11. එකාදසකනිපාතො | 11. එකදස නිපාතය |
455. මාතුපොසකජාතකං (1) | 455. මාතුපොසක ජාතකය |
1
තස්ස
කුරුවින්දකරවීරා
(කරවරා (සී. ස්‍යා.)) තිසසාමා ච, නිවාතෙ පුප්ඵිතා ච කණිකාරා.
|
1
“ඒ මාගේ පුත්‍රවූ හස්ති රාජයාගේ වෙන්වීමෙන් ඉඳුසල්ගස්ද හෙවත් ඇඹැල්ල ගස්ද කෙළිඳ ගස්ද කුරුඳුගස්ද ඉළුක් ආදී මහ තෘණද නෙළුම්ද බොඩහමුද යන සියල්ල වැඩුනාහුය. පර්වත පාදයෙහි කිණිහිරි ගස්ද පිපුනාහුය.
|
2
කොචිදෙව සුවණ්ණකායුරා, නාගරාජං භරන්ති පිණ්ඩෙන;
යත්ථ රාජා රාජකුමාරො වා, කවචමභිහෙස්සති අඡම්භිතො
(අසම්භීතො (සී. ස්‍යා. පී.)).
|
2
“කිසියම් තැනෙක ස්වර්ණාභරණයෙන් යුක්තවූවෝ හස්තිරාජයා ආහාරයෙන් පොෂණය කෙරෙත්. යම් ඇතෙකු පිට රජද රජ කුමරෙක්ද හිඳ භය නැතිව සතුරන්ගේ යුද්ධ සැට්ටය බිඳින්නේද, (ඒ හස්තිරාජයායි.)
|
3
ගණ්හාහි නාග කබළං, මා නාග කිසකො භව;
බහූනි රාජකිච්චානි, තානි
(යානි (සී. පී.)) නාග කරිස්සසි.
|
3
“හස්තිරාජය, ආහාරය ගනුව. හෙවත් අනුභව කරව. හස්ති රාජය, කාශවූවෙක් නොවෙව. හස්තිරාජය රාජකෘත්යයෝ බොහෝ වෙත්. ඒ රාජකෘත්යයන් කරව.
|
4
සා නූනසා කපණිකා, අන්ධා අපරිණායිකා;
ඛාණුං පාදෙන ඝට්ටෙති, ගිරිං චණ්ඩොරණං පති.
|
4
“ඒකාන්තයෙන් බැගෑපත්වූ අන්ධවූ පිළිසරණක් නැත්තාවූ ඒ මේ මාගේ මව් ඇතින්න චණ්ඩොරණ පර්වතය දිශාවට පාදයෙන් යමින් කණුව ගවයි.
|
5
කා නු තෙ සා මහානාග, අන්ධා අපරිණායිකා;
ඛාණුං පාදෙන ඝට්ටෙති, ගිරිං චණ්ඩොරණං පති.
|
5
“මහා හස්තිය. අන්ධවූ පමුණුවන්නෙකු නැත්තාවූ යම් ඇතින්නක් චණ්ඩොරණ පර්වතයට යමින් පාදයෙන් කණු ගටයිද, ඕතොමෝ තාගේ කවරක් වන්නීද,
|
6
මාතා මෙ සා මහාරාජ, අන්ධා අපරිණායිකා;
ඛාණුං පාදෙන ඝට්ටෙති, ගිරිං චණ්ඩොරණං පති.
|
6
“මහරජ, අන්ධවූ පිරිනමන්නෙක් නැත්තාවූ මාගේ මවු වූ ඕතොමෝ චණ්ඩෝරණ පර්වතයට අභිමුඛව කම්පා වෙමින් පයින් කණු ගටන්නීය.
|
7
මුඤ්චථෙතං මහානාගං, යොයං භරති මාතරං;
සමෙතු
|
7
“යම් මේ හස්තියෙක්තෙම මව පොෂ්ය කෙරේද, මේ හස්තිරාජයා මුදාහරිව්. හස්තිතෙම සියලු නෑයන් සමග මව හා එක්වේවා.
|
8
මුත්තො ච බන්ධනා නාගො, මුත්තමාදාය කුඤ්ජරො
(කාසිරාජෙන පෙසිතො (සී. ස්‍යා.), මුත්තො දාමාතො කුඤ්ජරො (පී. සී. නිය්‍ය));
මුහුත්තං අස්සාසයිත්වා
(විස්සමිත්වාන (සී.)), අගමා යෙන පබ්බතො.
|
8
“හස්තිතෙම බන්ධනයෙන් මිදුනේද කුඤ්ජරතෙම දාමයෙන් මිදුනේ මොහොතක් කල් අස්වැසීමකොට චණ්ඩෝරණ පර්වතය යම් තැනෙක්හිද එහි ගියේය.
|
9
තතො සො නළිනිං
(නිලිනං (ස්‍යා.)) ගන්ත්වා, සීතං කුඤ්ජරසෙවිතං;
සොණ්ඩායූදකමාහත්වා
(මාහිත්වා (ස්‍යා. ක.)), මාතරං අභිසිඤ්චථ.
|
9
“ඉක්බිත්තෙන් ඒ හස්තිතෙම සිහිල්වූ දිය ඇති ඇතුන් විසින් සේවනය කරණ ලද විලට ගොස් සොඬින් දිය ගෙණ මවට ඉස්සේය.
|
10
කොය
ගතො මෙ අත්රජො පුත්තො, යො මය්හං පරිචාරකො.
|
10
“මේ කිනම් නුසුදුසු වර්ෂාවෙක් නොකල්හි වස්නේද, යමෙක් මට උපස්ථායකවූයේද, ස්වකීය පුත්වූ මාගේ ඒ පුත්‍රතෙම ගියේය.
|
11
උට්ඨෙහි අම්ම කිං සෙසි, ආගතො ත්යාහමත්රජො;
මුත්තොම්හි කාසිරාජෙන, වෙදෙහෙන යසස්සිනා.
|
11
“මෑණියෙනි, නැගී සිටුව. කුමට හෝනෙහිද නුඹගේ පුත්‍රවූ මම ආයේ වෙමි. වේදේහවූ යස පිරිවර ඇත්තාවූ කශී රජහු විසින් මම මුදන ලද්දේ වෙමි.
|
12
චිරං
යො මෙ පුත්තං පමොචෙසි, සදා වුද්ධාපචායිකන්ති.
|
12
“යමෙක්තෙම හැමකල්හි වැඩිහිටියන් පුදන්නාවූ මාගේ පුත්‍රයා මුදාහැරියේද, කශීරට වැස්සන්ගේ රට දියුණු කරන්නාවූ ඒ රජතෙම බොහෝ කලක් ජීවත්වේවා.”
|
456. ජුණ්හජාතකං (2) | 456. ජුණ්හ ජාතකය |
13
සුණොහි මය්හං වචනං ජනින්ද, අත්ථෙන ජුණ්හම්හි ඉධානුපත්තො;
න බ්රාහ්මණෙ අද්ධිකෙ තිට්ඨමානෙ, ගන්තබ්බ
(ගන්තබ්ය (ක.)) මාහු ද්විපදින්ද
(දිපදාන (සී. පී.), ද්විපදාන (ස්‍යා.)) සෙට්ඨ.
|
13
“ජනප්‍රධානවූ මහරජ, මාගේ වචනය ඇසුව මැනව. ජුණ්හවූ ඔබවහන්සේ කෙරෙහි එක් අර්ථයක් සඳහා මෙහි පැමිණියේ වෙමි. දෙපා ඇත්තවුන් අතුරෙහි ශ්‍රේෂ්ඨවූ මහරජ්ජුරුවන් වහන්ස, බ්‍රාහ්මණයන්ද මගීන්ද පැමිණ සිටින කල්හි ඔවුන් නොබලා නොයායුතුයයි කියත්.
|
14
සුණොමි
කං වා ත්වමත්ථං මයි පත්ථයානො, ඉධාගමා බ්රහ්මෙ තදිඞ්ඝ බ්රූහි.
|
14
“බ්‍රාහ්මණය, තොපගේ වචනය අසමි. සිටිමි කියව. යම් අර්ථයකින් මෙහි පැමිණියෙහිද, බ්‍රාහ්මණය, මා කෙරෙහි කුමක් හෝ පතන්නේ කුමක් සඳහා මෙහි ආයෙහිද, එසේ නම් එය කියව.
|
15
දදාහි මෙ ගාමවරානි පඤ්ච, දාසීසතං සත්ත ගවංසතානි;
පරොසහස්සඤ්ච සුවණ්ණනික්ඛෙ, භරියා ච මෙ සාදිසී ද්වෙ දදාහි.
|
15
“මට ගම්වර පසක්ද දාසීන් සියයක්ද ගවයන් සත් සියයක්ද දහසකින් වැඩිවූ ස්වර්ණ නිෂ්කයන්ද (නිෂ්කය නම් පස්විසි කළඳයි) දුනමැනව. මට සදෘශභාවය ඇත්තාවූ භාර්යාවන් දෙදෙනෙක්ද දුනමැනව.
