ඛුද්දකනිකායෙ | ඛුද්දකනිකාය |
ජාතකපාළි | ජාතක |
1. එකකනිපාතො | 1. එකක නිපාතය |
1. අපණ්ණකවග්ගො | 1. අපණ්ණක වර්ගය |
1. අපණ්ණකජාතකං | 1. අපණ්ණක ජාතකය |
1
අපණ්ණකං
එතදඤ්ඤාය මෙධාවී, තං ගණ්හෙ යදපණ්ණකන්ති
(තං ගණ්හෙය්ය අපණ්ණකං (ක.)).
|
1
බොධිසත්ව ආදී ඇතැම් පණ්ඩිත මනුෂ්‍යයෝ අවිරුද්ධවූ කාරණය කීවාහුය. තර්ක කොට ගන්නාහු විරුද්ධවූ දෙවෙනි කාරණය කියති. නුවණැත්තේ විරුද්ධවූද අවිරුද්ධවූද මේ කාරණය දැක යමක් අවිරුද්ධ නම් එය ගන්නේයයි (වදාළහ.)
|
2. වණ්ණුපථජාතකං | 2. වණ්ණු පථ ජාතකය |
2
අකිලාසුනො
එවං මුනී වීරිය
(මුනි විරිය (පී.), මුනි වීරිය (ස්‍යා. ක.)) බලූපපන්නො, අකිලාසු වින්දෙ හදයස්ස සන්තින්ති.
|
2
කුසීත බැවින් දුරුවූ පටන් ගන්නාලද වීර්ය ඇති උත්තමයෝ මිනිසුන් හැසිරෙන භූමි ප්‍රදෙශ ඇති වැලි සහිත මාර්ගයෙහි බිම කණින්නාහු එහි පියයුතුවූ ජලය ලැබුවාහුය. මෙපරිද්දෙන් වීර්යයෙන් හා කායබල ඤාණ බලයෙන් යුක්තවූ කුසීත බැවින් තොරවූ වීර්ය ඇති තපස්වීතෙම සිතටද හෘදය වස්තුවටද ශීතල භාවය කරණ හෙයින් ශාන්ති නම්වූ ධ්‍යාන විදර්ශනා අභිඥා අර්හත්මාර්ග නමැති ආර්ය ධර්මය ලබන්නේයයි වදාළහ.
|
3. සෙරිවවාණිජජාතකං | 3. සේරිවාණිජ ජාතකය |
3
ඉධ
චිරං ත්වං අනුතප්පෙසි
(අනුතපෙස්සසි (සී. පී.), අනුතප්පිස්සසි (?)), සෙරිවායංව වාණිජොති.
|
3
සද්ධර්මයට නියමිතවූ ඒ සෝවාන් මාර්ගය යම්හෙයකින් මෙහි වීර්යය නොකිරීමෙන් වැරද වූයෙහි නම් නුඹ බොහෝ කලක් ශොක කිරීම ආදී වශයෙන් තැවෙන්නෙහිය. කවරෙකු මෙන්දයත්? සේරිවාණිජ නම් මේ වෙළෙන්දා මෙනි.
|
4. චූළසෙට්ඨිජාතකං | 4. චුල්ලසෙට්ඨි ජාතකය |
4
අප්පකෙනපි මෙධාවී, පාභතෙන විචක්ඛණො;
සමුට්ඨාපෙති අත්තානං, අණුං අග්ගිංව සන්ධමන්ති.
|
4
වෙළඳාමෙහි දක්ෂවූ නුවණැත්තේ ස්වල්පවූද, බඩු මිළයෙන් තමන් නගාසිටුවයි. ඒ කෙසේදයත්? මුඛ වාතයෙන් පිඹ දල්වන්නාවූ මදවූ ගින්නක්මෙනි.
|
5. තණ්ඩුලනාළිජාතකං | 5. තණ්ඩුල නාළි ජාතකය |
5
(කිමග්ඝතී තණ්ඩුලනාළිකා ච, බාරාණසී අන්තරබාහිරානි; අස්සපඤ්චසතෙ තානි, එකා තණ්ඩුලනාළිකාති; (ස්‍යා.)) කිමග්ඝති තණ්ඩුලනාළිකාය, අස්සාන මූලාය වදෙහි රාජ
(නාළිකා ච (සී.), නාළිකාය (ක. සී. අට්ඨ.));
බාරාණසිං සන්තරබාහිරතො
(බාහිරන්තං (සී.)), අයමග්ඝති තණ්ඩුලනාළිකාති
(කිමග්ඝතී වණ්ඩුලනාළිකා ච, බාරාණසී අන්තරබාහිරානි; අස්සපඤ්චසතෙ තානි, එකා තණ්ඩුලනාළිකාති; (ස්‍යා.)).
|
5
රජ්ජුරුවන් වහන්ස, පන්සියයක් අසුන්ගේ මිළ පිණිස සහල් නැළියක්ම අගීද, කිව මැනවැයි. (අස්වෙළඳතෙම රජහට කීය. රජහු විසින් විචාරණුලැබූ බඩු මිළ නියම කරන්නා) මේ සහල් නැළිය ඇතුළත පිටත සහිතවූ සියලු බරණැස් රාජ්‍යය වටීයයි කීයේය.
|
6. දෙවධම්මජාතකං | 6. දෙවධර්ම ජාතකය |
6
හිරිඔත්තප්පසම්පන්නා
සන්තො සප්පුරිසා ලොකෙ, දෙවධම්මාති වුච්චරෙති.
|
6
හිරි ඔතප් දෙකින් යුක්තවූ (හෙවත්) කාය දුශ්චරිතාදියට ලජ්ජාභය ඇති කුශල ධර්මයන්ගෙන් සමන්විතවූ ශාන්තවූ සත් පුරුෂයෝ සත්ව ලෝකයෙහි ත්‍රිවිධවූ දෙවියන්ගේ ධර්මයෝයයි (නොයෙක්) දෙවධර්මයෙන් යුක්තවූවෝයයි කියනු ලැබෙත්.
|
7. කට්ඨහාරිජාතකං | 7. කට්ඨහාරි ජාතකය |
7
පුත්තො ත්යාහං මහාරාජ, ත්වං මං පොස ජනාධිප;
අඤ්ඤෙපි දෙවො පොසෙති, කිඤ්ච
(කිඤ්චි (ක.)) දෙවො සකං පජන්ති.
|
7
“මහරජ මම ඔබගේ පුත්‍රයෙමි. ජනාධිපතිය නුඹ මා පොෂණය කරව. දෙව තෙමේ සෙස්සන්ද පොෂණය කරයි. කුමක් හෙයින් ස්වකීය පුත්‍රවූ මා පොෂණය නොකරන්නේදැයි” කීයේය.
|
8. ගාමණිජාතකං | 8. ගාමිණි ජාතකය |
8
අපි
විපක්කබ්රහ්මචරියොස්මි, එවං ජානාහි ගාමණීති.
|
8
“ඉක්මන් නොව කටයුතු කරන්නවුන්ටද බලාපොරොත්තු ආශාව (නොහොත්) ආශා ඵලය සමෘද්ධ වේමය සතර සංග්‍රහ වස්තුවයයි කියනලද මුහුකුරා ගියාවූ බ්රහ්මචරියා ඇත්තේවෙමි. ග්‍රාමණිය මෙසේ දැන ගණුවයි” කීයේය.
|
9. මඝදෙවජාතකං | 9. මඛාදෙව ජාතකය |
9
උත්තමඞ්ගරුහා මය්හං, ඉමෙ ජාතා වයොහරා;
පාතුභූතා දෙවදූතා, පබ්බජ්ජාසමයො මමාති.
|
9
“මාගේ හිසෙහි හටගන්නා හෙයින් උත්තමංග රුහනම්වූ වයස් පැහැර ගන්නාවූ මේ පැසුණු කෙස් හටගත්හ. දේවදූතයෝ පහළවූහ. එහෙයින් මාගේ ප්‍රව්‍රජ්‍යාවට සුදුසු කාලය වේයයි” කීයේය.
|
10. සුඛවිහාරිජාතකං | 10. සුඛවිහාරි ජාතකය |
10
යඤ්ච
ස වෙ රාජ සුඛං සෙති, කාමෙසු අනපෙක්ඛවාති.
|
10
යම් පුද්ගලයෙකු සෙසු බොහෝ පුද්ගලයෝ රක්ෂා නොකෙරෙත්ද, යමෙක් සෙසු බොහෝ පුද්ගලයන් රක්ෂා නොකෙරේද, මහරජ, ඒ පුද්ගල තෙම වස්තුකාම ක්ලේශකාමයන්හි අපේක්ෂාවක් නැත්තේ ඒකාන්තයෙන් සුවසේ වාසය කෙරේයයි” වදාළහ.
|
2. සීලවග්ගො | 2. සීල වර්ගය |
11. ලක්ඛණමිගජාතකං | 11. ලක්ෂණ මෘග ජාතකය |
11
හොති සීලවතං අත්ථො, පටිසන්ථාර
(පටිසන්ධාර (ක.)) වුත්තිනං;
ලක්ඛණං පස්ස ආයන්තං, ඤාතිසඞ්ඝපුරක්ඛතං
(පුරක්ඛිතං (ස්‍යා.), පුරෙක්ඛිතං (ක.));
අථ පස්සසිමං කාළං, සුවිහීනංව ඤාතිභීති.
|
11
සිල්වත්වූ පිළිසඳර පැවතුම් ඇත්තවුන්ට අභිවෘද්ධියවේ. නෑ සමූහයා විසින් පිරිවරණලද එන්නාවූ ලක්ෂණ නම් මෘගයා බලව. තවද නෑයන්ගෙන් පිරිහීගියාවූම මේ කාළ නම් මෘගයා බලවයි” වදාළහ.
|
12. නිග්රොධමිගජාතකං | 12. නිග්රොධ මිගජාතකය |
12
නිග්රොධමෙව
නිග්රොධස්මිං මතං සෙය්යො, යඤ්චෙ සාඛස්මි
(සාඛස්මිං (සී. පී.)) ජීවිතන්ති.
|
12
නිග්රොධ මුවරජහුම සේවනය කරන්නේය. ශාඛනම් මුවරජ කරා නො එළඹෙන්නේය. ශාඛනම් මුවරජ සමීපයෙහි ජීවත්වීමට වඩා නිග්රොධ මුව රජුවෙත මියයාම උතුම් වන්නේයයි” කීයේය.
|
13. කණ්ඩිජාතකං | 13. කණ්ඩින ජාතකය |
13
ධිරත්ථු කණ්ඩිනං සල්ලං, පුරිසං ගාළ්හවෙධිනං;
ධිරත්ථු තං ජනපදං, යත්ථිත්ථී පරිණායිකා;
තෙ චාපි ධික්කිතා
(ධික්කතා (?)) සත්තා, යෙ ඉත්ථීනං වසංගතාති.
|
13
“කණ්ඩින නම් ඇති ඇතුල්වීම් අර්ථයෙන් ශල්යනම්වූ ඊතලය ඇති දැඩිකොට විදිනාවූ පුරුෂයාට නින්දා වේවා යම් ජනපදයෙක්හි ස්ත්‍රියක් තොමෝ එෛශ්චර්යයෙහි සිට සංවිධාන කරන්නීද ඒ ජනපදයට නින්දාවේවා යමක්හු ස්ත්රීන්ගේ වසඟයට ගියාහුද ඒ සත්වයෝද නින්දා කටයුත්තාහුයයි.’
|
14. වාතමිගජාතකං | 14. වාතමෘග ජාතකය |
14
න කිරත්ථි රසෙහි පාපියො, ආවාසෙහි ව
(වා (සබ්බත්ථ)) සන්ථවෙහි වා;
වාතමිගං ගහනනිස්සිතං
(ගෙහනිස්සිතං (සී. පී.)), වසමානෙසි රසෙහි සඤ්ජයොති.
|
14
“ආවාසයෙහිද මිත්‍ර සන්ථවයෙහිද ඇල්ම ලාමකය. ඒ දෙකට වඩා රසයෙහි ඇල්ම ලාමකවේ. ඊට වඩා අධිකවූ ඇල්මක් නොම ඇත්තේය. ඒ එසේමැයි. වන ලැහැබ ඇසුරුකළාවූ වාත මෘගයා සඤ්ජය නම් උද්‍යානපාල තෙම රසයන්ගෙන් තමා වසඟයට පැමිණවීයයි.”
|
15. ඛරාදියජාතකං | 15. ඛරාදිය ජාතකය |
15
අට්ඨක්ඛුරං ඛරාදියෙ, මිගං වඞ්කාතිවඞ්කිනං;
සත්තහි
|
15
“ඛාරාදිය නම් තැනත්තිය කුර අටක් ඇත්තාවූ මුලින් වක්වූ අගින් ඉතා වක්වූ අං ඇති අවවාද ඉගෙණීම් හතෙන් ඉක්මුනු ඒ මෘගයාට අවවාද කරන්ට උත්සාහ නොකරන්නෙමියි” කීයේය.
|
16. තිපල්ලත්ථමිගජාතකං | 16. තිපල්ලත්ථ මිග ජාතකය |
16
මිගං
එකෙන සොතෙන ඡමාස්සසන්තො, ඡහි කලාහිතිභොති
(කලාහතිභොති (සී. ස්‍යා. පී.)) භාගිනෙය්යොති.
|
16
“දෙඇළයෙන් හා ඍජුවදැයි තුන් ආකාරයකින් සයනය කරන්නාවූ බොහෝ මායාවන් දත් කුර අටක් ඇති මධ්‍යම රාත්‍රියෙහි පැන් බොන්නාවූ මාගේ බෑණනුවූ මෘගයාට මනාකොට ඉගැන්වීමි. ඒ කෙසේදයත් යටවූ එක් නාස් පුඬුවකින් පොළොවට ආශ්වාස කරන්නේ ඉගෙණීම් සයකින් මාගේ බෑණනුතෙම වැද්දා මැඩ පවත්වයි (නොහොත්) පින්වතිය මාගේ බෑණනු තෙම කලා සයකින් වැද්දා රවටායයි” කීයේය.
