ත්‍රිපිටකය
21. අසීතිනිපාතො 21. ආසීති නිපාතය
533. චූළහංසජාතකං (1) 533. චුල්ලහංස ජාතකය
534. මහාහංසජාතකං (2) 534. මහාහංස ජාතකය
535. සුධාභොජනජාතකං (3) 535. සුධාභෝජන ජාතකය
536. කුණාලජාතකං (4) 536. කුණාළ ජාතකය
290
‘‘අථජ්ජුනො නකුලො භීමසෙනො (භිම්මසෙනො (සී. ස්‍යා. පී.)), යුධිට්ඨිලො සහදෙවො (සීහදෙවො (ක.)) ච රාජා;
එතෙ පතී පඤ්ච මත්තිච්ච නාරී, අකාසි ඛුජ්ජවාමනකෙන (ඛුජ්ජවාමනෙන (පී.)) පාප’’න්ති.
‘‘දිට්ඨා මයා, සම්ම පුණ්ණමුඛ, සච්චතපාපී (සච්චතපාවී (සී. පී.), පඤ්චතපාවී (ස්‍යා.)) නාම සමණී සුසානමජ්ඣෙ වසන්තී චතුත්ථභත්තං පරිණාමයමානා සුරාධුත්තකෙන (තුලාපුත්තකෙන (සී. පී.), සා සුරාධුත්තකෙන (ක.)) පාපමකාසි.
‘‘දිට්ඨා මයා, සම්ම පුණ්ණමුඛ, කාකවතී (කාකාතී (සී.), කාකාති (පී.)) නාම දෙවී සමුද්දමජ්ඣෙ වසන්තී භරියා වෙනතෙය්‍යස්ස නටකුවෙරෙන පාපමකාසි.
දිට්ඨා මයා, සම්ම පුණ්ණමුඛ, කුරුඞ්ගදෙවී (කුරඞ්ගවී (සී. පී.)) නාම ලොමසුද්දරී (ලොමසුන්දරී (සී. ස්‍යා. පී.)) එළිකකුමාරං (එළමාරකං (සී.), එළකකුමාරං (ස්‍යා.), එළකමාරං (පී.)) කාමයමානා ඡළඞ්ගකුමාරධනන්තෙවාසිනා පාපමකාසි.
එවඤ්හෙතං මයා ඤාතං, බ්‍රහ්මදත්තස්ස මාතරං (මාතුකා (ස්‍යා.)) ඔහාය කොසලරාජං පඤ්චාලචණ්ඩෙන පාපමකාසි.
290
“තවද අර්ජුනය, නකුලය, භීමසේනය, යුධිෂ්ඨිලය, සහ දෙව නම් රජය යන මේ ස්වාමි පුරුෂයන් පස්දෙන හැර ස්ත්‍රීතොමෝ අඟුටු කුදෙකු සමග පාප කර්මය කෙළේයයි” කුණාල පක්ෂිතෙම කීයේය.
“යම් තැනැත්තියක් කොසොල් රජහු හැරදමා පඤ්චාල චණ්ඩයා සමග පාප කර්මයක් කෙළේද, ඒ මේ බඹදත් රජහුගේ මව මා විසින් මෙසේ දන්නා ලදී.
“මේ ස්ත්‍රීහුද අන්‍ය ස්ත්‍රීහුද යම්හෙයකින් පාප කර්මය කළාහුද එහෙයින් මේ ස්ත්‍රීන් විශ්වාස නොකරමි. ඔවුන්ට ප්‍රශංසා නොකරන්නෙමි.
291
‘‘එතා ච අඤ්ඤා ච අකංසු පාපං, තස්මාහමිත්ථීනං න විස්සසෙ නප්පසංසෙ;
මහී යථා ජගති සමානරත්තා, වසුන්ධරා ඉතරීතරාපතිට්ඨා (ඉතරීතරානං පතිට්ඨා (ස්‍යා.), ඉත්තරීතරප්පතිට්ඨා (?));
සබ්බසහා අඵන්දනා අකුප්පා, තථිත්ථියො තායො න විස්සසෙ නරො.
291
“ලෝකයෙහි පෘථිවි තොමෝ යම්සේ සමාන ඇළුම් ඇත්තී සියල්ල දරන්නී අන්‍යොන්‍ය ප්‍රතිෂ්ඨා ඇත්තී සියලු දෙය ඉවසන්නී නොසැලෙන්නී නොකිපෙන්නී වේද එසේවූ ඒ ස්ත්‍රීන් මනුෂ්‍යතෙම විශ්වාස නොකරන්නේය.
292
‘‘සීහො යථා ලොහිතමංසභොජනො, වාළමිගො පඤ්චාවුධො (පඤ්චහත්ථො (සී. පී.)) සුරුද්ධො;
පසය්හඛාදී පරහිංසනෙ රතො, තථිත්ථියො තායො න විස්සසෙ නරො.
‘‘න ඛලු (න ඛලු භො (ස්‍යා. ක.)), සම්ම පුණ්ණමුඛ, වෙසියො නාරියො ගමනියො, න හෙතා බන්ධකියො නාම, වධිකායො නාම එතායො, යදිදං වෙසියො නාරියො ගමනියො’’ති.
‘‘චොරො (චොරා (සී. ස්‍යා. පී.)) විය වෙණිකතා, මදිරාව (මදිරා විය (සී. ස්‍යා.), මදිරිව (පී.)) දිද්ධා (දිට්ඨා (ක.), විසදුට්ඨා (ස්‍යා.)) වාණිජො (වාණිජා (පී.)) විය වාචාසන්ථුතියො, ඉස්සසිඞ්ඝමිව විපරිවත්තායො (පරිවත්තායො (පී.), විපරිවත්තාරො (ක.)), උරගාමිව දුජිව්හායො, සොබ්භමිව පටිච්ඡන්නා, පාතාලමිව දුප්පූරා රක්ඛසී විය දුත්තොසා, යමොවෙකන්තහාරියො, සිඛීරිව සබ්බභක්ඛා, නදීරිව සබ්බවාහී, අනිලො විය යෙනකාමංචරා, නෙරු විය අවිසෙසකරා, විසරුක්ඛො විය නිච්චඵලිතායො’’ති. භවති ච පනුත්තරෙත්ථ වාක්‍යං -
292
“යහළු පුණ්ණමුඛය, ලේ මස් බුදින්නාවූ චණ්ඩ මෘගයෙකු මුඛය ගාත් සතර යන අත් පසක් ඇත්තාවූ ඉතා ඵරුෂවූ සිංහතෙම යම්සේ බලාත්කාරයෙන් අල්වාගෙණ කන්නාවූ පරහිංසාවෙහි ඇළුනෙක් වේද, ස්ත්‍රීහුද එබඳු වෙත්. ස්ත්‍රීන් මනුෂ්‍යතෙම විශ්වාස නොකරන්නේය
293
‘‘යථා චොරො යථා දිද්ධො, වාණිජොව විකත්ථනී;
ඉස්සසිඞ්ඝමිව පරිවත්තා (මිවාවට්ටො (සී.), මිවාවත්තා (පී.)), දුජිව්හා (දුජ්ජිව්හ (පී.)) උරගො විය.
293
“යහළු පුණ්ණමුඛය, මේ ස්ත්‍රී ජනතෙම සොරෙකු වැනිවේ. විෂ පෙවූ හීයක් මෙන්වේ. වෙළෙදෙකු වැනිය. ස්ත්‍රී තොමෝ අගුණ සඟවාද ගුණය ප්‍රකාශ කරන්නීය ඉස්ස නම් මෘගයාගේ අඟ මෙන්,
“ඇඹරීගිය ගුණ ඇත්තීය. සර්පයෙකු මෙන් දිව් දෙකක් ඇත්තීය.
294
‘‘සොබ්භමිව පටිච්ඡන්නා, පාතාලමිව දුප්පුරා;
රක්ඛසී විය දුත්තොසා, යමොවෙකන්තහාරියො.
294
“හෙබක් මෙන් පිළිසන් ගති ඇත්තීය. පාතාලයක් මෙන් පිරවිය නොහැකි ආසා ඇත්තීය. රකුසියක් මෙන් සතුටු කරවිය නොහැක්කීය. යම රජු මෙන් ඒකාන්තයෙන් නිරයට හැරගන්නේය. ගින්නක් හා සමානය. ගංගා ප්‍රවාහයක් හා සමානය. සුළඟ හා සමානය කැමති පරිදි හැසුරුම් ඇත්තේය.
295
(යථා සිඛී නදීවාහො, අනිලො කාමචාරවා;§නෙරූව අවිසෙසා ච, විසරුක්ඛො විය නිච්චඵලා;§නාසයන්ති ඝරෙ භොගං, රතනානන්තකරිත්ථි යොති; (සී. ස්‍යා.))
‘‘යථා සිඛී නදී වාතො, නෙරුනාව සමාගතා.
විසරුක්ඛො විය නිච්චඵලා, නාසයන්ති ඝරෙ භොගං;
රතනන්තකරිත්ථියො’’ති (යථා සිඛී නදීවාහො, අනිලො කාමචාරවා;§නෙරූව අවිසෙසා ච, විසරුක්ඛො විය නිච්චඵලා;§නාසයන්ති ඝරෙ භොගං, රතනානන්තකරිත්ථි යොති; (සී. ස්‍යා.)).
