7. සත්තකනිපාතො | 7. සප්තක නිපාතය |
1. කුක්කුවග්ගො | 1. කුක්කුට වර්ගය |
396. කුක්කුජාතකං (7-1-1) | 396. කුක්කුට ජාතකය |
1
දියඩ්ඪකුක්කූ
සා සිංසපා
(සසිංසපා (සී. පී.), සා සීසපා (ස්‍යා.), යා සිංසපා (ක. සී. නිය්‍ය)) සාරමයා අඵෙග්ගුකා, කුහිං ඨිතා උප්පරිතො
(උපරිතො (සී. ස්‍යා. පී.)) න ධංසති.
|
1
මුදුන උසින් එක්රියන් හමාරක එය අට වියතක් වටයවේ. හරය ඇති ගෙඩි නැති ඇට්ටේරිය වලින් කරණ ලද්දාවූ යම් මුදුනක් වේද, ඕතොමෝ කොහි පිහිටියා මත්තෙන් නොයේද,
|
2
යා තිංසති සාරමයා අනුජ්ජුකා, පරිකිරිය
(පකිරියා (ක.)) ගොපාණසියො සමං ඨිතා
(සමට්ඨිතා (සී. ස්‍යා.));
තාහි සුසඞ්ගහිතා බලසා පීළිතා
(තා සඞ්ගහිතා බලසා ච පීළිතා (සී.), තාහි සුසඞ්ගහිතා බලසා ච පීළිතා (ස්‍යා.), තාහි සඞ්ගහීතා බලසා ච පීළිතා (පී.)), සමං ඨිතා උප්පරිතො න ධංසති.
|
2
“ඍජුනොවූ හරමවූ තිසක් පමණවූ යම් ඒ පරාල වලින් වට කරන ලදුව සම බැවින් සිටියාහුද ඔහුතුමූ බලයෙන් පෙළෙන ලද්දාහු මනාකොට එකට බැඳී සමව සිටියාහු උඩින් නොවැටෙති.
|
3
එවම්පි මිත්තෙහි දළ්හෙහි පණ්ඩිතො, අභෙජ්ජරූපෙහි සුචීහි මන්තිභි;
සුසඞ්ගහීතො සිරියා න ධංසති, ගොපාණසී භාරවහාව කණ්ණිකා.
|
3
“මෙසේ නුවණැති රජ තෙමේ දැඩි මිත්‍රවූ නොබිඳෙන ස්වභාව ඇති පිරිසිදු පැවතුම් ඇති මන්ත්‍රීන් හා මනාකොට සම්බන්ධවූයේ පරාල බර උසුලන්නාවූ පියසි මණ්ඩලය මෙන් ශ්‍රීයෙන් නොපිරිහෙයි.
|
4
ඛරත්තචං බෙල්ලං යථාපි සත්ථවා, අනාමසන්තොපි කරොති තිත්තකං;
සමාහරං සාදුං කරොති පත්ථිව, අසාදුං කයිරා තනුබන්ධමුද්ධරං
(තනුවට්ටමුද්ධරං (සී. පී.)).
|
4
“යම්සේ ආයුධ ඇත්තේ තදවූ ලෙල්ල ඇති ජම්බල ගෙඩියේ පිට ලෙල්ල තුනීකොටද නොසහින්නේ තිත්ත රස ඇත්තක් කෙරේද, පිට ලෙල්ල සැසහරින්නේ මධුර කෙරේද, මහ රජාණෙනි, තුනීවූ ලෙල්ල උදුරන්නේ අමිහිරි කරන්නේද,
|
5
එවම්පි
ධම්මානුවත්තී පටිපජ්ජමානො, ස ඵාති කයිරා අවිහෙඨයං පරං.
|
5
“මෙසේ නුවණ ඇති රජතෙමේ නොසැහැසිව ගම් නියම්ගම්හි රජුන් පිළිබඳ ධනයන් හෙවත් අයබදු රැස්කරන්නේ දහම් අනුව පැවැත්මෙහි පිළිපදිමින් අනුන් නොපෙළෙන්නේ හෙතෙමේ දියුණුව කරන්නේයි.
|
6
ඔදාතමූලං
පදුමං යථා අග්ගිනිකාසිඵාලිමං, න කද්දමො න රජො න වාරි ලිම්පති.
|
6
“යම්සේ සුදුවූ මුල් ඇති පවිත්‍ර වූ ජලයෙහි හටගත්තා වූ පොකුණුවල හටගත් අම්බුජ නම්වූ හිරු රැසින් පිපියාවූ පියුම මඩ නොතැවරේද, ජලය හෝ නොතැවරේද,
|
7
එවම්පි වොහාරසුචිං අසාහසං, විසුද්ධකම්මන්තමපෙතපාපකං;
න ලිම්පති කම්මකිලෙස තාදිසො, ජාතං යථා පොක්ඛරණීසු අම්බුජන්ති.
|
7
“මෙසේම විනිශ්චය ව්‍යවහාරයෙහි පිරිසිදුවූ සාහසික ක්‍රියා නොකරන්නාවූ පිරිසිදුවූ කර්මාන්ත ඇති පහවූ පාපකර්ම ඇති, රජහු සතුන් මැරීම් ආදී කර්ම ක්ලේශතෙමේ නොකරයි කවර හෙයින්දයත්, පොකුණුවල හටගත්තාවූ පියුම යම්සේද, එසේම එබඳුවූ රජතෙමේ ‘නොඇලුණේ’ නම් වේ.”
|
397. මනොජජාතකං (7-1-2) | 397. මනොජ ජාතකය |
8
යථා චාපො නින්නමති, ජියා චාපි නිකූජති;
හඤ්ඤතෙ නූන මනොජො, මිගරාජා සඛා මම.
|
8
“යම්සේ දුන්න නැමේද දුනුදිය පොළනලද්දී හඬාද, එසේහෙයින් මනොජ නම්වූ මාගේ යහළුවූ සිංහයා නසනු ලැබීයයි හඟිමි.
|
9
හන්ද දානි වනන්තානි, පක්කමාමි යථාසුඛං;
නෙතාදිසා සඛා හොන්ති, ලබ්භා මෙ ජීවතො සඛා.
|
9
“එබැවින් දැන් වනාන්තරයට සුවසේ යෙමි. මෙබඳුවූ මළ තැනැත්තෝ යාළුවෝ නොවෙත්. ජීවත්වන්නාවූ මට යාළුවෝ ලැබිය හැක්කාහුයි.
|
10
න
මනොජං
|
10
“ලාමක ජනයන් සේවනය කරන්නේ බොහෝ කලක් සුව නොලබන්නේය. ඊ පහර ලදින් හෝනාවූ මනොජ නම්වූ සිංහයා බලව. ගිරිය නම් හිවලාගේ අනුශාසනාව මෙබඳුයි.
|
11
න පාපසම්පවඞ්කෙන, මාතා පුත්තෙන නන්දති;
මනොජං පස්ස සෙමානං, අච්ඡන්නං
(සච්ඡන්නං (ක.)) සම්හි ලොහිතෙ.
|
11
“පවට නැමුනාවූ පුත්‍රයා කරණකොටගෙණ මව සතුටුනොවෙයි. ඒ එසේමැයි. ස්වකීයවූ ලෙයෙහි ගැලී නිදන මනොජයා බලව,
|
12
එවමාපජ්ජතෙ පොසො, පාපියො ච නිගච්ඡති;
යො වෙ හිතානං වචනං, න කරොති අත්ථදස්සිනං.
|
12
“යමෙක් ඒකාන්තයෙන් මතු වැඩ දක්නාවූ හිතවතුන්ගේ අවවාදය නොකෙරේද, එබඳු පුරුෂතෙම මෙසේ වූ දුකට පැමිණෙයි. ලාමක බවටද පැමිණෙයි.
|
13
එවඤ්ච සො හොති තතො ච පාපියො, යො උත්තමො අධමජනූපසෙවී;
පස්සුත්තමං අධමජනූපසෙවිතං
(සෙවිං (ස්‍යා.)), මිගාධිපං සරවරවෙගනිද්ධුතං.
|
13
“උතුම්වූ යමෙක් හීන ජනයන් සේවනය කරන්නේද හෙතෙම ඒ හීනයාට වඩා මෙපරිද්දෙන් ඉතා ලාමකවේ. එසේමැයි හීන ජනයා සේවනය කළාවූ උතුම්වූ හී පහරින් විද මළාවූ සිංහයා බලව.
|
14
නිහීයති
සෙට්ඨමුපගමං
(මුපනමං (සී. පී. අ. නි. 3.26)) උදෙති ඛිප්පං, තස්මාත්තනා උත්තරිතරං
(තස්මා අත්තනො උත්තරිං (සී. පී.), තස්මා අත්තනො උත්තරං (ස්‍යා.)) භජෙථාති.
|
14
“හීනයන් සේවනය කරන්නාවූ පුරුෂතෙම පිරිහේ. සමානවූවෙකු සේවනය කරන්නේ කිසිකලෙක්හි නොම පිරිහෙන්නේය. උතුම්වූවෙකු කරා පැමිණෙන්නේ වහාම අභිවෘද්ධියට පැමිණේ. එහෙයින් තමාට වඩා ශීලාදී ගුණයෙන් වැඩිහිටියක්හු සේවනය කරන්නේය.”
|
398. සුතනුජාතකං (7-1-3) | 398. සුතනු ජාතකය |
15
රාජා තෙ භත්තං පාහෙසි, සුචිං මංසූපසෙචනං;
මඝදෙවස්මිං
(මඛාදෙවස්මිං (සී. පී.), මාඝදෙවස්මිං (ක.)) අධිවත්ථෙ, එහි නික්ඛම්ම භුඤ්ජස්සු.
|
15
“මේ නුග ගසෙහි වාසය කරන මඛාදේව නම් දෙවතාවෙනි, රජතෙම ඔබට පවිත්‍රවූ මසින් යුක්තවූ බත එවීය. මෑතට එව හුන් තැනින් නික්ම මා ගෙනා ඒ බත අනුභව කරව.
|
16
එහි මාණව ඔරෙන, භික්ඛමාදාය සූපිතං;
ත්වඤ්ච
|
16
“මානවකය, මාංශ සූප ඇති ආහාරය හැරගෙණ ඔබින් මෙහි එව, මානවකය, තෝද තා ගෙණා බතද, යන දෙකම මට ගොදුරුවන්නහුය.
|
17
අප්පකෙන තුවං යක්ඛ, ථුල්ලමත්ථං ජහිස්සසි;
භික්ඛං තෙ නාහරිස්සන්ති, ජනා මරණසඤ්ඤිනො.
|
17
“යක්ෂය, මරණයෙහි භය සංඥා ඇත්තාවූ ජනයෝ තට බත නොගෙනෙන්නාහුය. එහෙයින් තෝ ස්වල්පයකින් මහත්වූ අර්ථයක් හැර දමන්නෙහිය.
|
18
ලද්ධාය යක්ඛා
(ලද්ධායං යක්ඛ (සී. ස්‍යා. පී.)) තව නිච්චභික්ඛං, සුචිං පණීතං රසසා උපෙතං;
භික්ඛඤ්ච තෙ ආහරියො නරො ඉධ, සුදුල්ලභො හෙහිති භක්ඛිතෙ
(ඛාදිතෙ (සී. ස්‍යා. පී.)) මයි.
|
18
“යක්ෂය, රශයෙන් යුක්තවූ පිරිසිදුවූ, ප්‍රණීතවූ තට නිත්‍ය ආහාරය ලැබෙන්නාවූ ආගමනය ඇත්තේය. මා කෑ කල්හි ආහාරය ගෙනෙන්නාවූ මිනිසෙක් මෙහි ඉතා දුර්ලභ වන්නේය.
|
19
මමෙව
(මමෙස (සී. පී.)) සුතනො අත්ථො, යථා භාසසි මාණව;
මයා ත්වං සමනුඤ්ඤාතො, සොත්ථිං පස්සාහි මාතරං.