|
17. මාලුතජාතකං | 17. මාලුත ජාතකය |
17
කාළෙ
වාතජානි හි සීතානි, උභොත්ථමපරාජිතාති.
|
17
“කරුවල පක්ෂයෙහිද (නොහොත්) පුර පක්ෂයෙහිද යන මේ දෙපක්ෂයෙහි යම් කලෙක් හී වාතය හමාද, එකල්හි ශීතවේ කුමක් හෙයින්දයත්, යම්හෙයකින් ශීතයෝ වාතයෙන් හටගත්තාවූ වෙද්ද, එහෙයින් මෙහිලා සිංහ ව්යාඝ්ර යන තෙපි දෙදෙනම නොපැරදුනාහුයි.”
|
18. මතකභත්තජාතකං | 18. මතක භත්ත ජාතකය |
18
එවං චෙ සත්තා ජානෙය්යුං, දුක්ඛායං ජාතිසම්භවො;
න පාණො පාණිනං හඤ්ඤෙ, පාණඝාතී හි සොචතීති.
|
18
“මේ ඒ ඒ තැන්හි උත්පත්තියද, වැඩීමද, දුකයයි ඉදින් මෙසේ සත්වයෝ දන්නාහු නම් පණ ඇති සතෙක් පණ ඇති සතක්හු නොනසන්නේය. කුමක් හෙයින්දයත්, යම්හෙයකින් ප්රාණඝාතකරන්නේ නරකාදියෙහි ශොක කරන්නේද, එහෙයිනැයි” වදාළහ.
|
19. ආයාචිතභත්තජාතකං | 19. ආයාචිත භත්ත ජාතකය |
19
සචෙ
න හෙවං ධීරා මුච්චන්ති, මුත්ති බාලස්ස බන්ධනන්ති.
|
19
“ඉදින් මිදෙනු කැමැත්තෙහි නම් පරලොව දුකෙන් මිදෙව, ප්‍රාණඝාත ආදී දුශ්චරිතකොට දැන් මිදෙන්නෙහිද, මතු පාප කර්මයෙන් බැඳෙන්නෙහිය. නුවණැත්තෝ මෙපරිද්දෙන් නොමිදෙත්, අඥානයාගේ ප්රාණඝාතකොට මෙලොව මිදීම බැඳීමයයි’ වදාළේය.
|
20. නළපානජාතකං | 20. නළපාන ජාතකය |
20
දිස්වා පදමනුත්තිණ්ණං, දිස්වානොතරිතං පදං;
නළෙන වාරිං පිස්සාම
(පිවිස්සාම (සී. ස්‍යා. පී.)), නෙව
(න ච (ක.)) මං ත්වං වධිස්සසීති.
|
20
“ගොඩට නැංගාවූ පියවර නොදැක දියට බැස්සාවූ පියවරද දැක බට නළයකින් ජලය පානය කරන්නෙමු. තෝ මා නොම වධකරන්නෙහි යයි” කීයේය.
|
3. කුරුඞ්ගවග්ගො | 3. කුරුංග වර්ගය |
21. කුරුඞ්ගමිගජාතකං | 21. කුරුංග මෘග ජාතකය |
21
ඤාතමෙතං
අඤ්ඤං
|
21
“එම්බා ඇද්දෙමට ගස, තෝ යම්හෙයකින් ඉදිරියෙහි පල විසුරුවන්නේහිද, මේ කාරණය කුරුංග මෘගවූ මට ප්රකටය. නොහොත් කුරුංග මෘගයා විසින් දන්නාලදී. (එහෙයින්) අනෙක් ඇද්දෙමට ගසක් ලඟට යන්නෙමි. තාගේ ජලය මට රුචි නොවෙය’යි (මෙසේ ගසක් මෙන් සිටි වැද්දාහට කියා ගස යටට නොපැමිණ මගට බැස ගියේය යනු අභිප්‍රායයි.)
|
22. කුක්කුරජාතකං | 22. කුක්කුර ජාතකය |
22
යෙ කුක්කුරා රාජකුලම්හි වද්ධා, කොලෙය්යකා වණ්ණබලූපපන්නා;
තෙමෙ න වජ්ඣා මයමස්ම වජ්ඣා, නායං සඝච්චා දුබ්බලඝාතිකායන්ති.
|
22
“වර්ණයෙන් හා කාය බලයෙන් යුක්තවූ, රාජකුලයෙහි උපන්නාවූ, රජ ගෙදර වැඩුණාවූ යම් බලු කෙනෙක් ඇද්ද, ඒ මේ බල්ලෝ වධයට සුදුස්සෝ නොවෙති. අස්වාමිකවූ අපි වධයට සුදුස්සෝවූම්හ. මේ වධය ප්රබලයනගේ වධයක් නම් නොවේ. මේ වධය දුර්වලයන්ගේ වධය නම් වේයයි” කීයේය.
|
23. ගොජානීයජාතකං | 23. භොජාජානීය ජාතකය |
23
අපි පස්සෙන සෙමානො, සල්ලෙභි සල්ලලීකතො;
සෙය්යොව වළවා ගොජො
(භොජ්ජො (සී.), භොජ්ඣො (ස්‍යා. පී.)), යුඤ්ජ මඤ්ඤෙව සාරථීති.
|
23
“ඊතල වලින් විදිනා ලද එහෙයින්ම එක පාර්ශ්වයෙන් ශයනය කරන්නාවුද, භොජාජානීයවූ අශ්ව තෙමේම කොටලුවාට වඩා උතුම්වේ. රථාචාර්යය, මාම යොදවයි” කීයේය.
|
24. ආජඤ්ඤජාතකං | 24. ආජඤ්ඤ ජාතකය |
24
යදා යදා යත්ථ යදා, යත්ථ යත්ථ යදා යදා;
ආජඤ්ඤො කුරුතෙ වෙගං, හායන්ති තත්ථ වාළවාති.
|
24
“පෙරවරු ආදී යම් යම් කලෙක්හි හෝ ග්රාමාදීවූ යම් තැනෙක්හි හෝ යම් මොහොතක හෝ යම් යම් යුද්ධ භූමියක හෝ යම් යම් කලෙක්හි ආජානීය නම් උතුම් අශ්ව තෙමේම ව්‍යායාමය කෙරේද, (එහෙයින්) එහිලා උතුම් අශ්වයෝ පිරිහෙත්.” (එහෙයින් මාම යොදව යනු අභිප්‍රායයි.)
|
25. තිත්ථජාතකං | 25. තීර්ථ ජාතකය |
25
අඤ්ඤමඤ්ඤෙහි
අච්චාසනස්ස පුරිසො, පායාසස්සපි තප්පතීති.
|
25
“රථාචාර්යය, අනෙක් අනෙක් තොටුපලකින් අශ්වයා පැන් පොවව. පුරුෂතෙමේ අධික කොට කෑම කරණකොට ගෙන මධුරවූ කිරිබතින්ද තෘප්තියට පැමිණේයයි” කීයේය.
|
26. මහිළාමුඛජාතකං | 26. මහිලා මුඛ ජාතකය |
26
පුරාණචොරාන
සුසඤ්ඤතානඤ්හි වචො නිසම්ම, ගජුත්තමො සබ්බගුණෙසු අට්ඨාති.
|
26
“මහිලා මුඛ නම් හස්තිතෙමේ පැරණි සොරුන්ගේ නපුරු බස් අසා ඊට අනුව හැසිරෙන්නේ කෝපයෙන් යුක්තව පහර දෙන්නේ මනා සංවර ඇත්තවුන්ගේ වචනයන් මනාකොට අසා උතුම් ඇත්තෙමේ පළමු තමාගේ පැවති සියලු ගුණයන්හි පිහිටියේයි.”
|
27. අභිණ්හජාතකං | 27. අභිණ්හ ජාතකය |
27
නාලං කබළං පදාතවෙ, න ච පිණ්ඩං න කුසෙ න ඝංසිතුං;
මඤ්ඤාමි අභිණ්හදස්සනා, නාගො ස්නෙහමකාසි
(සිනෙහමකාසි (සී. ස්‍යා. පී.)) කුක්කුරෙති.
|
27
“පළමුකොට දෙන කටුක ආහාරය ගන්නට අසමර්ථය, පිඬු කොට දුන් බතද ගන්නට අසමර්ථය. තෘණයන්ද අනුභව කරන්ට නොපොහොසත. නැහැවීමෙහි ඇඟ ඉලීමටද නොහැක. නිතර දැකීමෙන් ඇත්තෙමේ බල්ලා කෙරෙහි ආදරය කෙළේයයි” හඟිමි. (එහෙයින් ඒ ප්‍රේම කළ බල්ලා ගෙන්වා ශොක පහකරව යනු අභිප්‍රායයි.)
|
28. නන්දිවිසාලජාතකං | 28. නන්දිවිශාල ජාතකය |
28
මනුඤ්ඤමෙව
මනුඤ්ඤං භාසමානස්ස, ගරුං භාරං උදද්ධරි;
ධනඤ්ච නං අලාභෙසි, තෙන චත්තමනො අහූති.
|
28
“මනහර වචනයක්ම කියන්නේය. කිසිකලෙකත් අමනොඥ වූවක් නොකියන්නේය. එයින් කවර ප්‍රයෝජනයක්ද? මනොඥ කොට කියන්නාහට ගැල් සියයක් පමණ වූ මහත් බර තුබූ තැනින් ඉදිරීය. ඒ බමුණාට ධනයද ලැබෙව්වේය. එහෙයින් සතුටු සිත් ඇත්තෙක්ද වූයේයි.”
|
29. කණ්හජාතකං | 29. කණ්හ ජාතකය |
29
යතො යතො ගරු ධුරං, යතො ගම්භීරවත්තනී;
තදාස්සු කණ්හං යුඤ්ජන්ති, ස්වාස්සු තං වහතෙ ධුරන්ති.
|
29
“යම් යම් තැනෙක්හි වියගස බරවේද, යම් තැනෙක්හි ගැඹුරුවූ මාර්ගය වේද, එකල්හි කණ්හ නම් වෘෂභයා යොදත්. හෙතෙමේ ඒ බර උසුලන්නේයි.”
|
30. මුනිකජාතකං | 30. මුනික ජාතකය |
30
මා
අප්පොස්සුක්කො භුසං ඛාද, එතං දීඝායුලක්ඛණන්ති.
|
30
“මුණික නම් සූකරයාගේ භොජනය නොකැමති වෙව. කුමක් හෙයින්ද යත්? ඒ මුණික තෙමේ මරණාහාරයන් අනුභව කරයි. මධුරාහාරයට උත්සාහ නොකොට තමා ලත් තෘණපත් කව. මෙය දීර්ඝායුෂ්ක වීමේ ලක්ෂණයයි.”
|
4. කුලාවකවග්ගො | 4. කුළාවක වර්ගය |
31. කුලාවකජාතකං | 31. කුළාවක ජාතකය |
31
කුලාවකා
කාමං චජාම අසුරෙසු පාණං, මා මෙ දිජා වික්කුලවා
(මායිමෙ දිජා විකුලාවා (සී. ස්‍යා. පී.)) අහෙසුන්ති.
|
31
“මාතලී දිව්‍ය පුත්‍රය, හිඹුල් වනයෙහි සුපර්ණ පෝතකයෝ (හෙවත්) ගුරුළු පැටව් වසන කූඩු රථ ශීර්ෂයෙන් දුරුකරව. අසුරයන් කෙරෙහි ඒකාන්තයෙන්ම අපගේ ප්‍රාණය හරිමු. මේ ගුරුළු පැටව් පහවූ කූඩුවක ඇත්තෝ නොවෙත්වායි.”
|
32. නච්චජාතකං | 32. නච්ච ජාතකය |
32
රුදං මනුඤ්ඤං රුචිරා ච පිට්ඨි, වෙළුරියවණ්ණූපනිභා
(වණ්ණූපටිභා (ස්‍යා.), වණ්ණසන්නිභා (ක.)) ච ගීවා;
බ්යාමමත්තානි ච පෙඛුණානි, නච්චෙන තෙ ධීතරං නො දදාමීති.
නච්චජාතකං දුතියං.
|
32
“මයුරය තොපගේ ශබ්දය මනොඥය, පිටද සිත්කළුය, ග්රීවයද වෛඩූර්ය මාණික්‍යයෙහි වර්ණය හා සමානය. පිල් සමූහයද බඹයක් පමණ විහිදී ඇත්තේය. මෙසේ වුවද භය ලජ්ජා නැති නැටීම නිසා තට මාගේ දුව නොදෙමියි” කීයේය.
|
33. සම්මොදමානජාතකං | 33. සම්මොද මාන ජාතකය |
33
සම්මොදමානා
යදා තෙ විවදිස්සන්ති, තදා එහින්ති මෙ වසන්ති.
|
33
“වටු පක්ෂීහු සමගියෙන් සතුටුවූවාහු දැල නඟාගෙණ යෙති. ඒ පක්ෂීහු යම්කලෙක විරුද්ධ වාද කරන්නාහු වෙද්ද? එකල්හි මාගේ වසඟයට එන්නාහුයයි” කීයේය.
|
34. මච්ඡජාතකං | 34. මච්ඡ ජාතකය |
34
න
යඤ්ච මං මඤ්ඤතෙ මච්ඡී, අඤ්ඤං සො රතියා ගතොති.
