10. දසකනිපාතො | 10. දශක නිපාතය |
439. චතුද්වාරජාතකං (1) | 439. චතුද්වාර ජාතකය |
1
චතුද්වාරමිදං
ඔරුද්ධපටිරුද්ධොස්මි, කිං පාපං පකතං මයා.
|
1
“මේ නුවර සතර දොරටුවක් ඇත්තේය. අයොමයවූ දැඩිවූ තොරණ ඇත්තේය. ඇතුල් කොට හාත්පස පව්රෙන් වටකරණ ලද්දේ වෙමි. මා විසින් කිනම් පාපයක් කරණ ලදද,
|
2
සබ්බෙ අපිහිතා ද්වාරා, ඔරුද්ධොස්මි යථා දිජො;
කිමාධිකරණං යක්ඛ, චක්කාභිනිහතො අහං.
|
2
“යක්ෂය, සියලු දොරටු වසනලදහ. පක්ෂියෙකු මෙන් ගමන් වලකන ලද්දේ වෙමි. කවර කරුණකින් මම චක්‍රයෙන් ගසන ලද්දෙම්ද,
|
3
ලද්ධා සතසහස්සානි, අතිරෙකානි වීසති;
අනුකම්පකානං ඤාතීනං, වචනං සම්ම නාකරි.
|
3
“යහළුව, තෝ දහසක් ලැබ වෙළඳාමෙන් ලක්ෂයක් හා අධිකවූ විසිදහසක් ලැබ අනුකම්පා ඇත්තාවූ නෑයන්ගේ කීම නොකෙළේය. නැව ඉක්ම යාමට සමර්ථවූ අල්පවූ සිද්ධිය ඇති සාගර නම්වූ මුහුදට පැන ගියෙහිය.
|
4
ලඞ්ඝිං සමුද්දං පක්ඛන්දි, සාගරං අප්පසිද්ධිකං;
චතුබ්භි අට්ඨජ්ඣගමා, අට්ඨාහිපි ච සොළස.
|
4
“සතර දෙනෙකුගෙන් නොසතුටුව අටදෙනෙකු ලඟට ගියේය. අට දෙනෙකුගෙන් නොසතුටුව සොළොස් දෙනෙකු ළඟට ගියේය. සොළොස් දෙනෙකුගෙන් නො සතුටුව දෙතිස් දෙනෙකු ළඟට ගියේය. වැඩි වැඩියක් කැමැත්තේ ක්ෂුරචක්රයට ළංවීය. තෘෂ්ණාවෙන් නසනලද පුරුෂයාගේ මතුයෙහි ක්ෂුර චක්‍රය කැරකේ.
|
5
සොළසාහි ච බාත්තිංස, අත්රිච්ඡං චක්කමාසදො;
ඉච්ඡාහතස්ස පොසස්ස, චක්කං භමති මත්ථකෙ.
|
5 |
6
උපරිවිසාලා දුප්පූරා, ඉච්ඡා විසටගාමිනී
(විසටගාමිනිං (පී. ක.));
යෙ ච තං අනුගිජ්ඣන්ති, තෙ හොන්ති චක්කධාරිනො.
|
6
“මතුයෙහි විශාලවන්නාවූ, නොපිරවිය හැක්කාවූ පඤ්චකාමයන්හි ආශාවෙන් පැතිර යන්නාවූ ඒ තෘෂ්ණාව අනුව යම් කෙනෙක් ගිජුවෙද්ද, ඔව්හු ක්ෂුරචක්රය දරන්නාහු වෙත්.
|
7
බහුභණ්ඩං
(බහුං භණ්ඩං (සී. පී.)) අවහාය, මග්ගං අප්පටිවෙක්ඛිය;
යෙසඤ්චෙතං අසඞ්ඛාතං, තෙ හොන්ති චක්කධාරිනො.
|
7
“බොහෝවූ වස්තුව හැරදමා මාර්ගය නොබලා යම් කෙනෙකුන්ගේ සිත පරීක්ෂාකාරී නොවේද, ඔව්හු ක්ෂුරචක්රය දරන්නාහුවෙත්.
|
8
කම්මං සමෙක්ඛෙ විපුලඤ්ච භොගං, ඉච්ඡං
කරෙය්ය වාක්යං අනුකම්පකානං, තං තාදිසං නාතිවත්තෙය්ය චක්කං.
|
8
“යමෙක් තෙම තමා විසින් කළයුත්තද සලකා බලා මහත්වූ සම්පත්තියද බලා අනර්ථයෙන් යුක්තවූ ආශාව සේවනය නොකරන්නේද, අනුකම්පා ඇත්තවුන්ගේ කීම කරන්නේද, එබඳුවූ පුරුෂයා මේ ක්ෂුර චක්‍රය මැඩනොපවත්නේය.
|
9
කීවචිරං නු මෙ යක්ඛ, චක්කං සිරසි ඨස්සති;
කති වස්සසහස්සානි, තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
|
9
“යක්ෂය, මේ ක්ෂුර චක්‍රය මාගේ හිසෙහි කෙතෙක් කල් කෙතෙක් අවුරුදු දහස්ගණන් සිටින්නේද, එය මට විචාරණ ලද්දෙහි කියව,
|
10
අතිසරො පච්චසරො
(අච්චසරො (සී. ස්‍යා. පී.)), මිත්තවින්ද සුණොහි මෙ;
චක්කං තෙ සිරසි
(සිරස්මි (ස්‍යා.)) මාවිද්ධං, න තං ජීවං පමොක්ඛසීති.
|
10
“මිත්ත වින්දකය, මාගේ වචනය අසව, තෝ වනාහි ඉතා දොස් ඇත්තෙහි බලවත්වූ දොස් ඇත්තෙහි තාගේ හිසෙහි ඇවිණෙනලද ඒ චක්‍රය ජීවත්වන්නේ නො මුදන්නෙහිය.”
|
440. කණ්හජාතකං (2) | 440. කණ්හ ජාතකය |
11
කණ්හො
කණ්හෙ භූමිපදෙසස්මිං, න මය්හං මනසො පියො.
|
11
“ඒකාන්තයෙන් කළුවූ මේ පුරුෂතෙම කළුවූ භොජනය අනුභව කරයි. කළුවූ භූමිප්‍රදේශයෙහි වේ. මාගේ සිතට ප්‍රිය නොවේ.
|
12
න කණ්හො තචසා හොති, අන්තොසාරො හි බ්රාහ්මණො;
යස්මිං පාපානි කම්මානි, ස වෙ කණ්හො සුජම්පති.
|
12
“ශක්‍රය, සමින් කළුනම් නොවෙයි. ඇතුළත හර ඇත්තේ බ්‍රාහ්මණ නම් වේ. යමෙකු කෙරෙහි පාපකර්මයෝ ඇද්ද, හෙතෙම ඒකාන්තයෙන් කෘෂ්ණවේ.
|
13
එතස්මිං තෙ සුලපිතෙ, පතිරූපෙ සුභාසිතෙ;
වරං බ්‍රාහ්මණ තෙ දම්මි, යං කිඤ්චි මනසිච්ඡසි.
|
13
“බ්‍රාහ්මණය, තාගේ සුදුසුවූ මේ යහපත් කීම නිමිති කොට යම් කිසිවක් සිතින් කැමැත්තෙහි නම් එබඳු වරයක් තට දෙමි.
|
14
වරඤ්චෙ මෙ අදො සක්ක, සබ්බභූතානමිස්සර;
සුනික්කොධං සුනිද්දොසං, නිල්ලොභං වුත්තිමත්තනො;
නිස්නෙහමභිකඞ්ඛාමි, එතෙ මෙ චතුරො වරෙ.
|
14
“සියලු දේවතාවන්ට අධිපතිවූ ශක්‍රය, ඉදින් මට වරයක් දෙන්නෙහි නම් විශේෂයෙන් ක්‍රොධ රහිතවූ විශේෂයෙන් ද්වේෂ රහිතවූ නිර්ලෝභීවූ ස්නෙහ රහිතවූ තමාගේ ප්‍රවෘත්තිය ප්‍රාර්ථනා කෙරෙමි. මට මේ සතර වරයන් දෙව,
|
15
කිං නු කොධෙ වා
(කොධෙව (සී. පී.)) දොසෙ වා, ලොභෙ ස්නෙහෙ ච බ්‍රාහ්මණ;
ආදීනවං
|
15
“බ්‍රාහ්මණය, ක්‍රෝධයෙහි හෝ ද්වේෂයෙහි හෝ ලාභයෙහි හෝ ස්නේහයෙහි හෝ කිනම් ආදීනවයක් සිහිකරන්නෙහිද, මට ඒ කාරණය විචාරණ ලද්දේ කියව,
|
16
අප්පො හුත්වා බහු හොති, වඩ්ඪතෙ සො අඛන්තිජො;
ආසඞ්ගී බහුපායාසො, තස්මා කොධං න රොචයෙ.
|
16
“නොඉවසීමෙන් උපන්නාවූ මේ ක්‍රෝධයතෙම පළමු මදව ඉපිද පසුව බොහෝ වේ. නැවත වැඬේ. ඇලෙන්නේය. බොහෝවූ සිත් තැවුල්ද ඇත්තේය. එහෙයින් ක්‍රෝධය නො කැමැත්තෙමි.
|
17
දුට්ඨස්ස ඵරුසා
(පඨමා (පී. සී. නිය්‍ය)) වාචා, පරාමාසො අනන්තරා;
තතො පාණි තතො දණ්ඩො, සත්ථස්ස පරමා ගති
(පරාමසති (ක.));
දොසො කොධසමුට්ඨානො, තස්මා දොසං න රොචයෙ.
|
17
“දුෂ්ටයාගේ පළමු ඵරුෂ වචනයවේ. අනතුරුව අතින් ඇල්ලීම වේ. ඉන්පසුව පොරබැදීම වන්නේය. ඊට අනතුරුව දඬු පහර වන්නේය. ඉන්පසු කොපයෙන් ආයුධයෙන් ගසන්නේය. ද්වේෂයතෙම ක්‍රෝධයෙන් උපදනේය. මෙබඳු ද්වේෂය නොකැමැත්තෙමි.”
|
18
ආලොපසාහසාකාරා
(සහසාකාරා (සී. ස්‍යා. පී.)), නිකතී වඤ්චනානි ච;
දිස්සන්ති ලොභධම්මෙසු, තස්මා ලොභං න රොචයෙ.
|
18
“ගම් පැහැරීමද බලාත්කාරයෙන් ගැණීමද වංචාවෙන් ගැනීමද යන මොහු ලෝභ ධර්මයන් අතුරෙහි දක්නා ලැබෙත්. එහෙයින් ලෝභය නොකැමැත්තෙමි.
|
19
ස්නෙහසඞ්ගථිතා
(සඞ්ගධිතා (ක.), සඞ්ගන්තිතා (ස්‍යා.)) ගන්ථා, සෙන්ති මනොමයා පුථූ;
තෙ භුසං උපතාපෙන්ති, තස්මා ස්නෙහං න රොචයෙ.
|
19 |
20
එතස්මිං තෙ සුලපිතෙ, පතිරූපෙ සුභාසිතෙ;
වරං බ්‍රාහ්මණ තෙ දම්මි, යං කිඤ්චි මනසිච්ඡසි.
|
20 |
21
වරඤ්චෙ මෙ අදො සක්ක, සබ්බභූතානමිස්සර;
අරඤ්ඤෙ මෙ විහරතො, නිච්චං එකවිහාරිනො;
ආබාධා මා
(න (ස්‍යා. පී.)) උප්පජ්ජෙය්යුං, අන්තරායකරා භුසා.
|
21
“සියලු දෙවතාවන්ට අධිපතිවූ ශක්‍රය, ඉදින් මට වරයක් දෙන්නෙහි නම් වනයෙහි වසන්නාවූ නිතර තනිව වාසය කරන්නාවූ මට අතිශයින් තපසට අන්තරාය කරන්නාවූ ආබාධයෝ නූපදින්නාහුද, එබඳු වරයක් කැමැත්තෙමි.
|
22
එතස්මිං
වරං බ්‍රාහ්මණ තෙ දම්මි, යං කිඤ්චි මනසිච්ඡසි.
|
22 |
23
වරඤ්චෙ
න මනො වා සරීරං වා, මං-කතෙ සක්ක කස්සචි;
කදාචි
|
23
“සියලු භූතයන්ට අධිපතිවූ ශක්‍රය, ඉදින් මට වරයක් දෙන්නෙහි නම් මා පිණිසවූ කිසිවක්හුගේ සිත හෝ කය හෝ වචනය හෝ කිසිකලෙක්හි අපිරිසිදු බවකට නොපැමිණෙන්නේ නම් ශක්‍රය, මෙබඳුවූ වරයක් කැමැතිවන්නෙමි.”
|
441. චතුපොසථියජාතකං (3) | 441. චතුපොසථ ජාතකය |
24
යො කොපනෙය්යෙ න කරොති කොපං, න කුජ්ඣති සප්පුරිසො කදාචි;
කුද්ධොපි සො නාවිකරොති කොපං, තං වෙ නරං සමණමාහු
(සමණං ආහු (සී.)) ලොකෙ.
