ත්‍රිපිටකය
8. අට්ඨකනිපාතො 8. අට්ඨක නිපාතය
417. කච්චානිජාතකං (1) 417. කච්චානි ජාතකය
418. අට්ඨසද්දජාතකං (2) 418. අට්ඨසද්ද ජාතකය
419. සුලසාජාතකං (3) 419. සුළසා ජාතකය
420. සුමඞ්ගලජාතකං (4) 420. සුමංගල ජාතකය
421. ගඞ්ගමාලජාතකං (5) 421. ගංගාමාල ජාතකය
422. චෙතියජාතකං (6) 422. චෙතිය ජාතකය
45
ධම්මො හවෙ හතො හන්ති, නාහතො හන්ති කිඤ්චනං (කඤ්චිනං (පී.));
තස්මා හි ධම්මං න හනෙ, මා ත්වං (තං (ස්‍යා. පී.)) ධම්මො හතො හනි.
45
“ඒකාන්තයෙන් සත්‍ය ධර්මය තෙම මුසවා කීමෙන් නසනලද්දේ, වැඩිමහල්ලන් පිදීමේ ධර්මය තෙමේම නැසේ. ධර්මය නොනසනලද්දේ කිසිවක් නොනැසේ. එහෙයින් සත්‍ය ධර්මය නොනසන්නේය. නුඹවහන්සේ ධර්මය නසන ලද්දේ නො නැසෙව.
46
අලිකං භාසමානස්ස, අපක්කමන්ති දෙවතා;
පූතිකඤ්ච මුඛං වාති, සකට්ඨානා ච ධංසති;
යො ජානං පුච්ඡිතො පඤ්හං, අඤ්ඤථා නං වියාකරෙ.
46
“විචාරණලද යමෙක්තෙම දන්නේ ප්‍රශ්නය අන් පරිද්දකින් ප්‍රකාශ කරන්නේද, එසේ බොරු කියන්නහුගේ දෙවියෝ පහවයෙත්. මුඛයද දුගඳහමයි. අහස තමා සිටි තැනින්ද ගිළිහේ.
47
සචෙ හි සච්චං භණසි, හොහි රාජ යථා පුරෙ;
මුසා චෙ භාසසෙ රාජ, භූමියං තිට්ඨ චෙතිය.
47
“චේතිය නම් රජ ඉදින් වනාහි සැබව කීයෙහි නම් පෙරමෙන් වෙහිය. ඉදින් බොරුව කීයෙහි නම් මහරජ භූමියෙහි සිටිනු මැනව.
48
අකාලෙ වස්සතී තස්ස, කාලෙ තස්ස න වස්සති;
යො ජානං පුච්ඡිතො පඤ්හං, අඤ්ඤථා නං වියාකරෙ.
48
“යම් රජෙක්තෙම ප්‍රශ්නය අසනලද්දේ දන්නේ එය අන් පරිද්දෙකින් ප්‍රකාශ කරන්නේද, ඔහුගේ රාජ්‍යයට නොකල්හි වසියි. ඔහුගේ රාජ්‍යයට සුදුසු කල්හි නොවසියි.
49
සචෙ හි සච්චං භණසි, හොහි රාජ යථා පුරෙ;
මුසා චෙ භාසසෙ රාජ, භූමිං පවිස චෙතිය.
49
“චේතිය නම් රජුනි, ඉදින් වනාහි ඇත්ත කීයෙහි නම් මහරජ, බිම සිටිනු මැනව.
50
ජිව්හා තස්ස ද්විධා හොති, උරගස්සෙව දිසම්පති;
යො ජානං පුච්ඡිතො පඤ්හං, අඤ්ඤථා නං වියාකරෙ.
50
“මහරජ, අසනලද යමෙක් තෙම දනිමින් ඒ ප්‍රශ්නය අන්පරිද්දෙකින් විසඳන්නේද, සර්පයාගේ මෙන් ඔහුගේ දිව විප්‍රකාරවේ.
51
සචෙ හි සච්චං භණසි, හොහි රාජ යථා පුරෙ;
මුසා චෙ භාසසෙ රාජ, භිය්‍යො පවිස චෙතිය.
51
“එම්බා චේතිය නම්වූ මහරජ, ඉදින් වනාහි සත්‍ය වචනය කීයෙහි නම් පෙර මෙන් වෙහි. ඉදින් බොරු කීයෙහි නම් මහරජ, බිමට බැස සිටිනු මැනව.
52
ජිව්හා තස්ස න භවති, මච්ඡස්සෙව දිසම්පති;
යො ජානං පුච්ඡිතො පඤ්හං, අඤ්ඤථා නං වියාකරෙ.