|
16
තපො නු තෙ බ්‍රාහ්මණ භිංසරූපො, මන්තා නු තෙ බ්‍රාහ්මණ චිත්තරූපා;
යක්ඛා නු
(යක්ඛා ව (සී. පී.)) තෙ අස්සවා සන්ති කෙචි, අත්ථං වා මෙ අභිජානාසි කත්තං.
|
16
“බ්‍රාහ්මණය, තාගේ බලවත් ස්වරූපවූ තපසක් ඇත්තේද නොහොත් බමුණ තාගේ විසිතුරුවූ මන්ත්‍රයෝ ඇද්ද නොහොත් තාගේ කීකරුවූ යම් යක්ෂ කෙනෙක් ඇද්ද, නොහොත් මට තා විසින් කරණ ලද යම් අර්ථයක් හෝ දන්නෙහිදැයි ඇසීය.
|
17
න
අත්ථම්පි තෙ නාභිජානාමි කත්තං, පුබ්බෙ ච ඛො
(පුබ්බෙව ඛො (ස්‍යා. ක.)) සඞ්ගතිමත්තමාසි.
|
17
“මාගේ තපසෙක් නැත්තේය. මන්ත්රයෝද නොමැත. මාගේ කීම කරන්නාවූ කිසියම් යක්ෂ කෙනෙක්ද නැත. ඔබට මා විසින් කරණ ලද අර්ථයකුදු නොදනිමි. පූර්වයෙහි වනාහි සමාගමය පමණක් විය.
|
18
පඨමං ඉදං දස්සනං ජානතො මෙ, න තාභිජානාමි ඉතො පුරත්ථා;
අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං, කදා කුහිං වා අහු සඞ්ගමො නො.
|
18
“දන්නාවූ මාගේ මේ පළමු දැක්මවේ. මෙයින් පෙර තා නොහඳුනමි. කවර කලෙක්හි කොතැනක හෝ අපගේ සංගමයවීද, මේ කාරණය විචාරණ ලද්දේ මට කියව.
|
19
ගන්ධාරරාජස්ස
තත්ථන්ධකාරම්හි තිමීසිකායං
(තිමිස්සිකායං (සී. අට්ඨ.), තිමිස්සකායං (ස්‍යා.)), අංසෙන අංසං සමඝට්ටයිම්හ.
|
19
“දෙවයන්වහන්ස, ගන්ධාර රජහුගේ රම්‍යවූ තක්සලා පුරයෙහි විසූයෙමු. එහිදී ඝනාන්ධකාරවූ රාත්‍රියෙහි අන්ධකාරයෙහි අංසයෙන් අංසය ගැටීම කෙළෙමු.
|
20
තෙ තත්ථ ඨත්වාන උභො ජනින්ද, සාරාණියං
(සාරණීයං (ක.)) වීතිසාරයිම්හ
(වීතිසාරිම්හ (සී. ස්‍යා. පී.)) තත්ථ;
සායෙව නො සඞ්ගතිමත්තමාසි, තතො න පච්ඡා න පුරෙ අහොසි.
|
20
“ජනෙන්ද්රය, ඒ අපි දෙදෙන එහි සිට එතැනදීම සිහිකළයුතු කථාවක් කොට නිමවූයෙමු. අපගේ ඒ සමාගමය පමණක්විය. ඉන්පසුවද සමාගමයෙක් නොවීය. ඉන් පෙරද නොවූයේය.
|
21
යදා කදාචි මනුජෙසු බ්රහ්මෙ, සමාගමො සප්පුරිසෙන හොති;
න පණ්ඩිතා සඞ්ගතිසන්ථවානි, පුබ්බෙ කතං වාපි විනාසයන්ති.
|
21
“බ්‍රාහ්මණය, යම්කිසි කලෙක්හි මිනිසුන් අතුරෙහි සත්පුරුෂයකු හා සමාගමය වේද, පණ්ඩිතයෝ ඒ මොහොතක් කළ සමාගමය හෝ බොහෝ කල් කළ සන්ථවයන් හෝ පෙර කළ ගුණයක් හෝ නොනසත්.
|
22
බාලාව
(බාලා ච (සී. ස්‍යා. පී.)) ඛො සඞ්ගතිසන්ථවානි, පුබ්බෙ කතං වාපි විනාසයන්ති;
බහුම්පි බාලෙසු කතං විනස්සති, තථා හි බාලා අකතඤ්ඤුරූපා.
|
22
“අඥානයෝද වනාහි මොහොතක් කල් කළ සංගමය හෝ බොහෝකල් කළ මිත්‍ර සන්ථවයන් හෝ පෙර කළ ගුණය හෝ නසත්. ප්‍රාඥයා කෙරෙහි මනාකෙට කරණලද ස්වල්පවූද ගුණධර්මය නොනැසේ. ඒ එසේමය. ප්‍රාඥයෝ මනා කළගුණ දන්නා ස්වභාව ඇත්තෝ වෙත්.
|
23
ධීරා ච ඛො සඞ්ගතිසන්ථවානි, පුබ්බෙ කතං වාපි න නාසයන්ති;
අප්පම්පි ධීරෙසු කතං න නස්සති, තථා හි ධීරා සුකතඤ්ඤුරූපා.
|
23 |
24
දදාමි
පරොසහස්සඤ්ච සුවණ්ණනික්ඛෙ, භරියා ච තෙ සාදිසී ද්වෙ දදාමි.
|
24
“තට ගම්වර පසක්ද දාසීන් සියයක්ද ගවයන් සත් සියයක්ද දහසකින් වැඩිවූ ස්වර්ණ නිෂ්කයන්ද දෙමි. තට කුල රූපාදියෙන් සමානවූ භාර්යාවන් දෙදෙනෙක්ද දෙමි.
|
25
එවං
ආපූරතී කාසිපතී තථාහං, තයාපි මෙ සඞ්ගමො අජ්ජ ලද්ධොති.
|
25
“මහරජ, සත්පුරුෂයන්ගේ සංගමයට පැමිණ මෙසේ වෙයි. කශී රටට අධිපතිවූ රජතෙමේ තාරකාවන්ගේ මැද චන්ද්‍රයා මෙන් සම්පූර්ණ වන්නේය. නුඹවහන්සේ හා සමග අද සංගමය ලද්දාවූ මමද එසේමයයි” කීයේය.
|
457. ධම්මදෙවපුත්තජාතකං (3) | 457. ධම්ම දෙවපුත්ත ජාතකය |
26
යසොකරො පුඤ්ඤකරොහමස්මි, සදාත්ථුතො සමණබ්රාහ්මණානං;
මග්ගාරහො දෙවමනුස්සපූජිතො, ධම්මො අහං දෙහි අධම්ම මග්ගං.
|
26
මම දෙවි මිනිසුන්ට යශස් ඇතිකරන්නෙක්වෙමි. පින් කරන්නෙක් වෙමි. මහණ බමුණන් අතර හැමකල්හි ස්තුතිලද්දෙක් වෙමි. මාර්ගය ලැබීමට සුදුස්සෙක් වෙමි. දෙවි මිනිසුන් විසින් පුදනලද්දෙක් වෙමි. අධර්ම නම් දිව්යපුත්රය, මම ධර්ම නම් දිව්‍ය පුත්‍රයා වෙමි. එහෙයින් මට මාර්ගය දෙව.
|
27
අධම්මයානං දළ්හමාරුහිත්වා, අසන්තසන්තො බලවාහමස්මි;
ස කිස්ස හෙතුම්හි තවජ්ජ දජ්ජං, මග්ගං අහං ධම්ම අදින්නපුබ්බං.
|
27
“ධර්ම නම් දිව්යපුත්රය, ඒ මම අධර්ම නම් දිව්‍ය පුත්‍ර වෙමි. මම දැඩිවූ අධර්ම නම් යානාවට නැගී තැතිගැන්මක් නැත්තෙම් බලවත්වූයෙම් කුමක් හේතුකොටගෙණ යහළුව අද මම කිසිවෙකුට නුදුන්විරූ මාර්ගය තට දෙම්ද,
|
28
ධම්මො හවෙ පාතුරහොසි පුබ්බෙ, පච්ඡා
ජෙට්ඨො ච සෙට්ඨො ච සනන්තනො ච, උය්යාහි ජෙට්ඨස්ස කනිට්ඨ මග්ගා.
|
28
පළමුකොට ඒකාන්තයෙන් ලෝකයෙහි දශ කුශල කර්මපථ ධර්මයතෙම පහළවූයේය. ඉන්පසුව අධර්මය තෙම පහළවිය. එහෙයින් ජ්යෙෂ්ඨවූයේද ශ්රේෂ්ඨවූයේද පුරාතන වූයේද ධර්මය වෙයි. කණිෂ්ඨවූ අධර්ම දිව්‍ය පුත්‍රය, වැඩිමහළුවූ ධර්ම දිව්‍ය පුත්‍රවූ මාගේ මාර්ගයෙන් ඉවත්ව යව.
|
29
න යාචනාය නපි පාතිරූපා, න අරහතා
(න අරහති (සී. පී.), අරහති (ක.)) තෙහං දදෙය්යං මග්ගං;
යුද්ධඤ්ච නො හොතු උභින්නමජ්ජ, යුද්ධම්හි යො ජෙස්සති තස්ස මග්ගො.