|
24
[මෙම ජාතකය අඩුය]
|
25
ඌනූදරො යො සහතෙ ජිඝච්ඡං, දන්තො තපස්සී මිතපානභොජනො;
ආහාරහෙතු න කරොති පාපං, තං වෙ නරං සමණමාහු ලොකෙ.
|
25 |
26
ඛිඩ්ඩං රතිං විප්පජහිත්වාන සබ්බං, න චාලිකං භාසසි කිඤ්චි ලොකෙ;
විභූසට්ඨානා විරතො මෙථුනස්මා, තං වෙ නරං සමණමාහු ලොකෙ.
|
26 |
27
පරිග්ගහං ලොභධම්මඤ්ච සබ්බං, යො වෙ පරිඤ්ඤාය පරිච්චජෙති;
දන්තං ඨිතත්තං අමමං නිරාසං, තං වෙ නරං සමණමාහු ලොකෙ.
|
27 |
28
පුච්ඡාම
ඡින්දජ්ජ කඞ්ඛං විචිකිච්ඡිතානි, තදජ්ජ
(තයාජ්ජ (සී.)) කඞ්ඛං විතරෙමු සබ්බෙ.
|
28 |
29
යෙ
කථං නු කථානං අභාසිතානං, අත්ථං නයෙය්යුං කුසලා ජනින්දා.
|
29 |
30
කථං හවෙ භාසති නාගරාජා, ගරුළො පන වෙනතෙය්යො කිමාහ;
ගන්ධබ්බරාජා පන කිං වදෙසි, කථං පන කුරූනං රාජසෙට්ඨො.
|
30 |
31
ඛන්තිං හවෙ භාසති නාගරාජා, අප්පාහාරං ගරුළො වෙනතෙය්යො;
ගන්ධබ්බරාජා රතිවිප්පහානං, අකිඤ්චනං කුරූනං රාජසෙට්ඨො.
|
31 |
32
සබ්බානි එතානි සුභාසිතානි, න හෙත්ථ දුබ්භාසිතමත්ථි කිඤ්චි;
යස්මිඤ්ච එතානි පතිට්ඨිතානි, අරාව
චතුබ්භි ධම්මෙහි සමඞ්ගිභූතං, තං වෙ නරං සමණමාහු ලොකෙ.
|
32 |
33
තුවඤ්හි
(තුවං නු (සී. පී.)) සෙට්ඨො ත්වමනුත්තරොසි, ත්වං ධම්මගූ ධම්මවිදූ සුමෙධො;
පඤ්ඤාය පඤ්හං සමධිග්ගහෙත්වා, අච්ඡෙච්ඡි ධීරො විචිකිච්ඡිතානි;
අච්ඡෙච්ඡි කඞ්ඛං විචිකිච්ඡිතානි, චුන්දො යථා නාගදන්තං ඛරෙන.
|
33 |
34
නීලුප්පලාභං විමලං අනග්ඝං, වත්ථං ඉදං ධූමසමානවණ්ණං;
පඤ්හස්ස
|
34 |
35
සුවණ්ණමාලං
පඤ්හස්ස වෙය්යාකරණෙන තුට්ඨො, දදාමි තෙ ධම්මපූජාය ධීර.
|
35 |
36
මණිං අනග්ඝං රුචිරං පභස්සරං, කණ්ඨාවසත්තං
(වසිතං (ක.)) මණිභූසිතං මෙ;
පඤ්හස්ස වෙය්යාකරණෙන තුට්ඨො, දදාමි තෙ ධම්මපූජාය ධීර.
|
36 |
37
ගවං සහස්සං උසභඤ්ච නාගං, ආජඤ්ඤයුත්තෙ ච රථෙ දස ඉමෙ;
පඤ්හස්ස වෙය්යාකරණෙන තුට්ඨො, දදාමි තෙ ගාමවරානි සොළස.
|
37 |
38
සාරිපුත්තො තදා නාගො, සුපණ්ණො පන කොලිතො;
ගන්ධබ්බරාජා අනුරුද්ධො, රාජා ආනන්ද පණ්ඩිතො;
විධුරො බොධිසත්තො ච, එවං ධාරෙථ ජාතකන්ති.
|
38 |
442. සඞ්ඛජාතකං (4) | 442. සංඛ ජාතකය |
39
බහුස්සුතො සුතධම්මොසි සඞ්ඛ, දිට්ඨා තයා සමණබ්රාහ්මණා ච;
අථක්ඛණෙ දස්සයසෙ විලාපං, අඤ්ඤො නු කො තෙ පටිමන්තකො මයා.
|
39
“සංඛ නම් බ්‍රාහ්මණය, නුඹ වනාහි බහුශ්‍රැතවූයේ අසනලද ධර්ම ඇත්තේවෙහිය. ඔබ විසින් මහණ බමුණෝද, දක්නාලදහ. එසේ ඇතිකල්හි නුසුදුසු කාලයෙහි වැළපීම දක්වන්නෙහිය. මා හැර ප්‍රතිවචන දෙන්නාවූ අනික් කවරෙක්වේද,
|
40
සුබ්භූ
(සුබ්භා (ස්‍යා.), සුම්භා, සුභ්මා (ක.)) සුභා සුප්පටිමුක්කකම්බු, පග්ගය්හ සොවණ්ණමයාය පාතියා;
‘‘භුඤ්ජස්සු භත්තං’’ ඉති මං වදෙති, සද්ධාවිත්තා
(සද්ධාචිත්තා (සී. පී. ක.)), තමහං නොති බ්රූමි.
|
40
“මනා බැම ඇති. සිත් කළුවූ මනාකොට බහා ලන ලද ස්වර්ණාභරණ ඇති ස්ත්‍රියක් ස්වර්ණමයවූ තලියක් දෙඅතින් ගෙන සතුටු සිත් ඇත්තී බත් අනුභව කරවයි. මෙසේ මට කියයි. ඈට මම නොකැමැත්තෙමියි කියමි.
|
41
එතාදිසං
උට්ඨෙහි නං පඤ්ජලිකාභිපුච්ඡ, දෙවී නුසි ත්වං උද මානුසී නු.
|
41
“බ්‍රාහ්මණය, තමහට සුව කැමැත්තාවූ පුරුෂතෙම මෙබඳුවූ යක්ෂයා දැක විචාරන්නේය. එහෙයින් නැගී සිටුව, ඔහු ඇදිළි බඳනාලද්දේ නුඹ දෙවතා දුවක් වෙහිද, නොහොත් මනුෂ්‍ය ස්ත්‍රියක් වෙහිදැයි විචාරව.
|
42
යං ත්වං සුඛෙනාභිසමෙක්ඛසෙ මං, භුඤ්ජස්සු භත්තං ඉති මං වදෙසි;
පුච්ඡාමි තං නාරි මහානුභාවෙ, දෙවී නුසි ත්වං උද මානුසී නු.
|
42
“මහත් ආනුභව ඇති ස්ත්‍රිය යම්හෙයකින් නුඹ සුවසේ මා බලන්නෙහිද? නුඹ බත් අනුභව කරවයි. මෙසේ මට කියන්නෙහිද, තී විචාරමි. නුඹ දෙව්දුවක් වෙහිද, මනුෂ්‍ය ස්ත්‍රියක් වෙහිදැයි විචාළේය.
|
43
දෙවී අහං සඞ්ඛ මහානුභාවා, ඉධාගතා සාගරවාරිමජ්ඣෙ;
අනුකම්පිකා නො ච පදුට්ඨචිත්තා, තවෙව අත්ථාය ඉධාගතාස්මි.
|
43
“සංඛ නම් බ්‍රාහ්මණය, සමුද්‍ර ජලය මධ්‍යයෙහි මෙතනට ආවාවූ මම මහත් ආනුභාව ඇති දෙව්දුවක්මි. අනුකම්පා ඇත්තී තොපටම වැඩ සඳහා මෙතැනට පැමිණියෙමි. ඉතා දූෂ්‍යවූ සිත් ඇත්තී නොපැමිණියාද වෙමි.
|
44
ඉධන්නපානං සයනාසනඤ්ච, යානානි නානාවිවිධානි සඞ්ඛ;
සබ්බස්ස ත්යාහං පටිපාදයාමි, යං කිඤ්චි තුය්හං මනසාභිපත්ථිතං.
|
44
“සංඛනම් බ්‍රාහ්මණය, ඒ ඔබගේ සිතින් යම්කිසිවක් කැමතිවන ලදද, එසේවූ ආහාර පානයද ශයනාසනද අනෙකප්‍රකාරවූ යානාවන්ද යන මේ සිල්ලම මම පිළියෙල කොට දෙමි.
|
45
යං කිඤ්චි යිට්ඨඤ්ච හුතඤ්ච
(යිට්ඨංව හුතංව (සී. පී.)) මය්හං, සබ්බස්ස නො ඉස්සරා ත්වං සුගත්තෙ;
සුසොණි සුබ්භමු
(සුබ්භු (සී.), සුබ්භා (ස්‍යා.)) සුවිලග්ගමජ්ඣෙ
(සුවිලාකමජ්ඣෙ (ස්‍යා. පී. සී. අට්ඨ.), සුවිලාතමජ්ඣෙ (ක.)), කිස්ස මෙ කම්මස්ස අයං විපාකො.
|
45
“මනාවූ ගාත්‍ර ඇති මනාවූ කටිපෙදෙස් ඇති මනාවූ බැම ඇති, මනාවූ මධ්‍ය ප්‍රදෙශ ඇති තැනැත්තිය මාගේ යම්කිසි දෙනලද දානයක් හෝ කරණ ලද ආගන්තුග සත්කාරයක් හෝ ඇද්ද, අපගේ ඒ සියල්ලට නුඹ අධිපතිය. මාගේ කවර කර්මයක්හුගේ මේ විපාකය වේද,
|
46
ඝම්මෙ
පටිපාදයී සඞ්ඛ උපාහනානි
(උපාහනාහි (සී. පී.)), සා දක්ඛිණා කාමදුහා තවජ්ජ.
|
46
“බ්‍රාහ්මණය, ග්‍රීෂ්ම කාලයෙහි මාර්ගයෙහි හුණු වැල්ලෙහි ගැටුණු පා ඇති පිපාසිතවූ ක්ලාන්තවූ එක් පසේ බුදු කෙනෙකුට වහන් සඟලක් පිළියෙල කොට දුන්නේය. ඒ තා දුන් දානය තොපට අද කැමති සම්පත් දෙන්නෙහිය.
|
47
සා
අඤ්ඤස්ස යානස්ස න හෙත්ථ
(න හත්ථි (පී.)) භූමි, අජ්ජෙව මං මොළිනිං පාපයස්සු.
|
47
“අනික් යානාවකට භූමියක් නොම ඇත්තේය. එහෙයින් ඒ නැව නොයෙක් පුවරුයෙන් යුක්තවූවා දිය නොවැදගන්නී අනුකූලවාතයෙන් යුක්තවූවක් වේවා. අදම මා මෝලිනී නම් නුවරට පමුණුවාවා.
|
48
සා
ආදාය සඞ්ඛං පුරිසෙන සද්ධිං, උපානයී නගරං සාධුරම්මන්ති.
|
48
“එතැන්හිලා ප්‍රීතියෙන් යුක්තවූ සුන්දර සිත් ඇත්තාවූ සතුටුවූ ඒ දෙව්දුව විචිත්‍රවූ නැවක් මවාගෙන සහචර පුරුෂයා සමග සංඛ නම් බ්‍රාහ්මණයා ගෙන ගොස් ඉතා රම්‍යවූ මෝලිනී නම් නුවරට පැමිණවීය.”
|
443. චූළබොධිජාතකං (5) | 443. චුල්ලබොධි ජාතකය |
49
යො තෙ ඉමං විසාලක්ඛිං, පියං සම්හිතභාසිනිං
(සම්මිල්ලභාසිනිං (සී. පී.), සම්මිල්ලහාසිනිං (ස්‍යා.));
ආදාය බලා ගච්ඡෙය්ය, කිං නු කයිරාසි බ්‍රාහ්මණ.
|
49
“බමුණ, යමෙක්තෙම තොපගේ මහත්වූ ඇස් ඇති මඳ සිනාවෙන් යුක්තව බණන්නාවූ ප්‍රියාව බලාත්කාරයෙන් හැරගෙන යන්නේනම් කුමක් කරන්නෙහිද,
|
50
උප්පජ්ජෙ
(උප්පජ්ජ (සී. පී.)) මෙ න මුච්චෙය්ය, න මෙ මුච්චෙය්ය ජීවතො;
රජංව
|
50
“මෑ ගෙණයන්නවුන් කෙරෙහි කෝපයෙන් උපන්නේ නම් හෙතෙම නොමුදන්නේය. ජීවත්වන්නාවූ මාගේ ඒ කෝපය නොමිදෙන්නේය. එහෙයින් ධූලිය මහත් වර්ෂාවක් මෙන් වහාම එය වළක්වන්නෙමි.
