ත්‍රිපිටකය
13. තෙරසකනිපාතො 13. තෙරස නිපාතය
474. අම්බජාතකං (1) 474. අම්බ ජාතකය
475. ඵන්දනජාතකං (2) 475. ඵන්දන ජාතකය
476. ජවනහංසජාතකං (3) 476. ජවනහංස ජාතකය
27
ඉධෙව හංස නිපත, පියං මෙ තව දස්සනං;
ඉස්සරොසි අනුප්පත්තො, යමිධත්ථි පවෙදය.
27
“හංසරාජය මේ රන් පුටුවෙහිම හිඳුව. මට තොපගේ දැක්ම ප්‍රියවේ. අධිපතිවූ නුඹ මෙහි පැමිණියෙහිය. මෙහි ඔබ කැමති යමක් ඇත්තේද එය කියව.
28
සවනෙන එකස්ස පියා භවන්ති, දිස්වා පනෙකස්ස වියෙති (විනෙති (ස්‍යා.), විහෙති (පී.), විගෙති (ක. අට්ඨ.)) ඡන්දො;
දිස්වා ච සුත්වා ච පියා භවන්ති, කච්චින්නු මෙ පීයසි (පිය්‍යසි (සී. පී.)) දස්සනෙන.
28
“ගුණ ඇසීමෙන් එකෙකුට සමහරු ප්‍රියවෙත්. සමහරෙක් දැක සමහරෙකුගේ ප්‍රේමය දුරුවේ. දැකද අසාද සමහරු ප්‍රිය වෙත්. එහෙයින් විචාරමි. කිම මාගේ දර්ශනයෙන් ප්‍රිය වෙහිද?
29
සවනෙන පියො මෙසි, භිය්‍යො චාගම්ම දස්සනං;
එවං පියදස්සනො මෙ (එවං පියදස්සනො සමානො (සී. ස්‍යා. පී.)), වස හංස මමන්තිකෙ (මම සන්තිකෙ (සී. ස්‍යා. පී.)).
29
“මට ඇසීමෙන් නුඹ ප්‍රියවූයෙහිය, දර්ශනයට පැමිණ වඩාත් ප්‍රියවූයෙහිය. මෙසේ ප්‍රිය දර්ශන ඇතිවූයේම හංසරාජය, මාගේ සමීපයෙහි වාසය කරව.
30
වසෙය්‍යාම තවාගාරෙ, නිච්චං සක්කතපූජිතා;
මත්තො ච එකදා වජ්ජෙ (වජ්ජා (සී. පී.)), ‘‘හංසරාජං පචන්තු මෙ’’.
30
“නිතර සත්කාර කරණලද්දාහු පුදන ලද්දාහු නුඹ වහන්සේගේ රජගෙදර වසන්නෙමු නම් එක් දවසෙක සුරාවෙන් මත්වූයේම මට මස් පිණිස හංසරාජයා පිසත්වයි කියන්නේය.
31
ධිරත්ථු තං මජ්ජපානං, යං මෙ පියතරං තයා;
න චාපි මජ්ජං පිස්සාමි (පිවිස්සාමි (ස්‍යා.), පායාමි (සී. පී.)), යාව මෙ වච්ඡසී ඝරෙ.
31
“යමක් මට නුඹවහන්සේට වඩා ඉතා ප්‍රියද, ඒ ආහාර පානයට නින්දාවේවා. යම්තාක් කල් මාගේ ගෘහයෙහි නුඹවහන්සේ හිඳිනෙහිද, ඒතාක්කල් මද්‍යපානයක් පානය නොකරන්නෙමියි කීයේය.
32
සුවිජානං සිඞ්ගාලානං, සකුණානඤ්ච (සකුන්තානඤ්ච (සී. ස්‍යා. පී.)) වස්සිතං;
මනුස්සවස්සිතං රාජ, දුබ්බිජානතරං තතො.
32
“සිවලුන්ගේද පක්ෂීන්ගේද වචනය මනාකොට දත හැකිවේ. මහරජ්ජුරුවෙනි, මිනිසුන්ගේ වචනය ඊට වඩා දැනගන්ට ඉතා දුස්කර වන්නේය.
33
අපි චෙ මඤ්ඤතී පොසො, ඤාති මිත්තො සඛාති වා;
යො පුබ්බෙ සුමනො හුත්වා, පච්ඡා සම්පජ්ජතෙ දිසො.
33
“ඉදින් යම් පුරුෂයෙක් තෙම ඤාතිමිත්‍රයෙක, යහළුවෙකැයි සිතයිද, හෙතෙම පෙර සතුටු සිත් ඇතිව පසුව සතුරෙක් වන්නේය.
34
යස්මිං මනො නිවිසති, අවිදූරෙ සහාපි සො;
සන්තිකෙපි හි සො දූරෙ, යස්මිං නාවිසතෙ (යස්මා විවසතෙ (සී. ස්‍යා. පී.)) මනො.