‘‘චත්තාරිමානි, සම්ම පුණ්ණමුඛ, යානි (වත්ථූනි කිච්චෙ ජාතෙ අනත්ථචරානි භවන්ති; තානි) (( ) සී. ස්‍යා. පොත්ථකෙසු න දිස්සති) පරකුලෙ න වාසෙතබ්බානි - ගොණං ධෙනුං යානං භරියා. චත්තාරි එතානි පණ්ඩිතො ධනානි (යානි (සී. ස්‍යා. පී.)) ඝරා න විප්පවාසයෙ.
295
“මහමෙර මෙන් කිසිවෙකුටත් වෙනසක් නැත්තිය. විෂ අඹගසක් මෙන් නිතර ඵල ඇත්තීය. ස්වාමියන් විසින් දුකසේ සපයන ලද රත්නයන් නැතිකරන්නාවූ ස්ත්‍රීහු ගෘහයෙහි සම්පත් විනාශ කෙරෙත්යයි” කීයේය.
296
‘ගොණං ධෙනුඤ්ච යානඤ්ච, භරියං ඤාතිකුලෙ න වාසයෙ;
භඤ්ජන්ති රථං අයානකා, අතිවාහෙන හනන්ති පුඞ්ගවං;
දොහෙන හනන්ති වච්ඡකං, භරියා ඤාතිකුලෙ පදුස්සතී’’’ති.
‘‘ඡ ඉමානි, සම්ම පුණ්ණමුඛ, යානි (වත්ථූනි) (( ) සී. පී. පොත්ථකෙසු නු දිස්සති) කිච්චෙ ජාතෙ අනත්ථචරානි භවන්ති -
296
“යහළු පුණ්ණමුඛය, ගොනාද දෙනද යානයද භාර්‍ය්‍යාවද යන සතරදෙනා නෑ කුලයෙහි නොවැස්විය යුතුය. යානාවක් නැත්තාහු රථය පරිභොග කෙරෙත්. අධික බර පැටවීමෙන් ගවයා නසත්. අධික දෙවිමෙන් වස්සා නසත්. නෑ ගෙවල්හි භාර්‍ය්‍යාතොමෝ දූෂ්‍ය කරණු ලැබේයයි” කීයේය.
297
‘අගුණං ධනු ඤාතිකුලෙ ච භරියා, පාරං නාවා අක්ඛභග්ගඤ්ච යානං;
දූරෙ මිත්තො පාපසහායකො ච, කිච්චෙ ජාතෙ අනත්ථචරානි භව’’’න්ති.
‘‘අට්ඨහි ඛලු, සම්ම පුණ්ණමුඛ, ඨානෙහි ඉත්ථී සාමිකං අවජානාති. දලිද්දතා, ආතුරතා, ජිණ්ණතා, සුරාසොණ්ඩතා, මුද්ධතා, පමත්තතා, සබ්බකිච්චෙසු අනුවත්තනතා, සබ්බධනඅනුප්පදානෙන - ඉමෙහි ඛලු, සම්ම පුණ්ණමුඛ, අට්ඨහි ඨානෙහි ඉත්ථී සාමිකං අවජානාති. භවති ච පනුත්තරෙත්ථ වාක්‍යං -
297
“දුනු දිය රහිත දුන්නද නෑ කුලයෙහිවූ භාර්‍ය්‍යාවද එතෙරවූ නැවද කඩ ඇනය බිඳුනාවූ යානයද, දුර සිටි මිත්‍රයාද ලාමක යහළුවාද කටයුත්තක් ඇතිවූ කල්හි අර්ථ පිණිස නොහැසිරෙන්නවුන් වෙත්යයි” කීයේය.
298
‘දලිද්දං ආතුරඤ්චාපි, ජිණ්ණකං සුරසොණ්ඩකං;
පමත්තං මුද්ධපත්තඤ්ච, සබ්බකිච්චෙසු (රත්තං කිච්චෙසු (සී. පී.)) හාපනං;
සබ්බකාමප්පදානෙන (සබ්බකාමපණිධානෙන (ස්‍යා)), අවජානාති (අවජානන්ති (සී. පී.)) සාමික’’’න්ති.
‘‘නවහි ඛලු, සම්ම පුණ්ණමුඛ, ඨානෙහි ඉත්ථී පදොසමාහරති. ආරාමගමනසීලා ච හොති, උය්‍යානගමනසීලා ච හොති, නදීතිත්ථගමනසීලා ච හොති, ඤාතිකුලගමනසීලා ච හොති, පරකුලගමනසීලා ච හොති, ආදාසදුස්සමණ්ඩනානුයොගමනුයුත්තසීලා ච හොති, මජ්ජපායිනී ච හොති, නිල්ලොකනසීලා ච හොති, සද්වාරඨායිනී (පද්වාරට්ඨායිනී (සී. ස්‍යා. පී.)) ච හොති - ඉමෙහි ඛලු, සම්ම පුණ්ණමුඛ, නවහි ඨානෙහි ඉත්ථී පදොසමාහරතීති. භවති ච පනුත්තරෙත්ථ වාක්‍යං -
298
“යහළු පුණ්ණමුඛය, දිළිඳු බවද රෝගාතුර බවද, ජරාවට ගිය බවද, සුරාසොඬ බවද, ප්‍රමාද බවද, සිස් බවට පැමිණියාහුද රක්තවූවහුද කටයුතුවල පිරිහීම් ඇත්තාහුද යන කරුණු අටකින් ස්වාමියාට සියලු කැමති සම්පත් දීමෙන්ද අවමන් කරත්යයි” කීයේය.
299
‘ආරාමසීලා ච (ආරාමසීලා (සී. පී.)) උය්‍යානං, නදී ඤාති පරකුලං;
ආදාසදුස්සමණ්ඩනමනුයුත්තා, යා චිත්ථී මජ්ජපායිනී.
299
“යහළු පුණ්ණමුඛය, යම් ස්ත්‍රියක් තොමෝ මල් වත්තට යන ස්වභාව ඇත්තීද, උයනට යන ස්වභාව ඇත්තීද, නෑ ගෙදරට යන ස්වභාව ඇත්තීද, අන් ගෙදරට යන ස්වභාව ඇත්තීද, වස්ත්‍රවලින් සැරසීමෙහි යෙදුනීද, මත්පැන් පානය කරන්නීද,
300
‘යා ච නිල්ලොකනසීලා, යා ච සද්වාරඨායිනී;
නවහෙතෙහි ඨානෙහි, පදොසමාහරන්ති ඉත්ථියො’’’ති.
‘‘චත්තාලීසාය (චත්තාලීසායි (පී. ක.)) ඛලු, සම්ම පුණ්ණමුඛ, ඨානෙහි ඉත්ථී පුරිසං අච්චාචරති (අච්චාවදති (සී. ස්‍යා. පී.)). විජම්භති, විනමති, විලසති, විලජ්ජති, නඛෙන නඛං ඝට්ටෙති, පාදෙන පාදං අක්කමති, කට්ඨෙන පථවිං විලිඛති (ලිඛති (සී. පී.)), දාරකං උල්ලඞ්ඝති උල්ලඞ්ඝාපෙති (දාරකං උල්ලඞ්ඝෙති ඔලඞ්ඝෙති (සී. පී.)), කීළති කීළාපෙති, චුම්බති චුම්බාපෙති, භුඤ්ජති භුඤ්ජාපෙති, දදාති, යාචති, කතමනුකරොති, උච්චං භාසති, නීචං භාසති, අවිච්චං භාසති, විවිච්චං භාසති, නච්චෙන ගීතෙන වාදිතෙන රොදනෙන (රොදිතෙන (සී. පී.)) විලසිතෙන විභූසිතෙන ජග්ඝති, පෙක්ඛති, කටිං චාලෙති, ගුය්හභණ්ඩකං සඤ්චාලෙති, ඌරුං විවරති, ඌරුං පිදහති, ථනං දස්සෙති, කච්ඡං දස්සෙති, නාභිං දස්සෙති, අක්ඛිං නිඛනති, භමුකං උක්ඛිපති, ඔට්ඨං උපලිඛති (ඔට්ඨං පලිඛති ජිව්හං පලිඛති (සී. පී.)), ජිව්හං නිල්ලාලෙති, දුස්සං මුඤ්චති, දුස්සං පටිබන්ධති, සිරසං මුඤ්චති, සිරසං බන්ධති - ඉමෙහි ඛලු, සම්ම පුණ්ණමුඛ, චත්තාලීසාය ඨානෙහි ඉත්ථී පුරිසං අච්චාචරති.