|
51
යං නු පුබ්බෙ විකත්ථිත්ථො
(විකත්ථිතො (ක. සී. ස්‍යා. ක.)), බලම්හිව අපස්සිතො;
ස්වජ්ජ තුණ්හිකතො
(තුණ්හිකතො (සී.), තුණ්හික්ඛකො (පී.)) දානි, සඞ්ඝාටිං සිබ්බමච්ඡසි.
|
51
“හේ නුඹ පෙර යමක් කල්පනා කෙළෙහිද, අද බලය ප්‍රකාශ කළාහු මෙන් නිශ්ශබ්දවූයේ දැන් සඟල සිවුර මසමින් හිඳිනෙහි (මේ කිමෙක්ද?)
|
52
උප්පජ්ජි මෙ න මුච්චිත්ථ, න මෙ මුච්චිත්ථ ජීවතො;
රජංව විපුලා වුට්ඨි, ඛිප්පමෙව නිවාරයිං.
|
52
“මාගේ ක්‍රෝධය උපන් නමුත් අනුන්ට හැඟෙන පරිද්දෙන් පහළ නුවූයේය. ජීවත්වන්නාවූ මාගේ කෝපය නොමිදෙන්නේය. එහෙයින් ධූලිය මහත්වූ වර්ෂාවක් මෙන් වහාම වැළැක්වූයේ වෙමි.
|
53
කිං තෙ උප්පජ්ජි නො මුච්චි, කිං තෙ න මුච්චි ජීවතො;
රජංව විපුලා වුට්ඨි, කතමං ත්වං නිවාරයි.
|
53 |
54
යම්හි ජාතෙ න පස්සති, අජාතෙ සාධු පස්සති;
සො මෙ උප්පජ්ජි නො මුච්චි, කොධො දුම්මෙධගොචරො.
|
54
“තාගේ සිත්හි කුමක් උපන්නේද, තාගේ කුමක් නොමිදුනේද හෙවත් ප්‍රකාශ නොවීද, ජීවත්වන්නාවූ තොපගේ කුමක් නොමිදිනීද, ධූලිය මහත්වූ වර්ෂාවක් මෙන් කවරක්හු නුඹ වැළැක්වීද,
|
55
යෙන ජාතෙන නන්දන්ති, අමිත්තා දුක්ඛමෙසිනො;
සො මෙ උප්පජ්ජි නො මුච්චි, කොධො දුම්මෙධගොචරො.
|
55
“උපන්නාවූ යමක් කරණකොටගෙණ දුක සොයන්නාවූ සතුරෝ සතුටු වෙද්ද, එබඳුවූ අඥානයන්ට ගොචරවූ ක්‍රෝධයතෙම මාගේ සිත්හි උපනි. නොමිදුනේය.
|
56
යස්මිඤ්ච
සො මෙ උප්පජ්ජි නො මුච්චි, කොධො දුම්මෙධගොචරො.
|
56
“යමක්හු වනාහි උපදනා කල්හි ස්වාර්ථය නොදනීද, අඥානයන්ට ගොචරවූ ඒ ක්‍රෝධය තෙම මාගේ සිත්හි උපනි. නොමිදුනේය.
|
57
යෙනාභිභූතො කුසලං ජහාති, පරක්කරෙ විපුලඤ්චාපි අත්ථං;
ස භීමසෙනො බලවා පමද්දී, කොධො මහාරාජ න මෙ අමුච්චථ.
|
57
“මහරජ, යම් ක්‍රෝධයකින් මඩනාලද්දේ දශ කුශලයන් දුරුකෙරේද, මහත්වූද අර්ථය බැහැර කෙරේද, භයානකවූ ක්ලෙශ සංඛ්‍යාත සේනා ඇති බලවත්වූ ඒ ක්‍රෝධය තෙම උදාර සත්වයන් පවා මඩින්නේය. හෙතෙම මා කෙරෙන් නොමිදුණීමය.
|
58
කට්ඨස්මිං මත්ථමානස්මිං
(මන්ථමානස්මිං (පී.), මද්දමානස්මිං (ක.)), පාවකො නාම ජායති;
තමෙව කට්ඨං ඩහති, යස්මා සො ජායතෙ ගිනි.
|
58
“දරදණ්ඩ ගටන කල්හි ගින්න වනාහි උපදනේය. ඒ ගින්න යමකින් උපදීද, ඒ දර දණ්ඩම හළු කෙරේ.
|
59
එවං මන්දස්ස පොසස්ස, බාලස්ස අවිජානතො;
සාරම්භා
|
59
“එපරිද්දෙන් මදවූ නුවණ ඇති බාල භාවයෙන් යුක්තවූ කිසිවක් නොදන්නාවූ පුරුෂයාගේ උත්තර ප්‍රත්‍යුත්තර නම් එකට එක කීමෙන් ක්‍රෝධය තෙම හටගනියි. හෙතෙමේද ඒ ක්‍රෝධයෙන්ම දවනු ලැබේ.
|
60
අග්ගීව තිණකට්ඨස්මිං, කොධො යස්ස පවඩ්ඪති;
නිහීයති තස්ස යසො, කාළපක්ඛෙව චන්දිමා.
|
60
“තණ කොළෙහිද දරෙහිද ගින්න මෙන් ක්‍රෝධය තෙම යමෙකුට වැඬේද, ඔහුගේ යසස කරුවල පක්ෂයෙහි චන්ද්‍රයාමෙන් පිරිහෙන්නේය.
|
61
අනෙධො
ආපූරති තස්ස යසො, සුක්කපක්ඛෙව චන්දිමාති.
|
61
“යමෙකුගේ ක්‍රෝධය තෙම දර නැත්තාවූ ගින්න මෙන් සංසිඳේද, ඔහුගේ යසස පුර පක්ෂයෙහි සඳ මෙන් පිරෙන්නේය.”
|
444. කණ්හදීපායනජාතකං (6) | 444. කණ්හදීපායන ජාතකය |
62
සත්තාහමෙවාහං පසන්නචිත්තො, පුඤ්ඤත්ථිකො ආචරිං
(අචරිං (සී. ස්‍යා. පී.)) බ්රහ්මචරියං;
අථාපරං යං චරිතං මමෙදං
(මම යිදං (ස්‍යා.), මමායිදං (පී.)), වස්සානි පඤ්ඤාස සමාධිකානි;
අකාමකො වාපි
(වාහි (පී. ක.)) අහං චරාමි, එතෙන
හතං විසං ජීවතු යඤ්ඤදත්තො.
|
62
“පහන්වූ සිත් ඇති පින් කැමතිවූ මම සත් දවසක් බ්‍රහ්ම චර්යාවෙහි හැසුරුනෙම්ද, නැවත අන්‍යවූ මාගේ යම් මේ හැසිරීමක් ඇද්ද, මම යම් අධිකවූ පනස් අවුරුද්දක් ප්‍රව්‍රජ්‍යාව නොකැමැත්තේම යම් තපසක් කෙරෙම්ද, මේ සත්‍යයෙන් සුවයෙක් වේවා. විෂ නසන ලද්දේ වේවා. යඤ්ඤදත්ත කුමාරතෙම ජීවත්වේවා.
|
63
යස්මා
න චාපි මෙ අප්පියතං අවෙදුං, බහුස්සුතා සමණබ්රාහ්මණා ච.
අකාමකො වාපි අහං දදාමි, එතෙන සච්චෙන සුවත්ථි හොතු;
හතං විසං ජීවතු යඤ්ඤදත්තො.
|
63
“කිසිකලෙක්හි මම යම්හෙයකින් දානයට සතුටු නොවීමද, ලැගුමට ආකල්හි ආගන්තුකයාද දැක සතුටු නොවීමද, බහුශ්‍රැතවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝද මාගේ අප්‍රිය බව දැන නොගත්තාහුද, මම වනාහි නොකැමැත්තේම දෙන්නෙම්ද, මේ සත්‍යයෙන් සුවයෙක් වේවා. විෂයතෙම නසන ලද්දේ වේවා, යඤ්ඤදත්ත තෙම ජීවත් වේවා.
|
64
ආසීවිසො තාත පහූතතෙජො, යො තං අදංසී
(අඩංසී (ස්‍යා.)) සචරා
(බිලරා (සී.), පිළාරා (ස්‍යා.), පතරා (පී.)) උදිච්ච;
තස්මිඤ්ච මෙ අප්පියතාය අජ්ජ, පිතරි ච තෙ නත්ථි කොචි විසෙසො;
එතෙන සච්චෙන සුවත්ථි හොතු, හතං විසං ජීවතු යඤ්ඤදත්තො.
|
64
“පුත්‍රය, මහත්වූ තේජස් ඇති යම් සත්වයෙක් තෙම තුඹසින් උඩට නැගී තා දෂ්ට කෙළේද, ඒ සර්පයා කෙරෙහිද තාගේ පියා කෙරෙහිද අද අප්‍රිය බැවින් මට කිසි විශේෂයෙක් නැත. මේ සත්‍යයෙන් සුවයෙක් වේවා, විෂයතෙම නසන ලද්දේ වේවා, යඤ්ඤ දත්ත තෙමේ ජීවත්වේවා.
|
65
සන්තා දන්තායෙව
(දන්තා සන්තා යෙ ච (ස්‍යා. ක.)) පරිබ්බජන්ති, අඤ්ඤත්ර කණ්හා නත්ථාකාමරූපා
(අනකාමරූපා (සී. ස්‍යා. පී.));
දීපායන කිස්ස ජිගුච්ඡමානො, අකාමකො චරසි බ්රහ්මචරියං.
|
65
“කෘෂ්ණයා හැර සෙසු ශාන්තවූද, තත්වූම ප්‍රව්‍රජ්‍යා නොකැමැති නොවන්නාහු පැවිදිවන්නාහුයි දීපායනයෙනි, කුමකට පිළිකුල් කරමින් නොකැමැත්තේ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙහිද,
|
66
සද්ධාය නික්ඛම්ම පුනං නිවත්තො, සො එළමූගොව බාලො
(එළමූගො චපලො (ස්‍යා. ක.)) වතායං;
එතස්ස වාදස්ස ජිගුච්ඡමානො, අකාමකො චරාමි බ්රහ්මචරියං;
විඤ්ඤුප්පසත්ථඤ්ච සතඤ්ච ඨානං
(විඤ්ඤූපසත්ථං වසිතං ච ඨානං (ක.)), එවම්පහං පුඤ්ඤකරො භවාමි.
|
66
“කෙළතොලුවූ ඒකාන්තයෙන් අඥානවූ ඒ මෙතෙම ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම නැවත ඒ පිණිසම නැවතුණේය. යන කීමට පිළිකුල් කරන්නෙමි.
“නොකැමැත්තේ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙමි. එතකුදු වුවත් ප්‍රව්‍රජ්‍යාවෙහි පින නුවණැත්තන් විසින් පසස්නා ලදී. සත්පුරුෂයන්ගේ ස්ථානයකැයි මෙසේද මම කුසල් කරන්නෙක් වෙමි.
|
67
සමණෙ
ඔපානභූතංව ඝරං තව යිදං, අන්නෙන පානෙන උපෙතරූපං;
අථ කිස්ස වාදස්ස ජිගුච්ඡමානො, අකාමකො දානමිමං දදාසි.
|
67
“තෝ ශ්‍රමණයන්ද බ්‍රාහ්මණයන්ද මගින්ද භික්ෂුවද ආහාර පානයෙන් සන්තර්පණය කරව. කන බොන දෙයින් යුක්තවූ තොපගේ මේ ගෘහය සතරමං සන්ධියෙහි පැන් පොකුණක් වැනි වූවක්ද වන්නේය. නැවත කවර කීමකට පිළිකුල් කරමින් නොකැමැත්තේ මේ දානය දෙන්නෙහිද,
|
68
පිතරො ච මෙ ආසුං පිතාමහා ච, සද්ධා අහුං දානපතී වදඤ්ඤූ;
තං කුල්ලවත්තං අනුවත්තමානො, මාහං කුලෙ අන්තිමගන්ධනො
(ගන්ධිනො (ස්‍යා. පී. ක.), ගන්ධිනී (සී.)) අහුං;
එතස්ස වාදස්ස ජිගුච්ඡමානො, අකාමකො දානමිමං දදාමි.
|
68
“මාගේ මවුපියෝද මුතුන්මිත්තෝද ශ්‍රද්ධා ඇත්තෝ වූහ, දානපතීවූහ. පිළිගන්නවුන්ගේ වචන දත්තෝවූහ. ඒ කුලපරම්පරාවෙන් ආ චාරිත්‍රය අනුව පවත්නාවූ මම මාගේ කුලයෙහි හීනවූ අන්තිමවූ කුලයෙහි බොල්වූවෙක් නොවෙම්වායි මේ කීමට පිළිකුල් කරමින් නොකැමැත්තේ මේ දානය දෙමි.
|
69
දහරිං කුමාරිං අසමත්ථපඤ්ඤං, යං තානයිං ඤාතිකුලා සුගත්තෙ;
න චාපි මෙ අප්පියතං අවෙදි, අඤ්ඤත්ර කාමා පරිචාරයන්තා
(පරිචාරයන්තී (සී. පී.));
අථ කෙන වණ්ණෙන මයා තෙ භොති, සංවාසධම්මො අහු එවරූපො.
