ත්‍රිපිටකය
27. ගොතමබුද්ධවංසො 27. ගෞතම බුදුරජුන්ගේ වංශය
1
අහමෙතරහි සම්බුද්ධො (බුද්ධො (සී.)), ගොතමො සක්‍යවඩ්ඪනො;
පධානං පදහිත්වාන, පත්තො සම්බොධිමුත්තමං.
1
මේ කාලයෙහි ශාක්‍ය කුලය වැඩි දියුණු කරණ, ගෞතම බුදුරජවූ මම ප්‍රධාන වීර්‍ය්‍යය කොට සම්බෝධියට පැමිණියෙමි.
2
බ්‍රහ්මුනා යාචිතො සන්තො, ධම්මචක්කං පවත්තයිං;
අට්ඨාරසන්නං කොටීනං, පඨමාභිසමයො අහු.
2
බඹහු විසින් අයදනා ලද්දේ, දම්සක් පැවැත්වූයෙමි. අටළොස් කෝටියක් දෙනෙකුන්ට පළමුවන ධර්මාවබෝධය වී.
3
තතො පරඤ්ච දෙසෙන්තෙ, නරදෙවසමාගමෙ;
ගණනාය න වත්තබ්බො, දුතියාභිසමයො අහු.
3
ඉන් පසුද දෙවි මිනිසුන්ගේ රැස්වීමේදී දහම් දෙසන කල්හි ගණනින් නොකිය හැකි දෙනෙකුට දෙවන ධර්‍මාවබෝධය වී.
4
ඉධෙවාහං එතරහි, ඔවදිං මම අත්‍රජං;
ගණනාය න වත්තබ්බො, තතියාභිසමයො අහු.
4
මෙහිදීම මම මේ කාලයෙහිදී මාගේ පුතුට අවවාද කෙළෙම්ද, ඒ කාලයෙහි ගණනින් නොකිය හැකි දෙනෙකුන්ට තුන්වන ධර්‍මාවබෝධය වී.
5
එකොසි සන්නිපාතො මෙ, සාවකානං මහෙසිනං;
අඩ්ඪතෙළසසතානං, භික්ඛූනාසි සමාගමො.
5
මට සීලාදී ගුණ සොයන ශ්‍රාවකයන්ගේ එක රැස්වීමක් වි. දෙදහස් පන්සියයක් පමණ භික්‍ෂූන්ගේ රැස්විමක් වි.
6
විරොචමානො විමලො, භික්ඛුසඞ්ඝස්ස මජ්ඣගො;
දදාමි පත්ථිතං සබ්බං, මණීව සබ්බකාමදො.
6
බික් සඟන මැද බුදු සිරින් බබලන, රාගාදී කිලුටු නැති මම සියලු කැමැති දේ දෙන මිනිරුවනක් සේ පතන ලද ලොවී ලොව්තුරු සියල්ල දෙමි.
7
ඵලමාකඞ්ඛමානානං , භවච්ඡන්දජහෙසිනං;
චතුසච්චං පකාසෙමි, අනුකම්පාය පාණිනං.
7
සිව් මග පල කැමතිවන, භව ආසාව දුරුකරනු කැමැත්තවුන්ට අනුකම්පාකොට සිවුසස් දෙසුවෙමි.
8
දසවීසසහස්සානං, ධම්මාභිසමයො අහු;
එකද්වින්නං අභිසමයො, ගණනාතො අසඞ්ඛියො.
8
දසදහස් දෙනාට, විසිදහස් දෙනාට (වරින්වර) ධර්‍මාවබෝධය වී. එකෙකුට දෙන්නෙකුට (වූ) ධර්‍මාවබෝධය ගණන් නොකළ හැකි (හෙවත් අසංඛ්‍යයකි.)
9
විත්ථාරිකං බාහුජඤ්ඤං, ඉද්ධං ඵීතං සුඵුල්ලිතං;
ඉධ මය්හං සක්‍යමුනිනො, සාසනං සුවිසොධිතං.
