන්ගේ අංගාති නම් ක්ෂත්රීය රජෙක් වූයේය.
|
1154
සො ච පන්නරසිං
(පන්නරසෙ (ස්‍යා. ක.)) රත්තිං, පුරිමයාමෙ අනාගතෙ;
චාතුමාසා
(චාතුමස්ස (සී. පී.)) කොමුදියා, අමච්චෙ සන්නිපාතයි.
|
1154
ඒ රජ තෙමේද වස් සාරමස පිළිබඳ අවසාන දිනයවූ පිපි කුමුදු මල් ඇති ඉල්මස පුරපසළොස්වක් රාත්‍රියෙහි ප්‍රථම යාමය ඉක්ම නොගිය කල්හි ඇමැතියන් රැස් කරවීය.
|
1155
‘‘පණ්ඩිතෙ සුතසම්පන්නෙ, මිතපුබ්බෙ
(මිහිතපුබ්බෙ (සී. පී.)) විචක්ඛණෙ;
විජයඤ්ච සුනාමඤ්ච, සෙනාපතිං අලාතකං.
|
1155
“පණ්ඩිතවූ උගත්කම් ඇත්තාවූ පළමු සිනාසී කථාකරණ සුළුවූ දක්ෂවූ විජයද සුණාමද අලාතකද යන සේනාපතින් තිදෙනෙක් වූහ.
|
1156
‘‘තමනුපුච්ඡි වෙදෙහො, ‘‘පච්චෙකං බ්රූථ සං රුචිං;
චාතුමාසා කොමුදජ්ජ, ජුණ්හං බ්යපහතං
(බ්යපගතං (සී. පී.)) තමං;
කායජ්ජ රතියා රත්තිං, විහරෙමු ඉමං උතුං’’.
|
1156
ඒ වේදෙහ රජතෙම, “අද වස් සාරමස පිළිබඳ අවසාන දිනයවූ පිපි කුමුදුමල් ඇති පසළොස්වක් දිනයවේ. උදාවූ චන්ද්‍රයාද ඇත්තේය. අන්ධකාරයද දුරුව ගියේය. අද අපි මෙබඳුවූ රාත්‍රි කාලය කවරනම් ඇල්මකින් යුක්තව වාසය කරමුදැයි තමන්ගේ කැමැත්ත වෙන් වෙන් වශයෙන් කියව්යයි” ඒ ඇමතියන් විචාළේය.
|
1157
‘‘තතො සෙනාපති රඤ්ඤො, අලාතො එතදබ්රවි;
‘‘හට්ඨං යොග්ගං බලං සබ්බං, සෙනං සන්නාහයාමසෙ.
|
1157
ඉක්බිති ඒ රජුගේ අලාත නම් සෙනෙවිතෙම මේ කීයේය. සතුට ඇත්තාවූ වාහණද භට පිරිසද යන සියලු සෙනග රැස්කරමු.
|
1158
‘‘නිය්යාම දෙව යුද්ධාය, අනන්තබලපොරිසා;
යෙ තෙ වසං න ආයන්ති, වසං උපනයාමසෙ
(උපනිය්යාමසෙ (ක.));
එසා මය්හං සකා දිට්ඨි, අජිතං ඔජිනාමසෙ.
|
1158
“දේවයන්වහන්ස, අප්‍රමාණ බලසෙනග ඇති අපි යුද්ධයට පිටත්ව යමු. යම් ඒ සතුරු කෙනෙක් වසඟයට නොපැමිණෙත් නම් ඔවුන් වසඟයට පමුණුවන්නෙමු. අප විසින් නොදිනනලද යමෙක් ඇත්නම් ඔහු දිනන්නෙමු මේ මාගේ අදහස වේයයි” කීයේය.
|
1159
අලාතස්ස
‘‘සබ්බෙ තුය්හං මහාරාජ, අමිත්තා වසමාගතා.
|
1159
අලාත නම් සෙනෙවියාගේ කීම අසා සුනාම නම් සෙනෙවිතෙම මෙය කීයේය. “මහරජ, ඔබගේ සියලු පස මිතුරෝ වසඟවූහ.
|
1160
‘‘නික්ඛිත්තසත්ථා පච්චත්ථා, නිවාතමනුවත්තරෙ;
උත්තමො උස්සවො අජ්ජ, න යුද්ධං මම රුච්චති.
|
1160
“බහා තබනලද ශස්ත්‍ර ඇති සතුරෝ අවිරුද්ධව පවතිත්. අද උතුම්වූ උත්සව දිනයක්වේ. එහෙයින් මට යුද්ධය රුචි නොවේ.
|
1161
‘‘අන්නපානඤ්ච ඛජ්ජඤ්ච, ඛිප්පං අභිහරන්තු තෙ;
රමස්සු දෙව කාමෙහි, නච්චගීතෙ සුවාදිතෙ’’.
|
1161
“ආහාරද, පානවර්ගද, කෑයුතුදෑද ඔබවහන්සේට වහා එළවත්වා. මහාව වාදනය කරණලද නෘත්‍ය ගීතයන්ද එළවත්වා. දේවයන්වහන්ස, නුඹවහන්සේ පස්කම් සැපවලින් සිත් අලවනු මැනවයි” කීයේය.
|
1162
සුනාමස්ස වචො සුත්වා, විජයො එතදබ්රවි;
‘‘සබ්බෙ කාමා මහාරාජ, නිච්චං තව මුපට්ඨිතා.
|
1162
සුනාම නම් සෙනෙවියාගේ මේ කීම අසා විජය නම් සෙනෙවිතෙම මේ කීයේය. “මහරජ, සියලු කාම සම්පත්තීහු ඔබවහන්සේට නිතර එළඹ සිටියාහුය.
|
1163
‘‘න හෙතෙ දුල්ලභා දෙව, තව කාමෙහි මොදිතුං;
සදාපි කාමා සුලභා, නෙතං චිත්තමතං
(චිත්තං මතී (ක.)) මම.
|
1163
“දේවයන් වහන්ස, කම්සැපවලින් සතුටු වීමය යන මොව්හු නුඹවහන්සේට දුර්ලභ නොවෙත්. හැමකල්හිම කම් සැප ලැබෙත්. එබැවින් මෙය මාගේ සිතට අභිමත නොවේ.
|
1164
‘‘සමණං
යො නජ්ජ විනයෙ කඞ්ඛං, අත්ථධම්මවිදූ ඉසෙ’’.
|
1164
“අද අර්ථය හා ධර්මය දන්නාවූ යම් ඍෂීවරයෙක් අපගේ සැකය දුරුකරන්නේද, එබඳු බහුශ්‍රැතවූ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වෙත එළඹෙන්නෙමුයි” කීයේය.
|
1165
විජයස්ස වචො සුත්වා, රාජා අඞ්ගති මබ්රවි;
‘‘යථා විජයො භණති, මය්හම්පෙතංව රුච්චති.
|
1165
විජය නම් සෙනෙවිහුගේ කීම අසා අංගාති රජ තෙම මෙසේ කීයේය. ‘විජයතෙම යම්සේ කීයේද මටත් මෙයම රුචිවේ.
|
1166
‘‘සමණං
යො නජ්ජ විනයෙ කඞ්ඛං, අත්ථධම්මවිදූ ඉසෙ.
|
1166
“අර්ථයන් හා ධර්මයන් දන්නාවූ යම් ඍෂිවරයෙක් අද අපගේ සැකය දුරුකරන්නේද, එබඳු බහුශ්‍රැතවූ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙත එළඹෙමුයි’ කීයේය.
|
1167
‘‘සබ්බෙව සන්තා කරොථ මතිං, කං උපාසෙමු පණ්ඩිතං;
යො
(කො (සී. පී.)) නජ්ජ විනයෙ කඞ්ඛං, අත්ථධම්මවිදූ ඉසෙ’’.
|
1167
“අර්ථයන් හා ධර්මයන් දන්නාවූ කවර නම් ඍෂිවරයෙක් අද අපගේ සැකය දුරුකරන්නේද? අපි කවරනම් පණ්ඩිතයෙකු කරා එළඹෙමුදැයි මෙහි ඉන්නාවූ තෙපි සියලු දෙනාම කල්පනා කරව්.”
|
1168
‘‘වෙදෙහස්ස වචො සුත්වා, අලාතො එතදබ්රවි;
‘‘අත්ථායං
|
1168
වෙදේහ නම් රජුගේ වචනය අසා අලාත නම් සෙනෙවිතෙම මෙය කීයේය. “මෘගදායනම් උයනෙහි පණ්ඩිත යයි සම්මතවූ මේ අචේලකයෙක් ඇත්තේය.
|
1169
‘‘ගුණො කස්සපගොත්තායං, සුතො චිත්රකථී ගණී;
තං දෙව
(තදෙව (ක.)) පයිරුපාසෙමු
(පයිරුපාසය (සී. පී.)), සො නො කඞ්ඛං විනෙස්සති’’.
|
1169
“කාශ්‍යප ගොත්‍රයෙහිවූ ගුණ නම් හෙතෙම බහුශ්‍රැතය, විසිතුරු කථා ඇත්තේය. ගණාචාර්ය්යවේ. දෙවයන් වහන්ස, ඒ ආජිවකයා ඇසුරු කරණුමැනව. හෙතෙම අපගේ සැකය දුරුකරන්නේය.”
|
1170
‘‘අලාතස්ස වචො සුත්වා, රාජා චොදෙසි සාරථිං;
‘‘මිගදායං ගමිස්සාම, යුත්තං යානං ඉධානය’’.
|
1170
අලාත නම් සෙනෙවිහුගේ කීම අසා රජතෙම මෘගදාය නම් උයනට යන්නෙමු. සුදුසුවූ යානාවක් මෙහි ගෙණෙවයි” රියැදුරා මෙහෙය වීය.
|
1171
තස්ස යානං අයොජෙසුං, දන්තං රූපියපක්ඛරං
(රූපියුපක්ඛරං (ක.));
සුක්කමට්ඨපරිවාරං, පණ්ඩරං දොසිනාමුඛං.
|
1171
දළකඩමයවූ රිදියෙන් කළ වෙහෙල් පත් ඇති සුදුවූ මටසිළුටු ප්රාවරණ ඇති සඳරැසින් යුත් සන්ධ්‍යාවකට බඳු ශ්වෙතවර්ණවූ යානාවක් ඒ රජුට පිළියෙල කළාහුය.
|
1172
‘‘තත්රාසුං කුමුදායුත්තා, චත්තාරො සින්ධවා හයා;
අනිලූපමසමුප්පාතා
(අනිලූපමසමුප්පාදා (ක.)), සුදන්තා සොණ්ණමාලිනො.
|
1172
ඒ රථයෙහි කුමුදුවර්ණ ඇත්තාවූ වාතයට හා සමාන ගමන් වේග ඇත්තාවූ මනාව දැමුනාවූ රන්මාලා ඇත්තාවූ සෛන්ධව අශ්වයෝ සතරදෙනෙක් යොදනලද්දාහුය.
|
1173
‘‘සෙතච්ඡත්තං සෙතරථො, සෙතස්සා සෙතබීජනී;
වෙදෙහො සහමච්චෙහි, නිය්යං චන්දොව සොභති.
|
1173
ඡත්‍රයද ශ්වෙතවර්ණය, රථයද ශ්වෙතවර්ණය අශ්වයෝද, ශ්වෙතවර්ණය, වල්විදුනාවද ශ්වෙතවර්ණය මෙසේ ඇමැතියන් සමග යන්නාවූ වේදේහ රජතෙම සඳමෙන් බැබලුනේය.
|
1174
‘‘තමනුයායිංසු බහවො, ඉන්දිඛග්ගධරා
(ඉන්දඛග්ගධරා (සී.), ඉට්ඨිඛග්ගධරා (පී.)) බලී;
අස්සපිට්ඨිගතා වීරා, නරා නරවරාධිපං.
|
1174
ඉන්ද්රයාට බඳු කඩු දරන්නාවූ බලවත්වූ ධෛර්ය්ය සම්පන්නවූ අසුන්පිට නැංගාවූ බොහෝ මිනිස්සු ඒ රජහු අනුව ගමන්ගත්තාහුය.
|
1175
සො මුහුත්තංව යායිත්වා, යානා ඔරුය්හ ඛත්තියො;
වෙදෙහො සහමච්චෙහි, පත්තී ගුණමුපාගමි.
|
1175
වෙදෙහ නම් වූ ඒ ක්ෂත්රිය රජතෙම ඇමතියන් සමග මොහොතකින්ම උයනට ගොස් යානාවෙන් බැස පා ගමන් ඇත්තේ ගුණ නම් ආජිවකයා වෙතට එළඹියේය.
|
1176
යෙපි තත්ථ තදා ආසුං, බ්රාහ්මණිබ්භා සමාගතා;
න තෙ අපනයී රාජා, අකතං භූමිමාගතෙ.
|
1176
එකල්හි එහි රැස්වූ යම් බ්‍රාහ්මණ ගෘහපතියෝ වූවාහුද, රජතෙම ඔවුන් ඉවත් නොකෙළේය. අවකාශ නොකරණලද භූමියෙහි එකත්පස්ව හිඳගත්තේය.
|
1177
‘‘තතො
මුදුපච්චත්ථතෙ රාජා, එකමන්තං උපාවිසි.
|
1177
ඉක්බිති ඒ රජතෙම මෘදු ස්පර්ශ ඇති විසිතුරු ඇතිරිලි ඇත්තාවූ මෘදුවූ පසතුරුණුවලින් යුක්තවූ මොලොක් වූ බිස්සෙක්හි එකත්පස්ව හිඳගත්තේය.
|
1178
‘‘නිසජ්ජ රාජා සම්මොදි, කථං සාරණියං තතො;
‘‘කච්චි
|
1178
රජතෙම හිඳගෙණ ඉක්බිති සිහිකටයුතු කථාව කොට සතුටුවූයේය “ස්වාමීනි, කිම යැපියහැක්කේද, වාතයන්ගේ පීඩාවල් නැද්ද?
|
1179
‘‘කච්චි අකසිරා වුත්ති, ලභසි
(ලබ්භති (සී. පී.)) පිණ්ඩයාපනං
(පිණ්ඩියාපනං (ස්‍යා. ක.));
අපාබාධො චසි කච්චි, චක්ඛුං න පරිහායති’’.
|
1179
“කිම දිවිපැවැත්ම දුක්රහිතද, ආහාරයෙන් යැපීම ලැබේද, ස්වල්ප ආබාධ ඇත්තේවෙහිද, කිම චක්ෂුරාදී ඉන්ද්රිය නොපිරිහේද?”
|
1180
තං ගුණො පටිසම්මොදි, වෙදෙහං විනයෙ රතං;
‘‘යාපනීයං මහාරාජ, සබ්බමෙතං තදූභයං.
|
1180
ගුණ නම් ආජීවකතෙම විනයෙහි ඇළුනාවූ ඒ වේදේහ නම් රජුට සතුටුවියයුතු කථාවෙන් පිළිතුරු දුන්නේය. “මහරජතුමනි, යැපියැකිවේ. මේ සියල්ල එසේමය ඒ ආබාධ නැතිබවද ඉන්ද්රියයන්ගේ නොපිරිහීමද යන දෙකද, එසේමය.
|
1181
‘‘කච්චි
කච්චි අරොගං යොග්ගං තෙ, කච්චි වහති වාහනං;
කච්චි තෙ බ්යාධයො නත්ථි, සරීරස්සුපතාපියා’’
(සරීරස්සුපතාපිකා (සී. පී.), සරීරස්සුපතාපනා (?)).
|
1181
“වේදේහ රජතුමනි, කිමෙක්ද, ඔබගේ පසල්දනව් වැස්සෝ බලය නොපවත්වද්ද, කිම බලවාහණ නීරෝගද කිම ඔබගේ වාහණය ඔබ උසුලාද, කිමෙක්ද ශරීරය තවන්නාවූ ව්‍යාධීහු ඔබට නැද්ද?
|
1182
පටිසම්මොදිතො රාජා, තතො පුච්ඡි අනන්තරා;
අත්ථං ධම්මඤ්ච ඤායඤ්ච, ධම්මකාමො රථෙසභො.
|
1182
පිළිසඳර කථාවෙන් සතුටුකරණලද්දාවූ ධර්මය කැමතිවූ රථශ්රේෂ්ඨවූ ඒ රජතෙම ඊට අනතුරුව අර්ථයද, ධර්මයද න්‍යායයද විචාළේය.
|
1183
‘‘කථං ධම්මං චරෙ මච්චො, මාතාපිතූසු කස්සප;
කථං චරෙ ආචරියෙ, පුත්තදාරෙ කථං චරෙ.
|
1183
“කාශ්‍යපයන් වහන්ස, මනුෂ්‍යතෙම මව්පියන් කෙරෙහි කෙසේ ධර්මයෙන් හැසිරෙන්නේද, ගුරුවරයා කෙරෙහි කෙසේ හැසිරෙන්නේද, අඹුදරුවන් කෙරෙහි කෙසේ හැසිරෙන්නේද?
|
1184
‘‘කථං චරෙය්ය වුඩ්ඪෙසු, කථං සමණබ්රාහ්මණෙ;
කථඤ්ච බලකායස්මිං, කථං ජනපදෙ චරෙ.
|
1184
“වැඩිහිටියන් කෙරෙහි කෙසේ හැසිරෙන්නේද? මහණ බමුණන් කෙරෙහි කෙසේ හැසිරෙන්නේද, බලසෙනග කෙරෙහි කෙසේ හැසිරෙන්නේද, දනව් වැස්සන් කෙරෙහි කෙසේ හැසිරෙන්නේද?
|
1185
‘‘කථං ධම්මං චරිත්වාන, මච්චා ගච්ඡන්ති
(පෙච්ච ගච්ඡති (සී. ස්‍යා. පී.)) සුග්ගතිං;
කථඤ්චෙකෙ අධම්මට්ඨා, පතන්ති නිරයං අථො’’.
|
1185
“කෙසේ නම් ධර්මයෙහි හැසිර පරලොව සුගතියට පැමිණේද, කෙසේ නම් අධර්මයෙහි පිහිටියාවූ සමහරු යට දිශාවෙහි නරකයට වැටෙද්දැයි” විචාළේය.
|
1186
‘‘වෙදෙහස්ස වචො සුත්වා, කස්සපො එතදබ්රවි;
‘‘‘සුණොහි මෙ මහාරාජ, සච්චං අවිතථං පදං.
|
1186
“වේදේහ රජුගේ වචනය අසා කස්සප නම් අචේලක තෙම මෙය කීයේය. “මහරජ්ජුරුවෙනි. සත්‍යවූ බොරු නොවන්නාවූ කාරණය මාගෙන් අසව.
|
1187
‘‘‘නත්ථි ධම්මචරිතස්ස
(ධම්මස්ස චිණ්ණස්ස (සී.)), ඵලං කල්යාණපාපකං;
නත්ථි
|
1187
“පුරුදුකරණලද ධර්මයාගේ යහපත්වූද, අයහපත්වූද විපාකයක් නැත්තේය. දෙවයෙනි, පරලොවක් නැත්තේය. එයින් කවරෙක් නම් මෙහි ආයේවේද?
|
1188
‘‘‘නත්ථි
නත්ථි ආචරියො නාම, අදන්තං කො දමෙස්සති.
|
1188
“දේවයෙනි, මුත්තනු මුත්තනියෝද නැත. එහෙයින් මව කොයින්ද, පියා කොයින්ද, ගුරුවරයෙක් නම් නැත්තේය. එහෙයින් කවරෙක් නම් නොදැමුනහු දමනය කරන්නේද?
|
1189
‘‘‘සමතුල්යානි භූතානි, නත්ථි ජෙට්ඨාපචායිකා;
නත්ථි බලං වීරියං වා, කුතො උට්ඨානපොරිසං;
නියතානි හි භූතානි, යථා ගොටවිසො තථා.
|
1189
“සත්වයෝ සමසම වූවාහු වෙත්. වැඩිහිටියන් පුදන්නාහු නැත. බලයක් හෝ වීර්‍ය්‍යයක් හෝ නැත, උට්ඨාන වීර්‍ය්‍යයක් පුරුෂ වීර්‍ය්‍යයක් කොයින්ද, නැවක් අත්හැර නොයන්නාවූ ගල්වන මෙන් සත්වයෝ නියමය අනුවමයෙත්.
|
1190
‘‘‘ලද්ධෙය්යං ලභතෙ මච්චො, තත්ථ දානඵලං කුතො;
නත්ථි දානඵලං දෙව, අවසො දෙවවීරියො.
|
1190
“මනුෂ්‍යතෙම ලැබියයුත්ත ලබන්නේය. එහි දානයෙහි විපාකයක් කොයින්ද? දේවයෙනි, දානයෙහි විපාකයක් නැත. දෙන තැනැත්තේ වසඟ නොවූයේ වීර්‍ය්‍ය නැත්තේ දෙයි.
|
1191
‘‘‘බාලෙහි දානං පඤ්ඤත්තං, පණ්ඩිතෙහි පටිච්ඡිතං;
අවසා දෙන්ති ධීරානං, බාලා පණ්ඩිතමානිනො.
|
1191
“අඥානයන් විසින් දානය පනවනලදී. නුවණැත්තන් විසින් එය පිළිගන්නාලදී. පණ්ඩිතයයි යන සිත් ඇත්තාවූ අඥානයෝ අවසඟවූවාහු ප්‍රාඥයන්ට දෙත්යයි” කීයේය.
|
1192
‘‘‘සත්තිමෙ සස්සතා කායා, අච්ඡෙජ්ජා අවිකොපිනො;
තෙජො පථවී ආපො ච, වායො සුඛං දුඛඤ්චිමෙ;
ජීවෙ ච සත්තිමෙ කායා, යෙසං ඡෙත්තා න විජ්ජති.
|
1192
“නොසිඳියහැක්කාවූ වෙනස් නොකොටහැක්කාවූ ශාස්වතවූ මේ සමූහ සතක් වෙත්. එනම් තේජසද, පෘථිවියද, ජලයද, වාතයද, සැපයද, දුකද ජීවයද යන මේ සතයි. යම් කෙනෙකුන්ගේ සිඳීමක් නැද්ද, ඒ මේ සමූහ සත වෙත්.
|
1193
‘‘‘නත්ථි හන්තා ව ඡෙත්තා වා, හඤ්ඤෙ යෙවාපි
(හඤ්ඤරෙ වාපි (සී. ස්‍යා. පී.)) කොචි නං;
අන්තරෙනෙව කායානං, සත්ථානි වීතිවත්තරෙ.
|
1193
“නසන්නෙක් හෝ සිඳින්නෙක් හෝ කිසිවෙක් එය නසනු ලබන්නේද, එබන්දෙක් නැත. මේ සත්වැදෑරුම් වූ සමූහයන්ගේ අතරෙන්ම ආයුධ ඉක්ම පවතිත්.
|
1194
‘‘‘යො
න සො ඡින්දති තෙ කායෙ, තත්ථ පාපඵලං කුතො.
|
1194
“මේ යම්කිසිවෙක් අනුන්ගේ හිසක් අල්වාගෙණ මුවහත් ඇති කඩුවකින් සිඳීද. හෙතෙම ඒ සත්ව කායයන් නොසිඳියි. එහි පාප විපාකයක් කොයින්ද?
|
1195
‘‘‘චුල්ලාසීතිමහාකප්පෙ, සබ්බෙ සුජ්ඣන්ති සංසරං;
අනාගතෙ තම්හි කාලෙ, සඤ්ඤතොපි න සුජ්ඣති.
|
1195
“සූ අසූ මහාකල්පයක් සැරිසරමින් මේ සියල්ලෝ පිරිසිදු වෙත්. ඒ කියනලද කාලය නොපැමිණි කල්හි සංයම ඇත්තේද පිරිසිදු නොවේ.
|
1196
‘‘‘චරිත්වාපි බහුං භද්‍රං, නෙව සුජ්ඣන්තිනාගතෙ;
පාපඤ්චෙපි
|
1196
“බොහෝවූ යහපතෙහි හැසිරද එකී කාලය නො පැමිණිකල්හි නොමපිරිසිදු වෙත්. ඉදින් බොහෝ පව්කොට නමුත් එකී කාලය ඉක්මවනුලැබේ.
|
1197
‘‘‘අනුපුබ්බෙන නො සුද්ධි, කප්පානං චුල්ලසීතියා;
නියතිං නාතිවත්තාම, වෙලන්තමිව සාගරො’’’.
|
1197
“කල්පයන් සම්බන්ධ සූ අසූවකින් පිළිවෙළින් අපගේ ශුද්ධිය වේ. සාගරයතෙම වෙරළ නොඉක්මවන්නාක් මෙන් අපිදු නියමය ඉක්මවා නොපවතිමුයි” නිගණ්ඨතෙම කීයේය.
|
1198
කස්සපස්ස වචො සුත්වා, අලාතො එතදබ්රවි;
‘‘යථා භදන්තො භණති, මය්හම්පෙතංව රුච්චති.
|
1198
කාශ්‍යප නම් නිගණ්ඨයාගේ කීම අසා අළාත නම් සෙනෙවිතෙම මෙය කීයේය. “පින්වතුන් වහන්සේ යම්සේ කියාද මටත් මෙයම රුචිවේ.
|
1199
‘‘අහම්පි පුරිමං ජාතිං, සරෙ සංසරිතත්තනො;
පිඞ්ගලො නාමහං ආසිං, ලුද්දො ගොඝාතකො පුරෙ.
|
1199
“මමද තමන් සැරිසැරූ පළමු ජාතිය සිහිකරමි. පෙර ජාතියෙහි මම පිංගල නම් රෞද්‍රවූ ගව ඝාතකයෙක්වීමි.
|
1200
‘‘බාරාණසියං
බහූ මයා හතා පාණා, මහිංසා සූකරා අජා.
|
1200
“සමෘද්ධවූ බරණැස් නුවර මා විසින් බොහෝ පව් කරණලදී. මීමෝය, ඌරෝය, එළුවෝය යන බොහෝ ප්‍රාණීහු මා විසින් නසන ලදහ.
|
1201
‘‘තතො චුතො ඉධ ජාතො, ඉද්ධෙ සෙනාපතීකුලෙ;
නත්ථි නූන ඵලං පාපං, යොහං
(පාපෙ සොහං (සී. පී.)) න නිරයං ගතො.
|
1201
“එයින් චුතවූ මම මේ නගරයෙහි සමෘද්ධවූ සෙනෙවි කුලයෙක්හි උපන්නෙමි. ඒ මම නරකයට නොගියෙමි. එහෙයින් පව් කිරීමෙහි විපාක නැතැයි සිතමියි” කීයේය.
|
1202
අථෙත්ථ බීජකො නාම, දාසො ආසි පටච්චරී
(පළච්චරී (සී. පී.), පටජ්ජරී (ක.));
උපොසථං උපවසන්තො, ගුණසන්තිකුපාගමි.
|
1202
ඉක්බිති මේ මියුළුනුවර දිළිඳුවූ බීජක නම් දාසයෙක් විය. පෙහෙවස් වසන්නාවූ හෙතෙම ගුණ නම් ඒ නිගණ්ඨයා සමීපයට පැමිණියේය.
|
1203
කස්සපස්ස වචො සුත්වා, අලාතස්ස ච භාසිතං;
පස්සසන්තො මුහුං උණ්හං, රුදං අස්සූනි වත්තයි.
|
1203
කාශ්‍යපයාගේ කීම අසා අලාතගේද කීම අසා වරින්වර සුසුම්ලමින් උනුසුම්කොට හඬමින් කඳුළු වැගිරවීය.
|
1204
තමනුපුච්ඡි වෙදෙහො, ‘‘කිමත්ථං සම්ම රොදසි;
කිං තෙ සුතං වා දිට්ඨං වා, කිං මං වෙදෙසි වෙදනං’’.
|
1204
“වේදේහ නම් රජතෙම යහළුව, කුමක්නිසා හඬන්නෙහිදැයි” ඔහුගෙන් ඇසීය. නුඹ විසින් කුමක් අසනලද්දේ හෝ දක්නාලද්දේ හෝ වේද, කවර වේදනාවකට හෝ පැමිණියෙහිද, එය මට දන්වවයි” කීයේය.
|
1205
වෙදෙහස්ස වචො සුත්වා, බීජකො එතදබ්රවි;
‘‘නත්ථි මෙ වෙදනා දුක්ඛා, මහාරාජ සුණොහි මෙ.
|
1205
වේදේහ නම් රජුගේ වචනය අසා බීජක නම් දාස තෙම මේ කීයේය. “මහරජ්ජුරුවෙනි, මට දුක් වේදනාවක් නැත. මාගේ වචනය අසනුමැනව.
|
1206
‘‘අහම්පි පුරිමං ජාතිං, සරාමි සුඛමත්තනො;
සාකෙතාහං
|
1206
“මමද තමහට සැපවූ පළමු ජාතිය සිහිකරමි. මම පෙර ජාතියෙහි සාකේත නම් නුවර භාවසෙට්ඨි නම් ගුණයෙහි ඇළුනෙක්වීමි
|
1207
‘‘සම්මතො බ්රාහ්මණිබ්භානං, සංවිභාගරතො සුචි;
න චාපි පාපකං කම්මං, සරාමි කතමත්තනො.
|
1207
“බ්‍රාහ්මණයන් හා ගෘහපතීන් විසින් සම්භාවනා කරණලද දාන සංවිභාගයෙහි ඇළුනාවූ පවිත්‍රවූ කර්මාන්ත ඇති මම තමන් කළාවූ ලාමකවූ කර්මයක්ද සිහි නොකරමි
|
1208
‘‘තතො චුතාහං වෙදෙහ, ඉධ ජාතො දුරිත්ථියා;
ගබ්භම්හි කුම්භදාසියා, යතො ජාතො සුදුග්ගතො.
|
1208
“වේදෙහ රජ්ජුරුවෙනි, එයින් චුතවූ මම මේ මියුළු නුවර දිළිඳු ස්ත්රියක්වූ කුම්භ දාසියකගේ කුසෙහි ඉපදුනෙමි. උපන් තැන් සිට ඉතා දිළිඳුවූවෙක් වෙමි.
|
1209
‘‘එවම්පි
උපඩ්ඪභාගං භත්තස්ස, දදාමි යො මෙ ඉච්ඡති.
|
1209
“මෙසේද දුක්පත්වූම මම සමවූ හැසිරීමෙහි පිහිටියේ වෙමි. යමෙක් මාගෙන් කැමතිවේනම් ඔහුට අනුභව කරණ බත දෙකට බෙදා කොටසක් දෙමි.
|
1210
‘‘චාතුද්දසිං පඤ්චදසිං, සදා උපවසාමහං;
න චාපි
(න අහං (ක.)) භූතෙ හිංසාමි, ථෙය්යඤ්චාපි විවජ්ජයිං.
|
1210
“තුදුස්වකද පසළොස්වකද හැමකල්හි මම පෙහෙවස් වසමි. සතුන්ටද හිංසා නොකරමි. සොරකමද දුරු කෙළෙමි.
|
1211
‘‘සබ්බමෙව හි නූනෙතං, සුචිණ්ණං භවති නිප්ඵලං;
නිරත්ථං මඤ්ඤිදං සීලං, අලාතො භාසතී යථා.
|
1211
“මනාව පුරුදු කරණ ලද මේ සියල්ලම ඒකාන්තයෙන් නිෂ්ඵලවේ. අලාත නම් සෙනෙවිතෙම යම්සේ කියාද එසේ මේ ශීලය නිෂ්ප්රයෝජනයයි හඟිමි.
|
1212
‘‘කලිමෙව නූන ගණ්හාමි, අසිප්පො ධුත්තකො යථා;
කටං අලාතො ගණ්හාති, කිතවොසික්ඛිතො යථා.
|
1212
“ශිල්පය නොදන්නාවූ දූ කෙළින්නෙක් මෙන් මම ඒකාන්තයෙන් පරාජය ගණිමි. ශිල්පය දැනගත්තාවූ දූ කෙළින්නෙක් යම්සේද, එමෙන් අලාත නම් සෙනෙවිතෙම දිනුම ගනියි.
|
1213
‘‘ද්වාරං
තස්මා රාජ පරොදාමි, සුත්වා කස්සපභාසිතං’’.
|
1213
“යම් දොරටුවකින් සුගතියට යන්නෙම්ද ඒ දොරටුව නොදකිමි. මහරජ, කාශ්‍යප නම් ආජීවකයාගේ තෙපුල අසා එහෙයින් හඬමියි” කීයේය.
|
1214
බීජකස්ස වචො සුත්වා, රාජා අඞ්ගති මබ්රවි;
‘‘නත්ථි ද්වාරං සුගතියා, නියතිං
(නියතං (ස්‍යා.)) කඞ්ඛ බීජක.
|
1214
“බීජකයාගේ කීම අසා අංගාති නම් රජතෙම මෙසේ කීයේය. යහළු බීජකය “සුගතියට දොරටුවක් නැත්තේය. එහෙයින් නියමයම බලාපොරොත්තු වෙව.
|
1215
‘‘සුඛං වා යදි වා දුක්ඛං, නියතියා කිර ලබ්භති;
සංසාරසුද්ධි සබ්බෙසං, මා තුරිත්ථො
(තුරිතො (ස්‍යා.)) අනාගතෙ.
|
1215
“සැපයක් හෝ ඉදින් දුකක් හෝ ලබන්නේ නම් එය කාල නියමයෙන්ම ලබන්නේය. සියල්ලන්ගේ සංසාර ශුද්ධිය වේ. ඒ කාලය නොපැමිණි කල්හි ඉක්මන් නොවෙව
|
1216
‘‘අහම්පි පුබ්බෙ කල්යාණො, බ්රාහ්මණිබ්භෙසු බ්යාවටො
(වාවටො (ක.));
වොහාරමනුසාසන්තො
|
1216
“මමද පූර්වයෙහි යහපත්වූයේ බ්‍රාහ්මණයන් හා ගෘහපතීන් කෙරෙහි ව්යාවෘතවූයෙමි. විනිශ්චය ස්ථානයෙහිද ව්‍යවහාරය අනුශාසනා කරමින් ඒ අතරතුර කාමගුණයන්හි ඇලීමෙන් පිරිහුනේ වෙමියි” කීයේය.
|
1217
‘‘පුනපි භන්තෙ දක්ඛෙමු, සඞ්ගති චෙ භවිස්සති’’;
ඉදං වත්වාන වෙදෙහො, පච්චගා සනිවෙසනං.
|
1217
“ස්වාමීනි, ඉදින් අපගේ එක්වීමක් වන්නේ නම් නැවතද දක්නෙමුයි” වේදෙහ නම් රජතෙම මෙය කියා ස්වකීය භවනයට පෙරලා ගියේය.
|
1218
තතො රත්යා විවසානෙ, උපට්ඨානම්හි අඞ්ගති;
අමච්චෙ සන්නිපාතෙත්වා, ඉදං වචනමබ්රවි.
|
1218
ඉක්බිති රාත්රීහුගේ ඇවෑමෙහි අංගාති රජතෙම තමහට උපස්ථාන කරණ තන්හි ඇමතියන් රැස්කරවා මේ වචනය කීයේය
|
1219
‘‘චන්දකෙ මෙ විමානස්මිං, සදා කාමෙ විධෙන්තු මෙ;
මා උපගච්ඡුං අත්ථෙසු, ගුය්හප්පකාසියෙසු ච.
|
1219
“මාගේ චන්ද්රක නම් ප්රාශාදයෙහි මට හැමකල්හි කාමසම්පත් සංවිධාන කෙරෙත්වා. රහසිගතවූද ප්රකාශයෙහිවූද කටයුතු ඇතිවූ කල්හි කිසිකෙනෙක් මා වෙත නොඑළඹෙත්වා
|
1220
‘‘විජයො ච සුනාමො ච, සෙනාපති අලාතකො;
එතෙ අත්ථෙ නිසීදන්තු, වොහාරකුසලා තයො’’.
|
1220
“විජය නම් සෙනෙවි තෙමේද, සුනාම නම් සෙනෙවි තෙමේද, අලාත නම් සෙනෙවිතෙමේද යන ව්‍යවහාරයන්හි දක්ෂවූ මේ තුන්දෙනා විනිශ්චය ස්ථානයෙහි හිඳ ගනිත්වා”
|
1221
ඉදං වත්වාන වෙදෙහො, කාමෙව බහුමඤ්ඤථ;
න චාපි බ්රාහ්මණිබ්භෙසු, අත්ථෙ කිස්මිඤ්චි බ්යාවටො.
|
1221
“වේදෙහ නම් රජතෙම මෙය කියා කාම සම්පත්ම බොහෝකොට අනුභව කෙළේය. බ්‍රාහ්මණයන් හා ගෘහපතීන් කෙරෙහිවූ කිසි කටයුත්තෙහි ව්‍යාවෘත නොවූයේයි
|
1222
තතො ද්වෙසත්තරත්තස්ස, වෙදෙහස්සත්රජා පියා;
රාජකඤ්ඤා රුචා
(රුජා (සී. පී.) එවමුපරිපි) නාම, ධාතිමාතරමබ්රවි.
|
1222
“ඉක්බිති දහහතර වන දවසෙහි වේදෙහ නම් රජහුගේ ප්‍රිය ධීතෘවූ රුජා නම් රාජ කන්‍යාව කිරි මවට මෙසේ කීයේය.
|
1223
‘අලඞ්කරොථ මං ඛිප්පං, සඛියො චාලඞ්කරොන්තු
(ච කරොන්තු (සී. පී.)) මෙ;
සුවෙ පන්නරසො දිබ්යො, ගච්ඡං ඉස්සරසන්තිකෙ’
(පිතුස්ස සන්තිකෙ (ස්‍යා.)).
|
1223
“වහාම මා සරසව්. මාගේ යෙහෙළියෝද අලංකාර කෙරෙත්වා. සෙට දිව්‍යවූ පසළොස්වක වේ පිය රජුවෙතට යන්නෙමි.”
|
1224
තස්සා
මණිසඞ්ඛමුත්තාරතනං, නානාරත්තෙ ච අම්බරෙ.
|
1224
ඈට මල් මාලා පැමිණවූහ. මාහැඟිවූ සුවඳ සඳුන්ද මැණික්ය, සක්ය, මුතුය යන රත්නද නා නා වර්ණ වස්ත්‍රයන්ද පැමිණවූහ.
|
1225
තඤ්ච
පරිකිරිය පසොභිංසු
(අසොභිංසු (සී. ස්‍යා. පී.)), රුචං රුචිරවණ්ණිනිං.
|
1225
“ස්වර්ණමය පුටුවෙහි උන්නාවූ මනොඥ ශරීරවර්ණ ඇත්තාවූ ඒ රුජා නම් රාජකන්‍යාව පිරිවරාගෙණ සිටියාවූ බොහෝ ස්ත්‍රීහු අතිශයින් බැබළුෑහ.
|
1226
සා ච සඛිමජ්ඣගතා, සබ්බාභරණභූසිතා;
සතෙරතා
|
1226
“යෙහෙලින් මැදට ගියාවූ සියලු ආභරණයෙන් සැරසුනාවූ ඒ රුජා නම් රාජකන්‍යා තොමෝද වළාකුලකට ඇතුල්වන්නාවූ විදුලියක් මෙන් චන්ද්රක නම් ප්‍රාසාදයට ඇතුල්විය.
|
1227
උපසඞ්කමිත්වා වෙදෙහං, වන්දිත්වා විනයෙ රතං;
සුවණ්ණඛචිතෙ
(සුවණ්ණවිකතෙ (සී. පී.)) පීඨෙ, එකමන්තං උපාවිසි’’.
|
1227
“විනයෙහි ඇළුනාවූ වේදෙහ රජු වෙතට පැමිණ වැඳ රණින් විසිතුරු කොට කරණ ලද පූටුවෙක්හි එකත්පස්ව ඉඳගත්තේය.
|
1228
තඤ්ච දිස්වාන වෙදෙහො, අච්ඡරානංව සඞ්ගමං;
රුචං සඛිමජ්ඣගතං, ඉදං වචනමබ්රවි.
|
1228
“වේදෙහ රජතෙම දිව්‍යප්සරාවන් සමූහයක් බඳුවූ ඒ පිරිසිද දැක යෙහෙළින් මැදට පැමිණියාවූ රුජා නම් දියණියට මේ වචනය කීයේය
|
1229
‘‘කච්චි රමසි පාසාදෙ, අන්තොපොක්ඛරණිං පති;
කච්චි බහුවිධං ඛජ්ජං, සදා අභිහරන්ති තෙ.
|
1229
“කිමෙක්ද දියණියෙනි, මා විසින් කරවා දෙන ලද ප්‍රාසාදයෙහි ඇලෙන්නෙහිද, ගෘහ වස්තුව ඇතුළතවූ පොකුණෙහි සිත් අලවන්නෙහිද, කිම අනෙක ප්‍රකාරවූ ඛාද්‍යය හැමකල්හි තිට පමුණුවත්ද?
|
1230
‘‘කච්චි බහුවිධං මාල්යං, ඔචිනිත්‍වා කුමාරියො;
ඝරකෙ කරොථ පච්චෙකං, ඛිඩ්ඩාරතිරතා මුහුං
(අහු (ස්‍යා. ක.)).
|
1230
“කිම අනෙකප්‍රකාරවූ මල් රැස්කොට ක්රීඩාරතියෙහි ඇළුනාවූ කුමරියෝ වරින්වර වෙන් වෙන් වශයෙන් මල් ගුලාවන් කරන්නාහුද?
|
1231
‘‘කෙන වා විකලං තුය්හං, කිං ඛිප්පං ආහරන්තු තෙ;
මනොකරස්සු කුඩ්ඩමුඛී
(කුට්ටමුඛී (සී. පී.)), අපි චන්දසමම්හිපි’’
(අපි චන්දසමම්පි තෙ (ක.)).
|
1231
“කුමකින් හෝ තිට වෙනසක් වේද, වහා එය ඔව්හු පමුණුවත්වා, අබ ආදී කුඩුවලින් පැහැපත් කරණ ලද මුහුණු ඇත්තිය, චන්ද්‍රයා හා සමාන දෙයෙහි පවා සිත් උපද වන්නෙහි නම් එයද ලබාදෙමියි” රජතෙම කීයේය
|
1232
වෙදෙහස්ස වචො සුත්වා, රුචා පිතරමබ්රවි;
‘‘සබ්බමෙතං මහාරාජ, ලබ්භතිස්සරසන්තිකෙ.
|
1232
වේදෙහ නම් රජහුගේ කීම අසා රුජා නම් රාජ කන්‍යාව පිය රජුට මෙය කීයේය. “මහරජ්ජුරුවෙනි, ජනාධිපතිවූ ඔබ සමීපයෙහි මේ සියල්ල ලැබේ.
|
1233
‘‘සුවෙ පන්නරසො දිබ්යො, සහස්සං ආහරන්තු මෙ;
යථාදින්නඤ්ච දස්සාමි, දානං සබ්බවනීස්වහං’’
(සබ්බවණීස්වහං (ස්‍යා. ක.)).
|
1233
“පියාණෙනි, හෙට දිව්‍යවූ පසළොස්වක් පොහොය වේ. මට දහසක් කහවණු දෙත්වා. මම සියලු යාචකයන් කෙරෙහි දෙන ලද පරිදි දානයද දෙන්නෙමියි” කීවාය.
|
1234
රුචාය වචනං සුත්වා, රාජා අඞ්ගති මබ්රවි;
‘‘බහුං විනාසිතං විත්තං, නිරත්ථං අඵලං තයා.
|
1234
රුජා නම් කුමරියගේ කීම අසා අංගාති රජ මෙසේ කීයේය. “තී විසින් නිෂ්ඵල පරිදි නිරර්ථකයේ බොහෝ වස්තුව විනාශ කරණ ලදී.
|
1235
‘‘උපොසථෙ වසං නිච්චං, අන්නපානං න භුඤ්ජසි;
නියතෙතං අභුත්තබ්බං, නත්ථි පුඤ්ඤං අභුඤ්ජතො’’.
|
1235
“නිතර පෙහෙවස් වසමින් ආහාර පාන අනුභව නොකරන්නෙහිය. නියමය වශයෙන් මෙය නොවැළඳිය යුතුය. අනුභව නොකරන්නහුට පිනක් නම් නැතැයි” කීයේය.
|
1236
‘‘බීජකොපි හි සුත්වාන, තදා කස්සපභාසිතං;
පස්සසන්තො
|
1236
බීජක තෙමේද වනාහි එකල්හි කාශ්‍යප නම් නිගණ්ඨයාගේ කීම අසා නැවත නැවත ප්‍රස්වාස කරමින් උනුසුම්ව හඬමින් කඳුළු වැගිරවීය.
|
1237
‘‘යාව
නත්ථි භද්දෙ පරො ලොකො, කිං නිරත්ථං විහඤ්ඤසි’’.
|
1237
“එම්බා රුජාවෙනි, යම්තාක් ජීවත්වන්නෙහි නම් ඒතාක් අනුභව කිරීම අත්නොහරුව. සොඳුරු දියණිය, පරලොවක් නැත්තේය. කුමට නිරර්ථකයේ වෙහෙසෙන්නෙහි දැයි” කීයේය.
|
1238
වෙදෙහස්ස වචො සුත්වා, රුචා රුචිරවණ්ණිනී;
ජානං පුබ්බාපරං ධම්මං, පිතරං එතදබ්රවි.
|
1238
මනොඥවූ ශරීර වර්ණ ඇති රුජා නම් රාජකන්‍යා තොමෝ වෙදෙහනම් පිය රජුගේ කීම අසා යටගිය ජාති සතක්හුගේ වශයෙන් පූර්වවූද මතු එන්නාවූ ජාති සතක්හුගේ වශයෙන් අපරවූද ස්වභාවය දනිමින් පියාට මෙය කීයේය.
|
1239
‘‘සුතමෙව
බාලූපසෙවී යො හොති, බාලොව සමපජ්ජථ.
|
1239
“යමෙක් අඥානයන් සේවනය කරන්නේවේද, හෙතෙම අඥානයෙක්ම වේය, යනු මා විසින් පෙර අසන ලද්දක්ම විය. මෙය වනාහි මා විසින් දැන් ප්රත්යක්ෂයෙන් දක්නා ලදී.
|
1240
‘‘මූළ්හො හි මූළ්හමාගම්ම, භිය්යො මොහං නිගච්ඡති;
පතිරූපං අලාතෙන, බීජකෙන ච මුය්හිතුං.
|
1240
“මුළාවූවෙක් වනාහි මුළාවූවෙකු වෙතට පැමිණ වැඩියක් මුළාවට පැමිණේ. එබැවින් අලාත නම් සෙනෙවියා විසින්ද, බීජක නම් දාසයා විසින්ද, මුලාවන්ට සුදුසු වේමයයි” කීවාය.
|
1241
‘‘ත්වඤ්ච දෙවාසි සප්පඤ්ඤො, ධීරො අත්ථස්ස කොවිදො;
කථං බාලෙහි සදිසං, හීනදිට්ඨිං උපාගමි.
|
1241
“දෙවයන් වහන්ස, නුඹ වහන්සේද සප්රාඥවෙහිය. එහෙයින් ධෛර්ය්යවන්ත වෙහිය. කාරණා කාරණා දැනීමෙහි දක්ෂවෙහිය. කෙසේනම් බාලයින් හා සමානවූ ලාමකවූ දෘෂ්ටියට පැමිණියේද?
|
1242
‘‘සචෙපි සංසාරපථෙන සුජ්ඣති, නිරත්ථියා පබ්බජ්ජා ගුණස්ස;
කීටොව අග්ගිං ජලිතං අපාපතං, උපපජ්ජති මොහමූළ්හො
(මොමුහො (සී. පී.)) නග්ගභාවං.
|
1242
“ඉදින් වනාහි සංසාර මාර්ගයෙන් පිරිසිදුවේනම් ගුණ නම් නිගණ්ඨයාගේ ප්‍රව්‍රජ්‍යාව නිරර්ථක වන්නීය. ඇවිලෙන්නාවූ ගින්නට පැමිණ විනාශ වන්නාවූ පලඟැටියෙකු මෙන් අතිශයින් මුලාවූයේ නග්න භාවයට පැමිණේ.
|
1243
‘‘සංසාරසුද්ධීති පුරෙ නිවිට්ඨා, කම්මං විදූසෙන්ති බහූ අජානං
(බහූ පජා (ක.));
පුබ්බෙ කලී දුග්ගහිතොවඅත්ථා
(අත්ථො (ක.), දුග්ගහිතොව’නත්ථා (?)), දුම්මො ච යා බලිසා අම්බුජොව.
|
1243
“පියාණෙනි, සංසාරයෙන් ශුද්ධිය වේයයි පළමු ඇතුළත්වූවාහු නොදැන බොහෝදෙනා කර්මය දූෂ්‍ය කෙරෙත්. මෙසේ පළමු නපුරුකොට ගන්නා ලද්දේම පරාජයවේ. මෙසේ නොදැන ගන්නාලද අර්ථ ඇත්තාහු බිලියෙන් නොමිදිය හැකි මසෙකු මෙන් නොමිදිය හැක්කාහු වෙත් යයි” කීවාය.
|
1244
‘‘උපමං තෙ කරිස්සාමි, මහාරාජ තවත්ථියා;
උපමාය
|
1244
“මහරජ තුමනි, ඔබගේ ප්‍රයෝජනය පිණිස ඔබට උපමාවක් ගෙණහැර දක්වන්නෙමි. මේ ලෝකයෙහි ඇතැම් පණ්ඩිතයෝ උපමාවෙන්ද අර්ථය දැන ගනිත්.
|
1245
‘‘වාණිජානං යථා නාවා, අප්පමාණභරා
(අප්පමාණහරා (පී.)) ගරු;
අතිභාරං සමාදාය, අණ්ණවෙ අවසීදති.
|
1245
“යම්සේ වෙළඳුන්ගේ නැවක අපමණවූ බඩු බර ඇත්තී. බරවූවා අධික බර හැරගෙණ සාගරයෙහි ගැලේද,
|
1246
‘‘එවමෙව නරො පාපං, ථොකං ථොකම්පි ආචිනං;
අතිභාරං සමාදාය, නිරයෙ අවසීදති.
|
1246
“මෙපරිද්දෙන්ම මනුෂ්‍යතෙම පාපකර්මය ටික ටික නමුත් රැස් කරමින් අධිකවූ බර හැරගෙණ නරකයෙහි ගැලේ.
|
1247
‘‘න තාව භාරො පරිපූරො, අලාතස්ස මහීපති;
ආචිනාති ච තං පාපං, යෙන ගච්ඡති දුග්ගතිං.
|
1247
“මහරජ, අලාත නම් සෙනෙවියාගේ අකුසල් බර තවම සම්පූර්ණවූයේ නොවේ. යම් කර්මයකින් හෙතෙම දුර්ගතියට යේද. හෙතෙම ඒ පාපකර්මයද රැස් කරයි.
|
1248
‘‘පුබ්බෙවස්ස
තස්සෙව දෙව නිස්සන්දො, යඤ්චෙසො ලභතෙ සුඛං.
|
1248
“මහරජ, අලාත නම් සෙනෙවියාගේ පෙර ඔහු විසින් කරණ ලද පිනක්ම වේ. දෙවයන් වහන්ස, මෙතෙම යම් සුවයක් ලබානම්, ඒ කුශලකර්‍මයාගේ මේ විපාකයවේ.
|
1249
‘‘ඛීයතෙ චස්ස තං පුඤ්ඤං, තථා හි අගුණෙ රතො;
උජුමග්ගං අවහාය
(අපාහාය (සී.)), කුම්මග්ගමනුධාවති.
|
1249
“මොහුගේ ඒ පින පිරිහේමැයි. එසේම අකුශල කර්මයෙහි ඇළුනාවූ හෙතෙම ඍජුවූ කුශල මාර්ගය හැර දමා අයහපත්වූ අකුශල මාර්ගයෙහි දුවයි.
|
1250
‘‘තුලා යථා පග්ගහිතා, ඔහිතෙ තුලමණ්ඩලෙ;
උන්නමෙති තුලාසීසං, භාරෙ ඔරොපිතෙ සති.
|
1250
“යම්සේ අල්ලාගන්නාලද තරාදිය තුලා මණ්ඩලයෙහි බඩු දැමූ කල්හි පහත් වේද, බර ඉවත්කළ කල්හි තරාදිය උස්වේද?
|
1251
‘‘එවමෙව නරො පුඤ්ඤං, ථොකං ථොකම්පි ආචිනං;
සග්ගාතිමානො දාසොව, බීජකො සාතවෙ
(සාධවෙ (ක.)) රතො.
|
1251
“මෙපරිද්දෙන්ම මනුෂ්‍යතෙම පුණ්‍යකර්මය ටික ටික නමුත් රැස්කරමින් කුශල කර්මයෙහි ඇළුනාවූ බීජක නම් දාසයා මෙන් ස්වර්ගයට පැමිණේයයි” කීවාය.
|
1252
‘‘යමජ්ජ බීජකො දාසො, දුක්ඛං පස්සති අත්තනි;
පුබ්බෙවස්ස
(පුබ්බෙ තස්ස (සී. පී.)) කතං පාපං, තමෙසො පටිසෙවති.
|
1252
“බීජක නම් දාසතෙම අද තමා කෙරෙහි යම් දුකක් දකීද, පෙර ජාතියෙහි ඔහු විසින් කරණ ලද පාප කර්මයක්වේ. හෙතෙම ඒ කර්මයාගේ විපාකය විඳියි.
|
1253
‘‘ඛීයතෙ චස්ස තං පාපං, තථා හි විනයෙ රතො;
කස්සපඤ්ච සමාපජ්ජ, මා හෙවුප්පථමාගමා.
|
1253
“ඔහුගේ ඒ පාප කර්මය මෙහි ගෙවීයේමය. එසේම කුශල කර්මයෙහි ඇලුනෙක්වේ. එබැවින් පියාණෙනි, ඔබ මේ කාශ්‍යප නම් ආජිවකයා වෙතට පැමිණ නිරයට පමුණුවන්නාවූ අපාය මාර්ගයට නොපැමිණෙවයි” පියාට අවවාද කළාය.
|
1254
‘‘යං
සීලවන්තං විසීලං වා, වසං තස්සෙව ගච්ඡති.
|
1254
“මහරජ, සත්පුරුෂයෙකු හෝ නොහොත් අසත් පුරුෂයෙකු හෝ ශීලවන්තයෙකු හෝ දුශ්ශීලයෙකු හෝ යම් යම් පුද්ගලයෙකු සේවනය කෙරේද, ඒ සේවනය කරණ තැනැත්තේ ඔහුගේම වසඟයට පැමිණේ.
|
1255
‘‘යාදිසං කුරුතෙ මිත්තං, යාදිසං චූපසෙවති;
සොපි තාදිසකො හොති, සහවාසො හි
(සහවාසොපි (ක.)) තාදිසො.
|
1255
“යම්බඳුවූවෙකු මිත්‍රයා කෙරේද, යම්බඳු වූවෙකු සේවනය කෙරේද, හෙතෙමේද එබන්දෙක්වේ. එක්ව වාසය කිරීම වනාහි එබඳුමැයි.
|
1256
‘‘සෙවමානො සෙවමානං, සම්ඵුට්ඨො සම්ඵුසං පරං;
සරො දිද්ධො කලාපංව, අලිත්තමුපලිම්පති;
උපලෙපභයා
(උපලිම්පභයා (ක.)) ධීරො, නෙව පාපසඛා සියා.
|
1256
“සේවනය කරණු ලබන්නෙක් සේවනය කරණු ලබන්නාහුද, ස්පර්ශ කරණු ලද්දේ ස්පර්ශ කරන්නාවූ අනිකාද, විෂ පොවන ලද්දාවූ ඊය හියවුර මෙන් නොතැවරුහු තවරයි. තැවරීම් බිය හේතුකොටගෙණ ප්‍රාඥතෙම පවිටු යහළුවන් ඇත්තෙක් නොවන්නේමැයි.
|
1257
‘‘පූතිමච්ඡං කුසග්ගෙන, යො නරො උපනය්හති;
කුසාපි පූති වායන්ති, එවං බාලූපසෙවනා.
|
1257
“යම් මනුෂ්‍යයෙක් කුණු මසක් කුශතණ ආදී පත්‍රවලින් වෙලා බඳීද, කුශතණ ආදී පත්‍රද කුණුගඳ හමත්. අඥානයන් සේවනය කිරීම මෙබඳුවේ.
|
1258
‘‘තගරඤ්ච පලාසෙන, යො නරො උපනය්හති;
පත්තාපි සුරභි වායන්ති, එවං ධීරූපසෙවනා.
|
1258
“යම් මිනිසෙක් පත්‍රයකින් තුවරලා වෙලා බඳීද, ඒ පත්‍රද සුවඳ හමත්. ප්‍රාඥයන් සේවනය කිරීම මෙබඳුවේ.
|
1259
‘‘තස්මා පත්තපුටස්සෙව
(ඵලපුටස්සෙව (සී. පී.)), ඤත්වා සම්පාකමත්තනො;
අසන්තෙ නොපසෙවෙය්ය, සන්තෙ සෙවෙය්ය පණ්ඩිතො;
අසන්තො නිරයං නෙන්ති, සන්තො පාපෙන්ති සුග්ගතිං’’.
|
1259
“එහෙයින් කොලගොටුව මෙන් තමන්ගේ නුවණ මේරීම දැන නුවණැත්තේ අසත් පුරුෂයන් සේවනය නොකරන්නේය. සත්පුරුෂයන් සේවනය කරන්නේය. අසත්පුරුෂයෝ නරකයට පමුණුවත්. සත්පුරුෂයෝ වනාහි සුගතියට පමුණුවත්ය”යි කීවාය.
|
1260
අහම්පි
අනාගතාපි සත්තෙව, යා ගමිස්සං ඉතො චුතා.
|
1260
“පියාණෙනි, මමද තමන් සැරිසැරූ ජාති සතක් ජාතිස්මරණ ඥානයෙන් සිහිකරමි. මෙයින් චුතවූ මම යම් ගතිවලට යන්නෙම්ද, අනාගතයෙහිවූ ඒ ජාති සතක්ද සිහි කරමි.
|
1261
‘‘යා මෙ සා සත්තමී ජාති, අහු පුබ්බෙ ජනාධිප;
කම්මාරපුත්තො මගධෙසු, අහුං රාජගහෙ පුරෙ.
|
1261
“ජනාධිපතිය, පෙර මාගේ යම් සත්වෙනි ජාතියක් වීද, ඒ ජාතියෙහි මම මගධ රට රජගහ නුවර කර්මාර පුත්‍රයෙක් වීමි.
|
1262
‘‘පාපං සහායමාගම්ම, බහුං පාපං කතං මයා;
පරදාරස්ස හෙඨෙන්තො, චරිම්හා අමරා විය.
|
1262
“මා විසින් එහිදී පවිටු යහළුවෙකු නිසා බොහෝ පව් කරණ ලදී. අන් අඹුවන් වෙහෙසමින් නොමැරෙන්න වුන් මෙන් හැසුරුනෙමු.
|
1263
‘‘තං
අථ අඤ්ඤෙහි කම්මෙහි, අජායිං වංසභූමියං.
|
1263
“ඒ පාපකර්මය අළුවලින් වැසුනාවූ ගින්නක් මෙන් යටපත්ව තිබුණේය ඉක්බිති අන්‍යවූ කුශල කර්මවලින් වංශ නම් රටෙහි ඉපදුනිමි.
|
1264
‘‘කොසම්බියං සෙට්ඨිකුලෙ, ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ;
එකපුත්තො මහාරාජ, නිච්චං සක්කතපූජිතො.
|
1264
“මහරජ, සමෘද්ධවූ පිරීගියාවූ මහත් වස්තු ඇති කොසඹෑ නුවර සිටු කුලයෙහි නිතර සත්කාර පූජා කරණලද එකම පුත්‍රයා වීමි
|
1265
‘‘තත්ථ මිත්තං අසෙවිස්සං, සහායං සාතවෙ රතං;
පණ්ඩිතං සුතසම්පන්නං, සො මං අත්ථෙ නිවෙසයි.
|
1265
“එහි මම උපකාරවූ කුශල කර්මයෙහි ඇළුනාවූ පණ්ඩිතවූ ශ්‍රැතවත්වූ මිත්‍රයෙකු සේවනය කෙළෙමි. ඒ යහළු තෙම මා කුශල කර්මයෙහි පිහිටුවීය
|
1266
‘‘චාතුද්දසිං පඤ්චදසිං, බහුං රත්තිං උපාවසිං;
තං කම්මං නිහිතං අට්ඨා, නිධීව උදකන්තිකෙ.
|
1266
“තුදුස්වකය, පසළොස්වකය යන බොහෝවූ රාත්‍රි දවස් පෙහෙවස් විසූයෙමි. ඒ කුශල කර්මය දිය කෙළවර කොට ඇති තැනෙක්හි නිධානයක් මෙන් තැන්පත්ව සිටියේය.
|
1267
‘‘අථ පාපාන කම්මානං, යමෙතං මගධෙ කතං;
ඵලං පරියාග මං
(පරියාග තං (සී.), පරියාගතං (ස්‍යා. පී.)) පච්ඡා, භුත්වා දුට්ඨවිසං යථා.
|
1267
“ඉක්බිති පාප කර්මයන්ගෙන් යම් මේ කර්මයක් මගධ රටෙහිදී මා විසින් කරණලදද, දුෂ්ටවූ විෂයක් අනුභව කොට මෙන් වාර වශයෙන් පසුව එහි විපාකය පැමිණියේය.
|
1268
‘‘තතො
සකම්මුනා අපච්චිස්සං, තං සරං න සුඛං ලභෙ.
|
1268
“වේදේහ නම් රජ, එයින් චුතවූ මම රෝරුව නම් නරකයෙහි බොහෝ කලක් ස්වකීය පාප කර්මයෙන් පැසුනෙමි. එය සිහි කරන්නාවූ මම සුවයක් නොලබන්නෙමි
|
1269
‘‘බහුවස්සගණෙ තත්ථ, ඛෙපයිත්වා බහුං දුඛං;
භින්නාගතෙ
(භෙණ්ණාකටෙ (සී. පී.)) අහුං රාජ, ඡගලො උද්ධතප්ඵලො
(ඡකලො උද්ධිතප්ඵලො (සී. පී.)).
|
1269
“මහරජ, මම ඒ නරකයෙහි නොයෙක් අවුරුදු ගණන් බොහෝවූ දුක ගෙවා හෙන්නාකට නම් ජනපදයෙහි උදුරණ ලද බීජය ඇත්තාවූ එළුවෙක් වීමියි” කීවාය.
|
1270
‘‘සාතපුත්තා මයා වූළ්හා, පිට්ඨියා ච රථෙන ච;
තස්ස කම්මස්ස නිස්සන්දො, පරදාරගමනස්ස මෙ.
|
1270
“දේවයන් වහන්ස, එහිදී මා විසින් අමාත්‍ය පුත්‍රයෝ පිටෙන්ද රථයෙන්ද උසුලන ලද්දාහ. ඒ පරදාරාවන් කරා ගියාවූ මාගේ අකුශල කර්ම විපාකයවේයයි” කීවාය.
|
1271
‘‘තතො චුතාහං වෙදෙහ, කපි ආසිං බ්රහාවනෙ;
නිලුඤ්චිතඵලො
(නිලිච්ඡිතඵලො (සී. පී.)) යෙව, යූථපෙන පගබ්භිනා;
තස්ස කම්මස්ස නිස්සන්දො, පරදාරගමනස්ස මෙ.
|
1271
“වේදේහ රජ්ජුරුවෙනි, එයින් චුතවූ මම මහ වනයෙහි වඳුරෙක්ව උපන්නෙමි. එහිදීද මම බුහුටිවු රැළෙහි නායක වඳුරා විසින් දතින් සිඳ දමනලද බීජ ඇත්තෙක්ම වීමි. මා පරදාරාවන් වෙත ගියාවූ ඒ අකුශල කර්මයාගේ මේ විපාකය වේයයිද” කීවාය.
|
1272
‘‘තතො
නිලුඤ්චිතො
තස්ස කම්මස්ස නිස්සන්දො, පරදාරගමනස්ස මෙ.
|
1272
“වේදේහ රජතුමනි, එයින් චුතවූ මම දසන්න නම් ජනපදයෙහි ගවයෙක්ව උපන්නෙමි. එහිද මම උදුරා දමනලද බීජ ඇත්තේ ජවයෙහි යහපත් වීමි. මා විසින් බොහෝ කලක් යානාව උසුලන ලදී. මා පරදාරාවන් වෙත ගියාවූ ඒ අකුශල කර්මයාගේ මේ විපාකයවේ
|
1273
‘‘තතො චුතාහං වෙදෙහ, වජ්ජීසු කුලමාගමා;
නෙවිත්ථී න පුමා ආසිං, මනුස්සත්තෙ සුදුල්ලභෙ;
තස්ස කම්මස්ස නිස්සන්දො, පරදාරගමනස්ස මෙ.
|
1273
“වේදේහ රජුනි, එයින් චුතවූ මම වැදෑරට කුල ගෘහයකට උත්පත්ති වශයෙන් පැමිණියෙමි. ඉතා දුර්ලභවූ මනුෂ්‍යාත්මයෙහි උපන් මම නොම ස්ත්‍රියක්ද, නොම පුරුෂයෙක්ද හෙවත් නපුංසකයෙක් වීමි. පරදාරාවන් කරා යාමෙන්වූ මාගේ ඒ අකුශල කර්මයාගේ මේ විපාකයවේ.
|
1274
‘‘තතො චුතාහං වෙදෙහ, අජායිං නන්දනෙ වනෙ;
භවනෙ තාවතිංසාහං, අච්ඡරා කාමවණ්ණිනී
(වරවණ්ණිනී (ක.)).
|
1274
“වේදේහ රජුනි, එයින් චුතවූ මම නන්දන වනයෙහි උපන්නෙමි. තව්තිසා භවනයෙහි මම කැමති වර්ණයෙන් යුක්තවූ දිව්‍යප්සරාවක් වීමි.
|
1275
‘‘විචිත්තවත්ථාභරණා, ආමුත්තමණිකුණ්ඩලා;
කුසලා නච්චගීතස්ස, සක්කස්ස පරිචාරිකා.
|
1275
“එහි මම විසිතුරු වස්ත්රාභරණ ඇති අමුණන ලද මණි කොඬොල් ඇති නැටීමෙහි හා ගී කිමෙහි දක්ෂවූ සක් දෙව් රජහුගේ පරිචාරිකාවක් වීමි.
|
1276
‘‘තත්ථ ඨිතාහං වෙදෙහ, සරාමි ජාතියො ඉමා;
අනාගතාපි සත්තෙව, යා ගමිස්සං ඉතො චුතා.
|
1276
“වේදේහ රජුනි, එහි සිටියාවූ මම මෙයින් චුතව යම් ජාතිවලට යන්නෙම්ද, අනාගතයෙහිවූද ඒ මේ ජාති සතක්ම සිහි කරමි.
|
1277
‘‘පරියාගතං තං කුසලං, යං මෙ කොසම්බියං කතං;
දෙවෙ චෙව මනුස්සෙ ච, සන්ධාවිස්සං ඉතො චුතා.
|
1277
“කොසඹෑ නුවරදී මා විසින් යම් කුශලයක් කරණ ලදද, ඒ කුශලය පරියාය වශයෙන් මෙහි පැමිණියේය. එබැවින් මෙයින් චුතවූ මම දෙව්ලොවද මිනිස් ලොව හැසිරෙන්නෙමි.
|
1278
‘‘සත්ත ජච්චො
(ජච්චා (ස්‍යා. පී.)) මහාරාජ, නිච්චං සක්කතපූජිතා;
ථීභාවාපි න මුච්චිස්සං, ඡට්ඨා නිගතියො
(ඡට්ඨා ගතියො (ස්‍යා.)) ඉමා.
|
1278
“මහරජුනි, ජාති සතක් නිරන්තරයෙන් සත්කාර හා පූජා කරණ ලද්දීවෙමි. මේ ගති සයම ස්ත්‍රී භාවයෙන්ද නොමිදෙන්නෙමි.
|
1279
‘‘සත්තමී ච ගති දෙව, දෙවපුත්තො මහිද්ධිකො;
පුමා දෙවො භවිස්සාමි
(භවිස්සති (ක.)), දෙවකායස්මිමුත්තමො.
|
1279
“දේවයන් වහන්ස, සත්වෙනි ගතියද මහත් ඍද්ධි ඇත්තාවූ දිව්‍ය පුත්‍රයෙක් වෙමි. දිව්‍ය සමූහයා අතරෙහි උතුම්වූ පුරුෂ දෙවියෙක් වන්නෙමි.
|
1280
‘‘අජ්ජාපි සන්තානමයං, මාලං ගන්ථෙන්ති නන්දනෙ;
දෙවපුත්තො ජවො නාම, යො මෙ මාලං පටිච්ඡති.
|
1280
“මහරජ, නන්දනොද්යානයෙහි අනතුරු ජාතියෙහි මාගේ ස්වාමිවූ ජව නම් යම් දිව්‍ය පුත්‍රයෙක් මල්මාලාව පිළිගනීද, එක අතට නැටි තැබීම් වශයෙන් කරණලද ඒ මල් මාලාව අදත් පරිචාරිකාවෝ ගොතත්මැයි.
|
1281
‘‘මුහුත්තො
රත්තින්දිවො
|
1281
“මහරජ, මේ අවුරුදු සොළොස ඒ දිව්‍යවූ මොහොතක් වැනිය. ඒ දිව්‍යවූ එක් රෑ දවාලෙක්ද මානුසික වූ වර්ෂ සියයක් වේ.
|
1282
‘‘ඉති කම්මානි අන්වෙන්ති, අසඞ්ඛෙය්යාපි ජාතියො;
කල්‍යාණං යදි වා පාපං, න හි කම්මං විනස්සති
(පනස්සති (සී. පී.)).
|
1282
“මෙසේ කුශලාකුශල කර්මයෝ ගණන් නැති ජාතිවලද පසුපස්සේ ගමන් කෙරෙත්. යහපත්වූද නොහොත් පවිටුවූද, කර්මය විපාක නොදී නොනැසේමයයි” කීවාය.
|
1283
‘‘යො
පරදාරං විවජ්ජෙය්ය, ධොතපාදොව කද්දමං.
|
1283
“යමෙක් ජාති ජාතියෙහි නැවත නැවත පුරුෂයෙක් වන්ට කැමැත්තේ නම් ධෝවනය කළ පා ඇත්තෙක් මඩ මෙන් පරදාර සේවනය දුරු කරන්නේය.
|
1284
‘‘යා ඉච්ඡෙ පුරිසො හොතුං, ජාතිං ජාතිං පුනප්පුනං;
සාමිකං අපචායෙය්ය, ඉන්දංව පරිචාරිකා.
|
1284
“යම් ස්ත්‍රියක් ජාති ජාතියෙහි නැවත නැවත පුරුෂයෙක් වන්ට කැමති වන්නේ නම් පරිචාරිකා ස්ත්‍රීහු සක්දෙව් රජුට මෙන් ස්වාමියාට බුහුමන් කරන්නේය.
|
1285
‘‘යො ඉච්ඡෙ දිබ්යභොගඤ්ච, දිබ්බමායුං යසං සුඛං;
පාපානි පරිවජ්ජෙත්වා
(පරිවජ්ජෙය්ය (ක.)), තිවිධං ධම්මමාචරෙ.
|
1285
“යමෙක් දිව්‍යවූ සම්පත්ද දිව්‍යවූ ආයුෂද යසසද සැපයද කැමැතිවන්නේ නම්, හෙතෙම පාප කර්මයන් දුරු කොට ත්‍රිවිධවූ කුශල ධර්මයෙහි හැසිරෙන්නේය.
|
1286
‘‘කායෙන වාචා මනසා, අප්පමත්තො විචක්ඛණො;
අත්තනො හොති අත්ථාය, ඉත්ථී වා යදි වා පුමා.
|
1286
“යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තමහට වැඩ පිණිස පවතී නම්, නුවණැත්තාවූ හෙතෙම කයින්ද වචනයෙන්ද සිතින්ද අප්රමාදවූවෙක් වියයුතුයි.
|
1287
‘‘යෙ කෙචිමෙ මානුජා ජීවලොකෙ, යසස්සිනො සබ්බසමන්තභොගා;
අසංසයං තෙහි පුරෙ සුචිණ්ණං, කම්මස්සකාසෙ පුථු සබ්බසත්තා.
|
1287
“මේ සත්ව ලෝකයෙහි යසස් ඇත්තාවූ සම්පූර්ණවූ සියලු සම්පත් ඇති යම්කිසි මේ මනුෂ්‍ය කෙනෙක් වෙද්ද, ඔවුන් විසින් පූර්ව භවයෙහි සැක නැතුව මනාව පුරුදු කරණ ලද කුශල කර්මයවේ. බොහෝවූ සියලු සත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහුමය.
|
1288
‘‘ඉඞ්ඝානුචින්තෙසි සයම්පි දෙව, කුතොනිදානා තෙ ඉමා ජනින්ද;
යා තෙ ඉමා අච්ඡරාසන්නිකාසා, අලඞ්කතා කඤ්චනජාලඡන්නා’’.
|
1288
“ජනාධිපතිය, අලංකාරයෙන් සැරසුනාවූ, රන් දැලින් වැසුනාවූ දිව්‍යප්සරාවන් හා සමානවූ යම් මේ ස්ත්‍රීහු ඔබට උපස්ථාන කෙරෙද්ද ඒ මේ ස්ත්‍රීහු කවර හේතුවකින් ඇතිවූවාහුද, දේවයන් වහන්ස, එබැවින් තමන් විසින්ද සිතා බලනු මැනවයි” පිය රජුට අනුශාසනා කළාය.
|
1289
ඉච්චෙවං පිතරං කඤ්ඤා, රුචා තොසෙසි අඞ්ගතිං;
මූළ්හස්ස
|
1289
“මෙසේ මේ කථාවලින් රුජා නම් රාජ කන්‍යාතොමෝ අංගාති නම් පියරජහු සතුටු කෙළේය. මුළාවූ ඔහුට සුගති මාර්ගය කීයේය. මනා පැවතුම් ඇති ඕතොමෝ ධර්මය ප්‍රකාශ කෙළේයි.
|
1290
අථාගමා බ්රහ්මලොකා, නාරදො මානුසිං පජං;
ජම්බුදීපං අවෙක්ඛන්තො, අද්දා රාජානමඞ්ගතිං.
|
1290
“ඉක්බිති නාරද නම් බ්‍රහ්මතෙම මනුෂ්‍ය ප්‍රජාව ඇත්තාවූ ජම්බුද්වීපය පරීක්ෂා කරන්නේ අංගාති නම් රජහු දැක බ්‍රහ්ම ලෝකයෙහි සිට ආයේය.
|
1291
‘‘තතො පතිට්ඨා පාසාදෙ, වෙදෙහස්ස පුරත්ථතො
(පුරක්ඛතො (ස්‍යා. ක.));
තඤ්ච දිස්වානානුප්පත්තං, රුචා ඉසිමවන්දථ.
|
1291
“ඉන්පසු වේදේහ නම් රජු ඉදිරියෙහි ප්‍රාසාදයෙහි සිටියේය. රුජා නම් රාජ කන්‍යාතොමෝ පැමිණියාවූ ඒ ඍෂීන් වහන්සේද දැක වැන්දේය.
|
1292
‘‘අථාසනම්හා ඔරුය්හ, රාජා බ්යථිතමානසො
(බ්යම්හිතමානසො (සී. ස්‍යා. පී.));
නාරදං පරිපුච්ඡන්තො, ඉදං වචනමබ්රවි.
|
1292
“එකල්හි විස්ම පත්වූ සිත් ඇති රජතෙම හුනස්නෙන් බැස නාරද නම් ඍෂින් විචාරමින් මේ වචනය කීයේය.
|
1293
‘‘කුතො
අක්ඛාහි මෙ පුච්ඡිතො නාමගොත්තං, කථං තං ජානන්ති මනුස්සලොකෙ’’.
|
1293
“දෙවියෙකුට බඳු වර්ණ ඇත්තාවූ නුඹවහන්සේ රාත්‍රියෙහි බබළන්නාවූ සඳ දෙව්පුත් මෙන් බබළමින් කොයි සිට ආයෙහිද? විචාරණ ලද්දේ නාමය හා ගෝත්‍රය මට කියව, කෙසේ නම් මනුෂ්‍ය ලෝකයෙහි ඔබ දනිද්දැයි” ඇසීය.
|
1294
‘‘අහඤ්හි දෙවතො ඉදානි එමි, ඔභාසයං සබ්බදිසා
(සංවරිං (සී. පී.)) චන්දිමාව;
අක්ඛාමි තෙ පුච්ඡිතො නාමගොත්තං, ජානන්ති මං නාරදො කස්සපො ච’’.
|
1294
“මම වනාහි දැන් රාත්‍රියෙහි සඳ දෙව් පුත් මෙන් බබළමින් දෙව්ලොවින් එමි. විචාරණ ලද්දේ ඔබට නාමය හා ගෝත්‍රය කියමි. මා නමින් නාරද යයිද ගෝත්‍රයෙන් කාශ්‍යප යයිද මිනිස් ලොව දනිත්යයි” කීයේය.
|
1295
‘‘අච්ඡෙරරූපං තව
(වත (සී. පී.)) යාදිසඤ්ච, වෙහායසං ගච්ඡසි තිට්ඨසී ච;
පුච්ඡාමි තං නාරද එතමත්ථං, අථ කෙන වණ්ණෙන තවායමිද්ධි’’.
|
1295
“ඔබගේ යම්බඳු සටහණක් වේද, අහසෙහි ගමන් කරන්නෙහිය. සිටින්නෙහිය, යන යමකුත් වේද, ඒකාන්තයෙන් මෙය ආශ්චර්‍ය්‍ය ස්වභාව ඇත්තේය. නාරදයන් වහන්ස, මේ කාරණය ඔබගෙන් විචාරමි. එසේ ඇතිකල්හි කවර කරුණකින් ඔබගේ මෙබඳු ඍද්ධියක් වීදැයි” ඇසීය.
|
1296
‘‘සච්චඤ්ච
තෙහෙව ධම්මෙහි සුසෙවිතෙහි, මනොජවො යෙන කාමං ගතොස්මි’’.
|
1296
“සත්‍ය වචනයද සුචරිත ධර්මයද ඉන්ද්රිය දමනයද පරිත්‍යාගයද යන මේ ගුණ ධර්මයෝ මා විසින් පළමු ජාතියෙහි කරණ ලද්දාහුය. මනාව සේවනය කරණලද්දාවූ ඒ ගුණ ධර්ම වලින්ම මනෝමය ජව ඇත්තාවූ මම කැමති පරිදි ගමන් කරන්නෙක්වෙමියි” කීයේය.
|
1297
‘‘අච්ඡෙරමාචික්ඛසි පුඤ්ඤසිද්ධිං, සචෙ හි එතෙහි
(එතෙ ත්වං (සී. පී.)) යථා වදෙසි;
පුච්ඡාමි තං නාරද එතමත්ථං, පුට්ඨො ච මෙ සාධු වියාකරොහි’’.
|
1297
“ඉදින් ඔබවහන්සේ යම්සේ කියන්නෙහිද, මොව්හු එසේ වෙත්නම් ආශ්චර්‍ය්‍යවූ පුණ්‍ය කර්මයන්ගේ සිද්ධියක් කියන්නෙහිය. නාරදයන් වහන්ස, මේ කාරණය ඔබගෙන් විචාරමි. විචාරණ ලද්දේද, මට එය මනාකොට ප්‍රකාශ කරවයි” කීයේය.
|
1298
‘‘පුච්ඡස්සු මං රාජ තවෙස අත්ථො, යං සංසයං කුරුසෙ භූමිපාල;
අහං තං නිස්සංසයතං ගමෙමි, නයෙහි ඤායෙහි ච හෙතුභී ච’’.
|
1298
“භූමිපාලවූ මහරජ, යම් සැකයක් කරන්නෙහි නම්, ඔබගේ මේ කාරණය මාගෙන් අසව. මම කරුණුවලින්ද න්යායවලින්ද හේතුවලින්ද ඔබ සැක නැති බවට පමුණුවමියි’ ඍෂිතෙම කීයේය.
|
1299
‘‘පුච්ඡාමි තං නාරද එතමත්ථං, පුට්ඨො ච මෙ නාරද මා මුසා භණි;
අත්ථි නු දෙවා පිතරො නු අත්ථි, ලොකො පරො අත්ථි ජනො යමාහු’’.
|
1299
“නාරදයන් වහන්ස, මේ කාරණය ඔබගෙන් විචාරමි. පින්වත් නාරදයෙනි, මාවිසින් විචාරණ ලද්දාවූද ඔබ මට බොරුවක් නොකියනු මැනව. මේ ජනතෙම යමක් ඇතැයි කියද්ද, ඒ දෙවියෝ ඇත්තාහුද බ්‍රහ්මයෝ ඇත්තාහුද පරලොවක් ඇත්තේදැයි” ඇසීය.
|
1300
‘‘අත්ථෙව
කාමෙසු ගිද්ධා ච නරා පමූළ්හා, ලොකං පරං න විදූ මොහයුත්තා’’.
|
1300
“මේ ජනතෙම යමක් ඇතැයි කියාද, ඒ දෙවියෝ ඇත්තාහුමය. බ්‍රහ්මයෝද ඇත්තාහ. පරලොවක්ද ඇත්තේය. කාමයන්හි ගිජුවූම අතිශයින් මුළාවූ මනුෂ්‍යයෝ මෝහයෙන් යුක්තවූවාහු ඒ පරලොව නොදනිත්යයි” ඍෂි තෙම කීයේය.
|
1301
‘‘අත්ථීති
ඉධෙව මෙ පඤ්ච සතානි දෙහි, දස්සාමි තෙ පරලොකෙ සහස්සං’’.
|
1301
“පින්වත් නාරදයෙනි, ඉදින් මළවුන්ට පරලොව වාසස්ථානයක් ඇතැයි අදහන්නෙහි නම් මෙහිදීම මට කහවණු පන්සියයක් දුන මැනව. පරලොවදී ඔබට දහසක් දෙන්නෙමියි” රජතෙම පරිහාස වශයෙන් කීයේය.
|
1302
‘‘දජ්ජෙමු ඛො පඤ්ච සතානි භොතො, ජඤ්ඤාමු චෙ සීලවන්තං වදඤ්ඤුං
(වතඤ්ඤුං (ක.));
ලුද්දං තං භොන්තං නිරයෙ වසන්තං, කො චොදයෙ පරලොකෙ සහස්සං.
|
1302
“ඉදින් පින්වතා සිල්වෙතක. ප්‍රතිග්‍රාහකයන්ගේ වචන දන්නෙකැයි දනිවු නම්, පින්වතාට කහවණු පන්සියයක් දෙන්නෙමු. නරකයෙහි වසන්නාවූ රෞද්‍රවූ පින්වත් ඔබ දැක කවරෙක් නම් පරලොවදී දහස ඉල්වන්නේද?
|
1303
‘‘ඉධෙව යො හොති අධම්මසීලො
(අකම්මසීලො (පී.)), පාපාචාරො අලසො ලුද්දකම්මො;
න පණ්ඩිතා තස්මිං ඉණං දදන්ති, න හි ආගමො හොති තථාවිධම්හා.
|
1303
“මෙලොවම යමෙක් අධර්ම ස්වභාව ඇති ලාමක හැසුරුම් ඇති අලසවූ රෞද්‍ර කර්මාන්ත ඇත්තෙක් වේද, නුවණැත්තෝ එබඳු පුද්ගලයා කෙරෙහි ණය නොදෙත්. එබඳු පුද්ගලයා ගෙන් නැවත ණය ලැබීමක් නොවේ.
|
1304
‘‘දක්ඛඤ්ච පොසං මනුජා විදිත්වා, උට්ඨානකං
(උට්ඨාහකං (සී.)) සීලවන්තං වදඤ්ඤුං;
සයමෙව භොගෙහි නිමන්තයන්ති, කම්මං කරිත්වා පුන මාහරෙසි’’.
|
1304
“මනුෂ්‍යයෝ දක්ෂවූද උත්සාහවත්වූද, සිල්වත්වූද ප්‍රතිග්‍රාහකයන්ගේ වචන දන්නාවූද, පුරුෂයා දැක කර්මාන්ත කොට නැවත ගෙණහැර දෙවයි. තුමූම සම්පත්වලින් පවරත්යයි” ඍෂිතෙම කීයේය.
|
1305
‘‘ඉතො චුතො
(ගතො (සී. පී.)) දක්ඛසි තත්ථ රාජ, කාකොලසඞ්ඝෙහි විකස්සමානං
(කාකොළසඞ්ඝෙහිපි කඩ්ඪමානං (සී. පී.));
තං ඛජ්ජමානං නිරයෙ වසන්තං, කාකෙහි ගිජ්ඣෙහි ච සෙනකෙහි
(සොණකෙහි (ස්‍යා. ක.));
සඤ්ඡින්නගත්තං
|
1305
“මහරජ, මෙයින් චුතව ගියාවූ ඔබ වන කවුඩු සමූහයා විසින්ද, අදිනු ලබන්නහු ඒ නිරයෙහි දක්නෙහිය. කව්ඩන් විසින්ද ගිජුලිහිණින් විසින්ද උකුස්සන් විසින්ද කනු ලබන්නාවූ සිඳීගිය ශරීර ඇත්තාවූ ලේ වැගිරෙන්නාවූ නිරයෙහි වසන්නාවූ ඔබ දැක කවරෙක් නම් පරලොවදී දහස ඉල්වන්නේදැයි” ඇසීය.
|
1306
‘‘අන්ධංතමං
සා නෙව රත්තී න දිවා පඤ්ඤායති, තථාවිධෙ කො විචරෙ ධනත්ථිකො.