|
19
“සුතනු නම් මානවකය, යම්සේ කීයෙහිද, ඒ මේ වචනය මට වැඩ පිණිස වේ. නුඹ මා විසින් අනුදන්නා ලද්දෙහි මට සුවසේ දකුව,
|
20
ඛග්ගං ඡත්තඤ්ච පාතිඤ්ච, ගච්ඡමාදාය
(ගච්ඡෙවාදාය (සී. ස්‍යා. පී.)) මාණව;
සොත්ථිං පස්සතු තෙ මාතා, ත්වඤ්ච පස්සාහි මාතරං.
|
20
“මානවකය, තාගේ කඩුවද, කුඩයද, රන්තලියද හැරගෙනම යව. තාගේ මව සුවසේ තා දකීවා. තෝද මව දකුව.
|
21
එවං යක්ඛ සුඛී හොහි, සහ සබ්බෙහි ඤාතිභි;
ධනඤ්ච මෙ අධිගතං, රඤ්ඤො ච වචනං කතන්ති.
|
21
“යක්ෂය, මා විසින් ධනයද ලබනලදී. රජුගේ වචනයද කරණලදී. එපරිද්දෙන් සියලු නෑයන් හා සමග එබද සුවපත්වේවායි කීයේය.”
|
399. මාතුපොසකගිජ්ඣජාතකං (7-1-4) | 399. ගිජ්ක්ධ ජාතකය |
22
තෙ
අහං බද්ධොස්මි පාසෙන, නිලීයස්ස වසං ගතො.
|
22
“නිලීය නම් වැද්දාගේ වසඟ බවට පැමිණියාවූ මම මළ පුඩුවෙන් බැඳුනේ වෙමි. පර්වත ගුහාවෙහි හෝනාවූ ඒ මාගේ මහලු මව්පියෝ කෙසේ නම් කරන්නාහුද,
|
23
කිං ගිජ්ඣ පරිදෙවසි, කා නු තෙ පරිදෙවනා;
න
|
23
“ගිජුලිහිණිය, කුමට හඬන්නෙහිද, තාගේ හැඬීම කවරක්ද, මනුෂ්‍ය භාෂාව කියන්නාවූ පක්ෂියෙක් මා විසින් නො අසනලදී. දක්නාලද්දේ හෝ නොවේ.
|
24
භරාමි මාතාපිතරො, වුද්ධෙ ගිරිදරීසයෙ;
තෙ කථං නු කරිස්සන්ති, අහං වසං ගතො තව.
|
24
“පර්වත ගුහාවෙහි හෝනාවූ මහලුවූ මව්පියන් පොෂණය කෙරෙමි එසේවූ මම තාගේ වසඟ බවට ගියෙමි. ඒ මව්පිය දෙදෙන කෙසේ නම්කරන්නාහුද,
|
25
යං නු ගිජ්ඣො යොජනසතං, කුණපානි අවෙක්ඛති;
කස්මා ජාලඤ්ච පාසඤ්ච, ආසජ්ජාපි න බුජ්ඣසි.
|
25
“ගිජුලිහිණියා යොදුන් සියයක් තැන කුණපයන් දක්නේයි කුමක් හෙයින් දළටද පාශයටද සමීපවත් දැන නොගත්තෙහිද,
|
26
යදා පරාභවො හොති, පොසො ජීවිතසඞ්ඛයෙ;
අථ ජාලඤ්ච පාසඤ්ච, ආසජ්ජාපි න බුජ්ඣති.
|
26
“යම් කලෙක්හි විනාශයවේද එකල්හි පුරුෂතෙම ජීවිත විනාශයෙහි දැළටද පුඩුවටද සමීපවූවත් බැඳෙන බව නොදනී.
|
27
භරස්සු මාතාපිතරො, වුද්ධෙ ගිරිදරීසයෙ;
මයා ත්වං සමනුඤ්ඤාතො, සොත්ථිං පස්සාහි ඤාතකෙ.
|
27
“පර්වත ගුහාවෙහි හෝනාවූ මහලුවූ මව්පියන් පොෂණය කරව, මා විසින් මනාකොට අනුදන්නාලද තෝ නෑයන් සුවසේ දකුව,
|
28
එවං ලුද්දක නන්දස්සු, සහ සබ්බෙහි ඤාතිභි;
භරිස්සං මාතාපිතරො, වුද්ධෙ ගිරිදරීසයෙති.
|
28
“වැද්දාණෙනි, පර්වත ගුහාවෙහි වැටී සිටින මහලුවූ මව්පියන් සුවසේ ගොස් පොෂණය කෙරෙම්ද, එපරිද්දෙන් සියලු නෑයන් හා සමඟ ඔබ බොහෝ කලක් සතුටුවේවා.
|
400. දබ්භපුප්ඵජාතකං (7-1-5) | 400. දබ්භපුප්ඵ ජාතකය |
29
අනුතීරචාරී භද්දන්තෙ, සහායමනුධාව මං;
මහා මෙ ගහිතො
(රොහිතො (ක.)) මච්ඡො, සො මං හරති වෙගසා.
|
29
“ඉවුර අද්දර හැසිරෙන යහළුව, තට යහපතක් වේවා මා කරා දිව එව, මා විසින් මහත්වූ මත්ස්‍යයෙක් අල්ලා ගන්නාලදී. ඒ මත්ස්‍යයා වේගයෙන් මා දියට ඇදගණියි.
|
30
ගම්භීරචාරී භද්දන්තෙ, දළ්හං ගණ්හාහි ථාමසා;
අහං තං උද්ධරිස්සාමි, සුපණ්ණො උරගාමිව
(උරගම්මිව (සී. ස්‍යා. පී.)).
|
30
“ගැඹුරේ හැසිරෙන්න, තට යහපතක් වේවා. ශක්තියෙන් දැඩි කොට අල්ලා ගණුව මම තා ගුරුළා සර්පයෙකු මෙන් දියෙන් ගොඩට ගන්නෙමි.
|
31
විවාදො නො සමුප්පන්නො, දබ්භපුප්ඵ සුණොහි මෙ;
සමෙහි
|
31
“කුසතණ මල් (හා සමාන හෙයින් එ) නම්වූ ශෘගාලය මාගේ වචනය අසව, අපගේ විවාදයෙක් උපන්නේ වෙයි. යහළුව, කලහය සංසිඳුව, අපගේ විවාදය සංසිඳුව.
|
32
ධම්මට්ඨොහං පුරෙ ආසිං, බහූ අඩ්ඩා මෙ තීරිතා
(බහුඅට්ටං මෙ තීරිතං (සී.), බහුඅට්ටංව තීරිතං (ස්‍යා.), බහු අත්ථං මෙ තීරිතං (පී.));
සමෙමි මෙධගං සම්ම, විවාදො වූපසම්මතං.
|
32
“පෙර මම ධර්මයෙහි පිහිටියෙම්වීමි මා විසින් බොහෝ වූ අර්ථ නිශ්චය කරණලදී. යහළුව, තොප දෙදෙනාගේ කලහය සංසිඳුවම්. තොපගේ විවාදය සංසිඳේවා.
|
33
අනුතීරචාරි
අච්චායං
(අථායං (සී. පී.)) මජ්ඣිමො ඛණ්ඩො, ධම්මට්ඨස්ස භවිස්සති.
|
33
“ඉව්රෙහි ඇවිදින තැනැත්ත, තෝ නඟුට ගණුව, ගැඹුරු දියෙහි හැසිරෙන්නහුට හිස වෙයි. අනතුරු මේ මැද කොටස ධර්මිෂ්ටවූ හෙවත් විනිශ්චය ස්වාමිවූ මට වන්නේයි.
|
34
චිරම්පි
අසීසකං අනඞ්ගුට්ඨං, සිඞ්ගාලො හරති රොහිතං.
|
34
“ඉදින් විවාද නොකෙළෙම් නම් අපට කීප දවසකට කෑයුත්තක් වන්නේය. හිස නැති නඟුට නැති රෝහිත මත්ස්‍යයා හිවල් තෙමේ ගෙණයයි.
|
35
යථාපි රාජා නන්දෙය්ය, රජ්ජං ලද්ධාන ඛත්තියො;
එවාහමජ්ජ නන්දාමි, දිස්වා පුණ්ණමුඛං පතිං.
|
35
“යම්සේ ක්ෂත්රියවූ රජෙක් රාජ්‍යයක් ලැබ සතුටු වන්නේද, එපරිද්දෙන් මම අද පිරුණාවූ මුහුණු ඇති ස්වාමියා දැක සතුටුවෙමි.
|
36
කථං නු ථලජො සන්තො, උදකෙ මච්ඡං පරාමසි;
පුට්ඨො මෙ සම්ම අක්ඛාහි, කථං අධිගතං තයා.
|
36
“ගොඩවූයේම දියෙහි මත්ස්‍යයා කෙසේ නම් අල්ලා ගත්තෙහිද, යහළුව, මා විසින් විචාරණලද නුඹ එය කියව, තා විසින් කෙසේ බලනලදදැයි (අඹු විචාළා)
|
37
විවාදෙන කිසා හොන්ති, විවාදෙන ධනක්ඛයා;
ජීනා උද්දා විවාදෙන, භුඤ්ජ මායාවි රොහිතං.
|
37
“මායාවී තැනැත්තිය, විවාදය හේතුකොට ගෙණ කාශවූවාහු වෙත්. විවාදය හේතුකොට ගෙණ ධන විනාශ වූවාහුවෙත්. එසේමැයි මස්කාවෝ විවාදය කරණ කොටගෙණ පිරිහුණාහ. රෝහිත මත්ස්‍යයා අනුභව කරව.
|
38
එවමෙව මනුස්සෙසු, විවාදො යත්ථ ජායති;
ධම්මට්ඨං පටිධාවන්ති, සො හි නෙසං විනායකො;
ධනාපි තත්ථ ජීයන්ති, රාජකොසො පවඩ්ඪතීති
(ච වඩ්ඪති (පී.)).
|
38
“එපරිද්දෙන්ම හෙවත් යම්සේ මස්කාවෝ දෙදෙන විවාදකොට ලද රේමසු කෙරෙන් පිරිහුනාහුද, එපරිද්දෙන්ම මිනිසුන් අතුරෙහි කලහය යම් තැනක උපදීද, ධර්මස්ථවූ හෙවත් විනිශ්චය ස්වාමීහු සමීපයට පැමිණෙති. හෙතෙම වනාහි ඔවුන්ගේ විවාද සංසිඳුවන්නේයයි එහිලා ධනයෝද පිරිහෙත්, රජහුගේ කොටුගුලම වැඬේයයි” කීයේය.
|
401. පණ්ණකජාතකං (7-1-6) | 401. දසණ්ණක ජාතකය |
39
පණ්ණකං
(දසණ්ණකං (සී. ස්‍යා. පී.)) තිඛිණධාරං, අසිං සම්පන්නපායිනං;
පරිසායං
යදඤ්ඤං දුක්කරං ඨානං, තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
|
39
“දසාර්ණක දෙශයෙහි වූ තියුණු මුවහත් ඇති පර ලේ බීමෙන් යුක්තවූ කඩුව පුරුෂ තෙම පිරිස් මැද ගිලියි. එයට වඩා ඉතා දුෂ්කරවූ අන්‍යවූ, යම් කරුණක් ඇද්ද, එය මට විචාරණලද්දේ කියව,
|
40
ගිලෙය්ය පුරිසො ලොභා, අසිං සම්පන්නපායිනං;
යො ච වජ්ජා දදාමීති, තං දුක්කරතරං තතො;
සබ්බඤ්ඤං සුකරං ඨානං, එවං ජානාහි මද්දව
(මාගධ (සී. ස්‍යා. පී.)).
|
40
“මගධෙශ්වරය, අනුන්ගේ ලේ බොන්නාවූ කඩුව ලෝභය හේතු කොටගෙණ පුරුෂතෙම ගිලින්නේය. යමෙක් මෙනම් දෙයක් දෙමියි කියන්නේ නම් ඒ කඩුව ගිලීමට වඩා ඒ වස්තුව දෙමියි කීම ඉතා දුෂ්කරවේ. මෙයින් අන්‍යවූ සියලු කරුණු කරන්ට පහසුයයි මෙසේ දනුව.