52
“එම්බා මහරජ අසනලද යමෙක් තෙම දන්නේ ඒ ප්‍රශ්නය අන්පරිද්දෙකින් විසඳන්නේද, මත්ස්‍යයාගේ මෙන් ඔහුගේ දිව ඇති නොවේ.
53
සචෙ හි සච්චං භණසි, හොහි රාජ යථා පුරෙ;
මුසා චෙ භාසසෙ රාජ, භිය්‍යො පවිස චෙතිය.
53
“චේතිය නම්වූ මහරජ ඉදින් වනාහි සත්‍යය කීයෙහි නම් පෙර මෙන් වෙති. ඉදින් බොරු කීයෙහි නම් මහරජ, බිමට බසිනු මැනව.
54
ථියොව තස්ස ජායන්ති (ථියො තස්ස පජායන්ති (ක.)), න පුමා ජායරෙ කුලෙ;
යො ජානං පුච්ඡිතො පඤ්හං, අඤ්ඤථා නං වියාකරෙ.
54
“විචාරණ ලද යමෙක්තෙම දනිමින් ඒ ප්‍රශ්නය අන්පරිද්දකින් ප්‍රකාශකරන්නේනම් ඔහුගේ කුලයෙහි ස්ත්‍රීහු උපදිත්. පුරුෂයෝ නූපදිත්.
55
සචෙ හි සච්චං භණසි, හොහි රාජ යථා පුරෙ;
මුසා චෙ භාසසෙ රාජ, භිය්‍යො පවිස චෙතිය.
55
“චෙතිය නම්වූ මහරජ, ඉදින් වනාහි ඇත්ත කීයෙහි නම් පෙර මෙන් වෙව, ඉදින් බොරු කීයෙහිනම් භූමියට පිවිසෙව,
56
පුත්තා තස්ස න භවන්ති, පක්කමන්ති දිසොදිසං;
යො ජානං පුච්ඡිතො පඤ්හං, අඤ්ඤථා නං වියාකරෙ.
56
“අසනලද්දාවූ යමෙක්තෙම දනිමින් ඒ ප්‍රශ්නය අන් පරිද්දකින් කියන්නේනම් ඔහුගේ පුත්‍රයෝ ඔහුට උපකාර ඇත්තෝ නොවෙත්. දිශානුදිශාවට පලායෙත්.
57
සචෙ හි සච්චං භණසි, හොහි රාජ යථා පුරෙ;
මුසා චෙ භාසසෙ රාජ, භිය්‍යො පවිස චෙතිය.
57
“චේතිය නම් රජ, ඉදින් වනාහී ඇත්ත කීයෙහිනම් පෙර මෙන් වෙව, මහරජ, ඉදින් බොරු කීයෙහිනම් භූමියට ප්‍රවිෂ්ට වෙව,
58
රාජා ඉසිනා සත්තො, අන්තලික්ඛචරො පුරෙ;
පාවෙක්ඛි පථවිං චෙච්චො, හීනත්තො පත්ව පරියායං (අත්තපරියායං (සී. ස්‍යා.), පත්තපරියායං (ක. සී. නිය්‍ය)).
58
“ඒ චේතිය රජතෙම පූර්වයෙහි කපිල නම් මහර්ෂීන් කරණකොටගෙණ රජ බවට පැමිණියේ අහස හැසිරෙන්නාවූ මෙතෙම පිරිහුණ ස්වභාව ඇත්තේ කාලානුරූප බවට පැමිණ පොළොවටද ඇතුළුවූයේය.
59
තස්මා හි ඡන්දාගමනං, නප්පසංසන්ති පණ්ඩිතා;
අදුට්ඨචිත්තො භාසෙය්‍ය, ගිරං සච්චූපසංහිතන්ති.
59
“එහෙයින් වනාහි ඡන්දයෙන් අගතියට යාම ප්‍රාඥයෝ ප්‍රශංසා නොකෙරෙත්. එහෙයින් දුෂ්ට නොවූ සිත් ඇත්තේ සත්පුරුෂයන් විසින් යහපතැයි කියනලද සත්‍ය වචනය කියන්නේය.”
423. ඉන්ද්‍රියජාතකං (7) 423. ඉන්ද්‍රිය ජාතකය
424. ආදිත්තජාතකං (8) 424. ආදිත්ත ජාතකය:
425. අට්ඨානජාතකං (9) 425. අට්ඨාන ජාතකය
426. දීපිජාතකං (10) 426. දීපි ජාතකය