|
1306
“මහරජ, යම් ලෝකාන්තර නරකයෙක්හි ඝනාන්ධකාරය ඇත්තේද, එහි සඳ හිරු නොවෙත්. ඒ නරකයටම හැමකල්හි ඝනාන්ධකාර වේ. බිහිසුනු ස්වභාව ඇත්තේද වේ. එහි ඒ රාත්රියද දාවලද නොපෙනේ. එබඳු නරකයෙහි කවර නම් ණයට දුන් ධනය කැමැත්තෙක් හැසිරෙන්නේදැයි” ඇසීය.
|
1307
‘‘සබලො ච සාමො ච දුවෙ සුවානා, පවද්ධකායා බලිනො මහන්තා;
ඛාදන්ති දන්තෙහි අයොමයෙහි, ඉතො පණුන්නං පරලොකපත්තං
(පරලොකෙ පතන්තං (ක.)).
|
1307
“මහත්ව වැඩුනු ශරීර ඇති බල ඇත්තාවූ මහත්වූ කබර ඇත්තාවූද ස්‍යාම වර්ණවූද ශුනකයෝ දෙදෙනෙක් මෙයින් චුතව පරලොවට පැමිණියාවූ ඔබ යකඩින් කළ දත්වලින් හපා කත්.
|
1308
‘‘තං ඛජ්ජමානං නිරයෙ වසන්තං, ලුද්දෙහි වාළෙහි අඝම්මිගෙහි ච;
සඤ්ඡින්නගත්තං රුහිරං සවන්තං, කො චොදයෙ පරලොකෙ සහස්සං.
|
1308
“රෞද්‍රවූ චණ්ඩවූ දුක් එලවන්නාවූද ශුනකයන් විසින් කනු ලබමින් නරකයෙහි වසන්නාවූ සිඳුනු ශරීර ඇති ලේ වැගිරෙන්නාවූ ඔබ දැක කවරෙක් නම් පරලොවදී ඒ දහස ඉල්වන්නේදැයි” ඇසීය.
|
1309
‘‘උසූහි සත්තීහි ච සුනිසිතාහි, හනන්ති විජ්ඣන්ති ච පච්චමිත්තා
(පොථයන්ති (ක.));
කාළූපකාළා නිරයම්හි ඝොරෙ, පුබ්බෙ නරං දුක්කටකම්මකාරිං.
|
1309
“දරුණුවූ නරකයෙහි කාළුෑපකාල නම් නිරය පාලයෝ පෙර ජාතියෙහි කළාවූ අකුශල කර්ම ඇති මිනිසාට ඉතා මුවහත්වූ ඊතලවලින් හා අඩයටි වලින් අනිත්, විදිත්.
|
1310
‘‘තං
සඤ්ඡින්නගත්තං
|
1310
“ඒ අනිනු ලබමින් නරකයෙහි ඔබමොබ ගමන් කරන්නාවූ කුසෙහිද පාර්ශවයෙහිද විශේෂයෙන් පැලීගිය උදර ඇත්තාවූ සිඳුනු ශරීර ඇති ලේ වැගිරෙන්නාවූ ඔබ දැක කවරෙක් නම් පරලොවදී ඒ දහස ඉල්වන්නේදැයි” ඇසීය.
|
1311
‘‘සත්තී උසූ තොමරභිණ්ඩිවාලා, විවිධාවුධා වස්සන්ති තත්ථ දෙවා;
පතන්ති අඞ්ගාරමිවච්චිමන්තො, සිලාසනී වස්සති ලුද්දකම්මෙ.
|
1311
“ඒ නරකයෙහි මේඝය තෙම අඩයටිය, ඊතලය, තෝමරය, භෙණ්ඩිවාලය යන නොයෙක් ආයුධ වලින් යුක්තව වසියි. ගිනි සිළු වලින් යුත් අඟුරු මෙන් ආයුධ වැටෙත්. රෞද්‍ර කර්ම ඇත්තහු කෙරෙහි හෙන මෙන් ගල්වැසි වසියි.
|
1312
‘‘උණ්හො ච වාතො නිරයම්හි දුස්සහො, න තම්හි සුඛං ලබ්භති
(සෙති (ක.)) ඉත්තරම්පි;
තං තං විධාවන්තමලෙනමාතුරං, කො චොදයෙ පරලොකෙ සහස්සං.
|
1312
“ඒ නරකයෙහි වාතයතෙම ඉසිලිය නොහැකි උෂ්ණදවේ. එහි ස්වල්ප තරම්වූද සැපයක් නොලබයි. ඒ ඒ තැන දුවන්නාවූ පිහිටක් නැත්තාවූ පීඩිතවූ ඔබ දැක කවරෙක් නම් ඒ දහස ඉල්වන්නේදැයි” ඇසීය
|
1313
‘‘සන්ධාවමානම්පි
පතොදලට්ඨීහි සුචොදයන්තං
(සුචොදියන්තං (සී. පී.)), කො චොදයෙ පරලොකෙ සහස්සං.
|
1313
“දිලිසෙන ලෝහමය රථයන්හි යොදන ලදුව ගිනිදැල් සහිතවූ පොළොව මැඩගෙණ ඔබිමොබ දුවන්නාවූ කැවිටි කෝටුවලින් මෙහෙයනු ලබන්නාවූ ඔබ දැක කවරෙක් නම් පරලොවද ඒ දහස ඉල්වන්නේදැයි ඇසීය.
|
1314
‘‘තමාරුහන්තං ඛුරසඤ්චිතං ගිරිං, විභිංසනං පජ්ජලිතං භයානකං;
සඤ්ඡින්නගත්තං රුහිරං සවන්තං, කො චොදයෙ පරලොකෙ සහස්සං.
|
1314
“බිහිසුණුවූ ගිනිගෙණ දිළියෙන්නාවූ භය ජනකවූ කරකැති වලින් එක්කරණ ලද පර්වතයට නගින්නාවූ සිඳුනු ශරීර ඇති ලේ වැගිරෙන්නාවූ ඔබ දැක කවරෙක් නම් පරලොවදී ඒ දහස ඉල්වන්නේදැයි” ඇසීය.
|
1315
‘‘තමාරුහන්තං පබ්බතසන්නිකාසං, අඞ්ගාරරාසිං ජලිතං භයානකං;
සුදඩ්ඪගත්තං
|
1315
පර්වතයක් හා සමානවූ දිළියෙන්නාවූ භයජනකවූ අඟුරු ගොඩට නගින්නාවූ අතිශයින් දැවුණු ශරීර ඇති බැගෑපත්ව හඬන්නාවූ ඔබ දැක කවරෙක් නම් පරලොවදී ඒ දහස ඉල්වන්නේදැයි” ඇසීය.
|
1316
‘‘අබ්භකූටසමා උච්චා, කණ්ටකනිචිතා
(කණ්ටකාපචිතා (සී. පී.), කණ්ටකාහිචිතා (ස්‍යා.)) දුමා;
අයොමයෙහි තික්ඛෙහි, නරලොහිතපායිභි.
|
1316
“යමක් තියුණුවූ මනුෂ්‍යයන්ගේ ලේ පානය කරන්නාවූ අයෝමය කටු වලින් යුක්තද, එබඳු කටුවලින් යුක්තවූ වළාකුළු මෙන් උස්වූ වෘක්ෂයෝද වෙත්යයි” කීයේය.
|
1317
‘‘තමාරුහන්ති නාරියො, නරා ච පරදාරගූ;
චොදිතා සත්තිහත්ථෙහි, යමනිද්දෙසකාරිභි.
|
1317
“පරදාරාවන් කරා ගියාවූ ස්ත්‍රීහුද පුරුෂයෝද යමරජහුගේ නියමය කරන්නාවූ අඩයටි ගත් අත් ඇති යමපල්ලන් විසින් මෙහෙයන ලද්දාහු ඒ ගස්වලට නගිත් යයි” කීයේය.
|
1318
‘‘තමාරුහන්තං නිරයං, සිම්බලිං රුහරිමක්ඛිතං;
විදඩ්ඪකායං
(විදුට්ඨකායං (පී.)) විතචං, ආතුරං ගාළ්හවෙදනං.
|
1318
“ඒ නරකයෙහිවූ කටුඉඹුල් ගසට නගින්නාවූ ලෙයින් වැකුණාවූ විශේෂයෙන් දැවුනු ශරීර ඇති පහව ගිය සිවිය ඇති පීඩිතවූ දැඩි වේදනා ඇති වරින් වර උණුසුම්ව ප්‍රස්වාස කරන්නාවූ පූර්වයෙහි අකුශල කර්ම වශයෙන් කරණ ලද අපරාධ ඇත්තාවූ ගස්මුදුන්වල හා වෙලෙප් අග නැසුනාවූ ඒ නිරිසතා දැක කවරෙක් නම් ඒ ණයට දුන් ධනය ඉල්වන්නේ දැයි” කීයේය.
|
1319
‘‘පස්සසන්තං මුහුං උණ්හං, පුබ්බකම්මාපරාධිකං;
දුමග්ගෙ විතචං ගත්තං
(දුමග්ගවිටපග්ගතං (සී.)), කො තං යාචෙය්ය තං ධනං.
|
1319 |
1320
‘‘අබ්භකූටසමා උච්චා, අසිපත්තාචිතා දුමා;
අයොමයෙහි තික්ඛෙහි, නරලොහිතපායිභි.
|
1320
“අයෝමයවූ තියුණුවූ නිරිසතුන්ගේ ලේ පානය කරන්නාවූ කඩුපත් වලින් ගැවසීගත්තාවූ මෙඝකූට සමාන උස්වූ මහා ගස් වෙත්.
|
1321
‘‘තමාරුහන්තං අසිපත්තපාදපං, අසීහි තික්ඛෙහි ච ඡිජ්ජමානං
(පභිජ්ජමානං (ක.));
සඤ්ඡින්නගත්තං රුහිරං සවන්තං, කො චොදයෙ පරලොකෙ සහස්සං.
|
1321
ඒ කඩුපත් ඇති වෘක්ෂයට පැමිණියාවූද තියුණුවූ කඩුවලින් සිඳිනු ලබන්නාවූ සිඳුනු ශරීර ඇති ලේ වැගිරෙන්නාවූ ඔහු දැක කවරෙක් නම් පරලොවදි දහස ඉල්වන්නේ දැයි” ඇසීය.
|
1322
‘‘තතො
සම්පතිතං වෙතරණිං, කො තං යාචෙය්ය තං ධනං.
|
1322
“දුක්වූ ඒ අසිපත්‍ර නම් නරකයෙන් නික්මුණු කෙනෙහිම වේතරණී නම් නරකයට වැටුනාවූ ඔහු දැක කවරෙක් නම් ඔහුගෙන් ඒ ණයට දුන් ධනය ඉල්වන්නේ දැයි” ඇසීය.
|
1323
‘‘ඛරා ඛරොදකා
(ඛාරොදිකා (සී.), ඛරොදිකා (පී.)) තත්තා, දුග්ගා වෙතරණී නදී;
අයොපොක්ඛරසඤ්ඡන්නා, තික්ඛා පත්තෙහි සන්දති.
|
1323
“රළුවූ ක්ෂාර ජලය ඇත්තාවූ රත්වූ යානොහැකිවූ අයෝමය පොකුරු පත් වලින් ගැවසීගත්තාවූ ඒ වේතරණී නම් ගංගාව තියුණු පත්‍ර වලින් යුක්තව ගලා බසීයයි” කීයේය.
|
1324
‘‘තත්ථ
වෙතරඤ්ඤෙ අනාලම්බෙ, කො තං යාචෙය්ය තං ධනං’’.
|
1324
“එල්බීමක් නැත්තාවූ ඒ වේතරණී නම් ඔසුපත් නිරයෙහි වහනය කරන්නාවූ ලෙයින් වැකුණාවූ සිඳුනු ශරීර ඇති ඔහු දැක කවරෙක් නම් ඔහුගෙන් ඒ ණයට දුන් ධනය ඉල්වන්නේ දැයි” නාරද ඍෂිතෙම ඇසීය.
|
1325
‘‘වෙධාමි
භයානුතප්පාමි මහා ච මෙ භයා, සුත්වාන කථා
(ගාථා (සී. ස්‍යා. පී.)) තව භාසිතා ඉසෙ.
|
1325
“පින්වත් ඍෂිවරය, ඔබ විසින් කියන ලද මේ ගාථාවන් අසා මම වනාහි සිඳිනු ලබන්නාවූ ගසක් මෙන් වෙව්ලමි. අතිශයින් මුළාවූ සිහි ඇත්තේ යන දිශාවක් නොදනිමි. කළාවූ පාපකර්මයට භයින් තැවෙමි. මට මහත්වූ අපාය භයද උපන්නේය.
|
1326
‘‘ආදිත්තෙ වාරිමජ්ඣංව, දීපංවොඝෙ මහණ්ණවෙ;
අන්ධකාරෙව පජ්ජොතො, ත්වං නොසි සරණං ඉසෙ.
|
1326
“සිරුර ගිනි ඇවිලගත් කල්හි ජල මධ්‍යස්ථානයක් මෙන්ද, නැව බිඳුන කල්හි මහත් සැඩ පහරෙහි හෝ සාගරයෙහි දිවයිනක් මෙන්ද, අන්ධකාරය ඇතිකල්හි දල්වන ලද පහනක් මෙන්ද, ඍෂින් වහන්ස, නුඹවහන්සේ අපට පිහිට වුව මැනව.
|
1327
‘‘අත්ථඤ්ච ධම්මං අනුසාස මං ඉසෙ, අතීතමද්ධා අපරාධිතං මයා;
ආචික්ඛ මෙ නාරද සුද්ධිමග්ගං, යථා අහං නො නිරයං පතෙය්යං’’.
|
1327
“ඍෂිතුමනි, මා විසින් ඉකුත් කාලයෙහි අපරාධ කරණ ලදී. එබැවින් මට අර්ථයෙන්ද ධර්මයෙන්ද අනුශාසනා කරණු මැනව. නාරදයන් වහන්ස, යම්සේ මම නරකයෙහි නොවැටෙම්ද එබඳු පිරිසිදු මාර්ගයක් මට කියවයි” රජතෙම කීයේය.
|
1328
‘‘යථා අහු ධතරට්ඨො ( )
(එත්ථ කිඤ්චි ඌනං විය දිස්සති), වෙස්සාමිත්තො අට්ඨකො යාමතග්ගි;
උසින්දරො චාපි සිවී ච රාජා, පරිචාරකා සමණබ්රාහ්මණානං.
|
1328
“යම්සේ ධතරට්ඨය, වෙස්සාමිත්තය, අට්ඨකය, යමතග්ගිය, උසින්නරය, සිවිරජය යන මේ රජහු මහණ බමුණන්ට සත්කාර කරන්නෝ වූවාහුද?
|
1329
‘‘එතෙ චඤ්ඤෙ ච රාජානො, යෙ සග්ගවිසයං
(සක්කවිසයං (සී. පී.)) ගතා;
අධම්මං පරිවජ්ජෙත්වා, ධම්මං චර මහීපති.
|
1329
“මේ රජවරුද අන්‍යවූ රජවරුද යන යම් කෙනෙක් කුශල ධර්මයන්හි හැසිර සක්දෙව් රජ බවට පැමිණියාහුද, මහරජ, එහෙයින් ඔබද අකුශල ධර්මය දුරුකොට කුශල ධර්මයෙහි හැසිරෙව.
|
1330
‘‘අන්නහත්ථා ච තෙ බ්යම්හෙ, ඝොසයන්තු පුරෙ තව;
කො ඡාතො කො ච තසිතො, කො මාලං කො විලෙපනං;
නානාරත්තානං වත්ථානං, කො නග්ගො පරිදහිස්සති.
|
1330
“මහරජ, ඔබගේ ප්‍රාසාදයෙහි ආහාර ගත් අත් ඇත්තෝද ඝොෂා කෙරෙත්වා. ඔබගේ නගරයෙහි කවරෙක් සයින් යුක්තද කවරෙක් පිපාස ඇත්තේද, කවරෙක් මල් මාලාවල් දරන්නේද, කවරෙක් විලවුන් ගල්වන්නේද, කවර නම් වස්ත්‍ර නැත්තෙක් නානා වර්ණවූ වස්ත්‍ර හඳින්නේද?
|
1331
‘‘කො
ඉති සායඤ්ච පාතො ච, ඝොසයන්තු පුරෙ තව.
|
1331
“කවරෙක් ගමන් මාර්ගයෙහි කුඩයක් දරන්නේද, මෘදුවූ යහපත්වූ වහන් කැමැත්තේදැයි මෙසේ සවසද උදයද ඔබගේ නගරයෙහි ඝෝෂා කරවත්වා.
|
1332
‘‘ජිණ්ණං පොසං ගවස්සඤ්ච, මාස්සු යුඤ්ජ යථා පුරෙ;
පරිහාරඤ්ච දජ්ජාසි, අධිකාරකතො බලී.
|
1332
“ජරාවට ගියාවූ පුරුෂයාද ගවයන් හා අසුන්ද පෙරපරිද්දෙන් කටයුතුවල නොයොදව. ශරීර ශක්තියෙන් යුක්තවූ යමෙක් පළමු උපකාර කෙළේද, පසුවද ඔහුට බත් වැටුප් දෙවයි මෙසේ” අවවාද කෙළේය.
|
1333
‘‘කායො තෙ රථසඤ්ඤාතො, මනොසාරථිකො ලහු;
අවිහිංසාසාරිතක්ඛො, සංවිභාගපටිච්ඡදො.
|
1333
“මහරජ, ඔබගේ ශරීරය රථයයි දක්නා ලද්දේ වේවා. ඒ රථය සැහැල්ලුවූ කුසල් සිත නමැති රියැදුරාගෙන් යුක්ත වේවා. අවිහිංසා නමැති මනාව නිමවන ලද අකුරෙන් යුක්ත වේවා. දාන සංවිභාග නමැති වැස්මෙන් යුක්ත වේවා.
|
1334
‘‘පාදසඤ්ඤමනෙමියො, හත්ථසඤ්ඤමපක්ඛරො;
කුච්ඡිසඤ්ඤමනබ්භන්තො, වාචාසඤ්ඤමකූජනො.
|
1334
“පාද සංයම නමැති නිම්වළල්ලෙන් යුක්ත වේවා. හස්ත සංයම නමැති වෙහෙල් පත් වලින් යුක්ත වේවා. කුක්ෂි සංයම නමැති තෙල් ගැල්වීමෙන් යුක්ත වේවා. වාක් සංයම නමැති නොහැඬීම ඇතිවේවා.
|
1335
‘‘සච්චවාක්යසමත්තඞ්ගො, අපෙසුඤ්ඤසුසඤ්ඤතො;
ගිරාසඛිලනෙලඞ්ගො, මිතභාණිසිලෙසිතො.
|
1335
“සත්‍ය වචන නමැති සම්පූර්ණ අවයව ඇතිවේවා. පෙහෙසුන් බස් නොකීම නමැති මනා ස්පර්ශ කිරීම ඇති වේවා. සිලුටු වචන නමැති නිර්දෝෂ අවයව ඇති වේවා. ප්‍රමාණවත් කථාව නමැති ලහටුවෙන් මනාකොට සම්බන්ධ කිරීම ඇතිවේවා.
|
1336
‘‘සද්ධාලොභසුසඞ්ඛාරො, නිවාතඤ්ජලිකුබ්බරො;
අථද්ධතානතීසාකො
(අත්ථද්ධතානතීසාකො (සී. පී.)), සීලසංවරනන්ධනො.
|
1336
“ශ්‍රද්ධාව හා ලෝභ නොවීම නමැති සොඳුරු සැරසීමෙන් යුක්තවේවා. සිල්වතුන්ට යටත් පැවතීම හා ඇඳිලි කිරීම නමැති රිය කඳින් යුක්තවේවා. තද නැති බැව් නමැති මදක් නැමුණු රථ හිසින් යුක්තවේවා. සීලය හා සංවරය නමැති බඳින රැහැනින් යුක්ත වේවා.
|
1337
‘‘අක්කොධනමනුග්ඝාතී, ධම්මපණ්ඩරඡත්තකො;
බාහුසච්චමපාලම්බො, ඨිතචිත්තමුපාධියො
(ධිතිචිත්තමුපාධියො (ක.)).
|
1337
“ක්‍රොධ නොකිරීම නමැති නොගැටීමෙන් යුක්ත වේවා. දශකුශල ධර්ම නමැති සේසතින් යුක්ත වේවා. බහුශ්‍රැතභාවය නැමති රිය කූඩුවෙන් යුක්ත වේවා. එකඟ බැවින් යුත් සිත නමැති මතු මත්තෙහි ඇතිවීමෙන් හෙවත් රාජාශනයෙන් යුක්ත වේවා.
|
1338
‘‘කාලඤ්ඤුතාචිත්තසාරො, වෙසාරජ්ජතිදණ්ඩකො;
නිවාතවුත්තියොත්තකො
(නිවාතවුත්තියොත්තඞ්ගො (ක.)), අනතිමානයුගො ලහු.
|
1338
“කල් දන්නා බැවින් කරණ ලද කුශල චිත්ත නමැති සාරයෙන් යුක්ත වේවා. විසාරද බැව් නමැති ත්‍රී දණ්ඩයෙන් යුක්ත වේවා. යටත් පැවතුම් නමැති යොතකින් යුක්ත වේවා. අධික මාන්න රහිත වීම් නමැති සැහැල්ලුවූ වියදණ්ඩෙන් යුක්ත වේවා.
|
1339
‘‘අලීනචිත්තසන්ථාරො
සති පතොදො ධීරස්ස, ධිති යොගො ච රස්මියො.
|
1339
“නොහැකුළුණු සිත නමැති ඇතිරීමෙන් යුක්ත වේවා. ප්‍රඥා වෘද්ධයන් සේවනය කිරීම නමැති රජස් නැසීම ඇතිවේවා. ප්‍රාඥවූ ඔබගේ ඒ රථයෙහි මනාව පිහිටියාවූ සිහිය නමැති කෙවිටක් ඇතිවේවා. ධෛර්ය්යයෙන් යුක්ත වීම නමැති රැහැන් ඇතිවේවා.
|
1340
‘‘මනො දන්තං පථං නෙති
(පථ’න්වෙති (සී. පී.)), සමදන්තෙහි වාහිභි;
ඉච්ඡා
|
1340
“සමව දමනයවූ අසුන් විසින් උසුලන ලද රථය මෙන් දමනයවූ සිත ඔබගේ කාය නමැති රථය ඍජුවූ මාර්ගයට පමුණුවයි. නොලද වස්තුවෙහි ආශාවද ලද වස්තූන්හි ලෝභ කිරීමද අයහපත් මාර්ගයවේ. ශීලාදී සංයමය තෙම ඍජුවූ මාර්ගය නම් වේ.
|
1341
‘‘රූපෙ සද්දෙ රසෙ ගන්ධෙ, වාහනස්ස පධාවතො;
පඤ්ඤා ආකොටනී රාජ, තත්ථ අත්තාව සාරථි.
|
1341
“මහරජ, රූපය ශබ්දය රශය ගන්ධය යන මේ කාම ගුණයන්හි නිමිතිගෙණ දුවන්නාවූ වාහණයට ප්‍රඥා නමැති කෙවිටි කිරීම ඇතිවේ. ඒ ඔබගේ කාය නමැති රථයෙහි තෙමේම රියැදුරාවේ
|
1342
‘‘සචෙ එතෙන යානෙන, සමචරියා දළ්හා ධිති;
සබ්බකාමදුහො රාජ, න ජාතු නිරයං වජෙ’’.
|
1342
“යමෙකුගේ සම චරියාවද ධෛර්‍ය්‍යයද ස්ථිරවේද, හෙතෙම මේ යානාවෙන් ගමන් කරයි. මහරජ, සියලු කැමති සම්පත් දෙන්නාවූ මේ රථයතෙම කිසිකලෙකත් නිරයට නොපැමිණෙන්නේ යයි” නාරද ඍෂිතෙම කීයේය.
|
1343
‘‘අලාතො
විජයො සාරිපුත්තොසි, මොග්ගල්ලානොසි බීජකො.
|
1343
“එකල්හි අලාත නම් සෙනෙවිතෙම දැන් දෙව්දත් තෙර වූයේය. සුනාම නම් සෙනෙවිතෙම භද්දජි ස්ථවිර විය. විජය නම් සෙනෙවිතෙම ශාරීපුත්‍ර ස්ථවිර වූයේය. බීජක නම් දාසතෙම මොග්ගල්ලාන ස්ථවිර වූයේය.
|
1344
‘‘සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො, ගුණො ආසි අචෙලකො;
ආනන්දො සා රුචා ආසි, යා රාජානං පසාදයි.
|
1344
“ගුණ නම් අචේලකතෙම සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්රයාවූයේය. යම් රුජා නම් රාජකන්‍යාවක් රජ පැහැදවීද, ඕතොමෝ ආනන්ද ස්ථවිරවූයේය.
|
1345
‘‘ඌරුවෙළකස්සපො රාජා, පාපදිට්ඨි තදා අහු;
මහාබ්රහ්මා බොධිසත්තො, එවං ධාරෙථ ජාතක’’න්ති.
|
1345
“එකල්හි ලාමක දෘෂ්ටි ගත්තාවූ රජ තෙමේ උරුවේල කාශ්‍යපනම් වූයේය. නාරද නම් බ්‍රහ්මතෙමේ බොධිසත්වවූ මමම වෙමියි මෙසේ මේ ජාතකය දරාගනිව්යයි” වදාළේය.
|
546. විධුරජාතකං (9) | 546. විධුර ජාතකය |
1346
‘‘පණ්ඩු කිසියාසි දුබ්බලා, වණ්ණරූපං
(වණ්ණරූපෙ (ක.)) නතවෙදිසං පුරෙ;
විමලෙ අක්ඛාහි පුච්ඡිතා, කීදිසී තුය්හං සරීරවෙදනා’’.
|
1346
[“යම්කිසිවෙක් කිපිය යුතු පුද්ගලයෙකු කෙරෙහි කෝප නොකෙරේද, සත්පුරුෂවූ හෙතෙම කිසිකලෙකත් ක්‍රෝධ නොකෙරේද, කිපියාවූද යමෙක් කෝපය පහළ නොකෙරේද, ඒකාන්තයෙන් ඒ මනුෂ්‍යයා ලෝකයෙහි පණ්ඩිතයෝ ශ්‍රමණයායයි කියත්යයි” වරුණ නම් නාරජ කීයේය.
“ඌණවූ උදර ඇති හෙවත් බඩසය ඇති යමෙක් ඉන්ද්රිය දමනයෙන් යුක්තවූයේ තපසින් යුක්තවූයේ පමණ දැන ආහාර පාන වැළඳීම ඇත්තේ කුසගින්න ඉවසාද, ආහාර හේතුවෙන් පාපකර්මයක් නොකෙරේද, ඒකාන්තයෙන් ඒ මනුෂ්‍යයා ලෝකයෙහි ශ්‍රමණයාය කියත්යයි” සුපර්ණරාජයා කීයේය.
“යමෙක් කායික වාචසිකවූ ක්‍රීඩාද දිව්‍යවූ කම්සැපයෙහි ඇලීමද යන සියල්ල හැරදමා ලෝකයෙහි ස්වල්ප තරම්වත් බොරුවක් නොකියාද, කය සරසන කරුණුවලින් හා මෛථුන සෙවනයෙන් වැළකුනේ වේද, ඒකාන්තයෙන් ඒ මිනිසා ලෝකයෙහි පණ්ඩිතයෝ ශ්‍රමණයාය කියතියි” ශක්‍රතෙම කීයේය.
“තමන් අයත්වූ ලෝභ ඉපදවිය යුතුවූ සියල්ලම ඉදින් යම්කෙනෙක් පිරිසිඳ දැන හැර දමද්ද, ඉන්ද්රිය දමනයෙන් යුක්තවූ එකඟවූ සිත් ඇති මමත්වය නැත්තාවූ ආහාර හිතවු ඒ පුද්ගලයා ඒකාන්තයෙන් ශ්‍රමණයායයි ලෝකයෙහි පණ්ඩිතයෝ කියත්යයි” ධනඤ්ජය රජතෙම කීයේය.
“පඬිතුමනි, කටයුතු කරවන්නාවූ අලාමක ප්‍රඥා ඇත්තාවූ ඔබ විචාරමි. අප විසින් කියන ලද ගාථාවන්හි හටගත්තාවූ විවාදයක් ඇත්තේය. අපගේ සැකයද විචිකිච්ඡාවන්ද සිඳව. අද ඔබ නිසා අප සියල්ලෝ සැක දුරුකර ගනිමුයි” කීවාහුය.
“අර්ථය දැක්මට සමර්ථවූ යම් පණ්ඩිත කෙනෙක් වෙද්ද, ඔව්හු ඒ විවාදය සුදුසු කල්හි නුවණින් සළකා කියත්. මහරජුනි, නොකියන ලද ගාථාවන්ගේ අර්ථය දක්ෂවූවාහු නමුත් කෙසේ නම් නුවණින් පමුණුවන්නාහු දැයි” විධුර පණ්ඩිතතෙම ඇසීය.
“වරුණ නම් නාරජතෙම කෙසේනම් කියාද? වෙණතෙය්‍ය නම් ගුරුළු රජතෙම කෙසේ හෝ කියාද? ගන්ධර්ව රාජවූ ශක්‍රතෙම වනාහි කුමක් කියයිද? කුරුරට වැස්සන්ගේ ශ්රේෂ්ඨයාවූ ධනඤ්ජය රජතෙම කෙසේ කියා දැයි” ඇසූහ
“පඬිතුමනි, නාරජතෙම ඒකාන්තයෙන් ඉවසීම උතුම්ය කියයි. වෙණතෙය්‍ය නම් ගුරුළුතෙම මදවූ ආහාර ඇතිවීම උතුම්ය කියයි. ගන්ධර්ව රාජවූ ශක්‍රතෙම පස්කම් සැපයෙහි ආලය දුරුකිරීම උතුමැයි කියයි. කුරුරට වාසීන්ගේ රාජොත්තමතෙම පලිබොධ නැතිවීම වර්ණනා කෙරේයයි” ඒ රජහු කීහ.
“මහරජවරුනි, මේ සියල්ලම වනාහි කියන ලදහ. මෙහි අයහපත්කොට කියනලද කිසිවක් නැත්තේය. යම් පුද්ගලයෙකු කෙරෙහි මේ සිව්වැදෑරුම් ගුණයෝ ගැල්නැබෙහි මනාව පිහිටියාවූ දැකීමෙන් පිහිටියාහු වෙද්ද, මේ ගුණධර්ම සතරින් යුක්තවූ ඒ පුද්ගලයා ඒකාන්තයෙන් ශ්‍රමණයායයි ලෝකයෙහි පණ්ඩිතයෝ කියත්යයි” පණ්ඩිතතෙම කීයේය.
“පණ්ඩිතය, නුඹ ග්රෙෂ්ඨයාද වෙහිය, නුඹ අනුත්තරද වෙහිය. නුඹ ධජය රක්නේද ධර්මය දන්නේද මනා ප්‍රඥා ඇත්තේද වෙහිය. තමන්ගේ ප්‍රඥාවෙන් අපගේ ප්රශ්නය මනාකොට දැනගෙණ ප්‍රාඥවූ ඔබ අපගේ සැකයන් දුරු කෙළේය. දළ කැටයම් කරන්නෙක් කියතෙන් ඇත් දත යම්සේ කපන්නේද එමෙන් අපගේ සැකයද විචිකිච්ඡාවන්ද සිඳ දැම්මේයයි” ස්තුති කළාහුය.
“ප්‍රාඥවූ පණ්ඩිතය, ප්‍රශ්න විසඳීමෙන් සතුටුවූ මම නිළුපුල් බඳු පැහැ ඇති නිර්මලවූ අනර්ඝවූ දුමට බඳු වර්ණ ඇති මේ වස්ත්‍රය ධර්ම පූජා වශයෙන් ඔබට දෙමි” ශක්‍රතෙම කීයේය.
“පණ්ඩිතතුමනි, ප්රශ්නය විසඳීමෙන් සතුටුවූ මම පිපියාවූ පද්මයක් බඳුවූ කෙශර සහිතවූ රුවන් දහසකින් හෙබියාවූ රන් මාලයක් දහම් පඬුරු වශයෙන් ඔබට දෙමියි” ගුරුළු රජතෙම කීයේය.
“පඬිතුමනි, ප්‍රශ්න විසඳීමෙන් සතුටුවූ මම මාගේ බොටුවෙහි පැළඳි මැණික් වලින් හෙබියාවූ පැහැවිහිදෙන්නාවූ සිත්කළුවූ අනර්ඝවූ මේ මැණික දහම් පඬුරු වශයෙන් ඔබට දෙමියි” නාරජතෙම කීයේය
“ගවයන් දහසක්ද වෘෂයෙකුද හස්තියෙකුද ආජානීය අසුන් යෙදුවාවූ මේ රථ දහසක්ද ගම්වර සොළසක්ද ප්‍රශ්න විසඳීමෙන් සතුටුවූ මම ඔබට දෙමියි” ධනඤ්ජය නම් රජතෙම කීයේය. ]
“එම්බා විමලාවෙනි, තී පඬුවන්වූ කෘෂවූ දුර්වලවූ ශරීර ඇත්තී වෙහිය. තීගේ රූපවර්ණය පෙර මෙබඳු නොවෙයි. මාවිසින් විචාරණ ලද්දී තිට කෙබඳු ශරීර වේදනාවක් ඇද්දැයි කියවයි” වරුණ නම් නාරජතෙම විමලා නම් බිසොවගෙන් ඇසීය.
|
1347
‘‘ධම්මො මනුජෙසු මාතීනං
(මාතිනං (සී. පී.)), දොහළො නාම ජනින්ද වුච්චති;
ධම්මාහතං
|
1347
“පින්වත් නාරජුනි, මිනිසුන් අතර ස්ත්රීන්ගේ දොළ දුකනම් ස්වභාවයක් ඇතැයි කියනු ලැබේ. නා රජුනි, දැහැමින් සෙමෙන් ගෙණන ලද විධුරනම් පඬිහුගේ හදවත පතමියි” කීය.
|
1348
‘‘චන්දං ඛො ත්වං දොහළායසි, සූරියං වා අථ වාපි මාලුතං;
දුල්ලභඤ්හි
(දුල්ලභෙ (සී. පී.)) විධුරස්ස දස්සනං
(දස්සනෙ (සී. පී.)), කො විධුරමිධ මානයිස්සති’’.
|
1348
“විමලාවෙනි, නුඹ චන්ද්‍රයා වනාහි දොළ වශයෙන් කැමති වන්නෙහිය. සූර්‍ය්‍යයා හෝ තවද සුළඟ හෝ කැමැති වන්නෙහිය. විධුර පණ්ඩිතයාගේ දර්ශනය පවා දුර්ලභ කල්හි කවරෙක් නම් විධුර පණ්ඩිතයා මෙහි ගෙණන්නේදැයි” නා රජතෙම ඇසීය.
|
1349
‘‘කින්නු තාත තුවං පජ්ඣායසි, පදුමං හත්ථගතංව තෙ මුඛං;
කින්නු දුම්මනරූපොසි ඉස්සර, මා ත්වං සොචි අමිත්තතාපන’’.
|
1349
“පියාණෙනි, කුමක් සඳහා නුඹ සිතිවිලි සිතන්නෙහිද, ඔබගේ මුහුණ අතින් මැඩගන්නාලද පියුමක් වැනිය අධිපතිය, කුමකට නොසතුටු ස්වභාව ඇත්තේ වෙහිද, සතුරන් තවන්නාවූ නාරජු නුඹ ශොක නොකරවයි” ඉරන්දතී නම් දුව කීවාය.
|
1350
‘‘මාතා
දුල්ලභඤ්හි විධුරස්ස දස්සනං, කො විධුරමිධ මානයිස්සති’’.
|
1350
“එම්බා ඉරන්දතිය, ඔබගේ මව වනාහි විධුර පණ්ඩිතයාගේ හදවත පතයි. විධුර පණ්ඩිතයාගේ දර්ශනය පවා දුර්ලභ කල්හි, කවරෙක් නම් විධුර පණ්ඩිතයා මෙහි ගෙණන්නේදැයි” නාරජ කීයේය.
|
1351
‘‘තස්ස භත්තුපරියෙසනං
(භත්තුපරියෙසනං (සී. පී.)) චර, යො විධුරමිධ මානයිස්සති’’;
‘‘පිතුනො ච සා සුත්වාන වාක්යං, රත්තිං නික්ඛම්ම අවස්සුතිං චරි’’.
|
1351
“දුවණියෙනි, යමෙක් විධුර පණ්ඩිතයා මෙහි ගෙණෙන්නේද, එබඳු ස්වාමිපුරුෂයෙකු සෙවීමෙහි හැසිරෙවයි” කීයේය. ඒ නාග මානවිකාතොමෝ පියාගේ කීම අසා රාත්‍රියෙහි නාගභවනයෙන් නික්ම ස්වාමියෙකු සෙවීමෙහි හැසුරුණේය
|
1352
‘‘කෙ ගන්ධබ්බෙ රක්ඛසෙ ච නාගෙ, කෙ කිම්පුරිසෙ චාපි මානුසෙ;
කෙ
|
1352
“ගන්ධර්වයන්ද රාක්ෂසයන්ද නාගයන්ද කිඳුරන්ද මිනිසුන්ද යන මොවුන් අතරෙහි සියලු කැමැතිදේ දෙන්ට සමර්ථවූ කවර නම් පණ්ඩිතයෙක් බොහෝ කලක් මුළුල්ලෙහි මට ස්වාමියා වන්නේදැයි” කියමින් ගායනා කළාය.
|
1353
‘‘අස්සාස හෙස්සාමි තෙ පති, භත්තා තෙ හෙස්සාමි අනින්දලොචනෙ;
පඤ්ඤා හි මමං තථාවිධා, අස්සාස හෙස්සසි භරියා මම.
|
1353
“එම්බා මානවිකාව මම තිට ස්වාමි වන්නෙමි අනින්දිතවූ ලෝචන ඇත්තිය, මම තිගේ ස්වාමිපුරුෂයා වන්නෙමි. තී සැනසෙව, මාගේ ප්‍රඥාව වනාහි එබඳුය, තී මාගේ භාර්ය්යාවන්නෙහි තී සැනසෙව”යි පූර්ණක නම් යක්ෂ සේනාපතිතෙම කීයේය.
|
1354
‘‘අවචාසි පුණ්ණකං ඉරන්ධතී
(ඉරන්දතී (සී. පී.)), පුබ්බපථානුගතෙන චෙතසා;
එහි ගච්ඡාම පිතු මමන්තිකෙ
(පිතු මම සන්තිකං (ක.)), එසොව තෙ එතමත්ථං පවක්ඛති.
|
1354
ඉක්බිති ඉරන්දතී නම් නාගකන්‍යාව පෙර ජාතියට අනුව ගියාවූ සිතින් ඔහුට මෙසේ කීය. “ස්වාමිය, එව, මාගේ පියාගේ සමීපයට යමු. මේ මාගේ පිය තෙමේද මේ කාරණය ඔබට කියන්නේයයි” ඉරන්දතී කීය.
|
1355
‘‘අලඞ්කතා සුවසනා, මාලිනී චන්දනුස්සදා;
යක්ඛං හත්ථෙ ගහෙත්වාන, පිතුසන්තිකුපාගමි’’.
|
1355
අලංකාරයෙන් සැරසුනාවූ මනාව හැඳි වස්ත්‍ර ඇත්තාවූ පැළැඳි මල්මාලා ඇති සඳුන් කල්ක ගල්වන ලද්දාවූ ඉරන්දතී නම් නාග කන්‍යාව පූර්ණක නම් යක්ෂ සේනාපතියා අතින් අල්වාගෙණ පියවූ නා රජු සමීපයට පැමිණියේය.
|
1356
‘‘නාගවර වචො සුණොහි මෙ, පතිරූපං පටිපජ්ජ සුඞ්කියං;
පත්ථෙමි අහං ඉරන්ධතිං, තාය සමඞ්ගිං කරොහි මං තුවං.
|
1356
“උතුම් නාරජ මාගේ වචනය අසව, සුදුසුවූ අයබද්දෙන් උපදනා ධනය පිළිගණුව. මම ඉරන්දතිය කැමති වෙමි. නුඹ ඈ හා මාගේ සමගිවීම කරව
|
1357
‘‘සතං හත්ථී සතං අස්සා, සතං අස්සතරීරථා;
සතං වලභියො පුණ්ණා, නානාරත්නස්ස කෙවලා;
තෙ නාග පටිපජ්ජස්සු, ධීතරං දෙහිරන්ධතිං’’.
|
1357
“ඇතුන් සියයක්ද අසුන් සියයක්ද අස් වෙළඹුන් යෙදූ රථ සියයක්ද නොයෙක් රත්නවලින් සියල්ල පිරුණාවූ බඩු ගැල් සියයක්ද ඔබට දෙමි. නාරජ තුමනි, එය පිළිපදුව ඉරන්දතී නම් ඔබගේ දුව මට දෙවයි” පූර්ණකතෙම කීයේය.
|
1358
‘‘යාව
අනාමන්ත කතං කම්මං, තං පච්ඡා අනුතප්පති’’.
|
1358
“පින්වත් යක්ෂ සේනාපතිය යම්තාක් ඤාතිමිත්රයන්ද සුහෘද ජනයාද කැඳවා කියම්ද ඒ තාක් බළාපොරොත්තු වෙව. එසේ කථා නොකරණ ලද ඒ කටයුත්ත පසුතැවීම පිණිස පවතීයයි” නාරජ කීයේය.
|
1359
තතො සො වරුණො නාගො, පවිසිත්වා නිවෙසනං;
භරියං ආමන්තයිත්වාන, ඉදං වචනමබ්රවි.
|
1359
ඉක්බිති ඒ වරුණ නම් නාරජතෙම බිසවගේ ගෘහයට ප්රවිෂ්ටව භාර්‍ය්‍යාව කැඳවා මේ වචනය කීයේය.
|
1360
‘‘අයං සො පුණ්ණකො යක්ඛො, යාචතී මං ඉරන්ධතිං;
බහුනා විත්තලාභෙන, තස්ස දෙම පියං මමං’’.
|
1360
“ඒ මේ පූර්ණක නම් යක්ෂතෙම අපගේ මේ ඉරන්දතී නම් නාගකන්‍යාව ඉල්වයි. බොහෝවූ වස්තුව ලබාගෙණ මාගේ ප්‍රියවූ දුව ඔහුට දෙමුයි” කීයේය.
|
1361
‘‘න ධනෙන න විත්තෙන, ලබ්භා අම්හං ඉරන්ධතී;
සචෙ ච ඛො හදයං පණ්ඩිතස්ස, ධම්මෙන ලද්ධා ඉධ මාහරෙය්ය;
එතෙන විත්තෙන කුමාරි ලබ්භා, නාඤ්ඤං ධනං උත්තරි පත්ථයාම’’.
|
1361
“අපගේ ඉරන්දතී නම් දුව ධනයදීමෙන් නොලැබිය හැක්කේය. වස්තුවෙන්ද නොලැබිය හැක. ඉදින් වනාහි විධුරපණ්ඩිතයාගේ හදවත දැහැමින් ලබාගෙණ මෙහි ගෙනෙන්නේ නම්, මේ වස්තුවෙන් කුමරිය ලැබිය හැක. ඉන්මත්තෙහි අන්කිසි ධනයක් නොපතමුයි” විමලා කීවාය.
|
1362
තතො සො වරුණො නාගො, නික්ඛමිත්වා නිවෙසනා;
පුණ්ණකාමන්තයිත්වාන, ඉදං වචනමබ්රවි.
|
1362
ඉක්බිති ඒ වරුණ නම් නාරජතෙම භවනයෙන් නික්ම පූර්ණකයා කැඳවා මේ වචනය කීයේය. “ධනයෙන්ද වස්තුවෙන්ද අපගේ ඉරන්දතිය නොලැබිය හැක.
|
1363
‘‘න
සචෙ තුවං හදයං පණ්ඩිතස්ස, ධම්මෙන ලද්ධා ඉධ මාහරෙසි;
එතෙන විත්තෙන කුමාරි ලබ්භා, නාඤ්ඤං ධනං උත්තරි පත්ථයාම’’.
|
1363
“ඉදින් ඔබ පණ්ඩිතයාගේ හදවත දැහැමින් ලැබ මෙහි ගෙණෙන්නෙහි නම් මේ වස්තුවෙන් කුමරිය ලැබිය හැක. ඉන්මත්තෙහි යම්කිසි ධනයක් නොපතමියි” නාරජ කීයේය.
|
1364
‘‘යං පණ්ඩිතොත්යෙකෙ වදන්ති ලොකෙ, තමෙව බාලොති පුනාහු අඤ්ඤෙ;
අක්ඛාහි
|
1364
“ලෝකයෙහි සමහරු යමෙකුට පණ්ඩිතයායයි කියද්ද, නැවත අන් සමහරු ඔහුටම බාලයායයි කියත්. මෙහි මේ කාරණය විරුද්ධව කියත්. නාරජ ඔබ කවර පණ්ඩිතයෙකු කියන්නෙහි දැයි මට කියවයි” පූර්ණකතෙම කීයේය.
|
1365
‘‘කොරබ්යරාජස්ස ධනඤ්චයස්ස
(ධනඤ්ජයස්ස (සී. ස්‍යා. පී.)), යදි තෙ සුතො විධුරො නාම කත්තා;
ආනෙහි තං පණ්ඩිතං ධම්මලද්ධා, ඉරන්ධතී පදචරා
(පද්ධචරා (සී. පී.), පට්ඨචරා (ස්‍යා. ක.)) තෙ හොතු.
|
1365
“එම්බා පූර්ණකය, ධනඤ්ජය කොරව්‍ය නම් රජුගේ විධූර නම් කටයුතු කරන්නාවූ ඇමතියෙක් ඉදින් ඔබ විසින් අසන ලද්දේද, ඒ පණ්ඩිතයා දැහැමින් ලැබ මෙහි ගෙණෙව. ඉරන්දතී නම් නාග කන්‍යාව එකල්හි ඔබට පාදපරිචාරිකා වේවායි” නාරජ කීයේය.
|
1366
‘‘ඉදඤ්ච සුත්වා වරුණස්ස වාක්යං, උට්ඨාය යක්ඛො පරමප්පතීතො;
තත්ථෙව සන්තො පුරිසං අසංසි, ආනෙහි ආජඤ්ඤමිධෙව යුත්තං.
|
1366
වරුණ නම් නාරජහුගේ මේ වචනයද අසා අතිශයින් සතුටුවූ පූර්ණක නම් යක්ෂතෙම හුනස්නෙන් නැගිට එහි සිටියේම “සරසන ලද ආජානීය අශ්වයෙකු මෙහිම ගෙණෙවයි” සේවක පුරුෂයෙකුට අණ කෙළේය.
|
1367
‘‘ජාතරූපමයා
ජම්බොනදස්ස පාකස්ස, සුවණ්ණස්ස උරච්ඡදො’’.
|
1367
ඒ මනෝමය අශ්වයාගේ ස්වර්ණමය කන්වෙත්. රක්ත මාණික්‍යමයවූ කුරවෙත්. රත්රණින් නිමවනලද උර සැත්මාලාව ඇත්තේය.
|
1368
‘‘දෙවවාහවහං යානං, අස්සමාරුය්හ පුණ්ණකො;
අලඞ්කතො කප්පිතකෙසමස්සු, පක්කාමි වෙහායසමන්තලික්ඛෙ
(අන්තලික්ඛං (ක.)).
|
1368
අලංකාරයෙන් සැරසුනාවූ සරසනලද හිසකේ රැවුළු ඇති පූර්ණක නම් යක්ෂතෙම දේව සංඛ්‍යාත ඉසිලිය යුත්ත උසුලන හෙයින් දේවවාහ වහ නම්වූ අශ්ව යානයට නැග අන්තරීක්ෂ නම් අහසින් ගියේය.
|
1369
‘‘සො පුණ්ණකො කාමරාගෙන
(කාමවෙගෙන (සී. පී.)) ගිද්ධො, ඉරන්ධතිං නාගකඤ්ඤං ජිගීසං
(ජිගිංසං (සී. ස්‍යා. පී.));
ගන්ත්වාන තං භූතපතිං යසස්සිං, ඉච්චබ්රවී වෙස්සවණං කුවෙරං.
|
1369
කාම වේගයෙන් ගිජුවූ ඒ පූර්ණකතෙම ඉරන්දතී නම් නාග කන්‍යාව පතමින් භූතයන්ට අධිපතිවූ යශ පිරිවර ඇත්තාවූ ඒ කුවේර නම් වෛශ්රවන රජු වෙතට ගොස් මෙසේ කීයේය.
|
1370
‘‘භොගවතී නාම මන්දිරෙ, වාසා
නගරෙ නිම්මිතෙ කඤ්චනමයෙ, මණ්ඩලස්ස උරගස්ස නිට්ඨිතං.
|
1370
“ස්වර්ණමයවූ නිමවනලද නගරයෙහි මන්දිරයන් භෝගවතී නමැයි වාසා නමැයි හිරඤ්ඤවතී නමැයිද, කියනු ලැබේ. භෝග මණ්ඩලයෙන් යුක්තවූ නාරජහුගේ භවනය මෙසේ නිමවන ලදී.
|
1371
‘‘අට්ටාලකා ඔට්ඨගීවියො, ලොහිතඞ්කස්ස මසාරගල්ලිනො;
පාසාදෙත්ථ සිලාමයා, සොවණ්ණරතනෙහි ඡාදිතා.
|
1371
“ඔටුවන්ගේ කර මෙන් කරණ ලද්දාවූ රක්ත මාණික්යමයවූද මසාර ගල්ලයෙන් කරණ ලද්දාවූද, අටළු ඇත්තාහ. මේ නාග භවනයෙහි ප්‍රාසාදයෝ මාණික්‍යමය වූද සුවර්ණයෙන් කරණලද උළුවලින් වසන ලද්දාහ.
|
1372
‘‘අම්බා තිලකා ච ජම්බුයො, සත්තපණ්ණා මුචලින්දකෙතකා;
පියඞ්ගු
(පියකා (සී. පී.), පියඞ්ගුකා (ස්‍යා.)) උද්දාලකා සහා, උපරිභද්දකා සින්දුවාරකා
(භින්දුවාරිතා (ස්‍යා. පී.), භින්ධවාරිතා (ක.)).
|
1372
“අඹගස්ද එරමුදු ගස්ද දඹගස්ද රුක්අත්තනද මිදෙල්ල හා වැටකේද පියල් ගස්ද ඇසළ සහ එරබදු ගස්ද නික ගස්ද,
|
1373
‘‘චම්පෙය්යකා නාගමල්ලිකා, භගිනීමාලා අථ මෙත්ථ කොලියා;
එතෙ දුමා පරිණාමිතා, සොභයන්ති උරගස්ස මන්දිරං
(මන්දිරෙ (ස්‍යා. ක.)).
|
1373
“සපුගස්ද නාගස්ද ගිරිතිල්ලද යොහොඹුද තවද මෙහි කොළොම් ගස්ද යන මේ වෘක්ෂයෝ හාත්පසින් නැමුනාහු නාරජුගේ මන්දිරය හොබවත්.
|
1374
‘‘ඛජ්ජුරෙත්ථ
යත්ථ වසතො පපාතිකො, නාගරාජා වරුණො මහිද්ධිකො.
|
1374
“ඕපපාතිකව උපන්නාවූ මහත් ඍද්ධි ඇත්තාවූ වරුණ නම් නාරජතෙම යම් තැනෙක්හි වෙසේද, මේ නාග භවනයෙහි ස්වර්ණමයවූ නිතර පිපි මල් ඇති ඉන්ද්රනීල මාණික්‍යමයවූ බොහෝ ඉඳිගස් ඇත්තාහ.
|
1375
‘‘තස්ස කොමාරිකා භරියා, විමලා කඤ්චනවෙල්ලිවිග්ගහා;
කාලා
|
1375
“ඔහුගේ රුවන් රැසක් බඳු ශරීර ඇති උඩට නැංගාවූ ලදරු කළුවැල් දලුවක් බඳුවූ කොසඹ පලවැනි තනපුඩු ඇති මනොඥ දර්ශන ඇත්තාවූ විමලා නම් තරුණ බිරිඳක්වේ.
|
1376
‘‘ලාඛාරසරත්තසුච්ඡවී
තිදිවොකචරාව අච්ඡරා, විජ්ජුවබ්භඝනා විනිස්සටා.
|
1376
“ඕතොමෝ ලතුදියමෙන් රතු පැහැ ඇති මනා සිවි ඇත්තීය. නිවාසස්ථානයෙහි පිපියාවූ කිණිහිරි රුකක් වැනි වේ. දිව්‍ය භවනයෙහි හැසිරෙන්නාවූ දිව්‍යප්සරාවක් බඳුය. ඝන වළාපටලයකින් නික්මුණාවූ විදුළියක් හා සමානද වූවාය.
|
1377
‘‘සා දොහළිනී සුවිම්හිතා, විධුරස්ස හදයං ධනියති;
තං තෙසං දෙමි ඉස්සර, තෙන තෙ දෙන්ති ඉරන්ධතිං මමං’’.
|
1377
“සිනා පෙරදැරි තෙපුල් ඇති ඕතොමෝ හටගත් දොළ ඇත්තී විධුර පණ්ඩිතයාගේ හදවත පතන්නීය. අධිපතිතුමනි, මම එය ඔවුන්ට ගෙණ දෙමි. එයින් සතුටුවූ ඔව්හු ඉරන්දතී නම් නාග කන්‍යාව මට දෙතියි” කීයේය.
|
1378
‘‘සො පුණ්ණකො භූතපතිං යසස්සිං, ආමන්තය වෙස්සවණං කුවෙරං;
තත්ථෙව සන්තො
(සන්තං (පී.)) පුරිසං අසංසි, ආනෙහි ආජඤ්ඤමිධෙව යුත්තං.
|
1378
“ඒ පූර්ණක නම් යක් සෙනෙවිතෙම යක්ෂයන්ට අධිපතිවූ යස පිරිවර ඇත්තාවූ කුවේර නම් වෛශ්‍රවණ රජුට කියා අවසර ගෙණ එහිම සිටියේ “සරසනලද ආජානීය අශ්වයෙකු මෙහිම ගෙණෙවයි” සේවකයෙකුට අණ කෙළේය.
|
1379
‘‘ජාතරූපමයා කණ්ණා, කාචම්හිචමයා ඛුරා;
ජම්බොනදස්ස පාකස්ස, සුවණ්ණස්ස උරච්ඡදො.
|
1379
ඒ අසුගේ කන් ස්වර්ණමය වෙත්. කුර රක්ත මාණික්‍යමය වෙත්. උරසැත් මාලාව රත්රණින් කරණ ලද්දේය.
|
1380
‘‘දෙවවාහවහං යානං, අස්සමාරුය්හ පුණ්ණකො;
අලඞ්කතො කප්පිතකෙසමස්සු, පක්කාමි වෙහායසමන්තලික්ඛෙ’’.
|
1380
අලංකාරයෙන් සැරසුනු සරසනලද හිසකේ රැවුල් ඇති පූර්ණක නම් යක්ෂතෙම දේවවාහ වහ නම් අශ්ව යානයට නැග අන්තරීක්ෂ නම් අහසින් ගියේය.
|
1381
‘‘සො
පහූතභක්ඛං බහුඅන්නපානං, මසක්කසාරං විය වාසවස්ස.
|
1381
හෙතෙම බොහෝවූ කෑ යුතු දෑ ඇති බොහෝ ආහාර පානද ඇති සක්දෙව් රජහුගේ මසක්කසාර නම් නගරය වැනිවූ සතුරන් විසින් ලංවිය නොහැකිවූ ඉතා රම්‍යවූ රජගහ නම් අඟු රජහුගේ නගරයට ගියේය.
|
1382
‘‘මයූරකොඤ්චාගණසම්පඝුට්ඨං, දිජාභිඝුට්ඨං දිජසඞ්ඝසෙවිතං;
නානාසකුන්තාභිරුදං සුවඞ්ගණං
(සුභඞ්ගණං (සී. පී.)), පුප්ඵාභිකිණ්ණං හිමවංව පබ්බතං.
|
1382
තවද ඒ නගරය මොනරුන් හා කොස්වාලිහිණි සමූහයා විසින් මනාව ඝෝෂා කරණ ලද්දේය. අන් පක්ෂීන් විසින්ද මනාව ඝෝෂා කරණලදී. නොයෙක පක්ෂි සමූහයා විසින් සේවනය කරණලදී. නොයෙක් පක්ෂීන්ගේ නාද ඇත්තාවූ මනා භූමි ප්‍රදේශවලින් යුක්තය. හිමවත් පර්වතය මෙන් මල්වලින් මනාව ගැවසී ගත්තේය.
|
1383
‘‘සො පුණ්ණකො වෙපුලමාභිරූහි
(වෙපුල්ලමාභිරුච්ඡි (සී. පී.)), සිලුච්චයං කිම්පුරිසානුචිණ්ණං;
අන්වෙසමානො මණිරතනං උළාරං, තමද්දසා පබ්බතකූටමජ්ඣෙ.
|
1383
ඒ පූර්ණක නම් යක්ෂතෙම මහත්වූ මාණික්‍ය රත්නයක් සොයමින් කිඳුරන්ගෙන් ගැවසී ගත්තාවූ මෙබඳුවූ වේපුල්ල නම් පර්වතයට නැංගේය. පර්වත කූට අතරෙහි ඒ මැණික දුටුයේය.
|
1384
‘‘දිස්වා මණිං පභස්සරං ජාතිමන්තං
(ජාතිවන්තං (සී. ස්‍යා.)), මනොහරං
(ධනාහරං (සී. පී. ක.)) මණිරතනං උළාරං;
දද්දල්ලමානං යසසා යසස්සිනං, ඔභාසතී විජ්ජුරිවන්තලික්ඛෙ.
|
1384
පැහැ විහිදෙන්නාවූ ජාතිමත්වූ කැමති සම්පත් ගෙණ දෙන්නාවූ මහත් මාණික්‍ය රත්නයක් පිරිවර මාණික්‍යවලින් බබළන්නාවූ යසස් ඇත්තාවූ අහස විදුළියක් මෙන් බබළන්නාවූ මාණික්‍යය දැක,
|
1385
‘‘තමග්ගහී වෙළුරියං මහග්ඝං, මනොහරං නාම මහානුභාවං;
ආජඤ්ඤමාරුය්හ මනොමවණ්ණො, පක්කාමි වෙහායසමන්තලික්ඛෙ.
|
1385
මහත් ආනුභාව ඇත්තාවූ මනෝහර නම් මාහැඟීවූ ඒ වෛදූර්‍ය්‍ය මාණික්‍යය ගත්තේය. අලාමක වර්ණ ඇති පූර්ණකතෙම එය ගෙණ ආජානීය අසුට නැගී අන්තරීක්ෂ නම් අහසින් ගියේය.
|
1386
‘‘සො
සමාගතෙ එකසතං සමග්ගෙ, අව්හෙත්ථ යක්ඛො අවිකම්පමානො.
|
1386
ඒ පූර්ණකතෙම ඉඳිපත් නුවරට ගියේය. අසු පිටින් බැස මානවක වේශයෙන් කුරු රජුන්ගේ සභාවටද ගියේය. යක්ෂතෙම නිර්භයව සමාගමයෙහි එක්ව උන් ඒ සියක් රජදරුවන් දූ කෙළියට කැඳවීය.
|
1387
‘‘කො නීධ රඤ්ඤං වරමාභිජෙති, කමාභිජෙය්යාම වරද්ධනෙන
(වරංධනෙන (සී. පී.));
කමනුත්තරං රතනවරං ජිනාම, කො වාපි නො ජෙති වරද්ධනෙන’’.
|
1387
“මෙහි රජුන්ගෙන් කවරෙක් නම් මේ උතුම් මැණික දිනාගණීද මේ උතුම් ධනයෙන් අපි කවරක්හු දිනාගන්නෙමුද? දිනන්නාහුද කවර රජක්හු මේ උතුම්වූ රත්නයෙන් දිනම්ද, කවරෙක් හෝ මේ උතුම් ධනයෙන් දිනාදැයි” මෙසේ දූ කෙළියට කැඳවීය.
|
1388
‘‘කුහිං
අභීතොසි
(අභිභොසි (සී. පී.)) නො වණ්ණනිභාය සබ්බෙ, අක්ඛාහි මෙ නාමඤ්ච බන්ධවෙ ච’’.
|
1388
“එම්බා මානවකය, කවර නම් රටෙක්හි තොපගේ උපන් භූමිය වේද? තොපගේ මේ කථාව කුරු රට වැස්සෙකුගේ මෙන් නොවේ. ශරීර වර්ණයෙන් අප සියල්ලන් යටපත් කරන්නෙහිය. තොපගේ නාමයද නෑයන්ද මට කියවයි” රජතෙම කීයේය.
|
1389
‘‘කච්චායනො මාණවකොස්මි රාජ, අනූනනාමො ඉති මව්හයන්ති;
අඞ්ගෙසු මෙ ඤාතයො බන්ධවා ච, අක්ඛෙන දෙවස්මි ඉධානුපත්තො’’.
|
1389
“මහරජ, මම කච්චායන නම් මානවක වෙමි. නොඅඩුවූ නම් ඇත්තෙකැයි මා කැඳවත්. අඟුරට මාගේ නෑයෝද බන්ධූහුද ඇත්තාහ. දෙවයන් වහන්ස, මම දූ කෙළිය සඳහා මෙහි පැමිණියේ වෙමියි” පූර්ණකතෙම කීයේය.
|
1390
‘‘කිං මාණවස්ස රතනානි අත්ථි, යෙ තං ජිනන්තො හරෙ අක්ඛධුත්තො;
බහූනි රඤ්ඤො රතනානි අත්ථි, තෙ ත්වං දලිද්දො කථමව්හයෙසි’’.
|
1390
“අක්ෂධූර්තියෙක් තා දිනමින් යම් රත්නයන් හැර ගන්නේද, කිම මානවකවූ ඔබට එබඳු රත්න ඇත්තේද, රජහුට වනාහි බොහෝවූ රත්න ඇත්තාහ. එබඳුවූ රජුගේ දිළිඳුවූ නුඹ කෙසේ නම් දූ කෙළියට කැඳවන්නෙහි දැයි” රජ තෙම ඇසීය.
|
1391
‘‘මනොහරො
ඉමඤ්ච ආජඤ්ඤමමිත්තතාපනං, එතං මෙ ජිනිත්වා හරෙ අක්ඛධුත්තො’’.
|
1391
“කැමති වස්තුව ගෙණදෙන්නාවූ මහත් මාණික්‍ය රත්නයක්වූ මාගේ මේ මනෝහර නම් මාණික්‍ය රත්නයක් ඇත්තේය. සතුරන් තවන්නාවූ මේ ආජානීය අශ්වයෙක්ද සිටියි. අක්ෂධූර්තතෙම මාගේ මේ වස්තු දෙකම දිනා හැර ගෙණ යන්නේයයි” පූර්ණකයා කීවේය.
|
1392
‘‘එකො මණී මාණව කිං කරිස්සති, ආජානියෙකො පන කිං කරිස්සති;
බහූනි රඤ්ඤො මණිරතනානි අත්ථි, ආජානියා වාතජවා අනප්පකා’’.
|
1392
“එම්බා මානවකය තොපගේ මේ එක මැණික කුමක් කරන්නේද, මේ එකම ආජානීය අශ්වයාද කුමක් කරන්නේද, රජහුගේ භාණ්ඩාගාරයෙහි බොහෝ මාණික්‍ය රත්න ඇත්තාහ. වාතයට බඳු වේගඇති බොහෝවූ ආජානීය අශ්වයෝද රජුට ඇත්තාහුයයි” රජතෙම කීයේය.
|
1393
‘‘ඉදඤ්ච මෙ මණිරතනං, පස්ස ත්වං ද්විපදුත්තම;
ඉත්ථීනං විග්ගහා චෙත්ථ, පුරිසානඤ්ච විග්ගහා.
|
1393
“දෙපා ඇත්තවුන්ට උතුම්වූ මහරජ නුඹ වහන්සේ මාගේ මේ මාණික්‍ය රත්නයද බලනු මැනව. මේ මාණික්‍ය රත්නයෙහි අලංකාරයෙන් සැරසුනාවූ ස්ත්රීන්ගේ ශරීරද පුරුෂයන්ගේ ශරීරද, පෙනෙත්.
|
1394
‘‘මිගානං විග්ගහා චෙත්ථ, සකුණානඤ්ච විග්ගහා;
නාගරාජා සුපණ්ණා ච
(නාගරාජෙ සුපණ්ණෙ ච (සී. ස්‍යා. පී.)), මණිම්හි පස්ස නිම්මිතං.
|
1394
“මේ මාණික්‍ය රත්නයෙහි මුවන්ගේ ශරීරද පක්ෂීන්ගේ ශරීරද පෙනෙත්. නාරජුන්ද ගුරුලන්ද මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලනු මැනවැයි” කීයේය.
|
1395
‘‘හත්ථානීකං
චතුරඞ්ගිනිමං සෙනං, මණිම්හි පස්ස නිම්මිතං.
|
1395
“තවද හස්ති සේනාය රථසේනාය, අශ්වසේනාය ධජවලින් යුත් පාබල සේනාවද යන මේ සිව්රඟ සෙනග මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලව.
|
1396
‘‘හත්ථාරොහෙ අනීකට්ඨෙ, රථිකෙ පත්තිකාරකෙ;
බලග්ගානි වියූළ්හානි
(වියූහානි (ස්‍යා. ක.)), මණිම්හි පස්ස නිම්මිතං.
|
1396
“ඇතරුවන්ද සේනාවෙහි සිටියවුන්ද රථවල සිටියවුන්ද, පාබල සේනාවෙහි වූවන්ද යන රැස්වූ සේනා සමූහයන් මේ මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලවයි” කීයේය
|
1397
‘‘පුරං උද්ධාපසම්පන්නං
(උද්දාපසම්පන්නං (සී. පී.), අට්ටාලසම්පන්නං (ස්‍යා.)), බහුපාකාරතොරණං;
සිඞ්ඝාටකෙසු භූමියො, මණිම්හි පස්ස නිම්මිතං.
|
1397
“වස්තුවෙන් යුක්තවූ බොහෝ ප්‍රාකාර හා තොරන් ඇති සතරමං සන්ධි ආදියෙහිවූ සිත්කළු භූමිවලින් යුක්තවූ නගරය මේ මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලව.
|
1398
‘‘එසිකා
අට්ටාලකෙ ච ද්වාරෙ ච, මණිම්හි පස්ස නිම්මිතං.
|
1398
“ඉන්ද්රඛීලද දිය අගල්ද කණයමද අගුළු ඇති දොරවල්ද අටළුද දොරටුද මේ මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලවයි” කීයේය
|
1399
‘‘පස්ස තොරණමග්ගෙසු, නානාදිජා ගණා බහූ;
හංසා කොඤ්චා මයූරා ච, චක්කවාකා ච කුක්කුහා.
|
1399
“ඒ තොරන් අග හංසයෝද කොස්වාලිහිණද මොණරුද සක්වාලිහිණිද කබරුස්සෝද කොව්ලෝද බොහෝ විසිතුරුවූ පියාපත් ඇති කොව්ලෝද මොණරුද ජීවන් ජීවක පක්ෂීහුද යන බොහෝ නොයෙක් පක්ෂි සමූහ ඇත්තාහ. ඔවුන් බලාවා. නොයෙක් පක්ෂි සමූහයාගෙන් ගැවැසී ගත්තක් කොට මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලවයි” කීයේය
|
1400
‘‘කුණාලකා බහූ චිත්‍රා, සිඛණ්ඩී ජීවජීවකා;
නානාදිජගණාකිණ්ණං, මණිම්හි පස්ස නිම්මිතං.
|
1400 |
1401
‘‘පස්ස නගරං සුපාකාරං, අබ්භුතං ලොමහංසනං;
සමුස්සිතධජං රම්මං, සොණ්ණවාලුකසන්ථතං.
|
1401
මනා ප්‍රාකාර ඇති අද්භූතවූ ලොමුඩැහැගන්නාවූ ඔසවනලද ධජ ඇති සිත්කළුවූ රුවන්වැලි අතුරණ ලද්දාවූ නගරය බලව.
|
1402
‘‘පස්සෙත්ථ
(පස්ස ත්වං (සී. පී.)) පණ්ණසාලායො, විභත්තා භාගසො මිතා;
නිවෙසනෙ නිවෙසෙ ච, සන්ධිබ්යූහෙ පථද්ධියො.
|
1402
“එහි කොටස් වශයෙන් ප්‍රමාණ කොට බෙදන ලද්දාවූ ආපන ශාලාවන්ද ගෘහයන්ද ගෘහවස්තූන්ද විනිවිද නොගිය විථීන්ද විනිවිද ගිය වීථින්ද නුඹ වහන්සේ බලනු මැනව.
|
1403
‘‘පානාගාරෙ
වෙසී ච ගණිකායො ච, මණිම්හි පස්ස නිම්මිතං.
|
1403
“එහි සුරාපාන ශාලාවන්ද සුරා සොඬුන්ද අංගානිද මුළුතැන් ගෙවල්ද වෙෂ්යා ස්ත්‍රීන්ද ගණිකාවන්ද යන මේ සියල්ල මාණික්‍යයෙහි නිර්මිත කරණ ලද ආශ්චර්‍ය්‍යය බලව.
|
1404
‘‘මාලාකාරෙ ච රජකෙ, ගන්ධිකෙ අථ දුස්සිකෙ;
සුවණ්ණකාරෙ මණිකාරෙ, මණිම්හි පස්ස නිම්මිතං.
|
1404
“මාලාකාරයන්ද රජකයන්ද සුවඳ විලවුන් විකුණන්නන්ද තවද වස්ත්‍ර විකුණන්නන්ද රන්කරුවන්ද මැණික් කරුවන්ද යන සියල්ල මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලනු මැනව.
|
1405
‘‘ආළාරිකෙ ච සූදෙ ච, නටනාටකගායිනො;
පාණිස්සරෙ කුම්භථූනිකෙ, මණිම්හි පස්ස නිම්මිතං.
|
1405
“සූප කාරයන්ද අරක්කැමියන්ද නෘත්‍ය කරන්නවුන් හා නෘත්‍යයෙහි ගායනා කරන්නවුන්ද, අත්තල ගසන්නවුන් කල පිඹින්නන්ද යන මේ සියල්ල මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලනු මැනවැයි” කීයේය.
|
1406
‘‘පස්ස භෙරී මුදිඞ්ගා ච, සඞ්ඛා පණවදින්දිමා;
සබ්බඤ්ච තාළාවචරං, මණිම්හි පස්ස නිම්මිතං.
|
1406
“බෙරද මිහිඟු බෙරද සක්ද පනාබෙරද ගැටබෙරද ඇත්තාහ. එය බැලුව මැනව, සියලුම තූර්ය්ය විශේෂද මේ මැණිකෙහි නිර්මිතව පෙණෙන ආකාරය බැලුව මැනව.
|
1407
‘‘සම්මතාලඤ්ච
තූරියතාළිතසඞ්ඝුට්ඨං
|
1407
“මෙහි කුළුතාලම්ද වීණාද නැටීම් ගී කීම්ද මනා තූර්ය්යවාදනයද වේ වාදනය කිරීමෙන් ඝෝෂා කරණ ලද තූර්ය්යභාණ්ඩද මේ මැණිකෙහි නිර්මිතව තිබෙන ආකාරය බැළුව මැනව,
|
1408
‘‘ලඞ්ඝිකා මුට්ඨිකා චෙත්ථ, මායාකාරා ච සොභියා;
වෙතාලිකෙ
(වෙත්තලිකෙ (ක.)) ච ජල්ලෙ ච, මණිම්හි පස්ස නිම්මිතං.
|
1408
“මෙහි කරණම් පනින්නෝද මුෂ්ටි යුද්ධ කරන්නෝද ඉන්ද්රජාලිකයෝද නුවර හොබවන්නෝද ඇත්තාහ. ඔවුන් බැලුව මැනව. වන්දිභට්ටයන්ද කරනැවෑමියන්ද මේ මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බැලුව මැනවැයි” කීයේය.
|
1409
‘‘සමජ්ජා චෙත්ථ වත්තන්ති, ආකිණ්ණා නරනාරිභි;
මඤ්චාතිමඤ්චෙ භූමියො, මණිම්හි පස්ස නිම්මිතං.
|
1409
“මෙහි ස්ත්‍රී පුරුෂයන්ගෙන් ගැවසීගත්තාවූ මැසි පිට මැසි බඳින ලද භූමි ඇති නෘත්යස්ථානද වෙත්. එය මේ මැණිකෙහි මැවී පෙනෙන ආකාරය බැලුව මැනවයි” කීයේය.
|
1410
‘‘පස්ස මල්ලෙ සමජ්ජස්මිං, ඵොටෙන්තෙ
(පාඨෙන්තෙ (සී. ස්‍යා. පී.)) දිගුණං භුජං;
නිහතෙ නිහතමානෙ ච, මණිම්හි පස්ස නිම්මිතං.
|
1410
“මල්ලව පොර අල්ලන නෘත්යස්ථානයෙහි දෙගුණ කොට අත්පොළසන් දෙන්නවුන්ද ජයගෙණ සිටියවුන්ද පැරදුනවුන්ද මේ මැණිකෙහි නිර්මිතව තිබෙන ආකාරය බැලුව මැනවයි” කීයේය.
|
1411
‘‘පස්ස පබ්බතපාදෙසු, නානාමිගගණා බහූ;
සීහා බ්යග්ඝා වරාහා ච, අච්ඡකොකතරච්ඡයො.
|
1411
“මෙහි පර්වතයෙහි පාදයන්හිවූ බොහෝවූ නොයෙක් මෘග සමූහයෝ වෙත්. ඔවුන් බැලුව මැනව, සිංහයෝද ව්‍යාඝ්‍රයෝද ඌරෝද වලස්සුද කොක්නාවෝද කළුහිස් වලස්සුද ඇත්තාහ.
|
1412
‘‘පලාසාදා ගවජා ච, මහිංසා රොහිතා රුරූ;
එණෙය්යා ච වරාහා
(සරභා (ස්‍යා.)) ච, ගණිනො නීක
(නිඞ්ක (සී. ස්‍යා. පී.)) සූකරා.
|
1412
“කඟවේන්නුද ගවරුද මීමෝද රෝහිත මුවෝද රූරුනම් මුවෝද ඒනිමුවෝද වරාහ මෘගයෝද ගෝන්නුද මෘග සූකරයෝද මෙහි ඇත්තාහ.
|
1413
‘‘කදලිමිගා බහූ චිත්‍රා, බිළාරා සසකණ්ටකා;
නානාමිගගණාකිණ්ණං, මණිම්හි පස්ස නිම්මිතං.
|
1413
“තවද කෙසෙල් මුවෝද බොහෝ විසිතුරු මෘගයෝද වල් බළල්ලුද සාවෝද මීමින්නෝද යන මේ නොයෙක් මෘග සමූහයාගෙන් ගැවසීගත් මේ මැණිකෙහි නිර්මිතව පෙනෙන ආකාරය බැලුව මැනවයි” කීයේය.
|
1414
‘‘නජ්ජායො සුපතිත්ථායො, සොණ්ණවාලුකසන්ථතා;
අච්ඡා සවන්ති අම්බූනි, මච්ඡගුම්බනිසෙවිතා.
|
1414
“මෙහි මනා තොටුපල ඇත්තාවූ රන්වැලි අතුරණ ලද්දාවූ ජලයෙහි මත්ස්‍ය සමූහයන් විසින් නිතර සේවනය කරණ ලද්දාවූ ගංගාවෝ ප්‍රසන්න ගලා බසිත්.
|
1415
‘‘කුම්භීලා මකරා චෙත්ථ, සුසුමාරා ච කච්ඡපා;
පාඨීනා පාවුසා මච්ඡා, බලජා
(වලජා (සී.), වාලජා (පී.)) මුඤ්ජරොහිතා.
|
1415
“තවද එහි කිඹුල්ලුද මෝරුද පැටි කිඹුල්ලුද කැස්බෝද පෙටියෝද ලුල් මස්සුද වලපොත්තෝද මුද්දුද රේ මස්සුද යන මොහු ඇත්තාහ. ඔවුන් බැළුව මැනවැයි” කීයේය.
|
1416
‘‘නානාදිජගණාකිණ්ණා, නානාදුමගණායුතා;
වෙළුරියක-රොදායො
(වෙළුරියඵලකරොදායො (සී.)), මණිම්හි පස්ස නිම්මිතං.
|
1416
“එහි නොයෙක් වෘක්ෂ සමූහයාගෙන් ගැවසීගත්තාවූ නොයෙක් පක්ෂි සමූහයාගෙන් යුක්තවූ වෛඩූර්‍ය්‍යමය පාෂානයන්හි හැපී ශබ්ද නගන්නාවූ ගංගාවෝ වෙත්. ඔවුන් මේ මැණිකෙහි මැවීතිබෙන ආකාරය බැලුව මැනවයි” කීයේය.
|
1417
‘‘පස්සෙත්ථ
නානාදිජගණාකිණ්ණා, පුථුලොමනිසෙවිතා.
|
1417
“තවද මෙහි සතර දිග මනාව බෙදන ලද්දාවූ නොයෙක් පක්ෂි සමූහයාගෙන් ගැවසීගත්තාවූ මත්ස්‍යයන් විසින් නිතර සේවනය කරණ ලද්දාවූ පොකුණු වෙත්. ඔවුන් බැළුව මැනව.
|
1418
‘‘සමන්තොදකසම්පන්නං
උපෙතං වනරාජෙහි, මණිම්හි පස්ස නිම්මිතං.
|
1418
“හාත්පස ජලයෙන් පිරුණාවූ සාගරය කුණ්ඩලාභරණ කොට ඇති වන රොද වලින් යුක්තවූ පෘථිවිය මේ මැණිකෙහි මැවී තිබෙන ආශ්චර්‍ය්‍යය බැලුව මැනවයි” කීයේය.
|
1419
‘‘පුරතො විදෙහෙ පස්ස, ගොයානියෙ ච පච්ඡතො;
කුරුයො ජම්බුදීපඤ්ච, මණිම්හි පස්ස නිම්මිතං.
|
1419
“පෙර දිගින් පූර්වවිදෙහයද පසු දිගින් අපරගෝයානයද උතුරුදිගින් උතුරුකුරු දිවයිනද දකුණෙන් දඹදිවද මේ මැණිකෙහි නිර්මිතවූ ආකාරය බැළුව මැනව.
|
1420
‘‘පස්ස
සිනෙරුං අනුපරියන්තෙ, මණිම්හි පස්ස නිම්මිතං.
|
1420
“තවද මෙහි සතර දිශාවන් බබුළුවන්නාවූ සඳද හිරුද බැළුව මැනව. මහමෙර හාත්පස ගමන් කරන්නාවූ මොවුන් මැණිකෙහි නිර්මිතව පෙනෙන ආකාරය බැළුව මැනව.
|
1421
‘‘සිනෙරුං හිමවන්තඤ්ච, සාගරඤ්ච මහීතලං
(මහිද්ධිකං (සී. පී.), මහිද්ධියං (ස්‍යා.));
චත්තාරො ච මහාරාජෙ, මණිම්හි පස්ස නිම්මිතං.
|
1421
“තවද මහමෙරද හිමවත ද සාගරයද මහත් ඍද්ධි ඇත්තාවූ සතරවරම් මහා රජදරුවන්ද මේ මැණිකෙහි මැවී තිබෙන අයුරු බැළුව මැනව.
|
1422
‘‘ආරාමෙ වනගුම්බෙ ච, පාටියෙ
(පිට්ඨියෙ (ක.)) ච සිලුච්චයෙ;
රම්මෙ කිම්පුරිසාකිණ්ණෙ, මණිම්හි පස්ස නිම්මිතං.
|
1422
“තවද ආරාමයන්ද වනලැහැබ්ද ගල්තලාවන්ද සිත්කළුවූ කිඳුරන්ගෙන් ගැවැසීගත්තාවූ පර්වතයන්ද මේ මැණිකෙහි මැවී පෙනෙන ආකාරය බැළුව මැනව.
|
1423
‘‘ඵාරුසකං චිත්තලතං, මිස්සකං නන්දනං වනං;
වෙජයන්තඤ්ච පාසාදං, මණිම්හි පස්ස නිම්මිතං.
|
1423
“තවද බොරළු දමුණු වනයද චිත්‍රලතා වනයද මිශ්‍රක නම් වනයද නන්දන වනයද වෛජයන්ත ප්රාසාදයද මේ මැණිකෙහි මැවී පෙනෙන ආකාරය බැළුව මැනව.
|
1424
‘‘සුධම්මං තාවතිංසඤ්ච, පාරිඡත්තඤ්ච පුප්ඵිතං;
එරාවණං නාගරාජං, මණිම්හි පස්ස නිම්මිතං.
|
1424
“තවද සුධර්මානම් දිව්‍ය සභාවද තව්තිසා භවනයද පිපියාවූ පරසතු රුකද එෛරාවන නම් දිව්‍ය හස්තී රාජයාද මේ මැණිකෙහි නිර්මිතව පෙනෙන ආකාරය බැළුව මැනව.
|
1425
‘‘පස්සෙත්ථ දෙවකඤ්ඤායො, නභා විජ්ජුරිවුග්ගතා;
නන්දනෙ විචරන්තියො, මණිම්හි පස්ස නිම්මිතං.
|
1425
“තවද මෙහි අහසින් පැනනැගි විදුලිය බඳු දිව්‍ය කන්‍යාවන් බැළුව මැනව. නන්දනොද්යානයෙහි හැසිරෙන දිව්‍ය ස්ත්‍රීන් මේ මැණිකෙහි නිර්මිතව පෙනෙන ආකාරය බැළුව මැනව.
|
1426
‘‘පස්සෙත්ථ දෙවකඤ්ඤායො, දෙවපුත්තපලොභිනී;
දෙවපුත්තෙ
|
1426
“තවද මෙහි දිව්‍ය සූත්‍රයන් පොළඹවන්නාවූ දිව්‍ය කන්‍යාවන් බැළුව මැනව. එහි හැසිරෙනු ලබන දිව්‍ය පුත්‍රයන්ද මේ මැණිකෙහි නිර්මිතව පෙණෙන ආකාරය බැළුව මැනවයි” කීයේය.
|
1427
‘‘පරොසහස්සපාසාදෙ, වෙළුරියඵලසන්ථතෙ;
පජ්ජලන්තෙ ච
(පජ්ජලන්තෙන (සී. ස්‍යා. පී.)) වණ්ණෙන, මණිම්හි පස්ස නිම්මිතං.
|
1427
“තවද එහි වෛඩූර්‍ය්‍යමය පුවරු අතුරණ ලද බබළන්නාවූ වර්ණයෙන් යුක්ත දහසකටත් වැඩි දිව්‍ය ප්රසාදයන් මේ මැණිකෙහි නිර්මිතව පෙනෙන ආකාරය බැළුව මැනව.
|
1428
‘‘තාවතිංසෙ ච යාමෙ ච, තුසිතෙ චාපි නිම්මිතෙ;
පරනිම්මිතවසවත්තිනො
(පරනිම්මිතාභිරතිනො (සී. පී.)), මණිම්හි පස්ස නිම්මිතං.
|
1428
“තවද තවතිසා වැසි දෙවියන්ද යාම නම් දෙවියන්ද තුසිත නම් දෙවියන්ද නිම්මානරතීනම් දෙවියන්ද පර්නිම්මිතවසවර්ති නම් දෙවියන්ද මේ මැණිකෙහි නිර්මිතව පෙනෙන ආකාරය බැළුව මැනව.
|
1429
‘‘පස්සෙත්ථ පොක්ඛරණියො, විප්පසන්නොදිකා සුචී;
මන්දාලකෙහි සඤ්ඡන්නා, පදුමුප්පලකෙහි ච.
|
1429
“තවද මෙහි විශේෂයෙන් ප්‍රසන්නවූ ජලය ඇති පවිත්‍රවූ හෙල්මැලි වලින්ද පියුම් උපුල් වලින්ද ගැවසීගත්තාවූ පොකුණු ඇත්තාහ. ඔවුන් බැළුව මැනවයි” කීයේය.
|
1430
‘‘දසෙත්ථ රාජියො සෙතා, දසනීලා
(දස්සනීයා (ක.)) මනොරමා;
ඡ පිඞ්ගලා පන්නරස, හලිද්දා ච චතුද්දස.
|
1430
“තවද මේ මාණික්‍ය රත්නයෙහි සුදුඉරි දසයක්ද සිත්කළුවූ නිල්ඉරි දසයක්ද පිඟුවන් ඉරි සයක් හා පසළොසක් ද කසාවන් ඉරි තුදුසක්ද වෙත්.
|
1431
‘‘වීසති තත්ථ සොවණ්ණා, වීසති රජතාමයා;
ඉන්දගොපකවණ්ණාභා, තාව දිස්සන්ති තිංසති.
|
1431
“එහි රන්වන් ඉරි විස්සක්ද රිදී පැහැති ඉරි විස්සක්ද රතිදු ගොව්වන්ගේ පිට පැහැ බඳු ඉරි තිසක් පමණද දක්නා ලැබෙත්.
|
1432
‘‘දසෙත්ථ කාළියො ඡච්ච, මඤ්ජෙට්ඨා පන්නවීසති;
මිස්සා බන්ධුකපුප්ඵෙහි, නීලුප්පලවිචිත්තිකා.
|
1432
“තවද මෙහි කළු ඉරි දශයක් හා සයක්ද මදටියවන් ඉරි විසි පහක්ද වෙත්. ඒ කළුවූද මදටිය වන්වූද ඉරි බඳුවද මල් වලින් හා නිළුපුල් වලින් මිශ්‍රවූවාහු විසිතුරුව පැණෙත්.
|
1433
‘‘එවං
ඔධිසුඞ්කං මහාරාජ, පස්ස ත්වං ද්විපදුත්තම’’.
|
1433
“දෙපා ඇත්තවුන්ට උතුම්වූ මහරජුනි, මෙසේ සියලු අංගයන්ගෙන් යුක්තවූ රශ්මි ඇත්තාවූ පැහැ විහිදෙන්නාවූ මේ මාණික්‍ය රත්නය සුන්වත් කොටස වශයෙන් බැළුව මැනවයි” කීයේය.
|
1434
‘‘උපාගතං රාජ මුපෙහි ලක්ඛං, නෙතාදිසං මණිරතනං තවත්ථි;
ධම්මෙන ජිස්සාම
(ජිය්යාම (සී. ස්‍යා. පී.)) අසාහසෙන, ජිතො ච නො ඛිප්පමවාකරොහි.
|
1434
“මහරජ, සූදු ශාලාවෙහි කටයුතු නිමවන ලදී. මෙබඳු මාණික්‍ය රත්නයක් ඔබට නැත. පසැටින් ක්‍රීඩා කරණ තැනට එළඹුන මැනව. ක්රීඩාකරන්නාවූද අපි සැහැසිකමින් නොව දැහැමින්ම දිනන්නෙමු දිනන ලද්දේද අපට වහා ධනය දුන මැනවයි” පූර්ණකයා රජුට කීයේය.
|
1435
‘‘පඤ්චාල
පස්සන්තු නොතෙ අසඨෙන යුද්ධං, න නො සභායං න කරොන්ති කිඤ්චි’’.
|
1435
“පඤ්චාල රජුද ප්රසිද්ධවූ ශූරසේන නම් රජුද මච්ඡ නම් රටෙහි රජු ද කේතක ජනපදවාසී රජුන් හා මදුරට රජුද යන ඒ රජවරු කෛරාටික නොවීමෙන් අපගේ මේ දක්ෂ යුද්ධය බලත්වා. මේ සභාවෙහි කිසිවෙකුට කිසිවෙක් සාක්ෂි නොකරන්නේ නොවේ හෙවත් අප්‍රමාද වව්යයි” යක් සෙනෙවිතෙම ඒ රජුන් සාක්ෂිකරුවන් කෙළේය.
|
1436
‘‘තෙ පාවිසුං අක්ඛමදෙන මත්තා, රාජා කුරූනං පුණ්ණකො චාපි යක්ඛො;
රාජා කලිං විච්චිනමග්ගහෙසි, කටං අග්ගහී පුණ්ණකො නාම යක්ඛො.
|
1436
කුරුරට වැස්සන්ගේ රජ තෙමේද පූර්ණක නම් යක්ෂ තෙමේද යන අක්ෂ මදයෙන් මත්වූ ඔව්හු සූදු ශාලාවට ඇතුල්වූහ.