|
29
“මම තොපට ඉල්වීම නිසා මාර්ගය දෙන්නෙම් නම් නුසුදුසු වේ. සුදුසු වචන කීමෙන් හෝ මාර්ග ලැබීමට සුදුසු බැවින් හෝ දෙන්ට යොග්‍ය නොවේ. අද අප දෙදෙනාගේ යුද්ධයද වේ. යුද්ධයෙහි යමෙක් දිනන්නේද, ඔහුට මාර්ගය වේ.
|
30
සබ්බා
ගුණෙහි සබ්බෙහි උපෙතරූපො, ධම්මො අධම්ම ත්වං කථං විජෙස්සසි.
|
30
“මම සියලු දිශාවන් අනුව පැතුරුනේ වෙමි. මහත් බල ඇත්තාවූ අප්‍රමාණ යශස් ඇත්තාවූ සමානයෙක් නැත්තාවූ සියලු ගුණයන්ගෙන් යුක්තවූ ධර්ම නම් දිව්‍යපුත්‍රයා වෙමි. අධර්ම නම් දිව්යපුත්රය, තෝ කෙසේ ජය ගන්නෙහිද,
|
31
ලොහෙන වෙ හඤ්ඤති ජාතරූපං, න ජාතරූපෙන හනන්ති ලොහං;
සචෙ අධම්මො හඤ්ඡති
(හඤ්ඤති (සී. ස්‍යා.), හඤ්ඤිති (කත්ථචි)) ධම්මමජ්ජ, අයො සුවණ්ණං විය දස්සනෙය්යං.
|
31
“ඒකාන්තයෙන් අයොමය මිටියෙන් ස්වර්ණය නසයි. ස්වර්ණයෙන් ලෝහය හෙවත් යකඩය නොනසත්. මාගේ ඒ අධර්මයතෙම අද තොපගේ ධර්මය බිඳියි. කුමක් මෙන්දයත්, දර්ශනීයවූ ස්වර්ණය බිඳින්නාවූ අයෝමය මිටිය මෙනි.
|
32
සචෙ තුවං යුද්ධබලො අධම්ම
(යුද්ධබලො’සි’ධම්ම (ක. සී.), යුද්ධබලො’ස’ධම්ම (පී.)), න තුය්හ වුඩ්ඪා
(වද්ධා (සී. පී.)) ච ගරූ ච අත්ථි;
මග්ගඤ්ච තෙ දම්මි පියාප්පියෙන, වාචාදුරුත්තානිපි තෙ ඛමාමි.
|
32
“අධර්ම නම් දිව්‍ය පුත්‍රය, ඉදින් තෝ යුද්ධය බලකොට ඇත්තෙහි නම් තට වැඩිහිටියෝද ගරුකටයුත්තෝද නැත. එසේවූ තට මාර්ගයද දෙන්නාවූ ප්‍රිය අප්‍රිය දෙදෙනෙකු කෙරෙන් ප්‍රියයෙකු විසින් මෙන් දෙමි. තාගේ නපුරුකොට කියනලද වචනයන්ද ඉවසමි.
|
33
ඉදඤ්ච සුත්වා වචනං අධම්මො, අවංසිරො
‘‘යුද්ධත්ථිකො චෙ න ලභාමි යුද්ධං’’, එත්තාවතා හොති හතො අධම්මො.
|
33
“අධර්ම දිව්‍යපුත්‍රතෙම මේ වචනයද අසා ඉදින් යුද කැමැත්තේ නමුත් යුද්ධය නොලබමියි වැළපෙමින් හිස යටිකුරු වූයේ පා උඩුකුරු වූයේ වැටුනේය. මෙපමණකින් අධර්ම දිව්‍යපුත්‍රතෙම නටුයේ වෙයි. (පෘථිවි විවරයෙන් අවිචි මහනරකයට බටුයේය.)
|
34
ඛන්තීබලො යුද්ධබලං විජෙත්වා, හන්ත්වා අධම්මං නිහනිත්ව
(විහනිත්වා (ක.)) භූම්යා;
පායාසි විත්තො
(චිත්තො (ස්‍යා.)) අභිරුය්හ සන්දනං, මග්ගෙනෙව අතිබලො සච්චනික්කමො.
|
34
“යුද්ධ බලය ජයගෙණ අධර්ම, දිව්‍යපුත්‍රයා නසා පොළොවෙහි හෙළා මහත්වූ බල ඇති සත්‍යයම පරාක්රමකොට ඇති ක්ෂාන්ති බලයෙන් යුක්තවූ දිව්‍යපුත්‍රතෙම හටගත් සතුටු සිත් ඇත්තේ දිව්‍ය රථයට නැගී මාර්ගයෙන්ම ගියේය.
|
35
මාතා පිතා සමණබ්රාහ්මණා ච, අසම්මානිතා යස්ස සකෙ අගාරෙ;
ඉධෙව නික්ඛිප්ප සරීරදෙහං, කායස්ස භෙදා නිරයං වජන්ති තෙ
(වජන්ති (සී. පී.));
යථා අධම්මො පතිතො අවංසිරො.
|
35
“මව්පියෝද, මහණ බමුණෝද, යමක්හු ස්වකීය ගෘහයෙහි සත්කාර නොකරණලද්දාහුද, මේ ලෝකයෙහිම ශරීර සංඛ්‍යාතවූ දෙහය බහා ඔහු තුමූ අධර්ම දිව්‍යපුත්‍රතෙම හිස යටිකුරුව යම්සේ නරකයෙහි වැටුනේද, එපරිද්දෙන් ශරීරයාගේ භෙදයෙන් නරකයට පැමිණෙත්.
|
36
මාතා
ඉධෙව නික්ඛිප්ප සරීරදෙහං, කායස්ස භෙදා සුගතිං වජන්ති තෙ;
යථාපි ධම්මො අභිරුය්හ සන්දනන්ති.
|
36
“මව්පියෝද, මහණ බමුණෝද යමක්හුගේ ස්වකීය ගෘහයෙහි මනාකොට සත්කාර කරණ ලද්දාහුද, මෙහිම ශරීර සංඛ්‍යාත දේහය බහා ඔහුතුමූ ධර්ම නම් දිව්‍යපුත්‍රතෙම දිව්‍ය රථයට නැගී යම්සේ ගියේද, එපරිද්දෙන් ශරීරයාගේ භෙදයෙන් සුගතියට පැමිණෙත්.”
|
458. උදයජාතකං (4) | 458. උදයභද්ද ජාතකය |
37
එකා
යාචාමි තං කින්නරනෙත්තචක්ඛු, ඉමෙකරත්තිං උභයො වසෙම.
|
37
“පිරිසුදුවූ වස්ත්‍ර හැඳි මනා දෙවටොර ඇති, නින්දා නොකටයුතු ශරීර අවයව ඇති කිඳුරන්ගේ නෙත් වැනි ඇස් ඇත්තිය තී ප්‍රාසාදයට නැග හුදකලාව හිඳිනෙහි මේ එකරැය, මේ සැරසූ යහන මැද අපි දෙදෙන වාසය කරමුයි තිට යාඥා කරමි.
|
38
ඔකිණ්ණන්තරපරිඛං, දළ්හමට්ටාලකොට්ඨකං;
රක්ඛිතං ඛග්ගහත්ථෙහි, දුප්පවෙසමිදං පුරං.
|
38
“ප්රවිෂ්ටවන්ට නොහැකිවූ මේ පුරය අතරතුර දිය අගලින් ගැවසීගත්තේය. දැඩිවූ අටළු දොරකොටුවලින් යුක්තය. කඩුගත් අත් ඇත්තවුන් විසින් රක්නාලදී.
|
39
දහරස්ස යුවිනො චාපි, ආගමො ච න විජ්ජති;
අථ කෙන නු වණ්ණෙන, සඞ්ගමං ඉච්ඡසෙ මයා.
|
39
“ළදරුවෙකුටද යුද්ධ භටයෙකුටද මෙහි පැමිණීමෙක්ද නැත්තේය. එකල්හි කවර කරුණකින් නුඹවහන්සේ මා හා එක්වීම කැමැත්තෙහිද,
|
40
යක්ඛොහමස්මි කල්‍යාණි, ආගතොස්මි තවන්තිකෙ
(තවන්තිකං (සී. පී.));
ත්වං මං නන්දය
(නන්දස්සු (ස්‍යා. ක.)) භද්දන්තෙ, පුණ්ණකංසං දදාමි තෙ.
|
40
“සුන්දරිය, මම එක් දිව්‍යපුත්‍රයෙක් වෙමි. තීගේ සමීපයට දිව්‍යානුභාවයෙන් ආයේ වෙමි. තිට යහපතක් වේවා තී මා අද සතුටුකරව, තිට රන් මසු පිරූ තලිය දෙමි.
|
41
දෙවං ව යක්ඛං අථ වා මනුස්සං, න පත්ථයෙ උදයමතිච්ච අඤ්ඤං;
ගච්ඡෙව ත්වං යක්ඛ මහානුභාව, මා චස්සු ගන්ත්වා පුනරාවජිත්ථ.