මච්ඡජාතකං චතුත්ථං.
|
34
“මට ශීතය පීඩා නොකරයි, මට උෂ්ණය පීඩා නොකරයි, මා දැළෙහි බැඳීමද පීඩාවක් නොකරයි. යළි පීඩා නම් කිමද යත්? යම්බඳුවූ මා නොදක්නාවූ මත්ස්‍ය ධෙනු තොමෝ ඒ මාගේ ස්වාමියා අන් මත්ස්‍ය ධෙනුවක ළඟට කාමාශාවෙන් ගියේයයි සිතාද?” (හේ මේ සියලු දුකට වඩා මට පීඩා කෙරෙහි යනු අභිප්‍රායයි.)
|
35. වට්ටකජාතකං | 35. වට්ටක ජාතකය |
35
සන්ති
මාතාපිතා ච නික්ඛන්තා, ජාතවෙද පටික්කමාති.
|
35
“මාගේ පියාපත් ඇත්තාහ. අහසින් යන්ට නොහැක්කාහ, පාදයෝ ඇත්තාහ, පියවර නඟා යන්ට නොහැක්කාහ, මාගේ මව්පියෝද මාහැර ගියහ. ජාත වේදය (හෙවත්) මේ ගින්න පහව යවයි” කීයේය.
|
36. සකුණජාතකං | 36. සකුණ ජාතකය |
36
යං නිස්සිතා ජගතිරුහං විහඞ්ගමා, ස්වායං අග්ගිං පමුඤ්චති;
දිසා භජථ වක්කඞ්ගා
(වඞ්කඞ්ගා (ස්‍යා.)), ජාතං සරණතො භයන්ති.
|
36
“යම් වෘක්ෂයක් පක්ෂීහු ඇසුරු කළාහුද, ඒ මේ වෘක්ෂයතෙම ගිනි හරනේය. වක්වූ අවයව ඇති හෙයින් වක්කංග නම් වූ පක්ෂීණි, දිශාවන් භජනය කරව්. පිහිට ඇති තැනින් භය උපන්නේයයි’ කීයේය.
|
37. තිත්තිරජාතකං | 37. තිත්තිර ජාතකය |
37
යෙ වුඩ්ඪ
(වද්ධ (සී. පී.)) මපචායන්ති, නරා ධම්මස්ස කොවිදා;
දිට්ඨෙව ධම්මෙ පාසංසා, සම්පරායෙ ච සුග්ගතීති.
|
37
“වැඩිහිටියන් පිදීමෙහි දක්ෂවූ යමෙක් තුමූ ගුණයෙන් වයසින් වැඩීහිටියන්ට පූජාකෙරෙද්ද ඔව්හු මේ ආත්මභාවයේ හිම පැසසිය යුත්තාහ.පරලෙව්හිද සුගතිය වන්නේයයි” කීයේය.
|
38. බකජාතකං | 38. බකජාතකය |
38
නාච්චන්තං
ආරාධෙති නිකතිප්පඤ්ඤො
(ආරාධෙ නිකතිප්පඤ්ඤො (පී.)), බකො කක්කටකාමිවාති.
|
38
“කපටි නුවණැත්තේ තමාගේම කපටිකමින් ඒකාන්තයෙන් සුවය නොවඩන්නේය. (හෙවත්) කිසි සුවයෙක්හි නොපිහිටයි. කෛරාටික නුවණින් යුත් පුරුෂතෙම තමාට භය පමුණුවන්නේය. කෙසේදයත්? කකුළුවා කෙරෙන් ගෙළ සිඳුම්ලත් කොකා මෙනැයි” කීයේය.
|
39. නන්දජාතකං | 39. නන්ද ජාතකය |
39
මඤ්ඤෙ
යත්ථ දාසො ආමජාතො, ඨිතො ථුල්ලානි
(ථූලානි (ක.)) ගජ්ජතීති.
|
39
“කුලජාත දාසියගේ පුත්වූ නන්දක නම්වූ දාසතෙම යම් තැනෙක්හි සිටියේ මහත්වූ පරුෂ වචන කියා බෙණේද? ස්වර්ණ රජත ආදී රත්න සමූහයද ස්වර්ණ මාලාද මෙතැන්හියයි හඟිමියි” කීයේය.
|
40. ඛදිරඞ්ගාරජාතකං | 40. ඛදිරංගාර ජාතකය |
40
කාමං
නානරියං කරිස්සාමි, හන්ද පිණ්ඩං පටිග්ගහාති.
|
40
“උඩුකුරුවූ පා ඇත්තෙම් යටිකුරුවූ හිස් ඇත්තෙම් ඒකාන්තයෙන් නරකයෙහි (හෙවත්) මේ අඟුරු වළෙහි පතිතවෙමි. එතකුදු වුවත් ආර්යයන් විසින් නොකරණ ලද නොදීම නොකරන්නෙමි. එබැවින් මේ පිණ්ඩය (හෙවත්) බත පිළිගනු මැනවැයි” කීයේය.
|
5. අත්ථකාමවග්ගො | 5. අත්තකාම වර්ගය |
41. ලොසකජාතකං | 41. ලෝසක ජාතකය |
41
යො
අජියා පාදමොලම්බ
(පාදමොලුම්බ (සී. ස්‍යා. පී.)), මිත්තකො විය සොචතීති.
|
41
“අභිවෘද්ධි කැමැත්තාවූ හිතයෙන් අනුකම්පා කරන්නහුගේ අනුශාසනය අවවාද කරණු ලබන්නාවූ යමෙක් තෙම නොකෙරේද? හෙතෙම එළුදෙනගේ පය එල්බගෙණ (ශොකකළාවූ) මිත්ත වින්දකයා මෙන් ශොක කරන්නේයයි” කීයේය.
|
42. කපොතජාතකං | 42. කපෝත ජාතකය |
42
යො
කපොතකස්ස වචනං අකත්වා, අමිත්තහත්ථත්ථගතොව සෙතීති.
|
42
“අභිවෘද්ධි කැමැත්තාවූ හිතානුකම්පා ඇත්තහුගේ අනුශාසනය අවවාද කරණු ලබන්නාවූ යමෙක් තෙම නොකෙරේද, හෙතෙම කපෝතකයාගේ වචනය නොකොට අමිත්රවූ අරක්කැමියාගේ අතට අසුවූ කාකයා මෙන් ව්‍යසනයට පැමිණ හෝනේයයි” කීයේය.
|
43. වෙළුකජාතකං | 43. වේළුක ජාතකය |
43
යො අත්ථකාමස්ස හිතානුකම්පිනො, ඔවජ්ජමානො න කරොති සාසනං;
එවං සො නිහතො සෙති, වෙළුකස්ස යථා පිතාති.
|
43
“අභිවෘද්ධි කැමැත්තාවූ හිතානුකම්පා ඇත්තහුගේ අනුශාසනය අවවාද කරණු ලබන්නාවූ යම් පුරුෂයෙක් නොකෙරේද, හෙතෙම වේළුක නම් සර්පයාගේ පියතෙම යම්සේද, එපරිද්දෙන් නෂ්ටවූයේ සයනය කෙරේයයි” කීයේය.
|
44. මකසජාතකං | 44. මකස ජාතකය |
44
සෙය්යො
මකසං වධිස්සන්ති හි එළමූගො, පුත්තො පිතු අබ්භිදා උත්තමඞ්ගන්ති.
|
44
“ප්‍රඥාවෙන් යුක්තවූ සතුරුතෙම උතුම්වේ. ප්‍රඥාවෙන් තොරවූ මිත්‍රතෙම නොම උතුමි. කුමක් හෙයින්ද යත්? මෝඩවූ පුත්‍රතෙම මදුරුවා මරන්නෙමියි පියාගේ හිස පැළීය. එහෙයිනි.”
|
45. රොහිණිජාතකං | 45. රෝහිණී ජාතකය |
45
සෙය්යො අමිත්තො මෙධාවී, යඤ්චෙ බාලානුකම්පකො;
පස්ස රොහිණිකං ජම්මිං, මාතරං හන්ත්වාන සොචතීති.
|
45
“අනුකම්පා ඇත්තාවූ යම්බඳු බාලයෙක් ඇද්ද, ඔහුට වඩා නුවණැත්තාවූ සතුරුතෙමේ උතුම් වන්නේය. බාලවූ රෝහිණී නම් අඥාන තැනැත්තිය බලව” (මැස්සන් මරමියි) මව මොහොල්පහරින් මරා ශොක කරන්නීමැයි
|
46. ආරාමදූසකජාතකං | 46. ආරාම දූෂක ජාතකය |
46
න වෙ අනත්ථකුසලෙන, අත්ථචරියා සුඛාවහා;
හාපෙති අත්ථං දුම්මෙධො, කපි ආරාමිකො යථාති.
|
46
“අනර්ථයෙහි දක්ෂයා විසින් කරණ ලද අර්ථචර්යා තොමෝ ඒකාන්තයෙන් සුවඑලවන්නී නොවේ. නුවණ නැත්තේ වැඩ පිරිහෙලයි. කවරක්හු මෙන්ද යත්? ආරාමයෙහිවූ වඳුරා මෙනියි” කීයේය.
|
47. වාරුණිදූසකජාතකං | 47. වාරුණී ජාතකය |
47
න
හාපෙති අත්ථං දුම්මෙධො, කොණ්ඩඤ්ඤො වාරුණිං යථාති.
|
47
“අනර්ථයෙහි දක්ෂයා විසින් කරණ ලද අර්ථචර්යා තොමෝ ඒකාන්තයෙන් සුව එලවන්නී නොවේ. නුවණ නැත්තේ වැඩ පිරිහෙලයි. කවරක්හු මෙන්ද යත්? (ලුනු ලා) සුරාව නැසූ කොණ්ඩඤ්ඤ නම් මානවකයා මෙනියි” කීයේය.
|
48. වෙදබ්බජාතකං | 48. වෙදබ්භ ජාතකය |
48
අනුපායෙන
චෙතා හනිංසු වෙදබ්බං
(වෙදබ්භං (සී. පී.)), සබ්බෙ තෙ බ්යසනමජ්ඣගූති.
|
48
“යමෙක් අනුපායයෙන් අභිවෘද්ධිය කැමති වේද, හෙතෙම වැනසේ. චේතිය නම් රටවැසි චෞරයෝ (වෛදර්භ නම් මන්ත්‍රය නිසා) වේදබ්භ නම්වූ බ්‍රාහ්මණයා නැසූහ. ඒ සියල්ලෝද වයසනයට පැමිණියාහුයි.”
|
49. නක්ඛත්තජාතකං | 49. නක්ඛත්ත ජාතකය |
49
නක්ඛත්තං
අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති තාරකාති.
|
49
“නැකැත් බලන්නාවූ අඥානයාගේ අර්ථය තෙමේ ඉක්මයේ. අර්ථයට තමා කැමති අර්ථය ලැබීමම නැකත නමි. තාරකා රූපයෝ කිනම් අර්ථයක් සිද්ධකෙරෙත්ද?” (සිද්ධ නොකෙරෙති යනු භාවයි.)
|
50. දුම්මෙධජාතකං | 50. දුම්මෙධ ජාතකය |
50
දුම්මෙධානං සහස්සෙන, යඤ්ඤො මෙ උපයාචිතො;
ඉදානි ඛොහං යජිස්සාමි, බහු
(බහූ (සී. පී.), බහුං (ක.)) අධම්මිකො ජනොති.
|
50
“දුෂ්ප්‍රාඥවූ මිනිසුන් දහසකින් යාගය තෙමේ මා විසින් ආරාධනා කරණ ලදී. දැන් වනාහි මම යාග කරන්නෙමි. කුමක් හෙයින්ද? (ප්‍රාණඝාතාදියෙහි යෙදුනාවූ) අධාර්මිකවූ ජනතෙමේ බොහෝ වෙයි.” (එහෙයින් ඔවුන් ගෙණ යාග කරමියි සේයි.)
|
6. ආසීසවග්ගො | 6. ආසිංස වර්ගය |
51.මහාසීලවජාතකං | 51. මහා සීලව ජාතකය |
51
ආසීසෙථෙව
පස්සාමි වොහං අත්තානං, යථා ඉච්ඡිං තථා අහූති.
|
51
“පුරුෂතෙමේ පටන් ගත් කටයුත්ත නිමවීම කැමති වන්නේමැයි. පණ්ඩිත තෙමේ ‘මෙහි නිමාවට නොගිය හැක්කෙමි’යි නොකළකිරෙන්නේය. මම වනාහි තමා දකිමි. යම්සේ කැමතිවීම්ද එසේම වීයයි” කීයේය.
|
52. චූළජනකජාතකං | 52. චූල ජනක ජාතකය |
52
වායමෙථෙව පුරිසො, න නිබ්බින්දෙය්ය පණ්ඩිතො;
පස්සාමි වොහං අත්තානං, උදකා ථලමුබ්භතන්ති.
|
52
“පුරුෂතෙමේ ව්‍යායාම් කෙරේමය. ප්‍රාඥ පුරුෂ තෙමේ ‘මෙය කළ හැකිදැ’යි නොකළකිරෙන්නේය. දියෙන් ගොඩට නැංගාවූ මම, තමා බලමියි” කීයේය.
|
53. පුණ්ණපාතිජාතකං | 53. පුණ්ණපාති ජාතකය |
53
තථෙව
ආකාරණෙන
(ආකාරකෙන (සී. ස්‍යා. පී.)) ජානාමි, න චායං භද්දිකා සුරාති.
|
53
“සුරාභාජනයෝ මා යන කල මෙන්ම පිරුණාහ. යම් මේ සුරා පිළිබඳ කථාවක් පවතීද, ඕතොමෝ අනිකක්මය. ආකාරයෙන් දනිමි. ඒකාන්තයෙන් මේ සුරාව යහපත් නොවන්නීයයි” කීයේය.
|
54. කිංඵලජාතකං | 54. ඵල ජාතකය |
54
නායං
ආකාරණෙන ජානාමි, නායං සාදුඵලො දුමොති.
|
54
“මේ වෘක්ෂය තෙමේ නැගීමට දුෂ්කර නොවේ. ගමින් දුරුවූයේද නොවේ. මේ ගස යහපත් ගෙඩි ඇත්තේ නොවෙයි කියා මේ ආකාරයෙන් දනිමියි” කීයේය.
|
55. පඤ්චාවුධජාතකං | 55. පඤ්චායුධ ජාතකය |
55
යො අලීනෙන චිත්තෙන, අලීනමනසො නරො;
භාවෙති කුසලං ධම්මං, යොගක්ඛෙමස්ස පත්තියා;
පාපුණෙ අනුපුබ්බෙන, සබ්බසංයොජනක්ඛයන්ති.
