ත්‍රිපිටකය
21. අසීතිනිපාතො 21. ආසීති නිපාතය
533. චූළහංසජාතකං (1) 533. චුල්ලහංස ජාතකය
534. මහාහංසජාතකං (2) 534. මහාහංස ජාතකය
89
‘‘එතෙ හංසා පක්කමන්ති, වක්කඞ්ගා භයමෙරිතා;
හරිත්තච හෙමවණ්ණ, කාමං සුමුඛ පක්කම.
89
“රන්වන් සිවිය ඇති ස්වර්ණ වර්ණවූ සුන්දරමුඛ ඇත්තාවූ සුමුඛය, භයින් කම්පාවූවක්වූ අවයව ඇති මේ හංසයෝ බැහැරයෙත්. තෝද ඒකාන්තයෙන් බැහැර යව.
90
‘‘ඔහාය මං ඤාතිගණා, එකං පාසවසං ගතං;
අනපෙක්ඛමානා ගච්ඡන්ති, කිං එකො අවහීයසි.
90
“තනිව මලපුඩුවෙහි අසුවූ මා හැර නෑ සමූහයෝ අපෙක්ෂාවක් නැතුව යෙත්. තනිවූ තෝ කුමක් හෙයින් පසුබස්නෙහිද?”
91
‘‘පතෙව පතතං සෙට්ඨ, නත්ථි බද්ධෙ සහායතා;
මා අනීඝාය හාපෙසි, කාමං සුමුඛ පක්කම’’.
91
“පක්ෂි ශ්‍රේෂ්ඨය, තෝද පැනයව, බැඳුනහු කෙරෙහි සහාය බවක් නැත්තේය. නිදුක් බැවින් නොපිරිහෙව. සුමුඛය ඒකාන්තයෙන් බැහැර යවයි” හංස රජතෙම කීයේය.
92
‘‘නාහං දුක්ඛපරෙතොපි (දුක්ඛපරෙතො’’ති (ජා. 1.15.136) අට්ඨකථායො ඔලොකෙතබ්බා), ධතරට්ඨ තුවං (තවං (සී. පී.)) ජහෙ;
ජීවිතං මරණං වා මෙ, තයා සද්ධිං භවිස්සති.
92
“ධ්‍රතරාෂ්ට නම් මහරජ, මම දුකින් පෙළුනේයයි ඔබ නොහරින්නෙමි. මාගේ ජීවත්වීම හෝ මරණය හෝ ඔබ සමග වන්නේය
93
‘‘නාහං දුක්ඛපරෙතොපි, ධතරට්ඨ තුවං ජහෙ;
න මං අනරියසංයුත්තෙ, කම්මෙ යොජෙතුමරහසි.
93
“ධ්‍රතරාෂ්ට නම් රජ, මම දුකින් පෙළුනේ යයි ඔබ නොහරින්නෙමි අනාර්‍ය්‍යයන් විසින් යෙදෙන්නාවූ කර්මයෙහි මා යොදවන්ට නුසුදුස්සෙහිය.
94
‘‘සකුමාරො සඛා ත්‍යස්මි, සචිත්තෙ චස්මි තෙ (සමිතෙ (පී.), ත්‍යස්මි තෙ (ක.)) ඨිතො;
ඤාතො සෙනාපති ත්‍යාහං, හංසානං පවරුත්තම.
94
“හංසරාජය, මම ඔබගේ සමාන කුමාර බැව් ඇති යහළුවාද වෙමි. ඔබගේ ස්වකීය සිතෙහි පරිදි සිටියෙක්ද වෙමි. සේනාපතියයිද ප්‍රකටවූයෙමි.
95
‘‘කථං අහං විකත්ථිස්සං (විකත්තිස්සං (පී.)), ඤාතිමජ්ඣෙ ඉතො ගතො;
තං හිත්වා පතතං සෙට්ඨ, කිං තෙ වක්ඛාමිතො ගතො;
ඉධ පාණං චජිස්සාමි, නානරියං (න අනරියං (පී.)) කත්තුමුස්සහෙ’’.
95
“මෙයින් ගියාවූ මම නෑයන් මැද කෙසේ නම් කියන්නෙම්ද? පක්ෂිරාජය, ඔබ හැර මෙයින් ගියාවූ මම ඔවුන්ට කුමක් නම් කියන්නෙම්ද? මෙහි ප්‍රාණය හැර දමන්නෙමි අනාර්‍ය්‍යවූවක් කරන්ට නොහැකිවන්නෙමියි” සුමුඛතෙම කීයේය.
96
‘‘එසො හි ධම්මො සුමුඛ, යං ත්වං අරියපථෙ ඨිතො;
යො භත්තාරං සඛාරං මං, න පරිච්චත්තුමුස්සහෙ.
96
“එම්බා සුමුඛය, ආර්‍ය්‍යමාර්ගයෙහි සිටියාවූ ඔබ යමක් කීයෙහිද, යමෙක් ස්වාමියාවූද යහළුවාවූද මා හැරදමන්ට උත්සාහ නොකරන්නේද, මේ වනාහි පුරාතන පණ්ඩිතයන්ගේ ස්වභාවයවේ.
97
‘‘තඤ්හි මෙ පෙක්ඛමානස්ස, භයං නත්වෙව ජායති;
අධිගච්ඡසි ත්වං මය්හං, එවං භූතස්ස ජීවිතං’’.
97
“නුඹ දක්නාවූ මට වනාහි හයක් නොම උපදී. මෙසේ පාසයෙහි බැඳුනාවූ මාගේ ජීවිතය නුඹ ලබා දෙන්නෙහියයි” හංසරාජතෙම කීයේය.
98
‘‘ඉච්චෙවං (ඉච්චෙව (සී. පී.)) මන්තයන්තානං, අරියානං අරියවුත්තිනං;
දණ්ඩමාදාය නෙසාදො, ආපතී (ආපදී (ක.)) තුරිතො භුසං.
98
ආර්‍ය්‍ය පැවතුම් ඇත්තාවූ මේ උතුම්හංසයන් දෙදෙනා මෙසේ කථාකරමින් සිටියදීම වැදිතෙම දැඩිවූ දණ්ඩක් ගෙණ වහා පැමිණියේය.
99
‘‘තමාපතන්තං දිස්වාන, සුමුඛො අතිබ්‍රූහයි (අපරිබ්‍රූහයි (සී. පී.));
අට්ඨාසි පුරතො රඤ්ඤො, හංසො විස්සාසයං බ්‍යධං (බ්‍යථං (සී. ස්‍යා. පී.)).
99
එන්නාවූ ඔහු දැක සුමුඛතෙම මහත් ශබ්ද කෙළේය. සුමුඛනම් හංස තෙම බියපත්වූ රජුට විශ්වාස වෙමින් රජුගේ ඉදිරියෙන් සිටියේය.
100
‘‘මා භායි පතතං සෙට්ඨ, න හි භායන්ති තාදිසා;
අහං යොගං පයුඤ්ජිස්සං, යුත්තං ධම්මූපසංහිතං;
තෙන පරියාපදානෙන (පරියාදානෙන (ක.)), ඛිප්පං පාසා පමොක්ඛසි’’.
100
“පක්ෂි ශ්‍රේෂ්ඨය, බිය නොවෙව, තොපවැන්නෝ නොම බියවෙත්. මම දැහැමින් යුක්තවූ සුදුසුවූ උත්සාහයක් කරන්නෙමි ඒ උත්සාහය යෙදීමෙන් ඔබ වහා බන්ධනයෙන් මිදෙන්නෙහියයි” සුමුඛතෙම කීයේය.
101
‘‘තස්ස තං වචනං සුත්වා, සුමුඛස්ස සුභාසිතං;
පහට්ඨලොමො නෙසාදො, අඤ්ජලිස්ස පණාමයි.