|
41
“මහත් ආනුභව ඇති යක්ෂය, උදය රජු ඉක්මවා අන්යවූදෙවියෙකු හෝ මනුෂ්‍යයෙකු හෝ යක්ෂයෙකු හෝ මම ප්‍රාර්ථනා නොකරමි. නුඹ යව, ගොස් නැවතද නොඑවයි කීය.
|
42
යා සා රති උත්තමා කාමභොගිනං, යං හෙතු සත්තා විසමං චරන්ති;
මා තං රතිං ජීයි තුවං සුචිම්හි තෙ, දදාමි තෙ රූපියං කංසපූරං.
|
42
“සොඳුර, කාමභෝගී සත්වයන්ගේ යම් ඇල්මක් ඇද්ද, එය උතුම් වන්නීය. යමක් හේතුකොටගෙණ සත්වයෝ විෂමව හැසිරෙද්ද, මනා හසිතයෙන් යුක්තවූ සොඳුර, ඒ කාමරතිය තී නොනසව, තිට රත්‍රං පිරූ රිදී තළියක් දෙමි.
|
43
නාරිං
විපච්චනීකො තව දෙවධම්මො, පච්චක්ඛතො ථොකතරෙන එසි.
|
43
“පුරුෂතෙමේ ස්ත්‍රිය ධනයෙන් සිත්ගන්නේ යමක කෙරෙහි ආලය කෙරේද, ඈ උසස් කෙරෙයි. දෙවය, ඔබගේ ස්වභාව ධර්මය ඊට විරුද්ධවේ. ප්රත්යක්ෂයෙන් ඉතා ස්වල්ප ධනයකින් යුක්තව ආයෙහිද, එහෙයිනි.
|
44
ආයු ච වණ්ණො ච
(ආයුං ච වණ්ණං ච (ක. සී. පී.)) මනුස්සලොකෙ, නිහීයති මනුජානං සුග්ගත්තෙ;
තෙනෙව වණ්ණෙන ධනම්පි තුය්හං, නිහීයති ජිණ්ණතරාසි අජ්ජ.
|
44
“සොභන ගාත්‍රයෙන් යුත් රාජ කුමාරිකාවෙනි, මනුෂ්‍යලෝකයෙහි මිනිසුන්ගේ ආයුෂයද ශරීර වර්ණයද පිරිහේ. ඒ හේතුවෙන්ම තිට දෙනලද ධනයද, පිරිහෙයි. අද තී ඉතා දිරාගියෙහිය.
|
45
එවං මෙ පෙක්ඛමානස්ස, රාජපුත්ති යසස්සිනි;
හායතෙව තව
(හායතෙ වත තෙ (සී. ස්‍යා. ක.), හායතෙව තතො (පී.)) වණ්ණො, අහොරත්තානමච්චයෙ.
|
45
“යශස් ඇත්තාවූ රජකුමරිය, මෙසේ මා විසින් බලා සිටියදීම රෑ දාවල් දෙදෙනාගේ ඉක්මයාමෙහි ඒකාන්තයෙන් තීගේ රූපවර්ණය තෙම පිරිහේ.
|
46
ඉමිනාව ත්වං වයසා, රාජපුත්ති සුමෙධසෙ;
බ්රහ්මචරියං චරෙය්යාසි, භිය්යො වණ්ණවතී සියා.
|
46
“යහපත් ප්‍රඥා ඇති රාජ පුත්‍රිය, තී මේ වයසින්ම බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙව, වැඩියක් ශරීර වර්ණය ඇත්තී වන්නීය.
|
47
දෙවා න ජීරන්ති යථා මනුස්සා, ගත්තෙසු තෙසං වලියො න හොන්ති;
පුච්ඡාමි තං යක්ඛ මහානුභාව, කථං නු දෙවාන
(කථං න දෙවානං (පී.)) සරීරදෙහො.
|
47
“මිනිසුන් මෙන් දෙවියෝ නොදිරන්නාහුද, ඒ දෙවියන්ගේ ශරීරයන්හි රැළි නොවැටෙන්නාහුද, ඒ කාරණය මහත් ආනුභාව ඇති යක්ෂය ඔබගෙන් විචාරමි. ඒ දෙවියන්ගේ ශරීර දේහයතෙම කෙසේනම් නොදිරන්නේද,
|
48
දෙවා න ජීරන්ති යථා මනුස්සා, ගත්තෙසු තෙසං වලියො න හොන්ති;
සුවෙ සුවෙ භිය්යතරොව
(භිය්යතරො ච (ක.)) තෙසං, දිබ්බො
|
48
“මිනිස්සු යම්සේ දිරත්ද, දෙවියෝ එසේ නොදිරත්. ඔවුන්ගේ ශරීරයන්හි රැළි නොවැටෙත්. දවස දවස ඒ දෙවියන්ගේ ඉතා අධිකවූ දිව්‍යමයවූ වර්ණයද මහත්වූ භොගයෝද වැඩෙන්නාහ.
|
49
කිංසූධ භීතා ජනතා අනෙකා, මග්ගො ච නෙකායතනං පවුත්තො;
පුච්ඡාමි තං යක්ඛ මහානුභාව, කත්ථට්ඨිතො පරලොකං න භායෙ.
|
49
“මේ ලෝකයෙහි නොයෙක් ජනයෝ කුමකට බිය වූවාහු වෙත්ද, නොයෙක් තීර්ථායතනයෝ පණ්ඩිතයන් විසින් කියන ලද දෙව්ලොවට යන මග වේ. මහත් ආනුභාව ඇති දිව්‍ය රාජය පරලොවට එන තැනැත්තේ කවර මාර්ගයෙක්හි සිටියේ බිය නොවන්නේද.
|
50
වාචං
බහුන්නපානං ඝරමාවසන්තො, සද්ධො මුදූ සංවිභාගී වදඤ්ඤූ;
සඞ්ගාහකො සඛිලො සණ්හවාචො, එත්ථට්ඨිතො පරලොකං න භායෙ.
|
50
“සොඳුර, වචනයද සිතද මනාකොට පිහිටුවා කයින් පව් නොකරන්නේ බොහෝ ආහාරපාන ඇති ගෘහයෙහි වාසය කරන්නේ සැදැහැ ඇත්තේද මොළොක් සිත් ඇත්තේද දාන සංවිභාග ඇත්තේද ප්‍රතිග්‍රාහකයන්ගේ වචන දන්නේද සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කරන්නේද, ප්‍රිය වචන ඇත්තේද සිළුටු වචන ඇත්තේද යන මේ ගුණයන්හි සිටි තැනැත්තේ පරලොවට බිය නොවන්නේය.
|
51
අනුසාසසි මං යක්ඛ, යථා මාතා යථා පිතා;
උළාරවණ්ණං පුච්ඡාමි, කො නු ත්වමසි සුබ්රහා.
|
51
“උදාර වර්ණ ඇත්තාවූ දිව්‍ය රාජය, මට මවක මෙන් පියෙකු මෙන් අනුශාසනා කෙරෙහිය. ඉතා මහත්වූ නුඹ වහන්සේ කවරෙක් වෙහිද,
|
52
උදයොහමස්මි කල්‍යාණි, සඞ්කරත්තා ඉධාගතො
(සඞ්ගරත්ථා ඉධාගතො (සී. පී.), සඞ්ගරත්ථායිධාගතො (ස්‍යා.));
ආමන්ත ඛො තං ගච්ඡාමි, මුත්තොස්මි තව සඞ්කරා
(සඞ්ගරා (සී. ස්‍යා. පී.)).
|
52
“සුන්දරිය, මම උදය නම් රජවෙමි. පෙර ගිවිස ගත් අවුල් කාරණයක් නිසා මෙහි ආයෙමි. තිට ආමන්ත්‍රණය කොට යම් තීගේ ඒ අවුලෙන් මිදුනේ වෙමි.
|
53
සචෙ ඛො ත්වං උදයොසි, සඞ්කරත්තා ඉධාගතො;
අනුසාස මං රාජපුත්ත, යථාස්ස පුන සඞ්ගමො.
|
53
“ඉදින් වනාහි නුඹවහන්සේ උදය රජවෙහි නම් සංකරය මුදන පිණිස මෙහි ආයෙහි නම් රාජපුත්‍රය, යම්සේ නැවත එක්වීම වන්නේද, එපරිද්දෙන් මට අනුශාසනා කළ මැනව.
|
54
අතිපතති
(අධිපතතී (සී. පී.)) වයො ඛණො තථෙව, ඨානං නත්ථි ධුවං චවන්ති සත්තා;
පරිජිය්යති අද්ධුවං සරීරං, උදයෙ
|
54
“උදය භද්‍රාවෙනි, වයස ඉතා ඉක්මයෙහි ක්ෂණයද එසේම ඉක්ම යන්නේය. ඔවුන්ගේ සිටීමක් නැත්තේය. ඒකාන්තයෙන් සත්වයෝ චුත වෙත්. අස්ථිරවූ මේ ශරීරය දිරන්නේමය. ප්‍රමාදයෙහි නොහැසිරෙව, දශ කුශල ධර්මයෙහි හැසිරෙව,
|
55
කසිණා පථවී ධනස්ස පූරා, එකස්සෙව සියා අනඤ්ඤධෙය්යා;
තඤ්චාපි ජහති
(ජහාති (සී. ස්‍යා. පී.), ජහාතී (?)) අවීතරාගො, උදයෙ මා පමාද චරස්සු ධම්මං.