රජතෙම සොයමින් පරාජයවන අය ගත්තේය. පූර්ණක නම් යක්ෂතෙම දිනන අය ගත්තේය.
|
1437
‘‘තෙ තත්ථ ජූතෙ උභයෙ සමාගතෙ, රඤ්ඤං සකාසෙ සඛීනඤ්ච මජ්ඣෙ;
අජෙසි යක්ඛො නරවීරසෙට්ඨං, තත්ථප්පනාදො තුමුලො බභූව’’.
|
1437
ඔවුන් ඒ සුදු ශාලාවෙහි දූ කෙළියට පැමිණි කල්හි ඒ දෙදෙන දූ කෙළියහ. රජුන් සමීපයෙහිද යහළුවන්ගේ මද්ධ්යයෙහිද ඒ යක්ෂතෙම නරවර ශ්‍රේෂ්ඨවූ රජහු පරදවා ජයගත්තේය. ඒ සූදුවෙහි මා විසින් දිනන ලදැයි මහත්වූ ශබ්දයෙක් වූයේය.
|
1438
‘‘ජයො මහාරාජ පරාජයො ච, ආයූහතං අඤ්ඤතරස්ස හොති;
ජනින්ද ජීනොසි
(ජින්නොසි (ස්‍යා.), ජිතොසි (පී.) ජිනොම්හි (ක.)) වරද්ධනෙන, ජිතො ච මෙ ඛිප්පමවාකරොහි’’.
|
1438
“මහරජතුමනි, ජයද පරාජයද ව්‍යායාම් කරන්නවුන්ගෙන් එක්තරා එකෙකුම වේ. ජනාධිපතිතුමනි, ඔබ වහන්සේ උතුම්වූ ධනයෙන් පිරිහුනේ වෙහි. මා විසින් දිනන ලද්දේද වේ. වහා මට දිනුම දෙවයි” පූර්ණකතෙම කීයේය.
|
1439
‘‘හත්ථී
ගණ්හාහි කච්චාන වරං ධනානං, ආදාය
|
1439
“එම්බා කාත්‍යායනය, ඇත්තුද ගවයෝද අශ්වයෝද මාණික්‍ය කුණ්ඩලාභරණද යන මාගේ යම්කිසි රත්න සමූහයක් මේ පෘථිවියෙහි ඇද්ද, ධනයන්ගෙන් උතුම්වූ ඒ වස්තුව හැරගණුව. ඒ වස්තුව හැරගෙණ යම් දිශාවකින් යනු කැමැත්තෙහි නම් ඒ දිශාවෙන් යවයි” රජතෙම කීයේය.
|
1440
‘‘හත්ථී ගවස්සා මණිකුණ්ඩලා ච, යඤ්චාපි තුය්හං රතනං පථබ්‍යා;
තෙසං වරො විධුරො නාම කත්තා, සො මෙ ජිතො තං මෙ අවාකරොහි’’.
|
1440
“මහරජ, ඇත්තුද ගවයෝද අශ්වයෝද මාණික්‍ය කුණ්ඩලාභරණද යන මේ පොළොවෙහි ඔබගේ යම්කිසි රත්න සමූහයක් ඇද්ද ඔවුන් අතුරෙන් විධුර නම්වූ ඇමති තෙම උතුම්වේ. හෙතෙම මා විසින් දිනන ලදී. ඔහු මට දෙවයි” පූර්ණකතෙම කීයේය.
|
1441
‘‘අත්තා ච මෙ සො සරණං ගතී ච, දීපො ච ලෙණො ච පරායණො ච;
අසන්තුලෙය්යො මම සො ධනෙන, පාණෙන මෙ සාදිසො එස කත්තා’’.
|
1441
“එම්බා මානවකය, හෙතෙම මාගේ ආත්මයද සරණද ගතියද පිහිටද සැඟවෙන තැනද උතුම් ප්රතිෂ්ඨාවද වේ. හෙතෙම මාගේ වස්තුව හා සමාන කළ නොහැක්කේය. මේ විධුර පණ්ඩිතතෙම මාගේ ප්‍රාණය හා සමවේයයි” රජ තෙම කීයේය.
|
1442
‘‘චිරං විවාදො මම තුය්හඤ්චස්ස, කාමඤ්ච පුච්ඡාම තමෙව ගන්ත්වා;
එසොව නො විවරතු එතමත්ථං, යං වක්ඛතී හොතු කථා
(තථා (ස්‍යා. ක.)) උභින්නං’’.
|
1442
“මහරජ, මාගේද ඔබගේද විවාදය බොහෝකලක් ඇතිවන්නේය. එබැවින් ඒකාන්තයෙන්ම ඔහු වෙතටම ගොස් විචාරමු. මෙතෙමේම මේ කාරණය අපට ප්‍රකාශ කෙරේවා. හෙතෙම යමක් කියාද අප දෙදෙනාගේ කථාව එපමණ වේවායි” පූර්ණකයා කීයේය.
|
1443
‘‘අද්ධා හි සච්චං භණසි, න ච මාණව සාහසං;
තමෙව ගන්ත්වා පුච්ඡාම, තෙන තුස්සාමුභො ජනා’’.
|
1443
“එම්බා මානවකය, ඒකාන්තයෙන්ම නුඹ සැබවක් කියන්නෙහිය. සාහසික වචනයක්ද නොකියන්නෙහිය. ඔහු වෙතම ගොස් විචාරමු. ඔහුගේ ප්‍රකාශයෙන් අපි දෙදෙනා සතුටු වන්නෙමුයි” රජතෙම කීයේය.
|
1444
‘‘සච්චං නු දෙවා විදහූ කුරූනං, ධම්මෙ ඨිතං විධුරං නාමමච්චං;
දාසොසි රඤ්ඤො උද වාසි ඤාති, විධුරොති සඞ්ඛා කතමාසි ලොකෙ’’.
|
1444
“කුරු රටෙහි ධර්මයෙහි පිහිටියාවූ විධුර නම් අමාත්‍යයෙක් වේයයි දෙවියෝ ප්‍රකාශ කරත්. ඒ සැබවක්ද, ඔබ රජහුගේ දාසයෙක් වෙහිද නොහොත් නෑයෙක් වෙහිද, ලෝකයෙහි විධුරය යන නාමය කවරක් වීදැයි” පූර්ණකයා ඇසීය.
|
1445
‘‘ආමායදාසාපි
සයම්පි හෙකෙ උපයන්ති දාසා, භයා පණුන්නාපි භවන්ති දාසා.
|
1445
“සමහර කෙනෙක් දාසියගේ කුසෙහි දාසයෙකුට දාව උපන් දාසයෝද වෙත්. සමහරු වස්තුවදී මිලයට ගන්නා ලද්දාහුද දාසයෝ වෙත්. සමහරු තුමූම දාස බවට පැමිණියාහුද වෙත්. සමහරු රාජ භය ආදියෙන් තමාගේ වසඟයට පැමිණියාහුද දාසයෝ වෙත්.
|
1446
‘‘එතෙ
භවො ච රඤ්ඤො අභවො ච රඤ්ඤො, දාසාහං දෙවස්ස පරම්පි ගන්ත්වා;
ධම්මෙන මං මාණව තුය්හ දජ්ජා’’.
|
1446
“මිනිසුන් අතර මේ දාසයෝ සතර කොටසක් වෙත් මානවකය, ඒකාන්තයෙන් මමද මේ එක්තරා දාස යෝනියකින් උපන්නෙක් වෙමි. රජහට වැඩක් හෝ වේවා. රජහට අවැඩක් හෝ වේවා. අන් තැනකටද ගොස් මම දේවයන් වහන්සේගේ දාසයා වෙමි. රජතෙම මා දිනූ ධනය වශයෙන් දැහැමින් ඔබට දෙන්නේයයි” විධුර පණ්ඩිතතෙම කීයේය.
|
1447
‘‘අයං
(අයම්පි (ස්‍යා. ක.)) දුතීයො විජයො මමජ්ජ, පුට්ඨො හි කත්තා විවරෙත්ථ
(විවරිත්ථ (සී. ස්‍යා. ක.)) පඤ්හං;
අධම්මරූපො වත රාජසෙට්ඨො, සුභාසිතං නානුජානාසි මය්හං’’.
|
1447
“අද මාගේ මේ දෙවැනි දිනීමවේ. විචාරණ ලද්දාවූ ඇමතිතෙමේ වනාහි ප්රශ්නය විසඳූයේය. රාජොත්තම තෙමේ ඒකාන්තයෙන් අධර්ම ස්වභාව ඇත්තෙකි. විධුර පණ්ඩිතයා විසින් ප්රශ්නය මනාකොට විසඳන ලදී. කුමක්හෙයින් මට අවසරය නොදෙන්නෙහිදැයි” පූර්ණකයා කීයේය.
|
1448
‘‘එවං චෙ නො සො විවරෙත්ථ පඤ්හං, දාසොහමස්මි න ච ඛොස්මි ඤාති;
ගණ්හාහි කච්චාන වරං ධනානං, ආදාය යෙනිච්ඡසි තෙන ගච්ඡ’’.
|
1448
“ඉදින් හෙතෙම අපගේ ප්රශ්නය මම දාසයෙක් වෙමියි නෑයෙක් නොවෙමියි මෙසේ විසඳීනම්, කච්චාන නම් මානවකය, ධන අතරෙන් උතුම් ධනයවූ මොහු ගණුව. හැරගෙණද යම් දිසාවකින් කැමැත්තෙහි නම් ඒ දිශාවෙන් යවයි” රජතෙම කෝපයෙන් කීයේය.
|
1449
‘‘විධුර වසමානාස්ස, ගහට්ඨස්ස සකං ඝරං;
ඛෙමා වුත්ති කථං අස්ස, කථන්නු අස්ස සඞ්ගහො.
|
1449
“එම්බා විධුර පණ්ඩිතය, ස්වකීය ගෘහයෙහි වාසය කරන්නාවූ ගෘහස්ථයාගේ නිර්භයවූ පැවැත්ම කෙසේ වන්නේද, සිව්වැදෑරුම් සංග්‍රහය කෙසේ වන්නේද?
|
1450
‘‘අබ්‍යාබජ්ඣං
(අබ්යාපජ්ඣං (සී. ස්‍යා. පී.)) කථං අස්ස, සච්චවාදී ච මාණවො;
අස්මා
|
1450
“නිදුක් බව කෙසේ වන්නේද? කෙසේ නම් මානවකතෙම සත්‍යවාදී වන්නේද? මෙලොවින් පරලොව ගොස් කෙසේ නම් ශොක නොකෙරේදැයි” රජතෙම ඇසීය.
|
1451
තං තත්ථ ගතිමා ධිතිමා, මතිමා අත්ථදස්සිමා;
සඞ්ඛාතා
(සඞ්ඛාතො (ක.)) සබ්බධම්මානං, විධුරො එතදබ්රවි.
|
1451
ඒ ධර්ම සභාවෙහි ඤාණගතියෙන් යුක්තවූ නුසුන් වීර්‍ය්‍ය ඇති මහත් ප්‍රඥාව ඇති අර්ථදැකීම් ඇති සියලු ධර්මයන් දන්නා නුවණ ඇති විධුරපණ්ඩිතතෙම ඒ රජුට මෙය කීයේය.
|
1452
‘‘න සාධාරණදාරස්ස, න භුඤ්ජෙ සාදුමෙකකො;
න සෙවෙ ලොකායතිකං, නෙතං පඤ්ඤාය වඩ්ඪනං.
|
1452
“මහරජ, සාධාරණ දාරාවන් ඇත්තෙක් නොවන්නේය. මිහිරි දෙය තනිව නොවළඳන්නේය. ලෝකායත නම් විතණ්ඩ ශාස්ත්‍රය සේවනය නොකරන්නේය. මෙය ප්‍රඥාවගේ වැඩීමට හේතු නොවෙයි.
|
1453
‘‘සීලවා වත්තසම්පන්නො, අප්පමත්තො විචක්ඛණො;
නිවාතවුත්ති අත්ථද්ධො, සුරතො සඛිලො මුදු.
|
1453
“සිල් ඇත්තේද වතින් යුක්තවූයේද කුශල ධර්මයන්හි ප්‍රමාද නොවූයේද විචක්ෂණවූයේද යටහත් පැවතුම් ඇත්තේද, තද මසුරු නොවූයේද සුරත භාවයෙන් යුක්තවූයේද මිහිරි වචන ඇත්තේද මෘදුවූයේද වන්නේය.
|
1454
‘‘සඞ්ගහෙතා
තප්පෙය්ය අන්නපානෙන, සදා සමණබ්රාහ්මණෙ.
|
1454
“මිත්‍රයන් සංග්‍රහ කරන්නේද, දානසංවිභාග කිරීම ඇත්තේද, සියලු කටයුතුවල විධාන කිරීම ඇත්තේද, හැම කල්හි ආහාරපානයෙන් මහණ බමුණන් සතුටු කරන්නේද,
|
1455
‘‘ධම්මකාමො සුතාධාරො, භවෙය්ය පරිපුච්ඡකො;
සක්කච්චං පයිරුපාසෙය්ය, සීලවන්තෙ බහුස්සුතෙ.
|
1455
“දහම් කැමැතිවූයේ ශ්‍රැතයට ආධාරවූයේ මහණ බමුණන්ගෙන් පිළිවිසීම ස්වභාවකොට ඇත්තෙක් වන්නේය. සිල්වතුන්ද බොහෝ උගතුන්ද සකස්කොට ඇසුරු කරන්නේය.
|
1456
‘‘ඝරමාවසමානස්ස, ගහට්ඨස්ස සකං ඝරං;
ඛෙමා වුත්ති සියා එවං, එවං නු අස්ස සඞ්ගහො.
|
1456
“ස්වකීය ගෘහයෙහි ගෘහවාසයෙන් වාසය කරන්නාවූ ගෘහස්ථයාගේ නිර්භයවූ පැවැත්ම මෙසේ වන්නේය. සංග්රහයද මෙසේ වන්නේය.
|
1457
‘‘අබ්‍යාබජ්ඣං
අස්මා ලොකා පරං ලොකං, එවං පෙච්ච න සොචති’’.
|
1457
නිදුක් බව ඇත්තේද මෙසේම වන්නේය. මෙසේ පිළිපන්නාවූ මානවකතෙම සත්‍යවාදීද වන්නේය. මෙලොවින් පරලොවට ගොස් මෙසේ පරලොවදී ශොක නොකෙරේ යයි” විධුර පණ්ඩිතතෙම කීයේය.
|
1458
‘‘එහි දානි ගමිස්සාම, දින්නො නො ඉස්සරෙන මෙ;
මමෙවත්ථං
(තමෙවත්ථං (පී.)) පටිපජ්ජ, එස ධම්මො සනන්තනො’’.
|
1458
“එව දැන් යන්නෙමු. ඔබ ස්වාමියා විසින් මට දෙන ලද්දේ වෙහි. මාගේම වැඩට එළිපදුව. මේතෙම පුරාතනයන් ගේ ස්වභාව ධර්මයවේයයි’ පූර්ණකතෙම කීයේය.
|
1459
‘‘ජානාමි මාණව තයාහමස්මි, දින්නොහමස්මි තව ඉස්සරෙන;
තීහඤ්ච
|
1459
“මානවකය, නුඹ විසින් මම දිනාගන්නා ලද්දේ වෙමියි දනිමි. මම අපගේ රජහු විසින් තොපට දෙනලද්දේ වෙමි. යම් පමණ කලකින් අපි පුත්‍රදාරාවන්ට අනුශාසනා කරමුද, එපමණවූ තුන්දවසක් කල් අපගේ ගෙහි වාසය කරමුයි” විධූර පණ්ඩිතතෙම කීයේය.
|
1460
‘‘තං මෙ තථා හොතු වසෙමු තීහං, කුරුතං භවජ්ජ ඝරෙසු කිච්චං;
අනුසාසතං පුත්තදාරෙ භවජ්ජ, යථා තයී පෙච්ච
(පච්ඡා (සී. පී.)) සුඛී භවෙය්ය’’.
|
1460
“ඔබ යමක් කියන්නෙහි නම් ඒ සියල්ල මට එසේ වේවා. තුන් දවසක් ඔබගේ ගෙහි වසමු. පින්වතා අද ගෘහයන්හි කටයුතු කෙරේවා යම්සේ ඔබ ගිය කල්හි පසුව අඹුදරු සමූහයා සුවපත් වන්නේද එපරිද්දෙන් පින්වතා අද අඹුදරුවන්ට අනුශාසනා කෙරේවායි” මානවකතෙම කීයේය.
|
1461
‘‘සාධූති වත්වාන පහූතකාමො, පක්කාමි යක්ඛො විධුරෙන සද්ධිං;
තං කුඤ්ජරාජඤ්ඤහයානුචිණ්ණං, පාවෙක්ඛි අන්තෙපුරමරියසෙට්ඨො’’.
|
1461
බොහෝ සම්පත් ඇති යක්ෂතෙම මැනවයි කියා විධුර පණ්ඩිතයන් සමග ගියේය. ආර්‍ය්‍ය ශ්‍රේෂ්ඨවූ යක්ෂතෙම ඇතුන් හා ආජානීය අසුන්ගෙන් ගැවසීගත්තාවූ ඒ අන්තඃපුරයට ඇතුල්වූයේය.
|
1462
‘‘කොඤ්චං මයූරඤ්ච පියඤ්ච කෙතං, උපාගමි තත්ථ සුරම්මරූපං;
පහූතභක්ඛං බහුඅන්නපානං, මසක්කසාරං විය වාසවස්ස’’.
|
1462
කොඤ්ච නම්වූද මයුර නම්වූද පියකේත නම්වූද ප්‍රාසාද තුනක් එහි වෙත්. ඒ ප්‍රාසාද අතුරෙන් ඉතා සිත්කළු ස්වභාව ඇති බොහෝවූ කෑයු තු දෑ ඇති බොහෝ ආහාර පාන ඇත්තාවූ ශක්‍රයාගේ ශක්‍රපුරය වැනිවූ තමන් වසන ප්‍රාසාදයට විධුරතෙම යක්ෂයා කැඳවාගෙණ ගියේය.
|
1463
‘‘තත්ථ
අච්ඡරා විය දෙවෙසු, නාරියො සමලඞ්කතා.
|
1463
දෙව්ලොව දිව්‍යප්සරාවන් මෙන් මනාව සැරසුනාවූ ස්ත්‍රීහු ඒ ප්‍රාසාදයෙහි නටත්. ගායනා කරත්. වරින්වර කැඳවත්.
|
1464
‘‘සමඞ්ගිකත්වා පමදාහි යක්ඛං, අන්නෙන පානෙන ච ධම්මපාලො;
අත්ථත්ථ
(අග්ගත්ථ (ස්‍යා. අට්ඨ.)) මෙවානුවිචින්තයන්තො, පාවෙක්ඛි භරියාය තදා සකාසෙ.
|
1464
දහම් රක්නාවූ පණ්ඩිතතෙම යක්ෂයා ස්ත්‍රීන් හා සමගිකොට ආහාරයෙන්ද පානයෙන්ද එක්කොට හිතවැඩම කල්පනා කරමින් එකල්හි භාර්‍ය්‍යාවගේ සමීපයට ඇතුල් වූයේය.
|
1465
‘‘තං
භරියංවචා එහි සුණොහි භොති, පුත්තානි ආමන්තය තම්බනෙත්තෙ.
|
1465
සුවඳ සඳුන් දියෙන් ගල්වන ලද ජාම්බෝනද ස්වර්ණ නිෂ්කයකට බඳු ශරීර ඇති ඒ භාර්‍ය්‍යාවට “තඹවන් නෙත්ර ඇති පින්වතිය මෙහි එව. මාගේ වචනය අසව. මාගේ දරුවන් කැඳවවයි” කීයේය.
|
1466
‘‘සුත්වාන වාක්යං පතිනො අනුජ්ජා
(අනොජා (ස්‍යා. ක.)), සුණිසංවච තම්බනඛිං සුනෙත්තං;
ආමන්තය වම්මධරානි චෙතෙ, පුත්තානි ඉන්දීවරපුප්ඵසාමෙ’’.
|
1466
අනුජ්ජා නම් ඒ භාර්‍ය්‍යාතොමෝ ස්වාමිහුගේ වචනය අසා “නිළුපුල් මල් බඳු ස්‍යාම වර්ණ ඇති දෙවතාවෙනි ආභරණවලින් සැරසුනාවූ මාගේ දරුවන් කැඳවාවයි” තඹවන් නිය ඇති මනා ඇස් ඇති යෙහෙළියට කීවාය.
|
1467
‘‘තෙ ආගතෙ මුද්ධනි ධම්මපාලො, චුම්බිත්වා පුත්තෙ අවිකම්පමානො;
ආමන්තයිත්වාන අවොච වාක්යං, දින්නාහං රඤ්ඤා ඉධ මාණවස්ස.
|
1467
මහබෝසත්තෙම කම්පානොවෙමින් එහි ආවාවූ ඒ දරුවන් මස්තකයෙහි සිඹ ආමන්ත්‍රණය කොට “මම මෙහි මේ මානවකයාට රජු විසින් දෙනලද්දේ වෙමියි” යන වාක්‍යය කීයේය.
|
1468
‘‘තස්සජ්ජහං අත්තසුඛී විධෙය්යො, ආදාය යෙනිච්ඡති තෙන ගච්ඡති;
අහඤ්ච වො සාසිතුමාගතොස්මි
(අනුසාසිතුං ආගතොස්මි (ස්‍යා. ක.)), කථං අහං අපරිත්තාය ගච්ඡෙ.
|
1468
“අද මම තමන් සතු සැපයෙන් යුක්තවූයෙම් ඉන් පසු ඔහුට යටත්වූවෙක් වෙමි. හෙතෙම මා හැරගෙණ යම් මගකින් කැමැති නම් ඒ මගින් යයි මම වනාහි තොපට අනුශාසනා කරන්ට ආයේවෙමි. කෙසේ නම් මම ආරක්ෂාවක් නොකොට යන්නෙම්ද?
|
1469
‘‘සචෙ
කිමාභිජානාථ පුරෙ පුරාණං, කිං වො පිතා අනුසාසෙ පුරත්ථා.
|
1469
“ඉදින් තොපගෙන් බොහෝවූ කාම සම්පත් ඇති ජනයන් පාලනය කරන්නාවූ කුරුරට වැසි රජතෙම මින් පෙර කවර නම් පැරණි දෙයක් තෙපි දනිව්ද, පළමු පියතෙම තොපට කිනම් අනුශාසනාවක් කෙළේදැයි අසන්නේ නම් මෙසේ කියව්.
|
1470
‘‘සමාසනා
තමඤ්ජලිං කරිය වදෙථ එවං, මා හෙවං දෙව න හි එස ධම්මො;
වියග්ඝරාජස්ස නිහීනජච්චො, සමාසනො දෙව කථං භවෙය්ය’’.
|
1470
“ඉදින් තොපට රජතෙම තෙපි සියල්ලෝ මා හා සමාන ආසන ඇත්තෝ වව් යයි කී කල්හි මේ රාජ කුලයෙහි කවර නම් මනුෂ්‍යයෙක් රජහු ඉක්මවා ඉන්නේදැයි ඒ රජුට ඇඳිලිකොට මෙසේ කියව් ‘දේවයන්වහන්ස, මෙසේ නො කියනුමැනව. මෙතෙම අපගේ ප්‍රවේනි ධර්මය නොවේ. දේවයන් වහන්ස, සිංහ රාජයෙකුට නීච ජාති ඇති හිවලෙක් කෙසේ නම් සම සම අසුන් ඇත්තෙක් වන්නේදැයි’ කියවයි” අවවාද කෙළේය.
|
1471
‘‘සො ච පුත්තෙ
(මිත්තෙ (සී. පී.)) අමච්චෙ ච, ඤාතයො සුහදජ්ජනෙ;
අලීනමනසඞ්කප්පො, විධුරො එතදබ්රවි.
|
1471
ඉක්බිති නොසැඟවුණු චිත්ත සංකල්පනා ඇති ඒ විධුර පණ්ඩිතතෙම මිත්‍රයන්ටද, ඇමැතියන්ටද, නෑයන්ටද, සුහද ජනයන්ටද මෙය කීයේය.
|
1472
‘‘එථය්යො
(එථය්යා (ස්‍යා.)) රාජවසතිං, නිසීදිත්වා සුණාථ මෙ;
යථා රාජකුලං පත්තො, යසං පොසො නිගච්ඡති.
|
1472
“පින්වතුනි, මෙහි එව්. යම්සේ රජකුලයට පැමිණියාවූ පුරුෂතෙම යශසට පැමිණේද එබඳුවූ මා කියන්නාවූ රාජ පරිචර්‍ය්‍යාව මාස කීපයෙහි හිඳ අසව්යයි” කීයේය.
|
1473
‘‘න හි රාජකුලං පත්තො, අඤ්ඤාතො ලභතෙ යසං;
නාසූරො නාපි දුම්මෙධො, නප්පමත්තො කුදාචනං.
|
1473
“රජ ගෙදරට පැමිණියාවූ අප්‍රකට ගුණ ඇත්තේ යශස නොම ලබයි. ශූර නොවූ තැනැත්තේද නොලබයි. දුෂ්ප්‍රාඥ තැනැත්තේද නොලබයි. ප්‍රමාදවූ තැනැත්තේද, කිසි කලෙක යශස නොලබයි.
|
1474
‘‘යදාස්ස සීලං පඤ්ඤඤ්ච, සොචෙය්‍යං චාධිගච්ඡති;
අථ විස්සසතෙ ත්යම්හි, ගුය්හඤ්චස්ස න රක්ඛති.
|
1474
“යම් කලෙක මේ සේවකයාගේ ශීලයද හෙවත් ආචාර සම්පත්තියද, ඤාණශක්තියද, පිරිසිදුකමද දැනගණීද, එකල්හි රජතෙම ඔහු කෙරේ විශ්වාස කෙරේ. සැඟවියයුතු රහසද ඔහුට නොසඟවායයි” කීයේය.
|
1475
‘‘තුලා යථා පග්ගහිතා, සමදණ්ඩා සුධාරිතා;
අජ්ඣිට්ඨො න විකම්පෙය්ය, ස රාජවසතිං වසෙ.
|
1475
“දැඩිකොට ගන්නාලද සමවූ දඬු ඇති මනාව දරණ ලද තරාදිය උස් පහත් නොවන්නාක් මෙන් අණ ලද්දාවූ රාජ සේවකතෙම කම්පා නොවන්නේ නම් හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1476
‘‘තුලා යථා පග්ගහිතා, සමදණ්ඩා සුධාරිතා;
සබ්බානි අභිසම්භොන්තො, ස රාජවසතිං වසෙ.
|
1476
“දැඩිව ගන්නා ලද සමවූ දඬු ඇති මනාව දැරූ තරාදිය මෙන් රාජසේවකතෙම සියලු රාජකෘත්යයන් කරන්නේවේද හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1477
‘‘දිවා
අජ්ඣිට්ඨො න විකම්පෙය්ය, ස රාජවසතිං වසෙ.
|
1477
“නුවණැත්තාවූ යම් රාජසේවකයෙක් දාවල් හෝ ඉදින් රාත්‍රි හෝ රාජ කෘත්‍යයන්හි අණ දෙනලද්දේ කම්පා නොවන්නේද හෙතෙම රාජකුලයෙහි වාසයෙන් වාසය කරන්නේය.
|
1478
‘‘දිවා
සබ්බානි අභිසම්භොන්තො, ස රාජවසතිං වසෙ.
|
1478
“නුවණැති සේවකතෙම ඉදින් දාවල් හෝ රාත්‍රියෙහි හෝ රාජකෘත්යයන්හි, සියල්ල සම්පූර්ණකරන්නේවේද හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1479
‘‘යො චස්ස සුකතො මග්ගො, රඤ්ඤො සුප්පටියාදිතො;
න තෙන වුත්තො ගච්ඡෙය්ය, ස රාජවසතිං වසෙ.
|
1479
“රජුට මනාව කරණලද, මනාව පිළියෙල කළාවූ යම් මාර්ගයක් වන්නේද, කියන ලද්දාවූද හෙතෙම ඒ මාර්ගයෙන් නොයන්නේද, හෙතෙම රාජකුලයෙහි වාසයෙන් වාසය කරන්නේය.
|
1480
‘‘න රඤ්ඤො සදිසං
(සමකං (සී. ස්‍යා. පී.)) භුඤ්ජෙ, කාමභොගෙ කුදාචනං;
සබ්බත්ථ පච්ඡතො ගච්ඡෙ, ස රාජවසතිං වසෙ.
|
1480
“යමෙක් රජුගේ කාමභොගයන්ට සමානව කිසි කලෙකත් කාම සම්පත් අනුභව නොකරන්නේද, සෑමතන්හි රජුට පසුවම යන්නේද හෙතෙම රාජකුලයෙහි වාසයෙන් වාසය කරන්නේය.
|
1481
‘‘න
ආකප්පං සරකුත්තිං වා, න රඤ්ඤො සදිසමාචරෙ;
අඤ්ඤං කරෙය්ය ආකප්පං, ස රාජවසතිං වසෙ.
|
1481
“රජුට සමානව වස්ත්‍රයක් නොහඳින්නේද මල් මාලාවක් නොදරන්නේද, විලෙපනයක් නොගල්වන්නේද, ආකාරයක් හෝ ශබ්දකිරීමක් හෝ රජුට සමානව නොකරන්නේද, අන්‍යවූම ආකාරයක් කරන්නේද හෙතෙම රාජකුලයෙහි වාසයෙන් වාසය කරන්නේය.
|
1482
‘‘කීළෙ රාජා අමච්චෙහි, භරියාහි පරිවාරිතො;
නාමච්චො රාජභරියාසු, භාවං කුබ්බෙථ පණ්ඩිතො.
|
1482
“රජතෙමේ ඇමැතියන් විසින්ද, ස්ත්‍රීන් විසින්ද, පිරිවරණලදුව ක්‍රීඩා කරන්නේද, එකල්හි නුවණැති ඇමැතිතෙම රාජ ස්ත්‍රීන් කෙරෙහි විශ්වාස බවක් නොකරන්නේය.
|
1483
‘‘අනුද්ධතො අචපලො, නිපකො සංවුතින්ද්රියො;
මනොපණිධිසම්පන්නො, ස රාජවසතිං වසෙ.
|
1483
“උඩඟු නොවූ නොසැරසෙනසුළුවූ මේරූ නුවණ ඇති සංවරවූ ඉන්ද්රියයන් ඇති මනාව තැන්පත්වූ සිත් ඇති හෙතෙම රජුවෙත පැමිණ වාසය කරන්නේයයි” කීයේය.
|
1484
‘‘නාස්ස භරියාහි කීළෙය්ය, න මන්තෙය්ය රහොගතො;
නාස්ස කොසා ධනං ගණ්හෙ, ස රාජවසතිං වසෙ.
|
1484
“යමෙක් ඒ රජහුගේ ස්ත්‍රීන් සමග ක්‍රීඩා නොකරන්නේද, රහසිගතව මන්ත්‍රණය නොකරන්නේද, ඒ රජහුගේ භාණ්ඩාගාරයෙන් ධනය සොරකම්කොට නොගන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1485
‘‘න නිද්දං බහු මඤ්ඤෙය්ය
(න නිද්දන්නං බහුං මඤ්ඤෙ (සී. පී.)), න මදාය සුරං පිවෙ;
නාස්ස දායෙ මිගෙ හඤ්ඤෙ, ස රාජවසතිං වසෙ.
|
1485
“යමෙක් නිදන්නවුන්ගෙන් බොහෝකොට නිදමියි නොහඟින්නේද, මත්වීම පිණිස සුරාපානය නොකරන්නේද, ඒ රජහුගේ අභය ස්ථානයෙහි මුවන් නො නසන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1486
‘‘නාස්ස පීඨං න පල්ලඞ්කං, න කොච්ඡං න නාවං
(නාගං (සී. පී.)) රථං;
සම්මතොම්හීති
|
1486
“යමෙක් ඒ රජහුගේ පුටුවකට නොනගින්නේද, ඇඳකට නොනගින්නේද, බඳවෙළුවකට නොනගින්නේද, ඇතෙකුටද, රථයකටද මම සම්මත කරණ ලද්දේ වෙමියි, නොනගින්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1487
‘‘නාතිදූරෙ භජෙ
(භවෙ (සී. පී.)) රඤ්ඤො, නාච්චාසන්නෙ විචක්ඛණො;
සම්මුඛඤ්චස්ස තිට්ඨෙය්ය, සන්දිස්සන්තො සභත්තුනො.
|
1487
“යම් නුවණැත්තාවූ සේවකයෙක් තෙම රජුට ඉතා දුර තන්හි නොවන්නේද, ඉතා ලංව නොසිටින්නේද, ඒ රජුගේ කටයුතු බලමින් ස්වකීය ස්වාමිහුට පෙනෙමින් සිටින්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1488
‘‘න වෙ
(මෙ (ස්‍යා. ක.)) රාජා සඛා හොති, න රාජා හොති මෙථුනො;
ඛිප්පං කුජ්ඣන්ති රාජානො, සූකෙන’ක්ඛීව ඝට්ටිතං.
|
1488
“රජතෙම ඒකාන්තයෙන් යහළුවෙක් නොවේ රජතෙමේ තමා හා සමානවූවෙක් නොවේ. වී නණ්ඩුවකින් ගටනාලද ඇසක් මෙන් රජවරු වහා කිපෙත්. රජ විසින් පුදනලද දේ යයි හඟිමින් නුවණැති පණ්ඩිතවූ සේවක පුරුෂතෙම පිරිස් මැදට පැමිණියාවූ රජුට පරුෂවූ කථා නොකරන්නේයයි” කීයේය.
|
1489
‘‘න පූජිතො මඤ්ඤමානො, මෙධාවී පණ්ඩිතො නරො;
ඵරුසං පතිමන්තෙය්ය, රාජානං පරිසංගතං.
|
1489 |
1490
‘‘ලද්ධද්වාරො
අග්ගීව සංයතො තිට්ඨෙ
(අග්ගීව යතො තිට්ඨෙය්ය (සී. පී.)), ස රාජවසතිං වසෙ.
|
1490
“යමෙක් ලබනලද දොරටු ඇත්තේ දොරටුව ලබන්නේද, රජුන් කෙරෙහි නොම විශ්වාස කරන්නේද, ගින්නක් ලඟ මෙන් අප්‍රමාදයෙන් යුක්තව සිටින්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1491
‘‘පුත්තං වා භාතරං වා සං, සම්පග්ගණ්හාති ඛත්තියො;
ගාමෙහි නිගමෙහි වා, රට්ඨෙහි ජනපදෙහි වා;
තුණ්හීභූතො උපෙක්ඛෙය්ය, න භණෙ ඡෙකපාපකං.
|
1491
“රජතෙම ස්වකීය පුත්‍රයාට හෝ ස්වකීය සහෝදරයාට හෝ ගම්වලින් හෝ නියම්ගම්වලින් හෝ රටෙහිවූ ජනපදවලින් හෝ යමක් දෙමියි, සේවකයන් සමග කථාකෙරේද, එකල්හි සේවකතෙම නිශ්ශබ්දව මධ්‍යස්ථ වන්නේද, එහි ගුණයක් හෝ අගුණයක් හෝ නොකියන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1492
‘‘හත්ථාරොහෙ අනීකට්ඨෙ, රථිකෙ පත්තිකාරකෙ;
තෙසං කම්මාවදානෙන
(කම්මාපවාදෙන (ස්‍යා.)), රාජා වඩ්ඪෙති වෙතනං;
න තෙසං අන්තරා ගච්ඡෙ, ස රාජවසතිං වසෙ.
|
1492
“ඇතරුවන්ද, අසරුවන්ද, රථවල නගින්නවුන්ද පාබල සේනාවන්ද යන ඔවුන්ගේ කර්මාන්ත හා චරිත බලා රජතෙම වැටුප් වැඩිකරයි. යම් සේවකයෙක් ඔවුන්ගේ ලාභයට අන්තරා නොකරන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1493
‘‘චාපොවූනුදරො ධීරො
(චාපොව ඔනමෙ ධීරො (ස්‍යා.)), වංසොවාපි පකම්පයෙ;
පටිලොමං න වත්තෙය්ය, ස රාජවසතිං වසෙ.
|
1493
“ප්‍රාඥවූ යම් සේවකයෙක් දුන්නක් මෙන් අඩුවූ උදර ඇත්තේද, හුණ ගොබයක් මෙන් කම්පා වීමෙන් යුක්තද, රජුට විරුද්ධව නොපවත්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1494
‘‘චාපොවූනුදරො
අප්පාසී නිපකො සූරො, ස රාජවසතිං වසෙ.
|
1494
“යමෙක් දුන්න මෙන් අඩුවූ උදර ඇත්තෙක් වන්නේද, මත්ස්‍යයෙකු මෙන් මදවූ කථා ඇති බැවින් දිව නැත්තෙක් වන්නේද, මදවූ අනුභව කිරීම ඇති මේරූ නුවණ ඇති ශූරවූ හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1495
‘‘න
කාසං සාසං දරං බල්යං, ඛීණමෙධො නිගච්ඡති.
|
1495
“යමෙක් තේජස් පිරිහීම දකිමින් නැවත නැවත ස්ත්රීයකරා නොයන්නේද, එසේ යන්නාවූ ක්ෂීණවූ නුවණ ඇති පුරුෂතෙම කෘෂයටද ස්වාසයටද කායද රථයටද, දුර්වල බවටද පැමිණේ.
|
1496
‘‘නාතිවෙලං පභාසෙය්ය, න තුණ්හී සබ්බදා සියා;
අවිකිණ්ණං මිතං වාචං, පත්තෙ කාලෙ උදීරයෙ.
|
1496
“දරුවෙනි, රජුන් සමීපයෙහි පමණ ඉක්මවා කථා නොකරන්නේය. හැමකල්හි නිශ්ශබ්ද නොවන්නේය. සුදුසු කාලයෙහි නොවිසිරුනාවූ ප්රමාණවත්වූ වචනය කියන්නේය.
|
1497
‘‘අක්කොධනො අසඞ්ඝට්ටො, සච්චො සණ්හො අපෙසුණො;
සම්ඵං ගිරං න භාසෙය්ය, ස රාජවසතිං වසෙ.
|
1497
“නොකිපෙනසුළුවූ අනුන් නොගටන්නාවූ සත්‍යය සියුම්වූ ප්‍රිය ශූන්‍ය නොවූ වචන ඇත්තෙක් වන්නේද, යමෙක් නිරර්ථක කථා නොකියන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1498
(අයං ගාථා නත්ථි පී. පොත්ථකෙ) ‘‘මාතාපෙත්තිභරො අස්ස, කුලෙ ජෙට්ඨාපචායිකො;
සණ්හො සඛිලසම්භාසො
(හිරිඔත්තප්පසම්පන්නො (සී. ක.)), ස රාජවසතිං වසෙ
(අයං ගාථා නත්ථි පී. පොත්ථකෙ).
|
1498
“යමෙක් මව්පියන් පෝෂණය කරන්නෙක් වන්නේද, කුල දෙටුවන් පුදන්නෙක් වන්නේද, ලජ්ජා භය දෙකින් යුක්තවූවෙක් වන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1499
‘‘විනීතො සිප්පවා දන්තො, කතත්තො නියතො මුදු;
අප්පමත්තො සුචි දක්ඛො, ස රාජවසතිං වසෙ.
|
1499
“යම් සේවකයෙක් හික්මුණාවූ ශිල්ප දන්නාවූ දමනයවූ සම්පාදනයවූ ආත්ම ඇති නිශ්චලවූ අධික මාන රහිතවූ අප්‍රමාදවූ පවිත්‍රවූ උපස්ථාන කිරීමෙහි දක්ෂයෙක්වේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1500
‘‘නිවාතවුත්ති වුද්ධෙසු, සප්පතිස්සො සගාරවො;
සුරතො සුඛසංවාසො, ස රාජවසතිං වසෙ.
|
1500
“යමෙක් යටත් පැවතුම් ඇත්තේ වෘද්ධයන් කෙරෙහි ආදර ගෞරව සහිතවූයේ සුරතවූයේ සැපවූ යහපත් වචන ඇත්තේවේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1501
‘‘ආරකා
භත්තාරඤ්ඤෙවුදික්ඛෙය්ය, න ච අඤ්ඤස්ස රාජිනො.
|
1501
“යමෙක් අන් රජුන් විසින් සහනය කරන්ට එවන ලද ජනයා දුරින්ම දුරුකරන්නේද, තම ස්වාමියාම බලන්නේද අන් රජෙකුට ලං නොවන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1502
‘‘සමණෙ බ්රාහ්මණෙ චාපි, සීලවන්තෙ බහුස්සුතෙ;
සක්කච්චං පයිරුපාසෙය්ය, ස රාජවසතිං වසෙ.
|
1502
“යමෙක් සිල්වත්වූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ශ්‍රමණයන්ද බ්‍රාහ්මණයන්ද සකස්කොට ඇසුරු කරන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1503
‘‘සමණෙ බ්රාහ්මණෙ චාපි, සීලවන්තෙ බහුස්සුතෙ;
සක්කච්චං අනුවාසෙය්ය, ස රාජවසතිං වසෙ.
|
1503
“යමෙක් සිල්වත්වූ බොහෝ උගත් ශ්‍රමණයන්ද බ්‍රාහ්මණයන්ද සකස්කොට අනුව වාසය කරන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1504
‘‘සමණෙ බ්රාහ්මණෙ චාපි, සීලවන්තෙ බහුස්සුතෙ;
තප්පෙය්ය
|
1504
“යමෙක් සිල්වත්වූ බොහෝ දැන උගත්කම් ඇති ශ්‍රමණයන්ද බ්‍රාහ්මණයන්ද ආහාරපාන දීමෙන් සතුටු කරන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1505
‘‘සමණෙ බ්රාහ්මණෙ චාපි, සීලවන්තෙ බහුස්සුතෙ;
ආසජ්ජ පඤ්ඤෙ සෙවෙථ, ආකඞ්ඛං වුද්ධිමත්තනො.
|
1505
“යමෙක් සිල්වත්වූ බහුශ්‍රැතවූ ශ්‍රමණයන්ද බ්‍රාහ්මණයන්ද යන පණ්ඩිතයන් වෙත පැමිණ තමහට අභිවෘද්ධිය පතමින් සේවනය කරන්නෙද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1506
‘‘දින්නපුබ්බං න හාපෙය්ය, දානං සමණබ්රාහ්මණෙ;
න ච කිඤ්චි නිවාරෙය්ය, දානකාලෙ වණිබ්බකෙ.
|
1506
“යමෙක් මහණ බමුණන්ට පෙර දුන් දානය නොපිරිහෙළන්නේද, දෙන්නාවූ කල්හි ආවාවූ යාචකයන්ට දෙන කිසිවකුත් නොවලක්වන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1507
‘‘පඤ්ඤවා බුද්ධිසම්පන්නො, විධානවිධිකොවිදො;
කාලඤ්ඤූ සමයඤ්ඤූ ච, ස රාජවසතිං වසෙ.
|
1507
“විමසන නුවණින් යුක්තවූ විකල නොවූ බුද්ධි ඇති නොයෙක් සංවිධාන කොටස්වල දක්ෂවූ සුදුසු කල් දන්නාවූ කටයුතු කිරීමෙහි කාලය දන්නාවූද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1508
‘‘උට්ඨාතා කම්මධෙය්යෙසු, අප්පමත්තො විචක්ඛණො;
සුසංවිහීතකම්මන්තො, ස රාජවසතිං වසෙ.
|
1508
“යමෙක් තමන්ගේ කටයුතුවල උත්සාහවත්වූ අප්‍රමාදවූ දක්ෂවූ මනාකොට කරණලද කර්මාන්ත ඇත්තෙක් වේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1509
‘‘ඛලං
මිතං ධඤ්ඤං නිධාපෙය්‍ය, මිතංව පාචයෙ ඝරෙ.
|
1509
“තවද යමෙක් කලවිටද ශාලාවටටද ගව ගාලටද කුඹුරටද නිතර යන්නෙකුත් වන්නේද මනිනලද ධාන්‍යය කොටුවල තැන්පත් කරන්නේද මනිනලදුවම ගෘහයෙහි පිසවන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1510
‘‘පුත්තං වා භාතරං වා සං, සීලෙසු අසමාහිතං;
අනඞ්ගවා හි තෙ බාලා, යථා පෙතා තථෙව තෙ;
චොළඤ්ච නෙසං පිණ්ඩඤ්ච, ආසීනානං පදාපයෙ.
|
1510
“තවද ශීලයන්හි නොපිහිටියාවූ ස්වකීය පුත්‍රයෙකු හෝ සහෝදරයෙකු හෝ තනතුරෙහි නොතබන්නේද, අඥානවූ ඔහු වනාහි අංග සමානයෝ නොවෙත්. පරලොව ගියහු යම්සේද ඔව්හුද එසේමැයි. ඇවිත් ඉඳගත්තාවූ ඔවුන්ට වස්ත්‍ර කඩක්ද ආහාරයක්ද පමණක් දෙවන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1511
‘‘දාසෙ කම්මකරෙ පෙස්සෙ, සීලෙසු සුසමාහිතෙ;
දක්ඛෙ උට්ඨානසම්පන්නෙ, ආධිපච්චම්හි ඨාපයෙ.
|
1511
“ශීලයන්හි මනාව පිහිටියාවූද දාසයන්ද කම්කරුවන්ද පණිවිඩකාරයන්ද දක්ෂවූ වීර්‍ය්‍යයෙන් යුක්තවූවන්ම අධිපති බැව්හි තබවන්නේයයි” කීයේය
|
1512
‘‘සීලවා ච අලොලො
(අලොභො (ස්‍යා. ක.)) ච, අනුරක්ඛො
(අනුරත්තො (සී. පී.)) ච රාජිනො;
ආවී රහො හිතො තස්ස, ස රාජවසතිං වසෙ.
|
1512
“තවද යමෙක් සිල් ඇත්තේද, ලෝභී නොවූයේද රජුට ඇළුම් ඇත්තෙකුත් වන්නේද ඉදිරියෙහිද රහසිගතවද ඒ රජුට හිතවූ හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1513
‘‘ඡන්දඤ්ඤූ
අසඞ්කුසකවුත්ති’ස්ස, ස රාජවසතිං වසෙ.
|
1513
“තවද යමෙක් රජුගේ කැමැත්ත දන්නෙක් වන්නේද, රජුගේ සිතට වසඟවූවෙක් වන්නේද, අවිරුද්ධවූ පැවතුම් ඇත්තෙක් වන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1514
‘‘උච්ඡාදයෙ
ආහතොපි න කුප්පෙය්ය, ස රාජවසතිං වසෙ.
|
1514
“තවද ඇඟ උලන්නේද නාවන්නේද පාද සෝදවන්නේද යටිකුරුවූ හිස ඇතිව කරන්නේද ගසන ලදුවත් නොකිපෙන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.
|
1515
‘‘කුම්භම්පඤ්ජලිං කරියා
(කුරියා (සී.)), චාටඤ්චාපි
(වායසං වා (සී. පී.)) පදක්ඛිණං;
කිමෙව සබ්බකාමානං, දාතාරං ධීරමුත්තමං.
|
1515
“තවද පුරුෂතෙම කලසක් දැකද ඇඳිළි කරන්නේය. කව්ඩෙකු හෝ දැක පැදකුණු කරන්නේය. සියලු කැමති දෙය දෙන්නාවූ ප්‍රාඥවූ උතුම්වූ රජු දැක කියනුම කවරේද?
|
1516
‘‘යො දෙති සයනං වත්ථං, යානං ආවසථං ඝරං;
පජ්ජුන්නොරිව භූතානි, භොගෙහි අභිවස්සති.
|
1516
“යමෙක් ශයනාසනද වස්ත්‍රාභරණද යානවාහනද, වාසය කරණ ගෙවල්ද දෙන්නේ නම් සත්වයන්ට මේඝයක් මෙන් සම්පත්වලින් වස්ස වන්නේ නම්, හේ රජතෙම නමස්කාර කටයුත්තේය.
|
1517
‘‘එසය්යො රාජවසති, වත්තමානො යථා නරො;
ආරාධයති රාජානං, පූජං ලභති භත්තුසු’’.
|
1517
“පින්වත්නි, මාවිසින් කියනලද මෝතොමෝ රාජවසති නම්වේ එහි පවත්නාවූ මනුෂ්‍යතෙම යම්සේ රජහු සතුටු කෙරේද එසේම හෙතෙම ස්වාමිවරුන්ගෙන් සත්කාර ලබායයි” විධුර පණ්ඩිතතෙම මෙසේ අනුශාසනා කෙළේය.
|
1518
‘‘එවං සමනුසාසිත්වා, ඤාතිසඞ්ඝං විචක්ඛණො;
පරිකිණ්ණො සුහදෙහි, රාජානමුපසඞ්කමි.
|
1518
“විධුර පණ්ඩිතතෙම නෑ සමූහයාට මෙසේ අනුශාසනාකොට මිත්‍රයන් විසින් පිරිවරණ ලද්දේ රජු වෙතට පැමිණියේය.
|
1519
‘‘වන්දිත්වා සිරසා පාදෙ, කත්වා ච නං පදක්ඛිණං;
විධුරො අවච රාජානං, පග්ගහෙත්වාන අඤ්ජලිං.
|
1519
“හිස් කරණකොටගෙණ පා වැඳ ඒ රජහු පැදකුණුද කොට විධුර පණ්ඩිතතෙම ඇඳිලි බැඳගෙණ රජුට මෙය කීයේය.
|
1520
‘‘අයං මං මාණවො නෙති, කත්තුකාමො
(ගන්තුකාමො (ක.)) යථාමති;
ඤාතීනත්ථං පවක්ඛාමි, තං සුණොහි අරින්දම.
|
1520
“මහරජ, මේ මානවකතෙම ඔහුගේ අදහස පරිදි කරණු කැමැත්තේ මා ගෙණ යයි. නෑයන්ට හිතවූවක් කියන්නෙමි එය ඇසුව මැනව.
|
1521
‘‘පුත්තෙ
යථා පෙච්ච
(පච්ඡා (ස්‍යා. ක.)) න හායෙථ, ඤාතිසඞ්ඝො මයී ගතෙ.
|
1521
“මාගේ දරුවන්ද බැලුව මැනව. මාගේ ගෘහයෙහි අන්‍යවූ යම් ධනයකුත් ඇද්ද, එයද බැලුව මැනව. මා ගිය කල්හි නෑ සමූහයා පසුව යම්සේ නොපිරිහෙන්නේද, එසේ කරණු මැනව.
|
1522
‘‘යථෙව ඛලතී භූම්යා, භූම්යායෙව පතිට්ඨති;
එවෙතං ඛලිතං මය්හං, එතං පස්සාමි අච්චයං’’.
|
1522
“යම්සේ පෘථිවියෙන්ම පැකුලුනේ පෘථිවිය ආධාර කොටම සිටීද මාගේ මේ පැකිලීමද මෙසේය. මාගේ මේ වරද දකිමියි” විධුරතෙම කීයේය.
|
1523
‘‘සක්කා
ඉධෙව හොහී ඉති මය්හ රුච්චති, මා ත්වං අගා උත්තමභූරිපඤ්ඤ’’.
|
1523
“එම්බා විධුර පණ්ඩිතය, තොපට යන්ට නොහැකිය මට මෙසේ සිතක් වෙයි. මේ මානවකයා මෙහි කැඳවා ගසා මරා මෙහිම සිටුව. මෙසේ මට කැමති වේ. මහත් ප්‍රඥා ඇති උත්තමය, ඔබ නොයවයි” රජතෙම කීයේය.
|
1524
‘‘මා
ධිරත්ථු කම්මං අකුසලං අනරියං, යං කත්වා පච්ඡා නිරයං වජෙය්ය.
|
1524
“මහරජතුමනි, අධර්මයන්හි සිත නොපිහිටවනු මැනව. අර්ථයෙහිද ධර්මයෙහිද යෙදුනෙක් වෙව. යම් කර්මයක් කොට පසුව නරකයට පැමිණෙන්නේද, එබඳු අනාර්‍ය්‍යවූ අකුශල කර්මයට නින්දාවේවා.
|
1525
‘‘නෙවෙස ධම්මො න පුනෙත
(පුනෙති (ස්‍යා. ක.)) කිච්චං, අයිරො හි දාසස්ස ජනින්ද ඉස්සරො;
ඝාතෙතුං ඣාපෙතුං අථොපි හන්තුං, න ච මය්හ කොධත්ථි වජාමි චාහං’’.
|
1525
“මේ තෙම ස්වභාව ධර්මයෙක් නොවේමය. නැවත මෙය කටයුත්තක්ද නොවෙයි. මහරජ, ස්වාමියා වනාහි දාසයාට අධිපතිවේ. නසන්ටද දවන්ටද තවද රක්ෂා කරන්ටද ලබයි. මාගේ මානවකයා කෙරෙහි ක්‍රෝධයකුත් නැත. මමද යමියි” පණ්ඩිතතෙම කීයේය.
|
1526
‘‘ජෙට්ඨපුත්තං උපගුය්හ, විනෙය්ය හදයෙ දරං;
අස්සුපුණ්ණෙහි නෙත්තෙහි, පාවිසී සො මහාඝරං’’.
|
1526
ඉක්බිති ඒ විධුර පණ්ඩිතතෙම වැඩිමහළු පුත්‍රයා වැළඳගෙණ හිතෙහි ශෝකය දුරුකොට කඳුළු පිරුණු නෙත් වලින් යුක්තව මහත්වූ ප්‍රාසාදයට ඇතුල්වූයේයි.
|
1527
‘‘සාලාව සම්මපතිතා
(සම්පමථිතා (සී. පී.)), මාලුතෙන පමද්දිතා;
සෙන්ති පුත්තා ච දාරා ච, විධුරස්ස නිවෙසනෙ.
|
1527
“විධුර පණ්ඩිතයාගේ ප්‍රාසාදයෙහි දරුවෝද භාර්‍ය්‍යාවෝද මහසුලඟකින් මඩනාලද එහා මෙහා පෙරළුනාවූ සල් වනයෙක්හි සල්ගස් මෙන් වැටී ශයනය කරත්.
|
1528
‘‘ඉත්ථිසහස්සං භරියානං, දාසිසත්තසතානි ච;
බාහා පග්ගය්හ පක්කන්දුං, විධුරස්ස නිවෙසනෙ.
|
1528
“විධුර පඬිහුගේ ගෘහයෙහි ස්ත්රින් දහසක්ද දාසීන් සත්සියයක්ද හිස අත් බැඳගෙණ ඇඬුවාහුය.
|
1529
‘‘ඔරොධා ච කුමාරා ච, වෙසියානා ච බ්රාහ්මණා;
බාහා පග්ගය්හ පක්කන්දුං, විධුරස්ස නිවෙසනෙ.
|
1529
“විධුර පඬිහුගේ ගෘහයෙහි අන්තඃපුර ස්ත්‍රීහුද කුමාරයෝද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝද හිස අත් බැඳගෙණ හැඬුවාහුය.
|
1530
‘‘හත්ථාරොහා
බාහා පග්ගය්හ පක්කන්දුං, විධුරස්ස නිවෙසනෙ.
|
1530
“විධුර පඬිහුගේ ගෘහයෙහි ඇතරුවෝද අසරුවෝද රථිකයෝද පාබලසේනාවෝද හිස අත් බැඳගෙණ හැඬුවාහුය.
|
1531
‘‘සමාගතා ජානපදා, නෙගමා ච සමාගතා;
බාහා පග්ගය්හ පක්කන්දුං, විධුරස්ස නිවෙසනෙ.
|
1531
“විධුර පඬිහුගේ නිවාසස්ථානයෙහි රැස්වූ දනව් වැස්සෝද රැස්වූ නියම්ගම් වැස්සෝද හිස අත් බැඳගෙණ හැඬුවාහුය.
|
1532
‘‘ඉත්ථිසහස්සං භරියානං, දාසිසත්තසතානි ච;
බාහා පග්ගය්හ පක්කන්දුං, කස්මා නො විජහිස්සසි.
|
1532
“ගෘහයෙහි ස්ත්‍රීන් දහසක්ද දාසීන් සත් සියයක්ද කුමක්හෙයින් අප හැර යන්නෙහිදැයි” හිස අත් බැඳ ගෙණ හැඬුවාහුය.
|
1533
‘‘ඔරොධා ච කුමාරා ච, දාසිසත්තසතානි ච;
බාහා පග්ගය්හ පක්කන්දුං, කස්මා නො විජහිස්සසි.
|
1533
“අන්තඃපුර වාසීහුද කුමරුවෝද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝද කුමක්හෙයින් අප හැර යන්නෙහිදැයි” හිස අත් බැඳ ගෙණ හැඬුවාහුය.
|
1534
‘‘හත්ථාරොහා අනීකට්ඨා, දාසිසත්තසතානි ච;
බාහා පග්ගය්හ පක්කන්දුං, කස්මා නො විජහිස්සසි.
|
1534
ඇතරුවෝද අසරුවෝද රථිකයෝද පාබල හමුදාවෝද කුමක්හෙයින් අප හැර යන්නෙහිදැයි” හිස අත් බැඳ ගෙණ හැඬුවාහුය.
|
1535
‘‘සමාගතා
බාහා පග්ගය්හ පක්කන්දුං, කස්මා නො විජහිස්සසි’’.
|
1535
රැස්වූ දනව් වැස්සෝද රැස්වූ නියම්ගම් වැස්සෝද කුමක්හෙයින් අප හැර යන්නෙහිදැයි” හිස අත් බැඳ ගෙණ හැඬුවාහුය.
|
1536
‘‘කත්වා
මිත්තාමච්චෙ ච භච්චෙ ච
(සුහජ්ජෙ (පී. ක.)), පුත්තදාරෙ ච බන්ධවෙ.
|
1536
ඉක්බිති පණ්ඩිතතෙම ගෘහයන්හි කටයුතු නිමවා මිත්‍රාමාත්‍යයන්ද දාසයන්ද අඹුදරුවන්ද නෑයන්ද යන ස්වකීය ජනයාට අනුශාසනාකොට.
|
1537
‘‘කම්මන්තං සංවිධෙත්වාන, ආචික්ඛිත්වා ඝරෙ ධනං;
නිධිඤ්ච ඉණදානඤ්ච, පුණ්ණකං එතදබ්රවි.
|
1537
කර්මාන්ත සංවිධානකොට ඒ ඒ තන්හි නිධන් කොට තබනලද්දාවූද ණය වශයෙන් දෙන ලද්දාවූද ගෘහයෙහිවූ ධනය කියා පූර්ණකයාට මෙය කීයේය.
|
1538
‘‘අවසී තුවං මය්හ තීහං අගාරෙ, කතානි කිච්චානි ඝරෙසු මය්හං;
අනුසාසිතා පුත්තදාරා මයා ච, කරොම කච්චාන
(කිච්චානි (ස්‍යා. ක.)) යථාමතිං තෙ’’.
|
1538
“ඔබ මාගේ ගෘහයෙහි තුන් දවසක් විසූයෙහිය. මා විසින් ගෘහයන්හි කටයුතුද කරණ ලදහ. මා විසින් අඹු දරුවෝද අනුශාසනා කරණ ලදහ. කච්චායනය, දැන් ඔබගේ අදහස් පරිදි කරමුයි” විධුරතෙම කීයේය.
|
1539
‘‘සචෙ
හන්දෙහි දානී තරමානරූපො, දීඝො හි අද්ධාපි අයං පුරත්ථා.
|
1539
“ඇමතිතුමනි, ඉදින් වනාහි ඔබ විසින් දරුවෝද භාර්‍ය්‍යාවෝද අනුව ජීවත් වන්නෝද අනුශාසනා කරණ ලද්දාහුද එහෙනම් දැන් ඉක්මන් කොට එව. ඉදිරියෙහි මේ මාර්ගයද දීර්ඝවේමැයි.
|
1540
‘‘අඡම්භිතොව
(අයම්භිතොව (සී. පී.)) ගණ්හාහි, ආජානෙය්යස්ස වාලධිං;
ඉදං පච්ඡිමකං තුය්හං, ජීවලොකස්ස දස්සනං’’.
|
1540
“බිය නැතුවම මේ ආජානීය අසුගේ වලිගය අල්වා ගණුව. මේ ඔබගේ මිනිස්ලොව අන්තිම දර්ශනය වේයයි” පූර්ණක කීයේය.
|
1541
‘‘සොහං කිස්ස නු භායිස්සං, යස්ස මෙ නත්ථි දුක්කටං;
කායෙන වාචා මනසා, යෙන ගච්ඡෙය්ය දුග්ගතිං’’.
|
1541
“කයින් වචනයෙන් සිතින් යම්බඳුවූ මා නපුරු කොට ගෙණ ලද්දක් නැත්තේද ඒ මම කුමකට භය වන්නෙම්දැයි” විධුරතෙම ඇසීය.
|
1542
‘‘සො අස්සරාජා විධුරං වහන්තො, පක්කාමි වෙහායසමන්තලික්ඛෙ;
සාඛාසු සෙලෙසු අසජ්ජමානො, කාලාගිරිං ඛිප්පමුපාගමාසි’’.
|
1542
ඒ අශ්වරාජතෙම විධුර පඬිහු උසුලමින් අන්තරීක්ෂ නම්වූ අහසින් ගමන් කෙළේය. අතුවලද ගල්වලද නොහැපෙමින් කාලාගිරි නම් පර්වතයට වහා පැමිණියේය.
|
1543
‘‘ඉත්ථිසහස්සං භරියානං, දාසිසත්තසතානි ච;
බාහා පග්ගය්හ පක්කන්දුං, යක්ඛො
විධුරං ආදාය ගච්ඡති.
|
1543
ඉක්බිති භාර්ය්යාවූ ස්ත්‍රීන් දහසද දාසීන් සත්සියයද යක්ෂයෙක් බමුණු වෙසින් අවුත් විධුර පඬිහු හැරගෙණ ගියේයයි හිස අත් බැඳගෙණ හැඬුවාහුය.
|
1544
‘‘සමාගතා
බාහා පග්ගය්හ පක්කන්දුං, යක්ඛො බ්රාහ්මණවණ්ණෙන;
විධුරං ආදාය ගච්ඡති.
|
1544
රැස්වූ දනව්වැස්සෝද රැස්වූ නියම්ගම් වැස්සෝද යක්ෂයෙක් බමුණු වෙසින් අවුත් විධුර පඬිහු හැර ගෙණ ගියේයයි හිස අත් බැඳගෙණ හැඬූහ.
|
1545
‘‘ඉත්ථිසහස්සං භරියානං, දාසිසත්තසතානි ච;
බාහා පග්ගය්හ පක්කන්දුං, පණ්ඩිතො සො කුහිං ගතො.
|
1545
ගෘහයෙහි ස්ත්‍රීන් දහසක්ද දාසීන් සත් සියයද ඒ පණ්ඩිතතෙම කොහි ගියේදැයි හිස අත් බැඳගෙණ හැඬූහ.
|
1546
‘‘සමාගතා ජානපදා, නෙගමා ච සමාගතා;
බාහා පග්ගය්හ පක්කන්දුං, පණ්ඩිතො සො කුහිං ගතො’’.
|
1546
රැස්වූ දනව්වැස්සෝද රැස්වූ නියම්ගම් වැස්සෝද ඒ පණ්ඩිතතෙම කොහි ගියේදැයි හිස අත් බැඳගෙණ හැඬූහ.
|
1547
‘‘සචෙ සො සත්තරත්තෙන, නාගච්ඡිස්සති පණ්ඩිතො;
සබ්බෙ අග්ගිං පවෙක්ඛාම
(පවිස්සාම (ස්‍යා.)), නත්ථත්ථො ජීවිතෙන නො’’.
|
1547
ඉදින් ඒ පණ්ඩිතතෙම සත් රැයකින් නොඑන්නේ නම් අපි සියල්ලෝ ගින්නට ප්‍රවිෂ්ට වන්නෙමු. අපගේ ජීවත්වීමෙන් ප්‍රයෝජනයක් නැත්තේයයි” සියල්ලෝම කීහ.
|
1548
‘‘පණ්ඩිතො ච වියත්තො ච, විභාවී ච විචක්ඛණො;
ඛිප්පං මොචිය අත්තානං, මා භායිත්ථාගමිස්සති’’
(ඛිප්පං මොචෙස්සත’ත්තානං, මා භාථ ආගමිස්සති (සී. පී.)).
|
1548
“ඒ විධුරතෙමේ පණ්ඩිතයෙක්ද විමසන නුවණින් යුක්ත බැවින් ව්‍යක්තයෙක්ද කාරණා කාරණා දක්වා කියන්ට සමර්ථ බැවින් විභාවීද ස්ථානෝචිත නුවණින් යුක්ත බැවින් විචක්ෂණයෙක්ද වන්නේය. එබැවින් බිය නොවව්. වහා තමන් මිදෙන්නේය. එසේ මිදී නැවත මෙහි එන්නේයයි” රජතෙම කීයේය.
|
1549
‘‘සො
නයිමස්ස ජීවෙන මමත්ථි කිඤ්චි, හන්ත්වානිමං
|
1549
හෙතෙම එහි ගොස් සිතන්නේ උස්පහත්වූ බොහෝ සිතිවිලි උපන්නාහු වෙත්. ‘මොහුගේ ජීවත්වීමෙන් කිසිදු වැඩක් නැත්තේය. මෙහිදීම මොහු මරා හදවත ගෙණ යන්නෙමියි” පූර්ණකයා සිතුයේය.
|
1550
‘‘සො තත්ථ ගන්ත්වා පබ්බතන්තරස්මිං
(පබ්බතපාදස්මිං (ක.)), අන්තො පවිසිත්‍වාන පදුට්ඨචිත්තො;
අසංවුතස්මිං ජගතිප්පදෙසෙ, අධොසිරං ධාරයි කාතියානො.
|
1550
“ඒ කාතියානතෙම එහි ගොස් පර්වත අතර ඇතුළට ඇතුල්ව ප්‍රදූෂ්‍යවූ සිත් ඇත්තේ අසංවරවූ භූමිප්රදෙශයෙහි විධුර පඬිහු හිස යටිකුරුකොට අල්වා ගත්තේය.
|
1551
‘‘සො ලම්බමානො නරකෙ පපාතෙ, මහබ්භයෙ ලොමහංසෙ විදුග්ගෙ;
අසන්තසන්තො කුරූනං කත්තුසෙට්ඨො, ඉච්චබ්රවි පුණ්ණකං නාම යක්ඛං.
|
1551
“මහත් භය ඇත්තාවූ ලොමුඩැහැගන්නාවූ යා නොහැකිවූ නරකය වැනි ප්‍රපාතයෙහි එල්බෙන්නාවූ කුරු රට වැස්සන්ගේ උතුම්වූ ඒ ඇමතිතෙම නිර්භයව පූර්ණක නම් යක්ෂයාට මෙසේ කීයේය.
|
1552
‘‘අරියාවකාසොසි
අච්චාහිතං කම්මං කරොසි ලුද්රං, භාවෙ ච තෙ කුසලං නත්ථි කිඤ්චි.
|
1552
“මානවකය, නුඹ රූපයෙන් දෙවියෙකු බඳුවෙහිය. එහෙත් අනාර්‍ය්‍ය ස්වභාව ඇත්තෙහිය. සංයමයක් නැත්තේ සංයම ඇත්තෙකු බඳුවෙහිය. රෞද්‍රවූ ඉතා අහිතකම් කරන්නෙහිය. තොපගේ සිතෙහිද ස්වල්ප තරම්වත් කුසලයක් නැත්තේය.
|
1553
‘‘යං මං පපාතස්මිං පපාතුමිච්ඡසි, කො නු තවත්ථො මරණෙන මය්හං;
අමානුසස්සෙව තවජ්ජ වණ්ණො, ආචික්ඛ මෙ ත්වං කතමාසි දෙවතා’’.
|
1553
“යම්හෙයකින් මා ප්‍රපාතයෙහි හෙලා මරන්ට කැමැත්තෙහිද, එහෙයින් මාගේ මරණයෙන් තොපට කවර ප්‍රයෝජනයක්ද, අද තොපගේ මේ කාරණය අමනුෂ්‍යයෙකුගේ වැනි වේ. ඔබ කවර දේවතාවෙක් වෙහිදැයි” මට කියවයි කීයේය.
|
1554
‘‘යදි තෙ සුතො පුණ්ණකො නාම යක්ඛො, රඤ්ඤො කුවෙරස්ස හි සො සජිබ්බො
(සජීවො (සී. පී.));
භූමින්ධරො
|
1554
“ඉදින් ඔබ විසින් පූර්ණක නම් යක්ෂයෙක් අසන ලද්දේද, හෙතෙම වනාහි කුවේර නම් රජුගේ ඇමතියෙක් වේ. මහත්වූ පවිත්‍රවූ වර්ණයෙන් හා බලයෙන් යුක්තවූ භූමිය දරන්නාවූ වරුණ නම් නාගරාජයෙක් වේ.
|
1555
‘‘තස්සානුජං ධීතරං කාමයාමි, ඉරන්ධතී නාම සා නාගකඤ්ඤා;
තස්සා සුමජ්ඣාය පියාය හෙතු, පතාරයිං තුය්හ වධාය ධීර’’.
|
1555
“මම ඒ නාරජහුගේ අනුජාත දුව කැමති වෙමි. ඕතොමෝ ඉරන්දතී නම් නාගකන්‍යාව වේ. පණ්ඩිතය, ශොභන මධ්‍ය ප්‍රදෙශ ඇති ඒ ප්‍රියාව හේතුකොටගෙණ ඔබට වධ පිණිස සිත පහළ කෙරෙමියි” පූර්ණකතෙම කීයේය.
|
1556
‘‘මා හෙව ත්වං
(තෙ (ස්‍යා. ක.)) යක්ඛ අහොසි මූළ්හො, නට්ඨා බහූ දුග්ගහීතෙන ලොකෙ
(ලොකා (සී. ස්‍යා. ක.));
කිං තෙ සුමජ්ඣාය පියාය කිච්චං, මරණෙන මෙ ඉඞ්ඝ සුණොමි
(සුණොම (සී. පී.)) සබ්බං’’.
|
1556
“එම්බා යක්ෂය, නුඹ මෙසේ මුළාවූවෙක් නොවෙව. බොහෝවූ ලෝවැස්සෝ වරදවා ගැණීමෙන් නැසුනාහුය. ශොභන මධ්‍ය ප්‍රදෙශ ඇත්තාවූ තාගේ ප්‍රියාවට මා මැරීමෙන් කවර කටයුත්තක් වේද, එබැවින් ඒ සියල්ල අසමුයි” විධුර තෙම කීයේය.
|
1557
‘‘මහානුභාවස්ස මහොරගස්ස, ධීතුකාමො ඤාතිභතො
(ඤාතිගතො (පී.)) හමස්මි;
තං යාචමානං සසුරො අවොච, යථා මමඤ්ඤිංසු සුකාමනීතං.
|
1557
“මහත් ආනුභාව ඇත්තාවූ මහත්වූ නාරජහුගේ දුව කැමැත්තේ මම නෑයන්ට බැලමෙහෙ කරන්නෙක්වෙමි. යම්හෙයකින් මා පහසුවෙන් කාමයෙන් පොළඹවනු හැකියයි දැනගත්තාහුද, එහෙයින් මයිල්තෙම ඇය ඉල්වන්නාවූ මට මෙසේ කීය.
|
1558
‘‘දජ්ජෙමු
සචෙ තුවං හදයං පණ්ඩිතස්ස, ධම්මෙන ලද්ධා ඉධ මාහරෙසි;
එතෙන විත්තෙන කුමාරි ලබ්භා, නඤ්ඤං ධනං උත්තරි පත්ථයාම.
|
1558
“ඉදින් ඔබ පණ්ඩිතයාගේ හදවත දැහැමින් ලැබ මෙහි ගෙනෙන්නෙහි නම්, යහපත් ශරීර ඇති මනා නෙත් යුවලක් ඇති ඉතා විස්මයට කරුණුවූ සඳුන් ගල්වන ලද ශරීර ඇති ඉරන්දතී නම් දුව තට දෙන්නෙමු. මේ සතුටු පඬුරෙන් කුමරිය ලැබිය හැක. මෙයින් අන්‍යවූ ධනයක් මත්තෙහි නොකැමැත්තෙමුයි” කීහ.
|
1559
‘‘එවං
හදයෙන තෙ ධම්මලද්ධෙන නාගා, ඉරන්ධතිං නාගකඤ්ඤං දදන්ති.
|
1559
“එම්බා පණ්ඩිතය, මෙසේ මම මුළාවූයේ නොවෙමි. ඇසුව මැනව. මා විසින් නපුරුකොට ගන්නා ලද කිසිවකුත් නැත්තේය. දැහැමින් ලබන ලද තොපගේ හෘදයවස්තුවෙන් නාගයෝ මට ඉරන්දතී නම් නාග කන්‍යාව දෙති
|
1560
‘‘තස්මා අහං තුය්හං වධාය යුත්තො, එවං මමත්ථො මරණෙන තුය්හං;
ඉධෙව තං නරකෙ පාතයිත්වා, හන්ත්වාන තං හදයමානයිස්සං’’.
|
1560
“එහෙයින් මම තොපට වධකිරීම පිණිස යෙදුනෙමි. මෙසේ මට තොපගේ මරණයෙන් ප්රයෝජනයෙක්වේ. මෙහිම ඔබ ප්‍රපාතයෙහි හෙළා මරා ඒ හෘදයවස්තුව ගෙණ යන්නෙමියි” පූර්ණක කීයේය.
|
1561
‘‘ඛිප්පං මමං උද්ධර කාතියාන, හදයෙන මෙ යදි තෙ අත්ථි කිච්චං;
යෙ කෙචිමෙ සාධුනරස්ස ධම්මා, සබ්බෙව තෙ පාතුකරොමි අජ්ජ’’.
|
1561
“එම්බා කාතියානය, ඉදින් තොපට මාගේ හෘදය වස්තුවෙන් කටයුත්තක් ඇත්තේ නම් මා වහා ගොඩගනුව මේ යම්කිසි සාධුනර ධර්මනම්වූ ධර්ම කෙනෙක් ඇද්ද, ඒ සියලුම ධර්මයන් අද තොපට ප්‍රකාශකොට කියමියි.” පණ්ඩිත තෙම කීයේය.
|
1562
‘‘සො
අස්සත්ථමාසීනං සමෙක්ඛියාන, පරිපුච්ඡි කත්තාරමනොමපඤ්ඤං.
|
1562
ඒ පූර්ණකතෙම කුරුරට වැස්සන්ගේ ශ්‍රේෂ්ඨවූ පණ්ඩිතයන් වහා පර්වත මුදුනෙහි තබා ලබන ලද ආස්වාස ඇතිව උන්නහු බලා අලාමකවූ ප්‍රඥා ඇති පඬිහු විචාළේය.
|
1563
‘‘සමුද්ධතො මෙසි තුවං පපාතා, හදයෙන තෙ අජ්ජ මමත්ථි කිච්චං;
යෙ කෙචිමෙ සාධුනරස්ස ධම්මා, සබ්බෙව මෙ පාතුකරොහි අජ්ජ’’.
|
1563
“පඬිතුමනි, මා විසින් ඔබ ප්‍රපාතයෙන් ගොඩගන්නා ලද්දේ වෙහිය. අද මට ඔබගේ හෘදයෙන්ද කටයුත්තක් ඇත්තේය. යම්කිසි මේ සාධු නර ධර්ම කෙනෙක් වෙද්ද, ඒ සියල්ලන්ම අද මට ප්‍රකාශකොට කියවයි” පූර්ණක කීයේය.
|
1564
‘‘සමුද්ධතො
යෙ කෙචිමෙ සාධුනරස්ස ධම්මා, සබ්බෙව තෙ පාතුකරොමි අජ්ජ’’.
|
1564
“එම්බා පූර්ණකය, තොප විසින් මම ප්‍රපාතයෙන් ගොඩගන්නා ලද්දේ වෙමි. ඉදින් මාගේ හෘදයෙන් තොපට කටයුත්තක් ඇත්තේද යම්කිසි මේ සාධුනර ධර්ම කෙනෙක් ඇද්ද, ඒ සියලුම ධර්මයන් අද තොපට ප්‍රකටකොට කියමියි” පණ්ඩිතතෙම කීයේය.
|
1565
‘‘යාතානුයායී
මා චස්සු මිත්තෙසු කදාචි දුබ්භී, මා ච වසං අසතීනං නිගච්ඡෙ’’.
|
1565
“එම්බා මානවකය, තෙත්වූ අත්ලද නොදවව, උපකාර කළවුන්ට ප්‍රත්‍යුපකාර කරව, මිත්‍රයන් කෙරෙහි කිසි කලෙකත් ද්‍රොහ කරන්නෙක්ද නොවෙව, අසත්පුරුෂ ස්වභාව ඇත්තියන්ගේ වසඟයටද නොපැමිණෙවයි” පණ්ඩිත තෙම කීයේය.
|
1566
‘‘කථං නු යාතං අනුයායී හොති, අල්ලඤ්ච පාණිං දහතෙ කථං සො;
අසතී ච කා කො පන මිත්තදුබ්භො, අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං’’.
|
1566
“එම්බා පණ්ඩිතය, හෙතෙම කෙසේ නම් උපකාර කළවුන්ට ප්‍රත්‍යුපකාර කරන්නේද තෙත්වූ අත දවන්නේද අසත්පුරුෂ ස්වභාව ඇත්තී කවර තැනැත්තියක්ද, මිත්‍රයන්ට ද්‍රොහ කරන්නේ කවරෙක්ද, විචාරණ ලද්දේ මට මේ කාරණය කියවයි” පූර්ණකතෙම කීයේය.
|
1567
‘‘අසන්ථුතං
(අසන්ධවං (ස්‍යා. ක.)) නොපි ච දිට්ඨපුබ්බං, යො ආසනෙනාපි නිමන්තයෙය්ය;
තස්සෙව අත්ථං පුරිසො කරෙය්ය, යාතානුයායීති තමාහු පණ්ඩිතා.
|
1567
“යමෙක් මිත්‍ර සන්ථව නොකළාවූද නුදුටු විරූද පුද්ගලයෙකු ආසනයකින් පමණවත් පවරන්නේද, ඒ පූර්වොපකාරීවූ පුද්ගලයාට පුරුෂතෙම වැඩක්ම කරන්නේද උපකාර කළවුන්ට ප්‍රත්‍යුපකාර කරන්නෙකැයි ඔහුට පණ්ඩිතයෝම කියත්
|
1568
‘‘යස්සෙකරත්තම්පි ඝරෙ වසෙය්ය, යත්ථන්නපානං පුරිසො ලභෙය්ය;
න තස්ස පාපං මනසාපි චින්තයෙ, අදුබ්භී
|
1568
“යමෙකුගේ ගෘහයෙහි එක රැයකුත් වසන්නේද යම් තැනෙක්හි පුරුෂතෙම ආහාරපාන ලබන්නේද, ඔහුට සිතිනුත් පවිටු සිතක් නොසිතන්නේය. මිත්‍ර ද්රොහතෙම තමන්ගේ තෙත්වූ වළඳන අතම දවන්නේය.
|
1569
‘‘යස්ස රුක්ඛස්ස ඡායාය, නිසීදෙය්ය සයෙය්ය වා;
න තස්ස සාඛං භඤ්ජෙය්ය, මිත්තදුබ්භො හි පාපකො.
|
1569
“යම් ගසක්හුගේ සෙවෙනෙහි හිඳින්නේ හෝ වේද, සයනය කරන්නේ හෝ වේද, ඒ වෘක්ෂයාගේ අත්ත නොබිඳින්නේය. මිත්‍රද්‍රෝහිකම වනාහි ලාමකවේ.
|
1570
‘‘පුණ්ණම්පි චෙමං පථවිං ධනෙන, දජ්ජිත්ථියා පුරිසො සම්මතාය;
ලද්ධා ඛණං අතිමඤ්ඤෙය්ය තම්පි, තාසං වසං අසතීනං න ගච්ඡෙ.
|
1570
“වස්තුවෙන් සම්පූර්ණවූද මේ පොළොව පුරුෂතෙම සම්මත කරණලද ස්ත්‍රියකට දෙන්නේද, ඕතොමෝ මොහොතක් ලැබ ඒ පුරුෂයාද ඉක්මවා සිතන්නේය එබැවින් එබඳු අසද්ධර්මයෙන් යුක්තවූ ස්ත්රීන්ගේ වසඟයට නොයන්නේය.
|
1571
‘‘එවං ඛො යාතං අනුයායී හොති, අල්ලඤ්ච පාණිං දහතෙ පුනෙවං;
අසතී ච සා සො පන මිත්තදුබ්භො, සො ධම්මිකො හොති ජහස්සු අධම්මං’’.
|
1571
“මෙසේ වනාහි ගියහු අනුව යන්නේවේ. නැවත මෙසේ තෙත්වූද අත්ල දවන්නේය. අසද්ධර්මයෙන් යුක්ත තැනැත්තීද ඕතොමෝය. මිත්‍රද්‍රොහී කරන්නේද හෙතෙම වේ. ඒ නුඹද මේ ධර්මයන්ගෙන් යුක්තවූ වෙක් වෙමි, අකුශල ධර්මය දුරුකරවයි” පණ්ඩිතතෙම කීයේය.
|
1572
‘‘අවසිං
මිත්තො මමාසී විසජ්ජාමහං තං, කාමං ඝරං උත්තමපඤ්ඤ ගච්ඡ.
|
1572
“උතුම් ප්‍රඥාවන්තය, මම ඔබගේ ගෘහයෙහි තුන් දවසක් විසුයෙමි. ආහාරයෙන්ද පානයෙන්ද උපස්ථාන කරණ ලද්දේ වෙමි. මාගේ මිත්‍රයා වෙහිය. එහෙයින් මම තොප මුදා හරිමි. ඒකාන්තයෙන් ස්වකීය ගෘහයට යව.
|
1573
‘‘අපි හායතු නාගකුලා
(නාගකුලස්ස (සී. ස්‍යා. පී.)) අත්ථො, අලම්පි මෙ නාගකඤ්ඤාය හොතු;
සො ත්වං සකෙනෙව සුභාසිතෙන, මුත්තොසි මෙ අජ්ජ වධාය පඤ්ඤ’’.
|
1573
“නාග කුලයාගේ කටයුත්තද පිරිහේවා. නාග කන්‍යාවගෙන් මට ප්‍රයෝජන නැත්තක්ද වේවා ප්‍රඥාවන්තය, ඒ නුඹ ස්වකීයවූම සුභාසිතයෙන් අද මා විසින් වධයෙන් මුදන ලද්දේ වෙහියයි” පූර්ණකතෙම කීයේය.
|
1574
‘‘හන්ද
මයඤ්ච නාගාධිපතිං විමානං, දක්ඛෙමු නාගස්ස අදිට්ඨපුබ්බං’’.
|
1574
“එම්බා යක්ෂය, එසේවීනම් නුඹ මාද එහිගෙණ යව, ඔබගේ මයිලනුවන් පිළිබඳවූ ඒ කටයුත්ත මා කෙරෙහි කරව, අපිදු නුදුටු විරූ නාරජහුගේ විමානයද ඒ නාරජහුද දක්නෙමුයි” පණ්ඩිතතෙම කීයේය.
|
1575
‘‘යං වෙ නරස්ස අහිතාය අස්ස, න තං පඤ්ඤො අරහති දස්සනාය;
අථ කෙන වණ්ණෙන අමිත්තගාමං, තුවමිච්ඡසි උත්තමපඤ්ඤ ගන්තුං’’.