101
ඒ සුමුඛ නම් හංස සේනාපතියාගේ ඒ මනාකොට කියනලද වචනය අසා ලොමු ඩැහැගත් වැදිතෙම ඔහුට ඇඳිළිබැඳ සිටියේය.
102
‘‘න මෙ සුතං වා දිට්ඨං වා, භාසන්තො මානුසිං දිජො;
අරියං බ්‍රුවානො (බ්‍රූහන්තො (ස්‍යා. ක.)) වක්කඞ්ගො, චජන්තො මානුසිං ගිරං.
102
“යහළු පක්ෂීරාජය, ද්විජවූම නුඹ අද මා විසින් මිනිස් තෙපුලෙන් කථාකරමින් නිර්දෝෂ ලෙස මනුෂ්‍ය වචන නිකුත් කරමින් කියන්නේ ඇසින් දක්නා ලදී. මින් පෙර මෙබඳු ආශ්චර්‍ය්‍යයක් නොම අසනලදී. නොම දක්නා ලදී.
103
‘‘කින්නු තායං දිජො හොති, මුත්තො බද්ධං උපාසසි;
ඔහාය සකුණා යන්ති, කිං එකො අවහීයසි’’.
103
“මිදුනාවූ ඔබ පාශයෙහි බැඳුනාවූ මොහු යම් හෙයකින් ඇසුරුකෙරෙහිද, එහෙයින් මේ පක්ෂිතෙම ඔබගේ කවරෙක්වේද, සෙසු පක්ෂීහු ඔහු හැරයත්, තනිවූ ඔබ කුමක් හෙයින් පසුබස්නෙහිදැයි” වැද්දා ඇසීය.
104
‘‘රාජා මෙ සො දිජාමිත්ත, සෙනාපච්චස්ස කාරයිං;
තමාපදෙ පරිච්චත්තුං, නුස්සහෙ විහගාධිපං.
104
“එම්බා පක්ෂීන්ට සතුරුවූ වැදිපුත්‍රය, මෙතෙම මාගේ රජය. මම මොහුගේ සේනාපති බව කරවමි. විපත් පැමිණිකල්හි ඒ පක්ෂිරාජයා හැරයන්ට නොහැකිවන්නෙමි.
105
‘‘මහාගණාය භත්තා මෙ, මා එකො බ්‍යසනං අගා;
තථා තං සම්ම නෙසාද, භත්තායං අභිතො රමෙ’’.
105
“මහත්වූ හංස සමූහයාගේද මාගේද ස්වාමීවූ මෙහෙම තනිව විපත්තියට නොපැමිණේවා. යහළු වැදි පුත්‍රය, එය එසේමය. මේ තෙම මාගේ ස්වාමියාවේ. මම මොහු සමීපයෙහි සිත් අලවන්නෙමියි” සුමුඛ තෙම කීයේය.
106
‘‘අරියවත්තසි වක්කඞ්ග, යො පිණ්ඩමපචායසි;
චජාමි තෙ තං භත්තාරං, ගච්ඡථූභො (ගච්ඡතු භො (පී.)) යථාසුඛං’’.
106
“එම්බා පක්ෂිය, යමෙක් ස්වාමියාගෙන් ලැබූ ආහාරයට පුදන්නෙහිද, ඒ නුඹ ආර්‍ය්‍යයන්ගේ පැවතීමෙන් යුක්ත වෙහිය. මම ඔබගේ ඒ ස්වාමියා හරිමි දෙදෙනා සුවසේ යව්යයි” වැද්දා කීයේය.
107
‘‘සචෙ අත්තප්පයොගෙන, ඔහිතො හංසපක්ඛිනං;
පටිගණ්හාම තෙ සම්ම, එතං අභයදක්ඛිණං.
107
“යහළුව, ඉදින් ඔබ විසින් තමාගේ ප්‍රයෝජනය පිණිස හංසයන්ට හා පක්ෂීන්ට උගුල් අටවන ලද්දේ නම් ඔබගේ මේ අභය දානය පිළිගනිමි.
108
‘‘නො චෙ අත්තප්පයොගෙන, ඔහිතො හංසපක්ඛිනං;
අනිස්සරො මුඤ්චමම්හෙ, ථෙය්‍යං කයිරාසි ලුද්දක’’.
108
“තමන්ගේ ප්‍රයෝජනය සඳහා හංසයන්ට හා පක්ෂීන්ට උගුල් අටවන ලද්දේ නොවේ නම් එහි අධිපති නොව අප මුදා හරින්නේ වැදි පුත්‍රය, නුඹ සොර කමක් කරන්නෙහියයි” සුමුඛතෙම කීයේය.
109
‘‘යස්ස ත්වං භතකො (භටකො (ක.)) රඤ්ඤො, කාමං තස්සෙව පාපය;
තත්ථ සංයමනො (සංයමානො (පී.)) රාජා, යථාභිඤ්ඤං කරිස්සති’’.
109
“වැදිපුත්‍රය, යම් රජෙකුට නුඹ බැලමෙහෙ කරන්නෙක්වෙහිද, ඒකාන්තයෙන් ඔහු වෙතටම අප පමුණුවව, එහිදී සංයම සිත් ඇති රජතෙම කැමති පරිදි කරන්නේයයිද” කීයේය.
110
‘‘ඉච්චෙවං වුත්තො නෙසාදො, හෙමවණ්ණෙ හරිත්තචෙ;
උභො හත්ථෙහි සඞ්ගය්හ (පග්ගය්හ (ස්‍යා. ක.)), පඤ්ජරෙ අජ්ඣවොදහි.
110
මෙසේම කියන ලද්දාවූ වැදිතෙම රන්වන්වූ රන්වන් සිවි ඇත්තාවූ ඒ හංසයන් දෙදෙන දෙඅතින් අල්වා ගෙණ කූඩුවල තැන්පත් කෙළේය.
111
‘‘තෙ පඤ්ජරගතෙ පක්ඛී, උභො භස්සරවණ්ණිනෙ;
සුමුඛං ධතරට්ඨඤ්ච, ලුද්දො ආදාය පක්කමි’’.
111
කූඩුවලවූ පැහැ විහිදෙන වර්ණ ඇති සුමුඛද ධන රට්ඨද යන ඒ හංස පක්ෂීන් දෙදෙන හැරගෙණ වැදිතෙම කීයේය.
112
‘‘හරීයමානො ධතරට්ඨො, සුමුඛං එතදබ්‍රවි;
බාළ්හං භායාමි සුමුඛ, සාමාය ලක්ඛණූරුයා;
අස්මාකං වධමඤ්ඤාය, අථත්තානං වධිස්සති.
112
ගෙණ යනු ලබන්නාවූ ධ්‍රතරාෂ්ට නම් හංසතෙම සුමුඛ නම් හංසයාට මෙය කීයේය. “එම්බා සුමුඛය, රන්වන්වූ ලක්ෂණවූ ඌරුයුග්මයක් ඇති භාර්‍ය්‍යාවගේ මරණයට භයවෙමි. අපගේ මේ නැසීම අසා ඉක්බිති ඕ තොමෝ තමන් නැසෙන්නේය.
113
‘‘පාකහංසා ච සුමුඛ, සුහෙමා හෙමසුත්තචා;
කොඤ්චී සමුද්දතීරෙව, කපණා නූන රුච්ඡති’’.
113
“සුමුඛය, පාකහංසරාජධිතෘවූ රන්වන් මනාසිවිය ඇත්තාවූ සුහේමා නම් ඕ තොමෝ හිමියා මලකල්හි මුහුදු ඉව්රෙහි බැගෑපත්ව හඬන්නාවූ කොස්වාලිහිණියක මෙන් හඬන්නේයයි සිතමි.