|
41
බ්යාකාසි ආයුරො පඤ්හං, අත්ථං
(අත්ථ (පී. සී. නිය්‍ය)) ධම්මස්ස කොවිදො;
පුක්කුසං දානි පුච්ඡාමි, කිං දුක්කරතරං තතො;
යදඤ්ඤං දුක්කරං ඨානං, තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
|
41
“අර්ථයෙහිද, ධර්මයෙහිද, දක්ෂවූ ආයුර නම් පණ්ඩිත තෙම මාගේ ප්රශ්නය ප්‍රකාශ කෙළේය. දැන් පුක්කුස නම් පණ්ඩිතයා විචාරමි. ඒ මෙනම් දෙයක් දෙමි. කීමට වඩා කුමක් නම් ඉතා දුෂ්කරද, එයින් අන්‍යවූ යම් දුෂ්කර කාරණයක් ඇද්ද, එය මට විචාරණ ලද්දේ කියව.
|
42
න
යො ච දත්වා අවාකයිරා, තං දුක්කරතරං තතො;
සබ්බඤ්ඤං සුකරං ඨානං, එවං ජානාහි මද්දව.
|
42
“කිසිවෙක් කියනලද නිෂ්ඵලවූ වචනය අනුව ජීවත් නොවෙත්. යමෙක් අසවල් දෙය දෙමියි ප්රතිඥාදී එය දීමෙන් ලෝභය සිඳින්නේය. ඒ කාරණය ඒ දෙමි කීමට වඩා ඉතා දුෂ්කරය. අනික් සියලු කරුණු කරන්නට පිළිවනැයි මාගධය මෙසේ දනුව,
|
43
බ්යාකාසි පුක්කුසො පඤ්හං, අත්ථං ධම්මස්ස කොවිදො;
සෙනකං දානි පුච්ඡාමි, කිං දුක්කරතරං තතො;
යදඤ්ඤං දුක්කරං ඨානං, තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
|
43
“අර්ථ ධර්ම දෙකට දක්ෂවූ පුක්කුසතෙම ප්රශ්නය කීයේය. දැන් සේනක පණ්ඩිතයන් විචාරමි. ඒ කඩුව ගිලීමටද දෙමි. කීමටද දෙමි. කී වස්තුව දීමටද වඩා කුමක් නම් ඉතා දුෂ්කරද, මෙයින් අන්‍යවූ කළ නොහැකිවූ යම් කරුණක් ඇද්ද, එය මට විචාරණලද්දේ කියව,
|
44
දදෙය්ය
යො ච දත්වා නානුතප්පෙ
(තපෙ (සී. පී.)), තං දුක්කරතරං තතො;
සබ්බඤ්ඤං සුකරං ඨානං, එවං ජානාහි මද්දව.
|
44
“මාගධය, යම් පුරුෂයෙක් මදවූ හෝ නොහොත් බොහෝවූ හෝ දානය දෙන්නේද, දානයකොට නොතැවෙන්නේද ඒ පසුව නොතැවීම එකී කරුණුවලට වඩා ඉතා දුෂ්කරය. එයින් අන්‍යවූ සියලු කාරණය සුවසේ කළ හැකි යයි මෙසේ දනුව.
|
45
බ්යාකාසි ආයුරො පඤ්හං, අථො පුක්කුසපොරිසො;
සබ්බෙ
|
45
“අසුර තෙමේද ප්රශ්නය විසඳුයේය. පුක්කුස නම් පුරුෂයාද විචාළ ප්රශ්නය කීය. සේනක පණ්ඩිත තෙමේ යම් සේ කියයිද, එය සියලු ප්‍රශ්න විසඳීම් ඉක්මවා පවතීයයි” කීයේය.
|
402. සත්තුභස්තජාතකං (7-1-7) | 402. සත්තුභස්ත ජාතකය |
46
විබ්භන්තචිත්තො කුපිතින්ද්රියොසි, නෙත්තෙහි තෙ වාරිගණා සවන්ති;
කිං තෙ නට්ඨං කිං පන පත්ථයානො, ඉධාගමා බ්රහ්මෙ තදිඞ්ඝ
(බ්‍රාහ්මණ ඉඞ්ඝ (සී. ස්‍යා.)) බ්රූහි.
|
46
“බමුණ, චඤ්චලවූ සිත් ඇත්තේ ඇළලී ගිය ඉඳුරන් ඇත්තේ වෙහිය. තාගේ ඇස්වලින් කඳුළු දිය බිඳු වෑහෙත්. තාගේ කුමක් නැතිවූයේද, කුමක් ප්‍රාර්ථනා කරමින් මෙහි ආයේද, එබැවින් ඒ කාරණය කියව.
|
47
මිය්යෙථ භරියා වජතො මමජ්ජ, අගච්ඡතො මරණමාහ යක්ඛො;
එතෙන දුක්ඛෙන පවෙධිතොස්මි, අක්ඛාහි මෙ සෙනක එතමත්ථං.
|
47
“සේනක පණ්ඩිතයෙනි, අද ගෙටයන්නාවූ මාගේ අඹුව මියයන්නේය. ගෙට නොයන්නාවූ මට අතර මග මරණය වන්නේයයි යක්ෂයෙක් කීයේය. මේ දුකින් වෙව්ලන්නේවෙමි. මේ කාරණය මට කියව,
|
48
බහූනි ඨානානි විචින්තයිත්වා, යමෙත්ථ වක්ඛාමි තදෙව සච්චං;
මඤ්ඤාමි තෙ බ්‍රාහ්මණ සත්තුභස්තං, අජානතො කණ්හසප්පො පවිට්ඨො.
|
48
“බමුණ, බොහෝවූ කරුණු විශේෂයෙන් කල්පනා කොට මෙහි යමක් කියන්නෙම්ද, එයම සත්‍යය. තාගේ අක්සුණු පසුම්බියට නොදැනුවත්ව කෘෂ්ණ සර්පයෙක් ප්‍රවිෂ්ට වූයේයයි සිතමි.
|
49
ආදාය
ඡින්දජ්ජ කඞ්ඛං විචිකිච්ඡිතානි, භුජඞ්ගමං පස්ස පමුඤ්ච භස්තං.
|
49
“දණ්ඩක්ගෙණ පසුම්බිය පහරව, මුඛයෙන් කෙළ වැගිරෙන දිව් දෙකක් ඇති පිටතට නික්මුනු සර්පයා බලව. අද තාගේ සැකයද, විචිකිච්ඡාවන්ද සිඳුව සර්පයා බලව, පසුම්බිය මුදව.
|
50
සංවිග්ගරූපො
අථ නික්ඛමි උරගො උග්ගතෙජො, ආසීවිසො සප්පො ඵණං කරිත්වා.
|
50
“සංවේගයට පැමිණි ස්වභාව ඇති ඒ බමුණුතෙමේ හක්සුණු පසුම්බිය මිදුයේය. එකල්හි උරයෙන් ගමන් කරන්නාවූ උග්රවූ තේජස් ඇති ශීඝ්‍රවූ විෂ ඇති සර්පයා පෙනේ කොට පසුම්බියෙන් නික්මුනේය.
|
51
සුලද්ධලාභා ජනකස්ස රඤ්ඤො, යො පස්සතී සෙනකං සාධුපඤ්ඤං;
විවට්ටඡද්දො
(විවත්තච්ඡද්දො (සී.), විවට්ටච්ඡදො (ස්‍යා.), විවට්ටච්ඡද්දා (පී.)) නුසි සබ්බදස්සී, ඤාණං නු තෙ බ්‍රාහ්මණ භිංසරූපං.
|
51
“යමෙක් යහපත්වූ ප්‍රඥා ඇති සේනක පණ්ඩිතයන් නිතර දක්නේද එසේවූ ජනක නම් රජහට මනාකොට ලැබුනු ලාභයකි.
|
52
ඉමානි මෙ සත්තසතානි අත්ථි, ගණ්හාහි සබ්බානි දදාමි තුය්හං;
තයා හි මෙ ජීවිතමජ්ජ ලද්ධං, අථොපි භරියාය මකාසි සොත්ථිං.
|
52
“බ්‍රාහ්මණය, විවෘත කරණ ලද කෙලෙස් සෙවෙනි (පියසි) ඇති සියල්ල දක්නාවූ සර්වඥ වූයෙහිද, ඔබගේ ඤාණයට වනාහි සර්වඥ ඥානයක් මෙන් භයංකාර රූපයක් ඇත්තේයයි ඔබ විසින් දෙනලද ජීවිතය මා විසින් අද ලබනලදී. තවද මාගේ අඹුවටද සුවයක් කෙළේය. එසේහෙයින් මාගේ මේ සත්සියයක් පමණ කහවණු ඇත. ඒ සියල්ල ඔබට දෙමි එය ගණු මැනව.
|
53
න පණ්ඩිතා වෙතනමාදියන්ති, චිත්රාහි ගාථාහි සුභාසිතාහි;
ඉතොපි තෙ බ්රහ්මෙ දදන්තු විත්තං, ආදාය ත්වං ගච්ඡ සකං නිකෙතන්ති.
|
53
“මනාකොට කියනලද විසිතුරු ගාථාවන් කරණ කොටගෙණ පණ්ඩිතයෝ කුලී නොගණිති. තට මෙයිනුදු ධනය දෙත්වා එය ගෙණ තෝ ස්වකීය ගෙට යවයි’ කීයේය.
|
403. අට්ඨිසෙනකජාතකං (7-1-8) | 403. අට්ඨිසෙන ජාතකය |
54
යෙමෙ
තෙ මං සඞ්ගම්ම යාචන්ති, කස්මා මං ත්වං න යාචසි.
|
54
“අට්ඨිසේනය, මම ඒකාන්යෙන් යම් යාචක කෙනෙකුන් නොහඳුනම්ද ඔව්හු මා වෙත පැමිණ ඉල්වති. ඔබ මා කුමක් හෙයින් නොඉල්ලන්නෙහිද?
|
55
යාචකො
තස්මාහං තං න යාචාමි, මා මෙ විදෙස්සනා
(විද්දෙසනා (සී. පී.)) අහු.
|
55
“යාඥා කරන්නේ අප්‍රියවේ. යාඥා කළ වස්තුව නොදෙන්නේද අප්‍රියවේ. මට නොසතුට නොවේවයි එහෙයින් මම තාගෙන් නොඉල්වමි.
|
56
යො
පරඤ්ච පුඤ්ඤා
(පුඤ්ඤං (ස්‍යා. ක.)) ධංසෙති, අත්තනාපි න ජීවති.
|
56
“යාඥාවෙන් ජීවත් වන්නාවූ යමෙක් ඒකාන්තයෙන් සුදුසු කාලයෙහි ඉල්විය යුත්ත නොඉල්වාද, හෙතෙම අනිකාද පිනෙන් පිරිහෙළයි. තෙමේද ජීවත් නොවෙයි.
|
57
යො ච
(යො වෙ (ක.)) යාචනජීවානො, කාලෙ යාචඤ්හි යාචති
(යාචංපි යාචති (ස්‍යා.), යාචානි යාචති (පී.), යාචති යාචනං (සී. නිය්‍ය), යාචනං යාචති (ක.));
පරඤ්ච පුඤ්ඤං ලබ්භෙති, අත්තනාපි ච ජීවති.
|
57
“ඉල්වීමෙන් ජීවත් වන්නාවූ යමෙක් වනාහි සුදුසු කාලයෙහි ඉල්විය යුත්ත ඉල්වාද, හෙතෙම අන්‍යයාටද පින ලබාදෙයි. තෙමේද ජීවත්වේ.
|
58
න වෙ දෙස්සන්ති
(න වෙ දුස්සන්ති (ස්‍යා.), න වෙ දිස්සන්ති (පී.), න විදෙස්සන්ති (ක. අට්ඨ.)) සප්පඤ්ඤා, දිස්වා යාචකමාගතෙ;
බ්‍රහ්මචාරි පියො මෙසි, වද ත්වං
(වර තං (සී.), වර ත්වං (පී.)) භඤ්ඤමිච්ඡසි
(යඤ්ඤමිච්ඡසි (?)).