|
69
“මනා ශරීර ඇත්තිය, තරුණවූ කුමාරිවූ සමර්ථ නොවන්නාවූ ප්‍රඥා ඇති යම්බඳුවූ තීගේ නෑ සමූහයාගෙන් ගෙණායෙම්ද, ඒ තී වනාහි කාමයෙන් ජීවත්ව සෙසු උපස්ථානයෙන් මට අත්පා මෙහෙවර කරන්නීද අප්‍රිය බවක් මට නොදැන්වීය. පින්වතිය, එසේ ඇතිකල්හි කවර කරුණකින් මා සමග තිගේ සංවාසභාවය මෙබඳුවූයේ වීද,
|
70
ආරා
තං කුල්ලවත්තං අනුවත්තමානා, මාහං
එතස්ස වාදස්ස ජිගුච්ඡමානා, අකාමිකා පද්ධචරාම්හි
(පට්ඨචරාම්හි (ස්‍යා. ක.)) තුය්හං.
|
70
“මේ අපගේ කුලයෙහි ඉතා දුර සිටම පුරුෂ පරම්පරාවක් නම් කිසිකලෙකත් නොම ඇත. ඒ කුලයෙහි වෘත්තිය අනුව පවත්නාවූ මම අන්තිම වූයෙම්ද, කුල බොල් වූයෙම්ද, නොවෙම්වායි මේ කීමට පිළිකුල් කරමින් නොකැමැත්තී තොපට පාදපරිචාරිකා වීමි.
|
71
මණ්ඩබ්ය
පුත්තපෙමා න ඉධ පරත්ථි කිඤ්චි, සො නො අයං ජීවති යඤ්ඤදත්තොති.
|
71
“මණ්ඩව්යය, නොබිණිය යුතුවූ යමක් තොපට බිණීම්ද, මාගේ ඒ වචනය අද මේ පුත්‍රයා පිණිස ක්ෂමා කෙරේවා. මේ ලෝකයෙහි පුත්‍ර ප්‍රේමයට වැඩිවූ කිසිවක් නැත්තේය. අපගේ පුත්‍රවූ ඒ මේ යඤ්ඤදත්ත කුමාරතෙම ජීවත් වේවා.”
|
445. නිග්රොධජාතකං (7) | 445. නිග්රොධ ජාතකය |
72
න වාහමෙතං
(න චාහමෙතං (සී.)) ජානාමි, කො වායං කස්ස වාති වා
(චාති වා (සී.));
යථා සාඛො චරි
(වදී (සී. ස්‍යා. පී.)) එවං, නිග්රොධ කින්ති මඤ්ඤසි.
|
72
“නිග්රොධ රජ මම මොහු නොහඳුනමි. මේ කවරෙක්ද, කාගේ එකෙක්දැයි ශාඛයා යම්සේ කීයේද, එපරිද්දෙන් කිමෙක්ද, තොපිත් සිතව්ද,
|
73
තතො ගලවිනීතෙන, පුරිසා නීහරිංසු මං;
දත්වා මුඛපහාරානි, සාඛස්ස වචනංකරා.
|
73
“ශාඛයාගේ වචනය කරන්නාවූ පුරුෂයෝ මුඛප්රහාරයන් දී ඉන්පසු ගෙල අල්වා ගැන්මෙන් මාස පිටත දැමූහ.
|
74
එතාදිසං දුම්මතිනා, අකතඤ්ඤුන දුබ්භිනා;
කතං අනරියං සාඛෙන, සඛිනා තෙ ජනාධිප.
|
74
“ජනාධිපතිය, තොපගේ යහළුවූ නුවණ නැත්තාවූ කළගුණ නොදන්නාවූ මිත්‍ර ද්‍රෝහීවූ ශාඛයා විසින් මෙබඳුවූ අකටයුත්තක් කරණ ලදී.
|
75
න වාහමෙතං ජානාමි, නපි මෙ කොචි සංසති;
යං මෙ ත්වං සම්ම අක්ඛාසි, සාඛෙන කාරණං
(කඩ්ඪනං (සී. ස්‍යා.)) කතං.
|
75
“යහළුව, තෝ මට යමක් කීයෙහිද, එය මම නොදනිමි. ශාඛයා විසින් කරණ ලද පීඩාව මට වනාහි කිසිවෙක් නොකීයේය.
|
76
සඛීනං
ත්වං නොසිස්සරියං දාතා, මනුස්සෙසු මහන්තතං;
තයාමා ලබ්භිතා ඉද්ධී, එත්ථ මෙ නත්ථි සංසයො.
|
76
“ඒ තෝ මටද ශාඛයාද යන මේ යහළුවන් දෙදෙනාට සමානව ජීවත්වීම සිදුකෙළෙහිය. අපට තෝ ඓශ්චර්ය දෙන්නෙහි මිනිසුන් අතරෙහි මහත් බවද සමෘද්ධියද තා කෙරෙන් ලබනලද්දෝ වීමු. මෙහිලා සැකයෙක් නැත.
|
77
යථාපි බීජමග්ගිම්හි, ඩය්හති න විරූහති;
එවං කතං අසප්පුරිසෙ, නස්සති න විරූහති.
|
77
“ගින්නෙහි බහාලු බීජයද යම්සේ දවාද, නොහටගණීද එපරිද්දෙන් අසත්පුරුෂයා කෙරෙහි කළ උපකාරය නස්නේය. නොකැඩෙන්නේය.
|
78
කතඤ්ඤුම්හි ච පොසම්හි, සීලවන්තෙ අරියවුත්තිනෙ;
සුඛෙත්තෙ විය බීජානි, කතං තම්හි න නස්සති.
|
78
“සිල්වත්වූ ආර්යයන්ට බඳු පැවතුම් ඇති කෘතඥවූ ඒ පුරුෂයා කෙරෙහි කළ උපකාරය මනා කෙතෙහි බහාලු බිජුවට මෙන් නොනස්නේයි.
|
79
ඉමං ජම්මං නෙකතිකං, අසප්පුරිසචින්තකං;
හනන්තු සාඛං සත්තීහි, නාස්ස ඉච්ඡාමි ජීවිතං.
|
79
“අසත්පුරුෂ සිතිවිලි ඇති ලාමකවූ වඤ්චනිකවූ මේ ශාඛයා අඩයටි වලින් නසත්වා. මොහුගේ ජීවිතය නොකැමැත්තෙමි.
|
80
ඛමතස්ස
ඛම දෙව අසප්පුරිසස්ස, නාස්ස ඉච්ඡාමහං වධං.
|
80
“මහරජ, අසත්පුරුෂවූ මොහුට ක්ෂමා කෙරේවා. මළහුගේ ප්‍රාණයෝ නැවත ගෙන්විය නොහැකි වෙත්. දෙවයෙනි, ක්ෂමා කරව. මොහුගේ වධය මම නොකැමැත්තෙමි.
|
81
නිග්රොධමෙව සෙවෙය්ය, න සාඛමුපසංවසෙ;
නිග්රොධස්මිං මතං සෙය්යො, යඤ්චෙ සාඛස්මි ජීවිතන්ති.
|
81
“න්යග්රොධයාම සෙවනය කරන්නේය. ශාඛයා වෙත නොමියන්නේය. ඉදින් ශාඛයා කෙරෙහි යම් ජීවත්වීමක් වේද, එයට වඩා නිග්‍රෝධයා කෙරෙහි මියයාම උතුම්වේ.”
|
446. තක්කලජාතකං (8) | 446. කක්කාල ජාතකය |
82
න
එකො අරඤ්ඤම්හි සුසානමජ්ඣෙ, කිමත්ථිකො තාත ඛණාසි කාසුං.
|
82
“පියාණෙනි, කුකුළලද නැත. වැල් අලද නැත. සිරි අලද නැත. තල් අලද නැත. එතකුදු වුවත් හුදකළාවූයේ වනයෙහි සොහොන් මැද වලක් කණන්නෙහිය. පියාණෙනි, කුමක් කැමැත්තෙහිද,
|
83
පිතාමහො
තමජ්ජහං නිඛණිස්සාමි සොබ්භෙ, න හිස්ස තං ජීවිතං රොචයාමි.
|
83
“පුත්‍රය, තාගේ මුත්තනු තෙම නොයෙක් ලෙඩ වලින්වූ දුකින් පහරණ ලද්දේ ඉතා දුර්වලය. අද මම ඔහු වලෙහි ලන්නෙමු. ඔහුගේ ඒ ජීවිතය නොකැමැත්තෙමි.
|
84
සඞ්කප්පමෙතං පටිලද්ධ පාපකං, අච්චාහිතං කම්ම කරොසි ලුද්දං;
මයාපි තාත පටිලච්ඡසෙ තුවං, එතාදිසං කම්ම ජරූපනීතො;
තං කුල්ලවත්තං අනුවත්තමානො, අහම්පි තං නිඛණිස්සාමි සොබ්භෙ.
|
84
“මේ අදහස පාපකාරීය. එහෙයින් යහපත ඉක්මවා සිටියාවූ දරුණුවූ කර්මයක් කරන්නෙහිය.
“පියාණෙනි, ජරාවට පැමිණියාවූ නුඹද මා විසින් මෙබඳුවූ කර්මයක් ලබන්නෙහිය. ඒ කුලයෙහි ආ පැවතීම බල පවත්නේ මමද නුඹ වලෙහි බහා ලන්නෙමි.
|
85
ඵරුසාහි වාචාහි පකුබ්බමානො, ආසජ්ජ මං ත්වං වදසෙ කුමාර;
පුත්තො මමං ඔරසකො සමානො, අහිතානුකම්පී මම ත්වංසි පුත්ත.
|
85
“කුමාරය, තෝ පරුෂ වචනවලින් නින්දා කරමින් මා ගටා බණන්නෙහිය. පුත්‍රය, තෝ මාගේ ලෙහි උපන්නාවූ පුත්රවූයේම මට අහිතානුකම්පා ඇත්තෙක් වෙහිය.
|
86
න
පාපඤ්ච තං කම්ම පකුබ්බමානං, අරහාමි නො වාරයිතුං තතො.
|
86
“පියාණෙනි, මම නුඹට අහිතානුකම්පා ඇත්තේ නොවෙමි. පියාණෙනි, මමද නුඹට ජාතානුකම්පා ඇත්තේ වෙමි. එහෙයින් පාප කර්මය කරන්නාවූ තා එයින් වළක්වන්ට සුදුස්සෙමි.
|
87
යො මාතරං වා පිතරං සවිට්ඨ
(මාතරං පිතරං වා වසිට්ඨ (සී. පී.)), අදූසකෙ හිංසති පාපධම්මො;
කායස්ස
|
87
“සවිට්ඨය, පාප ස්වභාව ඇත්තාවූ යමෙක් තෙම නිරපරාධවූ මවට හෝ පියාට හෝ හිංසා කෙරේද, හෙතෙම ශරීර භෙදයෙන් මත්තෙහි පරලොව සැක නැතිව නරකයට පැමිණේ.
|
88
යො මාතරං වා පිතරං සවිට්ඨ, අන්නෙන පානෙන උපට්ඨහාති;
කායස්ස භෙදා අභිසම්පරායං, අසංසයං සො සුගතිං උපෙති.
|
88
“සවිට්ඨය, යමෙක් තෙම මවට හෝ පියාට හෝ ආහාරයෙන්ද පානයෙන්ද උපස්ථාන කෙරේද, හෙතෙම ශරීර භෙදයෙන් මත්තෙහි පරලොව සැක නැතිව සුගතියට පැමිණේ.
|
89
න මෙ ත්වං පුත්ත අහිතානුකම්පී, හිතානුකම්පී මෙ
(මම (?)) ත්වංසි පුත්ත;
අහඤ්ච තං මාතරා වුච්චමානො, එතාදිසං කම්ම කරොමි ලුද්දං.
|
89
“පුත්‍රය, තෝ මට අහිතානුකම්පා ඇත්තේ නොවෙහි පුත්‍රය, තෝ මට හිතානුකම්පා ඇත්තෙහිය, මමද තාගේ මව විසින් කියන ලද්දේ මෙබඳුවූ දරුණු කර්මය කෙරෙමි.
|
90
යා තෙ සා භරියා අනරියරූපා, මාතා මමෙසා සකියා ජනෙත්ති;
නිද්ධාපයෙ
(නිද්ධාමසෙ (පී.)) තඤ්ච සකා අගාරා, අඤ්ඤම්පි තෙ සා දුඛමාවහෙය්ය.
|
90
“තාගේ අයහපත් ස්වභාව ඇති යම් ඒ භාර්යාවක් වේද? මට වැදූ මවවූ ස්වකීයවූ මෝතොමෝ මව්ය. සිය ගෙදරින් මැය බැහැර කරව, නුඹට ඕතොමෝ අනිකුදු දුකක් පමුණු වන්නීය.
|
91
යා තෙ සා භරියා අනරියරූපා, මාතා මමෙසා සකියා ජනෙත්ති;
දන්තා කරෙණූව වසූපනීතා, සා පාපධම්මා පුනරාවජාතූති.
