ත්‍රිපිටකය
13. තෙරසකනිපාතො 13. තෙරස නිපාතය
474. අම්බජාතකං (1) 474. අම්බ ජාතකය
475. ඵන්දනජාතකං (2) 475. ඵන්දන ජාතකය
476. ජවනහංසජාතකං (3) 476. ජවනහංස ජාතකය
477. චූළනාරදජාතකං (4) 477. චූලනාරද ජාතකය
478. දූතජාතකං (5) 478. දූත ජාතකය
479. කාලිඞ්ගබොධිජාතකං (6) 479. කාලිංගබොධි ජාතකය
480. අකිත්තිජාතකං (7) 480. අකීර්ති ජාතකය
481. තක්කාරියජාතකං (8) 481. තක්කාරිය ජාතකය
482. රුරුමිගරාජජාතකං (9) 482. රූරුමෘග ජාතකය
483. සරභමිගජාතකං (10) 483. සරභ මෘග ජාතකය
134
ආසීසෙථෙව (ආසිංසෙථෙව (සී. ස්‍යා. පී.)) පුරිසො, න නිබ්බින්දෙය්‍ය පණ්ඩිතො;
පස්සාමි වොහං අත්තානං, යථා ඉච්ඡිං තථා අහු.
134
නුවණැති පුරුෂ තෙමේ පටන් ගත් කටයුත්තෙහි ආශාව නොහරින්නේය. හෙවත් බලාපොරොත්තු වන්නේමය. නොකලකිරෙන්නේය. කුමක් හෙයින්දයත් යම්සේ මම කැමති වීම්ද, එසේම විය. ඒ මම වනාහි තමන් දකිමි.
135
ආසීසෙථෙව පුරිසො, න නිබ්බින්දෙය්‍ය පණ්ඩිතො;
පස්සාමි වොහං අත්තානං, උදකා ථලමුබ්භතං.
135
නුවණැති පුරුෂතෙමේ ආශාව නොසිඳින්නේමය. නොකලකිරෙන්නේය. ඒ මම වනාහි දියෙන් ගොඩ එනලද තමන් දකිමි.
136
වායමෙථෙව පුරිසො, න නිබ්බින්දෙය්‍ය පණ්ඩිතො;
පස්සාමි වොහං අත්තානං, යථා ඉච්ඡිං තථා අහු.
136
නුවණැති පුරුෂතෙමේ උත්සාහ කරන්නේමය. නොකලකිරෙන්නේය. කුමක් හෙයින්ද යත් යම්සේ මම කැමතිවීම්ද, එසේ වූයේය. මම වනාහි ඒ තමන් දකිමි.
137
වායමෙථෙව පුරිසො, න නිබ්බින්දෙය්‍ය පණ්ඩිතො;
පස්සාමි වොහං අත්තානං, උදකා ථලමුබ්භතං.
137
නුවණැති මිනිස්තෙමේ පටන්ගත් කටයුත්තෙහි උත්සාහ කරන්නේමය නොකළකිරෙන්නේය. මම වනාහි දියෙන් ගොඩ එනලද ඒ තමන් දකිමි.
138
දුක්ඛූපනීතොපි නරො සපඤ්ඤො, ආසං න ඡින්දෙය්‍ය සුඛාගමාය;
බහූ හි ඵස්සා අහිතා හිතා ච, අවිතක්කිතා මච්චමුපබ්බජන්ති (මච්චුමුපබ්බජන්ති (ක. සී. පී.), මච්චුමුපපජ්ජන්ති (ස්‍යා. ක.) එත්ථ ‘‘අවිතක්කිතාපි ඵස්සො මච්චං ජනං උපගච්ඡන්තී’’ති අත්ථො).
138
දුකට පැමිණියාවූද නුවණැති මනුෂ්‍යතෙමේ සැපයට පැමිණීමෙහි ආශාව නොසිඳින්නේය. අහිතවූද හිතවූද නොසිතනලද බොහෝවූ ස්පර්ශයෝ වනාහි සත්වයාට පැමිණෙත්.
139
අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති;
න හි චින්තාමයා භොගා, ඉත්ථියා පුරිසස්ස වා.
139
නොසිතන ලද්දවේ. සිතන ලද්ද වැනසේ. ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ සිතූ පරිදිම පම්පත් නොලැබෙතියි (රජතෙම උදන් ඇනීය.)
140
සරභං ගිරිදුග්ගස්මිං, යං ත්වං අනුසරී පුරෙ;
අලීනචිත්තස්ස තුවං, වික්කන්තමනුජීවසි (තව, වික්කන්තං ජීවිතං ලභි (ක.)).