|
58
“නුවණැත්තෝ තමා කරා ආවාවූ යාචකයන් දැක නොකිපෙත්. බ්‍රහ්මචාරිය, මම ප්‍රියවූයේ වෙමි. එහෙයින් කියයුතු දෙයක් කැමැත්තෙහිද, එය ඉල්වව.
|
59
න වෙ යාචන්ති සප්පඤ්ඤා, ධීරො ච වෙදිතුමරහති;
උද්දිස්ස අරියා තිට්ඨන්ති, එසා අරියාන යාචනා.
|
59
“නුවණැත්තෝ ඒකාන්තයෙන් මෙනම් මෙනම් වස්තුවක් අපට දෙවයි නොඉල්වති. නුවණැති උපස්ථායකයාද මෙනම් දෙයක් මේ සමයට වුවමැනවැයි දැනගන්ට සුදුසු වෙයි. ආර්යයෝ උදෙසා සිටිති. මෝතොමෝ ආර්යයන්ගේ යාඥාවවේ.
|
60
දදාමි තෙ බ්‍රාහ්මණ රොහිණීනං, ගවං සහස්සං සහ පුඞ්ගවෙන;
අරියො හි අරියස්ස කථං න දජ්ජා, සුත්වාන ගාථා තව ධම්මයුත්තාති.
|
60
“බමුණ, වෘෂභ රාජයෙකු හා සමග රතුපාට වූ දෙනුන්ගෙන් දහසක් ඔබට දෙමි. ඔබගේ ධර්මයෙන් යුක්තවූ ගාථාවන් අසා ඔබ සේවූ ආර්යයෙකුට ආර්ය පුද්ගලයෙක් කෙසේ නම් නොදෙන්නේද?”
|
404. කපිජාතකං (7-1-9) | 404. කපි ජාතකය |
61
යත්ථ
එකරත්තං දිරත්තං වා, දුක්ඛං වසති වෙරිසු.
|
61
“යම් තැනෙක්හි වෛර ඇත්තා වෙසේද? එතැන්හි නුවණැත්තා නොවසන්නේය. කුමක් හෙයින්ද යත්, වෛර ඇත්තන් අතුරෙහි එක රැයකුදු දෙරැයකුදු දුකසේ වසයි. (එහෙයිනි.)
|
62
දිසො වෙ ලහුචිත්තස්ස, පොසස්සානුවිධීයතො;
එකස්ස කපිනො හෙතු, යූථස්ස අනයො කතො.
|
62
“අනුව කටයුතු කරන්නාවූ පුරුෂයා හට සැහැල්ලු සිතේ පැවැත්ම ඇත්තේ ඒකාන්තයෙන් සතුරෙක් වන්නේය. එසේමැයි හුදකළාවූ වානරයාගේ හේතුවෙන් වානර සමූහයට ව්‍යසන කරණ ලදී.
|
63
බාලොව
(ච (සී. ස්‍යා. පී.)) පණ්ඩිතමානී, යූථස්ස පරිහාරකො;
සචිත්තස්ස වසං ගන්ත්වා, සයෙථායං
(පස්සෙථායං (ක.)) යථා කපි.
|
63
“සේනාව පරිහරණය කරන්නාවූ අඥානවූ මම පණ්ඩිතයෙමියි සිතන තැනැත්තේ ස්වකීයවූ චිත්තයාගේ වසඟ බවට පැමිණ මේ වානරයා මෙන් විනාශයට පැමිණ හෝනේය.
|
64
න සාධු බලවා බාලො, යූථස්ස පරිහාරකො;
අහිතො භවති ඤාතීනං, සකුණානංව චෙතකො
(චෙටකො (ක.)).
|
64
“සමූහයා පරිහරණය කරන්නාවූ අයහපත්වූ බලවත්වූ අඥාන තෙම ලිහිණියන්ට චෙතකයා හෙවත් සේවටුවා මෙන් නෑයන්ට සතුරෙක් වේ.
|
65
ධීරොව
හිතො භවති ඤාතීනං, තිදසානංව වාසවො.
|
65 |
66
යො ච සීලඤ්ච පඤ්ඤඤ්ච, සුතඤ්චත්තනි පස්සති;
උභින්නමත්ථං චරති, අත්තනො ච පරස්ස ච.
|
66
“යමෙක් වනාහි ශීලයද ප්‍රඥාවද ශ්‍රැතයද තමා කෙරෙහි දකීද? හෙතෙම තමාටද අනිකාටද යන දෙදෙනාට අර්ථය කරන්නේයි.
|
67
තස්මා තුලෙය්ය මත්තානං, සීලපඤ්ඤාසුතාමිව
(සීලං පඤ්ඤං සුතංපිව (ස්‍යා.));
ගණං වා පරිහරෙ ධීරො, එකො වාපි පරිබ්බජෙති.
|
67
“එසේ හෙයින් තමා ශීල ප්‍රඥා ශ්‍රැත යන මොවුන් මෙන් සමානකොට ප්‍රාඥතෙම සමූහයා හෝ පරිහරණය කරන්නේය. හුදකලාව හෝ පවත්නේයි.”
|
405. බකජාතකං (7-1-10) | 405. බකබ්‍රහ්ම ජාතකය |
68
ද්වාසත්තති
අයමන්තිමා වෙදගූ බ්රහ්මපත්ති
(බ්රහ්මුපපත්ති (ස්‍යා. ක.)), අස්මාභිජප්පන්ති ජනා
(පජා (ක.)) අනෙකා.
|
68
“ගෞතමයෙනි, ජාති ජරා දෙක ඉක්මවූ අනුන් තමා වසඟයෙහි පවත්වන්නාවූ කළ පින් ඇත්තෝ මේ බ්‍රහ්ම ලෝකයෙහි දෙසැත්තෑ කෙනෙක් වෙත්. මෝතොමෝ කෙළවරවූ ප්‍රඥාවෙන් පැමිණියාවූ ශ්‍රේෂ්ඨවූ පැමිණීමය අප බොහෝ ජනයෝ ඇදිළිබැඳගෙණ ප්‍රාර්ථනා කෙරෙති.
|
69
අප්පඤ්හි එතං
(අප්පඤ්ච හෙතං (ස්‍යා.), අප්පංසි එතං (ක.)) න හි දීඝමායු, යං ත්වං බක මඤ්ඤසි දීඝමායුං;
සතං සහස්සානි
(සහස්සානං (සී. පී. සං. නි. 1.175), සහස්සාන (ස්‍යා. කං.)) නිරබ්බුදානං, ආයුං පජානාමි තවාහ බ්රහ්මෙ.
|
69
“බකනම් බ්‍රහ්මය නුඹ යම් තැනක් දීර්ඝායු ඇත්තේ යයි සිතන්නෙහිද එය දීර්ඝායුෂ නොවේ. ස්වල්ප ආයුෂ ඇත්තේ මැයි නිරබ්බුදයන්ගේ සියක් දහසෙක්යයි තට ආයුෂය මම දනිමි.
|
70
අනන්තදස්සී භගවාහමස්මි, ජාතිජ්ජරං සොකමුපාතිවත්තො;
කිං මෙ පුරාණං වතසීලවත්තං
(සීලවන්තං (පී. ක.)), ආචික්ඛ මෙ තං යමහං විජඤ්ඤං.
|
70
“සර්වඥයෙනි, මම අප්‍රමාණවූ සියල්ල දක්නේවෙමි. ජාතිය ජරාය ශෝකය යන මොවුන් ඉක්මවා සිටියේ වෙමි”යි කීයෙහිය. එබැවින් මාගේ පුරාතනවූ කවර නම් ව්‍රත සමාදානයක්වත් සමාදන් වීමක්ද සිල්වත් කමක්ද යමක් මම දන්නෙම්ද එය මට කියව.
|
71
යං ත්වං අපායෙසි බහූ මනුස්සෙ, පිපාසිතෙ ඝම්මනි සම්පරෙතෙ;
තං තෙ පුරාණං වතසීලවත්තං, සුත්තප්පබුද්ධොව අනුස්සරාමි.
|
71
“ග්‍රීෂ්ම කාලයෙහි එයින් පීඩිතවූ හටගත් පිපාස ඇති බොහෝවූ මිනිසුන් නුඹ යම් හෙයකින් පානය කරවීද, ඒ තාගේ පුරාතනවූ ව්‍රත සමාදානය හා සිල්වත්කම නින්දෙන් පිබිදියෙකු මෙන් සිහිකරමි.
|
72
යං
තං තෙ පුරාණං වතසීලවත්තං, සුත්තප්පබුද්ධොව අනුස්සරාමි.
|
72
“ඒනි නම් ගං ඉවුරෙහි ලාගෙණ යන්නවූ යම් ඒ ජනයා මිදීද, ඒ තාගේ පුරාතනවූ ව්‍රත සමාදානය හා සිල්වත්කම නිදා පිබිදියෙකු මෙන් සිහිකරමි.”
|
73
ගඞ්ගාය සොතස්මිං ගහීතනාවං, ලුද්දෙන
අමොචයි ත්වං බලසා පසය්හ, තං තෙ පුරාණං වතසීලවත්තං;
සුත්තප්පබුද්ධොව අනුස්සරාමි.
|
73
“මිනිසුන් නසනු කැමැතිවූ නාගයා විසින් ගංගාවගේ සැඩ පහරෙහි ගන්නාලද නැව බලයෙන් මැඩ මිදූයෙහිද, තාගේ ඒ පුරාණවූ ව්‍රත සමාදානය හා සිල්වත්කම නිදා පිබිදියක්හු මෙන් සිහි කරමි.
|
74
කප්පො ච තෙ බද්ධචරො
(පත්ථචරො (ස්‍යා.), පට්ඨචරො (ක.)) අහොසි, සම්බුද්ධිමන්තං
(සම්බුද්ධිවන්තං (ස්‍යා. පී.), සම්බුද්ධවන්තං (ක.)) වතිනං
(වතිතං (ස්‍යා.), වතිදං (ක.)) අමඤ්ඤං;
තං තෙ පුරාණං වතසීලවත්තං, සුත්තප්පබුද්ධොව අනුස්සරාමි.
|
74
“යම්බඳුවූ තා බුද්ධිමත්ය, ව්‍රත සම්පන්නයයි සිතූ යෙම්ද, එසේවූ කප්පනම් අත වැස්සෙක් විය. ඒ තාගේ පුරාතනවූ වෘත සමාදානය හා සිල්වත්කම නිදා පිබිදියක්හු මෙන් සිහි කරමි.
|
75
අද්ධා පජානාසි මමෙතමායුං, අඤ්ඤම්පි ජානාසි තථා හි බුද්ධො;
තථා හි තායං
(ත්යායං (සං. නි. 1.175)) ජලිතානුභාවො, ඔභාසයං තිට්ඨති බ්රහ්මලොකන්ති.
|
75
“මාගේ මේ ආයුෂ ඒකාන්තයෙන් දන්නෙහිය. සෙසු සියල්ලද දන්නෙහිය. එසේ හෙයින්ම බුද්ධයෙහිය. ඔබගේ මේ දිලිසෙන ආනුභාවය බ්‍රහ්ම ලෝකය බබුළුවමින් සිටියි.”
|
2. ගන්ධාරවග්ගො | 2. ගන්ධාර වර්ගය |
406. ගන්ධාරජාතකං (7-2-1) | 406. ගන්ධාර ජාතකය |
76
හිත්වා
කොට්ඨාගාරානි ඵීතානි, සන්නිධිං දානි කුබ්බසි.
|
76
“සම්පූර්ණවූ සොළොස් දහසක් ගම්ද, මුක්තාමාණික්යාදීන් පිරුණාවූ කොටුගුල්ද හැර දැන් හෙටටය. අනිද්දාටයයි ලුණු ටිකක් රැස්කොට තිබීම කරන්නෙහිද?
|
77
හිත්වා ගන්ධාරවිසයං, පහූතධනධාරියං
(ධානියං (සී. පී.), ධඤ්ඤන්ති අත්ථො);
පසාසනතො
(පසාසනිතො (සී. ස්‍යා.), පසාසනාතො (පී.)) නික්ඛන්තො, ඉධ දානි පසාසසි.