|
55
“උදය භද්‍රාවෙනි ධනයෙන් පිරුණාවූ සියලු පොළොව එකම රජෙක්හට වන්නීද, අනිකෙකුට අයිති නොවන්නීද පහ නොවූ රාග ඇති ඒ පුද්ගලතෙම ඒ යසස ද අත් හැර පරලොව යන්නේය. ප්‍රමාද නොවෙව, ධර්මයෙහි හැසිරෙව,
|
56
මාතා ච පිතා ච භාතරො ච, භරියා යාපි ධනෙන හොති කීතා
(භරියාපි ධනෙන හොන්ති අතිත්තා (ක.));
තෙ චාපි ජහන්ති අඤ්ඤමඤ්ඤං, උදයෙ මා පමාද චරස්සු ධම්මං.
|
56
“උදය භද්‍රාවෙනි, මව්පියෝද නැගනීහුද සහෝදරයෝද භාර්යාවෝද ධනයෙන් තෘප්ති රහිතවූවාහු වෙත්. ඔහු තුමූද ඔවුනොවුන් හැරදමත්. එහෙයින් ප්‍රමාද නොවෙව, ධර්මයෙහි හැසිරෙව.
|
57
කායො
ඉත්තරවාසොති ජානියාන, උදයෙ මා පමාද චරස්සු ධම්මං.
|
57
“උදය භද්‍රාවෙනි, මේ ශරීරය අන් සතුන්ගේ භෝජනයයි දැන සංසාරයෙහි සුගතියද දුගතියද ස්වල්ප කාලයක් වාසය කිරීම ඇත්තෙක්යයි දැන ප්‍රමාද නොවෙව, දශ කුශල ධර්මයෙහි හැසිරෙව.
|
58
සාධු භාසතියං
(භාසතයං (සී. පී.)) යක්ඛො, අප්පං මච්චාන ජීවිතං;
කසිරඤ්ච පරිත්තඤ්ච, තඤ්ච දුක්ඛෙන සංයුතං;
සාහං එකා පබ්බජිස්සාමි, හිත්වා කාසිං සුරුන්ධනන්ති.
|
58
“සත්වයන්ගේ ජීවිතය ස්වල්පයයි මේ දෙවතෙම යහපතක් කියන්නේය. කුමක් හෙයින්දයත්, මේ ශරීරය දුක් ඇත්තේද ස්වල්ප කලක් පවත්නේද එය දුකින් යෙදුනක්ද වන්නේය. ඒ මම සුරුන්ධන පුරයද කශීරටද හැර දමා තනිවම පැවිදි වන්නෙමියි” කීය.
|
459. පානීයජාතකං (5) | 459. පානීය ජාතකය |
59
මිත්තො
තෙන පච්ඡා විජිගුච්ඡිං, තං පාපං පකතං මයා;
මා පුන අකරං පාපං, තස්මා පබ්බජිතො අහං.
|
59
“මහරජ, මම එකෙකුට මිත්රවූයේ ඒ මිත්‍රයාගේ නොදෙනලද පැන් පරිභොග කෙළෙමි. ඒ පාපය මා විසින් කරණ ලදී. ඒ කරණකොටගෙණ පසුව පාපයට පිළිකුල් කෙළෙමි. එහෙයින් මම නැවත පාපයක් නොකරන්නෙමියි පැවිදිවූයේ වෙමි.
|
60
පරදාරඤ්ච දිස්වාන, ඡන්දො මෙ උදපජ්ජථ
(උපපජ්ජථ (ස්‍යා. ක.));
තෙන පච්ඡා විජිගුච්ඡිං, තං පාපං පකතං මයා;
මා පුන අකරං පාපං, තස්මා පබ්බජිතො අහං.
|
60
“මහරජාණෙනි, අනුන්ගේ භාර්යාවක්ද දැක මට කාමාශාවෙක් උපන්නේය. ඒ පාපය මා විසින් කරණලදී. ඒ කරණකොටගෙණ පසුව පිළිකුල් කෙළෙමි. එහෙයින් මම නැවත පාපය නොකරන්නෙමියි පැවිදිවූයේ වෙමි.
|
61
පිතරං
තෙසාහං පුච්ඡිතො ජානං, අඤ්ඤථා නං වියාකරිං.
|
61
“මහරජාණෙනි, මාගේ පියා සොරු අල්වාගත්හ. ඒ සොරුන්ට විචාරණලද මම දැන දැන අන් පරිද්දෙකින් එය ප්‍රකාශ කෙළෙමි.
|
62
තෙන පච්ඡා විජිගුච්ඡිං, තං පාපං පකතං මයා;
මා පුන අකරං පාපං, තස්මා පබ්බජිතො අහං.
|
62
“මා විසින් යම් ඒ පාපයක් කරණ ලදද, ඒ හේතුවෙන් පසුව පිළිකුල් කෙළෙමි. එහෙයින් මම නැවත පාපයක් නොකරන්නෙමියි පැවිදිවූයෙමි.
|
63
පාණාතිපාතමකරුං, සොමයාගෙ උපට්ඨිතෙ;
තෙසාහං සමනුඤ්ඤාසිං, තෙන පච්ඡා විජිගුච්ඡිං.
|
63
“සෝම නම් යාගය එළඹ සිටි කල්හි ප්‍රාණඝාතය කළාහුය. ඔවුන්ගේ ඒ කර්මය අනුමෝදන් වූයේවීමි. ඒ කරණකොට ගෙණ පසුව පිළිකුල් කෙළෙමි.
|
64
තං පාපං පකතං මයා, මා පුන අකරං පාපං;
තස්මා පබ්බජිතො අහං.
|
64
“මා විසින් ඒ පාපය කරණලදී. එහෙයින් මම නැවත පාපයක් නොකරන්නෙමියි පැවිදිවූයේ වෙමි.
|
65
සුරාමෙරයමාධුකා
(මධුකා (සී. ස්‍යා. පී.)), යෙ ජනා පඨමාසු නො;
බහූනං තෙ අනත්ථාය, මජ්ජපානමකප්පයුං.
|
65
“සුරාවද මේරයද මිහිරියයි බොන්නාහු අපගේ ගම්හි යම් ජනයෝ පළමු වූවාහුද, ඒ ගම්වැසි ජනයෝ බොහෝ දෙනාට අවැඩ පිණිස මද්‍යපානය කළාහුය.
|
66
තෙසාහං
තං පාපං පකතං මයා, මා පුන අකරං පාපං;
තස්මා පබ්බජිතො අහං.
|
66
“මම ඔවුන්ගේ ඒ කර්මය අනුමෝදන්වූයේ වෙමි. එයින් පසුව පිළිකුල් කෙළෙමි. මා විසින් ඒ පාපය කරණලදී. එහෙයින් මම නැවත පාපයක් නොකරන්නෙමියි පැවිදි වූයේ වෙමි.
|
67
ධිරත්ථු
යෙ අහං පටිසෙවන්තො, නාලභිං තාදිසං සුඛං.
|
67
“යම්බඳුවූ මම කාමයන් සේවනය කරන්නේ එබඳුවූ ධ්‍යාන සුවයෙන් නොලැබුයෙම්ද, දුර්ගන්ධවූ බොහෝ පසමිතුරු කටු ඇති ඉතා බොහෝවූ කාමයන්ට නින්දාවේවා.
|
68
මහස්සාදා සුඛා කාමා, නත්ථි කාමා පරං
(කාමපරං (සී. පී.)) සුඛං;
යෙ කාමෙ පටිසෙවන්ති, සග්ගං තෙ උපපජ්ජරෙ.
|
68
“මහරජ්ජුරුවෙනි, කාමයෝ නම් මහත්වූ ආශ්වාද ඇත්තාහ. සැප ඇත්තාහ. කාමයන් හැර අන් සැපයෙක් නම් නැත්තේය. යම් කෙනෙක් තුමූ කාමයන් සේවනය කෙරෙද්ද, ඔව්හු ස්වර්ගයෙහි උපදනාහ.
|
69
අප්පස්සාදා දුඛා කාමා, නත්ථි කාමා පරං දුඛං;
යෙ කාමෙ පටිසෙවන්ති, නිරයං තෙ උපපජ්ජරෙ.
|
69
“කාමයෝ ස්වල්පවූ ආශ්වාද ඇත්තාහුය. දුක් ඇත්තාහ. කාමයන් හැර අන් දුකක් නැත්තේය. යමෙක් තුමූ කාමයන් සේවනය කෙරෙද්ද, ඔව්හු නරකයෙහි උපදනාහුය.
|
70
අසී යථා සුනිසිතො, නෙත්තිංසොව සුපායිකො
(සුපාසිතො (ක. සී. නිය්‍ය), සුපායිතො (ක. අට්ඨ.));
සත්තීව උරසි ඛිත්තා, කාමා දුක්ඛතරා තතො.