114
‘‘එවං මහන්තො ලොකස්ස, අප්පමෙය්‍යො මහාගණී;
එකිත්ථිමනුසොචෙය්‍ය, නයිදං පඤ්ඤවතාමිව.
114
“මෙසේ හංස ලෝකයාට මහත්වූ අපමණ ගුණ ඇති මහත් සමූහ ඇත්තාවූ පින්වත් තෙමේ එක් ස්ත්‍රියක් අනුව ශොක කරන්නේය. මෙය ප්‍රඥා ඇත්තෙකුගේ කටයුත්තක් මෙන් නොවේ.”
115
‘‘වාතොව ගන්ධමාදෙති, උභයං ඡෙකපාපකං;
බාලො ආමකපක්කංව, ලොලො අන්ධොව ආමිසං.
115
“මහරජ, යම්සේ වාතය තෙම යහපත්වූද අයහපත්වූද යන ගඳ දෙකම ගණීද, යම්සේ ලොල්වූ බාල තෙමේ අමුවූද පැසුනාවූද ඵලය ගණීද, ලොල්වූ අන්ධතෙම ආහාරය ගනීද ස්ත්‍රීහු එබඳු වෙත්.
116
‘‘අවිනිච්ඡයඤ්ඤු අත්ථෙසු, මන්දොව පටිභාසි (පටිභාති (ක.)) මං;
කිච්චාකිච්චං න ජානාසි, සම්පත්තො කාලපරියායං.
116
“යම්හෙයකින් මරණ අවස්ථාවට පැමිණියේ කටයුත්ත නොකටයුත්ත නොදන්නෙහිද, එහෙයින් කාරණ කාරණයන්හි විනිශ්චය නොදන්නාවූ ඔබ අන්ධ බාලයෙකු මෙන් මට වැටහෙන්නේය.
117
‘‘අඩ්ඪුම්මත්තො උදීරෙසි, යො සෙය්‍යා මඤ්ඤසිත්ථියො;
බහුසාධාරණා හෙතා, සොණ්ඩානංව සුරාඝරං.
117
“යමෙක් ස්ත්‍රීන් උතුම්යයි හඟින්නෙහිද, හෙතෙම අඩක් උමතුවූවෙකු මෙන් කථා කරන්නේය. මේ ස්ත්‍රීහු නම් සුරාසොඬුන්ගේ සුරාසැළ මෙන් බොහෝ දෙනාට සාධාරණවෙත්.
118
‘‘මායා චෙසා මරීචී ච, සොකො රොගො චුපද්දවො;
ඛරා ච බන්ධනා චෙතා, මච්චුපාසා ගුහාසයා (පච්චුපාසො ගුහාසයො (සී. පී.));
තාසු යො විස්සසෙ පොසො, සො නරෙසු නරාධමො’’.
118
“දෙවයන් වහන්ස, වඤ්චාකරණ හෙයින් මායාවක් වැන්න. අතට අසුනොවන හෙයින් මිරිඟුවක් වැන්න ශෝකය රෝගය යන නොයෙක් උපද්‍රව ඇත්තේය. ක්‍රොධාදීන් තද බැවින් ක්‍රෑරය. සිරබන්ධනාදියට කරුණුය. මේ ස්ත්‍රීහු නම් ශරීර ගුහාව ඇසුරු කරන්නාවූ මරහුගේ පාශයවේ. එබඳු ස්ත්‍රීන් කෙරෙහි යම් පුරුෂයෙක් විශ්වාස කරන්නේ නම් හෙතෙම මිනිසුන් අතර අධමවූ මිනිසෙක් වේයයි” සුමුඛතෙම කීයේය.
119
‘‘යං වුද්ධෙහි උපඤ්ඤාතං, කො තං නින්දිතුමරහති;
මහාභූතිත්ථියො නාම, ලොකස්මිං උදපජ්ජිසුං.
119
“යම් ස්ත්‍රියක් නුවණින් වැඩි සිටියවුන් විසින්ම දන්නාලදද, ඒ ස්ත්‍රියට නින්දා කරන්ට කවරෙක් සුදුසුවේද, මහත් ගුණැති ස්ත්‍රීහු නම් ලෝකයෙහි පළමු කොට උපන්නාහුය.
120
‘‘ඛිඩ්ඩා පණිහිතා ත්‍යාසු, රති ත්‍යාසු පතිට්ඨිතා;
බීජානි ත්‍යාසු රූහන්ති, යදිදං සත්තා පජායරෙ;
තාසු කො නිබ්බිදෙ (නිබ්බිජෙ (ක.)) පොසො, පාණමාසජ්ජ පාණිභි (පාණහි (සී.)).
120
“සුමුඛය, ඒ ස්ත්‍රීන් කෙරෙහි ක්‍රීඩාවෝද පිහිටියාහුය. ඒ ස්ත්‍රීන් කෙරෙහි පස්කම් ගුණයෙහි ආලයෝද පිහිටියාහුය. යම් මේ සත්ව කෙනෙක් උපදිත් නම් ඒ බීජයෝද ඔවුන් කෙරෙහිම හටගනිත්.
“තමන්ගේ ප්‍රාණයෙන් ඔවුන්ගේ ප්‍රාණය ආසාදනය කොට හෙවත් දිවිහරිමින්ද කවරනම් පුරුෂයෙක් ඔවුන් කෙරෙහි කලකිරෙන්නේද?
121
‘‘ත්වමෙව නඤ්ඤො සුමුඛ, ථීනං අත්ථෙසු යුඤ්ජසි;
තස්ස ත්‍යජ්ජ භයෙ ජාතෙ, භීතෙන ජායතෙ මති.
121
“සුමුඛය, අනිකෙක් නොවේ. නුඹම ස්ත්‍රීන්ගේ කටයුතුවල යෙදෙන්නෙහිය. ඒ නුඹට අද බිය ඇතිවූ කල්හි මේ මරණ බියෙන් තියුණු නුවණක් ඇතිවීයයි” හඟිමි.
122
‘‘සබ්බො හි සංසයං පත්තො, භයං භීරු තිතික්ඛති;
පණ්ඩිතා ච මහන්තානො (මහත්තානො (සී.)), අත්ථෙ යුඤ්ජන්ති දුය්‍යුජෙ.
122
“ජීවිත සැකයට පැමිණියාවූ සියලු දෙනම බියපත් වූයේද භය ඉවසාද, පණ්ඩිතයෝද මහත්වූවෝ දුකසේ යෙදිය යුතුවූ අර්ථයෙහිද යෙදෙත්.
123
‘‘එතදත්ථාය රාජානො, සූරමිච්ඡන්ති මන්තිනං;
පටිබාහති යං සූරො, ආපදං අත්තපරියායං.
123
“ශූර තෙමේ යම්හෙයකින් විපත්තිය දුරුකෙරේද, ආත්මාරක්ෂාව කෙරේද, එහෙයින් මේ සඳහා රජහු ශූරවූ මන්ත්‍රියෙකු කැමතිවෙත්.
124
‘‘මා නො අජ්ජ විකන්තිංසු, රඤ්ඤො සූදා මහානසෙ;
තථා හි වණ්ණො පත්තානං, ඵලං වෙළුංව තං වධි.
124
“අද රජහුගේ අරක්කැමියෝ මුළු තැන්ගෙයි අප නොකපත්වා. අපගේ පත්‍රයන්ගේ වර්ණය එබඳුමය. යම්සේ ඵලය හුණ ගස නසාද, එමෙන් ඔබද මාද නොනසාවා
125
‘‘මුත්තොපි න ඉච්ඡි (නිච්ඡසි (ක.)) උඩ්ඩෙතුං (ඔඩ්ඩෙතුං (සී.)), සයං බන්ධං උපාගමි;
සොපජ්ජ සංසයං පත්තො, අත්ථං ගණ්හාහි මා මුඛං’’.