|
1575
“ඉදින් මිනිසාට යමක් අහිත පිණිස වන්නේද, ප්‍රඥා ඇත්තේ එය දැකීමට සුදුසු නොවේ. උත්තමවූ ප්‍රාඥය එසේ කල්හි ඔබ කවර කරුණකින් සතුරන් වසන තැනට යන්ට කැමැත්තෙහි දැයි” පූර්ණකතෙම ඇසීය.
|
1576
‘‘අද්ධා පජානාමි අහම්පි එතං, න තං පඤ්ඤො අරහති දස්සනාය;
පාපඤ්ච මෙ නත්ථි කතං කුහිඤ්චි, තස්මා න සඞ්කෙ මරණාගමාය’’.
|
1576
“එම්බා දිව්‍යරාජය, ඒකාන්තයෙන් මමද මේ දනිමි. නුවණැත්තේ එය දැකීමට සුදුසු නොවේ. මා විසින් කොතැනකදීත් කරණ ලද පාප කර්මයකුත් නැත්තේය. එහෙයින් මම මරණ පැමිණීමට සැක නොවන්නෙමියි” පණ්ඩිතතෙම කීය.
|
1577
‘‘හන්ද ච ඨානං අතුලානුභාවං, මයා සහ දක්ඛසි එහි කත්තෙ;
යත්ථච්ඡති නච්චගීතෙහි නාගො, රාජා යථා වෙස්සවණො නළිඤ්ඤං
(නිළිඤ්ඤං (ස්‍යා.), නිළඤ්ඤං (ක.)).
|
1577
“එසේවීනම් පඬිතුමනි, මා සමග එව, යම් තැනෙක්හි වෛශ්‍රවණ නම් රජතෙම නලිනී නම් රාජධානියෙහි මෙන් නෘත්‍ය ගීතවලින් යුක්තව නාරජතෙම හිඳීද, අසමානවූ ආනුභාව ඇති ඒ ස්ථානය බලව,
|
1578
‘‘තං
පහූතමාල්යං
(බහුත්තමල්ලං (ක.)) බහුපුප්ඵඡන්නං
(බහුපුප්ඵසඤ්ඡන්නං (ක.)), ඔභාසතී
|
1578
“ඒ නාරජුගේ විමානය රෑ දාවල් දෙක්හි නිතර සමූහව ක්‍රීඩා කරණ ලද නාගකන්‍යාවන් විසින් හැසිරෙන ලදී. බොහෝ මල්දම් ඇත්තාවූ බොහෝ මල්වලින් ගැවසුනාවූ ඒ විමානය අහස විදුලියක් මෙන් බබළයි.
|
1579
‘‘අන්නෙන පානෙන උපෙතරූපං, නච්චෙහි ගීතෙහි ච වාදිතෙහි;
පරිපූරං කඤ්ඤාහි අලඞ්කතාහි, උපසොභති වත්ථපිලන්ධනෙන
(වත්ථපිලන්ධනෙහි (ක.)).
|
1579
“ආහාරයෙන්ද පානයෙන්ද යුක්තවූ සොභාව ඇති නෘත්‍යවලින්ද ගීතවලින්ද වාදනවලින්ද යුක්තවූ වස්ත්‍රවලින් හා පළඳනා වලින්ද සැරසුනාවූ නාග කන්‍යාවන් ගෙන් පිරුණාවූ ඒ විමාණය ඉතා සෝභමාන වේයයි” පූර්ණකතෙම කීයේය
|
1580
‘‘සො පුණ්ණකො කුරූනං කත්තුසෙට්ඨං, නිසීදයී පච්ඡතො ආසනස්මිං;
ආදාය කත්තාරමනොමපඤ්ඤං, උපානයී භවනං නාගරඤ්ඤො.
|
1580
“ඒ පූර්ණක නම් යක්ෂතෙම කුරුරට වැස්සන්ගේ උතුම් ඇමතියාවූ පණ්ඩිතයා තමහට පසු අස්නෙහි හිඳුවීය. හෙතෙම අලාමක ප්‍රඥා ඇති විධුර පඬිහු හැරගෙණ නා රජහුගේ භවනයට පැමිණ වීය.
|
1581
‘‘පත්වාන ඨානං අතුලානුභාවං, අට්ඨාසි කත්තා පච්ඡතො පුණ්ණකස්ස;
සාමග්ගි පෙක්ඛමානො
(සාමග්ගිපෙක්ඛී පන (සී. ස්‍යා. පී.)) නාගරාජා, පුබ්බෙව ජාමාතරමජ්ඣභාසථ’’.
|
1581
“අසමානවූ ආනුභාව ඇති ඒ ස්ථානයට පැමිණ පණ්ඩිතතෙම පූර්ණකයාගේ පිටුපසින් සිටියේය. සමගිය අපේක්ෂා කරන්නාවූ නාරජතෙම පළමුකොටම බෑනා සමග
කථා කෙළේය.
|
1582
‘‘යන්නු තුවං අගමා මච්චලොකං, අන්වෙසමානො හදයං පණ්ඩිතස්ස;
කච්චි සමිද්ධෙන ඉධානුපත්තො, ආදාය කත්තාරමනොමපඤ්ඤං’’.
|
1582
“නුඹ පණ්ඩිතයාගේ යම් හෘදයවස්තුවක් සොයමින් මිනිස්ලොවට ගියේද, කිම, ඒ මනදොළ සමෘද්ධවීමෙන් අලාමකවූ ප්‍රඥා ඇති මේ පණ්ඩිතයා හැරගෙණ මෙහි පැමිණියේදැයි” නාරජතෙම ඇසීය.
|
1583
‘‘අයඤ්හි සො ආගතො යං ත්වමිච්ඡසි, ධම්මෙන ලද්ධො මම ධම්මපාලො;
තං පස්සථ සම්මුඛා
(තං පස්ස ධම්මං සමුඛා (ක.)) භාසමානං, සුඛො
|
1583
“ඔබ යමක්හු කැමැත්තෙහිද, ඒ මේ පණ්ඩිත තෙමේ මෙහි ආයේය. ධර්මය රක්නාවූ හෙතෙම මා විසින් දැහැමින් ලබන ලදී. ඉදිරියෙහි කථාකරන්නාවූ ඔහු බලනු මැනව, ඒකාන්තයෙන් සත්පුරුෂයන් හා එක්වීම සැපවේයයි” පූර්ණකතෙම කීයේය.
|
1584
‘‘අදිට්ඨපුබ්බං
බ්යම්හිතො නාභිවාදෙසි, නයිදං පඤ්ඤවතාමිව’’.
|
1584
“ඉක්බිති පණ්ඩිතය, මනුෂ්‍යවූ නුදුටුවිරූ නාග භවනය දැක විෂ්මයට පැමිණ මරණ භයින් බියපත්ව නොවඳින්නේද, මේ කාරණය ප්‍රඥාවන්තයින්ගේ මෙන් නොවන්නේයයි” නාරජතෙම කීයේය.
|
1585
‘‘න චම්හි බ්යම්හිතො නාග, න ච මච්චුභයට්ටිතො;
න වජ්ඣො අභිවාදෙය්ය, වජ්ඣං වා නාභිවාදයෙ.
|
1585
“නාගරාජය, මම විෂ්මයට පැමිණියේ නොවෙමි. මරණ භයින් බියපත් නොවූයෙමි. වධයට සුදුසුවූවෙක් නොවඳින්නේය. වධයට සුදුසුවූවහුට හෝ නොවඳින්නේය.
|
1586
‘‘කථං නො අභිවාදෙය්ය, අභිවාදාපයෙථ වෙ;
යං නරො හන්තුමිච්ඡෙය්ය, තං කම්මං නුපපජ්ජති’’.
|
1586
“මනුෂ්‍යතෙම යමෙකු නසන්ට කැමති වන්නේද, කෙසේ නම් ඔහුට වඳින්නේද, කෙසේනම් ඔහු ලවා වන්දවා ගන්නේද, ඒකාන්තයෙන් ඒ කර්මය සම්පාදනය නොවේයයි” පණ්ඩිතතෙම කීයේය.
|
1587
‘‘එවමෙතං
න වජ්ඣො අභිවාදෙය්ය, වජ්ඣං වා නාභිවාදයෙ.
|
1587
“පණ්ඩිතය, ඔබ යම්සේ කියන්නෙහිද, මෙය මෙසේය. සත්‍යයක් කියන්නේය. වධයට සුදුසුවූවෙක් නොවඳින්නේය. වධයට සුදුසුවූවහුට හෝ නොවඳින්නේය. වධයට සුදුසුවූවහුට හෝ නොවඳින්නේය.
|
1588
‘‘කථං නො අභිවාදෙය්ය, අභිවාදාපයෙථ වෙ;
යං නරො හන්තුමිච්ඡෙය්ය, තං කම්මං නුපපජ්ජති’’.
|
1588
“මනුෂ්‍යතෙම යමෙකු නසන්ට කැමතිවන්නේද හෙතෙම කෙසේ නම් වඳින්නේද, කෙසේ නම් ඔහු ලවා වන්දවා ගන්නේද, ඒකාන්තයෙන් ඒ කටයුත්ත සම්පාදනය නොවේයයි” නාරජද කීයේය.
|
1589
‘‘අසස්සතං සස්සතං නු තවයිදං, ඉද්ධීජුතීබලවීරියූපපත්ති
(ඉද්ධිං ජුතිං බලං වීරියූපපත්ති (ක.));
පුච්ඡාමි තං නාගරාජෙතමත්ථං, කථං නු තෙ ලද්ධමිදං විමානං.
|
1589
“නාගරාජය, බොහෝ කලක් නොපවත්වන්නාවූ ඔබගේ මේ විමානයද නාග ඍද්ධියද නාග තේජසද කායික බලයද චෛතසික වීර්‍ය්‍යයද නාලොව ඉපදීමද බොහෝකල් පවතින්නක් මෙන් සිතා පාප කර්ම නොකරව. මේ විමානය ඔබ විසින් කෙසේ ලබන ලද්දේද යන මේ කාරණය මම ඔබ ගෙන් විචාරමි.
|
1590
‘‘අධිච්චලද්ධං පරිණාමජං තෙ, සයංකතං උදාහු දෙවෙහි දින්නං;
අක්ඛාහි මෙ නාගරාජෙතමත්ථං, යථෙව තෙ ලද්ධමිදං විමානං.
|
1590
“නාගරාජය, ඔබ විසින් මේ විමානය නිකරුනේ ලබන ලද්දක්ද, නොහොත් ඍතු පෙරලීමෙන් හටගත්තක්ද, එසේ නැතහොත් තමා විසින් කරණ ලද්දක්ද, නොහොත් දෙවියන් විසින් දෙනලද්දක්ද, යම් පරිද්දෙකින්ම ඔබ විසින් මේ විමානය ලබනලද්දේද එපරිද්දෙන්ම මේ කාරණය මට කියවයි” බෝධිසත්වතෙම කීයේය.
|
1591
‘‘නාධිච්චලද්ධං
සකෙහි කම්මෙහි අපාපකෙහි, පුඤ්ඤෙහි මෙ ලද්ධමිදං විමානං’’.
|
1591
“පණ්ඩිතය, මේ විමානය මා විසින් කරුණක් නැතිව ලබනලද්දක් නොවේ. ඍතු පෙරලීමෙන් හටගත්තකුත් නොවේ. තමා විසින් කරණලද්දකුත් නොවේ. දෙවියන් විසින් දෙන ලද්දකුත් නොවේ. මා විසින් කරණලද ලාමක නොවූ ස්වකීයවූ පුණ්‍ය කර්මවලින් මේ විමානය ලබන ලද්දේ යයි” නාරජ කීයේය.
|
1592
‘‘කිං තෙ වතං කිං පන බ්රහ්මචරියං, කිස්ස සුචිණ්ණස්ස අයං විපාකො;
ඉද්ධීජුතීබලවීරියූපපත්ති, ඉදඤ්ච තෙ නාග මහාවිමානං’’.
|
1592
“නාගරාජය, පෙර භවයෙහි ඔබගේ කිනම් ව්‍රත සමාදානයක්ද කවරනම් බ්රහ්මචර්ය්යාවක්ද, මනාකොට පුරුදු කරණලද කවර කර්මයක්හුගේ මේ විපාකයෙක්ද, නාග ඍද්ධියද නාග තේජසද කායික බලයද චෛතසික වීර්‍ය්‍යයද නා ලොව ඉපදීමද මේ මහත්වූ විමානයද ඔබ විසින් කෙසේ ලබනලදදැයි’ ඇසීය.
|
1593
‘‘අහඤ්ච
ඔපානභූතං මෙ ඝරං තදාසි, සන්තප්පිතා සමණබ්රාහ්මණා ච.
|
1593
“පණ්ඩිතය, ගිය දවස මිනිස්ලොව මමද මාගේ භාර්‍ය්‍යාවද යන අපි දෙදෙන ශ්‍රද්ධා ඇත්තාවූ දානපතිවීමු. එකල්හි මාගේ ගෙදර පැන් මඩුවක් මෙන් විය. අප විසින් මහණ බමුණෝද සතුටු කරණ ලද්දාහ.
|
1594
‘‘මාලඤ්ච ගන්ධඤ්ච විලෙපනඤ්ච, පදීපියං සෙය්යමුපස්සයඤ්ච;
අච්ඡාදනං සායනමන්නපානං, සක්කච්ච දානානි අදම්හ තත්ථ.
|
1594
“මල්ද සුවඳද විලවුන්ද පහන් උපකරණද සයනාශනද ආවාස ගෘහද හඳනා පිළිද යහන්ද ආහාරපානද යන මේ දාන වස්තූන් එහිදී සකස්කොට දුනිමු.
|
1595
‘‘තං මෙ වතං තං පන බ්රහ්මචරියං, තස්ස සුචිණ්ණස්ස අයං විපාකො;
ඉද්ධීජුතීබලවීරියූපපත්ති, ඉදඤ්ච මෙ ධීර මහාවිමානං’.
|
1595
“පණ්ඩිතය, ඒ මාගේ ව්‍රත සමාදානයවේ. ඒ වනාහි මාගේ බ්රහ්මචර්ය්යාවදවේ. මනාව පුරුදු කරණලද ඒ කුශල කර්මයාගේ මේ විපාකයවේ. එනම් නාග ඍද්ධියද නාග තේජසද, කාය බලයද චෛතසික වීර්‍ය්‍යයද නාලොව ඉපදීමද මාගේ මේ මහත්වූ විමානයද වේයයි” නාරජතෙම කීයේය.
|
1596
‘‘එවං
තස්මා හි ධම්මං චර අප්පමත්තො, යථා විමානං පුන මාවසෙසි’.
|
1596
“ඉදින් ඔබ විසින් මෙසේ මේ විමානය ලබනලද්දේ නම් පුණ්‍ය කර්මයන්ගේ ඵල විපාක දන්නෙහිය. යම්සේ ඔබ නැවත මේ විමානයෙහි වාසය කරන්නෙහිද, එහෙයින්ම අප්‍රමාදව කුශල ධර්මයෙහි හැසිරෙවයි” මහසත්තෙම කීයේය.
|
1597
‘‘නයිධ සන්ති සමණබ්රාහ්මණා ච, යෙසන්නපානානි දදෙමු කත්තෙ;
අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං, යථා විමානං පුන මාවසෙම’’.
|
1597
“පණ්ඩිතය, යම් කෙනෙකුන්ට ආහාරපාන දෙමුද, එබඳු මහණ බමුණෝ මේ නාලොව නැත්තාහ. යම්සේ අපි නැවත මේ විමානයෙහි වාසය කරමුද, එසේ මේ කාරණය විචාරණ ලද්දේ මට කියවයි” නාරජ කීයේය.
|
1598
‘‘භොගී හි තෙ සන්ති ඉධූපපන්නා, පුත්තා ච දාරා අනුජීවිනො ච;
තෙසු තුවං වචසා කම්මුනා ච, අසම්පදුට්ඨො ච භවාහි නිච්චං.
|
1598
“නාග රාජය, මෙහි උපන්නාවූ ඔබගේ පුත්‍රවූද භාර්ය්යාවූද අනුව ජීවත්වන්නාවූද නාගයෝ වනාහී ඇත්තාහ. ඔවුන් කෙරෙහි ඔබ වචනයෙන්ද කටයුතුවලින්ද නිතර ද්වේෂ නොකරන්නෙක්ම වෙව.
|
1599
‘‘එවං තුවං නාග අසම්පදොසං, අනුපාලය වචසා කම්මුනා ච;
ඨත්වා ඉධ යාවතායුකං විමානෙ, උද්ධං ඉතො ගච්ඡසි දෙවලොකං’’.
|
1599
“නාගරාජය, නුඹ මෙසේ වචනයෙන්ද කර්මයෙන්ද මෛත්‍රී නම්වූ චිත්තයාගේ සංසිඳීම රකිමින් දිවි ඇතිතාක් මේ විමානයෙහි සිට මෙයින් චුතව මත්තෙහිවූ දෙව්ලොවට පැමිණෙන්නෙහියයි” මහසත්තෙම කීයේය.
|
1600
‘‘අද්ධා
දුක්ඛූපනීතොපි තයා සමෙච්ච, වින්දෙය්ය පොසො සුඛමාතුරොපි’’.
|
1600
“පණ්ඩිතය, යමෙකුට ඔබ ඇමති වීද, ඒ රාජ ශ්රේෂ්ඨතෙම ඔබගෙන් වෙන්ව ඒකාන්තයෙන්ම ශෝක කෙරෙයි දුකට පැමිණියාවූද, දැඩි ගිලන්වූද පුරුෂතෙමේ ඔබ හා එක්ව සැප ලබන්නේයයි” නාරජතෙම කීයේය.
|
1601
‘‘අද්ධා
එතාදිසියාසු හි ආපදාසු, පඤ්ඤායතෙ මාදිසානං විසෙසො’’.
|
1601
“නාගරාජය, ඒකාන්තයෙන් මනාව පුරුදු කරණ ලද උතුම්වූ අර්ථයෙන් යුක්තවූ සත්පුරුෂයන්ගේ ස්වභාව ධර්මයක් කියන්නෙහිය. මෙබඳු විපත් පැමිණි කල්හි මා වැනි ප්‍රඥාවන්තයන්ගේ වෙනස පෙනේයයි” පණ්ඩිතතෙම කීයේය.
|
1602
‘‘අක්ඛාහි
ධම්මෙන ලද්ධො ඉති තායමාහ
(මා’ය’මාහ (ස්‍යා.)), කථං නු ත්වං හත්ථමිමස්ස මාගතො’’.
|
1602
“පණ්ඩිතය, මේ පූර්ණකතෙම ඔබ නොමිළයේම ලබාගත්තේද, නොහොත් දූ කෙළියෙහි පසැටින් ක්‍රීඩාකොට මෙතෙම ඔබ දිනාගත්තේද, මෙතෙම පණ්ඩිතයා දැහැමින් ලබනලදැයි කියයි. ඔබ කෙසේනම් මොහුගේ අතට පැමිණියේ දැයි” නාරජ ඇසීය.
|
1603
‘‘යො මිස්සරො තත්ථ අහොසි රාජා, තමායමක්ඛෙහි අජෙසි ජූතෙ;
සො මං ජිතො රාජා ඉමස්සදාසි, ධම්මෙන ලද්ධොස්මි අසාහසෙන.
|
1603
“එහි මාගේ අධිපතියාවූ යම් රජෙක්වීද, මෙතෙම දූ කෙළියෙහි පසැටින් ක්‍රීඩාකොට ඔහු පැරදවීය. පැරදුනාවූ ඒ රජතෙම මොහුට මා දුන්නේය. එහෙයින් සැහැසි කමක් නැතිව දැහැමින් ලබන ලද්දෙමි, කීයේයයි” මහසත්තෙම කීයේය.
|
1604
‘‘මහොරගො අත්තමනො උදග්ගො, සුත්වාන ධීරස්ස සුභාසිතානි;
හත්ථෙ ගහෙත්වාන අනොමපඤ්ඤං, පාවෙක්ඛි භරියාය තදා සකාසෙ.
|
1604
“සතුටුවූ ඔදවැඩි සිත් ඇත්තාවූ මහත්වූ නාරජ තෙම පණ්ඩිතයාගේ සුභාසිතයන් අසා, අලාමකවූ ප්‍රඥා ඇති ඔහු අත අල්වාගෙණ එකල්හි භාර්‍ය්‍යාව සමීපයට ගියේය.
|
1605
‘‘යෙන ත්වං විමලෙ පණ්ඩු, යෙන භත්තං න රුච්චති;
න ච මෙ තාදිසො වණ්ණො, අයමෙසො තමොනුදො.
|
1605
“සොඳුරු විමලාවෙනි, යම් කරුණකින් ඔබ පඩුවන්වූයෙහිද, යම් කරුණකින් ආහාරය රුචි නොකෙරේද, මෙබඳු ගුණ වර්ණනා ඇත්තෙක් කොතැනකත් මා විසින් නොදක්නාලදී. ඒ මේ අඳුරු දුරු කරන්නාවූ විධුර පණ්ඩිතයාවේ.
|
1606
‘‘යස්ස තෙ හදයෙනත්ථො, ආගතායං පභඞ්කරො;
තස්ස වාක්යං නිසාමෙහි, දුල්ලභං දස්සනං පුන.
|
1606
“ඔබට යමෙකුගේ හෘදය වස්තුවෙන් ප්‍රයෝජන ඇත්තේද, මේ එළිය කරන්නාවූ පණ්ඩිතතෙම ආයේය. ඔහුගේ කථාව අසව, නැවත මොහුගේ දර්ශනය නම් දුර්ලභ වේයයි” නාරජ කීයේය.
|
1607
‘‘දිස්වාන
හට්ඨෙන භාවෙන පතීතරූපා, ඉච්චබ්රවි කුරූනං කත්තුසෙට්ඨං.
|
1607
“විමලා නම් නාග මානවිකාතොමෝ මහත්වූ ප්‍රඥා ඇත්තී ඔහු දැක දසැඟිලි එකතුකොට ඇඳලි බැඳ හටගත් සොම්නස් ඇත්තී සතුටු සිතින් කුරුවැස්සන්ගේ උතුම් ඇමතිවූ පණ්ඩිතයන්ට මෙසේ කීයේය.
[275-295 (මේ ඡේද 250-269 ඡේද මෙන් වෙත් “නා රජ” වෙනුවට “නාග මානවිකායයි” යෙදිය යුතුයි.)
“ඔබ යමක්හු කැමැත්තෙහිද, ඒ මේ පණ්ඩිත තෙමේ මෙහි ආයේය. ධර්මය රක්නාවූ හෙතෙම මා විසින් දැහැමින් ලබන ලදී. ඉදිරියෙහි කථාකරන්නාවූ ඔහු බලනු මැනව, ඒකාන්තයෙන් සත්පුරුෂයන් හා එක්වීම සැපවේයයි” පූර්ණකතෙම කීයේය. ]
|
1608
‘‘අදිට්ඨපුබ්බං දිස්වාන, මච්චො මච්චුභයට්ටිතො;
බ්යම්හිතො නාභිවාදෙසි, නයිදං පඤ්ඤවතාමිව’’.
|
1608
“ඉක්බිති පණ්ඩිතය, මනුෂ්‍යවූ නුදුටුවිරූ නාග භවනය දැක විෂ්මයට පැමිණ මරණ භයින් බියපත්ව නොවඳින්නේද, මේ කාරණය ප්‍රඥාවන්තයින්ගේ මෙන් නොවන්නේයයි” නාරජතෙම කීයේය.
|
1609
‘‘න
න වජ්ඣො අභිවාදෙය්ය, වජ්ඣං වා නාභිවාදයෙ.
|
1609
“නාගරාජය, මම විෂ්මයට පැමිණියේ නොවෙමි. මරණ භයින් බියපත් නොවූයෙමි. වධයට සුදුසුවූවෙක් නොවඳින්නේය. වධයට සුදුසුවූවහුට හෝ නොවඳින්නේය.
|
1610
‘‘කථං නො අභිවාදෙය්ය, අභිවාදාපයෙථ වෙ;
යං නරො හන්තුමිච්ඡෙය්ය, තං කම්මං නුපපජ්ජති’’.
|
1610
“මනුෂ්‍යතෙම යමෙකු නසන්ට කැමති වන්නේද, කෙසේ නම් ඔහුට වඳින්නේද, කෙසේනම් ඔහු ලවා වන්දවා ගන්නේද, ඒකාන්තයෙන් ඒ කර්මය සම්පාදනය නොවේයයි” පණ්ඩිතතෙම කීයේය.
|
1611
‘‘එවමෙතං යථා බ්රූසි, සච්චං භාසසි පණ්ඩිත;
න වජ්ඣො අභිවාදෙය්ය, වජ්ඣං වා නාභිවාදයෙ.
|
1611
“පණ්ඩිතය, ඔබ යම්සේ කියන්නෙහිද, මෙය මෙසේය. සත්‍යයක් කියන්නේය. වධයට සුදුසුවූවෙක් නොවඳින්නේය. වධයට සුදුසුවූවහුට හෝ නොවඳින්නේය. වධයට සුදුසුවූවහුට හෝ නොවඳින්නේය.
|
1612
‘‘කථං නො අභිවාදෙය්ය, අභිවාදාපයෙථ වෙ;
යං නරො හන්තුමිච්ඡෙය්ය, තං කම්මං නුපපජ්ජති’’.
|
1612
“මනුෂ්‍යතෙම යමෙකු නසන්ට කැමතිවන්නේද හෙතෙම කෙසේ නම් වඳින්නේද, කෙසේ නම් ඔහු ලවා වන්දවා ගන්නේද, ඒකාන්තයෙන් ඒ කටයුත්ත සම්පාදනය නොවේයයි” නාරජද කීයේය.
|
1613
‘‘අසස්සතං සස්සතං නු තවයිදං, ඉද්ධීජුතීබලවීරියූපපත්ති;
පුච්ඡාමි තං නාගකඤ්ඤෙතමත්ථං, කථං නු තෙ ලද්ධමිදං විමානං.
|
1613
“නාගරාජය, බොහෝ කලක් නොපවත්වන්නාවූ ඔබගේ මේ විමානයද නාග ඍද්ධියද නාග තේජසද කායික බලයද චෛතසික වීර්‍ය්‍යයද නාලොව ඉපදීමද බොහෝකල් පවතින්නක් මෙන් සිතා පාප කර්ම නොකරව. මේ විමානය ඔබ විසින් කෙසේ ලබන ලද්දේද යන මේ කාරණය මම ඔබ ගෙන් විචාරමි.
|
1614
‘‘අධිච්චලද්ධං පරිණාමජං තෙ, සයංකතං උදාහු දෙවෙහි දින්නං;
අක්ඛාහි
|
1614
“නාගරාජය, ඔබ විසින් මේ විමානය නිකරුනේ ලබන ලද්දක්ද, නොහොත් ඍතු පෙරලීමෙන් හටගත්තක්ද, එසේ නැතහොත් තමා විසින් කරණ ලද්දක්ද, නොහොත් දෙවියන් විසින් දෙනලද්දක්ද, යම් පරිද්දෙකින්ම ඔබ විසින් මේ විමානය ලබනලද්දේද එපරිද්දෙන්ම මේ කාරණය මට කියවයි” බෝධිසත්වතෙම කීයේය.
|
1615
‘‘නාධිච්චලද්ධං න පරිණාමජං මෙ, න සයං කතං නාපි දෙවෙහි දින්නං;
සකෙහි කම්මෙහි අපාපකෙහි, පුඤ්ඤෙහි මෙ ලද්ධමිදං විමානං’’.
|
1615
“පණ්ඩිතය, මේ විමානය මා විසින් කරුණක් නැතිව ලබනලද්දක් නොවේ. ඍතු පෙරලීමෙන් හටගත්තකුත් නොවේ. තමා විසින් කරණලද්දකුත් නොවේ. දෙවියන් විසින් දෙන ලද්දකුත් නොවේ. මා විසින් කරණලද ලාමක නොවූ ස්වකීයවූ පුණ්‍ය කර්මවලින් මේ විමානය ලබන ලද්දේ යයි” නාරජ කීයේය.
|
1616
‘‘කිං තෙ වතං කිං පන බ්රහ්මචරියං, කිස්ස සුචිණ්ණස්ස අයං විපාකො;
ඉද්ධීජුතීබලවීරියූපපත්ති, ඉදඤ්ච තෙ නාගි මහාවිමානං’’.
|
1616
“නාගරාජය, පෙර භවයෙහි ඔබගේ කිනම් ව්‍රත සමාදානයක්ද කවරනම් බ්රහ්මචර්ය්යාවක්ද, මනාකොට පුරුදු කරණලද කවර කර්මයක්හුගේ මේ විපාකයෙක්ද, නාග ඍද්ධියද නාග තේජසද කායික බලයද චෛතසික වීර්‍ය්‍යයද නා ලොව ඉපදීමද මේ මහත්වූ විමානයද ඔබ විසින් කෙසේ ලබනලදදැයි’ ඇසීය.
|
1617
‘‘අහඤ්ච
ඔපානභූතං මෙ ඝරං තදාසි, සන්තප්පිතා සමණබ්රාහ්මණා ච.
|
1617
“පණ්ඩිතය, ගිය දවස මිනිස්ලොව මමද මාගේ භාර්‍ය්‍යාවද යන අපි දෙදෙන ශ්‍රද්ධා ඇත්තාවූ දානපතිවීමු. එකල්හි මාගේ ගෙදර පැන් මඩුවක් මෙන් විය. අප විසින් මහණ බමුණෝද සතුටු කරණ ලද්දාහ.
|
1618
‘‘මාලඤ්ච
අච්ඡාදනං සායනමන්නපානං, සක්කච්චං දානානි අදම්හ තත්ථ.
|
1618
“මල්ද සුවඳද විලවුන්ද පහන් උපකරණද සයනාශනද ආවාස ගෘහද හඳනා පිළිද යහන්ද ආහාරපානද යන මේ දාන වස්තූන් එහිදී සකස්කොට දුනිමු.
|
1619
‘‘තං මෙ වතං තං පන බ්රහ්මචරියං, තස්ස සුචිණ්ණස්ස අයං විපාකො;
ඉද්ධීජුතීබලවීරියූපපත්ති
|
1619
“පණ්ඩිතය, ඒ මාගේ ව්‍රත සමාදානයවේ. ඒ වනාහි මාගේ බ්රහ්මචර්ය්යාවදවේ. මනාව පුරුදු කරණලද ඒ කුශල කර්මයාගේ මේ විපාකයවේ. එනම් නාග ඍද්ධියද නාග තේජසද, කාය බලයද චෛතසික වීර්‍ය්‍යයද නාලොව ඉපදීමද මාගේ මේ මහත්වූ විමානයද වේයයි” නාරජතෙම කීයේය.
|
1620
‘‘එවං චෙ තෙ ලද්ධමිදං විමානං, ජානාසි පුඤ්ඤානං ඵලූපපත්තිං;
තස්මා හි ධම්මං චර අප්පමත්තා, යථා විමානං පුන මාවසෙසි’’.
|
1620
“ඉදින් ඔබ විසින් මෙසේ මේ විමානය ලබනලද්දේ නම් පුණ්‍ය කර්මයන්ගේ ඵල විපාක දන්නෙහිය. යම්සේ ඔබ නැවත මේ විමානයෙහි වාසය කරන්නෙහිද, එහෙයින්ම අප්‍රමාදව කුශල ධර්මයෙහි හැසිරෙවයි” මහසත්තෙම කීයේය.
|
1621
‘‘නයිධ සන්ති සමණබ්රාහ්මණා ච, යෙසන්නපානානි දදෙමු කත්තෙ;
අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං, යථා විමානං පුන මාවසෙම’’.
|
1621
“පණ්ඩිතය, යම් කෙනෙකුන්ට ආහාරපාන දෙමුද, එබඳු මහණ බමුණෝ මේ නාලොව නැත්තාහ. යම්සේ අපි නැවත මේ විමානයෙහි වාසය කරමුද, එසේ මේ කාරණය විචාරණ ලද්දේ මට කියවයි” නාරජ කීයේය.
|
1622
‘‘භොගී හි තෙ සන්ති ඉධූපපන්නා, පුත්තා ච දාරා අනුජීවිනො ච;
තෙසු තුවං වචසා කම්මුනා ච, අසම්පදුට්ඨා ච භවාහි නිච්චං.
|
1622
“නාග රාජය, මෙහි උපන්නාවූ ඔබගේ පුත්‍රවූද භාර්ය්යාවූද අනුව ජීවත්වන්නාවූද නාගයෝ වනාහී ඇත්තාහ. ඔවුන් කෙරෙහි ඔබ වචනයෙන්ද කටයුතුවලින්ද නිතර ද්වේෂ නොකරන්නෙක්ම වෙව.
|
1623
‘‘එවං තුවං නාගි අසම්පදොසං, අනුපාලය වචසා කම්මුනා ච;
ඨත්වා ඉධ යාවතායුකං විමානෙ, උද්ධං ඉතො ගච්ඡසි දෙවලොකං’’.
|
1623
“නාගරාජය, නුඹ මෙසේ වචනයෙන්ද කර්මයෙන්ද මෛත්‍රී නම්වූ චිත්තයාගේ සංසිඳීම රකිමින් දිවි ඇතිතාක් මේ විමානයෙහි සිට මෙයින් චුතව මත්තෙහිවූ දෙව්ලොවට පැමිණෙන්නෙහියයි” මහසත්තෙම කීයේය.
|
1624
‘‘අද්ධා හි සො සොචති රාජසෙට්ඨො, තයා විනා යස්ස තුවං සජිබ්බො;
දුක්ඛූපනීතොපි
|
1624
“පණ්ඩිතය, යමෙකුට ඔබ ඇමති වීද, ඒ රාජ ශ්රේෂ්ඨතෙම ඔබගෙන් වෙන්ව ඒකාන්තයෙන්ම ශෝක කෙරෙයි දුකට පැමිණියාවූද, දැඩි ගිලන්වූද පුරුෂතෙමේ ඔබ හා එක්ව සැප ලබන්නේයයි” නාරජතෙම කීයේය.
|
1625
‘‘අද්ධා
එතාදිසියාසු හි ආපදාසු, පඤ්ඤායතෙ මාදිසානං විසෙසො’’.
|
1625
“නාගරාජය, ඒකාන්තයෙන් මනාව පුරුදු කරණ ලද උතුම්වූ අර්ථයෙන් යුක්තවූ සත්පුරුෂයන්ගේ ස්වභාව ධර්මයක් කියන්නෙහිය. මෙබඳු විපත් පැමිණි කල්හි මා වැනි ප්‍රඥාවන්තයන්ගේ වෙනස පෙනේයයි” පණ්ඩිතතෙම කීයේය.
|
1626
‘‘අක්ඛාහි නො තායං මුධා නු ලද්ධො, අක්ඛෙහි නො තායං අජෙසි ජූතෙ;
ධම්මෙන ලද්ධො ඉති තායමාහ, කථං නු ත්වං හත්ථමිමස්ස මාගතො’’.
|
1626
“පණ්ඩිතය, මේ පූර්ණකතෙම ඔබ නොමිළයේම ලබාගත්තේද, නොහොත් දූ කෙළියෙහි පසැටින් ක්‍රීඩාකොට මෙතෙම ඔබ දිනාගත්තේද, මෙතෙම පණ්ඩිතයා දැහැමින් ලබනලදැයි කියයි. ඔබ කෙසේනම් මොහුගේ අතට පැමිණියේ දැයි” නාරජ ඇසීය.
|
1627
‘‘යො මිස්සරො තත්ථ අහොසි රාජා, තමායමක්ඛෙහි අජෙසි ජූතෙ;
සො මං ජිතො රාජා ඉමස්සදාසි, ධම්මෙන ලද්ධොස්මි අසාහසෙන.
|
1627
“එහි මාගේ අධිපතියාවූ යම් රජෙක්වීද, මෙතෙම දූ කෙළියෙහි පසැටින් ක්‍රීඩාකොට ඔහු පැරදවීය. පැරදුනාවූ ඒ රජතෙම මොහුට මා දුන්නේය. එහෙයින් සැහැසි කමක් නැතිව දැහැමින් ලබන ලද්දෙමි, කීයේයයි” මහසත්තෙම කීයේය.
|
1628
‘‘යථෙව වරුණො නාගො, පඤ්හං පුච්ඡිත්ථ පණ්ඩිතං;
තථෙව නාගකඤ්ඤාපි, පඤ්හං පුච්ඡිත්ථ පණ්ඩිතං.
|
1628
“වරුණ නම් නා රජතෙම යම්බඳුවූම ප්‍රශ්න පඬිහු ගෙන් ඇසීද, නාග කන්යාතොමෝද එබඳුවූ ප්‍රශ්න පඬිහුගෙන් ඇසීය.
|
1629
‘‘යථෙව වරුණං නාගං, ධීරො තොසෙසි පුච්ඡිතො;
තථෙව නාගකඤ්ඤම්පි, ධීරො තොසෙසි පුච්ඡිතො.
|
1629
“පණ්ඩිතතෙම විචාරණලද්දේ යම්සේම වරුණ නම් නාරජහු සතුටු කෙළේද, විචාරණලද පණ්ඩිතතෙම එපරිද්දෙන්ම නාග කන්‍යාවද සතුටු කෙළේය.
|
1630
‘‘උභොපි තෙ අත්තමනෙ විදිත්වා, මහොරගං නාගකඤ්ඤඤ්ච ධීරො
(විධූරො (ක.));
අඡම්භී
|
1630
“පණ්ඩිතතෙම මහත්වූ නාරජුද නාග කන්‍යාවද යන ඔවුන් දෙදෙන සතුටු සිත් ඇත්තවුන්යයි දැන තැති ගැන්මක් නැත්තේ නිර්භයවූයේ ලොමු ඩැහැ ගැණීමක් නැතුව වරුණ නම් නාරජුට මෙසේ කීයේය.
|
1631
‘‘මා රොධයි
(මා හෙඨයි (පී.)) නාග ආයාහමස්මි, යෙන තවත්ථො ඉදං සරීරං;
හදයෙන මංසෙන කරොහි කිච්චං, සයං කරිස්සාමි යථාමති තෙ’’.
|
1631
“එම්බා නාරජ මිත්‍රද්‍රෝහි කර්මයක් කරමියි බිය නොවෙව. මේ මම මෙහි වෙමි. යමකින් ඔබට ප්‍රයෝජන ඇත්තේද, ඒ මේ ශරීරයයි හෘදයවස්තුවෙන් හෝ මාංශයෙන් හෝ යම් කටයුත්තක් කෙරේනම් ඔබගේ අදහස් පරිදි මම එය තෙමේම කරන්නෙමියි” මහසත්තෙම කීයේය.
|
1632
‘‘පඤ්ඤා
අනූනනාමො ලභතජ්ජ දාරං, අජ්ජෙව තං කුරුයො පාපයාතු’’.
|
1632
“ප්‍රඥාතොමෝ ඒකාන්තයෙන් පණ්ඩිතයන්ගේ හෘදයවේ. ඒ අපි ඔබගේ ප්‍රඥාවෙන් ඉතා සතුටුවෙමු. දැන් පූර්ණකතෙමේද භාර්‍ය්‍යාව ලබයි. හෙතෙම අදම ඔබ කුරුරට වැසියන් වෙතට පමුණුවාවායි” නා රජ කීයේය.
|
1633
‘‘ස
හට්ඨෙන භාවෙන පතීතරූපො, ඉච්චබ්රවි කුරූනං කත්තුසෙට්ඨං.
|
1633
ඉරන්දතී නම් නාග කන්‍යාව ලැබ සතුටුවූ ඔදවැඩි සිත් ඇත්තාවූ ඒ පූර්ණකතෙම හටගත් ප්‍රීති ඇත්තේ සතුටු සිතින් කුරුරට වැස්සන්ගේ ඇමති ශ්‍රේෂ්ඨයාට මෙසේ කීයේය.
|
1634
‘‘භරියාය මං ත්වං අකරි සමඞ්ගිං, අහඤ්ච තෙ විධුර කරොමි කිච්චං;
ඉදඤ්ච තෙ මණිරතනං දදාමි, අජ්ජෙව තං කුරුයො පාපයාමි’’.
|
1634
“පණ්ඩිතය, ඔබ මා භාර්‍ය්‍යාව හා සමගි කෙළේය. මමද ඔබට කටයුත්තක් කරමි. ඔබට මේ මාණික්‍ය රත්නයද දෙමි. අදම ඔබ ඉඳිපත් නුවරට පමුණුවමියි” කීයේය.
|
1635
‘‘අජෙය්යමෙසා තව හොතු මෙත්ති, භරියාය
ආනන්දි විත්තො
(ආනන්දචිත්තො (ස්‍යා. පී.)) සුමනො පතීතො, දත්වා මණිං මඤ්ච නයින්දපත්ථං.
|
1635
“පූර්ණකය, මේ ඔබගේ භාර්‍ය්‍යාව සමග ප්‍රිය සංවාස නැමති මෛත්‍රිය නොපිරිහේවා. සතුටම ධනය කොට ඇත්තේ මනා සිත් ඇතිව ප්‍රීතියෙන් යුක්තව වෙසේවා. මාණික්‍යය දී මාද ඉඳිපත් නුවරට පමුණුවවයි” පණ්ඩිත තෙම කීයේය.
|
1636
‘‘ස පුණ්ණකො කුරූනං කත්තුසෙට්ඨං, නිසීදයී පුරතො ආසනස්මිං;
ආදාය කත්තාරමනොමපඤ්ඤං, උපානයී නගරං ඉන්දපත්ථං.
|
1636
ඒ පූර්ණක නම් යක් සෙනෙවිතෙම කුරුරට ඇමතිතුමා ඉදිරියෙහිවූ අස්නෙහි ඉඳුවිය. හෙතෙම අලාමකවූ ප්‍රඥා ඇති විධුර ඇමති හැරගෙණ ඉඳිපත් නුවරට පැමිණවීය.
|
1637
‘‘මනො මනුස්සස්ස යථාපි ගච්ඡෙ, තතොපිස්ස ඛිප්පතරං
(තතොපි සංඛිප්පතරං (සී. පී.)) අහොසි;
ස පුණ්ණකො කුරූනං කත්තුසෙට්ඨං, උපානයී නගරං ඉන්දපත්ථං’’.
|
1637
යම්සේ මිනිසාගේ සිත වහා ගමන් කරන්නේද ඊටත් වඩා ඉක්මණට මේ මනෝමය සෛන්ධවයාගේ ගමන වූයේය. ඒ පූර්ණකතෙම කුරුරට ඇමතිතුමා ඉඳිපත් නුවරට පැමිණවීය.
|
1638
‘‘එතින්දපත්ථං නගරං පදිස්සති, රම්මානි ච අම්බවනානි භාගසො;
අහඤ්ච භරියාය සමඞ්ගිභූතො, තුවඤ්ච පත්තොසි සකං නිකෙතං’’.
|
1638
“පඬිතුමනි, මේ ඉඳිපත් නුවර පෙනේ. සිත්කළුවූ අඹ උයන්ද කොටස් වශයෙන් පෙනෙත්. මමද බිරිඳ හා සමගිවූයෙමි. ඔබද ස්වකීය නිවාස්සථානයට පැමිණියේ වෙහියයි” පූර්ණකතෙම කීයේය
|
1639
‘‘ස පුණ්ණකො කුරූනං කත්තුසෙට්ඨං, ඔරොපිය ධම්මසභාය මජ්ඣෙ;
ආජඤ්ඤමාරුය්හ අනොමවණ්ණො, පක්කාමි
|
1639
ඒ පූර්ණකතෙම කුරුරට ඇමතිතුමා ධර්ම සභා මධ්‍යයෙහි බස්වා අලාමක වර්ණ ඇත්තාවූ හෙතෙම ආජානීය යාට නැග අන්තරීක්ෂ නම් අහසින් ගියේය.
|
1640
‘‘තං
අවිකම්පයං ධම්මසභාය මජ්ඣෙ, නිසීදයී පමුඛමාසනස්මිං’’.
|
1640
රජතෙම ඒ පඬිහු දැක අතිශයින් ප්‍රීතිමත් වූයේ නැගිට අත්වලින් වැළඳගෙණ කම්පාවක් නැතුව ධර්ම සභා මධ්‍යයෙහිවූ සරසනලද ධර්මාසනයෙහි තමන්ට අභිමුඛකොට හිඳුවීය.
|
1641
‘‘ත්වං නො විනෙතාසි රථංව නද්ධං, නන්දන්ති තං කුරුයො දස්සනෙන;
අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං, කථං පමොක්ඛො අහු මාණවස්ස’’.
|
1641
“පණ්ඩිතය, රියැදුරෙක් සරසනලද රථය පමුණු වන්නාක් මෙන් ඔබ අපගේ හිතවූ කටයුතුවල යොදවන්නා වෙහිය. කුරුරට වැස්සෝ ඔබ දැක ඒ දර්ශනයෙන් සතුටු වෙත්. විචාරණලද්දේ මේ කරුණ මට කියව. කෙසේනම් ඒ මානවකයා වෙතින් ඔබගේ මිදීම වීදැයි” රජතෙම ඇසීය.
|
1642
‘‘යං මාණවොත්යාභිවදී ජනින්ද, න සො මනුස්සො නරවීරසෙට්ඨ;
යදි තෙ සුතො පුණ්ණකො නාම යක්ඛො, රඤ්ඤො කුවෙරස්ස හි සො සජිබ්බො.
|
1642
“මහරජ, යමෙකුට මානවකයා යයි කීයේද, නරවීරශ්රේෂ්ඨය, හෙතෙම මිනිසෙක් නොවේ. ඉදින් ඔබ විසින් පූර්ණක නම් යක්ෂයෙක් අසන ලද්දේද, හෙතෙම වනාහි කුවේර නම් රජුගේ ඇමතියෙක්වේ.
|
1643
‘‘භූමින්ධරො වරුණො නාම නාගො, බ්රහා සුචී වණ්ණබලූපපන්නො;
තස්සානුජං ධීතරං කාමයානො, ඉරන්ධතී නාම සා නාගකඤ්ඤා.
|
1643
“භූමින්ධරනම් නාග භවනයෙහි වසන්නාවූ මහත්වූ පවිත්‍රවූ වර්ණයෙන් හා බලයෙන් යුක්තවූ වරුණ නම් නා රජෙක්වේ. ඔහුගේ අනුජාත ධීතෘව හෙතෙම කැමතිවිය. ඒ නාග කන්‍යාතොමෝ ඉරන්දතී නම් වූවාය.
|
1644
‘‘තස්සා සුමජ්ඣාය පියාය හෙතු, පතාරයිත්ථ මරණාය මය්හං;
සො චෙව භරියාය සමඞ්ගිභූතො, අහඤ්ච
|
1644
“මනා මධ්‍ය ප්‍රදේශ ඇති ඒ ප්‍රියාව හේතුකොට ගෙණ හෙතෙම මා මරණු පිණිස උත්සාහ කෙළේය. හෙතෙමේද භාර්‍ය්‍යාව සමග එක්වූයේය. මමද නාරජ විසින් අනුදන්නා ලද්දේවෙමි. මා විසින් මේ මැණිකද ලබන ලද්දේයයි” පණ්ඩිතතෙම මැණික රජුට දෙමින් කීයේය
|
1645
‘‘රුක්ඛො හි මය්හං පද්ධාරෙ
(ඝරද්වාරෙ (ස්‍යා.)) සුජාතො, පඤ්ඤාක්ඛන්ධො සීලමයස්ස සාඛා;
අත්ථෙ ච ධම්මෙ ච ඨිතො නිපාකො, ගවප්ඵලො හත්ථිගවස්සඡන්නො.
|
1645
“මාගේ රාජ ගෘහද්වාරයෙහි වනාහි හටගත්තාවූ වෘක්ෂයක් මා විසින් සීනෙන් දක්නාලදී. ඒ වෘක්ෂය තෙම ප්‍රඥාමය නළ ඇත්තේය. ඒ වෘක්ෂයාගේ අතු ශීලමය වූහ. වැඩෙහිද ස්වභාව ධර්මයෙහිද, පිහිටියාවූ ඒ ප්‍රඥාමය රුක පස් ගෝරස නමැති ඵල ඇත්තේය. ඇතුන්ගෙන්ද අසුන්ගෙන්ද ගැවසුනේය.
|
1646
‘‘නච්චගීතතූරියාභිනාදිතෙ, උච්ඡිජ්ජ සෙනං
(මෙනං (සී. පී.)) පුරිසො අහාසි;
සො නො අයං ආගතො සන්නිකෙතං, රුක්ඛස්සිමස්සාපචිතිං කරොථ.
|
1646
“මහජනයා නෘත්‍ය ගීත තූර්ය්යවාදන පවත්වන කල්හි එක් පුරුෂයෙක් මේ ගස කපාගෙණ ගියේය. ඒ මේ ප්‍රඥාමය වෘක්ෂය තෙම අප සමීපයට නැවත ආයේය. මේ වෘක්ෂයට තෙපි පූජා සත්කාර කරව්.
|
1647
‘‘යෙ
තිබ්බානි කත්වාන උපායනානි, රුක්ඛස්සිමස්සාපචිතිං කරොථ.
|
1647
“පින්වත් ඇමතිවරුණි, යම්කිසි කෙනෙක් මාගේ උපකාරයෙන් සතුටට පැමිණියාහුද, අද ඒ සියල්ලෝම සතුට පහළ කෙරෙත්වා. පඬුරු මහත්කොට මේ වෘක්ෂයට පූජා සත්කාර කරව්.
|
1648
‘‘යෙ කෙචි බද්ධා මම අත්ථි රට්ඨෙ, සබ්බෙව තෙ බන්ධනා මොචයන්තු;
යථෙව යං බන්ධනස්මා පමුත්තො, එවමෙතෙ මුඤ්චරෙ බන්ධනස්මා.
|
1648
“මාගේ රාජ්‍යයෙහි බැඳ සිර කරණලද යම්කිසි සත්ව කෙනෙක් ඇද්ද, ඒ සියල්ලෝම බැම්මෙන් මුදත්වා. යම් පරිද්දකින්ම මේ පණ්ඩිතතෙම බැම්මෙන් මිදුනේද, එපරිද්දෙන්ම ඒ මේ සත්වයෝද බන්ධනයෙන් මුදනු ලබත්වා.
|
1649
‘‘උන්නඞ්ගලා මාසමිමං කරොන්තු, මංසොදනං බ්රාහ්මණා භක්ඛයන්තු;
අමජ්ජපා මජ්ජරහා පිවන්තු, පුණ්ණාහි
|
1649
“මේ මාසය මුළුල්ලෙහි සී සාන නගුල් ගොඩගෙණ තැන්පත් කෙරෙත්වා. බ්‍රාහ්මණයෝ මාංශ රශයෙන් යුත් බත අනුභව කෙරෙත්වා. මත්පැන් පානය කරන්නෝ පානාගාරයෙහි සිට පිරී වැගීරෙන්නාවූ සැල්වලින් මද්‍යපානය කෙරෙත්වා.
|
1650
‘‘මහාපථං නිච්ච සමව්හයන්තු, තිබ්බඤ්ච රක්ඛං විදහන්තු රට්ඨෙ;
යථාඤ්ඤමඤ්ඤං න විහෙඨයෙය්යුං, රුක්ඛස්සිමස්සාපචිතිං කරොථ’’.
|
1650
මහමග සමීපයෙහි සිටියාවූ වෙශ්‍යා ස්ත්‍රීහු නිතර පුරුෂයන් කැඳවත්වා. යම්සේ ඔවුනොවුන්ට නොවෙහෙසන්නාහුද, එසේ රටෙහි දැඩිකොට ආරක්ෂාවද විධාන කෙරෙත්වා. මෙසේ මේ වෘක්ෂයට පූජා සත්කාර කරව්යයි” රජතෙම කීයේය.
|
1651
ඔරොධා ච කුමාරා ච, වෙසියානා ච බ්රාහ්මණා;
බහුං අන්නඤ්ච පානඤ්ච, පණ්ඩිතස්සාභිහාරයුං.
|
1651
අන්තඃපුර ස්ත්‍රීහුද කුමරුවෝද වෛශ්‍යයෝද බ්රහ්මණයෝද පණ්ඩිතයාට බොහෝවූ ආහාරද පාන වර්ගද පැමිණවූහ.
|
1652
හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා;
බහුං අන්නඤ්ච පානඤ්ච, පණ්ඩිතස්සාභිහාරයුං.
|
1652
ඇතරුවෝද අසරුවෝද රථිකයෝද පාබල සේනාවෙහිවූවෝද පඬිහට බොහෝවූ ආහාරද පානවර්ගද පැමිණවූහ.
|
1653
සමාගතා ජානපදා, නෙගමා ච සමාගතා;
බහුං අන්නඤ්ච පානඤ්ච, පණ්ඩිතස්සාභිහාරයුං.
|
1653
“රැස්වූ දනව් වැස්සෝද රැස්වූ නියම්ගම් වැස්සෝද බොහෝවූ ආහාරද පානවර්ගද පඬිතුමාට පැමිණවූහ.
|
1654
බහුජනො පසන්නොසි, දිස්වා පණ්ඩිතමාගතෙ;
පණ්ඩිතම්හි අනුප්පත්තෙ, චෙලුක්ඛෙපො පවත්තථාති.
|
1654
“පඬිහු ආකල්හි දැක බොහෝදෙනා ප්‍රසන්න වූයේය. පඬිහු නැවත පැමිණි කල්හි පිළිහිස සිසෑරිම පැවැත්තේයයි’ වදාළේය.
|
547. වෙස්සන්තරජාතකං (10) | 547. වෙස්සන්තර ජාතකය |
1655
‘‘ඵුස්සතී
පථබ්‍යා චාරුපුබ්බඞ්ගි, යං තුය්හං මනසො පියං’’.
|
1655
සක්දෙව් රජ:-“ඵුසති දෙවීනි, උතුම් වර්ණ හා ආලෝක ඇත්තිය, දස වැදෑරුම් වරයක් ගනුව. උතුම් ලකුණින් යුත් තැනැත්තිය යමක් තොපගේ සිතට ප්‍රිය නම් පොළොවින් එය ගනුව.”
|
1656
‘‘දෙවරාජ නමො ත්යත්ථු, කිං පාපං පකතං මයා;
රම්මා චාවෙසි මං ඨානා, වාතොව ධරණීරුහං’’.
|
1656
ඵුසති දේවී:-“දිව්‍යරාජය, ඔබට නමස්කාර වේවා. මා විසින් කිනම් පාපයක් කරණ ලද්දේද, ගසක් වාතයෙන් මෙන් මා සිටින යහපත් තැනින් පහකරන්නෙහිද?”
|
1657
‘‘න චෙව තෙ කතං පාපං, න ච මෙ ත්වමසි අප්පියා;
පුඤ්ඤඤ්ච තෙ පරික්ඛීණං, යෙන තෙවං වදාමහං.
|
1657
“තොප විසින් කරණ ලද පවක් නැත. මට තොප අප්‍රියද නොවේ. මම යමක් නිසා තොපට මෙසේ කියම්ද, එනම් තොපගේ පින ක්ෂය විය.
|
1658
‘‘සන්තිකෙ මරණං තුය්හං, විනාභාවො භවිස්සති;
පටිගණ්හාහි මෙ එතෙ, වරෙ දස පවෙච්ඡතො’’.
|
1658
“තොපගේ මරණය ආසන්නයේදී වෙන්වීම වන්නේය. මා විසින් දෙන්නාවූ මේ වර දසය පිළිගනුව”
|
1659
‘‘වරං චෙ මෙ අදො සක්ක, සබ්බභූතානමිස්සර;
සිවිරාජස්ස භද්දන්තෙ, තත්ථ අස්සං නිවෙසනෙ.
|
1659
“සියලු සත්වයන්ට අධිපතිවූ සක්දෙව් රජාණෙනි, ඉදින් මට වරයක් දුන්නෙහි නම්, ඔබට යහපතක් වේවා. ස්වාමීනි, සිවිරජහුගේ මාලිගයෙහි අග්‍ර මහෙෂිකා වන්නෙමි.
|
1660
‘‘නීලනෙත්තා නීලභමු, නිලක්ඛී ච යථා මිගී;
ඵුස්සතී නාම නාමෙන, තත්ථපස්සං පුරින්දද.
|
1660
“සක්දෙව් රජුනි, එහිද නිල්වන් නෙත් ඇති මුව දෙනක මෙන් නිල් බැම ඇති, නිල් ඇස් ඇති ඵුසති යන නමින් වන්නෙමි.
|
1661
‘‘පුත්තං ලභෙථ වරදං, යාචයොගං
(යාචයොගිං (ක.)) අමච්ඡරිං;
පූජිතං පටිරාජූහි, කිත්තිමන්තං යසස්සිනං.
|
1661
“කැමති වස්තු දෙන්නාවූ ඉල්ලීමට යොග්‍යවූ නොමසුරුවූ කීර්ති ඇත්තාවූ යශස් ඇත්තාවූ යටත් රජුන් විසින් පුදන ලද්දාවූ පුත්‍රයකු ලබන්නෙමි.
|
1662
‘‘ගබ්භං මෙ ධාරයන්තියා, මජ්ඣිමඞ්ගං අනුන්නතං;
කුච්ඡි අනුන්නතො අස්ස, චාපංව ලිඛිතං සමං.
|
1662
“ගැබ දරණ මගේ මැදකොටස උස් නොවේවා. සමව ලියවූ දුන්නක් මෙන් බඩ උස් නොවූවක් වේවා.
|
1663
‘‘ථනා මෙ නප්පපතෙය්යුං, පලිතා න සන්තු වාසව;
කායෙ රජො න ලිම්පෙථ, වජ්ඣඤ්චාපි පමොචයෙ.
|
1663
“සක්දෙව් රජුනි, මාගේ පයෝධර නොඑල්බේවා. පැසුණු කෙස් නොවේවා. ශරීරයෙහි ධූලි නොතැවරේවා. වධයට අසුවූවන් මුදන්නටද හැකිවේවා.
|
1664
‘‘මයූරකොඤ්චාභිරුදෙ, නාරිවරගණායුතෙ;
ඛුජ්ජචෙලාපකාකිණ්ණෙ
|
1664
“ස්වාමීනි මොණරුන් විසින් හෝ කොස්වා ලිහිණියන් විසින් නාද කරණ ලද ශ්‍රේෂ්ඨ ස්ත්‍රී සමූහයා ගෙන් යුක්තවූ කුදුහුය, සළු වඩන්නෝ යන මොවුන් ගෙන් ගැවසුණු භොජන කාලය දන්වන, සුත මාගධයන් විසින් වර්ණනා කළ, සත්රුවනින් විසිතුරුවූ දොරකවුළුවලින් විසිතුරු ශබ්ද පවත්වන්නාවූ සුරා මස්වලින් ප්‍රබොධ කරවන ජනයා ඇත්තාවූ එහි සිවි රජහුගේ අගමෙහෙසිය වන්නෙමි.
|
1665
‘‘චිත්රග්ගළෙරුඝුසිතෙ, සුරාමංසපබොධනෙ;
සිවිරාජස්ස භද්දන්තෙ, තත්ථස්සං මහෙසී පියා’’.
|
1665 |
1666
‘‘යෙ තෙ දස වරා දින්නා, මයා සබ්බඞ්ගසොභනෙ;
සිවිරාජස්ස විජිතෙ, සබ්බෙ තෙ ලච්ඡසී වරෙ.
|
1666
“සියලු අංගයෙන් උතුම්වූ යම් ඒ වර දසය මා විසින් දෙන ලදී ඔබ ඒ සියළු වරයන් සිවි රජුගේ රටෙහිදී ලබන්නෙහිය.”
|
1667
‘‘ඉදං
ඵුස්සතියා වරං දත්වා, අනුමොදිත්ථ වාසවො.
|
1667
මඝ නම්වූ සුජාතාවගේ හිමියාවූ දිව්යරාජවූ සක්දෙව් රජ මෙසේ කියා ඵුසතියට වර දී සතුටු සිත් ඇත්තේ විය.
[ඉක්බිති ඒ ඵුසතිතොමෝ ඉන් චුතවූවා ක්ෂත්රීය කුලයෙහි උපන්නීය. ජෙතුත්තර නම් නුවර සඤ්ජය සමාගම් වූවාය.
“මාස දහයක් දරා නගර ප්රදක්ෂිණාව කරන්නී වෙළඳ වීථිය මැද ඵුසති තොමෝ මා වැදුවාය.
“මගේ නම, මවු පසට අයත් නොවේ. පිය පසට අයත් නොවේ. වෙළඳ වීථියක උපන්නෙමි. එනිසා වෙස්සන්තර වීය.
“යම් කලෙක මම උත්පත්තියෙන් අට හැවිරිදිවූ ළදරුවෙක් වූයෙම්ද, එකල්හි ප්‍රාසාදයෙහි හිඳ දන් දෙන්නට සිතුවෙමි.
“ඉදින් යමෙක් මගෙන් ඉල්වන්නේ නම් පපු මස දෙන්නෙමි. ඇස්ද, මස්ද, ලේද, විචාර, ශරීරය පවා දෙන්නෙමි.
“නොසෙල්වෙන, නොපිහිටන ස්වභාවය සිතන්නාට මහමෙර හා වන නමැති මුදුන් මල්කඩ ඇති පෘථිවිය කම්පා විය. ]
|
1668
‘‘පරූළ්හකච්ඡනඛලොමා
පග්ගය්හ දක්ඛිණං බාහුං, කිං මං යාචන්ති බ්රාහ්මණා’’.
|
1668
“බෙහෙවින් වැඩුණු කිසිලි ලොම් හා නිය ඇති මල බැදුනු දත් ඇති ධූලි තැවරුණ හිස් ඇති බමුණෝ දකුණු අත ඔසවා මගෙන් කුමක් ඉල්වත්ද?
|
1669
‘‘රතනං දෙව යාචාම, සිවීනං රට්ඨවඩ්ඪනං;
දදාහි පවරං නාගං, ඊසාදන්තං උරූළ්හවං’’.
|
1669
“සිවීන්ගේ රට වර්ධනය කරණ රජතුමනි, වටිනා දෙයක් ඉල්වමු. නගුලිස් වැනි දළ ඉසිළීමට සුදුසු ශ්‍රේෂ්ඨ ඇතා දෙනු මැනව.”
|
1670
‘‘දදාමි න විකම්පාමි, යං මං යාචන්ති බ්රාහ්මණා;
පභින්නං කුඤ්ජරං දන්තිං, ඔපවය්හං ගජුත්තමං’’.
|
1670
“බමුණෝ මගෙන් යමක් ඉල්වත්ද? මද බිඳුණු දළ ඇත්තාවූ රාජවාහනවූ ඇත් රජු දෙමි. වෙනස් නොකරමි’
|
1671
‘‘හත්ථික්ඛන්ධතො ඔරුය්හ, රාජා චාගාධිමානසො;
බ්රාහ්මණානං අදා දානං, සිවීනං රට්ඨවඩ්ඪනො’’.
|
1671
දීමට සිත් ඇති සිවිරට වඩන රජතෙම ඇත් කඳින් බැස බමුණන්ට ඇතු දන් දුන්නේය.
|
1672
‘‘තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං;
හත්ථිනාගෙ පදින්නම්හි, මෙදනී සම්පකම්පථ.
|
1672
ශ්‍රේෂ්ඨ ඇතා දුන් කල්හි පොළොව කම්පා විය. එකල්හි එයින් භය ඉපදීම විය. ලොමුදැහැගැන්ම විය.
|
1673
‘‘තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං;
හත්ථිනාගෙ පදින්නම්හි, ඛුබ්භිත්ථ නගරං තදා.
|
1673
ශ්‍රේෂ්ඨ ඇතා දුන් කල්හි එදා නුවර කැළඹුණේය. එදින භය ඉපදීම විය. ලොමු දැහැගැන්ම විය.
|
1674
‘‘සමාකුලං පුරං ආසි, ඝොසො ච විපුලො මහා;
හත්ථිනාගෙ
|
1674
සිවිරට වඩන රජු ශ්‍රේෂ්ඨ ඇතා දුන් කල්හි නුවර අවුල් විය. මහත් ඝොෂාවක්ද විය.
[ශ්‍රේෂ්ඨ ඇතා දන් දුන් විට පොළොව කම්පා වූයේය. මහත්වූ භයානකවූ ශබ්දයක් එකල්හි ඇතිවිය. මහත් ලොමු දැහැගැනීමක්ද එහි ඇති විය.
ශ්‍රේෂ්ඨ ඇතා දුන් කල්හි එදා නුවර කැළඹුණේය. ඉක්බිති මහත්වූ, විශාලවූ, භයානකවූ ශබ්දයක් මෙහි පවතී.
සිවිරට වඩන රජු ඇත්රාජයා දුන් කල්හි එයින් මහත්වූ, විශාලවූ, භයානකවූ, ශබ්දයක් මෙහි පවතී.]
|
1675
‘‘උග්ගා ච රාජපුත්තා ච, වෙසියානා ච බ්රාහ්මණා;
හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා.
|
1675
ප්‍රසිද්ධ මනුෂ්‍යයෝද, රාජ පුත්‍රයෝද, වෛශ්‍යයෝද, බ්‍රාහ්මණයෝද, ඇතුන් නගින්නෝද, රජුගේ ආරක්ෂකයෝද, රියැදුරෝද, පාබලසෙනඟද,
|
1676
‘‘කෙවලො චාපි නිගමො, සිවයො ච සමාගතා;
දිස්වා නාගං නීයමානං, තෙ රඤ්ඤො පටිවෙදයුං.
|
1676
මුළු නියම්ගම් වැස්සෝද, සිවිරට වාසීහුද, රැස්ව ඇතු ගෙනයන ඔවුන් දැක රජුට දැන්වූහ.
|
1677
‘‘විධමං දෙව තෙ රට්ඨං, පුත්තො වෙස්සන්තරො තව;
කථං නො හත්ථිනං දජ්ජා, නාගං රට්ඨස්ස පූජිතං.
|
1677
“දෙවයන් වහන්ස, නුඹ වහන්සේගේ පුත්‍රවූ වෙස්සන්තරතෙමේ රට වනසමින් රටවැසියා විසින් පුදන ලද අපේ ශ්‍රේෂ්ඨ හස්තියා කෙසේ දෙන්නේද?
|
1678
‘‘කථං නො කුඤ්ජරං දජ්ජා, ඊසාදන්තං උරූළ්හවං;
ඛෙත්තඤ්ඤුං සබ්බයුද්ධානං, සබ්බසෙතං ගජුත්තමං.
|
1678
“නගුලිස් පමණ දළ ඇති ඉසිළීමට සුදුසු සියලු යුදවල ජයබිම දන්නා අපගේ උතුම් සුදු ඇතා කෙසේ දෙන්නේද,
|
1679
‘‘පණ්ඩුකම්බලසඤ්ඡන්නං,
දන්තිං සවාළබීජනිං, සෙතං කෙලාසසාදිසං.
|
1679
“පඩුවන් පලස් වලින් වසන ලද මද බිදුණු සතුරන් මර්දනය කරණ දළ ඇති, වල් විදුනා සහිත, කෛලාස පර්වතය මෙන් සුදු පැහැති.
|
1680
‘‘සසෙතච්ඡත්තං
අග්ගයානං රාජවාහිං, බ්රාහ්මණානං අදා ගජං
(ධනං (සී. පී.), දානං (ස්‍යා.)).
|
1680
“සුදු කුඩය සහිත ඇතිරිලි සහිත, ඇත්වෙදුන් සහිත පිරිවර සහිත රජුන් ගෙනයන අග්‍ර යානාව වූ ධනය බමුණන්ට දුන්නේය.
|
1681
‘‘අන්නං පානඤ්ච යො
(සො (සී. ස්‍යා. ක.)) දජ්ජා, වත්ථසෙනාසනානි ච;
එතං ඛො දානං පතිරූපං, එතං ඛො බ්රාහ්මණාරහං.
|
1681
“ආහාරද පානද වස්ත්‍රද සයනාසනද හෙතෙම දෙන්නේ නම් ඒවා දානයට සුදුසුය, ඒවා බමුණන්ට සුදුසුය.
|
1682
‘‘අයං තෙ වංසරාජා නො, සිවීනං රට්ඨවඩ්ඪනො
(රට්ඨවඩ්ඪනං (සී.), රට්ඨවඩ්ඪන (පී.));
කථං වෙස්සන්තරො පුත්තො, ගජං භාජෙති සඤ්ජය.
|
1682
“සඤ්ජයයෙනි, සිවින්ගේ රට වඩන මේ ඇත් තෙමේ ප්රවේණීයෙන් පැමිණියේය. වෙස්සන්තර නම් පුත්‍ර තෙමේ කෙසේ ඇතා දෙයිද?
|
1683
‘‘සචෙ ත්වං න කරිස්සසි, සිවීනං වචනං ඉදං;
මඤ්ඤෙ තං සහ පුත්තෙන, සිවී හත්ථෙ කරිස්සරෙ’’.
|
1683
“ඉදින් ඔබවහන්සේ සිවිරටවාසීන්ගේ මේ වචනය නොපිළිගන්නෙහි නම් පුත්‍රයා සහිත ඔබ සිවිරට වාසීහු අත් අඩංගුවට ගනිතියි සිතමි.”
|
1684
‘‘කාමං
නාහං සිවීනං වචනා, රාජපුත්තං අදූසකං;
පබ්බාජෙය්යං සකා රට්ඨා, පුත්තො හි මම ඔරසො.
|
1684
“ඒකාන්තයෙන් ජනපදය නැතිවේවා. රටද වැනසේවා. මම රටවාසීන්ගේ වචනයෙන් නිවැරදි රාජ පුත්‍රයා ස්වකීය රටින් පිට නොකරන්නෙමි. එසේමැයි මාගේ ළෙහි නලවා හදාගත් පුත්‍රයාය.
|
1685
‘‘කාමං ජනපදො මාසි, රට්ඨඤ්චාපි විනස්සතු;
නාහං සිවීනං වචනා, රාජපුත්තං අදූසකං;
පබ්බාජෙය්යං සකා රට්ඨා, පුත්තො හි මම අත්රජො.
|
1685
“ඒකාන්තයෙන් ජනපදය නැතිවේවා. රටද වැනසේවා. මම රටවාසීන්ගේ වචනයෙන් නිවැරදි රාජ පුත්‍රයා ස්වකීය රටින් පිට නොකරන්නෙමි. එසේමැයි මාගේ මගෙන් උපන් පුත්‍රයාය.
|
1686
‘‘න චාහං තස්මිං දුබ්භෙය්යං, අරියසීලවතො හි සො;
අසිලොකොපි මෙ අස්ස, පාපඤ්ච පසවෙ බහුං;
කථං වෙස්සන්තරං පුත්තං, සත්ථෙන ඝාතයාමසෙ’’.
|
1686
“මම ඔහුට ද්‍රොහිකම් නොකරන්නෙමි. හෙතෙම උතුම් සිල් ඇත්තෙකි. මට අවනම්බුවක් වන්නේය. බොහෝ පව්ද රැස් වෙයි. වෙස්සන්තර පුත්‍රයා කෙසේ ආයුධයකින් නසම්ද?
|
1687
‘‘මා නං දණ්ඩෙන සත්ථෙන, න හි සො බන්ධනාරහො;
පබ්බාජෙහි ච නං රට්ඨා, වඞ්කෙ වසතු පබ්බතෙ’’.
|
1687
“ඔහු දඬුවමින්වත් ආයුධයකින්වත් නොපෙළමි. හෙතෙම හිරගෙටත් නුසුදුසුය. ඔහු රටින් පිට යවාවා වංක (ඇද) පර්වතයෙහි වසාවා
|
1688
‘‘එසො චෙ සිවීනං ඡන්දො, ඡන්දං න පනුදාමසෙ;
ඉමං සො වසතු රත්තිං, කාමෙ ච පරිභුඤ්ජතු.
|
1688
“සිවිරට වාසීන්ගේ කැමැත්ත මෙසේ නම් කැමැත්ත වෙනස් නොකරමි හෙතෙම මේ රාත්‍රිය වසාවා. කැමති සම්පත්ද වළඳාවා.”
|
1689
‘‘තතො රත්යා විවසානෙ, සූරියස්සුග්ගමනං පති
(සූරියුග්ගමනෙ සති (ක.));
සමග්ගා සිවයො හුත්වා, රට්ඨා පබ්බාජයන්තු නං’’.
|
1689
“ඉක්බිති රාත්‍රිය අවසන්ව ඉරපායන වේලාවෙහි සිවිරටවාසීහු සමගිවි ඔහු රටින් පිට කරත්වා.
|
1690
‘‘උට්ඨෙහි
සිවයො දෙව තෙ කුද්ධා, නෙගමා ච සමාගතා.
|
1690
“දූතයෙනි, ඉක්මනට නැගිටින්න. ගොස් වෙස්සන්තරට මෙසේ කියව. “දේවයිනි, සිවිරට වාසීහුද නියම්ගම් වැස්සෝද ඔබ කෙරෙහි කිපුණාහ.
|
1691
‘‘උග්ගා ච රාජපුත්තා ච, වෙසියානා ච බ්රාහ්මණා;
හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා;
කෙවලො
|
1691
ප්‍රසිද්ධ මනුෂ්‍යයෝද, රාජ පුත්‍රයෝද, වෛශ්‍යයෝද, බ්‍රාහ්මණයෝද, ඇතුන් නගින්නෝද, රජුගේ ආරක්ෂකයෝද, රියැදුරෝද, පාබලසෙනඟද, මුළු නියම්ගම් වැස්සෝද, සිවිරට වාසීහුද,
|
1692
‘‘අස්මා රත්යා විවසානෙ, සූරියස්සුග්ගමනං පති;
සමග්ගා සිවයො හුත්වා, රට්ඨා පබ්බාජයන්ති තං.
|
1692
“මේ රාත්‍රිය අවසන්ව ඉරපායන වේලාවෙහි සිවිරට වාසීහු සමගිවී ඔබ රටින් පිට කරත්”
|
1693
‘‘ස
ආමුත්තහත්ථාභරණා, සුවත්ථො චන්දනභූසිතො.
|
1693
සිවිරජු විසින් යවන ලද ඒ පනිවුඩකරු ඉක්මනින් වළළු පැළඳ යහපත්ව ඇඳගෙන සඳුනින් අලංකාරව
|
1694
‘‘සීසං න්හාතො උදකෙ සො, ආමුත්තමණිකුණ්ඩලො;
උපාගමි පුරං රම්මං, වෙස්සන්තරනිවෙසනං.
|
1694
හිසේ පටන් නා තෙත් හිසින් යුක්තව පැළඳගත් මැණික් කර්ණාභරණ ඇත්තේ වෙස්සන්තරගේ වාසස්ථානයවූ යහපත් නුවරට පැමිණියේය.
|
1695
‘‘තත්ථද්දස කුමාරං සො, රමමානං සකෙ පුරෙ;
පරිකිණ්ණං අමච්චෙහි, තිදසානංව වාසවං.
|
1695
ඒ දූතතෙම ස්වකීය නුවරෙහි ප්‍රීතිවන්නාවූ තවුතිසා වැස්සන් මැද ශක්‍රයා මෙන් අමාත්‍යයන් විසින් පිරිවරණලද කුමාරයා දුටුවේය.
|
1696
‘‘සො තත්ථ ගන්ත්වා තරමානො, කත්තා වෙස්සන්තරංබ්රවි;
දුක්ඛං තෙ වෙදයිස්සාමි, මා මෙ කුජ්ඣි රථෙසභ.
|
1696
ඒ පණිවුඩකරු ප්‍රීතිවන්නාවූ වෙස්සන්තරට මෙසේ කීවේය “රජතුමනි, ‘ඔබට දුකක් දන්වන්නෙමි.’ මට නොකිපෙනු මැනව.”
|
1697
‘‘වන්දිත්වා රොදමානො සො, කත්තා රාජානමබ්රවි;
භත්තා මෙසි මහාරාජ, සබ්බකාමරසාහරො.
|
1697
ඒ පණිවුඩකරු එහි ගොස් රජුට වැඳ අඬමින් මෙසේ කීවේය. මහරජ, ඔබ සියළු කැමති රසයන්ට සුදුසුවූ මාගේ ස්වාමියාවෙහිය. ඔබට දුකින් ප්‍රකාශ කරන්නෙමි. එහි මට සහනයක් දෙත්වා.
|
1698
‘‘දුක්ඛං තෙ වෙදයිස්සාමි, තත්ථ අස්සාසයන්තු මං;
සිවයො දෙව තෙ කුද්ධා, නෙගමා ච සමාගතා.
|
1698 |
1699
‘‘උග්ගා ච රාජපුත්තා ච, වෙසියානා ච බ්රාහ්මණා;
හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා;
කෙවලො චාපි නිගමො, සිවයො ච සමාගතා.
|
1699
“දෙවයන් වහන්ස, සිවිහු නියම්ගම් වැස්සෝද ඔබට කිපුණාහ. ප්‍රසිද්ධ මනුෂ්‍යයෝද, රාජ පුත්‍රයෝද, වෛශ්‍යයෝද, බ්‍රාහ්මණයෝද, ඇතුන් නගින්නෝද, රජුගේ ආරක්ෂකයෝද, රියැදුරෝද, පාබලසෙනඟද, මුළු නියම්ගම් වැස්සෝද, සිවිරට වාසීහුද,
|
1700
‘‘අස්මා රත්යා විවසානෙ, සූරියස්සුග්ගමනං පති;
සමග්ගා සිවයො හුත්වා, රට්ඨා පබ්බාජයන්ති තං’’.
|
1700
“මේ රාත්‍රිය අවසන්ව ඉරපායන වේලාවෙහි සිවිරට වාසීහු සමගිවී ඔබ රටින් පිට කරත්”
|
1701
‘‘කිස්මිං
තං මෙ කත්තෙ වියාචික්ඛ, කස්මා පබ්බාජයන්ති මං’’.
|
1701
“කුමක් හෙයින් මට සිවිහු කිපුනාහුද? මම නපුරක් කළ බවක් නොදකිමි. පණිවුඩකරුව එය මට කියව, කුමක් හෙයකින් මා රටින් පිට කරත්ද?”
|
1702
‘‘උග්ගා
හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා;
නාගදානෙන ඛිය්යන්ති, තස්මා පබ්බාජයන්ති තං’’.
|
1702
“ප්‍රසිද්ධ මනුෂ්‍යයෝද රාජ පුත්‍රයෝද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝද ඇතුන් නගින්නෝද රජුගේ ආරක්ෂකයෝද රියැදුරෝද පාබල සෙනගද ඇතා දන්දුන් බැවින් කිපෙත්. එහෙයින් ඔබ රටින් පිටුවහල් කරත්.”
|
1703
‘‘හදයං චක්ඛුම්පහං දජ්ජං, කිං මෙ බාහිරකං ධනං;
හිරඤ්ඤං වා සුවණ්ණං වා, මුත්තා වෙළුරියා මණි.
|
1703
“පපුවද ඇස්ද දෙන්නෙමි. ඉන් පිට මාගේ රත්රන් හෝ අමුරන් හෝ මුතු හෝ වෙරළුමිනි හෝ යන මේ බාහිර ධනය ගැන කියනුම කවරේද?
|
1704
‘‘දක්ඛිණං වාපහං බාහුං, දිස්වා යාචකමාගතෙ;
දදෙය්යං න විකම්පෙය්යං, දානෙ මෙ රමතෙ මනො.
|
1704
“මම පැමිණි යාචකයන්ද දැක දකුණු අත හෝ දෙන්නෙමි. නොවරද්දන්නෙමි. මාගේ සිත දානයෙහි ඇලේ.
|
1705
‘‘කාමං මං සිවයො සබ්බෙ, පබ්බාජෙන්තු හනන්තු වා;
නෙව දානා විරමිස්සං, කාමං ඡින්දන්තු සත්තධා’’.
|
1705
“සියලු සිවීහු මා නොකැමැති පරිද්දෙන් රටින් පිට කරත්වා. නොහොත් මරත්වා, ඒකාන්තයෙන් සත්කඩකට කපත් නමුත් දීමෙන් වෙන් නොවන්නෙමි.
|
1706
‘‘එවං
කොන්තිමාරාය තීරෙන, ගිරිමාරඤ්ජරං පති;
යෙන පබ්බාජිතා යන්ති, තෙන ගච්ඡතු සුබ්බතො’’.
|
1706
“රැස්වූ නියම්ගම් වැස්සෝද සිවීහුද කොන්ති මාරා නම් ගං තෙර ආරඤ්ජර නම් පර්වතයට අභිමුඛව පැවිද්දෝ යම් තැනකට යද්ද, එතැනට හොඳ පැවතුම් ඇත්තායේවා
|
1707
‘‘සොහං තෙන ගමිස්සාමි, යෙන ගච්ඡන්ති දූසකා;
රත්තින්දිවං මෙ ඛමථ, යාව දානං දදාමහං’’.
|
1707
“වැරදිකරුවෝ යම් තැනකට යත්ද, ඒ මම එහි යන්නෙමි. මම දනක් දෙමි. එතෙක් එක් රෑ දවාලක් මට ඉවසව්.”
|
1708
‘‘ආමන්තයිත්ථ රාජානං, මද්දිං සබ්බඞ්ගසොභනං;
යං තෙ කිඤ්චි මයා දින්නං, ධනං ධඤ්ඤඤ්ච විජ්ජති.
|
1708
රජතෙමේ, සියලු අවයවයන්ගෙන් යහපත්වූ ඒ මද්රීදෙවියට ආමන්ත්‍රණය කෙළේය. “මා විසින් තොපට දෙනලද යම් ධන ධාන්‍යයක් ඇත්තේද?
|
1709
‘‘හිරඤ්ඤං වා සුවණ්ණං වා, මුත්තා වෙළුරියා බහූ;
සබ්බං තං නිදහෙය්යාසි, යඤ්ච තෙ පෙත්තිකං ධනං.
|
1709
“රත්රන් අමුරන් හෝ බොහෝවූ මුතු හා වෙරළුමිනී හෝ තොපගේ පිය සතු ධනය හෝ යමක් ඇත්නම්, ඒ සියල්ල නිදන් කරන්නෙහිය.”
|
1710
‘‘තමබ්‍රවි
කුහිං දෙව නිදහාමි, තං මෙ අක්ඛාහි පුච්ඡිතො’’.
|
1710
“සියලු අවයවයෙන් ලක්ෂණවූ මද්‍රී නම් රාජ දුව “දෙවයන් වහන්ස, කොහි නිදන් කරන්නෙම්ද, විචාරණ ලද මට එය කියවයි” කීවාය.
|
1711
‘‘සීලවන්තෙසු දජ්ජාසි, දානං මද්දි යථාරහං;
න හි දානා පරං අත්ථි, පතිට්ඨා සබ්බපාණිනං.
|
1711
“මද්රීදේවීනි, සුදුසු පරිද්දෙන් සිල්වතුන් කෙරෙහි දන් දෙන්නෙහිය. සියලු ප්‍රාණීන්ට දීමට වඩා පිහිටක් නැත.
|
1712
‘‘පුත්තෙසු මද්දි දයෙසි, සස්සුයා සසුරම්හි ච;
යො ච තං භත්තා මඤ්ඤෙය්ය, සක්කච්චං තං උපට්ඨහෙ.
|
1712
“මද්රීදෙවීනි, නැදිමයිලන් කෙරෙහිද පුත්‍රයන් කෙරෙහිද මෛත්‍රිය පතුරුවන්නෙහිය. යමෙක් තොප ස්වාමියායයි සිතන්නේ නම් ඔහු සකස්කොට උපස්ථාන කරව.
|
1713
‘‘නො චෙ තං භත්තා මඤ්ඤෙය්ය, මයා විප්පවසෙන තෙ;
අඤ්ඤං භත්තාරං පරියෙස, මා කිසිත්ථො
(මා කිලිත්ථ (සී. පී.)) මයා විනා’’.
|
1713
“මාගේ වෙන්වීමෙන් තොපට ඒ මා ස්වාමියෙකු ලෙස නොසිතන්නේය. අන් ස්වාමියකු සොයව. මගෙන් වෙන්වී කෘශවූවක් නොවෙව.
|
1714
‘‘අහඤ්හි
සංසයො ජීවිතං මය්හං, එකකස්ස බ්රහාවනෙ’’.
|
1714
“නපුරුවූ චණ්ඩ මෘගයන්ගෙන් ගැවසී ගත්තාවූ මහවනයට යමි. මහා වනයෙහි ජීවත්වීම සැක සහිතය.
|
1715
‘‘තමබ්‍රවි රාජපුත්තී, මද්දී සබ්බඞ්ගසොභනා;
‘‘අභුම්මෙ කථං නු භණසි, පාපකං වත භාසසි.
|
1715
“සියළු අවයවයන් යහපත්වූ මද්‍රිදේවිය වෙස්සන්තර රජුට මෙසේ කීවාය. ‘අපොයි’ පෙර නොකී කථාවක් කියන්නෙහිය. ඒකාන්තයෙන් නපුරක් කියන්නෙහිය.
|
1716
‘‘නෙස ධම්මො මහාරාජ, යං ත්වං ගච්ඡෙය්ය එකකො;
අහම්පි තෙන ගච්ඡාමි, යෙන ගච්ඡසි ඛත්තිය.
|
1716
“යම්බඳුවූ ඔබ තනිව යන්නේ නම් එය යහපත් ස්වභාවයක් නොවේ. රජ්ජුරුවෙනි, යම්තැනකට යන්නේ නම් මමත් එහි යමි.
|
1717
‘‘මරණං වා තයා සද්ධිං, ජීවිතං වා තයා විනා;
තදෙව මරණං සෙය්යො, යං චෙ ජීවෙ තයා විනා.
|
1717
“ඔබ සමග මරණය හෝ ඔබගෙන් වෙන්ව ජීවත් වීම හෝ යන දෙකින් ඒ මරණයම ඔබගෙන් වෙන්ව ජීවත් වීමට වඩා උතුම්ය.
|
1718
‘‘අග්ගිං උජ්ජාලයිත්වාන
(නිජ්ජාලයිත්වාන (සී. පී.)), එකජාලසමාහිතං;
තත්ථ මෙ
(තත්ථෙව (ස්‍යා. ක.)) මරණං සෙය්යො, යං චෙ ජීවෙ තයා විනා.