‘‘පඤ්චවීසාය (පඤ්චවීසාහි (පී. ක.)) ඛලු, සම්ම පුණ්ණමුඛ, ඨානෙහි ඉත්ථී පදුට්ඨා වෙදිතබ්බා භවති. සාමිකස්ස පවාසං වණ්ණෙති, පවුට්ඨං න සරති, ආගතං නාභිනන්දති, අවණ්ණං තස්ස භණති, වණ්ණං තස්ස න භණති, අනත්ථං තස්ස චරති, අත්ථං තස්ස න චරති, අකිච්චං තස්ස කරොති, කිච්චං තස්ස න කරොති, පරිදහිත්වා සයති, පරම්මුඛී නිපජ්ජති, පරිවත්තකජාතා ඛො පන හොති කුඞ්කුමියජාතා, දීඝං අස්සසති, දුක්ඛං වෙදයති, උච්චාරපස්සාවං අභිණ්හං ගච්ඡති, විලොමමාචරති, පරපුරිසසද්දං සුත්වා කණ්ණසොතං විවරමොදහති (විවරති කමොදහති (පී.)), නිහතභොගා ඛො පන හොති, පටිවිස්සකෙහි සන්ථවං කරොති, නික්ඛන්තපාදා ඛො පන හොති, විසිඛානුචාරිනී අතිචාරිනී ඛො පන හොති, නිච්චං (නත්ථි සී. ස්‍යා. පී. පොත්ථකෙසු) සාමිකෙ අගාරවා පදුට්ඨමනසඞ්කප්පා, අභිණ්හං ද්වාරෙ තිට්ඨති, කච්ඡානි අඞ්ගානි ථනානි දස්සෙති, දිසොදිසං ගන්ත්වා පෙක්ඛති - ඉමෙහි ඛලු, සම්ම පුණ්ණමුඛ, පඤ්චවීසාය (පඤ්චවීසාහි (ක.)) ඨානෙහි ඉත්ථී පදුට්ඨා වෙදිතබ්බා භවති. භවති ච පනුත්තරෙත්ථ වාක්‍යං -
300
“යම් ස්ත්‍රියක් තොමෝ කවුළු ආදියෙන් නිතර බලන ස්වභාව ඇත්තීද, යම් ස්ත්‍රියක් තෙමෝ අඟපසඟ දක්වමින් දොරකොඩ සිටින්නීද යන මේ කරුණු නවයකින් ස්ත්‍රීහු ස්වාමියා කෙරෙහි දොස් පමුණුවත්යයි” කීයේය.
301
‘පවාසං තස්ස වණ්ණෙති, ගතං තස්ස න සොචති (පවාස’මස්ස වණ්ණෙති ගතිං නානුසොචති (සී. පී.));
දිස්වාන පතිමාගතං (දිස්වාපතිං ආගතං (සී. පී.)) නාභිනන්දති;
භත්තාරවණ්ණං න කදාචි භාසති, එතෙ පදුට්ඨාය භවන්ති ලක්ඛණා.
301
“යහළු පුණ්ණමුඛය, ස්ත්‍රී තොමෝ මේ ස්වාමියාට පිටත්හි වාසය කිරීම වර්ණනා කරයි. ගියහු අනුව ශොක නොකරයි ආවාවූ ස්වමියා දැක සතුටු නොවෙයි. ස්වාමියාගේ ගුණයක් කිසිකලෙකත් නොකියයි. ප්‍රදූෂ්‍යවූ භාර්‍ය්‍යාවගේ මේ ලක්ෂණ වෙත්.
302
‘අනත්ථං තස්ස චරති අසඤ්ඤතා, අත්ථඤ්ච හාපෙති අකිච්චකාරිනී;
පරිදහිත්වා සයති පරම්මුඛී, එතෙ පදුට්ඨාය භවන්ති ලක්ඛණා.
302
“සංයම නැත්තී ඔහුට අවැඩ කරයි. නොකටයුතු දේ කරන්නී ඔහුගේ වැඩද පිරිහෙළයි. දැඩි කොට හැඳගෙණ පරාංමුඛවී මුන යටකරගෙන සයනය කරයි, යන මේ ලකුණු ප්‍රදූෂ්‍යවූ භාර්‍ය්‍යාවගේ වෙත්.
303
‘පරිවත්තජාතා ච (පරාවත්තකජාතා ච (සී.)) භවති කුඞ්කුමී, දීඝඤ්ච අස්සසති දුක්ඛවෙදිනී;
උච්චාරපස්සාවමභිණ්හං ගච්ඡති, එතෙ පදුට්ඨාය භවන්ති ලක්ඛණා.
303
“ඔබමොබ පෙරලෙන්නී හටගත් කළහ ඇත්තීදවේ. දුක් වේදනා ඇත්තී දීර්ඝකොට ආශ්වාසද කෙරෙත්. මලමුත්‍ර කිරීමට නිතර යයි, යන මේ ලක්ෂණයෝ ප්‍රදූෂ්‍යවූ භාර්‍ය්‍යාවගේ වෙති.
304
‘‘විලොමමාචරති අකිච්චකාරිනී, සද්දං නිසාමෙති පරස්ස භාසතො;
නිහතභොගා ච කරොති සන්ථවං, එතෙ පදුට්ඨාය භවන්ති ලක්ඛණා.
304
“විරුද්ධකාරයෙන්ද හැසිරෙයි. නොකටයුතුදෙය කරන්නීදවෙයි. කථාකරන්නාවූ අන්පුරුෂයෙකුගේ ශබ්දයටද ඇහුන්කන්දෙයි. නසනලද සම්පත් ඇත්තීද ක්ලෙශ සන්ථවයද කරයි. යන මේ ලක්ෂණයෝ ප්‍රදූෂ්‍යවූ භාර්‍ය්‍යාවගේ වෙත්.
305
‘කිච්ඡෙන ලද්ධං කසිරාභතං (කසිරෙනාභතං (සී.)) ධනං, විත්තං විනාසෙති දුක්ඛෙන සම්භතං;
පටිවිස්සකෙහි ච කරොති සන්ථවං, එතෙ පදුට්ඨාය භවන්ති ලක්ඛණා.
305
“දුකසේ ලබනලද ධනයද දුකසේ රැස් කරණලද වස්තුවද විනාශකරයි. අසල්වැසියන් සමගද මිත්‍ර සන්ථවයද කරයි. ප්‍රදූෂ්‍යවූ භාර්‍ය්‍යාවගේ මේ ලක්ෂණයෝවෙත්.
306
‘නික්ඛන්තපාදා විසිඛානුචාරිනී, නිච්චඤ්ච සාමිම්හි (නිච්චං සසාමිම්හි (පී. ක.)) පදුට්ඨමානසා;
අතිචාරිනී හොති අපෙතගාරවා (තථෙව’ගාරවා (සී. පී.)), එතෙ පදුට්ඨාය භවන්ති ලක්ඛණා.
306
“සොර සැමියන් සඳහා නික්මවනලද පා ඇත්තීද නොකල්හි විථීවල හැසිරෙන්නීද වේ. නිතර ස්වාමියා කෙරෙහි ප්‍රදූෂ්‍යසිත් ඇත්තී ස්වාමියා ඉක්ම හැසිරෙන්නීද වේ. එසේම ස්වාමියා කෙරෙහි ගෞරව නැත්තීද වේ. ප්‍රදූෂ්‍යවූ භාර්‍ය්‍යාවගේ මේ ලක්ෂණයෝ වෙත්.
307
‘අභික්ඛණං තිට්ඨති ද්වාරමූලෙ, ථනානි කච්ඡානි ච දස්සයන්තී;
දිසොදිසං පෙක්ඛති භන්තචිත්තා, එතෙ පදුට්ඨාය භවන්ති ලක්ඛණා.
307
“පියවුරුද කිසිලිද දක්වමින් නිතර දොර සමීපයෙහි සිටියි. භ්‍රාන්තවූ සිත් ඇත්තී දිශානු දිශාවන් බළයි. ප්‍රදූෂ්‍යවූ භාර්‍ය්‍යාවගේ මේ ලක්ෂණයෝවෙත්.
308
‘සබ්බා නදී වඞ්කගතී (වඞ්කනදී (ක.)), සබ්බෙ කට්ඨමයා වනා;
සබ්බිත්ථියො කරෙ පාපං, ලභමානෙ නිවාතකෙ.
308
“සියලු ගංගාවෝ වක්වූ ගමන් ඇත්තාහ සියලු වනයෝ කාෂ්ටවලින් යුක්තවූවාහ. රහස් තැනක් ලැබුනු කල්හි සියලු ස්ත්‍රීහු පව්කරන්නාහුය.
309
‘සචෙ ලභෙථ ඛණං වා රහො වා, නිවාතකං වාපි ලභෙථ තාදිසං;
සබ්බාව ඉත්ථී කයිරුං නු (කරෙය්‍යු නො (සී.), කරෙය්‍යුං නො (පී.)) පාපං, අඤ්ඤං අලත්ථ (අලද්ධා (ස්‍යා. පී. ක.)) පීඨසප්පිනාපි සද්ධිං.
309
“ඉදින් අවකාශයක් හෝ රහස් තැනක් හෝ ලැබේ නම් එබඳුවූ රහසිගතව මන්ත්‍රණය කිරීමට සුදුසු තැනක් ලැබේ නම් අන්පුරුෂයෙකු නොලද්දීහු පිලෙකු සමගවුවත් සියලු ස්ත්‍රීහුම පාප කර්මය නොකරන්නාහුද?
310
‘‘නරානමාරාමකරාසු නාරිසු, අනෙකචිත්තාසු අනිග්ගහාසු ච;
සබ්බත්ථ නාපීතිකරාපි (සබ්බ’ත්තනා’පීතිකාරාපි (සී. ස්‍යා.)) චෙ සියා (සියුං (ස්‍යා.)), න විස්සසෙ තිත්ථසමා හි නාරියො’’ති.