|
70
“මනාව මුවහත් තබන ලද කඩුව යම්සේද, මනාව ඇසුරු කරණ ලද කෲරවූ නෙත්තිංස නම් කඩුව යම්සේද, ලෙහි පහරණ ලද ආයුධයක් යම්සේද, ඊට වඩා කාමයෝ අතිශයින් දුක් ඇත්තාහ.
|
71
අඞ්ගාරානංව ජලිතං, කාසුං සාධිකපොරිසං;
ඵාලංව දිවසංතත්තං, කාමා දුක්ඛතරා තතො.
|
71
“ගිනි අඟුරෙන් දිළිහුනාවූ පුරුෂ ප්‍රමාණයකට අධිකවූ අඟුරුවළක් යම්සේද, දවසක් රත්කරණලද හීවැළක් යම්සේද ඊට වඩා කාමයෝ අතිශයින් දුක් ඇත්තාහ.
|
72
විසං යථා හලාහලං, තෙලං පක්කුථිතං
(උක්කට්ඨිතං (සී. පී.), පක්කුට්ඨිතං (ස්‍යා.)) යථා;
තම්බලොහ
(තම්පලොහං (ස්‍යා.)) විලීනංව, කාමා දුක්ඛතරා තතොති.
|
72
“දරුණු විෂයක් යම්සේද, කකියවන ලද තෙලක් යම්සේද, රත්වීමෙන් දියවූ තඹලෝහයක් යම්සේද ඊට වඩා කාමයෝ ඉතා දුක් ඇත්තාහුය.”
|
460. යුධඤ්චයජාතකං (6) | 460. යුධඤ්ජය ජාතකය |
73
මිත්තාමච්චපරිබ්යූළ්හං
(පරිබ්බූළ්හං (සී. පී.)), අහං වන්දෙ රථෙසභං;
පබ්බජිස්සාමහං රාජ
(පබ්බජිස්සං මහාරාජ (සී. පී.)), තං දෙවො අනුමඤ්ඤතු.
|
73
“මම මිත්‍රාමාත්‍යයන් විසින් පිරිවරණ ලද පියවූ රාජොත්තමයන් වඳිමි. මහරජ මම පැවිදි වන්නෙමි. දෙවයන් වහන්සේ එය අනුදනීවා.
|
74
සචෙ
යො තං හිංසති වාරෙමි, මා පබ්බජ
(පබ්බජි (පී.)) යුධඤ්චය
(යුධඤ්ජය (සී. ස්‍යා.), යුවඤ්ජය (පී.)).
|
74
“යුධඤ්ජය කුමාරය, ඉදින් තොපට කාමයන්ගෙන් අඩුවක් ඇද්ද, මම තොපට එය සම්පූර්ණ කරමි. යමෙක් තොපට හිංසා කෙරේද, ඔහු වළක්වමි. පැවිදි නොවෙව.
|
75
න
දීපඤ්ච කාතුමිච්ඡාමි, යං ජරා නාභිකීරති.
|
75
“කාම සම්පත්වලින් අඩුවක් නොම ඇත. මට හිංසා කරන්නෙක්ද නැත්තේය. යම් හෙයකින් ජරාතොමෝ විනාශය නොකෙරේද, එහෙයින් පිහිටක් කරන්ට කැමැත්තෙමි.
|
76
පුත්තො
නෙගමො තං යාචෙ
(නෙගමො යාචතෙ (සී. ස්‍යා. පී.)) තාත, මා පබ්බජ යුධඤ්චය.
|
76
“පුත්‍ර තෙමේද පියහු යාඥා කරන්නේය. පිය තෙමේද ඖරශ පුත්‍රයා යාඥා කරන්නේය. පුත්‍රය, නියම් ගම් වැසි ජනතෙම යාඥා කෙරෙයි. යුධඤ්ජය නම් පුත්‍රය, පැවිදි නොවෙව,
|
77
මා මං දෙව නිවාරෙහි, පබ්බජන්තං රථෙසභ;
මාහං කාමෙහි සම්මත්තො, ජරාය වසමන්වගූ.
|
77
“රාජොත්තමවූ දෙවයන් වහන්ස, පැවිදිවන්නාවූ මා නොවැළැක්කුව මැනව, මම කාමයන්ගෙන් මත්වූයෙමි ජරාවගේ වසඟයට යන්නෙක් නොවෙම්වා.
|
78
අහං තං තාත යාචාමි, අහං පුත්ත නිවාරයෙ;
චිරං තං දට්ඨුමිච්ඡාමි, මා පබ්බජ යුධඤ්චය.
|
78
“පියාණෙනි, මම ඔබට යාඥා කරමි. පුත්‍ර තෙම කීය. පුත්‍රය, මම වළක්වමි. ඔබ කලක් දක්නට කැමැත්තෙමි. යුධඤ්ජය නම් පුත්‍රය, පැවිදි නොවෙවයි රජ තෙම කීය.
|
79
උස්සාවොව තිණග්ගම්හි, සූරියුග්ගමනං පති;
එවමායු මනුස්සානං, මා මං අම්ම නිවාරය.
|
79
“මෑණියෙනි, සූර්යයාගේ උදාවීමෙහි තණ අග පිනි බිඳු යම්සේද, මිනිසුන්ගේ ආයුෂය මෙසේමය. මා නොවැළැක්කුව මැනව,
|
80
තරමානො ඉමං යානං, ආරොපෙතු
(තරමානා ඉමං යානං, ආරොපෙන්තු (සී. පී.)) රථෙසභ;
මා මෙ මාතා තරන්තස්ස, අන්තරායකරා අහු.
|
80
“රාජොත්තමය, මේ මව තරණය කරණ පුරුෂයෝ යානාවට ආරෝපනය කෙරේවා. මාගේ මව් තොමෝ සසර තරණය කරන්නාවූ මට අන්තරාය කරන්නියක් නොවේවා.
|
81
අභිධාවථ භද්දන්තෙ, සුඤ්ඤං හෙස්සති රම්මකං;
යුධඤ්චයො අනුඤ්ඤාතො, සබ්බදත්තෙන රාජිනා.
|
81
“සබ්බ මිත්‍ර නම් රජු විසින් යුධඤ්ජය කුමාර තෙම පැවිදිවීමට අනුදන්නා ලද්දේය. එහෙයින් තෙපි වහා දිවයව්. ඔබට යහපතක්වේවායි කියව්. රම්ම නම් නගරය මාගේ පුත්‍රයා නික්ම යාමෙන් හිස් වන්නේය.
|
82
යොහු සෙට්ඨො සහස්සස්ස
(මනුස්සානං (ස්‍යා.), සහස්සානං (ක.)), යුවා කඤ්චනසන්නිභො;
සොයං කුමාරො පබ්බජිතො, කාසායවසනො බලී.
|
82
“පුත් කුමරුන් දහසට ශ්‍රේෂ්ඨවූ තරුණවූ ස්වර්ණයට බඳු පැහැ ඇති යමෙක්වීද, ඒ මේ කුමාර තෙම පැවිදිවූයේ කශාවත් පෙරවීම බලකොට ඇත්තේය.
|
83
උභො කුමාරා පබ්බජිතා, යුධඤ්චයො යුධිට්ඨිලො;
පහාය මාතාපිතරො, සඞ්ගං ඡෙත්වාන මච්චුනොති.
|
83
“යුධඤ්ජය කුමාර තෙමේද යුධිෂ්ඨිල කුමාර තෙමේද යන කුමාරයෝ දෙදෙන මව්පියන් හැර මරුවාගේ රාගාදී සංගය සිඳ පැවිදිවූවාහුය.”
|
461. දසරථජාතකං (7) | 461. දශරථ ජාතකය |
84
එථ
එවායං භරතො ආහ, ‘‘රාජා දසරථො මතො’’.
|
84
“මලනුවූ ලක්ෂමණ කුමාරද නැගිනිවූ සීතා දේවියද එව්. දෙදෙනාම මේ ජලයට බසිව්, මෙසේ මේ භරත කුමාර තෙම කියයි. දසරථ රජතෙම කාලක්‍රියා කෙළේය යනුයි.
|
85
කෙන රාමප්පභාවෙන, සොචිතබ්බං න සොචසි;
පිතරං කාලකතං
(කාලඞ්කතං (ක.)) සුත්වා, න තං පසහතෙ දුඛං.
|
85
“රාම කුමාරයන් වහන්ස, කවර ආනුභාවයකින් ශොක කටයුත්තට ශොක නොකෙරෙහිද, පියරජහු කළුරිය කළ බව අසා දුක නුඹ නොපෙලන්නේද,
|
86
යං න සක්කා නිපාලෙතුං, පොසෙන ලපතං බහුං;
ස කිස්ස විඤ්ඤූ මෙධාවී, අත්තානමුපතාපයෙ.
|
86
“බොහෝකොට හඬන්නවුන් අතර යම් බඳුවූවෙකු පුරුෂයා විසින් රක්ෂාකරන්ට නොහැක්කේද, අෂ්ට ලෝක ධර්මයන් දන්නාවූ ඒ ප්‍රාඥ තෙමේ කුමට තමා තවන්නේද,
|
87
දහරා
අඩ්ඪා චෙව දලිද්දා ච, සබ්බෙ මච්චුපරායණා.