|
77
“බොහෝවූ ධන ධාන්‍ය ඇති ගන්ධාර රට හැර අවවාද අනුශාසනායෙන් නික්මුනේ දැන් මෙහිලා අනුශාසනා කෙරෙහිද?
|
78
ධම්මං භණාමි වෙදෙහ, අධම්මො මෙ න රුච්චති;
ධම්මං මෙ භණමානස්ස, න පාපමුපලිම්පති.
|
78
“වේදේහය, ධර්මය කියමි. මට අධර්මය රුචි නොවේ ධර්මය කියන්නාවූ මට පාපය නොඇලේ.
|
79
යෙන කෙනචි වණ්ණෙන, පරො ලභති රුප්පනං;
මහත්ථියම්පි චෙ වාචං, න තං භාසෙය්ය පණ්ඩිතො.
|
79
“යම්කිසි කාරණයකින් අනික් තැනැත්තේ ගැටීම ලබයිද, පණ්ඩිත තෙමේ මහත් අර්ථ ඇත්තාවූද ඒ වචනය නොකියන්නේය.
|
80
කාමං රුප්පතු වා මා වා, භුසංව විකිරීයතු;
ධම්මං මෙ භණමානස්ස, න පාපමුපලිම්පති.
|
80
“ඒකාන්තයෙන් ගැටීම හෝ වෙන රොඩු මිටක්සේ විසිකිරීම හෝ වේවා. ස්වභාව ධර්මය කියන්නාවූ මට පාපයක් නොඇලේ.
|
81
නො චෙ අස්ස සකා බුද්ධි, විනයො වා සුසික්ඛිතො;
වනෙ අන්ධමහිංසොව
(අන්ධමහිසොව (සී. පී.)) චරෙය්ය බහුකො ජනො.
|
81
“ස්වකීයවූ ප්‍රඥාතොමෝ ඉදින් නොවන්නේනම් මනාව හික්මෙන ලද ආචාර විනය හෝ නොවේනම් බොහෝවූ ජනතෙම වනයෙහි ඇවිදිනාවූ ඇස් නැති මීමෙකු මෙන් ඇවිදින්නේය.
|
82
යස්මා ච පනිධෙකච්චෙ, ආචෙරම්හි
(ආචාරම්හි (සී. පී.)) සුසික්ඛිතා;
තස්මා විනීතවිනයා, චරන්ති සුසමාහිතාති.
|
82
“යම් හෙයකින් වනාහි මෙහිලා සමහර කෙනෙක් ආචාරීන් සමීපයෙහි මනාව හික්මුනාහුද, එහෙයින් හික්මුනු ආචාර විනය ඇත්තෝ මැදහත් සිත් ඇතිව හැසිරෙත්.”
|
407. මහාකපිජාතකං (7-2-2) | 407. මහා කපි ජාතකය |
83
අත්තානං
කිං ත්වං තෙසං කිමෙ
(කිමො (සී. පී.), කිං මෙ (ස්‍යා.)) තුය්හං, හොන්ති එතෙ
(හෙතෙ (ස්‍යා.), සො තෙ (ක.)) මහාකපි.
|
83
“මහා කපිය, යමෙක් තමා හෙයක් කොට සුවසේ වානර සේනාව එතෙර කෙළේද? තෝ ඒ වානරයන්ට කවරෙකු වෙහිද තට ඔව්හු කවරහු වෙද්ද?
|
84
රාජාහං ඉස්සරො තෙසං, යූථස්ස පරිහාරකො;
තෙසං සොකපරෙතානං, භීතානං තෙ අරින්දම.
|
84
“අරින්දම නම්වූ නරේන්ද්රය ඒ අසූදහසක් පමණ වානරයන්ට මම ප්‍රධානව සිටි රජවෙමි. ඔබගෙන් බියපත්වූ ශෝකයෙන් මඩනාලද ඔවුන්ගේ සමූහයා පරිහරණය කරන්නෙමු.
|
85
උල්ලඞ්ඝයිත්වා
(ස ලඞ්ඝයිත්වා (පී.), සුලඞ්ඝයිත්වා (ක.)) අත්තානං, විස්සට්ඨධනුනො සතං;
තතො අපරපාදෙසු, දළ්හං බන්ධං ලතාගුණං.
|
85
“ඒ මම පැන තමා දුනු සියයක් හැර මේ වෘක්ෂයෙන් පැනගිය තැනින් ඈතදී අපර පාදයන්හි හෙවත් මාගේ ඉඟෙහි වැල්බාණක් දැඩිකොට බඳනා ලදී.”
|
86
ඡින්නබ්භමිව
සොහං අප්පභවං තත්ථ, සාඛං හත්ථෙහි අග්ගහිං.
|
86
“වාතයෙන් සිඳිනලද මල්කඩක් මෙන් මා හරණ ලද්දෙම් වෘක්ෂයට පැමිණියෙමි. එසේ පැන්නාවූද ඒ මට ගසට ලංවන්ට නොහැකිවන්නේ එහි අත්තක් අත්වලින් අල්ලාගතිමි.
|
87
තං
සමනුක්කමන්තා පාදෙහි, සොත්ථිං සාඛාමිගා ගතා.
|
87
“අතින් ගන්නාලද ශාඛාවෙන්ද, ඉඟබඳනාලද ලතායෙන් විශේෂයෙන් ආයතවූ හෙවත් ඇද සදනලද වීණා තතක් මෙන් ඒ මා පාවලින් නිතර ඇක්මෙන්නාවූ වානරයෝ සුවසේ ගියාහ.
|
88
තං මං න තපතෙ බන්ධො, මතො
(වධො (සී. ස්‍යා. පී.)) මෙ න තපෙස්සති;
සුඛමාහරිතං තෙසං, යෙසං රජ්ජමකාරයිං.
|
88
“ඒ මා වැලින් බැඳුනේ නොතවන්නේය. මාගේ හිංසාවද නොතවන්නේය. කුමක් හෙයින්දයත්? යම් කෙනෙකුන්ට මම රාජ්‍ය කෙළෙම්ද? ඔවුන්ට මා විසින් සුව එළවන ලදී. එහෙයිනි.
|
89
එසා තෙ උපමා රාජ, තං සුණොහි අරින්දම
(අත්ථසන්දස්සනී කතා (පී.));
රඤ්ඤා රට්ඨස්ස යොග්ගස්ස, බලස්ස නිගමස්ස ච;
සබ්බෙසං සුඛමෙට්ඨබ්බං, ඛත්තියෙන පජානතාති.
|
89
“රාජය. ඔබට වැඩ දක්වන්නාවූ මේ උපමා තොමෝ කරණ ලදී. ප්‍රඥා සම්පන්නවූ ක්ෂත්රිය නම්වූ රජහු විසින් සියලු රාජ්‍යයටද යොග්ග නම්වූ අශ්වාදීන්ටද බල සේනාවටද නියම්ගම් වැස්සන්ටද යන සියල්ලවුන්ට සුවය සෙවිය යුතුයි.”
|
408. කුම්භකාරජාතකං (7-2-3) | 408. කුම්හකාර ජාතකය |
90
අම්බාහමද්දං
තමද්දසං ඵලහෙතු විභග්ගං, තං දිස්වා භික්ඛාචරියං චරාමි.
|
90
“වනාන්තරයෙහි මනාව වැඩුණාවූ නිල් පැහැ ඇති පලගත් අඹරුකක් මම දිටිමි. එය ඵල හේතුකොටගෙණ විශේෂයෙන් බිඳින ලද්ද දිටිමි. එය දැක පිඬු සිඟීමෙහි හැසිරෙමි.
|
91
සෙලං සුමට්ඨං නරවීරනිට්ඨිතං
(නරවිද්දුනිට්ඨිතං (ක.)), නාරී යුගං ධාරයි අප්පසද්දං;
දුතියඤ්ච ආගම්ම අහොසි සද්දො, තං දිස්වා භික්ඛාචරියං චරාමි.
|
91
“මනුෂ්‍ය වීරයන් විසින් නිමවනලද ඉතා මටවූ හඬක් නැති මැණික් වළලුදෙක ස්ත්‍රීතොමෝ දැරීය. දෙවන වළල්ලට පැමිණ ශබ්ද වූයේය. එය දැක මම පිඬු සිඟීමෙහි හැසිරෙමි.
|
92
දිජා දිජං කුණපමාහරන්තං, එකං සමානං බහුකා සමෙච්ච;
ආහාරහෙතූ පරිපාතයිංසු, තං දිස්වා භික්ඛාචරියං චරාමි.
|
92
“කුණපය ගෙණ එන්නාවූ තනි පක්ෂියෙකු බොහෝ පක්ෂීහු රැස්ව ඒ කුණපාහාරය හේතුකොටගෙණ පැහැර හෙළුෑහ, එය දැක මම පිඬු සිඟීමෙහි හැසිරෙමි.
|
93
උසභාහමද්දං යූථස්ස මජ්ඣෙ, චලක්කකුං වණ්ණබලූපපන්නං;
තමද්දසං කාමහෙතු විතුන්නං, තං දිස්වා භික්ඛාචරියං චරාමි.
|
93
“ගව සමූහයා මැද සැලෙන මොල්ලිය ඇති වර්ණයෙන් හා බලයෙන් යුක්තවූ වෘෂභයෙකු මම දිටිමි. කාමය හේතුකොටගෙණ අඟින් විඳිනා ලද ඔහුත් දිටිමි. එය, දැක පිඬු සිඟීමෙන් හැසිරෙමි.
|
94
කරණ්ඩකො
නිමිරාජා විදෙහානං, පඤ්චාලානඤ්ච දුම්මුඛො;
එතෙ රට්ඨානි හිත්වාන, පබ්බජිංසු අකිඤ්චනා.
|
94
“කලිඟු රට වැස්සන්ගේ කරණ්ඩුක නම් රජද ගන්ධාර දෙශ වාසීන්ගේ නග්ගජි නම් රජද විදෙහ රට වැස්සන්ගේ නිමි නම් රජද පඤ්චාල දෙශවාසීන්ගේ දුර්මුඛ නම් රජද යන මොව්හු රාජ්‍යයන් හැර කිසි වරදක් නැත්තාහු පැවිදිවූහ.
|
95
සබ්බෙපිමෙ
අහම්පි එකො චරිස්සාමි භග්ගවි, හිත්වාන කාමානි යථොධිකානි.
|
95
“භාර්ගවය, එක්වූ විශුද්ධ දෙවියන්ට සමානවූ මේ සියල්ලෝ දිලිසෙන්නාවූ ගිනි යම්සේද එමෙන් මේ තපස්වීහුද බබළන්නාහුය. මමද අධික වශයෙන් සිටියාවූ රූපාදී කාමයන් හැර තනිවූයේම හැසිරෙන්නෙමි.
|
96
අයමෙව කාලො න හි අඤ්ඤො අත්ථි, අනුසාසිතා මෙ න භවෙය්ය පච්ඡා;
අහම්පි එකා චරිස්සාමි භග්ගව, සකුණීව මුත්තා පුරිසස්ස හත්ථා.
|
96
“භාර්ගවය, මෙම ප්රව්රජ්ජ්යාවට සුදුසු කාලයවේ. අනික් කාලයෙක් නොම ඇත. පසුව ඒකාන්තයෙන් අනුශාසනා කරන්නෙක් නොවන්නේය. පුරුෂයාගේ අතින් මිදුනාවූ ලිහිණියෙකු මෙන් මමද තනිවම හැසිරෙන්නෙමි.
|
97
ආමං පක්කඤ්ච ජානන්ති, අථො ලොණං අලොණකං;
තමහං දිස්වාන පබ්බජිං, චරෙව ත්වං චරාමහන්ති.
|
97
“නොපැසුනාවූද පැසුනාවූද නොහොත් ලුණු ඇත්තාවූද නැත්තාවූද කෑම දරුවෝ දනිති. මම එය දැක පැවිදිවීමි. තෝද පිඬු සිඟීමෙහි හැසිරෙව, මම පිඬු සිඟීමෙහි හැසිරෙමි.”