|
55
“යොගක්ෂෙම නම්වූ නිර්වාණ සම්පත්තියට පැමිණීම පිණිස උදාරවූ අදස් ඇති යම් මනුෂ්‍යයෙක් නොපසුබස්නාවූ සිතින් කුශල ධර්මයන් වඩාද, හෙතෙමේ පිළිවෙලින් සියලු සංයෝජනයන්ගේ ක්ෂයවීම ඇත්තාවූ අර්හත් ඵලයට පැමිණෙන්නේයයි” කීයේය.
|
56. කඤ්චනක්ඛන්ධජාතකං | 56. කඤ්චනක්ඛන්ධ ජාතකය |
56
යො
භාවෙති කුසලං ධම්මං, යොගක්ඛෙමස්ස පත්තියා;
පාපුණෙ අනුපුබ්බෙන, සබ්බසංයොජනක්ඛයන්ති.
|
56
“යොගක්ෂෙම නම්වූ නිර්වාණයට පැමිණෙනු පිණිස දුරුකළාවූ නීවරණයන් ඇති සිතින් එසේම පහවූ නීවරණයන් ඇති හෙයින් නිර්මලවූ සිත් ඇති යම් මනුෂ්‍යයෙක් නිරාමිසාර්ථයෙන් කුසල නම්වූ බොධිපාක්ෂික ධර්මය වඩාද, හෙතෙමේ සියලු සංයෝජනයන්ගේ නැසීමට පිළිවෙලින් පැමිණෙන්නේයයි” කීයේය.
|
57. වානරින්දජාතකං | 57. වානරින්ද ජාතකය |
57
යස්සෙතෙ චතුරො ධම්මා, වානරින්ද යථා තව;
සච්චං ධම්මො ධිති
(ධිතී (සී. පී.)) චාගො, දිට්ඨං සො අතිවත්තතීති.
|
57
“වානරේන්ද්රය, සත්‍ය වචනයද පරීක්ෂණ බුද්ධියද නැතිනොවන ධෛර්ය්යද ත්‍යාගයද යන මේ ධර්මයෝ සතරදෙන තොපට මෙන් යමෙකුට විද්‍යමාන වෙද්ද හෙතෙම පසමිතුරා ඉක්මවා පවතීයයි” කීයේය.
|
58. තයොධම්මජාතකං | 58. තයොධම්ම ජාතකය |
58
යස්සෙතෙ
දක්ඛියං සූරියං පඤ්ඤා, දිට්ඨං සො අතිවත්තතීති.
|
58
“වඳුරු රජ උතුම් වීර්යයයි කියනලද දක්ෂභාවයද, ශූරභාවයද, උපාය, ප්‍රඥාවද යන මේ ධර්මයෝ තිදෙන තොපට මෙන් යමෙකුට ඇත්තාහුද, හෙතෙම සතුරා ඉක්ම පවතීයයි” කීයේය.
|
59. භෙරිවාදකජාතකං | 59. භෙරිවාද ජාතකය |
59
ධමෙ ධමෙ නාතිධමෙ, අතිධන්තඤ්හි පාපකං;
ධන්තෙන හි සතං ලද්ධං, අතිධන්තෙන නාසිතන්ති.
|
59
“බෙර ගසන්නේය කල් ඉක්මවා වැඩියක් නොගසන්නේය. කුමක්හෙයින්දයත්, එසේ ඉක්මවා බෙර ගැසීම වනාහි ලාමකය. බෙර ගසන්නහු විසින් කහවණු සියයක් ලබනලදී. එය කල් ඉක්මවා බෙරගසන්නහු විසින් නසනලද්දේයයි” කීයේය.
|
60. සඞ්ඛධමජාතකං | 60. සංඛධමන ජාතකය |
60
ධමෙ ධමෙ නාතිධමෙ, අතිධන්තඤ්හි පාපකං;
ධන්තෙනාධිගතා භොගා, තෙ තාතො විධමී ධමන්ති.
|
60
“සක් පිඹින්නේය. කල් ඉක්මවා වැඩියක් නොපිඹින්නේය. අධිකකොට පිඹීම වනාහි ලාමකය. කුමක්හෙයින්දයත්, සක් පිඹින්නහු විසින් සම්පත් ලබනලදහ. ඒ සම්පත් නැවත නැවත සක් පිඹින්නාවූ පියතෙම විනාශ කෙළේයයි” කීයේය.
|
7. ඉත්ථිවග්ගො | 7. ඉත්ථි වර්ගය |
61. අසාතමන්තජාතකං | 61. අසාතමන්ත ජාතකය |
61
අසා ලොකිත්ථියො නාම, වෙලා තාසං න විජ්ජති;
සාරත්තා ච පගබ්භා ච, සිඛී සබ්බඝසො යථා;
තා හිත්වා පබ්බජිස්සාමි, විවෙකමනුබ්රූහයන්ති.
|
61
“ලෝකයෙහි ස්ත්‍රීහු නම් ලාමකයහ. (නොහොත්) සාතයයි කියනලද සැපය මොවුන් කෙරෙහි නැත්දැයි අසාත නම් වෙත්. ඒ ස්ත්රීන්ගේ ක්ලේෂොත්පත්ති නිවාරණයට සීමාවක් නැත. ඔව්හු විශේෂයෙන් ඇළුනාහුද, හික්මීමක් නැත්තාහුද හොඳ, නරක සියල්ල අනුභවකරණ ගිනි වැන්නාහ. ඔවුන් හැර විවේකය වඩන්නෙම පැවිදි වන්නෙමියි” කීයේය.
|
62. අණ්ඩභූතජාතකං | 62. අණ්ඩභූත ජාතකය |
62
යං
අණ්ඩභූතා භතා භරියා, තාසු කො ජාතු විස්සසෙති.
|
62
“බමුණුතෙම යම් කාරණයකින් ඝන වස්ත්‍රයකින් මුහුණ සමග වෙළනලද්දේ වීණාව වාදනය කෙළේද, ඒ බැමිණිය බිජ භූත (හෙවත්) මව්කුසින් නොනික්මී කල්හිම ගෙණාවාවූ (නොහොත්) මව්කුසෙහිදීම රක්ෂාකළාවූ භාර්යාව වේ. එබඳු භාර්යාවන් කෙරෙහි කවරෙක් ඒකාන්තයෙන් විශ්වාස කරන්නේද?” (නොකරන්නේය යනු භාවයි.)
|
63. තක්කපණ්ඩිතජාතකං | 63. තක්ක ජාතකය |
63
කොධනා අකතඤ්ඤූ ච, පිසුණා මිත්තභෙදිකා
(පිසුණා ච විභෙදිකා (සී. ස්‍යා. පී.));
බ්රහ්මචරියං චර භික්ඛු, සො සුඛං න විහාහසීති
(පිහාහිසීති (සී. ස්‍යා. පී.), විහායසි (ක.)).
|
63
“ස්ත්‍රීහු නම් ක්‍රොධ ඇත්තාහ. කළ ගුණ නොදන්නාහුද වෙති. කේලාම් කියන්නහුද වෙති. ඔවුනොවුන් භෙද කරන්නාහුද වෙති. මහණ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙව ඒ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන තෝ ධ්‍යානාදී සුවය නොහරින්නෙහි යයි’ වදාළේය.
|
64. දුරාජානජාතකං | 64. දුරාජාන ජාතකය |
64
මා
ථීනං භාවො දුරාජානො, මච්ඡස්සෙවොදකෙ ගතන්ති.
|
64
“මේ ස්ත්‍රී මා කැමැත්තීයයි සතුටු නොවෙව. මා නොකැමැත්තීයයි ශොක නොකරව ස්ත්රීන්ගේ භාවය හෙවත් අදහස නොදත හැක්කේය. කුමක් මෙන්ද? දියෙහි මත්ස්‍යයාගේ ගමන මෙනැයි” කීයේය.
|
65. අනභිරතිජාතකං | 65. අනභිරති ජාතකය |
65
යථා
එවං ලොකිත්ථියො නාම, නාසං කුජ්ඣන්ති පණ්ඩිතාති.
|
65
“ගංගාවද මාර්ගයද සුරාපාන ශාලාවද සභා ශාලාවද පැන් මඩුවද යන මොහු යම් සේ (සියල්ලන්ට සාධාරණ වෙද්ද) ලෝකයෙහි ස්ත්‍රීහුද එසේමැයි එහෙයින් පණ්ඩිත ජනයෝ මේ ස්ත්රීන්ට නොකිපෙත්ය”යි කීයේය.
|
66. මුදුලක්ඛණජාතකං | 66. මුදු ලක්ඛණ ජාතකය |
66
එකා ඉච්ඡා පුරෙ ආසි, අලද්ධා මුදුලක්ඛණං;
යතො ලද්ධා අළාරක්ඛී, ඉච්ඡා ඉච්ඡං විජායථාති.
|
66
“මුදු ලක්ඛණාව නොලදින් පෙර එක් තෘෂ්ණාවක් විය. විශාල නෙත්ර ඇත්තී යම් තැනක පටන් ලබන ලද්දීද. ඒ තෘෂ්ණාතොමෝ ගෘහොපකරණාදියෙහි අනෙක් තෘෂ්ණාවක් ඉපදවීයයි” කීයේය.
|
67. උච්ඡඞ්ගජාතකං | 67. උච්ඡංග ජාතකය |
67
උච්ඡඞ්ගෙ දෙව මෙ පුත්තො, පථෙ ධාවන්තියා පති;
තඤ්ච දෙසං න පස්සාමි, යතො සොදරියමානයෙති
(සොදරියං නයෙ (ක.)).
|
67
“දෙවයන් වහන්ස, පුත්‍ර තෙමේ මාගේ ඇකයෙහිමය. ස්වාමිතෙමේ හුදකලාව මඟ යන්නාවූ මට සුලභය. යම් දෙශයකින් සහෝදරයකු ගෙණ එම්ද, ඒ මාතෘකුක්ෂි නම් දෙශය නොදක්නෙමි”යි (එහෙයින් මාගේ සහෝදරයා දෙවයි ඉල්වූ.)
|
68. සාකෙතජාතකං | 68. සාකෙත ජාතකය |
68
යස්මිං
අදිට්ඨපුබ්බකෙ පොසෙ, කාමං තස්මිම්පි විස්සසෙති.
|
68
“යම් පුද්ගලයෙකු කෙරෙහි සිත පිහිටාද, සිතත් දුටු පමණෙකින් පහදීද, නුදුටු විරූදවූ ඒ පුරුෂයා කෙරෙහි එකාන්තයෙන් විශ්වාස කරන්නේයයි” කීයේය.
|
69. විසවන්තජාතකං | 69. විෂවන්ත ජාතකය |
69
ධිරත්ථු තං විසං වන්තං, යමහං ජීවිතකාරණා;
වන්තං පච්චාවමිස්සාමි
(පච්චාහරිස්සාමි (ක.)), මතං මෙ ජීවිතා වරන්ති.
|
69
“යම් විෂයක් හරණ ලදද ඒ වමනය කළ විෂය මම ජීවිත හේතුවෙන් නැවත හැරගනිම්ද, එයට නින්දා වේවා, මාගේ ජීවත් වීමට වඩා (විෂය උරා නොගෙන ගින්නට වැද) මිය යෑමම උතුම්යයි” කීයේය.
|
70. කුද්දාලජාතකං | 70. කුද්දාල ජාතකය |
70
න තං ජිතං සාධු ජිතං, යං ජිතං අවජීයති;
තං ඛො ජිතං සාධු ජිතං, යං ජිතං නාවජීයතීති.
|
70
“යම් රටක් දිනන ලද්දේ නැවත සතුරන් විසින් පරදවනු ලැබේද, නොහොත් සතුරන් මැඩ ලැබූ යම් ජයක් නැවත සතුරන් විසින් පරදවනු ලැබේද, ඒ දිනුම මනාකොට දිනන ලද්දක් නොවේ. යමක් සතුරන් මැඩ දිනන ලදද නොහොත්, යම් ජයක් සතුරන් විසින් නොපරදවනු ලැබේද, ඒ දිනීම වනාහි යහපත් කොට දිනුවා නම් වේයයි” කීයේය.
|
8. වරුණවග්ගො | 8. වරණ වර්ගය |
71. වරුණජාතකං | 71. වරණ ජාතකය |
71
යො
වරුණකට්ඨ
(වරණකට්ඨ (සී. පී.)) භඤ්ජොව, ස පච්ඡා මනුතප්පතීති.
|
71
“යමෙක් තෙමේ පළමු කටයුතුදෑ පසුව කරන්නට කැමැතිවේද, හෙතෙමේ ළුණු වරණ දඬු බිඳි ශිෂ්‍යයා මෙනි. එබඳු පුද්ගලතෙමේ පසුව තැවේ යයි” කීයේය.
|
72. සීලවහත්ථිජාතකං | 72. සීලව නාගරාජ ජාතකය |
72
අකතඤ්ඤුස්ස
සබ්බං චෙ පථවිං
(පඨවිං (සී. ස්‍යා. පී.)) දජ්ජා, නෙව නං අභිරාධයෙති.
|
72
“කළගුණ නොදන්නාවූ නිරන්තරයෙන් අනුන්ගේ සිදුරු සොයන්නාවූ පුරුෂයාහට ඉදින් සියලු පොළොව දුන්නේ වී නමුත් ඔහු සතුටු කළ නොහැක්කේයයි” කීයේය.
|
73. සච්චංකිරජාතකං | 73. සච්චංකිර ජාතකය |
73
සච්චං කිරෙවමාහංසු, නරා එකච්චියා ඉධ;
කට්ඨං නිප්ලවිතං
(විප්ලාවිතං (සී. පී.)) සෙය්යො, න ත්වෙවෙකච්චියො නරොති.