|
1718
“එකට දැලින් වෙළුනු ගින්න දල්වා එහි මාගේ මරණය ඔබගෙන් වෙන්වී ජීවත්වීමට වඩා වටනේය.
|
1719
‘‘යථා ආරඤ්ඤකං නාගං, දන්තිං අන්වෙති හත්ථිනී;
ජෙස්සන්තං ගිරිදුග්ගෙසු, සමෙසු විසමෙසු ච.
|
1719
“යම්සේ කුලයෙහි සිටින ඇතින්නක් සමවූත් විසමවූත් යානොහැකි පර්වතවල හැසිරෙන්නාවූ දළ ඇති ඇතු අනුව යයිද,
|
1720
‘‘එවං
සුභරා තෙ භවිස්සාමි, න තෙ හෙස්සාමි දුබ්භරා.
|
1720
“එසේ දරුවන් ගෙන ඔබ පිටිපසින් අනුව එන්නෙමි. ඔබට සුවසේ පොෂ්ය කටහැක්කක් වන්නෙමි. දුකසේ පොෂ්ය කටහැක්කක් නොවන්නෙමි.
|
1721
‘‘ඉමෙ කුමාරෙ පස්සන්තො, මඤ්ජුකෙ පියභාණිනෙ;
ආසීනෙ
(ආසනෙ (ක.)) වනගුම්බස්මිං, න රජ්ජස්ස සරිස්සසි.
|
1721
“වනලැහැබෙහි හුන් මිහිරි කථා ඇති සුරතල් වචන කියන මේ කුමරුවන් දක්නේ රාජ්‍යය සිහි නොකරන්නේය.
|
1722
‘‘ඉමෙ කුමාරෙ පස්සන්තො, මඤ්ජුකෙ පියභාණිනෙ;
කීළන්තෙ වනගුම්බස්මිං, න රජ්ජස්ස සරිස්සසි.
|
1722
“වනලැහැබෙහි ක්‍රීඩා කරණ මිහිරි කථා ඇති සුරතල් වචන කියන මේ කුමරුවන් දක්නේ රාජ්‍යය සිහි නොකරන්නේය.
|
1723
‘‘ඉමෙ කුමාරෙ පස්සන්තො, මඤ්ජුකෙ පියභාණිනෙ;
අස්සමෙ රමණීයම්හි, න රජ්ජස්ස සරිස්සසි.
|
1723
“සිත්කළු ආශ්‍රමයෙහි මිහිරි කථා ඇති සුරතල් වචන කියන මේ කුමරුවන් දක්නේ රාජ්‍යය සිහි නොකරන්නේය.
|
1724
‘‘ඉමෙ කුමාරෙ පස්සන්තො, මඤ්ජුකෙ පියභාණිනෙ;
කීළන්තෙ අස්සමෙ රම්මෙ, න රජ්ජස්ස සරිස්සසි.
|
1724
“සිත්කළු ආශ්‍රමයෙහි ක්‍රීඩා කරණ මිහිරි කථා ඇති සුරතල් වචන කියන මේ කුමරුවන් දක්නේ රාජ්‍යය සිහි නොකරන්නේය.
|
1725
‘‘ඉමෙ කුමාරෙ පස්සන්තො, මාලධාරී අලඞ්කතෙ;
අස්සමෙ රමණීයම්හි, න රජ්ජස්ස සරිස්සසි.
|
1725
“යහපත් ආශ්‍රමයෙහි මල් පැළඳගෙන නටන කුමරුවන් යම් දවසක දක්නේද රාජ්‍යය සිහිනොකරන්නේය.
|
1726
‘‘ඉමෙ කුමාරෙ පස්සන්තො, මාලධාරී අලඞ්කතෙ;
කීළන්තෙ අස්සමෙ රම්මෙ, න රජ්ජස්ස සරිස්සසි.
|
1726
“යහපත් ආශ්‍රමයෙහි මල් පැළඳ නටන කුමරුවන් යම්කලක දක්නෙහිද රාජ්‍යය සිහි නොකරන්නේය.
|
1727
‘‘යදා
අස්සමෙ රමණීයම්හි, න රජ්ජස්ස සරිස්සසි.
|
1727
“යහපත් ආශ්‍රමයෙහි මල් පැළඳ නටන කුමරුවන් දක්නෙහිද රාජ්‍යය සිහි නොකරන්නේය.
|
1728
‘‘යදා දක්ඛිසි නච්චන්තෙ, කුමාරෙ මාලධාරිනෙ;
කීළන්තෙ අස්සමෙ රම්මෙ, න රජ්ජස්ස සරිස්සසි.
|
1728 |
1729
‘‘යදා
එකං අරඤ්ඤෙ චරන්තං, න රජ්ජස්ස සරිස්සසි.
|
1729
“හුදකලාව වනයෙහි හැසිරෙන්නාවූ සැටවයස් පිරි මාතංග ඇතු ඉදින් දක්නේද, රාජ්‍යය සිහි නොකරන්නේය.
|
1730
‘‘යදා දක්ඛිසි මාතඞ්ගං, කුඤ්ජරං සට්ඨිහායනං;
සායං පාතො විචරන්තං, න රජ්ජස්ස සරිස්සසි.
|
1730
“සවසත් උදයේත් හැසිරෙන්නාවූ සැටවයස් පිරුණු මාතංග ඇතු යම්තාක් දක්නෙහිද රාජ්‍යය සිහිනොකරන්නේය.
|
1731
‘‘යදා කරෙණුසඞ්ඝස්ස, යූථස්ස පුරතො වජං;
කොඤ්චං කාහති මාතඞ්ගො, කුඤ්ජරො සට්ඨිහායනො;
තස්ස තං නදතො සුත්වා, න රජ්ජස්ස සරිස්සසි.
|
1731
“යම්කලක ඇත් රංචුවේ ඉදිරිපිට යන්නාවූ සැට වයස් පිරි මාතංග නම් ඇත්තෙමේ ශබ්ද පවත්වන්නේය. නාද කරන්නාවූ ඔහුගේ ඒ නාදය අසා රාජ්‍යය සිහි නොකරන්නේය.
|
1732
‘‘දුභතො වනවිකාසෙ, යදා දක්ඛිසි කාමදො;
වනෙ වාළමිගාකිණ්ණෙ, න රජ්ජස්ස සරිස්සසි.
|
1732
“කැමතිදේ දෙන්නාවූ දෙපයෙහිවූ වල් මුවන්ගෙන් ගැවසීගත් වන පෙදෙස් යම්කලෙක දක්නෙහිද, රාජ්‍යය සිහි නොකරන්නෙහිය
|
1733
‘‘මිගං දිස්වාන සායන්හං, පඤ්චමාලිනමාගතං;
කිම්පුරිසෙ ච නච්චන්තෙ, න රජ්ජස්ස සරිස්සසි.
|
1733
“සවස් කාලයෙහි ආවාවූ අං මාලා පසක් ඇති මුවාද නටන කිම් පුරුෂයන්ද දැක, රාජ්‍යය සිහි නොකරන්නෙහිය
|
1734
‘‘යදා
ගීතං කිම්පුරිසානඤ්ච, න රජ්ජස්ස සරිස්සසි.
|
1734
“බැස යන්නාවූ සින්ධු ගංගාවගේ ශබ්දය යම් කලෙක අසන්නෙහිද කිම් පුරුෂයන්ගේ ගී හඬ අසන්නෙහිද එකල්හි රාජ්‍යය සිහි නොකරන්නෙහිය
|
1735
‘‘යදා සොස්සසි නිග්ඝොසං, ගිරිගබ්භරචාරිනො;
වස්සමානස්සුලූකස්ස, න රජ්ජස්ස සරිස්සසි.
|
1735
“පර්වත ගුහාවන්හි හැසිරෙන නාදකරණ බකමුහුණන්ගේ ශබ්දය යම්කලෙක අසන්නෙහිද, රාජ්‍යය සිහි නොකරන්නෙහිය
|
1736
‘‘යදා සීහස්ස බ්යග්ඝස්ස, ඛග්ගස්ස ගවයස්ස ච;
වනෙ සොස්සසි වාළානං, න රජ්ජස්ස සරිස්සසි.
|
1736
“යම්කලෙක වනයෙහි දරුණු සිංහයන්ගේද ව්‍යාඝ්‍රයන්ගේද කඟමුවන්ගේද ගවරුන්ගේද ශබ්ද ඇසෙන්නේද, රාජ්‍යය සිහි නොකරන්නෙහිය
|
1737
‘‘යදා මොරීහි පරිකිණ්ණං, බරිහීනං මත්ථකාසිනං;
මොරං දක්ඛිසි නච්චන්තං, න රජ්ජස්ස සරිස්සසි.
|
1737
“යම්කලෙක පිල්වලින් ගැවසීගත් පර්වත මත්තෙහි සිටි, මොණරියන් (සෙබඩුන්) විසින් පිරිවරාගත් නටන්නාවූ මොණරා දක්නෙහිද රාජ්‍යය සිහි නොකරන්නෙහිය.
|
1738
‘‘යදා මොරීහි පරිකිණ්ණං, අණ්ඩජං චිත්රපක්ඛිනං;
මොරං දක්ඛිසි නච්චන්තං, න රජ්ජස්ස සරිස්සසි.
|
1738
“යම්කලෙක බිජුවටින් උපන් (විසිතුරු දැකුම් ඇති මොණරියන් (සෙබඩුන්) විසින් පිරිවරාගත් මොණරා දක්නෙහිද, රාජ්‍යය සිහි නොකරන්නෙහිය
|
1739
‘‘යදා
මොරං දක්ඛිසි නච්චන්තං, න රජ්ජස්ස සරිස්සසි.
|
1739
“යම්කලෙක නිල් බෙල්ලක් ඇති හිස කුඩුම්බි ඇනි මොණරියන් විසින් පිරිවරන ලද නටන්නාවූ මොණරා දක්නෙහිද, රාජ්‍යය සිහි නොකරන්නෙහිය
|
1740
‘‘යදා
සුරභිං සම්පවායන්තෙ, න රජ්ජස්ස සරිස්සසි.
|
1740
“යම්කලෙක්හි හිම කාලයෙහි පිපුනාවූ සුවඳ වගුරු වන ගස් දක්නෙහිද රාජ්‍යය සිහි නොකරන්නෙහිය
|
1741
‘‘යදා හෙමන්තිකෙ මාසෙ, හරිතං දක්ඛිසි මෙදනිං
(මෙදිනිං (සී. පී.));
ඉන්දගොපකසඤ්ඡන්නං, න රජ්ජස්ස සරිස්සසි.
|
1741
“යම්කලෙක්හි හිම වැටෙන කාලයෙහි රතු ඉඳු ගොව්වන්ගෙන් ගැවසීගත් නිල් පොළොව දක්නෙහිද, රාජ්‍යය සිහි නොකරන්නෙහිය
|
1742
‘‘යදා දක්ඛිසි හෙමන්තෙ, පුප්ඵිතෙ ධරණීරුහෙ;
කුටජං බිම්බජාලඤ්ච, පුප්ඵිතං ලොද්දපද්මකං
(ලොමපද්ධකං (සී. පී.));
සුරභිං සම්පවායන්තෙ, න රජ්ජස්ස සරිස්සසි.
|
1742
“යම්කලෙක්හි හිම වැටෙන කාලයෙහි පිපුනාවූ කෙළිඳ ගස්ද රත්කරව්ද ලොමපද්මකද යන මේ ගස් ද සුවඳ පතුරුවන කල්හි, රාජ්‍යය සිහි නොකරන්නෙහිය
|
1743
‘‘යදා හෙමන්තිකෙ මාසෙ, වනං දක්ඛිසි පුප්ඵිතං;
ඔපුප්ඵානි ච පද්මානි, න රජ්ජස්ස සරිස්සසි’’.
|
1743
“යම් කලෙක්හි හිමවැටෙන මාසයෙහි පිපුනාවූ වනය දක්නෙහිද වැටී තිබෙන නෙළුම් මල් දකිත්ද රාජ්‍යය සිහි නොකරන්නෙහිය.
|
1744
‘‘තෙසං ලාලප්පිතං සුත්වා, පුත්තස්ස සුණිසාය ච;
කලුනං
(කරුණං (සී. පී.), කලූනං (ස්‍යා. ක.)) පරිදෙවෙසි, රාජපුත්තී යසස්සිනී.
|
1744
ඒ පුත්‍රයාගේද ලේලිගේද විලාපය අසා කීර්තිමත් මදුරජහුගේ දූවූ ඵුසති දේවිය කරුණාවෙන් වැළපුණාය.
|
1745
‘‘සෙය්යො
රජ්ජුයා බජ්ඣ මිය්යාහං, කස්මා වෙස්සන්තරං පුත්තං;
පබ්බාජෙන්ති අදූසකං.
|
1745
“මවිසින් විෂ කන ලද්දේ නම් යහපත. මම පර්වතයකින් පනින්නෙම් නම් හොඳය. මම කඹයෙන් එල්ලී මැරෙමි නිවරදවූ වෙස්සන්තර පුත්‍රයා කුමක් හෙයින් රටින් පිට කෙරෙත්ද?
|
1746
‘‘අජ්ඣායකං දානපතිං, යාචයොගං අමච්ඡරිං;
පූජිතං
කස්මා වෙස්සන්තරං පුත්තං, පබ්බාජෙන්ති අදූසකං.
|
1746
“වෙදගුරුවූ දානපතියෙක්වූ, ඉල්වීමට සුදුසු නොමසුරුවූ උප රජුන් විසින් පුදන ලද්දාවූ කීර්ති හා සම්පත් ඇති නිවරදවූ වෙස්සන්තර පුත්‍රයා කුමක් හෙයින් රටින් පිට කෙරෙත්ද?
|
1747
‘‘මාතාපෙත්තිභරං ජන්තුං, කුලෙ ජෙට්ඨාපචායිකං;
කස්මා වෙස්සන්තරං පුත්තං, පබ්බාජෙන්ති අදූසකං.
|
1747
“මවුපියන් පොෂ්යකරණ කුලදෙටුවන් පුදන නිවරදවූ වෙස්සන්තර පුත්‍රයා කුමක් හෙයින් රටින් පිට කෙරෙත්ද?
|
1748
‘‘රඤ්ඤො හිතං දෙවිහිතං, ඤාතීනං සඛිනං හිතං;
හිතං සබ්බස්ස රට්ඨස්ස, කස්මා වෙස්සන්තරං පුත්තං;
පබ්බාජෙන්ති අදූසකං.
|
1748
“රජුට හිතවත්වූ දෙවියන්ට හිතවත්වූ නෑයන්ට යහළුවන්ට හිතවත්වූ සියලු රටට හිතවත්වූ නිවරදවූ වෙස්සන්තර පුත්‍රයා කුමක් හෙයින් රටින් පිට කෙරෙත්ද?
|
1749
‘‘මධූනිව පලාතානි, අම්බාව පතිතා ඡමා;
එවං හෙස්සති තෙ රට්ඨං, පබ්බාජෙන්ති අදූසකං.
|
1749
“නිවරද නැමැත්තා පිටුවහල් කරන්නාවූ ඔබගේ රටවැස්සන් පලාගිය මී වදයක් මෙන්ද බිම වැටුණ අඹ මෙන්ද වේ.
|
1750
‘‘හංසො
අපවිට්ඨො අමච්චෙහි, එකො රාජා විහිය්යසි.
|
1750
“රජතුමනි දියනැති වේලුණ මඩෙහි පියාපත් නැති හංසයෙකු මෙන්ද, අමෘත්යයන් විසින් හැරදමන ලද්දේ තනිවී මැලවෙයි
|
1751
‘‘තං තං බ්රූමි මහාරාජ, අත්ථො තෙ මා උපච්චගා;
මා නං සිවීනං වචනා, පබ්බාජෙසි අදූසකං’’.
|
1751
“මහරජ, ඔබට ඒ කරුණ කියමි. තොපගේ යහපත ඉක්ම නොයේවා. සිවින්ගේ වචනයෙන් නිවැරදි තැනැත්තා පිටුවහල් නොකරව.
|
1752
‘‘ධම්මස්සාපචිතිං කුම්මි, සිවීනං විනයං ධජං;
පබ්බාජෙමි සකං පුත්තං, පාණා පියතරො හි මෙ’’.
|
1752
“සොඳුර මම සිවීන්ට කොඩියක් වැනිවූ ස්වකීය පුත්‍රයා පිටුවහල් කරන්නේ ප්‍රවෙණි ධර්මයට සැලකීම වූ හික්මවීම කරමි. ඔහු මාගේ ප්‍රාණයටත් වඩා අතිශයින් ප්‍රියය.
|
1753
‘‘යස්ස පුබ්බෙ ධජග්ගානි, කණිකාරාව පුප්ඵිතා;
යායන්තමනුයායන්ති, ස්වජ්ජෙකොව ගමිස්සති.
|
1753
“පිපුණ කිණිහිරි මල්ගසක් මෙන් පෙර යමකුගේ කොඩි මුදුන් යන්නහු අනුව යත්ද, හෙතෙම අද තනිව යන්නේය.
|
1754
‘‘යස්ස පුබ්බෙ ධජග්ගානි, කණිකාරවනානිව;
යායන්තමනුයායන්ති
|
1754
“කිණිහිරි මල් ගස් ඇති වනයන් මෙන් පෙර යමෙකුගේ කොඩි මුදුන් යන්නහු අනුව යත්ද, හෙතෙම අද තනිව යන්නේය
|
1755
‘‘යස්ස පුබ්බෙ අනීකානි, කණිකාරාව පුප්ඵිතා;
යායන්තමනුයායන්ති, ස්වජ්ජෙකොව ගමිස්සති.
|
1755
“පිපුණු කිණිහිරිමල් රුක් මෙන් පෙර යමෙකුගේ සේනාවෝ යන්නහු අනුව යෙත්ද, හෙතෙම අද තනිව යන්නේය
|
1756
‘‘යස්ස පුබ්බෙ අනීකානි, කණිකාරවනානිව;
යායන්තමනුයායන්ති, ස්වජ්ජෙකොව ගමිස්සති.
|
1756
“යමෙකුගේ සේනාවෝ පිපුණු කිණිහිරි මල් ගස් වනයක් මෙන් යන්නාහු අනුව යෙත්ද, හෙතෙම අද තනිව යන්නේය
|
1757
‘‘ඉන්දගොපකවණ්ණාභා, ගන්ධාරා පණ්ඩුකම්බලා;
යායන්තමනුයායන්ති, ස්වජ්ජෙකොව ගමිස්සති.
|
1757
“ඉඳිගොව්වන්ගේ පාට ඇති ගන්ධාර රටට අයත් රත් කම්බිලි යන්නහු අනුව යත්ද, හෙතෙම අද තනිව යන්නේය
|
1758
‘‘යො
ස්වජ්ජ වෙස්සන්තරො රාජා, කථං ගච්ඡති පත්තිකො.
|
1758
“යමෙක් පෙර ඇතුපිටින්ද, දෝලා පල්ලැක්කි වලින්ද රථයෙන්ද යයි ද, ඒ වෙස්සන්තර රජතෙම අද කෙසේ පයින් යන්නේද?
|
1759
‘‘කථං චන්දනලිත්තඞ්ගො, නච්චගීතප්පබොධනො;
ඛුරාජිනං ඵරසුඤ්ච, ඛාරිකාජඤ්ච හාහිති
(හාරිති (ස්‍යා. ක.)).
|
1759
“සඳුන් ගානලද අවයව ඇති නැටීම් ගී කීම්වලින් පුබුදුවන රජතෙම රළු අඳුන් දිවිසම් පොරවා පොරොව හා කත්ලීය කරේ තබාගෙන කෙසේ යන්නේද?
|
1760
‘‘කස්මා නාභිහරිස්සන්ති, කාසාව අජිනානි ච;
පවිසන්තං බ්රහාරඤ්ඤං, කස්මා චීරං න බජ්ඣරෙ.
|
1760
“මහ වනයට යන්නහු කසට පෙවූ වස්ත්‍ර හෝ අඳුන් දිවිසම් හෝ කෙසේ ගෙන නොයත්ද, කුමක් හෙයින් වැහැරී නොබඳිත්ද?
|
1761
‘‘කථං නු චීරං ධාරෙන්ති, රාජපබ්බාජිතා ජනා;
කථං කුසමයං චීරං, මද්දී පරිදහිස්සති.
|
1761
“කෙසේද, රජකුලයෙන් පැවිදිවූ ජනයෝ වැහැරී සිවුරු කෙසේ දරත්ද, කුසතණවලින් කළ වැහැරි සිවුරු කෙසේ මද්‍රිදේවිය පොරවත්ද?
|
1762
‘‘කාසියානි ච ධාරෙත්වා, ඛොමකොටුම්බරානි ච;
කුසචීරානි ධාරෙන්තී, කථං මද්දී කරිස්සති.
|
1762
“කසීසළුද, ඛොචරටේ හා කොදුම්බර රටේ උපන් වස්ත්‍රද, දරා සිටි මද්‍රිදේවිය කෙසේ වැහැරි සිවුරු දරත්ද?
|
1763
‘‘වය්හාහි
සා කථජ්ජ අනුජ්ඣඞ්ගී, පථං ගච්ඡති පත්තිකා.
|
1763
“සිවිගෙයින්ද, රියෙන්ද, උසුලා හාත්පස ඇවිදි නොකැලැල් ඇඟ ඇති ඕ අද කෙසේ පයින් මාර්ගයට යන්නේද?
|
1764
‘‘යස්සා මුදුතලා හත්ථා, චරණා ච සුඛෙධිතා;
සා කථජ්ජ අනුජ්ඣඞ්ගී, පථං ගච්ඡති පත්තිකා.
|
1764
“මෘදුවූ අත්ලද, සුවසේ වැඩුණු දෙපාද යමක්හුගේ නොකැලැල් අවයව ඇති බිය සහිතවූ ඕ කෙසේ අද වනයට යත්ද?
|
1765
‘‘යස්සා
පාදුකාහි සුවණ්ණාහි, පීළමානාව ගච්ඡති;
සා කථජ්ජ අනුජ්ඣඞ්ගී, පථං ගච්ඡති පත්තිකා.
|
1765
“යමක්හුගේ මෘදු පතුල්ද කකුල්ද සුවසේ වැඩුණේද රන්මිරිමැඩි වලින් දුනු පෙලෙන්නාසේ යයිද උතුම් අවයව ඇති තොමෝ අද කෙසේ පයින් මගට බසීද?
|
1766
‘‘යාස්සු ඉත්ථිසහස්සානං, පුරතො ගච්ඡති මාලිනී;
සා කථජ්ජ අනුජ්ඣඞ්ගී, වනං ගච්ඡති එකිකා.
|
1766
“යම් ස්ත්‍රියක් මල් මාලා පැළඳ ස්ත්‍රීන් දහසකට පෙරටුව යයිද, නොකැලැල් අවයව ඇති ඕතොමෝ තනිව අද කෙසේ වනයට යේද?
|
1767
‘‘යාස්සු සිවාය සුත්වාන, මුහුං උත්තසතෙ පුරෙ;
සා කථජ්ජ අනුජ්ඣඞ්ගී, වනං ගච්ඡති භීරුකා.
|
1767
“යම් ස්ත්‍රියක් තොමෝ පෙර සිවල්දෙනකගේ ශබ්දයක් අසා නිතර ත්රස්තවේද, නොකැලැල් අවයව ඇති භයවනසුළු ඕතොමෝ කෙසේ අද වනයට යේද?
|
1768
‘‘යාස්සු ඉන්දසගොත්තස්ස, උලූකස්ස පවස්සතො;
සුත්වාන නදතො භීතා, වාරුණීව පවෙධති;
සා කථජ්ජ අනුජ්ඣඞ්ගී, වනං ගච්ඡති භීරුකා.
|
1768
“නාදකරන්නාවූ බසු වර්ගයාගේද, බකමුහුණාගේද අඬ අසා බියවූ ආවේශවූවෙකු මෙන් වෙවුලයිද, අද නොකැලැල් අවයව ඇති බියවන ස්වභාව ඇති ඕතොමෝ කෙසේ වනයට යාද?
|
1769
‘‘සකුණී හතපුත්තාව, සුඤ්ඤං දිස්වා කුලාවකං;
චිරං දුක්ඛෙන ඣායිස්සං, සුඤ්ඤං ආගම්මිමං පුරං.
|
1769
“හිස් කූඩුව දැක නැතිවූ දරුවන් ඇති පක්ෂි ධෙනුවක් මෙන් ශූන්‍යවූ මේ නුවරට පැමිණ බොහෝ කලක් දුකින් කල්පනා කරන්නෙමි.
|
1770
‘‘සකුණී හතපුත්තාව, සුඤ්ඤං දිස්වා කුලාවකං;
කිසා පණ්ඩු භවිස්සාමි, පියෙ පුත්තෙ අපස්සතී.
|
1770
“හිස් කූඩුව දැක නැතිවූ දරුවන් ඇති පක්ෂි ධෙනුවක් මෙන් ප්‍රිය දරුවන් නොදක්නී කෘශද පඬුවන්ද වන්නෙමි.
|
1771
‘‘සකුණී හතපුත්තාව, සුඤ්ඤං දිස්වා කුලාවකං;
තෙන තෙන පධාවිස්සං, පියෙ පුත්තෙ අපස්සතී.
|
1771
හිස් කූඩුව දැක නැතිවූ දරුවන් ඇති පක්ෂි ධෙනුවක් මෙන් ප්‍රිය පුත්‍රයන්ද නොදක්නී ඒ ඒ තැන දුවන්නීය.
|
1772
‘‘කුරරී
චිරං දුක්ඛෙන ඣායිස්සං, සුඤ්ඤං ආගම්මිමං පුරං.
|
1772
“නැසෙනලද දරුවන් ඇති කුරිර පක්ෂියෙකුමෙන් හිස් කූඩුව දැක ශූන්‍යවූ මේ නුවරට පැමිණ ප්‍රිය පුත්‍රයන්ද නොදක්නී ඒ ඒ තැන දුවන්නීය.
|
1773
‘‘කුරරී හතඡාපාව, සුඤ්ඤං දිස්වා කුලාවකං;
කිසා පණ්ඩු භවිස්සාමි, පියෙ පුත්තෙ අපස්සතී.
|
1773
“හිස් කූඩුව දැක නසන ලද දරුවන් ඇති කුරිර පක්ෂියෙකු මෙන් ප්‍රිය පුත්‍රයන්ද නොදක්නී ඒ ඒ තැන දුවන්නීය.
|
1774
‘‘කුරරී
තෙන තෙන පධාවිස්සං, පියෙ පුත්තෙ අපස්සතී.
|
1774 |
1775
‘‘සා
චිරං දුක්ඛෙන ඣායිස්සං, සුඤ්ඤං ආගම්මිමං පුරං.
|
1775
“දිය නැති පැළුණු මඩෙහි සක්වා ලිහිණියක මෙන් ඒ ඔබ හිස්වූ මේ නුවරට පැමිණ ප්‍රිය දරුවන් නොදක්නී කෘශද පඬුවන්ද වන්නෙමි.
|
1776
‘‘සා නූන චක්කවාකීව, පල්ලලස්මිං අනූදකෙ;
කිසා පණ්ඩු භවිස්සාමි, පියෙ පුත්තෙ අපස්සතී.
|
1776
“දිය නැති පැළුණු මඩෙහි සක්වාලිහිණියක මෙන් ප්‍රිය පුත්‍රයන්ද නොදක්නී ඒ ඒ තැන දුවන්නීය.
|
1777
‘‘සා නූන චක්කවාකීව, පල්ලලස්මිං අනූදකෙ;
තෙන තෙන පධාවිස්සං, පියෙ පුත්තෙ අපස්සතී.
|
1777
“දිය නැති පැළුණු මඩෙහි සක්වාලිහිණියක මෙන් ඒ මම හිස්වූ මේ නුවරට පැමිණ බොහෝ කලක් දුකින් කල්පනා කරන්නෙමි.
|
1778
‘‘එවං මෙ විලපන්තියා, රාජා පුත්තං අදූසකං;
පබ්බාජෙසි වනං රට්ඨා, මඤ්ඤෙ හිස්සාමි ජීවිතං’’.
|
1778
“මා විසින් මෙසේ විලාප කියද්දී නිවැරදි රාජ පුත්‍රයා රටින් වනයට පිටුවහල් කෙළේය. මගේ ජීවිතය විනාශවේයයි සිතමි”
|
1779
‘‘තස්සා ලාලප්පිතං සුත්වා, සබ්බා අන්තෙපුරෙ බහූ
(අහු (ස්‍යා. ක.));
බාහා පග්ගය්හ පක්කන්දුං, සිවිකඤ්ඤා සමාගතා.
|
1779
ඇගේ විලාප කීම අසා රැස්වූ ඇතුළුනුවර සියලු සිවි කන්‍යාවෝ දෙඅත් හිස බැඳ ඇඬුවාහුය.
|
1780
‘‘සාලාව සම්පමථිතා, මාලුතෙන පමද්දිතා;
සෙන්ති පුත්තා ච දාරා ච, වෙස්සන්තරනිවෙසනෙ.
|
1780
වෙස්සන්තර රජුගේ භවනයෙහි අඹුදරුවෝද සුලඟින් විශේෂයෙන් කම්පාවූ සල් රුක් මෙන් මැඩුණාහු වැටී හඬත්.
|
1781
‘‘ඔරොධා ච කුමාරා ච, වෙසියානා ච බ්රාහ්මණා;
බාහා පග්ගය්හ පක්කන්දුං, වෙස්සන්තරනිවෙසනෙ.
|
1781
අන්තඃපුර ස්ත්‍රීහුද, කුමාරයෝද, වෛශ්‍යයෝද, බ්‍රාහ්මණයෝද යන වෙස්සන්තර රජුගේ භවනයෙහි හැම දෙනම දෙඅත් හිස බැඳ ඇඬුවාහුය.
|
1782
‘‘හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා;
බාහා පග්ගය්හ පක්කන්දුං, වෙස්සන්තරනිවෙසනෙ.
|
1782
ඇත්ගොව්වෝද, ආරක්ෂකයෝද, රියැදුරෝද, පාබල සෙනඟද වෙස්සන්තර රජුගේ ගෘහයෙහිදී දෙඅත් හිස බැඳ ඇඬූහ.
|
1783
‘‘තතො රත්යා විවසානෙ, සූරියස්සුග්ගමනං පති;
අථ වෙස්සන්තරො රාජා, දානං දාතුං උපාගමි.
|
1783
ඉක්බිති රාත්‍රිය අවසානයෙහි හිර පායන වේලාවෙහි වෙස්සන්තර රජතෙම දන් දෙන්නට පැමිණියේය.
|
1784
‘‘වත්ථානි
භොජනං භොජනත්ථීනං, සම්මදෙව පවෙච්ඡථ.
|
1784
වස්ත්‍ර කැමැත්තන්ට වස්ත්‍රද, රසබීම බොන්නන්ට එය ද, රෑ කෑම ඕනෑ අයට කෑමද යහපත්කොට දෙව ප්රදානය කරව.
|
1785
‘‘මා ච කිඤ්චි වනිබ්බකෙ, හෙට්ඨයිත්ථ ඉධාගතෙ;
තප්පෙථ අන්නපානෙන, ගච්ඡන්තු පටිපූජිතා.
|
1785
මෙහි පැමිණි කිසි ඉල්වන්නෙක් නොපෙළවා. ආහාර පානයෙන් සතුටු කරවව. ඔව්හු මට ස්තුති කරමින් යෙත්වා.
|
1786
‘‘අථෙත්ථ වත්තතී සද්දො, තුමුලො භෙරවො මහා;
දානෙන තං නීහරන්ති, පුන දානං අදා තුවං
(අයං ගාථා සී. ස්‍යා. පී. පොත්ථකෙසු න දිස්සති).
|
1786 |
1787
‘‘තෙසු
නික්ඛමන්තෙ මහාරාජෙ, සිවීනං රට්ඨවඩ්ඪනෙ.
|
1787
සිවීන්ගේ රට වඩන මහරජ නික්මෙන කල්හි ඔවුන් අතරෙහි ඉල්වන්නෝ මත්වූවාහු ක්ලාන්තවූවාහුම වෙත්.
|
1788
‘‘අච්ඡෙච්ඡුං
යථා වෙස්සන්තරං රට්ඨා, පබ්බාජෙන්ති අදූසකං.
|
1788
“පින්වත්නි, නිවැරැදි වෙස්සන්තර රජ රටින් පිටුවහල් කරත්ද, ඒකාන්තයෙන් නොයෙක් ඵලදරණ ගසක් සින්දාක් මෙනි.
|
1789
‘‘අච්ඡෙච්ඡුං වත භො රුක්ඛං, සබ්බකාමදදං දුමං;
යථා වෙස්සන්තරං රට්ඨා, පබ්බාජෙන්ති අදූසකං.
|
1789
“පින්වත්නි, නිවැරැදි වෙස්සන්තර රජ රටින් පිටුවහල් කරත්ද, නොයෙක් කැමති දේ දෙන වෘක්ෂයක් සින්දාක් මෙනි.
|
1790
‘‘අච්ඡෙච්ඡුං වත භො රුක්ඛං, සබ්බකාමරසාහරං;
යථා වෙස්සන්තරං රට්ඨා, පබ්බාජෙන්ති අදූසකං.
|
1790
“පින්වත්නි, නිවැරැදි වෙස්සන්තර රජ රටින් පිටුවහල් කරත්ද, එය සියළු කැමති රස ගෙන දෙන ගසක් සිඳින්නාක් මෙනි.”
|
1791
‘‘යෙ වුඩ්ඪා යෙ ච දහරා, යෙ ච මජ්ඣිමපොරිසා;
බාහා පග්ගය්හ පක්කන්දුං, නික්ඛමන්තෙ මහාරාජෙ;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
|
1791
සිවින්ගේ රට වඩන මහරජ නික්මෙන කල්හි යම් වෘද්ධයෙක් අද්ද යම් බාලයෝ වෙත්ද, යම් මධ්‍යම පුරුෂයෝ වෙත්ද, දෙ අත් හිස බැඳ ඇඬුවාහුය
|
1792
‘‘අතියක්ඛා
බාහා පග්ගය්හ පක්කන්දුං, නික්ඛමන්තෙ මහාරාජෙ;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
|
1792
සිවිරට වඩන මහරජ, නික්මෙන කල්හි නිමිති කියන්නෝද ඇතුළුනුවර පාලකයෝද, ඇතුළුනුවර වාසීහුද රජවරුද, දෙඅත් හිසබැඳ ඇඬුහ.
|
1793
‘‘ථියොපි තත්ථ පක්කන්දුං, යා තම්හි නගරෙ අහු;
නික්ඛමන්තෙ මහාරාජෙ, සිවීනං රට්ඨවඩ්ඪනෙ.
|
1793
සිවීන්ගේ රට වඩන මහරජ නික්මෙන කල්හි ඒ නුවර යම් ස්ත්‍රීහු වෙත්ද, ඒ ස්ත්‍රීහුද ඒ කරුණෙහිදී හැඬූහ.
|
1794
‘‘යෙ බ්රාහ්මණා යෙ ච සමණා, අඤ්ඤෙ වාපි වනිබ්බකා;
බාහා පග්ගය්හ පක්කන්දුං, අධම්මො කිර භො ඉති.
|
1794
යම් බමුණෝද යම් ශ්‍රමණයෝද, සෙසු ගුණ කියා ඉල්වන්නේද, එම්බා අධර්මයකැයි දෙඅත් ඉස බැඳ ඇඬූහ.
|
1795
‘‘යථා වෙස්සන්තරො රාජා, යජමානො සකෙ පුරෙ;
සිවීනං වචනත්ථෙන, සම්හා රට්ඨා නිරජ්ජති.
|
1795
වෙස්සන්තර රජතෙම තම නුවර යම්සේ පුදන්නේම සිවීන්ගේ වචන හේතුකොට ගෙන තමන්ගේ රටින් නික්මෙයි.
|
1796
‘‘සත්ත හත්ථිසතෙ දත්වා, සබ්බාලඞ්කාරභූසිතෙ;
සුවණ්ණකච්ඡෙ මාතඞ්ගෙ, හෙමකප්පනවාසසෙ.
|
1796
සියලු ආභරණයෙන් අලංකාරවූද රන්බඳපටි ඇති සුවඳ කවනලද රන් සැරසිල්ලෙන් යුත් ඇතුන් සත් සියයක් දී
|
1797
‘‘ආරූළ්හෙ ගාමණීයෙහි, තොමරඞ්කුසපාණිභි;
එස වෙස්සන්තරො රාජා, සම්හා රට්ඨා නිරජ්ජති.
|
1797
හෙල්ල හා හෙණ්ඩුව ඔසවාගත් අත් ඇති ගම්මුළාදැනින් පිරිවරා සිටිකල්හි මේ වෙස්සන්තර රජතෙමේ තමන්ගේ රටින් නික්මෙයි.
|
1798
‘‘සත්ත අස්සසතෙ දත්වා, සබ්බාලඞ්කාරභූසිතෙ;
ආජානීයෙව ජාතියා, සින්ධවෙ සීඝවාහනෙ.
|
1798
සියලු ආභරණයෙන් අලංකාරවූ ඉක්මන් ගමන් ඇති උත්පත්තියෙන් ආජානෙයවූ අශ්වයන් සත්සීයක් දි
|
1799
‘‘ආරූළ්හෙ ගාමණීයෙහි, ඉල්ලියාචාපධාරිභි;
එස වෙස්සන්තරො රාජා, සම්හා රට්ඨා නිරජ්ජති.
|
1799
මෙසේ වෙස්සන්තර රජතෙම දුනු හී දරණ ගම්මුළාදැනීන් පිරිවරා සිටිකල්හි ඒ නුවරින් නික්මෙයි.
|
1800
‘‘සත්ත රථසතෙ දත්වා, සන්නද්ධෙ උස්සිතද්ධජෙ;
දීපෙ අථොපි වෙයග්ඝෙ, සබ්බාලඞ්කාරභූසිතෙ.
|
1800
සියලු අලංකාරයෙන් බබළන සැරසූ දිවි සමින් හා ව්යාඝ්ර සමින් යුත්, නංවන ලද කොඩි ඇති, රථ සත්සීයක් දන් දී,
|
1801
‘‘ආරූළ්හෙ
එස
|
1801
දුනු ගත් අත් ඇති යුද්ධ ඇඳුමින් සැරසුන ගම්මුළාදෑනීන් විසින් පිරිවරා සිටි කල්හි වෙස්සන්තර රජතෙමේ තම රටින් නික්මෙයි.
|
1802
‘‘සත්ත ඉත්ථිසතෙ දත්වා, එකමෙකා රථෙ ඨිතා;
සන්නද්ධා නික්ඛරජ්ජූහි, සුවණ්ණෙහි අලඞ්කතා.
|
1802
රන් කෙන්දෙන් සැරසී රනින් අලංකාරවූ එක් රථයක එක්කෙනෙකු බැගින් සිටි ස්ත්‍රීන් සත්සියයක් දන් දී,
|
1803
‘‘පීතාලඞ්කාරා පීතවසනා, පීතාභරණවිභූසිතා;
අළාරපම්හා හසුලා, සුසඤ්ඤා තනුමජ්ඣිමා;
එස වෙස්සන්තරො රාජා, සම්හා රට්ඨා නිරජ්ජති.
|
1803
කෙසේවූ ස්ත්‍රීන්ද, රනින් අලංකාරවූ රන් වස්ත්‍ර අඳින, රන් අබරණින් සැරසි මහත් ඇස් ගුලි ඇති මඳ සිනා පෙරටුකොට ඇති කථා කරණ යහපත් උකුළු ඇති හීන් ඉඟ ඇති ස්ත්‍රීහුය. මෙසේ දී වෙස්සන්තර රජතෙම තම රටින් නික්මෙයි.
|
1804
‘‘සත්ත ධෙනුසතෙ දත්වා, සබ්බා කංසුපධාරණා
(කුසුමධාරිනෙ (ක.));
එස වෙස්සන්තරො රාජා, සම්හා රට්ඨා නිරජ්ජති.
|
1804
සියල්ල රනින් යුත් දෙනුන් සත් සීයක් දී මේ වෙස්සන්තර රජතෙම තම රටින් නික්මෙයි.
|
1805
‘‘සත්ත දාසිසතෙ දත්වා, සත්ත දාසසතානි ච;
එස වෙස්සන්තරො රාජා, සම්හා රට්ඨා නිරජ්ජති.
|
1805
දාසියන් සත් සියයක්ද දාසයන් සත්සියයක්ද දී මේ වෙස්සන්තර රජතෙම තම රටින් නික්මෙයි.
|
1806
‘‘හත්ථී අස්සරථෙ
(අස්සෙ රථෙ (ස්‍යා.)) දත්වා, නාරියො ච අලඞ්කතා;
එස වෙස්සන්තරො රාජා, සම්හා රට්ඨා නිරජ්ජති.
|
1806
ඇතුන්ද, අශ්වයන්ද, රථද දී සැරසූ ස්ත්‍රීන් ද දී මේ වෙස්සන්තර රජතෙම තම රටින් නික්මෙයි.
|
1807
‘‘තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං;
මහාදානෙ පදින්නම්හි, මෙදනී සම්පකම්පථ.
|
1807
මහා දානය දුන් කල්හි පොළොව කම්පාවිය. එවිට බිය ඉපදීමක් විය. එවිට ලොමුදැහැගැන්මක් විය.
|
1808
‘‘තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං;
යං පඤ්ජලිකතො රාජා, සම්හා රට්ඨා නිරජ්ජති.
|
1808
“භයජනකවූ මෙය ඒ වේලාවේ වූයේය. භයජනක වූ ලොම් කෙලින් සිටීමක් ඒ වේලාවේ වූයේය. දන් දී දොහොත් මුදුන් දී බුදුබව ප්‍රාර්ථනා කළ රජතෙම ඒ නුවරින් නික්මෙයි.
|
1809
‘‘අථෙත්ථ වත්තතී සද්දො, තුමුලො භෙරවො මහා;
දානෙන තං නීහරන්ති, පුන දානං අදා තුවං.
|
1809
නැවත මෙහි දීම නිසා ඔබ රටින් පිටුවහල් කරති. නැවතත් ඔබ දන්දුන්නේ යයි මහත් භයානක ඝොෂාවක් පවතී
|
1810
‘‘තෙසු
නික්ඛමන්තෙ මහාරාජෙ, සිවීනං රට්ඨවඩ්ඪනෙ’’.
|
1810 |
1811
‘‘ආමන්තයිත්ථ රාජානං, සඤ්ජයං ධම්මිනං වරං
(ධම්මිකංවරං (ස්‍යා. ක.));
අවරුද්ධසි මං දෙව, වඞ්කං ගච්ඡාමි පබ්බතං.
|
1811
ධාර්මික රජුන් අතරෙහි ශ්‍රේෂ්ඨවූ සඤ්ජය රජුට ආමන්ත්‍රණය කෙළේය. “දේවයන් වහන්ස, මා රටින් පිට කරන්නෙහිද එසේ නම් වංක පර්වතයට යන්නෙමි.”
|
1812
‘‘යෙ හි කෙචි මහාරාජ, භූතා යෙ ච භවිස්සරෙ;
අතිත්තායෙව කාමෙහි, ගච්ඡන්ති යමසාධනං.
|
1812
මහරජවූවෝද, වන්නෝද යන යම් කෙනෙක් වෙත්ද, ඔව්හු කාමයන්ගෙන් සතුටට පත්නොවී මරුමුවටයත්.
|
1813
‘‘ස්වාහං
සිවීනං වචනත්ථෙන, සම්හා රට්ඨා නිරජ්ජති.
|
1813
“ඒ මම මගේ නුවරම දන්දෙන්නේ නගරවාසීන් විසින් පෙළනුලැබීමි. සිවිරට වාසීන්ගේ වචනයෙන් තම රටින් මම නික්මෙන්නෙමි.
|
1814
‘‘අඝං තං පටිසෙවිස්සං, වනෙ වාළමිගාකිණ්ණෙ;
ඛග්ගදීපිනිසෙවිතෙ, අහං පුඤ්ඤානි කරොමි;
තුම්හෙ පඞ්කම්හි සීදථ’’.
|
1814
“වල් මෘගයන් ගැවසීගත් කඟවේනුන් හා දිවියන් ගැවසුනු වනයෙහි යම් දුකක්වේද, එය විඳින්නෙමි. මම පින් කරන්නෙමි. තෙපි කාම මඩෙහි එරෙන්න.
|
1815
‘‘අනුජානාහි
ස්වාහං සකෙ අභිස්සසිං, යජමානො සකෙ පුරෙ;
සිවීනං වචනත්ථෙන, සම්හා රට්ඨා නිරජ්ජති.
|
1815
“මෑණියෙනි, මට අවසර දෙන්න, මට මහණකම ප්‍රියය, ඒ මම දන් දෙන්නේ මගේ නුවර ජනයන් විසින් පෙළනු ලැබිමි.
|
1816
‘‘අඝං තං පටිසෙවිස්සං, වනෙ වාළමිගාකිණ්ණෙ;
ඛග්ගදීපිනිසෙවිතෙ, අහං පුඤ්ඤානි කරොමි;
තුම්හෙ පඞ්කම්හි සීදථ
(වඞ්කං ගච්ඡාමි පබ්බතං (ක.)).
|
1816
“සිවීන්ගේ වචනයෙන් මගේ රටින් පිටඋණෙමි කඟමුවන් හා කොටින් හා දරුණු මෘගයන් හැසිරෙන වනයෙහි යම් දුකක්වේද, එය විඳිමි. පින්කරමි. ඔබ මඩෙහි එරෙන්නෙහිය.”
|
1817
‘‘අනුජානාමි තං පුත්ත, පබ්බජ්ජා තෙ සමිජ්ඣතු;
අයඤ්ච මද්දී කල්‍යාණී, සුසඤ්ඤා තනුමජ්ඣිමා;
අච්ඡතං සහ පුත්තෙහි, කිං අරඤ්ඤෙ කරිස්සති’’.
|
1817
“පුත්‍රය, ඊට අවසර දෙමි. තොපගේ මහණකම ඉෂ්ටවේවා. යහපත් උකුලක් ඇති හීන් මධ්‍ය ප්‍රදෙශය ඇති යහපත්වූ මේ මන්ද්රිදේවිය පුත්‍රයන් සමග මෙහි සිටීවා. වනයෙහි කුමක් කරන්නේද?
|
1818
‘‘නාහං
සචෙ ඉච්ඡති අන්වෙතු, සචෙ නිච්ඡති අච්ඡතු’’.
|
1818
“මම නොකැමැති පරිද්දෙන් දාසියකුදු කැලේට ගෙනයන්ට නොවෙහෙසෙමි. ඉදින් කැමැත්තේ නම් එවා, නොකැමැත්තේ නම් නොකැමැති වේවා.
|
1819
‘‘තතො සුණ්හං මහාරාජා, යාචිතුං පටිපජ්ජථ;
මා චන්දනසමාචාරෙ, රජොජල්ලං අධාරයි.
|
1819
මහරජතෙමේ ඉක්බිති ලේලිගෙන් අසන්නට ගියේය. “සඳුන් තවරණ ලද ශරීරයෙන් රජස් නොදරව.
|
1820
‘‘මා කාසියානි ධාරෙත්වා
(කාසියානි ච ධාරෙත්වා (ක.)), කුසචීරං අධාරයි;
දුක්ඛො වාසො අරඤ්ඤස්මිං, මා හි ත්වං ලක්ඛණෙ ගමි.
|
1820
“කසීසළු දරා වැහැරි සිවුරු නොදරව. වනයෙහි වාසය දුක්ය. යහපත් ලක්ෂණයෙන් යුක්තවූ ඔබ අරණ්‍ය නොයව.”
|
1821
‘‘තමබ්‍රවි රාජපුත්තී, මද්දී සබ්බඞ්ගසොභනා;
නාහං තං සුඛමිච්ඡෙය්යං, යං මෙ වෙස්සන්තරං විනා’’.
|
1821
සියලු අවයවයෙන් ශෝභනවූ මද්‍රි දේවිය මාමාට මෙසේ කීවාය. “වෙස්සන්තර රජු හැර මට යම් සැපක් ලැබේද, මම ඒ සැපය බලාපොරොත්තු නොවන්නෙමි.”
|
1822
‘‘තමබ්‍රවි මහාරාජා, සිවීනං රට්ඨවඩ්ඪනො;
ඉඞ්ඝ මද්දී නිසාමෙති, වනෙ යෙ හොන්ති දුස්සහා.
|
1822
සිවින්ගේ රට වඩන මහරජතෙම “මද්‍රිය, එසේ නම් වනයෙහි යම් ඉවසිය නොහැකි දුක් ඇත්තාහුද, එය අසව.
|
1823
‘‘බහූ කීටා පටඞ්ගා ච, මකසා මධුමක්ඛිකා;
තෙපි තං තත්ථ හිංසෙය්යුං, තං තෙ දුක්ඛතරං සියා.
|
1823
“බොහෝ කුඩා සත්තුද පලඟැටියෝද මදුරුවෝද මීමැස්සෝද ඇත්තාහ. ඔව්හු ඔබට හිංසා කරත්. එය ඔබට ඉතා දුකක් වන්නේය.
|
1824
‘‘අපරෙ
සප්පා අජගරා නාම, අවිසා තෙ මහබ්බලා.
|
1824
“අනික් සිත් තැවීම බලව. ගංගා අද්දර සිටින්නාවූ මහත් ශක්ති ඇති විෂ ඇති පිඹුරන් නම් සර්පයෝ ඇත්තාහ.
|
1825
‘‘තෙ මනුස්සං මිගං වාපි, අපි මාසන්නමාගතං;
පරික්ඛිපිත්වා භොගෙහි, වසමානෙන්ති අත්තනො.
|
1825
“ඔව්හු සමීපයට පැමිණි මිනිසකු හෝ මුවෙකු හෝ දරණවැලින් වටකොට තමාගේ වසඟයට ගනිත්.
|
1826
‘‘අඤ්ඤෙපි කණ්හජටිනො
(කණ්හජටිලා (ක.)), අච්ඡා නාම අඝම්මිගා;
න තෙහි පුරිසො දිට්ඨො, රුක්ඛමාරුය්හ මුච්චති.
|
1826
“අන්‍යවූ ද කළු රෝම ඇති වලස්සු නම් දුක් දෙන මෘග කොටසක් ඇත්තේය. ඔවුන් විසින් දක්නාලද පුරුෂයා ගසකට නැංගත් නොබේරෙන්නේය.
|
1827
‘‘සඞ්ඝට්ටයන්තා සිඞ්ගානි, තික්ඛග්ගාතිප්පහාරිනො
(තික්ඛග්ගානි පහාරිනො (සී. ස්‍යා.));
මහිංසා විචරන්තෙත්ථ, නදිං සොතුම්බරං පති.
|
1827
“උල් තුඩ සහිත අං එකට හපමින් හැසිරෙන්නාවූ මීහරක් සොතුම්බරා නම් නදිය අයිනේ එහි හැසිරෙත්.
|
1828
‘‘දිස්වා
ධෙනුව වච්ඡගිද්ධාව, කථං මද්දි කරිස්සසි.
|
1828
“වනයෙහි හැසිරෙන ගව රංචු හා මුව රංචු දැක වසු පැටවෙකු කෙරෙහි ගිජුවූ දෙනක් වැනිවූ මද්‍රී දේවිය කුමක් කරන්නෙහිද,
|
1829
‘‘දිස්වා සම්පතිතෙ ඝොරෙ, දුමග්ගෙසු ප්ලවඞ්ගමෙ;
අඛෙත්තඤ්ඤාය තෙ මද්දි, භවිස්සතෙ මහබ්භයං.
|
1829
“ගස් මුදුන්හි පනින්නාවූ දරුණුවූ වඳුරන් දැක කැලය පුරුදු නැති බැවින් මද්‍රිය, ඔබට මහත් භය හටගනී.
|
1830
‘‘යා ත්වං සිවාය සුත්වාන, මුහුං උත්තසයී
(උත්තසසෙ (සී. ස්‍යා. ක.)) පුරෙ;
සා ත්වං වඞ්කමනුප්පත්තා, කථං මද්දි කරිස්සසි.
|
1830
“යම්බඳුවූ ඔබ සිවල් දෙනකගේ ශබ්දයක් අසා පෙර නැවත නැවත තැතිගත්තීය. වංකගිරියට ගිය ඔබ කුමක් කරන්නීද,
|
1831
‘‘ඨිතෙ මජ්ඣන්හිකෙ
(මජ්ඣන්තිකෙ (සී. ස්‍යා. පී.)) කාලෙ, සන්නිසින්නෙසු පක්ඛිසු;
සණතෙව බ්රහාරඤ්ඤං, තත්ථ කිං ගන්තුමිච්ඡසි’’.
|
1831
“මධ්‍යාහ්න කාලය නැවතුණ කල්හි පක්ෂීහු කූඩුවල සිටි කල්හි මහ කැලේ නාද කෙරේමය. කිමෙක්ද එහි යන්නට කැමැත්තෙහිද?”
|
1832
‘‘තමබ්‍රවි රාජපුත්තී, මද්දී සබ්බඞ්ගසොභනා;
යානි එතානි අක්ඛාසි, වනෙ පටිභයානි මෙ;
සබ්බානි අභිසම්භොස්සං, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
|
1832
සියලු අවයවයන් යහපත්වූ මද්‍රි රජකුමරිය ඔහුට මෙසේ කීවාය. ‘මහරජාණෙනි, මට වනයෙහිවූ යම් මේ බියක් කියන ලද්දේද, සියල්ල ඉවසන්නෙමි. යන්නේමය.
|
1833
‘‘කාසං කුසං පොටකිලං, උසිරං මුඤ්ජපබ්බජං
(මුඤ්ජබබ්බජං (සී.));
උරසා පනුදහිස්සාමි, නස්ස හෙස්සාමි දුන්නයා.
|
1833
“බට ගස්ද, කුසතණද, පොටකිල නම් තණද, සැවැන්නද මුදුතණ හා බබුස් තණද පපුවෙන් දෙපැත්තට දමා ඉදිරියට යන්නෙමි. නපුරකට නොපැමිණෙන්නෙමි.
|
1834
‘‘බහූහි වත චරියාහි, කුමාරී වින්දතෙ පතිං;
උදරස්සුපරොධෙන, ගොහනුවෙඨනෙන ච.
|
1834
“තරුණියක් තොමෝ බොහෝ හැසිරීම් වලින් ස්වාමියකු ලබයි. එනම්, නොකා සිටීමෙන්ද ගවහක්කෙන් මධ්‍ය ප්‍රදේශය ඉලීමෙන්ද,
|
1835
‘‘අග්ගිස්ස පාරිචරියාය, උදකුම්මුජ්ජනෙන ච;
වෙධබ්‍යං
(වෙධබ්බං (සී. පී.)) කටුකං ලොකෙ, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
|
1835
“ගිනි දෙවියා පිදීමෙන්ද දියෙහි කිමිදීමෙන්ද යන මෙයිනි. වැන්දඹු බව ලෝකයෙහි අයහපත්ය. උතුමාණනි, යන්නෙම්මය. උතුමාණනි, යන්නෙම්මය.
|
1836
‘‘අපිස්සා
යො නං හත්ථෙ ගහෙත්වාන, අකාමං පරිකඩ්ඪති;
වෙධබ්‍යං කටුකං ලොකෙ, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
|
1836
“වැන්දඹුවගේ ඉඳුල් කෑමට අප්‍රියය. යමෙක් ඈ අතින් නොකැමැත්තෙන් අදියි. වැන්දඹුව ලෝකයෙහි කටුකය. උතුමාණනි, යන්නෙම්මය.
|
1837
‘‘කෙසග්ගහණමුක්ඛෙපා
දත්වා ච නොපක්කමති, බහුදුක්ඛං අනප්පකං;
වෙධබ්‍යං කටුකං ලොකෙ, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
|
1837
“කොන්ඩෙන් එසවීමෙන්ද, බිම පෙරලීමෙන්ද, අප්‍රමාණ නොයෙක් දුක් දීද බැහැර නොයයි. මහරජාණෙනි, වැන්දඹුකම මහත් දුකෙකි. යන්නේමය.”
|
1838
‘‘සුකච්ඡවී වෙධවෙරා, දත්වා සුභගමානිනො;
අකාමං පරිකඩ්ඪන්ති, උලූකඤ්ඤෙව වායසා;
වෙධබ්‍යං කටුකං ලොකෙ, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
|
1838
“වාසනාවන් යයි සිතන්නෝ ස්වල්පයක් දී ඇඟ තවරණ සුණුවලින් තවරණ ලද සම් ඇති, වැන්දඹු ස්ත්‍රීන් කපුටන් බකමුහුණන් මෙන් නොකැමැති පරිද්දෙන් අදිත්. මහරජාණෙනි, ලෝකයෙහි වැන්දඹුකම කටුකය. යන්නෙම්මය.
|
1839
‘‘අපි ඤාතිකුලෙ ඵීතෙ, කංසපජ්ජොතනෙ වසං;
නෙවාභිවාක්යං න ලභෙ, භාතූහි සඛිනීහිපි
(සඛිකාහි ච (සී. පී.));
වෙධබ්‍යං කටුකං ලොකෙ, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
|
1839
“රන් අලංකාරයෙන් බබළන පොහොසත් නෑ කුලයක වසන්නේ නමුදු සහෝදරයන් විසින්ද යහළු ස්ත්‍රීන් විසින්ද කියන ගර්හා වචන ලබන්නේමය. මහරජාණෙනි, ලෝකයෙහි වැන්දඹුකම කටුකය. යන්නෙම්මය.”
|
1840
‘‘නග්ගා
ඉත්ථීපි විධවා නග්ගා, යස්සාපි දස භාතරො;
වෙධබ්‍යං කටුකං ලොකෙ, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
|
1840
“දිය නැති ගඟ නිර්වස්ත්‍රය, රජු නැති රට නිර්වස්ත්‍රය, වැන්දඹු ස්ත්‍රියද සහෝදරයන් දස දෙනෙක් සිටියත් නිර්වස්ත්‍රය. මහරජ වැන්දඹුකම ලෝකයෙහි කටුකය. වනයට යන්නෙම්මය.
|
1841
‘‘ධජො රථස්ස පඤ්ඤාණං, ධූමො පඤ්ඤාණමග්ගිනො;
රාජා රථස්ස පඤ්ඤාණං, භත්තා පඤ්ඤාණමිත්ථියා;
වෙධබ්‍යං කටුකං ලොකෙ, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
|
1841
“කොඩිය රථයේ පෙනීමයි. දුම ගින්නේ පෙනීමයි. රටෙහි පෙනීම රජයි. ස්ත්‍රියගේ පෙනීම ස්වාමිපුරුෂයායි. වැන්දඹු බව ලෝකයෙහි කටුකය. වනයට යන්නෙම්මය.
|
1842
‘‘යා දලිද්දී දලිද්දස්ස, අඩ්ඪා අඩ්ඪස්ස කිත්තිමං;
තං වෙ දෙවා පසංසන්ති, දුක්කරඤ්හි කරොති සා.
|
1842
“දිළිඳු ස්වාමියා බලා කීර්තිමත් ස්ත්‍රීද දිළින්දියක් වෙයි. දියුණු ස්වාමිපුරුෂයා බලා ඈද සුඛිත මුදිත වෙයි.
“ඈ දුකසේ කළයුතු දෙයක් කරණ බැවින් ඈට දෙවියෝද ප්‍රශංසා කරත්.
|
1843
‘‘සාමිකං අනුබන්ධිස්සං, සදා කාසායවාසිනී;
පථබ්යාපි අභිජ්ජන්ත්යා
(අභෙජ්ජන්ත්යා (සී. පී.)), වෙධබ්‍යං කටුකිත්ථියා.
|
1843
“හැමකල්හි කසට වස්ත්‍ර හැඳ ස්වාමියා අනුව යන්නෙමි. වෙස්සන්තර රජු හැර නොසෙල්වෙන නොබිඳෙන පෘථිවියද නොකැමැත්තෙමි. මහරජාණෙනි, ලෝකයෙහි වැන්දඹු බව කටුකය.
|
1844
‘‘අපි සාගරපරියන්තං, බහුවිත්තධරං මහිං;
නානාරතනපරිපූරං
|
1844
“වෙස්සන්තර රජු හැර නොයෙක් රත්නයන්ගෙන් පිරුණු බොහෝ වස්තුව දරණ පෘථිවිය සාගරය තෙක් ලැබුණත් නොකැමතිවෙමි
|
1845
‘‘කථං නු තාසං හදයං, සුඛරා වත ඉත්ථියො;
යා සාමිකෙ දුක්ඛිතම්හි, සුඛමිච්ඡන්ති අත්තනො.
|
1845
“යම් ස්ත්‍රියක් ස්වාමියා දුකට පත්කළ තමහට සැප කැමැත්තීද, ඔවුන්ගේ පපුව කෙසේ වන්නේද, ස්ත්‍රීහු ඒකාන්තයෙන් අතිශයින් කෲරය.
|
1846
‘‘නික්ඛමන්තෙ
තමහං අනුබන්ධිස්සං, සබ්බකාමදදො හි මෙ’’.
|
1846
“සිවි රට වඩන මහරජ නික්මෙන කල්හි මම ඔහු අනුව යන්නෙමි. මට සියලු දේ දෙන්නේ ඔහුය.”
|
1847
‘‘තමබ්‍රවි මහාරාජා, මද්දිං සබ්බඞ්ගසොභනං;
ඉමෙ තෙ දහරා පුත්තා, ජාලී කණ්හාජිනා චුභො;
නික්ඛිප්ප ලක්ඛණෙ ගච්ඡ, මයං තෙ පොසයාමසෙ’’
(පොසියාමසෙ (සී. පී. ක.)).
|
1847
මහරජතෙමේ සියලු අවයවයෙන් ලක්ෂණවූ මද්‍රී දේවියට “ජාලිය කෘෂ්ණජිනා යන ඔබගේ මේ ලකුණින් යුත් ළදරුවන් දෙදෙනා නවත්වා යව. අපි ඔවුන් පොෂ්යකරන්නෙමුයි” කීයේය.
|
1848
‘‘තමබ්‍රවි රාජපුත්තී, මද්දී සබ්බඞ්ගසොභනා;
පියා මෙ පුත්තකා දෙව, ජාලී කණ්හාජිනා චුභො;
ත්යම්හං තත්ථ රමෙස්සන්ති, අරඤ්ඤෙ ජීවසොකිනං’’.
|
1848
සියලු අවයවයෙන් යහපත්වූ මද්‍රී රාජ දුහිතෘව ‘දේවයන් වහන්ස, ජාලිය කෘෂ්ණජිනා යන මේ දරුවන් දෙදෙනා මට ප්‍රියය. අපි අප නැත කියා ශෝක නොවන ඔවුන් වනයෙහි සතුටු කරවන්නෙමු.”
|
1849
‘‘තමබ්‍රවි මහාරාජා, සිවීනං රට්ඨවඩ්ඪනො;
සාලීනං ඔදනං භුත්වා, සුචිං මංසූපසෙචනං;
රුක්ඛඵලානි භුඤ්ජන්තා, කථං කාහන්ති දාරකා.
|
1849
සිවීන්ගේ රට වඩන මහරජතෙමේ “පිරිසිදු මස් සහිත ඇල් සාලේ බත් අනුභව කොට පුරුදු දරුවෝ කෙසේ ගස්වල ගෙඩි අනුභව කරත්දැයි” කීයේය.
|
1850
‘‘භුත්වා සතපලෙ කංසෙ, සොවණ්ණෙ සතරාජිකෙ;
රුක්ඛපත්තෙසු භුඤ්ජන්තා, කථං කාහන්ති දාරකා.
|
1850
“සියක් වරක් ශුද්ධකළ රනින් කළ සියක් ඉරි ඇති රන් තැටියක අනුභව කොට දරුවෝ කොළවල කෙසේ අනුභව කරත්ද,
|
1851
‘‘කාසියානි ච ධාරෙත්වා, ඛොමකොටුම්බරානි ච;
කුසචීරානි ධාරෙන්තා, කථං කාහන්ති දාරකා.
|
1851
“කොමුපිලී හා කොදුම්බර පිළිවලින් කළ කසීසළු දැරූ දරුවෝ වැහැරි දරන්නාහු කෙසේ කරත්ද,
|
1852
‘‘වය්හාහි
පත්තිකා පරිධාවන්තා, කථං කාහන්ති දාරකා.
|
1852
“සිවි ගෙයින්ද, කරත්තයෙන් ද, ඔසවාගෙන යාමෙන්ද ඇවිදි දරුවෝ පයින් ඇවිදීම කෙසේ කරත්ද,
|
1853
‘‘කූටාගාරෙ
සයන්තා රුක්ඛමූලස්මිං, කථං කාහන්ති දාරකා.
|
1853
“අගුළු ලනලද මාලිගාවෙහි කුළුගෙයි නිදා ගස් මුල නිදන්නාවූ දරුවෝ එය කෙසේ කරත්ද,
|
1854
‘‘පල්ලඞ්කෙසු සයිත්වාන, ගොනකෙ චිත්තසන්ථතෙ;
සයන්තා තිණසන්ථාරෙ, කථං කාහන්ති දාරකා.
|
1854
“විසිතුරු කොට අතුරණලද දික් ලොම් ඇති පලස් ඇති අසුන්වල සයනය කරණ දරුවෝ තණකොළ උඩ කෙසේ සයනය කෙරෙත්ද,
|
1855
‘‘ගන්ධකෙන විලිම්පිත්වා, අගරුචන්දනෙන ච;
රජොජල්ලානි ධාරෙන්තා, කථං කාහන්ති දාරකා.
|
1855
“අගිල් හා සඳුන්ද යන සුවඳින් ආලෝපකොට සිටි දරුවෝ ධූලි තට්ටු දරන්නාහු කෙසේ සිටිත්ද,
|
1856
‘‘චාමරමොරහත්ථෙහි, බීජිතඞ්ගා සුඛෙධිතා
(සුඛෙ ඨිතා (ස්‍යා. පී.));
ඵුට්ඨා ඩංසෙහි මකසෙහි, කථං කාහන්ති දාරකා’’.
|
1856
“සෙමෙර වල්ගයෙන් හා මොණර පිල් ගත් අත්වලින් පවන් සලනලද අවයව ඇති දරුවෝ ඩැහැලේ බොන මැස්සන් හා මදුරුවන් විසින් දෂ්ටකරණ ලද්දාහු කෙසේ සිටිත්ද?”
|
1857
‘‘තමබ්‍රවි
මා දෙව පරිදෙවෙසි, මා ච ත්වං විමනො අහු;
යථා මයං භවිස්සාම, තථා හෙස්සන්ති දාරකා.
|
1857
“සියලු අවයවයෙන් යහපත්වූ මද්‍රි නම් දේවිය මෙසේ කීවාය “දෙවයන් වහන්ස, නොවැලපෙනු මැනව. ඔබ සිත වෙනස්කර නොගනුව. අපි යම්සේ වන්නෙමු නම්, දරුවෝත් එසේ වෙත්.”
|
1858
‘‘ඉදං වත්වාන පක්කාමි, මද්දී සබ්බඞ්ගසොභනා;
සිවිමග්ගෙන අන්වෙසි, පුත්තෙ ආදාය ලක්ඛණා’’.
|
1858
සියලු අවයවයෙන් යහපත්වූ ලකුණින් යුත් මද්‍රිදේවි තොමෝ මෙසේ කියා දරුවන් ගෙන සිවිරජ නික්මුණු පැත්තෙන්ම බැස රියට නැංගාය.
|
1859
තතො වෙස්සන්තරො රාජා, දානං දත්වාන ඛත්තියො;
පිතු මාතු ච වන්දිත්වා, කත්වා ච නං පදක්ඛිණං.
|
1859
ඉක්බිති වෙස්සන්තර ක්ෂත්රිය රජතෙමේ බොහෝ දන්දී මවට හා පියාට වැඳ ඔවුන් වටේ කැරකී,
|
1860
චතුවාහිං රථං යුත්තං, සීඝමාරුය්හ සන්දනං;
ආදාය පුත්තදාරඤ්ච, වඞ්කං පායාසි පබ්බතං.
|
1860
සතරදෙනෙකු විසින් අදින අශ්ව රථයට වහා නැග අඹු දරුවන් රැගෙන වංක පර්වතයට ගියේය.
|
1861
තතො වෙස්සන්තරො රාජා, යෙනාසි බහුකො ජනො;
‘‘ආමන්ත ඛො තං ගච්ඡාම, අරොගා හොන්තු ඤාතයො’’.
|
1861
ඉක්බිති වෙස්සන්තර රජතෙම “යම් තැන බොහෝ ජනයාවීද ඔවුන් විචාරා අපි යමු. ඤාතීහු නිරොග වෙත්වා.”
[නුවරින් නික්ම නැවතී බැලුකල්හි සිනෙරු පර්වතය හා වනය මුදුන් මල් කොට ඇති පෘථිවිය කම්පා වූවාය.]
|
1862
‘‘ඉඞ්ඝ
ආවාසං සිවිසෙට්ඨස්ස, පෙත්තිකං භවනං මම’’.
|
1862
“මද්‍රිය දැන් බලන්න. සිවිරට ශ්‍රේෂ්ඨ රජුගේ වාසස්ථානයවූ මාගේ පියාගේ ගෘහය පෙනේ”
|
1863
‘‘තං බ්රාහ්මණා අන්වගමුං, තෙ නං අස්සෙ අයාචිසුං;
යාචිතො පටිපාදෙසි, චතුන්නං චතුරො හයෙ’’’.
|
1863
බමුණෝ ඔහු අනුව ගියෝය. ඔව්හු ඔහුගෙන් අශ්වයන් ඉල්ලුහ. සතරදෙන අශ්වයන් සතරදෙන ඉල්වූයේ දුන්නේය.
|
1864
‘‘ඉඞ්ඝ මද්දි නිසාමෙහි, චිත්තරූපංව දිස්සති;
මිගරොහිච්චවණ්ණෙන, දක්ඛිණස්සා වහන්ති මං’’.
|
1864
“මද්‍රීදෙවිය, දැන් කල්පනා කරව. යහපත් හැඩක් මෙන් පෙනේ. රතුපාට ඇති මෘගයෝ හික්මුණු අශ්වයන් මෙන් මා උසුලත්.
|
1865
‘‘අථෙත්ථ පඤ්චමො ආගා, සො තං රථමයාචථ;
තස්ස තං යාචිතොදාසි, න චස්සුපහතො මනො.
|
1865
ඉක්බිති එහි පස්වැන්නෙක් ආවේය. හෙතෙම ඒ රථය ඉල්ලුවේය. ඉල්වන ලද ඔහුට දුන්නේය. ඔහුගේ සිත නොහැකුළුනේය.
|
1866
‘‘තතො
අස්සාසයි අස්සරථං, බ්රාහ්මණස්ස ධනෙසිනො’’.
|
1866
ඉක්බිති වෙස්සන්තර රජතෙම ස්වකීය ජනයා බස්වා ධනය බලාපොරොත්තු බමුණාට අශ්ව රථය පවරා දුන්නේය.
|
1867
‘‘ත්වං මද්දි කණ්හං ගණ්හාහි, ලහු එසා කනිට්ඨිකා;
අහං ජාලිං ගහෙස්සාමි, ගරුකො භාතිකො හි සො’’.
|
1867
“මද්රිදේවිනි, ඔබ කෘෂ්ණජිනාව ගනුව. බාල මෝ තොමෝ සැහැල්ලුය. මම ජාලිය ගන්නෙමි. ඔහු වැඩිමල් නිසා බරය.
|
1868
‘‘රාජා කුමාරමාදාය, රාජපුත්තී ච දාරිකං;
සම්මොදමානා පක්කාමුං, අඤ්ඤමඤ්ඤං පියංවදා’’.
|
1868
රජතෙමේ කුමාරයා ගෙන දේවිය කුමරිය ගෙන ඔවුනොවුන් ප්‍රියවචන කථා කරමින් සතුටින් ගියාහුය.
|
1869
‘‘යදි
මග්ගං තෙ පටිපුච්ඡාම, කුහිං වඞ්කතපබ්බතො.
|
1869
“ඉදින් යම් මනුෂ්‍ය කෙනෙක් ඉදිරියට එන්නේද ඔවුන්ගෙන් මාර්ගය විචාරන්නෙමි. වංක පර්වතය කොහිද”
|
1870
‘‘තෙ තත්ථ අම්හෙ පස්සිත්වා, කලුනං පරිදෙවයුං;
දුක්ඛං
|
1870
“ඔව්හු එහිදී අප දැක කරුණාව ඉපදවූවාහුය. වංක වනය ඈතයයි දුකසේ ඔව්හු දන්වත්.
|
1871
‘‘යදි පස්සන්ති පවනෙ, දාරකා ඵලිනෙ
(ඵලිතෙ (සී. ස්‍යා. පී.)) දුමෙ;
තෙසං ඵලානං හෙතුම්හි, උපරොදන්ති දාරකා.
|
1871
ඉදින් දරුවෝ වනයෙහි පලගත් ගස් දක්නෙහිද දරුවෝ ඒ ගෙඩි ඉල්ලා අඬත්.
|
1872
‘‘රොදන්තෙ දාරකෙ දිස්වා, උබ්බිද්ධා
(උබ්බිග්ගා (සී. ස්‍යා. පී.)) විපුලා දුමා;
සයමෙවොනමිත්වාන, උපගච්ඡන්ති දාරකෙ.
|
1872
අඬන දරුවන් දැක කණගාටුවට පත්වූ මහත් ගස් තෙමේම නැමී දරුවන් සමීපයට එත්.
|
1873
‘‘ඉදං අච්ඡෙරකං දිස්වා, අබ්භුතං ලොමහංසනං;
සාධුකාරං පවත්තෙසි, මද්දී සබ්බඞ්ගසොභනා.
|
1873
සියලු අවයවයෙන් යහපත්වූ මද්රිදෙවිය ලොම් කෙළින් සිටුවන්නාවූ පෙර නොවූ මේ පුදුමය දැක සාධුකාර දුන්නීය.
|
1874
‘‘අච්ඡෙරං වත ලොකස්මිං, අබ්භුතං ලොමහංසනං;
වෙස්සන්තරස්ස තෙජෙන, සයමෙවොනතා දුමා’’.
|
1874
ලෝකයෙහි ඒකාන්තයෙන් පෙර නොවූවිරූ ලොම් දැහැගන්වන්නාවූ පුදුමයකි වෙස්සන්තරගේ ආනුභාවයෙන් ගස් තුමූම නැමුනාහ.
|
1875
‘‘සඞ්ඛිපිංසු පථං යක්ඛා, අනුකම්පාය දාරකෙ;
නික්ඛන්තදිවසෙනෙව, චෙතරට්ඨං උපාගමුං’’.
|
1875
දෙවතාවෝ දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් මාර්ගය කොට කළාහ. පිටත්වූ දවසේම චෙත රටට පැමිණියාහුය.
|
1876
‘‘තෙ ගන්ත්වා දීඝමද්ධානං, චෙතරට්ඨං උපාගමුං;
ඉද්ධං ඵීතං ජනපදං, බහුමංසසුරොදනං’’.
|
1876
ඔව්හු දීර්ඝ මාර්ගය ගෙවා චෙත රටට පැමිණියාහුය. එය බොහෝ මාංශ සහිත ආහාර හා සුරා ඇති දියුණු පිරුණු ජනපදයකි.
|
1877
‘‘චෙතියො පරිවාරිංසු, දිස්වා ලක්ඛණමාගතං;
සුඛුමාලී වත අය්යා, පත්තිකා පරිධාවති.
|
1877
ලක්ෂණ ඇති මද්‍රි දේවිය දැක චෙතිය රට වැස්සෝ රැස්වූවාහුය. ඒකාන්තයෙන් සිවුමැළි මේ ආර්‍ය්‍යාව පයින් දුව ඇවිදින්නීය.
|
1878
‘‘වය්හාහි
සාජ්ජ මද්දී අරඤ්ඤස්මිං, පත්තිකා පරිධාවති’’.
|
1878
ක්ෂත්රියයෝ රන්සිවිගෙයින් එසවීමෙන් ඇවිද්ද මද්‍රි දේවී අද කැලේ පයින් ඇවිදිත්.
|
1879
‘‘තං දිස්වා චෙතපාමොක්ඛා, රොදමානා උපාගමුං;
කච්චි නු දෙව කුසලං, කච්චි දෙව අනාමයං;
කච්චි
|
1879
ඒ දැක චෙතරටේ රජවරු අඬමින් ලඟට පැමිණියාහුය. “දෙවයන් වහන්ස, සැප සනීප කෙසේද, නිදුක් බව කෙසේද, කිමෙක්ද ඔබගේ පියා නිරෝගද, සිවිරටවාසීන්ගේ තොරතුරු හෝ කෙසේද,
|
1880
‘‘කො තෙ බලං මහාරාජ, කො නු තෙ රථමණ්ඩලං;
අනස්සකො අරථකො, දීඝමද්ධානමාගතො;
කච්චාමිත්තෙහි පකතො, අනුප්පත්තොසිමං දිසං’’.
|
1880
“මහරජ ඔබගේ භව සමූහය කොහිද, ඔබගේ අලංකාර රථය කොහිද? අශ්වයන් නැතිව, වාහනයක් නැතිව බොහෝ දුරක් ආවෙහිය. කිනම් සතුරෙකු විසින් මඩනා ලද්දේ මේ පැත්තට ආවෙහිද?”
|
1881
‘‘කුසලඤ්චෙව
අථො පිතා අරොගො මෙ, සිවීනඤ්ච අනාමයං.
|
1881
“යහළුවෙනි, මට සැපය, එසේම නුඹලාත් සුවපත් වෙත්වා. තවද මගේ පියතෙම නිරෝගිය. සිවිරට වැස්සෝද නිදුකින්ය.
|
1882
‘‘අහඤ්හි කුඤ්ජරං දජ්ජං, ඊසාදන්තං උරූළ්හවං;
ඛෙත්තඤ්ඤුං සබ්බයුද්ධානං, සබ්බසෙතං ගජුත්තමං.
|
1882
“මම නගුල් සේ උඩට නැගුණ දළ ඇති සම්පූර්ණයෙන් සුදු ශ්‍රේෂ්ඨ ඇතෙකුවූ සියලු යුද්ධයන්හි ජය බිම් දන්නාවූ ඇතා දන් දුනිමි.
|
1883
‘‘පණ්ඩුකම්බලසඤ්ඡන්නං, පභින්නං සත්තුමද්දනං;
දන්තිං සවාළබීජනිං, සෙතං කෙලාසසාදිසං.
|
1883
“රන් පලසකින් වැසුණු ඔද වැගිරෙන සතුරන් මඩින දළ ඇති සුදුවූ කෛලාස පර්වතය වැනි වල්විදුනා සහිත
|
1884
‘‘සසෙතච්ඡත්තං සඋපාධෙය්යං, සාථප්පනං සහත්ථිපං;
අග්ගයානං රාජවාහිං, බ්රාහ්මණානං අදාසහං.
|
1884
“සේසත් සහිත, උපකරණ සහිත, වන වෙදුන් සහිත, රජුන් උසුලන අග්‍රයානය මම බමුණන්ට දුන්නෙමි.
|
1885
‘‘තස්මිං මෙ සිවයො කුද්ධා, පිතා චුපහතොමනො;
අවරුද්ධසි මං රාජා, වඞ්කං ගච්ඡාමි පබ්බතං;
ඔකාසං සම්මා ජානාථ, වනෙ යත්ථ වසාමසෙ’’.
|
1885
“එහිදී මට සිවිහු කිපුනාහ. පියාගේද සිත වෙනස් විය. රජ මට දඬුවම් කරයි වංක පර්වතයට යන්නෙමි. වනයෙහි යම්තැනක වසම්ද එහි අවකාශ ස්ථානයක් දනිව්.”
|
1886
‘‘ස්වාගතං තෙ මහාරාජ, අථො තෙ අදුරාගතං;
ඉස්සරොසි අනුප්පත්තො, යං ඉධත්ථි පවෙදය.
|
1886
“රජතුමනි, ඔබගේ යහපත් පැමිණීමක් වේවා. නමුත් ඔබ පැමිණි නුදුරු කල් ඇත්තේ වේවා. ක්‍රමයෙන් පැමිණි අධිපතියෙකි. යමක් මෙහි ඇත්නම් කියව.
|
1887
‘‘සාකං භිසං මධුං මංසං, සුද්ධං සාලිනමොදනං;
පරිභුඤ්ජ මහාරාජ, පාහුනො නොසි ආගතො’’.
|
1887
“රජතුමනි, පලාකොළද, නෙළුම් අලද, මීපැණිද මස්ද, පිරිසිදු ඇල්සාලේ බත්ද අනුභව කරව. ඔබ අපට ආගන්තුකයෙකි.”
|
1888
‘‘පටිග්ගහිතං
අවරුද්ධසි මං රාජා, වඞ්කං ගච්ඡාමි පබ්බතං;
ඔකාසං සම්මා ජානාථ, වනෙ යත්ථ වසාමසෙ’’.
|
1888
“යමක් දෙන ලද්දේද සියල්ල අගේකොට සලකන ලදී. රජතෙමේ මා රටින් පිටුවහල් කරයි. වංක පර්වතයට යන්නෙමි. වනයෙහි යම්තැනක වසම්ද ඊට අවකාශ ස්ථානයක් දනිව්”
|
1889
‘‘ඉධෙව තාව අච්ඡස්සු, චෙතරට්ඨෙ රථෙසභ;
යාව චෙතා ගමිස්සන්ති, රඤ්ඤො සන්තික යාචිතුං.
|
1889
“රජතුමනි, යම්තාක් සිවිරට වඩන මහරජුට ඔබගේ නිර්දෝෂ භාවයෙන් සහනයක් ඉල්වන්නට රජු සමීපයට චේතිය රටවැස්සෝ යත්ද ඒතාක් මේ චේතරටම සිටීවා
|
1890
‘‘නිජ්ඣාපෙතුං
තං තං චෙතා පුරක්ඛත්වා, පතීතා ලද්ධපච්චයා;
පරිවාරෙත්වාන ගච්ඡන්ති, එවං ජානාහි ඛත්තිය’’.
|
1890
“රජතුමනි, චේතරට වැස්සෝ සතුටට පත්වූවාහු ලබන ලද පිහිට ඇත්තාහු ඔබ පෙරටුකොට පිරිවරාගෙන යත්. එසේ දැනගනු මැනව.”
|
1891
‘‘මා වො රුච්චිත්ථ ගමනං, රඤ්ඤො සන්තික යාචිතුං;
නිජ්ඣාපෙතුං මහාරාජං, රාජාපි තත්ථ නිස්සරො.
|
1891
“මට සහනයක් ඉල්වීමට රජු සමීපයට යාමට තොපට රුචි නොවේවා. එය සලකා බැලීමට රජු එහි අධිපතියා නොවේ
|
1892
‘‘අච්චුග්ගතා හි සිවයො, බලග්ගා නෙගමා ච යෙ;
තෙ විධංසෙතුමිච්ඡන්ති, රාජානං මම කාරණා’’.
|
1892
“සිවීන්ගේ බලය වැඩිය භට සමූහයාද නියම්ගම් වැස්සෝද මා නිසා රජු රාජ්‍යයෙන් පහකිරීමට කැමතිවෙත්.
|
1893
‘‘සචෙ
ඉධෙව රජ්ජං කාරෙහි, චෙතෙහි පරිවාරිතො.
|
1893
“රට වඩන මහරජ තුමනි, රටෙහි මෙබඳු දෙයක් නම් චෙතරට වැස්සන් විසින් පිරිවරණ ලදුව මෙහි රජකරව
|
1894
‘‘ඉද්ධං ඵීතඤ්චිදං රට්ඨං, ඉද්ධො ජනපදො මහා;
මතිං කරොහි ත්වං දෙව, රජ්ජස්ස මනුසාසිතුං’’.
|
1894
“මේ රට සමෘද්ධය, සම්පත්තියෙන් පිරුණේය. මහත්වූ සමෘද්ධ ජනපදයකි. දේවයන් වහන්ස, මේ රට අනුශාසනා කිරීමට අදහස් කරව.”
|
1895
‘‘න මෙ ඡන්දො මති අත්ථි, රජ්ජස්ස අනුසාසිතුං;
පබ්බාජිතස්ස රට්ඨස්මා, චෙතපුත්තා සුණාථ මෙ.
|
1895
“චෙතපුත්ර රජවරුනි, මගේ වචනය අසව්. රටින් පිටුවහල් කළ මට රාජ්‍යයක් කිරීමට කැමැත්තක්වත් අදහසක් වත් නැත.
|
1896
‘‘අතුට්ඨා සිවයො ආසුං, බලග්ගා නෙගමා ච යෙ;
පබ්බාජිතස්ස රට්ඨස්මා, චෙතා රජ්ජෙභිසෙචයුං.
|
1896
“යම් බලකායක් ඇද්ද නියම්ගම් වැස්සෝ ඇද්ද රටින් පිටුවහල් කළ රජු චෙතරට වැස්සන් රාජ්‍යයෙහි රජකමට පත්කළහයි ඔව්හු නොසතුටු වෙත්.
|
1897
‘‘අසම්මොදියම්පි
සිවීහි භණ්ඩනඤ්චාපි, විග්ගහො මෙ න රුච්චති.
|
1897
“ඒකාන්තයෙන් මා නිසා තොපගේ අසමගියක් වන්නේය. සිවින්ගේ කලහය හා යුද්ධය මට රුචි නොවේ.
|
1898
‘‘අථස්ස භණ්ඩනං ඝොරං, සම්පහාරො අනප්පකො;
එකස්ස කාරණා මය්හං, හිංසෙය්ය බහුකො ජනො.
|
1898
“නැවතද දරුණු කෝලාහලද නොයෙක් පහර දීම්ද කෙනෙක් නිසා බොහෝ ජනයාට හිංසා කරන්නහු නම් එය මට නොගැලපේ.