310
“ඇළුම් කරන්නාවූ නොයෙක් දෙනා කෙරෙහි සිත් ඇත්තාවූ, නිග්‍රහයෙන් හික්මවිය නොහැකිවූ මේ ස්ත්‍රීන් කෙරෙහි මිනිසුන්ගේ සියලු සිතින් සතුටුකරන්නාහුද, වෙෂ්‍යාවූවෝ වෙත්. ඔවුන් විශ්වාස නොකටයුතුය. ස්ත්‍රීහු වනාහි තොටුපලවල් හා සමාන වෙත්යයි” කීයේය.
311
‘යං වෙ (යඤ්ච (ස්‍යා. ක.)) දිස්වා කණ්ඩරීකින්නරානං (කින්නරකින්නරීනං (ස්‍යා.), කින්නරීකින්නරානං (ක.)), සබ්බිත්ථියො න රමන්ති අගාරෙ;
තං තාදිසං මච්චං චජිත්වා භරියා, අඤ්ඤං දිස්වා පුරිසං පීඨසප්පිං.
311
“ඒකාන්තයෙන් කණ්ඩරී රජය කින්නරාදේවිය යන මොවුන්ගේ යම් නොඇල්මක්වීද, එය දැක සියලු ස්ත්‍රීහු ගෘහයෙහි ස්වාමිවරුන්ට නොඇලෙත්යයි, දතයුතුයි. ඒ එසේ මැයි අන්‍යවූ පිළුවූ පුරුෂයා දැක භාර්‍ය්‍යා තොමෝ එබඳු රජහු හැර පාප කර්මය කෙළේයයි” කීයේය.
312
‘බකස්ස ච බාවරිකස්ස (පාවාරිකස්ස (සී.), බාවරියස්ස (ස්‍යා.)) රඤ්ඤො, අච්චන්තකාමානුගතස්ස භරියා;
අවාචරී (අච්චාචරි (ස්‍යා.), අනාචරි (ක.)) පට්ඨවසානුගස්ස (බද්ධවසානුගස්ස (සී. ස්‍යා.), පත්තවසානුගතස්ස (ක.)), කං වාපි ඉත්ථී නාතිචරෙ තදඤ්ඤං.
312
“ඒකාන්තයෙන් කැමැත්ත අනුව ගියාවූ බකනම් රජහුගේද පාවාරික නම් රජහුගේද භාර්‍ය්‍යාවූ පඤ්චපාපී තොමෝ තමන්ගේ සිතේ බැඳීම අනුව ගියාවූ මෙහෙකරුවෙකුවෙත ඉක්මවා හැසුරුනේය. ස්ත්‍රී තොමෝ කවර නම් එයින් අන්‍ය පුරුෂයෙකු ඉක්මවා නොහැසිරෙන්නීදැයි” කීයේය.
313
‘පිඞ්ගියානී සබ්බලොකිස්සරස්ස, රඤ්ඤො පියා බ්‍රහ්මදත්තස්ස භරියා;
අවාචරී පට්ඨවසානුගස්ස, තං වාපි සා නාජ්ඣගා කාමකාමිනී.
313
“සියලු ලෝකයාට අධිපතිවූ බඹදත් රජහුගේ පිංගියානී නම් ප්‍රිය භාර්‍ය්‍යා තොමෝ සිත බැඳීම අනුව ගියාවූ අස්ගොව්වෙකු සමග ඉක්මවා හැසුරුණේය. කාමයන් පතන්නාවූ ඕතොමෝ ඒ අස්ගොව්වාද අගමෙහෙසුන් තනතුරද යන දෙකම නොලැබීයයි” කීයේය.
314
‘ලුද්ධානං (ඛුද්දානං (සී. ස්‍යා. පී.)) ලහුචිත්තානං, අකතඤ්ඤූන දුබ්භිනං;
නාදෙවසත්තො පුරිසො, ථීනං සද්ධාතුමරහති.
314
“කුදුවූවන්ටද ඇලෙන්නාවූ වහාපෙරලෙන සිත් ඇත්තාවූද කළගුණ නොදක්නාවූද ද්‍රෝහිවූද ස්ත්‍රීන්ගේ ස්වභාවය දිව්‍යභාවයකින් යුක්තනොවූ පුරුෂතෙම අදහන්ට සුදුසු නොවේ
315
‘න තා පජානන්ති කතං න කිච්චං, න මාතරං පිතරං භාතරං වා;
අනරියා සමතික්කන්තධම්මා, සස්සෙව චිත්තස්ස වසං වජන්ති.
315
“ඒ ස්ත්‍රීහු කරණලද්ද නොදනිත්, කටයුත්ත නොදනිත්, මව හෝ පියා හෝ සහෝදරයා හෝ නොදනිත්, ලජ්ජානැති ඉක්මවනලද ගුණධර්ම ඇති ඒ ස්ත්‍රීහු ස්වකීය චිත්තයාගේ වසඟයටම පැමිණෙත්.
316
‘චිරානුවුට්ඨම්පි (චිරානුවුත්ථම්පි (සී. පී.)) පියං මනාපං, අනුකම්පකං පාණසමම්පි භත්තුං (සන්තං (සී. ස්‍යා. පී.));
ආවාසු කිච්චෙසු ච නං ජහන්ති, තස්මාහමිත්ථීනං න විස්සසාමි.
316
“බොහෝ කලක් සමග වාසයකළාවූද ප්‍රියවූ මනාපවූ අනුකම්පා ඇත්තාවූ ප්‍රාණය හා සමානවූද ඒ ස්වාමියා ආපදාවන්හිද ඒ ඒ කටයුතු පැමිණි කල්හිද යම් හෙයකින් හැරදමද්ද, එහෙයින් මම ස්ත්‍රීන් විශ්වාස නොකරමි.
317
‘ථීනඤ්හි චිත්තං යථා වානරස්ස, කන්නප්පකන්නං යථා රුක්ඛඡායා;
චලාචලං හදයමිත්ථියානං, චක්කස්ස නෙමි විය පරිවත්තති.
317
“ස්ත්‍රීන්ගේ සිත වනාහි වඳුරා බැසගත් ගත්තැන් මෙන්ද රුක්සෙවන මෙන්ද, ස්ථිර නොවේ. ස්ත්‍රියගේ ඒ සිත එක් අරමුණෙක්හිම නොපිහිටනලදී. රථරෝදයක නිම්වළල්ල මෙන් පෙරළේ
318
‘යදා තා පස්සන්ති සමෙක්ඛමානා, ආදෙය්‍යරූපං පුරිසස්ස විත්තං;
සණ්හාහි වාචාහි නයන්ති මෙනං, කම්බොජකා ජලජෙනෙව අස්සං.
318
“යම්කලෙක්හි ඒ ස්ත්‍රීහු සොයා බලන්නාහු පුරුෂයාගේ ගතයුතු ස්වභාව ඇති වස්තුවක් දකිද්ද, මේ පුරුෂයා සිළුටුවූ වචනවලින් තමන්ගේ වසඟයට පමුණුවත්. කම්බෝජ රටවැස්සෝ දියෙහි හටගත්තාවූ සෙවෙලින් අසෙකු අල්වාගන්නා මෙනි.
319
‘යදා න පස්සන්ති සමෙක්ඛමානා, ආදෙය්‍යරූපං පුරිසස්ස විත්තං;
සමන්තතො නං පරිවජ්ජයන්ති, තිණ්ණො නදීපාරගතොව කුල්ලං.
319
“යම් කලෙක්හි සොයාබලමින් පුරුෂයාගේ ගතයුතු ස්වභාව ඇති වස්තුවක් නොදකිද්ද, සියලු ආකාරයෙන් ඔහු දුරු කෙරෙත්. එතර කළාවූ ගඟ එතෙරට ගියාවූ තැනැත්තේ පසුර හැර දමන්නාක්මෙනි.
320
‘සිලෙසූපමාං සිඛිරිව සබ්බභක්ඛා, තික්ඛමායා නදීරිව සීඝසොතා;
සෙවන්ති හෙතා පියමප්පියඤ්ච, නාවා යථා ඔරකූලං (ඔරකුලං (සී.) එවමුපරිපි) පරඤ්ච.
320
“පුරුෂයන්ගේ සිත් අලවන බැවින් ලාටු බඳුවූද ගින්න මෙන් සියල්ල අනුභව කරන්නාවූද, තියුණු මායා ඇත්තාවූද වහා බස්නා දිය පහර ඇති ගංගා වැනිවූ මේ ස්ත්‍රීහු ප්‍රියවූවහුද අප්‍රියවූවහුද සේවනය කරත්. ගඟ මෙගොඩ ඉවුරද එගොඩ ඉවුරද සේවනය කරන්නාවූ ඔරුව මෙනි.
321
‘න තා එකස්ස න ද්වින්නං, ආපණොව පසාරිතො;
යො තා මය්හන්ති මඤ්ඤෙය්‍ය, වාතං ජාලෙන බාධයෙ (බන්ධයෙ (ස්‍යා. ක.)).
321
“ඒ ස්ත්‍රීහු එකෙකුට නොවේ. දෙදෙනෙකුන්ට නොවේ. විවෘත කරණලද සල්පිලක්මෙන්වේ. යමෙක් එබඳු ස්ත්‍රීන් මාගේයයි හඟින්නේද, හෙතෙම දැලින් සුලං බඳින්නේය.