|
73
“ගඟ දියෙහි යන්නාවූ දරදඬු නඟා ගොඩ තබන ලද්දේ උතුම් වේ. කළගුණ නොදන්නා සමහර පුරුෂයෙක් උතුම් නොවේ මැයි මේ ලෝකයෙහි සමහර පණ්ඩිත මනුෂ්‍යයෝ සැබවක්ම කීවේලුයි” කීයේය.
|
74. රුක්ඛධම්මජාතකං | 74. රුක්ඛධම්ම ජාතකය |
74
සාධූ සම්බහුලා ඤාතී, අපි රුක්ඛා අරඤ්ඤජා;
වාතො
|
74
“බොහෝවූ එක්වසිටි නෑයෝ යහපත්හ. වනයෙහි හටගත්තාවූ වෘක්ෂයෝද, ඝනව සිටි හෙයින් ශොභනයහ. තනිව සිටියාවූ මහත්වූද වන දෙටු රුක වාතයතෙමේ උදුරා දමායයි” කීයේය.
|
75. මච්ඡජාතකං | 75. මච්ඡ ජාතකය |
75
අභිත්ථනය
කාකං සොකාය රන්ධෙහි, මඤ්ච සොකා පමොචයාති.
|
75
“මේඝය ගර්ජනා කරව. කවුඩු සමූහයාගේ මත්ස්‍ය නිධානය නසව. කපුටු සමූහයා ශෝකය පිණිස රඳවව, මාද ශෝකයෙන් මුදවවයි” කීයේය.
|
76. අසඞ්කියජාතකං | 76. අසංකිය ජාතකය |
76
අසඞ්කියොම්හි ගාමම්හි, අරඤ්ඤෙ නත්ථි මෙ භයං;
උජුං මග්ගං සමාරූළ්හො, මෙත්තාය කරුණාය චාති.
|
76
“ගමෙහිද, සැකනැත්තේ වෙමි. අරණ්‍යයෙහිද මට කිසි භයක් නැත්තේය. මෛත්‍රියෙන්ද කරුණාවෙන්ද සෘජුවූ බ්රහ්මලොකගාමී මාර්ගයට ආරූඪ වූයෙමි. නොහොත් සිල්වත්බව හේතුකොටගෙණ කාම ද්වාරාදියෙන් අකුටිල හෙයින් ඍජුවූ දිව්‍යලෝක ගාමී මාර්ගයට නැංගේ වෙමියි” කීයේය.
|
77. මහාසුපිනජාතකං | 77. මහා සුපින ජාතකය |
77
උසභා
පොක්ඛරණී ච අපාකචන්දනං, ලාබූනි සීදන්ති සිලා ප්ලවන්ති.
මණ්ඩූකියො කණ්හසප්පෙ ගිලන්ති, කාකං සුපණ්ණා පරිවාරයන්ති;
තසා
|
77
“ලබු කබල් ගැලෙති පාෂාණයෝ ඉල්පෙති. මැඩි පැටියෝ කෘෂ්ණ සර්පයන් ගිලිති. කවුඩෙකු ස්වර්ණහංසයෝ පිරිවරති. එළුවන්ට භයින් වෘකයෝ තැතිගනිති. විපර්යාසයෙක් පවතී. මේ කාලයෙහි මේ ස්වප්නයන්ගේ නිෂ්පත්ති නැත්තේය”යි කීයේය.
|
78. ඉල්ලිසජාතකං | 78. ඉල්ලීස ජාතකය |
78
උභො ඛඤ්ජා උභො කුණී, උභො විසමචක්ඛුකා
(චක්ඛුලා (සී. පී.));
උභින්නං පිළකා
(පීළකා (ස්‍යා.)) ජාතා, නාහං පස්සාමි ඉල්ලිසන්ති.
|
78
“දෙදෙනම ලුහුඬු පා ඇත්තාහ. දෙදෙනම කුණ්ඨවූ අත් ඇත්තාහ. (දණින් වැලමිටෙන් පාත ලුහුඬු පුරුක් ඇත්තාහ.) දෙදෙනම විසමවූ ඇස් ඇත්තාහ. හෙවත් වපරයහ. දෙදෙනාගේම හිසෙහි පිළිකාවෝ හටගත්හ. මම ඉල්ලීසයා නොදකිමියි” කීයේය.
|
79. ඛරස්සරජාතකං | 79. ඛරස්සර ජාතකය |
79
යතො
අථාගමා පුත්තහතාය පුත්තො, ඛරස්සරං ඩිණ්ඩිමං
(දෙණ්ඩිමං (සී. ස්‍යා. පී.), ඩින්දිමං (ක.)) වාදයන්තොති.
|
79
“යම් කලෙක්හි ගවයෝ පැහැරගෙණ යන ලද්දාහුද, නසන ලද්දාහුද, ගෘහයෝ දවන ලද්දාහුද ජනතෙමේද තිර කොට බැඳගෙණ යන ලදද එකල්හි නැසුනු පුත්‍රයන් ඇත්තියගේ පුත්‍රතෙමේ අමධුරවූ ශබ්ද ඇති පටහ බෙරය වාදනය කරමින් ආයේයයි” කීයේය.
|
80. භීමසෙනජාතකං | 80. භීමසේන ජාතකය |
80
යං තෙ පවිකත්ථිතං පුරෙ, අථ තෙ පූතිසරා සජන්ති පච්ඡා;
උභයං
|
80
“භීමසේනය, තා විසින් යමක් කියන ලදද නැවත පසුව තාගේ කුණුව වැහෙන හෙයින් පූතිසර නම් වූ ශරීර මළ ධාරාවෝ වෑහෙත්. තාගේ යුද්ධ කථාවද මේ පීඩාවද යන දෙක සම නොවේයයි” කීයේය.
|
9. අපායිම්හවග්ගො | 9. අපායිම්හ වර්ගය |
81. සුරාපානජාතකං | 81. සුරාපාන ජාතකය |
81
අපායිම්හ
විසඤ්ඤිකරණිං පිත්වා
(පීත්වා (සී. ස්‍යා. පී.)), දිට්ඨා නාහුම්හ වානරාති.
|
81
“සුරා පීම්හ, නැටුවෙමු, ගායනා කෙළෙමු. (නැවත ඒ නුසුදුසුය කියා හැඬීමි.) සිහි මුලාකරණ සුරාව පානයකොට යම් හෙයකින් වඳුරෝ නොවූයෙමුද එයම යෙහෙකැයි මෙසේ තමන්ගේ නුගුණ කීහු.”
|
82. මිත්තවින්දකජාතකං | 82. මිත්තවින්ද ජාතකය |
82
අතික්කම්ම
ස්වාසි පාසාණමාසීනො, යස්මා ජීවං න මොක්ඛසීති.
|
82
“පළිඟු ප්රාසාදයද රජත ප්රාසාදයද, මාණික්‍ය ප්රාසාදයද ඉක්ම ඒ තෝ පාෂාණමයවූ උර චක්‍රයෙන් මඩනා ලද්දෙහි යම් හෙයකින් වූයේද, එහෙයින් ජීවත්වනතාක් උරචක්රයෙන් තෝ නොමිදෙන්නෙහියයි” කීයේය.
|
83. කාලකණ්ණිජාතකං | 83. කාලකණ්ණි ජාතකය |
83
මිත්තො හවෙ සත්තපදෙන හොති, සහායො පන ද්වාදසකෙන හොති;
මාසඩ්ඪමාසෙන ච ඤාති හොති, තතුත්තරිං අත්තසමොපි හොති;
සොහං කථං අත්තසුඛස්ස හෙතු, චිරසන්ථුතං
(චිරසන්ධවං (ක.), චිරසත්ථුනං (පී.)) කාළකණ්ණිං ජහෙය්යන්ති.
|
83
“ඒකාන්තයෙන් සත්පියවරක් එක්ව ගමන් කිරීමෙන් මිත්‍රවේ. දොළොස් දිනක් එක්ව විසීමෙන් වනාහි සහායයාවේ. “මසකින්ද, අඩ මසකින්ද, නෑයෙකු හා සමවේ. ඉන් වැඩිකලක් එක්ව විසීමෙන් ආත්ම සමානයෙක්ද වේ. ඒ මම ආත්ම සුඛය හේතුකොටගෙණ බොහෝ කලක් වැස පුරුදුවූ කාලකණ්ණි නම්වූ යහළුවා කෙසේ හැර පියම් දැයි” කීයේය.
|
84. අත්ථස්සද්වාරජාතකං | 84. අත්ථස්සද්වාර ජාතකය |
84
ආරොග්යමිච්ඡෙ පරමඤ්ච ලාභං, සීලඤ්ච වුද්ධානුමතං සුතඤ්ච;
ධම්මානුවත්තී ච අලීනතා ච, අත්ථස්ස ද්වාරා පමුඛා ඡළෙතෙති.
|
84
“නිරෝගි බව නම්වූ උතුම්වූ ලාභයද ආචාරශීලයද, ගුණයෙන් වැඩිහිටියන්ගේ අනුමතියද (හෙවත්) අවවාදයද, බහුශ්‍රැත බවද, සුචරිත ධර්මයන්ට අනුව පැවැත්මද, නොපසුබටවූ සිත් ඇති බවද කැමති වන්නේය. මේ සදෙන අභිවෘද්ධියට ප්‍රධානවූ ද්වාරයෝ (හෙවත් උපායයෝ) වෙතියි” කීය.
|
85. කිංපක්කජාතකං | 85. කිම්පක්ක ජාතකය |
85
ආයතිං
විපාකන්තෙ හනන්ති නං, කිංපක්කමිව භක්ඛිතන්ති.
|
85
“මත්තෙහි වන දෝෂ නොදැක යමෙක් කම්සැප සේවනය කෙරේද, ඒ කාමයෝ ඔහු විපාකාන්තයෙහි (නරකාදියෙහි උපන්නාහු) නසත්, කුමක් මෙන්ද යත්? අනුභව කරණ ලද කිම්පක්ක නම්වූ විෂ ඵලය මෙනි.”
|
86. සීලවීමංසකජාතකං | 86. ශීලවිමංස ජාතකය |
86
සීලං
පස්ස ඝොරවිසො නාගො, සීලවාති න හඤ්ඤතීති.
|
86
“ශීලයම යහපත්වේ. ලෝකයෙහි ශීලය උතුම්ය. බලව, ඝොරවූ විෂ ඇති සර්පතෙම සිල්වත් වෙමියි අනුන්ට හිංසාවක් නොකෙරේයයි” කීයේය.
|
87. මඞ්ගලජාතකං | 87. මංගල ජාතකය |
87
යස්ස
සො
(ස (සී. පී. ක.)) මඞ්ගලදොසවීතිවත්තො, යුගයොගාධිගතො න ජාතුමෙතීති.
|
87
“යම් රහත්කෙනෙකුගේ දිට්ඨාදී මංගලයෝ මනාකොට නසන ලද්දාහුද, චන්ද්රග්රහණාදී උත්පාදයෝද, ශුභවූ ස්වප්නයෝද, සුභග, දුර්භගාදී ලක්ෂණයෝද යන මේ දෘෂ්ටිස්ථානයෝ මනාකොට නසන ලද්දාහුද, මංගල දෝෂයෙන් ඉක්ම පැවැත්තේද, ක්‍රොධ උපනාහ. ආදීවශයෙන් ගන්නාවූ තරඟයන්ද, කාමයෝගාදීවූ යෝග ධර්මයන්ද මැඩපවත්වා සිටියේද, ඒ ක්ෂීණාශ්රවතෙම කිසි කලෙකත් ප්රතිසන්ධිවශයෙන් මෙලොවට නොඑන්නේයයි” වදාළේය.
|
88. සාරම්භජාතකං | 88. සාරම්භ ජාතකය |
88
කල්යාණිමෙව මුඤ්චෙය්ය, න හි මුඤ්චෙය්ය පාපිකං;
මොක්ඛො කල්යාණියා සාධු, මුත්වා තප්පති පාපිකන්ති.
|
88
“යහපත්වූ වචනයක්ම කියන්නේය ලාමකවූ තෙපුලක් නොකියන්නේය. යහපත් වචනයාගේ මෝක්ෂය හෙවත් බිණීම ප්‍රශස්තය. ලාමකවූ තෙපුල මුදා හෙවත් කියා මෙලොව පරලොව තැවෙන්නේ යයි” වදාළේය.
|
89. කුහකජාතකං | 89. කුහක ජාතකය |
89
වාචාව
තිණමත්තෙ අසජ්ජිත්ථො, නො ච නික්ඛසතං හරන්ති.
|
89
“මෘදුවූ බස් කියන්නාවූ තොපගේ වචනයම සිළුටුවී තණ ගසක් පමණෙක කුකුස් කරමින් ඇළුනෙහිය. නිෂ්ක (කලං 25 ක රන්) සියයක් ගෙණයන්නෙහි නොඇළුනෙහිද වීයයි” කීයේය.
|
90. අකතඤ්ඤුජාතකං | 90. අකතඤ්ඤු ජාතකය |
90
යො පුබ්බෙ කතකල්යාණො, කතත්ථො නාවබුජ්ඣති;
පච්ඡා කිච්චෙ සමුප්පන්නෙ, කත්තාරං නාධිගච්ඡතීති.
|
90
“යමෙක් පෙර අනුන් විසින් කරණලද උපකාර ඇත්තේ නිෂ්පාදිත කෘත්‍ය ඇත්තේ එය නොදනීද, පසුව කටයුත්තක් පැමිණිකල්හි එයට කිසිවක්හු නොලබායයි” කීයේය.
|
10. ලිත්තවග්ගො | 10. ලිත්ත වර්ගය |
91. ලිත්තජාතකං | 91. ලිත්ත ජාතකය |
91
ලිත්තං
ගිල රෙ ගිල පාපධුත්තක, පච්ඡා තෙ කටුකං භවිස්සතීති.
|
91
“උතුම්වූ තේජස් ඇති විෂ තැවරුණාවූ පස ඇටය ගිලින්නාවූ පුරුෂතෙම විෂ තැවරූ බව නොදනී. කොල ගිලව, පාපීවූ අක්ෂධූර්තය පස ඇටය ගිලව. පසුව තට මෙහි නොමිහිරි බව වන්නේ යයි” කීයේය.