|
91
“තාගේ අනාර්ය ස්වරූපවූ යම් මේ භාර්යාවක් ඇද්ද, ඕතොමෝ මාගේ ස්වකීයවූ උත්පාදකවූ මව්ය. ඇතින්නක් මෙන් දැමුනාවූ වසඟ බවට පැමිණියාවූ ඒ ලාමක ස්වභා ඇත්තී නැවත පැමිණේවා.”
|
447. මහාධම්මපාලජාතකං (9) | 447. මහා ධම්මපාල ජාතකය |
92
කිං
අක්ඛාහි මෙ බ්‍රාහ්මණ එතමත්ථං, කස්මා නු තුම්හං දහරා න මිය්යරෙ
(මීයරෙ (සී. පී.)).
|
92
“තාගේ ව්‍රත සමාදානය කිමෙක්ද’ බ්‍රහ්මචර්යාව කිමෙක්ද? මේ විපාකය කවර නම් සුචරිතයක්හුගේද, මට මේ කාරණය කියව. කවර නම් කාරණයකින් තොපගේ කුලයෙහි බාලයෝ නො මියන්නාහුද?
|
93
ධම්මං චරාම න මුසා භණාම, පාපානි කම්මානි පරිවජ්ජයාම
(විවජ්ජයාම (සී. ස්‍යා. පී.));
අනරියං පරිවජ්ජෙමු සබ්බං, තස්මා හි අම්හං දහරා න මිය්යරෙ.
|
93
“දශකුශල ධර්මයෙහි හැසිරෙමු. බොරු නොකියමු. සෙසු පාප කර්මයන්ද දුරු කරමු. සියලු අනාර්යවූ කර්මය දුරු කරමු. ඒ කාරණයෙන් අපගේ බාලයෝ නොමියෙත්.
|
94
සුණොම
හිත්වා අසන්තෙ න ජහාම සන්තෙ, තස්මා හි අම්හං දහරා න මිය්යරෙ.
|
94
“අසත් පුරුෂයන්ගේද සත්පුරුෂයන්ගේද ධර්මය අසමු. අසත් පුරුෂයන්ගේ ධර්මය නොම කැමැත්තෙමු. අසත්පුරුෂයන් හැර සත් පුරුෂයන් අත් නොහරිමු. ඒ කාරණයෙන් අපගේ බාලයෝ නොමියන්නාහ.
|
95
පුබ්බෙව දානා සුමනා භවාම, දදම්පි වෙ අත්තමනා භවාම;
දත්වාපි වෙ නානුතප්පාම පච්ඡා, තස්මා හි අම්හං දහරා න මිය්යරෙ.
|
95
“දන් දීමට පළමුකොටද සතුටු සිත් ඇත්තෝ වෙමු. දෙමින්ද සතුටු සිත් ඇති වෙමු. දානය දීද පසුව පසුතැවිලි නොවෙමු. එසේ හෙයින් අපගේ බාලයෝ නොමියන්නාහ.
|
96
සමණෙ මයං බ්රාහ්මණෙ අද්ධිකෙ ච, වනිබ්බකෙ යාචනකෙ දලිද්දෙ;
අන්නෙන පානෙන අභිතප්පයාම, තස්මා
|
96
“ශ්‍රමණයන්ද බ්‍රාහ්මණයන්ද මගීන්ද ගුණකියා ඉල්ලන්නවුන්ද යාචකයන්ද දිළිඳුවූවන්ද යන මොවුන් බතින් පැනින් අපි පිනවම්හ. එසේ හෙයින් අපගේ බාලයෝ නොමියන්නාහ.
|
97
මයඤ්ච භරියං නාතික්කමාම, අම්හෙ ච භරියා නාතික්කමන්ති;
අඤ්ඤත්ර තාහි බ්රහ්මචරියං චරාම, තස්මා හි අම්හං දහරා න මිය්යරෙ.
|
97
“අපිද භාර්යාවන් ඉක්ම නොයම්හ. භාර්යාවෝද අප ඉක්ම නොයත්. ඔවුන් කෙරෙන් පිටත් ස්ත්‍රීන් කෙරෙහි බ්‍රහ්මචර්යාව හැසිරෙමු. එසේ හෙයින් අපගේ බාලයෝ නොමියන්නාහ.
|
98
පාණාතිපාතා
අමජ්ජපා නොපි මුසා භණාම, තස්මා හි අම්හං දහරා න මිය්යරෙ.
|
98
“අපි හැමදෙන සතුන් මැරීමෙන් වැළකීමු. ලෝකයෙහි නුදුන්දෙය දුරුකරමු. මද්‍යපානය කරන්නෝ නොවෙමු. බොරුද නොකියමු. එසේ හෙයින් අපගේ ළදරුවෝ නොමියත්.
|
99
එතාසු වෙ ජායරෙ සුත්තමාසු, මෙධාවිනො හොන්ති පහූතපඤ්ඤා;
බහුස්සුතා වෙදගුනො
(වෙදගුණා (ස්‍යා. ක.)) ච හොන්ති, තස්මා හි අම්හං දහරා න මිය්යරෙ.
|
99
“සුශිලවූ මේ අප ස්ත්‍රීන් කෙරෙහි යම් පුත්‍ර ස්ත්‍රී කෙනෙක් උපදිද්ද, මොහු ඒකාන්තයෙන් ධාරණ ශක්ති ඇත්තෝ වෙත්. බොහෝවූ නුවණ ඇත්තාහු බහුශ්‍රැත වූවාහු වේදයෙහි පරතෙරට ගියාහුද වෙති. එසේ හෙයින් අපගේ ළදරුවෝ නොමියෙත්.
|
100
මාතා පිතා ච
(මාතා ච පිතා (ක.), මාතාපිතරා (ස්‍යා.)) භගිනී භාතරො ච, පුත්තා ච දාරා ච මයඤ්ච සබ්බෙ;
ධම්මං චරාම පරලොකහෙතු, තස්මා හි අම්හං දහරා න මිය්යරෙ.
|
100
“මව්ද, පියාද, සහෝදරයෝද, සහෝදරියෝද, පුත්‍රයෝද, භාර්යාවෝද යන අපි හැමදෙනම පරලොව හේතුකොටගෙණ කුශල ධර්මයෙහි හැසිරෙමු. එහෙයින් අපගේ ළදරුවෝ නොමියත්.
|
101
දාසා ච දාස්යො
(දාස්සො (සී. පී.), දාසී (ස්‍යා.)) අනුජීවිනො ච, පරිචාරකා කම්මකරා ච සබ්බෙ;
ධම්මං චරන්ති පරලොකහෙතු, තස්මා
|
101
“දාසයෝද, දාසීහුද, අප අනුව ජීවත් වන්නෝද පිරිවර ජනයෝද කම්කරුවෝද යන හැමදෙන පරලොව පිණිස කුශල ධර්මයෙහි හැසිරෙත්. එහෙයින් අපගේ බාලයෝ නොමියෙත්.
|
102
ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං, ධම්මො සුචිණ්ණො සුඛමාවහාති;
එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ, න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී.
|
102
“ඒකාන්තයෙන් කුශල ධර්මයතෙම ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා රක්ෂා කරයි. මනාකොට පුරුදු කරණ ලද කුශල ධර්මයතෙම සුව එළවයි. මනාකොට පුරුදු කළාවූ කුශල ධර්මයෙහි මෙතෙම ආනිශංසයවේ. ධර්මයෙහි හැසිරෙන තැනැත්තේ දුර්ගතියට නොපැමිණේ.
|
103
ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං, ඡත්තං මහන්තං විය වස්සකාලෙ;
ධම්මෙන ගුත්තො මම ධම්මපාලො, අඤ්ඤස්ස අට්ඨීනි සුඛී කුමාරොති.
|
103
“ඒකාන්තයෙන් කුශල ධර්මයතෙමේ ධර්මයෙහි හැසිරෙන්නාහු වර්ෂා කාලයෙහි මහත්වූ කුඩයක් මෙන් රකියි. ධර්මයෙන් රක්ෂාකරණ ලද මාගේ ධර්මපාල නම්වූ කුමාර තෙම සුවපත් වේ. (එසේ හෙයින් මේ) අනිකෙකුගේ ඇට වෙතියි” කීයේය.
|
448. කුක්කුටජාතකං (10) | 448. කුක්කුහ ජාතකය |
104
නාස්මසෙ
නාස්මසෙ අත්තත්ථපඤ්ඤම්හි, අතිසන්තෙපි නාස්මසෙ.
|
104
“කරණ ලද පව් ඇත්තහු කෙරෙහි විශ්වාස නොකරන්නේය. බොරු කියන්නහු කෙරෙහිද විශ්වාස නොකරන්නේය. තමා පිණිස පවත්නා නුවණැත්තහු කෙරෙහිද විශ්වාස නොකරන්නේය. ඉතා ශාන්තයෙකු මෙන් සිටින්නහු කෙරෙහිද විශ්වාස නොකරන්නේය.
|
105
භවන්ති හෙකෙ පුරිසා, ගොපිපාසිකජාතිකා
(ගොපිපාසකජාතිකා (සී. ස්‍යා. පී.));
ඝසන්ති මඤ්ඤෙ මිත්තානි, වාචාය න ච කම්මුනා.
|
105
“පිපාසිත ගවයන් සමානවූ සමහර පුරුෂ කෙනෙක් වෙත්. ඔහු මිත්‍රයන් වචනයෙන් කා දමන්නවුන් වැන්නෝය. ක්‍රියාවෙන් කිසිවක් නොකරත්.
|
106
සුක්ඛඤ්ජලිපග්ගහිතා, වාචාය පලිගුණ්ඨිතා;
මනුස්සඵෙග්ගූ නාසීදෙ, යස්මිං නත්ථි කතඤ්ඤුතා.
|
106
“යමෙකු කෙරෙහි කෘතඥ බවක් නැද්ද, එසේවූ හිස්වූ ඇදිළි බැඳීම් ඇති වචනයෙන් වැඩිසිටියාවූ නිශ්ශාර මනුෂ්‍යයා කරා නොපැමිණෙන්නේය.
|
107
න
නානාවිකත්වා
(නානාව කත්වා (සී. පී.)) සංසග්ගං, තාදිසම්පි ච නාස්මසෙ
(තාදිසම්පි න විස්සසෙ (ස්‍යා.)).
|
107
“වෙන වෙන පවත්වන සිත් ඇති ස්ත්‍රීන්ද පුරුෂයන්ද නොම විශ්වාස කරන්නේය. යම් කෙනෙක් වෙන්වම සංසර්ගය කොට පවතිද්ද, එබඳුවූවහුද විශ්වාස නොකරන්නේය.
|
108
අනරියකම්මමොක්කන්තං
නිසිතංව පටිච්ඡන්නං, තාදිසම්පි ච නාස්මසෙ.
|
108
“අනාර්යවූ ක්‍රියාවට බැසගත්තාවූ අස්ථිරවූ වචන ඇති සියල්ල නසන සුළුවූ පිළිසන්වූ මුවහත් කරණලද කඩුවක් බඳුවූ ඒ පුරුෂයා විශ්වාස නොකරන්නේය.
|
109
මිත්තරූපෙනිධෙකච්චෙ, සාඛල්යෙන අචෙතසා;
විවිධෙහි උපායන්ති, තාදිසම්පි ච නාස්මසෙ.
|
109
“මෙහි සමහර කෙනෙක් මිත්‍ර රූපකවූ සිත් නැත්තාවූ සිළුටු වචනයෙන්ද අනෙක ප්‍රකාරවූ උපායවලින් යුක්ත වෙද්ද, එබඳු වූවහුද විශ්වාස නොකරන්නේය.
|
110
ආමිසං වා ධනං වාපි, යත්ථ පස්සති තාදිසො;
දුබ්භිං කරොති දුම්මෙධො, තඤ්ච හන්ත්වාන
(ඣාත්වාන (සී. පී.), හිත්වාන (ස්‍යා.)) ගච්ඡති.
|
110
“එබඳු නුවණ නැත්තාවූ පුරුෂතෙම යම් තැනෙක්හි ආහාරයක් හෝ ධනයක් හෝ දක්නේ වීනම් ද්‍රොහ කරන්නේය. ඔහුද නසායන්නේය.
|
111
මිත්තරූපෙන බහවො, ඡන්නා සෙවන්ති සත්තවො;
ජහෙ කාපුරිසෙ හෙතෙ, කුක්කුටො විය සෙනකං.
|
111
“බොහෝවූ සතුරෝ මිත්‍රරූපයෙන් කැමති වූවාහු සේවනය කෙරෙත්. මෙබඳු නින්දා කටයුතු පුරුෂයන් ඇටිකුකුළා උකුස්සා මෙන් දුරු කරන්නේය.
|
112
යො ච
(යොධ (ජා. 1.8.25 සුලසාජාතකෙ)) උප්පතිතං අත්ථං, න ඛිප්පමනුබුජ්ඣති;
අමිත්තවසමන්වෙති, පච්ඡා ච අනුතප්පති.
|
112
“යමෙක් උපන්නාවූ අර්ථය වහා අවබෝධ නොකෙරේද හෙතෙම සතුරන්ගේ වසඟයට පැමිණේ, පසුවද තැවේ.