125
“වැදිපුත්‍රයා විසින් මුදනලද්දේද, පියාඹායන්ට නොකැමැතිවිය. තෙමේම නැවත බන්ධනයට පැමිණියේය. එයද දැන් ජීවිත සැකයට පැමිණියේය. මිදෙන කරුණ සිතාගණුව, ස්ත්‍රීන්ට නින්දා පිණිස මුඛය නොහරුවයි” හංස රජතෙම කීයේය.
126
‘‘සො තං (ත්වං (ස්‍යා. පී.)) යොගං පයුඤ්ජස්සු, යුත්තං ධම්මූපසංහිතං (ධම්මොපසඤ්හිතං (ක.));
තව පරියාපදානෙන, මම පාණෙසනං චර’’.
126
“යහළු සුමුඛය ඒ තෝ පළමු කී දැහැමින් යුක්තවූ උත්සාහය, දැන් යොදව, තොපගේ ඒ පිරිසිදුවූ ප්‍රයෝගයෙන් මාගේ ජීවිතය සෙවීම කරවයි” හංස රජ කීයේය.
127
‘‘මා භායි පතතං සෙට්ඨ, න හි භායන්ති තාදිසා;
අහං යොගං පයුඤ්ජිස්සං, යුත්තං ධම්මූපසංහිතං (ධම්මොපසඤ්හිතං (ක.));
මම පරියාපදානෙන, ඛිප්පං පාසා පමොක්ඛසි’’.
127
“එම්බා පක්ෂි ශ්‍රේෂ්ඨය, බිය නොවෙව. තා බඳුවූවෝ බිය නොවෙත්මය. මම දැහැමින් යුක්තවූ සුදුසු ප්‍රයෝගයක් යොදන්නෙමියි මාගේ ඒ පිරිසිදු ප්‍රයෝගයෙන් ඔබ වහා බැම්මෙන් මිදෙන්නෙහියයි” සුමුඛතෙම කීයේය.
128
‘‘සො (ස (සී.)) ලුද්දො හංසකාජෙන (හංසකාචෙන (පී.)), රාජද්වාරං උපාගමි;
පටිවෙදෙථ මං රඤ්ඤො, ධතරට්ඨායමාගතො’’.
128
ඒ වැදිතෙම හංසයන් රැගත් කදින් යුක්තව රජ ගෙදරට පැමිණියේය. “මා පැමිණියහු රජුට දන්වව්. මේ ධ්‍රතරාෂ්ට නම් හංස රජතෙම ආයේයයිද රජුට කියව්යයි” දොරටු පාලයාට කීයේය.
129
‘‘තෙ දිස්වා පුඤ්ඤසංකාසෙ, උභො ලක්ඛණසම්මතෙ (ලක්ඛඤ්ඤාසම්මතෙ (සී. පී.));
ඛලු සංයමනො රාජා, අමච්චෙ අජ්ඣභාසථ.
129
තමන්ගේ පින බඳුවූ ශ්‍රේෂ්ඨයයි සම්මතවූ ඒ හංසයන් දෙදෙන දැකම සංයම සිත් ඇති රජතෙම ඇමතියන්ට මෙසේ කීයේය.
130
‘‘දෙථ ලුද්දස්ස වත්ථානි, අන්නං පානඤ්ච භොජනං;
කාමං කරො හිරඤ්ඤස්ස, යාවන්තො එස ඉච්ඡති’’.
130
“මේ වැද්දාට වස්ත්‍රද ආහාරපානද භෝජනයද දෙව්. රජතෙම යම්තාක් කැමතිවේද, මොහුට කැමති තරම් හිරණ්‍ය දෙව්යයි රජ කීයේය.
131
‘‘දිස්වා ලුද්දං පසන්නත්තං, කාසිරාජා තදබ්‍රවි;
යද්‍යායං (යදායං (සී. ස්‍යා. පී.)) සම්ම ඛෙමක, පුණ්ණා හංසෙහි තිට්ඨති.
131
කශී රජතෙම ප්‍රසන්න බවට පැමිණි වැද්දා දැක මෙය කීයේය. “යහළු ඛෙමකය, ඉදින් අපගේ පොකුණ හංසයන්ගෙන් පිරී තිබේද?”
132
‘‘කථං රුචිමජ්ඣගතං, පාසහත්ථො උපාගමි;
ඔකිණ්ණං ඤාතිසඞ්ඝෙහි, නිම්මජ්ඣිමං (නිමජ්ඣිමං (සී. පී. ක.)) කථං ගහි’’.
132
“කෙසේනම් රුචිවූ හංසයන් මැදට ගියාවූ නෑ සමූහයා විසින් පිරිවරණ ලද්දාවූ මේ හංස රජහු වෙතට මළ පුඬුව ගත් අත් ඇතිව පැමිණියේද, කෙසේ මොහු අල්ලා ගත්තේදැයි” රජ ඇසූයේය.
133
‘‘අජ්ජ මෙ සත්තමා රත්ති, අදනානි (ආදානානි (ස්‍යා. පී. ක.)) උපාසතො (උපාගතො (ක.));
පදමෙතස්ස අන්වෙසං, අප්පමත්තො ඝටස්සිතො.
133
“මොහු ගොදුරු ගන්නා තැන් සොයන්නාවූ මට අද සත්වැනි රැයවිය. මම මොහුගේ පියවර සොයමින් අප්‍රමාද වූයේ චාටි පඤ්ජරයක් ඇසුරු කෙළෙමි. හෙවත් සැළක් තුළ සිටියෙමි.
134
‘‘අථස්ස පදමද්දක්ඛිං, චරතො අදනෙසනං;
තත්ථාහං ඔදහිං පාසං, එවං තං (එවෙතං (සී. පී.)) දිජමග්ගහිං’’.
134
“ඉක්බිති ගොදුරු පිණිස හැසිරෙන්නාවූ මොහුගේ පියවර දිටීමි. එහි මම මළපුඬුවක් තැබුයෙමි. මෙසේ මේ පක්ෂි රාජයා අල්වා ගතිමියි” වැද්දා කීයේය.
135
‘‘ලුද්ද ද්වෙ ඉමෙ සකුණා, අථ එකොති භාසසි;
චිත්තං නු තෙ විපරියත්තං (විපරියත්ථං (පී.)), අදු කින්නු ජිගීසසි’’ (ජිගිංසසි (සී. පී.)).
135
“එම්බල වැදිපුත්‍රය, මේ පක්ෂීහු දෙදෙනෙක් වෙත්. එසේ ඇති කල්හි එකෙකැයි කියන්නෙහිය. තාගේ සිත විපර්‍ය්‍යාස බවට පැමිණියේද නොහොත් කිම අනිකා ගණු කැමැත්තෙහි දැයි” රජ ඇසීය.
136
‘‘යස්ස ලොහිතකා තාලා, තපනීයනිභා සුභා;
උරං සංහච්ච තිට්ඨන්ති, සො මෙ බන්ධං උපාගමි.
136
“මහරජ, යමෙකුගේ මේ රතු පැහැ ඇති ස්වර්ණ බඳු යහපත්වූ රේඛාවෝ බෙල්ල වටා උරයට හැපී සිටිද්ද, ඒ මේ හංස රජතෙම මාගේ පාශ බන්ධනයට පැමිණියේය.
137
‘‘අථායං භස්සරො පක්ඛී, අබද්ධො බද්ධමාතුරං;
අරියං බ්‍රුවානො අට්ඨාසි, චජන්තො මානුසිං ගිරං’’.