|
92. මහාසාරජාතකං | 92. මහාසාර ජාතකය |
92
උක්කට්ඨෙ සූරමිච්ඡන්ති, මන්තීසු අකුතූහලං;
පියඤ්ච අන්නපානම්හි, අත්ථෙ ජාතෙ ච පණ්ඩිතන්ති.
|
92
“යුද්ධය ලංව ඇතිකල්හි ශූරවූ පුරුෂයා කැමතිවෙති. මන්ත්‍රණය කරණ කල්හි කළ මන්ත්‍රණය ප්‍රකාශ නොකරණ හෙයින් අකුතුහල පුරුෂයා කැමතිවෙති. ආහාරපාන එළවූකල්හි හෝ ප්රියවූවහුද කැමති වෙති. ප්‍රශ්න විසර්ජනාදීවූ අර්ථයක් උපන් කල්හි පණ්ඩිතයා කැමතිවෙත් යයි” කීයේය.
|
93. විසාසභොජනජාතකං | 93. විශ්වාසභොජන ජාතකය |
93
න විස්සසෙ අවිස්සත්ථෙ, විස්සත්ථෙපි න විස්සසෙ;
විස්සාසා භයමන්වෙති, සීහංව මිගමාතුකාති
(මිගමාතුයා (ක.)).
|
93
“පෙර විශ්වාසව පසුව අවිශ්වාසවූවහු කෙරෙහි විශ්වාස නොකරන්නේය. පෙර අවිශ්වාසව පසුව විශ්වාසවූවහු කෙරෙහිද, විශ්වාස නොකරන්නේය. කුමක්හෙයින්ද යත්? ඒ දෙදෙනා කෙරෙහිම විශ්වාසය හේතුකොටගෙණ භය පැමිණේ. කුමක් මෙන්ද යත් මීවින්න කෙරෙන් භය පැමිණි සිංහයාමෙනි. (නොහොත්) විශ්වාස වශයෙන් සිංහයා කරා පැමිණි මීවින්න මෙනැයි’ කීයේය.
|
94. ලොමහංසජාතකං | 94. ලෝමහංස ජාතකය |
94
සොතත්තො සොසින්දො
(සොසීතො (සී. ස්‍යා. පී.), සොසිනො (ක.)) චෙව, එකො භිංසනකෙ වනෙ;
නග්ගො න චග්ගිමාසීනො, එසනාපසුතො මුනීති.
|
94
“සූර්යතාපයෙන් විශේෂයෙන් තැවුනෙම්, හිම ජලයෙන් විශේෂයෙන් ශීතල වූයෙමි. භයානකවූ වනලැහැබ්හි හුදකළාවූයෙම්, නිර්වස්ත්රවූයෙම් ගිනි ලංව නොහිඳිනෙම්, බඹසර සෙවීමෙහි යෙදුනෙමි, මුනි නම් වී මියි” කීයේය.
|
95. මහාසුදස්සනජාතකං | 95. මහාසුදස්සන ජාතකය |
95
අනිච්චා
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති, තෙසං වූපසමො සුඛොති.
|
95
“සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඉපිද නස්නා ස්වභාව ඇත්තාහ. ඉපිද නිරුද්ධ වෙත්. ඒ සංස්කාර ධර්මයන්ගේ සංසිඳීමයයි කියන ලද නිර්වාණයම සැපයයි” වදාළේය.
|
96. තෙලපත්තජාතකං | 96. තෙලපත්ත ජාතකය |
96
සමතිත්තිකං
එවං සචිත්තමනුරක්ඛෙ, පත්ථයානො දිසං අගතපුබ්බන්ති.
|
96
“මුවවිට දක්වා පිරුණාවූ නොවැගිරෙන්නාවූ, තලතෙල් පාත්‍රය යම්සේ ගෙණයන්නේද එසේම නොගියවිරූ දිශාවවූ නිවන පතන්නේ ස්වකීයවූ සිත රක්නේයයි” වදාළේය.
|
97. නාමසිද්ධිජාතකං | 97. නාමසිද්ධි ජාතකය |
97
ජීවකඤ්ච
පන්ථකඤ්ච වනෙ මූළ්හං, පාපකො පුනරාගතොති.
|
97
“ජීවකයාද මළහු දැක ධනපාලියද දුප්පත්වූවා දැක පන්ථකයාද වනයෙහි මං මුළාවූවහු දැක පාපකයා නැවත ආයේයයි” කීයේය.
|
98. කූටවාණිජජාතකං | 98. කූටවාණිජ ජාතකය |
98
සාධු
අතිපණ්ඩිතෙන පුත්තෙන, මනම්හි උපකූළිතොති
(උපකූලිතොති (සී.), උපකුට්ඨිතොති (ස්‍යා.), උපකුටිතො (ක.)).
|
98
“පණ්ඩිතයා නම් යහපත්වේ. නාම මාත්‍රයෙන් අතිපණ්ඩිත නම්වූ තැනැත්තේ උතුම් නොවේමැයි අතිපණ්ඩිතවූ පුත්‍රයා විසින් ඇසිල්ලකින් දවන ලද්දේ වීමියි” කීයේය.
|
99. පරොසහස්සජාතකං | 99. පරොසහස්ස ජාතකය |
99
පරොසහස්සම්පි සමාගතානං, කන්දෙය්යුං තෙ වස්සසතං අපඤ්ඤා;
එකොව සෙය්යො පුරිසො සපඤ්ඤො, යො භාසිතස්ස විජානාති අත්‍ථන්ති.
|
99
“රැස්වූවන් අතුරෙන් දහසකටත් වැඩිවූ ප්‍රඥා රහිතවූ ඔව්හු අවුරුදු සියයකුදු හඬන්නාහු නමුදු යමෙක් කියනලද වචනයාගේ අර්ථය දනීද, සප්‍රාඥවූ ඒ පුරුෂතෙමේම හුදකලාවූයේද, උතුම් වේයයි” කීයේය.
|
100. අසාතරූපජාතකං | 100. අසාතරූප ජාතකය |
100
අසාතං සාතරූපෙන, පියරූපෙන අප්පියං;
දුක්ඛං සුඛස්ස රූපෙන, පමත්තමතිවත්තතීති.
|
100
“නොමිහිරි දෙය මිහිරි ස්වරූපයෙන්ද, අප්‍රිය වස්තුව ප්‍රිය ස්වරූපයෙන්ද දුක සැපය වශයෙන්ද ප්‍රමාදවූ පුරුෂයා ඉක්මවා පවතීයයි” වදාළේය.
|
11. පරොසතවග්ගො | 11. පරොසහස්ස වර්ගය |
101. පරොසතජාතකං | 101. පරොසත ජාතකය |
101
පරොසතං
එකොව සෙය්යො පුරිසො සපඤ්ඤො, යො භාසිතස්ස විජානාති අත්‍ථන්ති.
|
101
“රැස්වූවන් අතුරෙහි සියයකට අධිකවූද, ප්‍රඥා රහිතවූ ඔව්හු අවුරුදු සියයක් සිතා බලන්නාහු නමුදු යමෙක් කියනලද වචනයාගේ අර්ථය දනීද, ප්‍රඥා සහිතවූ හෙතෙම එකලාවූයේම උතුම් වේ යයි කීයේය.
|
102. පණ්ණිකජාතකං | 102. පණ්ණික ජාතකය |
102
යො දුක්ඛඵුට්ඨාය භවෙය්ය තාණං, සො මෙ පිතා දුබ්භි
(දූභි (සී. පී.)) වනෙ කරොති;
සා කස්ස කන්දාමි වනස්ස මජ්ඣෙ, යො තායිතා සො සහසං
(සහසා (සී. ස්‍යා. පී.)) කරොතීති.
|
102
“යමෙක් දුක් ඇති තැනැත්තියට ආරක්ෂාස්ථානය වන්නේද, මාගේ ඒ පියතෙම වනයෙහි මිත්රද්රොහි කර්මය කෙරෙයි. වනය මැද ඒ මම කවරෙකුට හඬා කියම්ද? යමෙක් ආරක්ෂාකරන්නේද, හෙතෙම බලාත්කාරකම් කෙරේයයි” කීයේය.
|
103. වෙරිජාතකං | 103. වේරී ජාතකය |
103
යත්ථ
එකරත්තං දිරත්තං වා, දුක්ඛං වසති වෙරිසූති.
|
103
“යම් තැනක වෛර ඇති පුද්ගලතෙම වෙසේද, එතන්හි නුවණැත්තේ නොවසන්නේයි කුමක් හෙයින්දයත්? වෛර ඇත්තවුන් අතුරෙහි එක් දවසක් හෝ දෙදවසක් හෝ දුකසේ වාසය කෙරේයයි” කීයේය.
|
104. මිත්තවින්දකජාතකං | 104. මිත්තවින්ද ජාතකය |
104
චතුබ්භි අට්ඨජ්ඣගමා, අට්ඨාහිපි ච සොළස;
සොළසාහි ච බාත්තිංස
(බත්තිංස (සී. ස්‍යා. පී.)), අත්රිච්ඡං චක්කමාසදො;
ඉච්ඡාහතස්ස පොසස්ස, චක්කං භමති මත්ථකෙති.
|
104
“සතර දෙනෙකුන්ගෙන් නොසතුටුව අටදෙනෙකු ළඟට ගියේය. අට දෙනෙකුගෙන් නොසතුටුව සොළොස් දෙනෙකු ළඟට ගියේය. සොළොස් දෙනෙකුගෙන්ද නොසතුටුව දෙතිස් දෙනෙකු ළඟට ගියේය. වැඩි වැඩියක් පතන්නේ උරචක්රයට ලංවීය. තෘෂ්ණාවෙන් නසනලද පුරුෂයාගේ මස්තකයෙහි උරචක්‍රය භ්‍රමණය වේයයි” කීයේය.
|
105. දුබ්බලකට්ඨජාතකං | 105. දුබ්බලකට්ඨි ජාතකය |
105
බහුම්පෙතං
තස්ස චෙ භායසී නාග, කිසො නූන භවිස්සසීති.
|
105
“වනයෙහි බොහෝ වූ දුර්වලවූ යම් මේ දරකඩක් සුළඟ බිඳීද, ඒ දර බිඳීමට හස්තිය, ඉදින් බිය වෙහි නම් ඒකාන්තයෙන් තෝ කෘශවූයෙක් වන්නෙහියයි” කීයේය.
|
106. උදඤ්චනීජාතකං | 106. උදඤ්චනී ජාතකය |
106
සුඛං වත මං ජීවන්තං
(සුඛකං වත ජීවං (ක.)), පචමානා උදඤ්චනී;
චොරී ජායප්පවාදෙන, තෙලං ලොණඤ්ච යාචතීති.
|
106
“ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත්වන්නාවූ මා තවන්නාවූ නොහොත් කැමති කැමතිදෑ පිසන්නාවූ සැළින් හෝ ලිඳෙන් පැන් ගන්නා කිනිස්සක් නොහොත් කුඩා භාජනයක් මෙන් අනුන්ගෙන් වස්තුව හැර ගන්නාසේ දන්නාවූ අඹුවය යන නමින් සෙර ස්ත්‍රියක් තෙල්ද, ලුණුද, යන කැමති කැමතිදෑ ඉල්වායයි” කීයේය.
|
107. සාලිත්තකජාතකං | 107. සාලිත්ත ජාතකය |
107
සාධු
පස්ස ඛඤ්ජප්පහාරෙන, ලද්ධා ගාමා චතුද්දිසාති.
|
107
“යම් කෙබඳුවූද ශිල්පයක් ඉතා යහපත එළුබෙටි විදීමෙන් සතර දිග්හි වූ ගම් ලබන ලද්දාහුයයි” කීයේය.
|
108. බාහියජාතකං | 108. බාහිය ජාතකය |
108
සික්ඛෙය්ය සික්ඛිතබ්බානි, සන්ති තච්ඡන්දිනො
(සච්ඡන්දිනො (සී. පී.)) ජනා;
බාහියා හි
(පි (සී. ස්‍යා. පී.)) සුහන්නෙන, රාජානමභිරාධයීති.
|
108
“හික්මීමට සුදුසුවූ ශිල්පයන් ඉගෙණ ගන්නේය. ප්‍රයෝජන කිමදයත්, ඒ ඒ ශිල්පයෙහි කැමතිවූ ජනයෝ ඇත්තාහ. යම්හෙයකින් ජනපදයෙන් පිටත්හි උපන්නාවූ ස්ත්‍රිතොමෝ මනාකොට කළ මළපහකිරීමෙන් (හෙවත්) හිරිඔතප් ඇතුව විළියෙන් මුවාව කළ මළ පහකිරීමෙන් රජහු සතුටුකරවීද, එහෙයිනැයි” කීයේය.
|
109. කුණ්ඩපූවජාතකං | 109. කුණ්ඩපූව ජාතකය |
109
යථන්නො පුරිසො හොති, තථන්නා තස්ස දෙවතා;
ආහරෙතං කුණ්ඩපූවං
(කණං පූවං (සී. පී.)), මා මෙ භාගං විනාසයාති.
|
109
“පුරුෂතෙම යම්බඳු ආහාරයක් ඇත්තේවේද, ඔහුගේ දේවතාවාද එබඳු ආහාරයක් ඇත්තී වේ. මේ කුඩු කැවුම ගෙණෙව. මාගේ කොටස නොනසවයි” කීයේය.
|
110. සබ්බසංහාරකපඤ්හජාතකං | 110. සබ්බ සංහාර ජාතකය |
110
සබ්බසංහාරකො
අලිකං භායතියං ධුත්තී, සච්චමාහ මහල්ලිකාති.
|
110
සියල්ල එකතුවූ සුවඳක් නැත. අමිශ්‍ර හෙයින් පිරිසුදුවූ පුවඟු මල්ද සුවඳ විහිදෙයි. මේ ධූර්ත තැනැත්තිය බොරු කියයි. මැහැල්ලී තොමෝ සැබවක් කීවායයි” කීයේය.