|
409. දළ්හධම්මජාතකං (7-2-4) | 409. දළ්හ ධම්ම ජාතකය |
98
අහං
ධරන්තී උරසි සල්ලං, යුද්ධෙ වික්කන්තචාරිනී.
|
98
දූත කර්මාදී කටයුතු උසුලන්නාවූ උරෙහි බඳිනලද හෙල්ලය දමා ගසන්නාවූ යුද්ධයෙහි වික්රමකොට හැසිරෙන්නාවූ මමද දළ්හ ධර්ම නම් රජහුගේ සිත සතුටු නොකෙළෙම් නම් කවරෙක් සතුටු කෙළේද,
|
99
නූන රාජා න ජානාති
(න හ නූන රාජා ජානාති (සී. පී.)), මම වික්කමපොරිසං;
සඞ්ගාමෙ සුකතන්තානි, දූතවිප්පහිතානි ච.
|
99
“මාගේ වික්‍රමයද පුරුෂ ධෛර්‍ය්‍යයද යුද්ධයෙහි මනා කොට කරණලද කටයුතුද කරණලද දූත මෙහෙවරද ඒකාන්තයෙන් තොපගේ රජ නොදනියි.
|
100
සා නූනාහං මරිස්සාමි, අබන්ධු අපරායිනී
(අපරායිණී (සී.), අපරායණී (?));
තදා
|
100
“නෑයන් රහිතවූ පිළිසරණක් නැත්තාවූ ඒ මම යම් හෙයකින් කුඹලාට ගොම වැරටි අදින්නක් කොට රජු විසින් දෙන ලද්දී වෙම්ද, එසේ හෙයින් ඒකාන්තයෙන් මැරෙන්නෙමි.
|
101
යාවතාසීසතී පොසො, තාවදෙව පවීණති;
අත්ථාපායෙ ජහන්ති නං, ඔට්ඨිබ්යාධිංව ඛත්තියො.
|
101
“පුරුෂතෙම යම්තාක් ප්‍රාර්ථනා කෙරේද, ඒතාක් සේවනය කරයි. අර්ථයාගේ පහව යාම ඇතිකල්හි ගිලන්වූ ඔටුදෙන ඒ රජතෙමේ හැර දැමුවාක් මෙන් හැර දමත්.
|
102
යො පුබ්බෙ කතකල්යාණො, කතත්ථො නාවබුජ්ඣති;
අත්ථා තස්ස පලුජ්ජන්ති, යෙ හොන්ති අභිපත්ථිතා.
|
102
“යමෙක් පෙර කරණලද යහපත් කටයුතු ඇත්තේ කරණලද අර්ථ ඇත්තේ පසුව නොදනීද, ඔහුගේ ප්‍රාර්ථනා කරණලද යම් අර්ථ කෙනෙක් වෙද්ද, ඒ අර්ථයෝ විශේෂයෙන් නසිත්.
|
103
යො
අත්ථා තස්ස පවඩ්ඪන්ති, යෙ හොන්ති අභිපත්ථිතා.
|
103
“යමෙක් පෙර කරණලද යහපත් කටයුතු ඇත්තේ අනුන් විසින් කළ වැඩ ඇත්තේ පසුව දනීද, ඔහුගේ ප්‍රාර්ථනා කරණලද යම් අර්ථ කෙනෙක් වෙත්ද ඔව්හු වැඩියෙන් වැඩෙත්.
|
104
තං වො වදාමි භද්දන්තෙ
(භද්දං වො (සී. ස්‍යා. පී.)), යාවන්තෙත්ථ සමාගතා;
සබ්බෙ කතඤ්ඤුනො හොථ, චිරං සග්ගම්හි ඨස්සථාති.
|
104
“මෙහිලා යම් පමණ කෙනෙක් රැස්වූවාහුද එපමණ තොපට යහපතක් වේවා එය තොපට කියමි. හැමදෙනා කෙළෙහිගුණ දන්නෝවව් බොහෝ කලක් ස්වර්ගයෙහි සිටින්නහුයයි” කීයේය.
|
410. සොමදත්තජාතකං (7-2-5) | 410. සෝමදත්ත ජාතකය |
105
යො මං පුරෙ පච්චුඩ්ඩෙති
(පච්චුදෙති (සී. ස්‍යා. පී.), පච්චුට්ඨෙති (ක.)), අරඤ්ඤෙ දූරමායතො;
සො න දිස්සති මාතඞ්ගො, සොමදත්තො කුහිං ගතො.
|
105
“යමෙක් පෙර වනාහි දුරවූ මා පෙර මගට යේද, මහත් ශරීර ඇති දිගින් යුක්තවූ සෝමදත්තතෙම නොදක්නා ලැබේ. කොයි ගියේදෝ
|
106
අයං වා සො මතො සෙති, අල්ලසිඞ්ගංව වච්ඡිතො
(අල්ලපිඞ්කව ඡිජ්ජිතො (සී. පී.), අල්ලපීතංව විච්ඡිතො (ස්‍යා.));
භුම්යා නිපතිතො සෙති, අමරා වත කුඤ්ජරො.
|
106
“සිඳිනාලද මාළුවා වැලක් මෙන් ඒ සෝමදත්ත තෙම මලේ සයනය කෙරෙයි. මේ හෙතෙමේ මැයි. භූමියෙහි වැටුණේ සයනය කෙරෙයි. හස්තිතෙම ඒකාන්තයෙන් මළේය.
|
107
අනගාරියුපෙතස්ස, විප්පමුත්තස්ස තෙ සතො;
සමණස්ස න තං සාධු, යං පෙතමනුසොචසි.
|
107
“පරලොව ගියහු අනුව ශොක කෙරෙයි යන යමක් ඇද්ද, එය අනගාර්ය භාවයෙන් යුක්තවූ කාමයන්ගෙන් වෙන්වූ සිත් ඇති ශ්රමණයෙකුට සුදුසු නොවෙයි.
|
108
සංවාසෙන හවෙ සක්ක, මනුස්සස්ස මිගස්ස වා;
හදයෙ
|
108
“ශක්‍රය, ඒකාන්තයෙන් එක්ව වාසය කිරීමෙන් මනුෂ්‍යයෙකුටද මෘගයෙකුටද, හෘදයෙහි ප්‍රෙමය හටගණියි. ඔහුට ශොක නොකරන්නට නොපිළිවනි.
|
109
මතං මරිස්සං රොදන්ති, යෙ රුදන්ති ලපන්ති ච;
තස්මා ත්වං ඉසි මා රොදි, රොදිතං මොඝමාහු සන්තො.
|
109
“යම් කෙනෙක් ඒ මළහුට හඬත්ද, මම මැරෙන්නෙමියි හඬත්ද, වැලපෙත්ද එය හිස්යයි සත්පුරුෂයෝ කීහ. එසේහෙයින් නොහඬව, නොවැලපෙව,
|
110
කන්දිතෙන
සබ්බෙ සඞ්ගම්ම රොදාම, අඤ්ඤමඤ්ඤස්ස ඤාතකෙ.
|
110
“බමුණ, ඒකාන්තයෙන් හැඬීමෙන් මළාවූ පරලොව ගිය තැනැත්තා නැගී සිටින්නේ නම් ඔවුනොවුන්ගේ මළ නෑයන්ට සියල්ලෝ එකතුව හඬමු.
|
111
ආදිත්තං වත මං සන්තං, ඝතසිත්තංව පාවකං;
වාරිනා විය ඔසිඤ්චං, සබ්බං නිබ්බාපයෙ දරං.
|
111
“ගිතෙල් ඉසින ලද්දාවූ ඇවිල ගන්නා ලද්දාවූම ගින්නක් වන්වූ මා ජලයෙන් තෙමන්නක්හු මෙන් සියලු පීඩාව නිවූයෙහිය.
|
112
අබ්බහී වත මෙ සල්ලං, යමාසි හදයස්සිතං;
යො මෙ සොකපරෙතස්ස, පුත්තසොකං අපානුදි.
|
112
“මාගේ හෘදය ඇසුරු කළාවූ යම් ශොක හුලයක් වීද, යමෙක් ශෝකයෙන් පෙළුනාවූ මාගේ පුත්‍ර ශෝකය දුරු කෙළේද, හෙතෙම මාගේ ශොක නමැති හුල උදුරා දැමීය.
|
113
සොහං අබ්බූළ්හසල්ලොස්මි, වීතසොකො අනාවිලො;
න සොචාමි න රොදාමි, තව සුත්වාන වාසවාති.
|
113
“දුරුවූ ශොක ඇති නොකැළඹුන සිත් ඇති ඒ මම උදුරා දමනලද ශොක හුල් ඇත්තේ වෙමි. එහෙයින් ශක්‍රය, ඔබගේ කීම අසා ශොක නොකරමි. නොහඬමි.”
|
411. සුසීමජාතකං (7-2-6) | 411. සුසීම ජාතකය |
114
කාළානි
තානජ්ජ සෙතානි සුසීම
(සුසිම (ක.)) දිස්වා, ධම්මං චර බ්රහ්මචරියස්ස කාලො.
|
114
“හිසෙහි සුදුසු ප්‍රදෙශයෙහි හටගත්තාවූ කෙශයෝ පෙර කාලවර්ණ වූහ. සුසීමය, අද සුදුවූ ඔවුන් දැක දස කුශල ධර්මයෙහි හැසිරෙව, මෛථුනයෙන් වෙන්වීම නම්වූ බ්‍රහ්මචර්යාවට සුදුසු කාලය වේ.
|
115
මමෙව දෙව පලිතං න තුය්හං, මමෙව සීසං මම උත්තමඞ්ගං;
‘‘අත්ථං
|
115
“දේවයෙනි, මාගේ හිස පැසුනේය. තොපගේ හිස නොවෙයි ඒ මාගේම හිසය. මාගේ හිස වේ. යහපතක් කරන්නෙමි බොරු කීවෙමි. රාජ ශ්‍රේෂ්ඨය, එක අපරාධය ක්ෂමා කළ මැනව.
|
116
දහරො තුවං දස්සනියොසි රාජ, පඨමුග්ගතො හොසි
(හොහි (සී.), හොති (ක.)) යථා කළීරො;
රජ්ජඤ්ච කාරෙහි මමඤ්ච පස්ස, මා කාලිකං අනුධාවී ජනින්ද.
|
116
“රාජය, නුඹ තරුණයෙහි දැකුම් කළුවෙහිය. කිළිලයක් මෙන් පළමු වයසින් නැඟී සිටියේවෙහි. එහෙයින් රාජ්‍යයද කරව, මාද බලව, ජනෙන්ද්රය කාලික සැපය අනුව ධාවනය නොකරව,
|
117
පස්සාමි වොහං දහරිං කුමාරිං, සාමට්ඨපස්සං සුතනුං සුමජ්ඣං;
කාළප්පවාළාව පවෙල්ලමානා, පලොභයන්තීව
(සා ලොභයන්තීව (පී.)) නරෙසු ගච්ඡති.
|
117
“සිළිටුවූ ස්පර්ශ ඇති මනාවූ ශරීර ඇති යහපත් මධ්‍ය ප්‍රදෙශ ඇති කුමාරිකාව මම දකිමි. කළුවැල් පැලෑටියක් මෙන් ලෙළදෙන්නාවූ ඕතොමෝ ක්ලෙශ වසඟයෙන් පොළඹවන්නියක් මෙන් පුරුෂයන් සමීපයෙහි යෙයි.
|
118
තමෙන පස්සාමිපරෙන නාරිං, ආසීතිකං නාවුතිකං ව ජච්චා;
දණ්ඩං ගහෙත්වාන පවෙධමානං, ගොපානසීභොග්ගසමං චරන්තිං.
|
118
“උත්පත්තියෙහි පටන් අසූ හැවිරිදිවූ හෝ අනූ හැවිරිදිවූ හෝ දණ්ඩක් ගෙණ වෙව්ලන්නාවූ පරාළයක් මෙන් තුන් තැනකින් බිඳුනාවූ ඇවිදිනාවූ ඒ ස්ත්‍රිය මා පසුකලෙක දකිමි.