|
1899
‘‘පටිග්ගහිතං යං දින්නං, සබ්බස්ස අග්ඝියං කතං;
අවරුද්ධසි මං රාජා, වඞ්කං ගච්ඡාමි පබ්බතං;
ඔකාසං සම්මා ජානාථ, වනෙ යත්ථ වසාමසෙ’’.
|
1899
“යමක් දෙන ලද්දේද, එය පිළිගන්නා ලදී. සියල්ල අගේකොට සලකන ලදී. රජු මා හිර කරයි වංක පර්වතයට යන්නෙමි. වනයේ යම් තැනක වසම්ද, යහළුවෙනි මට අවකාශ ස්ථානයක් දනුව.”
|
1900
‘‘තග්ඝ තෙ මයමක්ඛාම, යථාපි කුසලා තථා;
රාජිසී යත්ථ සම්මන්ති, ආහුතග්ගී සමාහිතා.
|
1900
“ඉදින් ඔබට අපි කියමු. යම්සේ වැටහේනම් එසේ කරාවා. ගිනි දල්වා ගත් එකඟ සිත් ඇත්තාහු රජව පැවිදි වූහු යම් තැනෙක්හිද, එය අනු දත්තේය.
|
1901
‘‘එස සෙලො මහාරාජ, පබ්බතො ගන්ධමාදනො;
යත්ථ ත්වං සහ පුත්තෙහි, සහ භරියාය චච්ඡසි.
|
1901
“රජතුමනි, පර්වතය වූ මෙයයි. ඔබ යම්තැනෙක්හි පුත්‍රයන් සහ භාර්‍ය්‍යාව සමග සිටින්නට කැමතිවන්නෙහිද, ඒ පර්වතය මේ ගන්ධමාදන පර්වතයයි.
|
1902
‘‘තං චෙතා අනුසාසිංසු, අස්සුනෙත්තා රුදංමුඛා;
ඉතො ගච්ඡ මහාරාජ, උජුං යෙනුත්තරා මුඛො.
|
1902
කඳුළු පිරුණු ඇස් ඇති ඇඬූ කඳුලින් යුත් චෙත රටවැස්සෝ ඔහුට මෙසේ නැවත නැවත කීවාහුය.
|
1903
‘‘අථ දක්ඛිසි භද්දන්තෙ, වෙපුල්ලං නාම පබ්බතං;
නානාදුමගණාකිණ්ණං, සීතච්ඡායං මනොරමං.
|
1903
“පින්වතාණෙනි, සිහිල් සෙවන ඇති සිත් සතුටු කරන්නාවූ නොයෙක් වෘක්ෂයන්ගෙන් ගැවසී ගත්තාවූ විපුල නම් පර්වතයක් දක්නෙහිය.
|
1904
‘‘තමතික්කම්ම
නදිං කෙතුමතිං නාම, ගම්භීරං ගිරිගබ්භරං.
|
1904
“පින්වතාණෙනි, එය ඉක්මවා ගැඹුරුවූ පර්වත කුහර ඇති කෙතුමතී නම් නදිය දක්නෙහිය.
|
1905
‘‘පුථුලොමමච්ඡාකිණ්ණං, සුපතිත්ථං මහොදකං;
තත්ථ න්හත්වා පිවිත්වා ච, අස්සාසෙත්වා සපුත්තකෙ.
|
1905
“පුථුලොම නම් මත්ස්යයන්ගෙන් ගැවසී ගත්තාවූ යහපත් තොටුපලවල් ඇති මහත් දිය ඇති එහි නා බී පුත්‍රයන් සතුටු කරවා.
|
1906
‘‘අථ
රම්මකෙ
|
1906
“පින්වතාණෙනි, ඉක්බිති මිහිරි ගෙඩි ඇත්තාවූ යහපත් මුදුනෙක හටගත්තාවූ සිහිල් සෙවන ඇති යහපත්වූ නුග රුකක් දක්නෙහිය.
|
1907
‘‘අථ දක්ඛිසි භද්දන්තෙ, නාළිකං නාම පබ්බතං;
නානාදිජගණාකිණ්ණං, සෙලං කිම්පුරිසායුතං.
|
1907
“පින්වතාණෙනි, ඉක්බිති නොයෙක් පක්ෂි සමූහයාගෙන් යුක්තවූ කිම්පුරුෂයන්ගෙන් යුක්තවූ නාලික නම් ගල් පර්වතයක් දක්නෙහිය.
|
1908
‘‘තස්ස උත්තරපුබ්බෙන, මුචලින්දො නාම සො සරො;
පුණ්ඩරීකෙහි සඤ්ඡන්නො, සෙතසොගන්ධිකෙහි ච.
|
1908
“ඊම ඊශාන දිග සුදු නෙළුම් වලින් හා සුදුහෙල් මැලිවලින් යුක්තවූ මුචලින්දනම් ඒ විලය.
|
1909
‘‘සො වනං මෙඝසඞ්කාසං, ධුවං හරිතසද්දලං;
සීහොවාමිසපෙක්ඛීව වනසණ්ඩං විගාහය;
පුප්ඵරුක්ඛෙහි සඤ්ඡන්නං, ඵලරුක්ඛෙහි චූභයං.
|
1909
“ඒ වනය වලාකුලක් වැනි නිතර කොළ පැහැ ඇත්තේය. නිල් තණකොළ ඇත්තේය. ගොදුරු බලාපොරොත්තු සිංහයෙකු මෙන් මල්ගස් වලින්ද ගෙඩි ඇති ගස්වලින්ද යන දෙවර්ගයෙන් යුක්තවූ වනයට වැද,
|
1910
‘‘තත්ථ බින්දුස්සරා වග්ගූ, නානාවණ්ණා බහූ දිජා;
කූජන්තමුපකූජන්ති, උතුසංපුප්ඵිතෙ දුමෙ.
|
1910
“එහි ඍතු ගුණයෙන් පිපුනු වෘක්ෂයෙහි කොටස කළ ශබ්ද ඇති, මිහිරි නාද ඇති, නොයෙක් පාට ඇති බොහෝ පක්ෂීහු ශබ්ද කරන්නාහු අනුව ශබ්ද කරත්.
|
1911
‘‘ගන්ත්වා ගිරිවිදුග්ගානං, නදීනං පභවානි ච;
සො අද්දස
(දක්ඛසි (සී. පී.)) පොක්ඛරණිං, කරඤ්ජකකුධායුතං.
|
1911
“පර්වතයන්හි දුකසේ යා හැකි තැන්වලට ගොස් ගංගා හටගන්නා තැන්ද කරඳ කුඹුක් ගස්වලින් යුත් පොකුණුද දක්නෙහිය.
|
1912
‘‘පුථුලොමමච්ඡාකිණ්ණං, සුපතිත්ථං මහොදකං;
සමඤ්ච චතුරංසඤ්ච, සාදුං අප්පටිගන්ධියං.
|
1912
“පුථුලොම නම් මසුන්ගෙන් ගැවසීගත් සමවූද සතරැස්වූද යහපත්වූද පිළිකුල් ගඳ නැත්තාවූද, යහපත් තොටුපල් ඇති මහත් දිය ඇති,
|
1913
‘‘තස්සා උත්තරපුබ්බෙන, පණ්ණසාලං අමාපය;
පණ්ණසාලං අමාපෙත්වා, උඤ්ඡාචරියාය ඊහථ’’.
|
1913
“ඒ නදියගේ ඊශාන දිග පන්සලක් තනන්න. පන්සලක් තනා පිණ්ඩපාතයෙන් වාසය කරන්න.”
|
1914
‘‘අහු වාසී කලිඞ්ගෙසු, ජූජකො නාම බ්රාහ්මණො;
තස්සාසි දහරා භරියා, නාමෙනාමිත්තතාපනා.
|
1914
කලිඟුරට දුන් නිවිට්ඨ බ්‍රාහ්මණ ගම වසන්නාවූ ජූජක නම් බ්‍රාහ්මණයෙක් විය. ඔහුට අමිත්තතාපනා නම් තරුණ භාර්‍ය්‍යාවක් වූවාය.
|
1915
‘‘තා නං තත්ථ ගතාවොචුං, නදිං උදකහාරියා;
ථියො
|
1915
ඒ ගම ස්ත්‍රීහු දියට ගඟට ගිය ඈ දැක රැස්වී බොහෝ ඕනෑකමින් මෙසේ කීවාහුය. අවනම්බුද කළාහුය.
|
1916
‘‘අමිත්තා
යෙ තං ජිණ්ණස්ස පාදංසු, එවං දහරියං සතිං.
|
1916
“මෙසේ තරුණවූ ඔබ මහල්ලෙකුට පාවා දුන්නාහුද, ඒකාන්තයෙන් නුඹගේ ඒ මවු සැතිරියෙකි. ඒකාන්තයෙන් ඒ පියතෙම සතුරෙකි.
|
1917
‘‘අහිතං
යෙ තං ජිණ්ණස්ස පාදංසු, එවං දහරියං සතිං.
|
1917
“මෙසේ තරුණවූ ඔබ මහල්ලෙකුට පාවා දුන්නාහුද ඔබගේ ඤාතීහු රහසිගතව ඔබ ගැන අයහපතක් කථාකර තිබේ
|
1918
‘‘අමිත්තා වත තෙ ඤාතී, මන්තයිංසු රහොගතා;
යෙ තං ජිණ්ණස්ස පාදංසු, එවං දහරියං සතිං.
|
1918
“මෙසේ තරුණවූ ඔබ මහල්ලෙකුට පාවා දුන්නාහුද ඔබගේ ඤාතීහු රහසිගතව ඔබ ගැන නොකටහැක්කක්, කථා කර තිබේ.
|
1919
‘‘දුක්කටං වත තෙ ඤාතී, මන්තයිංසු රහොගතා;
යෙ තං ජිණ්ණස්ස පාදංසු, එවං දහරියං සතිං.
|
1919
“මෙසේ තරුණවූ ඔබ මහල්ලෙකුට පාවා දුන්නාහුද ඔබගේ ඤාතීහු රහසිගතව ඔබ ගැන නපුරක් කථාකර තිබේ.
|
1920
‘‘පාපකං වත තෙ ඤාතී, මන්තයිංසු රහොගතා;
යෙ තං ජිණ්ණස්ස පාදංසු, එවං දහරියං සතිං.
|
1920
“මෙසේ තරුණවූ ඔබ මහල්ලෙකුට පාවා දුන්නාහුද ඔබගේ ඤාතීහු රහසිගතව ඔබ ගැන අහිතවත් දෙයක් කථා කර තිබේ.
|
1921
‘‘අමනාපං වත තෙ ඤාතී, මන්තයිංසු රහොගතා;
යෙ තං ජිණ්ණස්ස පාදංසු, එවං දහරියං සතිං.
|
1921 |
1922
‘‘අමනාපවාසං වසි, ජිණ්ණෙන පතිනා සහ
(එවං දහරියා සතී (සී. පී.));
යා ත්වං වසසි ජිණ්ණස්ස, මතං තෙ ජීවිතා වරං.
|
1922
“මෙවැනි තරුණියක්ව නොකැමති විසීමක් වසන්නෙහිය. යම්බඳු තී මහල්ලෙකු කෙරෙහි වසයිද, ජීවත්වීමට වඩා මරණය යහපත්ය.
|
1923
‘‘න හි නූන තුය්හං කල්‍යාණි, පිතා මාතා ච සොභනෙ;
අඤ්ඤං භත්තාරං වින්දිංසු, යෙ තං ජිණ්ණස්ස පාදංසු;
එවං දහරියං සතිං.
|
1923
“කල්‍යාණිය, තොපගේ මවද පියාද යහපත්යයි කිව නොහැක. මෙසේ තරුණවූ ඔබ අනික් පුරුෂයෙකු නොලද්දාහුය. මෙවැනි ළාබාල ඔබ මහල්ලෙකුට දුන්නෝය.
|
1924
‘‘දුයිට්ඨං තෙ නවමියං, අකතං අග්ගිහුත්තකං;
යෙ තං ජිණ්ණස්ස පාදංසු, එවං දහරියං සතිං.
|
1924
“තී විසින් නවවෙනි යාගය නපුරුකොට පුදන ලද්දක්ය. ගිනිදෙවියා පිදීමක් නොකරණ ලදී. එනිසා මෙසේ තරුණවූ ඔබ මහල්ලෙකුට දුන්නාහුය.
|
1925
‘‘සමණෙ බ්රාහ්මණෙ නූන, බ්රාහ්මණචරියපරායණෙ;
සා
යා ත්වං වසසි ජිණ්ණස්ස, එවං දහරියා සතී.
|
1925
“මෙසේ තරුණවූ ඔබ මහල්ලෙකු සමීපයෙහි වසාද ඒකාන්තයෙන් ලෝකයෙහි බ්‍රහ්මචර්‍ය්‍යාව පිහිටකොට ඇති සිල්වත් උගත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ඔබ ශාප කෙළෙහිය.
|
1926
‘‘න දුක්ඛං අහිනා දට්ඨං, න දුක්ඛං සත්තියා හතං;
තඤ්ච දුක්ඛඤ්ච තිබ්බඤ්ච, යං පස්සෙ ජිණ්ණකං පතිං.
|
1926
“යමෙකුට මහළු ස්වාමියෙකු ලැබේද, සර්පයකු විසින් දෂ්ට කරණ ලද දුක දුකක් නොවේ. ආයුධයකින් ගසන ලද පහර දුකක් නොවේ. ඒ මහලු සැමියා ලැබීමෙන්වූ දුකම දුක් වන්නේය.
|
1927
‘‘නත්ථි ඛිඩ්ඩා නත්ථි රති, ජිණ්ණෙන පතිනා සහ;
නත්ථි අල්ලාපසල්ලාපො, ජග්ඝිතුම්පි
(ජග්ඝිතම්පි (සී. පී.)) න සොභති.
|
1927
“මහළු ස්වාමියා සමග ප්‍රීතියක් නැත. ඇල්මක් නැත. ප්‍රිය කථාවක් නැත. සිනාසුනත් නොහොබනේය.
|
1928
‘‘යදා ච දහරො දහරා, මන්තයන්ති
(මන්තයිංසු (ස්‍යා. ක.)) රහොගතා;
සබ්බෙසං සොකා නස්සන්ති, යෙ කෙචි හදයස්සිතා.
|
1928
“යම් කලෙක්හි තරුණතෙමේ රහසිගතව තරුණිය සමග මන්ත්‍රණය කෙරේද සිතේ යම් ශෝකයක් ඇද්ද ඒ ශොක සංසිඳෙත්.
|
1929
‘‘දහරා
ගච්ඡ ඤාතිකුලෙ අච්ඡ, කිං ජිණ්ණො රමයිස්සති’’.
|
1929
“ඔබ තරුණය, ලක්ෂණය, පුරුෂයන් විසින් බලාපොරොත්තුවන ලදී. ඤාති ගෙදරට යන්න මහල්ලා කිනම් ප්‍රීතියක් ගෙන දෙන්නේද?”
|
1930
‘‘න
ථියො මං පරිභාසන්ති, තයා ජිණ්ණෙන බ්‍රාහ්මණ’’.
|
1930
“බමුණ ගඟට ඔබට දිය ගෙනෙන්නට නොයන්නෙමි ඔබගේ මහළුකමින් ස්ත්‍රීහු මට අවනම්බු කරත්’
|
1931
‘‘මා මෙ ත්වං අකරා කම්මං, මා මෙ උදකමාහරි;
අහං උදකමාහිස්සං, මා භොති කුපිතා අහු’’.
|
1931
“ඔබ මගේ වැඩ නොකරව, මට දිය නොගෙනවා මම දිය ගෙනෙන්නෙමි. කිපෙන්නට නොවුවමනාය.
|
1932
‘‘නාහං තම්හි කුලෙ ජාතා, යං ත්වං උදකමාහරෙ;
එවං බ්‍රාහ්මණ ජානාහි, න තෙ වච්ඡාමහං ඝරෙ.
|
1932
“යම් බඳුවූ ස්වාමියන් ලවා දිය ගෙන්වන්නාවූ කුලයක මම නොඉපදුනෙමි. බමුණ, එසේ දනුව, මම ඔබගේ ගෙදර නොවසමි.
|
1933
‘‘සචෙ මෙ දාසං දාසිං වා, නානයිස්සසි බ්‍රාහ්මණ;
එවං බ්‍රාහ්මණ ජානාහි, න තෙ වච්ඡාමි සන්තිකෙ’’.
|
1933
“බමුණ, ඉදින් මට දාසයකු හෝ දාසියක හෝ නොගෙණෙන්නෙහි නම්, මෙසේ බමුණ ඔබ සමීපයෙහි නොවසන බව දනුව”
|
1934
‘‘නත්ථි මෙ සිප්පඨානං වා, ධනං ධඤ්ඤඤ්ච බ්‍රාහ්මණි;
කුතොහං
අහං භොතිං උපට්ඨිස්සං, මා භොති කුපිතා අහු’’.
|
1934
“බැමිණිය, මට කර්මාන්ත කරණ තැනක් හෝ ධනයක් හෝ ධාන්‍යයක් හෝ නැත්තේය. මම පින්වතියට කොයින් දාසයකු හෝ දාසියක හෝ ගෙනෙන්නෙම්ද? මම පිනැත්තියට උපස්ථාන කරන්නෙමි. පින්වතිය නොකිපෙව”
|
1935
‘‘එහි තෙ අහමක්ඛිස්සං, යථා මෙ වචනං සුතං;
එස වෙස්සන්තරො රාජා, වඞ්කෙ වසති පබ්බතෙ.
|
1935
“එව ඔබට මම කියන්නෙමි. මා කියන්නාසේම මේ වෙස්සන්තර රජතෙම වංකගිරි පර්වතයෙහි වසයි.
|
1936
‘‘තං ත්වං ගන්ත්වාන යාචස්සු, දාසං දාසිඤ්ච බ්‍රාහ්මණ;
සො තෙ දස්සති යාචිතො, දාසං දාසිඤ්ච ඛත්තියො’’.
|
1936
“බමුණ නුඹ එහි ගොස් දාසයකුත් දාසියකුත් ඉල්ලව, ඒ රජතෙමේ ඉල්ලන්නාවූ තොපට දාසයකුද දාසියකුද දෙන්නේය.”
|
1937
‘‘ජිණ්ණොහමස්මි දුබ්බලො
(අබලො (සී. පී. ක.)), දීඝො චද්ධා සුදුග්ගමො;
මා භොති පටිදෙවෙසි, මා ච ත්වං
(මා භොති (ස්‍යා. ක.)) විමනා අහු;
අහං භොතිං උපට්ඨිස්සං, මා භොති කුපිතා අහු’’.
|
1937
“මම මහළුවූයෙමි. දුර්වලයෙමි. පාර ඈතය, යාමටද අපහසුය. පින්වතිය, නොහඬව, ඔබ සිත් වෙනස් කර නොගනුව. පින්වතියට, උපස්ථාන කරන්නෙමි. පින්වතිය නොකිපෙව.”
|
1938
‘‘යථා අගන්ත්වා සඞ්ගාමං, අයුද්ධොව පරාජිතො;
එවමෙව තුවං බ්රහ්මෙ, අගන්ත්වාව පරාජිතො.
|
1938
“යුද්ධයට නොගොස් යුද්ධයට නොබැසම පැරැදුණේ යම්සේද, බමුණ එසේම ඔබ නොගොස්ම පැරදුනේය.
|
1939
‘‘සචෙ මෙ දාසං දාසිං වා, නානයිස්සසි බ්‍රාහ්මණ;
එවං බ්‍රාහ්මණ ජානාහි, න තෙ වච්ඡාමහං ඝරෙ;
අමනාපං තෙ කරිස්සාමි, තං තෙ දුක්ඛං භවිස්සති.
|
1939
“බමුණ ඉදින් මට දාසයකු හෝ දාසියක හෝ නොගෙන්නෙහිද, බමුණ දනුව ඔබගේ ගෙයි නොවසන්නෙමි. ඔබට නොසතුටක් කරන්නෙමි. එය ඔබට දුකක් වන්නේය.
|
1940
‘‘නක්ඛත්තෙ උතුපුබ්බෙසු, යදා මං දක්ඛිසිලඞ්කතං;
අඤ්ඤෙහි සද්ධිං රමමානං, තං තෙ දුක්ඛං භවිස්සති.
|
1940
“උත්සව දිනයන්හි ඍතු ගෙවෙන දවස්වල අලංකාරව හැඳ පැළඳගත් මා දක්නෙහිද අන්‍යයන් සමග ප්‍රීතිවන්නාවූ මා දැක ඔබට දුකක් ඇතිවන්නේය.
|
1941
‘‘අදස්සනෙන
භිය්යො වඞ්කා ච පලිතා, බහූ හෙස්සන්ති බ්‍රාහ්මණ’’.
|
1941
“බමුණ මගේ නොදැකීමෙන් මහළුව අඬන්නාවූ තොපගේ කුදද හිස පැසීමද බොහෝ වෙත්.”
|
1942
‘‘තතො සො බ්රාහ්මණො භීතො, බ්රාහ්මණියා වසානුගො;
අට්ටිතො කාමරාගෙන, බ්රාහ්මණිං එතදබ්රවි’’.
|
1942
ඉක්බිති ඒ බමුණුතෙමේ බියවූයේ බැමිණියට වසඟවූයේ කාමාශාවෙන් පීඩාවූයේ බැමිණියට මෙසේ කීවේය.
|
1943
‘‘පාථෙය්‍යං
මධුපිණ්ඩිකා ච සුකතායො, සත්තුභත්තඤ්ච බ්‍රාහ්මණි.
|
1943
“බැමිණියෙනි, ඔබ මට මාර්ගොපකරණ කරව, යහපත්වූ සකස් කළ හකුරු සහිත කැවුම්ද මී පිඬු ද ගුලි කළ අත්සුනුද ගුලි නොකළ අත්සුනුද සකස් කරව.
|
1944
‘‘ආනයිස්සං මෙථුනකෙ, උභො දාසකුමාරකෙ;
තෙ තං පරිචරිස්සන්ති, රත්තින්දිවමතන්දිතා’’.
|
1944
“ජාතිගොත්‍ර කුලප්රදෙශයන්ගෙන් සමානවූ දාස දරුවන් දෙදෙනද ගෙනෙන්නෙමි. ඔව්හු රෑ දාවල් දෙක්හි කම්මැලි නැතිව තොපට උපස්ථානයට පැමිණ සිටින්නෝය.”
|
1945
‘‘ඉදං වත්වා බ්රහ්මබන්ධු, පටිමුඤ්චි උපාහනා;
තතො සො මන්තයිත්වාන, භරියං කත්වා පදක්ඛිණං.
|
1945
බ්‍රාහ්මණය, මෙසේ කියා සෙරෙප්පු දෙක දමා ගත්තේය. ඉක්බිති හෙතෙමේ කථාකොට භාර්‍ය්‍යාව ප්රදක්ෂිණාකොට
|
1946
‘‘පක්කාමි සො රුණ්ණමුඛො, බ්රාහ්මණො සහිතබ්බතො;
සිවීනං නගරං ඵීතං, දාසපරියෙසනං චරං’’.
|
1946
ඒ බ්‍රාහ්මණතෙම ඇඬූ මුහුණින් යුක්තව සිල් සමාදන්වූයේ දාසයන් සෙවීමට යන්නේ සමෘද්ධවූ සිවින්ගේ රටට ගියේය.
|
1947
‘‘සො තත්ථ ගන්ත්වා අවච
(අවචාසි (ස්‍යා. ක.)), යෙ තත්ථාසුං සමාගතා;
කුහිං වෙස්සන්තරො රාජා, කත්ථ පස්සෙමු ඛත්තියං’’.
|
1947
හෙතෙම එහි ගොස් එහි යමෙක් රැස්ව සිටියාහුද වෙස්සන්තර රජතෙම කොහිද කොහිදී ක්ෂත්රිය තෙමේ දකිම් දැයි ඇසුයේය.
|
1948
‘‘තෙ ජනා තං අවචිංසු, යෙ තත්ථාසුං සමාගතා;
තුම්හෙහි බ්රහ්මෙ පකතො, අතිදානෙන ඛත්තියො;
පබ්බාජිතො සකා රට්ඨා, වඞ්කෙ වසති පබ්බතෙ.
|
1948
යම්කිසිකෙනෙක් එහි රැස්වූවාහුද ඒ ජනතෙමේ ඔහුට “බ්‍රාහ්මණය රජතෙම බොහෝකොට දන්දීමෙන් තොප විසින් පෙළන ලද්දේ ස්වකීය රටින් පිටවී වංක පර්වතයෙහි වසයි”
|
1949
‘‘තුම්හෙහි බ්රහ්මෙ පකතො, අතිදානෙන ඛත්තියො;
ආදාය පුත්තදාරඤ්ච, වඞ්කෙ වසති පබ්බතෙ’’.
|
1949 |
1950
‘‘සො චොදිතො බ්රාහ්මණියා, බ්රාහ්මණො කාමගිද්ධිමා;
අඝං තං පටිසෙවිත්ථ, වනෙ වාළමිගාකිණ්ණෙ;
ඛග්ගදීපිනිසෙවිතෙ.
|
1950
බැමිණිය විසින් චොදනා කරණ ලද ඒ බ්‍රාහ්මණ තෙම කාමයෙන් ගිජුවූයේ කඟවේණුන් හා දිවියන් විසින් ගැවසීගත් වල්මෘගයන් ඇති වනයෙහි දුකක්ම වින්දේය.
|
1951
‘‘ආදාය බෙළුවං දණ්ඩං, අග්ගිහුත්තං කමණ්ඩලුං;
සො පාවිසි බ්රහාරඤ්ඤං, යත්ථ අස්සොසි කාමදං.
|
1951
බෙලිලීයද ගිනිපුදන හැන්දද කෙණ්ඩියද ගෙන යම් තැනෙක්හි බලාපොරොත්තු ඉටුවන්නේදැයි ඇසූයේද ඒ මහවනයට වැදුනේය.
|
1952
‘‘තං
වික්කන්දි සො විප්පනට්ඨො, දූරෙ පන්ථා අපක්කමි.
|
1952
මහවනයට වැදුන ඔහු ශුනකයෝ වට කරගත්හ. මංමුළාවූ ඔහු මහහඬින් කෑගැසුවේය. මාර්ගයෙන් ගියේය.
|
1953
‘‘තතො
වඞ්කස්සොරොහණෙ නට්ඨෙ, ඉමා ගාථා අභාසථ’’.
|
1953
වස්තු ලෝභී දුශ්ශීලවූ ඒ බ්‍රාහ්මණතෙම ගොස් වංක පර්වතයට යන මාර්ගයෙහි මංමුළාවූයේ මේ ගාථාවන් කීයේය.
|
1954
‘‘කො රාජපුත්තං නිසභං, ජයන්තමපරාජිතං;
භයෙ ඛෙමස්ස දාතාරං, කො මෙ වෙස්සන්තරං විදූ.
|
1954
“බියෙහි පිහිට වන්නාවූ නොපරදින, මසුරු සිත දුරු කළ අතිශ්‍රේෂ්ඨ රාජපුත්‍රයා කොහිද? මට වෙස්සන්තර කවරෙක් පෙන්වන්නෙහිද,
|
1955
‘‘යො යාචතං පතිට්ඨාසි, භූතානං ධරණීරිව;
ධරණූපමං මහාරාජං, කො මෙ වෙස්සන්තරං විදූ.
|
1955
“උපන් අයට පෘථිවිය මෙන් යමෙක් ඉල්වන්නන්ට පිහිට වේද, පොළොව හා සමාන වෙස්සන්තර මහ රජු කවරෙක් මට පෙන්වන්නෙහිද,
|
1956
‘‘යො යාචතං ගතී ආසි, සවන්තීනංව සාගරො;
සාගරූපමං
(උදධූපමං (සී. ස්‍යා. පී.), තථූපමං (ක.)) මහාරාජං, කො මෙ වෙස්සන්තරං විදූ.
|
1956
“ගංගාවන්ට සාගරය මෙන් ඉල්වන්නන්ට යම් පිහිටක් වේද, මහා සාගරය වැනි, වෙස්සන්තර මහ රජු කවරෙක් මට පෙන්වන්නෙහිද,
|
1957
‘‘කල්යාණතිත්ථං
පුණ්ඩරීකෙහි සඤ්ඡන්නං, යුත්තං කිඤ්ජක්ඛරෙණුනා;
රහදූපමං
(සරූපමං (ක.)) මහාරාජං, කො මෙ වෙස්සන්තරං විදූ.
|
1957
“යහපත් තොටුපල් ඇති අතිශයින් පිරිසිදුවූ සිහිල් දිය ඇති යහපත්වූ මල් රේනුවෙන් යුත් පියුමින් ගැවසීගත්තාවූ විලක් වැනිවූ වෙස්සන්තර මහ රජු කවරෙක් මට පෙන්වන්නෙහිද,
|
1958
‘‘අස්සත්ථංව පථෙ ජාතං, සීතච්ඡායං මනොරමං;
සන්තානං විසමෙතාරං, කිලන්තානං පටිග්ගහං;
තථූපමං මහාරාජං, කො මෙ වෙස්සන්තරං විදූ.
|
1958
මාර්ගයෙහිවූ සිසිල් සෙවන ඇති යහපත්වූ සත්වයන් විශ්‍රාම ගන්නාවූ ක්ලාන්තවූවන්ට පිහිට වන්නාවූ ඇසතු ගසක් මෙන්වූ වෙස්සන්තර මහ රජු කවරෙක් මට පෙන්වන්නෙහිද,
|
1959
‘‘නිග්රොධංව පථෙ ජාතං, සීතච්ඡායං මනොරමං;
සන්තානං විසමෙතාරං, කිලන්තානං පටිග්ගහං;
තථූපමං මහාරාජං, කො මෙ වෙස්සන්තරං විදූ.
|
1959
මාර්ගයෙහිවූ සිසිල් සෙවන ඇති යහපත්වූ සත්වයන් විශ්‍රාම ගන්නාවූ ක්ලාන්තවූවන්ට පිහිට වන්නාවූ නුගගසක් මෙන්වූ, වෙස්සන්තර මහ රජු කවරෙක් මට පෙන්වන්නෙහිද,
|
1960
‘‘අම්බං ඉව පථෙ ජාතං, සීතච්ඡායං මනොරමං;
සන්තානං
තථූපමං මහාරාජං, කො මෙ වෙස්සන්තරං විදූ.
|
1960
මාර්ගයෙහිවූ සිසිල් සෙවන ඇති යහපත්වූ සත්වයන් විශ්‍රාම ගන්නාවූ ක්ලාන්තවූවන්ට පිහිට වන්නාවූ අඹගසක් මෙන්වූ, වෙස්සන්තර මහ රජු කවරෙක් මට පෙන්වන්නෙහිද,
|
1961
‘‘සාලං ඉව පථෙ ජාතං, සීතච්ඡායං මනොරමං;
සන්තානං විසමෙතාරං, කිලන්තානං පටිග්ගහං;
තථූපමං මහාරාජං, කො මෙ වෙස්සන්තරං විදූ.
|
1961
මාර්ගයෙහිවූ සිසිල් සෙවන ඇති යහපත්වූ සත්වයන් විශ්‍රාම ගන්නාවූ ක්ලාන්තවූවන්ට පිහිට වන්නාවූ සල් ගසක් මෙන්වූ වෙස්සන්තර මහ රජු කවරෙක් මට පෙන්වන්නෙහිද,
|
1962
‘‘දුමං ඉව පථෙ ජාතං, සීතච්ඡායං මනොරමං;
සන්තානං විසමෙතාරං, කිලන්තානං පටිග්ගහං;
තථූපමං මහාරාජං, කො මෙ වෙස්සන්තරං විදූ.
|
1962
මාර්ගයෙහිවූ සිසිල් සෙවන ඇති යහපත්වූ සත්වයන් විශ්‍රාම ගන්නාවූ ක්ලාන්තවූවන්ට පිහිට වන්නාවූ වෘක්ෂයක් මෙන්වූ වෙස්සන්තර මහ රජු කවරෙක් මට පෙන්වන්නෙහිද,
|
1963
‘‘එවඤ්ච
අහං ජානන්ති යො වජ්ජා, නන්දිං සො ජනයෙ මම.
|
1963
මෙසේ මහවනයට වැද විලාප කියන්නාවූ මට ‘මම දනිමියි’ යමෙක් කියන්නේද හෙතෙම මට සතුටක් උපදවන්නේය.
|
1964
‘‘එවඤ්ච මෙ විලපතො, පවිට්ඨස්ස බ්රහාවනෙ;
අහං ජානන්ති යො වජ්ජා, තාය සො එකවාචාය;
පසවෙ පුඤ්ඤං අනප්පකං’’.
|
1964
මෙසේ මහවනයට වැද විලාප කියන්නාවූ මට ‘මම දනිමියි’ යමෙක් කියන්නේද ඔහු විසින් එක වචනයෙන් බොහෝ පින් රැස් කරන්නේය.”
|
1965
‘‘තස්ස චෙතො පටිස්සොසි, අරඤ්ඤෙ ලුද්දකො චරං;
තුම්හෙහි බ්රහ්මෙ පකතො, අතිදානෙන ඛත්තියො;
පබ්බාජිතො සකා රට්ඨා, වඞ්කෙ වසති පබ්බතෙ.
|
1965
ඔහුට වනයෙහි හැසිරෙන්නාවූ වැද්දෙකුවූ චෙතරට වැසියෙක් මෙසේ පිළිවදන් දුන්නේය. “බ්‍රාහ්මණයෙනි, තොප විසින් ක්ෂත්රියතෙම ඉතා දන්දීම නිසා උපද්‍රවයට පමුණුවන ලදී. සිය රටින් පිට මං කරන ලද්දේ වංක පර්වතයෙහි වෙසෙයි.
|
1966
‘‘තුම්හෙහි බ්රහ්මෙ පකතො, අතිදානෙන ඛත්තියො;
ආදාය
|
1966
“බ්‍රාහ්මණය, රජතෙම බොහෝ දන්දීම නිසා තොප විසින් හිංසාවට පමුණුවන ලද්දාහ. අඹුදරුවන් රැගෙන විත් වංක පර්වතයෙහි වසයි.
|
1967
‘‘අකිච්චකාරී දුම්මෙධො, රට්ඨා පවනමාගතො;
රාජපුත්තං ගවෙසන්තො, බකො මච්ඡමිවොදකෙ.
|
1967
“ජලයෙහි කොකෙකු මසකු මෙන් රාජපුත්‍රයා සොයමින් රටින් වනයට ආ තෝ නුසුදුසු දේ කරන මෝඩයෙකි.
|
1968
‘‘තස්ස
අයඤ්හි තෙ මයා නුන්නො
(මයා’රුළ්හො (ක.)), සරො පිස්සති ලොහිතං.
|
1968
“බමුණ, මෙහි තොපට ජීවත් වන්නට නොදෙමි. මා විසින් හරින ලද මේ ඊය තොපගේ ලෙය බොන්නේය.
|
1969
‘‘සිරො තෙ වජ්ඣයිත්වාන, හදයං ඡෙත්වා සබන්ධනං;
පන්ථසකුණං
(බන්ධසකුණං (ක.)) යජිස්සාමි, තුය්හං මංසෙන බ්‍රාහ්මණ.
|
1969
“තොපගේ හිස සිඳ අතුනුබහන් සහිත හෘදය මාංශය රැගෙන තොපගේ ශරීර මාංශයෙන් මාර්ග දේවතාවන් පුදන්නෙමි
|
1970
‘‘තුය්හං මංසෙන මෙදෙන, මත්ථකෙන ච බ්‍රාහ්මණ;
ආහුතිං පග්ගහෙස්සාමි, ඡෙත්වාන හදයං තව.
|
1970
“බමුණ, තාගේ පපුමස් කපා තාගේ මසින්ද මෙද තෙලින්ද හිස්මුදුනෙන්ද යාග පූජා කරන්නෙමි.
|
1971
‘‘තං මෙ සුයිට්ඨං සුහුතං, තුය්හං මංසෙන බ්‍රාහ්මණ;
න ච ත්වං රාජපුත්තස්ස, භරියං පුත්තෙ ච නෙස්සසි’’.
|
1971
“බමුණ මා විසින් තොපගේ මාශයෙන් එය යහපත් කොට පුදනලද්දේ යහපත් කොට හෝම කරන ලද්දේ තෝ රාජ පුත්‍රයාගේ භාර්‍ය්‍යාව හෝ පුත්‍රයන් හෝ ගෙන නොයන්නෙහිය”
|
1972
‘‘අවජ්ඣො බ්රාහ්මණො දූතො, චෙතපුත්ත සුණොහි මෙ;
තස්මා හි දූතං න හන්ති, එස ධම්මො සනන්තනො.
|
1972
“චේත පුත්‍රයෙනි මා කියන්නක් අසව. බ්‍රාහ්මණ දූතතෙමේ වධයට නොසුදුසුය. එහෙයින් දූතයා නොනසත්. මේ ධර්මය පෙර සිට පැවත එන්නකි.
|
1973
‘‘නිජ්ඣත්තා සිවයො සබ්බෙ, පිතා නං දට්ඨුමිච්ඡති;
මාතා ච දුබ්බලා තස්ස, අචිරා චක්ඛූනි ජීයරෙ.
|
1973
“සියලු සිවිරටේ මිනිස්සු මම මෙසේ හැඳින්වූහ. පියතෙමේ වෙස්සන්තර දකින්ට කැමැත්තෙන් සිටී. ඔහුගේ මව්තොමෝද දුර්වලය. ටික කාලයකින්ම ඇගේ ඇස් ඇඬීමෙන් දියවී යන්නේය.
|
1974
‘‘තෙසාහං පහිතො දූතො, චෙතපුත්ත සුණොහි මෙ;
රාජපුත්තං නයිස්සාමි, යදි ජානාසි සංස මෙ.
‘‘පියස්ස මෙ පියො දූතො, පුණ්ණපත්තං දදාමි තෙ’’;
|
1974
“චේත පුත්‍රය, මට ඇහුම්කන් දෙව. මම ඔවුන් විසින් එවන ලද දූතයෙක්මි. රාජපුත්‍රයා ගෙන යන්නෙමි. ඉදින් දන්නෙහි නම් මට කියව.
|
1975
‘‘ඉමඤ්ච
තඤ්ච
|
1975
“ඔබ මට ප්‍රියවූ වෙස්සන්තරගේ ප්‍රිය දූතයෙකි. ඔබට සතුටු පඬුරක් දෙමි. බමුණ මේ මී පැණි ලබ්බද මුව ගාතයද දෙමි. තොපට යම්තැනක කැමතිදේ ලැබේද, ඒ දෙශයද කියන්නෙමි”
|
1976
‘‘එස සෙලො මහාබ්රහ්මෙ, පබ්බතො ගන්ධමාදනො;
යත්ථ වෙස්සන්තරො රාජා, සහ පුත්තෙහි සම්මති.
|
1976
“මහා බ්‍රාහ්මණය, යම්තැනෙක්හි දරුවන් සහ වෙස්සන්තර රජතෙම වසාද අර පෙනෙන්නේ ගන්ධ මාදන නම් ගල් පර්වතයයි”
|
1977
‘‘ධාරෙන්තො බ්රාහ්මණවණ්ණං, ආසදඤ්ච
(ආසටඤ්ච (ක.)) මසං ජටං;
චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සති.
|
1977
“කෙක්කද, ගිනි පුදන හැන්දද, ජටාවද දරමින් සම් අඳිමින් බිම හොවියි. ගින්න නමස්කාර කරයි.
|
1978
‘‘එතෙ නීලා පදිස්සන්ති, නානාඵලධරා දුමා;
උග්ගතා අබ්භකූටාව, නීලා අඤ්ජනපබ්බතා.
|
1978
“මේ නිල්වූ නොයෙක් ගෙඩි දරණ වෘක්ෂයෝ දක්නා ලැබෙත්. අඳුන් පර්වතයන් හා නිල්වලාකුළු මෙන් උඩට නැංගාහ.
|
1979
‘‘ධවස්සකණ්ණා ඛදිරා, සාලා ඵන්දනමාලුවා;
සම්පවෙධන්ති වාතෙන, සකිං පීතාව මාණවා.
|
1979
“එකවරක් පමණ බිව් මත්පැන් පානය කරන්නන් මෙන් ධවය අශ්වකර්ණය කිහිරිය යන ගස්ද, සල් ගස්ද, කොලොම්ගස්ද මාලුවා වැල්ද වාතයෙන් වෙවුලත්.
|
1980
‘‘උපරි
නජ්ජුහා කොකිලසඞ්ඝා
(කොකිලා සිඞ්ඝා (ක.)), සම්පතන්ති දුමා දුමං.
|
1980
“වෘක්ෂ ශාඛාවන් මත්තෙහි සංගීතයක්ම ඇසෙනු ලැබේ. නෘත්‍යයට ප්‍රිය කොවුල් සමූහය වෘක්ෂයෙන් වෘක්ෂය පනිත්.
|
1981
‘‘අව්හයන්තෙව ගච්ඡන්තං, සාඛාපත්තසමීරිතා;
රමයන්තෙව ආගන්තං, මොදයන්ති නිවාසිනං;
යත්ථ වෙස්සන්තරො රාජා, සහ පුත්තෙහි සම්මති.
|
1981
“සෙලවෙන අතු කොළ යන්නහු කැඳවන්නාක් මෙන් පැමිණීමට කැමති කරවන්නා මෙනි. යම්තැනෙක්හි වෙස්සන්තර රජතෙම පුත්‍රයන් සමග සිටීද එහි සිටින්නහු ප්‍රිය කරවයි.
|
1982
‘‘ධාරෙන්තො බ්රාහ්මණවණ්ණං, ආසදඤ්ච මසං ජටං;
චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සති.
|
1982
“කෙක්කද, ගිනි පුදන හැන්දද, ජටාවද දරමින් සම් අඳිමින් බිම හොවියි. ගින්න නමස්කාර කරයි.
|
1983
‘‘අම්බා කපිත්ථා පනසා, සාලා ජම්බූ විභීතකා;
හරීතකී ආමලකා, අස්සත්ථා බදරානි ච.
|
1983
“අඹද දිවුල්ද, කොස්ද, සල්ද, දඹද, බුළුද, අරළුද, නෙල්ලිද, බෝගස්ද, මසන්ද,
|
1984
‘‘චාරුතිම්බරුක්ඛා
මධුමධුකා ථෙවන්ති, නීචෙ පක්කා චුදුම්බරා.
|
1984
“යහපත් තිඹිරිගස්ද, නුගද, දිවුල් ද මෙහි ඇත්තාහ. මීමැස්සෝ මීපැණි වගුරුවත්. බාගෙට පැසුණු දිවුල්ද ඇත්තාහ.
|
1985
‘‘පාරෙවතා භවෙය්යා ච, මුද්දිකා ච මධුත්ථිකා;
මධුං අනෙලකං තත්ථ, සකමාදාය භුඤ්ජරෙ.
|
1985
“පරෙවියෝද වන්නාහ. මිදිද ඇත්තාහ. මී කැමැත්තෝ පිරිසිදුවී තෙමේම ගෙන බොත්.
|
1986
‘‘අඤ්ඤෙත්ථ
අඤ්ඤෙ ආමා ච පක්කා ච, භෙකවණ්ණා තදූභයං.
|
1986
“තවත් තැනක පිපුණු අඹය, තවත් ගෙඩි හටගන්නා අඹය. තවත් අමුවූද පැසුණාවූ ද මැඩි පිට පාට ඇති අඹවෙත්.
|
1987
‘‘අථෙත්ථ හෙට්ඨා පුරිසො, අම්බපක්කානි ගණ්හති;
ආමානි චෙව පක්කානි, වණ්ණගන්ධරසුත්තමෙ.
|
1987
“නැවත මේ තන්හි යට සිටි පුරුෂයා වර්ණයෙන් හා සුවඳින් උතුම් අඹගෙඩි ගනියි.
|
1988
‘‘අතෙව මෙ අච්ඡරියං, හිඞ්කාරො පටිභාති මං;
දෙවානමිව ආවාසො, සොභති නන්දනූපමො.
|
1988
“මට ඉතා පුදුමයි. මට නුදුන් වනය ඉඟිකිරීමක් මෙන් වැටහෙයි. දෙවියන්ගේ වාසස්ථානයක් මෙන් හොබියි.
|
1989
‘‘විභෙදිකා නාළිකෙරා, ඛජ්ජුරීනං බ්රහාවනෙ;
මාලාව ගන්ථිතා ඨන්ති, ධජග්ගානෙව දිස්සරෙ;
නානාවණ්ණෙහි පුප්ඵෙති, නභං තාරාචිතාමිව.
|
1989
“මහ වනයෙහි තල්ගස්ද පොල්ගස්ද ඉඳිගස්ද මල් මාලාවක් මෙන් වෙලී සිටිත්. කොඩි මුදුන් මෙන් පෙනෙත්. නොයෙක් පාට ඇති මල්වලින් තරුවලින් සරසන ලද අහස මෙනි.
|
1990
‘‘කුටජී කුට්ඨතගරා, පාටලියො ච පුප්ඵිතා;
පුන්නාගා ගිරිපුන්නාගා, කොවිළාරා ච පුප්ඵිතා.
|
1990
“පිපුණාවූ කෙලිඳ ගස්ද කොට්ටම් ගස්ද තුවරලාද පලොල්ද පිපුනාවූ දොඹගස්ද මහදොඹ ගස්ද කොබෝලීලද කඳු කොබෝලීලද,
|
1991
‘‘උද්දාලකා සොමරුක්ඛා, අගරුඵල්ලියා
(අගරුභල්ලියා (සී. ස්‍යා. පී.)) බහූ;
පුත්තජීවා
(පුටජීවා (ක.)) ච කකුධා, අසනා චෙත්ථ පුප්ඵිතා.
|
1991
“බොහෝවූ ඇසළ ගස්ද, සෝම ගස්ද, අගිල්ද, බදුල්ල ගස්ද පුත්තජිවනම් ගස්ද කුඹුක් ගස් ද පියාගස් ද පිපුණාහ.
|
1992
‘‘කුටජා සලළා නීපා
(නිම්බා (ක.)), කොසම්බා ලබුජා ධවා;
සාලා ච පුප්ඵිතා තත්ථ, පලාලඛලසන්නිභා.
|
1992
“කෙලින්ද ගස්ද හල් ගස්ද මිදෙල්ලද කොහොඹද රට දෙල් ද කිහිරිගස්ද එහි පිදුරු කලවිටක් සමාන සල් ගස්ද පිපුණාහ.
|
1993
‘‘තස්සාවිදූරෙ
පදුමුප්පලසඤ්ඡන්නා, දෙවානමිව නන්දනෙ.
|
1993
ඊට සමීප යහපත් භූමිභාගයෙහි දෙවියන්ගේ නදුන් උයන බඳු පියුම් උපුල් වලින් යුත් පොකුණක් ඇත.
|
1994
‘‘අථෙත්ථ
අභිනාදෙන්ති පවනං, උතුසම්පුප්ඵිතෙ දුමෙ.
|
1994
නැවත මල් පැනියෙන් මත්වූ යහපත්ව නාද කරණ කොවුලෝ ඍතු ගුණයෙන් පිපුණාවූ වෘක්ෂයන්හි වාතය ඒකනින්නාද කරවයි.
|
1995
‘‘භස්සන්ති මකරන්දෙහි, පොක්ඛරෙ පොක්ඛරෙ මධූ;
අථෙත්ථ වාතා වායන්ති, දක්ඛිණා අථ පච්ඡිමා;
පදුමකිඤ්ජක්ඛරෙණූහි, ඔකිණ්ණො හොති අස්සමො.
|
1995
පියුම් පතක් පතක් පාසා නෙළුම්වලින් රේණු වැටී පොකුරුමී ඇතිවේ. ඉක්බිති මෙහි දකුණින් ද බටහිරින් ද වාතයෝ හමත්. පන්සල මල් කෙසරු රේණුන්ගෙන් ගැවසුණේ විය.
|
1996
‘‘ථූලා සිඞ්ඝාටකා චෙත්ථ, සංසාදියා පසාදියා
(සංසාරියා පසාරියා (ක.));
මච්ඡකච්ඡපබ්යාවිද්ධා, බහූ චෙත්ථ මුපයානකා;
මධුං භිසෙහි සවති, ඛිරසප්පිමුළාලිභි.
|
1996
මෙහි සතර මංසන්ධි මහත්ය. කුඩාහැල්ද ඌරු හැල්ද ඇත. මස් කැස්බන් එක එකා පිටිපසින් යන්නාහ. මෙහි කකුළුවෝ බොහෝය. නෙළුම් අලවලින් මී වැගිරෙයි. නෙළුඹුදැලි වලින් ගිතෙල් හා කිරි වැගිරෙයි.
|
1997
‘‘සුරභී
සම්මද්දතෙව
(සමොදතෙව (ක.)) ගන්ධෙන, පුප්ඵසාඛාහි තං වනං;
භමරා පුප්ඵගන්ධෙන, සමන්තා මභිනාදිතා.
|
1997
“ඒ වනයෙහි නොයෙක් සුවඳින් මිශ්‍රවූ සුවඳවත් වාතය හමයි. ඒ වනය සුවඳ ඇති මල් අතුවලින් දැඩිසේ සුවඳ කරයි. මී මැස්සෝ මල් සුවඳින් හාත්පස ශබ්ද පවත් වන්නාහ.
|
1998
‘‘අථෙත්ථ සකුණා සන්ති, නානාවණ්ණා බහූ දිජා;
මොදන්ති සහ භරියාහි, අඤ්ඤමඤ්ඤං පකූජිනො.
|
1998
“නැවත එහි නානාප්‍රකාරවූ බොහෝ පක්ෂීහු ඇත්තාහ. ඔවුන් ඔවුනොවුන් පක්ෂිධෙනූන් සමග නාද කරමින් සතුටු වෙත්.
|
1999
‘‘නන්දිකා ජීවපුත්තා ච, ජීවපුත්තා පියා ච නො;
පියා පුත්තා පියා නන්දා, දිජා පොක්ඛරණීඝරා.
|
1999
“පොකුණෙහි වසන පක්ෂීහු නන්දිකා, ජිවපුත්තා පියපුත්තා පියානන්දා යන නම් ඇත්තාහුය.
|
2000
‘‘මාලාව ගන්ථිතා ඨන්ති, ධජග්ගානෙව දිස්සරෙ;
නානාවණ්ණෙහි පුප්ඵෙහි, කුසලෙහෙව සුගන්ථිතා
(සුගන්ථිකා (සී. පී.));
යත්ථ
|
2000
“(ඔව්හු) දක්ෂයන් විසින් නොයෙක් පාට ඇති මලින් ගොතන ලද සුවඳ කැවූ මල් මාලාවක් මෙන් සිටිත්. කොඩි මුදුන් මෙන් පෙනෙත්. එහි වෙස්සන්තර රජතෙම දරුවන් සමග වාසය කරයි.
|
2001
‘‘ධාරෙන්තො බ්රාහ්මණවණ්ණං, ආසදඤ්ච මසං ජටං;
චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සති’’.
|
2001
“කෙක්කද, ගිනි පුදන හැන්දද, ජටාවද දරමින් සම් අඳිමින් බිම හොවියි. ගින්න නමස්කාර කරයි.
|
2002
‘‘ඉදඤ්ච මෙ සත්තුභත්තං, මධුනා පටිසංයුතං;
මධුපිණ්ඩිකා ච සුකතායො, සත්තුභත්තං දදාමි තෙ’’.
|
2002
“මී පැණියෙන් මිශ්‍ර කරණ ලද මාගේ මේ අත්සුනු ආහාරයද යහපත්කොට කරණලද මී හා පොරිද යන මේ ආහාරය තොපට දෙමි.”
|
2003
‘‘තුය්හෙව සම්බලං හොතු, නාහං ඉච්ඡාමි සම්බලං;
ඉතොපි බ්රහ්මෙ ගණ්හාහි, ගච්ඡ බ්රහ්මෙ යථාසුඛං.
|
2003
මාර්ගොපකරණ තොපටම වේවා. මම මාර්ගොපකරණ බලාපොරොත්තු නොවෙමි. බ්‍රාහ්මණය මගෙන්ද රැගෙන සුවසේ යව.
|
2004
‘‘අයං එකපදී එති, උජුං ගච්ඡති අස්සමං;
ඉසීපි අච්චුතො තත්ථ, පඞ්කදන්තො රජස්සිරො;
ධාරෙන්තො බ්රාහ්මණවණ්ණං, ආසදඤ්ච මසං ජටං.
|
2004
“මේ අඩිපාරක් හමුවේ. එය කෙලින්ම ආශ්රමයටය. එහි මඩපාට දත් ඇති ධූලිවැකුණු ශරීර ඇති බමුණු වෙසක් දරණ අච්චිත නම් ඍෂිවරයෙක් ඇත්තේය. හෙතෙම අකුස්සක්ද ගිනි පුදන හැන්දක්ද ජටාවක්ද දරයි.
|
2005
‘‘චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සති;
තං ත්වං ගන්ත්වාන පුච්ඡස්සු, සො තෙ මග්ගං පවක්ඛති’’.
|
2005
“සම් අඳින්නේ බිම හොවියි. ගින්නට නමස්කාර කරයි ඔබ ඔහු ළඟට ගොස් විචාරව, හෙතෙම ඔබට මග කියයි.”
|
2006
ඉදං
උදග්ගචිත්තො පක්කාමි, යෙනාසි අච්චුතො ඉසි.
|
2006
බමුණු තෙමේ මෙය අසා චේත පුත්‍රයා වට කැරකැවී වැඳ අච්චූත තාපසතෙමේ යම්තැනෙක්හිද සතුටු සිතින් ගියේය.
|
2007
ගච්ඡන්තො
දිස්වාන තං භාරද්වාජො, සම්මොදි ඉසිනා සහ.
|
2007
යන්නාවූ ඒ බ්‍රාහ්මණතෙමේ අච්චුත තාපසයා දුටුවේය. බ්‍රාහ්මණතෙම ඔහු දැක තාපසයා සමග සතුටුවිය.
|
2008
‘‘කච්චි නු භොතො කුසලං, කච්චි භොතො අනාමයං;
කච්චි උඤ්ඡෙන යාපෙසි, කච්චි මූලඵලා බහූ.
|
2008
“පින්වත සැප කෙසේද කිමෙක්ද, පින්වත්හට දුකක්නැද්ද, කිමෙක්ද, සිඟීමෙන් ජීවත්වන්නෙහිද? කිමෙක් මුල් ඵල බොහෝ ලැබේද?
|
2009
‘‘කච්චි ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා;
වනෙ
|
2009
“කිමෙක්ද, ඩැහැ ලේ බොන මැස්සෝද, මදුරුවෝද සර්පයෝද අඩුද? වල්මුවන් ඇති වනයෙහි හිංසාවක් නැත්තේද?”
|
2010
‘‘කුසලඤ්චෙව මෙ බ්රහ්මෙ, අථො බ්රහ්මෙ අනාමයං;
අථො උඤ්ඡෙන යාපෙමි, අථො මූලඵලා බහූ.
|
2010
“බ්‍රාහ්මණය, මට යහපති. බ්‍රාහ්මණය, නැවතද මට දුකක් නැත. නැවතද පිඩු සිඟීමෙන් යැපෙමි. නැවතද මුල් ඵල බොහෝයි.
|
2011
‘‘අථො ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා;
වනෙ වාළමිගාකිණ්ණෙ, හිංසා මය්හං න විජ්ජති.
|
2011
“නැවත ඩැහැ ලේ බොන මැස්සෝද, මදුරුවෝද අඩුය. චණ්ඩ මෘගයන්ගෙන් ගැවසීගත් වනයෙහි මට හිංසාවක් නැත.
|
2012
‘‘බහූනි වස්සපූගානි, අස්සමෙ වසතො මම;
නාභිජානාමි උප්පන්නං, ආබාධං අමනොරමං.
|
2012
“වර්ෂ බොහෝ ගණනක් ආශ්‍රමයෙහි වසන්නාවූ මට සිතට අප්‍රිය ලෙඩක් ඇතිවූ බවක් නොදනිමි.
|
2013
‘‘ස්වාගතං තෙ මහාබ්රහ්මෙ, අථො තෙ අදුරාගතං;
අන්තො පවිස භද්දන්තෙ, පාදෙ පක්ඛාලයස්සු තෙ.
|
2013
“මහණ බමුණ තොපට යහපත් පැමිණීමක් වේවා. නැවත ඔබට අදූරාගමනය වේවා. පින්වතානෙනි ඇතුළට එන්න. ඔබගේ පාදයන් සෝදාගන්න.
|
2014
‘‘තින්දුකානි පියාලානි, මධුකෙ කාසුමාරියො;
ඵලානි ඛුද්දකප්පානි, භුඤ්ජ බ්රහ්මෙ වරං වරං.
|
2014
“බ්‍රාහ්මණය උතුම් උතුම්වූ තිඹිරිද, කෝන්ද, මිහිරී කාසුමාරියද, යන කුඩා සුදුසු, හොඳ හොඳ ගෙඩි වර්ග අනුභව කරන්න
|
2015
‘‘ඉදම්පි පානීයං සීතං, ආභතං ගිරිගබ්භරා;
තතො පිව මහාබ්රහ්මෙ, සචෙ ත්වං අභිකඞ්ඛසි’’.
|
2015
“මහාබ්‍රහ්මය, ඉදින් ඔබ කැමැත්තෙහි නම් පර්වත කුහරයෙන් ගෙන ආ සිහිල්වූ මේ පැන් පානය කරණු මැනව”
|
2016
‘‘පටිග්ගහිතං යං දින්නං, සබ්බස්ස අග්ඝියං කතං;
සඤ්ජයස්ස සකං පුත්තං, සිවීහි විප්පවාසිතං;
තමහං දස්සනමාගතො, යදි ජානාසි සංස මෙ’’.
|
2016
“යමක් දෙනලද්දේද, එය පිළිගන්නාලදී. සියල්ල අගයකොට සලකමි. සඤ්ජයගේ ස්වකීය පුත්‍රයා සිවීන් විසින් රටින් පිටකරණලදී. මම ඔහු දැකීමට පැමිණියෙමි. ඉදින් දන්නෙහි නම් මට කියන්න.”
|
2017
‘‘න
මඤ්ඤෙ භවං පත්ථයති, රඤ්ඤො භරියං පතිබ්බතං;
මඤ්ඤෙ කණ්හාජිනං දාසිං, ජාලිං දාසඤ්ච ඉච්ඡසි.
|
2017
“පින්වතා සිවි රජු පින් පිණිස දැකීමට නොඑයි. රජුගේ පතිව්රතා භාර්‍ය්‍යාව පින්වතා පතන්නෙහියයි සිතමි.”
|
2018
‘‘අථ වා තයො මාතාපුත්තෙ, අරඤ්ඤා නෙතුමාගතො;
න
|
2018
“කෘෂ්ණජිනාව දාසියකකොට බලාපොරොත්තු වෙමියි සිතමි. ජාලිය කුමාරයා දාසයෙකුකොට බලාපොරොත්තු වෙහිද, නොහොත් තුන් මව් පුතුන් කැලෙන් ගෙනයන්ට ආයෙහිද? බමුණ, ධන ධාන්‍ය භොගයක් ඔහුට විද්‍යමාන නොවේ.”
|
2019
‘‘අකුද්ධරූපොහං
සාධු දස්සනමරියානං, සන්නිවාසො සදා සුඛො.
|
2019
“මම කෝපයෙන් තොර ස්වභාව ඇත්තේ වෙමි. මම පින්වතාගෙන් ඉල්වන්නට නොපැමිණියෙමි. ආර්‍ය්‍යයන්ගේ දැකීම යහපත්ය. එකට වාසය හැමකල්හි සැපය.
|
2020
‘‘අදිට්ඨපුබ්බො සිවිරාජා, සිවීහි විප්පවාසිතො;
තමහං දස්සනමාගතො, යදි ජානාසි සංස මෙ’’.
|
2020
“සිවීන් විසින් පිටුවහල් කරණලද සිවිරජු නුදුටුයෙමි. මම ඔහු දක්නට ආමි. ඉදින් දනිහි නම් කියව.
|
2021
‘‘එස සෙලො මහාබ්රහ්මෙ, පබ්බතො ගන්ධමාදනො;
යත්ථ වෙස්සන්තරො රාජා, සහ පුත්තෙහි සම්මති.
|
2021
“මහා බ්‍රාහ්මණය, යම්තැනෙක්හි දරුවන් සහ වෙස්සන්තර රජතෙම වසාද අර පෙනෙන්නේ ගන්ධ මාදන නම් ගල් පර්වතයයි”
|
2022
‘‘ධාරෙන්තො බ්රාහ්මණවණ්ණං, ආසදඤ්ච මසං ජටං;
චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සති.
|
2022
“කෙක්කද, ගිනි පුදන හැන්දද, ජටාවද දරමින් සම් අඳිමින් බිම හොවියි. ගින්න නමස්කාර කරයි.
|
2023
‘‘එතෙ නීලා පදිස්සන්ති, නානාඵලධරා දුමා;
උග්ගතා අබ්භකූටාව නීලා අඤ්ජනපබ්බතා.
|
2023
“මේ නිල්වූ නොයෙක් ගෙඩි දරණ වෘක්ෂයෝ දක්නා ලැබෙත්. අඳුන් පර්වතයන් හා නිල්වලාකුළු මෙන් උඩට නැංගාහ.
|
2024
‘‘ධවස්සකණ්ණා ඛදිරා, සාලා ඵන්දනමාලුවා;
සම්පවෙධන්ති වාතෙන, සකිං පීතාව මාණවා.
|
2024
“එකවරක් පමණ බිව් මත්පැන් පානය කරන්නන් මෙන් ධවය අශ්වකර්ණය කිහිරිය යන ගස්ද, සල් ගස්ද, කොලොම්ගස්ද මාලුවා වැල්ද වාතයෙන් වෙවුලත්.
|
2025
‘‘උපරි දුමපරියායෙසු, සඞ්ගීතියොව සුය්යරෙ;
නජ්ජුහා කොකිලසඞ්ඝා, සම්පතන්ති දුමා දුමං.
|
2025
“වෘක්ෂ ශාඛාවන් මත්තෙහි සංගීතයක්ම ඇසෙනු ලැබේ. නෘත්‍යයට ප්‍රිය කොවුල් සමූහය වෘක්ෂයෙන් වෘක්ෂය පනිත්.
|
2026
‘‘අව්හයන්තෙව ගච්ඡන්තං, සාඛාපත්තසමීරිතා;
රමයන්තෙව ආගන්තං, මොදයන්ති නිවාසිනං;
යත්ථ වෙස්සන්තරො රාජා, සහ පුත්තෙහි සම්මති.
|
2026
“සෙලවෙන අතු කොළ යන්නහු කැඳවන්නාක් මෙන් පැමිණීමට කැමති කරවන්නා මෙනි. යම්තැනෙක්හි වෙස්සන්තර රජතෙම පුත්‍රයන් සමග සිටීද එහි සිටින්නහු ප්‍රිය කරවයි.
|
2027
‘‘ධාරෙන්තො බ්රාහ්මණවණ්ණං, ආසදඤ්ච මසං ජටං;
චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සති.
|
2027
“කෙක්කද, ගිනි පුදන හැන්දද, ජටාවද දරමින් සම් අඳිමින් බිම හොවියි. ගින්න නමස්කාර කරයි.
|
2028
‘‘කරෙරිමාලා
සද්දලාහරිතා භූමි, න තත්ථුද්ධංසතෙ රජො.
|
2028
“යහපත් භූමි ප්‍රදේශයෙහි ලුනුවරණ මල් පැතිරී ඇත්තාහ. පොළොව අළු තණකොළ වලින් නිල්පාටය. එහි ධූලි නොනඟී.
|
2029
‘‘මයූරගීවසඞ්කාසා, තූලඵස්සසමූපමා;
තිණානි නාතිවත්තන්ති, සමන්තා චතුරඞ්ගුලා.
|
2029
“මොණර කරක් හා සමානවූ පුළුන්වලට සම ස්පර්ශ ඇති තණකොළ අඟල් සතරකට වඩා උසට නොවැඩෙත්.
|
2030
‘‘අම්බා ජම්බූ කපිත්ථා ච, නීචෙ පක්කා චුදුම්බරා;
පරිභොගෙහි රුක්ඛෙහි, වනං තං රතිවඩ්ඪනං.
|
2030
“අඹ දඹ දිවුල් බාගෙට පැසුනු අට්ටික්කාද යන ප්‍රයෝජනයට ගන්නා වෘක්ෂයන්ගෙන් ඒ වනය ආසා වැඩි කරයි.
|
2031
‘‘වෙළුරියවණ්ණසන්නිභං
සුචිං සුගන්ධං සලිලං, ආපො තත්ථපි සන්දති.
|
2031
“වෙරළුමිණි මාණික්‍ය වැනි මත්ස්‍ය සමූහයා නිති හැසිරෙන පිරිසිදු සුවඳවත් ජලය ඇත. එහි දියද ගලායයි.
|
2032
‘‘තස්සාවිදූරෙ පොක්ඛරණී, භූමිභාගෙ මනොරමෙ;
පදුමුප්පලසඤ්ඡන්නා, දෙවානමිව නන්දනෙ.
|
2032
ඊට නුදුරුතැන යහපත් භූමිප්‍රදේශයක. දෙවියන්ගේ නදුන් වනය මෙන් පියුම් උපුල්වලින් ගැවසීගත් පොකුණු වෙයි.
|
2033
‘‘තීණි උප්පලජාතානි, තස්මිං සරසි බ්‍රාහ්මණ;
විචිත්තං නීලානෙකානි, සෙතා ලොහිතකානි ච.
|
2033
“බමුණ ඒ විලෙහි විසිතුරු නොයෙක් නිල් සුදු රතු ත්‍රිවිධ උපුල් මල්වලින් යුක්තය.
|
2034
‘‘ඛොමාව තත්ථ පදුමා, සෙතසොගන්ධිකෙහි ච;
කලම්බකෙහි සඤ්ඡන්නො, මුචලින්දො නාම සො සරො.
|
2034
“එහි (කොමු) සුදුපාට ඇත්තාවූද, පියුම්වලින්ද සුදුපාට ඇති හෙල්මැලි වලින්ද, කලම්බක නම් මල්වලින්ද යුක්තවූ මුචලින්ද නම් විල දක්නාලැබේ.
|
2035
‘‘අථෙත්ථ පදුමා ඵුල්ලා, අපරියන්තාව දිස්සරෙ;
ගිම්හා හෙමන්තිකා ඵුල්ලා, ජණ්ණුතග්ඝා උපත්ථරා.
|
2035
“මෙහි පිපුනාවූ පියුම් සීමාවක් නැතිව තිබෙත්. ග්‍රීෂ්ම හා හිම වැටෙන කාලයන්හි පිපුනාවූ පියුම් දන පමණ වෙත්
|
2036
‘‘සුරභී සම්පවායන්ති, විචිත්තපුප්ඵසන්ථතා;
භමරා පුප්ඵගන්ධෙන, සමන්තා මභිනාදිතා.
|
2036
“විචිත්‍රවූ මල් ඇතිරි වලින් සුවඳ හමත්. මල් ගඳින් මීමැස්සෝ හාත්පස නාදකරන්නාහ.
|
2037
‘‘අථෙත්ථ උදකන්තස්මිං, රුක්ඛා තිට්ඨන්ති බ්‍රාහ්මණ;
කදම්බා පාටලී ඵුල්ලා, කොවිළාරා ච පුප්ඵිතා.
|
2037
“බමුණ, නැවත මෙහි දිය කෙළවර පිපුණාවූ කොළොම් ගස්ද, පලොල්ගස්ද, කොවිළාර ගස්ද තිබෙත්.
|
2038
‘‘අඞ්කොලා කච්ඡිකාරා ච, පාරිජඤ්ඤා ච පුප්ඵිතා;
වාරණා
|
2038
“පිපුණාවූ රුක්අඟුනද, කච්චිකාරද, පාරිජඤ්ඤද නා ගස්ද, මුචලින්ද විල අවට තිබෙත්.
|
2039
‘‘සිරීසා සෙතපාරිසා
(සෙතවාරිසා (සී. පී.)), සාධු වායන්ති පද්මකා;
නිග්ගුණ්ඩී සිරීනිග්ගුණ්ඩී
(සරනිග්ගුණ්ඩී (ක.)), අසනා චෙත්ථ පුප්ඵිතා.
|
2039
“මහරිගස්ද, සෙතපාරීසද, පියුම්ද, යහපත්කොට හමයි. මෙහි පිපුනාවූ නික ගස්ද, කළුනිකද, පියාගස්ද වෙත්.
|
2040
‘‘පඞ්ගුරා
(පඞ්කුරා (ස්‍යා.), පඞ්ගුලා (ක.)) බහුලා සෙලා, සොභඤ්ජනා ච පුප්ඵිතා;
කෙතකා කණිකාරා ච, කනවෙරා ච පුප්ඵිතා.
|
2040
“පිපුනාවූ පංගුර ගස්ද, මූනමල්ද, සල්ද, මුරුංගාද, වැටකෙයියාද, කිණිහිරිද, කනවෙර ගස්ද ඇත්තාහ.
|
2041
‘‘අජ්ජුනා අජ්ජුකණ්ණා ච, මහානාමා ච පුප්ඵිතා;
සුපුප්ඵිතග්ගා තිට්ඨන්ති, පජ්ජලන්තෙව කිංසුකා.
|
2041
“පිපුනාවූ කුඹුක්ගස්ද, අජ්ජුන කණ්ණද, මහානාමද, පිපුනාවූ අග් ඇති කෑලගස්ද, දිලිසෙත්මය.
|
2042
‘‘සෙතපණ්ණී සත්තපණ්ණා, කදලියො කුසුම්භරා;
ධනුතක්කාරී පුප්ඵෙහි, සීසපාවරණානි ච.
|
2042
“ශ්වෙත පර්ණිද, සප්තපර්ණිද, කෙසෙල්ද, කුසුම්භරද, ධනුතක්කාරීද, සිංසපාවරණ පුෂ්පයන්ගෙන්ද
|
2043
‘‘අච්ඡිවා සල්ලවා
(සබලා (සී.), සිමලා (පී.)) රුක්ඛා, සල්ලකියො ච පුප්ඵිතා;
සෙතගෙරු ච තගරා, මංසිකුට්ඨා කුලාවරා.
|
2043
“පිපුනාවූ අච්ඡීව, සබල සල්ලකීගස්ද, සෙතගේරුද තුවරලාද මංසිගස්ද, කොට්ටම් ගස්ද, කුලාචරද
|
2044
‘‘දහරා
අස්සමං උභතො ඨන්ති, අග්යාගාරං සමන්තතො.
|
2044
“තරුණ වෘක්ෂද, පරණ ගස්ද ඍජුව පිපුනාහ. ආශ්රමයට දෙපැත්තෙන් තිබෙත්. හාත්පස ගිනිහල්ගෙයය.
|
2045
‘‘අථෙත්ථ උදකන්තස්මිං, බහුජාතො ඵණිජ්ජකො;
මුග්ගතියො කරතියො, සෙවාලසීසකා බහූ.
|
2045
“නැවත මෙහි ජලය කෙළවර මුරුවා ගස්ද, බොහෝ ඇත. මුං ද මෑ ද වෙත්. බොහෝ සෙවෙල් හා සිංසක පඳුරුදවේ.
[“බමුණ නැවත මෙහි ජලය කෙළවර වෘක්ෂයෝ ඇත්තාහ. එනම් පිපුණු කොලොම් ගස්ය. පලොල් ගස්ය. කොවිළාරය, යන මොහුයි.
“පිපුනාවූ රුක් අඟුනද, කච්චිකාරද, පාරිජඤ්ඤද නාගස්ද, මුචලින්ද විල දෙපාර්ශවයෙහි වෙත්.
“මහරීය, සෙතච්ඡ, පද්මකද යහපත්ව හමයි, මෙහි පිපුණාවූ නිකද කළුනිකද පියාගස්ද ඇත්තේය.
“පංගුර ගස්ද, මූනමල්ද, සල්ද පිපුනාවූ මුරුංගාද වැටකේද, කිණිහිරිද, කණේරුද තිබෙත්.
“පිපුනාවූ කුඹුක්ද, අජ්ජුකණ්ණද, මහානාමද තිබෙත්. කෑලගස් පිපුනාවූ අක්ගිස් ඇතිව දැල්වෙමින් මෙන් තිබෙත්.
“ඇත්දෙමටද, රුක්අත්තනද, කෙසෙල්ද, කුසුම්බරද මල්වලින් ලක්ෂණවූ ඇට්ටේරිය ගස් මල් යුක්තය.
“අච්ඡිව සබල වෘක්ෂයෝද පිපුනාවූ සල්ගස්ද සෙතගේරුද, තුවරලාද, මසි, කුට්ඨ, කුලාචර ගස්ද ඇත්තාහ.
“බමුණ, මෙහි පොඩිගස්ද මහලු ගස්ද ඍජුව පිපුණාහ. ආශ්රමයට දෙපාර්ශවයෙහි ගිනිහල් ගෙය ඇත.
“නැවත මෙහි දෙපාර්ශවයෙහි මුරුවා ගස් බොහෝ ඇත්තාහ. මුං ජාතිද මහ මෑද සෙවාල රත්සඳුන් ගස්ද ඇත.]
|
2046
‘‘උද්දාපවත්තං
දාසිමකඤ්ජකො
(දාසිමා කොඤ්ජකො (ක.)) චෙත්ථ, බහූ නීචෙකළම්බකා.
|
2046
“සීමා ඉක්මවූ වාතයෙන් කලබලවූ මී මැස්සෝ එහි හැසිරෙත්. පහත්වූ එල්ලෙන්නාවූ බොහෝ දෙළුම්ද වෙත්.
|
2047
‘‘එලම්ඵුරකසඤ්ඡන්නා
(එලම්බරකසඤ්ඡන්නා (සී. පී.), එළම්බකෙහි සඤ්ඡන්නා (ස්‍යා.)), රුක්ඛා තිට්ඨන්ති බ්‍රාහ්මණ;
සත්තාහං ධාරියමානානං, ගන්ධො තෙසං න ඡිජ්ජති.
|
2047
“බමුණ, එරම්බරක වැල් එතී ඇති ගස් තිබෙත්. එහි මල් සත් දවසක් දරා සිටියත් සුවඳ අඩු නොවේ.
|
2048
‘‘උභතො
ඉන්දීවරෙහි සඤ්ඡන්නං, වනං තං උපසොභති.
|
2048
“මුචලින්ද විල අවට යහපත් මල් තිබේ. නිලුපුල් මල්වලින් වැසුනු වනාන්තය බබළයි.
|
2049
‘‘අඩ්ඪමාසං ධාරියමානානං, ගන්ධො තෙසං න ඡිජ්ජති;
නීලපුප්ඵී සෙතවාරී, පුප්ඵිතා ගිරිකණ්ණිකා;
කලෙරුක්ඛෙහි
(කටෙරුකෙහි (සී.), කටෙරුක්ඛෙහි (පී.)) සඤ්ඡන්නං, වනං තං තුලසීහි ච.
|
2049
“අඩමසක් දරන්නාවූ ඔවුන්ගේ සුවඳ අඩුනොවේ නිල්මල් ඇත්තාවූ සෙතවාරි වැල්ද ගිනිහිරියාද පිපුණාහ. තුලසි ගස්වලින්ද කටරුක්වලින්ද වනය ගැවසී ගත්තේය.
|
2050
‘‘සම්මද්දතෙව ගන්ධෙන, පුප්ඵසාඛාහි තං වනං;
භමරා පුප්ඵගන්ධෙන, සමන්තා මභිනාදිතා.
|
2050
“මල්අතුවල සුවඳින් ඒ වනය මැඩෙයි. මී මැස්සෝ මල් සුවඳින් හාත්පස ශබ්ද කරණ ලද්දාහ.
|
2051
‘‘තීණි කක්කාරුජාතානි, තස්මිං සරසි බ්‍රාහ්මණ;
කුම්භමත්තානි චෙකානි, මුරජමත්තානි තා උභො.
|
2051
“බමුණ, ඒ විල සමීපයෙහි වැල්වල ගෙඩි කළ ප්‍රමාණද බෙර ප්‍රමාණද වෙත්.
|
2052
‘‘අථෙත්ථ සාසපො බහුකො, නාදියො
(නාරියො (ක.)) හරිතායුතො;
අසී තාලාව තිට්ඨන්ති, ඡෙජ්ජා ඉන්දීවරා බහූ.
|
2052
“නැවත මෙහි අබ බොහෝය. ලුහුණු ජාති බොහෝය. අසිගස් තල්ගස් මෙන් තිබෙත්. බොහෝ නිලුපුල් අතින් කැඩිය යුතුකොට තිබෙත්.
|
2053
‘‘අප්ඵොටා සුරියවල්ලී ච, කාළීයා
(කොළීයා (ක.)) මධුගන්ධියා;
අසොකා මුදයන්තී ච, වල්ලිභො ඛුද්දපුප්ඵියො.
|
2053
“අප්ඵොට වැල්ද සූරිය වැල්ද මී සුවඳ ඇති කළු වැල්ද, අසොකද, කුඩා මල් ඇති මුදයන්තී සහ වල්ලිභවැල්ද
|
2054
‘‘කොරණ්ඩකා අනොජා ච, පුප්ඵිතා නාගමල්ලිකා
(නාගවල්ලිකා (සී. පී.));
රුක්ඛමාරුය්හ තිට්ඨන්ති, ඵුල්ලා කිංසුකවල්ලියො.
|
2054
“පිපුණාවූ කොරණ්ඩකද අනොජාද නා වැල්ද එරබදු වැල්ද ගස් නැග සිටිත්.
|
2055
‘‘කටෙරුහා
නිලියා සුමනා භණ්ඩී, සොභති පදුමුත්තරො.
|
2055
“මී සුවඳ ඇති කණේරු බෝලිද්ද සුවඳ පතුරුවත් නිලිය සුමන භණ්ඩි පදුමුත්තර යන වැල් ඉතා ලක්ෂණය.
|
2056
‘‘පාටලී සමුද්දකප්පාසී, කණිකාරා ච පුප්ඵිතා;
හෙමජාලාව දිස්සන්ති, රුචිරග්ගි සිඛූපමා.
|
2056
“පිපුණාවූ පලොල් සමුද්දකප්පාසී ඇත්තාහ. යහපත්වූ ගිනිසිළු වැනි රන් දැල් මෙන් කිණිහිරි බබළත්.
|
2057
‘‘යානි තානි ච පුප්ඵානි, ථලජානුදකානි ච;
සබ්බානි
|
2057
“ජලයෙහි හා ගොඩබිම පිපෙන යම් මල් කෙනෙක් ඇද්ද සියල්ල එහි පෙනෙත්. විල මෙසේ යහපත්ය.
|
2058
‘‘අථස්සා පොක්ඛරණියා, බහුකා වාරිගොචරා;
රොහිතා නළපී
(නළපෙ (ක.)) සිඞ්ගූ, කුම්භිලා මකරා සුසූ.
|
2058
“නැවතද ඒ පොකුණෙහි ජලය ඇසුරුකොට සිටින බොහෝ රොහිත නලපී සිංගු යන මත්ස්‍යයෝද කිඹුල්ලුද මෝරුද හුංගෝද ඇත්තාහ.
|
2059
‘‘මධු ච මධුලට්ඨි ච, තාලිසා ච පියඞ්ගුකා;
කුටන්දජා භද්දමුත්තා
(උන්නකා භද්දමුට්ඨා ච (ක.)), සෙතපුප්ඵා ච ලොලුපා.
|
2059
“මීද වැල්මීද තලීස්පතුරුද පුවඟුද උන්නකද භද්දමුත්ත සතපුප්පද ලොලුපද
|
2060
‘‘සුරභී
පද්මකා නරදා කුට්ඨා, ඣාමකා ච හරෙණුකා.
|
2060
සුවඳ වහනය වන ගස්ද දිග නැටි ඇති බොහෝ තුවරලාද පද්මකද නරදද කුළුදඣාමකද හරෙණුකද
|
2061
‘‘හලිද්දකා ගන්ධසිලා, හිරිවෙරා ච ගුග්ගුලා;
විභෙදිකා චොරකා කුට්ඨා, කප්පුරා ච කලිඞ්ගුකා.
|
2061
“කහද මනොගිලාද ඉරිවෙරියද ගුගුල්ද විහෙදකද චොරක කූට්ඨද, කප්පුර කලිංගු ආදී සුවඳ ජාති ඇත්තාහ.
|
2062
‘‘අථෙත්ථ සීහබ්යග්ඝා ච, පුරිසාලූ ච හත්ථියො;
එණෙය්යා පසදා චෙව, රොහිච්චා සරභා මිගා.
|
2062
“නැවත මෙහි සිංහ, ව්යාඝ්ර, අශ්ව මුඛ ඇති යක්ෂිණීන්ද ඇත්තුද ඒනි පසද, මුවෝද රොභිච්ච සරභ යන මෘගයෝද,
|
2063
‘‘කොට්ඨසුණා සුණොපි ච, තුලියා නළසන්නිභා;
චාමරී චලනී ලඞ්ඝී, ඣාපිතා මක්කටා පිචු.
|
2063
“සිවල්ලු හා සුනඛයෝද, සුලොපී මුවෝද, බළල්ලුද, තල මල් පාට ඇති ගස් සුනඛයෝද, චමර, චලනී ලංඝී මෘගයෝද, ක්ධාපිතයෝද වඳුරෝද පසු පසින් ගොදුරු ගන්නා සත්ව වර්ගයක්ද,
|
2064
‘‘කක්කටා කටමායා ච, ඉක්කා ගොණසිරා බහූ;
ඛග්ගා වරාහා නකුලා, කාළකෙත්ථ බහූතසො.
|
2064
“කක්කට කතමාය නම් මුවෝද, වලස්සුද, වන ගෝනුන්ද කඟවේනුන්ද, ඌරෝද මුගටිද බොහෝ කළු මුවෝද
|
2065
‘‘මහිංසා සොණසිඞ්ගාලා, පම්පකා ච සමන්තතො;
ආකුච්ඡා පචලාකා ච, චිත්රකා චාපි දීපියො.
|
2065
“මීහරක්ද ශුනකයෝද සිවල්ලුද හාත්පස උණ හපුළුවෝද තලගොයිද ඇත්කුඹු මුවෝද චිත්‍ර මුවෝද දිවි මුවෝද,
|
2066
‘‘පෙලකා ච විඝාසාදා, සීහා ගොගණිසාදකා;
අට්ඨපාදා ච මොරා ච, භස්සරා ච කුකුත්ථකා.
|
2066
“සාවෝද, මස්කන පක්ෂීහුද, සිංහයෝද, මස්කන මුවෝද, සරභ මෘගයෝද, සුදු හංසයෝද, මොණරුද, කකුත්ථ පක්ෂීහුද,
|
2067
‘‘චඞ්කොරා
බකා බලාකා නජ්ජුහා, දින්දිභා කුඤ්ජවාජිතා
(කුඤ්ජවාදිකා (සී. පී.)).
|
2067
“චංකොර පක්ෂිහුද කුකුළෝද නාගයෝද කොක්කුද, කනකොක්කුද, නජ්ජුහ පක්ෂීහුද, දින්දිසා කොඤ්චවාදික යන පක්ෂීහු ඔවුනොවුන් නාදකළාහුය.
|
2068
‘‘බ්යග්ඝිනසා
කපිඤ්ජරා තිත්තිරායො, කුලා ච පටිකුත්ථකා.
|
2068
උකුස්සෝය රතුපාට ඇති පක්ෂිහුද හුනකිලිල්ද, ජිවංජීවක යන පක්ෂීහුද, වටුවෝද, කුලාවපටිකුත්තක පක්ෂීහුද,
|
2069
‘‘මන්දාලකා චෙලකෙටු, භණ්ඩුතිත්තිරනාමකා;
චෙලාවකා පිඞ්ගලායො
(පිඞ්ගුලායො (සී. පී.)), ගොටකා අඞ්ගහෙතුකා.
|
2069
“මද්දාලක චෙතකෙදු භණ්ඩු තිත්තිර චෙලාබක පිංගුල ගොධක අංගහෙතුක, යන පක්ෂීහුද,
|
2070
‘‘කරවියා ච සග්ගා ච, උහුඞ්කාරා ච කුක්කුහා;
නානාදිජගණාකිණ්ණං, නානාසරනිකූජිතං.
|
2070
“කරවිය, කෑදති, බකමූණෝද, ඇටිකුකුළෝද යන නොයෙක් පක්ෂි සමූහයාගෙන් යුක්තය. ඔවුන්ගේ නොයෙක් ශබ්දයෙන් යුක්තය.
|
2071
‘‘අථෙත්ථ සකුණා සන්ති, නීලකා
(සාළිකා (ක.)) මඤ්ජුභාණිකා;
මොදන්ති සහ භරියාහි, අඤ්ඤමඤ්ඤං පකූජිනො.
|
2071
“නැවත මෙහි විසිතුරු ඉරි ඇති, යහපත් ශබ්ද ඇති පක්ෂිහු ඇත්ද, ඔවුනොවුන් ශබ්ද පවත්වමින් කිරිල්ලියන් සමග සතුටු වෙත්.
|
2072
‘‘අථෙත්ථ සකුණා සන්ති, දිජා මඤ්ජුස්සරා සිතා;
සෙතච්ඡිකුටා භද්රක්ඛා, අණ්ඩජා චිත්රපෙඛුණා.
|
2072
“නැවත මෙහි නිතර යහපත් ශබ්ද ඇති දෙපැත්තෙහි සුදු ඇස් ගුලිවලින් යුත් බිජුවටින් උපන්නාවූ යහපත් පෙනීම් ඇති පක්ෂීහු ඇත්තාහ
|
2073
‘‘අථෙත්ථ සකුණා සන්ති, දිජා මඤ්ජුස්සරා සිතා;
සිඛණ්ඩී නීලගීවාහි, අඤ්ඤමඤ්ඤං පකූජිනො.