|
12. හංචිවග්ගො | 12. හංස වර්ගය |
111. ගද්රභපඤ්හජාතකං | 111. ගද්‍රභ පඤ්හ ජාතකය |
111
හංචි
(හංසි (සී. ස්‍යා.), හඤ්චි (?)) තුවං එවමඤ්ඤසි සෙය්යො, පුත්තෙන පිතාති රාජසෙට්ඨ;
හන්දස්සතරස්ස තෙ අයං, අස්සතරස්ස හි ගද්රභො පිතාති.
|
111
“ඉදින් රාජොත්තමය, නුඹ පුතුට වඩා පියා උතුම් යයි මෙසේ හඟින්නෙහි නම් එබැවින් ඔබගේ අශ්ව තරයාට වඩා මේ ගද්‍රභයා උතුම් වේ. එයට කරුණු කිමයත්? අශ්වතරයාට වනාහි කොටළුතෙම පියා වේයයි” කීයේය.
|
112. අමරාදෙවීපඤ්හජාතකං | 112. අමරාදේවී පඤ්හ ජාතකය |
112
යෙන සත්තුබිලඞ්ගා ච, දිගුණපලාසො ච පුප්ඵිතො;
යෙන දදාමි
(යෙනා’දාමි (සී. ස්‍යා.)) තෙන වදාමි, යෙන න දදාමි
(යෙන නා’දාමි (සී. ස්‍යා.)) න තෙන වදාමි;
එස
|
112
“යම් තැනෙක්හි හත්සුණු බත් තබා විකුණන කාඩි තබා විකුණන කඩ පිළෙක් ඇත්ද, යම් තැනෙක්හි පිපුනාවූ කොබෝලීල ගසක් ඇද්ද, යම් අතකින් කම්ද, ඒ අත දිශාවෙන් මග කියමි. යම් අතකින් නොකම්ද, ඒ අත දිශාවෙන් නොකියමි. යව මැදුම්ගම පිහිටි අපගේ ගෙට මාර්ගය වේ. මේ සඟවා කී මාර්ගය හෙවත්, කාරණය දැන ගණුවයි” කීයේය.
|
113. සිඞ්ගාලජාතකං | 113. සිඟාල ජාතකය |
113
සද්දහාසි
සිප්පිකානං සතං නත්ථි, කුතො කංසසතා දුවෙති.
|
113
“බමුණ රා බොනලද සිවළාගේ වචනය අදහන්නෙහිද, ඔහුට බෙල්ලන් සියයකුදු නැත, කහවණු දෙසියයක් කොයින් දැයි” කීයේය.
|
114. මිතචින්තිජාතකං | 114. මිත චින්තී ජාතකය |
114
බහුචින්තී
මිතචින්තී පමොචෙසී, උභො තත්ථ සමාගතාති.
|
114
“බහු චින්තී නම්වූ මත්ස්‍යයාද, අල්ප චින්තී නම් මත්ස්‍යයාද යන දෙදෙන දැළෙහි බැඳුනාහ. ප්‍රමාණවත් සිතිවිලි ඇති හෙයින් මිත චින්තී නම්වූ මත්ස්යතෙම දැළෙන් මිදීය. ඒ (බොහෝ සිතන) (ටිකක් සිතන) යන දෙදෙන ඒ ජලයෙහි මිත චින්තී නම් මත්ස්‍යයා හා එක්වූවාහුයයි කීයේය.
|
115. අනුසාසිකජාතකං | 115. අනුශාසික ජාතකය |
115
යායඤ්ඤ
(යායඤ්ඤෙ (ක.)) මනුසාසති, සයං ලොලුප්පචාරිනී;
සායං විපක්ඛිකා සෙති, හතා චක්කෙන සාසිකාති
(සාලිකාති (සී. ස්‍යා. පී.)).
|
115
“යමක්තොමෝ ලොල්වූ හැසුරුම් ඇත්තී අනුන්ට අනුශාසනා කරන්නීද, ඒ මේ ශාරීකාතොමෝ චක්‍රයෙන් නසන ලද්දී පහවූ පක්ෂ ඇත්තී මාර්ගයෙහි සයනය කෙරේයයි” කීයේය.
|
116. දුබ්බචජාතකං | 116. දුබ්බච ජාතකය |
116
අතිකරමකරාචරිය
චතුත්ථෙ ලඞ්ඝයිත්වාන, පඤ්චමායසි ආවුතොති.
|
116
“ආචාර්යය අධිකවූ ක්‍රියාවක් කෙළෙහිය නුඹගේ ශිෂ්යවූ මටද මේ කාරණය රුචි නොවේ. සතර වන ශස්ත්‍රය (හෙවත්) ආයුධය පැන පස්වන ආයුධයෙහි ඇවිණියේ වෙහියයි” කීයේය.
|
117. තිත්තිරජාතකං | 117. තිත්තිර ජාතකය |
117
අච්චුග්ගතාතිලපතා
(අතිබලතා (සී. ස්‍යා. පී.), අතිලපකා (කත්ථචි)), අතිවෙලං පභාසිතා;
වාචා හනති දුම්මෙධං, තිත්තිරංවාතිවස්සිතන්ති.
|
117
ඉතා ශබ්දවූ බොහෝ බල ස්වභාව ඇත්තාවූ කල් ඉක්මවා කියනලද වචනය නුවණ නැත්තහු නසයි. කුමක් මෙන්ද යත්? පමණ ඉක්මවා හැඬූ වටුවා මෙනි. (යම්සේ වටුවා නිතර ශබ්දකිරීමෙන් විනාශයට ගියේද, එසේම දොඩමළු තැනැත්තේ විනාශයට පැමිණේ.”)
|
118. වට්ටකජාතකං | 118. වට්ටක ජාතකය |
118
නාචින්තයන්තො පුරිසො, විසෙසමධිගච්ඡති;
චින්තිතස්ස ඵලං පස්ස, මුත්තොස්මි වධබන්ධනාති.
|
118
“පුරුෂතෙම නොසිතන්නේ හෙවත් දුකට පැමිණ මේ උපායෙන් මේ දුකෙන් මිදෙමියි. කරුණු නොසළකන්නේ විශේෂයට නොපැමිණේ සිතන ලද කර්මයාගේ ප්‍රයෝජනය බලව, වධ බන්ධනයෙන් මිදුනේ වෙමියි” කීයේය.
|
119. අකාලරාවිජාතකං | 119. අකාල රාවි ජාතකය |
119
අමාතාපිතරසංවද්ධො
නායං කාලං අකාලං වා, අභිජානාති කුක්කුටොති.
|
119
“මව්පිය දෙදෙනා කෙරෙහි නොවැඩුනාවූ ඇදුරු කුලයෙහි නොවිසූ මේ කුකුළා හැඬීමට සුදුසු කාලය හෝ නුසුදුසු කාලය නොදනීයයි” කීයේය.
|
120. බන්ධනමොක්ඛජාතකං | 120. බන්ධන මොක්ඛ ජාතකය |
120
අබද්ධා
බද්ධාපි තත්ථ මුච්චන්ති, යත්ථ ධීරා පභාසරෙති.
|
120
“යම් තැනෙක්හි අඥානයෝ කථා කෙරෙද්ද, එතැන්හි බන්ධනයට නුවණැත්තෝ කථා කෙරෙද්ද, එහි බන්ධනයට සුදුස්සෝද මිදෙත් යයි” කීයේය.
|
13. කුසනාළිවග්ගො | 13. කුසනාළි වර්ගය |
121. කුසනාළිජාතකං | 121. කුසනාළි ජාතකය |
121
කරෙ සරික්ඛො අථ වාපි සෙට්ඨො, නිහීනකො වාපි කරෙය්ය එකො;
කරෙය්යුමෙතෙ
(කරෙය්යුං තෙ (සී. පී.)) බ්යසනෙ උත්තමත්ථං, යථා අහං කුසනාළි රුචායන්ති.
|
121
“ජාත්‍යාදීන් සමාන වූයේද මිත්‍ර ධර්මය කරන්නේය. නොහොත් ජාත්‍යාදියෙන් ශ්‍රේෂ්ඨ වූයේද මිත්‍ර ධර්මය කරන්නේය. ජාත්‍යාදියෙන් හීනවූද එකෙක් මිත්‍ර ධර්මය කරන්නේය. ඒ මිත්‍රයෝ ව්‍යසනයෙහිදී උත්තමවූ අර්ථයක් කරන්නාහුය. කවරෙකු මෙන්ද යත්? බුරුත ගස උපන් (මහෙශාක්‍ය දෙවතාවූ) මමත් (දිය බෙරලිය ගස උපන් අල්පෙශාක්‍ය දෙවතාවූ) කුස නාලිත් යම්සේද එමෙනි.”
|
122. දුම්මෙධජාතකං | 122. දුම්මෙධ ජාතකය |
122
යසං
අත්තනො ච පරෙසඤ්ච, හිංසාය පටිපජ්ජතීති.
|
122
“නුවණ නැත්තේ යසස් ලැබ තමහට අනර්ථයක් කෙරේ. තමහටද අන්‍යයන්ටද හිංසා පිණිස පිළිපදී යයි” කීයේය.
|
123. නඞ්ගලීසජාතකං | 123. නංගලීස ජාතකය |
123
අසබ්බත්ථගාමිං වාචං, බාලො සබ්බත්ථ භාසති;
නායං දධිං වෙදි න
(න වෙදි (ක.)) නඞ්ගලීසං, දධිප්පයං
(දධිම්පයං (සී. පී.)) මඤ්ඤති නඞ්ගලීසන්ති.
|
123
“අඥානතෙම සියලු තන්හි නොකියයුතු යුතු වචනය හැම තැන්හී කියයි. මෙතෙම මිදුනු කිරිද නොදන්නේය. නඟුලිසද නොදන්නේය. කුමක් හෙයින්ද යත්? මෙතෙම මිදුනු කිරිද නඟුලිස යයි සිතාද, එහෙයිනි.”
|
124. අම්බජාතකං | 124. අම්බ ජාතකය |
124
වායමෙථෙව
වායාමස්ස ඵලං පස්ස, භුත්තා අම්බා අනීතිහන්ති.
|
124
“නුවණැති පුරුෂතෙම උත්සාහ කරන්නේමැයි නොකලකිරෙන්නේය. ව්‍යායාමයාගේ ප්‍රයෝජනය බලව, ඒ කවරේද යත්? මෙසේද මෙසේද වීයයි ශ්රැති වශයෙන් නොව ප්රත්යක්ෂ වශයෙන්ම අඹ බොහෝ තපස්වීන් විසින් අනුභව කරණ ලදහයි කීයේය.”
|
125. කටාහකජාතකං | 125. කටාහක ජාතකය |
125
බහුම්පි සො විකත්ථෙය්ය, අඤ්ඤං ජනපදං ගතො;
අන්වාගන්ත්වාන දූසෙය්ය, භුඤ්ජ භොගෙ කටාහකාති.
|
125
“ඒ පුරුෂතෙම තමාගේ තොරතුරු නොදන්නා අන් ජනපදයකට ගියේ බොහෝ කොටද පරිභව වචනාදීන් කියන්නේය. තම ස්වාමිතෙම නැවත අවුත් දූෂණය කරන්නේය. කටාහකය, සම්පත් අනුභව කරවයි” කීයේය.
|
126. අසිලක්ඛණජාතකං | 126. අසිලක්ඛණ ජාතකය |
126
තදෙවෙකස්ස
තස්මා සබ්බං න කල්‍යාණං, සබ්බං වාපි න පාපකන්ති.
|
126
“එකෙකුට එසේම යහපත් වෙයි. එකෙකුට එසේම අයහපත් වෙයි. එහෙයින් සියල්ලම යහපත් නොවෙයි. සියල්ලම අයහපත් නොවේ යයි කීයේය. (සමහරුන්ට ඉෂ්ටදායකවූ කටයුත්ත සමහරුන්ට අනිෂ්ට දායකමය, යනුයි.”
|
127. කලණ්ඩුකජාතකං | 127. කලණ්ඩුක ජාතකය |
127
තෙ දෙසා තානි වත්ථූනි, අහඤ්ච වනගොචරො;
අනුවිච්ච ඛො තං ගණ්හෙය්යුං, පිව
(පිප (සී. පී.)) ඛීරං කලණ්ඩුකාති.
|
127
“ඒ දේශයෝය. ඔහු වස්තූහුය වනය ගොචරකොට ඇත්තාවූ මමද දනිමි. ස්වාමිහු තා දැනගෙණ හැරගන්නාහුය. කලණ්ඩුකය, කිරිබීම් කරවයි කීයේය.”
|
128. බිළාරවතජාතකං | 128. බිළාරවත ජාතකය |
128
යො
විස්සාසයිත්වා භූතානි, බිළාරං නාම තං වතන්ති.
|
128
“යමෙක් ඒකාන්තයෙන් දශකුශල ධර්මයන් ද්වජයක් කොට ගෙණ සත්වයන් විශ්වාසකොට ගෙණ සැඟවුනේ පාපයෙහි හැසිරේද, ඔහුගේ ඒ ව්‍රතය බිළාල ව්‍රත නම් වේ.”
|
129. අග්ගිකභාරද්වාජජාතකං | 129. අග්ගික ජාතකය |
129
නායං සිඛා පුඤ්ඤහෙතු, ඝාසහෙතු අයං සිඛා;
නාඞ්ගුට්ඨගණනං යාති, අලං තෙ හොතු අග්ගිකාති.
|
129
“මේ මුදුන පිං පිණිස නොවෙයි. මේ මුදුන කෑම පිණිසවේ. ඇඟිලි ගණනට මූසික වර්ගයා නොපැමිණේ. අග්ගිකය, තාගේ මීයන් ගණන් කිරීම ප්‍රමාණයක් වේවායි” කීයේය.
|
130. කොසියජාතකං | 130. කෝසිය ජාතකය |
130
යථා
උභයං තෙ න සමෙති, වාචා භුත්තඤ්ච කොසියෙති.