137
“ඉක්බිති මේ ප්‍රභාස්වරවූ පක්ෂිතෙමේ නොබැඳී බන්ධනයෙන් පීඩිතවූ ස්වාමියා සනසමින් ඉදිරියට පැමිණ මා සමග මිනිස් තෙපුලෙන් කථා කරමින් සිටියේයයි” වැද්දා කීයේය.
138
‘‘අථ කිං (අථ කින්නු (සී. පී.), කථං නු (ස්‍යා.)) දානි සුමුඛ, හනුං සංහච්ච තිට්ඨසි;
අදු මෙ පරිසං පත්තො, භයා භීතො න භාසසි’’.
138
“එම්බා සුමුඛය, එසේ ඇතිකල්හි කුමක් හෙයින් දැන් හනු එකට හපා කට පියාගෙණ සිටිනෙහිද? කිමෙක්ද, මාගේ පිරිසට පැමිණියාවූ නුඹ භයින් යුක්තවූයේ කථා නොකරන්නෙහිදැයි” රජතෙම ඇසීය.
139
‘‘නාහං කාසිපති භීතො, ඔගය්හ පරිසං තව;
නාහං භයා න භාසිස්සං, වාක්‍යං අත්ථම්හි තාදිසෙ’’.
139
“එම්බා කශීරජ, ඔබගේ පිරිසට වැද මම බියපත් නුවූයෙමි. මම භයින් කථා නොකරන්නෙම් නොවෙමි. එබඳු කරුණක් ඇතිකල්හි කථා කළයුතු යයි” සුමුඛතෙම කීයේය.
140
‘‘න තෙ අභිසරං පස්සෙ, න රථෙ නපි පත්තිකෙ;
නාස්ස චම්මං ව කීටං වා, වම්මිතෙ ච ධනුග්ගහෙ.
140
“තොපගේ ආරක්ෂක පිරිසක් නොදකිමි. රථයන්ද නොදකිමි. පාබල සෙනඟද නොදකිමි. පලිහක්ද නොදකිමි. කීටයක්ද නොදකිමි. සැට්ට ලන ලද්දවුන්ද ධනුර්ධරයන්ද නොදකිමි.
141
‘‘න හිරඤ්ඤං සුවණ්ණං වා, නගරං වා සුමාපිතං;
ඔකිණ්ණපරිඛං දුග්ගං, දළ්හමට්ටාලකොට්ඨකං;
යත්ථ පවිට්ඨො සුමුඛ, භායිතබ්බං න භායසි’’.
141
“අමු රන්ද රත්රන්ද නොදකිමි. දිය අගලකින් යුක්තවූ දුර්ගෂවූ දැඩි අටළු හා කොටුඇති මනාව ගොඩ නගන ලද නගරයක්ද නොදකිමි. සුමුඛය යම්තැනෙක්හි පැමිණියේ බිය නොවේයයි කිය යුතුද, එබඳු තැනක් නොදකිමියි රජතෙම කීයේය”
142
‘‘න මෙ අභිසරෙනත්ථො, නගරෙන ධනෙන වා;
අපථෙන පථං යාම, අන්තලික්ඛෙචරා මයං.
142
“මහරජ, ආරක්ෂක පිරිවරින් මට ප්‍රයෝජන නැත්තේය. නුවරින් හෝ ධනයෙන් හෝ මට ප්‍රයෝජනයෙක් නැත. අහසින් ගමන් කරන්නාවූ අපි අමාර්ගයෙහි මාර්ගකොට යෙමු.
143
‘‘සුතා ච පණ්ඩිතා ත්‍යම්හා, නිපුණා අත්ථචින්තකා (චත්ථචින්තකා (ක.));
භාසෙමත්ථවතිං වාචං, සච්චෙ චස්ස පතිට්ඨිතො.
143
“අපි නුවණැත්තෝය, දක්ෂයෝය, කරුණු සිතන්නාහුයයි ඔබ විසින් අසන ලද්දේද වෙමු. ඉදින් නුඹ සත්‍යයෙහි පිහිටියෙක් වන්නේ නම් කරුණු සහිතවූ වචනයක් කියන්නෙමි.
144
‘‘කිඤ්ච තුය්හං අසච්චස්ස, අනරියස්ස කරිස්සති;
මුසාවාදිස්ස ලුද්දස්ස, භණිතම්පි සුභාසිතං’’.
144
“සත්‍ය විරහිතවූ අනාර්‍ය්‍යවූ බොරු කියන්නාවූ රෞද්‍රවූ ඔබට කියනලද සුභාෂිතයද කුමක් කරන්නේදැයි” සුමුඛතෙම ඇසීය.
145
‘‘තං බ්‍රාහ්මණානං වචනා, ඉමං ඛෙමමකාරයි (ඛෙමිකාරයි (සී. පී.));
අභයඤ්ච තයා ඝුට්ඨං, ඉමායො දසධා දිසා.
145
“මහරජ ඔබ බමුණන්ගේ කීමෙන් මේ ඛෙමිනම් විල කරවීය. මේ දශ දිශාවන්හි ඔබ විසින් අභයද ප්‍රකාශ කරණලදී.
146
‘‘ඔගය්හ තෙ පොක්ඛරණිං, විප්පසන්නොදකං සුචිං;
පහූතං චාදනං තත්ථ, අහිංසා චෙත්ථ පක්ඛිනං.
146
“ඔබගේ පොකුණට බැස පිරිසිදුවූ නිර්මල ජලයද බොහෝවූ ආහාරද එහි ලබත්. එය ලබන්නාවූ පක්ෂීන්ට මෙහි අවිහිංසාවද ප්‍රකාශ කරණලදී.
147
‘‘ඉදං සුත්වාන නිග්ඝොසං, ආගතම්හ තවන්තිකෙ;
තෙ තෙ බන්ධස්ම පාසෙන, එතං තෙ භාසිතං මුසා.
147
“මේ ඝෝෂාව අසා ඔබගේ සමීපයෙහි කරණලද විලට ආයෙමු ඒ අපි ඔබගේ පාසයෙන් බැඳුනෙමු. මෙය ඔබ විසින් කියනලද බොරුවයි.
148
‘‘මුසාවාදං පුරක්ඛත්වා, ඉච්ඡාලොභඤ්ච පාපකං;
උභො සන්ධිමතික්කම්ම, අසාතං උපපජ්ජති’’.
148
“බොරු කීම පෙරදැරි කොට ආසාව යයි කියනලද පවිටු ලෝභයද කොට දිව්‍ය මනුෂ්‍ය යන ප්‍රතිසන්ධි දෙක ඉක්මවා නිරය දුකට පැමිණේයයි” මෙසේ රජහු ලජ්ජා කරවූයේය.
149
‘‘නාපරජ්ඣාම සුමුඛ, නපි ලොභාව මග්ගහිං;
සුතා ච පණ්ඩිතාත්‍යත්ථ, නිපුණා අත්ථචින්තකා.
149
“එම්බා සුමුඛය, තොපට අපරාධ නොකරමු. ලෝභයෙන්ද තොප නොගත්තෙම්. තෙපි පණ්ඩිතය, නිපුණය, අර්ථ චින්තකයෝ යයි අසන ලද්දෝද වව්.
150
‘‘අප්පෙවත්ථවතිං වාචං, බ්‍යාහරෙය්‍යුං (බ්‍යාකරෙය්‍යුං (සී. පී.)) ඉධාගතා;
තථා තං සම්ම නෙසාදො, වුත්තො සුමුඛ මග්ගහි’’.
150
“මෙහි පැමිණියාවූ කරුණු සහිත වචන ප්‍රකාශ කරන්නාහු නම් මැනව, යහළුව ඒ කාරණයෙන් ඒ සුමුඛ නම් හංසයා අල්වාගත්තේ යයි වැදි තෙම කීයේයයි” රජ කීයේය.