|
2073
“නැවත මෙහි නිතර යහපත් ශබ්ද ඇති ඔවුනොවුන් නාද කරන්නාවූ නිල් බෙල්ලද ඇති මොණරු සිටිත්.
|
2074
‘‘කුකුත්ථකා කුළීරකා, කොට්ඨා පොක්ඛරසාතකා;
කාලාමෙය්යා බලියක්ඛා, කදම්බා සුවසාළිකා.
|
2074
“කුකුත්ථක පක්ෂීහුද කුකුළෝද කොට්ටෝරුවෝද හංසයෝද කාලාමෙයද බලියක්ෂයෝද කලම්බයෝද ගිරව්ද සැළලිහිණිද ඇත්කඳලිහිණිද,
|
2075
‘‘හලිද්දා
වාරණා භිඞ්ගරාජා ච, කදම්බා සුවකොකිලා.
|
2075
මෙහි “කහ-රතු-සුදු බොහෝ ඇත්කඳ ලිහිණිද ඇත. හිංගුරාජ, කදම්බ, ගිරා සැළලිහිණිද මෙහි ඇත.
|
2076
‘‘උක්කුසා කුරරා හංසා, ආටා පරිවදෙන්තිකා;
පාකහංසා
|
2076
“කළු සුදු කබරුස්සෝද, හංසයෝද ආටයෝද, පරිවදන්තිකයෝද පාක හංසයෝද, අතිබල නජ්ජුහ ජීව ජීවක පක්ෂීහුද,
|
2077
‘‘පාරෙවතා රවිහංසා, චක්කවාකා නදීචරා;
වාරණාභිරුදා රම්මා, උභො කාලූපකූජිනො.
|
2077
“පරෙවියෝද රවිහංස චක්‍රවාක නදීමර යන කුරුළු සමූහයා ගැවසී ගත්, නොයෙක් ශබ්දවලින් නාදවූ
|
2078
‘‘අථෙත්ථ සකුණා සන්ති, නානාවණ්ණා බහූ දිජා;
මොදන්ති සහ භරියාහි, අඤ්ඤමඤ්ඤං පකූජිනො.
|
2078
“නැවත මෙහි නොයෙක් පාට ඇති බොහෝ පක්ෂීහු ඇත්තාහ. කිරිල්ලියන් සමග ඔවුනොවුන් නාද කරමින් සතුටුවෙත්.
|
2079
‘‘අථෙත්ථ සකුණා සන්ති, නානාවණ්ණා බහූ දිජා;
සබ්බෙ මඤ්ජූ නිකූජන්ති, මුචලින්දමුභතොසරං.
|
2079
“නැවත මෙහි නොයෙක් පාට ඇති බොහෝ පක්ෂීහු ඇත්තාහ. සියල්ලෝ මුචලින්ද විල අවට මිහිරි නාද කරත්.
|
2080
‘‘අථෙත්ථ සකුණා සන්ති, කරවියා නාම තෙ දිජා
(කරවී නාම තෙ දිජා (සී. පී.));
මොදන්ති සහ භරියාහි, අඤ්ඤමඤ්ඤං පකූජිනො.
|
2080
නැවතද මෙහි කෙවිල්ලන් නම් පක්ෂි වර්ගයක් ඇත්තාහ. කිරිල්ලියන් සමග ඔවුනොවුන් නාද කරමින් සතුටුවෙත්.
|
2081
‘‘අථෙත්ථ
සබ්බෙ මඤ්ජූ නිකූජන්ති, මුචලින්දමුභතොසරං.
|
2081
නැවතද මෙහි කෙවිල්ලන් නම් පක්ෂි වර්ගයක් ඇත්තාහ. සියල්ලෝ මුචලින්ද විල අවට මිහිරි නාද කරත්.
|
2082
‘‘එණෙය්යපසදාකිණ්ණං, නාගසංසෙවිතං වනං;
නානාලතාහි සඤ්ඡන්නං, කදලීමිගසෙවිතං.
|
2082
“ඒනි මෘග පසද මෘගයන්ගෙන් ගැවසී ගත් ඇතුන් ගැවසීගත් වනය, නොයෙක් වැල්වලින්ද කදලි මෘගයන්ගෙන්ද ගැවසී ගත්තේය.
|
2083
‘‘අථෙත්ථ සාසපො බහුකො
(සාමා බහුකා (ස්‍යා. ක.)), නීවාරො වරකො බහු;
සාලි අකට්ඨපාකො ච, උච්ඡු තත්ථ අනප්පකො.
|
2083
“නැවත මෙහි බොහෝ අබ ඇත්තාහ. බොහෝ නීවාරවරක ධාන්‍ය ඇත්තාහ. දර ගිනිවලින් නොපැසූ හැල් ඇත්තාහ. එහි උක් බොහෝය.
|
2084
‘‘අයං එකපදී එති, උජුං ගච්ඡති අස්සමං;
ඛුදං
(ඛුද්දං (ස්‍යා. ක.)) පිපාසං අරතිං, තත්ථ පත්තො න වින්දති;
යත්ථ වෙස්සන්තරො රාජා, සහ පුත්තෙහි සම්මති.
|
2084
“මේ අඩිපාර පෙනෙයි. හරි කෙළින් ආශ්රමයට යයි. එහි පැමිණියේ බඩගින්න පිපාසය නොඇල්ම නොලබයි. එහි වෙස්සන්තර රජතෙම දරුවන් සමග ජීවත් වෙයි.
|
2085
‘‘ධාරෙන්තො බ්රාහ්මණවණ්ණං, ආසදඤ්ච මසං ජටං;
චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සති’’.
|
2085
“බ්‍රාහ්මණ වෙශය දරමින් කෙක්කද හැන්දද ජටාවද ඇතිව සම් ඇඳ බිම සයනය කරයි. ගිනිදෙවියා පුදයි”
|
2086
ඉදං
උදග්ගචිත්තො පක්කාමි, යත්ථ වෙස්සන්තරො අහු’’.
|
2086
මෙය අසා බමුණුතෙම ඍෂිවරයා ප්රදක්ෂිණකොට වෙස්සන්තර රජු යම් තැනකද සතුටින් එහි ගියේය.
|
2087
‘‘උට්ඨෙහි
බ්රාහ්මණං විය පස්සාමි, නන්දියො මාභිකීරරෙ’’.
|
2087
“ජාලිය කුමරුවෙනි, නැගිටුව, පෙරමෙන් අදත් දන් දීමට තිබේ. බමුණෙකු මෙන් පෙනේ. මට ප්‍රීතිය ඉතිරේ”
|
2088
‘‘අහම්පි තාත පස්සාමි, යො සො බ්‍රහ්මාව දිස්සති;
අද්ධිකො විය
(අත්ථිකො විය (සී. පී.)) ආයාති, අතිථී නො භවිස්සති’’.
|
2088
“යම් ඒ බ්‍රාහ්මණයෙක් මෙන් පෙනෙන්නා, පියාණෙනි මමත් දකිමි. යමක් කැමැත්තෙකු මෙන් එයි. අපගේ ආගන්තුකයෙක් වන්නේය.
|
2089
‘‘කච්චි නු භොතො කුසලං, කච්චි භොතො අනාමයං;
කච්චි උඤ්ඡෙන යාපෙථ, කච්චි මූලඵලා බහූ.
|
2089
“පින්වත සැප කෙසේද කිමෙක්ද, පින්වත්හට දුකක්නැද්ද, කිමෙක්ද, සිඟීමෙන් ජීවත්වන්නෙහිද? කිමෙක් මුල් ඵල බොහෝ ලැබේද?
|
2090
‘‘කච්චි ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා;
වනෙ වාළමිගාකිණ්ණෙ, කච්චි හිංසා න විජ්ජති’’.
|
2090
“කිමෙක්ද, ඩැහැ ලේ බොන මැස්සෝද, මදුරුවෝද සර්පයෝද අඩුද? වල්මුවන් ඇති වනයෙහි හිංසාවක් නැත්තේද?”
|
2091
‘‘කුසලඤ්චෙව නො බ්රහ්මෙ, අථො බ්රහ්මෙ අනාමයං;
අථො උඤ්ඡෙන යාපෙම, අථො මූලඵලා බහූ.
|
2091
“බ්‍රාහ්මණය, මට යහපති. බ්‍රාහ්මණය, නැවතද මට දුකක් නැත. නැවතද පිඩු සිඟීමෙන් යැපෙමි. නැවතද මුල් ඵල බොහෝයි.
|
2092
‘‘අථො
වනෙ වාළමිගාකිණ්ණෙ, හිංසා අම්හං
(මය්හං (ස්‍යා. ක.)) න විජ්ජති’’.
|
2092
“නැවත ඩැහැ ලේ බොන මැස්සෝද, මදුරුවෝද අඩුය. චණ්ඩ මෘගයන්ගෙන් ගැවසීගත් වනයෙහි මට හිංසාවක් නැත.
|
2093
‘‘සත්ත නො මාසෙ වසතං, අරඤ්ඤෙ ජීවසොකිනං
(ජීවිසොකිනං (ස්‍යා.));
ඉදම්පි පඨමං පස්සාම, බ්රාහ්මණං දෙවවණ්ණිනං;
ආදාය වෙළුවං දණ්ඩං, අග්ගිහුත්තං කමණ්ඩලුං.
|
2093
“වර්ෂ බොහෝ ගණනක් ආශ්‍රමයෙහි වසන්නාවූ මට සිතට අප්‍රිය ලෙඩක් ඇතිවූ බවක් නොදනිමි.
|
2094
‘‘ස්වාගතං තෙ මහාබ්රහ්මෙ, අථො තෙ අදුරාගතං;
අන්තො පවිස භද්දන්තෙ, පාදෙ පක්ඛාලයස්සු තෙ.
|
2094
“මහණ බමුණ තොපට යහපත් පැමිණීමක් වේවා. නැවත ඔබට අදූරාගමනය වේවා. පින්වතානෙනි ඇතුළට එන්න. ඔබගේ පාදයන් සෝදාගන්න.
|
2095
‘‘තින්දුකානි
ඵලානි ඛුද්දකප්පානි, භුඤ්ජ බ්රහ්මෙ වරං වරං.
|
2095
“බ්‍රාහ්මණය උතුම් උතුම්වූ තිඹිරිද, කෝන්ද, මිහිරී කාසුමාරියද, යන කුඩා සුදුසු, හොඳ හොඳ ගෙඩි වර්ග අනුභව කරන්න
|
2096
‘‘ඉදම්පි පානීයං සීතං, ආභතං ගිරිගබ්භරා;
තතො පිව මහාබ්රහ්මෙ, සචෙ ත්වං අභිකඞ්ඛසි.
|
2096
“මහාබ්‍රහ්මය, ඉදින් ඔබ කැමැත්තෙහි නම් පර්වත කුහරයෙන් ගෙන ආ සිහිල්වූ මේ පැන් පානය කරණු මැනව”
|
2097
‘‘අථ ත්වං කෙන වණ්ණෙන, කෙන වා පන හෙතුනා;
අනුප්පත්තො බ්රහාරඤ්ඤං, තං මෙ අක්ඛාහි පුච්ඡිතො’’.
|
2097
“නැවත ඔබ කිනම් කරුණකට කුමක් හේතුකොට ගෙන මහ වනයට පැමිණියෙහිද, විචාළ මට එය කියව.”
|
2098
‘‘යථා වාරිවහො පූරො, සබ්බකාලං න ඛීයති;
එවං තං යාචිතාගච්ඡිං, පුත්තෙ මෙ දෙහි යාචිතො’’.
|
2098
“පිරුණු මහ ගඟක් හැමකල්හි අඩු නොවේද එසේ ඔබගෙන් ඉල්වීමට පැමිණියෙමි. ඉල්වූ මට දරුවන් දෙනු මැනව.”
|
2099
‘‘දදාමි න විකම්පාමි, ඉස්සරො නය බ්‍රාහ්මණ;
පාතො ගතා රාජපුත්තී, සායං උඤ්ඡාතො එහිති.
|
2099
“දෙමි, වෙනස් නොකරමි. බමුණ මගේ දරුවන්ට ස්වාමියාවූයේ ගෙනයව. උදේ ගිය රජ බිසව සවස ඵලවැලින් යුක්තව එයි.
|
2100
‘‘එකරත්තිං
තස්සා න්හාතෙ උපඝාතෙ, අථ නෙ මාලධාරිනෙ.
|
2100
“බමුණ එක් රැයක් නැවතී උදෑසනම යව. ඈ දරුවන් නෑවූ කල්හි මල් පැළඳවූ කල්හි, හිස සිඹි කල්හි,
|
2101
‘‘එකරත්තිං වසිත්වාන, පාතො ගච්ඡසි බ්‍රාහ්මණ;
නානාපුප්ඵෙහි සඤ්ඡන්නෙ, නානාගන්ධෙහි භූසිතෙ;
නානාමූලඵලාකිණ්ණෙ, ගච්ඡ ස්වාදාය බ්‍රාහ්මණ’’.
|
2101
“බමුණ එක් රැයක් වැස උදෑසනම යව. බමුණ නොයෙක් වස්ත්‍ර ඇන්දවූ නොයෙක් සුවඳ ගල්වන ලද නොයෙක් මුල් ඵලද ගත් දරුවන් රැගෙන යන්න.”
|
2102
‘‘න වාසමභිරොචාමි, ගමනං මය්හ රුච්චති;
අන්තරායොපි මෙ අස්ස, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
|
2102
“මහරජ, සිටීමට කැමති නොවෙමි. මම යාම කැමතිවෙමි. මට අන්තරායක් වන්ට බැරි නැත. මහොත්තමය, යන්නෙම් මය.
|
2103
‘‘න හෙතා යාචයොගී නං, අන්තරායස්ස කාරියා;
ඉත්ථියො මන්තං
(ඉත්ථිකාමන්තං (ක.)) ජානන්ති, සබ්බං ගණ්හන්ති වාමතො.
|
2103
“මහරජ, මේ ස්ත්‍රීහු ඉල්ලීමට නුසුදුසුය. දීමටද ලැබීමටද අනතුරු කරත්. ස්ත්‍රීහු මන්ත්‍ර දනිත්. සියල්ල නුහුරට ගනිත්.
|
2104
‘‘සද්ධාය
අන්තරායම්පි
|
2104
“මහරජ, ශ්‍රද්ධාවෙන් දන් දෙන්නාට මේ මවු නොපෙනේවා, ඕතොමෝ දීමට අන්තරාවක්ද කරන්නීය. යන්නෙම්මය.
|
2105
‘‘ආමන්තයස්සු තෙ පුත්තෙ, මා තෙ මාතරමද්දසුං;
සද්ධාය දානං දදතො, එවං පුඤ්ඤං පවඩ්ඪති.
|
2105
“ඔබගේ දරුවන්ට කථා කරව. ඔවුන්ට මවු නොපෙන්වාවා. ශ්‍රද්ධාවෙන් දන් දෙන්නාට මෙසේ පින් වැඩෙයි.
|
2106
‘‘ආමන්තයස්සු තෙ පුත්තෙ, මා තෙ මාතරමද්දසුං;
මාදිසස්ස ධනං දත්වා, රාජ සග්ගං ගමිස්සසි’’.
|
2106
“ඔබගේ දරුවන්ට කථා කරණු මැනව. ඔවුන්ට මවු නොපෙන්වව. මා වැන්නෙකුට දන් දී රජුනි දෙව්ලොව යන්න.
|
2107
‘‘සචෙ ත්වං නිච්ඡසෙ දට්ඨුං, මම භරියං පතිබ්බතං;
අය්යකස්සපි දස්සෙහි, ජාලිං කණ්හාජිනං චුභො.
|
2107
“ඉදින් ඔබ පතිව්රතාවූ මාගේ භාර්‍ය්‍යාව දක්නට නොකැමැත්තෙහි නම් දරුවන්ගේ මුත්තනුවන්ටද ජාලිය කෘෂ්ණජිනා දෙදෙන පෙන්වව.
|
2108
‘‘ඉමෙ කුමාරෙ දිස්වාන, මඤ්ජුකෙ පියභාණිනෙ;
පතීතො සුමනො විත්තො, බහුං දස්සති තෙ ධනං’’.
|
2108
“යහපත්වූ ප්‍රිය වචන කථා කරණ මේ කුමරුවන් දැක සතුටුවූ යහපත් සිත් ඇත්තේ ඔබට බොහෝ ධනය දෙන්නේය.”
|
2109
‘‘අච්ඡෙදනස්ස භායාමි, රාජපුත්ත සුණොහි මෙ;
රාජදණ්ඩාය මං දජ්ජා, වික්කිණෙය්ය හනෙය්‍ය වා;
ජිනො ධනඤ්ච දාසෙ ච, ගාරය්හස්ස බ්රහ්මබන්ධුයා’’.
|
2109
“රාජපුත්‍රය, මා කියන්නක් අසනු මැනව. දරුවන් පැහැර ගනිතැයි බිය ඇත්තෙමි. රජතෙම දඬුවමට මා අමාත්‍යයන්ට හෝ දෙන්නේය. විකුණන්නේය නසන්නේය. ධනයෙන් ද දාසයන්ගෙන් ද දිනූ මම නැවත බැමිණියගෙන්ද අපවාද ලබන්නේය.”
|
2110
‘‘ඉමෙ කුමාරෙ දිස්වාන, මඤ්ජුකෙ පියභාණිනෙ;
ධම්මෙ ඨිතො මහාරාජා, සිවීනං රට්ඨවඩ්ඪනො;
ලද්ධා පීතිසොමනස්සං, බහුං දස්සති තෙ ධනං’’.
|
2110
“යහපත්වූ ප්‍රිය කථා කරන්නාවූ මේ කුමරුවන් දැක සිවීන්ගේ රට වඩන ධර්මයෙහි පිහිටි මහරජතෙම සතුටට සොම්නසට පැමිණ තොපට බොහෝ ධනය දෙන්නේය.”
|
2111
‘‘නාහං තම්පි කරිස්සාමි, යං මං ත්වං අනුසාසසි;
දාරකෙව අහං නෙස්සං, බ්රාහ්මණ්යා පරිචාරකෙ’’.
|
2111
“ඔබ මට යමක් කියයිද මම එය නොකරමි. මම බැමිණියට සේවකයන්වූ දරුවන් පමණක් ගෙන යමි.”
|
2112
‘‘තතො කුමාරා බ්යථිතා
(බ්යධිතා (සී. පී. ක.)), සුත්වා ලුද්දස්ස භාසිතං;
තෙන තෙන පධාවිංසු, ජාලී කණ්හාජිනා චුභො’’.
|
2112
ඉක්බිති රෞද්‍ර තැනැත්තාගේ කියමන අසා බියපත්වූ ජාලිය කෘෂ්ණජිනා යන දරුවෝ ඒ ඒ තැනින් පලා ගියාහුය.
|
2113
‘‘එහි
හදයං
|
2113
“දරුවෙනි, ප්‍රිය පුත්‍රයෙනි, එව්. මාගේ පාරමිතාව පුරව්. මගේ ළය සනසව්. මගේ වචනය කරව්.
|
2114
‘‘යානා නාවා ච මෙ හොථ, අචලා භවසාගරෙ;
ජාතිපාරං තරිස්සාමි, සන්තාරෙස්සං සදෙවකං’’.
|
2114
“නොසෙල්වෙන භව සයුරෙහි මාගේ යාත්‍රා නැව වව්. උත්පත්තියෙහි කෙළවරට එතර වන්නෙමි. දෙවියන් සහිත ලෝකයා එතර කරන්නෙමි.
|
2115
‘‘එහි අම්ම පියධීති, පූරෙථ මම පාරමිං
(පියා මෙ දානපාරමී (ස්‍යා. ක.));
හදයං මෙභිසිඤ්චෙථ, කරොථ වචනං මම.
|
2115
“මෑණියෙනි, කෘෂ්ණජිනාවෙනි එන්න. මගේ පාරමිතාව සම්පූර්ණ කරව්. මගේ ළය සනසන්න, මගේ වචනය කරන්න.
|
2116
‘‘යානා
ජාතිපාරං තරිස්සාමි, උද්ධරිස්සං සදෙවකං’’.
|
2116
ඉක්බිති රෞද්‍ර තැනැත්තාගේ කියමන අසා බියපත්වූ ජාලිය කෘෂ්ණජිනා යන දරුවෝ ඒ ඒ තැනින් පලා ගියාහුය.
|
2117
‘‘තතො කුමාරෙ ආදාය, ජාලිං කණ්හාජිනං චුභො;
බ්රාහ්මණස්ස අදා දානං, සිවීනං රට්ඨවඩ්ඪනො.
|
2117
සිවීන්ගේ රට වඩන රජතෙමේ ජාලිය කාෂ්ණජිනාද යන කුමරුවන් ගෙන බමුණාට දන් දුන්නේය.
|
2118
‘‘තතො කුමාරෙ ආදාය, ජාලිං කණ්හාජිනං චුභො;
බ්රාහ්මණස්ස අදා විත්තො, පුත්තකෙ දානමුත්තමං.
|
2118
ඉක්බිති සිවීන්ගේ රටේ නායකතෙමේ ජාලිය කෘෂ්ණජිනා යන දරුවන් දෙදෙන ගෙන සතුටුසිත් ඇත්තේ බ්‍රාහ්මණයාට උතුම් දානය දුන්නේය.
|
2119
‘‘තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං;
යං කුමාරෙ පදින්නම්හි, මෙදනී සම්පකම්පථ.
|
2119
එකල්හි යම් මේ භයානක දෙය වීය. එකල්හි මේ ලොමු දැහැගැනීමක් ඇතිවිය. කවර හෙයින්ද, දරුවන් දුන් කල්හි පොළොව කම්පාවිය.
|
2120
‘‘තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං;
යං පඤ්ජලිකතො රාජා, කුමාරෙ සුඛවච්ඡිතෙ;
බ්රාහ්මණස්ස අදා දානං, සිවීනං රට්ඨවඩ්ඪනො’’.
|
2120
එකල්හි යම් මේ භයානක දෙය වීය. එකල්හි මේ ලොමු දැහැගැනීමක් ඇතිවිය. විය. ඇඳිලි බැඳගත් සිවීන්ගේ රටට නායක රජතෙම සුවසේ වැඩූ දරුවන් බමුණාට දුන්නේය.
|
2121
‘‘තතො සො බ්රාහ්මණො ලුද්දො, ලතං දන්තෙහි ඡින්දිය;
ලතාය හත්ථෙ බන්ධිත්වා, ලතාය අනුමජ්ජථ
(අනුපජ්ජථ (ක.)).
|
2121
දරුණුවූ ඒ බ්‍රාහ්මණතෙමේ වැලක් දත්වලින් සිඳ වැලකින් අත්බැඳ වැලකින් අල්ලා ගත්තේය.
|
2122
‘‘තතො සො රජ්ජුමාදාය, දණ්ඩඤ්චාදාය බ්රාහ්මණො;
ආකොටයන්තො
|
2122
ඉක්බිති ඒ බමුණුතෙමේ වැලද අල්ලාගෙන සැරයටියද රැගෙන සිවිරජ බලා සිටියදී තළමින් ඒ දරුවන් රැගෙන යයි.
|
2123
‘‘තතො කුමාරා පක්කාමුං, බ්රාහ්මණස්ස පමුඤ්චිය;
අස්සුපුණ්ණෙහි නෙත්තෙහි, පිතරං සො උදික්ඛති.
|
2123
ඉක්බිති දරුවෝ බමුණාගෙන් මිදී ගියාහුය. කඳුළු පිරුණු ඇසින් කුමාරතෙම පියා බලයි.
|
2124
‘‘වෙධමස්සත්ථපත්තංව, පිතු පාදානි වන්දති;
පිතු පාදානි වන්දිත්වා, ඉදං වචනමබ්රවි.
|
2124
වෙවුලන ඇසතු කොළ මෙන් පියාගේ පා වඳියි. පියාගේ පා වැඳ මේ වචනය කීයේය.
|
2125
‘‘අම්මා ච තාත නික්ඛන්තා, ත්වඤ්ච නො තාත දස්සසි;
යාව අම්මම්පි පස්සෙමු, අථ නො තාත දස්සසි.
|
2125
“පියාණෙනි, මවුද මෙහි නැත. පියාණෙනි, ඔබ අප දන්නෙහිය. යම්තාක් අම්මා දකිමුද, එකල පියාණෙනි, අප දෙව්.
|
2126
‘‘අම්මා ච තාත නික්ඛන්තා, ත්වඤ්ච නො තාත දස්සසි;
මා නො ත්වං තාත අදදා, යාව අම්මාපි එතු නො;
තදායං බ්රාහ්මණො කාමං, වික්කිණාතු හනාතු වා.
|
2126
“පියාණෙනි, මවුද මෙහි නැත. පියාණෙනි, ඔබ අප දන්නෙහිය. යම්තාක් අපගේ මවු එයිද පියාණන් ඒතාක් අප නොදෙව. ඊට පසු මේ බමුණා කැමති සේ විකුණාවා, මරාවා.
|
2127
‘‘බලඞ්කපාදො
දීඝුත්තරොට්ඨො චපලො, කළාරො භග්ගනාසකො.
|
2127
බකල පා ඇති, අඩ නිය ඇති, තවද යට ගිලිණු තට්ටම් ඇති දික් උඩුතොල ඇති, කෙළ වැගිරෙන, බිඳුණු නාසය ඇති, දත් බොල්ලෑවූ,
|
2128
‘‘කුම්භොදරො
ලොහමස්සු හරිතකෙසො, වලීනං තිලකාහතො.
|
2128
කළගෙඩියක් වැනි බඩක් ඇති බිඳුණු පිටක් ඇති, විෂම ඇස් ඇත්තාවූ තඹවන් රැවුලක් ඇති, කළුවන් කෙස් ඇති රැලි වැටුණ සමක් ඇති, තල කැලලින් යුක්තවූ බළල් ඇස් ඇති, තුන් තැනකින් වක්වූ විකෘතවූ පා ඇති ඉතා උස්වූ ක්‍රෑරවූ අඳුන් දිවිසමින් සැරසුණු භය උපදවන යක්ෂයෙක් වැනිවූ,
|
2129
‘‘පිඞ්ගලො ච විනතො ච, විකටො ච බ්රහා ඛරො;
අජිනානි ච සන්නද්ධො, අමනුස්සො භයානකො.
|
2129 |
2130
‘‘මනුස්සො උදාහු යක්ඛො, මංසලොහිතභොජනො;
ගාමා අරඤ්ඤමාගම්ම, ධනං තං තාත යාචති.
|
2130
මස් හා ලේ අනුභව කරණ මනුෂ්‍යයෙක්වූ නොහොත් යක්ෂයෙක්වූ ගමින් වනයට පැමිණ පියාණෙනි, ඔබගෙන් ධනය ඉල්ලයි. පිසාචයකු විසින් ගෙනයනු ලබන කල්හි පියාණෙනි කුමක් බලා සිටින්නෙහිද,
|
2131
‘‘නීයමානෙ පිසාචෙන, කිං නු තාත උදික්ඛසි;
අස්මා නූන තෙ හදයං, ආයසං දළ්හබන්ධනං.
|
2131
“මේ නිසා ඔබගේ සිත යකඩින් කළ තද බැම්මකි, ධනය කැමති බමුණා විසින් අප බදින කල්හි යම් ඔබ නොදන්නාක් මෙන් සිටියි. අතිශයින් නපුරු මනුෂ්‍යයා විසින් අපට ගවයන්ට මෙන් තලයි.
|
2132
‘‘යො
අච්චායිකෙන ලුද්දෙන, යො නො ගාවොව සුම්භති.
|
2132 |
2133
‘‘ඉධෙව අච්ඡතං කණ්හා, න සා ජානාති කිස්මිඤ්චි;
මිගීව ඛීරසම්මත්තා, යූථා හීනා පකන්දති.
|
2133
“මෙහිම සිටින්නාවූ කෘෂ්ණජිනා තොමෝ කිසිවක් නොදනී. කිරෙන් යැපෙන මුව පැටවෙකු මෙන් පිරිසෙන් ඈත්වූයේ අඬයි.
|
2134
‘‘න මෙ ඉදං තථා දුක්ඛං, ලබ්භා හි පුමුනා ඉදං;
යඤ්ච අම්මං න පස්සාමි, තං මෙ දුක්ඛතරං ඉතො.
|
2134
“පුරුෂයෙකු විසින් යම් මෙබඳු දුකක් නොලැබිය හැකිද මේ මට ලැබුනු එබඳුවූ දුකකි. යම්හෙයකින් මෑණියන් නොදකිම්ද එය මට මීටත් වඩා දුකකි.
|
2135
‘‘න මෙ ඉදං තථා දුක්ඛං, ලබ්භා හි පුමුනා ඉදං;
යඤ්ච තාතං න පස්සාමි, තං මෙ දුක්ඛතරං ඉතො.
|
2135
“පුරුෂයෙකු විසින් යම් මෙබඳු දුකක් නොලැබිය හැකිද මේ මට ලැබුනු එබඳුවූ දුකකි. යම්හෙයකින් පියාණන් නොදකිම්ද එය මට මීටත් වඩා දුකකි.
|
2136
‘‘සා නූන කපණා අම්මා, චිරරත්තාය රුච්ඡති
(රුජ්ජති (ස්‍යා. ක.));
කණ්හාජිනං අපස්සන්තී, කුමාරිං චාරුදස්සනිං.
|
2136
“ඒකාන්තයෙන් දුඃඛිතවූ මවුතොමෝ යහපත් දැකීම් ඇති කෘෂ්ණජිනා කුමාරිය නොදක්නී බොහෝ කලක් අඬන්නීය.
|
2137
‘‘සො නූන කපණො තාතො, චිරරත්තාය රුච්ඡති;
කණ්හාජිනං අපස්සන්තො, කුමාරිං චාරුදස්සනිං.
|
2137
“ඒකාන්තයෙන් දුඃඛිතවූ පියතෙමේ යහපත් දැකීම් ඇති කෘෂ්ණජිනා කුමාරිය නොදක්නේ බොහෝ කලක් අඬන්නේය.
|
2138
‘‘සා නූන කපණා අම්මා, චිරං රුච්ඡති අස්සමෙ;
කණ්හාජිනං අපස්සන්තී, කුමාරිං චාරුදස්සනිං.
|
2138
“ඒකාන්තයෙන් දුඃඛිතවූ මවුතොමෝ යහපත් දැකුම් ඇති කෘෂ්ණජිනා කුමරිය ආශ්‍රමයෙහි නොදක්නී බොහෝකලක් අඬන්නීය.
|
2139
‘‘සො නූන කපණො තාතො, චිරං රුච්ඡති අස්සමෙ;
කණ්හාජිනං අපස්සන්තො, කුමාරිං චාරුදස්සනිං.
|
2139
ඒකාන්තයෙන් දුඃඛිතවූ පියතෙමේ යහපත් දැකුම් ඇති කෘෂ්ණජිනා කුමරිය ආශ්‍රමයෙහි නොදක්නී බොහෝ කලක් අඬන්නේය.
|
2140
‘‘සා නූන කපණා අම්මා, චිරරත්තාය රුච්ඡති;
අඩ්ඪරත්තෙ ව රත්තෙ වා, නදීව අවසුච්ඡති.
|
2140
ඒකාන්තයෙන් දුඃඛිතවූ මවුතොමෝ රෑ මැද්දක් වනතුරු හෝ මුළු රාත්‍රියෙහි හෝ බොහෝකලක් අඬන්නේය. ගඟක් මෙන් වියලෙන්නේය.
|
2141
‘‘සො
අඩ්ඪරත්තෙ ව රත්තෙ වා, නදීව අවසුච්ඡති.
|
2141
ඒකාන්තයෙන් දුඃඛිතවූ පියතෙමේ රෑ මැද්දක් හෝ මුළු රාත්‍රියෙහි හෝ බොහෝ කලක් අඬන්නේය. ගඟක් මෙන් වියලෙන්නේය.
|
2142
‘‘ඉමෙ
විවිධානි රුක්ඛජාතානි, තානි අජ්ජ ජහාමසෙ.
|
2142
“එල්ලෙන අතු ඇති මේ දඹ ගස්ද නික ගස්ද යන නොයෙක් වෘක්ෂ සමූහයෝ වෙත්ද, ඔවුන් අද අත් හරිමු.
|
2143
‘‘අස්සත්ථා පනසා චෙමෙ, නිග්රොධා ච කපිත්ථනා;
විවිධානි ඵලජාතානි, තානි අජ්ජ ජහාමසෙ.
|
2143
“ඇසතුද කොස්ද, මේ නුගද දිවුල්ද යන නොයෙක් ගෙඩි වර්ග කෙනෙක් ඇද්ද ඔවුන් අද අත් හැර යමු.
|
2144
‘‘ඉමෙ තිට්ඨන්ති ආරාමා, අයං සීතූදකා
(සීතොදිකා (සී. පී.)) නදී;
යත්ථස්සු පුබ්බෙ කීළාම, තානි අජ්ජ ජහාමසෙ.
|
2144
“මේ ඵලාරාම වෙත්ද, මේ සිහිල් ජලය ඇති ගඟක් වේද, යම් තැනෙක්හි පෙර ක්‍රීඩා කෙළෙමුද ඒවා අද අත්හරිමු.
|
2145
‘‘විවිධානි පුප්ඵජාතානි, අස්මිං උපරිපබ්බතෙ;
යානස්සු පුබ්බෙ ධාරෙම, තානි අජ්ජ ජහාමසෙ.
|
2145
“මේ පර්වත මුදුනෙහි නොයෙක් ප්‍රකාර මල්මෙන්ද යම් මල් වර්ගයක් පෙර දැරුවමුද ඒවා අද නොපෙනෙත්.
|
2146
‘‘විවිධානි ඵලජාතානි, අස්මිං උපරිපබ්බතෙ;
යානස්සු පුබ්බෙ භුඤ්ජාම, තානි අජ්ජ ජහාමසෙ.
|
2146
“මේ පර්වත මුදුනෙහි නොයෙක් ඵල වර්ග වෙත්ද, යමක් පෙර අනුභව කෙළෙමුද ඒවා අද අත්හරිමු.
|
2147
‘‘ඉමෙ නො හත්ථිකා අස්සා, බලිබද්දා ච නො ඉමෙ;
යෙහිස්සු පුබ්බෙ කීළාම, තානි අජ්ජ ජහාමසෙ’’.
|
2147
“මේ අපගේ ඇත්තුද අස්හුද මේ අපගේ හරක්ද වෙත්ද ඔවුන් සමග පෙර ක්‍රීඩා කරමුද ඔවුන් අද අත්හරිමු
|
2148
‘‘නීයමානා කුමාරා තෙ, පිතරං එතදබ්රවුං;
අම්මං ආරොග්යං වජ්ජාසි, ත්වඤ්ච තාත සුඛී භව.
|
2148
ගෙනයනු ලබන්නාවූ ඒ කුමාරයෝ පියාට මෙසේ කීවාහුය “ඔහුට නිරෝගිබව කියන්නෙහිය, පියාණෙනි ඔබද සුවපත්වෙව.
|
2149
‘‘ඉමෙ නො හත්ථිකා අස්සා, බලිබද්දා ච නො ඉමෙ;
තානි අම්මාය දජ්ජෙසි, සොකං තෙහි විනෙස්සති.
|
2149
“මේ අපගේ ඇත්තුය. අශ්වයෝය. මේ අපගේ හරක්ය මොවුන් අම්මාට දෙන්නෙහිය. ඔවුන්ගෙන් ශෝකය දුරුකරගන්නේය.
|
2150
‘‘ඉමෙ නො හත්ථිකා අස්සා, බලිබද්දා ච නො ඉමෙ;
තානි අම්මා උදික්ඛන්තී, සොකං පටිවිනෙස්සති.
|
2150
“මේ අපගේ ඇත්තුය, අශ්වයෝය. මේ අපගේ හරක්ය. මොවුන් මෑණියෝ බලත්. ඔවුන් මෙන් ශෝකය හැරගන්නේය.
|
2151
‘‘තතො වෙස්සන්තරො රාජා, දානං දත්වාන ඛත්තියො;
පණ්ණසාලං පවිසිත්වා, කලුනං පරිදෙවයි’’.
|
2151
ඉක්බිති ක්ෂත්රිය වෙස්සන්තර රජතෙමේ දන්දී පන්සලට ඇතුළුවී කරුණාවෙන් විලාප කීයේය.
|
2152
‘‘කං
සායං සංවෙසනාකාලෙ, කො නෙ දස්සති භොජනං.
|
2152
“කිමෙක්ද, අද බඩගිනි ඇති පිපාසිතවූ දරුවෝ හඬත්ද, සවස් වරුවෙහි කෑම කන වේලාවෙහි කවරෙක් ඔවුන්ට කෑම දෙයිද,
|
2153
‘‘කං න්වජ්ජ ඡාතා තසිතා, උපරුච්ඡන්ති දාරකා;
සායං සංවෙසනාකාලෙ, අම්මා ඡාතම්හ දෙථ නො.
|
2153
“සවස් වරුවෙහි කෑම කන වේලාවෙහි ‘මෑණියෙනි, බඩගිනි ඇත්තෙමු. අපට දෙවයි’ කියත්. බඩගිනි ඇති පිපාසිතවූ දරුවෝ කිමෙක්ද අද අඬත්ද,
|
2154
‘‘කථං
සන්තා සූනෙහි පාදෙහි, කො නෙ හත්ථෙ ගහෙස්සති.
|
2154
“කිමෙක්ද, ඔවුහු වහන් සඟල් නැතිව පයින් මාර්ගයෙහි යෙත්ද, ඉදිමී ගිය පා ඇතිව වෙහෙසට පත්වූ ඔවුන් කවරෙක් අතින් අල්ලයිද,
|
2155
‘‘කථං නු සො න ලජ්ජෙය්ය, සම්මුඛා පහරං මම;
අදූසකානං පුත්තානං, අලජ්ජී වත බ්රාහ්මණො.
|
2155
“ඒකාන්තයෙන් බ්‍රාහ්මණතෙමේ ලජ්ජා නැත්තෙක. හෙතෙම අහිංසක දරුවන්ට මාගේ සමීපයෙහි ගසන්නේ කෙසේ නම් ලජ්ජා නොවන්නේද?
|
2156
‘‘යොපි මෙ දාසිදාසස්ස, අඤ්ඤො වා පන පෙසියො;
තස්සාපි සුවිහීනස්ස, කො ලජ්ජී පහරිස්සති.
|
2156
“යම්කිසි කෙනෙක් මාගේ දාසියක් වන්නේද, දාසයෙක් වන්නේද, අනික් පනිවුඩ කරුවෙක්වේද, මේ වෙස්සන්තරගේ දාසයන්ගේ දාසයෙක්වේද, ඔවුන්ට ලජ්ජා ඇති කවරෙක් ගසත්ද,
|
2157
‘‘වාරිජස්සෙව
අක්කොසති පහරති, පියෙ පුත්තෙ අපස්සතො.
|
2157
“කෙමන් කටෙහි අසුවූ මසකුසේ මා බලාසිටිද්දීම (දරුවන්ට දඬුවම් කෙළේ නම්) ප්‍රිය දරුවන්ට මා නැති තැන ආක්රොසද කරයි, ගසයි.
|
2158
‘‘අදු චාපං ගහෙත්වාන, ඛග්ගං බන්ධිය වාමතො;
ආනෙස්සාමි සකෙ පුත්තෙ, පුත්තානඤ්හි වධො දුඛො.
|
2158
“දුන්න ගෙන වමෙහි කඩුව බැඳ මගේ දරුවන් ගෙනෙන්නෙමි. දරුවන්ට වධකිරීම දුකකි.
|
2159
‘‘අට්ඨානමෙතං
(අද්ධා හි මෙතං (පී.)) දුක්ඛරූපං, යං කුමාරා විහඤ්ඤරෙ;
සතඤ්ච ධම්මමඤ්ඤාය, කො දත්වා අනුතප්පති’’.
|
2159
“කුමාරයෝ හිංසාවට පැමිණෙතියි යන මේ දුක්වීමට නොතැනය. සත්පුරුෂ ධර්මය දත් කවරෙක් යමක්දී පසුතැවිලිවේද,
|
2160
‘‘සච්චං කිරෙවමාහංසු, නරා එකච්චියා ඉධ;
යස්ස නත්ථි සකා මාතා, යථා නත්ථි
(පිතා අත්ථි (ක.)) තථෙව සො.
|
2160
“යම් හෙයකින් මේ ලෝකයෙහි සමහර මනුෂ්‍යයෝ යම්සේ යමෙකු ලඟ ස්වකීය මවු නැද්ද, ඔහුත් එසේම නැතැයි කීවාහුය. එය සත්‍යයි.
|
2161
‘‘එහි කණ්හෙ මරිස්සාම, නත්ථත්ථො ජීවිතෙන නො;
දින්නම්හාති
අච්චායිකස්ස ලුද්දස්ස, යො නො ගාවොව සුම්භති.
|
2161
“කෘෂ්ණාවෙනි, එව මැරෙමු, අපට ජීවිතයෙන් වැඩක් නැත. යමෙක් අපට ගවයන්ට මෙන් තලයිද, වහා කිපෙන ක්රෑරයෙකුවූ ධනය බලාපොරොත්තු බමුණෙකුට රජු විසින් අප දෙනලදී.
[ඒකාන්තයෙන් දුඃඛිතවූ පියතෙමේ රෑ මැද්දක් හෝ මුළු රාත්‍රියෙහි හෝ බොහෝ කලක් අඬන්නේය. ගඟක් මෙන් වියලෙන්නේය.]
|
2162
‘‘ඉමෙ තෙ ජම්බුකා රුක්ඛා, වෙදිසා සින්දුවාරකා;
විවිධානි රුක්ඛජාතානි, තානි කණ්හෙ ජහාමසෙ.
|
2162
“එල්ලෙන අතු ඇති මේ දඹ ගස්ද නික ගස්ද යන නොයෙක් වෘක්ෂ සමූහයෝ වෙත්ද, ඔවුන් කෘෂ්ණාවෙනි අත් හරිමු.
|
2163
‘‘අස්සත්ථා පනසා චෙමෙ, නිග්රොධා ච කපිත්ථනා;
විවිධානි ඵලජාතානි, තානි කණ්හෙ ජහාමසෙ.
|
2163
“ඇසතුද කොස්ද, මේ නුගද දිවුල්ද යන නොයෙක් ගෙඩි වර්ග කෙනෙක් ඇද්ද ඔවුන් කෘෂ්ණාවෙනි අත් හැර යමු.
|
2164
‘‘ඉමෙ තිට්ඨන්ති ආරාමා, අයං සීතූදකා නදී;
යත්ථස්සු පුබ්බෙ කීළාම, තානි කණ්හෙ ජහාමසෙ.
|
2164
“මේ ඵලාරාම වෙත්ද, මේ සිහිල් ජලය ඇති ගඟක් වේද, යම් තැනෙක්හි පෙර ක්‍රීඩා කෙළෙමුද ඒවා කෘෂ්ණාවෙනි අත්හරිමු.
|
2165
‘‘විවිධානි පුප්ඵජාතානි, අස්මිං උපරිපබ්බතෙ;
යානස්සු පුබ්බෙ ධාරෙම, තානි කණ්හෙ ජහාමසෙ.
|
2165
“මේ පර්වත මුදුනෙහි නොයෙක් ප්‍රකාර මල්මෙන්ද යම් මල් වර්ගයක් පෙර දැරුවමුද ඒවා කෘෂ්ණාවෙනි නොපෙනෙත්.
|
2166
‘‘විවිධානි
යානස්සු පුබ්බෙ භුඤ්ජාම, තානි කණ්හෙ ජහාමසෙ.
|
2166 |
2167
‘‘ඉමෙ නො හත්ථිකා අස්සා, බලිබද්දා ච නො ඉමෙ;
යෙහිස්සු පුබ්බෙ කීළාම, තානි කණ්හෙ ජහාමසෙ’’.
|
2167 |
2168
‘‘නීයමානා කුමාරා තෙ, බ්රාහ්මණස්ස පමුඤ්චිය;
තෙන තෙන පධාවිංසු, ජාලී කණ්හාජිනා චුභො’’.
|
2168
ගෙන යන්නාවූ බ්‍රාහ්මණයාගෙන් මිදී ළදරු වූ ජාලිය කෘෂ්ණාජිනා යන දෙදෙනා ඒ ඒ තැන දිව්වාහුය.
|
2169
‘‘තතො සො රජ්ජුමාදාය, දණ්ඩඤ්චාදාය බ්රාහ්මණො;
ආකොටයන්තො තෙ නෙති, සිවිරාජස්ස පෙක්ඛතො’’.
|
2169
ඉක්බිති ඒ බ්‍රාහ්මණතෙම රැහැන අල්ලාගෙන දණ්ඩක් රැගෙන සිවිරජු බලමින් සිටියදී තළමින් ඒ දරුවන් ගෙනයයි.
|
2170
‘‘තං තං කණ්හාජිනාවොච, අයං මං තාත බ්රාහ්මණො;
ලට්ඨියා පටිකොටෙති, ඝරෙ ජාතංව දාසියං.
|
2170
“පියාණෙනි, මේ බමුණුතෙම මට ගෙයි උපන් දාසියකට මෙන් සැරයටියෙන් තලායයි” කෘෂ්ණජිනා තොමෝ පියාට එය කීවාය.
|
2171
‘‘න
යක්ඛො
නීයමානෙ පිසාචෙන, කිං නු තාත උදික්ඛසි’’.
|
2171
“පියාණෙනි, මේ බමුණෙක් නොවේ බ්‍රාහ්මණයෝ ධාර්මිකයෝ වෙත්. පියාණෙනි, බ්‍රාහ්මණ වේශයෙන් යක්ෂයෙක් අප කෑමට ගෙනයයි. පිශාචකයෙකු විසින් ගෙන යන කල්හි පියාණෙනි, කුමක් හෙයින් බලා සිටින්නෙහිද?
|
2172
‘‘ඉමෙ නො පාදකා දුක්ඛා, දීඝො චද්ධා සුදුග්ගමො;
නීචෙ චොලම්බතෙ සූරියො, බ්රාහ්මණො ච ධාරෙති
(තරෙති (සී. ස්‍යා. පී.)) නො.
|
2172
“අපගේ මේ දෙපා රිදෙත්. මාර්ගය දික්ය. යා නොහැක. සූර්‍ය්‍යයා පහතට බැස සිටී. බමුණාද අප ගෙනයයි.
|
2173
‘‘ඔකන්දාමසෙ
(ඔක්කන්තාමසි (ක.)) භූතානි, පබ්බතානි වනානි ච;
සරස්ස සිරසා වන්දාම, සුපතිත්ථෙ ච ආපකෙ
(ආවකෙ (ක.)).
|
2173
“භුතයන්ටද, පර්වතයන්ටද, වනයන්ටද, (අපගේ) පහත් තත්වය දන්වමු. යහපත් තොටුපල් ඇති ගඟේ දෙවියන්ටද විලෙහි දෙවියන්ටද වඳිමු.
|
2174
‘‘තිණලතානි ඔසධ්යො, පබ්බතානි වනානි ච;
අම්මං ආරොග්යං වජ්ජාථ, අයං නො නෙති බ්රාහ්මණො.
|
2174
“තණකොළද, වැල්ද, ඖෂධද, පර්වතද, වනද අප කියන්න අසාවා. මේ බ්‍රාහ්මණතෙම අපව ගෙනයයි. මෑණියන්ට තොරතුරු කියව්.
|
2175
‘‘වජ්ජන්තු භොන්තො අම්මඤ්ච, මද්දිං අස්මාක මාතරං;
සචෙ අනුපතිතුකාමාසි, ඛිප්පං අනුපතියාසි නො.
|
2175
“අපගේ මව්තොමෝ මද්‍රී දෙවියයි. පින්වත්නි, මෑණියන්ට කියත්වා ඉදින් අපගේ අඩිපාරේ එන්ට කැමැත්තේ නම් වහා අප පස්සේ එන්නීය.
|
2176
‘‘අයං එකපදී එති, උජුං ගච්ඡති අස්සමං;
තමෙවානුපතෙය්යාසි, අපි පස්සෙසි නෙ ලහුං.
|
2176
“මේ අඩිපාර කෙළින්ම ආශ්රමයට යයි. මේ මාර්ගය පසුපස්සෙහි එන්නෙහිය අප වහා දකින්නෙහිය.
|
2177
‘‘අහො වත රෙ ජටිනී, වනමූලඵලහාරිකෙ
(හාරියා (ස්‍යා. ක.));
සුඤ්ඤං දිස්වාන අස්සමං, තං තෙ දුක්ඛං භවිස්සති.
|
2177
“ඒකාන්තයෙන් බඳනාලද කෙශකලාපය ඇත්තීය. වන මුල් ඵල ගෙන එන්නීය. මේ ශූන්‍ය ආශ්‍රමය දැක තොපට දුක්වන්නේය.
|
2178
‘‘අතිවෙලං
යා නො බද්ධෙ න ජානාසි, බ්රාහ්මණෙන ධනෙසිනා.
|
2178
බොහෝ වේලාවක් ඒකාන්තයෙන් මෑණියන් විසින් බොහෝ පලවැල එකතුකරණලදී.
|
2179
‘‘අච්චායිකෙන ලුද්දෙන, යො නො ගාවොව සුම්භති;
අපජ්ජ අම්මං පස්සෙමු, සායං උඤ්ඡාතො ආගතං.
|
2179
“ධාන්‍ය බලාපොරොත්තු බ්‍රාහ්මණයා විසින් අප බඳනාලද බව යම් ඕතොමෝ නොදනී. ඉක්මන් ක්‍රියා ඇති පුරුෂයා විසින් අපට ගවයන්ට මෙන් තලයි
|
2180
‘‘දජ්ජා අම්මා බ්රාහ්මණස්ස, ඵලං ඛුද්දෙන මිස්සිතං;
තදායං
|
2180
“මම සවස ඵලවැල සෙවිමෙන් ආ මෑණියන් අද දක්නෙම්ද, මෑණියෝ බ්‍රාහ්මණයාට මීපැණි සමග පලතුරු දෙන්නේය.
|
2181
‘‘සූනා ච වත නො පාදා, බාළ්හං ධාරෙති බ්රාහ්මණො;
ඉති තත්ථ විලපිංසු, කුමාරා මාතුගිද්ධිනො’’.
|
2181
“එකල්හි මේතෙමේ කා සැනහුණේ තදින් අප ඉක්මන් නොකරන්නේය. ඒකාන්තයෙන් ඉදිමුනාවූ පා ඇති අප බමුණුතෙමේ ඉක්මනින් ගෙනයයි” මව කෙරෙහි ගිජුවූ දරුවෝ මෙසේ එහි වැලපුනාහ
|
2182
‘‘තෙසං ලාලප්පිතං සුත්වා, තයො වාළා වනෙ මිගා;
සීහො බ්‍යග්ඝො ච දීපි ච, ඉදං වචනමබ්‍රවුං.
|
2182
ඔවුන්ගේ වැලපීම් හඬ අසා සිංහ ව්යාඝ්ර දිවි යන දරුණු වනමෘගයෝ මේ වචනය කීවාහුය.
|
2183
‘‘මා
මා හෙවම්හාක නිබ්භොගෙ, හෙඨයිත්ථ වනෙ මිගා.
|
2183
“අපගේ රජබිසව සවස පලවැල එකතුකොටගෙන නොඒවා.
“අපගේ ප්‍රදෙශයෙ කිසි මෘගයෙක් කිසි මෘගයෙකු විසින් ඈ නොපෙළාවා
|
2184
‘‘සීහො ච නං විහෙඨෙය්‍ය, බ්‍යග්ඝො දීපි ච ලක්ඛණං;
නෙව ජාලීකුමාරස්ස, කුතො කණ්හාජිනා සියා;
උභයෙනෙව ජීයෙථ, පතිං පුත්තෙ ච ලක්ඛණා’’.
|
2184
“ලක්ෂණයෙන් යුක්තවූ ඈ සිංහයා හෝ ව්‍යාඝ්‍රයා කොටියා හෝ වෙහෙසට පත්කරන්නේ නම් ජාලිය කුමාරයා නොවන්නේමය. කෘෂ්ණජිනාව කොයින් වන්නේද ලක්ෂණවත් වූ ස්වාමියාද, දූ දරුවන්ද යන දෙකොටසම ජීවත් කරව්.
|
2185
‘‘ඛණිත්තිකං මෙ පතිතං, දක්ඛිණක්ඛි ච ඵන්දති;
අඵලා ඵලිනො රුක්ඛා, සබ්බා මුය්හන්ති මෙ දිසා.
|
2185
“මාගේ කෙක්ක වැටෙයි. දකුණු ඇස සෙලවෙයි. ගෙඩි ඇති ගස් ගෙඩි නැතිවූහ. මට සියළු දිසා මුළාවෙත්.
|
2186
‘‘තස්සා සායන්හකාලස්මිං, අස්සමාගමනං පති;
අත්ථඞ්ගතම්හි සූරියෙ, වාළා පන්ථෙ උපට්ඨහුං.
|
2186
“සවස් කාලයෙහි ඇගේ ආශ්රමයට එන මාර්ගයෙහි සූර්‍ය්‍යයා බැස යන කල්හි මාර්ගයෙහි මෘගයෝ ඉදිරිපත්වූහ.
|
2187
‘‘නීචෙ චොලම්බතෙ සූරියො, දූරෙ ච වත අස්සමො;
යඤ්ච නෙසං ඉතො හස්සං
(හිස්සං (ක.)), තං තෙ භුඤ්ජෙය්යු භොජනං.
|
2187
“සූර්‍ය්‍යතෙම පහත්ව එල්ලෙයි. ආශ්‍රමයද ඈතය. ඔවුන්ට යමක් මෙයින් ගෙනයන්නේද ඒ භොජනය ඔවුහු අනුභව කරන්නාහුය.
|
2188
‘‘සො නූන ඛත්තියො එකො, පණ්ණසාලාය අච්ඡති;
තොසෙන්තො දාරකෙ ඡාතෙ, මමං දිස්වා අනායතිං.
|
2188
“ඒ ක්ෂත්රියතෙම ඒකාන්තයෙන් මා නොඑන බව දැක බඩසාය ඇති දරුවන් සතුටු කරවමින් තනිව පන්සලෙහි සිටියි.
|
2189
‘‘තෙ
සායං
|
2189
“ඒකාන්තයෙන් දුක්වූ අසරණවූ මගේ දරුවෝ සවස කවන පොවන වේලාවෙහි කිරි බීවාක් මෙන් සිටිත්.
|
2190
‘‘තෙ නූන පුත්තකා මය්හං, කපණාය වරාකියා;
සායං සංවෙසනාකාලෙ, වාරිපීතාව අච්ඡරෙ.
|
2190
“ඒකාන්තයෙන් දුක්වූ අසරණවූ මගේ දරුවෝ සවස කවන පොවන වේලාවෙහි වතුර බීවාක් මෙන් සිටිත්.
|
2191
‘‘තෙ නූන පුත්තකා මය්හං, කපණාය වරාකියා;
පච්චුග්ගතා මං තිට්ඨන්ති, වච්ඡා බාලාව මාතරං.
|
2191
“ඒකාන්තයෙන් දුක්වූ අසරණවූ මගේ දරුවෝ පොඩි වසුපැටව් මව වෙත මෙන් පෙරගමන් කොට මා වෙත සිටිත්.
|
2192
‘‘තෙ නූන පුත්තකා මය්හං, කපණාය වරාකියා;
පච්චුග්ගතා මං තිට්ඨන්ති, හංසාවුපරිපල්ලලෙ.
|
2192
“ඒකාන්තයෙන් දුක්වූ අසරණවූ මගේ දරුවෝ මඩ මතුයෙහි හංසයන් මෙන් මා පෙරගමන් කොට සිටිත්.
|
2193
‘‘තෙ නූන පුත්තකා මය්හං, කපණාය වරාකියා;
පච්චුග්ගතා මං තිට්ඨන්ති, අස්සමස්සාවිදූරතො.
|
2193
“ඒකාන්තයෙන් දුක්වූ අසරණවූ මගේ දරුවෝ ආශ්රමයට ආසන්නයෙහි පෙරගමන් කොට මා වෙත සිටිත්.
|
2194
‘‘එකායනො එකපථො, සරා සොබ්භා ච පස්සතො;
අඤ්ඤං මග්ගං න පස්සාමි, යෙන ගච්ඡෙය්ය අස්සමං.
|
2194
“විල්ද දියවලවල්ද පෙනෙන්නාවූ එකම මාර්ගයයි. ආශ්රමයට යාමට අනික් මාර්ගයක් නොදක්නෙමි.
|
2195
‘‘මිගා නමත්ථු රාජානො, කානනස්මිං මහබ්බලා;
ධම්මෙන භාතරො හොථ, මග්ගං මෙ දෙථ යාචිතා.
|
2195
“වනයෙහි මහත් බලයෙන් යුත් මෘගරජුන්හට නමස්කාර වේවා. ධර්මයෙන් සහෝදරයන් වේවා. ඉල්වන්නාවූ මට මාර්ගය දෙව.
|
2196
‘‘අවරුද්ධස්සාහං භරියා, රාජපුත්තස්ස සිරීමතො;
තං චාහං නාතිමඤ්ඤාමි, රාමං සීතාවනුබ්බතා.
|
2196
“මම ශ්‍රී ඇත්තාවූ රටින් පිටකළ රජුගේ භාර්‍ය්‍යාව වෙමි. ස්වාමිභක්තියෙන් යුත් සීතාව රාම මෙන් මම ඔහුද අත් නොහරින්නෙමි.
|
2197
‘‘තුම්හෙ
අහඤ්ච පුත්තෙ පස්සෙය්යං, ජාලිං කණ්හාජිනං චුභො.
|
2197
“තොපද සවස් වේලාවෙහි කෑම කෑමට පුත්‍රයන් බලව්. මමද ජාලිය කෘෂ්ණජිනා යන පුත්‍රයන් දෙදෙන බලන්නෙමි.
|
2198
‘‘බහුං චිදං මූලඵලං, භක්ඛො චායං අනප්පකො;
තතො උපඩ්ඪං දස්සාමි, මග්ගං මෙ දෙථ යාචිතා.
|
2198
“කෑ යුතු මේ මුල් ඵල බොහෝය. එයින් කොටසක් දෙන්නෙමි. ඉල්වන ලද මට මාර්ගය ඉඩ දෙව.
|
2199
‘‘රාජපුත්තී ච නො මාතා, රාජපුත්තො ච නො පිතා;
ධම්මෙන
|
2199
“අපගේ මවු තොමෝ රජ බිසවකි. අපගේ පිය තෙමේ රජකෙනෙකි. ධර්මයෙන් සහෝදර වෙව. ඉල්වන ලද මට මාර්ගය ඉඩ දෙව්.”
|
2200
‘‘තස්සා ලාලප්පමානාය, බහුං කාරුඤ්ඤසඤ්හිතං;
සුත්වා නෙලපතිං වාචං, වාළා පන්ථා අපක්කමුං’’.
|
2200
කරුණාවෙන් පිරී විලාප කියන්නාවූ ඇගේ මිහිරි බොහෝ වචන අසා වනමෘගයෝ මාර්ගයෙන් ඈත්වූවාහුය.
|
2201
‘‘ඉමම්හි නං පදෙසම්හි, පුත්තකා පංසුකුණ්ඨිතා;
පච්චුග්ගතා මං තිට්ඨන්ති, වච්ඡා බාලාව මාතරං.
|
2201
“පස් තැවරුණු පුත්‍රයෝ මේ ප්‍රදේශයෙහි පොඩි වසුපැටවන් මෙන් පෙරගමන් කොට මා වෙත සිටිත්.
|
2202
‘‘ඉමම්හි
පච්චුග්ගතා මං තිට්ඨන්ති, හංසාවුපරිපල්ලලෙ.
|
2202
“පස් තැවරුණ පුත්‍රයෝ මේ ප්රදෙශයෙහිදී දිය සිඳුණු මඩ මත්තෙහි හංසයන් මෙන් පෙරගමන් කොට මා වෙත සිටිත්.
|
2203
‘‘ඉමම්හි නං පදෙසම්හි, පුත්තකා පංසුකුණ්ඨිතා;
පච්චුග්ගතා මං තිට්ඨන්ති, අස්සමස්සාවිදූරතො.
|
2203
“පස් තැවරුණ පුත්‍රයෝ මේ ප්‍රදෙශයෙහි ආශ්රමයට නුදුරු තැන පෙරගමන් කොට මා වෙත සිටිත්.
|
2204
‘‘ද්වෙ මිගා විය
(තෙ මිගාවිය (සී. ස්‍යා. පී.)) උක්කණ්ණා
(ඔක්කණ්ණා (ක.)), සමන්තා මභිධාවිනො;
ආනන්දිනො පමුදිතා, වග්ගමානාව කම්පරෙ;
ත්යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො.
|
2204
“වටපිට දුවන කන් ඔසවා ගත් මුවන් මෙන් අසතුටුවූ ප්රීතිවූ ඒ දරුවෝ වෙන්වෙමින් කම්පාවෙත්. ජාලිය කෘෂ්ණජිනා යන ඒ දරුවන් දෙදෙනා අද නොදකිමි.
|
2205
‘‘ඡකලීව මිගී ඡාපං, පක්ඛී මුත්තාව පඤ්ජරා;
ඔහාය පුත්තෙ නික්ඛමිං, සීහීවාමිසගිද්ධිනී;
ත්යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො.
|
2205
“දරු ඇති එළුදෙනක් දරුවා මෙන් කූඩුවෙන් මිදුණු පක්ෂිණිය පැටවා මෙන් ගොදුරෙහි ගිජුවූ සිංහදෙනක් මෙන් දරුවන් අත්හැර නික්මුනෙමි. ජාලිය කෘෂ්ණජිනා යන දරුවන් අද නොදක්නෙමි.
|
2206
‘‘ඉදං නෙසං පදක්කන්තං, නාගානමිව පබ්බතෙ;
චිතකා පරිකිණ්ණායො, අස්සමස්සාවිදූරතො;
ත්යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො.
|
2206
“පර්වතයෙහි ඇතුන්ගේ පා සටහන් මෙන් මේ ඔවුන් ක්‍රීඩා කරණ තැනය. ආශ්රමයට නුදුරු තැන වැලි ගොඩවල් විසිරී තිබෙත්. ජාලිය කෘෂ්ණජිනා යන ඒ පුත්‍රයන් අද නොදක්නෙමි.
|
2207
‘‘වාලිකායපි ඔකිණ්ණා, පුත්තකා පංසුකුණ්ඨිතා;
සමන්තා මභිධාවන්ති, තෙ න පස්සාමි දාරකෙ.
|
2207
“පස් තවරා වැලි විසුරුවා ගත් දරුවෝ හාත්පස දුවත්. ඒ දරුවන් අද නොදකිමු.
|
2208
‘‘යෙ
ත්යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො.
|
2208
“වනයෙන් දුර සිට එන මා වෙත පෙර යම් කෙනෙක් පෙර ගමන් කරත්ද, ජාලිය කෘෂ්ණජිනා යන ඒ දරුවන් දෙදෙන අද නොපෙනෙත්.
|
2209
‘‘ඡකලිංව මිගිං ඡාපා, පච්චුග්ගන්තුන මාතරං;
දූරෙ මං පවිලොකෙන්ති
(අපලොකෙන්ති (ක.), පටිවිලොකෙන්ති (ස්‍යා.)), තෙ න පස්සාමි දාරකෙ.
|
2209
“වැදූ මුවදෙනක කරා පැටවුන් මෙන් අසපුවෙන් පෙර ගමන් කොට දුර සිටම මා බලත්ද ඒ දරුවන් නොදක්නෙමි.
|
2210
‘‘ඉදං
ත්යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො.
|
2210
“ඔවුන් සෙල්ලම් කරන පඬුපාට මේ බෙලිගෙඩිය වැටී තිබේ. ජාලිය කෘෂ්ණජිනා යන ඒ පුත්‍රයන් දෙදෙන අද නොදකිමි.
|
2211
‘‘ථනා ච මය්හිමෙ පූරා, උරො ච සම්පදාලති;
ත්යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො.
|
2211
“මගේ තන පිරී තිබේද පපුව පැලෙයිද ජාලිය කෘෂ්ණජිනා යන පුත්‍රයන් දෙදෙනා අද නොදකිමි.
|
2212
‘‘උච්ඡඞ්ගෙකො විචිනාති, ථනමෙකාවලම්බති;
ත්යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො.
|
2212
“මගේ උකුළ සොයත්ද, තනි තනිව එල්ලේද ඒ ජාලිය කෘෂ්ණජිනා යන දරුවන් දෙදෙන නොදක්නෙමි.
|
2213
‘‘යස්සු
උච්ඡඞ්ගෙ මෙ විවත්තන්ති, තෙ න පස්සාමි දාරකෙ.
|
2213
“පස් තැවරුනාවූ යම් පුත්‍ර කෙනෙක් වෙත්ද, සවස් කාලයෙහි මාගේ ඔඩොක්කුවෙහි ඈත මෑත පෙරලෙත්ද ඒ දරුවන් නොදක්නෙමි.
|
2214
‘‘අයං සො අස්සමො පුබ්බෙ, සමජ්ජො පටිභාති මං;
ත්යජ්ජ පුත්තෙ අපස්සන්ත්යා, භමතෙ විය අස්සමො.
|
2214
“පෙර මේ ආශ්‍රමය මට නෘත්‍ය මණ්ඩපයක්සේ වැටහෙයි. අද දරුවන් නොදකිනා මට ආශ්‍රමය කැරකෙන්නාක් මෙනි.
|
2215
‘‘කිමිදං අප්පසද්දොව, අස්සමො පටිභාති මං;
කාකොලාපි න වස්සන්ති, මතා මෙ නූන දාරකා.
|
2215
“මට ආශ්‍රමය නිශ්ශබ්ද තැනක් වශයෙන් වැටහෙන්නේ ඇයි? වන කපුටෝද ශබ්ද නොකරත්. ඒකාන්තයෙන් දරුවන් මැරුණා වෙන්නට ඇත.
|
2216
‘‘කිමිදං අප්පසද්දොව, අස්සමො පටිභාති මං;
සකුණාපි න වස්සන්ති, මතා මෙ නූන දාරකා.
|
2216
“ආශ්‍රමය නිශ්ශබ්දව වැටහෙන්නේ ඇයි. පක්ෂීහුද නාද නොකරති. ඒකාන්තයෙන් දරුවන් මැරුණා වෙන්නට ඇත.
|
2217
‘‘කිමිදං තුණ්හිභූතොසි, අපි රත්තෙව මෙ මනො;
කාකොලාපි න වස්සන්ති, මතා මෙ නූන දාරකා.
|
2217
“කුමක් නිසා මේ නිශ්ශබ්ද වූයෙහිද, එසේම මගේ සිත රැයෙහි මෙනි. වන කපුටෝද නොහඬත්. මාගේ දරුවෝ ඒකාන්තයෙන් මළහයි සිතමි.
|
2218
‘‘කිමිදං
සකුණාපි න වස්සන්ති, මතා මෙ නූන දාරකා.
|
2218
“කුමක් නිසා මේ නිශ්ශබ්ද වූයෙහිද? මගේ සිත රැයෙහි මෙනි. පක්ෂීහුද ශබ්ද නොකරත්. මාගේ දරුවෝ ඒකාන්තයෙන් මළහයි සිතමි.
|
2219
‘‘කච්චි නු මෙ අය්යපුත්ත, මිගා ඛාදිංසු දාරකෙ;
අරඤ්ඤෙ ඉරිණෙ විවනෙ, කෙන නීතා මෙ දාරකා.
|
2219
“ආර්‍ය්‍ය පුත්‍රය, කිමෙක්ද දරුවන් මෘගයෝ කෑවෝද? විවේකීවූ අහර අඩු මහ කැලෑවෙහි මාගේ දරුවෝ කවරකු විසින් ගෙනයන ලද්දෝද?”
|
2220
‘‘අදු තෙ පහිතා දූතා, අදු සුත්තා පියංවදා;
අදු බහි නො නික්ඛන්තා, ඛිඩ්ඩාසු පසුතා නු තෙ.
|
2220
“නොහොත් ඔබ විසින් දූත කාර්ය්යයකට යවන ලද්දේද? නොහොත් ප්‍රිය කථා ඇති දරුවෝ නිදිද, නොහොත් පිටත ගියෝද ක්‍රීඩාවෙන් පසු වෙත්ද?
|
2221
‘‘නෙවාසං කෙසා දිස්සන්ති, හත්ථපාදා ච ජාලිනො;
සකුණානඤ්ච ඔපාතො, කෙන නීතා මෙ දාරකා.
|
2221
“ඔවුන්ගේ කළුපාට කෙස් නොදකිමි. රන්දැල් වැනි අත් පා නොපෙනෙත්. අහසින් පක්ෂීන්ගේ බැස අල්ලා ගැනීමක් වීද. මාගේ දරුවන් කවරෙක් ගෙන ගියෝද?
|
2222
‘‘ඉදං තතො දුක්ඛතරං, සල්ලවිද්ධො යථා වණො;
ත්යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො.
|
2222
“ජාලිය, කෘෂ්ණජිනා යන දෙදෙන අද නොදැක්කෙම්ද හුලකින් විදින ලද වණයක් මෙනි, මෙය ඊටත් වඩා දුකකි.
|
2223
‘‘ඉදම්පි දුතියං සල්ලං, කම්පෙති හදයං මම;
යඤ්ච පුත්තෙ න පස්සාමි, ත්වඤ්ච මං නාභිභාසසි.
|
2223
“අද ඒ මාගේ පපුවට මේ දෙවෙනි හුල කම්පාකරයි. අද ඒ දරුවන් නොදක්නෙමි. ඔබද මා සමග කථා නොකරන්නෙහිය.
|
2224
‘‘අජ්ජෙව
(අජ්ජ චෙ (ස්‍යා.)) මෙ ඉමං රත්තිං, රාජපුත්ත න සංසසි;
මඤ්ඤෙ ඔක්කන්තසන්තං
(උක්කන්තසත්තං (සී. පී.)) මං, පාතො දක්ඛිසි නො මතං’’.
|
2224
“රාජපුත්‍රය, අද මේ රාත්‍රියම මට සැක කරන්න උදෑසන ජීවිතයෙන් පහවූ මළ මා දක්නෙහියයි හඟිමි.”
|
2225
‘‘නූන
පාතො ගතාසි උඤ්ඡාය, කිමිදං සායමාගතා’’.
|
2225
“ශ්‍රේෂ්ඨ ශරීර සම්පත්තියක් ඇති යශස් ඇත්තාවූ රාජ දෙවිය පලවැල කැඩීමට රැයින් ගියෙහිය. කුමක් හෙයින් සවස් වී ආයෙහිද?
|
2226
‘‘නනු
සීහස්සපි නදන්තස්ස, බ්යග්ඝස්ස ච නිකුජ්ජිතං.
|
2226
“යම් සත්වකෙනෙක් මේ විලට පැන් බීමට පැමිණියාහුද? ඝොෂා කරන සිංහයාගේද ව්‍යාඝ්‍රයන්ගේද ශබ්දය තොප නොඇසුයෙහිද?”
|
2227
‘‘අහු පුබ්බනිමිත්තං මෙ, විචරන්ත්යා බ්රහාවනෙ;
ඛණිත්තො මෙ හත්ථා පතිතො, උග්ගීවඤ්චාපි
(උඞ්ගීවඤ්චාපි (ක.)) අංසතො.
|
2227
“දෙවයන් වහන්ස, මට පෙරනිමිති පහළ විය. මහා වනයෙහි හැසිරෙන්නාවූ මගේ කෙක්ක මගේ අතින් වැටුණේය. අංශයෙන් කරෙහි පැස එල්ලන කොක්කද වැටුනේය.
|
2228
‘‘තදාහං
සබ්බදිසා නමස්සිස්සං, අපි සොත්ථි ඉතො සියා.
|
2228
“එකල්හි මම පෙළුනෙම් බියවූයෙම්. මෙයින් යහපතක් වන්නේද බොහෝ වෙලා දොහොත් වැඳීම දැඩි කොට සියලු දිශාවන් වැන්දෙමි.
|
2229
‘‘මා හෙව නො රාජපුත්තො, හතො සීහෙන දීපිනා;
දාරකා වා පරාමට්ඨා, අච්ඡකොකතරච්ඡිහි.
|
2229
“රාජ පුත්‍රතෙම සිංහයෙකුගෙන් හෝ කොටියකුගෙන් හෝ නැසුණේ නොවේවා. දරුවෝ වග ගවර වලසුන් අල්ලා ගත්තේ නොවේවා.
|
2230
‘‘සීහො බ්‍යග්ඝො ච දීපි ච, තයො වාළා වනෙ මිගා;
තෙ මං පරියාවරුං මග්ගං, තෙන සායම්හි ආගතා.
|
2230
“සිංහයෙක්ද ව්‍යාඝ්‍රයෙක්ද කොටියෙක්ද යන චණ්ඩවන මෘගයන් තුන්දෙනෙක් මට මාර්ගය වැලැක්කුවාහුය. එනිසා සවස් කාලයේ ආවෙමි.
|
2231
‘‘අහං පතිඤ්ච පුත්තෙ ච, ආචෙරමිව මාණවො;
අනුට්ඨිතා දිවාරත්තිං, ජටිනී බ්රහ්මචාරිනී.
|
2231
“‘මම ස්වාමියාද දරුවන්ද තරුණයෙක් ගුරුවරයාට මෙන් බ්රහ්මචාරීව බැන්ද කෙශකලාප ඇතිව රෑ දාවල් දෙක්හි උපස්ථාන කරණ ලදී.
|
2232
‘‘අජිනානි පරිදහිත්වා, වනමූලඵලහාරියා;
විචරාමි දිවාරත්තිං, තුම්හං කාමා හි පුත්තකා.
|
2232
“දරුවෙනි, තොපට ආදරයෙන්ම අඳුන් දිවිසම් හැඳගෙණ වනමුල් ඵලගෙන එමින් රෑ දාවල් දෙක්හි හැසිරෙමි.
|
2233
‘‘අහං සුවණ්ණහලිද්දිං, ආභතං පණ්ඩුබෙළුවං;
රුක්ඛපක්කානි චාහාසිං, ඉමෙ වො පුත්ත කීළනා.
|
2233
“දරුවෙනි, මේ රන්වන් කහ ගෙනෙන ලදී. පඬු පාට බෙලිගෙඩියක් ගෙනායෙමි. දරුවනි, මේවා තොපගේ කෙළි බඩුය.
|
2234
‘‘ඉමං මූලාළිවත්තකං, සාලුකං චිඤ්චභෙදකං;
භුඤ්ජ ඛුද්දෙහි සංයුත්තං, සහ පුත්තෙහි ඛත්තිය.
|
2234
“මේ නෙළුම් අලද මානෙල් අලද රන්වන් දියද මහරජ මීපැණි හා මිශ්‍රකොට දරුවන් සමග අනුභව කරවයි” කියා අඬයි.
|
2235
‘‘පදුමං ජාලිනො දෙහි, කුමුදඤ්ච කුමාරියා;
මාලිනෙ පස්ස නච්චන්තෙ, සිවි පුත්තානි අව්හය.
|
2235
“සිවිරාජපුත්රය, ජාලියට මානෙල් මල දෙන්න. කුමාරියට නෙළුම් මල් දෙන්න. නටන්නාවූ මල් පැළඳවූවන් බලනු මැනව. වහා දරුවන් ගෙන්වනු මැනව.
|
2236
‘‘තතො කණ්හාජිනායපි, නිසාමෙහි රථෙසභ;
මඤ්ජුස්සරාය වග්ගුයා, අස්සමං උපයන්තියා
(උපගන්ථියා (ස්‍යා. ක.)).
|
2236
“මහරජ, ඉක්බිති ආශ්‍රමය සමීපයෙහි කෘෂ්ණජිනාවගේ මිහිරි ලස්සණ වචනයන්ම ඇහුම්කන් දෙනු මැනව.
|
2237
‘‘සමානසුඛදුක්ඛම්හා, රට්ඨා පබ්බාජිතා උභො;
අපි
|
2237
“ස්වාමීනි, සිවි රජානෙනි, රටින් පිටුවහල් කළ නමුත් අපදෙදෙන ජාලිය කෘෂ්ණාජිනා යන දරුවන් දෙදෙන දක්නහුද සමාන සැපදුක් ඇත්තෝ වෙමු.
|
2238
‘‘සමණෙ
අහං ලොකෙ අභිස්සපිං, සීලවන්තෙ බහුස්සුතෙ;
ත්යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො’’.
|
2238
“මම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්‍ය්‍යාව පිහිට කොට බොහෝ ඇසූ පිරූ තැන් ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සාප කෙළෙමි. අද ජාලිය කෘෂ්ණජිනා යන දරුවන් නොදක්නෙමි.
|
2239
‘‘ඉමෙ
විවිධානි රුක්ඛජාතානි, තෙ කුමාරා න දිස්සරෙ.
|
2239
“එල්ලෙන අතු ඇති මේ දඹ ගස්ද නික ගස්ද යන නොයෙක් වෘක්ෂ සමූහයෝ වෙත්ද, අද ඒ දරුවෝ නොපෙනෙත්.
|
2240
‘‘අස්සත්ථා පනසා චෙමෙ, නිග්රොධා ච කපිත්ථනා;
විවිධානි ඵලජාතානි, තෙ කුමාරා න දිස්සරෙ.
|
2240
“ඇසතුද කොස්ද, මේ නුගද දිවුල්ද යන නොයෙක් ගෙඩි වර්ග කෙනෙක් ඇද්ද අද ඒ දරුවෝ නොපෙනෙත්.
|
2241
‘‘ඉමෙ තිට්ඨන්ති ආරාමා, අයං සීතූදකා නදී;
යත්ථස්සු පුබ්බෙ කීළිංසු, තෙ කුමාරා න දිස්සරෙ.
|
2241
“මේ ගෙඩි ඇති උයන් වෙත්ද, මේ සිහිල් ජලය ඇති ගඟක් වෙත්ද, යම් තැනක පෙර ක්‍රීඩා කළාහුද ඒ දරුවෝ නොපෙනෙත්.
|
2242
‘‘විවිධානි පුප්ඵජාතානි, අස්මිං උපරිපබ්බතෙ;
යානස්සු පුබ්බෙ ධාරිංසු, තෙ කුමාරා න දිස්සරෙ.
|
2242
“මේ පර්වත මුදුනෙහි නොයෙක් ප්‍රකාර මල්වෙත්ද යම්මල් වර්ගයක් පෙර දැරුවාහුද, ඒ දරුවෝ නොපෙනෙත්.
|
2243
‘‘විවිධානි ඵලජාතානි, අස්මිං උපරිපබ්බතෙ;
යානස්සු පුබ්බෙ භුඤ්ජිංසු, තෙ කුමාරා න දිස්සරෙ.
|
2243
“මේ පර්වත මුදුනෙහි නොයෙක් ඵල වර්ග වෙත්ද යමක් පෙර අනුභව කළාහුද ඒ දරුවෝ නොපෙණෙත්.
|
2244
‘‘ඉමෙ තෙ හත්ථිකා අස්සා, බලිබද්දා ච තෙ ඉමෙ;
යෙහිස්සු පුබ්බෙ කීළිංසු, තෙ කුමාරා න දිස්සරෙ’’.
|
2244
“මේ තොපගේ ත්රීඩා ඇත්තුය. අශ්වයෝය මේ තොපගේ හරක්ය යමක් සමග පුත්‍රයෝ ක්‍රීඩා කළාහුද ඔව්හු ඒ දරුවෝ නොපෙනෙත්.
|
2245
‘‘ඉමෙ සාමා සසොලූකා, බහුකා කදලීමිගා;
යෙහිස්සු පුබ්බෙ කීළිංසු, තෙ කුමාරා න දිස්සරෙ.
|
2245
“මේ රන්වන් මෘගයෝය හාවෝය බකමූණෝය මේ බොහෝවූ කේල්මුවෝය යන මොවුන් සමග දරුවෝ ක්‍රීඩා කළාහුද
|
2246
‘‘ඉමෙ හංසා ච කොඤ්චා ච, මයූරා චිත්රපෙඛුණා;
යෙහිස්සු පුබ්බෙ කීළිංසු, තෙ කුමාරා න දිස්සරෙ’’.
|
2246
“මේ විසිතුරු දැකුම් ඇති හංසයෝද කොස්වාලිහිණියෝද මොණරුද යමක්හු සමග පෙර ක්‍රීඩා කළාහුද ඒ දරුවෝ නොපෙණෙත්.
|
2247
‘‘ඉමා
යත්ථස්සු පුබ්බෙ කීළිංසු, තෙ කුමාරා න දිස්සරෙ.
|
2247
“හැමකල්හි පිපී සිටියාවූ යම් තැනෙක්හි පෙර දරුවෝ ක්‍රීඩා කළාහුද, මේ ඒ වන ලැහැබය. ඒ දරුවෝ නොපෙණෙත්.
|
2248
‘‘ඉමා තා පොක්ඛරණී රම්මා, චක්කවාකූපකූජිතා;
මන්දාලකෙහි සඤ්ඡන්නා, පදුමුප්පලකෙහි ච;
යත්ථස්සු පුබ්බෙ කීළිංසු, තෙ කුමාරා න දිස්සරෙ.
|
2248
“සක්වා ලිහිණින් විසින් නාද කරණලද යම් තැනෙක්හි දරුවෝ පෙර ක්‍රීඩා කළාහුද ඒ මේ මානෙල් නෙළුම් මල් ඇති ජලය අඩු පොකුණු යහපත්ය. ඒ දරුවෝ නොපෙණෙත්.
|
2249
‘‘න තෙ කට්ඨානි භින්නානි, න තෙ උදකමාහතං;
අග්ගිපි තෙ න හාපිතො, කිං නු මන්දොව ඣායසි.
|
2249
“ඔබ විසින් දර නොකඩන ලදී. ඔබ ජලය නොගෙනෙනලදී. ඔබ විසින් ගිනිද නොදල්වන ලදී. කුමක් හෙයින් දුර්වලව සිතන්නෙහිද,
|
2250
‘‘පියො
ත්යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො’’.
|
2250
“මට ප්‍රියවූයේ ප්‍රියයා සමග එක්ව සමව සැනසෙයි. අද මට ඔබ දැකත් ඒ ජාලිය කෘෂ්ණජිනා යන දරුවන් දෙදෙනා අද නොදකිම්ද,
|
2251
‘‘න ඛො නො දෙව පස්සාමි, යෙන තෙ නීහතා මතා;
කාකොලාපි න වස්සන්ති, මතා මෙ නූන දාරකා.
|
2251
“දේවයන් වහන්ස, අපගේ දරුවන් නොදකිමි. යමෙකු විසින් ඔවුන් ගෙනයන ලද්දාහුද, මරනු ලද්දාහුද, වන කවුඩෝද නොහඬත්. ඒකාන්තයෙන් මාගේ දරුවෝ මළහයි සිතමි.
|
2252
‘‘න ඛො නො දෙව පස්සාමි, යෙන තෙ නීහතා මතා;
සකුණාපි න වස්සන්ති, මතා මෙ නූන දාරකා’’.
|
2252
“දේවයන් වහන්ස, අපගේ දරුවන් නොදකිමි. යමෙකු විසින් ඔවුන් ගෙනයන ලද්දාහුද, මරනු ලද්දාහුද, වන පක්ෂීහුද නොහඬත්. ඒකාන්තයෙන් මාගේ දරුවෝ මළහයි සිතමි.
|
2253
‘‘සා
පුනදෙවස්සමං ගන්ත්වා, රොදි සාමිකසන්තිකෙ
(සාමිකසන්තිකෙ රොදි (සී. ස්‍යා. පී.)).
|
2253
ඕතොමෝ එහි පර්වතයන්හිද වනයන්හිද අඬා නැවත ස්වාමියාගේ ආශ්රමයට ගොස් ඔහු සමීපයෙහි ඇඬුවාය.
|
2254
‘‘‘න ඛො නො දෙව පස්සාමි, යෙන තෙ නීහතා මතා;
කාකොලාපි න වස්සන්ති, මතා මෙ නූන දාරකා.
|
2254
“දේවයන් වහන්ස, අපගේ දරුවන් නොදකිමි. යමෙකු විසින් ඔවුන් ගෙනයන ලද්දාහුද, මරනු ලද්දාහුද, වන කවුඩෝද නොහඬත්. ඒකාන්තයෙන් මාගේ දරුවෝ මළහයි සිතමි.
|
2255
‘‘‘න ඛො නො දෙව පස්සාමි, යෙන තෙ නීහතා මතා;
සකුණාපි න වස්සන්ති, මතා මෙ නූන දාරකා.
|
2255
“දේවයන් වහන්ස, අපගේ දරුවන් නොදකිමි. යමෙකු විසින් ඔවුන් ගෙනයන ලද්දාහුද, මරනු ලද්දාහුද, වන පක්ෂීහුද නොහඬත්. ඒකාන්තයෙන් මාගේ දරුවෝ මළහයි සිතමි.
|
2256
‘‘‘න ඛො නො දෙව පස්සාමි, යෙන තෙ නීහතා මතා;
විචරන්ති
|
2256
“දේවයන් වහන්ස, අපගේ දරුවන් නොදක්නෙමි. යමෙකු විසින් ඔවුන් ගෙනගියාහුද, මරන ලද්දාහුද, වෘක්ෂ මූලයන්හිද පර්වතයන්හිද ගුහාවන්හිද හැසිරෙන්නී. නොදක්නෙමි.”
|
2257
‘‘ඉති මද්දී වරාරොහා, රාජපුත්තී යසස්සිනී;
බාහා පග්ගය්හ කන්දිත්වා, තත්ථෙව පතිතා ඡමා’’.
|
2257
මෙසේ උතුම් ශරීර ඇති යසස් ඇත්තාවූ මද්‍රී නම් රජ බිසව දෙඅත් හිස බැඳ අඬා එහිම බිම වැටුණීය.
|
2258
‘‘තමජ්ඣපත්තං රාජපුත්තිං, උදකෙනාභිසිඤ්චථ;
අස්සත්ථං නං විදිත්වාන, අථ නං එතදබ්රවි’’.
|
2258
සිහි නැතිවූ ඒ රාජපුත්රියට දිය ඉස, සිහි ලැබූ ඇය දැක නැවත ඈට මේ වචන කීයේය.
|
2259
‘‘ආදියෙනෙව තෙ මද්දි, දුක්ඛං නක්ඛාතුමිච්ඡිසං;
දලිද්දො යාචකො වුඩ්ඪො, බ්රාහ්මණො ඝරමාගතො.
|
2259
“මද්‍රී දේවිනි, මුලින්ම ඔබට දුකක් ගෙනදීමට නොකැමැත්තෙමි. දිළිඳුවූ මහළුවූ ඉල්ලාගෙන ජීවත් වන්නාවූ බමුණෙක් ගෙට ආවේය. මාවිසින් ඔහුට දරුවන් දෙන ලදී. මද්‍රීය බිය නොවව. සැනසෙව.
|
2260
‘‘තස්ස දින්නා මයා පුත්තා, මද්දි මා භායි අස්සස;
මං පස්ස මද්දි මා පුත්තෙ, මා බාළ්හං පරිදෙවසි;
ලච්ඡාම පුත්තෙ ජීවන්තා, අරොගා ච භවාමසෙ.
|
2260
“මද්‍රි දේවීනි, මා බලව, දරුවන් නොබලව. තදින් නොහඬව. ජීවත් වන්නාවූ අප නිරෝගිද වන්නාහු නම් පුත්‍රයන් ලබමු.
|
2261
‘‘පුත්තෙ පසුඤ්ච ධඤ්ඤඤ්ච, යඤ්ච අඤ්ඤං ඝරෙ ධනං;
දජ්ජා සප්පුරිසො දානං, දිස්වා යාචකමාගතං;
අනුමොදාහි මෙ මද්දි, පුත්තකෙ දානමුත්තමං’’.
|
2261
“පුත්‍රයන්ද, තිරිසන් ගත සතුන්ද, ධනයද ගෙයි අනික් ධනයක් ඇත්තේද, ආවාවූ ඉල්වන්නන් දැක සත්පුරුෂයා දන් දෙන්නේය. මද්‍රිය මාවිසින් දරුවන් උතුම් දනට දීම අනුමෝදන් වෙව”
|
2262
‘‘අනුමොදාමි
දත්වා චිත්තං පසාදෙහි, භිය්යො දානං දදො භව.
|
2262
“දේවයන් වහන්ස, ඔබවහන්සේ විසින් දරුවන් උතුම් දනට දීම අනුමෝදන් වෙමි. දී සිත පහදව. බොහෝ කොට දන් දෙන්නෙක් වෙව.”
|
2263
‘‘යො ත්වං මච්ඡෙරභූතෙසු, මනුස්සෙසු ජනාධිප;
බ්රාහ්මණස්ස අදා දානං, සිවීනං රට්ඨවඩ්ඪනො’’.
|
2263
“මහරජ, සිවීන්ගේ රට වඩන යම්බඳුවූ ඔබ මසුරු වූ මනුෂ්‍යයන් අතර බමුණාට දානයක් දුන්නේද,
|
2264
‘‘නින්නාදිතා තෙ පථවී, සද්දො තෙ තිදිවඞ්ගතො;
සමන්තා විජ්ජුතා ආගුං, ගිරීනංව පතිස්සුතා.
|
2264
“තොපගේ දානයට පෘථිවිය නාද කරණ ලද්දාහ. ඒ දාන ශබ්දය දිව්‍ය ලෝකයටද ගියේය. පර්වතයන්හි දෝංකාර වැනි ශබ්ද හා අකාල විදුලි කෙටීම්ද විය.
|
2265
‘‘තස්ස තෙ අනුමොදන්ති, උභො නාරදපබ්බතා;
ඉන්දො
සබ්බෙ දෙවානුමොදන්ති, තාවතිංසා සඉන්දකා.
|
2265
“නාරද පර්වත යන දිව්‍ය නිකාය දෙදෙනද මේ පින් අනුමෝදන් වෙත්වා. ප්‍රජාපතීද, සොමද යම වෛශ්රවන රජද ශක්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝද යන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා”
|
2266
‘‘ඉති
වෙස්සන්තරස්ස අනුමොදි, පුත්තකෙ දානමුත්තමං’’.
|
2266
මෙසේ ශ්‍රේෂ්ඨ ශරීරයක් ඇත්තාවූ යසස් ඇත්තාවූ රජ බිසවුතොමෝ වෙස්සන්තරගේ පුත්‍රයන් සම්බන්ධ උතුම් දානය අනුමෝදන් විය.
|
2267
තතො රත්යා විවසානෙ, සූරියස්සුග්ගමනං පති;
සක්කො බ්රාහ්මණවණ්ණෙන, පාතො තෙසං අදිස්සථ.
|
2267
ඉක්බිති රාත්‍රිය අවසානයෙහි ඉර පායන කල්හි ශක්‍රතෙමේ උදෑසන බමුණු වේශයකින් ඔවුන්ට පෙනී සිටියේය.
|
2268
‘‘කච්චි නු භොතො කුසලං, කච්චි භොතො අනාමයං;
කච්චි උඤ්ඡෙන යාපෙථ, කච්චි මූලඵලා බහූ.
|
2268
“පින්වත සැප කෙසේද කිමෙක්ද, පින්වත්හට දුකක්නැද්ද, කිමෙක්ද, සිඟීමෙන් ජීවත්වන්නෙහිද? කිමෙක් මුල් ඵල බොහෝ ලැබේද?
|
2269
‘‘කච්චි ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා;
වනෙ වාළමිගාකිණ්ණෙ, කච්චි හිංසා න විජ්ජති’’.
|
2269
“කිමෙක්ද, ඩැහැ ලේ බොන මැස්සෝද, මදුරුවෝද සර්පයෝද අඩුද? වල්මුවන් ඇති වනයෙහි හිංසාවක් නැත්තේද?”
|
2270
‘‘කුසලඤ්චෙව නො බ්රහ්මෙ, අථො බ්රහ්මෙ අනාමයං;
අථො උඤ්ඡෙන යාපෙම, අථො මූලඵලා බහූ.
|
2270
“බ්‍රාහ්මණය, මට යහපති. බ්‍රාහ්මණය, නැවතද මට දුකක් නැත. නැවතද පිඩු සිඟීමෙන් යැපෙමි. නැවතද මුල් ඵල බොහෝයි.
|
2271
‘‘අථො ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා;
වනෙ වාළමිගාකිණ්ණෙ, හිංසා මය්හං න විජ්ජති.
|
2271
“නැවත ඩැහැ ලේ බොන මැස්සෝද, මදුරුවෝද අඩුය. චණ්ඩ මෘගයන්ගෙන් ගැවසීගත් වනයෙහි මට හිංසාවක් නැත.
|
2272
‘‘සත්ත නො මාසෙ වසතං, අරඤ්ඤෙ ජීවසොකිනං;
ඉදං දුතියං පස්සාම, බ්රාහ්මණං දෙවවණ්ණිනං;
ආදාය වෙළුවං දණ්ඩං, ධාරෙන්තං අජිනක්ඛිපං.
|
2272
“වනයෙහි සත් මසක් වාසය කරන්නාවූ ශෝකයෙන් ජීවත්වන්නාවූ අපට බෙලි ලීයක් රැගත් අඳුන් දිවිසමක් දරන්නාවූ දෙවියන් විසින් වර්ණනා කළ බමුණෙකු දෙවෙනි වරද දකිමු.
|
2273
‘‘ස්වාගතං
අන්තො
|
2273
“මහණ බමුණ තොපට යහපත් පැමිණීමක් වේවා. නැවත ඔබට අදූරාගමනය වේවා. පින්වතානෙනි ඇතුළට එන්න. ඔබගේ පාදයන් සෝදාගන්න.
|
2274
‘‘තින්දුකානි පියාලානි, මධුකෙ කාසුමාරියො;
ඵලානි ඛුද්දකප්පානි, භුඤ්ජ බ්රහ්මෙ වරං වරං.
|
2274
“බ්‍රාහ්මණය උතුම් උතුම්වූ තිඹිරිද, කෝන්ද, මිහිරී කාසුමාරියද, යන කුඩා සුදුසු, හොඳ හොඳ ගෙඩි වර්ග අනුභව කරන්න
|
2275
‘‘ඉදම්පි පානීයං සීතං, ආභතං ගිරිගබ්භරා;
තතො පිව මහාබ්රහ්මෙ, සචෙ ත්වං අභිකඞ්ඛසි.
|
2275
“මහාබ්‍රහ්මය, ඉදින් ඔබ කැමැත්තෙහි නම් පර්වත කුහරයෙන් ගෙන ආ සිහිල්වූ මේ පැන් පානය කරණු මැනව”
|
2276
‘‘අථ ත්වං කෙන වණ්ණෙන, කෙන වා පන හෙතුනා;
අනුප්පත්තො බ්රහාරඤ්ඤං, තං මෙ අක්ඛාහි පුච්ඡිතො’’.
|
2276
“නැවත ඔබ කිනම් කරුණක් නිසා කිනම් හේතුවක් උඩ මහවනයට පැමිණියෙහිද, විචාරණ ලද මට එය කියනු මැනව.”
|
2277
‘‘යථා වාරිවහො පූරො, සබ්බකාලං න ඛීයති;
එවං තං යාචිතාගච්ඡිං, භරියං මෙ දෙහි යාචිතො’’.
|
2277
“යම්සේ පිරුණාවූ මහා සමුද්‍රය සියලු කාලයෙහි ක්ෂය නොවේද, එසේ ඔබගෙන් ඉල්වන්නට පැමිණියෙමි. ඉල්වන මට භාර්‍ය්‍යාව දෙව.”
|
2278
‘‘දදාමි
සන්තං නප්පටිගුය්හාමි, දානෙ මෙ රමතී මනො’’.
|
2278
“දෙමි, වෙනස් නොකරමි. බ්‍රාහ්මණය යමක් මගෙන් ඉල්ලන්නෙහිද, ඇති දෙය නොසඟවමි. මාගේ සිත දීමෙහි ඇලෙයි.”
|
2279
‘‘මද්දිං හත්ථෙ ගහෙත්වාන, උදකස්ස කමණ්ඩලුං;
බ්රාහ්මණස්ස අදා දානං, සිවීනං රට්ඨවඩ්ඪනො.
|
2279
සිවීන්ගේ රට වඩන රජතෙම මද්‍රීදෙවිය අතින් අල්ලා දිය පිරුණු කෙණ්ඩිය ගෙන බමුණාට දන් දුන්නේය.
|
2280
‘‘තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං;
මද්දිං පරිචජන්තස්ස, මෙදනී සම්පකම්පථ.
|
2280
මද්‍රීදේවිය දෙද්දී පෘථිවිය කම්පාවූයේය. එකල්හි බිහිසුණු බවක්ද විය. එය ලොම් කෙලින් සිටින්නක් ද විය.
|
2281
‘‘නෙව සා මද්දී භාකුටි, න සන්ධීයති න රොදති;
පෙක්ඛතෙවස්ස තුණ්හී සා, එසො ජානාති යං වරං’’.
|
2281
මද්රිදෙවියගේ මුහුණ (කොපයෙන්) නොහැකුළුණේය. මුහුණ නොමැලවුණේය නොහඬයි. මේ රජතෙම යම් ලාභයක් දනීයයි ඕතොමෝ තුෂ්ණීම්භූතව ඔහුගේ මුහුණ බලාම සිටියාය.