|
113
යො ච උප්පතිතං අත්ථං, ඛිප්පමෙව නිබොධති;
මුච්චතෙ සත්තුසම්බාධා, කුක්කුටො විය සෙනකා;
|
113
“යමෙක් වනාහි උපන්නාවූ අර්ථය වහාම දැනගණීද, සතුරන්ගේ වියවුලින් උකුස්සා කෙරෙන් ඇටිකුකුළා මෙන් මිදෙන්නේය.
|
114
තං තාදිසං කූටමිවොඩ්ඩිතං වනෙ, අධම්මිකං නිච්චවිධංසකාරිනං;
ආරා විවජ්ජෙය්ය නරො විචක්ඛණො, සෙනං යථා කුක්කුටො වංසකානනෙති.
|
114
“වනයෙහි අටවනලද සොර උගුලක් මෙන්ද ධාර්මිකවූ නිතර විනාශ කරන්නාවූ එබඳුවූ ඔහු හුණවනයෙහි වසන ඇටිකුකුළා උකුස්සා මෙන් පරීක්ෂා ඥානයෙන් යුක්තවූ පුරුෂතෙම දුරින් දුරුකරන්නේය.”
|
449. මට්ඨකුණ්ඩලීජාතකං (11) | 449. මට්ටකුණ්ඩලී ජාතකය |
115
අලඞ්කතො
බාහා පග්ගය්හ කන්දසි, වනමජ්ඣෙ කිං දුක්ඛිතො තුවං.
|
115
“සැරසුනාවූ මට කොඩොල් ඇති මල් දරන්නාවූ රන්වන් සඳුන් ගැල්වූ තෝ මේ වනමැද කුමකට දුක්වූයේ හිස අත්බැඳගෙණ හඬන්නෙහිද?
|
116
සොවණ්ණමයො පභස්සරො, උප්පන්නො රථපඤ්ජරො මම;
තස්ස චක්කයුගං න වින්දාමි, තෙන දුක්ඛෙන ජහාමි ජීවිතං.
|
116
“ස්වර්ණමයවූ බබළන්නාවූ රියකූඩුවක් මට ලැබුනේය. එයට රෝද දෙකක් නොලබමි. ඒ දුකින් ජීවිතය හරිමි.
|
117
සොවණ්ණමයං මණීමයං, ලොහමයං අථ රූපියාමයං;
(ආචික්ඛ මෙ භද්දමාණව (වි. ව. 1209)) පාවද රථං කරිස්සාමි
(කාරයාමි (සී. පී.)) තෙ
(ආචික්ඛ මෙ භද්දමාණව (වි. ව. 1209)), චක්කයුගං පටිපාදයාමි තං.
|
117
“ස්වර්ණමයවූ, මාණික්‍යමයවූ, ලෝභමයවූ නැවත රජතමයවූ රථයක් තට කරන්නෙමි. කියව, ඒ චක්‍ර යුග්මය තට ලබාදෙමි.
|
118
සො
(අථ (ස්‍යා.)) මාණවො තස්ස පාවදි, චන්දිමසූරියා
(චන්දිමසූරියා (ස්‍යා.)) උභයෙත්ථ භාතරො
(දිස්සරෙ (වි. ව. 1210));
සොවණ්ණමයො රථො මම, තෙන චක්කයුගෙන සොභති.
|
118
“ඒ මානවකතෙම ඔහුට මෙසේ කීය. මාගේ රථය තෙම ස්වර්ණමය විය. මෙහිලා බබළන්නාවූ සඳහිරු දෙදෙන වෙත්. ඒ චක්‍ර යුග්මයෙන් මාගේ රථය සොභමානවේ.
|
119
බාලො ඛො ත්වංසි මාණව, යො ත්වං පත්ථයසෙ අපත්ථියං;
මඤ්ඤාමි තුවං මරිස්සසි, න
|
119
“මානවකය, තෝ වනාහි අඥානයෙහිය යම්බඳු තෝ නොපැතිය යුත්තක් පතන්නෙහිද, එහෙයිනි තෝ මිය යන්නෙහියයි සිතමි. තෝ සඳහිරු දෙදෙන නොලබන්නෙහිය.
|
120
ගමනාගමනම්පි
පෙතො පන නෙව දිස්සති, කො නු ඛො
(කො නිධ (වි. ව. 1212)) කන්දතං බාල්යතරො.
|
120
“ගමනාගමනයද වර්ණධාතුවද මේ අහසෙහි උභය වීථිහුද දක්නා ලැබේ. පරලොව ගිය තැනැත්තේ වනාහි නොම දක්නා ලැබේ. හඬන්නාවූ අප දෙදෙනා අතුරෙන් කවරෙක් වනාහි අතිශයින් අඥානවේද?
|
121
සච්චං
චන්දං විය දාරකො රුදං, පෙතං කාලකතාභිපත්ථයෙ.
|
121
“මානවකය, සැබවක්ම කීයෙහිය. හඬන්නාවූ අප දෙදෙනාගෙන් මමම ඉතා අඥානවෙමි. චන්ද්‍රයා ඉල්වා අඬන්නාවූ ළදරුවෙකු මෙන් කළුරිය කළ පරලොව ගියහු ප්‍රාර්ථනා කරමි. එහෙයින් සැබවක්ම කීයෙහිය.
|
122
ආදිත්තං වත මං සන්තං, ඝතසිත්තංව පාවකං;
වාරිනා විය ඔසිඤ්චං, සබ්බං නිබ්බාපයෙ දරං.
|
122
“ගිතෙල් ඉසින ලද්දාවූ ගින්නක් මෙන් ශොකාග්නියෙන් ඇවිල ගත්තාවූ මා ඒකාන්තයෙන් ජලයෙන් ඉසින ලද්දක් මෙන් සියලු පීඩා නිවූයේය.
|
123
අබ්බහී
(අබ්බුහි (ස්‍යා.), අබ්භුළ්හං (ක.)) වත මෙ සල්ලං, යමාසි හදයස්සිතං
(සොකං හදයනිස්සිතං (වි. ව. 1215));
යො මෙ සොකපරෙතස්ස, පුත්තසොකං අපානුදි.
|
123
“ශෝකයෙන් පෙළුනාවූ මාගේ පුත්‍ර ශෝකය යමෙක් දුරු කෙළේද, හෙතෙම මාගේ හෘදයෙහි පැවැත්තාවු යම් ශොක නොමැති හුලක් වීද, ඒ හුල ඒකාන්තයෙන් උදුරා දැමීය.
|
124
සොහං අබ්බූළ්හසල්ලොස්මි, වීතසොකො අනාවිලො;
න සොචාමි න රොදාමි, තව සුත්වාන මාණවාති.
|
124 |
450. බිලාරකොසියජාතකං (12) | 450. බිළාරකොසිය ජාතකය |
125
අපචන්තාපි දිච්ඡන්ති, සන්තො ලද්ධාන භොජනං;
කිමෙව ත්වං පචමානො, යං න දජ්ජා න තං සමං.
|
125
“නොපිසන්නාවූද සත්පුරුෂයෝ භෝජනය ලැබ දෙනු කැමතිවෙත්. තෝ වනාහි කිමෙක්ද, පිසන්නේ යම් හෙයකින් නොදෙන්නේ නම් එය සුදුසු නොවේ.
|
126
මච්ඡෙරා
පුඤ්ඤං ආකඞ්ඛමානෙන, දෙය්යං හොති විජානතා.
|
126
“මසුරුකමින්ද ප්‍රමාදයෙන්ද මෙසේ දානය නොදෙනු ලැබේ. පින කැමතිවන්නාවූ නුවණැත්තහු විසින් දිය යුතුවේ.
|
127
යස්සෙව භීතො න දදාති මච්ඡරී, තදෙවාදදතො භයං;
ජිඝච්ඡා ච පිපාසා ච, යස්ස භායති මච්ඡරී;
තමෙව බාලං ඵුසති, අස්මිං ලොකෙ පරම්හි ච.
|
127
“යමකට බියපත්වූ මසුරු පුද්ගලයා නොදේද, නොදෙන්නාහුට ඒ භයම වන්නේය. මසුරු තැනැත්තේ සාදුකද පිපාසාවද යන යමකට බියවේද, එයම අඥානයා මෙලෙව්හිද පරලෙව්හිද ස්පර්ශ කෙරේ.
|
128
තස්මා විනෙය්ය මච්ඡෙරං, දජ්ජා දානං මලාභිභූ;
පුඤ්ඤානි පරලොකස්මිං, පතිට්ඨා හොන්ති පාණිනං.
|
128
“එහෙයින් මසුරු මළ මැඩපවත්වන්නේ මසුරු බව දුරුකොට දානය දෙන්නේය. කරණලද පින් පරලෙව්හි ප්‍රාණීන්ට පිහිට වෙත්.
|
129
දුද්දදං දදමානානං, දුක්කරං කම්ම කුබ්බතං;
අසන්තො නානුකුබ්බන්ති, සතං ධම්මො දුරන්නයො.
|
129
“දීමට දුෂ්කරවූ දානය දෙන්නවුන්ගේ දුෂ්කරවූ කර්මය කරන්නවුන්ගේ ප්‍රතිපත්තියට අසත් පුරුෂයෝ අනුව කටයුතු කරන්නෝ නොවෙති. එසේමැයි සත්පුරුෂයන්ගේ ධර්මය තෙම අනුව පවත්නට නොපිළිවනි.
|
130
තස්මා සතඤ්ච අසතං
(අසතඤ්ච (සී. ස්‍යා. පී.)), නානා හොති ඉතො ගති;
අසන්තො නිරයං යන්ති, සන්තො සග්ගපරායනා.
|
130
“එහෙයින් සත්පුරුෂයන්ගේද, පරලොව ගතිය මෙයින් වෙනස්වේ. එසේමැයි. අසත්පුරුෂයෝ නරකයට යෙති. සත්පුරුෂයෝ දෙව්ලොවට යන්නාහ.
|
131
අප්පස්මෙකෙ
අප්පස්මා දක්ඛිණා දින්නා, සහස්සෙන සමං මිතා.
|
131
“සමහරු මද වස්තුවක් ඇතිකල්හිද දන්දෙත්. සමහර කෙනෙක් ඇත්තාවූ බොහෝ වස්තුවෙන්ද නොදෙන්නාහ. මදකිනුදු දෙන ලද දක්ෂිණාතොමෝ දහසක් පමණ දීම හා ප්‍රමාණ කරණලද්දී සමවේ.
|
132
ධම්මං චරෙ යොපි සමුඤ්ඡකං චරෙ, දාරඤ්ච පොසං දදමප්පකස්මිං
(දදං අප්පකස්මිපි (පී.));
සතං සහස්සානං සහස්සයාගිනං, කලම්පි
|
132
“යමෙක් වනාහි අඹුදරුවන්ද රකිමින් ස්වල්පවූ දෙය්ය ධර්මය දෙමින් සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේවී නම් පිඬු සිඟා යාමද හැසිරෙන්නේ නම් දහසක් යාග ඇත්තාවූ ලක්ෂයක් ඇති නමුත් ඒ යාගයෝ එබඳු දැහැමින් සොයා දන් දෙන්නාවූ දුගියාගේ දානයෙහි සොළොස්වැනි කොටසද නොඅගිත්.
|
133
කෙනෙස
කථං සතං සහස්සානං
(කථං සහස්සානං (සී. ස්‍යා. පී.)) සහස්සයාගිනං, කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙ.
|
133
“මහත්වූ මහත් වටිනාකම ඇත්තාවූ මේ දාන සංඛ්‍යාත යාගයතෙම දැහැමින් සෙමෙන් දුන් දානයට වඩා කවරහෙයින් අගනා බවට නොයේද, දහසක් යාග ඇත්තාවූ ඒ ලක්ෂයක් දෙන එබඳු වූවහුගේ කොටසකට කෙසේ නොඅගනාහුද,
|
134
දදන්ති හෙකෙ විසමෙ නිවිට්ඨා, ඡෙත්වා
(ඣත්වා (සී. පී.), ඝත්වා (ස්‍යා.)) වධිත්වා අථ සොචයිත්වා;
සා දක්ඛිණා අස්සුමුඛා සදණ්ඩා, සමෙන දින්නස්ස න අග්ඝමෙති;
එවං සතං සහස්සානං
(එවං සහස්සානං (සී. ස්‍යා. පී.)) සහස්සයාගිනං, කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙති.
|
134
“විෂමවූ කාය කර්මාදියෙහි පිහිටියාවූ සමහර කෙනෙක් අනුන්ට පීඩාකොට අනුන් නසා තවද අනුන් ශොක කරවා දෙන්නාහුද, කඳුළු මුහුණු ඇති දඬුවම් සහිතවූ ඒ දක්ෂිණාතොමෝ දැහැමින් සෙමෙන් දුන් පුද්ගලයාගේ සමබවට නොපැමිණේ. මෙසේ දහස් ගණන් යාග ඇත්තාවූ ලක්ෂයක් ඒ පුරුෂයෝ එබඳුවූ තැනැත්තාගේ සොළොස් වෙනි කලාවටද නො අගිත්.”