|
87
“ලදරුවෝද මහළුවූවෝද යම් අඥාන කෙනෙක් වෙත්නම් ඔහුද යම් පණ්ඩිත කෙනෙක් වෙත් නම් ඔහුද ඓශ්චර්යයෙන් ආඪ්‍ය වූවාහුද දිළින්දෝද යන සියල්ලෝ මරුවා පිහිට කොට ඇත්තාහුය.
|
88
ඵලානමිව පක්කානං, නිච්චං පතනතො භයං;
එවං ජාතාන මච්චානං, නිච්ච මරණතො භයං.
|
88
“පැසීගිය ඵලයන්ගේ වැටීම හේතුකොට ගෙණ නිබඳ භය වන්නේ යම්සේද, එමෙන් උපන් මිනිසුන්ට මරණය හේතුකොටගෙණ බිය ඇති වන්නේය.
|
89
සායමෙකෙ න දිස්සන්ති, පාතො දිට්ඨා බහුජ්ජනා;
පාතො එකෙ න දිස්සන්ති, සායං දිට්ඨා බහුජ්ජනා.
|
89
“උදෑසන දක්නාලද ඇතැම් බොහෝ දෙනා සවස නොදක්නා ලැබෙත්. සවස දක්නාලද සමහර බොහෝ දෙනෙක් උදෑසන නොදක්නා ලැබෙත්.
|
90
පරිදෙවයමානො චෙ, කිඤ්චිදත්ථං උදබ්බහෙ;
සම්මූළ්හො හිංසමත්තානං, කයිරා තං විචක්ඛණො.
|
90
“ඉදින් හඬනු ලබන්නේ කිසි අර්ථයක් එළවන්නේද, ප්‍රාඥතෙම මුළාවූයේ මේ හැඬීම කරන්නේ නම් තමන්ට වෙහෙස කරන්නේය.
|
91
කිසො විවණ්ණො භවති, හිංසමත්තානමත්තනො
(මත්තනා (සී. අට්ඨ. සු. නි. 590));
න තෙන පෙතා පාලෙන්ති, නිරත්ථා පරිදෙවනා.
|
91
“තමහට පීඩා කරන්නේ තමා කෘශවූයේ දුර්වර්ණයෙක් වේ. ඒ හැඬීමෙන් පරලොව ගියාහු නොරැකෙත්. වැළපීම් නිරර්ථක වෙත්.
|
92
යථා සරණමාදිත්තං, වාරිනා පරිනිබ්බයෙ
(වාරිනාවනිබ්බාපයෙ (ස්‍යා. ක.));
එවම්පි ධීරො සුතවා, මෙධාවී පණ්ඩිතො නරො;
ඛිප්පමුප්පතිතං සොකං, වාතො තූලංව ධංසයෙ.
|
92
“යම්සේ ඇවිලගත් ගෘහය ජලයෙන්ම නිවන්නේද එසේම ධෛර්‍ය්‍යවත්වූ ශ්‍රැතවත්වූ නුවණැත්තාවූ පණ්ඩිත පුරුෂ තෙම හටගත් ශෝකය වාතය තෙම පුලුනක් මෙන් නසන්නේය.
|
93
මච්චො එකොව
සංයොගපරමාත්වෙව, සම්භොගා සබ්බපාණිනං.
|
93
“සත්වතෙම හුදකලාවම මෙයින් පරලොවයයි. කුලයෙහි හුදකලාවම උපදියි. සියලු ප්‍රාණීන්ගේ මාතෘ පිතෘ සෙවනාදී සම්භෝගයෝ ආලය සහිත බන්ධනය පරමකොට ඇත්තාහුමය.
|
94
තස්මා හි ධීරස්ස බහුස්සුතස්ස, සම්පස්සතො ලොකමිමං පරඤ්ච;
අඤ්ඤාය ධම්මං හදයං මනඤ්ච, සොකා මහන්තාපි න තාපයන්ති.
|
94
“එහෙයින්ම බහුශ්‍රැතවූ මෙලොවද පරලොවද මනාකොට දක්නාවූ ධර්මය දැන සිටියාවූ ප්රාඥයාගේ හෘදය වස්තුවද සිතද මහත්වූද ශෝකයෝ නොතවත්.
|
95
සොහං දස්සඤ්ච භොක්ඛඤ්ච, භරිස්සාමි ච
(සොහං යසඤ්ච භොගඤ්ච, භරියාපි ච (ස්‍යා. ක.)) ඤාතකෙ;
සෙසඤ්ච පාලයිස්සාමි, කිච්චමෙතං
(කිච්චමෙවං (පී.)) විජානතො.
|
95
“ඒ මම යශසද සම්පත්තියද සුදුස්සන්ට දෙන්නෙමි. නෑයන්ද පොෂණය කරන්නෙමි. රාජ්‍ය සම්පතද පාලනය කරන්නෙමි. නුවණැත්තහුගේ මේ කටයුත්ත වේ.
|
96
දස වස්සසහස්සානි, සට්ඨි වස්සසතානි ච;
කම්බුගීවො මහාබාහු, රාමො රජ්ජමකාරයීති.
|
96
“රන් මිහිඟු බෙරයක්සේ රේඛාතුනකින් යුත් ග්‍රීවා ඇති මහත්වූ බාහු ඇති රාම රජතෙම සොළොස් දහසක් හව්රුදු රාජ්‍යය කරවීය.”
|
462. සංවරජාතකං (8) | 462. සංවර ජාතකය |
97
ජානන්තො
ඉමෙ කුමාරෙ පූජෙන්තො, න තං කෙනචි මඤ්ඤථ.
|
97
“මහරජ, අප පිය මහරජ තෙමේ මේ එකුන්සීයක් පමණ කුමාරයන් ජනපදදීමෙන් පුදන්නේ නුඹ වහන්සේ කිසියම් කුඩා දනව්වකින් පමණවත් පිදිය යුතුයයි මෙනෙහි නොකෙළේය. එසේ කෙළේ නුඹ වහන්සේ රාජ්‍යයෙහි පිහිටවන බව දැනගෙණද,
|
98
තිට්ඨන්තෙ නො මහාරාජෙ, අදු
(ආදු (සී. පී.), ආදූ (ස්‍යා.)) දෙවෙ දිවඞ්ගතෙ;
ඤාතී තං සමනුඤ්ඤිංසු, සම්පස්සං අත්ථමත්තනො.
|
98
“මහරජ, තමාගේ වැඩ මනාකොට දක්නාවූ ඤාතීහු නුඹ වහන්සේට සතුටුවූහ. එසේ කරණ ලද්දේ අපගේ පිය මහරජහු ජීවත්ව සිටින කල්හිද නොහොත් දෙව්ලොව ගිය කල්හිද,
|
99
කෙන සංවරවත්තෙන, සඤ්ජාතෙ අභිතිට්ඨසි;
කෙන තං නාතිවත්තන්ති, ඤාතිසඞ්ඝා සමාගතා.
|
99
“එම්බා සංවර මහරජ, කවර ශීලයකින් සමාන ජාති ඇති එකුන් සියයක් සොහොයුරන් මැඩ සිටිනෙහිද, රැස්වූ ඤාති සමූහයෝ කුමකින් නුඹ වහන්සේ ඉක්මවා නොපවතිද්ද,
|
100
න
සක්කච්චං
|
100
“එම්බා රාජපුත්‍රය, මම කිසිවෙකුට ඊර්ෂ්‍යා නොකරමි. මහර්ෂීවූ තාදී ගුණයෙන් යුක්තවූ ශ්‍රමණයන්ගේ පාවඳිමි. උන්වහන්සේලාට සකස්කොට නමස්කාර කරන්නෙමි.
|
101
තෙ මං ධම්මගුණෙ යුත්තං, සුස්සූසමනුසූයකං;
සමණා මනුසාසන්ති
(සමනුසාසන්ති (සී. ස්‍යා. පී.)), ඉසී ධම්මගුණෙ රතා.
|
101
“ධර්මගුණයෙහි යෙදුනාවූ කීකරුවූ මොහු කීකරුයයි දැන කරණ අනුශාසනා අසන්නාවූ මට ඍෂි ධර්ම ගුණයෙහි ඇළුනාවූ ඒ ශ්‍රමණයෝ අනුශාසනා කෙරෙත්.
|
102
තෙසාහං වචනං සුත්වා, සමණානං මහෙසිනං;
න කිඤ්චි අතිමඤ්ඤාමි, ධම්මෙ මෙ නිරතො මනො.
|
102
“මම මහර්ෂීවූ ඒ ශ්රමණයන් වහන්සේලාගේ අනුශාසනාව අසා කිසිවක් නොඉක්මවමි. එහෙයින් මාගේ සිත ධර්මයෙහි ඇළුනේය.
|
103
හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා;
තෙසං
(තෙසු (පී.)) නප්පටිබන්ධාමි, නිවිට්ඨං
(නිබද්ධං (සී. පී.)) භත්තවෙතනං.
|
103
“හස්ත්යාරෝහකයෝය, බලඇනිවල සිටියාහුය. රථාරෝහකයෝය. පාබල සේනාවෝය යන ඔවුන්ගේ නිබඳ බත් වැටුප් නොවළක්වමි.