[“ජාලියද කෘෂ්ණජිනා දුවණියද පතීව්රතාවූ මද්‍රිදෙවි බුද්ධත්වය පිණිසම දෙන්නේ අනෙකක් නොසිතූවෙමි.
“දරුවන් දෙදෙන මට අප්‍රිය නොවෙති. මද්‍රි දේවියද අප්‍රිය නොවේ. සර්වඥ බව මට ප්‍රියය, එහෙයින් ප්‍රිය වස්තු දුන්නෙමි.”]
|
2282
‘‘කොමාරී
යස්සිච්ඡෙ තස්ස මං දජ්ජා, වික්කිණෙය්ය හනෙය්‍ය වා’’.
|
2282
“මම යම්බඳුවූ ඔබගේ තරුණ භාර්‍ය්‍යාව වෙම්ද, ඔබ මගේ ස්වාමියාය. යමෙකුට කැමැත්තෙහි නම් ඔහුට මා දෙන්නේය. විකුණන්නේය. මරන්නේය.”
|
2283
‘‘තෙසං සඞ්කප්පමඤ්ඤාය, දෙවින්දො එතදබ්රවි;
සබ්බෙ ජිතා තෙ පච්චූහා, යෙ දිබ්බා යෙ ච මානුසා.
|
2283
ශක්‍රතෙමේ ඔවුන්ගේ අදහස් දැක දිව්‍යවූද, මනුෂ්‍යවූද ඔබගේ විරුද්ධකාරවූ යම් ක්ලෙශයක් ඇද්ද ඔවුහු ලදහයි” කීවේය.
|
2284
‘‘නින්නාදිතා තෙ පථවී, සද්දො තෙ තිදිවඞ්ගතො;
සමන්තා විජ්ජුතා ආගුං, ගිරීනංව පතිස්සුතා.
|
2284
“තොපගේ දානයට පෘථිවිය නාද කරණ ලද්දාහ. ඒ දාන ශබ්දය දිව්‍ය ලෝකයටද ගියේය. පර්වතයන්හි දෝංකාර වැනි ශබ්ද හා අකාල විදුලි කෙටීම්ද විය.
|
2285
‘‘තස්ස තෙ අනුමොදන්ති, උභො නාරදපබ්බතා;
ඉන්දො ච බ්රහ්මා පජාපති, සොමො යමො වෙස්සවණො;
සබ්බෙ දෙවානුමොදන්ති, දුක්කරඤ්හි කරොති සො.
|
2285
“නාරද පර්වත යන දිව්‍ය නිකාය දෙදෙනද මේ පින් අනුමෝදන් වෙත්වා. ප්‍රජාපතීද, සොමද යම වෛශ්රවන රජද සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. හෙතෙම නොකට හැකි දෙයක් කරයි”
|
2286
‘‘දුද්දදං
අසන්තො නානුකුබ්බන්ති, සතං ධම්මො දුරන්නයො.
|
2286
“නොදිය හැකි දෙයක් දෙන්නාවූ නොකළ හැකි දෙයක් කරන්නාවූ අසත් පුරුෂයෝ සත් පුරුෂයන්ට අනුව ක්‍රියා නොකරත්. සත් පුරුෂයන්ගේ ස්වභාවය සිතිය නොහැකියි.
|
2287
‘‘තස්මා සතඤ්ච අසතං, නානා හොති ඉතො ගති;
අසන්තො නිරයං යන්ති, සන්තො සග්ගපරායණා.
|
2287
“එහෙයින් සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද මින් යාමද වෙනස්ය. අසත්පුරුෂයෝ නරකයට යත්. සත්පුරුෂයෝ දෙව්ලොවට යත්.
|
2288
‘‘යමෙතං කුමාරෙ අදා, භරියං අදා වනෙ වසං;
බ්රහ්මයානමනොක්කම්ම, සග්ගෙ තෙ තං විපච්චතු’’.
|
2288
“වනයෙහි වසමින් දරුවන් දුන්නේද, යම් මේ භාර්‍ය්‍යාවක් දුන්නේද, ශ්‍රේෂ්ඨ පදවියට නොවරදවා තොපට දිව්‍යලෝකයෙහි සැපවිඳීමට එය පවතීවා.
|
2289
‘‘දදාමි භොතො භරියං, මද්දිං සබ්බඞ්ගසොභනං;
ත්වඤ්චෙව මද්දියා ඡන්නො, මද්දී ච පතිනා සහ.
|
2289
“සියලු අවයවයෙන් යහපත්වූ මද්‍රිදේවිය භාර්‍ය්‍යා කොට ඔබට දෙමි. මද්රිදේවියම ඔබට සුදුසුය. මද්‍රියද ස්වාමියා සමග වූයේ බබළයි.
|
2290
‘‘යථා
එවං තුවඤ්ච මද්දී ච, සමානමනචෙතසා.
|
2290
“යම්සේ කිරිද සකද යන දෙක සමාන ස්වරූප ඇත්තේද එසේම ඔබද මද්රීයද එකසමාන සිත් ඇත්තාහ.
|
2291
‘‘අවරුද්ධෙත්ථ අරඤ්ඤස්මිං, උභො සම්මථ අස්සමෙ;
ඛත්තියා ගොත්තසම්පන්නා, සුජාතා මාතුපෙත්තිතො;
යථා පුඤ්ඤානි කයිරාථ, දදන්තා අපරාපරං’’.
|
2291
“මේ වනයට රටින් පිටකරණ ලද ක්ෂත්රියවූ මවුපිය දෙපසින් යහපත්ව උපන් උසස් ජාති ඇති දෙදෙනම අනෙක් අනෙක් දේ දෙමින් යම්සේ පින් කරව්ද එසේ අසපුවෙහි වෙසෙත්වා.
|
2292
‘‘සක්කොහමස්මි
වරං වරස්සු රාජිසි, වරෙ අට්ඨ දදාමි තෙ’’.
|
2292
“මම දෙවියන්ට අධිපති ශක්‍රයා වෙමි. තොප සමීපයට ආමි. රාජ තාපසය, වරයක් ඉල්වව. තොපට වර අටක් දෙමි”
|
2293
‘‘වරං චෙ මෙ අදො සක්ක, සබ්බභූතානමිස්සර;
පිතා මං අනුමොදෙය්ය, ඉතො පත්තං සකං ඝරං;
ආසනෙන නිමන්තෙය්‍ය, පඨමෙතං වරං වරෙ.
|
2293
“සියලු සත්වයන්ට අධිපති ශක්‍රය, මට ඉදින් වර දෙන්නේහි නම් මෙයින් මගේ ගෘහයට ගොස් මට අසුනක් පවරන්නේද එසේ මගේ පියා සතුටු කරවන්නේද ඒ පළමු වෙනි වරය ඉල්වමි.
|
2294
‘‘පුරිසස්ස වධං න රොචෙය්යං, අපි කිබ්බිසකාරකං;
වජ්ඣං වධම්හා මොචෙය්‍යං, දුතියෙතං වරං වරෙ.
|
2294
“රාජාපරාධ කරන්නාවූ පුරුෂයෙකුට වධ කිරීමක් නොකැමැත්තෙමි. වධයට පත්වූවෙකු වධයෙන් මුදවන්නෙමි යන දෙවෙනි වරය ඉල්වමි.
|
2295
‘‘යෙ වුඩ්ඪා යෙ ච දහරා, යෙ ච මජ්ඣිමපොරිසා;
මමෙව උපජීවෙය්යුං, තතියෙතං වරං වරෙ.
|
2295
“යම් මහල්ලෙක් වේද, යම් ළදරුවෙක් වේද, යම් මධ්‍යම පුරුෂයෙක් වේද, මානිසාම ජීවත් වන්නාහුද මේ තුන්වෙනි වරය ඉල්වමි.
|
2296
‘‘පරදාරං න ගච්ඡෙය්යං, සදාරපසුතො සියං;
ථීනං වසං න ගච්ඡෙය්යං, චතුත්ථෙතං වරං වරෙ.
|
2296
“අනුන්ගේ භාර්ය්යාවන් වෙත නොයන්නෙමි. ස්වකීය භාර්‍ය්‍යාවගෙන් සතුටුවන්නෙමි. ස්ත්රීන්ගේ වසඟයට නොයන්නෙමි යන මේ සතරවෙනි වරය ඉල්වමි.
|
2297
‘‘පුත්තො මෙ සක්ක ජායෙථ, සො ච දීඝායුකො සියා;
ධම්මෙන ජිනෙ පථවිං, පඤ්චමෙතං වරං වරෙ.
|
2297
“ශක්‍රය, මට පුත්‍රයෙක් උපදින්නේ නම් හෙතෙමේ දීර්ඝායුෂ වේවා. ධර්මයෙන් පෘථිවිය දිනන්නෙමි යන මේ පස් වෙනි වරය ඉල්ලමි.
|
2298
‘‘තතො රත්යා විවසානෙ, සූරියස්සුග්ගමනං පති;
දිබ්බා භක්ඛා පාතුභවෙය්යුං, ඡට්ඨමෙතං වරං වරෙ.
|
2298
“ඉක්බිති රාත්‍රිය, අවසානයෙහි හිර පායන වේලාවෙහි දිව්‍යමය ආහාර පහළවෙත්වා. යන සවෙනි වරය ඉල්වමි.
|
2299
‘‘දදතො
දදං චිත්තං පසාදෙය්යං, සත්තමෙතං වරං වරෙ.
|
2299
“දෙන්නාවූ මට අඩු නොවේවා. දී පසුතැවිලි නොවන්නෙමි. දෙමින් සිත පහදවන්නෙමි. මේ සත්වෙනි වරය ඉල්ලමි.
|
2300
‘‘ඉතො විමුච්චමානාහං, සග්ගගාමී විසෙසගූ;
අනිවත්ති තතො අස්සං, අට්ඨමෙතං වරං වරෙ’’.
|
2300
“මම මෙයින් චුතවන්නෙම් විශේෂ ගමන් ඇත්තේ ස්වර්ගයට යන සුළුවූයෙමි. ඉන් මනුෂ්‍යලෝකයට විත් නැවත නූපදින්නෙක් වෙම්වා යන අටවෙනි වරය ඉල්ලමි.”
|
2301
‘‘තස්ස තං වචනං සුත්වා, දෙවින්දො එතදබ්රවි;
අචිරං වත තෙ තතො, පිතා තං දට්ඨුමෙස්සති’’.
|
2301
ශක්‍රතෙමේ ඔහුගේ ඒ වචනය අසා “දරුව, තොපගේ පියා නොබෝ කලකින් තා බැලීමට එන්නේයයි” මෙය කීවේය.
|
2302
‘‘ඉදං වත්වාන මඝවා, දෙවරාජා සුජම්පති;
වෙස්සන්තරෙ වරං දත්වා, සග්ගකායං අපක්කමි’’.
|
2302
සුජම්පති දිව්යපුත්රවූ ශක්‍රතෙමේ මෙය කියා වෙස්සන්තර රජුට වරදී දිව්‍යලෝකයට ඉවත්ව ගියේය.
|
2303
‘‘කස්සෙතං
නික්ඛංව ජාතරූපස්ස, උක්කාමුඛපහංසිතං.
|
2303
“ගින්නෙන් තවන ලද රත්රන් මෙන්ද කෝවෙහි මදිනලද රන් මසුරමක් මෙන්ද, බබළන මේ මුහුණ කාගේද,
|
2304
‘‘උභො සදිසපච්චඞ්ගා, උභො සදිසලක්ඛණා;
ජාලිස්ස සදිසො එකො, එකා කණ්හාජිනා යථා.
|
2304
“දෙදෙනම සමාන අවයව ඇත්තාහ. දෙදෙන සමාන ලකුණු ඇත්තාහ. එකෙක් ජාලිය බඳුය. එකෙක් කෘෂ්ණජිනාව මෙනි.
|
2305
‘‘සීහා බිලාව නික්ඛන්තා, උභො සම්පතිරූපකා;
ජාතරූපමයායෙව, ඉමෙ දිස්සන්ති දාරකා’’.
|
2305
“දෙදෙනම දැන් ගුහාවෙන් නික්මුණු සිංහයන් හා එකසමානය. මේ දරුවෝ රන් මෙන්ම පෙනෙත්. බමුණ මේ දරුවෝ කොයින් ගෙනෙහිද?
|
2306
‘‘කුතො නු භවං භාරද්වාජ, ඉමෙ ආනෙසි දාරකෙ;
අජ්ජ රට්ඨං අනුප්පත්තො, කුහිං ගච්ඡසි බ්‍රාහ්මණ’’
(ඉදං ගාථද්ධං පී පොත්ථකෙ නත්ථි).
|
2306 |
2307
‘‘මය්හං තෙ දාරකා දෙව, දින්නා විත්තෙන සඤ්ජය;
අජ්ජ පන්නරසා රත්ති, යතො ලද්ධා
(දින්නා (සී. පී.)) මෙ දාරකා’’.
|
2307
“සඤ්ජය, දේවයන්වහන්ස, මට ඒ දරුවෝ වස්තු කොට දෙන ලද්දාහ. යම් දවසක මට දරුවන් දෙනලද්දාහුද අදට මේ පසළොස්වන රාත්‍රියයි.”
|
2308
‘‘කෙන
කො තෙතං දානමදදා, පුත්තකෙ දානමුත්තමං’’.
|
2308
“කිනම් ප්‍රිය වචනයකින් හරී නුවණින් අදහම්ද, කවරෙක් ඒ දරුවන් උතුම් දීමක්කොට තට දන්දුන්නේද?”
|
2309
‘‘යො යාචතං පතිට්ඨාසි, භූතානං ධරණීරිව;
සො මෙ වෙස්සන්තරො රාජා, පුත්තෙදාසි වනෙ වසං.
|
2309
“උපන් අයට පොළොව මෙන් යමෙක් යාචකයන්ට පිහිටක්වේද, වනයෙහි වසන්නාවූ ඒ වෙස්සන්තර රජතෙම දරුවන් දුන්නේය.”
|
2310
‘‘යො යාචතං ගතී ආසි, සවන්තීනංව සාගරො;
සො මෙ වෙස්සන්තරො රාජා, පුත්තෙදාසි වනෙ වසං’’.
|
2310
“නදීන්ට සාගරය මෙන් යමෙක් යාචකයන්ට පිහිටවීද, වනයේ වසන ඒ වෙස්සන්තර රජතෙම දරුවන් දුන්නේය”
|
2311
‘‘දුක්කටං
කථං නු පුත්තකෙ දජ්ජා, අරඤ්ඤෙ අවරුද්ධකො.
|
2311
“ශ්‍රද්ධාවෙන් ගිහිගෙයි වසන්නාවූ රජු විසින් ඒකාන්තයෙන් අමාරු වැඩක් කරණලදී. කැලේට පිටුවහල් කරණ ලද්දේ කෙසේ නම් දරුවන් දන්දෙන්නේද?
|
2312
‘‘ඉමං භොන්තො නිසාමෙථ, යාවන්තෙත්ථ සමාගතා;
කථං වෙස්සන්තරො රාජා, පුත්තෙදාසි වනෙ වසං.
|
2312
“යම්තාක් මෙහි රැස්වූ පින්වත්හු වෙත්ද මෙය අසත්වා. වනයෙහි වසන්නාවූ වෙස්සන්තර රජතෙම කෙසේ දරුවන් දන්දුනිද, හෙතෙම දාසයෙක්ද, දාසියන්ද, අශ්වයන්ද, අශ්වතරීන් යෙදූ රියද දේවා, කුඤ්ජරයයි කියන ලද ඇතුන්ද දේවා, හෙතෙම කෙසේ නම් දරුවන් දෙන්නේද?
|
2313
‘‘දාසිං දාසං ච
(දාසං දාසි ච (සී. පී.)) සො දජ්ජා, අස්සං චස්සතරීරථං;
හත්ථිඤ්ච කුඤ්ජරං දජ්ජ, කථං සො දජ්ජ දාරකෙ’’.
|
2313 |
2314
‘‘යස්ස නස්ස
(නත්ථි (සී. පී.)) ඝරෙ දාසො, අස්සො චස්සතරීරථො;
හත්ථී ච කුඤ්ජරො නාගො, කිං සො දජ්ජා පිතාමහ’’.
|
2314
“යමෙකුගේ ගෘහයෙහි දාසයෙක් නැද්ද, අශ්වයෙක් හෝ අශ්වතරයන් යෙදූ කරත්ත නැද්ද, කුඤ්ජර නාග සංඛ්‍යාත ඇතෙක් නැද්ද, මුත්තණුවෙනි, හෙතෙම කුමක් දන් දෙන්නේද?”
|
2315
‘‘දානමස්ස පසංසාම, න ච නින්දාම පුත්තකා;
කථං නු හදයං ආසි, තුම්හෙ දත්වා වනිබ්බකෙ’’.
|
2315
“දරුවෙනි, ඔහුගේ දානයට ප්රශංසාකරමු. නින්දා නොකරමු. තොප හිඟන්නෙකුට දී කෙසේ පපුවක් වූයේද?
|
2316
‘‘දුක්ඛස්ස හදයං ආසි, අථො උණ්හම්පි පස්සසි;
රොහිනීහෙව
|
2316
“කෘෂ්ණජිනාව කී වචනය අසා ඔහුගේ පපුව දුකට භාජනවිය. නැවත උණුසුම් ද විය. තඹවන් රෝහිණිය මෙන් තඹ ඇස් ඇති පියතෙම කඳුළු හෙළුවේය.
|
2317
‘‘යං
ලට්ඨියා පටිකොටෙති, ඝරෙ ජාතංව දාසියං.
|
2317
“පියාණෙනි, මේ බ්‍රාහ්මණතෙම මට ගෙයි උපන් දාසියකට මෙන් සැරයටියෙන් තළායයි” යමක් ඔහුට කෘෂ්ණජිනා තොමෝ කීවාය.
|
2318
‘‘න චායං බ්රාහ්මණො තාත, ධම්මිකා හොන්ති බ්රාහ්මණා;
යක්ඛො බ්රාහ්මණවණ්ණෙන, ඛාදිතුං තාත නෙති නො;
නීයමානෙ පිසාචෙන, කින්නු තාත උදික්ඛසි’’.
|
2318
“පියාණෙනි, මේ බ්‍රාහ්මණයෙක් නොවේ. බමුණෝ ධාර්මික වෙත්. බමුණු වේශයෙන් යක්ෂයෙක් අප කන්නට ගෙනයයි. යකෙකු විසින් ගෙනයන කල්හි කුමක් හෙයින් බලා සිටින්නෙහිද?”
|
2319
‘‘රාජපුත්තී ච වො මාතා, රාජපුත්තො ච වො පිතා;
පුබ්බෙ මෙ අඞ්ගමාරුය්හ, කිං නු තිට්ඨථ ආරකා’’.
|
2319
“තොපගේ මවුතොමෝ රාජපුත්‍රියකි. තොපගේ පියතෙම රාජ පුත්‍රයෙකි පෙර මාගේ ඇකයට නැග දැන් කුමක් හෙයින් ඈත්ව සිටින්නෙහිද?”
|
2320
‘‘රාජපුත්තී ච නො මාතා, රාජපුත්තො ච නො පිතා;
දාසා මයං බ්රාහ්මණස්ස, තස්මා තිට්ඨාම ආරකා’’.
|
2320
“අපගේ මවුතොමෝ රාජපුත්‍රියකි. අපගේ පියතෙම රාජපුත්‍රයෙකි. අපි බ්‍රහ්මණයෙකුගේ දාසයෝය. එහෙයින් ඈත්ව සිටිමු.”
|
2321
‘‘මා සම්මෙවං අවචුත්ථ, ඩය්හතෙ හදයං මම;
චිතකායංව මෙ කායො, ආසනෙ න සුඛං ලභෙ.
|
2321
“ප්‍රිය දරුවෙනි, එසේ නොකියව. මගේ පපුව දයි. මගේ ශරීරය දරසෑයක් මෙනි. ආසනයෙහි සැපක් නැත.
|
2322
‘‘මා සම්මෙවං අවචුත්ථ, භිය්යො සොකං ජනෙථ මං;
නික්කිණිස්සාමි දබ්බෙන, න වො දාසා භවිස්සථ.
|
2322
“ප්‍රිය දරුවෙනි, එසේ නොකියව. මට බොහෝ කොට ශොක උපදවයි. දඩ දී ගන්නෙමි. තොප දාසයෝ නොවන්නාහුය.
|
2323
‘‘කිමග්ඝියඤ්හි
යථාභූතං මෙ අක්ඛාථ, පටිපාදෙන්තු බ්රාහ්මණං’’.
|
2323
“දරුවෙනි, ප්‍රියතෙමේ කෙතෙක් අගය කොට බමුණට දුන්නේද, තත්වූ පරිදි මට කියව බමුණාට දෙන්නෙමු.
|
2324
‘‘සහස්සග්ඝඤ්හි මං තාත, බ්රාහ්මණස්ස පිතා අදා;
අථ
(අච්ඡං (සී. ස්‍යා. ක.)) කණ්හාජිනං කඤ්ඤං, හත්ථිනා ච සතෙන ච’’
(හත්ථිආදිසතෙන ච (ස්‍යා.), හත්ථිනාදිසතෙන ච (ක.)).
|
2324
“පියා මා දහසක් අගයකොට බමුණාට දුන්නේය. බාල කෘෂ්ණජිනා කන්‍යාව ඇතුන් සියයකට මිල කෙළේය.
|
2325
‘‘උට්ඨෙහි කත්තෙ තරමානො, බ්රාහ්මණස්ස අවාකර;
දාසිසතං දාසසතං, ගවං හත්ථුසභං සතං;
ජාතරූපසහස්සඤ්ච
|
2325
“දූතයෙනි, ඉක්මණට නැගිටිනු මැනව. දාසියන් සියයක්ද දාසයන් සියයක්ද ගවයන් ඇතුන් වෘෂභයන් සියයක්ද රන්රිදී දහසක්ද බමුණාට දෙව. දරුවන්ට වන්දි දෙනු මැනව.”
|
2326
‘‘තතො කත්තා තරමානො, බ්රාහ්මණස්ස අවාකරි;
දාසිසතං දාසසතං, ගවං හත්ථුසභං සතං;
ජාතරූපසහස්සඤ්ච, පුත්තානංදාසි නික්කයං’’.
|
2326
ඉක්බිති දූතතෙමේ ඉක්මන්ව දාසියන් සියයක්ද දාසයන් සියයක්ද ගවයන් ඇතුන් වෘෂභයන් සියය බැගින් රන් රිදීයෙන් දහසක්ද බමුණාට දුන්නේය. පුත්‍රයන්ට වන්දි පිණිස දුන්නේය.
|
2327
‘‘නික්කිණිත්වා නහාපෙත්වා, භොජයිත්වාන දාරකෙ;
සමලඞ්කරිත්වා භණ්ඩෙන, උච්ඡඞ්ගෙ උපවෙසයුං.
|
2327
දරුවන් මිලදී ගෙන නහවා වළඳවා ආභරණයෙන් අලංකාරකොට ඇකයෙහි හිඳුවාගත්හ.
|
2328
‘‘සීසං න්හාතෙ සුචිවත්ථෙ, සබ්බාභරණභූසිතෙ;
රාජා අඞ්කෙ කරිත්වාන, අය්යකො පරිපුච්ඡථ.
|
2328
රජතෙම හිසනැවූ පිරිසිදු වස්ත්‍ර ඇන්දවූ සියලු ආභරණයෙන් සැරසූ දරුවන් ඇකයෙහි තබා සිටිකල්හි මුත්තණුවෝ මෙසේ ඇසූහ.
|
2329
‘‘කුණ්ඩලෙ ඝුසිතෙ මාලෙ, සබ්බාභරණභූසිතෙ;
රාජා අඞ්කෙ කරිත්වාන, ඉදං වචනමබ්රවි.
|
2329
කුණ්ඩලාභරණ පළඳවා මිහිරි නාද කරවන කල්හි මල් පළඳවා සියලු අලංකාරයෙන් බබළන කල්හි රජතෙමේ දරුවන් ඇකයෙහි කොට මේ වචනය කීයේය.
|
2330
‘‘කච්චි
කච්චි උඤ්ඡෙන යාපෙථ, කච්චි මූලඵලා බහූ.
|
2330
“ජාලිය කිමෙක්ද? ඔබගේ මව් පිය දෙදෙන නිරෝගද, කිමෙක්ද? පල මුල්වලින් ජීවත්වත්ද, කිමෙක්ද, මුල් ගෙඩි බොහෝද?
|
2331
‘‘කච්චි ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා;
වනෙ වාළමිගාකිණ්ණෙ, කච්චි හිංසා න විජ්ජති’’.
|
2331
“කිමෙක්ද ඇටමැස්සෝද මදුරුවෝද සර්පයෝ අඩුද? වල් මෘගයන් ගැවසීගත් වනයෙහි කිමෙක්ද, හිංසාවක් නැද්ද?”
|
2332
‘‘අථො උභො අරොගා මෙ, දෙව මාතාපිතා මම;
අථො
|
2332
“දේවයන්වහන්ස, නැවතද කියමි. මගේ මවු පිය දෙදෙන නිරෝගිය. පලවැලින් ජීවත්වෙත්. මුල් ගෙඩි බොහෝය.
|
2333
‘‘අථො ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා;
වනෙ වාළමිගාකිණ්ණෙ, හිංසා නෙසං න විජ්ජති.
|
2333
“නැවත ඇටමැස්සෝද මදුරුවෝද සර්පයෝද නැත. වල්මෘගයන්ගෙන් යුත් වනයෙහි ඔවුන්ට හිංසාවක් නැත.
|
2334
‘‘ඛණන්තාලුකලම්බානි, බිලානි තක්කලානි ච;
කොලං භල්ලාතකං බෙල්ලං, සා නො ආහත්ව පොසති.
|
2334
“ආලුද, කලම්බද, බිලාලිද, තක්කලද සාරන්නී ඩෙබරද, බදුල්ලද බෙලිද ඕතොමෝ අපට ගෙන දී පොෂ්ය කරයි.
|
2335
‘‘යඤ්චෙව
තං නො සබ්බෙ සමාගන්ත්වා, රත්තිං භුඤ්ජාම නො දිවා.
|
2335
“වන මුල් ඵල ගෙන එන්නාවූ ඕ යමක් ගෙනාවේද අපි සැමදෙන එක්වී එය දවල් අනුභව කරමු. රාත්‍රියෙහි නැත.
|
2336
‘‘අම්මාව නො කිසා පණ්ඩු, ආහරන්තී දුමප්ඵලං;
වාතාතපෙන සුඛුමාලී, පදුමං හත්ථගතාමිව.
|
2336
“කෙට්ටුවූ පඬුවන්වූ මෑණියෝම අපට ගස්වල ගෙඩි වර්ග ගෙන එති. අව්වෙන් හා වාතයෙන් අතින් ගත් පියුමක් මෙන් සිවුමැළිය.
|
2337
‘‘අම්මාය පතනූකෙසා, විචරන්ත්යා බ්රහාවනෙ;
වනෙ වාළමිගාකිණ්ණෙ, ඛග්ගදීපිනිසෙවිතෙ.
|
2337
“වල්මුවන්ගෙන් ගැවසීගත්තාවූ කඟවේනුන් ගෙන් හා දිවියන්ගෙන් යුත් වල් මෘගයන්ගෙන් ගැවසීගත් මහා වනයෙහි හැසිරෙන්නාවූ මෑණියන්ගේ කේශයෝ තුනීවූහ”
|
2338
‘‘කෙසෙසු ජටං බන්ධිත්වා, කච්ඡෙ ජල්ලමධාරයි;
චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සති.
|
2338
“කෙස්වලින් ජටාව බැඳ කිසිලිවල කුණු දැලි දැරුවාය. සමක් ඇඳගෙන බිම සයනය කරයි. ගින්නට නමස්කාර කරයි.
|
2339
‘‘පුත්තා පියා මනුස්සානං, ලොකස්මිං උදපජ්ජිසුං;
න හි නූනම්හාකං අය්යස්ස, පුත්තෙ ස්නෙහො අජායථ’’.
|
2339
“ලෝකයෙහි මනුෂ්‍යයන්ට ප්‍රියවූ පුත්‍රයෝ උපදිත්. ඒකාන්තයෙන් අපගේ ආර්‍ය්‍යයන්ට පුත්‍රයන් කෙරෙහි ආලයක් නැත.
|
2340
‘‘දුක්කටඤ්ච හි නො පුත්ත, භූනහච්චං කතං මයා;
යොහං සිවීනං වචනා, පබ්බාජෙසිමදූසකං.
|
2340
“පුත්‍රය, මම සිවීන්ගේ වචනයෙන් අපරාධ නොකරන වෙස්සන්තර රටින් පිට කෙළෙමි. මා විසින් එය කරණ ලද්දේ වරදකි. දියුණු අවැඩෙකි.”
|
2341
‘‘යං මෙ කිඤ්චි ඉධ අත්ථි, ධනං ධඤ්ඤඤ්ච විජ්ජති;
එතු
|
2341
“මෙහි මට යම්කිසි ධනයක්ද ධාන්යයක්ද ඇත්නම් එය වෙස්සන්තරටය. වෙස්සන්තර තෙමේ පැමිණේවා. සිවිරට අනුශාසනා කරව”
|
2342
‘‘න දෙව මය්හං වචනා, එහිති සිවිසුත්තමො;
සයමෙව දෙවො ගන්ත්වා, සිඤ්ච භොගෙහි අත්රජං’’.
|
2342
“සිවින්ගේ උතුම් රජතෙමේ දෙවයන් වහන්ස, මගේ වචනයෙන් නොඑන්නේය. රජතෙමේ තෙමේම ගොස් තම පුතා වස්තුවෙන් අභිෂෙක කෙරේවා”
|
2343
‘‘තතො සෙනාපතිං රාජා, සජ්ජයො අජ්ඣභාසථ;
හත්ථී අස්සා රථා පත්තී, සෙනා සන්නාහයන්තු නං;
නෙගමා ච මං අන්වෙන්තු, බ්රාහ්මණා ච පුරොහිතා.
|
2343
ඉක්බිති සඤ්ජය රජතෙමේ සෙනෙවියාට කථා කළේය. ඔහුට ඇතුන්ද අශ්වයන්ද රියද පාබල සෙනගද යන සේනා සූදානම් කරවයි කීයේය. “නියම්ගම් වැස්සෝද බ්‍රාහ්මණයෝද පුරෝහිතයෝද මා අනුව එත්වා.”
|
2344
‘‘තතො
ඛිප්පමායන්තු සන්නද්ධා, නානාවණ්ණෙහිලඞ්කතා.
|
2344
ඉක්බිති යහපත් දැකුම් ඇති සැටදාහක් අමාත්‍යයෝ නොයෙක් පාටින් සැරසී යුද්ධ ඇඳුමින් වහා එත්වා.
|
2345
‘‘නීලවත්ථධරා නෙකෙ
(නීලවණ්ණධරානෙකෙ (සී. පී.), නීලවත්ථධරා එකෙ (?)), පීතානෙකෙ නිවාසිතා;
අඤ්ඤෙ ලොහිතඋණ්හීසා, සුද්ධානෙකෙ නිවාසිතා;
ඛිප්පමායන්තු සන්නද්ධා, නානාවණ්ණෙහිලඞ්කතා.
|
2345
“සමහරු නිල්පාටින්ද සමහරු රන්වන් පාටින්ද හැන්දාහු. අන්‍යයෝ රතුපාටින් යුත් නළල්පට ඇත්තෝ සමහරෙක් පිරිසුදු වස්ත්‍ර ඇන්දාහු නොයෙක් වස්ත්‍රයෙන් සැරසුණෝ සන්නාහ සන්නද්ධව වහා එත්වා.
|
2346
‘‘හිමවා යථා ගන්ධධරො, පබ්බතො ගන්ධමාදනො;
නානාරුක්ඛෙහි සඤ්ඡන්නො, මහාභූතගණාලයො.
|
2346
“සුවඳ දරා සිටි හිමාලය මෙන් නොයෙක් වෘක්ෂයන් ගෙන් ගැවසීගත් මහා භූත සමූහයාට වාසස්ථානවූ ගන්ධ මාදන පර්වතය
|
2347
‘‘ඔසධෙහි
ඛිප්පමායන්තු සන්නද්ධා, දිසා භන්තු පවන්තු ච.
|
2347
“දිව්‍ය ඖෂධවලින්ද දිශාද බබුළුවයි. සුවඳද හමයි. එසේ සැරසී වහා එත්වා. දිශාවන් හොබවත්වා, හමවත්වා.
|
2348
‘‘තතො නාගසහස්සානි, යොජයන්තු චතුද්දස;
සුවණ්ණකච්ඡා මාතඞ්ගා, හෙමකප්පනවාසසා.
|
2348
“රන් බඳ පටි ඇති, රන් ඇඳුම් ඇන්දූ ඇතුන් දහහතර දාහක් යොදවව්.
|
2349
‘‘ආරූළ්හා ගාමණීයෙහි, තොමරඞ්කුසපාණිභි;
ඛිප්පමායන්තු සන්නද්ධා, හත්ථික්ඛන්ධෙහි දස්සිතා.
|
2349
“අඩයටි අකුසු අතේ ඇති ගම් මුදලියන් විසින් ඇතු පිට අලංකාර කොට සැරසී වහා එත්වා.
|
2350
‘‘තතො අස්සසහස්සානි, යොජයන්තු චතුද්දස;
ආජානීයාව
|
2350
“තවද උත්පත්තියෙන් ආජානීයවූ වහා ගෙන යන සෛන්ධව කුලයෙහි උපන් දහහතරදාහක් අශ්වයන් යොදත්වා.
|
2351
‘‘ආරූළ්හා ගාමණීයෙහි, ඉල්ලියාචාපධාරිභි;
ඛිප්පමායන්තු සන්නද්ධා, අස්සපිට්ඨෙ අලඞ්කතා.
|
2351
“දුනු ඊ දරන්නාවූ ගම් මුදලියන් අලංකාරව යුද්ධ ඇඳුමින් සැරසී අශ්වයන් පිටින් වහා එත්වා.
|
2352
‘‘තතො රථසහස්සානි, යොජයන්තු චතුද්දස;
අයොසුකතනෙමියො, සුවණ්ණචිතපක්ඛරෙ.
|
2352
“රනින් කළ රථ මධ්‍යය ඇති යහපත්ව සැරසූ යකඩ නිම්වලලු ඇති දහහතරදාහක් රථ යොදවාවා.
|
2353
‘‘ආරොපෙන්තු ධජෙ තත්ථ, චම්මානි කවචානි ච;
විප්පාලෙන්තු
(විප්ඵාලෙන්තු (සී. ස්‍යා. පී.)) ච චාපානි, දළ්හධම්මා පහාරිනො;
ඛිප්පමායන්තු සන්නද්ධා, රථෙසු රථජීවිනො’’.
|
2353
“එහි කොඩි ඔසවාවා. සමින් කළ ආරක්ෂා ඇඳුම්ද යොදත්වා. ශක්තිමත් දුනුද දුනුවායන්ද යොදත්වා. රිය පදවන්නන් රථයන්හි ඇඳුමින් සැරසී වහා එත්වා
|
2354
‘‘ලාජාඔලොපියා
(ලාජා ඔලොකිරා (ක.)) පුප්ඵා, මාලාගන්ධවිලෙපනා;
අග්ඝියානි ච තිට්ඨන්තු, යෙන මග්ගෙන එහිති.
|
2354
“විළඳද, ඉසින මල්ද, මල්ගඳ සුවඳ වර්ගද, යම් මාර්ගයකින් වෙස්සන්තර පැමිණේද ඒ ඒ තන්හි මල් කණුද රන් කණුද සිටවාවා.
|
2355
‘‘ගාමෙ ගාමෙ සතං කුම්භා, මෙරයස්ස සුරාය ච;
මග්ගම්හි පතිතිට්ඨන්තු
(පතිතා ඨන්තු (ස්‍යා. ක.)), යෙන මග්ගෙන එහිති.
|
2355
“යම් මාර්ගයකින් වෙස්සන්තර ඒද රසබීම පිරවූ කල සියය බැගින් ගමක් පාසා මග තබවාවා.
|
2356
‘‘මංසා පූවා සඞ්කුලියො, කුම්මාසා මච්ඡසංයුතා;
මග්ගම්හි පතිතිට්ඨන්තු, යෙන මග්ගෙන එහිති.
|
2356
“මස්ද කැවුම්ද මසින් යුක්තවූ පිට්ටුද යම් මාර්ගයකින් එත්ද ඒ මාර්ගයෙහි තබත්වා.
|
2357
‘‘සප්පි තෙලං දධි ඛීරං, කඞ්ගුබීජා
(කඞ්ගුවීහි (සී. පී.), කඞ්ගුපිට්ඨා (ස්‍යා.)) බහූ සුරා;
මග්ගම්හි පතිතිට්ඨන්තු, යෙන මග්ගෙන එහිති.
|
2357
“ගිතෙල්ද, තලතෙල්ද, මිදුනු කිරිද, තනහාල්ද වීද, බොහෝ සුරාද යම් මගකින් එද්ද මාර්ගයෙහි තබත්වා.
|
2358
‘‘ආළාරිකා
පාණිස්සරා කුම්භථූණියො, මන්දකා සොකජ්ඣායිකා
(සොකච්ඡායිකා (ක.)).
|
2358
“පණිවිඩ ගෙනයන්නෝද කෑම පිසන්නෝද නෘත්‍ය කරුවෝද, ගායනා කරන්නෝද, අත්පොළසන් දෙන්නෝද පුන්කලස්ද, හිස මුඩුකළ ගායකයෝද, සෝක නැති කරන්නෝද සිටිත්වා.
|
2359
‘‘ආහඤ්ඤන්තු
ඛරමුඛානි
|
2359
“සියළු වීණා බෙරද වයත්වා. මුහුදු සක්ද පිඹිත්වා. එකැස් බෙර වයත්වා.
|
2360
‘‘මුදිඞ්ගා පණවා සඞ්ඛා, ගොධා පරිවදෙන්තිකා;
දින්දිමානි ච හඤ්ඤන්තු, කුතුම්ප
(කුටුම්බා (සී. ස්‍යා. පී.)) දින්දිමානි ච’’.
|
2360
“මිහිඟු බෙරද, පණා බෙරද, දවුල්ද, තම්මැටද ගසත්වා. සක්ද නාද කරණ තළද පිඹිත්වා.”
|
2361
‘‘සා සෙනා මහතී ආසි, උය්යුත්තා සිවිවාහිනී;
ජාලිනා මග්ගනායෙන, වඞ්කං පායාසි පබ්බතං.
|
2361
සිවි රජු ගෙන ඒමට යන්නාවූ ඒ සේනාව මහත් වූවාය. ජාලිය මාර්ග නායකයා කොට වංක පර්වතයට ගියේය.
|
2362
‘‘කොඤ්චං නදති මාතඞ්ගො, කුඤ්ජරො සට්ඨිහායනො;
කච්ඡාය බද්ධමානාය, කොඤ්චං නදති වාරණො.
|
2362
අවුරුදු හැටක් වයස ඇති මාතංග ඇත්තෙම කුඤ්චනාද කරයි. ඇත්තෙම රන් ඇතිරිලි බඳින කල්හි කුඤ්ච නාද කරයි.
|
2363
‘‘ආජානීයා හසියන්ති
(හසිස්සිංසු (සී. පී.)), නෙමිඝොසො අජායථ;
අබ්භං රජො අච්ඡාදෙසි, උය්යුත්තා සිවිවාහිනී.
|
2363
ආජානෙය අශ්වයෝ හෙසාරව කළාහුය. නිම් වළලුවල ශබ්දය පහළවූයේය. සිවිරජු ගෙන ඒමට පිටත්ව යන කල්හි වලාකුල පොදවැස්සෙන් ධූලි වැසුයේය.
|
2364
‘‘සා සෙනා මහතී ආසි, උය්යුත්තා හාරහාරිනී;
ජාලිනා මග්ගනායෙන, වඞ්කං පායාසි පබ්බතං.
|
2364
බර ඉසිලීමට සමර්ථවූ පිටත්වූ සේනාව මහත්වූහ. ජාලිය කී මග සලකුණුවලින් වංක පර්වතයට ගියේය.
|
2365
‘‘තෙ පාවිංසු බ්රහාරඤ්ඤං, බහුසාඛං මහොදකං
(බහුදිජං (පී.));
පුප්ඵරුක්ඛෙහි සඤ්ඡන්නං, ඵලරුක්ඛෙහි චූභයං.
|
2365
ඔව්හු බොහෝ ශාඛා ඇත්තාවූ මහත් ජලය ඇත්තාවූ මල් ගස් වලින්ද ගෙඩි ඇති වෘක්ෂවලින්ද යුක්තවූ මහ වනයට ප්‍රවිෂ්ට වූවාහුය.
|
2366
‘‘තත්ථ බින්දුස්සරා වග්ගූ, නානාවණ්ණා බහූ දිජා;
කූජන්තමුපකූජන්ති, උතුසම්පුප්ඵිතෙ දුමෙ.
|
2366
එහි ඍතුවෙහි පිපුන වෘක්ෂයන්හි ස්වල්ප ශබ්ද ඇත්තාවූ නොයෙක් පාට ඇති බොහෝ පක්ෂීහු නාද කරන්නන් අනුව නාද කරත්.
|
2367
‘‘තෙ ගන්ත්වා දීඝමද්ධානං, අහොරත්තානමච්චයෙ;
පදෙසං තං උපාගච්ඡුං, යත්ථ වෙස්සන්තරො අහු’’.
|
2367
ඔවුන්ද රෑ දවාලක් ඇවෑමෙන් දීර්ඝ මාර්ගය ගෙවා ගොස් යම්තැනෙක වෙස්සන්තර වූයේද ඒ ප්‍රදෙශයට පැමිණියේය.
|
2368
‘‘තෙසං සුත්වාන නිග්ඝොසං, භීතො වෙස්සන්තරො අහු;
පබ්බතං අභිරුහිත්වා, භීතො සෙනං උදික්ඛති.
|
2368
ඔවුන්ගේ ශබ්දය අසා වෙස්සන්තර රජතෙම බිය වූයේය. කන්දට නැගී, බියවූයේ සේනාව බලයි.
|
2369
‘‘ඉඞ්ඝ
ආජානීයා හසියන්ති, ධජග්ගානි ච දිස්සරෙ.
|
2369
“මද්‍රී දේවිය, ඇහුම්කන් දෙව. වනයෙහි යම්බඳු ශබ්දයක්වේ. ආජානෙය අශ්වයෝ නාද කරත්. කොඩි මුදුන්ද පෙනේ.
|
2370
‘‘ඉමෙ
වාගුරාහි පරික්ඛිප්ප, සොබ්භං පාතෙත්වා තාවදෙ;
වික්කොසමානා තිබ්බාහි, හන්ති නෙසං වරං වරං.
|
2370
“මේ ඒකාන්තයෙන් වනයෙහි මුව වැද්දෝ දැල් වලින් වටකර එකෙනෙහිම වලක දමා මුවන්ට මුවන් මරණ ආයුධ වලින් වරින්වර අනිත්.
|
2371
‘‘යථා මයං අදූසකා, අරඤ්ඤෙ අවරුද්ධකා;
අමිත්තහත්ථත්තං ගතා, පස්ස දුබ්බලඝාතකං’’.
|
2371
“නිරපරාධවූ අපි වනයට පිටුවහල් කරණලද්දාහු විරුද්ධ කරුවන්ගේ අතට පැමිණියෙමු. අවාසනාවන්ත මරණයක හැටි බලන්න.
|
2372
‘‘අමිත්තා නප්පසාහෙය්යුං, අග්ගීව උදකණ්ණවෙ;
තදෙව ත්වං විචින්තෙහි, අපි සොත්ථි ඉතො සියා’’.
|
2372
“තණ සුලකින් මහා සමුද්‍රයෙහි ජලය හුනු කරන්නට නොහැක්කාසේ අමිත්‍රයෝ අප මැඩ නොපවත්නහුය. එය සලකව. මින් අපට යහපතක් වන්නේය.”
|
2373
‘‘තතො වෙස්සන්තරො රාජා, ඔරොහිත්වාන පබ්බතා;
නිසීදි පණ්ණසාලායං, දළ්හං කත්වාන මානසං’’.
|
2373
ඉක්බිති වෙස්සන්තර රජතෙම පර්වතයෙන් බැස සිත සනසාගෙන පන්සල් දොරකඩ සිටියේය.
|
2374
‘‘නිවත්තයිත්වාන රථං, වුට්ඨපෙත්වාන සෙනියො;
එකං අරඤ්ඤෙ විහරන්තං, පිතා පුත්තං උපාගමි.
|
2374
රිය නවත්වා සේනාව විධානකොට තනිව පියතෙමේ වනයෙහි වසන පුතා වෙත පැමිණියේය.
|
2375
‘‘හත්ථික්ඛන්ධතො ඔරුය්හ, එකංසො පඤ්ජලීකතො;
පරිකිණ්ණො
(පරික්ඛිත්තො (සී. පී.)) අමච්චෙහි, පුත්තං සිඤ්චිතුමාගමි.
|
2375
ඇත් කඳින් බැස එකාංශ කොට පෙරවූ, ඇඳිලි බැඳගත් අමාත්‍යයන් විසින් පිරිවරණ ලද්දේ පුතා ඔටුණු පැළඳවීමට පැමිණියේය.
|
2376
‘‘තත්ථද්දස කුමාරං සො, රම්මරූපං සමාහිතං;
නිසින්නං පණ්ණසාලායං, ඣායන්තං අකුතොභයං.
|
2376
හෙතෙම යහපත් එකඟ කළ සන්සුන් සිත් ඇතිව සිතමින් කිසි බියක් නැතිව හුන් කුමාරයා දුටුයේය.
|
2377
‘‘තඤ්ච දිස්වාන ආයන්තං, පිතරං පුත්තගිද්ධිනං;
වෙස්සන්තරො ච මද්දී ච, පච්චුග්ගන්ත්වා අවන්දිසුං.
|
2377
එන්නාවූ පුතා කෙරෙහි ගිජුවූ පියා දැක වෙස්සන්තර රජුද මද්‍රී දේවිද පෙර ගමන්කොට වැන්දාහ.
|
2378
‘‘මද්දී ච සිරසා පාදෙ, සසුරස්සාභිවාදයි;
‘මද්දී
තෙසු තත්ථ පලිසජ්ජ, පාණිනා පරිමජ්ජථ’’.
|
2378
මද්‍රී දේවියද හිසින් මාමාගේ පා වැන්දාය. මද්‍රි තොමෝ “දේවයන් වහන්ස, මම ඔබගේ ශ්‍රේෂ්ඨ පා දෙක වඳිමි” ඔවුන් අඬද්දී ආශ්රමයේ බිම වැටී පපුවට හාන්සි කරවා අතින් පිට අතගායි.
|
2379
‘‘කච්චි වො කුසලං පුත්ත, කච්චි පුත්ත අනාමයං;
කච්චි උඤ්ඡෙන යාපෙථ, කච්චි මූලඵලා බහූ.
|
2379
“දරුව නුඹලාට සැප කෙසේද? දරුව, හිරිහැර නැද්ද, කිමෙක්ද, පලවැල නෙලීමෙන් යැපෙව්ද, කිමෙක්ද මුල් ගෙඩි බොහෝද,
|
2380
‘‘කච්චි ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා;
වනෙ වාළමිගාකිණ්ණෙ, කච්චි හිංසා න විජ්ජති’’.
|
2380
“කිමෙක්ද, ඩැහැලේ බොන මැස්සෝද දීර්ඝ ජාතීහුද නැද්ද, වල් මෘගයන්ගෙන් ගැවසුන වනයෙහි හිංසාවක් නැද්ද?”
|
2381
‘‘අත්ථි නො ජීවිකා දෙව, සා ච යාදිසකීදිසා;
කසිරා ජීවිකා හොම
(අහොසි (?)), උඤ්ඡාචරියාය ජීවිතං.
|
2381
“දේවයන් වහන්ස, අපගේ ජීවිකාව යම්තම් ගත විය. පලවැලින් ජීවත්වීම නම් දුක්ඛ ජීවිතයකි.”
|
2382
‘‘අනිද්ධිනං
ත්යම්හා අනිද්ධිකා දන්තා, අසමිද්ධි දමෙති නො.
|
2382
“මහරජ, දමනය කළයුතු නොදියුණු දමනය කරන්නෙකු වැනි අදහස් සමෘද්ධ නොවූ දිළිඳු පුරුෂයෙක් තෙම නොදියුණු අප පාලනය කරයි.
|
2383
‘‘අපි නො කිසානි මංසානි, පිතු මාතු අදස්සනා;
අවරුද්ධානං මහාරාජ, අරඤ්ඤෙ ජීවසොකිනං’’.
|
2383
“එතකුදුවුවත් වනයෙහි සදාකාලික දුකට පත්වූ පිටුවහල් කළ අපගේ පියා හා මව නොදැක්මෙන් ශරීරයේ මස් ක්ෂයවිය.
|
2384
‘‘යෙපි
ජාලී කණ්හාජිනා චුභො, බ්රාහ්මණස්ස වසානුගා;
අච්චායිකස්ස ලුද්දස්ස, යො නෙ ගාවොව සුම්භති.
|
2384
“දීමෙන් නොසෑහුනු සිත් ඇති සිවිරටට ශ්‍රේෂ්ඨවූ යම්බඳුවූ තොප බමුණාගේ වසඟයට යාමෙන් එවැනි යමෙක් ගවයන්ට මෙන් තලද්ද, එවැනි ඉක්මන්කාර වැද්දෙකුට අප දෙදෙන දුන්නේය.
|
2385
‘‘තෙ රාජපුත්තියා පුත්තෙ, යදි ජානාථ සංසථ;
පරියාපුණාථ නො ඛිප්පං, සප්පදට්ඨංව මාණවං’’.
|
2385
“රාජපුත්‍රිය විසින් තොපගේ පුත්‍රයන් ගැන ඉදින් දන්නී නම්, සර්පයකු විසින් දෂ්ට කරණලද කුමාරයකු සුව කරන්නාක් මෙන් අපට කියන්නීය.
|
2386
‘‘උභො කුමාරා නික්කීතා, ජාලී කණ්හාජිනා චුභො;
බ්රාහ්මණස්ස ධනං දත්වා, පුත්ත මා භායි අස්සස’’.
|
2386
“බ්‍රාහ්මණයාට වස්තු දී ජාලිය කෘෂ්ණජිනා යන දරුවන් දෙදෙනා මිල දී ගෙන, දරුවෙනි, බිය නොවෙවයි” සතුටු වූයේය.
|
2387
‘‘කච්චි
කච්චි නු තාත මෙ මාතු, චක්ඛු න පරිහායති’’.
|
2387
“පියාණෙනි, සැපසනීප කවරේද, පියාණෙනි, නිරෝගීද, පියාණෙනි කිමෙක්ද මගේ මවගේ ඇස් නොපිරිහුනේද?”
|
2388
‘‘කුසලඤ්චෙව මෙ පුත්ත, අථො පුත්ත අනාමයං;
අථො ච පුත්ත තෙ මාතු, චක්ඛු න පරිහායති’’.
|
2388
“දරුව, මට සැපය, පුත්‍රය නැවතද නිරෝගීය. දරුව, තවද තොපගේ මවගේ ඇස් නොපිරිහුනේය.”
|
2389
‘‘කච්චි අරොගං යොග්ගං තෙ, කච්චි වහති වාහනං;
කච්චි ඵීතො ජනපදො, කච්චි වුට්ඨි න ඡිජ්ජති’’.
|
2389
“කිමෙක්ද, වාහන අදනා සතුන් නිරෝගිද? කිමෙක්ද ඔබගේ වාහනය උසුලාද, කිමෙක්ද, රටතොට සමෘද්ධද කිමෙක්ද වැස්ස පවතීද?”
|
2390
‘‘අථො අරොගං යොග්ගං මෙ, අථො වහති වාහනං;
අථො ඵීතො ජනපදො, අථො වුට්ඨි න ඡිජ්ජති’’.
|
2390
“තවද වාහනය නිරොගය. තවද මාගේ වාහනය උසුලයි. තවද මගේ දනවු සමෘද්ධය. තවද වර්ෂාවද පවතී”
|
2391
‘‘ඉච්චෙවං මන්තයන්තානං, මාතා නෙසං අදිස්සථ;
රාජපුත්තී ගිරිද්වාරෙ, පත්තිකා අනුපාහනා.
|
2391
මෙසේ කථා කරද්දී මවුතොමෝ ඔවුන්ට පෙනී සිටියාය. ගල්ගෙය දොරකඩ වහන් සඟලවත් නැතිව රාජ පුත්‍රිය පයින් පැමිණ සිටියාය.
|
2392
‘‘තඤ්ච දිස්වාන ආයන්තං, මාතරං පුත්තගිද්ධිනිං;
වෙස්සන්තරො ච මද්දී ච, පච්චුග්ගන්ත්වා අවන්දිසුං.
|
2392
දරුවන් කෙරෙහි ගිජුවූ එන්නාවූ මවු දැක වෙස්සන්තර රජතෙමේද මද්‍රී දේවියද පෙර ගමන්කොට වැන්දාහ.
|
2393
‘‘මද්දී ච සිරසා පාදෙ, සස්සුයා අභිවාදයි;
මද්දී අහඤ්හි තෙ අය්යෙ, පාදෙ වන්දාමි තෙ සුණ්හා’’.
|
2393
මද්‍රී දේවියද “මම ආර්‍ය්‍යාවෙනි ඔබගේ පා ගෞරවයෙන් වඳිමියි,” මද්‍රී දේවියද නැන්දම්මාගේ පා වැන්දේය.
|
2394
‘‘මද්දිඤ්ච පුත්තකා දිස්වා, දූරතො සොත්ථිමාගතා;
කන්දන්තා මභිධාවිංසු, වච්ඡබාලාව මාතරං.
|
2394
දුරින්ම සුවසේ පැමිණි දරුවෝ මද්‍රී දේවිය දුරින්ම දැක පොඩි වසු පැටවෙක් මවුවෙතට මෙන් අඬමින් දිව්වාහුය.
|
2395
‘‘මද්දී
වාරුණීව පවෙධෙන්තී, ථනධාරාභිසිඤ්චථ’’.
|
2395
මද්‍රී දේවියද සුවසේ පැමිණි දරුවන් දුරින්ම දැක ආවේශවූවෙකු මෙන් වෙවුලා පයොධර වලින් කිරි ධාරා වැගිරවූයේය.
|
2396
‘‘සමාගතානං ඤාතීනං, මහාඝොසො අජායථ;
පබ්බතා සමනාදිංසු, මහී පකම්පිතා අහු.
|
2396
රැස්වූ ඤාතීන්ගේ මහා ශබ්දයක් පහළවිය. පර්වතයෝ එකට නාද කළාහුය. පොළෝ කම්පා විය. එකෙණෙහි වැසි ධාරා වගුරුවමින් වැස්සක් වැස්සේය.
|
2397
‘‘වුට්ඨිධාරං පවත්තෙන්තො, දෙවො පාවස්සි තාවදෙ;
අථ
|
2397
ඉක්බිති වෙස්සන්තර රජතෙමේ ඤාතීන් හා එක් විය. මුණුබුරෝද, ලේලිද, පුතාද, රජුද දේවියද එකට එක්විය.
|
2398
‘‘නත්තාරො
යදා සමාගතා ආසුං, තදාසි ලොමහංසනං.
|
2398
යම් වේලාවක එක්වූවාහුද එකල්හි ලොමු දැහැගැනීමක් විය. භයානක වනයෙහි අඬමින් ඇඳිලි බැඳ ඔහුගෙන් රාජ්‍යයට පැමිණෙන ලෙස ඉල්වත්.
|
2399
‘‘පඤ්ජලිකා තස්ස යාචන්ති, රොදන්තා භෙරවෙ වනෙ;
වෙස්සන්තරඤ්ච මද්දිඤ්ච, සබ්බෙ රට්ඨා සමාගතා;
ත්වං නොසි ඉස්සරො රාජා, රජ්ජං කාරෙථ නො උභො’’.
|
2399
වෙස්සන්තර රජුද, මද්‍රී දේවියද රැස්වූ සියළු රට වැස්සෝද “නුඹවහන්සේ අපගේ අධිපති රජය, ඔබ දෙදෙන රාජ්‍යය කරවයි” කීවෝය.
|
2400
‘‘ධම්මෙන රජ්ජං කාරෙන්තං, රට්ඨා පබ්බාජයිත්ථ මං;
ත්වඤ්ච ජානපදා චෙව, නෙගමා ච සමාගතා’’.
|
2400
“රැස්වූ ඔබද ජනපද වැස්සෝද නියම්ගම් වැස්සෝද ධර්මයෙන් රජ කරණ මා රටින් පිටුවහල් කළෝය.”
|
2401
‘‘දුක්කටඤ්ච හි නො පුත්ත, භූනහච්චං කතං මයා;
යොහං සිවීනං වචනා, පබ්බාජෙසිමදූසකං’’.
|
2401
“දරුව යම්බඳුවූ මම නිවරද පුත්‍රයා සිවීන්ගේ වචනයෙන් රටින් පිට කළෙම්ද, මගේ පුත්‍රය, මා විසින් නොකළහැකි දෙයක් ඉක්මන් වීමෙන් කරණලදී.
|
2402
‘‘යෙන කෙනචි වණ්ණෙන, පිතු දුක්ඛං උදබ්බහෙ;
මාතු භගිනියා චාපි, අපි පාණෙහි අත්තනො’’.
|
2402
“යම් ක්‍රමයකින් පියාගේද මවගේද නැගණියගේද දුක තමන්ගේ ප්‍රාණය පුදා වුවත් රැක්ක යුතුය.”
|
2403
‘‘තතො වෙස්සන්තරො රාජා, රජොජල්ලං පවාහයි;
රජොජල්ලං පවාහෙත්වා, සඞ්ඛවණ්ණං
(සච්චවණ්ණං (සී. ස්‍යා.)) අධාරයි’’.
|
2403
ඉක්බිති වෙස්සන්තර රජතෙම අපිරිසිදු බව දුරු කළේය. පිරිසිදුවී රාජ වේශය ගත්තේය.
|
2404
‘‘සීසං න්හාතො සුචිවත්ථො, සබ්බාභරණභූසිතො;
පච්චයං නාගමාරුය්හ, ඛග්ගං බන්ධි පරන්තපං.
|
2404
හිස් සෝධා නා පිරිසිදු වස්ත්‍ර ඇඳ සියළු ආභරණයෙන් සැරසුනේ, පච්චය නම් ඇතු පිට නැග සතුරන් තවන කඩුව බැන්දේය.
|
2405
‘‘තතො
සහජාතා පකිරිංසු, නන්දයන්තා රථෙසභං.
|
2405
ඉක්බිති යහපත් දැකුම් ඇති එක්ව උපන් සැට දහසක් යෝධයෝ රජු සතුටු කරවමින් පිරිවරා ගත්හ.
|
2406
‘‘තතො
වෙස්සන්තරො තං පාලෙතු, ජාලී කණ්හාජිනා චුභො;
අථොපි තං මහාරාජා, සඤ්ජයො අභිරක්ඛතු’’.
|
2406
සිවි රජුගේ රාජස්ත්රීන් රැස්ව මද්‍රීදේවිය නෑවුවාහුය. වෙස්සන්තරතෙමේ ඈද ජාලිය කෘෂ්ණජිනා යන දෙදෙනද රක්ෂා කෙරෙත්වා. තවද සඤ්ජය මහරජතෙමේ ඔහු රකිත්වා.
|
2407
‘‘ඉදඤ්ච පච්චයං ලද්ධා, පුබ්බෙ සංක්ලෙසමත්තනො;
ආනන්දියං ආචරිංසු, රමණීයෙ ගිරිබ්බජෙ.
|
2407
මහණෙනි වෙස්සන්තර රජතෙමේද මද්‍රී දේවියද මේ පිහිට නොහොත් රජකම ලබා පෙර තමාගේ දුක සිහිකොට යහපත් වංකගිරි පව්වෙහි රජුගේ ආඥාවයයි ප්‍රීති වූවාහුය.
|
2408
‘‘ඉදඤ්ච පච්චයං ලද්ධා, පුබ්බෙ සංක්ලෙසමත්තනො;
ආනන්දි විත්තා සුමනා, පුත්තෙ සඞ්ගම්ම ලක්ඛණා.
|
2408
මේ රජකමේ පිහිටීම ලැබ පෙර තමාගේ වනවාස කිලුට සිහිකොට දරුවන් හා එක්ව ලක්ෂණයෙන් යුත් මද්‍රී දේවි ප්‍රීතිමත් සිත් ඇතිවූවාය.
|
2409
‘‘ඉදඤ්ච පච්චයං ලද්ධා, පුබ්බෙ සංක්ලෙසමත්තනො;
ආනන්දි විත්තා පතීතා, සහ පුත්තෙහි ලක්ඛණා’’.
|
2409
මේ රජකමේ පිහිටීම ලැබ පෙරම මාගේ වනවාස කිලුට සිහිකොට පුත්‍රයන් සමග ලක්ෂණයෙන් යුත් දේවී තොමෝ ප්‍රීතිමත් විය.
|
2410
‘‘එකභත්තා
ඉති මෙතං වතං ආසි, තුම්හං කාමා හි පුත්තකා.
|
2410
“දරුවෙනි, නුඹලා නිසා පෙර එක බතින් යැපුනෙමි. නිතර පොළොවේ සයනය කෙළෙමි. මගේ මෙවැනි සිරිතක් විය.
|
2411
‘‘තං මෙ වතං සමිද්ධජ්ජ, තුම්හෙ සඞ්ගම්ම පුත්තකා;
මාතුජම්පි තං පාලෙතු, පිතුජම්පි ච පුත්තක;
අථොපි තං මහාරාජා, සඤ්ජයො අභිරක්ඛතු.
|
2411
“දරුවෙනි, තොප හමුවී අද ඒ මගේ අදහස ඉටුවිය. මවටත් පියාටත් අයිති සැපත පාලනය කරව.
|
2412
‘‘යං කිඤ්චිත්ථි කතං පුඤ්ඤං, මය්හඤ්චෙව පිතුච්ච තෙ;
සබ්බෙන තෙන කුසලෙන, අජරො අමරො භව’’.
|
2412
“නැවතද සඤ්ජය මහරජතෙමේ තොප රකීවා. මගේත් තොපගේ පියාගේත් කරණලද යම් පිනක් ඇද්ද, ඒ සියළු පිණින් අජරාමර වේවා.”
|
2413
‘‘කප්පාසිකඤ්ච කොසෙය්යං, ඛොමකොටුම්බරානි ච;
සස්සු
|
2413
යම් වස්ත්‍රයකින් මද්‍රී දේවිය බැබලීද, කපුද, කොසෙය්‍යද, පට්ටා පිලීද, ඔදුම්බර රටේ වස්ත්‍රද, නැන්දා ලේලිට යැව්වාය.
|
2414
‘‘තතො හෙමඤ්ච කායූරං, ගීවෙය්යං රතනාමයං;
සස්සු සුණ්හාය පාහෙසි, යෙහි මද්දී අසොභථ.
|
2414
තවද රනින් කළ මාලයක්ද, වලලුද මැණික් ඉඟ පලඳනාවක්ද ලේලිට යැව්වාය. ඉන් මද්‍රී දේවිය බැබලුනි.
|
2415
‘‘තතො හෙමඤ්ච කායූරං, අඞ්ගදං මණිමෙඛලං;
සස්සු සුණ්හාය පාහෙසි, යෙහි මද්දී අසොභථ.
|
2415
ඉක්බිති ඉඳි ඇට පමණ ඇට ඇති මාලයක්ද රත්රන් මාලයක්ද, නැන්දා ලේලිට යැව්වාය. එයින් මද්‍රී දේවිය බැබලුනි.
|
2416
‘‘උණ්ණතං මුඛඵුල්ලඤ්ච, නානාරත්තෙ ච මාණිකෙ
(මාණියෙ (සී. පී.));
සස්සු සුණ්හාය පාහෙසි, යෙහි මද්දී අසොභථ.
|
2416
පපුව වසන පළඳනාවක්ද තිලක ආභරණයක්ද නොයෙක් වර්ණ මැණික්ද උග්ගත්ථන හිංගම දෙකද ඉඟටිය වසන ආභරණයක්ද පා පළඳනාද යමක් පැළඳ මද්‍රිය බැබලීද, ඒ ආභරණ නැන්දා ලේලිට යැව්වාය.
|
2417
‘‘උග්ගත්ථනං ගිඞ්ගමකං, මෙඛලං පාටිපාදකං
(පටිපාදුකං (සී. ස්‍යා.), පාලිපාදකං (පී.));
සස්සු සුණ්හාය පාහෙසි, යෙහි මද්දී අසොභථ.
|
2417 |
2418
‘‘සුත්තඤ්ච
අසොභථ රාජපුත්තී, දෙවකඤ්ඤාව නන්දනෙ.
|
2418
මෙසේ කී නොකී ආභරණවලින් සැරසී සිටි රජ බිසව නදුන් වනයෙහි දිව්‍ය කන්‍යාවක් මෙන් බැබලිනි.
|
2419
‘‘සීසං න්හාතා සුචිවත්ථා, සබ්බාලඞ්කාරභූසිතා;
අසොභථ රාජපුත්තී, තාවතිංසෙව අච්ඡරා.
|
2419
හිස වතුර නා පිරිසිදු වස්ත්‍ර ඇතිව සියළු ආභරණයෙන් අලංකාරව තවුතිසා දෙව්ලොව දිව්‍යාංගනාවක් මෙන් බැබලී.
|
2420
‘‘කදලීව වාතච්ඡුපිතා, ජාතා චිත්තලතාවනෙ;
දන්තාවරණසම්පන්නා, රාජපුත්තී අසොභථ.
|
2420
වාතය ස්පර්ශ කළ චිත්‍රලතා වනයෙහි පහළවූ කෙසෙල් ගසක් මෙන්ද, දත් වැස්මෙන්ද යුක්තවූ රජ බිසව බැබලුනේය.
|
2421
‘‘සකුණී මානුසිනීව, ජාතා චිත්තපත්තා පතී;
නිග්රොධපක්කබිම්බොට්ඨී, රාජපුත්තී අසොභථ.
|
2421
මනුෂ්‍ය රූපයෙන් පහළවූ පක්ෂි ධෙනුව යහපත් පක්ෂ ඇතිව ඉගිල්ලෙන කිරිල්ලියක් මෙන් බබලයි. මෙසේ පැසුනු නුග ගෙඩි පාට තොල් ඇතුව බැබලුනීය.
|
2422
‘‘තස්සා ච නාගමානෙසුං, නාතිබද්ධංව කුඤ්ජරං;
සත්තික්ඛමං සරක්ඛමං, ඊසාදන්තං උරූළ්හවං.
|
2422
මහළු නොවූ ඊ පහර ආයුධ පහර ඉවසන නගුලීස් පමණ දළ ඇති මහත්වූ ඇතෙකු ගෙනාවාහුය.
|
2423
‘‘සා මද්දී නාගමාරුහි, නාතිබද්ධංව කුඤ්ජරං;
සත්තික්ඛමං
|
2423
ඒ මද්රීතොමෝ අඩයටි සහ ඊපහර ඉවසන නගුලිස් පමණ දළ ඇති මහත්වූ තරුණ ඇතෙකු පිට මද්‍රී දෙවිය නැගුනාය.
|
2424
‘‘සබ්බම්හි
වෙස්සන්තරස්ස තෙජෙන, නඤ්ඤමඤ්ඤං විහෙඨයුං.
|
2424
සියලු වනයෙහි මුවෝ වූවාහුද වෙස්සන්තර රජුගේ ආනුභාවයෙන් ඔවුනොවුන් හිංසා නොකළාහුය.
|
2425
‘‘සබ්බම්හි තංඅරඤ්ඤම්හි, යාවන්තෙත්ථ දිජා අහුං;
වෙස්සන්තරස්ස තෙජෙන, නඤ්ඤමඤ්ඤං විහෙඨයුං.
|
2425
සියලු වනයෙහි යම්තාක් පක්ෂීහු වූවාහුද වෙස්සන්තර රජුගේ ආනුභාවයෙන් ඔවුනොවුන් හිංසා නොකළාහුය.
|
2426
‘‘සබ්බම්හි තංඅරඤ්ඤම්හි, යාවන්තෙත්ථ මිගා අහුං;
එකජ්ඣං සන්නිපාතිංසු, වෙස්සන්තරෙ පයාතම්හි;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
|
2426
සිවිරට වඩන වෙස්සන්තර රජතෙම ගිය කල්හි සියළු ආරණ්‍යයෙහි යම් පමණ මෘගයෝ වූවාහුද ඔව්හු එකට රැස්වූවාහුය.
|
2427
‘‘සබ්බම්හි තංඅරඤ්ඤම්හි, යාවන්තෙත්ථ දිජා අහුං;
එකජ්ඣං සන්නිපාතිංසු, වෙස්සන්තරෙ පයාතම්හි;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
|
2427
සිවිරට වඩන වෙස්සන්තර රජතෙම ගිය කල්හි සියළු ආරණ්‍යයෙහි යම් පමණ පක්ෂීහු වූවාහුද ඔව්හු එකට රැස්වූවාහුය.
|
2428
‘‘සබ්බම්හි තංඅරඤ්ඤම්හි, යාවන්තෙත්ථ මිගා අහුං;
නාස්සු මඤ්ජූ නිකූජිංසු, වෙස්සන්තරෙ පයාතම්හි;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
|
2428
සියලු වනයෙහි යම්තාක් මෘගයෝ වෙත්ද සිවිරට වඩන වෙස්සන්තර රජ ගියකල්හි යහපත් නාද නොකළාහුය.
|
2429
‘‘සබ්බම්හි තංඅරඤ්ඤම්හි, යාවන්තෙත්ථ දිජා අහුං;
නාස්සු මඤ්ජූ නිකූජිංසු, වෙස්සන්තරෙ පයාතම්හි;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
|
2429
සියලු වනයෙහි යම්තාක් පක්ෂීහු වෙත්ද සිවිරට වඩන වෙස්සන්තර රජ ගියකල්හි යහපත් නාද නොකළාහුය.
|
2430
‘‘පටියත්තො
වසි වෙස්සන්තරො යත්ථ, යාවතාව ජෙතුත්තරා.
|
2430
වෙස්සන්තර විසූ ස්ථානයේ සිට ජෙතුත්තර නුවර දක්වා රාජ මාර්ගය පිළියෙළ කෙළේය. විසිතුරු මල් ඉස්සේය.
|
2431
‘‘තතො සට්ඨිසහස්සානි, යොධිනො චාරුදස්සනා;
සමන්තා පරිකිරිංසු, වෙස්සන්තරෙ
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
|
2431
සිවිරට වඩන වෙස්සන්තර රජ ගිය කල්හි යහපත් දැකුම් ඇත්තාවූ සැටදහසක් යෝධයෝ හාත්පස රැස් වූවාහුය.
|
2432
‘‘ඔරොධා ච කුමාරා ච, වෙසියානා ච බ්රාහ්මණා;
සමන්තා පරිකිරිංසු, වෙස්සන්තරෙ පයාතම්හි;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
|
2432
සිවිරට වඩන වෙස්සන්තර රජතෙම ගියකල්හි අන්තඃපුරයද කුමාරයෝද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝද හාත්පස පිරිවැරූහ.
|
2433
‘‘හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා;
සමන්තා පරිකිරිංසු, වෙස්සන්තරෙ පයාතම්හි;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
|
2433
ඇතරුවෝද, සෙනාවෝද, රියැදුරෝද, පයින් යන්නෝද සිවිරට වඩන වෙස්සන්තර රජ ගියකල්හි හාත්පස පිරිවැරූහ.
|
2434
‘‘සමාගතා ජානපදා, නෙගමා ච සමාගතා;
සමන්තා පරිකිරිංසු, වෙස්සන්තරෙ පයාතම්හි;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
|
2434
සිවිරට වඩන වෙස්සන්තර රජ ගිය කල්හි දනවු වැස්සෝ රැස්වූහ. නියම්ගම් වැස්සෝද රැස්වූහ.
|
2435
‘‘කරොටියා
පුරතො පටිපජ්ජිංසු, වෙස්සන්තරෙ පයාතම්හි;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
|
2435
හිස්වෙළුම් දාගත්තාවූද, පලිහ ගත්තාවූද, සැට්ට පැළඳ ගත් යෝධයෝද සිවිරට වඩන මහරජ ගිය කල්හි ඉදිරියට ආවාහුය.
|
2436
‘‘තෙ පාවිසුං පුරං රම්මං, මහාපාකාරතොරණං;
උපෙතං අන්නපානෙහි, නච්චගීතෙහි චූභයං.
|
2436
බොහෝ ප්‍රාකාර සහ තොරන් ඇති නෘත්‍යගීත දෙකින්ද ආහාර පානයන්ගෙන්ද යුක්තවූ යහපත් නුවරට ඔව්හු පැමිණියා වූවාහුය.
|
2437
‘‘විත්තා ජානපදා ආසුං, නෙගමා ච සමාගතා;
අනුප්පත්තෙ කුමාරම්හි, සිවීනං රට්ඨවඩ්ඪනෙ.
|
2437
සිවිරට වඩන කුමාරතෙම පැමිණි කල්හි දනවු වැස්සෝ සතුටුවූවාහුය. නියම්ගම් වැස්සෝද රැස්වූවාහුය.
|
2438
‘‘චෙලුක්ඛෙපො අවත්තිත්ථ, ආගතෙ ධනදායකෙ;
නන්දිං පවෙසි
(නන්දි-ප්පවෙසි (සී. ස්‍යා. පී.)) නගරෙ, බන්ධනා මොක්ඛො අඝොසථ.
|
2438
වස්තුදෙන මහරජු පැමිණි කල්හි පිලී හිස සිසෑරීම් පැවැත්තේය. වෙස්සන්තර රජුගේ අණයයි නුවර අණබෙර යැවී. බැම්මෙන් මිදුන මනුෂ්‍යයෝ ශබ්ද පැවැත්වූහ.
|
2439
‘‘ජාතරූපමයං
වෙස්සන්තරෙ පවිට්ඨම්හි, සිවීනං රට්ඨවඩ්ඪනෙ.
|
2439
සිවිරට වඩන වෙස්සන්තර රජු නුවරට පිවිසි කල්හි රුවන් වර්ෂාවක් වැස්සේය.
|
2440
‘‘තතො වෙස්සන්තරො රාජා, දානං දත්වාන ඛත්තියො;
කායස්ස භෙදා සප්පඤ්ඤො, සග්ගං සො උපපජ්ජථා’’ති.
|
2440
ඉක්බිති වෙස්සන්තර රජතෙම දන්දී දිව්‍යලෝකයෙහි උපන්නේය.
|