140
මහරජ, නුඹ වහන්සේ පෙර දවස පර්වත දුර්ගයෙහි යම් සරභ මුවෙකු ලුහුබැඳ ගියේද, කරුණා සිත් ඇති ඒ මුවාගේ නරාවළෙන් ගොඩ ගැණීමට කරණ ලද උත්සාහය නිසා ඔබ ජීවත් වෙහිය.
141
යො තං විදුග්ගා නරකා සමුද්ධරි, සිලාය යොග්ගං සරභො කරිත්වා;
දුක්ඛූපනීතං මච්චුමුඛා පමොචයි, අලීනචිත්තං තං මිගං (තමෙව (ස්‍යා. ක.)) වදෙසි.
141
යම් සරභ මෘගයෙක් ගලින් යානයක් හෙවත් ගොඩ නැගීමට සුදුසු උපායක් කොට ගොඩ නැගිය නොහැකිවූ නරාවලින් ඔබ ගොඩ ගත්තේද, දුකට පැමිණියාවූ ඔබ මරුවාගේ මුඛයෙන් මිදුයේද, කරුණා සිත් ඇති ඒ මුවාගේ ගුණය කීයහියයි පුරෝහිතතෙම කීයේය.
142
කිං ත්වං නු (තුවන්නු (සී. පී.)) තත්ථෙව තදා අහොසි, උදාහු තෙ කොචි නං (තං (ක.)) එතදක්ඛා;
විවට්ටච්ඡද්දො නුසි සබ්බදස්සී, ඤාණං නු තෙ බ්‍රාහ්මණ භිංසරූපං.
142
“බ්‍රාහ්මණය, එකල්හි නුඹ එහි සිටියේද, නොහොත් කිසිවෙක් ඒ මේ කාරණය කීයේද, නැතහොත් නුඹ විවෘත කළ කෙළෙස් සෙවෙනි ඇති සියල්ල දන්නාසුළු සර්වඥවෙහිද, ඔබගේ නුවණ වනාහි බලවත් ස්වභාව ඇත්තෙකැයි කීයේය.
143
න චෙවහං තත්ථ තදා අහොසිං, න චාපි මෙ කොචි නං (තං (ක.)) එතදක්ඛා;
ගාථාපදානඤ්ච සුභාසිතානං, අත්ථං තදානෙන්ති ජනින්ද ධීරා.
143
“මහරජ, මම වනාහි එකල්හි එහිද නොමවූයෙමි. අන්කිසිවෙක්ද මට ඒ මේ කාරණය නොමකීය. මනාකොට කියනලද ගාථා පාදයන්ගේ වනාහි යම් අර්ථයක්වේද ප්‍රාඥයෝ ඒ අර්ථය සලකත්යයි කීයේය.
144
ආදාය පත්තිං (පත්තං (ස්‍යා.), පට්ටිං (ක.)) පරවිරියඝාතිං, චාපෙ සරං කිං විචිකිච්ඡසෙ තුවං;
නුන්නො (නුණ්ණො (ක. සී. ස්‍යා.), තුණ්ණො (ක.)) සරො සරභං හන්තු ඛිප්පං, අන්නඤ්හි එතං වරපඤ්ඤ රඤ්ඤො.
144
“මහරජ, හී පත්‍ර ඇති අනුන්ගේ වීර්‍ය්‍ය නසනසුළුවූ හීතලය දුන්නෙහි සරසාගෙණ නුඹවහන්සේ කුමකට සැක කරන්නෙහිද, උතුම් ප්‍රඥා ඇති රජුනි, හී සැරය විද සරභමුවා වහා නසාවා මේ සරභමුවා වනාහි රජහුගේ ආහාරයයි කීයේය.
145
අද්ධා පජානාමි අහම්පි එතං, අන්නං මිගො බ්‍රාහ්මණ ඛත්තියස්ස;
පුබ්බෙ කතඤ්ච (පුබ්බෙ ච කතං (ක.)) අපචායමානො, තස්මා මිගං සරභං නො හනාමි.
145
“බ්‍රාහ්මණය, මුවා ක්ෂත්‍රියයාගේ ආහාරය යන මේ කාරණය මමද ඒකාන්තයෙන් දනිමි. යම්හෙයකින් මම පෙර කළගුණයට පුදන්නෙම්ද, එහෙයින් මේ සරභමුවා නොමරමියි කීයේය
146
නෙසො මිගො මහාරාජ, අසුරෙසො දිසම්පති;
එතං හන්ත්වා මනුස්සින්ද, භවස්සු අමරාධිපො.