9
මේ කාලයෙහි ශාක්‍ය වංශයට ශ්‍රේෂ්ඨවූ මාගේ සස්න පැතුරුනේය. බොහෝ දෙනා අතර පළවිය. දියුණුය. සියලු අයුරින් පිරුණේය. මග පල නමැති මල් පිපි ගියේය. ඉතා පිරිසිදුය.
10
අනාසවා වීතරාගා, සන්තචිත්තා සමාහිතා;
භික්ඛූනෙකසතා සබ්බෙ, පරිවාරෙන්ති මං සදා.
10
ආසාව නැති, රාගාදිය පහකළ, සන්හුන් සිත් ඇත්තාවූ, එකඟ සිත් ඇති, නොයෙක් සිය ගණන් බොහෝ භික්‍ෂූහු මා හැම කල්හි පිරිවරත්.
11
ඉදානි යෙ එතරහි, ජහන්ති මානුසං භවං;
අප්පත්තමානසා සෙඛා, තෙ භික්ඛූ විඤ්ඤුගරහිතා.
11
මේ කාලයෙහි සෙඛවූ රහත් බවට නොපැමිණි යම් භික්‍ෂු කෙනෙක් මිනිස් බව හරිත්ද, ඒ භික්‍ෂූහු නුවණැත්තවුන් විසින් නින්දා කරණ ලද්දාහුය.
12
අරියඤ්ච සංථොමයන්තා, සදා ධම්මරතා ජනා;
බුජ්ඣිස්සන්ති සතිමන්තො, සංසාරසරිතං ගතා.
12
සසර හැසිරෙන්නාවූ සියල්ලෝද, දහම්හි ඇලුනු ජනයෝද, අරි අටඟි මගට පසසන මනා සිහි ඇති සත්ත්‍වයෝද, (අනාගතයෙහි) සිවුසස් අවබෝධ කරත්.
13
නගරං කපිලවත්ථු මෙ, රාජා සුද්ධොදනො පිතා;
මය්හං ජනෙත්තිකා මාතා, මායාදෙවීති වුච්චති.
13
මාගේ උපන් නුවර “කිඹුල්වත්” නම්. පියතෙම “සුදොවුන්” නම් රජය. වැදූ මව් තොමෝ “මායාදේවී” යයි කියනු ලැබේ.
14
එකූනතිංසවස්සානි , අගාරං අජ්ඣහං වසිං;
රම්මො සුරම්මො සුභකො, තයො පාසාදමුත්තමා.
14
මම (බුදුවන්ට පෙර) එකුන්තිස් අවුරුද්දක් ගිහිගෙයි වාසය කෙළෙමි. “රම්ම”ය, සුරම්ම”ය, “සුභ”ය යන උතුම් තුන් පහයක් වූහ.
15
චත්තාරීසසහස්සානි, නාරියො සමලඞ්කතා;
භද්දකඤ්චනා නාම නාරී, රාහුලො නාම අත්‍රජො.
15
මනාව අලංකාර කළ පිරිවර අඟනෝ සතළිස් දහසකි. බිරින්ද “භද්දකච්චානා” (යශොදරා) නම් වූවාය. පුත්තෙම “රාහුල” නම් වී.
16
නිමිත්තෙ චතුරො දිස්වා, අස්සයානෙන නික්ඛමිං;
ඡබ්බස්සං පධානචාරං, අචරිං දුක්කරං අහං.
16
මම සතර පෙරනිමිති දැක අස් යානයෙන් මහභිනික්මන් කෙළෙමි. අවුරුදු සයක් මුලුල්ලේ ඉතා අපහසු ප්‍රධාන වීර්‍ය්‍යය කෙළෙමි.
17
බාරාණසියං ඉසිපතනෙ, චක්කං පවත්තිතං මයා;
අහං ගොතමසම්බුද්ධො, සරණං සබ්බපාණිනං.