|
119
සොහං තමෙවානුවිචින්තයන්තො, එකො සයාමි
(පස්සාමි (ක.)) සයනස්ස මජ්ඣෙ;
‘‘අහම්පි එවං’’ ඉති පෙක්ඛමානො, න ගහෙ රමෙ
(න ගෙහෙ රමෙ (සී.), ගෙහෙ න රමෙ (ස්‍යා. ක.)) බ්රහ්මචරියස්ස කාලො.
|
119
“ඒ මම එයම නැවත නැවත සිතන්නේ යහන් මැද හුදකළාව සයනය කරමි. මමද මෙසේයයි බලන්නේ ගෘහයෙහි නොඇලෙන්නෙම් බ්‍රහ්මචර්යාවට සුදුසු කාලයයි.
|
120
රජ්ජුවාලම්බනී
එවම්පි
|
120
“ගිහිගෙයි වසන්නහුගේ යම් පස්කම්හි ඇල්මක් ඇද්ද, මෝතොමෝ එළෙන්නාවූ රැහැණක් වැන්නීය. මෙයද සිඳ බලාපොරොත්තුවක් නැත්තාවූ ප්‍රාඥයෝ කාම සැපය හැර තපසට යෙත්.”
|
412. කොටසිම්බලිජාතකං (7-2-7) | 412. කොටසිම්බිලි ජාතකය |
121
අහං දසසතංබ්යාමං, උරගමාදාය ආගතො;
තඤ්ච මඤ්ච මහාකායං, ධාරයං නප්පවෙධසි
(න පවෙධයි (ක.)).
|
121
“මම බඹ දහසක් පමණ ඇති නයෙකු ගෙණ ආයෙමි. මහත්වූ ශරීර ඇති ඒ නයාද මාද දරන්නේ නොවෙවුලයි.
|
122
අථිමං
ධාරයං බ්යථසි
(බ්යාධසෙ (සී.), බ්යධසෙ (පී.), බ්යාධසි (ක.)) භීතා
(භීතො (සී. ස්‍යා. පී.)), කමත්ථං කොටසිම්බලි
(කොටිසිම්බලි (සී. පී.)).
|
122
“කෝට සිම්බලිය, එසේ කල්හි මට වඩා ඉතා මදවූ මස් ඇති මේ කුඩා පක්ෂියා දරන්නේ බිය පත්වූයෙහි, කුමට වෙව්ලන්නෙහිද,
|
123
මංසභක්ඛො තුවං රාජ, ඵලභක්ඛො අයං දිජො;
අයං නිග්රොධබීජානි, පිලක්ඛුදුම්බරානි ච;
අස්සත්ථානි ච භක්ඛිත්වා, ඛන්ධෙ මෙ ඔහදිස්සති.
|
123
“රාජය, තෝ මස් කන්නෙහි මේ පක්ෂිතෙම ගෙඩි කන්නේය. මෙතෙම නුග ඇටද පුලිල ගෙඩිද දිඹුල් ගෙඩිද ඇසතු ගෙඩිද අනුභව කොට මාගේ කඳෙහි වර්චස් හෙලන්නේ (මළ පහ කරන්නේය.)
|
124
තෙ රුක්ඛා සංවිරූහන්ති, මම පස්සෙ නිවාතජා;
තෙ මං පරියොනන්ධිස්සන්ති, අරුක්ඛං මං කරිස්සරෙ.
|
124
“මාගේ පසෙක්හි වාත රහිත ස්ථානයෙහි හටගත්තා වූ ඒ නුග ආදී වෘක්ෂයෝ මනාව වැඩෙත්. ඔව්හු මා වැළඳ ගන්නාහ. මා වෘක්ෂ නැත්තහු කරන්නාහ.
|
125
සන්ති අඤ්ඤෙපි රුක්ඛා සෙ, මූලිනො ඛන්ධිනො දුමා;
ඉමිනා සකුණජාතෙන, බීජමාහරිතා හතා.
|
125
“නුග ආදී බිජුවට ගෙණෙන ලද මේ කුරුලු ජාතීන් විසින් නසනලද මුල් සහිත කඳ ඇති අන්‍යවූද දාම නම්වූ වෘක්ෂයෝ ඇත්තාහ.
|
126
අජ්ඣාරූහාභිවඩ්ඪන්ති
(අජ්ඣාරූළ්හාභිවඩ්ඪන්ති (සී. පී.)), බ්රහන්තම්පි වනප්පතිං;
තස්මා රාජ පවෙධාමි, සම්පස්සංනාගතං භයං.
|
126
“රාජය, මහත්වූද වනදෙටු රුක් යටපත් කොට හටගන්නාහු වැඩෙත්. එසේහෙයින් මතු පැමිණෙන භය දක්නෙම් වෙව්ලමි.
|
127
සඞ්කෙය්ය සඞ්කිතබ්බානි, රක්ඛෙය්යානාගතං භයං;
අනාගතභයා
|
127
“සැක කටයුත්තන් සැක කරන්නේය. නොපැමිණියාවූ භය රක්නේය. ප්‍රාඥතෙම නොපැමිණි භය හේතුකොට ගෙණ දෙලොව බලන්නේය.
|
413. ධූමකාරිජාතකං (7-2-8) | 413. ධූමකාරි ජාතකය |
128
රාජා අපුච්ඡි විධුරං, ධම්මකාමො යුධිට්ඨිලො;
අපි බ්‍රාහ්මණ ජානාසි, කො එකො බහු සොචති.
|
128
“දහම් කැමැතිවූ යුධිට්ඨිල නම් රජතෙම විධුර පණ්ඩිතයන් විචාළේය. බ්‍රාහ්මණය, හුදකලාවූ කවරෙක් නම් බොහෝ කරුණෙන් ශොක කෙරේයයි දන්නෙහිදැයි විචාළේය.
|
129
බ්රාහ්මණො
ධූමං අකාසි වාසෙට්ඨො, රත්තින්දිවමතන්දිතො.
|
129
“එළු සමූහයාගෙන් යුක්තව බොහෝ දර ඇතිව වනයෙහි වසන්නාවූ වාසෙට්ඨ නම් බමුණුතෙම රෑ දාවල් අනලස්ව මැසි උවදුරු හරණ පිණිස ගිනි දුම් කෙළේය.
|
130
තස්ස තං ධූමගන්ධෙන, සරභා මකසඩ්ඩිතා
(මකසද්දිතා (සී. ස්‍යා.), මකසට්ටිතා (පී. ක.));
වස්සාවාසං උපාගච්ඡුං, ධූමකාරිස්ස සන්තිකෙ.
|
130
“ඒ ගිනිදුම් ගඳින් මැසි මදුරුවන්ගෙන් පෙළුනාවූ සරභ මෘගයෝ ඒ ගිනිදුම් කරන්නාවූ බ්‍රාහ්මණයාගේ සමීපයෙහි වර්ෂා කාලයෙහි විසීමට පැමිණියාහුය.
|
131
සරභෙසු මනං කත්වා, අජා සො නාවබුජ්ඣථ;
ආගච්ඡන්තී වජන්තී වා
(ආගච්ඡන්ති වජන්ති වා (ස්‍යා. පී.), ආගච්ඡන්තිං වජන්තිං වා (ක.)), තස්ස තා විනසුං
(විනස්සුං (සී.)) අජා.
|
131
“ඒ බමුණුතෙම සරභ මෘගයන් කෙරෙහි ස්නෙහ උපදවා ගොදුරු පිණිස හැසිර එන්නාවූද ගාලින් නික්ම යන්නාවූද එළුවන් නොදනියි. එසේ නොසළකන්නාවූ ඔහුගේ ඒ එළුවෝ සිංහ උපද්‍රව ආදියෙන් විනාශ වූහ.
|
132
සරභා සරදෙ කාලෙ, පහීනමකසෙ වනෙ;
පාවිසුං ගිරිදුග්ගානි, නදීනං පභවානි ච.
|
132
“සරභ මෘගයෝ මැසි මදුරුවන් ප්‍රහීණවූ වනය ඇති, ශරත් කාලයෙහි ගංගාවන්ගේ හටගැන්ම ඇත්තාවූ පර්වත දුර්ගවලට පිවිසියාහුය.
|
133
සරභෙ ච ගතෙ දිස්වා, අජා ච විභවං ගතා
(අජෙ ච විභවං ගතෙ (ක.));
කිසො ච විවණ්ණො චාසි, පණ්ඩුරොගී ච බ්රාහ්මණො.
|
133
“වනයට ගියාවූ සරභ මෘගයන්ද විනාශයට පැමිණියාවූ එළුවන්ද දැක ඒ අජපාල බ්‍රාහ්මණතෙම ශෝකයෙන් කෘශවූයේ දුර්වර්ණ ශරීර ඇත්තේ හටගත් පාණ්ඩු රෝග ඇත්තෙක්ද වූයේය.
|
134
එවං
සො එකො බහු සොචති, ධූමකාරීව බ්රාහ්මණොති.
|
134
“මෙසේ යමෙක් ස්වකීය ජනයා හැර දමා ආගන්තුග ජනයා ප්‍රිය කෙරේද හෙතෙම හුදකළාවූ ඒ ධූමකාරී බ්‍රාහ්මණයා මෙන් බොහෝසෙයින් ශොක කෙරෙයි.
|
414. ජාගරජාතකං (7-2-9) | 414. ජාගර ජාතකය |
135
කොධ
කො මමෙතං විජානාති, කො තං පටිභණාති මෙ.
|
135
“මේ ලෝකයෙහි කවරෙක් තෙම නිදි දුරු කරන්නවුන් අතුරෙහි සයනය කෙළේවේද? මේ ලෝකයෙහි කවරෙක් තෙම සයනය කළවුන් අතුරෙහි නිදි දුරු කෙළේවේද, කවරෙක්තෙම මාගේ මේ ප්රශ්නය දනීද කවරෙක් මා විසින් අසනලද ඒ ප්රශ්නය විසඳන්ට සමර්ථ වේදැයි විචාළේය.
|
136
අහං ජාගරතං සුත්තො, අහං සුත්තෙසු ජාගරො;
අහමෙතං විජානාමි, අහං පටිභණාමි තෙ.
|
136
“නිදි දුරු කරන්නවුන් අතුරෙහි මම සයනය කරන්නෙමි. සයනය කරන්නවුන් අතුරෙහි මම නිදි දුරු කෙරෙමි. මම මේ ප්රශ්නය දනිමි. මම තට එය ප්‍රකාශ කරන්ට පොහොසත්වෙමි.
|
137
කථං ජාගරතං සුත්තො, කථං සුත්තෙසු ජාගරො;
කථං එතං විජානාසි, කථං පටිභණාසි මෙ.
|
137
“කෙසේනම් තොප නිදි දුරු කරන්නවුන් අතුරෙහි නිදීම් කෙළෙහිද, කෙසේ නිදන්නවුන් අතුරෙහි නිදි දුරු කෙළෙහිද, කෙසේ මේ ප්රශ්නය දන්නෙහිද, මා විසින් අසන ලද ප්රශ්නය කෙසේ කියන්ට පොහොසත් වෙහිද,
|
138
යෙ ධම්මං නප්පජානන්ති, සංයමොති දමොති ච;
තෙසු සුප්පමානෙසු, අහං ජග්ගාමි දෙවතෙ.
|
138
“යම් කෙනෙක් ශීල සංයමය (සන්සුන්කම) කියාද, ඉන්ද්රිය දමනය (හික්මවීම) කියාද, ධර්මය නොදන්නාහුද, ඒ සත්වයන් ක්ලේශ නිද්‍රාවෙන් නිදන කල්හි දේවතාවෙනි, මම අප්‍රමාද වශයෙන් නොනිදුවෙමි.
|
139
යෙසං රාගො ච දොසො ච, අවිජ්ජා ච විරාජිතා;
තෙසු ජාගරමානෙසු, අහං සුත්තොස්මි දෙවතෙ.
|
139
“දේවතාවෙනි යම් ක්ෂීණාශ්රව තෙර කෙනෙකුන්ගේ රාගයද ද්වේෂයද අවිද්‍යාවද යන මොහු ප්‍රහීණ වූවාහුද, ඒ ආර්යයන් නොනිදන කල්හි මම නිදීම කෙළේ වෙමි.