151
‘‘නෙව භීතා (භූතා (ස්‍යා. ක.)) කාසිපති, උපනීතස්මි ජීවිතෙ;
භාසෙමත්ථවතිං වාචං, සම්පත්තා කාලපරියායං.
151
“එම්බා කශීරජ, ජීවිතය මරණය සමීපයට පැමිණි කල්හි බිය වූවාහු මරණ කාලයට පැමිණියාහු කරුණු සහිත වචනය නොකියමු.
152
‘‘යො මිගෙන මිගං හන්ති, පක්ඛිං වා පන පක්ඛිනා;
සුතෙන වා සුතං කිණ්‍යා (කිණෙ (සී. පී.)), කිං අනරියතරං තතො.
152
“යමෙක් දීපක මුවෙකු කරණකොට ගෙණ මුවෙකු නසාද, දීපක පක්ෂියෙකු කරණකොට ගෙණ පක්ෂියෙකු හෝ නසාද, ප්‍රසිද්ධවූවකින් හෝ ප්‍රසිද්ධවූවෙකු පෙළන්නේද, එයට වඩා ඉතා අනාර්‍ය්‍යවූවක් කවරේද?
153
‘‘යො චාරියරුදං (ච අරියරුදං (සී. පී.)) භාසෙ, අනරියධම්මවස්සිතො (අනරියධම්මමවස්සිතො (සී.));
උභො සො ධංසතෙ ලොකා, ඉධ චෙව පරත්ථ ච.
153
“යමෙකුත් අනාර්‍ය්‍යවූ ධර්මයෙහි පිහිටියේ ආර්‍ය්‍යවූ වචන කියන්නේද, හෙතෙම මෙලොවද පරලොවද යන දෙලොවින්ම පිරිහෙන්නේය.
154
‘‘න මජ්ජෙථ යසං පත්තො, න බ්‍යාධෙ (බ්‍යථෙ (සී. පී.)) පත්තසංසයං;
වායමෙථෙව කිච්චෙසු, සංවරෙ විවරානි ච.
154
“යශසට පැමිණියාවූද යමෙක් එයින් මත් නොවන්නේද, පැමිණියාවූ ජීවිතයෙහි සැක ඇත්තහු නොපෙළන්නේද, කටයුතුවලම උත්සාහ කරන්නේද, තමන්ගේ සිදුරු වසන්නේද,
155
‘‘යෙ වුද්ධා අබ්භතික්කන්තා (නාබ්භචික්ඛන්තා (ක.)), සම්පත්තා කාලපරියායං;
ඉධ ධම්මං චරිත්වාන, එවංතෙ (එවෙතෙ (සී. පී.)) තිදිවං ගතා.
155
“ගුණයෙන් වැඩිහිටියාවූ මරණ කාලයට පැමිණියාහු මේ මිනිස් ලොව ඉක්ම ගියාහුද, මෙලොව කුශල ධර්මයෙහි හැසිර මෙසේ මොව්හු දෙව් ලොවට පැමිණියාහු වෙත්.
156
‘‘ඉදං සුත්වා කාසිපති, ධම්මමත්තනි පාලය;
ධතරට්ඨඤ්ච මුඤ්චාහි, හංසානං පවරුත්තමං’’.
156
“කශීරජතුමනි, මෙය අසා තමා කෙරෙහිවූ ධර්මය ආරක්ෂා කරව. ධ්‍රතරාෂ්ට නම්වූ හංස රාජයාද මුදා හරුවයි සුමුඛතෙම කීයේය.
157
‘‘ආහරන්තුදකං පජ්ජං, ආසනඤ්ච මහාරහං;
පඤ්ජරතො පමොක්ඛාමි, ධතරට්ඨං යසස්සිනං.
157
“පා දෝනා දියද පා ගල්වන තෙල්ද මාහැඟි අස්නක්ද ගෙනෙත්වා. යශස් ඇත්තාවූ ධ්‍රතරාෂ්ට නම් හංසයා මැදිරියෙන් මුදන්නෙමි.
158
‘‘තඤ්ච සෙනාපතිං ධීරං, නිපුණං අත්ථචින්තකං;
යො සුඛෙ සුඛිතො රඤ්ඤෙ (රඤ්ඤො (සී. ස්‍යා. පී. ක.)), දුක්ඛිතෙ හොති දුක්ඛිතො.
158
“යමෙක් රජුගේ සැපයෙහි සුවපත් වූයේද, දුකට පැමිණි කල්හි දුප්පත්වූයේද, ධෛර්‍ය්‍ය සම්පන්නවූ දක්ෂවූ අර්ථ සිතන්නාවූ ඒ සේනාපතියාද මුදන්නෙමි.
159
‘‘එදිසො ඛො අරහති, පිණ්ඩමස්නාතු භත්තුනො;
යථායං සුමුඛො රඤ්ඤො, පාණසාධාරණො සඛා’’.
159
“යම්සේ මේ සුමුඛතෙම රජහුට ප්‍රාණය හා සමානවූ යහළුවෙක් වීද, මෙබඳුවූවාහු ස්වාමිහුගේ ආහාරය අනුභව කරන්ට සුදුසුම වෙත්.”
160
‘‘පීඨඤ්ච සබ්බසොවණ්ණං, අට්ඨපාදං මනොරමං;
මට්ඨං කාසිකමත්ථන්නං (කාසිකපත්ථිණ්ණං (සී.), කාසිකවත්ථිනං (ස්‍යා. පී.)), ධතරට්ඨො උපාවිසි.
160
සියල්ල ස්වර්ණමයවූ පා අටක් ඇති සිත්කළුවූ මට කරණලද කශී සළුවකින් අතුරණ ලද පුටුවෙක්හි ධ්‍රතරාෂ්ටතෙම හිඳගත්තේය.
161
‘‘කොච්ඡඤ්ච සබ්බසොවණ්ණං, වෙය්‍යග්ඝපරිසිබ්බිතං;
සුමුඛො අජ්ඣුපාවෙක්ඛි, ධතරට්ඨස්සනන්තරා (අනන්තරං (සී.)).
161
සියල්ල ස්වර්ණමයවූ ව්‍යාඝ්‍ර සමින් පිරිමසනලද බඳ වෙළුවෙක්හි හෙවත් අග මෙහෙසුන් හිඳිනා පුටුවෙහි ධ්‍රතරාෂ්ටයාට අනතුරුකොට සුමුඛතෙම හිඳවූයේය.
162
‘‘තෙසං කඤ්චනපත්තෙහි, පුථූ ආදාය කාසියො;
හංසානං අභිහාරෙසුං, අග්ගරඤ්ඤො පවාසිතං’’.
162
කශීරටවැසි බොහෝදෙනා ස්වර්ණ භාජනවලින් ගෙණවුත් රජුට පිළියෙළ කරණලද අග්‍රභෝජනය ඒ හංසයන්ට දුන්හ.
163
‘‘දිස්වා අභිහටං අග්ගං, කාසිරාජෙන පෙසිතං;
කුසලො ඛත්තධම්මානං, තතො පුච්ඡි අනන්තරා.
163
“කශීරට විසින් මෙහෙයවන ලද තමන්වෙත දෙනලද ඒ අග්‍රභෝජනය දැක ක්ෂත්‍රිය ධර්මයන්ට දක්ෂවූ හංසරජතෙම ඉන්පසු පිළිවෙළින් විචාළේය.
164
‘‘කච්චින්නු භොතො කුසලං, කච්චි භොතො අනාමයං;
කච්චි රට්ඨමිදං ඵීතං, ධම්මෙන මනුසාසසි’’.