34
“යමෙකු කෙරෙහි සිත ඇතුළත්ව පවතීද, හෙතෙම නුදුරෙහි වේ. සමග වාසය කරන්නේදවේ. යමෙකු කෙරෙන් සිත පහවයේද, හෙතෙම සමීපයෙහි වාසය කරන්නේ නමුත් දුරෙහි වේ.
35
අන්තොපි සො හොති පසන්නචිත්තො, පාරං සමුද්දස්ස පසන්නචිත්තො;
අන්තොපි සො හොති පදුට්ඨචිත්තො, පාරං සමුද්දස්ස පදුට්ඨචිත්තො.
35
“ප්‍රසන්නවූ සිත් ඇත්තේ මුහුද එතෙර වසන්නේද, ප්‍රසන්න සිත් ඇති හෙතෙම ඇතුළත වාසය කරන්නෙක් වන්නේය. ප්‍රදූෂ්‍යවූ සිත් ඇත්තේ ඇතුළත වාසය කරන්නේ වේද, ප්‍රදූෂ්‍යවූ සිත් ඇති හෙතෙම මුහුද එතෙර වාසය කරන්නෙක් වන්නේය.
36
සංවසන්තා විවසන්ති, යෙ දිසා තෙ රථෙසභ;
ආරා සන්තො සංවසන්ති, මනසා රට්ඨවඩ්ඪන.
36
“මහරජ, යමෙක් තුමූ සතුරු වෙද්ද, ඔහු තුමූ එක්ව වාසය කරන්නාහුද වෙන්ව වාසය කරන්නාහු නම් වෙත්. රට්ඨවඞ්ඪන නම්වූ මහරජ, මෛත්‍රී සිතින් යුක්තව දුර වසන්නාවූද මිත්‍රයෝ සමගිව වාසය කෙරෙත්.
37
අතිචිරං නිවාසෙන, පියො භවති අප්පියො;
ආමන්ත ඛො තං ගච්ඡාම (ගච්ඡාමි (ස්‍යා.)), පුරා තෙ හොම අප්පියා (හොමි අප්පියො (ස්‍යා.)).
37
“ඉතා බොහෝ කලක් එකතැන වාසයකිරීමෙන් ප්‍රිය තැනැත්තේ අප්‍රියවේ. එහෙයින් නුඹවහන්සේට අප්‍රියවෙමුද ඉන් පෙර ඔබට කියා සමුගෙණ යන්නෙමු.
38
එවං චෙ යාචමානානං, අඤ්ජලිං නාවබුජ්ඣසි;
පරිචාරකානං සතං (සන්තානං (සී. ස්‍යා.), සත්තානං (පී.)), වචනං න කරොසි නො;
එවං තං අභියාචාම, පුන කයිරාසි පරියායං.
38
“ඉදින් මෙසේ ඇඳිළි බැඳගෙණ යාඥා කරන්නාවූ අපගේ යාඥාව නොපිළිගන්නේ නම් ආශ්‍රය කරන්නාවූ ජනයන්ගේ වචනය නොකරන්නෙහි නම් මෙසේ ඔබට නැවත යාඥා කරමු. නැවත මේ පරියාය හෙවත් යාම ඊම කරවයි කීයේය.
39
එවං චෙ නො විහරතං, අන්තරායො න හෙස්සති;
තුය්හඤ්චාපි (වාපි (ස්‍යා. පී. ක.)) මහාරාජ, මය්හඤ්ච (වා (බහූසු)) රට්ඨවඩ්ඪන;
අප්පෙව නාම පස්සෙමු (පස්සෙම (සී. ස්‍යා. පී.)), අහොරතානමච්චයෙති.
39
“රට වර්ධනය කරන්නාවූ මහරජ, ඉදින් මෙසේ වාසය කරන්නාවූ තොපගේද මාගේද ජීවිතන්තරායෙක් යම්තාක් නොවන්නේ නම් ඒතාක් රාත්‍රි දිනයන්ගේ ඇවෑමෙහි ඔවුනොවුන් දක්නෙමු නම් ඉතා මැනවයි කීයේය”
477. චූළනාරදජාතකං (4) 477. චූලනාරද ජාතකය
478. දූතජාතකං (5) 478. දූත ජාතකය
479. කාලිඞ්ගබොධිජාතකං (6) 479. කාලිංගබොධි ජාතකය
480. අකිත්තිජාතකං (7) 480. අකීර්ති ජාතකය
481. තක්කාරියජාතකං (8) 481. තක්කාරිය ජාතකය
482. රුරුමිගරාජජාතකං (9) 482. රූරුමෘග ජාතකය
483. සරභමිගජාතකං (10) 483. සරභ මෘග ජාතකය