|
140
එවං
එවමෙතං විජානාමි, එවං පටිභණාමි තෙ.
|
140
“මෙසේ මම නිදි දුරු කරන්නවුන් අතුරෙහි නිදන්නේ වෙමි. මෙසේ නිදන්නවුන් අතුරෙහි නිදි දුරු කරන්නේ වෙමි මෙසේ මේ ප්රශ්නය දනිමි. මෙසේ තව ප්‍රකාශ කරන්ට හැකිවෙමි.
|
141
සාධු ජාගරතං සුත්තො, සාධු සුත්තෙසු ජාගරො;
සාධුමෙතං විජානාසි, සාධු පටිභණාසි මෙති.
|
141
“යහපත්කොට නොනිදන්නවුන් අතුරෙහි නිදන්නෙහිය. යහපත්කොට නිදන්නවුන් අතුරෙහි නොනිදන්නෙහි, යහපත්කොට මේ ප්රශ්නය දන්නෙහිය. යහපත්කොට මා විසින් අසනලද ප්‍රශ්න විසඳන්ට සමර්ථ වෙහියයි” ප්‍රශංසා කෙළේය.
|
415. කුම්මාසපිණ්ඩිජාතකං (7-2-10) | 415. කුම්මාස පිණ්ඩ ජාතකය |
142
න කිරත්ථි අනොමදස්සිසු, පාරිචරියා බුද්ධෙසු අප්පිකා
(අප්පකා (ක.));
සුක්ඛාය
|
142
“ආලමකවූ දර්ශන (දැකුම්) ඇති පසේ බුදුවරයන් කෙරෙහි පවත්වන ලද පරිචර්යා (වත්පිළිවෙත්) තොමෝ ස්වල්පවූවා නොවේමය. තෙල් නැති පැණි නැති කොමුපිඬු දීමෙහි විපාකය බලව.
|
143
හත්ථිගවස්සා චිමෙ බහූ
(හත්ථිගවාස්සා ච මෙ බහූ (සී.), හත්ථී ගවාස්සා චිමෙ බහූ (ස්‍යා.), හත්ථී ගවාස්සා ච මෙ බහූ (පී.)), ධනධඤ්ඤං පථවී ච කෙවලා;
නාරියො චිමා අච්ඡරූපමා, පස්සඵලං කුම්මාසපිණ්ඩියා.
|
143
“මට ඇත් ගව අස්හුද ධන ධාන්‍යයෝද සියලු පෘථිවියද දෙවඟනන් වැනිවූ මේ වරඟනෝද බොහෝ වෙත්. කොමුපිඬු දීමෙහි විපාකය බලව.
|
144
අභික්ඛණං රාජකුඤ්ජර, ගාථා භාසසි කොසලාධිප;
පුච්ඡාමි තං රට්ඨවඩ්ඪන, බාළ්හං පීතිමනො පභාසසි.
|
144
“පින්වත් රාජොත්තමය, නිරන්තරයෙන් ගාථාවන් කියන්නෙහිය. රට වඩන තැනැත්ත, ඔබ විචාරමි. අතිශයින් සතුටු සිත් ඇත්තේ මෙහි අර්ථය කියන්නෙහි.
|
145
ඉමස්මිඤ්ඤෙව නගරෙ, කුලෙ අඤ්ඤතරෙ අහුං;
පරකම්මකරො ආසිං, භතකො සීලසංවුතො.
|
145
“මේ නුවරම එක් වෙළඳ කුලයෙක්හි උපන්නේවීමි. අනුන්ගේ වැඩකොට ජීවිකාව කරන්නාවූ බැළයෙන් රැකෙන්නාවූ ශීලසංවරයෙන් යුක්තවූවෙක් වීමි.
|
146
කම්මාය
ආචාරසීලසම්පන්නෙ, සීතිභූතෙ අනාසවෙ.
|
146
“කර්මාන්ත පිණිස නික්මෙන්නාවූ මම ආචාරයෙන් හා ශීලයෙන් යුක්තවූ සිහිල් බවට පැමිණියාවූ කාමාදී ආශ්‍රව රහිතවූ ප්‍රව්‍රජිතයන් සතර දෙනෙකුන් දුටුයෙමි.
|
147
තෙසු චිත්තං පසාදෙත්වා, නිසීදෙත්වා
(නිසාදෙත්වා (?)) පණ්ණසන්ථතෙ;
අදං බුද්ධාන කුම්මාසං, පසන්නො සෙහි පාණිභි.
|
147
“ඒ පසේ බුදුවරයන් කෙරෙහි සිත පහදවා කොළ ඇතිරියෙහි වඩා හිඳුවා පසේ බුදුවරුන්ට පහන් සිත් ඇත්තේ සියතින් කොමුපිඬු දුන්නෙමි.
|
148
තස්ස
අනුභොමි ඉදං රජ්ජං, ඵීතං ධරණිමුත්තමං.
|
148
“මාගේ ඒ කුශල කර්මයාගේ මේ විපාකඵලය මෙබඳුය. සියලු සම්පත්තීන් සමෘද්ධවූ උතුම්වූ පෘථිවිය ඇති මේ රාජ්‍යය අනුභව කරමි.
|
149
දදං භුඤ්ජ මා ච පමාදො
(දද භුඤ්ජ ච මා ච පමාදො (සී. පී.)), චක්කං වත්තය කොසලාධිප;
මා
|
149
“පිනට අධිපතිය, දානය කොටම අනුභව කරව. දානාදී පින්කමෙහි ප්‍රමාද නොවෙව, ධර්මචක්රය පවත්වව, රාජය, අධාර්මිකයෙක් නොවෙව කුශලාධිපතිය, ධර්මය රක්ෂා කරව.
|
150
සොහං තදෙව පුනප්පුනං, වටුමං ආචරිස්සාමි සොභනෙ;
අරියාචරිතං සුකොසලෙ, අරහන්තො මෙ මනාපාව පස්සිතුං.
|
150
“සොඳුර කොසොල් රජහුගේ යහපත් දුව ඒ මම නැවත නැවත ආර්යයන් විසින් පුරුදු කරණ ලද ඒ මාර්ගයෙහිම හැසිරෙන්නෙමි. රහත්වූ පසේ බුදුවරයෝ මා දක්නට මනාප වෙත්.
|
151
දෙවී විය අච්ඡරූපමා, මජ්ඣෙ නාරිගණස්ස සොභසි;
කිං කම්මමකාසි භද්දකං, කෙනාසි වණ්ණවතී සුකොසලෙ.
|
151
“කොසොල් රජුගේ යහපත් දුවවූ සොඳුර, දෙවඟනක් බඳුවූ දේවියක් මෙන් මෙවරඟනන් මැද හොබනෙහිය. යහපත්වූ කිනම් කර්මයක් පෙර කෙළෙහිද, කවර කාරණයකින් වර්ණ ඇත්තියක් වීද,
|
152
අම්බට්ඨකුලස්ස ඛත්තිය, දාස්යාහං පරපෙසියා අහුං;
සඤ්ඤතා ච
(සඤ්ඤතා (සී. පී.)) ධම්මජීවිනී, සීලවතී ච අපාපදස්සනා.
|
152
“මහරජ, මම එක්තරා කෙළෙඹි කුලයක අනුන්ගේ පනිවුඩ කාරීවූ දාසියක්වීමි. තුන්දොරින් සන්සුන්ව දැහැමින් දිවිපවත්වන්නී ආචාර ශීලයෙන් යුක්තවූ යහපත් දැකුම් ඇත්තියක්ද වීමි.
|
153
උද්ධටභත්තං අහං තදා, චරමානස්ස අදාසි භික්ඛුනො;
විත්තා සුමනා සයං අහං, තස්ස කම්මස්ස ඵලං මමෙදිසන්ති.
|
153
“එකල්හි මම තමන්ට පැමිණි ඔසවා ගෙණෙන ලද බත් කොටස පිඬු පිණිස හැසිරෙන්නාවූ භික්ෂුවූ පසේ බුදු කෙනෙකුන්ට සතුටු වූයෙම් සොම්නස් ඇත්තී සියතින් දුනිමි. මාගේ ඒ කර්මයාගේ විපාකය මෙබඳුයයි කීයේය.”
|
416. පරන්තපජාතකං (7-2-11) | 416. පරන්තප ජාතකය |
154
ආගමිස්සති
තදා හි චලිතා සාඛා, මනුස්සෙන මිගෙන වා.
|
154
“මට අනිෂ්ටයක් එන්නේය, මට භයක් පැමිණෙන්නේය. ඊට හේතු කවරේදයත්, එකල්හි වනාහි අත්ත, මිනිසෙකු විසින් හෝ මෘගයෙකු විසින් හෝ සොලවන ලදී.
|
155
භීරුයා නූන මෙ කාමො, අවිදූරෙ වසන්තියා;
කරිස්සති කිසං පණ්ඩුං, සාව සාඛා පරන්තපං.
|
155
“බියවන සුලුවූ නුදුරුතන්හි වසන්නාවූ මාගේ බැමිණිය කෙරෙහි මට කාමය උපන්නේද, හෙතෙම ඒකාන්තයෙන් පරන්තපනම් දාසයා බියගැන්වූ ඒ අත්ත මෙන් මා කෙට්ටුවූවෙකුද පඬුවන්වූවකුද කරන්නේය.
|
156
සොචයිස්සති
කරිස්සති කිසං පණ්ඩුං, සාව සාඛා පරන්තපං.
|
156
“මාගේ කාන්තාතොමෝ ගමෙහි වසන්නී නින්දා නොකටයුක්ති මා ශොක කරවන්නීය. ඒ අත්ත පරන්තප යාමෙන් මා කෘශවූවෙකුද පඬුවන්වූවෙකුද කරන්නේය.
|
157
තයා මං අසිතාපඞ්ගි
(හසිතාපඞ්ගි (සී. ස්‍යා. පී.)), සිතානි
(මිහිතානි (සී. ස්‍යා. පී.)) භණිතානි ච;
කිසං පණ්ඩුං කරිස්සන්ති, සාව සාඛා පරන්තපං.
|
157
“කෘෂ්ණවූ ඇස් කෙළවර ඇත්තිය තී විසින් වනාහි පවත්වන මද සිනාද මියුරු තෙපුල්ද මා ඒ අත්ත පරන්තපයා මෙන් කෘශවූවෙකුද පඬුවන්වූවෙකුද කරන්නේය.
|
158
අගමා නූන සො සද්දො, අසංසි නූන සො තව;
අක්ඛාතං නූන තං තෙන, යො තං සාඛමකම්පයි.
|
158
ඒ අතු ශබ්දය තෙම තා කරා පැමිණියේ යයි සිතමි. ඒ ශබ්දය තෙමේ තට සැලකෙළේයයි සිතමි. යමෙක් තෙමේ ඒ අත්ත (ශාඛාව) සෙලවීද, ඔහු විසින් ඒ පියා මැරූ කාරණය කියන ලද්දේයයි සිතමි.
|
159
ඉදං
තදා හි චලිතා සාඛා, මනුස්සෙන මිගෙන වා.
|
159
අඥානවූ මා සිතන ලද මේ වනාහි තා කරා පැමිණියේය. කුමක් හෙයින්දයත්? එකල්හි වනාහි කම්පිතවූ ශාඛා තොමෝ මිනිසෙකු විසින් හෝ මෘගයෙකු විසින් හෝ කම්පිතවූදැයි පෙනිණි.
|
160
තථෙව ත්වං අවෙදෙසි, අවඤ්චි
(අවජ්ඣි (ක.)) පිතරං මම;
හන්ත්වා සාඛාහි ඡාදෙන්තො, ආගමිස්සති මෙ
(තෙ (ස්‍යා. ක.)) භයන්ති.
|
160
මාගේ පියා තෝ මැරූවෙහිය. නසා අතුවලින් වසමින් තට භයක් පැමිණෙන්නේයයි එසේම තෝ දැන ගත්තෙහියයි” කීයේය.
|