|
451. චක්කවාකජාතකං (13) | 451. චක්කවාක ජාතකය |
135
වණ්ණවා අභිරූපොසි, ඝනො සඤ්ජාතරොහිතො;
චක්කවාක සුරූපොසි, විප්පසන්නමුඛින්ද්රියො.
|
135
“චක්‍රවාකය තෝ වනාහි ශරීරවර්ණ ඇත්තෙහිය. විශිෂ්ට රූ ඇත්තෙහිය. ඝනවූ මනාව හටගත් රන්වන් පැහැ ඇත්තේ මනාවූ රූ ඇත්තේ විශේෂයෙන් ප්‍රසන්නවූ මුහුණ හා ඉඳුරන් ඇත්තේ වෙහිය. එහෙයින් ගං ඉවුරුවල හුන්නේ පෙටි මස්ද, ලුල් මස්ද, ලේල්මස්ද, යන මෙසේවූ භොජනය අනුභව කෙරෙහිද,
|
136
පාඨීනං පාවුසං මච්ඡං, බලජං
(වාලජං (සී. පී.), බලජ්ජං (ස්‍යා.)) මුඤ්ජරොහිතං;
ගඞ්ගාය තීරෙ නිසින්නො
(ගඞ්ගාතීරෙ නිසින්නොසි (ස්‍යා. ක.)), එවං භුඤ්ජසි භොජනං.
|
136 |
137
න වාහමෙතං
(සබ්බත්ථපි සමානං) භුඤ්ජාමි, ජඞ්ගලානොදකානි වා;
අඤ්ඤත්ර සෙවාලපණකා, එතං
(අඤ්ඤං (ස්‍යා.)) මෙ සම්ම භොජනං.
|
137
“යහළුව, මම මේ භොජනය හෝ දිය සෙවෙල් යන මෙයින් අන්‍යවූ ජංගල දෙශයෙහිවූ මාංශයන් හෝ අනුභව නොකරමි. දියෙහි මස් හෝ අනුභව නොකරමි. මේ සෙවෙල් දිය පරඬලා දෙක මාගේ භොජනයයි.
|
138
න
අහම්පි සම්ම භුඤ්ජාමි, ගාමෙ ලොණියතෙලියං.
|
138
“මම මේ සෙවෙල් දිය පරඬලා යන දෙක සක්වා ලිහිණියාගේ භොජනයයි නොම හදහමි. යහළුව මම වනාහි ගමෙහි ලුණුවලින්ද, තෙල්වලින්ද යුක්තවූ මිනිසුන් අතරෙහි කරණලද පවිත්‍රවූ මසින් යුක්තවූ භොජනය අඩුනැතිව කෙරෙමි. එතකුදු වුවත් සක්වාලිහිණිය, තට මෙන් මට එබඳු වූ ශරීරවර්‍ණයෙක් නම් නොමැත.
|
139
මනුස්සෙසු කතං භත්තං, සුචිං මංසූපසෙචනං;
න
|
139 |
140
සම්පස්සං අත්තනි වෙරං, හිංසයං
(හිංසාය (ස්‍යා. පී. ක.)) මානුසිං පජං;
උත්රස්තො ඝසසී භීතො, තෙන වණ්ණො තවෙදිසො.
|
140
“තමා කෙරෙහි වෛර සිත බලන්නේ මනුෂ්‍ය ප්‍රජාව පෙළන්නේ හටගත් චිත්තොත්රස ඇත්තේ, බියපත්වූයේ අනුභව කරන්නෙහිය. එහෙයින් තාගේ ශරීර වර්ණය මෙබඳුවේ.
|
141
සබ්බලොකවිරුද්ධොසි, ධඞ්ක පාපෙන කම්මුනා;
ලද්ධො පිණ්ඩො න පීණෙති, තෙන වණ්ණො තවෙදිසො.
|
141
“කව්ඩුව, තෝ වනාහි පාප කර්මයෙන් සියලු ලොවට විරුද්ධ වෙහිය. තා විසින් ලබනලද ආහාරය තා නොපිනවයි. එහෙයින් තාගේ ශරීර වර්ණය මෙබඳුවේ.
|
142
අහම්පි
(අහඤ්ච (?)) සම්ම භුඤ්ජාමි, අහිංසං සබ්බපාණිනං;
අප්පොස්සුක්කො නිරාසඞ්කී, අසොකො අකුතොභයො.
|
142
“යහළුව, මමද සියලු සතුන්ට හිංසා නොකරන්නේ මද උත්සාහ ඇත්තේ, සැකයක් නැත්තේ, ශොක නැත්තේ කොයිනුත් බියක් නැත්තෙම් අනුභව කරමි.
|
143
සො කරස්සු ආනුභාවං, වීතිවත්තස්සු සීලියං;
අහිංසාය චර ලොකෙ, පියො හොහිසි මංමිව.
|
143
“හේ තෝ උත්සාහ කරව, ස්වකීය දුශ්ශීල භාවය ඉක්මවා පවතුව, එකල්හි අවිහිංසාවෙන් යුක්තව ලෝකයෙහිම හැසිරෙන්නෙහි මා මෙන් ලොවට ප්‍රියයෙක් වන්නෙහිය.
|
144
යො න හන්ති න ඝාතෙති, න ජිනාති න ජාපයෙ;
මෙත්තංසො සබ්බභූතෙසු, වෙරං තස්ස න කෙනචීති.
|
144
“යමෙක්තෙම අනුන් නොනසාද, විනාශයක් නොකෙරේද, ධන හානියක් නොකෙරේද, ධන හානියක් අනුන්ලවා නොකරවාද, සියලු සතුන් කෙරෙහි මෛත්‍රී කොටස් ඇත්තේද, ඕහට කිසිවෙකු හාද වෛරයක් නැත්තේය.
|
452. භූරිපඤ්ඤජාතකං (14) | 452. භූරිපඤ්ඤ ජාතකය |
145
සච්චං
න තායතෙභාවවසූපනිතං, යො යවකං භුඤ්ජසි අප්පසූපං.
|
145
“බොහෝ ප්‍රඥා ඇත්ත, නුඹ මාළු නැත්තාවූ යව සාලේ බත අනුභව කෙරෙහිද, එසේ වූ විපතට පැමිණියාවූ නුඹ එබඳු ශ්‍රී තොමෝද ධෛර්‍ය්‍යයද ස්මෘතියද රක්ෂා නොකෙරේ. එහෙයින් එය සැබෑවිල.
|
146
සුඛං දුක්ඛෙන පරිපාචයන්තො, කාලා කාලං විචිනං ඡන්දඡන්නො;
අත්ථස්ස
|
146
“මම දුකින් පුරාතන සැපය වඩන්නෙම් කාලය හා අකාලය සොයන්නෙම් මාගේ කැමැත්තෙන් සැඟවුනේ අභිවෘද්ධියට ද්වාරයන් විවෘත කරන්නේ වෙම්ද, ඒ කාරණයෙන් යවසාලේ බතින් සතුටුවෙමි.
|
147
කාලඤ්ච
විජම්භිස්සං සීහවිජම්භිතානි, තායිද්ධියා දක්ඛසි මං පුනාපි.
|
147
“උත්සාහ කිරීමට කාලය දැන නුවණින් අර්ථය වඩා සිංහ විජාම්භනයෙන් විජාම්භනය කෙරෙමි. නැවතද ඒ සමෘද්ධියෙන් යුක්තවූ මා දක්නෙහිය.
|
148
සුඛීපි හෙකෙ
(සුඛී හි එකෙ (සී.), සුඛීති හෙකෙ (?)) න කරොන්ති පාපං, අවණ්ණසංසග්ගභයා පුනෙකෙ;
පහූ සමානො විපුලත්ථචින්තී, කිංකාරණා මෙ න කරොසි දුක්ඛං.
|
148
“සුවපත්වූ සමහරු වනාහී පව් නොකෙරෙත්. නැවත අපකීර්තිය හා එක්වන භයින් පව් නොකෙරෙත්. නුඹවනාහි ප්රබලවූයේම බොහෝවූ කරුණු සිතන්නේ මට කවර කරුණකින් දුකක් නොකෙරෙහිද,
|
149
න පණ්ඩිතා අත්තසුඛස්ස හෙතු, පාපානි කම්මානි සමාචරන්ති;
දුක්ඛෙන ඵුට්ඨා ඛලිතාපි සන්තා, ඡන්දා ච දොසා න ජහන්ති ධම්මං.
|
149
“පණ්ඩිතයෝ තමහට සුව සඳහා පව්කම් නොකෙරෙත්. කායික චෛතසික දුකින් පෙළුනාවූ විපතට පැමිණියාහුද, ඡන්දයෙන් ද ද්වේෂයෙන්ද ධර්මය අත්නොහරිත්.”
|
150
යෙන කෙනචි වණ්ණෙන, මුදුනා දාරුණෙන වා;
උද්ධරෙ දීනමත්තානං, පච්ඡා ධම්මං සමාචරෙ.
|
150
“මොළොක්වූද, දරුණුවූද, යම්කිසි කාරණයකින් බැගෑවූ තමා නගාසිටුවන්නේය. එසේ සිට පසුව සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේය.
|
151
යස්ස රුක්ඛස්ස ඡායාය, නිසීදෙය්ය සයෙය්ය වා;
න තස්ස සාඛං භඤ්ජෙය්ය, මිත්තදුබ්භො හි පාපකො.
|
151
“යම් ගසක්හුගේ සෙවෙනෙහි හුන්නේ වීනම් හෝ ශයනය කෙළේනම් හෝ ඒ වෘක්ෂයාගේ ශාඛාවක් නොබිඳින්නේය. කුමක් හෙයින්දයත්, බිඳුනේවී නම් ඒ පවිටුතෙම මිත්රද්රෝහියාමවේ.
|
152
යස්සාපි
(යස්ස හි (සී. ක.)) ධම්මං පුරිසො
(මනුජො (සී.)) විජඤ්ඤා, යෙ චස්ස කඞ්ඛං විනයන්ති සන්තො;
තං
|
152
“මනුෂ්‍යතෙම යමෙකුගේ වනාහි ධර්මය දන්නේද, යම් සත්පුරුෂ කෙනෙක් මොහුගේ සැකය දුරුකෙරෙද්ද, එයම මොහුට පිහිටදවේ. පිළිසරණදවේ. එහෙයින් ඒ ගුරුවරයා සමග මිත්‍ර බව නුවණැත්තේ නොදිරවන්නේය.
|
153
අලසො ගිහී කාමභොගී න සාධු, අසඤ්ඤතො පබ්බජිතො න සාධු;
රාජා න සාධු අනිසම්මකාරී, යො පණ්ඩිතො කොධනො තං න සාධු.
|
153
“ගෘහස්ථතෙම කම් සැප අනුභවකරන්නේ අලසවීනම් යහපත් නොවේ. පැවිදිතෙම සංයම නැත්තේනම් යහපත් නොවේ. රජතෙම පරීක්ෂාකාරි නොවේ නම් යහපත් නොවේ. යම් පණ්ඩිතයෙක් කිපෙනසුළු වී නම් හෙතෙම යහපත් නොවේ.
|
154
නිසම්ම ඛත්තියො කයිරා, නානිසම්ම දිසම්පති;
නිසම්මකාරිනො රාජ, යසො කිත්ති ච වඩ්ඪතීති.
|
154
“ක්ෂත්රියතෙම කරුණු විමසා කරන්නේය. රජ තෙම නොවිමසා නොකරන්නේය. කුමක්හෙයින්දයත්, රාජය, විමසා කටයුතු කරන්නහුගේ යශසද, කීර්තියද වැඬේ.
|
453. මහාමඞ්ගලජාතකං (15) | 453. මහාමංගල ජාතකය |
155
කිංසු
සො මච්චො අස්මිඤ්ච
(අස්මිංව (පී.)) පරම්හි ලොකෙ, කථං කරො සොත්ථානෙන ගුත්තො.
|
155
“මනුෂ්‍යතෙම මංගල ප්‍රාර්ථනා කාලයෙහි කුමක් නම් ජපකරන්නේ කවර නම් වේදයක් හෝ ශ්‍රැතයන් අතුරෙන් කවරක් හෝ හදාරා ඒ මංගලාර්ථ පුරුෂතෙම මේ ලෙව්හිද, පරලෙව්හිද, කෙසේ කරන්නේ මංගලයෙන් රක්නාලද්දෙක් වන්නේද,
|
156
යස්ස දෙවා පිතරො ච සබ්බෙ, සරීසපා
(සිරිංසපා (සී. ස්‍යා. පී.)) සබ්බභූතානි චාපි;
මෙත්තාය නිච්චං අපචිතානි හොන්ති, භූතෙසු වෙ සොත්ථානං තදාහු.
|
156
“සියලු දෙවියෝද, බ්‍රහ්මයෝද, සියලු දීර්ඝ ජාතීහුද, සියලු සත්වයෝද, යන මොහු යමක්හුගේ මෛත්‍රී සිතින් පුදන ලද්දාහු වෙද්ද, එය සියලු භූතයන් කෙරෙහි මිනිසුන්ට මංගල නම් වෙයි කියත්.