322
‘යථා නදී ච පන්ථො ච, පානාගාරං සභා පපා;
එවං ලොකිත්ථියො නාම, වෙලා තාසං න විජ්ජති (කෙසුචි පොත්ථකෙසු ඉමිස්සා ගාථාය පුබ්බද්ධාපරද්ධං විපරියායෙන දිස්සති).
322
“ගංගාවද මාර්ගයද සුරාපානශාලාවද සභාවද පැන් ශාලාවද යන මොහු යම්සේ වෙද්ද, ලෝකයෙහි ස්ත්‍රීහු නම් මෙබඳු වෙත්. ඔවුන්ගේ වේලාවක් නැත්තේය.
323
‘ඝතාසනසමා එතා, කණ්හසප්පසිරූපමා;
ගාවො බහිතිණස්සෙව, ඔමසන්ති වරං වරං.
323
“මේ ස්ත්‍රීහු නම් ගිනි හා සමානවෙත්. කෘෂ්ණ සර්පයෙකුගේ හිසට බඳු උපමා ඇතිවෙත්. ගවයෝ තණ කෑ තැන් හැර පිටත්හි සොය සොයා හැසිරෙන්නාක් මෙන් මේ ස්ත්‍රීහු ධන නැත්තාවුත් හැර ධන ඇත්තවුන් සොයත්.
324
‘ඝතාසනං කුඤ්ජරං කණ්හසප්පං, මුද්ධාභිසිත්තං පමදා ච සබ්බා;
එතෙ නරො (එතෙන සො (පී.)) නිච්චයතො (නිච්චයත්තො (සී. පී.)) භජෙථ, තෙසං හවෙ දුබ්බිදු සබ්බභාවො (සච්චභාවො (ස්‍යා.)).
324
“ගින්නද හස්තියාද කෘෂ්ණ සර්පයාද රජහුද ස්ත්‍රීද යන මේ සියල්ල මනුෂ්‍යතෙම නිතර සිහියෙන් යුක්තව සේවනය කටයුත්තේය. ඒකාන්තයෙන් මොවුන්ගේ අදහස් දැනගත නොහැක්කේය.
325
‘නච්චන්තවණ්ණා න බහූනං කන්තා, න දක්ඛිණා පමදා සෙවිතබ්බා;
න පරස්ස භරියා න ධනස්ස හෙතු, එතිත්ථියො පඤ්ච න සෙවිතබ්බා’’’.
අථ ඛලු, භො, ආනන්දො ගිජ්ඣරාජා කුණාලස්ස සකුණස්ස ආදිමජ්ඣකථාපරියොසානං (ආදිමජ්ඣගාථාපරියොසානං (ස්‍යා. ක.)) විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි -
325
“විශිෂ්ට රූ ඇත්තී සේවනය නොකටයුත්තීය. බොහෝ දෙනාට ප්‍රිය තැනැත්තී සේවනය නොකටයුත්තීය. නෘත්‍ය ගීතයන්හි දක්ෂවූ ස්ත්‍රිය සේවනය නොකටයුත්තීය. අනිකෙකුගේ භාර්‍ය්‍යාව සේවනය නොකටයුත්තීය. ධන හේතුවෙන් විශ්වාසවූ තැනැත්තීද සේවනය නොකටයුත්තීය. මෙසේ මේ ස්ත්‍රීහු පස්දෙන සේවනය නොකටයුතු වෙත්යයි” කුනාල රජතෙම කීයේය.
326
‘‘පුණ්ණම්පි චෙමං පථවිං ධනෙන, දජ්ජිත්ථියා පුරිසො සම්මතාය;
ලද්ධා ඛණං අතිමඤ්ඤෙය්‍ය තම්පි, තාසං වසං අසතීනං න ගච්ඡෙ.
326
“ඉදින් යම් පුරුෂයෙක් ධනයෙන් සම්පූර්ණවූද මේ පෘථිවිය සම්මතවූ යම් ස්ත්‍රියකට දෙන්නේද ඕතොමෝ අවකාශයක් ලැබ එබඳු පුරුෂයාද ඉක්ම පවත්නේය. එහෙයින් එබඳු ලාමක ස්ත්‍රීන්ගේ වසඟයට නොයන්නේය.
327
‘‘උට්ඨාහකං චෙපි අලීනවුත්තිං, කොමාරභත්තාරං පියං මනාපං;
ආවාසු කිච්චෙසු ච නං ජහන්ති, තස්මාහමිත්ථීනං (තස්මා හි ඉත්ථීනං (සී. පී.)) න විස්සසාමි.
327
“ඉදින් උත්සාහවත්වූද නොපසුබට පැවතුම් ඇති ප්‍රියවූ මනාපවූ තරුණවයසෙහි සිටි ස්වාමි පුරුෂයෙකුවූ ඔහුද විපත්තීන්හිද කටයුතු ඇතිකල්හිද ස්ත්‍රීහු යම්හෙයකින් හැර දමත්ද එහෙයින්ම ස්ත්‍රීන් විශ්වාස නොකරමි.
328
‘‘න විස්සසෙ ඉච්ඡති මන්ති පොසො, න විස්සසෙ රොදති මෙ සකාසෙ;
සෙවන්ති හෙතා පියමප්පියඤ්ච, නාවා යථා ඔරකූලං පරඤ්ච.
328
“මෝතොමෝ මා කැමතිවේයයි පුරුෂතෙම ස්ත්‍රිය විශ්වාස නොකරන්නේය. මා සමීපයෙහි හඬායයි ස්ත්‍රිය විශ්වාස නොකරන්නේය. මෙගොඩ ඉව්රද එගොඩ ඉව්රද සේවනය කරන්නාවූ ඔරුව මෙන් මේ ස්ත්‍රීහු ප්‍රියවූවහුද අප්‍රියවූවහුද සේවනය කෙරෙත්.
329
‘‘න විස්සසෙ සාඛපුරාණසන්ථතං, න විස්සසෙ මිත්තපුරාණචොරං;
න විස්සසෙ රාජානං සඛා (රාජා සඛා (සී. පී.)) මමන්ති, න විස්සසෙ ඉත්ථි දසන්න මාතරං.
329
“පැරණිවූ කොළඅතු ඇතිරිය විශ්වාස නොකටයුතුය. මිත්‍රවූ පැරැණි සොරු විශ්වාස නොකටයුතුය. රජ තෙම මාගේ යහළුයයි විශ්වාස නොකටයුත්තේය. දශ දෙනෙකුන්ගේ මව්වූද ස්ත්‍රිය විශ්වාස නොකටයුතුය.
330
‘‘න විස්සසෙ රාමකරාසු නාරිසු, අච්චන්තසීලාසු අසඤ්ඤතාසු;
අච්චන්තපෙමානුගතස්ස භරියා, න විස්සසෙ තිත්ථසමා හි නාරියො.
330
“බාලයන් කෙරෙහි ඇළුම් කරන්නාවූ ඉක්මවන ලද ශීලගුණ ඇත්තාවූ සංයම නැත්තාවූ ස්ත්‍රීන් කෙරෙහි විශ්වාස නොකටයුතුය. ඒකාන්තයෙන් ප්‍රේමය අනුවගිය හුගේද භාර්‍ය්‍යා තොමෝ විශ්වාස නොකටයුත්තීය. කුමක් හෙයින්ද යත් ස්ත්‍රීහු වනාහි තොටුපලවල් මෙන් සියල්ලන්ට සාධාරණවන හෙයිනි.
331
‘‘හනෙය්‍යුං ඡින්දෙය්‍යුං ඡෙදාපෙය්‍යුම්පි (හනෙය්‍යු ඡින්දෙය්‍යුංපි ඡදයෙය්‍යුං (සී. පී.), හනෙය්‍යුංපි ඡින්දෙය්‍යුංපි ඡෙදාපෙය්‍යුංපි (ස්‍යා.)), කණ්ඨෙපි (කණ්ඨම්පි (සී. ස්‍යා.)) ඡෙත්වා රුධිරං පිවෙය්‍යුං;
මා දීනකාමාසු අසඤ්ඤතාසු, භාවං කරෙ ගඞ්ගතිත්ථූපමාසු.
331
“යම්හෙයකින් කිපියාවූ හෝ අන්පුරුෂයන් කෙරෙහි ඇලුනාවූ ස්ත්‍රීහු ස්වාමි පුරුෂයා නසන්නාහුද, සිඳින්නාහුද, සිඳවන්නාහුද බොටුවද සිඳ රුධිරය පානය කරන්නාහුද, එහෙයින් ලාමක අදහස් ඇත්තාවූ සංයම නැත්තාවූ ගංගා තොටුපලවල් බඳුවූ ස්ත්‍රීන් කෙරෙහි අදහසක් නොකටයුතුයි.
332
‘‘මුසා තාසං යථා සච්චං, සච්චං තාසං යථා මුසා;
ගාවො බහිතිණස්සෙව, ඔමසන්ති වරං වරං.
332
“ඒ ස්ත්‍රීන්ගේ බොරුකීම සැබෑවක් මෙනි. ඔවුන්ගේ සැබෑවද බොරුව මෙනි. ගවයෝ තෘණ භූමියෙහි පිටත්හිම යම්සේ හොඳ හොඳ තැන් සොයා තණ අනුභව කරද්ද, එමෙන් ස්ත්‍රීහු අන් පුරුෂයන් සොයත්.