|
104
මහාමත්තා ච මෙ අත්ථි, මන්තිනො පරිචාරකා;
බාරාණසිං වොහරන්ති, බහුමංසසුරොදකං.
|
104
“චතුෂ්කර්ණාදී මන්ත්‍ර පාරගතවූ මහ ඇමැතියෝද මට ඇත්තාහ. සෙසු පිරිවර ඇමැතියෝද ඇත්තාහ. බරණැස බොහෝවූ මස් අවුළු සුරාපානාදිය ඇතැයි ව්‍යවහාර කෙරෙත්.
|
105
අථොපි වාණිජා ඵීතා, නානාරට්ඨෙහි ආගතා;
තෙසු මෙ විහිතා රක්ඛා, එවං ජානාහුපොසථ.
|
105
“තවද සමෘද්ධවූ නොයෙක් රටින් මෙහි පැමිණි වණික් ජනයෝ ඇද්ද, ඔවුන් කෙරෙහිද මා විසින් ආරක්ෂාව කරණ ලද්දීය. එම්බා සොහොවුරු උපොසථය, මෙසේ දනුව,
|
106
ධම්මෙන කිර ඤාතීනං, රජ්ජං කාරෙහි සංවර;
මෙධාවී පණ්ඩිතො චාසි
(චාපි (සී. පී.)), අථොපි ඤාතිනං හිතො.
|
106
“එම්බා සංවර මහරජ, නෑයන් පිළිබඳවූ ධර්මයෙන් වනාහි රාජ්‍යය කරණු මැනව, නුවණැත්තාවූ පණ්ඩිතතෙමේ නැවතද නෑයන්ට හිතවූවෙක්ම වෙහිය.
|
107
තං තං ඤාතිපරිබ්යූළ්හං, නානාරතනමොචිතං;
අමිත්තා නප්පසහන්ති, ඉන්දංව අසුරාධිපොති.
|
107
“ඒ ඒ නෑයන් විසින් පිරිවරණලද රැස්කොට තබන ලද නොයෙක් රත්න ඇති නුඹවහන්සේ වේපචිත්ති අසුර රජතෙම ශක්‍රයා මෙන් පසමිතුරෝ නොමැඩලිය හැක්කාහු වෙත්.”
|
463. සුප්පාරකජාතකං (9) | 463. සුප්පාරක ජාතකය |
108
උම්මුජ්ජන්ති
සුප්පාරකං
|
108
“දැලිපිහි මුවහත් බඳු නැහැ ඇති මිනිස් රූ ඇති මත්ස්‍යයෝ මේ සාගරයෙහි මතුවෙත්. යට ගිලෙත්. සුප්පාරක පණ්ඩිත නම්වූ නුඹවහන්සේ ඒ කාරණය විචාරමු. මේ සාගරයතෙම කවරේද,
|
109
කුරුකච්ඡා
(භරුකච්ඡා (සී. ස්‍යා. පී. අට්ඨ.)) පයාතානං, වාණිජානං ධනෙසිනං;
නාවාය විප්පනට්ඨාය, ඛුරමාලීති වුච්චති.
|
109
“භරුකච්ඡා නම් පටුනු ගමින් පැමිණියාවූ ධන සොයන වෙළඳුන්ගේ විනාශවූ නෞකා ඇතිවේ. සමුද්‍රය පුරවාලීයයි කියනු ලැබේ.
|
110
යථා අග්ගීව සුරියොව
(අග්ගි සුරියො ච (ස්‍යා.), අග්ගීව සූරියො (ක.)), සමුද්දො පටිදිස්සති;
සුප්පාරකං තං පුච්ඡාම, සමුද්දො කතමො අයං.
|
110
“ගිනි මෙන්ද, හිරු මෙන්ද මේ සමුද්‍රයතෙම දක්නා ලැබේ. සුප්පාරක නම් නුඹවහන්සේ එය විචාරමි. මේ සමුද්‍රය තෙම කවරේද,
|
111
කුරුකච්ඡා පයාතානං, වාණිජානං ධනෙසිනං;
නාවාය විප්පනට්ඨාය, අග්ගිමාලීති වුච්චති.
|
111
“භරුකච්ඡානම් තොටින් පැමිණියාවූ ධන සොයන වෙළඳුන්ගේ විනාශවූ නෞකා ඇති මේ මුහුදට අග්ගිමාලී යයි කියනු ලැබේ.
|
112
යථා දධීව ඛීරංව
(දධි ච ඛීරං ච (ස්‍යා.), එවමුපරිපි), සමුද්දො පටිදිස්සති;
සුප්පාරකං තං පුච්ඡාම, සමුද්දො කතමො අයං.
|
112
“දීමෙන්ද, කිරීමෙන්ද, මේ මුහුද දක්නාලැබේ. සුප්පාරක නම්වූ නුඹවහන්සේ එය විචාරමි. මේ මුහුද කවරේද,
|
113
කුරුකච්ඡා
නාවාය විප්පනට්ඨාය, දධිමාලීති
(ඛීරමාලීති (ක.)) වුච්චති.
|
113
“භරුකච්ඡා නම් නැව්තොටින් පැමිණියාවූ ධන සොයන වෙළඳුන්ගේ විනාශවූ නෞකා ඇති මේ මුහුදට ඛිරවාලීයයි කියනු ලැබේ.
|
114
යථා කුසොව සස්සොව, සමුද්දො පටිදිස්සති;
සුප්පාරකං තං පුච්ඡාම, සමුද්දො කතමො අයං.
|
114
“කුශතණ මෙන්ද, තරුණ ශෂ්‍ය මෙන්ද මේ සමුද්‍රය තෙම දක්නාලැබේ. සුප්පාරක නම්වූ ඔබවහන්සේ එය විචාරමි. මේ සමුද්‍රයතෙම කවරේද,
|
115
කුරුකච්ඡා පයාතානං, වාණිජානං ධනෙසිනං;
නාවාය විප්පනට්ඨාය, කුසමාලීති වුච්චති.
|
115
“භරුකච්ඡා නම් පටුනු ගමින් පිටත්ව ගියාවූ ධන සොයන වෙළඳුන්ගේ විනාශවූ නෞකා ඇති මෙයට කුශමාලීයයි කියනු ලැබේ.
|
116
යථා නළොව වෙළූව, සමුද්දො පටිදිස්සති;
සුප්පාරකං තං පුච්ඡාම, සමුද්දො කතමො අයං.
|
116
“බට මෙන්ද, හුණමෙන්ද, මේ සමුද්‍රයතෙම දක්නා ලැබේ. සුප්පාරක පණ්ඩිතයන් වහන්සේ ඒ කාරණය විචාරමි. මේ සමුද්‍රයතෙම කවරේද,
|
117
කුරුකච්ඡා පයාතානං, වාණිජානං ධනෙසිනං;
නාවාය විප්පනට්ඨාය, නළමාලීති වුච්චති.
|
117
“භරුකච්ඡා නම් පටුනුගමින් පිටත්ව ගියාවූ ධන සොයන වෙළඳුන්ගේ විනෂ්ටවූ නෞකා ඇති මෙයට නලවාලී යයි කියනු ලැබේ.
|
118
මහබ්භයො භිංසනකො, සද්දො සුය්යතිමානුසො
(සමුද්දො සුය්යත’මානුසො (සී. පී. අට්ඨ.));
යථා
සුප්පාරකං තං පුච්ඡාම, සමුද්දො කතමො අයං.
|
118
“මහත් භය ඇති බිය එළවන්නාවූ අමනුෂ්‍ය හඬ ඇසේ. සමුද්‍රයතෙම හැමපැත්තෙන් බිඳීගිය හෙබක් මෙන්ද එක් පසකින් රැළ නැඟීමෙන් ප්‍රකාශයක් මෙන්ද දක්නා ලැබේ සුප්පාරක පණ්ඩිතයන් වහන්සේ එය විචාරමි. මේ සමුද්‍රයතෙම කවරේද,
|
119
කුරුකච්ඡා
නාවාය විප්පනට්ඨාය, බළවාමුඛීති
(වළභාමුඛීති (සී. ස්‍යා.), බලවාමුඛීති (ස්‍යා. ක.)) වුච්චති.
|
119
“භරුකච්ඡා නම් පටුනු ගමින් පැමිණියාවූ ධන සොයන වෙළඳුන්ගේ විනාශවූ නෞකා ඇති මෙයට වළවාමුඛී යයි කියනු ලැබේ.”
|
120
යතො සරාමි අත්තානං, යතො පත්තොස්මි විඤ්ඤුතං;
නාභිජානාමි සඤ්චිච්ච, එකපාණම්පි හිංසිතං;
එතෙන සච්චවජ්ජෙන, සොත්ථිං නාවා නිවත්තතූති.
|
120
යම් කලක පටන් තමන් සිහි කෙරෙම්ද, යම් කලක පටන් නුවණැති බවට පැමිණියෙම්ද, මෙදෑතුර දැනගෙණ එක් කුඩා සතෙකු පවා නසන ලද්දේ නොදනිමි. මේ සත්‍ය වචන බලයෙන් නැව සුවසේ පවතීවා.”
|