|
157
යො
ඛන්තා දුරුත්තානමප්පටිකූලවාදී, අධිවාසනං සොත්ථානං තදාහු.
|
157
“යමෙක් සියලු ලෝකයහට යටත් පැවතුම් ඇත්තේ බාලයන් සහිතවූ ස්ත්‍රී පුරුෂයන්ගේ නපුරුකොට කියනලද වචනයන් ඉවසන්නේද, නොපිළිකුල් වචන ඇත්තේද? ඒ ඉවසීම පුරුෂයා හට නිරපරාධවූ මංගලයයි කියත්.
|
158
යො නාවජානාති සහායමිත්තෙ
(සහායමත්තෙ (සී. පී.)), සිප්පෙන කුල්යාහි ධනෙන ජච්චා;
රුචිපඤ්ඤො අත්ථකාලෙ මතීමා
(මුතීමා (සී. පී.)), සහායෙසු වෙ සොත්ථානං තදාහු.
|
158
“යමෙක් තෙම යහළු මිත්‍රයන් කෙරෙහිද ශිල්පයෙන් හෝ කුලවත් බැවින් හෝ වස්තුවෙන් හෝ ජාතියෙන් හෝ අවමන් නොකෙරේද? යහපත් ප්‍රඥා ඇත්තේ වැඩට සුදුසු කාලයෙහි ස්මෘති ඇත්තේ වේද, යහළුවන් කෙරෙහි ඒ නින්දා නොකිරීම ඕහට මංගලයයි කියත්.
|
159
මිත්තානි වෙ යස්ස භවන්ති සන්තො, සංවිස්සත්ථා අවිසංවාදකස්ස;
න මිත්තදුබ්භී සංවිභාගී ධනෙන, මිත්තෙසු වෙ සොත්ථානං තදාහු.
|
159
“නොරැවටීම් ඇති යමෙක්හට සත්පුරුෂයෝ ඒකාන්තයෙන් මිත්‍ර වෙද්ද, ඉතාම විශ්වාස වෙද්ද, එසේම මිත්‍ර ද්‍රෝහී නොවේද, වස්තුවෙන් බෙදීම ඇති ඔහුට මිත්‍රයන් අතුරෙහි ලැබිය යුතුවූ ඒ විශ්වාසය මංගලයයි කියත්.
|
160
යස්ස භරියා තුල්යවයා සමග්ගා, අනුබ්බතා ධම්මකාමා පජාතා
(සජාතා (ක.));
කොලිනියා සීලවතී පතිබ්බතා, දාරෙසු වෙ සොත්ථානං තදාහු.
|
160
“යමෙක්හුගේ භාර්යාව සමවූ වයස් ඇත්තීද, සමගි වූවාද, අනුව පවත්නීද, සුචරිත ධර්මයන් කැමැත්තීද, දරුවන් ඇත්තීද, කුලවත්වීද, පතීව්‍රතා ඇත්තීද, එබඳු අඹුවන් කෙරෙහි ඒ සුවපත් භාවයයි කියත්.
|
161
යස්ස
අද්වෙජ්ඣතා සුහදයං මමන්ති, රාජූසු වෙ සොත්ථානං තදාහු.
|
161
“ජනාධිපතිවූ යශස් ඇත්තාවු රජතෙම යමක්හුගේ පවිත්‍ර බවද වික්‍රමයද දනීද, මට සුහෘදයයි නොවෙනස් බැවින් දනීද, රජුන් කෙරෙහිලා ඒකාන්තයෙන් එය මංගලයයි කියත්.
|
162
අන්නඤ්ච
පසන්නචිත්තො අනුමොදමානො, සග්ගෙසු වෙ සොත්ථානං තදාහු.
|
162
“සැදැහැ ඇත්තේ ප්‍රසන්න සිත් ඇත්තේ සතුටු වෙමින් ආහාරයද පානයද සුවඳද මල්ද දෙන්නේ නම් එය ස්වර්ගයන්හි ඒකාන්තයෙන් ස්වස්ථානයයි කියත්.
|
163
යමරියධම්මෙන පුනන්ති වුද්ධා, ආරාධිතා සමචරියාය සන්තො;
බහුස්සුතා ඉසයො සීලවන්තො, අරහන්තමජ්ඣෙ සොත්ථානං තදාහු.
|
163
“ඥාන වෘද්ධවූ යහපත් ප්‍රතිපත්තියෙන් ආරාධනා කරණ ලද්දාවූ සත්පුරුෂවූ බහුශ්‍රැතවූ සිල්වත්වූ ඍෂිහු යමක්හු උතුම් ධර්මයෙන් පවිත්‍ර කෙරෙත්නම් එය රහතුන් මැදවිය යුතුවූ ස්වස්ථානයයි කියත්.
|
164
එතානි ඛො සොත්ථානානි ලොකෙ, විඤ්ඤුප්පසත්ථානි සුඛුද්රයානි
(සුඛින්ද්රියානි (පී.));
තානීධ සෙවෙථ නරො සපඤ්ඤො, න හි මඞ්ගලෙ කිඤ්චනමත්ථි සච්චන්ති.
|
164
“මෙකී මංගලයෝම ලෝකයෙහි නුවණැත්තන් විසින් පසස්නා ලදහ. සුවවැඩීමට කාරණයහ. එහෙයින් ප්‍රඥා සහිතවූ මනුෂ්‍යතෙම මෙහිලා ඒ මංගලයන්ම සෙවනය කරන්නේය. මෙයින් පිටත් දෘෂ්ට මංගලයන්ගෙන් සත්‍යවූ කිසිවක් නොම ඇත්තේය.
|
454. ඝටපණ්ඩිතජාතකං (16) | 454. ඝත ජාතකය |
165
උට්ඨෙහි කණ්හ කිං සෙසි, කො අත්ථො සුපනෙන තෙ;
යොපි තුය්හං
(තායං (පී.)) සකො භාතා, හදයං චක්ඛු ච
(චක්ඛුංව (පී.)) දක්ඛිණං;
තස්ස වාතා බලීයන්ති, ඝටො ජප්පති
(සසං ජප්පති (?)) කෙසව.
|
165
“කණ්හය, නැගී සිටුව, කුමට වැද හොවීද, නුඹ නිදීමෙන් කවර වැඩෙක්ද, කේශවය, නුඹගේ හෘදය වැනිවූ දකුණු ඇස වැනිවූ ඝත නම්වූ යම් ස්වකීය සහෝදරයෙක් ඇද්ද, ඔහුගේ හෘදය අපස්මාර වාතයෝ බලකෙරෙත්. හෙතෙම නැවත නැවත කියයි. හෙවත් සාවා මට දෙවයි කියා නන් දොඩයි.
|
166
තස්ස තං වචනං සුත්වා, රොහිණෙය්යස්ස කෙසවො;
තරමානරූපො වුට්ඨාසි, භාතුසොකෙන අට්ටිතො.
|
166
ඒ රෝහණෙය්‍ය නැමැත්තහුගේ ඒ වචනය අසා යුහුසුළු ස්වභාව ඇති කෙශවතෙම භාතෘ ශෝකයෙන් පෙළුනේ නැඟී සිටියේය.
|
167
කිං නු
සසො සසොති ලපසි, කො නු තෙ සසමාහරි.
|
167
“කිමෙක්ද, උමතුවූවෙකු මෙන් මේ සියලු ද්වාරවතී නුවර ඇවිදිනෙහි සාවාය සාවායයි දොඩවන්නෙහිය. කවරෙක් වනාහි තොපගේ සාවා හැර ගත්තේද?
|
168
සොවණ්ණමයං
සඞ්ඛසිලාපවාළමයං, කාරයිස්සාමි තෙ සසං.
|
168
“ස්වර්ණමයවූද මැණික්මුවාවූද ලෝහමයවූද තවද රජතමයවූද සංඛමයවූද සිලාමයවූද ප්රවාළමයවූද, සාවෙකු තට කරවන්නෙමි. නොහොත් වනයෙහි වසන්නාවූ මෙයින් අන්‍යවූද සාවෝ ඇත්තාහ. තට ඒ සාවුන්ද ගෙණ දෙන්නෙමි. තෝ වනාහි කෙබඳුවූ සාවෙකු කැමැත්තෙහිද කෙශවය, යම් සා කෙනෙක් පොළොව ඇසුරු කළාහුද ඔවුන් මම නොකැමැත්තෙමි. චන්ද්‍රයා කෙරෙන් සාවා කැමැත්තෙමි. ඒ සාවා මට හැරගෙණ දෙව.
|
169
සන්ති අඤ්ඤෙපි සසකා, අරඤ්ඤෙ වනගොචරා;
තෙපි තෙ ආනයිස්සාමි, කීදිසං සසමිච්ඡසි.
|
169
“ප්‍රිය ඤාතිය, යමෙක් නොපැතිය යුත්තක් පතන්නෙහිද, චන්ද්‍රයා කෙරෙන් සාවා කැමැත්තෙහිද, ඒ තෝ ඒකාන්තයෙන් මධුරවූ ජීවිතය හරින්නෙහිය.
|
170
න
චන්දතො සසමිච්ඡාමි, තං මෙ ඔහර කෙසව.
|
170
“කණ්හය, ඉදින් මෙසේ දන්නෙහි වීනම් යම් අනිකෙකුට අනුශාසනා කරන්නෙහි නම් කවර හෙයකින් පෙර මළාවූ පුත්‍රයාට අදත් ශොක කෙරෙහිද?
|
171
සො නූන මධුරං ඤාති, ජීවිතං විජහිස්සසි;
අපත්ථියං යො පත්ථයසි, චන්දතො සසමිච්ඡසි.
|
171
“මාගේ උපන්නාවූ පුත්‍රතෙම නැවත නොමියේවායි මිනිසෙකු විසින් හෝ නොමිනිසෙකු විසින් යම් හෙයකින් නොලැබිය හැක්කේද එහෙයින් ලැබිය නොහැකි දෙයක් කොයින් ලැබෙන්නේද,
|
172
එවං චෙ කණ්හ ජානාසි, යදඤ්ඤමනුසාසසි;
කස්මා පුරෙ මතං පුත්තං, අජ්ජාපි මනුසොචසි.
|
172
“කණ්හය, පරලොව ගියාවූ යමෙකු අනුව ශොක කෙරෙහිද, ඒ පුත්‍රයා මන්ත්‍රයකින් හෝ මුල් බෙහෙතකින් හෝ අන් ඖෂධවලින් හෝ වස්තුවෙන් හෝ ගෙණෙන්නට නොපිළිවනි.
|
173
යං න ලබ්භා මනුස්සෙන, අමනුස්සෙන වා පුන
(පන (පෙ. ව. 215));
ජාතො මෙ මා මරී පුත්තො, කුතො ලබ්භා අලබ්භියං.
|
173
“ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් ඇවිලගත්තාවූ මා ඒකාන්තයෙන් දිය ඉසිනලද්දාක් මෙන් සියලු පීඩාව නිවූයේය.
|
174
න මන්තා මූලභෙසජ්ජා, ඔසධෙහි ධනෙන වා;
සක්කා ආනයිතුං කණ්හ, යං පෙතමනුසොචසි.
|
174
“යමෙක් තෙම ශෝකයෙන් පෙළුනාවූ මාගේ පුත්‍ර ශෝකය දුරුකෙළේද, හෙතෙම මාගේ හෘදය ඇසුරුකළාවූ යමක්වීද, මාගේ ඒ ශොක නමැති හුල ඒකාන්තයෙන් ඇද දැමීය.
|
175
යස්ස එතාදිසා අස්සු, අමච්චා පුරිසපණ්ඩිතා;
යථා නිජ්ඣාපයෙ අජ්ජ, ඝටො පුරිසපණ්ඩිතො.
|
175
“මානවකය, ඔබගේ වචනය අසා ඒ මම උදුරා දැමූ ශොක නමැති හුල් ඇත්තේ පහව ගියාවූ ශොක ඇත්තේ නොකැළඹුනු සිත් ඇත්තේ වෙමි. ශොක නොකරමි. නොහඬමි.
|
176
ආදිත්තං වත මං සන්තං, ඝතසිත්තංව පාවකං;
වාරිනා විය ඔසිඤ්චං, සබ්බං නිබ්බාපයෙ දරං.
|
176
“යම්කෙනෙක් අනුකම්පා ඇත්තාහු වෙද්ද, වැඩිමහළු සොහොයුරා ඝතයා මෙන් ශෝකයෙන් වළක්වත්ද, එබඳුවූ ප්‍රඥා සම්පන්නවූ ඔව්හු මෙසේ කෙරෙත්.”
|
177
අබ්බහී
යො මෙ සොකපරෙතස්ස, පුත්තසොකං අපානුදි.
|
177 |
178
සොහං අබ්බූළ්හසල්ලොස්මි, වීතසොකො අනාවිලො;
න සොචාමි න රොදාමි, තව සුත්වාන මාණව
(භාතික (පෙ. ව. 224)).
|
178 |
179
එවං කරොන්ති සප්පඤ්ඤා, යෙ හොන්ති අනුකම්පකා;
නිවත්තයන්ති සොකම්හා, ඝටො ජෙට්ඨංව භාතරන්ති.
|
179 |