333
‘‘ගතෙනෙතා පලොභෙන්ති, පෙක්ඛිතෙන ම්හිතෙන ච;
අථොපි දුන්නිවත්ථෙන, මඤ්ජුනා භණිතෙන ච.
333
“මේ ස්ත්‍රීහු ගමනින් පුරුෂයන් පොළඹවා ගනිත්. බැල්මෙන්ද මද සිනහවෙන්ද පොළොඹවත්. තවද නුසුදුසු වස්ත්‍ර හැඳීමෙන්ද මිහිරිකථාවෙන්ද පුරුෂයන් පොළොඹවත්.
334
‘‘චොරියො කථිනා (කඨිනා (සී. ස්‍යා. පී.)) හෙතා, වාළා ච ලපසක්ඛරා;
න තා කිඤ්චි න ජානන්ති, යං මනුස්සෙසු වඤ්චනං.
334
“මේ ස්ත්‍රීහු රැස්කළ වස්තුව නසන හෙයින් සොරහු වෙත්. තද සිත් ඇත්තියෝද වෙත්. චණ්ඩද වෙත්. සකුරු මෙන් මිහිරිවූ නිරර්ථක කථා ඇත්තියෝද වෙත්. මිනිසුන් අතර යම් වඤ්චා ප්‍රයෝගයක් ඇත්නම් ඔව්හු ඒ සියල්ල දනිත්.
335
‘‘අසා ලොකිත්ථියො නාම, වෙලා තාසං න විජ්ජති;
සාරත්තා ච පගබ්භා ච, සිඛී සබ්බඝසො යථා.
335
“ලෝකයෙහි ලාමකවූ මේ ස්ත්‍රීහු නම් සැමකල්හි ඇළුනාහුද කයේ නොහික්මීමෙන් යුක්තවූවාහුද, ගින්නක් සියල්ලන් අනුභව කරන්නාක්මෙන්ම ඔවුන්ගේ වේලාවක් නැත.
336
‘‘නත්ථිත්ථීනං පියො නාම, අප්පියොපි න විජ්ජති;
සෙවන්ති හෙතා පියමප්පියඤ්ච, නාවා යථා ඔරකූලං පරඤ්ච.
336
“ස්ත්‍රීන්ට ප්‍රියවූවෙක් නම් නැත්තේය. අප්‍රියවූවෙක්ද නැත. මොව්හු වනාහි මෙගොඩ ඉව්රද එගොඩ ඉව්රද සේවනය කරන්නාවූ නැවක් හෙවත් ඔරුවක් මෙන් ප්‍රියයාද අප්‍රියයාද සේවනය කරත්.
337
‘‘නත්ථිත්ථීනං පියො නාම, අප්පියොපි න විජ්ජති;
ධනත්තා (ධනත්ථා (ස්‍යා.)) පටිවල්ලන්ති, ලතාව දුමනිස්සිතා.
337
“ස්ත්‍රීන්ට ප්‍රියවූවෙක් නම් නැත. අප්‍රියයෙක්ද නොවේ. ගස ඇසුරුකළාවූ වැලක් මෙන් ධනය ඇති බැවින් පුරුෂයා වැළඳ ගනිත්.
338
‘‘හත්ථිබන්ධං අස්සබන්ධං, ගොපුරිසඤ්ච මණ්ඩලං (චණ්ඩලං (සී. ස්‍යා. පී.));
ඡවඩාහකං පුප්ඵඡඩ්ඩකං, සධනමනුපතන්ති නාරියො.
338
“ස්ත්‍රීහු ඇත්ගොව්වාද අස්ගොව්වාද ගෝපාලයාද චණ්ඩාලයාද සොහොන්ගොව්වාද පුප් සඬුවාද යන මොවුන්ගෙන් ධනය ඇත්තහු අනුවයත්.
339
‘‘කුලපුත්තම්පි ජහන්ති අකිඤ්චනං, ඡවකසමසදිසම්පි (ඡවකසමං (ස්‍යා. පී.));
අනුගච්ඡන්ති (ගච්ඡන්ති (පී.)) අනුපතන්ති, ධනහෙතු හි නාරියො’’ති (ධනහෙතු ච නාරියො (ස්‍යා.), ධනහෙතු නාරියො (පී.)).
අථ ඛලු, භො, නාරදො දෙවබ්‍රාහ්මණො ආනන්දස්ස ගිජ්ඣරාජස්ස ආදිමජ්ඣකථාපරියොසානං විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි -
339
“ස්ත්‍රිහු වස්තු නැත්තාවූ කුලපුත්‍රයාද හැර දමත්. චණ්ඩාලයෙකු හා සමානවූවහුද ධන ඇත්තහු අනුව යෙත්. ස්ත්‍රිහු වනාහි ධන හේතුවෙන්ම පුරුෂයන් අනුව යෙත්යයි” ආනන්ද නම් ගිජුලිහිණි රජතෙම ස්ත්‍රීන්ගේ අගුණ කීයේය.
340
‘‘චත්තාරොමෙ න පූරෙන්ති, තෙ මෙ සුණාථ භාසතො;
සමුද්දො බ්‍රාහ්මණො රාජා, ඉත්ථී චාපි දිජම්පති.
340
“පක්ෂී රාජය, මේ සතර දෙනෙක් නොපිරෙත්. ඔවුන් කියන්නාවූ මාගෙන් අසව්. සමුද්‍රයද බ්‍රාහ්මණයාද රජද ස්ත්‍රීද යන මොහුයි.
341
‘‘සරිතා සාගරං යන්ති, යා කාචි පථවිස්සිතා;
තා සමුද්දං න පූරෙන්ති, ඌනත්තා හි න පූරති.
341
“යම්කිසි පෘථිවිය ඇසුරු කළාවූ ගංගාවෝ වෙද්ද, ඒ සියල්ලෝ සාගරයට බැසගත්. ඔව්හු සමුද්‍රය නොපුරවත්. ඌණ භාවයෙන්ම සිටියි. නොපිරේ මැයි.
342
‘‘බ්‍රාහ්මණො ච අධීයාන, වෙදමක්ඛානපඤ්චමං;
භිය්‍යොපි සුතමිච්ඡෙය්‍ය, ඌනත්තා හි න පූරති.
342
“බ්‍රාහ්මණතෙමේද ඉතිහාසය පස්වෙනිකොට ඇති චතුර්වෙදය හදාරා මත්තෙහිද ඉගෙණීමට කැමතිවන්නේය. අඩු බැවින්ම සිටියි. නොපිරේමැයි.
343
‘‘රාජා ච පථවිං සබ්බං, සසමුද්දං සපබ්බතං;
අජ්ඣාවසං විජිනිත්වා, අනන්තරතනොචිතං;
පාරං සමුද්දං පත්ථෙති, ඌනත්තා හි න පූරති.
343
“රජතෙමේද මුහුද සහිතවූ පර්වත සහිතවූ අප්‍රමාණ රත්නයන්ගෙන් යුක්තවූ සියලු පොළොව දිනා වාසය කරන්නේද, මුහුදින් එතෙර ප්‍රාර්ථනා කරයි. මදිකමින්ම සිටියි නොපිරේමැයි
344
‘‘එකමෙකාය ඉත්ථියා, අට්ඨට්ඨ පතිනො සියා;
සූරා ච බලවන්තො ච, සබ්බකාමරසාහරා;
කරෙය්‍ය නවමෙ ඡන්දං, ඌනත්තා හි න පූරති.
344
“මෙපරිද්දෙන්ම එක ස්ත්‍රියෙකුට ශූරවූද බලවත්වූද සියලු කැමති රශයන් ගෙණදෙන්නාවූද ස්වාමීහු අට අට දෙන වන්නාහුද ඕතොමෝ නවවැන්නහු කෙරෙහි ආලය කරන්නේය. ඌන භාවයෙන්ම සිටියි. කාම තෘෂ්ණා මහත් බැවින් නොපිරේමැයි
345
‘‘සබ්බිත්ථියො සිඛිරිව සබ්බභක්ඛා, සබ්බිත්ථියො නදීරිව සබ්බවාහී;
සබ්බිත්ථියො කණ්ටකානංව සාඛා, සබ්බිත්ථියො ධනහෙතු වජන්ති.
345
“සියලු ස්ත්‍රීහු ගින්න මෙන් සියල්ල අනුභව කරන්නාහුය. සියලු ස්ත්‍රීහු ගංගාව මෙන් සියල්ල වහණය කරන්නාහුය. සියලු ස්ත්‍රිහු කටුගස්වල අතු වැනි වෙත්. සියලු ස්ත්‍රිහු ධනහේතුවෙන් අන් පුරුෂයෙකු කරායෙත්.
346
‘‘වාතඤ්ච ජාලෙන නරො පරාමසෙ, ඔසිඤ්චයෙ (ඔසඤ්චියා (සී. පී.)) සාගරමෙකපාණිනා;
සකෙන හත්ථෙන කරෙය්‍ය ඝොසං (සකෙන කාලෙන හනෙය්‍ය ඝොසනං (පී.)), යො සබ්බභාවං පමදාසු ඔසජෙ.