146
“දිශාවන්ට අධිපතිවූ මහරජ, මෙතෙම මුවෙක් නොවේ. අසුරයන්ට නායකවූ ශක්‍රයාය, මනුජේන්ද්‍රය, මොහු මරා නුඹවහන්සේ ශක්‍ර වනසේක්වා.
147
සචෙ ච රාජා (රාජ (සී. ස්‍යා. පී.)) විචිකිච්ඡසෙ තුවං, හන්තුං මිගං සරභං සහායකං (සහායකං මෙ (සී. පී.));
සපුත්තදාරො නරවීරසෙට්ඨ (නරවිරියසෙට්ඨ (සී. පී.)), ගන්ත්වා (ගන්තා (සී. පී. අට්ඨ.)) තුවං වෙතරණිං යමස්ස.
147
“මහරජ ඉදින් නුඹවහන්සේ මේ සරභමුවා මාගේ යහළුවායයි නසන්ට සැකවන්නෙහිද නරවීරශ්‍රේෂ්ඨය, අඹුදරු සහිතවූ නුඹවහන්සේ යමයාගේ වේතරණී නම් නරකයට යන්නේයයි කීයේය.
148
කාමං අහං ජානපදා ච සබ්බෙ, පුත්තා ච දාරා ච සහායසඞ්ඝා;
ගච්ඡෙමු තං වෙතරණිං යමස්ස, න ත්වෙව හඤ්ඤො මම පාණදො යො (පාණද’ස්ස (සී. ස්‍යා. පී.)).
148
“බමුණ, ඒකාන්තයෙන් මමද දනව්වැස්සෝද, පුත්‍රයෝද, භාර්‍ය්‍යාවෝද, යහළු සමූහයාද යන සියල්ලෝ යමයා ගේ ඒ වේතරණී නම් නරකයට යන්නෙමු. එසේ වුවත් යම් සරභ මෘගයෙක් මාගේ ප්‍රාණය දුන්නේද, හෙතෙම නැසිය යුතු නොවේමයයි කීයේය.
149
අයං මිගො කිච්ඡගතස්ස මය්හං, එකස්ස කත්තා විවනස්මි ඝොරෙ;
තං තාදිසං පුබ්බකිච්චං සරන්තො, ජානං මහාබ්‍රහ්මෙ කථං හනෙය්‍යං.
149
“එම්බා බ්‍රාහ්මණය, මේ මුව රජතෙම දරුණුවූ මහ වනයෙහි හුදකලාව දුකට පැමිණියාවූ මට නරාවලෙන් ගොඩ ඒමට උපකාර කෙළේය එබඳුවූ පූර්වොපකාරය සිහිකරන්නා වූ මම දැනගෙණ ඔහු කෙසේ නසන්නෙම්දැයි කීයේය.
150
මිත්තාභිරාධී චිරමෙව ජීව, රජ්ජං ඉමං ධම්මගුණෙ (රජ්ජම්පිමං චස්ස ගණෙ (ක.)) පසාස;
නාරීගණෙහි පරිචාරියන්තො, මොදස්සු රට්ඨෙ තිදිවෙව වාසවො.
150
“මහරජ, මිතුරන් සතුටුකරන්නාවූ නුඹ බොහෝ කලක්ම ජීවත්වේවා. මේ රාජ්‍යය දශරාජධර්මයෙහි සිට අනුශාසනය කෙරේවා. බොහෝවූ ස්ත්‍රීන් පිරිවරාගෙණ දෙව්ලොව ශක්‍රයා මෙන් රාජ්‍යයෙහි සතුටින් වෙසේවා.
151
අක්කොධනො නිච්චපසන්නචිත්තො, සබ්බාතිථී යාචයොගො භවිත්වා (පාහුනකෙ කරිත්වා (ස්‍යා.), යාචයොගො විදිත්වා (ක.));
දත්වා ච භුත්වා ච යථානුභාවං, අනින්දිතො සග්ගමුපෙහි ඨානන්ති.
151
“නොකිපෙන සුළුවූයේ නිතර පහන් සිත් ඇත්තේ සියලු ආගන්තුගයන්ගේ ඉල්ලීමට සුදුස්සෙක් වේවා ශක්තිවූ පරිද්දෙන් දානයකොටද, අනුභවකොටද, නින්දා නොලබන ලද්දේ පස්කම් සැපයෙන් අග්‍රස්ථානයවූ දිව්‍යලෝකයට පැමිණේවායිකියා ශක්‍රතෙම ගියේය.”