164
“මහරජ කිමෙක්ද, පින්වතාට සුවද, කිම පින්වතාට නිදුක්ද, කිම සමෘද්ධවූ මේ රාජ්‍යය දැහැමින් අනුශාසනා කරණු ලැබේද?”
165
‘‘කුසලඤ්චෙව මෙ හංස, අථො හංස අනාමයං;
අථො රට්ඨමිදං ඵීතං, ධම්මෙනං මනුසාසහං.
165
“එම්බා හංස රාජය, මට සුවයද වේ. තවද හංසය, නිදුක්ද වේ. මේ සමෘද්ධවූ රාජ්‍යයද දැහැමින් අනුශාසනා කරනු ලැබේ.”
166
‘‘කච්චි භොතො අමච්චෙසු, දොසො කොචි න විජ්ජති;
කච්චි ච තෙ තවත්ථෙසු, නාවකඞ්ඛන්ති ජීවිතං’’.
166
“කිමෙක්ද, පින්වත්හුගේ ඇමතියන් අතර කිසි දෝෂයෙක් නැත්තේද, කිම ඔව්හු ඔබගේ කටයුතුවල දිවි නොතකන්නාහු වෙද්ද?’
167
‘‘අථොපි මෙ අමච්චෙසු, දොසො කොචි න විජ්ජති;
අථොපි තෙ මමත්ථෙසු, නාවකඞ්ඛන්ති ජීවිතං’’.
167
“තවද මාගේ ඇමැතියන් කෙරෙහි කිසි දෝෂයෙක් නැත්තේය. තවද ඔව්හු මාගේ කටයුතුවල දිවි නොතකා පවත්නාහු වෙත්.”
168
‘‘කච්චි තෙ සාදිසී භරියා, අස්සවා පියභාණිනී;
පුත්තරූපයසූපෙතා, තව ඡන්දවසානුගා’’.
168
“කිම ඔබගේ සමාන ජාති ඇත්තාවූ භාර්‍ය්‍යාතොමෝ කීකරුද, ප්‍රිය තෙපුල් කියන්නීද, පුත්‍රයන්ගෙන් හා රූප ලක්ෂණයෙන් යුක්තවූවා ඔබගේ කැමැත්ත අනුව පවත්නීද?
169
‘‘අථො මෙ සාදිසී භරියා, අස්සවා පියභාණිනී;
පුත්තරූපයසූපෙතා, මම ඡන්දවසානුගා’’.
169
“තවද මාගේ සමාන ජාති ඇති භාර්‍ය්‍යාතොමෝ කීකරුය, ප්‍රිය තෙපුල් කියන්නීය. පුත්‍රයන් ගෙන් හා රූප ලක්ෂණයෙන් යුක්තවූ ඕතොමෝ මාගේ කැමැත්ත අනුව පවත්නීවේ.”
170
‘‘කච්චි රට්ඨං අනුප්පීළං, අකුතොචිඋපද්දවං;
අසාහසෙන ධම්මෙන, සමෙන මනුසාසසි’’.
170
“කිමෙක්ද රටවැසියා නොපෙළුනේද, කොයිනුත් උවදුරක් නැද්ද, සාහසික නොවූ ඔබ විසින් දැහැමින් සෙමෙන් රට අනුශාසනා කරණු ලැබේද?”
171
‘‘අථො රට්ඨං අනුප්පීළං, අකුතොචිඋපද්දවං;
අසාහසෙන ධම්මෙන, සමෙන මනුසාසහං’’.
171
“තවද රටවැසියා නොපෙළුනේය. කොයිනුත් උපද්‍රවයක් නැත්තේය සාහසික නොවූ මා විසින් දැහැමින් සෙමින් රට අනුශාසනා කරණු ලැබේ.”
172
‘‘කච්චි සන්තො අපචිතා, අසන්තො පරිවජ්ජිතා;
නො චෙ (ච (ස්‍යා. ක.)) ධම්මං නිරංකත්වා, අධම්මමනුවත්තසි’’.
172
“කිමෙක්ද, ශීලාදී ගුණ ඇති සත්පුරුෂයෝ ඔබ විසින් පුදන ලද්දාහුද, අසත් පුරුෂයෝ දුරු කරණ ලද්දාහුද, ඉදින් ධර්මය හැරදමා අකුශල ධර්මයෙහි පවත්නෙහිද?”
173
‘‘සන්තො ච මෙ අපචිතා, අසන්තො පරිවජ්ජිතා;
ධම්මමෙවානුවත්තාමි, අධම්මො මෙ නිරඞ්කතො’’.
173
“මා විසින් සත්පුරුෂයෝද, පුදන ලද්දාහුය, අසත් පුරුෂයෝද දුරුකරණ ලද්දාහුය. මම කුශල ධර්මයෙහිම පවතිමි. අධර්මයතෙම මා විසින් හැරදමන ලද්දේය.”
174
‘‘කච්චි නානාගතං (කච්චි නුනාගතං (ස්‍යා. ක.)) දීඝං, සමවෙක්ඛසි ඛත්තිය;
කච්චි මත්තො (න මත්තො (සී.)) මදනීයෙ, පරලොකං න සන්තසි’’.
174
“කිමෙක්ද, මහරජ, නොපැමිණියාවූ දිවි පැවැත්ම දීර්ඝයයි සලකන්නෙහිද, කිම මත්විය යුතු අරමුනෙහි මත් නොවීද පරලොවට භය නොවෙහිද?”
175
‘‘නාහං අනාගතං (අහං අනාගතං (ස්‍යා.)) දීඝං, සමවෙක්ඛාමි පක්ඛිම;
ඨිතො දසසු ධම්මෙසු, පරලොකං න සන්තසෙ (සන්තසිං (ස්‍යා.)).
175
“පක්ෂිරාජය, මම නොපැමිණියාවූ ජීවිත ප්‍රවෘත්තිය දීර්ඝයයි නොසලකන්නෙමි. දසරාජ ධර්මයන්හි පිහිටියාවූ මම පරලොවට භයනොවන්නෙමි.
176
‘‘දානං සීලං පරිච්චාගං, අජ්ජවං මද්දවං තපං;
අක්කොධං අවිහිංසඤ්ච, ඛන්තිඤ්ච (ඛන්තී ච (ක.)) අවිරොධනං.
176
“දන්දීමය, සිල්රැකීමය, පරිත්‍යාගය ඍජු බවය මෘදු බවය, තපසය, ක්‍රොධ නොකිරීමය, හිංසා නොකිරීමය, ඉවසීමය, විරුද්ධ නොවීම්ය යන මොහුයි.
177
‘‘ඉච්චෙතෙ කුසලෙ ධම්මෙ, ඨිතෙ පස්සාමි අත්තනි;
තතො මෙ ජායතෙ පීති, සොමනස්සඤ්චනප්පකං.
177
“යන මේ කුශල ධර්මයන් මා කෙරෙහි සිටියවුන් දකිමින් ඒ හේතුවෙන් මට ප්‍රීතිය උපදියි රහත්වූ සොම්නසද හටගිනියි.
178
‘‘සුමුඛො ච අචින්තෙත්වා, විසජ්ජි (විස්සජි (සී. පී.)) ඵරුසං ගිරං;
භාවදොසමනඤ්ඤාය, අස්මාකායං විහඞ්ගමො.
178
“මේ සුමුඛනම් පක්ෂිතෙමේද මාගේ ගුණය නොසිතා අපගේ චිත්ත දෝෂය නොදැන විරූපවූ වචන පිට කෙළේය.
179
‘‘සො කුද්ධො ඵරුසං වාචං, නිච්ඡාරෙසි අයොනිසො;
යානස්මාසු (යානස්මාසු (සී. ස්‍යා පී.)) න විජ්ජන්ති, නයිදං (න ඉදං (සී. පී.)) පඤ්ඤවතාමිව’’.