346
“යම්පුරුෂයෙක් ස්ත්‍රින් කෙරෙහි තමාගේ සියලු අදහස හරින්නේද, ඒ මිනිසා දැලින් සුළඟ අල්වන්නේය. එක අතකින් මුහුද ඉසින්නේය. ස්වකීය අතින් අතට ගසා ඝෝෂාව කරන්නේය.
347
‘‘චොරීනං බහුබුද්ධීනං, යාසු සච්චං සුදුල්ලභං;
ථීනං භාවො දුරාජානො, මච්ඡස්සෙවොදකෙ ගතං.
347
“යම් ස්ත්‍රින් කෙරෙහි ඇත්ත ඉතා දුර්ලභවේද, එබඳු සෙරියන්වූ බහු බුද්ධි ඇත්තාවූ ස්ත්‍රින්ගේ අදහස මසුන්ගේ දියෙහි ගමන මෙන් දැන ගැණීමට දුෂ්කරවේ
348
‘‘අනලා මුදුසම්භාසා, දුප්පූරා තා නදීසමා;
සීදන්ති නං විදිත්වාන, ආරකා පරිවජ්ජයෙ.
348
“නුසුදුසුවූ මෘදු තෙපුල් ඇත්තාවූ නොපිරවිය හැකි අදහස් ඇත්තාවූ ගංගාවන් හා සමානවූ ඒ ස්ත්‍රිහු සේවනය කළවුන් සතර අපායෙහි ගිල්වත්යයි දැන දුරින් දුරු කටයුතු.
349
‘‘ආවට්ටනී මහාමායා, බ්‍රහ්මචරියවිකොපනා;
සීදන්ති නං විදිත්වාන, ආරකා පරිවජ්ජයෙ.
349
“අනුන් පෙරලාගන්නාවූ මහත් මායා ඇති බ්‍රහ්මචර්‍ය්‍යාව විනාශ කරන්නාවූ ඒ ස්ත්‍රීහු සේවනය කළවුන් අපායෙහි ගිල්වත්යයි දැන දුරින්ම දුරු කටයුතුයි.
350
‘‘යං එතා (යඤ්චෙතා (ස්‍යා.)) උපසෙවන්ති, ඡන්දසා වා ධනෙන වා;
ජාතවෙදොව සණ්ඨානං, ඛිප්පං අනුදහන්ති න’’න්ති.
අථ ඛලු, භො, කුණාලො සකුණො නාරදස්ස දෙවබ්‍රාහ්මණස්ස ආදිමජ්ඣකථාපරියොසානං විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි -
350
“මේ ස්ත්‍රීහු ප්‍රිය සංවාස වශයෙන් හෝ ධන හේතුවෙන් හෝ යම් පුරුෂයෙකු සේවනය කෙරෙද්ද, ස්වකීය ස්ථානය දවන්නාවූ ගින්න මෙන් වහා ඔහු විනාශයට පමුණුවත්යයි” නාරද ඍෂිතෙම ස්ත්‍රීන්ගේ අගුණ කීයේය.
351
‘‘සල්ලපෙ නිසිතඛග්ගපාණිනා, පණ්ඩිතො අපි පිසාචදොසිනා;
උග්ගතෙජමුරගම්පි ආසිදෙ, එකො එකාය පමදාය නාලපෙ (එකො එකපමදං හි නාලපෙ (පී.) එකො එකපමාදාය නාලපෙ (?)).
351
“නුවණැත්තේ තියුණු කඩුවක් ගත් අත් ඇත්තහු සමග කථාකරන්නේද, දෝෂීවූ පිසාචයෙකු සමග කථා කරන්නේද උග්‍රතේජස් ඇත්තාවූ සර්පයෙකුට ලංවන්නේද එකලාව හුදකළාවූ ස්ත්‍රියක් සමග කථා නොකරන්නේය.
352
‘‘ලොකචිත්තමථනා හි නාරියො, නච්චගීතභණිතම්හිතාවුධා;
බාධයන්ති අනුපට්ඨිතස්සතිං (අනුපට්ඨිතාසතී (පී.)), දීපෙ රක්ඛසිගණොව (දීපරක්ඛසිගණාව (සී.)) වාණිජෙ.
352
“නැටීමය ගී කීමය කථාකිරීමය යන මොවුන් ආයුධකොට ඇත්තාවූ මේ ස්ත්‍රීහු වනාහි ලෝකයාගේ සිත් මඩින්නාහුය. ද්විපයෙක්හිවූ රාක්ෂසිහු වෙළඳුන් වසඟයට ගෙණ පෙළන්නාක් මෙන් පැමිණසිටි සිහි නැත්තහු පෙළත්.
353
‘‘නත්ථි තාසං විනයො න සංවරො, මජ්ජමංසනිරතා (මජ්ජමංසාභිරතා (ක.)) අසඤ්ඤතා;
තා ගිලන්ති පුරිසස්ස පාභතං, සාගරෙව මකරං තිමිඞ්ගලො (තිමිඞ්ගිලො (සී. පී.)).
353
“ඒ ස්ත්‍රින්ගේ හික්මීමක් නැත. සංවරයක්ද නැත, මත්පැනෙහි හා මස් අනුභව කිරීමෙහි ඇළුනාවූ සංයම නැත්තාවූ ඒ ස්ත්‍රීහු සාගරයෙහි තිමිංගල නම් මත්ස්‍යතෙම මෝරෙකු ගිලින්නාක් මෙන් පුරුෂයාගේ වස්තුව විනාශ කරත්.
354
‘‘පඤ්චකාමගුණසාතගොචරා, උද්ධතා අනියතා අසඤ්ඤතා;
ඔසරන්ති පමදා පමාදිනං, ලොණතොයවතියංව ආපකා.
354
“පස්කම්සැප අනුභව කිරීම ගොචරකොට ඇත්තාවූ උඩඟුවූ නියම සිතක් නැත්තාවූ සංයම නැත්තාවූ ස්ත්‍රීහු සාගරය කරා පැමිණෙන්නාවූ ගංගාවන් මෙන් ප්‍රමාදවූවහු කරා පැමිණෙත්.
355
‘‘යං නරං උපලපෙන්ති (උපරමන්ති (සී. පී.), පලාපෙන්ති (ක.)) නාරියො, ඡන්දසා ව රතියා ධනෙන වා;
ජාතවෙදසදිසම්පි තාදිසං, රාගදොසවධියො (රාගදොසවතියො (සී. පී.)) දහන්ති නං.
355
“ස්ත්‍රීහු ප්‍රේමයෙන් හෝ පඤ්චකාමගුණ ආලයෙන් හෝ ධන හේතුවෙන් හෝ යම් මිනිසෙකුට ඇලී වාසය කෙරෙද්ද, රාගද්වේෂවලින් යුක්තවූ ඒ ස්ත්‍රීහු එබඳු ගුණයෙන් ගින්නක් මෙන් දිළිසෙන්නාවූද ඔහු විනාශ කෙරෙත්.
356
‘‘අඩ්ඪං ඤත්වා පුරිසං මහද්ධනං, ඔසරන්ති සධනා සහත්තනා;
රත්තචිත්තමතිවෙඨයන්ති නං, සාල මාලුවලතාව කානනෙ.
356
“ආඪ්‍යවූ මහත් ධන ඇත්තාවූ පුරුෂයා දැන ධන සහිතවූවාහු ආත්ම භාවය සමග මිහිරි වචන කීමෙන් ඔහු වැළඳ ගනිත්. වනයෙහි සල්ගස් වැළඳගත් මාළුවා වැලමෙන් ඇළුනු සිත් ඇත්තාවූ ඔහු අතිශයින් පෙළෙත්
357
‘‘තා උපෙන්ති විවිධෙන ඡන්දසා, චිත්‍රබිම්බමුඛියො අලඞ්කතා;
උහසන්ති (ඌහසන්ති (සී. පී.), ඔහසන්ති (ස්‍යා.)) පහසන්ති නාරියො, සම්බරොව (සංවරොව (ස්‍යා. පී. ක.)) සතමායකොවිදා.
357
“සැරසීමෙන් විසිතුරු සිරුරු හා මුහුණ ඇති සිය ගණන් මායාවන්හි දක්ෂවූ ඒ ස්ත්‍රීහු නොයෙක් ආකාරවූ ඇල්මෙන් මායාකාරයෙකු හෙවත් සම්බර නම් අසුරයා මෙන් පැමිණෙත්. මහත්කොට සිනාසෙත්. මද සිනාවෙන්ද සිනාසෙත්.
358
‘‘ජාතරූපමණිමුත්තභූසිතා, සක්කතා පතිකුලෙසු නාරියො;
රක්ඛිතා අතිචරන්ති සාමිකං, දානවංව හදයන්තරස්සිතා (හදයන්තනිස්සිතා (ක.), හදයන්තරනිස්සිතා (ස්‍යා.)).
358
“රත්රන්ය මැණික්ය මුතුය යන මෙයින් සැරසුනාවූ ස්වාමි කුලයන්හි සත්කාර කරණ ලද්දාවූ රක්නා ලද්දාවූ ස්ත්‍රීහු හෘදයාභ්‍යන්තරයෙහි ඇසුරු කළාවූ ස්ත්‍රීය අසුරයා ඉක්ම පැවතුනාක් මෙන් ස්වාමියා ඉක්මවා හැසිරෙත්.