17
බරණැස ඉසිපතනාරාමයේදී මා විසින් දම්සක් පවත්වන ලදී. මම සියලු සතුන්ට පිහිටවූ ගෞතම සම්බුදු වෙමි.
18
කොලිතො උපතිස්සො ච, ද්වෙ භික්ඛූ අග්ගසාවකා;
ආනන්දො නාමුපට්ඨාකො, සන්තිකාවචරො මම;
ඛෙමා උප්පලවණ්ණා ච, භික්ඛුනී අග්ගසාවිකා.
18
“කෝලිත” ද, “උපතිස්ස” ද යන දෙදෙන අග්‍ර ශ්‍රාවකයෝ වෙති. මාගේ අතවැසි උපස්ථායක තෙම “ආනන්‍ද” නම් වේ.
“ඛෙමා” ද, “උප්පලවණ්ණා” ද යන භික්‍ෂුණීහු දෙදෙන අග්‍ර ශ්‍රාවිකාවෝ වෙති.
19
චිත්තො හත්ථාළවකො ච, අග්ගුපට්ඨාකුපාසකා;
නන්දමාතා ච උත්තරා, අග්ගුපට්ඨිකුපාසිකා.
19
“චිත්ත” ද, “හත්‍ථාලක” ද යන උපාසකයෝ දෙදෙන අග්‍ර උපස්ථායකයෝ වෙති. “නන්‍දමාතා” ද, “උත්තරා” ද යන උපාසිකාවෝ දෙදෙන අග්‍ර උපස්ථායිකාවෝ වෙති.
20
අහං අස්සත්ථමූලම්හි, පත්තො සම්බොධිමුත්තමං;
බ්‍යාමප්පභා සදා මය්හං, සොළසහත්ථමුග්ගතා.
20
මම ඇසතු රුක් මුලදී උතුම් සම්බෝධියට (බුදුබවට) පැමිණියෙමි. හැම කල්හි මාගේ සිරුරෙහි බඹයක් පමණ තැන් පැතිරෙන ප්‍රභාව ආලෝකය සොළොස් රියනක් උස්වූවාය.
21
අප්පං වස්සසතං ආයු, ඉදානෙතරහි විජ්ජති;
තාවතා තිට්ඨමානොහං, තාරෙමි ජනතං බහුං.
21
මෙකල ආයුෂය මඳවූයේ සියක් අවුරුද්දක් පවත්නේය. මම ඒතාක් කල් සිටිමින් බොහෝ ජන සමූහයා (සසරින්) එතර කරමි.
22
ඨපයිත්වාන ධම්මුක්කං, පච්ඡිමං ජනබොධනං;
අහම්පි නචිරස්සෙව, සද්ධිං සාවකසඞ්ඝතො;
ඉධෙව පරිනිබ්බිස්සං, අග්ගී වාහාරසඞ්ඛයා.
22
පසුවට ඇතිවන ජනයාගේ අවබෝධය පිණිස දහම් නමැති එළිය හුල තබා මමද නොබෝ දිනකින්ම ශ්‍රාවක සමූහය සමග දර ගෙවි යාමෙන් ගින්න මෙන් මෙහිදීම පිරිනිවන් පාන්නෙමි.
23
තානි ච අතුලතෙජානි, ඉමානි ච දසබලානි (යසබලානි (අට්ඨ.));
අයඤ්ච ගුණධාරණො දෙහො, ද්වත්තිංසවරලක්ඛණවිචිත්තො.
23
ඒ අසම තේජස්ද, මේ දසබලද, දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් මේ උතුමා ගුණයෙන් යුත් සිරුරද යන-
24
දස දිසා පභාසෙත්වා, සතරංසීව ඡප්පභා;
සබ්බං තමන්තරහිස්සන්ති, නනු රිත්තා සබ්බසඞ්ඛාරාති.
24
සියල්ල සවණක් රැසින් යුත් හිරු මෙන් දස දිගුන් හොබවා අතුරුදන් වන්සේය. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නොවෙත්ද? (වෙත් මැයි.)