|
130
“කෝසියාව, ලෙඩෙමි යන කීම පරිද්දෙන්ම ලෙඩට සුදුසු බෙහෙත් අනුභවකරව, තී අනුභව කළ ප්‍රණීත ආහාරවූ පරිද්දෙන්ම කියව, තීගේ කීමද වැඳීමද යන මේ දෙක සම නොවේයයි” කීයේය.
|
14. අසම්පදානවග්ගො | 14. අසම්පදාන වර්ගය |
131. අසම්පදානජාතකං | 131. අසම්පදාන ජාතකය |
131
අසම්පදානෙනිතරීතරස්ස, බාලස්ස මිත්තානි කලී භවන්ති;
තස්මා හරාමි භුසං අඩ්ඪමානං, මා මෙ මිත්ති ජීයිත්ථ සස්සතායන්ති.
|
131
“යම්කිසි හීනවූද, උත්තම වූද, වස්තුවක්හුගේ නොගැන්මෙන් අඥානයාගේ මිත්‍රයෝ කිළුටුවූවාහු වෙත්, (හෙවත්) බිඳෙත්. එහෙයින් මිත්‍රයා විසින් දෙනලද බොල් කුරුණි සතර ගණිමියි, මාගේ මිත්රභාවය පිරිහීමට නොයේවා. මේ මිත්‍රත්වය කලක් නොපවතීවායි” කීයේය.
|
132. භීරුකජාතකං | 132. පඤ්චගරු ජාතකය |
132
කුසලූපදෙසෙ
න රක්ඛසීනං වසමාගමිම්හසෙ, ස සොත්ථිභාවො මහතා භයෙන මෙති.
|
132
“දක්ෂවූ පසේබුදුවරයන්ගේ අවවාදයෙහි දැඩිවූ ධෛර්ය්යයෙන්ද, සිත් තැතිගැණීමද, ශරීරය කම්පාකරණ මහත් භය ඇති බවද, හේතුකොට ගෙණ නොනැවතිහෙයින්ද, යකින්නන්ගේ වශඟබවට නොපැමිණියෙමු. මට මහත්වූ භයින් ඒ සෙත්බව වූයේය.”
|
133. ඝතාසනජාතකං | 133. ඝතාසන ජාතකය |
133
ඛෙමං යහිං තත්ථ අරී උදීරිතො
(අරි උද්ධරිතො (ක.)), දකස්ස මජ්ඣෙ ජලතෙ ඝතාසනො;
න අජ්ජ වාසො මහියා මහීරුහෙ, දිසා භජව්හො සරණාජ්ජ නො භයන්ති.
|
133
“යම් තැනෙක්හි නිර්භයද, එතන්හී සතුරා නැගීසිටියේය. ජලය මැද ඝතාසන නම්වූ ගින්න දිළිහේ. පොළොවෙහිවූ ගසෙහි අද අපට වාසයෙක් නැත. නොයෙක් දිශාවන් සේවනය කරව්. අද අපට පිහිටවූ තැනින් භය උපන්නේයයි” කීයේය.
|
134. ඣානසොධනජාතකං | 134. ක්ධානසොධන ජාතකය |
134
යෙ
එතං උභයං විවජ්ජය, තං
|
134
“යම් සචිත්තක සත්වකෙනෙක් ඇද්ද ඔවුහූද දුගීහ. අසංඥ භවයෙහි උපන්නාවූ යම් අචිත්තක සත්ව කෙනෙක් ඇද්ද ඔවුහුද (නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය නොලැබීමෙන්) දුර්ගතයහ. මේ (සංඥී භාවයද, අසංඥී භාවයද යන) දෙක දුරු කරව. ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්ති සැපය නිර්දෝෂ වේයයි” කීයේය.
|
135. චන්දාභජාතකං | 135. චන්දාභ ජාතකය |
135
චන්දාභං සූරියාභඤ්ච, යොධ පඤ්ඤාය ගාධති.
අවිතක්කෙන ඣානෙන, හොති ආභස්සරූපගොති.
|
135
“චන්ද්‍රයා වැනිවූ ඔදාත කසිනයද, සූර්යයා වැනිවූ පීත කසීනයද යමෙක් මෙහිලා නුවණින් අරමුණු කොට ඇතුළුවේද, හෙවත් එහි පිහිටාද, නොහොත් චන්ද්රප්රභාව යම් තැනෙක පතලේද සූර්යප්රභාවයම තැනෙක පතලේද ඒ තන්හි ප්‍රතිභාග කසිනය වඩා ඒ අරමුණු කොට ධ්‍යානය උපදවන්නේය. මෙසේ දෙවැදෑරුම් ආලෝකය ප්‍රඥාවෙන් වඩාද, මෙසේ වැඩූ විතර්ක රහිතවූ ද්විතීය ධ්‍යානයෙන් ආභශ්වර බ්‍රහ්ම ලෝකයට පැමිණියේ වේයයි” කීයේය.”
|
136. සුවණ්ණහංසජාතකං | 136. සුවණ්ණ හංස ජාතකය |
136
යං
හංසරාජං ගහෙත්වාන, සුවණ්ණා පරිහායථාති.
|
136
“යමක් ලබන ලදද එයින් සතුටු විය යුතුයි. අධිකවූ ලෝභය වනාහි ලාමකවේ. හංසරාජයා ගෙණ ස්වර්ණයෙන් පිරිහුණේයයි කීයේය.
|
137. බබ්බුජාතකං | 137. බබ්බුක ජාතකය |
137
යත්ථෙකො ලභතෙ බබ්බු, දුතියො තත්ථ ජායති;
තතියො ච චතුත්ථො ච, ඉදං තෙ බබ්බුකා බිලන්ති.
|
137
“යම් තැනෙක්හි එක් බළලෙක් (මූෂිකාදි කිසි ගොදුරක්) ලබාද එතැන්හි දෙවෙනි බළලෙක් උපදී. තුන්වෙනි බළලෙක්ද, සතරවෙනි බළලෙක්ද, උපදී. තීගේ මේ පළිඟු බිලය බබ්බුකා බිල නම් වේ.
|
138. ගොධජාතකං | 138. ගොධ ජාතකය |
138
කිං තෙ ජටාහි දුම්මෙධ, කිං තෙ අජිනසාටියා;
අබ්භන්තරං
|
138
“මෝඩය, තට ජටායෙන් කවර ප්‍රයෝජනද? තට අඳුන් දිවි සමින් කවර ප්‍රයෝජනද? තාගේ හෘදය රාගාදියෙන් ගහනය. පිටත තපස් වෙස් දැරීමෙන් පිරිමදනෙහියයි” කීයේය.
|
139. උභතොභට්ඨජාතකං | 139. උභතොභට්ඨ ජාතකය |
139
අක්ඛී භින්නා පටො නට්ඨො, සඛිගෙහෙ ච භණ්ඩනං;
උභතො පදුට්ඨා කම්මන්තා
(පදුට්ඨකම්මන්තො (සී.), පදුට්ඨො කම්මන්තො (පී.)), උදකම්හි ථලම්හි චාති.
|
139
“ඇස් දෙක බිඳුනහ. ගොඩ තිබූ වස්ත්‍රයද නැති විය. යෙහෙලිය හා ගෙහි අඹුවගේ කලහයවිය. දියෙහිද, ගොඩෙහිද යන දෙතන්හි අවුලට පැමිණි වැඩ ඇත්තේ වෙහියයි” කීයේය.
|
140. කාකජාතකං | 140. කාක ජාතකය |
140
නිච්චං
තස්මා නෙසං වසා නත්ථි, කාකානම්හාක
(කාකානස්මාක (සී. ස්‍යා. පී.)) ඤාතිනන්ති.
|
140
“නිරන්තරයෙන් බියපත්වූ සිත් ඇත්තාහ. සියලු ලෝකයා වෙහෙසන්නාහ. එහෙයින් අපගේ නෑයන්වූ ඒ කවුඩන්ගේ වුරුණු තෙල් නැත්තේ යයි” කීයේය.
|
15. කකණ්ටකවග්ගො | 15. කකණ්ටක වර්ගය |
141. ගොධජාතකං | 141. ගොධා (ii) ජාතකය |
141
න
ගොධාකුලං
(ගොධක්කුලං (ක.)) කකණ්ටාව
(කකණ්ටකා (ක.)), කලිං පාපෙති අත්තනන්ති.
|
141
“ලාමක ජනයා සේවනය කරන්නා එකාන්තයෙන් සැපය නොලබයි. කුමක් මෙන්ද යත්? ගොධා කුලයේ කටුස්සා මෙන් තමා විනාශයට පමුණුවා යයි” කීයේය.
|
142. සිඞ්ගාලජාතකං | 142. සිඟාල ජාතකය |
142
එතඤ්හි තෙ දුරාජානං, යං සෙසි මතසායිකං;
යස්ස තෙ කඩ්ඪමානස්ස, හත්ථා දණ්ඩො න මුච්චතීති.
|
142
“යම් හෙයකින් මළහු මෙන් හෝනෙහිද, තාගේ මේ කාරය දැනගත නොහැකිය. දඬු කෙළවර ගෙණ අදිනු ලබන්නාවූ යම් බඳුවූ තාගේ අතින් මුගුරු දණ්ඩ නොමිදේද, එහෙයිනැයි” කීයේය.
|
143. විරොචජාතකං | 143. විරොචන ජාතකය |
143
ලසී ච තෙ නිප්ඵලිතා, මත්ථකො ච පදාලිතො
(විදාලිතො (සී. පී.));
සබ්බා තෙ ඵාසුකා භග්ගා, අජ්ජ ඛො ත්වං විරොචසීති.
|
143
“තාගේ හිස් මුල්ද නික්මුණහ. මස්තකයද පළන ලදී. තාගේ සියලු පරාළ පතු හෙවත් ඉල ඇට බිඳුනහ. අද වනාහි තෝ බබළන්නෙහියයි” කීයේය.
|
144. නඞ්ගුට්ඨජාතකං | 144. නංගුට්ඨ ජාතකය |
144
බහුම්පෙතං
මංසාරහස්ස
|
144
“අසත්පුරුෂවූ වහ්නි දෙවතාවෙනි, යම් බඳුවූ තා වාලධියෙන් පුදමු. මෙපමණකුදු බොහෝයයි සිතව මාංශානුභවයට සුදුසුවූ තට අද මස් නැත. පින්වත් තෙමේ නගුටද පිළිගණීවා”යි කීයේය.
|
145. රාධජාතකං | 145. රාධ ජාතකය |
145
න
අබ්යයතං
(අබ්යායතං (සී. ස්‍යා. පී.), අබ්යත්තතං (?)) විලපසි, විරත්තා කොසියායනෙති.
|
145
“රාධය, තෝ අර්ධ රාත්‍රිය නොපැමිණි කල්හි (මෙතෙක් දෙන අඩුයයි) නොදන්නෙහිය අව්‍යක්තවූ විලාපයක් කියන්නෙහිය. බ්‍රාහ්මණයා කෙරෙහි බැමිණි නොඇළුණි වේයයි කීයේය.
|
146. සමුද්දකාකජාතකං | 146. කාක ජාතකය |
146
අපි නු හනුකා සන්තා, මුඛඤ්ච පරිසුස්සති;
ඔරමාම න පාරෙම, පූරතෙව මහොදධීති.
|
146
අපගේ වනාහි හකුදෙක ශාන්තයහ. මුඛයද වියලෙහි වීර්ය කරම්හයි දිය අදුම්හ. වීර්ය කොට කෙළවරකට නොයා හැක්කම්හ. සමුද්‍රය ඉඩ පමණින් පිරේම යැයි” කීයේය.
|
147. පුප්ඵරත්තජාතකං | 147. පුප්ඵ රත්ත ජාතකය |
147
නයිදං දුක්ඛං අදුං දුක්ඛං, යං මං තුදති වායසො;
යං සාමා පුප්ඵරත්තෙන, කත්තිකං නානුභොස්සතීති.
|
147
“කවුඩු තෙමේ මට අනියි යන යමක් ඇද්ද මේ දුක් නොවෙයි. සාමාව වනුක් මලින් රැඳූ වස්ත්‍රයෙන් යුක්තවී ඉල්මාසයෙහි වාරොත්සවය නොවිඳින්නේය යන යමක් ඇද්ද මේ දුක් වේයයි” කීයේය.
|
148. සිඞ්ගාලජාතකං | 148. සිඟාල ජාතකය |
148
නාහං
හත්ථිබොන්දිං පවෙක්ඛාමි, තථා හි භයතජ්ජිතොති.
|
148
“මම නැවත, නැවතද හස්ති ශරීරයට ඇතුළු නොවන්නෙමි. ඒ එසේමැයි භයින් තැති ගත්තේවෙමියි” කීයේය.
|
149. එකපණ්ණජාතකං | 149. එක පණ්ණ ජාතකය |
149
එකපණ්ණො අයං රුක්ඛො, න භූම්යා චතුරඞ්ගුලො;
ඵලෙන විසකප්පෙන, මහායං කිං භවිස්සතීති.
|
149
“මේ ගස දෙ පැත්තෙහි එක එක පත්‍ර ඇත්තේය. භූමියෙන් සතරඟුලක් පමණ වැසියේත් නොවෙයි. හලාහල විෂයකට බඳු ඵලයෙන් යුක්තවූ මේ ගස මහත්ව වැඩියේ නම් කුමක් වන්නේදැයි” කීයේය.
|
150. සඤ්ජීවජාතකං | 150. සඤ්ජීව ජාතකය |
150
අසන්තං
තමෙව ඝාසං කුරුතෙ, බ්‍යග්ඝො සඤ්ජීවකො යථාති.
|
150
“යමෙක් අසත්පුරුෂයාට උපකාර කෙරේද, අසත්පුරුෂයා සෙවනය හෝ කෙරේද, ඔහුම ආහාරය කරන්නේය. කුමක් මෙන්ද, යත්, ව්යාඝ්ර සඤ්ජීවක දෙදෙනා මෙනියි” කීයේය.
|