359
‘‘තෙජවාපි හි නරො විචක්ඛණො, සක්කතො බහුජනස්ස පූජිතො;
නාරිනං වසගතො න භාසති, රාහුනා උපහතොව චන්දිමා.
359
“නුවණැත්තාවූ බොහෝ දෙනා විසින් සත්කාර කරණ ලද්දාවූ පුදන ලද්දාවූ තේජස් ඇත්තාවූද මිනිස්තෙමේ වනාහි රාග විසින් ලංවන ලද චන්ද්‍රයා මෙන් ස්ත්‍රීන්ගේ වසඟයට ගියේ නොබබළයි.
360
‘‘යං කරෙය්‍ය කුපිතො දිසො දිසං, දුට්ඨචිත්තො වසමාගතං අරිං (අරි (සී. පී.));
තෙන භිය්‍යො බ්‍යසනං නිගච්ඡති, නාරිනං වසගතො අපෙක්ඛවා.
360
“කිපියාවූ විරුද්ධවූ දුෂ්ට සිත් ඇත්තාවූ සතුරෙක් තමා වසඟයට පැමිණියාවූ සතුරෙකුට යමක් කරන්නේද, ස්ත්‍රීන්ගේ වසඟයට ගියාවූ අපේක්ෂා ඇත්තේ එයට වැඩි ව්‍යසනයට පැමිණේ.
361
‘‘කෙසලූනනඛඡින්නතජ්ජිතා, පාදපාණිකසදණ්ඩතාළිතා;
හීනමෙවුපගතා හි නාරියො, තා රමන්ති කුණපෙව මක්ඛිකා.
361
“හිසකේ ඇද කැඩීමෙන්, නියපොතුවලින් සීරීමෙන් තර්ජනය කරන ලද්දාවූ පයින් අතින් කසයෙන් දන්ඩෙන් තලනලද්දාවූ ඒ ස්ත්‍රීහු පැමිණියාහු කුණපයෙහි ඇලෙන මැස්සන් මෙන් හීනයාටම ඇලෙත්.
362
‘‘තා කුලෙසු විසිඛන්තරෙසු වා, රාජධානිනිගමෙසු වා පුන (වා පන (ස්‍යා.));
ඔඩ්ඩිතං නමුචිපාසවාකරං (වාගුරං (ස්‍යා.)), චක්ඛුමා පරිවජ්ජෙ සුඛත්ථිකො.
362
“කුලයන්ද විථි අතරද නැවත රාජධානි නියම්ගම්වලද අටවන ලද කෙළෙස් මරහුගේ මල පුඬුවක් බරුදැලක් වැනිවූ ඒ ස්ත්‍රීන් නුවණැස් ඇත්තාවූ දෙව්මිනිස් සැප කැමැත්තාවූ පුරුෂතෙම දුරුකරන්නේය.
363
‘‘ඔස්සජිත්ව කුසලං තපොගුණං, යො අනරියචරිතානි මාචරි;
දෙවතාහි නිරයං නිමිස්සති, ඡෙදගාමිමණියංව වාණිජො.
363
“යම් පුරුෂයෙක් තෙම කුශලයද, තපෝගුණයද හැර අනාර්‍ය්‍යවූ පඤ්චකාම ගුණයන්හි හැසුරුනේද හෙතෙම නුවණ මද වෙළෙන්දෙක් මාහැඟි බඩු දී නොවටිනා මැණිකක් ගන්නාක් මෙන් දිව්‍ය ආත්මවලින් නරකයට මාරුවන්නේය.
364
‘‘සො ඉධ ගරහිතො පරත්ථ ච, දුම්මතී උපහතො (උපගතො (සී. පී.)) සකම්මුනා;
ගච්ඡතී අනියතො ගළාගළං, දුට්ඨගද්‍රභරථොව උප්පථෙ.
364
“මෙලොවද පරලොවද ගර්භා කරණ ලද ස්වකීය කර්මයෙන් යුක්තවූ ස්ත්‍රීන්ගේ වසඟයට ගියාවූ ඒ දුෂ්ප්‍රාඥ තෙම කූට ගද්‍රභයන් යෙදූ රථය නොමග යන්නාක් මෙන් කාලනියමයක් නැතිව දෙව්ලොවින්ද මිනිස්ලොවින්ද ගිලිහී අපායටම පැමිණෙයි.
365
‘‘සො උපෙති නිරයං පතාපනං, සත්තිසිම්බලිවනඤ්ච ආයසං;
ආවසිත්වා තිරච්ඡානයොනියං, පෙතරාජවිසයං න මුඤ්චති (මුච්චති (ක.)).
365
“ඒ ස්ත්‍රීන් වසඟයට ගිය පුරුෂතෙම අතිශයින් තැවීම ඇත්තාවූ අයොමය කටුවලින් යුත් කටුහිඹුල්වන නම් නරකයටද පැමිණේ. තිරිසන් යෝනියෙහිද වාසයකොට ප්‍රෙතවිෂයද කාලකඤ්ජ නම් අසුර විෂයද නොමුදයි.
366
‘‘දිබ්‍යඛිඩ්ඩරතියොං ච නන්දනෙ, චක්කවත්තිචරිතඤ්ච මානුසෙ;
නාසයන්ති පමදා පමාදිනං, දුග්ගතිඤ්ච පටිපාදයන්ති නං.
366
“ප්‍රමාදයෙන් යුත් පුරුෂයන්ගේ නන්දනොද්‍යානයෙහි දිව්‍ය ක්‍රීඩාවන්හි ඇළුමද මනුෂ්‍යලෝකයෙහි චක්‍රවර්ති රාජ්‍යසම්පත්තියද ස්ත්‍රීහු නසත්. ඒ දුර්ගතියෙහි දුකද පිළියෙල කරත්
367
‘‘දිබ්‍යඛිඩ්ඩරතියො න දුල්ලභා, චක්කවත්තිචරිතඤ්ච මානුසෙ;
සොණ්ණබ්‍යම්හනිලයා (සුවණ්ණබ්‍යම්හනිලයා (ස්‍යා. ක.), සොවණ්ණබ්‍යම්හනිලයා (පී.)) ච අච්ඡරා, යෙ චරන්ති පමදාහනත්ථිකා.
367
“යම් පුරුෂ කෙනෙක් ස්ත්‍රීන්ගෙන් ප්‍රයෝජන නැත්තෝව බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙද්ද, ඔවුන්ට දිව්‍ය ක්‍රීඩාවන්හි ඇළුම් දුර්ලභ නොවෙත්. මිනිස්ලොව චක්‍රවර්ති රාජ්‍යයද දුර්ලභ නොවේ. ස්වර්ණමය විමානවල වාසය කරන්නාවූ අප්සරාවෝ දුර්ලභ නොවෙත්.
368
‘‘කාමධාතුසමතික්කමා ගති, රූපධාතුයා භාවො (රූපධාතුයා භවො (සී.), රූපධාතුසම්භවො (ස්‍යා.)) න දුල්ලභො;
වීතරාගවිසයූපපත්තියා, යෙ චරන්ති පමදාහනත්ථිකා.
368
“පුරුෂකෙනෙක් ස්ත්‍රීන් ප්‍රයෝජන නැත්තෝව බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙද්ද, කාමලෝකය ඉක්මවා පැවති ගතියවූ රූප ලෝකයෙහි උත්පත්තිය ඔවුන්ට දුර්ලභ නොවේ. පහවූ රාග ඇත්තවුන්ට විෂයවූ ශ්‍රද්ධාවාස ලෝකයෙහි යම් ඉපදීමක් වේනම් එයද දුර්ලභ නොවේ
369
‘‘සබ්බදුක්ඛසමතික්කමං සිවං, අච්චන්තමචලිතං අසඞ්ඛතං;
නිබ්බුතෙහි සුචිහී න දුල්ලභං, යෙ චරන්ති පමදාහනත්ථිකා’’ති.
369
“යම් පුරුෂ කෙනෙක් ස්ත්‍රීන්ගෙන් ප්‍රයෝජන නැත්තෝව බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙද්ද, ඒ නිවියාවූ කෙළෙස් ඇති පිරිසිදුවූවන් විසින් සියලු දුක් ඉක්මවූ ක්ෂෙමවූ ඒකාන්තවූ අකම්ප්‍යවූ අසංස්කෘතවූ නිවණ නොලැබිය හැකි නොවේයයි” කුණාල නම් බෝසත්තෙම දේශනාව නිමකෙළේය.
370
‘‘කුණාලොහං තදා ආසිං, උදායී ඵුස්සකොකිලො;
ආනන්දො ගිජ්ඣරාජාසි, සාරිපුත්තො ච නාරදො;
පරිසා බුද්ධපරිසා, එවං ධාරෙථ ජාතක’’න්ති.
370
එකල්හි මම කුණාලනම් වීමි. උදායි තෙම ඵුස්ස කෝකිල නම් වූයේය. ආනන්ද ස්ථවිරතෙම ගිජුලිහිණි රජ විය ශාරීපුත්‍ර ස්ථවිරතෙමේද නාරද නම් ඍෂිවූයේය. එකල්හි පිරිස දැන් බුදු පිරිස විය. මෙසේ මේ ජාතකයද දරාගණිව්ය”යි වදාළේය.
537. මහාසුතසොමජාතකං (5) 537. මහා සුතසෝම ජාතකය