179
“හෙතෙම කිපියේ අප කෙරෙහි යම් වරදක් නොවෙද්ද, අනුවණින් එය නොසලකා ඵරුෂ වචන නිකුත් කෙළේය. එහෙයින් මේ කීම ප්‍රඥා ඇත්තෙකු විසින් කියන ලද්දක් නොවේයයි” රජතෙම කීයේය.
180
‘‘අත්ථි මෙ තං අතිසාරං, වෙගෙන මනුජාධිප;
ධතරට්ඨෙ ච බද්ධස්මිං, දුක්ඛං මෙ විපුලං අහු.
180
“මහරජ ධ්‍රතරාෂ්ට රජහු මලපත බැඳුනු කල්හි මට මහත් දුකක් විය. එහෙයින් වේග වශයෙන් මා විසින් කියන ලදී. මේ මාගේ දෝෂය ඇත්තේය.
181
‘‘ත්වං නො පිතාව පුත්තානං, භූතානං ධරණීරිව;
අස්මාකං අධිපන්නානං, ඛමස්සු රාජකුඤ්ජර’’.
181
“ඔබ අපට දරුවන්ට පියාමෙන්ද සත්වයන්ට පොළොව මෙන්ද උපකාරවේ. රාජොත්තමය, වරදට යටත්වූ අපට ක්ෂමා කළ මැනවැයි” සුමුඛතෙම කීයේය.
182
‘‘එතං (එවං (ස්‍යා. ක.)) තෙ අනුමොදාම, යං භාවං න නිගූහසි;
ඛිලං පභින්දසි පක්ඛි, උජුකොසි විහඞ්ගම’’.
182
“එම්බා පක්ෂිරාජය, යම් හෙයකින් නුඹ අදහස නොසඟවන්නෙහිද, සිතෙහි හුල බිඳින්නෙහිද, එහෙයින් ඔබගේ මේ දෝෂය ක්ෂමා කරමි. පක්ෂිය, නුඹ සැපවූවෙක් වෙහියයි” රජතෙම කීයේය.
183
‘‘යං කිඤ්චි රතනං අත්ථි, කාසිරාජ නිවෙසනෙ;
රජතං ජාතරූපඤ්ච, මුත්තා වෙළුරියා බහූ.
183
“කශීරට රජුගේ ගෘහයෙහි යම්කිසි රත්න සමූහයක් නිධන්කොට ඇත්තේද එනම් රිදීද රත්රන්ද මුතුද බොහෝ වෛඩූර්‍ය්‍යද,
184
‘‘මණයො සඞ්ඛමුත්තඤ්ච, වත්ථකං හරිචන්දනං;
අජිනං දන්තභණ්ඩඤ්ච, ලොහං කාළායසං බහුං;
එතං දදාමි වො විත්තං, ඉස්සරියං (ඉස්සෙරං (සී.), ඉස්සරං (ස්‍යා. පී. ක.)) විස්සජාමි වො’’.
184
“මාණික්‍යමය භාණ්ඩද සක් හා මුතු වර්ගද කශි සළුද රත්සඳුන්ද අඳුන් දිවිසම්ද දලකඩ භාණ්ඩද තඹලෝ බඩුද කාල ලෝහයෙන් කළ බඩුද බොහෝ ඇත. මේ සියලු වස්තුව ඔබට දෙමි. මෙහි මාගේ අධිපති භාවය ඔබට දෙමි. මෙහි මාගේ අධිපතිභාවය ඔබට හැරදමමියි” රජතුමා කීයේය.
185
‘‘අද්ධා අපචිතා ත්‍යම්හා, සක්කතා ච රථෙසභ;
ධම්මෙසු වත්තමානානං, ත්වං නො ආචරියො භව.
185
“එම්බා රථශ්‍රේෂ්ඨවූ රජ, ඔබ විසින් අපි ඒකාන්තයෙන් පුදන ලද්දාහුද සත්කාර කරණ ලද්දාහුද වෙමු. කුශල ධර්මයන්හි පවත්නවුන්ගෙන් කෙනෙක්වූ ඔබ අපට ආචාර්‍ය්‍ය වෙව.”
186
‘‘ආචරිය සමනුඤ්ඤාතා, තයා අනුමතා මයං;
තං පදක්ඛිණතො කත්වා, ඤාතිං (ඤාතී (සී. ස්‍යා. පී.)) පස්සෙමුරින්දම’’ (පස්සෙමරින්දම (සී. පී.)).
186
“මහරජ, ආචාර්‍ය්‍යවූ ඔබ විසින් අවසර දෙන ලද්දාවූ අනුමත කරණ ලද්දාවූ අපි ඔබට ප්‍රදක්ෂිණාකොට නෑයන් දකිමුයි” හංසරජ කීයේය.
187
‘‘සබ්බරත්තිං චින්තයිත්වා, මන්තයිත්වා යථාතථං;
කාසිරාජා අනුඤ්ඤාසි, හංසානං පවරුත්තමං’’.
187
කශීරජතෙම යම්සේ සිතිය යුතුද එසේ සියලු රාත්‍රිය සිතා මතා හංස රාජයාට අවසර දුන්නේය.
188
‘‘තතො රත්‍යා විවසානෙ, සූරියුග්ගමනං (සුරියස්සුග්ගමනං (සී. ස්‍යා.), සුරියුග්ගමනං (පී.)) පති;
පෙක්ඛතො කාසිරාජස්ස, භවනා තෙ (භවනතො (ස්‍යා. ක.)) විගාහිසුං’’.
188
ඉක්බිති රාත්‍රිය ඇවෑමෙහි හිරුඋදාවන වේලෙහි කශීරජු බලාසිටියදීම ඒ හංසයෝ දෙදෙන භවනයෙන් අහසට නැග ගියාහුය.
189
‘‘තෙ අරොගෙ අනුප්පත්තෙ, දිස්වාන පරමෙ දිජෙ;
කෙකාති මකරුං හංසා, පුථුසද්දො අජායථ.
189
“නිරෝගව පැමිණියාවූ ඒ උතුම් හංසයන් දෙදෙනා දැක සෙසු හංසයෝ කෙකානද පැවැත්වූහ. එයින් මහත්වූ ශබ්දයක් හටගත්තේය.
190
‘‘තෙ පතීතා පමුත්තෙන, භත්තුනා භත්තුගාරවා;
සමන්තා පරිකිරිංසු, අණ්ඩජා ලද්ධපච්චයා’’.
190
පාශයෙන් මිදුනාවූ ස්වාමියා සමග සතුටුවූ ස්වාමියා කෙරෙහි ගෞරව ඇත්තාවූ ලබන ලද පිහිට ඇති ඒ හංසයෝ ස්වාමියා හාත්පස පිරිවැරුහ.
191
‘‘එවං මිත්තවතං අත්ථා, සබ්බෙ හොන්ති පදක්ඛිණා;
හංසා යථා ධතරට්ඨා, ඤාතිසඞ්ඝං උපාගමු’’න්ති.
191
යම්සේ ධ්‍රතරාෂ්ට නම් හංසයෝ නෑ සමූහයා වෙතට පැමිණියාහුද මෙපරිද්දෙන් මිත්‍රයන් ඇත්තවුන්ගේ සියලු අර්ථයෝ සමෘද්ධවෙත්ය”යි වදාළේය.
535. සුධාභොජනජාතකං (3) 535. සුධාභෝජන ජාතකය
536. කුණාලජාතකං (4) 536. කුණාළ ජාතකය
537. මහාසුතසොමජාතකං (5) 537. මහා සුතසෝම ජාතකය